Tuesday, March 1, 2016

ඉලක්කය කරා (Nikola Tesla - Education & First Job)

කව්ද මේ ටෙස්ලා!! (Nikola Tesla - The childhood)

ගෙදරදි ඉගෙන ගත්ත දේවල් මදි වෙච්චි නිසා, තාත්තා, ටෙස්ලව යවනවා කාර්ල්ස්ටැඩ් වල පිහිටි Higher Real Gymnasium කියන උසස් අධ්‍යාපන ආයතනයට. ඔහුගේ ගම් පළාතට දුරින් පිිහිටි මේ ඉස්කොලේ යන්න, ටෙස්ලා නවතින්නේ ඔහුගේ ඥාතියෙකු වේචිච නැන්ද කෙනෙකුගේ ගෙදර. මේ ගෙදර ඉදගෙන ඉස්කොලේ යන ටෙස්ලා අවුරුදු හතරක් වේචිච පාඨමාලාව අවුරුදු තුනකින්ම අහවර කරල දාන්න තරං සුරුවිරුකම් ඇත්තෙක් උනා. ඉස්කෝලේ උගන්නපු මාටින් කියල ගුරුවරයෙක් තමා ටෙස්ලට ගණිත ශාස්ත්‍රයයි, භෞතික විද්‍යාවයි කියල දෙන්නේ. ඒ ගුරුවරයත් ටෙස්ලගේ හැකියාවන් පිළිබඳව වටහාගන්නවා උනත්, සමහර ගුරුවරු නං, ටෙස්ලා මනෝමයෙන් හදන විශාල පුුර්ණ සංඛ්‍යා එකතු කිරීම් විශාල පුදුමයක් උනා. බොහෝ විට ඒ අය කිව්වේ මේ ටෙස්ලා බොරුවක් කරනවා කියලයි. ඔය කාලෙදි ඉස්කොලේ තිබුන පින්තුරෙක නයගරා ඇල්ල ඇදහැලෙනවා දැක්ක ටෙස්ලා, “කවදාහරි මම ඇමරිකාවට ගිහිල්ලා මේ ඇල්ලේ තියෙන ශක්තිය අල්ලගන්නවා“ කියලා ගෙදර මාමාට කියල තියෙනවා. ඔයින් මෙයින් ටෙස්ලට තමන්ගේ ගමන් මාර්ගයේ ඉලක්කය මොකක්ද කියන එක පළිගුවක් වගේම පැහැදිලව පේන්න ගන්නවා. ඒත් ඉතිං කලින් කිව්වත් වගේ ටෙස්ලට ඕන පාරේ යන්න තාත්තගෙන් අවසර නැති නිසා, අවුරුදු හතරේ උපාධියත් අරගෙන ආයි ගං දොර බලා ආපු ටෙස්ලට පහුගිය පොස්ට් එක ඉවර කරපු වෙලාවේ හැදුන කොලරාව හැදිල ඕන කරන වැඩේ කරගන්න පුලුවන් වෙනවා. සෙල්ලං නෙමෙයි මාස නමයක්ම බරපතල විදියට ලෙඩ වෙලා ඇඳටම වෙලා හිටිය ටෙස්ලට තමන්ගේ මාර්ගය පැහැදිලි වෙන්නේ ඊට පස්සේ තමා.

උත්සාහ වන්තයා ජයගන්නවයි කියනවා වගේ, ටෙස්ලා තමන්ට විරුද්ධ වෙච්චි තාත්තගේ පිහිටෙන්ම ග්‍රැස් (Graz) නගරයේ පිහිටි ඔස්ටියාන්‍ර පොලිටෙක්නික් කොලිජියේ ඉංජිනේරු විද්‍යාව හදාරන්න ශිෂ්‍යත්වයක් දිනාගන්නවා. ඉතිං ඒකට ඇතුලත්වෙනවා. හහ් හහ්.. එහෙම කොහොමද වෙන්නේ තව වැඩ තියෙනවා.

ඒ කාලේ ඕනම තරුණ කෙනෙකුට අවුරුදු 3 ක අනිවාර්ය හමුදා සේවයක් නියම වෙලා තිබුනා. කොළරාව හැදිල මැරෙන්න ඔන්න මෙන්න හිටපු ටෙස්ලා ඒකෙන් බේරෙන්න ඕන කමට වෙන පළාතකට පැනල ගියා. එහෙම ගිහිල්ලා පොත් “කඳු“ අරන් කඳු අස්සේ හැංගි හැංගි කාලේ ගත කරපු විත්තියක් තමා දැනගන්න ලැබුනේ. ඔය 1874 වගේ කාලේ. ඒ කිව්වේ ටෙස්ලට අවුරුදු 18 ක් විතර නේ. කොහොම උනත් ටෙස්ලා පසුව ප්‍රකාශ කරල තිබුනා එයාගේ ශාරීරික හා මානසික ශක්තිය ප්‍රභලව වැඩිමට ඒ කාලය තුල පරිසරයත් එක්ක දැඩි ලෙස ගැටීම ඉවහල් උනාය කියලා.

කොහොම හරි ටෙස්ලා තරුණයා පොලිටෙක්නික් එකට ඇතුල් උනා. ඊට පස්සේ පළවෙනි අවුරුද්ද එකම දේශනයක් වත් අත නොහැර හොදට ඉගෙන ගෙන ඒ අවුරුද්දේ හොදම ප්‍රථිපලත් ගත්තා. ඔය අවුරුද්දෙම සර්බියානු සංස්කෘතික සංගමයක් පිහිටවපු ටෙස්ලා ඒකෙත් හොදට වැඩ කරා. ටෙස්ලා පතපොත පරිශිලනය කරපු කෙනෙක් නිසා, ඔහු තුල කවියෙකුත් ජීවත්ව සිට තියෙනවා.

දෙවෙනි අවුරුද්දේ අලකලංචියක් ඇති උනා. භෞතික විද්‍යා පාඩමේදි ටෙස්ලගේ පන්තියටම අලුතෙන් හදාපු ඩයිනමෝ එකක් පෙන්නපු මහාචාරය වරයා, ඒකට විදුලිය සැපයුවාම එක් පැත්තට කරකැව්වොත් ඒක මෝටරයක් විදියටත්, අනෙක් පැත්තට කරකැව්වොත් ඒක ජෙනරේටර් එකක් විදියටත් භාවිතා කරන්න ඇහැක කියල පෙන්නල දුන්නා. ඔන්න ඔයි ඩයිනමෝව දිහා හොදට ඇහැ ගහගෙන හිටපු ටෙස්ලා මහාචාරයවරයත් එක්ක මත ගැටුමක් ඇති උනා. ඩයිනමෝ එකක් කියන්නේ යම් බලයක් සපයලා ඒකේ යාන්‍රික ශක්තියෙන් කොයිල් එකක්, චුම්බක ක්ෂෙත්‍රයක් ඇතුලේ කරකවලා විදුලි බලය උපදවාගන්නා එකක් නෙව. ඉතිං ඕකේ අර පැත්ත මාරු කරන්න කොමියුටේටර් කියල ගැජට් එකක් තියෙනවා සපයන බලය ප්‍රතිමාරු කිරීමට. ඒ කාලේ ඩයිනමෝ, මෝටර් වල ඔය කොමියුටේටර් කියන පරිවර්තකය අනිවාර්යයෙන් ම තියෙනවා. තමන්ගේ දැනුමේ තරම පෙන්නන්න ටෙස්ලා කිව්වේ කමියුටේටර් නැතිව මේ ඩයිනමෝව වැඩ කරවන්න පුලුවන් කියලා. ඔන්න ඔය කතන්දරේ ඒ කාලේ හැටියට කොහොමත් පිළිගන්න බැරි නිසාත්, ගුරුවරුන් තමන්ගේ දැනුම සීමාවක ඉන්න නිසාත් අන්තිමේ උනේ මුළු සභාව ඉස්සරහම ටෙස්ලාව ලැජ්ජාවට පත් කිරීමයි. ගුරුවරයා කිව්වේ “මේ ටෙස්ලා හදන්න යන්නේ කවදාවත්ම හදන්න බැරි සදාකාලිකවම දුවන ඩයිනමෝවක්ය කියලා.“ කෝම හරි කැම්පස් එකේ දෙවැනි අවුරුද්ද ඉවර ‍වෙන කොට ටෙස්ලට ලැබිච්චි ශිෂයත්වෙත් නොලැබී ගියා. මේ හේතුව නිසා අසීමිතව සුදු කෙලින්න ගියපු විත්තියත්, තාත්තා කීප වතාවක්ම ඒකට දෝස්මුර දාපු විත්තියත් ටෙස්ලම කියනවා. තාත්තා මොනවා කරත්, අන්තම වතාවට කියල අම්මා සල්ලි වගයක් හොයල දීල “ෆන්“ එකක් අරන් වරෙන් කිව්ව දවසේ ටෙස්ලා සුදු ගහලා එදාම ඒ සුදුව නවත්තල දැම්මා. තුන්වෙනි අවුරුද්ද වෙන කොට උපාධිය හබක් කියල ආයි කියන්න ඕන නෑනේ.

ඔන්න ඔහොමයි ටෙස්ලා ගැන තියෙන වෙබ්සයිට් බෝමයක තියෙන්නේ. නමුත් ටෙස්ලාංගේ ස්වයං චරිතාපදානයට අනුව නම් ටෙස්ලා පොලිටෙක්නික් එකේ අධයාපන කටයුතු හමාර කළ බව සදහන් වෙනවා. 

//After finishing the studies at the Polytechnic Institute and University I had a complete nervous breakdown and while the malady lasted I observed many phenomena strange and unbelievable.//

ආෆ්ටර් ෆිනිෂින් කියන්නේ කම්ප්ලිටිංද කියන ප්‍රශ්නය ඇති උනත් අපි ඔය ගැන වැඩිදුර හොයන එකේ වැදගත් කමක් නෑ කියලයි මට හිතෙන්නේ.

තමන්ගේ රටින් පිට වෙන ටෙස්ලාගේ පළමු ගමනාත්තය වෙන්නේ ස්ලෝවේනියාව. මැරිබෝර් නගරයේ ඉංජිනේරු ආයතනයක Draftsman තනතුරක සේවයට එක් වෙන ටෙස්ලා, ඔහුගේ පියා විසින් නැවත ගම්බිම් කරා එන්නැයි කරන ඉල්ලීමටත් ඇහුංකං දෙන්නෙ නැහැ. තාත්තා කියපු දේ ඇහුව නැති ටෙස්ලට තවත් අලකලංචියක්. නිත්‍යානුකූල පුරවැසිබාවය නොතිබුන නිසා පොලෝසියට අල්ලගෙන ගිහිල්ල පොලිස් පරික්ෂණ කරල අවසානයේ, පොලිසිය විසින්ම ටෙස්ලව ආයිත් ගමට පිටුවහල් කරනවා. ඔය 1879 අවුරුද්ද මාර්තු. 1878 මාර්තු වලදි තමා ටෙස්ලගේ තාත්තා ආවේ කුදලං යන්න. ඒක නිසා මේක නං කොහෙවත් තියෙන දෙයක් නෙමෙයි මට හිතුන දෙයක්. ටෙස්ලව ගෙදර ට ගෙන්නගන්න තාත්තම ටිප් එකක් දුන්නද කියන සැකේ මට ආවා. මොකද ටෙස්ලගේ තාත්තත් එක විදියට අයෙක් නෙව. ටෙස්ලා පිටුවහල් කරන්නේ 1879 මාර්තු 24. ටෙස්ලගේ තාත්තා හදුනානොගත් රෝගයක් නිසා අප්‍රෙල් 17 මිය යනවා. අවමගුල් දේව මෙහෙයෙදි ටෙස්ලගේ පියාව ශාන්තුවරයෙක් ලෙස උසස් කරනු ලබනවා. එතකොට හිතාගත්තැකි නේද ටෙස්ලගේ තාත්තා යම් ආගමක ඉහලම ආත්මාර්ථයේ හිටියා කියන එක. හරියට නාට්ටියක් වගෙයි නේ.

ටික කාලයක් ගුරුවරයෙක් ලෙස වැඩ කරන ටෙස්ලා, ඊට පස්සේ තමන්ගේ මාමාගේ පිහිටෙන් සල්ලි හොයාගෙන ප්‍රාග් වල තියෙන කාර්ල් ෆර්ඩිනැන්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න යනවා. හොදටම පරක්කුයි. ටෙස්ලාට ඇතුල් වෙන්න බැරි වෙනවා. අන්තිමට ටෙස්ලගේ ඉරණම් මග එළිකර දෙන, හංගේරියාවේ බුඩාපේස්ට් වල තියෙන දුරකතන සමාගමක ප්‍රධාන විදුලි කාර්මික ලෙස වැඩ කරනවා. එතනදි දුරකතන පද්ධතිය සදහා අලුත් උපාංග හඳුන්වාදීමටත් කටයුතු කරනවා. හවසක ඇවිදින්න යන ටෙස්ලා බැහැගෙන යන ඉර දිහා බලාගෙන මුමුණපු කවියක් නිසා ඉන්ඩක්ෂන් මෝටර් එකේ Rotating Magnetic Field කියන සංකල්පය හිතට ආවා කියලයි සදහන් වන්නේ. ඔය 1882 අවුරුද්ද. ගොතේ ගේ කවියකින් තමා ක්ෂණයකින් ටෙස්ලට මේ අදහස පහල වෙන්නේ. කාලයක් තිස්සේ ජීව්තේ කළකිිරෙන ගානට ඒසී මෝටර් ගැන හිතපු ටෙස්ලගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙන්නේ ඔය විදියටයි. ඒ මොහොතෙම ඉන්ඩන්ෂන් මෝටර් එකේ දළ සැලැස්ම, කෝටුවකින් වැල්ලේ ඇන්දා කියලයි සදහන් වෙන්නේ.

ගොතේ කවියාගේ නාට්ටියක තිබුන කවියක් තමා භෞතික විද්‍යාවේ විශිෂ්ඨතම සිද්ධාන්තයක් එළියට එන්න මුලික උනේ එහෙනං. ඔන්න කවිය.



"She moves and yields, the day of toil now done, 
there she hurries and explores new fields of life. 
Ah, that no wing can lift me from the ground 
to closely follow her and soar! 

A beautiful dream! Though now the glories fade. 
Alas, the wings which lift the mind so lightly 
can find no bodily counterpart!"
Johann Wolfgang von Goethe “Faust Parts I & II“

මක්කද මේ ඉන්ඩක්සොං මෝටර් කියල ඊළග කොටසෙං බලමු.

86 comments:

  1. Replies
    1. තිත මකපාාාාං...

      Delete
    2. කමෙන්ට එක මකපාාාාං...

      Delete
    3. දිස් කොමෙන්ට් හෑස් බීන් රිමූව්ඩ් බයි ද බ්ලොග් ඇඩ්මිනිස්ට්‍රේටර්.

      Delete
    4. යකෝ තිත කන්න බලාගෙන ඉන්නෙ නැතුව පෝස්ට් එක කියවල මුට කමෙන්ට් එකක් දාපංකො. හැක්..

      Delete
    5. කනවා කනවා.. හැක් හැක්.. ගොඩකවෙල යකා..

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. කොපි රයිට් තියේද අයියට??

      Delete
    8. අපි ඒ ලෙවල් වලටත් කොපි ගහපු උං යකෝ.

      Delete
    9. අයියෝ සංසාරේ.. උඹ මගෙන් කොපි ගැහුව කියල මතක නැතිව වගෙයි දැං

      Delete
  2. //ආෆ්ටර් ෆිනිෂින් කියන්නේ කම්ප්ලිටිංද කියන ප්‍රශ්නය ඇති උනත් අපි ඔය ගැන වැඩිදුර හොයන එකේ වැදගත් කමක් නෑ කියලයි මට හිතෙන්නේ.//
    එහෙම කොහොමද අපි ඒක හොයන්නම ඕන. ඒක වෙනුවෙන් විශේෂ කොමිසමක් පත්කරන ලෙස නියම කරනව.

    අපොයි මීට පස්සෙනං කවි කියවන්න යන්න හොඳ නෑ. මොන මොන සංකල්ප හිතට එයිද දන්නෑනෙ. හැක්..

    ඉංඩක්සොං මෝටරේ ගැනත් ඉක්මනට කියහං.

    ReplyDelete
    Replies
    1. ඒක හෙව්ව කියල වැඩක් නෑ බං.. පොත පතට වඩා ටෙස්ලගේ මොළයයි වටින්නේ.

      සුපුරුදු කම්මැලිකම ආයිත් එනවා වගේ බං.

      Delete
  3. ටෙස්ලා නම් මොනවා හරි හොයා ගත්තා ... අපට තම මොකවත් බැරි උනානේ හොයන්න .
    කතාව ලස්සනයි ... දෙෂකතුමනි ...

    ReplyDelete
    Replies
    1. ඉස්සෙලා නැතිකරගන්න එපෑ.

      Delete
    2. මක්ක කිව්ව නිහිංසා.. අපි හොයාගත්ත දේවල් මදිය??

      Delete
  4. මාත් මොනවා හරි හොයාගත්තු දවසට උඹට කියන්නම්....

    ReplyDelete
    Replies
    1. අලි පැටවුන්වත් අමතකවෙලා නැති කරගන්න රටේ හොයා ගන්න අමාරුවෙන එකක් නෑ

      Delete
    2. අවුලක් නෑ නම දන්නෑනේ නැත්නං ගැලපෙන උත්තරයක් දෙන්න තිබුනා.. හැක්

      Delete
  5. ඉන්ට රෙස්ටිං...

    ReplyDelete
    Replies
    1. එක වචනයක් අඩුයි. ඉන්ට, රෙස්ටිං කරනකල්.

      Delete
    2. හා.. ඉන්ට.. මාත් රෙස්ටිං

      Delete
  6. ඩයිනමෝව කොයි පැත්තට කැරකුවත් ඩයිනමෝවමයි නේද ? ඒකට විදුලිය සැපයුවාම මෝටරයක් වෙනවා නෙමේද ? මට මතකයි මම පොඩි කාලේ ඕක ටෙස් කොරලා බැලුවා... අර එලිපන්ට් ඩයිනමෝවකින්....

    ඒ කියන්නේ කවි කියන ජාතිය නිකන්ම අහක දාන්න පුළුවන් දෙයක් නෙමේ වගේ නේද ?

    ReplyDelete
    Replies
    1. @ සෙන්නා

      ලිපියෙ වැරැද්දක් වගේ තමයි මමත් දැක්කෙ මචං .... ඕක උනා කියන්නෙ මහාචාර්‍යවරයා කියනවා කොමියුටේටර් එකට බලය සැපයුවම ඒක මෝටරයක් විදියටත් කොමියුටේටර් එක කරකවනකොට ඒක ජෙනරේටර් එකක් විදියටත් වැඩ කරනව කියල....

      එතකොටයි ටෙස්ල කියන්නෙ...කොමියුටේටරයේ ඝර්ශනය වැඩියි.කොමියුටේටර් එක ඉවත් කලොත් වැඩි බලයක් නිපදවන්න පුලුවං කියල...

      එතකොට මහාචාර්‍යතුමා ටෙස්ලගෙන් අහනව කොහොමද කොමියුටේටර් එකක් නැතුව බලය නිපදවන්නෙ කියල...ටෙස්ල උත්තර දෙනව මම දන්නෙ නෑ කියල..

      එදා තමයි ටෙස්ල Brushless Motor ගැන මුලින්ම හිතුව කියන්නෙ

      Delete
    2. ඔව් ඔව්.. ඔය දෙන්නම හරි.. මං එතනදි නොහිත ලියපු එකයි වැරැද්ද.. කමියුටේටර් කියන්නේ අකාර්යක්ෂම ක්‍රමයක්.. ටෙස්ලාට ඔය ඩයිනමෝව ඒසී වලට හැරවීමේ උවමනාවක් තිබුනත් ඇනෝ මිත්‍රයා කිව්ව වගේ ඒ කාලේ එයාට ඒ ගැන දැනුමක් තිබුනේ නැහැ.

      මේ ඩයිනමෝව ගැම් කියන ඩයිනමෝවයි. ලෝකයේ මුලින්ම නිපදවූ වානිජමය මෝරටය මෙයයි. (ඩීසී)

      ස්තුතියි දැනුවත් කිරීමට හා නිවරැදි කිරිමට. මං එතන හදන්නං

      Delete
  7. කවුද එකෙක් බුකියේ කියලා තිබ්බා අපේ එකෙක් හොයා ගත්ත එකම තියරිය වර්ණපාල තියරිය ඉතරයිය කියාලා...

    ReplyDelete
    Replies
    1. ඇයි තව කියනවා අපේ එවුන් හොයාගත්ත එකම වාහනේට තියෙන්නෙත් එක රෝදයයිලු , එකෙත් බ්රේක් නැතිලු

      Delete
    2. නෑ අනේ ජර්මන් ටිකට් මැසිමට ඇල්පෙනෙත්ත ගහන්න.ඒකත් හොයාගත්තේ අපි

      Delete
    3. ඇයි මහලිංගම් තියරම් අමතක කරන්නේ ? මම හිතන්නේ කකා එහෙම මහලිංගම් තියරම් මහාචාර්ය මහලිංගම් ගෙන්ම ඉගනගන්න ඇත්තේ!!

      Delete
  8. Replies
    1. වැදියං තාප්පෙක. කබරයා දාහං ඇති තරමට.. හැක්

      Delete
  9. අර වැඩේ කරන්න පුළුවන් DC ඒවල විතරයි. AC ඩයිනමෝ වල කරන්න නම්, අනිවාර්යයෙන් එක මැග්නට් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ එක්කෝ කැරකෙන (Armature) හරි නිශ්චල (Stationary) දෙකෙන් එකක් නිත්‍ය චුම්බකයක් වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ටෙස්ලා ඉන්ඩක්ෂන් මෝටර් එක හොයාගන්න කලින් තිබුන සේරම ඩීසී මෝටර්.. ස්තුතියි අගරුවා

      Delete
  10. අවුරුදු හතර අවුරුදු තුනෙන් කොම්ප්ලීට් කොරලා වැඩ පෙන්නපු කෙනෙක් කියනවානෙ අපේ නලින් ද සිල්වා මහත්තයා.අනාගතේ උන්ට හරි එයැයි කියන දෙයක් තේරුනොත් හොඳා.. හෙහ් හෙහ්
    මෙච්චර කොටට දාන එකේ ලඟ ලඟ පබ්ලිශ්කලොත් නරකෙයි? මේ යෝජනාවක් විතරයි..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. යෝජනාව හොදයි කම්මැලි නැති උන්ට.. කම්මැලි මට නං හරියන්නෑ බං.. ගස්.. හැක් බලමුකා්.

      Delete
  11. මේ වගේ මිනිසුන්ගේ තියෙන එක වැරද්දක් තමයි තමන්ගේ වටිනාකම නොදැනෙන එක. අර ප්‍රොෆෙසර්ට ටෙස්ලා කියන දේ නොතේරී නෙවෙයි එහෙම කරන්න ඇත්තේ. තමන්ට වඩා පහල එකෙක් අලුත් දෙයක් කිව්වම, ඒක අගයන්න නිහතමානි කම නැතිකම. මේවා අපි නිතරම සමාජයේ දකිනවා. පුදුමේ බටහිර සහ ඇමරිකාවෙත් මේ වගේ දේවල් දකින්න වෙන එකයි පුදුමේ. අර මම ලිව්වා සැසන්ගේ කතාවත් මේ වගේම තමයි.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙත් මේ කාලෙත් එහෙමයි.. පහලින් දැනුම අල්පයක් හෝ ලබා ගැනීම ඉහල අයට අගෞරවයක් නොසැලකිල්ලක් වගේ නේ.. ස්තුතියි සුදීක

      Delete
  12. ඉතුරු ටික අද දානවද බං

    ReplyDelete
    Replies
    1. නෑ
      -මීට බ්ලොග් එකේ අයිතිකාරය-

      Delete
    2. Your grand mother
      Rice ගරාපිය.

      Delete
    3. ඕන නෑ. දැං ගල් වැලි නැති Rice තියෙනව. හැක්..

      Delete
    4. ඔන්න අටං. උඹ මං ඊළග එක දාන දවසේ උදේ බලහං. එතකොට මං අද දානවා කියල කියතහැකි.. හැක්

      Delete
  13. මටත් මොනා හරි හොයාගන්න හිතෙනවා එදාට මන් ගැනත් ලියන්න ඕනේ හොදේ දේසක තුමෝ

    ReplyDelete
    Replies
    1. හොදා හොදා ලියන්නංකෝ. කෝලමී

      Delete
  14. අනේ මාමේ කොහොමහරි පැහැදිළි කරලා දෙන්න මෝටර් එකකුයි ඩයිනමෝවකුයි කපල් කරලා සදා චලිත යන්ත්‍රයක් හදන්න බැරි ඇයි කියලා.

    ReplyDelete
    Replies
    1. ඒ වැඩේට ශක්ති හානිය ශුන්‍ය වෙන්න ඕන නේ විචාරක පුතේ. සන්නායක වලින්, ප්‍රේරක වලින්. ඝර්ෂණයෙන් ශක්ති හානි වෙනවනේ පුතේ.

      සදාචලිත යන්ත්‍රයක් නොවුනත් ඔය NMR සහ MRI වල තියෙන සුපිරිසන්නයක චුම්භකයේ අප්‍රමාන කාලයක් විදුලිය ගමන් කරමින් ශක්තිය නොනැසී තිබෙනවා තිබෙනවා විද්‍යුත් ගමක බලයක් නැතුව වුනත්.

      Delete
    2. විචා.. ඒකට අවශ්‍ය වෙන්නේ සදාතනික ශක්ති ප්‍රභවයකින් බලය සැපයෙන උපාංගයක්. අන්න එහෙම උනොත් මෝටරයක් සදාකාලිකවම කරකවන්න ඇහැකි..ටෙස්ලා ඒ ගැන ඇහැ ගහගෙන පරික්ෂණ කරල තියෙනවා..

      Delete
    3. මම මේ ළඟකදි ගියා ගන්න නෙමේ ආසාවට ලීෆ් කාර් එකක් බලන්න. සේල් එකේ හිටපු පොර මට කිව්වනේ කාර් එකේ බැට්‍රිය යන ගමන් චාර්ජ් වෙනවා කියලා... මට අම්මපා !! කියවුනා... ඒක තනිකරම මර්වින් තියරියනේ.. තමන් විසින් තමන්වම ආරෝපණය කරගැනීම...

      ඇත්තටම එහෙම වෙනවා ඇත්ද ? එහෙනම් මොන මගුලකටද ඒක පිටින් චාර්ජ් කරන්න කියන්නේ ?

      Delete
    4. ඒක අර්ධ (නොවෙයි දශම) සත්‍යයක්.

      Delete
    5. @ සෙන්නා

      හැක් හැක්.... කාර් සේල් එකේ පොරට ස්නායු දෝශයක් ඇති බන්....
      ඔය ඉබේ චාජ් වෙනව කියන්න ඇත්තෙ regenerative braking ගැන.

      සරලම කතන්දරේ මේකයි....කාර් එකේ බැටරි වලින් පවර් දීල යනකොට මෝටර් එක වැඩ කරන්නෙ මෝටර් එකක් විදියට.... එහෙම යනවෙලාවට ඇක්සලේටර් එක අතඇරියොත් මෝටර් එක ජෙනියක් විදියට වැඩ කරලා බැටරි පැක් එකට පවර් බැක් කරනවා.කඳු පල්ලමක වගේ අතෑරියොත් සැලකිය යුතු පවර් එකක් බැටරි බැක් වෙනව ඉතිං...

      ලීෆ් එකේ නං කීයද දන්නෑ...ටෙස්ල මොඩල් S එකේ කිලෝවොට් 60 ක් උපරිම බැටරි බැක් කරනවා.. හිතාගන්න බැරි ඉන්ඩක්ෂන් මෝටර් එකක් කෝමද ජෙනියක් විදියට වැඩ කරන්නෙ කියල...

      Delete
    6. @ චිචාරක

      එහෙම එකක් හැදුවත් ලෝඩ් එක වැඩි වෙන්න වෙන්න ඩයිනමෝ එක කරකවන්න අමාරු වෙනව...ඒ ලෝඩ් එකට උවමනා සප්ලයි එක දෙන්න වියදං කරන බලය අනික් පැත්තෙන් ඊට වඩා ගන්න අමාරුයි...

      ඔය ඔක්කොම පැත්තකින් තියල අපි හදමුකො අයන් මෑන්ගෙ ආක් රිඇක්ටර් එකක්..අන්න ජෙනි

      @ MRI ගැන කියපු ඇනෝ

      එඩ්වඩ් ලීඩ්ස්ක්ලින් මහත්තයගෙ පොත් 2 ක් සහ පත්තර ආටිකල් එකක් තියෙනවා මචං කියවල බලපං...මමත් එවුව ටික දකිනකං හිතං හිටියෙ විදුලි බලය හෝ චුම්භක බලය සදා රඳවන්න පුලුවං සුපිරි සන්නායක වල විතරයි කියල...

      Delete
    7. අදයි දැනගත්තේ!!

      http://www.leedskalnin.com/

      ස්තුතියි මිත්‍රය!! චුබකත්වය නම් ඉතින් පසුවෙන්ම රදවල තියන්න පුළුවන්නේ. විදුලිය ගැන මම එහෙම එකක දැක්කේ මුල් වතාව.

      Delete
    8. @ MRI ගැන කියපු ඇනෝ

      නැහ් මචං...අපි දන්නෙ සහ අපිට උගන්නල තියෙන්නෙ විද්‍යුත් ලෙස හදන චුම්භකයක චුම්භක බලය රඳා පවතින්නෙ විදුලිය තියෙනකං කියල විතරනේ..බලන්න එඩ්වඩ් මහත්තය හදපු යූ හැඩයේ Perpetual Motion Holder එක විදුලිය නැතුවක් චුම්භකත්වයත් රඳවල තියාගන්න හැටි..

      එයාට අනුව විදුලිය බලය යනු උතුරු හා දකුණු චුම්බක අංශු වල එකිනෙකට ප්‍රථිවිරුද්ධ ගමනක්...

      මුලින් එයා ලියපු Magnetic Current පොත කියවල බලන්නකෝ..මෙන්න ලින්ක් එක

      http://magneticuniverse.com/uploads/FileUpload/cf/9db98095b5ce01d2a0cb71886b1b9a.pdf

      Delete
    9. ස්තුතියි ප්‍රතිචාරය කියවීමට.

      නැහැ මිත්‍රය, මෙහිදී ඔබේ දැනුම නිවැරදි නැහැ.

      මුලික චුභක අංශුවක් කියන්නේ යුගලනය නොවූ ඉලෙක්ට්‍රෝනයක් අයන හෝ අණු, බහු අවයවයක්, ස්පටිකයක් වෙන්නට පුළුවන්. ආරෝපණයක් භ්‍රමණය වීමෙන් තමයි චුම්භකතත්වයක් ඇතිවෙන්නේ. යුගලනය වූ ඉලෙක්ට්‍රොන වල නම් පෝලිගේ බහිෂ්කාර මුලධර්මයට (Pauli exclusion principle) අනුව බ්‍රමණ ක්වොන්ටම් අංකය (ms = +1/2 , -1/2) වීමෙන් භ්‍රමණය ප්‍රතිවුරුද්ධ අතට සිදුවන නිසා ඒවායේ චුම්භකත්වය උදසීන් වෙනවා.(තරමක් එහාට ගිහින් භෞතික විද්‍යාවේ සපෙක්ෂතවාදයට අනුව ගතහොත් ත්වරණය වන සමුද්දේශ රාමුවක සිට නිරීක්ෂණය කරනවිට ත්වරණය නොවෙන රාමුවක ඇති විද්‍යුත් ක්ෂේස්තරය්ක් නිරීක්ෂණය වන්නේ චුභක ක්ෂේස්තරයක් ලෙස, ත්වරණය ප්‍රතිවුරුද්ධ වීම නිසා කේෂ්ත්‍ර නිශේදනය වෙනවා) ඉතින් සාර්ව ලොව තුලත් මෙය මෙසේමයි. චුම්බහ අංශු එක දිශාවකට සකස් වීමෙන් චුම්බහක් ද්‍රව්‍ය ඇතිවෙනවා. චුම්බහ අංශු එක අහඹු ලෙස සකස් වීමෙන් චුම්බහකත්වය නැති වෙනවා.

      ඔබ කියන "විද්‍යුත් ලෙස හදන චුම්භකයක චුම්භක බලය රඳා පවතින්නෙ විදුලිය තියෙනකං කියල විතරනේ" කියන්නේ පැරා මැග්නටික් (para-magnetic) මැටීරියල්. චුම්භක ක්ෂේස්තරය ඉවත් කලාම අංශුන් නැවත තාපමය වික්ෂෝභනය (thermal agitation) නිසා නැවත අහඹු ලෙස සකස් වීම නිසා චුභ්කත්වය නැතිවී යනවා.

      තව තිබෙනවා ෆෙරෝ මැග්නටික් (ferromagnetic) සහ ෆෙරී (ferrimagnetic) මැග්නටික් මැටීරියල්. ඒවගේ චුම්භක ක්ෂේස්තරය ඉවත් කල පසුව වුනත් චුම්භක ක්ෂේස්ත්‍රයට අනුව සකස් වුන අංශුන් එලෙසම පැවතීම නිසා මේවගේ චුම්භකත්වය නිත්‍යව පවතිනවා. බොහෝවිට මිශ්‍ර ලෝහ ෆෙරෝ මැග්නටික් සහ ෆෙරී මැග්නටික් මැටීරියල් ලෙස දකින්න පුළුවන්.

      හැකිතරම් මුලික සිද්ධාන්තයන් යොදාගෙන පැහැදිලි කිරීමටයි උත්සහ කලේ.

      Delete
    10. @ MRI ගැන කියපු ඇනෝ

      මම මචං එඩ්වඩ් මහත්මයගෙ තියරිය ගැන තමයි පැහැදිලි කලේ..

      එඩ්වඩ් එයාගෙ පොතේ හරි අර පත්තර ආටිකල් එකේ හරි ඔය ඉලෙක්ට්‍රෝන තියරිය ඉවත දානව..එයා කියන්නෙ ඉලෙක්ට්‍රෝන කියා දෙයක් ලෝකයේ නැහැ..ඇත්තේ උතුරු චුම්බක අංශු දකුණු චුම්භක අංශු සහ ආරෝපනයක් රහිත නිශ්ක්‍රිය චුම්බක අංශු..මෙන්න ඒක ගැන තියෙන පත්තර ආටිකල් එක

      http://www.labyrinthina.com/ed-leedskalnins-rock-gate.html

      "ඔබ කියන "විද්‍යුත් ලෙස හදන චුම්භකයක චුම්භක බලය රඳා පවතින්නෙ විදුලිය තියෙනකං කියල විතරනේ" කියන්නේ පැරා මැග්නටික් (para-magnetic) මැටීරියල්. චුම්භක ක්ෂේස්තරය ඉවත් කලාම අංශුන් නැවත තාපමය වික්ෂෝභනය (thermal agitation) නිසා නැවත අහඹු ලෙස සකස් වීම නිසා චුභ්කත්වය නැතිවී යනවා."

      බලන්න මචං එඩ්වඩ් එයා හදපු Perpetual Motion Holder එකෙං ඔය තියරිය බොරු කරන හැටි...ඒ වගේමයි එයා පෙන්නනවා එතනදි විදුලි බලය යනු චුම්භක බලයමයි කියල..

      https://www.youtube.com/watch?v=DAtsWeNX9ew

      https://youtu.be/Bwws-LlBGNU?list=PLZPD3AEMJNHT5MiAHzYtCanfGlYH5dXb1

      Delete
    11. ඉලෙක්රෝන කියා දෙයක් නොමැති බව නම් පිළිගන්නට අමාරුයි. මොකද ඉලෙක්ච්ට්‍රෝනය භෞතිකව පැවැත්ම තහවුරු කර ඇති අංශුවක් නිසා. 1945 දී පමණ ඔහු එය කියන කාලයේදී හු එසේ සිතන්නට ඇති. ලගදී ගර්විටෝන්ය පවා බහුතික පැවැත්ම තහවුරු වුන.

      විදුලි බලය යනු චුභක බලයම තමයි. එනිසයි විද්‍යුත්-චුම්භක බලය යයි කිඅන්නේ. එය අයින්ස්ටයින් විසින් ඉතාමතම පැහැදිලි කරන ලද දෙයක්. ලොව තිබෙන්නේ බල වර්ග 4ක් පමණයි.

      1) ප්‍රබහල නය්ෂ්ටික බල (ග්ලුඔන හුවමාරුවෙන් ක්‍රියාත්මක වේ)
      2) දුර්වල නයශිට්ක බල (W සහ Z බෝසෝන් හුවමාරුවෙන් ක්‍රියාත්මක වේ 3) ගුරුත්වාකර්ෂණ බල (ග්රවිටෝන හුවමාරුවෙන් ක්‍රියාත්මක වේ)
      4) විද්‍යුත්-ච්ම්භක බල (ෆෝටෝන හුවමාරුවෙන් ක්‍රියාත්මක වේ)

      Grand Unified Theory මගින් සාකච්චා කරන්නේ මේ බල 4 එක බලයකට උණනය කල හැකි මුල් විශ්වයේ තත්වයන්ය.

      මේ සියල්ල මොඩලයන් ය.

      සරලව පැහැදිලි කිරීමට පහත සබැඳිය සුදුසුය

      http://hyperphysics.phy-astr.gsu.edu/hbase/forces/exchg.html

      Delete
    12. ඉස්කෝලෙන්...වටෙන් පිටෙන් අපි ඉගෙනගත් සියලු තියරි අමතක කරල මේක කියවල බලන්නකෝ....

      http://www.labyrinthina.com/ed-leedskalnins-rock-gate.html


      මේ එඩ්වඩ් කියන්නෙ අයින්ස්ටයින් වගේ මහත්තුරු ඔය තියරි පැහැදිලි කරන්න දත කන කාලෙ ප්‍රැක්ටිකල් ගුරුත්වය සහ විදුලිය එකට එකතු කරපු මිනිහෙක්...හොයල බලන්නකෝ..

      Delete
    13. //ඉස්කෝලෙන්...වටෙන් පිටෙන් අපි ඉගෙනගත් සියලු තියරි අමතක කරල මේක කියවල බලන්නකෝ...//

      හා !!

      Delete
    14. මං හිතන්නෙත් විදුලි බලය කියන්නේ චුම්බක බලයක් කියලයි. ඔබලාගේ දැනුම බෙදා හැරීම ලැන ස්තුතියි..

      Delete
    15. ටෙස්ලාගෙ ලිපි පෙලින් පස්සෙ කොරල් මාලිගාවේ නිර්මාතෘ එඩ්වඩ් මහත්මයා ගැන ලිපි පෙලක් ලියන්න කියලා දේශකයට ආරාධනා කරනවා.....

      Delete
    16. ඔබ කියන්නේ මේ ගැනද?? මම නං ඇහැව්වෙත් අදයි.. ස්තුතියි.
      http://www.livescience.com/41075-coral-castle.html

      Delete
    17. ඔවු....මේක තමයි

      අනික් ඇනෝගෙයි මගෙයි කමෙන්ට් ටික කියවලා මම හිතුවා දේශකයා කොරල් මාලිගාව ගැන දැනටම දන්නව කියල...

      එඩ්වඩ් මහත්තයා විදුලිය සහ චුම්බකත්වය ගැන අවුරුදු කීපයක් පරීක්ෂන කරපු කෙනෙක්...ඔය කොරල් මාලිගාව ඒ පරීක්ෂන වල පුදුම සහගත නිර්මානය තමයි...එතුමා පොත් 3 ක් සහ එක පත්තර ආටිකල් එකක් ලියල තියෙනවා... කියවල බලන්න..ගොඩක් සරලයි ඒ වගේම තාර්කියයි... එතුමගෙ පොත් වල තමයි තියෙන්නෙ විදුලිය යනු ඉලෙක්ට්‍රෝන වලින් සෑදුන දෙයක් නොව චුම්බක බලය කියල...

      මුලින් එයා ලියපු Magnetic Current පොත කියවල බලන්නකෝ..මෙන්න ලින්ක් එක

      http://magneticuniverse.com/uploads/FileUpload/cf/9db98095b5ce01d2a0cb71886b1b9a.pdf

      මෙන්න පත්තර ආටිකල් එක...

      http://www.labyrinthina.com/ed-leedskalnins-rock-gate.html


      දේශකයා ගවේෂකයෙක් නිසා මේ ලින්ක් සෑහෙන්න වැදගත් වෙයි...

      Delete
    18. බෝම ස්තුතියි.. මිත්‍රතයා. මේ මැගල්නටික් කරන්ට් ගැන ටෙස්ලා ගැන හොයාගෙන යද්දි මට අහු උනා. ඒත් ඒ ගැන වැඩිදුර හොයන්න තරං මේ දවස් වල මට ඉඩක් නැහැ. ඒකයි අවුල.. ඔබට ස්තුතියි මේ සබැඳියන් වලට. අනිවාර්යෛන්ම මම මේවා කියවනවා.. ජය

      Delete
    19. https://www.youtube.com/watch?v=WwUYgabGw9g&lc=-6kTSQ4MvK1DLVXNdtKYiNnbCg1IsPs73Qw81AMQ3ic

      සරල සහ සුපිරිම ලෙස මැග්නටික් කරන්ට්

      Delete
    20. බොහොම ස්තූතියි ලින්ක් වලට සහ පැහැදිලි කිරීමට. අනිවර්ය්යනෙම කියවල බලන්න ඕනේ ලිපි ටිකක්.

      Delete
  15. වෙනස්ම දෙයක්.. ඉතුරු ටිකත් එනකන්, යේලා යේලා..

    ReplyDelete
    Replies
    1. යෙලා යෙලා.. මෙන්න ඇවිත්.. හිටිං හිටිං හෙමින් දාමු..

      Delete
  16. Replies
    1. උඹල ඔච්චර කියන එකේ පරක්කු කරන්නත් බෑනේ.. බලමුකෝ.

      Delete
  17. විද්‍යුතයයි චුම්භකත්වයයි දැනගෙනහිටියානම්
    කොළඹ ගිහින් පනන් ගොඩක් ගේන
    මමත් අද මාෆියා රජෙකි පුතුනේ
    නොතේරෙන මගුල් කථාකරන සඳ
    සෑහෙන තදවෙනවානේ

    ReplyDelete
    Replies
    1. දැං මේකේ නොතේරෙන මොකවත්ම කියල නැහැ දයල්. මම අමාරුවේ වැටිල ඉන්නේ මොකද මේ සමහර යාන්‍රතික කාර්මික විදුලි දේවල් සිංහලයෙන් පැහැදිල කිරීම අපහසුයි සරලව

      Delete
  18. ටෙස්ලා හරි හිතුවක්කාර පොරක් වගේනේ.

    ReplyDelete
    Replies
    1. හිතුවක්කාරමත් නැහැ.. පුල් ජෙන්ටෙක්.

      Delete
  19. ස්තුතියි දේශකතුමා

    ReplyDelete
  20. ටෙස්ලා ගේ සොයාගත් විදුලිය නිපදවීමේ ඉතා පහසු ක්‍රමවේදයක් නොසලකා හැරපු එකෙන් මුළු ලෝකෙටම අසාධාරණයක් උනාය කියල මම අහල තියෙනවා...

    ඔය හැම එකක්ම පැහැදිළි කරලා ලියාපිය...

    ReplyDelete
    Replies
    1. තවමත් මේ යෝධ බුවල්ලෝ ඒවට අකුල් හෙලනවා බං.

      Delete
  21. අඩෝ ටෙක්සලා... කෝ මේකෙ ඉතුරු ටික. හැක්..

    ReplyDelete
  22. ඔන්න එහෙනම් තුන්වෙනි ලිපියත් කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. ජය වේවා ෂෙහාන්..

      Delete
  23. ලියමු ලියමු ටෙස්ලා ගැන.

    ReplyDelete
    Replies
    1. ලියමි ලියමි ටෙස්ලා ගැන

      Delete