Saturday, March 12, 2016

සුභ ගමන් මහාචාර්යතුමනි!!

හදිසියේ අප අතරින් සමුගත්, කැළණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ආචාර්යවරයෙකු වූත්, සිංහල සාහිත්‍යයට මහගු සේවාවක් ඉටු කළා වුත්, කෙටි කතාවට නවමු ආඛ්‍යානයක් ඉදිරිපත් කලා වූත්, නවකතාව පරයේෂණන් හා සතත අභ්‍යාසන්හි නිමවුමක් බවටත් අපට පසක් කළ, මහාචාර්ය සුසන්ත මහඋල්පත මහතාට සුභ ගමන්!

ඔබ වැනි උගතෙකු, පර්යේෂකයෙකු, නවකාතවේ නවමං එළි පෙහෙළි කළ, ඉතිහාසය පර්යේෂන මගින් සාධාරණිකරණය කළාවුත් අනෙකෙකු මේ කාලයේ සිටියේ නම් ඒ ඔබම පමණි. ඔබගේ සාකච්ඡා කිහිපයක්ම මා පුවත්පත් වලින් කියවා ඇති නිසා, ඔබගේව්‍යායාමය කුමක් දැයි හොදින්ම දැන සිටියෙමි.

මෙවන් අරුම නරුම රටක ඔබගේ අභාවය ගැන හෝ සදහනක් නොමැති පුවත්පත්, ලේ වැකුණු පින්තුර හුවමාරු කරන ගොසිප් සයිට්, නිව්ස් සයිට් දැක අප්‍රමාණ කළකිරීමක් ඇති විය.
සුභ ගමන් ආචාර්යතුමනි...




33 comments:

  1. ඔහුට සුබ ගමන්......

    ReplyDelete
  2. දේශා......දෙරණේ ගියා කතා කරන පොත් කියලා වැඩසටහනක්. එදා තමයි මම මෙතුමා කවුද කියලා දැක්කේ. ඔහු ඉතා නිහතමානී කෙනෙක් බව මට හිතුනා. අද පවතින මාධ්‍ය විහිලු දිහා බලනකොට නම් අප්පිරියයි තමයි. ජනප්‍රියත්වය සඳහාම හැම කෙනෙක්ම යටවෙලා. සියලුම මාධ්‍යයන්ට මේ චෝදනාව වලංගුයි. මේ වැඩ සටහන බලපන්.

    එතුමාට නිවන් සුව. Aru.

    ReplyDelete
    Replies
    1. අරූ අය්යේ මෙන්න ..

      https://www.youtube.com/watch?v=HktInF3TTSM

      Delete
    2. Thanks!!!!Aru.

      Delete
    3. මමත් මේකෙන් තමයි මෙතුමාගැන ඉස්සලම දැනගත්තේ.

      Delete
  3. සුභ ගමන් මහාචාර්ය තුමනි !!!

    සුමිහිරි සුවඳති මල් ඇයි මෙතරම්
    හනිකට පරවෙන්නේ ....

    https://www.youtube.com/watch?v=Vqsivuj2FDY

    ReplyDelete
  4. ඕව ඔහොම තමා සින්දුවෝ. වයස කියද නැතිවෙනකොට?
    http://nelumyaya.com/?p=5355

    ReplyDelete
  5. ඔහුට නිවන් සුව පතමි

    ReplyDelete
  6. අවංකවම කතා කළොත්, මම මෙතුමා ගැන ඇහුවෙත් අදයි....

    එතුමාට නිවන් සුව පතමි !

    ReplyDelete
    Replies
    1. අනේ මමත් එහෙමයි
      එතුමාට නිවන් සුව පතමි!

      Delete
    2. මම කියලත් ඉතිං ඊට වැඩිය වෙනසක් කොයින්ද.

      Delete
  7. ස්තූතියි එතුමා ගැන දැනුවත් කලාට.
    එතුමාට නිවන්සුව අත්වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
  8. සුභ ගමන්! කියන්න බැරි තරම් ලොකු පාඩුවක්.. :(

    ReplyDelete
  9. භාෂාව තව දුරටත් පිරිහෙන්නේ මෙවැනි උගතුන් වියැකී යාමෙන්. එතුමාට නිවන් සුව අත්වේවා!

    ReplyDelete
  10. හපොයි එතුමා අභාවප්‍රාප්ත වෙලාද? මම එතුමාගෙ කෘතියක් කියවන්න බොහොම ආසාවෙන් ඉන්නෙ. තවම එකක්වත් කියවන්න ලැබිලා නෑ.

    සුබ ගමන්...මහතාණනි!

    ReplyDelete
    Replies
    1. සූරියවච්චසා කියවන්න රවි මාමේ.. මං කියවපු හොඳම කෙටිකතා එකතුවක්..!!

      Delete
  11. අනේ බං ඇහුවෙත් දැන්

    ReplyDelete
  12. 'අෂාඪ පුෂ්පය' පොත මගේ ලඟ තියෙනවා. ඒක ලීවේ මෙයා බව දැනගෙන හිටියේ නෑ. ඇත්තම කීවොත් ඒ කවුද කියලා දැනගෙන හිටියෙත් නෑ.:(

    සුබ ගමන් පතනවා. ඔහු නිවී සැනහේවා

    ReplyDelete
    Replies
    1. මෙතුමා ආෂාඪ පුෂ්පය කියන්නේ ඇසළ මල බවත්, පර්ජාන්‍ය යනු වර්ශාව බවත්, එක් වතාවක මාධ‍යේ කාටද පහදා දුන් බවක් මතකයි. Aru

      Delete
    2. thanks. අරූ ඇයි දැන් ලියන්නේ නැත්තේ?

      Delete
    3. ආෂාඪ පුෂ්පය කියන්නේ ඇසළ මලට කියා බව මාද ඇසුවා.
      ඔහුගේ පොත් තුනම කියවන්න කැමැත්තෙන් ඉන්නවා.මම හිතන්නේ පොත් තුනම ගොඩගේ.
      ඔහුට සුබ ගමන්.

      Delete
  13. ආචාර්ය සුසන්ත මහඋල්පත තමා ලංකාදීප විමංසා ආධුනික කෙටි කතා වලට විචාරය ලිව්වේ කාලයක් ,මෑතකදී ඔදක් ඒවාට ලිව්වේ නෑ .

    එතුමාට සුබ ගමන්

    ReplyDelete
  14. //මෙවන් අරුම නරුම රටක ඔබගේ අභාවය ගැන හෝ සදහනක් නොමැති පුවත්පත්, ලේ වැකුණු පින්තුර හුවමාරු කරන ගොසිප් සයිට්, නිව්ස් සයිට් දැක අප්‍රමාණ කළකිරීමක් ඇති විය

    කියන්න තියන සියල්ලම!

    ReplyDelete
  15. එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
  16. එතුමා ගැන සටහනක් තැබූ උඔට ස්තූතියි. එතුමන්ට සුබ ගමන් !

    ReplyDelete
  17. නිවන් සුව සුසන්ත මාමේ.. අපි මුණ ගැහී තිබෙන්නේ දෙවරක් තුන්වරක් විතරයි.ඒ හැම වෙලාවකම ඔබ සුන්දර ව හිනා වෙලා මගෙ හිස අතගෑවා මතකයි.. අහිංසක යහපත් මිනිහෙක් වෙන් වී ගියාම දැනෙන වේදනාව දරාගැන්මට හරි අසීරුයි..

    ReplyDelete
  18. ආෂාඪ පුෂ්පය, රන් කොතලය දෙක තියනවා, තවම කියවන්න බැරි වුණා... කියවා අඳුනගන්න බොහොම උවමනාවෙන් හිටියේ... ඔහුට සුභ රාත්‍රියක්...

    ReplyDelete
  19. ඉස්සරහට බිහි වෙන්න තිබ්බ වටීනා සාහිත්‍ය පොත් සම්පතක් අපිට අහිමි උනා. ඔහුට සුබ ගමන් !

    ReplyDelete
  20. මහාචාර්යතුමා ගැන දැනගත්තේ මේ පෝස්ට් එකෙන්. නිවන් සුව පතමි!

    ReplyDelete
  21. මේ ගැන දැනුවත් කළාට ස්තුතියි!

    ReplyDelete
  22. සුසන්ත මහඋල්පත මහතා පිළිබඳව අදහස් දැක්වූ ඔබ සැමට ස්තුතියි. ඉවාන් කිව්ව වගේ ලංකාදිප විමංසා වල කෙටි කතා විචාරයත් කාලයකට ඉහතදි ඔහු විසින් ඉටු කළා. නමුත් තවමත් අවම වශයෙන් ලංකාදීපයේ හෝ ඔහු ගැන සදහනක් නැහැ. ඉතිං අනිත් ඒවා ගැන වැඩක් නෑනේ. මම පත්තර කීපයකටම කිව්වා ඔහුගේ අභාවය ගැන සදහන් කරන්න කියලා. ඒවා කෙරුනෙත් නැහැ. ඒත් ඊයේ සේයාගේ අම්මා පොඩි එකාගේ පින්තුරේ පත්තර වල දානන් එපා කියල කිව්වත්, අද හැම පත්තරේම ඒ පින්තුරේ දාලා. අපිට තියෙන්නේ වලුබුරු මාධය සංස්කෘතියක් දැං.

    ReplyDelete
  23. ස්තුතියි එතුමා ගැන දැනුවත් කලාට. එතුමාට නිවන්සුව පතනවා!

    ReplyDelete
  24. මහ උල්පත් සිදෙන්නේ නිහඬවයි.

    ReplyDelete