Monday, February 17, 2014

දන්සැල් බත්!!

“මොකක්ද ඕයි කරන්නේ.. අහකට වෙයන්.. පිස්සා“

මහ හයියෙන් ඇසුන මේ ගෝරනාඩුවට බිම වාඩි වී යම් දෙයක් අහුලමින් හුන් සුගතපාලගේ මවිල් කෙලින් වී ගියේය. ඔහු සිටියේ කිසිවක්ම නෑසෙන නිහඬ මානසිකත්වයකිනි. එක් වරම පතිත වූ මරාලයක් පරිද්දෙන් සෙන හඩ නැගුවේ කව්රුන්දැයි ඔහු සැලෙන හදින් යුතුව හිස හරවා බැලුවේය.

දන්සැලේ කප්පරක් වැඩ කළ, රතු ටී ෂර්ට් එකකින් සැරසීගත් පැනමා තෝප්පියක් පැළද, බාගෙට බාන ලද රැවුලෙන් යුත් ඔහුව සුගතපාල අද දිනය තුල දෑතේ ඇඟිලි ගානටත් වඩා දැක ඇත. සුදානම් වෙමින් පවතින මහා කර්තව්‍යයක විශාල බරක් ඇද්දේ මොහු බව දවස පුරාම විමසිල්ලෙන් සිටි සුගතපාලට නොරහසකි. ඒ අනුව මේ ස්ථානයේ තමන්ට වඩා කෙරුම්කාරයෙකු සිටින වගත් හේ තමාට තර්ජනාංගුලියක් එල්ල කර ඇති බවත් දැන ගත් සුගතපාල බියෙන් ගැහෙමින් හෙමින් සැරේ තම දෙපා දිග අරිමින් නැගිටින්නට විය.

“මොකක්ද මනුස්සයෝ කරන්නේ.. තමුසෙට පිස්සුද හැබෑට මේ අමුහාල් ඇහිදින්න“

“මම මේ... මේ...“

“හරි හරි.. දැං යනවා ආයි පස් පාගන්නෑ මේ හරියේ හරිද? මට දැකල පුරුදුයි කොයි හරියෙද ගෙවල්“

“නෑ නෑ මහත්තයෝ මං මෙහෙ නෙමෙයි.. මං දුර“ කටට ආ බොරුව විගසින් ඇද බෑ සුගතපාල අඩියට දෙකට තද හුස්මක් ගනිමින් එතැනින් දිව ගියේ කරන්න ගිය වැඩයටත් වඩා තමන්ගේ අනන්‍යතාවය හෙලිවේයැයි යන උපන් ලැජ්ජාවෙනි.

“සනී මහත්තයා මොකක්ද කේස් එක“ එතැනට පැමිණි අයෙකු විමසන අයුරු තමන්ගේ පිටුපසින් ඇසුනද නැවත හැරීමක් නැතිවම සුගතපාල දුවන්නට විය.

“නෑ තෝමස්.. අර මිනිහා දැං අපි වීසි කරපු අමු හාල් ටික ඇහිද ඇහිද හිටියේ. මොකටද අප්පා මේ බල්ලොත් නොකන බත් ඇට ඇහිදින්නේ. එක්කෝ ඌට පිස්සු ඇති.“

“වෙන්න ඇති මහත්තයෝ. මේවයේ පිස්සෝ, මෝඩයෝ වැහිවැහැලා. ඔන්න බලන්න මේ පාර නං දන්සැලේ වැඩේ ලස්සනට කෙරෙයි. ආයි මොනා අහන්නද සනී මහත්තයල ඉන්න කොට“

“හැක් හැක්.. ඒකනේ බං.. මේ උදේ පාන්දර බලහං අර බුරු කුක් කාරයා කරපු වැඩේ. හාල් කිලෝ 25 ක්ම ඉවරයි බං. මං ඌට දෙසා බෑවා උගේ හම ගැලවෙන්නම. අපරාදේ නේ බං. මූට තිබ්බේ උණු වතුර දාන්න නේ බතට. ඒකවත් දන්නැති හරකෙක්.“

“ඇයි මහත්තයෝ අපි උනත් ගෙදර බත් මුට්ටිය පැහිල නැත්නං ගොජ ගොජ ගාල නටන උනු වතුර ටිකක් දාලා ටිකක් රත් උනාම ගානට එන බව දන්න එකේ.. මුං කුක්ලද මහත්තයෝ. ඔය අර බඩවැටියේ නිමලා ගෙනාපු එකා නේද“

“ඔව් ඔව් නිමල් එක්ක ආපු බාස් තමා. තමුසේ දන්නවද මිනිහව“

“සනී මහත්තයට මතකද අර දැල්කඩ තිබ්බ සොන්නාදර හාමුදුරුවන්ගේ දන්සැල??“

“ඔව් අර ගිය පාර මහ ගිනිවිජුජුම්බරයක් උනේ“

“ආන්න හරි.. මේ යකා තමා ඒකේ උයල තියෙන්නේ“

“හැබෑට.. මං දන්නෑ නෙව බං ඒක“

“මහත්තයට කියන්න. මූ රෑ හොද එකෙන් ගහල, පැයක් විතර නිදාගෙන වැඩේ පටන් අරගෙන තනියම බත් මුට්ටි තුනම තියලා.. එතන කිලෝ 75 ක් ලු. මේකා බත අංඤකොරොස් කරන් තියෙන්නේ ඇල් වතුරෙන් බත හදන්න ගිහිල්ලා.“

“අම්මප බං. මේකව දැම්ම එලවල දාන්න ඕන.. ඔය මහ බත් මුට්ටි හදද්දි ඉස්සෙල්ලම වතුර එක නටවල පස්සේ නෙව හාල් ටික දාන්නේ. යමං බලන්න. දැං ඕකා අනිත් බත ගහනවද මන්දා.. ඉවරයි බං එහෙම උනොත්“

පාරේ හති හලමින් උදේ පාන්දර දිව ගිය සුගතපාල පසුපස බල්ලන් කීප දෙනෙකු බුරාගෙන පැමිණියද, මහ හයියෙන් දෙසාබාන ලද කුනුහරුප වැලකට අසුවී උන් පසු බා ගියහ. දන්සැලේ බල්බ් වැල් නොපෙනන මානයකට දිව ගිය සුගතපාල පාර අයිනේ තිබූ කළු ගලක් උඩ ඇන තියාන, තමන්වම සමනය කරගන්නට විය. ඔහුගේ හුස්ම ගැනීමේ රිද්මය විනාඩි කිහිපයක් ගත වන තෙක්ම නිසියාකාරව තබා ගන්නට නොහැකි වුයේ බැරි වීමකින් හෝ දන්සැලේ කව්රුන් හෝ තමා කව්දැයි බලන්නට එන්නේ දැයි ඔහු තුල සැකයක් තිබූ බැවිනි.

ඊයේ රාත්තිරියේ නන්දාවතී ලුණුවිල කොළ මැල්ලුමක් රත් කොට බලෙන් මෙන් පොඩි උන් දෙන්නාට ගිල්ලන අයුරු දුටු සුගතපාලට තමාගේ කටේ කෙල ටිකවත් ගිල ගන්නට නොහැකි වූ අයුරු තරු එළිය අතරින් සිහිපත් වී නැවත උගුර වේලී ගියාක් මෙන් සුගතපාලට දැනෙන්ට විය. තමා සහ නන්දාවති මේ විදින්නේ ජීවිතයේ එපාම කරපු කාලය බව සුගතපාලට ස්ථිරය. එවැනි කාලයක් මෙතුවක් කාලෙකට පැමිණ නොමැති බව ඔහු සිහිපත් කරන්නේ, කැපුවත් කොළ දේශපාලනය උදෙසාම ඡන්දය දුන් අයෙකු වන නිසාය. අම්ම මුත්ත කිව්වත් වෙන පාටකට නොහැරුනු සුගතෙට ඡන්දය දුන් අයගෙන් හෝ කවදාවත් සහනයක් නොලැබිණි. 

මනාපේ ගිඟාකමින් ගෙයින් ගෙට ගිය සමරක්කොඩි මන්ත්‍රීතුමා තම ගෙයි සිමෙන්ති නොදැමු මැටි පොළව දැක සිමෙන්ති දමාගැනීම සදහා තමන්ගේ පොකැට් එකෙන්ම සල්ලි දෙන බව පවසා සිටි අයුරු මතක් වූ ඔහුට එදා තමාගේ නෙතින් වැටුනු කදුළු බිදු ගැන දුක් විය. තවත් කදුලක් දැන් ඔහුගේ දෙකොපුල හරහා ගලන්නට වන්නේ වල හැගුණු මැටි පොළව සිහි වීමෙනි. මොනා උනත් ප්‍රේමදාස උන්නැහේගේ කාලයේ අල බතලයක් හෝ තම්බාගෙන කන්නට හැකියාවක් තිබු බව කියා, තවමත් මහ සෙනගක් ඉදිරියේ වුවද සාධුකාර දී පේමදාස උන්නැහෙට පිං දෙන්නට සුගතපාල පසු නොබායි. 

ජීවිතයේ හැටි එහෙමය. සුගතපාලගේ කුලී වැඩ කෙරුවාවද දැං කරන්නට බැරිය. වසර දෙකක් තිස්සේ එක දිගට පැය දෙකක් වැඩ කරන්නට පවා නොහැකි කාස ගතිය දවසේ පඩිය ගන්නට ප්‍රමාණවත් නොවීය. මේ හේතුවෙන් පැයකට විනාඩි පහ දහය හති හලන මිනිහෙකුගෙන් වැඩක් අරන් කුමටදැයි කල්පනා කළ ගම් වැසියන් සුගතපාල ප්‍රතික්ෂේප කළහ. ඒ මිනිස්සුන්ට අවැසි වුයේ උදේ අටේ සිට හුස්මක් වත් නොගෙන වැඩ කරන යකඩයෙක් පමණි. විනාඩියකට හෝ මහන්සි ඇරීම යකඩයාගේ සිරිතක් නොවන බව දන්නා ඒ අය තත්පරයක් ගානේ කුලීකරුවා දිහා ඇස් නොසොල්වා බලා සිටී. ඇගපතේ මස් පිඩු කොයි තරම් කෑ ගැවද සුගතපාල එක දිගට පැය දෙකක් වැඩ කරන්නට ගත් වැය, අයක් නම් නොවීය. සමහර දින වල වරුවක් වත් වැඩ කරන්නට නොදී තමා එළවාගත් බව මතක් වන විට සුගතපාලගේ මස් දඩු රත් වෙයි. කිසිදු හව්හරණක් නැති පොඩි උන් දෙන්නා ගැන සිතන සුගතපාල ට පිහිට වීමට මිනිසුන් නොසිටියහ.

තමා මහ රාත්තිරියේ සිටම බලා සිටියේ දන්සැලේ කුමක් හෝ වැඩකට ඉදිරිපත් වීමට බව සුගතපාල හොද හැටි දැන සිටියේය එහෙත් ඔහුගේ මලානික කම දන්සැල් භූමිය ඇතුලට ඔහුව පිටත් කර යැව්වේ නැත. එසේද නොවේ. තවත් තැනකින් එළවා දැමීමට ඔහු නොකැමති වූ සේය. පැය දෙකක් වත් කය වෙහෙසා වැඩක් පලක් කළ නොහැකි බත් බැලයෙක්ගෙන් ඇති පලය කුමක්දැයි ඇසීම අනිවාර්ය බව දන්නා සුගතපාල ඒ දිහාවට නොගොස් ඈත සිට උනන්දුවෙන් ඒ දිහා බලා සිටියේය. එහෙත් ඉරු උදා වන තෙක්ම තමා ගැන නොතැකූ අය ගණන් කිරීමට පවා සුගතපාලට නොහැකිය. ඔහු සියයට වඩා ගණන් කීමට නොදන්නේය.

පාන්දර යාමයේ දන්සැල් භූමියේ පිටුපස සිට පාර දෙසට ඔසවාගෙන ආ මහ බත් හට්ටියක් කුනු ගොඩට හලනු දුටු සුගතපාල ඒ දෙස විමසිල්ලෙන් බැලීය. මුනින් තලා කොට බිම තබන ලද ඇලුමීනියම් හට්ටියේ පතුලට පත්තෙන් සෙමින් පහර දී එහි ඇති දේ බිමට දමනු ඔහු දුටුවේය. හට්ටිය ඉවත් කළ විට එතැන සුදු පැහැයෙන් කුඩා කන්දක් බැදී ඇති අයුරු දුටු සුගතපාල ඒ බත් හට්ටිය බිමට හැලුවේ කුමක් නිසාදැයි ඇස් කන් අයාගෙන බලා සිටියේය.

කිසිදු වගක් නැතිව හිස් හට්ටිය ඔසවාගත් දෙදෙනා පසු පසින් අනෙක් දෙදෙනා යනු දුටු ඔහු ටික වෙලාවක් නිසොල්මනේ සිටියේය. තව ටිකකින් තම සිත තුල කෑකෑරෙන උවමනාව දරුවන්ගේ උදෑසන ආහාරය වෙනුවෙන් නොවේදැයි ඔහුටම සිතිනි. එයින් නව පණක් ලද සුගතපාල අඩියට දෙකට බත් කන්ද දෙසට ඇවිද ගොස් ඒ පාමුල ඇණතියාන පරික්ෂාව පටන් ගත්තේය.

තරමක රස්නයෙන් යුත් හාල් කන්දෙන් ඇට කීපයක් දකුණතට ගෙන කටට ඔබා බැලු සුගතපාලට එහි අති අමුගතිය එක් වරම දැනිනි. එහෙත් මෙවැනි අමු හාල් පවා කෑමට ගත හැකි පරිදි පිළීයෙල කරන්නේ කෙසේදැයි දැනගැනීමට තරම් සුගතපාල දක්ෂයෙකු විය. හැකි ඉක්මනින් කන්දෙන් වැඩි ප්‍රමාණයක් තම කැහිපට ගැසු සරමේ කඳු ගසන්නට සුගතපාල ගත් තැත එතැනම ලොප් විය.

ඇණ තියාගත් කළු ගලෙන් මෑත් වූ සුගතපාල තරු එළියට පිටදී සෙමින් සෙමින් තම නිවෙස බලා පා නගන්නට විය. තව වැඩි වෙලාවක් නොයාම තරු එළිය, එළියක් නොවන බව සුගතපාල මෙන්ම මුළු ලෝකයම දැන සිටියහ. 

125 comments:

  1. වතුර උණු කරලාද හාල් දාන්නේ. මම දැනගෙන හිටියේ නෑ. මම නම් හාල් දාලා, වතුර දාලා තමා රයිස් කුකර් එක ගහන්නේ. දැන් ඉතින් වතුර උණු කරලා දාන්ට ඕනි. :)

    සුගතපාලට අර අමු බත් ගෙනියන්ට බැරි උණේ ඇයි?

    ReplyDelete
    Replies
    1. මුල් ඡේද ටික ඒ ගැන තමා තියෙන්නේ පොඩ්ඩි.. මෙහෙමයි හාල් ලොට් එකක් උයන කොට එහෙමයි. ඒත් අපි ගෙදර උයන ඩිංගට එහෙම කරන්න ඕන නෑ..

      Delete
    2. පොඩි අක්ක දාන ගෙවල් වල එහෙම උයනවා දැකල නැතෙයි? :)

      Delete
    3. ඔස්ටරේලියාවේ ඒවා නෑ බං.

      Delete
    4. පොඩ්ඩක් උයනකොට වතුර රත්කරල දාන්න ඕන නෑ. සාස්පාං වල ගොඩක් උයනකොට තමයි ඒ දේ කරන්නෙ.

      Delete
    5. හුටා, මම කොමෙන්ට් එක දානකොට මේ උඩ ටික තිබ්බෙ නෑනෙ. :D

      Delete
    6. උඹත් දන්සැල් බත් කාරයෙක්ද මන්දා බාසෝ...!!

      Delete
    7. මොන ටිකද බං.. මම වෙනස් කරේ නෑ..

      Delete
    8. දන්සැල් වල විතරද ඕව කරන්නෙ, ඇයි දානෙ ගෙවල්, මල ගෙවල්වල.

      Delete
    9. මම කිවුවෙ පොඩ්ඩිගෙ කොමෙන්ට් එකට දාල තියෙන රිප්ලයි ටික. :D

      Delete
    10. වෑසට යන කොට ඕම තමා පුතා... ප්‍රසා..

      Delete
    11. ගියපාර මං අවසාන හරියේ දාපු කොමෙන්ටුව හොයාගන්න අමාරු නිසා ගජයක් ගහන්න බැලුවා.

      put ourself into Sugathapala's shoes

      අනෙක් අයගෙ පැත්තෙනුත් හිතන්න ඔබ අපිව යොමු කරනව,
      අපි දෙමළ උනා නම්
      යාපනේ හිටිය නම්
      අපේ නායකව මරල
      අනෙක් කොටස් ජය පැන් බිව්ව නම්
      ශිෂ්‍යත්වය දිහා බලාගෙන හිටිය දෙමාපියන්ට ඒක
      ඉවත් කලාම
      ශිෂ්‍යත්වය නිසා ළමයි විශාල ලෙස පීඩනයට පත්වෙනව නම්

      තව කොච්චර දේවල් තියෙනවද හිතන්න

      Delete
    12. correction

      put ourselves into Sugathapala's shoes

      Delete
    13. තැන්කුයි.. මට තේරුනෙන් නෑ බං...

      Delete
  2. //කඳු ගසන්නට සුගතපාල ගත් නැත එතැනම ලොප් විය// එතන නැත ද? තැත ද බන් එන්නෙ?
    නියම නිර්මානයක් දේශකයෝ :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සසින්දු.. එතැන වැරදිලා මම හදන්නං උඹ හරි. තැන්කුයි

      Delete
  3. ඇත්තටම ඔය දන්සැල්, තව මහා පරිමාන පිංකම් වල හෙම වැඩි හරියක් තියන්නෙ ලෝකෙට පේන්න කරන සෝබන වැඩ... ලැබිය යුත්තො ඉන්නෙ කොහෙවත්.. කතන්දරේ ටොප්...

    ReplyDelete
    Replies
    1. හැමතැනදිම ඒක එහෙම තමා බං චං... තැන්කුයි

      Delete
  4. හි දැන් සල් බත් කන්න මාත් හරි ආසයි ඉදගෙන ,ඔක්කොම ලෝකෙට පේන්න කරන විකාර තමයි ,, ඔයාගේ ලියවිල්ල හරිම ෂෝයි

    ReplyDelete
    Replies
    1. තැන්කුයි ඔමා. ඔක්කෝම සෝබනේ.. දන්සැල් කන්නෙත් ඇතිහැකි ඈයොම තමා බං...

      Delete
    2. ඔමා ගෙ කතාවට එකඟ යි. හැබැයි ඉතින් දන්සැල්වලින් කන්න මාත් මාර ආස යි...)))

      Delete
    3. අපිත් වෙසක් පොසොන් වලට දන්සැල්ම තමා කන්නේ.. හැක්.. ඔමාගේ කතාව හරි

      Delete
  5. මොන ලබ්බටද බං අර විසිකරපු ටිකවත් අර යකාට අරං යන්න දුන්නෙ නැත්තෙ.
    පිංවන්ත දෑතකින් බර ගානක් එක්ක විවෘත කරනව මිසක් දන් උනත් නිකං දෙන සිරිතක් අපේ නෑනෙ. අපි ලෝකෙ අනික් මිනිස්සුන්ට වඩා වෙනස් ජාතියක් නෙ. :D

    ReplyDelete
    Replies
    1. පිස්සෝ කුනුගොඩවල් අවුස්සනවා කියල හිතන්න ඇති.. දේශිය චින්තනය නෙහ්.. හැක්..

      Delete
    2. හළි නාකයි. ඔයා දැක්කේ නෑ...!!!

      Delete
  6. මෙය නිර්මාණයක් පමණක් බවත් මෙසේ කෑමට දෙයක් නොමැතිව අසරණ වූ පවුල් 2009 යුධ ජයග්‍රහණයෙන් පසු සම්පූර්ණයෙන්ම තුරන් කල බවත් මේ වන විට සිරිලංකාවේ ආර්ථික තත්වය කෙතරම් යහපත් වීද යත් මේ වන විට රැ2500කින් මසක්ම දිවි ගෙවිය හැකිබවත් දන්වා සිටිමි.

    එසේම මේ දේශකයා නමැති පුද්ගලයා මෙවන් නිර්මාණ කරන්නේ එලෙබෙන ජිනීවා සමුළුව ඉලක්ක කරහෙන බවටත්. මේ පුද්ගලයා මෙහෙයවන්නේ NGO එකක් බවටත් බුද්ධි අංශ වලට සැකයක් මතුවී තිබේ

    තවද අදාල දේශකයා නමැති පුද්ගලයා මෙහි වක්‍රාකාරව පහර දී ඇත්තේ අප කැසිනෝ ගොස් ගන්නවාටත් වඩා ෆන් ගන්නා 'දන්සල්' නමැති ආතල් සංකල්පයට බැවින් ඔහුට විරුද්දව සේනා සංවිධානය කර බිත්තර මෙහෙයුමක් දියත් කිරීමට බලාපොරොත්තු වෙමි.
    -- ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. හෙට පත්තරවල යයිද දන්නෑ ප්‍රසිද්ධ බ්ලොග් රචක දේශකයා මහතා පෙරදින රාජකාරී අවසන් කර නිවසට යෑමට බස් නැවතුමේ සිටියෙදී නන්නාදුනන සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඇත කියල :D

      Delete
    2. අන්න වක්‍රාකාරව මා හට මෙවන් අදහසක් දුන් සසිඳු මහතා නියම දේශප්‍රේමියෙක් බව පෙනීයන හෙයින් ඔබතුමන්ට "කලාභීෂණ, දේශභෝජන, ලෝකේ කාලන් ජල පානීයන්" යන ගෞරව සම්මාන තුනම ලබා දීමට මා කටයුතු කරමි.

      ප. ලි. ~~ අපගේ සංවිධානය සුවේච්චා මෙවුවා එකක් බැවින් අදාල ගෞරව නාම ප්‍රදානය කිරීමේ උත්සවයේ වැඩ කටයුතු සදහා අපගේ ගිණුම් අංකයට රැ.ලක්ෂයක් බැර කරන්න.
      ප.ප.ලි. ~~ මේ පුළුවන්නම් සුදු වෑන් හයර් කරන් එකෙක්ගෙ නම්බර් එක දියන් මුගෙ කතන්දරේ ඉවරයක් කරලා දාන්න. රෙද්ද.

      Delete
    3. ප්‍රියා ..
      උඹ මෙහෙම ඉන්න ඕන එකෙක් නෙවෙයි මචෝ ..
      උඹ මේ වෙද්දි ඉන්න ඕන හරිනං නයි ටී එන් එකේ.. !!

      චැහ් !! උඹ වගේ මධ්‍යස්ත මතධාරීන් අඩුයි නොවැ !!

      Delete
    4. සෙහ් මට ගෞරව නාම ගොඩගැහිල ගෙදර තියාගන්නත් ඉඩ නෑ ප්‍රියෝ :D
      119ට කතා කරල බලහන් සුදුවෑන් තියනවද කියල :D

      සුදුස්සාට සුදුසු තැන නෑනෙ පත්තර මල්ලි සහෝදරයා :D

      Delete
    5. සෙහ් මට ගෞරව නාම ගොඩගැහිල ගෙදර තියාගන්නත් ඉඩ නෑ ප්‍රියෝ :D
      119ට කතා කරල බලහන් සුදුවෑන් තියනවද කියල :D

      සුදුස්සාට සුදුසු තැන නෑනෙ පත්තර මල්ලි සහෝදරයා :D

      Delete
    6. @ පත්තර මල්ලි ~ චැහැ. මගේ ඩක්ෂකම් ගැන මමවත් දැනන් හිටියෙ නෑ නොවැ. මම හෙටම මේ ජොබ දාලා යනවා හසන්ත මහත්තයායව හම්බ වෙලා චෑන්ස්එකක් ඉල්ල ගන්න. :-D ;-)

      @ සසිඳු ~ සිරාවටම කොහෙද බන් සුදුස්සාට සුදුසු මඟුල. 119 කතා කරලා මම හොද චාටර් කාලා තියෙනවා ඒ නිසා බෑ.

      උඹ ලක්ෂෙ කතාව මඟ හැරියා නේද? බොට බලෙන් හරි නම දාලා ලක්ෂෙ ගන්නව මම. :-D :-D

      Delete
    7. බොලාට මොකක් හරි මොලේ අප්සැට් එකක් තියේද හිටපු ගමන් කඩා පනින?? හැක්

      Delete
    8. @ප්‍රියා ලක්සෙක ණයක් දෙනවනම් මාත් ලක්සයක් දෙන්නම් :D

      @දේශ උබට තියන අප්සැට් එකම තමා අපිටත් තියෙන්නෙ :P

      Delete
    9. මට පේන්නේ බොලාට මට වැඩිය අස්පැට් කියලයි. ඕක හොද වයසකුත් නෙමෙයි නේ.. රිමුට් එකෙන් චූන් වෙන කාලේ.. හැක්

      Delete
    10. අනේ වාසනාවන්. ඔය අස්පට් එකට බෙහෙත් නැතැයි බන්ලා. සසිඳුවො උඹවත් දන්නවදෝ. කියකෝ දේශෝ.

      Delete
    11. ඒකට ඉතිං ඔය ගැට, පොලොස් හරි වැල හරි වෙන්නම ඕන.. හැක්

      Delete
  7. හිතටම වැදුනා ඒ කතාවනම්.. නියමයි දේශකයා..

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වේවා නිමෝ. තැන්කුයි මේ පැත්තේ ආවට..

      Delete
  8. ඇත්තටම මට තියෙන ප්‍රශ්ණෙ දන්සල්, දාන ගෙවල් වල ඔය 'දානය' කියන දේ මූලික කරගෙනමද ඕවා කරන්නෙ. ඔය දෙකේදිම කරන්නෙ කිසිම අහේනියක් නැති උන් ටිකක් ගෙන්නලා (බොහෝ විට) පැලියාවට කන්න දෙන එක.

    ඔය නාස්ති කරන සල්ලි වලින්, කන්න දෙයක් නැතුව පිටේ ඇලුන බඩ වල් කීයක් පුරවන්න පුළුවන්ද????

    නිර්මාණයනම් එළ දේශො, නියමයි.

    ReplyDelete
    Replies
    1. දානයක් දෙද්දි දෙන සිතුවිල්ලයි බන් වැඩිය වැදගත්,නැතුව තියන එකාට දුන්නද නැති එකාට දුන්නද කියන එක නෙමේ :)

      දානය ප්‍රයෝජනවත් වෙන කෙනෙකුට කියල හිතල දෙනවනම් උබ කිව්ව විදිහ තමා හරි :)

      Delete
    2. මෙහෙමනෙ බන් දැන් සිතුවිල්ල තියෙන්නෙ ඔය දානෙකට සෙට් වෙන උන්ගෙ.
      අදාල නිවසේ පියා = "ශා මගේ ඔෆිස් එකෙ උන්ටික කොහොම හරි එදාට සෙට් උනානම් අනුමත වීම ඕකේ."
      නිවසේ මව = "අර පල්ලෙහා ගෙදර උන්ට තරු විසිවෙන්න දානෙ දෙන්න ඕන. උන්ගෙ හිතේ දාන දෙන්න පුලුවන් උන්ට විතරයි කියලා."
      නිවසේ පුතු = "දානෙ ගෙදරට ආපු අර කෙට්ටු බැරල් එක වගේ දැකුම්කළු කෙල්ල කවුද අප්පා. ඒකි දැකල්ලා මගේ හදුන්පොත් කීන් ගානවා"
      නිවසේ ආච්චි = "ආපෝ කෑම ටික හොද‍ට නොතිබුනොත් මට ආයෙ සිල් ගන්නවත් පන්සලට යන්න වෙන එකක් නෑ. දන්නවනෙ සිල් ගන්න එන ගෑණුන්ගෙ හැටි"

      ඔන්න ඔහොමයි බන් තත්වෙ. :-D :-D සංසාරේ සංසාරේ :-D

      Delete
    3. @ ප්‍රියා
      උඹ කියන දේ නං මං අදහස් කරේ නැහැ. නමුත් මොන දේ කරත් මනුෂ්‍යත්වය තියෙන්න ඕන. අර මිනිහා කුනුගොඩ අවුස්සන කොට ඒ මොකක්ද කියල නොබල පිස්සෙක් කියල කරපු දේයි වැරදි..

      Delete
    4. @ සසිදු
      දානය කියන්නේ ලබන්නා ගැන තැකීමක් නොමැතිව ස්වයං තෘප්තිය උදෙසා දෙන දෙයක්. මේ දානයේ අතුරු කතාවක්

      Delete
    5. අන්න ඒක තමා මාත් කිව්වෙ බන් :)

      Delete
    6. ඇත්තද ආ... උඹ ඒකද ඒ කිව්වේ.. මං කිව්වේ වෙන දෙයක්ද එතකොට..

      Delete
  9. ලිපියේ යටි අරුත හරිම ඉහලයි දේශ් . බොහොම සංවේදී සටහනක් .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගිම්.. මං හිතනවා ටිකක් හෝ සාර්ථකයි කියල මගේ වෑයම...

      Delete
  10. දේශකයෝ නියම නිමිත්තක් හොඳ කතාවක් ඒ වගේම පාඩම් කීපෙකුත් ඇතුළේ තියනවා. නියමයි නියමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලියා. මේ අවස්ථාවේදි මට සිහිවෙනවා උඹ මට කෝල් කර කර මගේ නිර්මාණ ගැන මීට හුග දවසකට කලින් පවා අගයපු, විචාරය කරපු විදිය. ඒ දේවල් වලින් තමා මචං මේ නිර්මාණ මෙහෙම හරි කරන්නේ.. බෝම ස්තුතියි ඒ ඇගයීමට.

      Delete
  11. හැමදාම,හැමතැනම වෙන සමාජ අසාධාරණය තමයි බං මේ...:(ඇති හැකි අය සැප විදිනකොට නැති එකට විසික් කරන දෙයක්වත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ජීවිතේ කියන්නේ තමන්ම මිට ගහල දුවන්න ඕන විදියේ එන්ජිමක්.. කාගේ හෝ උපකාරයක් නැතිවත් ඒ එන්ජින් දුවන්න ඕන. නවත්තන්නයැ..

      Delete
  12. උඹ ඉතින් යම් පණිවිඩයක් එක්ක නේ කතාවක් කියන්නේ එල...
    කට්ටිය කියල තියෙන හින්ද අටුවාටිකා කියන්නේ නැහැ.
    ලුනුවිල කොළ මැල්ලුම් හදනවද බන් ...?ඒවා කැද වගේ වෙනවා නේද...?

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න බං අපේ අම්මා සව්දි ගියා අපි පොඩි කාලේ මං එතකොට 5 වසරේ විතර ඇති. අම්ම ගිහින් මාස තුනකින්ද කොහේද සල්ලි එවල තිබ්බේ නෑ. අපි හිටියේ ලොකු අම්මා ගාව. දවසක් කන්න දෙන්න කිසිම දෙයක් නැතිව ලොකු අම්ම මට කිව්ව එහා කෙලවරේ වත්ත පහළ තියෙන ලුණුවිල කොල ටික කඩාන එන්න කියලා. මම ගිහිල්ල ටිකක් කඩන් ආවම ලොකු අම්ම ඒ කොළ ටික තෙලෙන් හදල බත් එකක අපිට කන්න දුන්නා.. මට නං කැද ගතියක් දැනුන් නෑ ඒවයේ..

      Delete
  13. වෙලාවකට දන්සැල් දෙන මිනිස්සු තමන් කරන වැඩේ තේරුම දන්නේ නෑ. වෙලාවකට තේරුම් අරන් කරන අයට උණත් වැඩ මැද්දේ ඕක අමතක වෙනවා.

    එක සැරයක් මොකක් හරි කෙටි චිත්‍රපටයක තිබ්බා, ළමා සංවිධානෙක ප්‍රධානීන් දෙන්නෙක් ළමයින්ට සම්බන්ධ ප්‍රශ්න කතා කරනවා ඔවුන්ගේ කාර්යාලයේ කැන්ටිමේ. හැමදාම ඔවුන්ට සේවය සලසන වේටර් ළමයෙක්. නමුත් ළමා කම්කරු සේවය වළක්වන හැටි එහෙම ගැන බරපතල සාකඡ්චා කරන අර ප්‍රධානීන්ට මේ ළමයව ග්‍රහණය වෙන්නේ නෑ.

    //තමුසෙට පිස්සුද හැබෑට මේ අමුහාල් ඇහිදින්න//
    //තම කැහිපට ගැසු සරමේ කඳු ගසන්නට සුගතපාල ගත් තැත..//

    මට හිතෙන්නේ මේ දෙතැනදිම කියවෙන්නේ එකම සිද්ධිය. නමුත් හාල් ඇහිඳිනවා සහ සරමේ කඳු ගහනවා කිව්වහම බොහොම වෙනස් චිත්තරූප නේද මැවෙන්නේ?

    ReplyDelete
    Replies
    1. අන්තිමට දන්සැලත් ව්‍යාපෘතියක් වෙනවා බං ඒකයි ඇත්ත.. අපේ මිනිස්සුත් නිකං දෙන දේ හලාගෙනම කන්න නේ බලන්නේ.

      උඹ කිව්ව කතාව කෙටි චිත්තරපටියකටම තමා ගැලපෙන්නේ.. මං බලල නෑ ඒක.

      ඔව් තිසර.. මුල් දේ කියන්නේ සනී මහත්තයා තමන් දුටුව දෙයින්..

      දෙවැනි එක කරන්නේ සුගතපාල. මිනිහගේ හිතේ තියෙන්නේ බත් ලොකු කන්දක් සරමේ අස්සේ ගොඩගහගෙන ගෙදර ගෙනියන්න තමා..

      තැන් දෙකේදි අදහස් වෙනස් පුද්ගලයා අනුව.. ස්තුතියි උඹගේ නිරික්ෂණ ඇහැට..

      Delete
  14. දේශා... වර්තමාන පුණ්‍යවන්තයන් ගැන පුණ්‍යකර්ම ගැන අපූරු චිත්‍රයකුත් මැව්නා බොල.

    ඇති එකා සහ නැති එකා අතරේ ඇති වෙනස.

    කොයි ලොව යන්නේ මරණින් පස්සේ...
    පින් පව් එනවා... අප පසු පස්සේ....

    ReplyDelete
    Replies
    1. වෙල්කම්බැක් සරා ගොයියා. තැන්කුයි බොට මේ පැත්තෙත් ආවට..

      Delete
  15. හෙහ් හෙහ් ඔය ඉස්සර දන්සැලේ උයපු පළපුරුද්දෙන් නේද කියන්නේ.

    ReplyDelete
    Replies
    1. අපිත් දන්සැල් දුන්නා බොලේ බොරලැස්ගමුවෙ

      Delete
  16. දේශා ..
    උඹට සුදු වෑන් එකක් වැඩියි .. පරණ ටයර් දෙකක් ඇති !!!

    ReplyDelete
    Replies
    1. ඇයි මං පේමදාස උන්නැහැටෙ බැන්නද බං.. හැක්..

      Delete
  17. හරිම සංවේදී කථාවක් දේශක තුමා! මේක තමා ඇත්ත. හැමදේම කරන්නේ මූනිච්චාවට.

    මට නන්දා මාලණිය ගයන "බෝ මැඬ වඟුරන කිරි කළ දහසින් " සිංදුව මතක් වුනා..
    උඹේ කථාවේ මම ආසම වගන්තිය"ඇණ තියාගත් කළු ගලෙන් මෑත් වූ සුගතපාල තරු එළියට පිටදී සෙමින් සෙමින් තම නිවෙස බලා පා නගන්නට විය. තව වැඩි වෙලාවක් නොයාම තරු එළිය, එළියක් නොවන බව සුගතපාල මෙන්ම මුළු ලෝකයම දැන සිටියහ. "
    උඹට ජය!!

    ReplyDelete
    Replies
    1. තැන්කුයි ගුනේ.. කතාව අන්තිමට කැටි කරේ ඒ වචන ටිකට තමා බං.. කව්රු කව්රුත් තමන්ගේ ලෝකයට ගිලෙන බව හිතෙන්න ඕන නිසා..

      Delete
  18. මේ කතාව තේරෙන්නෙ නැති උන් නැද්ද දන්නෑ,තේරන් නැති එකෙක් හිටියොත් ඌ බ්ලොග් පෝස්ට් එකක් ලියයි නේද තේරෙන් නෑ කියල

    ReplyDelete
    Replies
    1. ඊට‍ පස්සේ වැඩේ චා වෙනකොට කියනවා මටනම් තේරුණා ඒත් මම මේ ලිව්වේ තේරෙන්නේ නැති එවුන් පව් නිසාය කියල.

      Delete
    2. පලයවූ ගොන් හැත්ත අනුන්ගේ ඒවල කුණු අවුස්සා අවුස්සා යනවා ඉරිසියාකාරයෝ

      Delete
    3. මොකද මොකද මේ අපුරුවි ඇනෝ නගාත් පටලන් කස්ටිය මෙතන.. බොලා කනවා අපේ දුලා ආවොත් නං මේ පැත්තේ. ඔන්න මං නෑ ගොයියෝ ඒවට.. නෑ නෑ. බං බොලාට මුකුත් කිව්වත් එකයි මට මුකුත් කිව්වත් එකයි.. මට ඒක දැනෙනවා..

      Delete
    4. මගේ නම දාලා දාපු ඇනෝ එකක් අයියේ ,, මේක මගේ නම දාලා තියෙන්නේ වෙන කෙනෙක්.. ,

      Delete
    5. මං ඒක දානවා ඔමා. ඒකයි අපුරුවි ඇනෝ නගා කියල කිව්වේ. ගනං ගන්න එපා ආසාව නේ.. හැක්..

      Delete
    6. වැරදුනා ---- * //මං ඒක දන්නවා..//

      Delete
  19. හ්ම්ම්.... හ්ම්ම්.... වචන හිර වෙන අතිශය සංවේදී කතාවක්. :/

    ReplyDelete
    Replies
    1. මට එච්චර සංවේදි විදියට ලියන්න බෑ බස්සි... තැන්කුයි හ්ම්හ්ම් එකට.. හැක්.. බස්සගේ ඇස්සෙන්ට් එක නෙහ්..

      Delete
  20. මේ වගේ කතාවල් කියවල හිත රිදුනම, හිත හදාගන්න හිතනවා ඒක කතාවක් විතරනෙ කියලා... ආයෙම හිතෙනවා අපේ රටේ කොහේ හරි කොණක මේ වගේ මිනිස්සුත් ඉන්නව ඇති මේ මොහොතෙත් කියලා... එතකොට හිතට දැනෙන බර බිමින් තියන්න ලේසියකට බෑ... ඇත්තටම දන් සැල් පෝලිම්වල ඉන්න අය දැක්කම හිතෙනවා සැබෑ ලැබිය යුත්තො කොයි තරමක් එදාටත් බඩගින්නෙ ඇතිද කියලා...

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම.. දන්සැලකට වද්ද ගන්නවද බලන්න හිගන්නෝ. නෑ ගන්නේ නෑ. ඉතුරු උනොත් විසි කරනවා එච්චරයි..

      Delete
  21. සංවේදී සටහනක් දේශක තුමෝ....දන්සැල් දෙන්න ඕනෙ පෙජරෝ වලින් බැහැලා ඇවිල්ලා කන උන්ට නෙමෙයි. මේ වගේ කුසගින්න හොදට දැනෙන මිනිස්සුන්ට....අපිත් ඉස්සර හොද බත් දන්සැලක් දුන්නා...ඒ ආශ්‍රත රස කථා වෙසක් ලං වෙලා ලියන්නම්...ජය !

    ReplyDelete
    Replies
    1. අන්න හොදා ලියහං.. මං නං කියන්නේ දන්සැල් දෙනවනං විසේසයෙන් දුප්පත් මිනිස්සු, අසරණයන් දිහා ටිකක් හොදට බලන්න ඕන කියලායි.. දැං දන්සැල් වලින් කන්නේ පැජරොයි නංගලම නේ බං...

      Delete
  22. පොදු වැඩ කරන්නෙ අපේ මිනිස්සු බල පුලුවන්කාර කම් පෙන්වන්න මිසක් ලෝකෝත්තර දෙයක් ලබන්න නෙවෙ..

    ReplyDelete
    Replies
    1. සමහර අය අවුරුදු විස්සක් තිහක් තිස්සේ කරපු දේ නවත්නන්න බැරි නිසාත් හැම අවුරුද්දෙම කරනවා බං..

      Delete
  23. මෙව්වා ලියන එකේ ඇති වැඩක් නැ කියලත් හිතෙනවා බං වෙලාවකට . නිකරුනේ ඇස් තෙමෙනවා විතරයි .

    ReplyDelete
    Replies
    1. ඇයි බං වැඩක් නැත්තේ. ගල් මිනිස්සුන්ගේ හිත් තාම තියෙනවා කියල වත් දැනේවි එතකොට..

      Delete
    2. බොලා ඔය විදියට ලත් තැනම ජංගිය තෙමාගන්න කොට අපි ලියන්නෙ කොහොමද?
      දේශකයා.

      Delete
    3. හුටා මේකා ඇවිල්ලනේ.

      Delete
    4. ජංගිය තෙමෙන්නේ අටමගේ නේද.. හැක්..

      දවසකටවත් මිනිහා. ඇත්ත. මිනිහට සතේටත් ඇඩෙන ජාතියේ සංවේදි බුවෙක්..

      Delete
  24. ඔන්න අපේ උන් දෙන දන්සල්! වැඩක් නෑ කතා කරලා

    ReplyDelete
    Replies
    1. ඔව් බං නාඩියෝ. දන්සැල් වෙනම සීන් එකක්.. මං දන්නවා නෙව

      Delete
  25. නියම කතාව දේශකයෝ.. ගොඩක් දන්සැල් වලින් කන්නේ ලොකු සල්ලි කාරයෝ.. ආතල් එකට දන්සැල් වදින එවුන්.. දුප්පත් මිනිහා කොයි දේ තිබුනත් බඬගින්නේ..

    ReplyDelete
    Replies
    1. දන්සැල් වල තැනක් නැත්තෙම දුප්පත් මිනිහට තමා බං දිනේෂයෝ..

      Delete
  26. දන්සල් දෙන්නෙ දැන් කාලෙ සල්ලි හම්බ කරන්න මිසක් දානයක් විදියට නෙමේ...

    ReplyDelete
    Replies
    1. ඒමත් නෑ බං.. අතින් සල්ලි වියදං කරං දෙන අයත් ඉන්නවා.. හැබැයි ඒකේ ආනිසංසය ගැන තැකීමක් නැතිව.. ඒකයි අවුල...

      Delete
  27. ගින්දර ඔන්න පොඩ්ඩක් අර පරණ දේශක එන්න වගේ ,,නියමයි අයේ කියන්න දෙයක් නෑ ..පස්ට සතුටුයි ඈ ...දැන් වෙන්න ඇති පදමට වෙරි වෙන්න ඇත්තෙ ....හැක් හැක්

    ලොකු දෙයක් කියන්න බෑ ,මේ දවස් වල කට ඇරියොත් කියන්නෙ සුදු වැන් ගෙන්න ගන්න කතා ,,ශික් ලොකු අපලයක් මගේ හිතේ ..

    කතාව සංවේදී වැඩිද මන්දා දෙපාරක් කියෙව්වා

    ReplyDelete
    Replies
    1. කතාව එච්චර සංවේදි නැති බවක් තමා මට දැනුනේ.. මම එක විදියකට ඉන්න යකෙක් නොවන නිසා ඉද හිට බුල ගහන්නත් ඉඩ ඇත.. තැන්කුයි සහෝ...

      Delete
  28. අපොයි මෙහෙමත් දන්සැල්... !
    ඒක නෙමේ මේ කතාව සෑහෙන දුක හිතෙන සංවේදි කතාවක්..

    ReplyDelete
    Replies
    1. අඩේ මේක ඒ තරං සංවේදි නැහැ නේද?? 

      Delete
  29. සනී මහත්තයට කාරුණික වෙන්න බැරි නම් සැර කරලා බලෙන්ම හරි අහගත්තා නම් අමුහාල් මොකටද කියලා කතාව මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුනා..අපි අවටම ඉන්න මිනිස්සු ගැන ලියවෙච්ච හොඳ කතාවක්...

    ReplyDelete
    Replies
    1. තැන්කුයි කොල්ලො ඩැයිවර.... එහෙම උනානං කතාවක් තියෙයිද කියලයි මං කල්පනා කරේ..

      Delete
  30. මිනිස්සු ලෝකෙට පේන්න පිං කරනව ලකුණු දාගන්න... ඒත් පින කියන්නෙ මොකද්ද දන්නෙ නෑ...
    අපූරු නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. තැන්කුයි මහේෂ්.. පින කියන්නේ හැබෑම පිනට බව අමතක වෙනවා නෙව....

      Delete
  31. ඈ බං අයියේ යටින් යන කතාව මරු ඈ..
    අඩේ මං ආවා ඈ මේ පැත්තෙ කාලෙකින් :D :D යකෝ තේකක් වත් දීපියකෝ..රෙද්ද..

    ReplyDelete
    Replies
    1. අඩේ අප්පේ මල්ලියා දැක්ක කල්.. හැබෑමයි.. තැන්කුයි ඈ.. තේ ඉවරයි.. රෙද්ද.. හැක්

      ආයේ වරෙන් සෝඩා ඩිංගක් හරි ගෙනැත් තියන්න

      Delete
  32. ඒ සුගතපාල හැර තවත් සුගතපාලලා රටේ සිටීද?

    ReplyDelete
    Replies
    1. මා දන්නා තරමින් තව ඇත්තේ සාගතපාලලා පමණි.. කාලෙකින් දැක්කේ නිර්මලාව..

      Delete
  33. අමුවට තඩිබානවට වඩා මේ වගේ හීන් නුලෙන් අනින ටොකු වැඩිය රිදෙනවා මම හිතන්නෙ.
    පොසොන් එකට පොලොන්නරුවෙ මහා පරිමානෙ දන්සල් කිහිපයක් තියෙනවා මහා සල්ලි කන්දරාවක් වියදම් කරලා. ඒව තියෙන්නෙ දේශන පාලන පක්ශ අතර තරගෙට.

    ReplyDelete
    Replies
    1. විකී මාත් ඔය වගේ දන්සැල් අනන්ත දැකල තියෙනවා. දන්සැලක් කිව්වට අසරණයෙකුට කිසිම සහනයක් නැති.. ජය වේවා..

      Delete
  34. මේ කතාවල් කියවලා... මේවයේ යටි අරුත තෙරුම් ගන්නවා නම් තමයි බොහොම වටින්නේ.. කොහොම හරි උඹ නම් නියම කෙටි කතා කාරයෙක් කියලයි මට නම් හිතෙන්නේ..

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමා මාතේ වෙන්න ඕන.. මොන රෙද්දේ උනත් මනුස්සකම කියන දේ දකින්න පුළුවන් අය ඉන්නවනං ලෝකය ලස්සනයි..

      තැන්කුයි බොගේ ඇගයීමට. මාත් තාම සුකිරි බටිල්ලෙක් යන්නතං පේලි ගැට ගහ ගන්න..

      Delete
  35. මේ දෙශක තුමෝ මේ සනී මහත්තයා අර සනී ලියෝන් ගෙ නැයෙක්ද දන්නෙ නෑ O_O කොහොමත් ගොඩක් දන්සල් කාරයො දන්සල් දෙන්නෙ පිනක් බලෙන් ලබාගන්නව කියන චේතනාවෙන්නෙ

    ReplyDelete
    Replies
    1. මට ඒම එකක් කිව්වේ නෑ. එහෙනං මට බොට කලින් සනී මාත්තියා සැට් කරගන්නේ.. පිනට දහමට ලැදි අය නේ අපි.. හැක්

      Delete
  36. වෙනද වගේම හොඳ තැනකින් අල්ලගත්ත කතාවක්. නමුත් මට මෙහෙමත් හිතෙනව. විසි කල අමු හාල් (බත්) ටික අහුලගත්තට තියන අවුල මොකද්ද?

    “නෑ තෝමස්.. අර මිනිහා දැං අපි වීසි කරපු අමු හාල් ටික ඇහිද ඇහිද හිටියේ. මොකටද අප්පා මේ බල්ලොත් නොකන බත් ඇට ඇහිදින්නේ. එක්කෝ ඌට පිස්සු ඇති.“

    මේක වෙනුවට මෙහෙම එකක් ආවනං,

    "හා හාපුරා කියල ..... මහත්තය අතින් දන්සැල ඕපන් කරන්න කලින් බත් කන්නයි මූ හදන්නෙ"

    ටිකක් අර්ථයක් එනව වගේ

    ReplyDelete
    Replies
    1. උඹ කියන එකත් හරි. ඒත් මට එතන ඒ මිනිහගේ (සුගතපාල) තත්වයට, මිනිහෙක් විදියට තිබ්බ ප්‍රතීරුපෙට වෙච්චි දේ උළුප්පන්නයි ඕනකම තිබුනේ..

      උඹට ස්තුතියි රාජ්..

      Delete
  37. නන්දා මාලනිගෙ බො මැඩ වැගිරන කිරි කල දහසින් කියන සින්දුව මතක් වුනා.සුපිරි

    ReplyDelete
    Replies
    1. තැන්කුයි දමියා... මොකද දැං වැඩිය කල එළි බහින්නැත්තේ.

      Delete
  38. මාත් දන්සල් ආවා. දන්සැල් කෙටි කතාව කියෙව්වා . යන්නේ හිස් අතින් නෙවෙය් බන්. යටි පෙළ අරුත් සීරුවට අරන් පාර්සලයක් ඔතාගෙන. ජය !

    ReplyDelete
    Replies
    1. ඔතාගෙන හිගින් හැමෝම එක්ක කන්නකෝ. ඒවා පිං බත්. පින තමන්ට.. තැන්කුයි තිලකේ..

      Delete
  39. මම මේ බැලුවෙ මේ අවාරේ කොහොද දන්සල් දෙන්නෙ කියලා. වෙසක් කාලෙට තමයි මේ කතාවල රහ හොඳට දැනෙන්න පටන් ගන්නේ. පහුගිය අවුරුදු දෙකතුනේ නම් දන්සල් ක්‍රමානුකූල වෙමින් තිබුණා. විශේෂයෙන්ම පොලිසිය සහ සෞඛ්‍ය අංශ දන්සල් විවෘත කරන්න කලින් එය පරීක්ෂා කර බැලීමේ ක්‍රමය ආවට පස්සේ දන්සල් වල තත්වය ඉහලට ආවා

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රමාණාත්මකව දැං දන්සැල් ටිකක් හොදයි...

      Delete
  40. කතාව හරි සංවේදී නිසා කතා රසය නියම ලෙස විඳින්න බැරිවුනා.

    සුගතපාලට පස්සෙ හරි පොඩි සහනයක් දුන්න නම් මං කැමතියි.

    ReplyDelete
    Replies
    1. හ්ම්... කවදාවත් සහනයක් නැති මිනිහෙක්.. තැන්කුයි නිල් මානෙල්..

      Delete
  41. අනේ මන්දා දේශා.....මේ අහස යටනේ බන් අපි ජීවත්වෙන්නේ.

    සිද්ධිය සංවේදියි...යටි අරුත ගැඹුරුයි...උඹේ ලියවිල්ල අති සාර්ථකයි...ඕන් මට හිතිච්චදේ.

    ReplyDelete
  42. කෙනෙක්ට මේක තවත් එක කෙටි කථාවක් වෙද්දි තවත් කෙනෙක්ට මේක තමන්ගෙ ජීවිත කථාව වෙන්නත් පුලුවන්.....
    ඉතාම සංවේදී විදිහට ගලාගෙන ගිය කථාවක් දේශා. හැමදාමත් වගේ ඔබේ නිර්මාණය විශිෂ්ටයි (Y)

    ReplyDelete
    Replies
    1. සෑබෑටම ඒක වෙන්න පුළුවන්.. තව කෙනෙකුගේ ජීවිතයක් ඒකට ආදේශ වෙන්න ඉඩ ඇත.. ස්තුතියි චාම්ස්

      Delete