“සුදු පාට මීදුම් ගලාලා“ ගීතය වෙරි මරගාතේ දෙපැත්තට වැනෙමින් තොල් දෙක බරු කරගනිමින් හයියෙන් ගායනා කරන ගමන්, සයිමන් ගෙට ගොඩ උනා. වෙනද වගේම දොර අඩවන් කරල තිබ්බ නිසා දොරට අත තිබ්බම මත්පැන් බලයෙන් දොර දඩාං ගාලා බිත්තියේ වැදිල, තුවාල වෙච්චි බිත්තියෙන් හුණු කුඩු බිමට වැටුනා. හැමදාම උදේට ගේ අතුගාන සයිමන්ගේ හාමිනේ, බිමට වැටිල තියෙන හුනු ප්‍රමාණය, සයිමන්ගේ බීමත්කම මනින ඒකකය විදියට භාවිතා කරා.
රෑට පුස්පාට් දාන සයිමන්, උදේට කොස්ස අතේ තියන් පුස්පාට් දාන නෝනගේ කතා යන්තරෙන් චොර චොර ගාලා වැගිරෙන එක වචනයක්වත් කනකට ගන්නේ නැහැ. ඇහුන නෑහුන ගානට කාමරේටම වෙලා බිල්ල වගේ ඉන්න එක තමා සයිමන්ගේ පක්ෂපාතිත්වය.
රෑට පුස්පාට් දාන සයිමන්, උදේට කොස්ස අතේ තියන් පුස්පාට් දාන නෝනගේ කතා යන්තරෙන් චොර චොර ගාලා වැගිරෙන එක වචනයක්වත් කනකට ගන්නේ නැහැ. ඇහුන නෑහුන ගානට කාමරේටම වෙලා බිල්ල වගේ ඉන්න එක තමා සයිමන්ගේ පක්ෂපාතිත්වය.
හුණු වැටෙන ගානට ඉස්සරහ දොර ඇරපු සයිමන්, උළුවස්සෙන් ලී කුඩු හැලෙන ගානටම ඩෝං ගාලා ආයිත් දොර වහල, ගෙයි ඇතුලට ආවා. රවුමක් ඇතුලේ ඕන සෙල්ලමක් කියනව වගේ, ගෙයි ඉස්සරහ දොරයි පස්සේ දොරයි ඇරුනම එක කාමරේකටවත් දොරක් නැහැ. හැබැයි පුදුමෙකට වගේ සයිමන්ගේ කාමරේ දොර රෙද්දක් තියෙනවා. ඒකට හේතුව රෑට විකාර කරන සයිමන්ගේ සරම උදේට ඇදේ අහලකවත් නැති නිසයි. මේ වැඩේ හින්දා සයිමන්ගේ හාමිනේ ඒකට දොර රෙද්දක් දාලා තිබුනට සයිමන්ට නින්ද යනකං කියවන විකාර ඇහෙන එක නං ඒකෙන් නවත්තන්න බැහැ.
කාමරේ දොර රෙද්ද මෑත් කරගෙන ඇතුලට ආපු සයිමන් යන්තං අතපත ගාලා ස්විච් එක දැම්මා. මොන ටකස් ටකස් සද්දෙන් දෙතුන් පාරක් ඒක උඩට යටට දැම්මත් පත්තු වෙන පාටක් නැහැ.
“මොන රෙද්දක්ද?? මේ යකා කොහේ ගිහින්ද?“ සයිමන් බිත්ති හෙලවෙන්නම ගුගුරනවා. ආයෙත් උත්සාහ කරල ස්විච් එක කැඩෙන තරමටම දහ දොළොස් පාරක් දැම්මත් ඒක නං පත්තු උනේ නැහැ.
“ඇයි යකෝ මූ මොන එහෙකට එළියට ගියාද... දැං කෝ මගේ සරම?? රෙද්ද“
“මම ගියපු තැනක් නෑ යකෝ“
මහ සද්දෙන් ආපු ඒ ගෝරනාඩුවට කොච්චර බීල හිටියත් සයිමන් බය උනා. කළුවරේ මොන දෙයක්වත් පේන්නේ නැහැ. හැබෑටම මොකෙක් හරි කාමරේට රිංගලාද සයිමන් කල්පනා කරා. බීපු වෙරි ටිකක් බැස්සත් එක්ක බය වැඩි කමටම..
“ක් ක්... කව්ද මේ?“
“ඇයි ඕයි මේ මම.. මම“
“මම මම කියන්නේ වදේ මට තමුසෙව පේන එකක්ද“
“ඔව් තමුසෙට මාව පේන්නැතිව ඇති.. මට හොදට පේනවා තමුසෙව නං“
“දෙයියන්ගේ නාමෙට මොකාද මේ.. කියහංකෝ“ සයිමන් පින්සෙන්ඩු වෙනවා.
“ඉස්සෙල්ල සරම ඇදගන්නවා ඉතිං.. තමුසෙගේ වම් පැත්තේ තියෙන පුටුව උඩ ඔය සරම තියෙන්නේ.. ගන්නවා ඒක“
අන්ධයෙක් වගේ වම් අතින් අවකාශය අතගා පුටුව උඩ තිබ්බ සරම අරගෙන කිසි සද්දයක් නැතිව ඒක ඇගට දාගන්නයි සයිමන් ලැහැස්ති වෙන්නේ. ඉස්සෙල්ලම කමිසෙ ගලවල අර පුටුව උඩින්ම තියල, ට්විට් රේද්ද ගැට ගහල තිබ්බ හම් පටිය ගලවල ඒකත් පුටුව උඩින් තිබ්බා. ඊට පස්සේ අතේ තිබ්බ සරම රෝල් කරල ඔළුවට උඩින් දාගෙන අන්තර් මාරුවක් කරන්නයි ලැහැස්තිය.
“අනේ ඕයි.. තමුසෙගේ ඔය රෙද්ද මම දැකල තියෙනවා. ආයේ ලමිස්සියෙක් වගේ ඕක අදින්න දෙයක් නෑ.. ඕක ගලවල එක පාරට ඇදල දානව. තමුසෙ හෙළුවෙන් ඉන්නව මම ඕන තරං දැකල තියෙන එකේ ඕක ලොකු දෙයක් නෙමෙයි.. හා හා ගලවනවා පුරුදු විදියටම“
මේ අණත් එක්ක සයිමන් ගේ ලේ ගමනාගමනය වැඩි උනා. ඒ උනත් මේ දෙන විධාන වල හැටියට ඒක නොකරත් බැහැ සයිමන්ගේ හිත කියනවා. හැම දේටම කලින් මිනිහගේ මත ප්‍රතිචාර දක්වන්න පටන් ගත්තා.
“හරි ඕන රෙද්දක්“ කියල සරම කඩල බිමට දාලා ඒක ආයිත් අරන් පුටුව උඩින් තිබ්බට පස්සේ කරේ තිබ්බ සරම හෙමින් සීරුවේ සයිමන් ඇදගත්තා.
“දැං හරිද... කියනවා ඉතිං තමුසේ කව්ද??‘
“වාඩිවෙයන් මිනිහෝ.. මට තමුසෙත් එක්ක කතා කරන්න ඕන“
“තමුසෙ මගෙං හොරකං කරන්න නං යන්නේ.. ඒවා සුම්මා කියල හිතාගන්නවා“
“අනේ තමුසෙගේ මගුල.. මම දන්නව නෙව තමුසේ ගාව තියෙන ඒවා.. බලනවා තමුසෙගේ සාක්කුවේ තියෙන්නේ රුපියල් විස්සයි“
“තමුසේ කොහොමද ඒක දන්නේ... “
“ඇයි සයිමෝ තමුසේ එළියට ගියේ රුපියල් පන්සියක් අරන් නේ.. මම ඒක දැක්කා“
හත්දෙයියනේ මේකා අද දවසෙම මෙහෙද හිටියේ එතකොට. සයිමන් හිතන්න ගත්තා. ඒ එක්කම තමන්ගේ හාමිනේත් මතක් නොවුනම නෙමෙයි. මේ ගෑනි මේ වෙනකං මට ඒක කිව්වේ නැත්තේ ඇයි. සැකයේ බීජ අහිංසක සයිමන්ගේ හිතේ ගොඩගැහෙන්නට විය.
“අම්මට කෙලින්නැතිව කව්ද කියපං ඔය“
“ඇයි සයිමෝ උඹ මට මොනව කරන්නද.. වාඩි වෙයං යකෝ .. .තව තියෙනවා අපිට කතා කරන්න දේවල්“
“මම තොගේ ලබ්බ කඩනවා කියපං මොන බල්ලද මේ“ සයිමන් ද තර්ජනය කරයි.
“ඇයි ඕයි මේ මම ඉන්නේ.. බලනවා උඩ“
“මොන තමුසේ වහලෙද ඉන්නේ...“
“නැහැ ඕයි තමුසෙට අඩි ගානක් විතර උඩින්“
“එතකොට තමුසෙද බේ බලුප් එක පැන්නුවේ“
“පන්නන්න ඔය යස අගේට තියෙන්නේ“
“එහෙනං ඇයි ඒක පත්තු නොවෙන්නේ“
“ඒක තමයි මම තමුසෙට කියන්න හැදුවේ සයිමෝ“
සයිමන් කට ඇද කර උඩින් එන සද්දයට ඇහුන්කන් දෙයි.
“මම තමුසෙට මීට කලිනුත්, සිග්නල් දුන්නා බලුප් එක පිච්චෙන්න ලගයි කියලා. කොහේද තමුසෙගේ කටේ හැම වෙලේම අර ජරාව නේ.. ඉතිං කොහේද ඔළුවක්.. දැං ඉතිං කරන්න දෙයක් නෑ.. බලුප් එක පිච්චුනා. මම මේ තමුසෙට ඒක කියන්න නෙව හැදුවේ.. ඇයි ඕයි අර ස්විච් එක තමුසේ කඩනවා නෙව තව ටිකෙක්“
“හැක් හැක්.. එතකොට තමුසේ... ඕයි ඕයි.. තමුසේ ස්ව්ච් එකද???“
“නැහැ ඕයි. මේ මම. පිච්චුන එකා..“
“හිටපිය තොට පරයා....“ සරම කැහිපට ගහගත් සයිමන් වේගෙන් පුටුව ඇද, කළුවරේම බල්බ් එක ගාවින් එය තබා උඩට නැග බල්බ් එක ගලවා ඒ සැනින් පොලවේ ගසා දමයි.
“තෝ.. ආවා මට රැස්පොට් දාන්න.. ගැහිච්ච බලුපා.. මදනයකා.. දැක්කනේ මං තොට කරපු වැඩේ“
චිරි චිරි හඩින් කකුලට පැගුන විදුරු කටු ඇනී රිදුම් දෙන කකුල් ගැනද සැලකිල්ලක් නොමැතිව සයිමන් ඇදට වැටී ගොරව ගොරවා නිදන්නට විය.
සුපිරියි,කතාව ඉවරවෙනකල්ම බලුප් එක කතා කරනවා කියල හිතුනෙ නෑ.උඹත් දවසෙම බ්ලොගේ පදිංච්ය නේද බං.
ReplyDeleteමූ දවසෙම බ්ලොග් එකේ ඉන්නව විතරක් නෙමෙයි... ඕනෙම බ්ලොගකට ගිහින් බැලුවොත් මොනව හරි කොටලා... මූ බ්ලොග් කීයක් ෆලෝ කරනවද දන්නෙ නෑ...
Deleteශ්‍රී ලංකා බ්ලොග් දෙපාර්තමේන්තුවේ පිළිගැනීමේ නිලධාරී තැන්පත් දේශක තැන...
Delete@ හැලපේ.. තැන්ක්ස් කිව්වා... බ්ලොගේ පදිංචියට කෙලඋනා. ඕං අදයි ආවේ
Delete@ තිසර
Deleteමම ගානක් මිම්මක් දන්නෑ බං අතට අහුවෙන ඕන එකක් බලනවා... එච්චරයි..
@ සිරා
Deleteඒ වගේ තනතුරක් තබා බ්ලොග් වල වත් තියාගන්න හොද එකෙක් නෙමෙයි මේ දේශකයා
මේකනම් මේ සයිමට වෙච්ච දෙයක් නෙවෙයි දේශා වැඩි වෙලා ඉන්න වෙලාවක සිද්ද වෙච්ච දෙයක්.
ReplyDeleteහි හි
Deleteසයිමට වැඩි උනත් මට වැඩි උනත් බොට වැඩි උනත් ඔය දේ වෙන්න පුළුවන්. මම දැකල තියෙනවා පාරේ තියෙන මල් පෝච්චි එක්ක කතා කරන එවුන්...
Delete@ අපුරුවි
Deleteහිහි
දේශකයටත් හිතෙන දේවල්.. මට මතක් වුනේ බුකියේ කියවලා තිබුන 13 කාමරේ පංකාව ගැන කවිය.
ReplyDeleteඅන්න ඒකේ ලින්කටුවක් තිබ්බ නං හොදයි නේද දිනේෂ්...
Deleteඋඩ හෙඩිම නොතිබුනානම් මරු
ReplyDeleteඋඩ හෙඩිම නොතිබුනා නං අනාථයි නේද කතාව...
Deleteමීට පස්සෙ මම පෝස්ට් එක කියවන්න කලින් කමෙන්ට්ස් කියවීමේ කැත පුරුද්දෙන් අත් මිදෙමි !
ReplyDeleteකැත පුරුදු කැත පුරුදු...
Deleteඑළ එළ අන්තිම වෙනකම් කුතුහලෙ අතේ තියන් කියෙවුවෙ.
ReplyDeleteඅර හුණු වැටිලා තියෙන ප්‍රමාණයෙන් වෙරි මනින ක්‍රමය නම් මරු. ඒකට පේටන්ට් බලපත්‍රය අරන්ද තියෙන්නෙ?
පේටන්ට් එක ගත්තා.. ඒත් ඕන කෙනෙකුට ඒක නොමිලේ දෙනවා.. හැක්.. තැන්කුයි
Deleteඅපරාදේ... CFL එක්ක උනානං නින්දෙන්ම යන්න තිබ්බ පරලෝකෙ... බේබද්දො....
ReplyDeleteපව් හලෝ..
Delete@ හිරු & අරූ
Deleteපවි හලෝ...
මාතෘකාව වෙනස් වුණා නම් එළ! මම කතාවෙ ආසම මෙන්න මේ කොටසට..
ReplyDelete//හුණු වැටෙන ගානට ඉස්සරහ දොර ඇරපු සයිමන්, උළුවස්සෙන් ලී කුඩු හැලෙන ගානටම ඩෝං ගාලා ආයිත් දොර වහල, ගෙයි ඇතුලට ආවා.//
මේ වදන් භාවිතය නියමයි!
සිතුවිලි සිතු ස්තුතියි අදහසට... මාතෘකාව නැත්නං ටිකක් කතාව ඔඩ් වෙයි කියලයි හිතුනේ
Deleteසිතූ කියලා තියෙනවා වගේ වචන පාවිච්චි කරලා තියෙන විදිය හරිම ලස්සණයි. කතාවට අමුතුම රසවත්බවක් එක් කරනවා. අන්තිමට කතා කරලා තියෙන්නේ බල්බ් එකක්නේ. දේශ්කයාට හොඳටම වැඩිවෙලා වගේ. හී හී..
ReplyDeleteදැන් කාලේ කමෙන්ට් කරන්ටත් බයයිනේ. ඒ කමෙන්ට් එක කකාගේ බ්ලොග් එකේ වැටෙන්ට බැරි නෑ...:)
බය වෙන්න එපා ඒකා හරිම නිර්මානයක් නේ කරේ ඒ මහන්සි වෙලා.. මට වැඩි උනාම හිත තමා කතා කරන්නේ..
Delete//ගැහිච්ච බලුපා///........නියමයි බං.....මොලේ රෝස්පාන් වෙන්න බිව්වාම...බලුපුත් එනවා ** අරින්න.
ReplyDeleteඅප්පට සිරි එහෙමත් වෙනවා තමා.. හැක්..
Deleteබල්බ් කටු පෑගෙනව කිව්වම ඇඟ හිරි වැටෙනවා බං..
ReplyDeleteකතාව මරු ! (මෙහෙම දානකොට රං ගොජාගෙ පෝස්ට් එක බං මතක් වෙන්නෙ..)
හෙහ් හෙහ්... චිරි චිරි ගාලා පෑගෙන කොට සනීපේට වැඩිය සනීපයි ඒ කැලි අයින් කරන කොට සැමෝ... තැන්කුයි
Deleteහැකිස් මට මේක කියවද්දි මතක් උනේ කපිල කුමාර කාලිංග මහත්තයගේ උපන්දිනේ කියන ගුවන් විදුලි නාට්‍යය. ඒකෙත් තියනවා ඔය බිත්ති පුටු කතා කරන සීන් එකක්.
ReplyDeleteමම ඒක අහල නැහැ බං...
Deleteමම හිතුවේ වයර් මරු වෙලා හාමිනේව පටලවාගෙන කියලා
ReplyDeleteවයර් මාරු වී හාමිනේ ටැපලුනු අවස්තාවකුත් ඇත...
Deleteඇත්තෙන්ම මම හිතාගෙන හිටියේ මේ උඹේ හෘද ශාක්ෂියමයි කතා කරන්නේ කියලා. පස්සේ හිතුනා නෝනට ලිංග විපර්යාසයක් වත් වෙලාද කියලා ටික ටික. නියමයි.
ReplyDeleteතැන්කුයි ඩුඩේ
Deleteබොගෙ මගුල් මතෘකාව නිසා කලින්ම තෙරුනා බන්
ReplyDeleteබොට තිබුනේ මාත්රුකා නොකියව ඉන්න බං
Deleteමැදැයි ඒකනම් සිරාවට මාර අයිඩියා එකක් දේශෝ... පට්ට ෆැන්ටසිය.
ReplyDeleteයා යා මදාරා.. තැන්කුයි
Deleteශෝක් කතාව. මම හිතුවෙ බූතයෙක් හරි මාරයා හරි ඇවිල්ල බීමේ ආදිනව ගැන කියන්න යනව කියල.හරිම නිර්මාණශීලියි.
ReplyDeleteතැන්කුයි බ්ලු ලෝටස්...
Deleteමොන මගුලක්ද බොල මේ
ReplyDeleteකලබල වෙන්න එපා බොන එවුන්ට තේරෙන්නෑ මේවා
Deleteහෙහ් සැමා කැලේ අද උඹේ ඇන්දිල්ලට
ReplyDeleteඅනේ බං මේක ඇන්දිල්ලක් නෙමෙයි
Deleteහාමිනේ වෙනමද නිදාගන්නේ ?
ReplyDeleteබීපුවාම මිනිස්සු හැසිරෙන සොබාවය මොනවට කියාපායි ..
අර රජාගේ කොමෙන්ට් එකතුවෙන් ගත්ත එකක් පාවිච්චි කරන්නම වෙනවාය.. ඇත්තටම හොද නිර්මාණයක් අයියේ ..
හැමෝම කීවා වගේ හෙඩිම වෙනස් වුණානම් කුතුහලය තවත් වැඩි ...
අදහස් වලට ස්තුතියි අපුරුවි
Deleteහොඳ වෙලාවට බලුප් එක කතා නොකලේ.... හුණු කුඩු, ලී කුඩු වගේ පොඩි පොඩි ආටෝප කෑලි නියමයි.... ඒවගෙන් තමයි උඹේ ලියමන වෙනස් වෙන්නේ...
ReplyDeleteතැන්කුයි තිසර.. උඹ ඉතිං කොහොමත් විචාරයකයා නෙව
Deleteඈ බොලව් අද මූට මක්ක වෙලාද?තොට අමු කැවිලද දේශෝ....
ReplyDeleteඅමු අමු සොට් දැම්මම මෙහෙම වෙනව බං
Deleteකතාව tube ලයිට් ගවෙශකයෝ. පට්ටයි.
ReplyDeleteවෙල්කම් පිස්සු දෙයියා... තැන්කුයි
Deleteකථාව නම් ශෝක්... දිගටම එන්නම්කො කියවන්න .
ReplyDeleteස්තුතියි... තුෂානි වෙල්කම් කිව්වා
Deleteමේ වගේ දෙයක් කියවන්න නම් මෙහේම එන්න ඕනේ... නියමයි ...
ReplyDeleteස්තුතියි සහන්...
Deleteකාමරේ ගැහිච්ච බල්බ් එක මාරු කළේ නැති නිසා අදනං දේශිකාගෙං අහගෙන වගේ හොඳට.
ReplyDeleteඅම්මප අර වෙරි මනින සිස්ටොං එකනං එළ ඈ. දැං බොලාගෙ ගෙදර බිත්තිය කී පාරක් රෙපෙයාර් කළාද? :D
වෙරි මනිනි සිස්ටොන් එක... හැබෑට ඒක මරු තමා... අපේ ගෙවල් රිපයාර් නොකේරේ...
Deleteඒ කතාව නම් පට්ට. හැබැයි ඇත්තම කතාවත් මේකම නේද ඔය බොන ගෙවල් වල...
ReplyDeleteහ්ම් හ්ම්... මාත් එහෙම සීන් දැකල තියෙනවා අමු පිස්සෝ අගහරුවෝ
Deleteමෙය දෙශකට සිදුවූ දෙයක් නොවන බව කරුණාවෙන් සලකන්න
ReplyDeleteඅද අලුත් වචනයක් නොතිබීම ගැන මාගේ මෙව්වා එක
උඹට අළුත් වචන දෙන්නද බං ලොරියක් විතර... හැක්
Deleteමිනිස්සු බිපුව්හම කරන දේවල් ගැන කියන්න එක්තරා සිදුවිමක් අරගෙන ඒකට ආලවට්ටම් දැම්ම කිඅලයි මට හිතෙන්නෙ.,. බිව්වම මිනිස්සු ඉන්නෙ එක එක ලොක වල. මේ වෙලාවෙ මේ මනුස්සය හිටියෙ ඒ මනුස්සයයි බලුප් එකයි විතරක් ඉන්න මනො ලොකෙ.. උදේ වෙනකම් දන්නෑ උනේ මොකද්ද කියලා ;)
ReplyDeleteසහතික ඇත්ත... සමියෝ
Deleteමේව කියලත් බෑ නොකියත් බෑ. ඒත්,
ReplyDelete"බ්ලොග් අවකාශයේ බොහොම නිර්මාණාත්මක ලියවිලි කරන බ්ලොග් කරුවෙකුගේ පීල්ලට උඹ වැටිලා තියෙන්නෙ.....!"(උපුටාගැනීමකි)
ඔය කථාව මවිසින් ඉවාන් පවුලූෂා උදෙසා ප්‍රකාශ කරන ලද්දකි.
Delete@ රාජ්
Deleteඅන්න එහෙම වරෙන්.. (උපුටාගැනීමකි)
@ සිරා
Deleteකව්රු කාට කෙසේ කීවත් අපිට පාංද නේද???
පට්ටයි දොරේ...මමත් අන්තිම වෙනකං හිතුවෙ ගෑණියෙ අනියමක් කථා කරනවා කියලා...
ReplyDelete//“නැහැ ඕයි. මේ මම. පිච්චුන එකා..“//
මේ කෑල්ල නම් පට්ටයි...
හැක් හැක්.. .තැන්කුයි සිරා
Deleteබීව්වහම මිනිහෙකුගේ මොළේ අප්සෙට් යන හැටි හොඳට ලියල තියෙනවා. ඔය වගේ අයව මගුලකටවත් ආරාධනා කරන්න නරකයි. මගුල අවමගු කරල තමයි යන්නේ. නොදකින්.... කතාවට යොදාගත්ත වස්තු බීජය නම් අපූරුයි. බලුප් එකෙන් කියැවෙන් බේබදුකම.
ReplyDeleteමට ශක්තිය දෙන විචාරයක් තරු.. ස්තුතියි..
Deleteඊයේ රෑ තමයි දවස් 2 කට පස්සේ බොග පැත්තේ ආවේ.පසුව කියවනවා.
ReplyDeleteඋඹේ නිර්මාණ ගැන වචන දෙකක් නැහැ ඉඩ තියල කාටවත්.
Deleteඋඹේ ගම කොහෙද කියහන්...
ගම.. උඹට කියන්න ලිස්ට් එකක්ම තියෙනවා..
Deleteතැන්කුයි කෙන්ජි...
හරිම නිර්මාණශීලීයි!
ReplyDeleteනියමයි බං නිර්මාණය....
කොමෙන්ටු සදහා ප්‍රධාන අනුග්ග්‍රහය කකාගේ ඇනෝ
සම අනුග්ග්‍රහය ... රාජා සහ දෙසක
මෙන්න විකාරයක්... (උපුටාගැනීමකි)... තැන්ක්ස් මැලේ
Deleteඔන්න බල්බ් එකටත් පණ දීල එහෙනම්.මේ කතාවෙ අගමුල හොයාගන්න බැරිවුණා අවසානය තෙක්ම ඇත්තටම නිර්මාණශිලිත්වය කියන්නේ මේකයි.
ReplyDeleteමමත් ඉතිං ඔය පොඩි පොඩි උත්සාහ ගන්නවා මොකක් හරි විකාරයක් කරන්න.. තැන්කුයි දයා..
Deleteදේශකයාට ඕනෙ අල්පෙනිත්ති තුඩක් අරං රස කතාවක් ලියන්න පුළුවන් බවට මෙන්න සාක්කිය..
ReplyDeleteඑකෙන්ම සරා.
Delete++++++++++++++
Deleteහැබැයි ඒකට මේ වගේ දක්ශයෙක් ඉන්න ඕනි :)
හැමෝටම ස්තුතියි.. ඒත ඉතිං මම තාම පුංචි නිර්මාණකාරයෙක් විතරය් නේ බංස්ලා...
Deleteපට්ට බං, අන්තිම වෙනකං ට්‍රයි කළා මොකක්ද කියලා හිතාගන්න. එලම කිරි.
ReplyDeleteඇයි බං අර දමියා හෙඩිමෙන්ම තේරුං ගත්තයි කියන්නේ.. හැක්.. හැක්.. තැන්කුයි ඉවාන්..
Deleteඅපි එදිනෙදා පාවිච්චි කරන දේවල් වලට කතා කරන්න පුළුවන් වුනොත් අපිට ගගේ,මුහුදේ පැනලා මැරෙන්න තමයි වෙන්නේ දේශ.
ReplyDeleteඅපේ මල්ලිට කතා කරන්න පුළුවන් උනොත් එදාට අපි ඉවරයි නේ ...
Deleteපට්ට.. එළ
ReplyDeleteඅඩේ ඉෂාන් තැන්කුයි..
Deleteදේශකතුමාට වැදිල හිටපු වෙලාවක උන දෙයක්ද කොහෙද :D
ReplyDeleteඑහෙම වගේද බං...
Delete