Sunday, December 8, 2013

තම්බි කඩේ..... (Short Eats)

මම ඉස්කෝලේ යන කාලේ හවසට බඩගිනි වෙලා අඩන කොට අම්මාට දුක හිතෙනවා. පොළොවේ පස් කන්න අඩන, මේ දැනුත් ජිල්බෝල ගහපු එකා ඒ ඩිංගට බඩගිනි වෙලා කියල කෑගහන කොට දෙන්න මෙලෝ දෙයක් ගේ ආතක පාතක නැති අම්මා ඇඹරෙනවා. මම ඉතිං ඒක දැනගෙනම ඇඩිල්ල නවත්නන්නේ නෑ. මොකද කොහෙන් හරි තියෙන පුස්කාච්චි සල්ලි කොලයක් මොන වෙලේ හරි මගේ ඇස් දෙක ඉස්සරහ ලෙල දෙන විත්තිය හැමදාම වගේ මම දන්න හින්දා. “ඉදා මේක අරං කඩෙන් බනිස් ගෙඩි දෙකක් ගෙනැත් එකක් කාලා අනිත් එක මල්ලිල දෙන්නට තියපං. ආ..“ ඔන්න ඔය වචන සැට් එක ඇහෙන කං මම ඉතිං මොන ලෙසකින්වත් මගේ බෑගිරිය නවත්තන්නේ නැහැ. ඊට පස්සේ රූං කුරුල්ලා වගේ බයිසිකල් කටුවේ නැගිලා ඉස්පාසුවක් නැතිව මම දුවනව ටවුමට. 

බයිසිකල් කටුවේ වේගය පාලනය කරගන්නත් බැරි තරමට මම යන්නේ හැටට හැටේ. ඒ කාලේ කාඩ කමටම, ටයි බොත්තමට පල්ලෙහා බොත්තමත් ඇරගෙන තමා ඕන තැනක යන්නේ. ඉතිං අර වේගෙත් එක්ක පපුව පිරෙන්න හුළං වදිනවා. එහෙම හුළං වැදුනම මගේ කමිසේ උඩ සාක්කුවේ ඉන්න අර ලෙලදීපු කාසි කොලේ බ්ර් බ්ර් ගානවා හුළං පාරට නිකං දැගලිල්ල හැදිල වගේ. කෝකටත් නිතරම හුළගට බ්ර් බ්ර් ගාන කාසි කොලේ දිහා මගේ ඇස් දෙක දුවනවා. ඇයි කියන්නේ ඕක හුළගට ගහගෙන ගියොත් ආයේ අල්ලන්නයැ.

ස්ටෑන්ඩ් එකක් නැති බයිසිකල් කටුව සිමෙන්ති ගැට්ටකට පැටල් එක තියල හේත්තු කරල මම දුවනවා තම්බිගේ කඩේට. හවස් ජාමේට එතන ගජරාමේට සෙනග පිරිලා. එක එක ජාතියේ වෛවාරණ මිනිස්සු පුටු වල වාඩි වෙලා, මේස ගාව හිටගෙන, ආප්ප බාස් එක්ක කදේ දාගෙන, මුදලාලාගේ කූඩුව ගාව පරණ පත්තර ගොඩ උඩින් වාඩි වෙලා, කළු ගැහැච්ච තේ කූඩුව ගාව ඉදගෙන රොටි කනවා, තේ බොනවා, රෝස් පාං එකක් ප්ලේන්ටියක් එක්ක කනවා, ඒ අතරේ කතා කරනවා. සමහරු මහබූත කුනුහරුප කියනවා. තේ හදන වපර බාස්ට තෝ මහ හිගන්නෙක් කියල බනිනවා. ඒකට හේතුව නං තම්බි මුදලාලිගේ උපදෙසට අර යකා කෝප්පේ පිරෙන්නම ප්ලේන්ටිය නොදාන එක තමා. ඒ අල්ල පනල්ලේ මුළු ඇගේම දුං බැදිල, ඒ උඩින් දාඩිය පොල්ල දාලා, ඒකට උඩින් ආයෙත් දුං බැදිල කළු ගැහිල කුනු පොල් ගෙඩියක් වගේ පේන කුස්සි බාස්ගේ ගෝලයා එළියේ ඉදල එක එක සයිස් එකට කපාපු මහ දර කෑලි ටිකක් කිහිල්ලේ ගහගෙන කඩේ මැදින්ම කුස්සියට යනවා. “හේයි හේයි“ මිනිහගේ හෝන් එක. ඒ සද්දේ ඇහෙන කොට හැමෝම මුණු හරවල බලල හෝන්කාරයට යන්න ඉඩ දෙන්නේ ඇනුනොත් හෙම අර දර කෝටුවක් උණ ගන්න විත්තිය දන්න හින්දමයි. ඒ දර ටිකත් අරං කුස්සියට රිංගන හෝන්කාරයා ආයෙත් එළියට බහින්නේ පැය බාගෙකට පස්සේ විතර තමා.

මම තම්බි මුදලාලිගෙන් බනිස් ඉල්ලුවම අද බනිස් නෑ දරුවෝ කියල කියාපි. දැං මොකෝ කරන්නේ කියල කල්පනා කරන්න හදන කොටම මුදලාලි අඩව් ඇල්ලුවා.

“ඔන්න දැං දාපු රොටි තියෙනවා උණු උණූවෙම ඒවා ගන්න“

“කීයද එකක්??“

“එකක් දහයයි“

“හා එහෙනං දෙකක් දෙන්න“ කියල කට වහගන්න කොටම තම්බි මුදලාලි සිංහලෙන්ම කියනවා “මස් රොටි දෙකක් පාර්සල්“ කියලා. තව චුට්ට වෙලාවක් යද්දි හම්පඩ වෙච්ච් රේස් පත්තර වලින් හදාපු කඩදාසි බෑග් එක පුරවලා මගේ පාර්සලේ එනවා. ඒකත් අරන් සුරුස් ගාලා මම ගෙදර ගිහිල්ල එක රොටියක් කන්න ගන්නවා. කන්න ගන්න කොටම මොකවත් නෑ පිටි රොටි විතරයි. හැබැයි තව ඩිංගක් කන කොට එළවලු මික්සරේ හැපෙනවා. අන්න එතකොට රොටිත් එක්ක ඒ රස එකතු උනාම ගතියක් එනවා. තව ඩිංගක් කන කොට ගොරක කෑල්ලක් වගේ එකක් හැපුනා. හැබැයි ඇඹුල් රස නැහැ. තව පාරක් හපල බැලුවා. යකඩෝ මාළු කෑල්ලක් වැටිලද අහම්බෙන්වත්. ඒත් මාළු නං කැඩෙන්න එපායැ හපන කොට. මේක හැපිල වෙන් වෙන්නේ නැහැ. මොකක් උනත් තුන් හතර පාර හැපුවම.. සහ්. මාර රහයිනේ.. මේ මස් කෑල්ලක්. ආ ඔව්නේ මස් රොටි කියල නේ දුන්නේ. හැබෑට එතකොට මුං මස් රොටි කිව්වම ඒවට මස් දානවා. මස් මස්.. හත්දෙයියනේ මම මේ තම්බි මස්ද කෑවේ එතකොට. ඔව් ඔන්න මතක් උනා ඇත්ත නේන්නං හරක් මස් කෑල්ලක්. ඒකත් නරකම නැහැ පට්ට රසයිනේ කියල මම රස කර කර කෑවා. රොටියේ අන්තිම හරියෙදි ආයෙත් පොඩි මස් කෑල්ලක්. ඒකත් කාලා ඉවර උනාම, දිව්‍ය බෝජනයක් කෑවා වගේ සනීපයි.

කරුමේ කියන්නේ අපේ ගෙදර තිබ්බ පහත් බෞද්ධ (???) මානසිකත්වය හින්දා හරක් මස් කෑල්ලක් උපන්තේකට අම්මා ගෙට ගේන්න දෙන්නෙත් නෑ කන්න දෙන්නෙත් නෑ. ඉතිං අපිත් හරක් මස් වර්ජනේ. හැබැයි රහක් නොදැන නිකම්ම වර්ජනේ. හරියට අර විස්සවිජ්ජාල කොල්ලෝ වගේ...උන් දන්නේ නායකයෝ කියන ඕන එහෙකට දියව් දියව් කියල කෑමොර දෙන්න විතර නේ. හැක් හැක්. මේක රහ වැටුනට අම්මට කියත හැකිය මම හරක් මස් කාපු විත්තියක්. ඉතිරි රොටිය තියන්නත් බෑ. ඇයි අනිත් යක්ස පැටව් දෙන්න මේක කාලා හරක් මස් කියල වැඩේ පත්තු කරොත් හෙම මගේ පස්ස පැත්තට තමා පත්තු වෙන්නේ කියල හිතුන නිසා හිමින් සීරුවේ කාමරේට ගිහින්න අනිත් රාජබෝජනේටත් කොටල දැම්මා. ඒකත් කෑවට පස්සේ නිවන් ගියා වගේ කට සැරට දනවත් එක්ක. ඒකෙන් ආපු ගතිය සෑහෙන වෙලාවක් තිබ්බා. මම නිකං අර රැටටුයිල් එකේ මී චෙෆ්පා වගේ මුළු හදින්ම ඒ රහ වින්දා. ඒක හිතට වදින්න වදින්න මට ආවේ එකම සිතුවිල්ලයි. “තව කාපං තව කාපං හරක් මස්“ කියලා.. 

ඔන්න ඕක තමා මම හරක් මස් කන්න අත්පොත් තිබ්බ කතන්දරේ. ඒකෙන් පස්සේ මම කවදාවත් ඔය හරක් මස් නොකන වර්ජනේට සහාය දැක්කුවේ නැහැ. ෂේප් නියායෙන් සතියට එකක් හරි මස් රොටි ගිල ගිල හිටියා. මේ මස් රොටි හැමදාම ගෙදරට ගෙනැල්ල කන්න බැරි නිසා මම තීරණය කලා තම්බි මුදලාලිගේ ගෝරනාඩු කඩේම පුටුවකින් වාඩි වෙලා හිමින් සීරුවේ රොටිය ගිලල එන්න. එහෙම තීරණයක් අරන් මම කඩේ වාඩි වෙලා මස් රොටියක් කාපු දවසෙම මට සිද්ද උනා මහ නස්පැත්තියක්. 

ආ ඒක පසුවට....

100 comments:

  1. උඹට කියන්න මට හරක්මස් කන්න බහ නෙව.අමුතු කුයිලයක්‌ දැනෙනවා ඒවායේ...ජීවිතේටම දෙවරක් කා ඇත්තෙමි.ඒත් නයිට් කඩවලින් හරක්මස් කොත්තු විදිහටයි.ඩෙවල් විදිහටට්යි

    ReplyDelete
    Replies
    1. අපෝ උඹලයි පැත්තේ තියෙන හරක් මස් කොත්තු ගැන අන්න එකෙක් ලියල තිබුනා අගේට.. සිහ් විතරක්... කාලා බලපං

      http://www.yasith.net/2013/07/blog-post.html

      Delete
    2. දේශකතුමා කාල තියෙන්නෙත් මෙහෙම එකද්ද කොහෙද.

      Delete
    3. හාපෝ ඒ පැත්තේ ඒව නං මං කටේ තියන්නේ නෑ. උං මතුරල දෙනවා කොඩි වින සැට් කරනවා.. හෙන අවුල්....

      Delete
  2. කෝ යකෝ මගේ කොමෙන්ට් එක.

    ReplyDelete
    Replies
    1. අනේ බං කලින් දාපු පොස්ට්කටුවට භූත දෝෂයක් ආවා.. ඒකෙන් අවුල් උනේ . සමාවෙයන් සත්තලනේ

      Delete
    2. මස් කන එක පවුනං මොන මස කෑවත් එකයි ආයිබොවන්ඩ. මාත් ඔය අහුවෙච්ච එක ඇදල අරිනව. අර හසරැල්ගෙ පෝස්ට් එකේ මාතලන් දාල තියෙනව වගේ මස් මාළු කන්නෙ නැත්තං මිනිස්සුනංට සර්ව භක්ෂක කියල කියන්නෙ මොකටද?

      දැං කියමුකො බලන්න තම්බි මුදලාලි බොට මොකක්ද කලේ කියල.

      Delete
    3. තම්බි මුදලාලි කරපු දහදුරා වැඩේ හෙට දෙන්නං.. හැක්.. තැන්කුයි ප්‍රසා.. දෙවෙනි පාරත් ඇවිත් මේක දැම්මට....

      Delete
  3. මමනම් මස් ජාති (විතරක්) එකක්වත් කන්නේ නෑ බත් නම් කනවා ඕන මළුවක් එක්ක...... අර බිත්තර කන්නේ නෑ ක් කනවා වගේ

    ReplyDelete
    Replies
    1. බිත්තර කන්නේ නෑ කේක් කනවා. බිත්තර කන්නේ නෑ කේක් කනවා. බිත්තර කන්නේ නෑ කේක් කනවා. බිත්තර කන්නේ නෑ කේක් කනවා.

      තේරෙන්නෙ නෑ බං.. හැක් හැක්...

      Delete
    2. අයි බන් කේක් හදන්නේ බිත්තර දාලානේ... එතකොට බිත්තර කන්නේ නයි කියන එවුන් හරිනම් කේකුත් නොකා ඉන්න ඕනා...... මමත් මාසි කනවා කියකිය මස් කන්නේ නෑ ... එත් බත් එකට බෙදා ගෙන ඕන එකක් කනවා

      Delete
    3. හැක් හැක්.. උඹ හීනෙන්ද කියන්නේ.. කේක් වලට බිත්තර දාන්නෙත් නෑ වෙජිටබල් රයිස් වලට බිත්තර දාන්නෙත් නෑ මස් හොදි වලට මස් දාන්නෙත් නෑ.. බත් එකේ තියෙන ඒවා විසි කරන්න නාකයි කියල බුදු හාන්දුරුවොත් කිව්වා නෙව. මතකනේ මීනි මස් කන්න හොද නැති නිසා තමා අර පාත්තරේට වැටුන ඇගිල්ල පැත්තකින් තියල දානේ වැළදුවේ

      Delete
  4. දේශක තුමා රසවත් කථාවකට මුළ පුරන හැඩයි. ඉතිරිය රස විඳින්න නැවත එන්නම්.....

    ReplyDelete
    Replies
    1. මේක කතාවක්.. මේකට සම්බන්ධ වූ තවත් කොටසක් එනවා මිසක් අරහෙම කතන්දරයක් නෙමෙයි මචෝ.. දිගටම එනවට තැන්කුයි...

      Delete
  5. අපිත් මස් කන්නේ නැතෝ...මටත් මස්වල අමුතු මොකක්දෝ සුවඳක් එනවා...:)

    ReplyDelete
    Replies
    1. අපොයි බොලා ශාඛ භක්ෂක සත්තු නේ..

      Delete
  6. First - pork.....pork
    Second - beef... beef

    ReplyDelete
    Replies
    1. 1 BEEF
      2...3....
      4...
      5 Chicken

      2,3,4 කියන්න විදියක් නෑ බලහං අර ගාමිණී අයියා හැංගිල බලන් ඉන්නවද කියලා...

      Delete
    2. මසට ඇති කරන සතුන් ගේ මස් විත්‍රක් කන්න.

      Delete
    3. එක එක රටවල ඒකත් වෙනස් නේද කතෝ..

      Delete
    4. @ කකා

      ඒක ඇත්ත. ඒත් ලැබුනොත් හෙම කුමක් කරන්නද???

      Delete
    5. @ මාතලං

      ඔව් මස් කන විදිය වගේම මස් වර්ග තෝරාගන්න විදිය හා ඒක ලබාගනන විදියත් වෙනස් හුගක් රට වල.. දැං බලන්න එංගලන්තේ කොච්චර හාදයෝ ඉන්නවද තමන්ම හන්ටින් ගිහිල්ල මස් හොයාගෙන එන.....

      Delete
  7. මම නම් ඕන මසක් කනවා, මොනා කරන්නද? පව් නම් හැම සතාම පව්නෙ? දැන් මට දේශක මස් කන්න හිතෙනවා වගේ ග්ර්ර් ග්ර්ර්

    ReplyDelete
    Replies
    1. හා හා කලබොල නොවී ඉදපං බං... මස් කට්ටක් දෙන්නං.. මාත් එහෙමයි බං ඒත් අර බුදුහාමුදුරුවෝ කියපු කරමයට තමා මම කන්නේ.

      Delete
  8. මගෙනම් ප්‍රියතම මිනී මස්. හරක් මස් කැලේ.. බොරුනම් නන්දෝ පරාඩෝගෙන් අහලා බලහන්.. :D

    ReplyDelete
    Replies
    1. ඇත්තටම.. මම නං කාලා නෑ.. ඉදපං උඹලයි පැත්තේ ආවොත් සෙන්න මස් කන්න පුළුවන් වෙයි.. හැක්.. පරාඩ්ඩෝ කෑවේ බං නොකා බැරි කමටනේ...

      Delete
  9. අයි බන් මමත් හරක් මස් කරන්නේ නැහැනේ . . කන්නේ ගම්මාලු හෙහ් හෙහෙ හේ ..

    අනික තමා බන් ඔය කැම්පස් වල ළමයි ඉල්ලීම් ඉල්ලන්නේ "දියව්" "කරව්" කියලනේ.මම කොහෙද කියෙව්වා එක ප්රෝපෙක් යෝජනා කලාලු අපි ප්‍රශ්න පත්තරත් ලියමු ..

    මොකක්ක්ද ජේදයක් කියල මේකට මේ චරිතේ හැසිරීම ගැන විචාරයක් "ලියව්" කියල හෙහෙ හෙහෙ

    ReplyDelete
    Replies
    1. අපෝ උඹල හෙන උපාසකසකයෝ

      ඒක නෙමෙයි බං උන් කිව්වේ දියව් දියව් කරව් කරව් කියල කිව්වට කව්ද ඒවා කරන්නේ. මුං අඩුගානේ ඉල්ලීමේ දෙන්න කියලවත් කිව්වනං මක්කා හරි කොරන්න තිබුන නේද කියලා

      Delete
    2. අඩේ මම වෙන කතාවක් එහෙනම් අහල තියෙන්නේ. .. කමක් නැහැ කැත්තෙන් හරි පොල්ලෙන් හරි ආතල් එකනේ වටින්නේ නැත්ද හා . . . . . හිටගෙන

      Delete
    3. නෑ බං ඒකත් කිව්ව තමා.. ළමයින් අර විදියට කියනව නං අපිත් ප්‍රශ්න පත්තර වල උත්තර දියව්, රූප සටහන් ඇදපියව් කියල ලියමු කියලා..

      Delete
  10. මම ගිනි තියා ගන්නවා යකුනේ. මේක හරකුන්ගෙ රට හරකුන්ට ගිය රට. එහෙවු රටේ මිනිස්සු භුරුතු පිටින් මලත් තොපිට කන්න හරක් මරන්න අපි ඉඩ දෙන්නෑ බොලවු. හිකස්.

    මේ ඒ කාල්‍රේ මස් රොටි කිවුවම මස්ම තමා නේද? දැන්නම් මාලුපාන් කිවුවාට අල වත් නෑ ලූණූ විතරයි.

    ReplyDelete
    Replies
    1. උඹ ගිනි තියාගන්නවනං සිව්රක් ඇදගෙන මාලිගාව ගාවට පලයන්.. හැක්.. නමත් මාරු කරහං ඉන්දරතන කියලා

      ඒකාලේ නෙමෙයි බං මේ කාලෙත් මස් රොටි වල මස් තියෙනවා. අපේ උන් හදන මාළු පාන් වල තමා කවදාවත් මාළු කෑල්ලක් අහලකවත් නැත්තේ.

      Delete
  11. හයියෝ කියෝගෙන යද්දීම ඉවල වෙලානේ :(

    ReplyDelete
    Replies
    1. ඒම උනාද මොනරියේ.. ඉන්ටකෝ හෙට දිහාට ඉතුරු කෑල්ලත් දෙන්නං..

      Delete
  12. අපි නම් ඔය මැටි ගුලි කාලා නෑ නේ.

    ReplyDelete
    Replies
    1. අපිට කොහෙන්ද ඉතිං බූල් බල්ලෝ.. හැක් හැක්.. හැබෑට රංගි බීෆ් නොකන කෙනෙක්ද??

      Delete
    2. සොරි වෙන්න ඕනේ මැටි ගුලි සමානයි පාන් පිපිටි කෑම.
      ලංකාවේදි නම් හරක් මස් කන්නේ නෑ. මස් ස්ටෝල් එකට එක දවසයි ගියේ එදා ඉඳන් බුරු බබා එතනට යන්නෙත් බලන්නෙත් කන්නෙත් නෑ.

      Delete
    3. අපොයි වීල් බීෆ් හෙම නැති උනොත් බුරු බබා සුමානයක් ජීවත් වෙයි. ඒත් ලංකාවෙදි නම් මොන මසක්වත් කන්නේ නෑ.

      Delete
    4. යේකනේ මම බැලුවේ...මැටි ගුලි උපමාව නං හරියට හරි.. ඒවා මැටි ගුලි හැපෙනව වගේම තමා.. ලංකාවේ හරක් මස් ස්ටෝල් දැක්කම බඩ දගලනවා.ා මාත් ඉතිං ඒවයේ නං යන්නෑ.. හිකිස්... අතුරුගිරියේ බීෆ් ස්ටෝල් එකක් මරු සීන් එකක් දැක්කා මම දවසක් ආයේ නොයන්නම...

      Delete
    5. //අපොයි වීල් බීෆ් හෙම නැති උනොත් බුරු බබා සුමානයක් ජීවත් වෙයි.//

      හෙහ් හෙහ්...

      Delete
  13. එදා ඉතින් අම්ම ඇහුවෙ නැද්ද කෝ ගෙනාපු බනිස් මල්ලිලට දුන්නෙ නැද්ද කියල :D

    ReplyDelete
    Replies
    1. ඒවට කියන්න දේවල්ද මේ හාදයා ගාව නැත්තේ මල්ලියෝ.. හැක් හැක්..

      Delete
  14. මට කුකුලා විතරයි වලදන්න සොබාදහම ඉඩ දීලා තියෙන්නේ ආයිබොවන්ඩ.. මට ඔය අනිත් කිසිම මස් ජාතියක් කන්ට බෑ නෙව. වමනේ යනවා. පලු දානවා. ඉස්පිරිතාලේ උන්නාම හරි යනවා.

    හරක්මස් නම් කාල නැහැ. එහෙම කන්න හිතෙන්නේ නැහැ. මට මැවිලා පේනවා.. කුකුලත් කනවා බොහෝම අඩුයි.

    වෙජිටේරියන් මිනිහෙක් වෙලා බොහෝ කාලයක් කල් ගෙව්වා. ශරීර වර්ධනයට ප්‍රෝටීන මදි කියල, මගේ වෙජිටේරියන් ජීවිතය අම්ම හොරෙන් එක එක එව්වා බත් එකේ දාල නැති බංගස්ඨාන කළා නෙව. දැන් ඉවරයි

    |මම| = බොර දියක ඉඳුවර

    ReplyDelete
    Replies
    1. අඩේ උඹ ඇලජික්කාරයෙක් නේහ්.. එහෙනං ඒවා කන්න හොද නෑ තමා.. මාළු කාපං ඇති පදං ඒකේ කිසිම ඇලජි එකක් නැහැනේ..

      Delete
    2. මට උඹ ගැන දුකයි මල්ලියේ

      Delete
    3. අඩේ අටං හිමි ඇවිත් ඉන්නේ. මොකෝ බං සෙද්ද සද්ද නැත්තේ

      Delete
  15. බුදු හාමුදුරුවෝ කොහෙවත් කියලා නෑ මස් කන්න එපා කියලා. කැමති නං කන්න නැත්තං නොකා ඉන්න. හැබැයි මම නං මස් මාළුවලට ඒ හැටි මනාපයක් නෑ. හිත පිරෙන්න සැරට එළවළු නැති දවසට තමයි මස් මාළු හොයන්නේ. ඊළඟ කතාවක් ඉක්මනට දැම්මා නං :)

    ReplyDelete
    Replies
    1. එහෙයි එහෙි බුදු හාමුදුරුවෝ මස් කෑමට විරැද්ධ වෙනවට විරුද්ධ උනා.. ඒකනේ දේවදත්ත දාහක්ද කොහේද කඩාගෙන වෙන තැනකට ගියේ.

      එහෙයි හෙට දාන්නං... ධාරා

      Delete
  16. හොඳ සැරට හදපු පෝක් කෑල්ලක් කනකොට තියෙන ගතිය ගැනත් ලියපං.ඒක නෙවෙයි අද බොගෙ කතාව කියවනකොට මට පැණි වළලු මතක් වුණා,ඒ මොකද.

    ReplyDelete
    Replies
    1. අර ගංගනාත්ගේ එකද

      Delete
    2. @ හැලපයියා

      ඒක ගැනනං මං හිතන්නේ අරූ හෝ මාතලං ලියන එක තමා වඩා සුදුසු... පැණි වළලු කොලමද බං.. ඒක කියවන එක මම අතෑරල හුගක් දවස්.... මොකද විච්චුරුණ කතාව වැඩි නිසා...

      Delete
    3. @ අටමා

      ඔව් ඔව් ඒක තමා බං..

      @ හැලපේ

      කියන්න අමතක උනා මම දැං කියවන්නේ දිවයිණ ඉරිදා මීවිතේ යන තානායම්පල්ලාගේ සටහන.. ඒක මරු...

      Delete
    4. දේශා.......ඔය තානායම් කතා කාලෙකට ඉස්සෙල්ලා ලිව්වේ ඇත්තටම හොටෙල් මැනේජර් කෙනෙක්...වැලිගම හොටෙල් එකකත් හිටියා...මචෝ ඒක මීවිතේ ඔන්ලයින් එඩිශන් එකේ නැහැනේ....කොහෙද තියෙන්නේ.

      Delete
    5. ඔව් බං ඔන්ලයින් එඩිෂන් එකේ නැහැ.. පත්තරේ විතරයි බං තියෙන්නේ.. මම මිනිහට මේල් පිට මේල් යැව්වා බ්ලොග් අවකාසෙට ගන්න කොහේද කිසිම ආන්සර් එකක් නැහැ බං

      Delete
  17. හරක් මස් රෙසිපි කීපයක්.

    1. බීෆ් කරි - කතන්දර ස්ටැයිල්
    http://kathandara.blogspot.com/2011/10/are-men-better-cooks-beef-kk-style.html

    2. බීෆ් ස්ටර් ෆ්‍රයි
    http://kathandara.blogspot.com/2012/12/beef-stir-fry.html

    ReplyDelete
    Replies
    1. ඔන්න කකාගේ රෙසිපි දෙකම බැලුවා. පළවෙනි එකනං කන්න ආසා හිතෙනවා. දෙවැනි එක වගේ එකක් නං ළගදි යාළුවෙක් හදල දුන්නා.. හැක්... ස්තුතියි ඈ හොද කෑමකට මග පෙන්නුවට

      Delete
  18. මමත් මස් කනව.හැබැයි මම පුද්ගලිකව හරක් මස් කන්නේ නැහැ.ඔය හැලප අයිය කිව්ව ජාතියටනම් අපිත් කැමතියි..හේතුවක් දන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. හැලපයියා කිව්ව ජාතියේ හොර එකට තමා මම නං වැඩිය කැමති.. හරක් මස් අපිනං කනවා..

      Delete
  19. ලංකාවේ ඉද්දිනම් අපේ හෙදරත් කරක් මස් කෑවේ නෑ.. දේශකයා වගේ මාත් කඩෙන් තමයි කෑවේ.. මෙහේ අවට පස්සේ නම් ඕනි එක් කනවා අස්ප මස් හා මස් ඇරෙන්න..

    ReplyDelete
    Replies
    1. හා මස් කාපං රහයි

      Delete
    2. අශ්ව මසුත් හොඳයි හැබැයි අමුවෙන් ඝන සෝයා සොස් එක්ක...

      Delete
    3. @ දිනේෂ්
      ඒ කියන්නේ මං වගේමයි. හැබැයි මම දේශිකා එක්කන් ආවට පස්සේ නං මස් මාළු නොකන අයත් ඒවා කන්න පුරුදු උනා...

      Delete
    4. @ අටමා

      මසට හදන හාවා එච්චර ගතියක් නැහැ බං

      Delete
    5. @ ගයිජින්

      මට ඒ ගැන අත්දැකීම් නැහැ. කියහංකෝ තව විස්තරයක්...

      Delete
    6. මචන්ස්ලා........හාවාත් අශ්වයාත් වඩාත් රස (ඒ ආවේනික රසය ) ස්ටු එකක් ලේස හැදුවාම....මම කියන්නේ ලංකාවේ කඩවල තියෙන ඉස්ටු නෙමේ....ගයිජින් කියනවා වගේ අශ්වයාගේ ෆිලෙට් ස්ටේක් එකක් යාන්තම් ග්‍රිල් කරලා අරන් නොයෙකුත් සෝස් එක්ක රසයි.

      Delete
    7. අපිට කොහේද බං මෙහේ බුල් බල්ලෝ... අරූට තියෙන්නේ හොද කෑමවාහිනියක් පටන් ගන්න. සිරාවට...

      Delete
  20. මෙහෙට පය ගැහැව්වත් හරි ඕන මසක් කනවා... හවසට මස් රොටියක් කන්ට ඕනේ:B

    ReplyDelete
    Replies
    1. අනේ බං උඹ හැමදාම මස් රොටි ගිලිනවද?? එළස් නේ..

      Delete
    2. පික්ෂුද දේශා ....මේ මල ඉලව්ව කියවලා තමා පෙලේත කමක් ආවේ.......අනික මෙහේ ලංකාවේ කඩයක් හොයන් යන්ට එපෑ

      Delete
    3. හැක්... පාර්සල් කරල එවන්නෙයි එක රොටියක්.. හැබැයි ඊට සමාන එකක් හොයාගන්න බැරි වෙන එහෙකුත් නැහැ බං...

      Delete
  21. මම හිතුවෙ රොටියෙ පිටිගුලිය අස්සෙ ඉදලා දේශකයටත හැකරැල්ලෙක් හරි හංගොල්ලෙක් හරි හැපිලා කියලා...

    ReplyDelete
    Replies
    1. හපොයි නැහැ. අරූ කිව්ව වගේ මස් රොටියේ ගතිය තියෙන්නේ අර විටින් විඩ හැපෙන මස් කෑල්ල වෙන්ටැති බං

      Delete
  22. මචෝ......මගේ ප්‍රියතම කෑමක් තමයි මස් රොටි....මස් හැපෙන්නේ ඉඳලා හිටල්ල හින්දමද මන්දා ඒකට ආස...ඕකට උඩින් උනු උනු ප්ලේන්ටියක්...ඒක බොනකොට ඉක්කාවක් එනවා...එතකොට ගෝල්ඩ් ලීෆ් එකක්. හම්බන්තොට තිබුනා නියම තම්බි කඩයක්.

    මටත් ඉතින් ඕන මසක් ...බීෆ් තමයි එක......බීෆ් අපේ විදිහට හදනකොට කරවිල ටිකක් ලොකුවට කපලා දාපන් රසයි. පොඩි තිත්ත ගතියත් එක්ක.

    ReplyDelete
    Replies
    1. හොද රෙසපියක් තියනවා අර්තාපල් එක්ක දියකිරෙන් තම්බලා මිටිකිරි දාලා ගන්න එකක් , හැබැයි පිකුදු දැම්මොත් කටේ තියන්ඩ බැ.

      Delete
    2. කොහොමත් අටමෝ පීකුදුවලට පොල්කිරි වැටුනාම වලත්ත රහක් එනවා බන්......උඹ ඔය කියන රෙසිපි එකට විනාකිරි, ගම්මිරිස් වලින්ද ෆ්ලේවර් වෙන්නේ...

      Delete
    3. @ අරූ
      අනේ මචං මතක් කරන්න එපා.. ඉතුරු කොටසේ එනවා ඒ ගැන ටිකක්.. දුකයි අතීතේ ගැන මේවා මතක් උනාම.. හැක්.. කරවිල දාලා කන්න ඇහැකි බං. මමත් කාලා තියෙනවා... උඹට බැරිද පට්ට රෙසිපි එකක් දෙන්න..

      Delete
    4. @ අටමා
      මචං ස්ටුවට හදන කොට අපි නං අර තීරු කපල දානව පස්ට ගති.. රෝස් පාං එක්ක

      Delete
    5. මම නම් ආස පීකුදු වලට

      Delete
    6. උඹ බාබත් කාලා තියේද මනෝජ්...

      Delete
  23. මම නම් එතරම් මස් පස්සේ යන්නේ නැහැ... තිබ්බොත් කනවා..නැත්නම් නිකන් ඉන්නවා... හොය හොය යන්නේ නැහැ...

    ReplyDelete
    Replies
    1. උඹ කන්නේ අනුන්ගේ මස් කියලයි කට්ටිය නං කියන්නේ.. හැක් හක්..

      Delete
  24. ලංකාව වැනි ඌශ්ණ රටකට හරක් මස් කෑම හොඳයිද කියා පර්යේශනයක් කල යුතුයි. කොහොමත් කරේ දා ගෙන නොකා රතු පාට මස් ශරීර වර්ධනයට සෞඛ්යට අවශ්‍ය ප්‍රමාණය කෑම නම් කල යුතුමයි කියල මට හිතෙන්නෙ.
    අරාබිකරයේ මිනිසුන් සත්තු වගේ හැසිරෙන්නේ ඇයිද කියා හිතා බලන්න
    මහමත් තුමා දවසට පස් වතාවක් දෙවියන් නම්දින්නට කීවේ ඇයිදැයි සිතා බලන්න.

    දැවිල්ල මස් රොටියයි, අර ඉහලින් තිබුන වගේ ප්ලෙන්ටී එකයි, ගෝල්ඩ් ලීෆ් එකයි කාලයක් ෆේවරිට් කම්බිනේශන් එක,
    දැන් දුම හැලිල.

    ReplyDelete
    Replies
    1. මහමත් තුමා දවසට පස් වතාවක් වදින්න කිව්වේ බං කරපු පව් සමාකරගන්න නෙව. දයල් බොට බැරිද ඔය පර්යේසනේ කොරන්න..

      අර කොම්බිනේෂන් එක මට නං තාම තියෙනවා හිට හිට.. හැක් හැක්.. දුම හැලුනද අයියෝ කවියෙක් වෙන්නේ කොහොමද ඉතිං..

      Delete
    2. දුමක් දාල, කවියෙක් වෙන්න බලන්නම්කෝ
      හොඳ හරකෙක් අහු උනොත්
      අර බෝ කියපු මස් පර්යෙසනෙත් කොරන්නම්කෝ
      පව් සමාකර ගන්න කියල බොට කිව්වෙ කවුද, බං ?

      Delete
    3. හැක් හැක්

      දුමක් දාලා කවියෙක් වෙන්න නං එපා.. හරිය
      මස් පර්යේසනේ නං කොරාට කමක් නෑ හැබැයි කෙමිකල් ඔබන්න බෑ
      පව් සමාකර ගන්න කියල තියෙන්නේ එතුමාම වගේයි මට මතක...

      මෙහෙම නේ මහමත් තුමා ඉන්න කාලේ දැඩි සාගතයක් ඇවිත් කන්න දේවල් නැති උනා. ඒ පාර අන්තිමට පල්ලිය තීරණය කරා හරක් මරල මස් කන්න ඒත් කරන්න දෙයක් නැති කමට. අන්තිමට මහමද්තුමා තීරණය කරා හරක් මරල මස් උයල ඉස්සෙල්ලම ඒක අනුභව කරන්න. දබරැගිල්ලේ රෙදි පටවල් හතක් ඔතල ඒ ඇගිල්ල මස් භාජනේට ඔබලා අරගෙන, රෙදි පටි ටික ගලවල ඇගිලි සුප්පා කරලා තමා එතුමා කුසගින්න නිවාගත්තේ. ඉතිං සත්තු මරපු එකේ පාපය යන්න පස් පාරක් පව් කමා කරගන්න කිව්වා කියලයි මට හිතෙන්නේ.. වැඩි වස්තරයක් කව්රු හරි දෙනව නං පිනක් නේද???

      Delete
  25. දේශා උඹ මගේ ඌරු මස් ගෙදරට ගේන්න නොදෙන නැන්දම්මා ගැන එක කියෙව්වේ නැද්ද ?
    http://kenjij1.blogspot.com/2013/11/blog-post_14.html

    ReplyDelete
    Replies
    1. ඇයි බං කියෙව්වා නේද ඒක.. හිටහං බලන්න...

      Delete
    2. කෙන්ජා

      මම ඒ දවස් වල හිටියේ නැහැනේ බං.. ඔන්න දැං කියන්න දේකුත් නෑ සැට් එක හොද එකෙන්ම කියල තියෙන්නේ.. හැක් හැක්...

      Delete
  26. කෝ බලන්ඩ ඉතුරු කොටස?.....

    ඔය එළවළු, මස්, මාළු රොටී කන්න මම කැමති ක්‍රමයක් තියනවා. රොටිය ලෙහලා, මැද්දේ තියන මික්ස් එක පැත්තකින් තියලා, අර රොටිය වෙනම කෑලි කඩ කඩා අර මික්ස් එකේ ගාගෙන කෑම. ඕකට ගොදම්බ රොටියයි කරියයි වෙනම ගත්තා නම් හරි කියලා කවුරු හරි හිතයි. ඒත් අර රොටියේ කර වෙච්ච තැන් මාර ගති.

    ReplyDelete
    Replies
    1. හිටහං තව සුට්ටකින් දානවා..

      ඒක මරු බං.. මාත් කනවා.. උම කිව්ව වගේ අර කර වෙචිච හරිය තමා සුපිරිම. පාං ගෙඩියේ උඩ පොත්තත් ඒ වගේ නේ බං.. හොද සාවරු ටිකක් එක්ක හෙන ගති...

      Delete
  27. අනේ බන් ඇත්තමයි කියන්නේ මස් රොටි ගැනම මගේ අත්දැකීමක් පොස්ටුවක් හැටියට ලියන්න ඕනි කියා කියා ඒ කතාවට මතකමස් ලියලනකන් බල බලා ඉද්දි තමයි මේක දැක්කේ. හැබැයි උඹේ කතාව මන් කාපු මස් රොටියට වඩා රහයි.. ජය !

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න බෑ තිලකේ කාපු මස් අනිවා රහ වෙන්න ඕන මම කවන ඒවට වඩා. ඉතිං අපිට කවන්නකෝ ඒක... තැන්කුයි මේ පැත්තේ ආවට.. අනිවා ලියන්න හොදේ ඒක...

      Delete
  28. බීෆ් කාපු දවසට පහුවදාට නහුතෙට බඩ වේලනවනේ අප්පා..

    ReplyDelete
    Replies
    1. එහෙම නැහැ බං. හොදට වතුර බොන්න ඕන.. ඒවා දිරවන්න චෑන්ස් එකක් දෙන්න එපායැ...

      Delete
  29. මමත් බිෆ් කනවා බං.එත් වැඩේ කියන්නේ ඕක කෑවම කට පැලෙනවානේ.ඒ තරම් ඌශ්නයිනේ.පෝක් තමයි මගේ ප්‍රියතම.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ පොඩි ආසාත්මිකතා සමහර අයට තියෙනවා.. වයිල්ඩ් බෝර් නං එළස් නේද බං.. මට සමහර දවසට නොමිලේ ලැබෙන දවස් තියෙනවා. ඒදාට කිලෝමීටර් 30 ක් විතර ගිහිල්ල බඩු අරන් එනවා...පනිවිඩේ ලැබුනම...

      Delete
  30. පව් පින් කියන එක නෙමේ. අපි දන්නව නේද අපි මේ කන්නේ මරපු සතෙක් බව????

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඔව්.. මොනා කරනන්ද බුදු හාමුදුරුවෝ කියල තියේනේ තමන් වෙනුවෙන් මැරුවේ නැත්නං කමක් නෑ කන්න කියල නෙහ්.. හැක්

      Delete
  31. කමෙන්ට් සීය සම්පූර්න කරන්න නෙමේ ආවෙ.. පරන කතා 4ක් මඟ ඇරිලා.. ඔන්න පටන් ගත්තා :)

    කොච්චර ට්‍රයි කොලත් හරක්මස් නම් කන්න හිත දෙන්නෙම නෑ බොල
    ඊලඟ කෑල්ල බලමු කල කල දේ පල පල වෙලා තියෙයිද දන්නෑ :3

    ReplyDelete
    Replies
    1. උඹ ඒක බැලුව නෙහ්.. තව ඇබ්බැහි වීම විතරයි වෙලා තියෙන්නේ... සීයක් උනත් සන්තෝසයි.. හැක්..

      Delete