Saturday, April 26, 2014

මඟුල් දා මරණය!!

කඩිමුඩියේ එහේ මෙහේ දිවයන මිනිසුන්ගෙන් ගෙය සහ මිදුල පිරී ඇත. ඔවුන් සැම දෙනාම කිසියම් වැඩක ඉතා උනන්දුවෙන් නිරත වන්නා සේය. එකෙකු තීන්න ගෑවුනු ඇඳුම් ඇද පින්සල්ද, තීන්ත බාල්දිද අතදරා සිටිති. තවෙකෙකු, උදැල්ලෙන් මිදුල පිළිවෙළට සකසමින් සිටිති. ගෙයි ඇතුලේ බවලත් ඇත්තන්ද ලහිලහියේ වැඩ කටයුතු කරන අයුරක් දිස්වේ. කුස්සිය දෙසින් දුම්රොටු නැගීම එකාකාරයෙන්ම සිදු වන අතර, ඊට තරමක් එපිටට වන්නට විශාල දර කොට ප්‍රමාණයක් අව්වේ වේලෙන්නට දමා ඇත. මිදුල පුරා තැනින් තැන ගෝනි පඩංගු තබා ඒ මත තුනපහ වර්ග වේලෙන්නට තබා ඇති අතර, ඒවා විටින් විට කව්රුන් හෝ පැමිණ අතින් පෙරලා දමන්නේය.

තවත් දින තුනකින් පසුව එළැඹෙන දිනයේ සුභ මුහුර්තියෙන් විශාකගේ අයියා මනමාලයෙක් වී නිවසට පැමිණෙන්නේය ඒ සදහා වන සියළු කටයුතු මේ වන විට කෙරෙමින් පවතින්නේ විශාකගේ අනුදැනුම මතය. නිවසට රැස් වූ ඥාතින්, මිතුරන් හා කුලී කරුවන් තමන්ට පවරනු ලබන ඕනෑම රාජකාරියක් ඉටු කිරීමේ පරම චේතනාවෙන් කටයුතු කරදිදී, ගෙයි පිටුපසට වන්නට ඇති කාමරෙයන් බෙරිහන් දීමක් ඇසේ.

“ඒයි.. ඒයි.. “

අපහසුවෙන් වේව්ලමින් නැගෙන මේ ශබ්දය දෙතුන් විටක් කාමරෙයන් පිට වූවද එය පිළිගැනීමට කිසිවෙකුත් සුදානම් නොමැති සේය. ඒ හේතුවෙන් නැවත නැවතත් ඒ දුබල කටහඩ මතුව එද්දී, තම ඉන දැවටි චීත්තයෙන් තම අත පිස දමමින් සිරියාවතී කාමරය දිහාවට පියවර තබන්නාය. මහ ගෙයට යාබදව නොවුනද, ඊට අඩි දෙක තුනක් පමණ වන ඈතින් පිහිටා ඇති මෙම කාමරය කාළයකට පෙර වී ගබඩාව ලෙස භාවිතා කළ ස්ටෝරු කාමරයයි. එහි කව්ළුවක් නොතිබුන බැවින් විශාක විසින් මෙයට මාස කිහිපයකට පෙර පරණ බිත්ති කඩා එහි අලුතෙන් කව්ලුවක් සකස් කර ඇතත්, කොස් ලීයෙන් කළ එම ජනෙල් පියන් පත් මේ වන තෙක් පොලිෂ් කිරීමට හෝ කටයුතු කර නොමැත. පලු දෙකක් වන්නට ඇති දොරෙහි උඩ පළුව ඉතා අබලන්ව පවතින අතර, පරණ සරනේරු වලින් යුත් එහි උඩ සරනේරුව වාරු නොමැති හෙයින් ඉතා පරිස්සමින් ඇරීම වැසීම කළ යුතුව ඇත.

කාමරයේ බිම තැනින් තැන කඩතොලු වී සුදු පැහැ ගැන්වී තිබුනද, එය කාලයකට පෙරදීය. දැන් එම කඩතොලු සියල්ල දුහුවිල්ලෙන් වැසී කළු පැහැගැන්වී ඇත. කාමරයේ දකුණු පස මුල්ලට වන්නට ලණු ඇද මත රබර් මෙට්ටයක් දමා ඒ මත කොහු මෙට්ටමක්ද දමා ඇත. කොහු මෙට්ටයට උඩින් රබර් සීට් එකක් දමා ඉන් අනතුරුවය ඇඳ රෙද්ද දමා ඇත්තේ. දෙදෙනෙකුට නිදත හැකි විශාල ඇදක් වූ එහි කොනකට වන්නට ඉතා කෘෂ අයෙකු වැතිර සිටී. විටින් විට පැත්තට හැරෙමින් කෙදිරි ගාමින් සිටින ඔහු වරින් වර පැත්තට හැරීමේදී ඔහුගේ පිට ප්‍රෙද්ශය පුරා තැනින් තැන තුවාල වී ඇති බව දැකිය හැක.

“මොකෝ මේ බෙරිහන් දෙන්නේ.. වදේ“

“මමමම..මට ව..තුර ඩිංගක් පොඩි නෝ...නෝ“

“ඕකටද ඔය ගිරිය කඩන් බෙරිහන් දුන්නේ... ආ.. බොනවා ඉතිං“

සිරියලතා ඇද අසළ වූ ටීපෝව මතින් වතුර අඩක් වූ වීදුරුව ගෙන ඔහුට දෙන විට ඉතා අමරුවෙන් වැලමිටි දෙක මෙට්ටයට තෙරපමින් නැගීටීමට තැත් කරයි. මෙට්ටයෙන් ඉහලට එසවී ඇති අත් දෙක දැඩි ලෙස වෙව්ලමින් ඔහු වාරුව ගනී. දෙපැත්තට වැනෙන බට්ටෙකු මෙන් ඔහුගේ දකුණත, සිරියලතා දිගු කළ වතුර වීදුරුව මග හරිමින් කිහිප විටක් චලනය වූ පසුව තම අතින් ඔහුගේ අත අල්ලා ඒ මත වීදුරුව තබන්නට සිරියලතා කටයුතු කළාය. වීදුරුව දැඩිව අල්ලා ගත් දුර්වල අත, අනෙක් අත ගෙන සවියක් වීමට කටයුතු කළද වීදුරුව බදා ගත් අත් දෙකම දැඩි ලෙස වෙව්ලන්නට විය. එහෙයින් වීදුරුව මුව වෙත ලං කර ගැනීම වෙනුවෙන් ඔහුට මහත් වීර්යයක් ගැනීමට සිදු විය. මුව වෙත වීදුරුව කිට්ටු කරද්දී, බෙල්ලද තරමක් දිගු කොට වීදුරුව ග්‍රහණය කර ගැනීමට තැත් කිරීමෙන් මහන්සියට පත් ඔහුගේ මුහුණද වැරෙන් වැනෙන්නට විය. තව තවත් වීදුරුව ග්‍රහණය කරන්නට තැත් කොට වීදුරුවට මුව තබන්නට ඔහු සමත් විය. එයින් මහන්සියට පත් ඔහුගේ දුරුවල මුවෙහි තොල්බරුද වේව්ලන්නට වීමෙන් තොල් මත තිබු වේවිලන වීදුරුවෙන් වතුරු ඉහිරෙන්නට විය. එහෙත් වතුර බීමේ පිපාසාවෙන් සිටි ඔහු ඉතා අපහසුවෙන් වතුර බිංදු කිහිපයකින් තොල තෙමා ගනිද්දී වීදුරුවේ වූ වතුර අහවර විය. අහවර වූ වතුර වීදුරුව නැවත ටීපෝව මත තැබූ සිරියලතා ඇස් බැල්මකින් හෝ තොරව නැවත කාමරයෙන් පිට වූයේ විදිලි වේගයෙනි.

සවස් වරුව වන විට බොහෝ අය නිවසින් පිටවී ගොස්ය. සාලයේ වාඩි වී අඩි හයේ පිත්තල පහන ගඩොල් කුඩු හා දෙහි ඉස්ම යොදා පිරිසිදු කරන විශාක අසල සිරියලතා වාඩි වී සිටින්නේ එම දෙහි හා ගඩොල් කුඩු ම යොදාගනිමින් කුඩා පිත්තල පහන පිරිසිදු කරමිනි.

“පුතේ.. සීයා නං මහ කරදරයක්.. විනාඩියෙන් විනාඩියට කෑ ගහනවා නෙව“

“මොනා කරන්නද අම්මා.. එළවන්නයැ.. එකතැන් උන මනුස්සයා“

“අපි සීයව පොඩි මාමාලයි ගෙදරවත් නවත්තමුද මගුලට කලින් දවසේ. නැත්නං ඒ වැඩ ටික හරියට කරගන්න බැරි වෙනවා සිකුරුයි“

“ඒත් කව්ද අම්මේ එහේ සීයව බලාගන්න ඉන්නේ. එදාට ඔක්කෝම මෙහේනේ“

“අපිට බැරිය ඔය පැයකට හමාරකට සැරයක් ගිහිල්ල වතුර ඩිංගක් පොවල මොනව හරි කවල එන්න. අනික ඕක මහ දුරක්යැ.“

“මම දන්නෑ අම්මේ.. මම නං හිතුවෙ කුස්සිය පස්සෙන් ටෙන්ට් රෙද්දක් ගහල දවල් කාලේ සීයව එතන තියන්න.. එතකොට කෑ ගැහුවත් ඇහෙන්නෑ නේ“

“අපෝ පුතේ.. දුං වැදිල ඔය මනුස්සය මැරිල යාවි.. හුස්ම ගන්නත් අමාරු එකේ“

“අපි කුස්සිය පැත්තෙන් රෙද්දක් දාලා දුං නොඑන විදියට වහල දාමු“

“හ්ම්.. කමක් නෑ මොකක් හරි කරමු.. අම්මපා මෙහෙමත් කරදර. නිවිහැනිහිල්ලේ මොකක් වත් කරගන්න බෑනේ මේ මනුස්සයා නිසා“

ඉන් පසුව වූ දින දෙකද සිරියාවතීගේ ඇනුම් බැනුම් අසමින් සීයා වතුර පානය කළේය. එහෙත් ඔහුගේ සාපිපාසාවේ අඩුවක් නම් නොවීය. විශාකගේ අනුදැනුම මත මගුල් දාට කලින් දා හැන්දැවේ කුස්සිය පිටුපසින් අගුවේ ටෙන්ට් රෙද්දක් ගැට ගසා කුස්සියෙන් එන දුම ආවරණය කිරීම සදහා තවත් රෙද්දක් කුස්සි බිත්තිය ආවරණය කරමින් ගැට ගසන ලදි. විශාකත් ඔහුගේ සහෝදරයන්ගෙත් අරමුණ වූයේ පසුදා උදෑසන වරුවේ සීයා ගේ ඇද රැගෙන ගොස් එහි තබා සීයාද එහිම තබන්නටය. ඉන් පසුව මංගල උත්සවය සීරුවට ඉටු කර ගත හැකි බවට ඔවුන් විශ්වාස කරති.

මගුල් දා උදෑසන අවදිව විශාක මුලින්ම කරන්නට සිතුවේ සීයා ගේ කර්තව්‍යයයි. අඩවන් කර ඇති දොරෙන් සීයාගේ කාමරයට ඇතුල් වූ විශාක නිදි යහනේ වූ සීයා ඔසවා ගනිද්දී, ඔහු පසු පසින් සිටි සතර දෙනෙකු සීයාගේ ඇඳ ඩැහැගෙන ගොස් තබන්නට සුදානම් ව සිටී. හිරිකිතයෙන් සීයා ඔසවා ගත් විශාක හට සීයාගේ සිරුර සීතල වී ඇති අයුරුත්, අත පය දරදඩු වී ඇති අයුරැත් දැනී වහාම නැවත සීයා ඇද මත තබා පරික්ෂා කලේය.

ඇද ඔසවාගෙන යාමට පැමිණි සතර දෙනා ඒ බරින් තමා නිදහස් වූ බව දැන සෙමින් සීරුවේ සීයාගේ කාමරයෙන් පිටවූයේ නිදහස් කුරුල්ලන් සේය.

127 comments:

  1. මෙක තමයි අද සමාජෙ ඇත්තම තත්වේ. කණගාටුවට කරුණක් මනුස්සකම් පිරිහි යාම. දෙමව්පියන්ගේ අඩුව වටිනා කම ඔවුන් ජිවත්ව ඉන්න කාලේදි වටහාගෙන ආදරෙන් බලාගන්න පුලුවන්නම් අවසානෙදි පසුතැවිලි වෙන්න වේන්නේ නැ...

    ReplyDelete
    Replies
    1. ඔව්නේ... තරගයෙන් පීඩාවත් පත් මිනිසුන්...

      Delete
  2. හොද කෙටිකතාවක්...දරුවෝ දෙමවුපියන්ව වයසට ගියාම ආදරෙන් රැකබලාගන්න ඕනේ කියලා තරුණ වයස් වලදී ලොකු තීරණ ගත්තට ඒවා කාලයත් එක්ක අපිටත් නොදනිම වෙනස් වෙනවා.. පවතින සමාජ ක්‍රමයත් එක්ක එදිනෙදා ජිවත් වෙන්න කරන අරගලෙත් එක්ක මේ කතාවේ වෙලා තියෙන දේ ඇතුලේ පුදුමයක් නැහැ... මේවට සමාජේ දැහැමි වියයුතුයි ,,මිනිසුන්ගේ ගුණදම් නගසිටුවිය යුතුයි කියලා පුරසාරම් කීවට වැඩක් නැහැ. මුළු රටේම යම් ක්‍රමයක් සකස් වෙන්න ඕනේ හැම පුද්ගලයෙක්ගේම ජීවිතය වෙනුවෙන්.වයසට ගියාම දරුවන් එක්ක රැදෙමින් එයාලට අමතර බරක් වෙන්නේ නැතිවෙන්න තමන්ගේ තරුණ කාලෙම ආයෝජනයක් ඇතිකරගන්න ඕනේ. කාකා ගේ පෝස්ට් එකක මේ ගැන හොද විස්තරයක් තිබ්බා ..

    ReplyDelete
    Replies
    1. මටත් මතකයි කකාගේ එක.. .තැන්කුයි

      Delete
  3. ඔච්චර දුක් නොවිද මැරෙන්න තියේ නම් එකත් වසනාවක් තමයි.මේ මනුෂ්‍ය කායිකව විතරක් නොවේ මානසිකවත් දුක් විදලා නොවැ...:)

    ReplyDelete
  4. මේ අසරණ සීය එතකොට සිරියලතාගෙ පියාණන් වෙන්නැති. ඉතින් මේ අසරණ දරුවො යවන්න වෙනම අපායක් මේ දවස්වල හදාගෙන යනවලු.

    කොහොම උනත් මේ අසරණ අහිංසකය මෙහෙම හරි ඉක්මනට අවසන් ගමන් ගිය එක හොඳයි, මේ වගේ පාපතරයන්ගෙ දුක් උහුලනවට වඩා.

    හොඳ කෙටිකතාවක් දේශකයාණෙනි.

    ReplyDelete
    Replies
    1. හපොයි බං මේවා අති සාමාන්‍ය දේවල්...

      Delete
  5. දෙපැත්තක් තියනවා.බහුතරය දරුවොන්ට ආදරෙන් සලක්පු දෙමව්පියො එකතැන් වෙනවා..දරුවො ළඟ..බොහොම සාමාන්‍යයි..කොටසක් ආදරෙන් සලකනවා කොටසක් ඉතිං අවුල් !!

    දෙක..කරන්න ති‍යන තිස් දෙකම කරලා දරුවො ගැන ඉන්නවද මලාද නොබලපු සමහරු පරණ සෙල්ලං බැරුව රිජෙක්ට් උනාම දරුවන්ගෙ ගෙවල් වල අවසාන කාලෙ ඇවිත් සැතපෙනවා .. අන්න නොසැලකුවම දරුවො පලි....අනේ $කේ

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත පත්තර මල්ලී . .

      Delete
    2. පත්තරේගෙ කතාව ඇත්ත. "ඇත්ත පත්තරේ".
      මමත් බ්ලොගක් ලියනව වෙලව ඇතොත් ගොඩවෙලා යන්න.
      elapataha.blogspot.com

      Delete
    3. ඉළ පතේ ,
      අනිවාර්‍යෙන්ම ගොඩවෙනවා මචං දිගටම..ඉළපතෙන් සලකන්ඩ එපා ආවම :D

      Delete
    4. පත්‍ර බ්‍රදර්ගේ කතාවේ ඇත්තක් තියෙනවා. ළමයි හදලා ..ඒ පවුලම අතහැරලා ගිහින් වයසට ගිහින් චොර වුනාම ඒ පොඩිපුතාගේ ගෙදර ඉස්සරහ බස් හෝල්ට් එකට ඇවිත් හිඟා කාපු තාත්තා කෙනෙක් මම දන්නවා. එහෙම බුවාලත් ඉන්නවා බන්.

      Delete
    5. අරූ අයියේ අපේ වයිෆ්ලගේ ගෙවල් ළඟ මනුස්සයෙක්ටත් ඔහොම උනා..තාත්ත කියල පුදුම වදයක් ළමයින්ට දුන්නේ.ළමයි තනියම දියුනු උනා.කඩවල් දාල ටවුන් එකේ .තාත්ත හිඟා කෑව අන්තිමට ඒ ටවුමෙම..පුතාල ළඟින් යනවා වාහනේ..ළමයි ඇහැක් ඇරලා බැලුවෙ නෑ බං,, ළමයි සැලකුවෙ නෑ කියල මිනිස්සු දොස් කිව්වා. කෑම ටිකක්වත් දීල සැලකුවනං හොඳයි..ඒත් නොදුන්නා කියල මුකුත් කියන්ඩත් දිව නැමෙන් නෑ බං.

      Delete
    6. ඇත්ත පත්තරේ.. උඹ කියන දේ ඇත්ත...

      Delete
  6. ෂැහ් නියම දේශනයක් නෙව, ...........................

    ඇත්තට ම අගෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුරුට්ටෝ...

      Delete
  7. ඇත්තටම දැන්නම් මගෙත් අදහස, අපි දරුවන්ට සැළකුවත් ඔහුන්ගෙන් පෙරලා සැළකුම් බලාපොරොත්තු නොවී අපෙ අවසාන කාලයට යමකුත් කර ගත යුතුයි.

    ඒ වගේම දරුවො වශයෙන් දෙමාපියන්ට අපිට හැකි තාක් සැළකිය යුතුයි.

    කතාව මරු දේශො,

    ReplyDelete
    Replies
    1. //අපි දරුවන්ට සැළකුවත් ඔහුන්ගෙන් පෙරලා සැළකුම් බලාපොරොත්තු නොවී අපෙ අවසාන කාලයට යමකුත් කර ගත යුතුයි.// ඒකනම් සහතික ඇත්ත බන් :)

      Delete
    2. ඔව් බං සසිඳු උඹල වගේ ළමයි හැදුවම ඔහොම තමා කරගන්න වෙන්නෙ කොහොමත් !!

      Delete
    3. පත්ත්රේගේ කොමෙන්ට් එකට ලයික්

      Delete
    4. ඔව් සසිඳුවාට එටිසලාට් ඩේටා සිම් එකක් දැකපු ගමන් ලොවම අමතකයි

      Delete
    5. මොනවද මේ කතා..සසිඳුට කස්ටමර් කෙයා එකෙන් ලෙඩට දුකටත් බලනවලු !!!

      Delete
    6. සසිඳුත් කස්ටමර් කෙයා එකේ දුක සැප බලනවලු...

      Delete
    7. එහෙනං !!! මෙයා ෆ්‍රීලාන්සර් නේ ... දැං කෝල් ගන්නේ ඩේට සිම් වලින් .

      Delete
    8. උබල එක්ක බෑනෙ ඉතින් තාම එටිසලාට් කතාව ඉවර නෑ :D

      Delete
    9. දැං අපි මොකක් ගැනද කතා කරේ???

      Delete
  8. ‍දෙපාරක්ම කි‍යෙව්ව. ‍මේ ‍ඛේදවාචකය නං ආගන්තුක නෑ.

    1.ගබඩා කාමරයකින් ‍"ලෙඩ" සද්දයක් එනව. කවුරුවත් ගනංගන්‍නෙ නෑ. ලෙඩා‍ගෙ තත්‍වෙ ‍මොකද්ද කියල හිතාගන්න පුවවන් අර සර‍නේරු වල තත්ව‍යෙන්ම.
    2.ලණු ඇඳ සකසලා තියන විදිය - ඒ කියන්‍න‍නෙ ‍මෙට්ට කිහිපයක් දාල තියන ආකාරය, ‍එක්‍‍කෝ ‍‍මේව‍ගේ ලෙඩ්ඩුන්ට අයිති ‍වෙන්‍නෙ අනිත් උදවිය‍ගෙන් අයින් කරන ‍මෙට්ට නැත්තං පිරිසිදු කරන්නන්‍‍ගේ පහසුවට ‍ලෙඩා‍ගෙ අපහසුව සැලකිල්ලට ‍නොගැනීම.
    3.වතුර ටිකක් ‍බොන්න දරන උත්සාහයත් වතුර ‍ගෙනා තැනැත්තිය‍ගෙ ප්‍රතිචාරය

    ව‍ගේ තැන් අ‍ගේට ලියල තියනව

    ReplyDelete
    Replies
    1. අනිවා රාජ් ඒ තැන් තාත්විකව දැනුණා

      Delete
    2. ස්තුතියි රාජ් සහ ඔමා...

      Delete
  9. ලංකාවේ දේපල පිළිබඳ නීතිය සහ ආකල්ප සංශෝධනය කලා නම් හොඳින් හරි නරකින් හරි මේ ප්‍රශ්ණෙට විසඳුමක් ලැබෙයි කියලා මම හිතනවා. දෙමව්පියෝ දරුවන් ලඟ වැටිලා ඉඳීම වගේම ප්‍රශ්ණයක්, දෙමව්පියෝ ජීවිත කාලයක් මහන්සි වෙලා හදාගත්ත ගෙවල් දොරවල් වල අයිතිය දරුවන් නොමිලේම බලාපොරොත්තු වීම. මේ කතාවෙදි බිරිඳත් අනිත් පැත්තට යාමත් ප්‍රශ්ණයක්.

    ReplyDelete
    Replies
    1. උඹ කියන්නේ සිරියලතාද? සිරියලතාගේ තාත්තා තමා අර ලෙඩා...

      Delete
  10. පොදු අවුලක් තියනවා..
    කවදාවත් දෙමව්පියෝ තමන් ගැන හිතන් නෑ, හිතන්නේ දරුවන් ගැන..
    එ්ත් බහුතර දරුවෝ දෙමවිපියෝ ගැන හිතන්නෑ.. හිතන්න වෙන්නෑ..
    උත්තර නැති ප්‍රශ්ණයක්..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ජය වේවා විදානේ... උඹ කියන එක දිගටම යන අවුලක් තමා...

      Delete
  11. එහෙම දුක් විඳිනවට වඩා අවසන් ගමන් ගිය එක එක අතකට හොඳයි..

    කතාව හිතට හුඟක් දැනෙන විදිහට ලියලා තියෙනවා .. කාමරය විස්තර කරලා තිබුන විදිහ කතාවට හොඳ චිත්ත රූපයක් ගෙනාවා ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුශානි පැමිණ කියෙව්වාට...

      Delete
  12. සමාජ යථාර්තය බන්....නියම නිර්මානයක් :)

    ReplyDelete
    Replies
    1. හා කියපං දැං මේකෙ කියවෙන්නෙ මළ ගෙයක් ගැනද මඟුල් ගෙයක් ගැනද කියල උඹට තේරුනානං යථාර්තෙ ??
      යකෝ යථාර්තෙන් තමා සීය වට කරල හට් එක ගැහුවෙ..ඒක‍යි දුං ආවෙ නැත්තෙ.

      Delete
    2. යකෝ උබටත් හරකට වගේ තේරෙනවනෙ :D

      Delete
    3. හැක් හැක්.. පත්තරේ පත්තරේ.. උඹ වයින් බීලා මොලේ පලල් වෙලා බං...

      Delete
  13. දේශකයාට දැන් සාර්තක ලේඛකයෙක් කියලා කියන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. එහෙම කියල වැඩක් නෑ බං පිස්සොන්ට..

      Delete
  14. මඟුල් ගෙදරට ගෙනාව ඉතුරු අරක්කු ටික මළ ගෙදරට ගත්තෑකි .. ෂහ් .
    කොහෙද බං මළ ගෙදර තියෙන්නේ ?? අපි එන්නං දුක බෙදාගන්ඩ .!!!!

    ReplyDelete
    Replies
    1. යකෝ එතකොට මගුල ඉවරවෙනකල් මිනිය තියාගන්නෙ කොහෙද? :D

      Delete
    2. ඒ මනුස්සයට ගබඩා කාමරේම තව දවස් දෙකක් ඉන්ඩ කියනවා..ඔච්චරකල් උන්න වගේ..කන්ඩ බොන්ඩ දෙන්ඩ කියලෑ මොකෝ ??? නීඩ් බාගයක් මුලින්ම ගැස්සුවනං එම්බාම් ඕනත් නෑ !!

      Delete
    3. පැය දහයක් දොළහක් ඕක වහංගු කරන් හිටිය නං හරි.. මං කිව්වේ මරණේ..

      Delete
  15. තමන්ගෙ අම්මා තාත්තා වෙන්න ඕනි නෑ, ඕනම එක්තැන් උනු වයසක අසරණ කෙනෙක් දැක්කම හිත උණුවෙන්නෙ නැත්තන් ඒ හිත් ගල් හිත් කියනවා ඇරෙන්නෙ වෙන කියන්නෙ දෙයක් නෑ..

    ReplyDelete
    Replies
    1. අනිවා... මිනිස්සු සංවේදි තමන් ගැන විතරයි මේ කාලේ...

      Delete
  16. මේක අද සමාජයේ පොදු ඛේදවාචකයක්. මේ මාතෘකාව වෙනස් කළා නම් හොඳ යි හිතුණා. මොකද නැත්නම් මුල ටික කියවනකොට ම වෙන දේ තේරෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒත් මාත්රුකාව නිසා ප්‍රශ්නයක් ඇති වෙයි.. මගුල් දා මරණයද? මරණය දා මගුලද??

      Delete
  17. දිලිනි කියලා තියෙන්නෙ ඇත්ත. මාතෘකාව හන්දා කතාව කියවගෙන යනකොට වෙන දෙය කලින් තේරුණා.

    මිනිස්සුන්ට අන්තිමට වෙන්නේ මේ දේද කියලා හිතනකොට හැම දෙයක්ම එපාවෙනවා...

    කතාව හරිම තාත්විකයි. මේ වගේ දේවල් දැන් අහන්ට ලැබෙනවා වැඩී නේද දේශ්?

    ReplyDelete
    Replies
    1. අපොයි කොච්චර අහෙනවද පොඩ්ඩියේ....

      Delete
  18. මේක දැන් ගොඩක් තැන් වල දකින්න තියෙන ඛේදවාචකයක්.

    ReplyDelete
  19. පුතා වෙලා ඉඳලා තාත්තා වෙලා සියා වෙන්න කලින් මැරෙන එක තමයි වාසනාවන්තම ජිවිත අවසානයක් වෙන්නේ

    ReplyDelete
    Replies
    1. අපි ඒකට කැපවෙමු රාලේ.. උඹ ඩෙගා නැටුවා කියල ආරංචියි බලන්න බැරි උනා.

      Delete
  20. මළසේක ..කියෙව්වා,අ බැලුවා මොකක්ද මේ දාලා තියෙන මාතෘකාව කියලා , මං ඉස්සෙල්ලම දැක්කේ "මගුල්දා රමණය " වගේ .. කියෙව්වට පස්සේ ආපහු මාතුකාව බැලුවම තමයි හරි එක දැක්කේ

    ReplyDelete
    Replies
    1. වල් කමට මං පලිද ඩෝ... හැක්...

      Delete
  21. ඔය සීයා හොඳට සල්ලි තියෙන දේපල තාම කාටවත් ලියලා නැති කෙනෙක් වුනානම් .....?

    ReplyDelete
    Replies
    1. අපි යන තැනකට හරි පිනක් දහමක් කරගන්න එපැයි.. මං බලාගන්නවා මැරෙනකං.. මට මගේ තාත්තත් එකයි ඒ තාත්තත් එකයි.. ඕ යේස්

      Delete
    2. පත්තරය තමා පත්තරය :D

      Delete
    3. ඒත් මැරුණට පස්සේ මොකක්ද නිකං වැඩකට නැති පඩංගුවක් වගේ...

      Delete
  22. හැක් හැක් මෙක බොට හිනෙන් පෙනුනයි

    ReplyDelete
    Replies
    1. මට හීන පේන්නැති එකයි අරුමේ බං...

      Delete
  23. ඔබතුමා මගේ පැත්තේ ආවත් මේ මගේ පලවෙනි පැමිණීම වෙන්න ඇති, කියවපු පලවෙනි කතාවෙන්ම සිත් ගත්තා, මට අපේ සීයත් මතක් උනා ඇත්තටම, මටනං කියන්න කියෙන්නෙ ඔබතුමා වදින්න තියෙන තැන් වලට අපූරුවට ගහලා කියෙනවා කතාව අතරෙම , ඒත් සයිබරයේ ඉන්න හොද මිනිස්සු ට්ක ඇරුනම මේ වගේ එකක් වත් බලලා අම්මට තාත්තට සීයට ආච්චි අම්මට සලකන ඒ මිනිස්සුන්ගෙ වටිනාකම තේරැම් ගන්න කවුරු හරි ඉන්නවා නම් ඔබට එය සෑහෙන්න පිනක්, අපූරු කතාව ඇත්තමයි ගොඩක් සංවේදීයි තමන්ගේ අරමුණු හමුවේ යුතුකම් වගකීම් අමතක කරන සමාජයක් අතර ඔබගේ සයිබර් වෑයම අගය කරමි, සයිබරය හරහා ැප සැවොම පතන්නා වූ යහපත් ලොවට මේවන් ලිපි ආශිර්වාදයක්ම වේවි, ජය වේවා.

    ReplyDelete
    Replies
    1. හපොයි වෙල්කම් කියන්න අමතක උනා සොමි...ට

      Delete
  24. මේ ක්‍රමය ඉක්මනටම වෙනස් වෙයි. එහෙම වෙනස් කරන්න අපේ ජෙනරේෂන් එකවත් හිතට ගත්තොත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. මේ රැස් කර ගත් පින් බලයෙන් එසේ වන්නට සිත් පහල වේවා.. ආමෙන්..

      Delete
  25. පත්තර මල්ලී කිව්ව වගේ දෙපැත්තක් තියෙනවා වෙන්න පුලුවන්. ආදරෙන් උස්මහත් කරපු දරුවෝ නොසලකනවා වෙන්න පුලුවන්. අනිත් පැත්තෙන් පුලුවන් කාලේ දරුවන්ට ගෑනිට වද දීලා බැරි උනාම ඒ අයගේ සැලකුම් බලාපොරොත්තු වෙනවා වෙන්න පුලුවන්.

    මොකක් උනත් මම නම් කියන්නේ දෙමාපියන් තමන්ට පුලුවන් කාලේ ඉඳලා අනාගතේ විශ්‍රාම වයසෙදි දරුවන්ට කරදරයක් නොවෙන්න දරුවන්ගෙන් සැලකුම් නොගෙන ජීවත් වෙන්න ක්‍රමයක් හදාගන්න ඕන.

    එතකොට සැලකුම් ලැබුනොත් බෝනස් නොලැබුනොත් සාමාන්‍ය විදිහට ජීවත් වෙලා මැරිලා යනවා . . සිම්පල් ප්ලෑන්

    ReplyDelete
    Replies
    1. දුකා උඹෙන් කමෙන්ට් වැටෙනවා සෑහෙන කාලෙකට පස්සේ..හරිම සංතෝසයි බං .
      ඔය විදියට අන්තිම කාලේ ජීවත් වෙන්න ක්‍රමයක් හදාගන්නෙ කීයෙන් කී දෙනාද ??
      ඒ සල්ලි ටිකත් දරුවන්ගෙ දියුනුවටම එයාල යොදවනවා .. බොරු කියන්නෙ මොකටද මට එහෙම දුන්නා බං..

      Delete
    2. දෙමාපියෝ එහෙමයි බන් . . මගේ නැන්දම්මයි මාමන්ඩියිත් එහේයි. අපේ තාත්තා නම් පුලුවන් කාලෙත් බැරි කාලෙත් අපිට ම වදයක් වුනා සහ වෙනවා මිසක් . . ඒත් අම්මා නම් පුලුවන් කාලේ අපි වෙනුවෙන්ම කැපවුනු හින්දා අපි තුන්දෙනාම දරුවෝ විදිහට අපේ උපරිමයෙන් එයාලට යුතුකම් ඉෂ්ට කරනවා. මම ගෙයක් හදලා දීලා මාසේ ගානේ ජීවත්වෙන්න වියදම යවනවා නන්ගිත් අමතර වියදම් එහෙම දෙන ගමන් අක්කයි නන්ගියි දෙන්නම ඒ දෙනන්ට ලෙඩක් දුකක් හැදුනාම කිසි අඩුපාඩුවක් නොකර බලනවා. ඒත් අපි කොයි තරම් දරුවන් වෙනුවෙන් කලත් අනාගතේදි අපේ දරුවන්ට අපිට යුතුකම් ඉෂ්ඨ කරන්න පුලුවන් විදිහේ තත්වයක් ඇතිවෙන එකක් නෑ කියලා පේන්න තියෙන හින්දා අපේ රිටයර්මන්ට් එක වෙනුවෙන් යමක් කරන්න කියලා අපි ලබන මාසේ ඉඳන් වත් පටන් ගන්න ඉන්නේ . .

      Delete
    3. "දුකා උඹෙන් කමෙන්ට් වැටෙනවා සෑහෙන කාලෙකට පස්සේ..හරිම සංතෝසයි බං ."
      තැන්කූ පත්තර මල්ලී. . .පහුගිය කාලේ බ්ලොග් එකක් කියවන්න වත් නිදහසක් තිබ්බේ නෑ බන් . . දැන් ටිකක් ෆ්‍රී වේගන එනවා . . :D

      Delete
    4. අපේ දෙමව්පියන්ගේ කාලෙට වඩා අපේ ජීවිත කම්ප්ලිකේට් කියලා මට හිතෙනවා..අපි විහින් කරගෙනද මන්දා !! ඊළඟ පරම්පරාවට ඊට වඩා අමාරු වෙයි උඹ කිව්වා වගේ..ඉඳ හිට කෝල් එකක් දීල ගියාම දවසක් දෙකක් ඉඳලා අතටකීයක් හරි දීලා වැඳලා එන එකට වඩා යමක් කරගන්න අවංකවම බෑ.. නොකරත් තරහක් නැති උනත් යටි හිතින් එයාලට ඒක සතුටක් බව මං දන්නවා..

      ෆ්‍රී වේගෙන එනවානං උඹේ පෝස්ට් එකක් දෙකක් ළඟ නැමෙයි නේ :D

      Delete
    5. දුකා.. දැක්කම දුකද සතුටද මන්දා.. හැක්..

      Delete
  26. හැක්... නියම කතාව බොල.
    මම දන්න කීප තැනකුත් තිබුණ ඔය වගේ මැරෙන්න කිට්ටුවෙලා ඉන්න ලෙඩ්ඩු ඉන්න ගෙවල් වල මගුල් ගත්ත. මොනව උනත් ඉතිං ඒ වගේ තත්වයක් යටතෙ උනත් කෙරෙන්න ඕන ඒව කෙරෙන්න එපැයි.

    ReplyDelete
    Replies
    1. මැරෙන්න කිට්ටු ලෙඩෙක් දැකල තමා මේක ලිව්වේ.

      Delete
  27. මා හිතනවා මා සිටින වයස අනුව මේ කතාව දිහා බොහොම සංවේදීව බලන්න පුළුවන් කියලා. මමත් බිරිඳත් දෙන්නම හිතාගෙන ඉන්නේ කිසිම දවස දරුවන්ට කරදරයක් වන ආකාරයට අවුරුදු ගණන් ලෙඩ ඇඳන්වල නොසිට මහලු නිවාසයකට යන්නයි. හැබැයි මට සහතික කරලා එකක් කියන්න පුළුවන්. මගේ දරුවෝ අපි දෙදෙනා වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතයේ සියල්ල කැප කරන බව අපි දෙන්නම හොඳටම දන්නවා.

    ReplyDelete
    Replies
    1. දුවලාට දෙවෙනි නැති බෑණලා දෙන්නෙකුත් ඔබතුමාට ලැබේවා !!!

      Delete
    2. තම්පලා ගස් කපන්න තියෙනවා නම් අපිටත් කියන්න....

      Delete
    3. විචාට යහපතක්ම වේවා!

      Delete
  28. ලැක්චරයෝ.......උඹේ සාර්ථක කෙටිකතාවක් මගේ දැණුමේ හැටියට. මම රාජ් උඩින් කියපුදේට එකඟයි. ඒ සිදුවීම් අපූරුවට ලියලා තියෙනවා. විශේෂයෙන් ඇඳ ගැන ලියපු තැන. ඒ වගේ දේවල් දැකලා තියෙන නිසා හරියටම පිචැර් එකක් වගේ පෙනුනා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරූ... මට හිතුනේ තව විස්තර කරා මදි කියලයි..

      Delete
  29. අපේ කඩේ නඟාව බං මතක් උනේ... තාම අවුරුදු 20ක ඒ කෙල්ල ආතා ( අම්මගේ තාත්තා) වෙනුවෙන් නොකරන දෙයක් නෑ... කැන්සර් එකක් නිසා නැහුනා පහුගිය ටිකේ.. කියල වැඩක් නෑ.. ඒ ආතත් හප්පේ... එයාට එහෙමට තමන්ගෙ වැඩක් කරගන්න බැරි කමක් නෑ... ඒ උනාට හරි කැමතියි එයාට කිසි දෙයක් කරගන්න බෑ කියල පෙන්නන්න... ගෙයින් එළියෙ ටොයිලට් එකට යන්න බෑ කියල කුස්සියෙ දොර ළඟ චූ කරනවලු ගේ ඇතුලෙ.. ටොයිලට් එකට ගියාම වටේම ජරා කරනවලු.. රෑට දෙතුන් පාරක් වතුර ඉල්ලලා කෑ ගහනවලු... වතුර වීදුරුවක් එක්ක ළඟින් තියලා තිබ්බට ඒකවත් අරන් බොන්නෙ නෑ ලු... මේ ටිකේ බඩේ අමාරුවක් හැදිලා ආතා ඉස්පිරිතාලේ.. කෑම හදාගෙන ගියාම මස් නැතුව කන්න බෑ කිව්වලු.... ඒකා කිය කිය ඉන්නෙ බැරි වෙලා හරි අංශභාගෙවත් හැදුනොත් අහල පහල ඉන්න අයත් ඉවරයි කියල... ( ඔන්න කඩේට ආවම නං අපි ආතා තාම කොල්ලා වගේනෙ කියල පොඩ්ඩක් උස්සලා තිබ්බම දවස් ගානක් යනක් උදැල්ලත් අරන් පොල් ගස් වටේ සුද්ධ කරන්නත් යනවලු... හි හි)

    ReplyDelete
    Replies
    1. අනේ අම්මේ... ආතා මනමාලයා...

      Delete
  30. ////ඔන්න කඩේට ආවම නං අපි ආතා තාම කොල්ලා වගේනෙ කියල පොඩ්ඩක් උස්සලා තිබ්බම දවස් ගානක් යනක් උදැල්ලත් අරන් පොල් ගස් වටේ සුද්ධ කරන්නත් යනවලු..////

    අඩේ ඒ කෑල්ල නං මරු යකෝ !!!

    ReplyDelete
    Replies
    1. අනවශ්‍ය තැන් වල උත්තර දුන්නම වැඩක් නෑ.. (බීල ඉන්න වෙලාවට)

      Delete
  31. මේ කථාව සමාජ යථාර්තය! අපේ අවසානය කොහොම වෙයිද කියලා හිතනකොටත් බය හිතෙනවා දෙශ්. එක නිසා අත පය හයිය තියනකල් අපිට පුළුවන් තරම් පිං කරල ප්‍රාර්ථනා කරමු...!

    ReplyDelete
    Replies
    1. කාලෙකින් රීස්... ඔව් අපි එහෙමම හිතමු...

      Delete
  32. දෙමළ ෆිල්ම එකක් ගියා ගමම මඟුල් කද්දි වයසක සීයෙක් මැරෙන. කාටවත් නොකියා ඒක හංඟලා කට්ටිය මඟුල් කනවා. ඒක මතක් වුණා. .

    ReplyDelete
    Replies
    1. මම ඒක බලල නෙමෙයි බං මේක ලිව්වේ.. හැක්...

      Delete
  33. :( මනුස්සකම් කුණු කොල්ලෙට ගිය ලෝකයක්.. :(

    ReplyDelete
    Replies
    1. විකාර ලෝකයක් නේද??

      Delete
  34. දැන් හුඟක් තැන් වල වෙන්නේ ඕකනේ.. හුඟක් දෙනෙක්ට ඕක දැනෙන්නේ කරදරයක් විදිහට.. ඉතින් අවසානය මේ වගේ තමයි..

    ReplyDelete
    Replies
    1. ඔව් බං මේවා සාමාන්‍ය වැරදි ගානට ඇවිත් දැං... ගානක් වත් නෑ

      Delete
  35. දේශක යාApril 25, 2014 at 8:39 PM
    මට හිතුනොත් ගෑනිගේ අරගේ බුදු රුව පච්ච කොටල හරියට ර්‍ශ්‍ර මුඛය අතනම කොටනවා මට නිතරම පේන්න.. උසාවි යන්න වෙයිද?

    Reply
    Replies

    AnonymousApril 26, 2014 at 6:06 AM
    දේශකයා කුල්ටූර් වෙන්න ගිහින් ටිකක් දුර ගියා වැඩියි නේද ? ඔය වචන බොහොම අපහාසාත්මකයි... ආගමික නායකයෙකු ගැන කතා කරනකොට සංයමයක් තියෙන්න ඕනෙ.. ඔහේ මොන විදිහෙ කෙනෙක්ද කියල මේකෙන් පෙනෙනවා.. බුදු රුව පස්ස අපෙත්ත්ගෙ කොටලා ශ්‍රී මුඛය අධෝ මාර්ගයෙ කොටනවා කියන්නෙ බරපතල අපහාසයක්... ඔහෙ අයිති අනිත් අන්තයටයි ඒ අතින් ඔහෙගෙයි ඔය මනුස්සයට අර විදිහට සලකපු උන්ගෙයි වෙනසක් නෑ..


    Maathalan - Priyantha HewageApril 26, 2014 at 8:44 AM
    මටත් හිතෙන්නේ සැර වැඩියි වගේ. මොකෝ බුදු හාමුදුරුවොන්ට මේවට කරන්න දෙය්ක් නෑ නේ. නඩුකාරයෙක්ගේ පින්තූරයක් කොටහන්. කට එතනට දාලා..


    AnonymousApril 26, 2014 at 9:59 PM
    Deshakaya is trying to be too modest. :P Lol.


    ඉන්දික උපශාන්තApril 26, 2014 at 10:06 PM
    දේශකය රසට කතා ලියන නිස හැමෝම මූව උඩ දාන හින්දයි, බීල වැඩිවෙලා ස්නායු මැරිල හින්දයි දැන් ටිකක් විකාර කියවන්න අරන්වගේ!


    AnonymousApril 26, 2014 at 11:37 PM
    මට පෙනෙන්නෙ දේශකයගෙ කට පිහිටල තියෙන්නෙ පස්ස පැත්තෙ යටම තැන..එකයි ගඳ කතා ලියන්නෙ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. අපහාසය බුදුහාමුදරුවන්ටද උසාවි ගෙනියන අයටද කියලයි මම අහන්නේ.. අතට පපුවක පච්ච කොටන්න හොදනං ඇයි අනිත් තැන් වල නරක.. ඒක නිකං අර සාපේක්ෂව හිතන ස්ථානීය ප්‍රශ්නයක් වෙන්නේ ඇයි.. මම හිතන්නෑ පච්චේ කොටනවනං කොතන කෙටුවත් වැරදියි කියලා. කොටන්න හොද නැත්නං කොහේ කෙටුවත් වැරදී.. එහෙනං මොන එහෙකටද සොරි කියන්නේ.. මම වක්‍රව අදහස් කරේ සොරි කියපු උන්ව. හැබැයි බෞද්ධ පොත් පත් කියවල බෞද්ධයෙක් වෙච්චි මම කරපු අපහාසය බුදුන් උනත් ගනං ගන්න එකක් නෑ. මොකද මේකා හරියට බුදු දහමවත් නොදන්න එකෙක් කියල හිතල.. හැක්..

      Delete
    2. දේශා යකෝ ගහනවා කියලා ඔහොමත් කනට ගහනවද අම්මපා

      Delete
    3. කාටවත් සිත් රිදීමක් උනා නං සොරි වෙන්ට ඕනැ...

      Delete
  36. ඇද ඔසවාගෙන යාමට පැමිණි සතර දෙනා ඒ බරින් තමා නිදහස් වූ බව දැන සෙමින් සීරුවේ සීයාගේ කාමරයෙන් පිටවූයේ නිදහස් කුරුල්ලන් සේය.////

    අද කාලෙ ජීවත් වෙන සත්‍යම චෛතිසිකය ඔබ නියමෙටම හැඩගස්වල තියෙනව..
    අද හුගක් අය වැඩිහිටියන්ට සලකන්නෙ දඩේකින් බේරෙන්න වගේ

    ReplyDelete
    Replies
    1. දඩේකින් බේරෙන්න හරි මොනා හරි කරනවනං මදෑ බං. එහෙම වත් නෑනේ...

      Delete
  37. කියන්න දෙයක් නෑ දේශක මේ දෙවල් එදත් එහෙමයි අදත්,හෙටත් එහෙම වෙයි ...කතාව හොදයි

    ReplyDelete
  38. මාටිං වික්‍රමසිංහ තරම් නොවුනත් කේ.බී ජයතිලක උන්නැහැ වගේ දේශකයා අන්කල් දැන්.
    නිර්මාණ බොහොම අගෙයි.
    මෙව්වා ඔක්කොම එකතු කරලා පොතක් විදියට පල කොරොත් නරකද..?

    බොර දියක ඉඳුවර ගොඩ උනේ කාලෙකින් මේ පැත්තට ...
    අද ඉඳන් දිගටම එනවා.. :)

    ReplyDelete
    Replies
    1. කනාගාටුවෙන් උනත් කියන්න වෙනවා උඹ දාපු ප්‍රතිචාරය ඕනවට වැඩි.. අපහාසාත්මක එකක් කියලා...

      මම ටිකක් ගැට ගහාගෙන ලිව්ව පලියට අනිත් අයට අපහාස කරන එක නරකයි නේද බෙන්....

      Delete
  39. ඔය විදිහේ ඇත්ත කතාවක් මං දන්නවා. ඒ මනුස්සයාට දරුවෝ නෑ. අයියාගෙ පුතාට එයාගෙ ගේ සහ වත්ත ජීවිත බුක්තිය තියාගෙන ලිවුවා. අර යකා ගෑනිත් එක්ක ඒ ගෙයි පදිංචි වෙලා බාප්පාව ගරාජයට තල්ලු කලා. ඒ මනුස්සයා දුක් වින්දා අර වාතාශ්‍රයක් නැති ගරාජ් එකේ මැරෙනකල්.. කාමර හතරක් තිබ්බ ඒ ගෙයි හිටියෙ ගෑනියි මිනිහයි විතරයි ඔන්න මිනිස්සු දේශා..

    ReplyDelete
    Replies
    1. අන්න මිනිස්සු.. මාත් ඔය වගේ සිද්ධි දැකල තියෙනවා සරා..

      Delete
  40. හිතට දැනෙන්නම ලියලා...

    ReplyDelete
    Replies
    1. එහෙමද.. හා හා... හැක්

      Delete
  41. අම්මෝ මගේ නම් ප්‍රාර්ථනාව කවදාවත් එකතැන් වෙන්නනම් එපා කියලා

    ReplyDelete
    Replies
    1. මාත් කැමති එක පාර හබක් වෙන්න...

      Delete
  42. පවු බොල සීයා...මම ඉතිං සීයලගෙ ආදරය වැඩිකාලයක් විදින්න වාසනාවන්ත වෙච්ච එකෙක් නොවන නිසා සීය කෙනෙක් කොතැනක දැක්කත් ඒ අය එක්ක සුහදව වචනයක් දෙකක් කථා කරලා යන්න හරිම මනාපයි.

    ReplyDelete
    Replies
    1. ඕ යේස් .. මාමත් සීයලට හරි මනාපයි..මොකෝ අපිට හොයාගන්න බැරි වෙලාවට සීයලා "බඩු" මවලා හරි ගේනවා..ඔය එක එකා වගේ මඟුල් ගෙවල් වලිං අරක්කු හොරකමේ යන්නෙ නෑ අපි.

      Delete
    2. අරක්කු හොරා කිව්වෙ දේශකයාට නම් වෙන්න බෑ...එහෙම නේද පත්තරයො...

      Delete
    3. පරපුරේ සීයල ටික දකුණට වෙලා උඹ එනකං ඇගිලි ගනිනවා. මේ පාර වත් ආවම එහේ පලයං සිරෝ...

      Delete
  43. Replies
    1. බකමුනී හුම් හුම්. කතාව කියවුවාද හූම් හුම්

      Delete
    2. බස්සියෙක්මද කොහේද

      Delete
  44. කනේලියේ ගිහින් ආ ටිකට දේශකයා මහ මෙරක් උසට මුහුකුරා ගිහින්නේ..

    ReplyDelete
    Replies
    1. දෙවරක් කන්නෙලියේ ගිය එකා මෝඩයා... හැක්..

      Delete
  45. මෙහෙම මිනිසුන් සමාජයේ ඉන්නවා. යුතුකම් නොදැනීම තමයි අවුල. මෙතන මේ කරුනේදී සංවේදී වන අයත් අනාගතයේදී වෙනස් වෙන්නත් පුළුවන්. කාර්යබහුලත්වය සමග එන මානසික පීඩනය නිසා වැඩිහිටියා කරදරයක් වී ඔය තත්වෙට බොහෝ අය පත්වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔව් බං සාමාන්‍ය දෙයක්...

      Delete
  46. අර රාජ් කිව්වා වගේ ලස්සණට වචන හරඹ පෙන්නාපු තැන් දැක්කා වුනාට සමස්ත කතාවේ අපුරු ගතියක් දැක්කේ නෑ දේශෝ . ඊළඟ එක දීපං එළට .

    ReplyDelete
    Replies
    1. කිහිපයක් හිතේ තියනවා බං. මට තාම හරියට ගැට ගහගන්න බැරි උනා. හොදයි උත්සාහ කරන්නං තිලකේ...

      Delete