Thursday, July 12, 2018

ටෙස්ලා, මස්ක් හා ස්පේස්එක්ස් (Journey of Roadster)

මගේ රත්තරං යාලුවෝ හැමෝට මතක ඇති නේද අර තායිලන්තේ ළමයි බේරගන්න කියල පැය අටෙන් පොඩි පොඩ් එකක් හදාලා ඒකත් අරං තායිලන්තෙට ගොඩ බැහැපු ටෙස්ලා උන්නැහේ. සොරි ඉලොන් මස්ක් උන්නැහේ.


එයාගේ ස්පේස්එක්ස් කියන සමාගම 2018 පෙබරවාරි මාසේ 05 වැනිදා Falcon heavy කියන තඩාර් සයිස් රොකට් එකෙන්, එතෙක් මෙතක් කාලෙකට කව්රුවත් නොකරපු දෙයක් කරා .ඒ තමා එයාටම අයිති ටෙස්ලා කාර් කම්පැනියේ හදපු එයාගෙම Tesla Roaster ඉලෙක්ට්‍රික් කාර් එක රොකට් එකේ පටවල අභ්‍යවකාශෙට යැව්වා අපි ඉන්නකං උඹත් කැරකි කැරකි ඉදහං කියල. කෝම හරි පොඩ්ඩක් ඉස්මිස් වෙලා මේ කාර් එක අභ්‍යවකාශේ එයාට ඕන තැනට නොගියට මේ කාර් එක මාර වේගෙකින් අභයවකාශේ මේ දැනුත් ගමන් කරමින් ඉන්නවා. පැටෝල් ඩිංගක් නැතිව, බැට්රියේ ජූස් ඩිංගක් වත් නැතිව පැයට කිලෝ මීටර් විසි තිස් දාහක වේගෙන් යන කාර් එකක් තියේනං ඉතිං මේ රෝ්ඩ්ස්ටර් එකම විතරයි ෆෙන්.


ෆැල්කන් හෙවි අභ්‍යවකාශ ගත කිරිම


 රොකට්ටුවේ තැබු ටෙස්ලාව

 පෘථිවියෙන් ඉවතට යන ටෙස්ලාව

ඔය කාර් එක යන වේගය, දුර ට්‍රැක් කරන්න හාදයෙක් පොඩි සයිට් කෑල්ලක් අටවන් ඉන්නවා. මං නිකමට වගේ මාසෙකට සැරයක් ඕක ගිහිල්ල බලල එනවා. හැබැයි් මේ සියළු ගණනය කිරීම් කරන්නෙ කාරය අභ්‍යවකාශයට මුදා හැරිය මොහොතේ සිට චලනය වන වේගය හා කක්ෂය අනුවයි. සමාර විද්‍යාඥයින් නං කිව්වේ “මොන විකාරයක්ද? සුර්යාගේ පාරජම්බුල කිරණ වලට අහුඋනාම අභ්‍යාවකාශ ග්‍රාහක වලට අහු උනාම ඔය කාර් එකේ මයිලක් වත් මාසයක් යන කොට හොයන්න බැරි වෙයි“ කියලයි. අපිට එව්ව වගේ පණ්ඩිත කතා ඕන නෑ. අපි උපකල්පනය කරමු කාර් එක බබා වගේ යනවා කියල ස්ටාර්මෑන් එක්කම. ආ අමතක උනා කියන්න ඒ කාර් එකේ ස්පේස්එකස් සමාගම විසින් නිෂ්පාදිත අභයවකාශ ඇදුමක් අන්දවපු ඩමියක් වාඩි කරල තියෙනවා ඩ්‍රයිවින් සීට් එකේ. මිනිහගේ නම තමා ස්ටාර්මෑන්.

එතකොට දැං මේ වෙද්දි කාර් එක අභ්‍යවකාශයට මුදා හැරල මාස පහයි දවස් පහක් වෙනවා. අන්න ඒ වෙනකොට කාර් එක ගොහිල්ලා ඇතෙයි කියල හිතන දුර බලාගන්න ඕන නං යන්ඩ මෙතැනට.

30 comments:

  1. මොන විකාරයක් ද? දැන් උඹ කියන්නේ නිකන්ම කාර් එකක් මේ අපේ පෘතුවිය වටේ රවුම් ගගහා ඉන්නවා කියල ද?

    පෘතුවියේ ඉඳලා කොච්චර දුරකින්ද ඕක කැරකෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. කාර් එක අඟහරු වටෙයි දුවන්නෙ ස්ටෙොයිඩ් බෙල්ට් එක ආසන්නයෙන්.

      පෝස්ට් එකෙ අන්තිම වචනය ක්ලික් කරන්න

      Delete

    2. මේක ටිකක් බලහන්... ඔය ටෙස්ලව ගෙනිච්ච එක ඔය කියන තරම් උෂ්ණත්වයකට ඔරොත්තු දෙන්නද හදලා ඇත්තේ ?

      https://www.youtube.com/watch?v=DpPMoIv1lxI

      Delete
    3. සෙන්නා, ඔය හඳට ගිය කතාව බොරු කියන මිනිස්සුන්ගේ තර්ක ගැන හිතන්න කලින් මෙන්න මේක බලන්න
      https://www.youtube.com/watch?v=IwwwRR9LS3Y

      හූස්ටන් අපිට ප්‍රශ්නයක් කිව්වම සපෝර්ට් කරපු මිනිස්සුන්ගේ කතාව ඕකේ තියෙන්නේ...

      Delete
    4. මම ඕක ගැන පෝස්ට් එකක් ලියන්න හිත හිත ඉන්නේ.. කවද ලියයි ද කියල නම් අහන්න එපා.. හෙහ් හෙහ්

      Delete
    5. සෙන්නා. ඒ වගේ අය ඉන්නවා බං එහෙනං ලෝකේ පැතලියි කියල කියන පට්ට සෙට් එකක් ඉන්නේ. ඒ මදිවට උං ඒක ඔප්පු කරලත් පෙන්නනවා නෙ

      Delete
    6. ඒ වුනාට බන්ස්ලා, අර දිරච්ච වෙසක් කූඩුවක් වගේ Apollo 16 යානය දකිනකොට මටනම් ඇත්තටම හිතෙනවා මුන් හඳට ගියේ නෑ කියලා...

      Delete
  2. යකෝ තෙලුත් නැතුව බැට්ටිත් නැතුව හයිස්පීඩ් දුවන ඕකටනං අනිවාර්යෙන් ටැක්ස් ගහන්න ඕන.

    ReplyDelete
    Replies
    1. නිදාගනිං ගිහිල්ලා. අයිවන් ඒක කරයි

      Delete
  3. "The car has exceeded its 36,000 mile warranty 6,659.8 times while driving around the Sun, (239,751,107 miles, 385,842,125 km, 2.58 AU) moving at a speed of 51,858 mi/h (83,458 km/h, 23.18 km/s). The orbital period is about 557 days."

    බලාගෙන ගියාම මගෙ කාර් එක ඊට වඩා දුවලනෙ. :) කාර් එක හදල දැන් ආසන්න වශයෙන් අවුරුදු හතක් වෙනවා. පොළොව කැරකෙන කොට දවසකට කිලෝමීටර් 12,742 ගානේ කිලෝමීටර් මිලියන 32ක් විතර. ඉර වටේ අවුරුදු හතක් කිලෝමීටර මිලියන 940 ගානේ තව කිලෝමීටර මිලියන 6580ක් පමණ. ඔය ගණන් දෙකට ඔඩෝමීටරේ පෙන්වන ගාණත් එකතු වෙන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. කාලෙකට කලින් මම මේ ලොජික් එක අනුව අභ්‍යවකාශ චාරිකාවක් යන්න ප්ලෑන් කළා... හෙහ් හෙහ්
      http://biththiya.blogspot.com/2011/09/blog-post_21.html

      Delete
    2. මරු! කියවපු සමහර අයට වැඩේ තේරිලා නෑ වගේ!

      Delete
    3. @ඉකෝ
      ගෙඩිය පිටින් ඔට්ටු නෑ. හැක් හැක්

      @බිත්තියා
      මං මේක කියවල නෑ මතක විදියට.

      Delete
    4. බොරු කියන්නේ මොකටද, මටනම් මෙලෝමළදානයක් තේරුනේ නෑ...

      Delete
  4. කාර් එක 2091 විතර ආපහු පොළොව කිට්ටුවට එනවලු...

    ReplyDelete
    Replies
    1. සෛද්ධාන්තිකව එහෙම උනත් මටත් හිතෙන්නෙ කාර් එකේ කිසිම දෙයක් ඒ වෙනකොට ඉතිරි වෙන එකක් නෑ කියලයි.

      Delete
  5. මේක රික්තයක නම් ඔහේ තියේවි. නමුත් අපේ ඉහළ අවකාශයේදී මේකේ දොරවල් ගලවලා ගියේ හෝ වීදුරු කුඩු නොවුනා නම් ඒක පුදුමයි. අඩු පීඩනයට ඔරොත්තු දෙන්න මේක හදලා නැතිව ඇති කියන උපකල්පනය මතයි එහෙම හිතුවේ. පිස්සු වුණත් වැඩේ හොඳයි. මොකද මේ ලංකාවට ගෙනැත් තියෙන කාර් වලටත් ඉස්සරහට කොරන්න වෙන්නේ ඕක තමයි.

    ReplyDelete
    Replies
    1. අතනට ගියාමයි කාර් එක දැක්කේ, ඒකෙ වහල නෑ නෙව. :)

      Delete
  6. අබ්බවකාසෙ ඉඳං ගොඩකවෙල පේනවැයි?

    ReplyDelete
    Replies
    1. අබ්බවකාසේ ගොඩකවෙලට කිට්ටුවෙන් යන්නේ..

      Delete
  7. ඔයත් මාර ජාති අප්පා හොයගන්නේ. ඔන්න මමත් කාලෙකින් පෝස්ටුවක් දැමිමා. ගිහින් බලන්න .
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. පේන දේවල් නේ විචා ඩෝටර්

      Delete
  8. මාත් මේ ඊලොන් අයියගේ කාර් එකක් ගන්න කියලා ඉන්නේ. තවම හැබැයි උන්දෑ මෙහෙට කාර් එවන්නෑ. යකෝ මූට ලංකාවට කාර් එවන්න බැරි උනාට අභ්‍යවකාසෙට කාර් යවන්න පුලුවං ඈ. අප්පච්චි හිටියනං මස්ක් කාරයා මස්කට් කරවනවා සුවර්.

    ReplyDelete
  9. අහස් ගව්වෙන් එහා ලෝකයට ගිය අපේ කාලයේ මොටෝ රිය ගැන කල යාවත්කාලීන සටහන කදිමයි

    ReplyDelete
  10. මට තියෙන්නේ වෙන ප්‍රස්නයක්. මොකෝ මේ එකපාරටම යාළුවො "රත්තරන්" වෙලා?

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.. ලියන්න කලින් දවසේ ලංකාවේ සංගීත සංදර්ශනයක් බැලුවා සයිරි.. හැක්

      Delete