Saturday, January 26, 2013

සෙක්සි මැඩම් (පළමු කොටස)

මේකත් මේ පැරණි රසාංගයක්.. අද පෝය දවස වෙච්චි හින්දද මන්ද වෙනියට වගේ මොලේ රත්වෙලා පරණ දේවල්ම මතක් වෙන්නේ. වෙනියට නං ඉතිං අද කතා මතක් උනත්... ඔන්න පුතෝ ලියන්නෑ කියල කොටල තියෙන හින්දා පෝය උනාට කමක් නෑ. දාන්න එපා හරිය..මේ මගුල් වෙනියෙක් මතක් වෙලා මොලේ උඩටම ඇවිල්ල තිබ්බ කතා පොජ්ජත් අමතක උනා.... හරි හරි ආවා ආවා..

බෑ බොල.. මේක හරියන්නේ නෑ..  ඇත්තටම කිව්වොත් මගේ ඔළුවට ආපු කතාව මේ වෙන කොට ලියල අහවර කරල මගේ ඩ්‍රාෆ්ට් ලිස්ට් එකේ හත් වැනි අනුමත නොවිච්ච පෝස්ට්කටුව විදියට තියෙනවා.. ඒත් මොකක්ද මන්ද හිතට ලොකු බයක් ආවා.. ඒක දාන්න.. ඒකත් එක්තරා පෙම් කතාවක් උනත්.. බැරිවෙලා හරි දන්න කියන එකෙක් මේක බැලුවොත් මම හද්ද අනාථනාත වෙන හින්දා ඒකත් අමතක කොරල අනිත් ඒවත් හිමින් සීරුවේ බලන කොට තමා මේක මතක් උනේ. 

එක්තරා කාලෙක මට හිටිය හොද යාළුවෝ සෙට් එකක් බොරලැස්ගමුව වැව පාර, පිරිවෙන පාර හා ඔය ඊට ආසන්න ප්‍රදේශ වල. මේ සෙට් එකේ හොද ගොයියෝ වගේම හද්දා සාටර් බඩුත් හිටියා.. ඔතන ඇත්තටම මට හිටියේ එක යාළුවෙක් විතරයි. මිනිහා මගේ හොද යාළුවෙක් වෙලා හිටියේ ඔෆිස් එකේ රාජකාරි, ඊට පරිබාහිර දේවල් හින්දමයි. කොහොම හරි චමියගේ ඉස්කෝලේ ක්ලික් එකේ යාළුවෙක්ට කරුමෙට අපේ ගෙවල් පැත්තෙන් යන්න වෙන තැනකින් තමා (ඒ කිව්වේ තව දුර යන්න ඕන) මගුල් කතා කරල තිබුනේ.. එහෙම තිබ්බ වෙලාවක මුං සෙට් එක පහක් විතර ඩොල්පින් එකක නැගල ආවා නෙව අපේ ගෙවල් පැත්තට. මූ ගමට කිට්ටු කරල මට කෝල් එකක් දුන්නම මමත් ගියා ටවුමට.. මොකෑ කොරන්නේ කියල ඇහුවම “වරෙන් යන්න“ කියපු හින්දා මාත් උන් සෙට් එකත් එක්කම තව තැන් දෙකක විතර කරක් ගහල තව හැන්ද වෙන්න එහෙම ගියා අර බදින්න ඉන්න කෙල්ලගේ ගෙදර. ඒ කෙල්ලගේ ගෙවල් නං ඇත්තටම හෙන ග්‍රාම්‍ය පරිසරයක තිබුනේ.. ඒ වගේම තමා කතා බහ, හැසිරීම, ආගන්තුක සත්කාරය එහෙමත්.. අම්මල තාත්තල මොන විදියට වත් පුටුවක වාඩි වෙලා කතා කරන්නේ නෑ. ඒ තරං මේ කොළඹ මහත්තැන්ලට ගෞරවයෙන් තමා උන්නේ.. ඒ විදියට ලැබුණ කේක් කෑල්ලයි, තේ එකයි බීල බදින්න ඉන්න දෙන්නට ඔන්න ඔහේ කදයක් දාගෙන ඉන්න කියල අපි එළියට බැස්සා.. දැං මේ ටිකටත් මම මුංව අදුරගෙන ඉවරයි. චමියා මගේ යාළුවා. අනිත් උං, සුරංගයා, හසිය, දුමියා අනෙකා පොඩ්ඩා.. මුං එක්ක කතාව සැරට දාගෙන හිටියම තේරුනා අද රෑට නං ගෙදර යාම බොරු කියලා. ඒ තරං සුදානං වෙලා ඇවිල්ල හිටියේ, පස්සේ සීට් එක පුරාම නැටුං තෙල් බෝතල් තිබුනා.. අනේ අනිච්චං කියපු මාත් ඉතිං පහුවදා තමා ගෙදර ගියේ උනුත් එක්කම. 

ඒත් එදා රෑ සුරංගයා කියපු එක කතාවක් මට හොදටම මතක තිබුනා.

“මචං මං කවද හරි හොන්ඩා 350 යක් ගන්නවමයි බං.. මම ඒකට තමා දැං ට්‍රයි කොරන්නේ“

ඇත්තටම බැලුවම මුං ලොකු වත්කමක් තියෙන උනුත් නෙමෙයි. ඒත් මේකා හරි හමං ජොබක් වත් කොරන්නේ නෑ.. ඔය ඉලෙක්ට්‍රිකල් අයිටම් හදන එකයි විශේෂයෙන්ම ෆිට්නස් මැෂින් ගෙවල් වලට ගිහිල්ල හදන එකයි තමා කොරන්නේ.. අනිත් උං කින්ඩි දැම්මට මූ කීයටවත් පිළිගත්තේ නෑ.. එකම මතේ හිටියේ ළගදීම බයික් එක ගන්නවමයි කියලා.. 

ඔහොම අවුරුද්දක් විතර අපේ මිත්‍රත්වය තිබුනා. ඒ අතරේ අර හාදයගේ වෙඩිම තිබුනා. ඒක නිසා ඒ පැත්තේ කරක් ගහන්නත් උනා.. කොහොම හරි චමිය දවසක් හැන්දෑවේ ඇවිල්ල මට කිව්වා උගේ ගෙදර යන්න එන්නය කියලා.. මම ඇයි කියල ඇහුවම තමා මූ කිව්වේ,

“අන්න බං සුරංගයා බයික් එක අරගෙන.. අද පාටියක් බොටත් එන්න කිව්වා“ කියලා

මගේ වැහිල තියෙන ඔක්කොම තැන් ඇරිලා. “නෑ“ කියල කියවුනා. “එතකොට මූ ඒක ගත්තා. කොහොමද බං ගත්තේ“

“ඔය ප්‍රශ්නෙට අද ඌ උත්තර දෙනවයි කිව්වා. ඉතිං වරකෝ යන්න“

ඔය කාලේදි මාව හොයා බලාගන්න කවුරුවත් ඇත්තෙත් නැති හින්දා කිසිම කරදරයක්, වීසා ලබා ගැනීමකින් තොරවම එහේ යන්න ගියා. ඔන්න තෙල් බෙදපු සුරංගයාගේ කතාව..


“හෙලෝ... මිස්ට සුරංග“
“යේස් ස්පීකින් මෑම්“
“ආ... සුරංග මම මේ ඇඹිල්ලවත්තෙන් කතා කරන්නේ.. මගේ ෆිට්නස් මැෂින් එක හදාගන්න“
“ඔව් මැඩම්.. කියන්න“
“ඊයේ උදේ එක්සයිස් කරන කොට ස්ලෝ වෙලා මේක නැවතුනා. දැන්නං වැඩ කරන්නේ නෑ.. අනේ මට මේක ඇවිල්ල ඉක්මනට හදල දෙන්න. ප්ලීස්“
“හරි මැඩම්... දැං උදේ 7.20 යි නේ.. මැඩම් වෙලාවක් කියන්න මම එන්නං“
“වෙරි ගුඩ්.. ම්ම්.. මම හස්බන්ඩ් එක්ක ජිම් එකට ගිහිල්ල 9.00 වෙන කොට ආයේ එනවා. ඔයා එහෙනං ඒ වෙලාවට එන්න“
“රයිට් මැඩම්“

උදේ පාන්දරම ආපු කෝල් එක හින්දා මම වෙනදට වැඩිය වේලාසනින් නැගිටල, හෙමින් හෙමින් ලෑස්ති උනේ, මොකද ඔය ඇඹිල්ලවත්ත කියන්නේ මට විනාඩි 10 ක් වත් යන දුරක් නෙමේ හින්දා. ඇඩ්රස් එක ලියාගත්ත කොලෙත් අරගෙන මම ෆුට් සයිකලෙන් යන්න පටන් ගත්තා ඒ මැඩම් ලගේ ගේ හොයාගෙන. පාර දන්නව උනාට කවදාවත් මේ ගෙවල් තියෙන හැටියක් බලල තියෙන එකක්යැ. නම්මරේ 433. හරි මේ තියෙන්නේ.. අප්පට සිරි මේක මාලිගාවක් නේ... ගේට්ටුවට තට්ටුවක් දානවද??  මොන එහෙකටද ඔය තියෙන්නේ ඔබලා කතා කරපං කිව්වම මම බට්න් එක ඔබලා කතා කරල විස්තරේ කිව්වා. වැඩේ හරි.. ස්ලයිඩින් ගේට්ටුව උඩට නිකංම ඇරුනා.. මම දැං තණකොල තියෙන කොටස පහුකරගෙන මහා විසාල වැරන්ඩාව ගාවට ලං වෙනවා.. ගේ වටේම එකම සුදු පාටයි. ආයේ අහන්න දෙයක් නෑ.. වැරන්ඩාවට දාපු කොන්ක්‍රීට් කනුවත් මං හිත්නේ බර ගානක් වෙනවා ඇති... මම හිමින් වට පිට බලන කොට, අප්පට සිරි මැඩම් කෙල්ලෙක්ද?? පුහ්.. ටයිට් ඩෙනිම ගහල, ඒ මදිවට එළකිරි ටී ෂර්ට් බාගයක් ගහලා,, එනවා මට පේනවා ජනෙල් වීදුරුවෙන්.

මගේ ඉහමොළ පොඩ්ඩක් රත් උනේ බයටම නෙමෙයි.. ගෙදර කව්රුවත් නැතිව වගේ පේන හින්දා. ඔය මොන පයිත්තියං වැඩ කොරත් ඕවට ඩිංගක් හිත බයයි නේ... ඔන්න මැඩම් දොරෙන් එළියට ඇග ගෙනාවම. තමා දැක්කේ. . හිකිස්..පොෂ් ඇදුම විතරයි කියලා.. නෑ නෑ... මැඩම් බියුටිෆුල්.. ඒත් වයසයි මෙයා... අවුරුදු 48 ක් වත්.... අම්මප මේ ගෑනුන්ට පිස්සුද මන්ද වයසට ගිහිල්ලත් බොරුවට කෙල්ලො වෙන්න හදන්නේ... එහෙම හිතාපු මම නිකං හිතට ආපු අමනාපෙත් එක්කම මැඩම්ගේ මූන දිහා බැලුවා නොසැලකිල්ලෙන්..

“ආ.. මිස්ට සුරංග පොඩ්ඩක් ඉන්න.. මම මේ ආවා විතරයි.. මට විනාඩියක් දෙන්න“
“ඉට්ස් ඕකේ“ කියල මම වැරන්ඩාවේ බර පුටුවකට ඇල්ම දැම්මා..

To be continued...


35 comments:

  1. To be continued...ඔන්න ඕක තමයි ඉවසන්න බැරි ...

    ReplyDelete
    Replies
    1. \\\To be continued//

      ඕක ඔය මගෙන් ඉගෙන ගත්තුවා තමයි දැන්
      උගේ වගේ ලියන්නේ ...:D

      Delete
    2. හි හි (හිරුව ඉන්නවද බලාපං)

      Delete
  2. මැඩම් වයස නිසාම නෙවෙයි නේද කෙල්ල වෙන්න යනවා කියන්නේ.හිතේ තිබුණු රූපය වෙනස් වෙච්ච නිසා නේද?

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. අන්න හරි. ගයනි කොලු කාලේ හින්දා කෙල්ලොම තමයි හොයන්නේ

      Delete
  3. Replies
    1. මචෝ මේක තමා කෝකටත් තෛලරාජයා.. හෙක් හෙක්..

      Delete
  4. චැහ්.. දැන් ඉතින් බලා හිටුකෝ..

    ReplyDelete
  5. අඩෝ තෝව මරණවා අපිව බාගෙට කුලප්පු කරලා නවත්තන එකට

    ReplyDelete
    Replies
    1. මට හිතුනා තෝ ඔහොම කියාවිය කියල... හැක්...

      Delete
  6. හොන්ඩා 350 නේද..? හි හි...

    හරි හරි...

    ReplyDelete
    Replies
    1. කතාව මැද නවත්තනකොට මුගේ හොන්ඩාජුලොවන්ඩ හිතෙනවා නේද

      Delete
    2. මට නම් ඇත්තටම එහෙම කරන්න හිතුනේ නෑ නලීන් අයියේ.. හි හි

      Delete
    3. නලියට හයියෙන් හූ.......

      Delete
    4. @ හිරු, හොන්ඩා සීබිඉසඩ් බං.. මට මතක නෑ. ඊයේ තමා උගෙන් අහගත්තේ නම ඇයි අපේ මහත්තයටත් එකක් තියෙනවැයි...

      Delete
  7. ඉතුරු ටිකත් බලලම ඉන්නම්කෝ. මොකටද ගාගන්නෙ?

    ReplyDelete
    Replies
    1. උම ඉතිං කස්ටයා නේ.. හැක්...

      Delete
  8. සුරංගය මේ බයික් එක පැදලද අර බයික් එක ගත්තේ... :P

    ReplyDelete
    Replies
    1. බොට තේරුනා එහෙනං..

      Delete
  9. ඇඩෝව් ඇයි බොල නැවැත්තුවේ?

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ අහන්නේ...???? හැක්..

      Delete
    2. අමතක උනා..උඹල කුලප්පු නොකර මටත් කිසි ආතල් එකක් නෑ නෙව..

      Delete
  10. දැන් කවද්ද ඉතිරිය.....

    ReplyDelete
  11. ඉක්මනට ඉතිරි ටිකත්.

    ReplyDelete
    Replies
    1. අයියේ ඉස්මනට දුන්නා...

      Delete
  12. දැඩි විරෝධය හොදම හරියෙදි කතාව නැවැත්වීම පිළිබඳව.

    කතාව ගැන දළ අදහසක් හිතට එනවා. බලමුකො.....

    ReplyDelete
    Replies
    1. අපිත් ජීවත් වෙන්ට එපායැ වෙද මහත්තයෝ.. කොමර්ෂල් බ්‍රේක් එකක්.. හක් හක් හා

      Delete
  13. නරියත් කිව්වලු මිදී තිත්තයි කියලා. මේවගේ දෙකයි පනහේ විදියට කතාවේ අර මෙව්වා එක වෙන්න යද්දීම නැවත්වීම ගැන මගේ බලවත් මෙව්වා එක

    ReplyDelete
    Replies
    1. උඹ නරියා බව ද කියන්නේ බං... දැං බොට පට්ටම අමතක වෙලා වගේ. ගෝරනාඩු කොරන්නේ නැත්තේ.. හැක්.

      Delete
  14. හොඳ වෙලාවට පහුවෙලා ආවෙ.. ඊලඟ එකත් කියවතෑකි

    ReplyDelete
    Replies
    1. එහෙනං පරක්කු වෙන එකෙත් හොද තියෙනවා නේ..

      Delete
  15. අදයි බන් කියවන්න වෙලාවක් ලබුනේ . . හරි මේක කියෙව්වා ඕන්

    ReplyDelete
    Replies
    1. තැන්කුයි වේවා දුකා...

      Delete