අම්පාරේ සිට වැඩ ඈතක නොවන වන මැද පිහිටි “බුද්ධංගල“ තපෝවනයට ගොස් තිබේද? ඔව් එය අති විශාල උසැති ගල්තලා කිහිපයකින් වට වූ ඓතිහාසික සිද්ධස්ථානයකි. එහි පිහිටීම අනුව මෙම සිද්ධස්ථානය වන මැද හුදකලාව පවතී. එහෙත් කාලානූරුපව වෙනස්වීම් වලට භාජනය වීම් හේතුවෙන් මේ වන විට නම් එය තව දුරටත් හුදකලා සිද්ධස්ථානයක් නොවේ. මෙම පින්බිම දශක ගණනාවක් පුරාම කැලයේ අතරමංව තිබියදී සොයාගෙන ඇත්තේ 1964 වර්ෂයේ දීය. ඒද අම්පාර ප්‍රෙද්ශයට සැපත් වූ ස්වීමින්වහන්සේ කෙනෙකුගේ හා ග්‍රාමීය බෞද්ධ ජනතාවගේ නොපසුබසිනා උත්සාහයෙනි.
බෞද්ධ විහාරස්ථානයක් ලෙස මෙහි ඉපැරණි බව නිර්ණය කිරීම දැනට නිසියාකාරව සිදු නොවී ඇතත් අවම වශයෙන් ක්‍රි.පූ. 3 වන සියවසේ දී මෙය ඉඳිකරන්නට ඇතැයි අනුමාන කෙරේ. මෙම සිද්ධස්ථානය සොයාගෙන දැනට වසර පනහක් පමණ ගත වී ඇතත් මේ වනතෙක්ම පුරාවිද්‍යාත්මක පරික්ෂණයක් සිදු කොට නොමැති වීම අභාග්‍යයකි. එහෙයින් මෙම ස්ථානයේ ඇති ඓතිහාසික බව මෙන්ම අපගේ ඉතිහාසය පිළිබද දැන ගත හැකි අති විශාල කරුණු සම්බාරයක් පොළවට යටවී ඇත.
“බුද්ධංගල“ යන නම මෙම ස්ථානය හදුන්වාලීම සදහා පසුව යොදාගත් නමක් වන අතර එය යෙදීම පිළිබදව කරුණු කිහිපයක් අනුමාන වශයෙන් හදුනාගෙන ඇතත්, තවමත් මෙම සිද්ධස්ථානය හැදින්වු පුරාණ නාමය සොයාගැනීමටවත් අවම තරමේ කටයුතු කර නොමැති කාර්යක්ෂම වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගැන කවර කතාද?
සර්වඥ ධාතුන්, සැරියුත් මුගලන් අගසව් දෙපලගේ ධාතුන් වහන්සේලා තැම්පත් කොට ඇති පුරාණ ධාතු කරඬුවක් මෙම ස්ථානයේදී සොයාගෙන ඇති හෙයින් මෙම ස්ථානය ඉතා වැදගත් පුජනීය හා පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් ලෙස හදුනා ගැනීමට අවශ්‍ය තරම් දෘෂ්ඨි ගෝචර වූ සාක්ෂි ඇතිවද ක්‍රමාණූකූල පරික්ෂණයක් සිදු කිරීම ප්‍රමාද කිරීම කනගාටුදායක කරුණකි. මෙම සිද්ධස්ථානයේ පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු ඉදිරියේදි හෝ සිදු කරන්නේ නම් එය විශාල සේවයක් වනු ඇත.
මේ වන විට මෙම සිද්ධස්ථානය තුල, පසුව එනම් 1964 න් පසුව ඉඳිකරන ලද සමහර ගොඩනැගිලි පෞරාණික ගොඩනැගිලි පිහිටි ස්ථාන වලම නැවත ගොඩ නගා ඇත. ඒ හේතුව මත ඉතා වැදගත් ඓතිහාසික සාක්ෂි බොහොමයක් විනාශ වන්නට හෝ ඉවත් කරන්නට ඇතැයි අනුමාන කළ හැකිය. මක් නිසාද යත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සාක්ෂියක් ලෙස ලබාගත යුත්තේ එය පිහිටි අයුරෙන්ම වන නිසාය. ඉවත් කරන ලද සාක්ෂි වල වටිනාකම එයින් හරි අඩක් පවා වීමට ඇති ඉඩ කඩක් තුල බුද්ධංගල තපෝවනය සංරක්ෂණය කිරීමේ කටයුතු දැන්වත් ඇරඹිය යුතුය.
අප දන්නා පරිදි ඉතිහාසයේ මහා යුද්ධ පැවති සමයන්හිදි රටේම ජීවනාලිය බඳු ආහාර උත්පාදනය කිරීමේ කටයුතු සිදු කරන ලද්දේ දිගාමඩුළු පුරවරයෙනි. සද්ධාතිස්ස රජ, යුද්ධයේදී තම සුරුවිරුකම් මතින් දිගාමඩුල්ල ප්‍රෙද්ශය ඉමහත් සස්‍රිකත්වයට පත් කළ බව නොරහසකි.
ත්‍රස්තවාදී යුද්ධයද නිම වී ඇති වට පිටාවක් තුල, වන මැද හුදකලා වූ මෙම පුන්‍ය භූමියේ පුරාවිද්‍යාත්මක වැදගත්කම උකහා ඉතිහාසය නැවත ලිවීමේ හැකියාවක් නොමැති බව කාට පැවසිය හැකිද? මෙම ස්ථානයේ ගවේෂණයක් කොට ඇත්තේ සෙනරත් පරණවිතානයන් හා එල්ලාවල මේධානන්ද හිමියන් විසින් පමණි. ඒද ස්ථානිය පරික්ෂාවක් විනා ක්‍රමානූකූල පරික්ෂාවන් නොවේ. අප අපගේම ඉතිහාසය වලපල්ලට යවමින් සිටින්නෙමු.
පසුව ඉදිකරන ලද මෙම පිළිමය ස්ථනයේ පෞරාණිකභාවය කෙලෙසන බව මාගේ විශ්වාසයයි. මෙම ස්ථානය සංරක්ෂිත ස්ථානයක් වුයේ නම් පිළිමය ඉදිකිරීම පිළිබද නැවත සිතනු ඇත. කෙසේ වෙතත් නොමේරු කලා ලක්ෂණ සහිත මෙම පිළිමවහන්සේලා බුද්ධංගල පවතින පෞරාණික භාවයට හානි ගෙන දේ.
කැනීම් වලදී හමුවූ ශ්‍රී පතුල කැටයම් කල ගල් තැටිය
සර්වඥධාතුන් ඇතුළු ධාතුන්වහන්සේලා තැන්පත් කරන ලද පුරාණ චෛත්‍යය තිබූ ස්ථානයේම මෙම චෛත්‍යය ඉදි කිරීම ශෝචනීය කරුණකි. ඒ හේතුව නිසා ස්තානීය පරික්ෂාවන් සිදු කිරීමේ බරපතල ගැටළු ඇති බව මාගේ විශ්වාසයයි.
ඈතට දිස්වන දිගාමඩුලු කෙත්යායවල්
වැදගත් විස්තරය හරිහැටි ඉදිරිපත් කර නැත
පුරාණ ඉදිකිරීම් තිබූ බව මෙම ගල් කුළු වල කපා ඇති කට්ටා වලින් තහවුරු වේ. ඒ අනුව මෙම ගල් කුළුද ආරක්ෂා කළ යුතු තත්වයේ පවතී. එහෙත් නව ඉඳිකිරීම් මගින් ඉතිහාසය වෙනස් කරනු ඇත.
චෛත්‍ය කෑනිමේදි හමුවූ පෞරාණික භාණ්ඩ, කාසි ආදිය මේ වන තෙක්ම කාලනිර්ණ පරික්ෂාවක් කෙසේ වෙතත් සාමාන්‍ය පුරාවිද්‍යාත්ම පරික්ෂාවකට හෝ ලක් කර නොමැත.. (පුරාවිද්‍යාවේ විස්මය)
සැ.යු- ඡායාරූප මාගේය. ඕන කෙංගෙඩියට සුදුසුය.
මේ ගැන විස්තර කීම ගැන ඔබට තුති... පිණිමුවා ඇතුළු පවුලේ සැමට ප්‍රීතිමත් නව වසරක් වේවා ...
ReplyDeleteකව්ද ඩෝ පිණිමුවා.. හැක් හැක්.. එසේම වේවා සුදුබෝලයාටත්...
Deleteමෙතනට ගියා වගේ මතකයක් තියෙනවා. අරලිය ගස්වලින් හෙවන උණු, ගල් තලාවක ඇවිද්ද බවකුත් යන්තමට මතකයි.
ReplyDeleteවිස්තරේ නම් අපූරුයි දේශක. පේන්ට නොහිටියේ මේ පැත්තේ ගිහින් හිටපු හන්දා වෙන්ට ඇති.:)
අරලිය ගස් නං මේ ගල් තලා වල නැහැ පොඩ්ඩි. ඒ වෙන තැනක් වෙන්ටැති.. පේන්ට නොහිටියේ පේන්ට නැති හින්දා නෙව.. තැන්කුයි ඈ...
Deleteදේශක තුමා පහුගිය ටිකේ දකින්න හිටියේ නැති හින්දා අපි බැලුවා කෝ කියලා. වට වන්දනාවේ ගිහින් වගේ. මේ වගේ හරියට ආරක්ෂාවක් නැතිව විනාශ වෙලා යන සිද්ධස්ථාන ගොඩාක් ලංකාවේ තියනවා.
ReplyDeleteඔව් ඔව් මම සතියක් නිවාඩු පුමා.. මෙතැන ආරක්ෂාවට වඩා මම අදහස් කලේ බං, නිසි සංරක්ෂණයකින් තොරව පවතින වැදගත් පෞරාණික ස්ථාන වලට වෙන දේ ගැන. අන්න ඒකයි සංරක්ෂණය කළ යුත්තේ. පුරාවිද්‍යාවට මේකට බැහැල හිටියනං ඔය ඉදි කරපු ගොඩනැගිලි හුගක් ඉදිකිරීම වෙනස් වෙන්න තිබුවා.. ස්තුතියි..
Deleteහප්පද බොල දේශකයා ගවේශණාත්මක චාරිකාවක් නිසානෙ අතුරුදන් වෙලා ඉදලා තියෙන්නෙ. හි.. හි..
ReplyDeleteඇත්තටම දේශකයො අපේ රට ගමන් කරන්නෙ කොහෙටද? මම ලගදි දැක්කා පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ගල් කණු රෙදි සේදීමට රැගෙන ගොස් ඇතැයි කියන පුවතකුත්.
අවුරුදු සිය ගනන් පොඩි ඉතිහාසයන් ඇති රටවල් අපේ වගේ රටවල ඉතිහාසයට ප්‍රිය කරන ගමන් උන්ගෙ දේවල් ආරක්ශා කර ගන්නවා. අවුරුදු දහස් ගානක ඉතිහාසයක් තියෙන අපි ඒවා විහින් විනාස කර ගන්නවා.
ඉතිහාසය වලපල්ලට යවලා අනාගතේ සුභ කර ගන්න බෑ කියලා අපේ උන්ට තේරෙන දාට අපි පරක්කු වැඩී.
කොහොම උනත් මේ විස්තරේ නම් මසුරන් දේශකයො.
හහ්.. ගවේෂණයක් නොකරෙමත් නැහැ. මට හිතෙන්නේ පුරාවිද්‍යාව වෙනුවෙන් වෙන් කරන මුදල අපේ ඉතිහාසය රැකගන්න ප්‍රමාණවත් නැහැ කියලයි. අවශ්‍ය තරමේ මානව සම්පතක් හෝ මුල්‍ය සම්පතක් ඔවුන් සතුව නැහැ. ඉන්න ටිකෙනුත් බාගයක්ම හාල්පාරුවෝ.. තමන්ගේ මඩිය තරකරගන්න. ඒකයි අවුල.. ස්තුතියි ප්‍රියා
Deleteබුද්ධංගල අහල තිබුනට ගිහිං නෑ. විස්තර ඉදිරිපත් කළාට ස්තුති දේශක.
ReplyDeleteමේ කාලේ පුරාවිද්‍යාවත් දේශපාලනික වෙලානේ මොකද ඔය පැත්තෙ කැනීම් කරල බලන්න ගියොත් ඡන්ද ටික ගොඩදාගන්න අමාරුවෙයි !! ඡන්ද ලැබෙනව නම් ඕන කුණුගොඩක් හාරයි මතකනේ සූරියකන්ද සමූහ මිනීවල හාරල කාල නිර්ණය කළහැටි.
ස්තුතියි විදානේ.. ලංකාව පුරා පවතින මෙවන් ස්ථාන නිසි පරිදි ඇගයුමකට ලක් නොවීමම එය විනාශයට රැගෙන යනවා. පහල විචාරක කිව්ව වගේ මෙවන් ස්ථාන රාශියක් ලංකාව තුල තියෙනවා..
Deleteමේ එක තැනක් විතරයි. තව මෙවැනි තැන් දහස් ගණනක් උතුරු නැගෙනහිර ප්‍රදේශවල තියනවා. එල්.ටී.රී.ඊය විසින් ගොඩක් විනාශ කරලා තියනවා. වැඩිකල් නොගොහින් ගිරිහඬු සෑය, මුහුදු මහා විහාරය, වගේ ඒවා අර සහල් ගබඩා ගිනිතියපු අය විසින් ගිනි තියන්න ඉඩ තියනවා. බුද්ධ ශාසන ඇමතිතුමා අර කන්ටේනර් යාඩ් එකක වැඩනේ. ඉතින් කොහෙද මෙව්වා බලන්නේ.
ReplyDeleteවිචාරක කියන කතාව ඇත්ත. මුහුදු මහා විහාරය, ගිරිහඬුසෑයට ආරක්ෂාවක් තියෙන්නේ පුරාවිද්‍යාෙවන් නෙමෙයි හමුදාව හා නාවික හමුදාවෙන්. ඒක නිසා එහි ආරක්ෂාව යම් පමණකට තියෙනවා.. හැබැයි ඔබ කිව්ව වගේ උතුරු නැගෙනහිර බෞද්ධ පුරාවස්තු සෑහෙන ප්‍රමාණයක් මේ වන විටත් විනාශ වී හමාරයි..
Deleteලංකාවෙ එවුවංට කොහේහරි නිධං ටිකක් තියෙනවයි කිවුවොත්නං ඕක වටකරගෙන හාරයි. පුරාවිද්‍යාව ගැන දන්න එවුවො කොහෙද ඉන්නෙ.
ReplyDeleteමේ ස්ථානය ගැන අසා තිබුණට මාත් ගිහිල්ල නෑ. එකපාරක් ඔය කිට්ටුවටම ගියත් හවස් වෙනකොට අලි ඉන්නව කිවුව හින්ද යන්න බැරිඋනා.
කොහොම උනත් දැං හරි ලංකාවෙ තියෙන ඔය වගේ ස්ථාන සංරක්ෂණය කරන්න පියවර ගන්නවනං (එහෙම ඕන අය ඉන්නවනං) ඒක ලොකු දෙයක්.
මූ අතුරුදං වෙල් තියෙන්නෙ මේකයි එහෙනං ඉඳගෙන.
ඇත්ත.. නියම වෘත්තිකයන් පිරිසක් පුරාවිද්‍යාෙව් නැහැ.. ඒකයි අවුල.. හරිනං ප්‍රමුඛතා පදනමක් හෝ නිර්මාණය කරල මෙවන් වටිනා ස්ථාන රැකගන්න ඕන.. යකඩෝ ප්‍රසා ගිහිල්ලත් නැද්ද ඔතනට..
Deleteඅපි හෙට යනවා සෙනසුරාදා... බලන්නම්..මේ විස්තරෙත් ප්‍රයෝජනවත් උනා..
ReplyDeleteඑහෙනං විස්තරේ දෙන්ටකෝ අර වැල්ලේ ඉන්න සුද්දියන් ගනං නොකර.. හැක්..
Deleteහේයි,
ReplyDeleteවිශ්ව රංගනාත්, සයිලන්ට් සහන් වරෙල්ලා මෙන්න දෙශකයා මෙතන ආගමික සිද්දස්ථානයක් ගැන පොස්ට් එකක් දාලා... ඇවිත් මෙතන වනසපල්ලා.....
Deleteමට නම් කිසිම පාඩුවක් වෙන්නේ නැහැ මේවා කරාට..මොකද මන් ඉන්ටනෙට් එකෙන් ගෑණු හොයන්න වත් පොර වෙන්න වත් ඇවිත් නැහැ... :D
කෝ කෝ මේ විශ්වයා..
Delete@ ඇනෝ
Deleteඇයි බං ඒ දෙන්න බුද්ධ ශාසන අමාත්‍යංශයේද.. හැක්..
විශ්ව රංගනාත් මෙහි පැමිණ නැති බව කනගාටුවෙන් දැනුම් දෙමි.. ස්තුතියි අදහසට..
@ සහන්
Deleteහැක් හැක්.. අනේ ඩෝ..
පෞරාණික වැදගත්කමක් තියෙන මේ වගේ තැන් විනාස වෙලා යන එක ගැන හරිම කනගාටුයි.. ඒ ගැන මේ විදිහට හරි කට්ටිය දැනුවත් කරපු එක ගැන දේශකතුමාට හුඟක් ස්තූතියි...
ReplyDeleteඅදහසට ස්තුතියි තුශානි..
Deleteවටිනා සටහනක් එක කලාට ස්තූතියි!. මේ වාගේ තැන් ඔහේ වැලලිලා යන්නෙ ඇයි? මන්දා. සංරක්ෂණය කරලා තියාගන්න ඕනෙ නේද? මම නම් මේ පැත්තෙ ගිහින් නෑ. යන්න ආසයි. මේ විදිහට වත් බලා ගන්න සැලැස්සුවාට ගොඩාක් ස්තූතියි!
ReplyDeleteචන්දි නගා කාලෙකින්.. දැකීමත් සතුටක්.. ඉඩක් ලැබුන විටක යන්න.. මෙතන වෙලා තියෙන්නේ වැලලිලා යාමක් නෙමෙයි. කළුතර සිට වැඩම කළ එඩිතර හාමුදුරු නමක් තව පිරිසක් හා ගමේ අය එකතු වෙලා වල්බිහිවෙලා තිබුන මේ තැන සොයා ගැනීමයි. නමුත් පුරාවිද්‍යාත්මක සංරක්ෂීත ස්ථානයක් නොවීම මත හිතුමතේට ඉඳිකිරීම් කටයුතු කරල තියෙනවා. ඒක හාමුදුරුවෝ දන්න එකක් නෙමෙයිනේ.. ආරක්ෂාව හා පැවැත්ම සදහා සිදු කළත් එයින් අවැඩක් සිදු වන බව තමා මා හිතන්නේ.
Deleteසිහ්...මෙච්චර ළඟ ඉඳලත් මං ගිහින් නෑනේ මේක බලන්න....
ReplyDeleteඅඩේ රන්දුවා.. ඉඩක් ලැබුනම යන්න බලන්න..
Deleteඅෆ්ෆා යායුතු තැන් එමටයි නේද බැලින්නන්? ෆොටෝ ටික තමා වටින්නේ...
ReplyDeleteතව පොටෝ නං තිබ්බා ඒත් බයිට් කන නිසා දැම්මෙ නැහැ.. යන්ටකෝ අනේ දෙන්න එක්කම...
Deleteමමනම් කවදාවත් ගිහින් නෑ. ඒත් නොදන්න තැනක් ගැන කියල දුන්නට ස්තුති. අපේ එවුන්ට ඕව වටින්නෙ නිධන් තියෙනවනම් විතරනේ.
ReplyDeleteඅන්න ඒකනේ අවුල.. නිදන් ගන්න නං ඕවා හොයාගෙන යන්නේ.. ස්තුතියි ඔබව දැනුවත් උනා නම් මට ඒක සතුටක්..
Deleteමම නම් මේ පැත්තට ගිහින් නෑ.. දවසක යන්න වටින තැනක් !
ReplyDeleteපළාතේ වද්දගන්න හිතෙන්නෑ.. හැක්..
Deleteදේශකයා දැන් ගවේශකයා වෙලානේ.. හරිම සතුටුයි.. මේ විස්තරයත් කදිමයි..
ReplyDeleteගවේශනය කරලනෙ දේශණ කරන්නෙ :D
Delete@ නලියා
Deleteබෝම ස්තුතියි මෙයා..
@ සසිදු
Deleteගවේෂණයක් නැතිව මොකවත් කරන්න බැහැ මං හිතන්නේ...
ලාවට අහල වගේ තිබුනට ෆොටෝ එකකින් හරි අදතමා දැක්කෙ :)
ReplyDeleteඑහෙනං මං ඒවා දාපු එක හොදා නේද සසිදුවෝ...
Deleteමම හිතුවේ ඕක ලංකාගමනයත් එක්ක සම්බන්ධ තැනක් වෙන්න ඇති කියලා. නමේ හැටියට.
ReplyDeleteමේ නම ආපු විදියක් වත් දන්නේ නැහැ. ගවේෂණය කරපු එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝ කියන්නේ මුස්ලිම් නමින් කැඩි ආපු විත්තියක්.. “බුද්ධංකෛලෙ“ කියන එකෙන්..
Deleteහොද විස්තරයක් දේශා.
ReplyDeleteඋඹ ඒකයි අතුරුදහන් වෙලා හිටියේ හැක...හැක්...
ස්තුතියි කෙන්ජා...
Deleteහදිස්සියක් හදිස්සියක්
ReplyDeleteවතුර එකක් දෙන්නෙයි...
Deleteමෙතෙන්ට ගිහිනුත් නෑ....
ReplyDeleteපුරා විද්‍යා කටයුතු කරන ඈයෝ මක් කරනවා ඇතිද හැබෑටම...! ;)
වෙලාවක යන්ටකේ එහෙනං... පුරාවිද්‍යා කට්ටියත් කුට්ටි බෙදාගන්න වලිකනවා..
Deleteපින්තූරවල උඹත් ඉන්නවද
ReplyDeleteඅන්න හොද ප්‍රශ්නයක්.. පින්තුර මගේය කිව්වම පස්සේ තව මොනා අහනවද මන්ද හැලපයියා.. හැක් හැක්..
Deleteමම නම් ගිහින් තියෙනවා ,ලොකු පොකුණේ පින්තූරයක් දැම්ම නම් හරි එක අඩුයි වගේ ,
ReplyDeleteමේ වගේම විනාශ තැනක් තියෙනවා හුලo නුගේ කියන ප්‍රදේශයේ මම හිතන්නෙ එහෙ තමයි තියෙන්නෙ ලංකාවේ දිගම කටාරම් සහිත ගල් ලෙන එ උනාට කිසිම අවදානයක් නෑ එවා ගැන
ඔබ ගියානං දකින්න ඇති අර පසුව ඉදිකරපු පොකුණ හා පිළීම ටික මොන තරං අපිළිවෙලද එතැනට ගෝචර නොවන විත්තියත්.. චෛත්‍යයත් එහෙමයි.. පොසොන් එකට තමා ඒකේ ධාතු වඩම්මවන්නේ.. ඒකට ඉදි කරපු යකඩ තට්ටුවත් හරිම අප්‍රසන්නයි..
Deleteදැනන් හිටියෙ නෑ නේ. මේ වගේ තවත් තැන් ඇති නිකන් විනාස වෙලා යන.
ReplyDeleteඅම්මෝ එහෙනං මම ලොකු දෙයක් නෙව කරල තියෙන්නේ. .ස්තුතියි දිලිනි..
Deleteඔහොම තමයි එක පාරක් මම දැක්කා පත්තරේද කොහේද තියෙනවා පෝයට පුරාණ පන්සල් ගැන කරන රුපවාහිනී වැඩසටහනකට ඈත පළාතක පන්සලක් තෝරාගෙන හාමුදුරුවන්ටත් දැනුම් දීලා රූපගත කිරීම් වලට අහවල් දවසේ එනවා කියලා.හාමුදුරුවන්ටත් ඉතින් හරි සතුටුලු මේ වැඩේට.ඉතින් අර අහවල් දවසේ නිෂ්පාදක කණ්ඩායම එනකොට රූපගත කිරීම් වලට එදා තිබුණු පන්සල නොවෙලු තියෙන්නේ.බැලින්නම් හාමුදුරුවෝ ගමේ දයකයොත් එක්කාසු කරගෙන පෞරාණික පන්සල නවීකරනය කරලලු අර පෞරාණික දේවල් ඔක්කොම අයින් කර දාලා.
ReplyDeleteඅන්න නියම සංරක්ෂණය.. හැක් හැක්.
Deleteමේ ගෙනා විස්තරයට ඔබට ස්තූතියි! මෙම සිද්ධස්ථානයේ සුභ සිදිධිය උදෙසා වඟකිව යුත්තන්ගේ දෑස් විවර වේවා!!
ReplyDeleteඔබටත් ස්තුතියි ගුණේ..
Delete//නොමේරු කලා ලක්ෂණ සහිත මෙම පිළිමවහන්සේලා බුද්ධංගල පවතින පෞරාණික භාවයට හානි ගෙන දේ.// ඔන්න ඕක තමා හෙනේ..! හැමතැනම පිලිම..කිසිම භක්තිමත් හැඟීම හිතට එන්නෑ බං මේවාට.
ReplyDeleteපෞරාණික බව කියන වචනෙ තේරුමවත් ඕවායෙ හාමුදුරුවන් දන්න වාද මන්ද..?
ඒක ඇත්ත. ප්‍රධාන හේතුව නිසි දැනුමක් නොමැති කම..
Deleteමම හිතන්නෙ එපා ඇති !
ReplyDeleteමටත් හිතෙන්නේ එහෙමයි. හමුදාව නැත්නං ඔතනත් ඉවරයි.
Deleteමමත් ඔතනට ගිහින් තියෙනව.ඒත් ඔච්චර හරියක් මම දැන ගත්තේ අද තමයි..මොනවා වුනත් කෙලින් කතා කරපු එක අගය කරන්න ඕනෙ..
ReplyDeleteසහ්. උමේෂ් අවශ්‍ය දේවල් දැකල නැහැනේ.. ස්තුතියි කෙලින් කතා කරේ නෑ මට හිතෙන දේ කිව්වා විතරයි.
Deleteමේ පුදබිමට මමත් වතාවක් ගොස් තිබෙනවා...භාවනායෝගී ස්වාමීන් වහන්සේ කෙනෙකු තමයි දර කැපීමෙන් ජීවත් වූ මුස්ලිම් මිනිසුන්ගේ තර්ජන ගර්ජන මැද මේ පුද බිම රැකගෙන අද දක්වා පැමිණි ගමනට උර දී තියෙන්නෙ....
ReplyDeleteඔව් බං කළුතර ධම්මානන්ද ස්ථවීර වගේ නමක් මට මතක හැටියට.. මුස්ලිම් අය ඔය රක්ෂිතයේ වැවක් පවා හදන්න හැදුවා..
Deleteදැන් දේශකයාගෙ අසනීප ගතිය හොඳ ඇති නේද? මේ වගේ අවධානයට ලක් විය යුතු ඒත් කාගෙවත් අවධානයට ලක් නොවෙන තැන් කොයි තරම් තියෙනවද.. මේ විදිහට හරි මේ දේවල් ගැන දැනුවත් කරන එක ගොඩක් වටිනවා
ReplyDeleteඔව් චාම්ස් දැං හුගක්ම හොදයි නැහැ ඇත්තටම හොදයි. ඔබට ස්තුතියි අදහසට...
Deleteවන්දනා කිරීමට මුල්තැන දුන්නහම පුරා විද්‍යා කටයුතු විද්යාත්මකව කරන්න අපහසුයි
ReplyDeleteඅන්න හරි... ඒක ආරක්ෂාවක් නෙමෙයි අනාරක්ෂාවක්.. ස්තුතියි ප්‍රා ජේ.. මේ ආවම නේද මේ පැත්තේ.. වෙල්කම් එහෙනං
Deleteඇවිල්ල තියනව ඉස්සර. Comment කරල නෑහෑ English comments වලට කෑමතිද දන්නෙ නෑති නිසා. කකා converter දුන්න.
DeleteThanks for the welcome. සුබ නව වසරක් වේවා!
ආහ්. ඒකත් එහෙමද.. එහෙනං කකා නියම වැඩක් නේ කරල තියෙන්නේ... සන්තෝසයි අදුරගන්න... ඔබටත් සුනවවේ....!! නැවත හමුවෙමු..
Deleteලංකාවේ පුරාවිද්‍යාවයි සංරක්ෂණයි ගැන නම් කතා කරල වැඩක් නෑ. :/ දැන් අනුරාධපුර ථූපාරාමයට ගියා නම් නියම සංරක්ෂණයක් බලා ගන්න පුළුවන්. මුළු මළුව වටේටම ලොකු ටකරන් ටෙන්ට් එකක් ගහලා, කන පැළෙන්න ලවුඩ්ස්පීකර් දාගෙන කට්ටිය ආධාර එකතු කරනවා. ලොතරැයි කූඩුවකට ගියා වගේ. පෞරාණික දාගැබක් කියල පේන්න කිසි දෙයක් නෑ ඔළුවෙන් හිටගෙන බැලුවත්.. හැමතැනම ඔහොමයි.. :(
ReplyDeleteවෙල්කම් අශාන්.. ස්තුතියි අදහසට. සංරක්ෂණ්‍යට මුවා වී ඒ මුදල් ගසා කන ව්‍යාපාර.. මට සිද්ධි දෙකක් මතක් වෙනවා දැනට ශ්‍රි මහ බෝධියට මෙපිටින් ඉදි කරන්න යන රථ ගාල අනික අපේ ගම් ප්‍රෙද්ශයේ ස්ථානක් ගැන. පුරාවිද්‍යාව හිටියත් වැඩක් වෙලා නැහැ මේ තැන් වල..
Delete:)
Deleteපැහැදිලිවම... තව අවුරුදු කීපයක් යනකොට ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන කියල දෙයක් ඉතිරි වෙන්නෙ නෑ...
ඔව් ඒවා අපි ත්‍රිකෝණයට දීල බකන්නිලන් ඉදීවි.. හැක්...
Deleteඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
ReplyDeleteවිදුලි බිල වැඩි නොවන,
සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
ඉන්ධන මිල වැඩි නොවන,
වංචාව සහ දූෂණය අඩු වූ,
නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
සාධාරණ වැටුපක් හිමි වූ,
කලට වේලාවට වැසි වසින,
....
සුබ නව වසරක් වේවා!
ස්තුතියි නිර්මලා ඔබගේ සුභ පැතුමට.. ඔබටත් එසේම වේවා!!!
Deleteපිස්සු නැතුව නිදාන තියෙන්නෙ කොහෙද බලපං.
ReplyDeleteහැමටම ශුභ 2014ක් වේවා
පිස්සු කෙලින්නැතව හිටහං කෑ නොගහ. ඒවා ෂේප් එකේ.. හැක්..
Deleteඔබටත් එසේම වේවා දයල්..