Sunday, May 17, 2015

ශ්වේත වර්ණ දේදුන්නක්.. (පාට් වන්)

“හලෝ“

“කොහේද බං ඉන්නේ. කී පාරක් කෝල් කරාද?“

“මම පොඩි ගමනක් යනවා. කකුල වෙව්ලන්න ගත්තේ දැං. ඉතිං ඉස්සුවා.. හැක්“

“ඒක නෙමෙයි බං.. අද වැඩක් කරල දියංකො හවසට.. ප්ලීස්“

“මොකක්ද උඹත් එක්ක නිදාගන්නද?“

“පල යන්න නරි හොටා.. තෝ වගේ හරකෙක් එක්ක නිදි වදින්න වල් සතෙක්වත් කැමති වෙන්නෑ.. ඒක නෙමෙයි බං.. වැඩේ කරල දෙනවද? ප්ලීස් ප්ලීස්“

“හරි හරි.. මොකක්ද වැඩේ“

“බලාහංකෝ.. කම්පියුටර් එක ඔන් වෙන්නෑ නේ.. ලෝඩින් වින්ඩෝස් තමා පැය ගාණක්.“

“සිස්ටම් සොෆ්ට්වෙයා ක්‍රැක් වෙලා ඇති“

“මං දන්න ඉලව්වක් නෑ. අනේ පැටියෝ පැයකට ඇවිත් පලයං. උදේ අපේ අම්මත් මතක් කරා සඳුන් පුතා ටික දවසකින් ආවේ නෑ කියලා.. එනවා නේ.. මං බලං ඉන්නවා හොදේ.. බායි.. හවස තුනට ෂුවර් ආ.. එච්චරයි. බායි... අනේ එන්න ඕන හොදේ... ප්ලීස්.. ඔයාට මං සස කෑමක් හදල තියන්නං.. එන්න හොදේ.. මගේ චූටි බබා නේ.. ප්ලීස්.. එහෙනං බායි“

“අපොයි තමුසෙගේ බටර්.. බායි“

එරන්දි හා සඳුන් දෙදෙනා එකම කාර්යාලයක වෙනත් අංශ දෙකක සේවය කළ ලිපිකාරිණියක හා පරිගණක පද්ධති විශ්ලේෂකයකු වෙති. දැන් ඉතා කුළුපග මිතුරන් දෙදෙනෙකු ලෙසින් කතා බහ කලද, එරන්දි සේවයට පැමිණි දා පටන් සඳුන්ගේ වචනයක් තමන් අරභයාම ඔහුගේ මුවින් පිටවූයේ සේවයට පැමිණ වසරකුත් ඉක්ම ගිය පසුය. නොයෙකුත් පරිගණක දෝෂයන් ඇති උන විටදී අංශ ප්‍රධානීන් නිතැතින්ම සඳුන් ගේ සේවය ලබා ගන්නා හෙයින් කාර්යාල වල බොහෝ දෙනෙකු ගේ සමීපතමයෙකු ලෙස සඳුන් හැදින්වීමට හැක. එහෙත් එරන්දි හා ඔහු කිසිදු දවසක සිනහවක් හෝ විසි කර නොමැත්තේ දෙදෙනාම ඉතා ආසන්න ප්‍රෙද්ශ දෙකක පදිංචි කරුවන්ව සිටියදීය. රැකියා ස්ථානය සැතපුම් 100 කට වඩා වැඩි වුවද, ගමේ කමට හෝ මේ ආඩම්බරකාරයා තමා හා සිනා වෙනු ඇතැයි එරන්දි උදක්ම බලාපොරොත්තු වූවාය. කාර්යාලයට පැමිණි විට අනෙකුත් සියලු ලදුන්ගේ මන දොළ පිනවන වදන් කියා සිනහ ගස්වන ඔහු, තමා කිසිදු ආකාරයකින් නොතැකීම පිළිබදව එරන්දිගේ සිතු තුල තිබුනේ කුතුහලය හා මුසු වූ දැඩි කෝපයකි. එහෙයින් ඇයද එකට එක කිරීමක් ලෙස සිනහ වීමට හෝ ඔහුගේ මුහුණ බැලීමට කිසිදු දිනක ප්‍රථමයා නොවීය.

සති අන්තය සදහා සිකුරාදා දිනයේ බස් රථයක් හෝ දුම්රියක් සොයා දෙදෙනාම වෙන් වෙන්ම කාර්යාලයෙන් ඉගිලුනද, එරන්දි හෝ සඳුන් එකම බසයක හෝ එකම දුම්රිය මැදිරියක ගමන් ගත් දිනයක් නිර්මාණය වී නොතිබුනි. එහෙත් යම් දිනෙක ඉතා හදිසි රාජකාරියක් හේතුවෙන් නියමිත වේලාවට කාර්යාලයෙන් නික්මී කොළඹ කොටුවට ගොස් ආසනයක් ගත හැකි බසයකට ගොඩ වීමට එරන්දිට හැකියාවක් නොලැබිණි. ප්‍රමාද වී කාර්යාලයෙන් පිට වූ ඇය කොටුවේ සිට පැමිණෙන බසයකට අත දමා එයට ගොඩ වූවාය. එහෙත් පසු පස දොරින් ඇතුලු වීමටවත් ඉඩකඩක් නොතිබුන බස් රථයේ ඇය සිටියේ ඉතා අපහසුවෙනි. කෙසේ හෝ තිරිංග පහරවල්, තල්ලූ කිරීම්, කොන්දොස්තරගේ කන්කරච්චල් හේතුවෙන් ඇයට බලෙන් හෝ බස් රථයේ ඇතුලට යාමට සිදු විය. ඒ මේ අත තෙරපෙමින් ආසන දෙකක යකඩ අත් දඩු අල්ලා ගත් ඇය ආසන්තම ආසනය දෙස නෙත් යොමද්දී ඇයගේ ඇස් විසල් විය. නිදිකිරමින් ඔරලෝසු බට්ටෙකු මෙන් හෙමිහිට පැද්දෙමින් සිටි මහා ආඩම්බරකාරයා අසලම ආසනය ළගම ඇය නැවතී ඇති බවක් දුටුවෙන් බසයෙන් පැණ දිවීමට තරම් සිතක් ඇයට විය. මොන මොහොතක හෝ මේ ආඩම්බරකාරයා නැගිට තමා දුටුවහොත් ඔහුගේ හපුටු මුහුණ දැකීමට සිදු වීමම අවාසනාවක් ලෙස ඇය සැලකුවාය. එසේ හෙයින් යම් තම් හෝ තෙරපමින් ඉන් ඉදිරියට යාමට හෝ අනික් පැත්ත හැරීමට ඇයගත් සියලු උත්සාහයන් ව්‍යර්ත විය. බස් රථයේ පැද්දීමට ඔරොත්තු දෙමින් මහා කරදරකාරයාගේ ඇගෙහි අංශුවක් නොගෑවි සිටීම ඇයගේ එකම අදිටන විය. අහෝ... කිලෝමීටර් විසි පහක් තිහක් පමණ ගිය තැන මේ ආඩම්බරකාරයා අවදිව තම ජංගම දුරකතනය ඔබන්නට විය. දැන් දැන් තමාව දකිතැයි එරන්දි සිතුවද, ආඩම්බරකාරයා අසල අසුනේ වාඩි වී සිටි තලතුනා කාන්තාව දෙස හෝ ඇස් ඇර නොබැලීමෙන්ම ගමේ ආඩම්බරකාරයාගේ තරම ඇයට සිහි විය. මෙතැනින් පලා යන්න අවස්ථාවක් සැලසුනහොත් ඊට සරිලන ලෙස අපායට යාමට පවා ඇයගේ සිත් දැඩිව පැවතිනි. මෙවැනි ඔලුව උදුම්මාගත් පුද්ගලයන් දෑසට දැකීමද ඇයට පිළිකුලකි.


කුමන මොහොතක තමා දෙස ඔහු බලාවිදැයි සැකයෙන් සිටිනා එරන්දිගේ ඇස් නිතරම ඔහු දිහාවට යොමු විය. විනාඩියක් පාසා සඳුන් දෙස බලන ඇය තව තවත් සැගවෙන්නට උත්සාහ ගනියි. බස් රථයකදී කිසිවෙකු හෝ තමා දෙස බලා සිටින්නේයැයි යන හැගීමක් බොහෝ අයට ඇති වන්නේ ඇයි දැයි නොදන්නේ වුවද, දිගින් දිගටම අසල සිටින යමෙකු තමා ගැන අවධානය යොමු කරයි නම් එය අනෙක් පුද්ගලයාට දැනීමෙ සම්භාවිතාව ඉතා ඉහලය. ඒ හැගීමෙන්ම සඳුන් එක වරම තමා අසල සිටගෙන සිටින්නේ කව්ද යන්න ගැන හිස ඔසවා බැලීය. ඒ එක් බැලීමෙන්ම ඇයගේ නෙත් හා ගැටුනු ඔහුගේ නෙත් සැනෙකින් බිමට පාත් විය. නිදහසේ බස් රථයට ගොඩ වූ තමාට වුයේ මොන විජ්ජුම්බරයක් දැයි සඳුන් කල්පනා කරන්නට විය. කාර්යාලයේ සිටින තමා නොරුස්සනම අයෙකු ගෙන් එකියක ලෙස හදුනා ගෙන සිටි කෙනෙකු තමා අසලට වී සිටින්නේය. ඊටත් වඩා තව කොපමණ දුරක් මේ දුතිකාව තමා අසල සිටීදැයි ඔහු සහසුද්දෙන්ම දැන සිටියේය. සිකුරාදා දිනයක් වූ අද ගමනින් හතරෙන් තුනක් ගත වූවද සිටගෙන සිටින කිසිම අයෙකුට ආසනයක් නොලැබෙන බව ඒකාන්තය. එහෙත් එරන්දි වැනි තම ගමට ආසන්න කෙනෙකුම තමා මෙතරම් නොසලකා සිටින බව සිතීමම ඔහුට වදයක් විය. එරන්දිගේ ආඩම්බරකම ඕනවට වඩා වැඩි ග්‍රාම්‍ය එකක් ලෙස ඔහු සිතුවේ කලකට පෙරදීමය. ඒ හේතුවෙන්ම ඇයගෙ සිනහවක් හෝ බැලීමක් ලැබීමට ප්‍රථම කිසිම අයුරකින් තමා ප්‍රථමයා නොවීමට සඳුන් සිතා සිටියේය.


සඳුන්ට හිස ඔසවා බැලිය නොහැකි වුවද ඇයගේ ශරිරාංගයන් තමාට වම් පසින් විටින් විට දෝලනය වනුත්, ආසනයේ සීමාව දැන විටින් විට ඇයගේ ශරීරය ඉදරිපස හා තම ආසනයේ වදිනුත් ඔහු බලා සිටියේය. කිටි කිටියේ සිර වී ඇති බස් රථයේ සිටගෙන සිටින විට ඇති වන අපහසුතාවය ඔහු හොදින්ම දන්නා නිසා මේ දෝලනයක් ශරීරයට ඉමහත් දුකක් බව දැන සිටියේය. එහෙත්.... සඳුදා වැඩට යාමෙන් පසුව එරන්දි මේ ගැන අනෙක් අයට පැවසුවහොත්, තමන් ගැහැණියක වූ එරන්දිට ආසනය ටිකකට හෝ නොදී හැතැප්ම සියයක් පමණ පහසුවෙන් වාඩි වී සිටිය බව දැනගතහොත්, උරචක්‍රමාල වැනි තමාගේ හිතෛශිවන්තියන් තමාට දෝස්මුර තබනු ඇතැයි ඔහුට එක් වරම සිහි විය. “අපොයි සඳුන් මල්ලි. උඹ පිරිමියෙක්“ දැයි තඩි මහත නන්දනී අක්කා විමසුනු ඇත. “හැබෑට ඔයැයිට එරන්දි ගැන දුක හිතුනේ නැත්දැයි“ කටකාර ෂෙහාරා අසන බව ඒකාන්තය. “කැත වැඩේ හොදේ. අපේ එරන්දිට සීට් එකෙන් කෑල්ලක්වත් දීල නෑ ඔයා.. හරි නරකයි“ යනුවෙන් අහිංසක ප්‍රමුදි පවසන බව සඳුන්ට ඒකාන්තය. එසේ හෙයින් පාඩුවේ වාඩි වී යාමට වඩා, ටිකකට හෝ ආසනය මේ කරදරකාරියට පිදීම යහපත් බව ඔහුට හැගිනි. එහෙත් කෙසේ එය එරන්දිට පැවසිය යුතුදැයි ඔහු විපිලිසර විය. පුරුෂ ශක්තිය ඉහලට ඔසවා කුමන අයුරකින් හෝ ආසනය පූජා කිරීම සිදු කළ යුතු බවත් ඊට අවැසි අවසන් අවස්ථාව උදා වී ඇති බවත් රතු ලේ ගමන් කරන ඔහුගේ මොළයට සංඥා පිට සංඥා නිකුත් කරන්නට විය. එක් වරම ආසනයෙන් නැගිට සිටි සඳුන් අභිනයෙන් එරන්දිට අසුන් ගන්නා ලෙස සැල කල සිටියේය. එහෙත් කිසිවක් නොදුටු අයුරකින් එරන්දි යන්තමින් අහක බලා සිටි කල, තවත් යක්ෂ සේනාවක්ම දත් විලිස්සමින් තමා ගේ ආසනය ඩැහැ ගැනීමට කැස කවන බව දැකීමෙන් ඔහු භීතියට පත් විය. වෙන කළ හැකි දෙයක් නොවූ ඔහු, තම දකුණතින් ඇයගේ වම් අතට සිහින් තට්ටුවක් දමා නැවත අභිනයෙන් ආරාධනාව කලේය. මෙවර නම් කෙටි සිනහවක් පා ඇය ආසනය කරා පැමිණි හෙයින් සඳුන්ටද කෙටි සිනහව ඉක්මවූ සිනහවක් නැගිනි. ඊට ප්‍රතිපලයක් ලෙස හෘදයාංගම සිනහවක් පා ඇය “තැන්ක්ස්“ යනුවෙන් ස්තුතු කොට ආසනයේ වාඩි විය. අති ප්‍රභල ද්වන්ධ යුද්ධයක් අවසන් වීයැයි යන පැහැදිලි හැගීමෙන් සඳුන් හුස්ම ගන්නට විය. ආරම්භය එලෙස විය. එහෙත් දිනෙන් දින සිනහව අතු ඉතිලා වැඩී කතා ගසක් වැවී මහා විශාල වෘක්ෂයක් විය. අවසන ඉතා සමීපතම මිතුරන් දෙදෙනෙකු ලෙසින් සඳුන් හා එරන්දි මිත්‍රෙයා් වූහ. එය පිරිමි - ගැහැණු ඉක්මවා ගිය ගැහැණු - පිරිමි ඉක්මවා ගිය කොලු මිත්‍රත්වයක්ම විය. දෙදෙනාම සති අන්තයේ එකටම බස් රථයේ හෝ දුමිරියේ ගමන් කළ අතර, එක් අයෙකුට කොටුවට යා නොහැකි නම් දෙදෙනාම කාර්යාලය අසලින් බස් රථයට ගොඩ විය. කල් යෑමේදී සඳුන්, එරන්දිගේ නිවසේ සමීපතමයෙකු වූ අතර, එය ඉතා දැඩි මිත්‍රත්වයක් බව එරන්දිගේ නිවසේ සැවම දැන සිටියහ.


“හා මේ සඳුන් පුතානේ.. එන්න එන්න.. දුවා. මෙන්න සඳුන් පුතා ඇවිත්... ඉතිං හුග දවසකින් නේ ආවේ. දැං වැඩිය ගමේ එන්නේ නැද්ද?“

“නෑ ඇන්ටි.. එනවා ඒත් නිවාඩු දවස් දෙකේ එක එක වැඩ“

“අපේ දුවා කිව්වා දැං පුතාගේ වෙඩින් එක ලගයි කියලා. අපිටත් කියනවා නේද? හිකිස්“

“හැක් හැක්.. අපෝ තව මාස දෙකකට වැඩිය තියෙනවා ඇන්ටි. ඇන්ටිට කිව්වත් අර මෝඩි ට නං කියන්නෑ“

“ඇයි ඒ... අපේ දුවා ඇත්තටම කව්රුවත් එක්ක වැඩිය කතා කරන්නේ.. ඔයා වගේ හොද ලමයෙක් යාලුවෙක් උනාම, එයා නිකං වක්කඩ කැඩුවා වගේ කියවනවා ඇති නේද?“

“අපොයි ඔව්.. බස් එකේ කොළඹ ඉදල එනකම්ම කච කචේ.. මුලු ඔපිස් එකේම සතියේ ස්ටෝරිය බහින්න කලින් කියනවා“

“අනේ මේ යනවා යන්න.. අනිත් දවසේ මම බස් එකේ නිදාගන්නවා. බහින තැනදි ඇහැරවන්න ආ.. අම්මා මෙයා කියන ඒවට අහු වෙන්න එපා.. මෙයත් මේ කොල්ල වගේ හිටියට ඕපදුප අහද්දී නං හරියට.... එක්කෝ ඕන නෑ“

“මේ ළමයෝ හැම වෙලේම ඔය කට කැඩිච්චි කතා කියන එක නතර කරනවා. දැං සඳුන් පුතා ආවේ කොම්පීටර් එක හදාගන්න නේ.. යන්න ගිහින් ඒක හදාගන්න.. ආ.. මේ.. දුවා.. මම යනවා මාර්කැට් එකට.. සඳුන් පුතාට තේ එකක් හදල දෙන්න හොදද? මම යනවා පුතා“

අම්මා යන තෙක් සිටි එරන්දි ඇස් ලොකු කොට දිව ඇද සඳන්ට විසුළු පාන්නට විය.

“තමුසෙ නං පල් මෝඩියෙක් ඕයි“

“තමුසේ. ඕයි.. මං කියල තියෙනවා නේ මට ඔය වචන දෙක අප්පිරියයි කියලා.. ගහෙන් බැහැල කතා කරනවකෝ.. ඔය මහ ලොකු සඳුන් මහත්තයගේ ගෙවල් පැත්තේ බාසාව වෙන්ටැති නේ“

“අනේ බම්පු ගහගන්නවා ඕයි.. මට ඕන එක  නේ මම කියන්නේ“

“ඔන්න ඉතිං ආයි ගහට නැග්ගා. අනේ මේ...ප්ලීස්. ඕයි බෝයි ගාන එක නවත්න්නකෝ.. මට ඇහෙන කොටත් නිකං කව්රු හරි තරහෙන් මට බනිනවා වගේ ඇහෙන්නේ. අනේ මන්දා ඔයාට තේරෙන්නෑ නේ.. එදා බස් එකෙත් ඔියි ගාන කොට අර එහා පැත්තේ හිටිය මනුස්සයා ඔයාට එරෙව්වා මතකද? හැදෙනවකෝ හලෝ ඕව දැකලවත්‘

“හරි හරි මැඩම්. දැං ඉතිං යං ආපු වැඩේ කරල මට ඉක්මනට මාරු වෙන්න ඕන..“

“ඇයි ගර්ල් ප්‍රෙන්ඩ් කිව්වට මෙහෙ වැඩි වෙලා ඉන්න එපා කියලා.. හිකිස්“

“එයාට කිව්ව නං එන්න දෙන්නෙත් නෑ.. මොකද චැටර් බොක්ස් එක කන පුරවල එවන නිසා ඕපදූප“

“ඇත්තට මං ඕප දුප කියන එකක්යැ.. මං නිකං මේ හැමදේම කියන්නේ මට ඕවාබොරුවට හිතේ තියාගෙන ඉදල වැඩක් නැති නිසා“

“එහෙනං ඉතිං මොකටෙයි ඔය ඔක්කෝම මගේ කනට පුරවන්නේ“

“අනේ සුදෝ. ඉතිං ඔයා විතරයි නේ ඒවා අහගෙන හුං හුං ගගා වත් ඉන්නේ.. හි හි“

“සිහ්.. අර තරහකාරයෝ වගේ හිටියනං මේ කිසි කරදරයක් නෑ නේ.. පුදුම වදයක් අප්පා තියෙන්නේ..“

“අනේ යනවා මෝඩයා යන්න..යං යං කාමරේට“

සාලය පසු කොට මද දුරක් යන විට හමුවන පැසේජය දිගේ යද්දී හමු වන දකුණු පසට වන්නට ඇති කාමරය එරන්දිගේය. වම් පසට වන්නට ඇති කාමරය එරන්දිගේ මල්ලීගේ වන අතර, අම්මා සිටින්නේ මුළුතැන්ගෙයට අල්ලා ඇති කාමරයේය. විවෘත විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාවක් හදාරණ මල්ලි ගෙදර සිටින්නේ එහෙමත් දවසකය. කෙසේ වූවත් රාත්‍රියේදී ඇඳ තනි නොකිරීම ඔහුගේ පුරුද්දකි.


“ඔන්න ඕන් කරා..“

“ඉතිං මේ ලෝඩ් වෙන්නේ“

“බලං හිටු.. බලං හිටු“

“ඇත්ත තමා. තමුසේ.. වැරදුනා හලෝ මේක කෑවද.. සිස්ටම් ක්‍රැක් වෙලා සුවර් එකටම“

“මං මොකටද ඕවා කන්නේ.. අච්චර කන්න දේවල් ගෙදර තියෙද්දී.. ඒක නෙමෙයි අනේ හදාලා දෙන්න පුලුවන්ද“

“වෙලාවට මං පෙන් එක ගෙනාවා.. හිතලම... දැං ඉතිං සිස්ටම් එක ආයි රිඉන්සිටෝල් කරන්න වෙනවා. හපෝ පැයක් දෙකක් යනවා ඉතිං“

“දවසක් ගියත් කමක් නෑ හදල දෙන්න. හොද ලමය නේ“

“පෙන් එක දෙන්නං.. ඔයා කරගන්න“

“ඕන්න ඉතිං ආයි පන්ඩිතයා වෙන්න හදනවා.. මෝඩයා. හිකිස්“

“හරි හරි.. දැං තමු..සොරි සොරි ඕයි.. ගහන්න එපා හලෝ ඔලුවට... ඔක්කෝම තියෙන්නේ ඔලුවේ නේන්නං. “

“නෑ අං ඇවිල්ලද කියලයි බැලුවේ.. අඩේ බං.. මේ ඇත්තටම දැං කොන්ඩේ ඉදෙන්න අරන් නේ.. මෙන්න බලන්න මෙතන ගස් දෙකක්ම සුදු වෙලා.. ගලවල දාන්නද“

“කෝ බලන්න.. ඌයි.. හෙමින් අදිනවා මෝඩයෝ.. ඌයි.. දෙකම ගැලෙව්වද?? අප්පට සිරි... කොන්ඩ ගස් දෙකම ඉදිලා... මම දැක්කේ නෑනේ.. තැන්කුයි හලෝ..තව නැ්දද ඉදිච්චි ඒවා...නෑ.... එහෙනං කමක් නෑ.. හරි... මේක කොපි කරගන්නකං පැය බාගයක් විතර යාවි. අර අම්ම කිව්ව තේ එක හදන් එන්න.. මට තිබහයි“

“පැය භාගයක් යනවද? එහෙනං මම ටාර් ගාලා නාගෙන තේ එකත් හදාගෙනම එන්නං.. කමක් නෑ.. ද... තනියම ඉන්න බය නෑ නේ ඔය ළමයා. කව්රු හරි දොරට තට්ටු කරොත් සද්ද නැතිව හිටිං හරිය.. හික්ස්“


“කමක් නෑ...“

එරන්දි තම උරයට තට්ටුවකුත් දමමින්, සුජාතා අත්තනායකගේ ගීතයක් මුමුණමින්ද කාමරෙයන් දිව යනු සඳුන්ට දැනින. එසේ වන්නේ ඔහු තම ඇස් දෙක පරිගණක තිරය දිහාටම පමණක් යොමු කරගෙන සිටි නිසාය. ගිගා බයිට් ගණනක දත්තයන් සමුහයක්, පරිගණකයේ දෘඩ තැටියට ගබඩා වෙන තුරු ඔහු නිල් තිරයේ ප්‍රතිශතය ගනින්නට විය. ඒ අතර රතු පැහැති කැරගෙන පුටුවේ සිට හෙමිහිට දෙපැත්තට පැද්දෙමින් කාමරය පුරා ඇස් යොමන්නට ඔහු අමතක නොකලේය. කාමරයේ බිත්ති මත පෝස්ටර් දෙකක් අලවා ඇත. එකක් කළු හා සුදු මිශ්‍රිත බුදු රුවකි. අනෙක වෛර්ණ වූ කුඩා දරුවෙකුගේ සිනහ වෙන පින්තූරයකි. හරියටම පුටුව පිටුපසින් ඇඳ තිබෙන අතර, ඇදට එපිටින් ඇදුම් රාක්කය තබා තිබිණි. පරිගණක මේසයේ පැත්තකට වන්නට ඇති පොත් රාක්කය, එරන්දිගේ විවිධ පොත්, හැන්ඩ් බෑගය හා කොළඹ සිට එන විට ගෙන එන ඇදුම් මල්ල තැබීමට සකස් කර තිබෙන එකක්ම බව පෙනීමෙන් සඳුන්ට සිනහ පහල විය. “මේකි ට නං අම්මප පිස්සු.. අර ඇදුං මල්ල ඇද යට තියන්න බැරියැ...“


89 comments:

  1. හොඳ පොටකට එන කතාවක ලකුණු තියෙනවා. ඒත් දැන්ම කළබල වෙන්න හොඳ නෑ. තාම පාට් වන් නේ. ඔහොම වලිපිට ඉඳලා සැට්වෙන අයගෙ ටයි එක බොහොම තදයි කියනවානෙ. ඇර දේසා ඇර!

    ReplyDelete
    Replies
    1. ඇර ඇර කියල ඒකත් ලිව්වා. ඔය මිත්‍රයන් අතර ඇති වන බැදීම් පහු කරලා සෙට් වෙන අය, විවාහයෙන් පස්සේ තරමක් තේරුම් ගැනීමේ ශක්තිය අඩු කරගන්නවා..

      Delete
  2. ඉවර නෑ නේද බං.ආයෙ කියවල වැරදි හදපන්.

    ReplyDelete
    Replies
    1. පාස් වර්ඩ් එක දෙන්නං බොට බැරිද ඒවා හදල දෙන්න. මට කම්බිලියි බං.. හැක්..

      Delete
  3. අරයා නාලා එන කැල්ල තියෙන්නේ කීවෙනි කොටසේ විතරද මචෝ ......... ????

    ReplyDelete
    Replies
    1. හැක්...ඉන්න බැරිද එතකං...

      Delete
    2. ඒ කොටස ඉක්මනට දාපිය...
      මතක් කරලා කොට තුවායක් අන්දලා එවපන්

      Delete
    3. ඊළග කොටසේ තමා මැලයෝ..

      Delete
  4. හ්ම්.................මේ වගේ කොම්පියුටර් හදන්න යාම, කිරිමේල් එකකින් ඉවරවෙන, මහා භයා.................නෙක පුණ්‍ය කර්මයකි.

    ReplyDelete
    Replies
    1. සමහර කම්පියුටර් නං කවදාවත් හදන්න බෑ.

      Delete
  5. උඹ හැමොගෙම බලාපොරොත්තු කඩලා නොහිතන අවසානයක් දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

    ජය !!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා... හැක්

      Delete
  6. උඹ හැමොගෙම බලාපොරොත්තු කඩලා නොහිතන අවසානයක් දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

    ජය !!

    ReplyDelete
    Replies
    1. වැඩිය බොන්න එපා.

      Delete
    2. මට නෙමේ යකෝ.. ෆෝන් එකටයි වෙරි...

      Delete
  7. උදේට එන්නං.
    yela'''

    ReplyDelete
    Replies
    1. ඔය කෙල්ලො කොම්පියුටර් ගත්තාම කොල්ලන්ට මාර කරදරේ.
      වින්ඩෝස් සීඩී එකක් දාල ෆෝමැටි කරල ඇරියනං හරිනෙ.
      දැං උඹත් කෙල්ල නාල තේ හදාගෙන එනකල් බලා ඉන්නෙ නැතුව මේක‍ෙ ඉතුරු ටික ඉක්මනට දාහං.

      කවුද බං අර උඩ ෆොටෝ එකේ ඉන්න කොන්ක්‍රීට් බාස.

      Delete
    2. තේ එක ලැබෙයිද?? හැක්..

      ඒ පිස්සු හාදයගේ පොටෝ එක නිසා හැමදාම මට කරදර..

      Delete
  8. ඇත්තමයි බං මට මතක් උනේ අපේ නිමෝ ව !!

    ReplyDelete
    Replies
    1. පත්තරයෝ.. ඒ හේතුවනං උඹ කියනන් ඕන..

      Delete
  9. අම්මෝ ඇති යාන්තම් ලියන්න හිතුනා ....අනිකත් ඉක්මනින් දාපිය ශ්වේත වර්ණ කරලියේ ඉඳන් .

    ඉඩෝරයේ නගර කොනේ අයිපල් සීමාවේ
    ඔබව පෙනේ
    ප්‍රංශ යුවතියන් හදේ කොන අරන්
    ලිලී මල් සුලන් මීදුමෙන් වහන්
    මායවී පායාවී පමාවී මායවී පායාවී පමාවී
    ප්‍රෑන්ක් මිටි ගණන් යුරෝපේ ඉඳන්
    හම්බ කරන මගෙ කර පිටින්
    යන්න එනව නම් ඇයිද නෙතු පියන්
    යන්න එනව නම් ඇයිද නෙතු පියන්
    බලා නොයින් තවත් කල් අරන්
    ඉඩෝරයේ නගර කොනේ..............
    රයින් ගඟ කොනින්
    පෙම් හසුන් අරන්
    යන්න එන්න මොකක්දෝ හෙයින්
    කියන නෙතු පියන් අහනවද ඉතින්
    කියන නෙතු පියන් අහනවද ඉතින්
    ශ්වේත වර්ණ කරලියේ ඉඳන්
    ඉඩෝරයේ නගර කොනේ............//

    ගායනය - අමල් පෙරේරා
    පද රචනය - රුවන් නන්දික
    සංගීතය - කසුන් කල්හාර

    ReplyDelete
    Replies
    1. ශ්වේත වර්ණ දේදුන්නක් නං හොයාගන්න නැතිව ඇති නේද බං.. හැක්

      Delete
  10. Replies
    1. අප්පට බොල මකලා..

      Delete
  11. අයිසෙ මටත් ඔය වගේ කෝල් එකක් ආවනෙ කැඩිච්ච කොම්පියුටරයක් හදල දෙන්න කියල.
    මට ඒක හදන්නනම් බැරිඋනා, ඒ උනාට පෙට්ටිය කඩල දාල ආව (කැඩිච්ච් පෙට්ටියක්)

    ReplyDelete
    Replies
    1. අයිසෙ පයිසෙයක්වත් වටින්නැති හුංගොත්තෙක්

      Delete
    2. යට අයිසේ වෙන අයිසේ කෙනෙක්ද නැත්නං මේ අයිසෙල දෙන්නම වෙන අයිසෙලද?? හැක්.. අනේ බොලා හදන කම්පීතර්.. හැක්..

      Delete
  12. අප්පේ කාලෙකින් දේශකතුමා වැඩ අල්ලලා. නියමයි. ඉතුරු කොටසත් ඉක්මනට දාන්න.
    ජය වේවා!!!

    ReplyDelete
  13. මට දාන්න තියෙන්නේ උඹ මට දාන කොමෙන්ට් එකමයි..

    ReplyDelete
    Replies
    1. හා මචං.. (අයිතිය කාගෙද දන්නෑ) හැක්

      Delete
  14. කථාවෙ අාරම්භ හොඳයි..හිතට ඇල්ලුවා...ඉස්සර අපිත් කෙල්ලන්ගෙ ගෙවල් වල ගියාම උන්ගෙ අම්මලා ඔහොම මාර්කට් ගියා නම්.....

    ReplyDelete
    Replies
    1. //ඉස්සර අපිත් කෙල්ලන්ගෙ ගෙවල් වල ගියාම උන්ගෙ අම්මලා ඔහොම මාර්කට් ගියා නම්.....//

      එහෙනම් අයියෙ උඹ අද මෙතන කමෙන්ට් කරන්නෙ නෑ. නැන්දම්මටයි දුවටයි උයන්න පිහන්න කළමනා ගේන්න උඹ පන්මල්ල අරන් මාර්කට් යනව තාම.

      Delete
    2. සමහර විට මූව බලන්න වැලිකඩ විසිට් එකක් දාන්න වෙන්නත් තිබුණ.

      Delete
    3. බොලාට කියන්න මම 7 වගේ ඉද්දි අහල පහල ගෙදරක කෙල්ලෙක් ජම්බු ගහට නැගලා ජම්බු කඩද්දි මම ගහ යට ඉදන් ඒවා අැල්ලුවා උඩ බලාන...ඒකිගෙ අම්මා ‍ආවේශ වෙලා වගේ කඩා පැන්නා එක පාරටම...// ඈ බොල...ගහයට කොල්ලෙක් ඉද්දි තෝ මොකට ගස් බඩ ගෑවද...// අන්න එහෙමයි ඇහුවෙ..මම අතට අහුවුන ජම්බුවක් දෙකක් අරගෙන හෙමින් මාරු උනා..

      Delete
    4. සිරාට ඇප නුලකුත් බැන්දලු..
      ඒ පොඩි කාලේ බය තවම ඇරිලා නෑ..ගොරකා ගෙඩියක් දැක්කත් දාඩිය දාලා ගැහිලා ගැහිලා කලන්තේ දාලා බිම ඇදගෙන වැටෙනවා. කෝකටත් හනිමුන් දවසට ඇද කාමරේ මැද්දට අල්ලලා තියමු..මුට ඇද වටේ දුවන්න.

      Delete
    5. සිරා.. එහෙම යන්නැත්තේ උඹලගේ හැංගුන යක්ෂයා ඒ මිනිස්සුන්ට හොද හැටි පේන නිසා. ඔව් ඉදගෙන..

      Delete
  15. ටිකක් පළපුරුද්දෙන් ලියන කතාවක් වගෙයි. හිතට ඇල්ලුවා . බලමු ඉතිරි ටිකත්

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. පලපුරුද්ද නැති මොකුත්ම නෑ බලං ගියාම

      Delete
  16. කොම්පීටරේ ලෙඩ එන්ඩ එන්ඩ වැඩිවෙයන්.. නැත්නම් මේ ගොන් දේශාව ලිවිල්ලකට අල්ලගන්න අමාරුනේ.. හැක්.. @ ලෙඩේ සුව කරනකම් ඇඟිලි ගනිමින්..

    ReplyDelete
    Replies
    1. හැබෑට බං මට දැං ලියන්න කම්මැලියි නේ. අපේ සරතා වගේ ඔය මොකක් හරි කියවල හුං කියල යන්න තමා කැමති..

      Delete
  17. පාට් වන් කෑල්ල දැක්කම මම මේ කියවනවද නැද්ද කියල හිත හිත කියෙව්වෙ, දැන් මගේ පිළිවෙලට බ්ලොග් කියවිල්ලයි උඹේ පිළිවෙලට ලියවිල්ලයි නිසා පාට් ටූ එක කවද දකියිද කියල හිතල.

    ඒක නෙවි බං, මම මේ කල්පනා කරේ උදේ ඉඳල කෝල් කරල කරල වෙලාවක් කියල අර යකාව ගෙන්නගෙන හරියටම ඌ ආවට පස්සෙ කෙල්ල නාන්න ගියේ මොකද කියල. හැක්...

    බස් එකේ මනෝ යුද්ධෙ කෑල්ල නම් මගේ හිතට ඇල්ලුවා ටිකක් වැඩිපුර. මමත් ඉස්සර ඔහොමයි බං, අලි පුකෙන් ඉන්නෙ. (තාමත් එහෙමද මන්ද) මාත් එක්ක කතාකරපු එකෙක් එක්ක විතරයි මමත් කතාකරන්නෙ. පස්සෙ කාලෙක හුඟක් හිතවත් වුණු සමහරුන්ව මම මුලින් මුලින් හිතලම ගනන් නොගෙන ඉඳලත් තියෙනව. :)

    අර සුජීව ප්‍රසන්නආරච්චි එහෙම මේක දැක්කනම් උඹේ පාට් ටූ නැතුවත් පොර මේ ටික අදියි රබර් එකක් වගේ පොතක් පුරවලම. ඒ තරමටම කතාවෙ මුල ටික මල් මල්කතාවක්. :) හොඳයි, ඉතුරු ටිකත් ඉක්මනට දාහන්කො, මතක තියාගෙන ඉඳලම එන්නම් කියවන්න.

    ReplyDelete
    Replies
    1. මං පිළීවෙලකට පාට් ටූ දැම්මා..

      උම නිකමටවත් සුජීවට කියනන් එපා. මොකද මිනිහා මට දවසක් බැන්නා. හැක්..

      වෙල්කම් බෑක් මදුරු නාසකයා. කාලෙකින්..

      Delete
  18. හෙහ් හෙහ් කෙල්ල නාල එයි. අරූ අපුරුවට කොම්පියුටරේ හදල දීලා යයි. මූ ලියන ඒවායේ තියෙන්නේ අන්න ඒ විදියේ බොහොම අපුරු හැදිච්ච කොල්ලෝ කෙල්ලෝ ඉන්න වැදගත් කතා නේ

    අඩෝ අපිත් ඔහොම ගිහින් කොම්පුටර් හදපු කොල්ලෝ හරි ද :D

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. නැහැදිච්චි කොල්ලෝ අපේ ගාව නෑ..

      Delete
  19. හොද කතාවක පෙර නිමිති..

    ReplyDelete
  20. අපූරු කතාවක් දේශකයෝ...කියවලා ඉවර වෙනකල් තේරුනෙත් නෑ. අමුතුම විදියේ ආදර සම්බන්ධයක් නැත්නම් අසම්මත පෙම් කතාවක් ලියවීගෙන යනවා වගේ කියලා දැනෙනවා...:D

    ReplyDelete
    Replies
    1. හරිද වැරදිද කියල ඉතිං පාට් ටූ බලන්න මැණිකේ..

      Delete
  21. බලමු බලමු ඊලඟ එකත් කියවලම කියන්නං අදහස්.
    කාලෙකට පස්සෙ අලු ගසාදාපු එකත් මදෑ!

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත.. බං.. වස කම්මැලියි ලියන්න..

      Delete
  22. ඊගාව කොටස අද හවසටවත් දාහංකෝ...

    ReplyDelete
    Replies
    1. එච්චර හදිසිසියක් නෑනේ. ඕං අද හවස දැම්මා. හැක්

      Delete
  23. ඉක්මනට අනික් කොටහ දානව... දේශකයත් මරු කතාවක් ලියන්නෙ..

    ReplyDelete
    Replies
    1. දානවා මේ දානවා තුමියනි...

      Delete
  24. අන්න හොඳයි.. පොඩ්ඩිගෙ කතාව ඉවර වෙලා කාලයක් ගියා. හැබැයි පු‍තෝ කම්මැලි නැතිව ලියන්න වෙයි,. නැත්නං ඉතිං

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං පොඩඩිගේ කතාව අයියේ..

      Delete
  25. හම්මේ ඉතිම් නේ දේශා ඉස් බැක්
    කියන්නද නැත්ද කිවල කම්පනා කොලේ
    කුප්ප
    අවසානයක් නොදකීවයි පාර්තනා කරනව

    ඔව් ඉදගෙන

    ReplyDelete
    Replies
    1. පාට් ටූ බලා ඔබගේ පොරොන්දම පරික්ෂා කරගන්න..

      Delete
  26. නොදමකින් නතර කරපු තැන.

    ReplyDelete
    Replies
    1. නෙද්දකින් කියන එක අහලම තිත්ත වෙලා බං තියෙන්නේ.. හැක්

      Delete
  27. ඇයි බං මට මේක නිල් පාට කොටු කොටු වැටිච්ච එකක් විදිහටම පේන්නේ?දෙවනි කොටසින් කොටු ටික අයින් කරපන්කෝ.උඹව මරාගන කනවා.

    ReplyDelete
    Replies
    1. සරම ඔලුවේ ඔතාගෙන බලපන් එතකොට කොටු අයින් වෙලා නියම කෑලි පෙනෙවා

      Delete
    2. උඹට මොකක් හරි පාට අප්සැට් එකක් කසුට්ටා. පාට මාරු කරල කරලම දිය වෙලා ඇති උමගේ ඇස්..

      Delete
  28. වා..තු..ර... නා.....ලා.......
    වතුර නාලා.. තෙත කොණ්ඩෙ කඩා..ලා.....
    දේදුන්න හෙන වේගෙන් කැරකෙන්න ඇති... නැත්තං සුදුපාට වෙයි ද?

    ReplyDelete
  29. තේ එක හදල දීල නාන්න යන්න තිබුනනේ.ටාර් ගාල එන්නම් කිව්වට පැයක් වත් යයි නාල එන්න.

    ReplyDelete
    Replies
    1. කෙල්ලගෙ පිට අතුල්ලන්න ඔය මෙන්ඩව වත් යවමු ගල් කාලක් අමුවෙන් ගස්සලා....හැක්

      Delete
    2. උම්මා..උම්මා මෙන්න යාලුවෝ...

      Delete
    3. තේ එක නං ලැබෙයිද දන්නැතෝ..

      Delete
  30. මචං පාට් වන් කියන්නේ ටූ ඒකත් දායි කියලා නේද??????? උඹට අමතක වෙයි කියලා මතක් කරේ...

    ReplyDelete
    Replies
    1. මතක් කිරීමට බෝම ස්තුතියි. මරණීය තර්ජන ආවා. පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. පොලොසියෙන් කිව්වා. පොරොන්දුව ඉස්ට කරන්න කියලා.. හැක්

      Delete
  31. ඉතුරු ටිකත් ඉක්මනටම ලිව්වා නම් තමයි හොඳ

    ReplyDelete
    Replies
    1. එහෙමයි තුමියනි. ලියල අහවර කරා..

      Delete
  32. පට්ට... මරු කතාව දෙශ්... ඉක්මනට ඉතුරු ටිකත් දාන්ඩො

    ReplyDelete
    Replies
    1. මේ ඔයැයිටත් ඒ පාර පට්ට බෝ උනාද?? හැක්. දැම්මා දැම්මා

      Delete
  33. කෝ යකෝ පාට් ටු
    අරකි තවම නානවද?

    ReplyDelete
    Replies
    1. දැම්මා යකෝ.. නිරුවත් කොලු පැටියා..

      Delete
  34. කම්පියුටර් පවා සාහිත්‍යට අවතීර්ණ වෙනවා. හොඳ ලකුණක්

    ReplyDelete
    Replies
    1. වෙල්කම් ටු මයි බ්ලොග්... තැන්කුයි අදහස් දැක්වීමට

      Delete
  35. හිතවතුනි...


    වෙන වෙනම උත්තර පසුව දෙන්නං.. තරහ වෙන්ට එපා.. පාට් ටූ බලන්න.. දැං දානවා

    ReplyDelete
    Replies
    1. මේ ඔයා මොනා හරි කිව්වද??? හැක්

      Delete
  36. හම්මේ ඇති යන්තම් මෙහෙමවත් එකක් ලියන්න හිතුනා..

    ReplyDelete
    Replies
    1. හම්මේ... උඹල ලියන්නෙත් නෑ අපි ලියන්නේත් නෑ. ගහනවා පියර්සින් එකක් දිවේ..

      Delete
  37. මතක ඇතුව පිච්චමල් සුවඳ වගේ සබං ජාතියක් ගාවපං. ඉන් පස්සේ වතුර බින්දු ටිකක් ඉතුරු කරපං මූණෙයි උරහිස් වලයි. කිව්වත් වගේ ටවල් එකක්ම පටලවලා එවහං.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. එව්ව කරන්න වෙලාවක් නෑ අපිට.. මොකෑ දැං උඹට ලියන්න හිත් දෙන්නෙම නැත්තේ.. මයේ දෙයියෝ. උඹ නැති මේ ලොව හරිම පාලුයි බං..

      Delete