Wednesday, November 13, 2013

සංවෘත වක්‍රයක හිටගෙන නෑම (යෑම)

තෙමෙන්න හිතෙන්නේ නැති තරමට වැහි මන්දාරම මෝදු වෙලා, සර සර ගාලා බිමට වැටෙන සද්දේ අහගෙන මම බලාන හිටියා වැහි ඉරටි දිහා. ඒක එක විදියකට සොකයක් ගෙන දෙන්නේ නොහිතපු වෙලාවක වැටුනු මේ වැස්ස මම කරන්න හිටිය ඔක්කෝම වැඩ ටික එක මොහොතකින් අඩපන කරල දාපු හින්දයි. වැස්සෙන් වැගිරෙන වතුර ටික, හොදටම පේන්නේ වහලට වැටිලා ඒක වහල කොනෙන් බිමට වැටෙන විටයි. ඉබේම මා වැස්සෙන් මැවුනු සිරකුටියක සිරකරුවෙකු වී සිටිමි. යකඩ පොලු දමා නැති ජනෙල් පියන්පතට එහායින් වතුර ඉරටියෙන් මැවුනු වතුර පොලු සිර ගෙයක මා සිරගතව සිටිමි. තවදුරටත් ඉදිරියක් නොමැතිව මා නිසොල්මනේ බලා සිටිමි. විටෙක මන්දනය වී විටෙක වැඩිවන මේ වැස්ස කුමන කරුණක් අරභයා මෙසේ වැටෙනවාදැයි නිනව්වක් නැතිව කල්පනාවෙන් සිටියෙමි.

“උඹ ගැන මට ආරංචියක් ආවා දේශා.. ඒක එච්චර හොද එකක් නං නෙමෙයි“

“ඇයි ඇයි මොකක්ද ඒ“

“උඹ බය වෙන්න එපා මම කියන දේට.. හරිනේ“

ලබ් ඩබ් ගාමින් හදවත මුරදෙද්දී සනිල මේ පවසන්නට කැසකන්නේ කුමක්දැයි ලෝකය පුරාම එක හුස්මට හිතින් ගොස් බැලුවෙමි. හැබෑටම මම අවුලක් වෙන්න දෙයක් කරාද? මෙයා කොහොමද ඒවා දන්නේ. අද නං කිසිම අවුලක් ඇති දෙයක් කරපු විත්තියක් මට මතක නැති කොට මේ මිනිහා මොකක් ගැනද මේ කියන්නේ. හිත එක්ක ආපස්සට යද්දි මට මතකෙට එනවා එක දෙයක්. ඒක අහඹු සිද්ධියක්. පහුගිය සතියේ දොහක කඩෙන් බඩු ගද්දි, ඉතුරු සල්ලි කියල වැඩිපුර පන්සියක් මට ආපහු දීපු එක මුදලාලි සනිලයට කියලද? ඒ කියන්නේ මුදලාලිට අහුවෙලාද ඒක.. ඉදල හමාරයි..වස ලැජ්ජාවයි.. ඇත්තට මම ඒක ඒ වෙලාවේ දැක්ක නිසා මට තිබුනා මනුස්සයෙක් විදියට වැඩිපුර දීපු සල්ලි ටික දීලා එන්න. ඇයි මම ඒක ගැහෙන හදවතින් උනත් ගත්තේ. මට ඒ වෙලාවේ සල්ලි තිබ්බේ නැති නිසාද? මෙච්චර කාලයක් කඩතුරාවෙන් වහංගු වෙච්චි මගේ කළු ප්‍රතිරෑපය පේන්න ගන්නේ දැන් වෙන්ටැති. හැබැයි සතියකටත් පස්සේ මේක මුදලාලිට මතක් උනේ කොහොමද? වෙන්න බෑ ඒක ගැන නෙමෙයි සනිලය කියන්නේ. එහෙනං මොන එකක්ද මේ. මගේ හිත ආයෙත් පස්සට යනවා.

පහුගිය දවසක වැඩට යද්දි, බස් එකේ පාපුවරුවේ එල්ලිල ඉන්දැද්දි මගේ ඉස්සරහින් පාවපුවරුවේ හිටිය කෙල්ල, වැනෙන පැද්දෙන බස් එකේ විදියට පැද්දෙන කොට, ඒ පැද්දිල්ල මගේ සරීර කුඩුව ගාවින් මම නතරකරගත්තේ උවමනාවෙන්මයි. ඒක ටිකක් දරදඩු විදියට කරන්නත් උනා කියල මතකයි. හත් දෙය්යනේ සනිලයට කව්රුහරි ඒක කිව්වද? කව්ද ඒක දැක්කේ... මමත් මෝඩයෙක් වගේ කිසිම දෙයක් නොබල කෙල්ල වැනෙන එක නැවැත්තුවේ. දැං ඉතිං මොකද කරන්නේ. සනිලය ඔය ගැන තමා මගේත් එක්ක කතා කරන්න යන්නේ. කමක් නෑ දැං ඉතිං ලැජ්ජාවේ ඇඹරෙන්න තමා වෙන්නේ. මෙච්චර දවසක් පොරවන් හිටිය උතුරු සළුව ගලවල කටේ ඔබා ගන්න තමා වෙන්නේ. හැබැයි ඒක වෙන්න විදියකුත් නෑ පා පුවරුවේ හිටිය උන්දැලට ඒව බලන්නවත්, ඇතුලේ හිටිය අයට මේ විකාර පේන්නවත් කිසිම ඉඩක් තිබ්බේ නැතෙයි කියල මට හොදටෝම මතකයි. සනිලය කියන්න යන්නේ ඒ ගැන නෙමෙයි. මට විශ්වාසයි. එතකොට මොකක් ගැනද මේ කියන්නේ. තවත් හිතන්න වෙනවා.  

මෙහෙම හිතන්න හිතන්න මම කරපු වැරදි ඔක්කෝම එළියට ඒවිද? එතකොට මම කරපු හොද වලට මොකද වෙන්නේ. එකින් එකට මේවා පෙන්නල දෙන්න ගත්තොත් කොතනින්ද නතර වෙන්නේ. මාව තනිකරම සමාජයෙන් කොන් කරල දාවි. ඔව් අද ඉදලවත් ඉතිං හොදට හැදෙන්න ඕන. අපේ බුදු හාමුදුරුවොත් දේශනා කරන්නේ රහසින්වත් පව් කරන්න එපා කියල නෙව. ඔව් මම හොද ළමයෙක් වෙනවා හෘද සාක්ෂියට එකගව අවංකව ඉන්නවා. දැං ඉතිං වෙච්චි දේට කරන්න දෙයක් නෑ ඕන දේකට මූන දෙනවා.

“ඔව් ඉතිං කියහං මොකක්ද කියලා“

“මොකක්වත් නෙමෙයි ඩෝ. උඹ මොකටද ඔච්චර බය වෙලා?“

“මම නෑ නෑ මම මොකටද බය වෙන්නේ“

“හහ්.. අන්න උඹ දාපු ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙලා. දුක තමා රංගනී“

“අප්පට සිරි ඒකත් එහෙමද??“

මුහුණේ මැවුන සෝභාවත් මන්දස්මියත් එක්ක ඈතට ගිහින් තිබ්බ ඇස් දෙක මං ගාවට ඇවිත් ආයේ නතර වෙන කොට තමා දැක්කේ මම සිරෙන් නිදහස් වෙලා කියලා.. ඈතින් පේන ආකාසෙන් තවත් වැහි මන්දාරමක් මෝදු වෙනවද මන්දා???

84 comments:

  1. මොන උසාවියටත් වඩා හෘදය සාක්කිය කියන උසාවිය බලවත්නෙ. කාගෙන් බේරුනත් එයාගෙන් බේරෙන්න බෑ.
    දේශනාවනම් සුපිරි ගත්ත පාඩම 'රහසින් වත් වලත්ත වැඩ නොකල යුතුය.' ;-)
    මේ අර ගැහැණු ලමයගෙ සෙලවුන ඒවා නැවැත්තුවෙ කොහොමැයි? (අපිත් බස් වල නොවැ ගමන. ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්නෙ අපිටත්)

    ReplyDelete
    Replies
    1. ඒවා නවත්තන්න ඉතිං ක්‍රම සහ විදි පාවිච්චි කොරන්න ඕන පුතේ.. හා හා ඕවා කරන්න යන්න එපා.. හෘද සාක්ෂිය විතරයි කවදත් ඇත්ත කියන්නේ..

      Delete
  2. අබ කෑ මිනිහගෙ නහය දනව කියනවනේ.

    ReplyDelete
    Replies
    1. හැබෑටම එහෙම වෙනවා නේහ්.. ස්තුතියි කලින් දීපු උපදෙස් වලට... රාජ්...

      Delete
  3. යකෝ මේකත් එක්ක නිකංවත් සල්ලි ගණුදෙනුවක් කරන්න හොඳ නෑ. :D
    ඉතුරු වැරදි ටිකත් කියහංකො බලන්න.

    ReplyDelete
    Replies
    1. ඉතුරු වැරදි කියල රෙදි ගලවන් ඉන්න කියලද උඹ කියන්නේ ප්‍රසෝ.. මට බෑ බං...

      Delete
  4. \\\\\\\එතකොට මම කරපු හොද වලට මොකද වෙන්නේ.\\\\\\\\\\\

    ඕක තමයි මටත් තියෙන ගැටලුව.. එතකොට අපි සියඹලා ගෙනල්ලම නැද්ද ...?

    ReplyDelete
    Replies
    1. සියඹල නෑ වගේ තමා කතාව නං...

      Delete
  5. හරි ... එල . .. තව පොස්ට් එකක් දාහන් මේ වගේ . . .උබ ඉවරයි . . . ඒ උනත් කල්පනා කොලේ . . කවුරු හරි ඇවිත් ඔහොම කියන කොට මතකෙට එන්නේ ඒ කියන විදිහේ ලෙවෙල් වැරදි විතරයිනේ ... දැන් බලපන් උබට කවුරුහරි ඇවිත් කිසි හාවක් හුවක් නැතිව හොම්බට නෙළුව නම් උබ කල්පනා කරන්නේ, මෙහෙම නෙලන්න මට්ටමේ වැරදි ගැනනේ.ඉතින් දෙයියනේ කවුරුහරි හරි එකෙක් මේ දේශකයට නෙලපන් අප්පා මුගේ ඊ ළඟ ලෙවෙල් එකේ වැරදි ටික පොස්ට් එහෙකින් කියවන්න . . . සාදු සාදු සාදු . . . .

    ReplyDelete
    Replies
    1. අනිවා එතකොටත් එහෙම එක එක දේවල් හිතෙනව නේ බං.. එහෙම නැද්ද උඹට.. තව ඉදිරියට මොන වැරදි එයිද කියල බලාගෙන හිටු

      Delete
  6. ජෑක් ගහන්න ඔච්චර බය වෙන්න ඕනය.. ඇඟටම එනවනම් ඇදලා අරින එකයි ඇත්තේ.. ඒක මිනිස් අයිතිවාසිකම් රැකීමක් මිසක්, කැඩීමක් නෙමෙයි...

    ReplyDelete
    Replies
    1. පිස්සුද මාතලන් දියුණු රට වල නම් එහෙම නැ. කෙල්ලේ ඇවිත් පුක දුන්නත් ජැක් ගහන්නේ නැ. බිකිනි ඇඳන් පාරේ ගියත් පොල්ල කෙලින් වෙන්නේ නැ. අපි වගේ දුපත් මානසිකත්වය තියන රටක මෝඩයින් වීතරයි ඕවා කරන්නේ.

      අනේ හුකේ නන්නානේ ... අපේ ගෝත්‍රික සංස්කෘතිය පතුරු ගහන මාතලන්ද මේ.

      ඇට නැති දිවෙන් මොනවා කියන්න බැරිද නේද ?

      Delete
    2. @ මාතලං

      අපොයි මම නං බයයි බං... මියුචුවල් අන්සර්කර්ට් එක තියේනං ඕන දෙයක්...

      Delete
    3. @ ගොන් ජී

      උඹ මේ ආවමද බං මේ පැත්තේ. අරහේ විකාර කියව කියව ඉන්නේ මේ වගේ වැදගත් දෙයක් වත් කියවන්න වර..

      Delete
  7. අමුතුම විදියට ගැහෙන හදවතක්...ලබ්...ඩබ්...:D
    වැහි ඉරටි...මේ මොනාද?

    තවත් කරපු ජාති කියාගන ගියානම් බලන්ට. :)

    ReplyDelete
    Replies
    1. ලබ් ඩබ් තමා ඉනිෂියල් සවුන්ඩ් එක හාට් බීට් එකේ...

      වැහි ඉරටි කියන්නේ බං.. දිග අතට වැටෙන වැහි බිංදු ටිකක් බලං හිටියට ඉරටු වැටෙනවා වගේ පෙනේවි... ඒවා පසුවට

      Delete
    2. //"The first heart sound or "lub" results from closure of the tricuspid and mitral valves. a rather low-pitched and a relatively long sound. The second heart sound, or "dub," marks the beginning of ventricular diastole. This "dub" sound is typically heard as a sharp snap//…” ඔහ් මේක ගැන කියන්නේ නේද?

      ඒ උනාට මගේ එක ගැහෙන්නේ thud•ded කියලා. නැත්නම් ඩිග්-ඩිග් කියලා...:D

      Delete
    3. මෙන්න ගැහෙන තව විදියක්...

      टिक टिक टिक मेरा दिल डोल
      टिक टिक टिक दिल से दिल बोले
      ट्यून हा हा धुन, धुन धुन ओ सनम :D:D

      Delete
    4. යැ යැ පොඩ්ඩි ඒක තමා...කොහෙන්ද අනේ හොයාගත්තේ.. හැක්

      අපොයි අර හින්දි විදියට ගැහෙන එක නං තේරෙන්නේ නැහැ මට..

      Delete
    5. ඔය පොඩ්ඩි හින්දියෙන් ලියලා තියෙන්නේ"හද ගැහෙනා රාවය" කියන සිංදුවේ පළවෙනි වර්ස් එකේ හින්දි පර්වර්තනය.

      Delete
    6. ආ ඒක හින්දියෙන් ගැහෙන විදිය...

      Delete
  8. ඇත්තටම අපි කොච්චර බයෙන්ද ජීවත්වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ජෝන්.. එහෙම බය වෙන සීන්කෝන් තියෙනවා නේද??

      Delete
  9. සතියකට සැරයක්වත් අපිටත් සුනිලයෙක් මුණගැසෙනවානම් හොදයි ,, කාර්යාල වල වගේ අපේ ජීවිතය චරිතය අපි විසින්ම 5 S කිරීම වගේ ක්‍රමයකට පුරුදුකර ගන්නවානම් කොච්චර හොදද ,, කෙටි ලිපියක් වුණාට ගොඩක් වටිනා msg එකක් .

    ReplyDelete
    Replies
    1. මේකේ වටිනාකමක් නං මම දන්නෑ මට හිතුන දේයි ලිව්වේ.. ජීවිතය පයිඑස් කරාට කමක් නැහැ හදවත සහ මොලය එහෙම නොකර..

      Delete
    2. වටිනාකමක් නැති ඒවා ලියන්නේ මොකටද ඈ ? එහෙම අවතක්ශේරු කරන්න එපා ඉදගෙන ..හදවත නම් උපන් දා ඉදන් ලබ් ඩබ් ගගා 5 s වෙනවනේ .. මොලේ නම් කරනවමයි නිතර සෙයිරි කරනවා මයි නැත්නම් එක පාර ෆොමැට් කරන්න වෙනවා

      Delete
    3. ඔව් අප්පා සමහර වෙලාවට මොලේ පෝමැට් වෙලා වගේ කරන වැඩත් තියෙනවා තමා...

      Delete
  10. ලිපිය නම් පට්ට.... පට්ට විදිහට බය වෙලා මේකා :)

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න බං බය නොවි ඇහැක..

      Delete
  11. ඕවා වැරදි වෙන්නේ බලන එක්කෙනාගේ ඇස් වලට නේ....බී යෝ සෙල්ෆ්....

    ReplyDelete
    Replies
    1. යේ යේ ඕල් බයි මයි සෙල්ෆ් නේ මයියෝ... හැමදේම සාපේක්ෂයි ඒක ඇත්ත...

      Delete
  12. මම කිව්වේ දේශකය ලෝකයා............ උඹ වගේ අන්ඩපාලයෙක් වෙන නැහැ අයියේ

    ReplyDelete
    Replies
    1. එහෙනං කෝරලේ උඹ නියම අන්ඩපාලයෙක් දැකල නැහැ මං හිතන්නේ.. මං හරි අහිංසක සුකිරි බටිල්ලෙක්..

      Delete
  13. තූ විතරක්....මං කට ඇරං කියෙව්වේ මුගේ ආච්චි ලොකු ළමයෙක් වෙලාවද්ද කියලා හිතාගෙන. සැක්. අදෝමැයි...

    ReplyDelete
    Replies
    1. උඹට නං බේතක් නොදී බෑ වගේ ලොකු ඉන්ජැක්සොන් එකක් පස්සට ගහන්න වෙයි..හැක්...

      Delete
  14. එළ ඕයි... ඔය වගේ කවුරු හරි කිව්වම ඔහොම කරපු වැරදි පෝලිමට මතක් වෙනවා තමා..ඊට පස්සෙ හොඳ මිනිහෙක් වෙන්න අදිෂ්ඨානත් කරගන්නවා තමා. අන්තිමට ඔය වගේ හිත නිදහස් වුනාම ඒ පොරොන්දු අමතක වෙනවත් තමා.. ඕක තමා මිනිස් ස්වභාවය. උඹ ඒ ස්වභාවය ලස්සනට නැවත මතක් කරල දීලා.

    ReplyDelete
    Replies
    1. එහෙමයි සේන්නෝ... මම හිතුවේ ඒක තමා.. උඹ හරි

      Delete
  15. ඔහොම තමයි බං අපි ගොඩක් වෙලාවට බයවෙන්නෙ අපේම හෘද සාක්ෂියටයි.

    ReplyDelete
    Replies
    1. හෘද සාක්ෂියක් නැති මිනිස්සුත් ඉන්න ආඩම්බර කාර සංවේදි රටක් මේක හැලපයියේ..

      Delete
  16. ආයෙත් බස් එකේදී එහෙම උනොත් මෙහෙම කියන්න දේශ.."ඔබ එනවා ලගවැඩියි"..එතකොට සෙරෙප්පුව අතට එන්නත් ඉඩ තියෙනව ..පරිස්සමින් ලොක්කො..

    ReplyDelete
    Replies
    1. අනිවා පරිස්සමින් ඕව් ඉදගෙන.. හැක්..

      Delete
  17. තේරෙන්නෑ ඕයි...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් පොන්නයා යන්න. උඹලා වගේ හරක් තමයි ඇවිත් සිංහල බ්ලොග් පුරාම ගොම දාන්න ගත්තේ. උඹට තේරෙන්නේ මේ වගේ පොස්ට් තමයි නේද ?

      http://harshana-bc.blogspot.com/2013/03/candy-bra.html

      http://harshana-bc.blogspot.com/2012/11/21.html

      නොදකිං මහ එවුන්ට සල්ලි තියන හින්දා තැන තැන තියන කඩ වලින් තොපිට මොකක් හරි සහතිකයක් ගත්තහැකි. තොපි වගේ හරක්නේ ඊළඟට මේ රටේ ඉන්ජෝ කියලා ඉන්නේ අම්මපා

      Delete
    2. @ රජා
      තේ රෙන්නෑ ඕයි... !@@@ හැක්..

      Delete
    3. මට පොන්නයා කියන්න තෝ කවුද යකෝ ඇනෝ???

      ඇයි අපි එන්න කලින් ගොම තිබ්බේ නැද්ද? උන් දැම්මේ දියමන්ති කාලා වෙන්ඩෑ... පලයන් යකෝ යන්න.

      ඔව් සල්ලි තියෙනවා තමා. තොපේ මහ උන්ට නැද්ද?? සල්ලි දුන්නට ඩිග්‍රි දෙන්නෑ ගොන් නාම්බෝ. ඒවටත් විභාග තියෙනවා. හිතන් ඉන්නේ සල්ලි දුන්නම ඩිග්‍රි දෙනවා කියලා. දන්න පුක තමා...මෙතනින් නවතින්නෑ. සල්ලි දීලා PhDත් කරන්න ඉන්නේ. ඇයි අවුල්ද උඹලට???

      Delete
    4. මල්ලි උබ ඕවා ගණන් ගන්න එපා මුන්ගේ ඉරිසියාව බන් උබේ ආතල් එක උබ ගනින් ,, කාලකන්නි යක්ෂයෝ

      _______සෙක්සි ඇනෝ _______

      Delete
    5. හුට්ටප්පරයක් නේ... දැං මෙතැන බිග් වලියක් ඇඹරෙයිද???

      @ සෙක්සි ඇනෝ

      උඹ හරි ඒ උනත් බං කාටවත් අර විදියට බනින්න එපා. මොකද ඒකා රජා ගැන අපිට වැඩිය හොදට දන්නවා කියල පේනවා...

      Delete
    6. යෙහොවාගේ ශාක්ෂි කරුවෝ.

      Delete

    7. මගේ තන් දෙක උරන්න ආසද දේශකයෝ ?

      _______සෙක්සි ඇනෝ _______

      Delete
    8. @ Sexy ano

      අපොයි හැම එකාම ඌරච්චි කරපුව උරන්න මට බෑ බං. ඕනිනිං අල්ලං ඉන්නං ඉදිමෙන්නම.. හැක් හැක්.. උඹත් හරිම සෙක්සි නෙව...

      Delete
    9. දුන්නොත් නිකන් ඉඳි නේද ?


      _______සෙක්සි ඇනෝ _______

      Delete
    10. උඹ හදන්නේ මාව අනාථ කරන්න.. අපි අහුවෙයි ඕවට... හැක් හැක්..

      Delete
  18. ඕක කාටත් පොදු දෙයක් අෆ්ෆා.. දවසක් ගෙලිඔයේ ස්ටේෂන් මාස්ටර් කිව්වා "අද ඔයාලගේ තාත්ත මගෙත් එක්ක කතා කරා" කියල.
    දෙයියෝ සාක්කි මට ඒ වෙලාවේ හාට් එක බීට් උනා. ඇඟ නිකම් දාඩියෙන් ස්ප්‍රේ කරා වගේ. මනුස්සය හිනා වෙලා අහනවා මොකද මනුස්සයෝ මේ කියල. මම කිව්වා නෑ මුකුත් නෑ කියල.
    මොනවද කිව්වේ ඇහුවම කියනවා ලබන සතියේ දවස් දෙකක් කෝච්චි නැති වෙන එකලු!!

    ReplyDelete
    Replies
    1. හයි හයියෝ උඹත් ඕසෙට බය වෙලා තියෙන්නේ..

      Delete
  19. වැස්ස නිසා කාමරේ කොටු වී සිටීම ගැන දේශක අපූරුවට නිර්මාණය කරල තියෙනවා. කතාව කියවගෙන ගිහින් හිතුවට වඩා ඉක්මනින් ඉවර කරලා.

    ReplyDelete
    Replies
    1. මේහෙමයි තරු.. මේක කුනු මල්ලේ මාස ගානක් තිබ්බ එකක්. තව ඇඩිෂන් කරන්න තිබුනා. ඒත් පරණම එකක් නිසා ඔන්න නිකං දැම්මා.. අත්දැකීම නං ඇත්ත.. මං කිව්වේ වැස්ස ගැන. තැන්කුයි

      Delete
  20. අපරාදේ. තව බය වෙන්න අරින්න තිබ්බේ.
    Be afraid. Be very afraid.

    ReplyDelete
  21. අනේ මම හරි සල්ලි දාලා දේශකයට බයික් එකක් අරන් දෙන්න ඕනෙ...මෙයා බස් එකක ගියොත් කයි කතන්දරයක් අහගෙනම තමයි පස්ස බලන්නෙ...

    ReplyDelete
    Replies
    1. මට ගැරන්ට් කරන්න බෑ සිරෝ. එතකොට කතා වැඩිවේවිද මන්දා.. මේ අටවං යනවාට වඩා. උඹෞ අදහස නං පංකාදුයි...මාත් මේ එලෝ මෙලෝ නැතිව ඉන්න එකානේ හැක් හැක්

      Delete
  22. ඇත්තටම ඉතින් මොකකටද අප්ලිකේෂන් දැම්මේ... අපිත කරකවල අතැරියා වගේ

    ReplyDelete
    Replies
    1. මම දන්නෑ අනේ මොන එහෙකට ඇප්ලිකේෂන් දැම්මද කියලා..

      මතකද අර ඇනා කැරනිනා මැරුන විදිය හොද නෑ කියල දවසක් තෝල්ස්තෝයිට රසිකයෙක් හමු වෙලා කිව්වා. එතකොට තෝල්ස්තෝයි කිව්වා “ඒක නේන්නං මාත් දන්නේ ඒකි කෝචිචියට පැන්නට පස්සේ නේ කියලා“

      Delete
  23. මේකා හැමදාම මොනවා හරි අපබ්‍රංශ වචනයක් දානවමයි මම දන් නැති "වැහි ඉරටි." මේකා අලුත් වචන හදනවද මන්දා

    සිකේ ජැක් ගහනවා නේ

    ReplyDelete
    Replies
    1. ජැක් නොගහමි.. එවැනි දේ සිදු වේ බස් රථ වල. වැලැක්විය නොහැකි..

      අඩේ මේක නං මම හදාපු වචනයක් තමා.. හැබැයි තව කොහේ හරි තියේද නොදනී.. වැහි ඉරටි කිව්වේ බං වේගෙන් වැටෙන වැහි බිංදු. ඒවා හරියට ඉරටු වගේ තමා වැටෙන්නේ. හොදට බලපංකෝ වහින වෙලාවට

      Delete
  24. වැරදි කරපු මිනිහා කොයිවෙලෙත් බයෙන් ඉන්නවා කියනවනේ..

    ReplyDelete
    Replies
    1. ඒක හුගක් වෙලාවට ඇත්ත දිනේෂ්

      Delete
  25. හැක හැක හැක දේශකයා පව් අනේ....! උඹ බයවෙච්ච හේතු බොහොම ටිකයි නෙව ලියලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒකනං හැබෑව තමා ඉවාන්... බය තමා හැමදේටම මුල...

      Delete
  26. අනේ යකෝ ඕවද උඹ කරලා තියන ලොකුම වැරදි?... මට හිතෙන්නේ උඹ නිකං බබා වෙන්න හදනවා කියලා...

    ReplyDelete
    Replies
    1. කමෝන් තිසර! මූ කරපු මීට වැඩිය ලොකු වැරදි මම හිතන්නේ මූ බ්ලොගෙත් ලියලා තියෙනවා, නැතිනම් කමෙන්ට් වලට දාලා තියෙනවා. මූ මේ බබා පාට් එකක් දානවා අපිට.

      Delete
    2. @ තිසර

      ඔව් ඔව් සුදු හුණු ගාගන්නවා දන්නවනේ.. ලොකු වැරදි කරාම අගමැති ලේකම් ලියුම යවනවා මිනිහ නිදහස්.. සල්ලි නැති අහිංසකය කියල. ඊට පස්සේ ඉතිං ඒවා පොඩි වැරදි.. හැක් හැක්

      Delete
    3. @ ඩුඩෙ

      මට හිතෙන්නේ උඹ ඒවයිත් ලිස්ට් එකක් තියං ඉන්නවා වගේ.. හාක හාක හා..

      Delete
  27. අප්පේ....මේකාගේ පොටෝ තාප්ප වල අලවලා තියන්න ඕනේ ප්‍රවේසම් වෙනු කියලා.

    ReplyDelete
    Replies
    1. බුදු සන්තෝ මේ වගේ සුටි වැරදි වලට ඔහේල පොටෝ ගහන්න හදන්නේ මක්කටෙයි???

      Delete
  28. හැමදාම වගේ මුල් කතාව මග ඇරලා අතුරු කතාවක එල්ලෙන්නයි මං යන්නේ.
    අර හතරවටින් වැස්ස ඉර‍ටු වගේ වැටෙනකොට එහෙම තැනක ඉන්න එක මම ආසාම දෙයක්.. ඉස්සර පොඩි කාලෙ අපේ ගේ පස්ස පැත්තෙ තිබ්බා මඩුවක්.. ධාරානිපාත වැස්සක් එනකොට අම්මට හොරෙං අපි ඕකට පැනගන්නෙ අර වැස්ස විඳින්නයි.. එතකොට අර මඩුව අපේම ලෝකයක්.. මැද්දෙන් ගහනව ගිනිගොඩක්.. වටේට වැස්ස හීතල මැද උණුහුම.. .. අදත් මම වැස්සට කැමතියි.. නා කපන වැස්සේ ඔහේ ඉඳගෙන වැස්ස දිහා බලං ඉන්න එක නියම වැඩක්..

    ReplyDelete
    Replies
    1. ඒකට කාරි නෑ සරෝ.. මං කැමතියි ඒකට..

      සරා කිව්ව වගේ මාත් වැස්සට හෙන ආසයි. තාමත් ඒ ආසාව නං නැති උනේ නැහැ. ඔන්න දැන්නං ඔළුව පිරෙන්න වැස්ස ගැන කල්පනා වෙනවා.. හිටපිය පොස්ට්කටුවකින්ම සංග්‍රහ කරන්න..

      ස්තුතියි සරා

      Delete
  29. දේශකයෝ නියමෙට ලියලා තියනවා.....සාමානයෙන් අපි හොදයි කියලා හිතන මිනිස්සු අතින් වෙන වැරදි තමා වැඩිපුර මුදල් ලැබුනොත් තියා ගන්න එක ,බස් එකේ වැනෙන කාන්තාවන් නැවැත්විම.......හැබැයි ඉතින් වෙලාව ආවම හිතින් හරි ඔය හැම වැරද්දකටම විදවන්න වෙනවා.........

    ReplyDelete
    Replies
    1. ශානු තැන්කුයි... ඔව් හිතල වැරැද්දක් කරොත් ඒකේ අනිටු විපාකයක් තියේම තමා...

      Delete
  30. Guilty Conscience Pricks The Mind කියලා කිව්වලු නේද බං?

    ReplyDelete
    Replies
    1. ඩැට්ස් කර්ර්ර්ර්ර්රෙක්ට් මචෝ.. හැක්

      Delete
  31. තමන් වැරදි දෙයක් කලහම හර්දශාක්ෂිය හඩනගනවා. ඒ හඩට සවන් දෙනවානම් වැරදි කරන්න පෙළබෙන්නේ නැහැ. නමුත් දිගින් දිගටම එම වැරැද්දි යලි යලි කරනකොට හර්දශාක්ෂිය පට්ට ගැහෙනවා. එවිට මොන වැරැද්ද කලත් බරලතලකමක් තේරෙන්නේ නැහැ. හැම සිදුවීමක් තුලින්ම ජීවිතයට ඉගෙනුමට යමක් ඇත.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න වෙල්කම් කිව්වා මුලින්ම.. හෘද සාක්ෂියට බොරු බෑ නෙව....

      Delete
  32. දේශකයත් ජැක් ගහනව ඈ එහෙනම් :P

    ReplyDelete
    Replies
    1. අපොයි අපොයි පිනා චාන්ස් පිනා චාන්ස්...

      Delete