Friday, February 8, 2019

සියක් සිදුරු අයිඑස්එස් එකේ (Impacts on Columbus Module)

මහා විශාල විශ්වයත් එක්ක බැලුවම අභ්‍යාවකාශ මධ්‍යස්ථානය (ISS) කියන්නෙ හින්නි කිතර සයිස් එකක්. ඒත් අපේ පෘථිවියට ඇති වායු ගෝලීය ආරක්ෂවා නිසා අභයාවකාශයේ ඉතා වේගයෙන් සැරි සරන කුඩා ග්‍රාහක කැබිලි පොළව හා ඝඨ්ටනය වීමේ සම්බාවිතාවය ඉතා අඩුයි. නමුත් රික්තයක ඇති, වායුගෝලීය ආරක්ෂාවක් නැති, කොස්මික් කිරණ වලට නිරාවරණය වූ අන්තර්ජාතික අභයාවකාශ මධයස්ථානයට මොකද වෙන්නේ එතකොට. අපි නොදන්නවා උනාට කොයි තරං කුඩා ග්‍රාහක කැබලි වේගයෙන් එහා මෙහා යනවාද එහෙමත් නැත්නං අයිඑස්එස් ආසන්නයෙන් යනවාද එහෙමත් නැත්නං ඒකේ වදිනවාද?

මේ අයිඑස්එස් එකේ ඇති සියළු කොටස් චීනයට, ජපානයට, කැනඩාවට, රුසියාවට, ඇමරිකාවට හා යුරෝපා අභයාවකාශ ඒජන්සියට අයත් කොටස්. මේ සියළු මොඩියුල කොටස් ග්‍රාහක ඝඨ්ඨනයකට ඔරොත්තු දෙන ආකාරයට ආරක්ෂක ආවරණයක් සහිතවයි ස්ථානගත කරල තියෙන්නේ. අයිඑස්එස් එක සෑම විනාඩි 90 කට වරක්ම පෘථිවිය වටා භ්‍රමණය වන අතර එහි වේගය දල වශයෙන් පැයට කිලෝමීටර් 26000 ක්. ඒ එක්ක බලන කොට කුඩා ග්‍රාහක පවා පැයට කිලෝමීටර් දාස් ගාණක වේගයකින් තමා ගමන් කරන්නේ.

යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය විසින් අයිඑස්එස් එකට 2008 පෙබරවාරි මාසයේ සම්බන්ධ කරන ලද කොලොම්බස් මොඩුයුලයේ ග්‍රාගක ගැටීම සම්බන්ධ පරීක්ෂාවක් අවුරුදු දහකට විතර පස්සේදි 2018 සැප්තැම්බර් මාසයේදි සිදු කරා. එය සිදු කරේ අයිඑස්එස් එකේ ඇති කැනඩාම් 2 කියන රොබෝ අත විසින්. දන්නවනේ ඔය කෑම අරන් එන ඩ්‍රැගන් එක එහෙම අල්ලල අයිඑස්එස් එකට ගැට ගහන්නේ කැනඩාර්ම් එකෙන්. ඒක කියන කොට මතක් උනේ අයිඑස්එස් එකට කෑම අරන් ගියපු තවත් කැප්සියුලයක් වන Cygnus කැප්සියුලය අද කැනඩාර්ම් එක විසින් අයිඑස්එස් එකෙන් මුදා හැරීම සිදු කරනවා.

ඒ පරීක්ෂාවේදි තහවුරු වී තියෙනවා කොලොම්බස් මොඩුයලයට සියයකට අධික කුඩා ග්‍රාහක හෝ අභ්‍යාවකාශයානා අබලි කොටස් වැදී ඇති බව. මිලීමීටරයකට අඩු මෙම කුඩා ග්‍රාකක වැදීම නිසා මතුව ඇති කුඩා පැල්ලම් පැහැදිලිව දැක ගන්න පුලුවන් පින්තුරයක් පහතින් ඇති. ඒ වගේම ඔයිට වඩා විශාල ප්‍රමාණයේ ග්‍රහක කොටස් වැදුනොත් සමාර විට හානියක් වෙන්නත් පුලුවන්. නොසලකා හැරිය හැකි තරමේ ග්‍රාහක කොටසක් 2016 දී මෙහි ඇති කියුබෝලා මොඩියුලයේ වීදුරුවක් මත වැදීම නිසා මිලිමීටර් 7 ක විතර පැල්මක් ඇති කරල තියෙනවා.

ඒ අනුව බලන කොට ග්‍රාහක ඝට්ඨන ආරක්ෂක පලිහ ඉතා සාර්ථකව ඒවාට මුහුණ දෙනවා. මේ ආරක්ෂක විධිවිධාන එක එක ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. ගමන් කරන වේගය අනුව මොඩියුල පිහිටා ඇති අකාරය, යමක් මොඩුයිලයක වැදුන විට එය පුපුරා කුඩා කොටස් වලට කැඩී යා හැකි ආකාරයට ආරක්ෂක ආවරණය සකස් කර තිබීම වගේ නොයෙකුත් ආරක්ෂක විධිවිධාන මේ ග්‍රාහක වැදිම නිසා සිදු වන හානිය වලක්වන්නට යොදල තියෙනවා. අයිඑස්එස් එකේ රැදී සිටින ගගනගාමීන්ගේ හා මධ්‍යස්ථානයේ අාරක්ෂාව සම්බන්ධව ඉංජිනේරුවන්ට තව දුරටත් කරුණ විශ්ලේෂණය කරන්න මේ හොද අවස්ථාවක්.
https://www.facebook.com/deshaka.ya.75/posts/249154892661833

 Cupola Module
 International Space Station (ISS)
 7mm crack on the glass of Kupola Module
 Small craters
Time-lapse video of Canadarm 2 undergo checkings on Colombus Module

38 comments:

  1. ඔහොම ගිහිං දේශකයා මහතාත් හඳේ ඉඳිද දන්නෑ
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. මාත් මාසෙට දෙපාරක් විතර හඳේ නං යනවා තමා

      Delete
  2. ISS එකේ ඉන්න අයගේ ශරීරය වයසට යාම පිළිබඳ පර්යේෂණයක් කරලා තියනව ද? ඒකෙ මොකක් හරි වෙනසක් එහෙම තියනව ද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ සම්බන්ධ අති ප්‍රසිද්ධ පරීක්ෂණ්‍යක් තමා ස්කොට් කෙලී ගේ පරීක්ෂණය. මේ කෙලී කිව්වට මෙයා කොල්ලෙක් අනේ. ස්කොට් කෙලී අවුරුද්දකට ආසන්න කාලයක් අයිඑස්එස් එකේ හිටියා. අන්න ඒ අනුව එයාගේ ඩීඑන්ඒ සැකසුම් වල පවා වෙනස් කම් පරික්ෂාවට භාජනය කරා. මානසිතත්වය අරව මේවා. තවත් වැදගත් කරුණක් තමා මේ කෙලීගේ නිව්න් මලයා මාර්ක්. එයත් කොලුම්බියා ෂඨල් එක් දුවද්දි අභයාවකාශයට ගිහින් තියේ. අන්න ඒක නිසා මරු චෑන්ස් එක කියල අයියවයි මල්ලිවයි පරීක්ෂා කරල සංසන්දනය කරා. හැබැයි කියන්න තරං අති විශාල වෙනස්කම් හෝ සංකූලතා නැහැ. පොඩි පොඩි කේස් වගයක් තිබුනා මතක උනාට එව්වා මොනාද කියල නං මතක නෑ බං

      Delete
  3. ලොකු ග‍්‍රාහකයක් ඇවිත් වැදුනොත් එහෙම ඉන්න අයියලා අක්කලාට අඹසරණයි නේද?

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යෙයන් ලොකු ග්‍රාහකයක් එන කොට අපිට දැනගන්න පුලුවන් ඒක නිසා ඒ වගේ අවස්ථාවක අයිඑස්එස් එකේ එන්ජින් පත්තු කරල ඒකෙන් බේරිලා ඉන්න පුලුවන් වෙයි.

      Delete
  4. හම්මෝ... මොන තරම් අවදානම්ද ...

    ReplyDelete
    Replies
    1. රොකට්ටක් යවනවා කියන්නෙම අභියෝගයක් තුෂානි. වෙල්කම් බෑක් එහෙනං

      Delete
  5. දේශකයා කරන්න සමාජ මේ මෙහෙවරක්. බොහොම ස්තූතියි දේශකයෝ

    ReplyDelete
    Replies
    1. කවුසෙල තව ටිකක් උනන්දුවෙන් බ්ලොග් වලට වැඩ කරනවාකෝ. කෝ අර කැටේ හදන එක? ඈ. තැන්කුයි මඩුවා

      Delete
  6. සමා වෙන්න ඕන. කොමිපීතරේ එකේ කේස් එකක් නිසා මාව ලොග් වෙලා නෑ.

    - දේශකයා

    ReplyDelete
    Replies
    1. අනේ සාදු. හැමදාම ඔහොමම ඉන්න ලැබියං.

      Delete
  7. ගල් එක්ක පා වෙනකොට ඉතිං වදින්නැතුව තියේයැ. මොනව උණත් ආරක්ෂක පලිහ නැත්තං ඇතුලෙ ඉන්න උංට දෙයියංගෙම පිහිටයි.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒ වගේ ආරක්ෂක විධිවිධාන රාශියක් භාවිතා කරල තමා බේරිල ඉන්නේ. තවත් ඈතට ඒ කියන්නේ අපේ චුම්බක ක්ෂේත්‍රයෙන් එළියට ගියොත් නං බඩුම තමා

      Delete
    2. අනේ බන් ඔය විධිවිධාන හරියන්මනෑ මතක ඇතිව දෙහිගෙඩි තුනයි, මිරිස් කරලයි එල්ල ගන්න කියහන්. එතකොට හෙනහුරා ආවත් බය වෙන්න දෙයක් නෑ.

      Delete
    3. සෝයුස් එක යවද්දි ගගනගාමීන්ට එහේදි කරනවා පූජා

      Delete
  8. කොහොම හොඳට හටපු කොල්ලෙක්ද මේ.. ග්‍රාහකයෙක් වැදුන දවසේ ඉඳල කොන්ඩම්ආර්ම් එක පිස්සුමයි කෙළින්නේ නෙහ්..

    ReplyDelete
    Replies
    1. ඔවා රත්තරං හදවතක් ඇති කළු වලහෙක් මයේ පුතේ. මගේ හදවතේ කීතු කිතු වෙලා දගලන වේදනාව ඔවාට විතරයි තේරුනේ. හැක්

      Delete
    2. ඔය හදවත කැරට් කීයෙ එකක්ද බං. පවුං කීයක් විතර තියෙනවද දන්නෑ.

      Delete
    3. ඇයි හදවත විතරක්? කොන්ඩම්ආර්ම් එකත් රත්තරං.. කැරට් 22 තනි පවුම් රත්තරං.. වෝග් ජුවලර්ස් එකෙන් ගත්ත වගේ විස්වාසයි..

      Delete
    4. මුදු, වලලු?
      https://www.dhgate.com/product/natural-goats-eye-socket-male-delay-penis/150182229.html

      Delete
    5. ඔව්ව බලල කමිය නරක් උනොත් මං දන්නෑ ප්‍රා

      Delete
  9. හෙහ් ... මාතෘකාව දැක්ක ගමන් මට හිතුනෙ උඹ අර ත්‍රස්ථවාදියො ගැන ලියල කියල. දෙවෙනි පාරට කියවද්දි තමයි හරි අර්ථය තේරුනෙ. මේ මඟුල් මොනිටරේ දිහා බලාගෙන ඉඳල ඉඳල ඉඳලම ද කොහෙද දැන් ටික කාලෙක ඉඳන් හිටී ගමන් මට අකුරු මාරු වෙල පේන සීන් එකක් තියෙනව බං.

    දල වශයෙන් පැයට කිලෝමීටර් 26000 ක් කිව්වෙ බං පෘථිවියට සාපේක්‍ෂවද නැත්නම් පෘථිවියෙ ඉඳන් නිරීක්‍ෂණය කරන කොට වේගෙද. මට නම් භෞතික විද්‍යාව අණ්ඩර දෙමළ වගේ බං.

    ReplyDelete
    Replies
    1. පෘථිවිය තමන් වටේ ඒ යන විදියට යද්දි අයිඑස්එස් එක අර වේගෙන් යන්නේ. ඒක නිසා එයාට රවුමක් යන්න විනාඩි 92 යි යන්නේ. දවසට ඉර සේවය කීපයක් බලන්න පුලුවන් එයාලට

      Delete
  10. ඔය අයි එස් එස් එකේ ඉන්න කට්ටිය ඒලියන්ස්ලව දැකල නැද්ද දන්නෙ නෑ. සැරින් සැරේ පොළොවට එන පියාඹන පීරිසි හෙම? :D
    මෑතකදි මං වීඩියෝ එකක් දැක්කා ඕකෙ ජීවත් වෙන අය එදිනෙදා වැඩ, ඒ කියන්නෙ දත් මදින, නිදා ගන්න, ටොයිලට් යන හැටි පෙන්වන එකක්. ඒක බොහොම කෙටි එකක්.

    ReplyDelete
    Replies
    1. ඔය හිටි හිටි ගමන් එක එක තොරතුරු එන්නේ. ඒ මදිවට හිටපු ගගනගාම්න් පවා පොත් ලියල ඒියන්ස්ල දැක්කය කියන්නේ. ඇත්ත නැත්න දැනගන්න ඉතිං අපිම දකින්න ඕන එව්වා. හැක්

      Delete
  11. දේශකයා, ISS එක හදපු හැටි එතකොට මේ වෙනකොට ISS එක හින්ද ලබාගෙන තියෙන දේවල් ගැනත් එකක් ලියපන්කො... මම එක සැරයක් ඔය ISS එක දැක්ක. සුදු පාට වේගෙන් යන පුංචි බෝලයක් වගේ... ISS එක දැන් කොහෙද තියෙන්නේ කියල ඊමේල් එන සේවාවක් තියෙනවා. කැමති කෙනෙකුට රෙජිස්ටර් වෙන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ඇයි යුටියුබ් එකේ අයිඑස්එස් ලයිව් එකක් යන්නෙ නාසා එකෙන්. ලියමු ලියමු

      Delete
  12. දේශක යා, වතාවක් ලොකු අභ්‍යවකාශ අනතුරක් සිදුවුණා. එකට හේතුව විදියට ඒ දවස්වල කියවුණේ ඇමෙරිකන්, රුසියන්? හෝ බ්‍රිතාන්‍ය? විද්‍යාඥයන් පූර්ව ගණනය කිරීම්වලදී කට්ටියක් අඩි-අඟල්වලිනුත් අනෙක් කට්ටිය මීටර්වලිනුත් ගණන් හැදූ නිසාය කියලා. ඒ ගැන මොනවාවත් දන්නවාද?

    ReplyDelete
    Replies
    1. මෙන්න මේක වෙන්න ඇති. හැතැප්ම කිලෝමීටර් අරගලය අඟහරු මත.
      http://edition.cnn.com/TECH/space/9909/30/mars.metric.02/

      Delete
    2. මේ ඔබේ ඔත්තුව ඔස්සේ විස්තර හොයන්න යන ගමන්. ගොඩක් ස්තුතියි!!!

      Delete
  13. ඔය තාක්ෂනය පොළව මතු පිට තියෙන ආරක්ෂාව අතින් වැදගත් ගොඩනැගිලි වලටත් භාවිතා කරන්න පුළුවන් ඇති නේද ?

    ReplyDelete
    Replies
    1. ඕන තැනකට හරි. හැබැයි උඹලගේ ගෙදට්ට හයි කරනවට මං විරුද්ධයි. හැක්

      Delete