Friday, December 7, 2012

තීන්ත ගා පැච් දැමීම

"මාස දෙකකට විතර උඩදි ඇඹිලිපිටිය පැත්තේ වෙච්චි ළමයි දෙන්නගේ මරණය මතකයි නේ. අර තාත්තා වැඩට ගියපු වෙලාවේ පුංචි අම්මගේ පුතෙක් ගෙන්නගෙන ගෑනි රති කෙලියේ යෙදෙද්දී නින්දෙන් අවදි වෙලා ආපු කිරිසප්පයෝ හිනා උනා කියල අර කාළකන්නියා දරුවෝ දෙන්න මරල දාපු සිද්ධිය. මේක මගේ හිතට වැදුන හින්ද මම පෝස්ට්කටු තුනක් වෙන්න ඒ දරුවන්ගේ තාත්තට හිතෙන විදිය ගැන සුට්ටං නිර්මාණයක් කරා. ඔබගේ පහන් සංවේගය පිණිසත් අපගේ පත්තර මිත්තරයන්ගේ සොයාබැලීම ඒ මනුස්සයා කෙරේ යොමු වේවායිත් කියන ප්‍රාර්ථනය ඇතුව මම කොටස් තුනම ඔන්න එකට දැම්මා."



“තාත්තේ අද ඉන්නකෝ..”

මං නිවාඩුවට ගෙදර ඇවිත් ආපහු යන්න ලෑස්ති වෙන කොට මගේ පුතා හුරතලේට කියන ඒ වචන මගේ ඔලුව පුරාම ඊයම් බරු වලින් පුරවන විදියේ බරක් දැනෙනවා. ඒත් පුතේ අපි ‍බොහොම අමාරුවෙන් යන මේ ජීවිත ගමනෙදි අපිට හිතෙන හිතෙන දේ කරන්න නිදහසක් හරි පුලුවංකමක් හරි නැති විත්තිය මගේ පුතාට තේරුම් කරල දෙන්න බැහැනේ. 

පුතාට තේරුනේ නැති උනාට පුතාගේ තාත්තා වැඩ කරන්නේ කොළඹ ‍තියෙන කම්පැනියක පොඩි රස්සාවක්. ඒක ‍කරන්නත් අපා දුක් විදින්ට ඕන. රු. 1000 කට ගත්ත බෝඩිං කාමරේ ඇදට වෙලා මකුණෝ කකා, බාගෙට හිල් වෙච්ච මදුරු දැල අස්සෙන් රූං ගාලා විදගෙන එන මදුරුවන්ගෙනුත් පීඩිත වෙලා මං ඉන්නේ ඔය නිදාගන්න ටිකට විතරක් නිසා ඒක ඉවසා වදාරනවා. රෑට ළග තියෙන කඩේකිං ඉදිආප්ප දහයක් විතර ඒකට නිකං හම්බවෙන පිලුං වෙචිචි සම්බෝලෙත් එක්ක ගිලල දාලා මදි පාඩුවට වතුර ටික බඩට හලා ගන්නේ ආයෙත් උදේට නැගිටල රස්සාවට යන්න ඕන නිසා. එහෙම දුක් විදලා හරි මම බලන්නේ පුතාට හොද ජීවිතයක් හදලා දෙන්න. 

පුතා දන්නවද මේ ජීවිත කාලේදි මං වැඩියෙන්ම සතුටු වෙච්චි දවස මොකක්ද කියලා. ඒක පුතේ ආයෙත් වෙනස් ‍වෙන දෙයක් නෙමෙයි. 

ඇඹිලිපිටිය ඉස්පිරිතාලෙදි නර්ස් නෝනා කෙනෙක් ඒ මොරසූරන වැස්ස තියෙන කලුවර වෙලාවේ රෙදි වලින් ඔතපු පුංචි පැටියෙක් අරගෙන එක දිගට ලයිට් පොලු පත්තුවෙන කොරිඩෝව දිගේ එනවා මං බලාගෙන හිටියා. නෝනගේ සුදු පාට ඇදුමට (ඒ දවස් වල පුතේ ඔය ඇදුම ගැන නර්ස් නෝනලටයි අටෙන්ඩන් නෝනලටයි පුරස්න මොකුත් තිබ්බේ නෑ මයේ හිතේ) ලා නිල් පාට පැනල් එක අස්සෙන් පේන පුංචි එකා අතිං තට්ටු කරනවත් මං දැක්කා. 

“කවුද ගුණපාල කියන්නේ” 

සූතිකාරය ඉස්සරහට ආපු නෝනා එතන හිටිය පිරිමි අයගෙන් අහන කොට මට කොම්පැනියේ පුරුද්දට ඉද්ද ගැහුව වගේ කෙලිං වෙලා “මම තමයි මැඩම්” කියලා කිව්වා. “

ආ. ඔන්න. ඔයාට හුරතල් කොලු පැටියෙක් ලැබිල තියනේනෙ” කියලා නෝනා කරුණාවෙන් මගේ මූන දිහා එක එල්ලේ බලාගෙන කිව්ව දේ අහල ඒ සතුට වැඩි කමට මගේ ඇස් දෙකෙන් සට සට ගාල සතුටු කදුලු කැට වැටෙන්න පටන් ගත්ත මට අද වගේ මතකයි. හෙමිං හෙමිං නර්ස් නෝනා ගාවට ආපු මං කවදාවත් මිනිත්තු ගාණක් වයස පොඩි එකෙක් අල්ලල නැති උනාට හිතට ආපු දරු කැක්කුමටද මන්දා පුංචි කුරුලු පැටියෙක් වගේ ගුලි වෙලා හිටිය උඹව හීංසීරුවේ මගේ අත්දෙකට ගත්තේ පරාණ බයකිං. ඒත් අතට ගත්තම මගේ දරුවා කියලා හිතාගෙන ආදරෙන් හෙමිහිට උඹේ නළල ඉම්ඹ ඒ මොහොත කවදාවත් මට අමතක වෙන්නේ නෑ.


එදා ඉදලා උඹට අවුරුදු දෙකක් තුනක් වෙනකංම අපිට හරියකට කෑම බීම ටිකවත් ගන්න සල්ලියබාගයක් තිබ්බෙ නෑ. එහෙමෙයි කියල උඹව බඩගින්නේ තියන්නවත්, ඇදුම් මාල්ලක් අරන් නොදෙන්නවත් මං ඉඩ තිබ්බෙ නෑ. පුලුවන් හැටියට ඒ ටික කරගත්තේ ඔය මං කරන රස්සවෙන් හම්බ වෙන‍ සොච්චං පඩියෙන් තමයි. ඒත් ම‍ගේ දරු පැටියට කරදරයක් නොවෙන්න කටයුතු කරන්න ඕනය කියල මගේ හිත හැම තත්පරයකම මුරගාන කොට ආපු හයියෙන් තමයි මොන තරං අමාරුකං තිබුනත් ගේ පොඩ්ඩ ලකේකට හදාගෙන මගේ කූඩුව ඇතුලේ උඹ රජ පැටියෙක් වගේ ඇති දැඩි උනේ.

උඹට ඉස්කෝලේ යන්න කාලේ හරියන කොට ඔය කොළඹ රටේ මහත්තැන්ලට ‍වගේ ලොකු ඉස්කෝල හොයන්න යන්න පුලුවං කමක් තිබ්බෙත් නෑ. ඒ වගේම අපේ දෙමාපියෝ කවදාවත් බොරු කරන්න වංචා කරන්න තවත් මිනිහෙකුගේ බඩට ගහන්න උගන්නලා නැති නිසාම ඒක ආයෙත් අරුමයක් උනේ නෑ. අපිට ලග තියෙන ඉස්කෝලෙට උඹට දැම්මේ හිතේ දහසකුත් එකක බලාපොරොත්තු තියාගෙන. ඒ කියන්නේ දැං මේ විපරීත සමාජයේ උන්දැලට තියෙන මුලග්ගාය වගේ දරුවව දොස්තර කෙනෙක් කරන්ටවත්, ඉංජි‍නේරුවෙක් කරන්නවත් එහෙම නැතිනං ක්‍රිකට් කාරයෙක් කරන්නවත් නෙමෙයි පුතේ. මට ඕන උනේ උඹ මොන දේ කරත් හොදට ඉගෙන ගෙන මේ සමාජයේ වැදගත් පුරවැසියෙක් ‍වගේ රටේ ජීවත් වෙනවා දකින්නයි.

අපේ ජීවිතය ආයෙත් අලුත් පාරකට වැ‍ටුනේ උඹට අවුරුදු හයක් විතර වෙනකොට. එතකො‍ට තමයි පුතේ උඹේ මල්ලියා මේ ලෝකෙට එකතු වුනේ. ඒත් උඹ වගේම ඇඹිලිපිටිය ඉස්පිරිතාලෙදිමයි. උඹ ලැබෙන්න ඉන්න වෙලාවේ අර ‍නර්ස් නෝනා කියනකං අපිට ලැබුනේ පුතෙක් කියලා නොදැන හිටියට මේ වතාවේ එහෙම නෙමෙයි.. මල්ලියා ඉපදෙන්න කලින්ම චැනල් දාලා බලපු දොස්තර මහත්තයා කොහොම හරි රු. 1800 ක් විතර අරගෙන ස්කෑන් එකක් කරලා බලලා ලැබෙන්න ඉන්නේ පුතෙක් කියල කිව්වට පස්සේ අපි පොඩි පුතා පිළිගන්න ලැහැස්ති උනා. උඹ හම්බවෙච්ච වෙලාවේ කිරිකැටියෙක් දැකලවත් නැති මට මල්ලි ඉපදුන වෙලාවේ ආපු සතුට ඒ විදියටම දැනුනේ නෑ. ඒකයි පුතේ මං කිව්වේ උඹ මේ ලෝකෙට ආපු මොහොත තමයි මගේ ජීවිතේ සතුටුම මොහොත කියලා.

උඹල දෙන්න නිසා මගේ ගෙදර කල එලි උනා. පුංචි එකා ගෙදර දෙවනත් වෙන්න අඩන කොට මං කොච්චර කලබල වෙලා තියෙනවද? හිනාවෙන්න පුලුවන් වෙනකොට පුංචි පුතාගේ හිනාව දැකල මං‍ මොනතරං සතුටු උනාද? උඹල දෙන්නම එක පාරට අත්දෙකට වඩගෙන හුරතල් කරපු දවස් ආයේ ඉතිං පුදුම සතුටක් ගෙනාව කියල අමුතුවෙන් කියන්න ඕන නැහැ.

මගේ පුංචි පුතා ඉපදිලා අවුරුද්දක් විතර යනකොට මං කොහොම හරි කා‍ටවත් අතනොපා සතුටින් ජීවත් වෙන්න පුලුවං විදියට‍ ජීවිතය ගොඩනගාගත්තා.මේ විදියට‍ ගත කරපු ජීවිතයට ආයෙත් අමුත්තෙක් එකතු වෙයි කියලා මාගේ තුං හිතකනත් තිබුනේ නෑ.


මම එදා හවස නේ පුතේ ගෙදරින් ආවේ. මට කොළඹට අඩිය තියලා එක පැයක්වත් යන්න කලින් ආපු පණිවිඩය එතරම් පැහැදිලි නොවුනත් ලොකු කරදරයක් කියලා හිතුනා. ඒත් එක්කම මං අනිත් පැත්තට බස් එකක නැග්ගා ආපහු ගෙදර එන්න.. මගේ හිත කවදාවත් කිව්වෙ නෑ පුතේ මේ තරං අපරාධයක් ඇහින් දකින්න මට සිද්ධ වෙයි කියලා. මගේ පුතාලා මගේ ලෙයින් ඉපදුනාට උඹල දෙන්නා මේ ලෝකෙට එළීය දෙන්න හිටිය රත්තරං ‍දරුවො දෙන්නෙක්. බුදු බ‍ණේ කියල තියෙනවා හැම දේම අනිත්‍යයි කියලා.ඒත් පුතේ ප්‍රතඥජන මිනිහෙක් වෙච්චි මට ඔය බණ කතා ඔරොත්තු දෙන්නේ නෑ. මග දිගටම මං හිත හිත ආවේ එක්කෝ කාට හරි අසනීපයක් එහෙම නැතිනං ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් කියලයි. ඒත් ගමට එන පාරට හැරුනට පස්සේ මහ රෑ වෙලත් මිනිස්සු පාරේ තොටේ ගැවසෙන එක, මා දිහා හරිම වේදනාකාරි ව බලන විදිය මට අමුත්තක් උනා. අඩියෙන් අඩිය ඉදිරියට යන කොට ඒකේ තියෙන බර ගතිය මට හොදටම දැනුනා. අන්තිමට මට තේරුණා ‍මම හිතනවට වඩා මහා විශාල විනාශයක් කියල. ඒත් දෙයියනේ මේ තරං අපරාධයක්. මං ගෙදරට ආවේ මාරාවේශයෙන් වගේ. ගෙදරය එන පාර දිගේ එක එක වාහන නවත්තල මං කවදාවත් දැකල නැති මිනිස්සු ඒ ඒ තැන් වල රොක් වෙලා. ගෙයි මිදුලෙත් හැරෙන්නවත් බැරි තරං සෙනග. ඒ මදිවට පොලිස් වාහන දෙක තුනකුත් තිබුනා. රෑට එළියට‍ පාට වෙන කොළ පාට ඇදුම් ඇදපු පොලිස් මහත්තුරු ඉන්නේ බරබතල කාරණයකට වග මං කොළඹදි දැකලා තේරුම් අරගෙන තිබුනේ.

අමුත්තෙක් කිව්වට ‍පුතේ මං උඹලගේ අම්මා බදින කොට මගුල් දවසෙදි තමයි මං ඒකව ඉස්සර වෙලාම දැක්කේ.. ඒත් මට කිසි අමුත්තක් දැනුනේ නෑ.. මමත් ටිකක් විතර ඒ වෙලාවේ කලබල වෙලා වගේ හිටියට අවුරුදු හයක විතර පොඩි එකෙකු ගැන මොනව හිතන්නද? උඹල හම්බඋනාට පස්සේ උඹලට අයියා කෙනෙක් වගේ හිටිය, උඹලගේ අම්මා කියපු විදියට එයාගේ පුංචි අම්මගේ පුතා උඹලගේ අම්මටත් වඩා අවුරුදු 19 ක් විතර බාල කොලු ගැටයෙක් මේ වගේ නස්පැත්තියක් උඹල දෙන්නට කරයි කියල මං කොහොමද දන්නේ.. පුතේ කාලය ගිහින් ගෙවුන කාලය ලබාගන්න බැහැ වගේම ඒ අවස්ථාවනුත් ආයේ ලබා ගන්න බෑ.

පුතේ උඹලට වෙච්චි දේ මගේ හිත සත් කඩකට පැලෙන තරම් වේදනා‍වක් දුන්නා. ඒ දේ මට හිතාගන්නවත් බෑ. මං හැමදාම හැමවෙලේම ගතවෙන තත්පරයක් ගානේ ආදරය කරපු හුරතල් කරපු උඹල දෙන්න තවත් එක් මතකයක් විතරයි කියල හිතන්නේ කොහොමද? ජීවිතේ මම ගත කරපු සුන්දරම කාලය මට නොතිබුනා නං ‍කොච්චර හොදද? ලැබී තිබුන දෙයක් නැති උනාම ඒකේ දුක දරාගන්න පුලුවන්ද? මම කරපු හැම දෙයක්ම හැම කැපකිරීමක්ම ඉවසගෙන කලේ උඹල දෙන්නට තිබුන ආදර‍ය හින්නයි. මගේ පුතා කියල කියන කොට මගේ ඇගේ හැම මාංශ ‍පේශියකම වැඩියෙන් ලේ ගලන බව මට දැනිලා තියෙනවා. මේ තරං දුකක් විදින්ට මේ ලෝකේ කිසිම පියෙකුට වෙන්න එපා කියලයි මට කියන්න කියෙන්නේ. පුතේ මං හැම වෙලාවකම වැලපෙන මනුස්‍සයෙක් කරන්න එක අමනුස්සයෙකුට පුලුවන් උනා. මං ගොඩ නගාපු ලෝකය ම‍ගේ ඉදිරියෙම සුන්නත්දූලි වෙලා යනවා බල බල මං හූල්ලනවා. ජීවිතේ ඔහොමයි අපි හිතන පතන දේ වෙන්නේ නෑ හිත හදාගන්න කියලා පන්සලේ හාමුදුරුවෝ වදාරපු වචන ටික තව ටික දවසක් යනකං මට ශක්තියක් වේවි. ආයෙත් උඹලගේ හුරතල් වැඩ මට බලන්න නැති බව දන්නවා. තවත් මට උඹලට පොත් අරන් දෙන්න වෙන්නේ නෑ. මට නිවාඩුවට ආවම උඹලව නාවල කවලා ඇදුං හෝදලා දෙන්න වෙන්නේ නෑ. මගේ ගෙදර මටම අමු සොහොනක් වෙලා. මේ ජීවිතේදි මං කරපු ලොකුම වැරැද්ද තමයි පුතේ උඹලගේ අම්මව කසාද බැන්ද එක. මං ගෙදර ආවම මෙච්චර කරුණාවක් දක්වපු ගෑනි මං ගෙදරින් පිටවෙන ගමන්ම මයේ ලොකු පුතාට වැඩිය ටිකක් වැඩිමල් අනික ලේඥාති පොඩි එකෙකුට කියලා තෘප්තිය ලබාගන්න වැඩ කරන්න මොන තරං පාපතර ගෑනියෙක්ද? දරුවෝ ගැන මොනවද හිතල තියේන්නෙ. පුතේ මගේ විලාපය හැමදාම එක විදියට තියේවි. මොකද ‍මං උඹල දෙන්නට මගේ පණටත් වැඩිය ආදරේ කරපු නිසා.

34 comments:

  1. මම මේකට මුකුත් කියන්නේ නෑ දේශකයෝ.... උඹෙ ගැලපීම නම් අපූරුයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරුවො..

      Delete
  2. මට නම් හිතෙන්නේ ගොසිප් එකේ තියෙනවට වඩා යමක් මෙතන තියෙන්න ඕනේ කියලා... ඔච්චර කේන්ති ගන්න පුළුවන් එකෙක් නම් චණ්ඩියෙක් වෙන්න පුළුවන් නේද.. අනිත් එක බය නැතුව බයික් එක අරන් යන්න ආපු එකත් හින්දා මං කියන්නේ......

    ReplyDelete
    Replies
    1. ඌට තේරෙන්නේ නැති ඇති අප්පා. ගොං මදයෙක් නේ මෙලෝ සංවේදිතාවයක් නැති..

      Delete
  3. You are clever enough to bring out the pain and the grief of that miserable father.

    ReplyDelete
    Replies
    1. Thank you Blue Lotus. Your comment is very special to me.

      Delete
  4. අද ඒ 3නම කියෙව්ව මචන්. ඒවට කමෙන් කලා :)

    ReplyDelete
    Replies
    1. මම දැක්කා බං ඒක උඹ බලපු විත්තිය. ස්තුතියි සමි..

      Delete
  5. මේ සිද්ධිය දේශකයා කාගේත් හදවත් කම්පනයට ලක්කල සිදුවිමක්. ඔබත් ඒ කම්පනයේම කොටස්කරුවකු ලෙසින් මේ පොස්ටුව ලියා තිබෙනවා. ඇත්තටම තාත්තට මෙහෙම හිතෙන්න ඇති
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින්.. මටත් ඒ කම්පනය හොදින්ම දැනුනා. ඒකයි මෙහෙම ලියුවේ. මටත් ඉන්නේ කොල්ලෝ දෙන්නෙක් බ ඒ වගේම සම වයස්..

      Delete
  6. මේ සිදුවීම ගොසිප් වලින් කියවපු දවසේ මගෙ ඇස් වලට කඳුළු ආවා..පාලනය කරගන්න බැරි අම්මා කෙනෙක්ගෙ හැඟීම් නිසා අකාලයේ මියැදුන දරුවො දෙන්න ගැන හිතද්දී කාටද දරා ගන්න පුළුවන්..

    ඒ සිදුවීම තාත්තගෙ ඇසින් අපූරුවට ගලපාපු මේ පෝස්ටුව මාව ආයෙමත් ඒ සිදුවීම දිහාට අරන් ගියා..හැඟීම් පාලනය කර ගන්න මිනිස්සුන්ට පුළුවන්නම්...

    ReplyDelete
    Replies
    1. ලිහිණියෝ.. මටත් ඔය සිද්ධිය අහපු වෙලාවේ ඇත්තටම හිතයි ඇහැයි දෙකම උණු උනා.. මම ඒක හොදට ලිව්ව කියල අහන එක සතුටක්. ස්තුතියි උඹට

      Delete
  7. මේ වගේ දේ අපිට අහන්න ලැබුනෙ මොන පවකටද? මන්දා. ආදරණීය තාත්තෙක් ගේ හැඟීම බොහොම හොඳට ගලපා තියෙන කතාවක්. අපේ තාත්තලාගෙ දරු දුක නේ මේ. දේශකතුමා හොඳ කතා කාරයෙන් නෙව බල්න් ගිහාම .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බින්දි සහෝදරිය. මට ඒක හිතුනේ ඇත්තටම සිද්ධිය ගැන කතා උනාට සිද්ධිය උරුම උනු තාත්තා ගැන කිසිවෙකුත් එතරම් සොයා නොබලපු නිසා...

      Delete
  8. හරිම අනුවේදනීය සිදුවීමක්..! ඒ පියාගේ සිතිවිලි දේශකයා ලියල තියනවා හදවතට දැනෙන්නම. කවදා නම් මෙවැනි අපරාධ නවතීද..?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන.. අපාරාධ නවත්වන්ට බෑ.. නමුත් අපරාධ සිදුවීමේ ප්‍රවණතාවය, හැඩය ගැන බරපතල සාමාජිය සාධක තියෙනවා..

      Delete
  9. ඇයි බං මේක ආයෙත් මතක් කලේ..

    ReplyDelete
    Replies
    1. උඹට කියවන්න මොකක් හරි දාන්න ඕන කියල හිතුන බං..

      Delete
  10. දුකයි බං එත් ඔය කියන අපරාධ නවතීද ඔබට ජය!!

    ReplyDelete
    Replies
    1. නැහැනේ.. මම චන්දනට දාපු ප්‍රතිචාරෙම තමා කියන්න තියෙන්නේ...

      ස්තුතියි.. දිලුම්

      Delete
  11. මේ ධර්මද්වීපයයි කියල බෝර්ඩ් ගහන හිටියට මේ වගේ අසහනකාරී මිනීමරුවෝ ඉන්නකල් මේ රටේ අපරාද නවතින එකක් නැහැ. ඕකුන්ව මරන්න ඕනේ ලෝකෙම තියෙන දරුණුම වධ දීලා.

    ReplyDelete
    Replies
    1. නැහැ කෝරලේ මහත්තයෝ මේ අපරාධ සමාජය විසින්ම නොදැනුවත්කම, අසංවේදිකම, නූගත්කම (පොතේ උගත් කම නෙමේ) වැනි දේවල් වල තියෙන බරපතල කඩා වැටීම නිසා සිදු වන්නේ.. ඔබ බලන්න දැන් මිනී මරණ විදිය. විප්‍රකාරයි. සත පනහටත් මීනි මැරෙන යුගයක් මේ

      Delete
  12. හරිම තුච්ච නින්දිත සමාජයක්.... කලියුගය කියන්නෙ මේකට වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. මේක නවයුගයක් සිරා.. ජුනියස් සීයාගෙන් පටන් අරගෙන වර්ධනය වී දැන් උපරිමයෙන් තියෙන..

      Delete
  13. මේකට මොනවද කියන්න ඕනෙ කියලා හිතා ගන්න බෑ මචං. ඇත්තටම ඒ මනුස්සයා ගැන අපේ සමාජයේ අවදානය යොමු වුණාද ? නෑ අපේ මිනිස්සුන්ට මේක හරි රසවත් අතුරුපසක් වුණා විතරයි. අපේ සමාජය හැමදාමත් මේ වගේ නිවුස් තලු මර මර රස වින්දා ..අපි අඳ ගොළු බිහිරි සමාජයක් වුණේ 77 ආර්ථික ප්‍රතිපත්ති වලින් පස්සේ කියලා බොහෝ දෙනා කියයි.නමුත් මගේ අදහස නම් හේතුව ඒක නෙමෙයි අපේ සංස්කෘතික ඇබ්බැහිය කියලයි. ඇයි මම එහෙම කියන්නේ අපි එදා ඉදන්ම බණ කතා වලින් ජාතක කතා වලින් මේ වගේ නස්පැඅත්තීන් ඕනෙ තරම් අහලා තියෙනවා. නමුත් අපේ සමාජය කවදද ඒ වගේ කතා වල තියෙන ප්‍රවෘත්ති වටිනාකමින් ඔබ්බට -කතා රසයෙන් ඔබ්බට හිතලා ,එම කතාවල ඇතුළේ කියවෙන හරයාත්මක කාරණා ඔළුවට දාගත්තේ. කවදාවාත්ම නෑ. බුදු හාමුදුරුවන්ටත් ගල් පෙරළුවයි කියනකොට සාධුකාර දෙන අවිඥානික සමාජ ආධ්‍යාත්මයක් තමයි අපට හිටියේ. නමුත් දේවදත්ත බුදුන්ට ගල් පෙරළුවෙ ඇයි කියලා අපේ මිනිස්සු හිතුවද, බෞද්ධ සාහිත්යියේ වත් ඒ කාරණා කතා කරලා තියෙනවද ?නෑ ..හේතුව තමයි සංස්කෘතික පුරුද්ද. හැම දේකටම අනේ අපොයි කියන්න විතරයි අපි පුරුදු වෙලා ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. රතු අන්න ඒක තමා මට උවමනාම දේ උනේ. මේ ගැන ඒ තාත්තා ගැන කතා කිරීමක් නැහැ. මාධ්‍යයටත් ඒ සිද්ධියෙන් එහාට එහි ප්‍රවෘත්තිමය වටිනාකමක් නෑ.. නමුත් හැමදේම අකාලේ අහිමි වූ පියා ගැන සංවේදී සටහනක් කොතැනවත් තිබුනේ නෑ. අපි වගේ කොමෙන්කටු දාන ඈයෝ ඇරෙන්න... මම හිතුවේ අඩුගානේ උඹලගෙවත් ඇස් ඇරවන්න පුළුවන් වේවි කියලා...

      Delete
  14. මාත් කියෙව්වා.. :(

    ReplyDelete
  15. මේ දවස්වල අර තාත්තා කොහොම ජීවත් වෙනවා ඇද්ද?

    සැපක් හොයන් ගියත් අර ගෑනිත් අම්මා කෙනෙක්නේ. ඒකනේ දරුවෝ දෙන්නව බේර ගන්න හැදුවේ.
    මේ වෙලාවේ ඒ ගෑනිට මොනවා හිතෙනවා ඇද්ද? තමන් හින්දා උන විනාශය ගැන.

    හැබැයි එක දෙයක්නම් දන්නවා. අහල පහළ මිනිස්සුන්ටනම් මේ වෙලාවේ ඔය ගමට කවුරු හරි ආවත් "මේ අර ගේනේ" කියලා ආඩම්බරයෙන් කියන්න පුළුවන් කමක් නම් තියෙනවා.

    අනිත් හැමෝටමනම් තවත් එක ප්‍රවූර්තියක් විතරක්ම තමයි.

    ReplyDelete
    Replies
    1. ඔන්න බං රතුවත් ඔය ටික වෙන විදියකට කියල තිබුනා.. මේ අපේ පත්තර අයියලත් නෑනේ මේවා ගැන හොයන්න උනන්දුවක්. එකෙක් දිවා ගුහාව හොයන්නට ගිහිල්ලා. අනිකා හාඩ් රොක් කරනවා... හැක්..

      Delete
  16. දරුවො ගැන දැනෙන්නේ දරු කැක්කුම තියන මනුස්සයෙකුට විතරයි

    ReplyDelete
    Replies
    1. ඒක එහෙම තමා ලොකු ජෝන් මලයෝ. තැන්කූ ආවට...

      Delete