Friday, December 7, 2012

Happy Birthday my friend!!!


මට ඉන්න හොද මිත්තරයෙක්, ඒ වගේම මම වැටිච්චි වෙලාවට මට උපදෙස් දීපු පුළුවන් හැටියට උදව් කරාපු, කොටින්ම කිව්වොත් මට ඔපීසියේදි හොද නරක හැම දේම උගන්නපු හොද මිනිහෙක්. 

අපි සෙට් වෙන වෙලාවට ජාති ජාති කතා කරා උඹට මතක ඇති. ඒ වගේම තමා අවුරුදු ගාණක් උඹල එක්ක හිටපු කාලේ මගේ හොදම කාලයක් උනා. මේක නරක කාලයක් කියල මං උඹට කලින්ම කියලා ඇති. මෙතනින් තටු ගහල ආයේ එන්න පුළුවන් නම් මම ආයේ එන්න ආසයි. ඒත් මචෝ කරුමේ තමා... බැදිම් වැඩි උනාම අත පය ඉදල ගැට ගැහෙනවා.

එහෙනං සුභපැතුම් විතරයි..... බොට දෙන්න කියල දෙයක් මං ළග නෑ මේ වෙලොවේ..

ආදරණීය මිත්තරයා, කව් ඔබට සුභ උපන් දිනයක්!! නෝටි පෝටි වල ඉන්න හින්ද පරිස්සමින් වැඩ කරන්ට ඕන හොදේ.. මං ගියා

ප.ලි.
මගේ මිත්තරයෝ ටික මේකට ප්‍රතිචාර නොදැම්මට කිසි අහිතක් නැතෝ...

1 comment:

  1. කිව්වත් වගේ මේකට එකෙක් කමෙන්ට් කරල නෑනෙ :D

    ReplyDelete