Tuesday, December 31, 2013

තැපෑලෙන් දොළහක්!!! (ඔසුනවවේ...!!)

පවන් රළිත්තක් පවා නොහැමූ ඒ රැය, දැල්වෙන තරු වලින් දිස්නය දුන් අහසෙන් යුක්තව සීතලෙන් වෙලී තිබුනි.

එක් වරම “ඩෝං“ ගා ශබ්ද නගමින් නිවසක් අසල කළයක් බිම වැදී පුපුරා ගියේය. හරියටම රෑ දොළහ වෙද්දී පල්ලියේ ඔර්ලෝසුවේ කනිසම වැදුනි. ඔව් ඒ අළුත් අවුරුද්දයි. සැවොම ප්‍රීතියෙන් යුතුව නව වසර පිළිගනිමින් සිටියහ.

“ට්‍රෑං ට්‍රෑං“. සෙමෙන් පැමිණි තැපැල් කරත්තය නගරද්වාරය අසල නතර විය. තැපැල් කරත්තය ඇතුලෙහි ඇති ආසන දොළසෙහි සංචාරකයන් දොළොස් දෙනෙකු වාඩි වී සිටියහ.

පල්ලියේ ඔර්ලෝසුව හරියටම දොළහට නාද වී, නැවුම් වසර පැමිණි බව සන් කළ නිසා නගර වැසියන් හැමදෙනෙකුම දැඩි ප්‍රහර්ෂයෙන් යුතුව එය පිළිගැනීමටත් සැමරීමටත්, තම අතැති උතුරා යන මධුවිත සහිත වීදුරු ගෙන ලකලැහැස්ති වී සිටියහ.

“සුභ අළුත් අවුරුද්දක් වේවා!!!!“ එය දසත පැතිරි එකම ඝෝෂාව විය.


එකම එක සුභපැතුමක් තැන තැන යමින් තිබුනි.

“හැඩ ගෑනීයි. සල්ලි ගොඩයි
අවුලක් නැති ජීවිතයයි“

නැවත නැවතත් වීදුරු පුරවාලමින් ඔවුහු ප්‍රීතියෙන් ඔකඳ වී සිටිද්දී, අමුත්තන් දොළොස් දෙනෙකු රැගත් තැපැල් කරත්තය නගරද්වාරය අසල නවත්වා තිබුණි.

ඉතිං කව්ද මේ අමුත්තන්? ඒ හැමෝටම වෙන වෙනම ගමන්මල්ලක් හා ගමන් බලපත්‍රයක් තිබුණි. ඇත්තටම ඒ අය මට, ඔයාට, මේ නගරේ හැමෝටම තෑගි පවා රැගෙන විත් ඇත. ඉතිං ඇත්තට කව්ද මේ අය? මේ අයට මොනවද ඕන?? ඔවුන් රැගෙන පැමිණියේ මොනවාද?

“සුභ උදෑසනක්“ නරද්වාරයේ මුර සෙබළා වෙත ඔවුන් එසේ පවසද්දී, හරියට දොළහේ කණිසම නාද දුන් හෙයින් මුර සෙබළාද “සුභ උදෑසනක්“ කියා තෙපලීය.

“ඔබතුමාගේ නමයි රස්සාවයි කියන්න“ යැයි කරත්තයෙන් මුලින්ම එළියට බට තැනැත්තාගෙන් මුර සෙබළා ඉල්ලා සිටියේය.

“ආහ්. ඔන්න ඔයාම බලාගන්න“ තම ගමන් බලපත්‍රය දිගු කරමින් ඔහු පැවසීය. ඒ කෙසේද යත් “ඔව් මේ මම තමා..“ කියන ගර්වයෙන් යුතුව, වලස්හමින් කළ කබාය ඇගලාගත්, ෆර් ලීයෙන් කළ සපත්තු පැළදි ඔහු ආඩම්බරයෙන් යුක්තව සෙබළා දෙස බලා සිටියේය.

“හහ්. මට විතරයි පුළුවන් මිනිස්සුන්ට බලාපොරොත්තු ගේන්න. ඔයත් හෙට එන්න මාව හමු වෙන්න. මං ඔයාටත් දෙන්නං අළුත් අවුරුදු තෑග්ගක්. මම මිනිස්සුන්ට සල්ලි පවා විසි කරනවා. මම බාල් නැටුම් තියනවා. එකක් නෙමෙයි හැබැයි තිස් එකයිම. ඊට වඩා මට ඕවා කරන්න වෙලාවක් නැහැ. මොකද මගේ නැව් ඔක්කෝම අයිස් වලින් මිදිලා, ඒත් මම ඉන්න තැන නං හරිම උණුසුම් සුවපහසු තැනක්. මම වෙළෙන්දෙක්. මගේ නම ජනවාරි. හැබැයි මම යන තැනක ගෙනියන්නේ ඔය එකවුන්ට්ස් විතරමයි“

ඉන් පසුව දෙවැන්නාද කරත්තයෙන් බිමට බට විට, ඔහු ප්‍රියමනාප පුද්ගලයෙකු බව හදුනාගැනීමට හැකිවිය. ඔහු නෘත්‍යශාලා හිමිකරුවෙක්ද, නොයෙකුත් නාට්‍යාංග කරන තැන්ත්තෙකු ලෙසද හදුන්වාදිය හැක. ඔහුගේ ගමන්මල්ල තුල වූයේ විශාල පැසකි.

“ඔන්න අපි කානිවල් කරන කොට බළලව මල්ලෙන් එළියට අරන් නටවමු“ ඔහු පැවසීය. “හරි.. මම නියම සංගීතයක් හදන්නංකෝ ඔයාට, ඇයි මට, මටත් සතුටු වෙන්න පුළුවන් විදියේ. මට වැඩි කලක් ජීවත් වෙන්න විදියක් නෑ. ඇත්තටම මට තමයි කෙටිම කාලය තියෙන්නේ මුළු පවුලෙන්ම. දවස් විසි අටකට වඩා නැහැ ඇත්තමයි. ඒත් සමහර වෙලාවට මේ අය මට වැඩි පුර දවසක් හෙමත් දෙනවා. හැක් හැක් මම ඕවා ගැන ඔච්චර හිතන්නෑනේ අනේ.. හායි හෝයියා“

“ඔච්චර හයියෙන් කෑමුර දෙන්න එපා“ මුර සෙබළා කීවේය.

“ඇයි එතකොට අවුල්ද??“ ආගන්තුකයා කෝපයෙන් තෙපලීය.

“දැනගන්නවා මම කානිවල් පප්පෙක් හරිද? මගේ නම තමා පෙබරවාරි

ඉන් පසුව තෙවැන්නා එළියට පැමිණියේය. දිගු කලෙකින් ප්‍රමාණවත් අහරක් ගත් බවක් ඔහුගෙන් දිස් නොවීය. ඒත් ඔහු තම නහය උස් කරගෙන සිටියේය. ඔහු නයිට්වරුන් හතළිස්දෙනාගෙන් පැවතෙන්නෙකු වේ. එමෙන්ම විස්මිත කාලගුණ වක්තෘ කෙනෙකුද වේ. මේ කිසිම දෙයක් ඔහු හට ජීවත් වීමට ප්‍රමාණවත් තරම් දේ නොදෙන හෙයින් කෘෂ පෙනුමක් ඔහුගෙන් දිස් විය. ඔහුගේ කබායේ ඉතා කුඩා වයලට් මල් පොකුරක් ගසා තිබුණි.

“ඒයි මාර්තු!! මාර්තු!!“ කරත්තයෙන් බට සතරවැනියා තෙවැනියාගේ පිටට ගසා ඔහු අමතන්නට විය.

“මේ ඔයාට සුවදක් එන්නැත්ද? අර ගාඩ්රූම් එක හරියෙන්.. මට නං එනවා නියමෙට. ඒ අර ඔයා කැමති වයින් සුවද නේද? යනවා මාර්තුවෝ!! කොල්ලෝ යනවා එතනට“ සතරවැනියා පවසන ලද මෙබස මුසාවක්ම විය. ඔහුට අවශ්‍ය වුයේ මාර්තු කොල්ලා, අප්‍රේල් මෝඩයෙකු කොට ඔහුගේ නමෙහි ඇති වැදගත් කම ඔහුටම ඒත්තු ගැන්වීමටය. අප්‍රේල් ඉතා මිත්‍රශිලි අයෙකු විය. අඩුවෙන් වැඩ කළද වැඩියෙන් නිවාඩු ඇති අයෙකු විය.

“මේ ලෝකේ මොකක් හරි පොඩි දෙයක් වත් තියෙනවා නෙව. එක්කෝ හොද දෙයක්. නැත්නං නරක දෙයක්. මං කිව්වේ ඒ ඒ තත්වයට අනූකුලව හරිද? වැස්ස එනවා.. අව්ව වැටෙනවා. මං හරියට ගෙවල් බදුකාරයෙක් වගේ. ඒ වගේම අවමංගල අධ්‍යක්ෂවරයෙක්. මට හිනාවෙන්න පුළුවන් ඒ වගේම අඩන්නත් පුළුවන්. මං කිව්වේ ඒ ඒ තත්වයට අනුකූලව හරිද? මේ තියෙන්නේ මගේ ගිරිස්ම ඇදුං පෙට්ටිය. හැබැයි ඒවා අඳින එකනං මහ මෝඩ වැඩක්. මේ ඉන්නේ මම, මම ඉරිදට සුදුමේස්, සපත්තු දාගෙන මප්ලයකුත් කරේ දාගෙන ඇවිදින්න යනවා පාරේ.“

ඔහුට පසුව කරත්තයෙන් එළියට බටුයේ කාන්තාවකි. ඇය තමාව මැයි නෝනා ලෙස හදුන්වා දුන්නාය. ග්‍රිස්ම ඇඳුම් කට්ටලකින් සැරසී සිටි ඇයගේ, ඇඳුම ලා කොළ පැහැයෙන් යුක්ත විය. එමෙන්ම තම කොණ්ඩයෙහි මල් කිනිත්තක්ද ගසා තිබුණි. ඇයගෙන් නික්මුණු නහය පසාරු කරන ශාඛසාර සුවඳ, මුරකරුගේ හුස්ම ගැනීම වේගවත් කිරීමට සමත් වූ සේය. ඒවා සුසුම් ලෙස වාතලයට මුහු විය. 

“ඔබට දෙවි පිහිටයි“ ඇය තමාගේ සමචාරය එළෙසින් පළකර සිටියාය. ඉතා මනරම් වූ ඇය, ගායිකාවක් විය. සැබැවින්ම ඇය ගායිකාවක වූයේ ස්වභාව ධර්මයේ ගීත ගැයිමෙනි. ඇය තම සතුට වෙනුවෙන් එක යායට කොළ පැහැයෙන් බබලන හරිත වනාත්තර සිසාරා යමින් තම ගීත ගායනා කළාය.

“ඔන්න එනවා තරුණ ප්‍රභූවරිය“ කරත්තයේ සිටියවුන් පවසන්නට විය. එ වෙලාවෙහිම පියකරු, ගරු ගාම්බීර තරුණ ප්‍රභූවරිය කරත්තයෙන් බිමට බැස්සාය. ඇයි ජූනි තරුණිය බව හදුනාගැනීමට අපහසු නොවීය. ඇයට මුළු දවසක් පුරා වුවද ඇති තරම් කෑම බීම ලබා දීමේ හැකියාවක් තිබූ අතර, මේ වෙලාවේ කරත්තයේ සිටි සියළු දෙනාටම වුවද දිය හැකි තරමේ කෑම ප්‍රමාණයත් ඇය සතු ගමන් මල්ලෙහි ඒ වන විටද තිබූ නමුදු, ඇය කිසි ලෙසකින් එය නොපෙන්වා, තම නිහතමානීත්වය ප්‍රදර්ශනය කරමින් අනෙකුත් ආගන්තුකයන් සමගින් මෙම කරත්තයේම ගමන් කළාය. ඇයට තමා ඔළුව උදුම්මා නොගත් කෙනෙකු බවට අනෙක් අය වෙත පසක් කිරීමේ උවමනාවක්ද තිබිණි. ඇත්තෙන්ම ඇයට ආරක්ෂාවක් තිබුනි මක් නිසාද යත් ඇයගේ බාල සොහොයුරා වන ජුලි ද ඇය සමග විය.

ග්‍රීස්ම ඇදුමින් හා පැනමා තොප්පියකින් සැරසුනු ඔහු ජම්බෝලයක් වැනි තරුණයෙකි. දැඩි උනුසුම මධ්‍යෙය් විශාල බරක් ගෙන යා නොහැකි හෙයින් ඔහුගේ ගමන් මල්ල ඉතා කුඩා එකක් විය. එය තුලද තිබුනේ නාන කළිසං කිහිපයක් පමණි.

ඉන් පසුව අගෝස්තු මැතිණිය කරත්තෙන් එළියට පැමිණියාය. ඇය පළතුරු තොග ඒජන්තවරියෙකි, මිරිදිය මත්ස්‍ය පොකුණු, වගාබිම් අති විශාල ප්‍රමාණයක හිමිකාරිණියකි. ඇය උසට සරිලන මහතින් යුතු මනා අඟපසගින් යුතු තැනැත්තියකි. ගේදොර වැඩ නිසි පරිදි දත් ඈ හට වගාබිම් වල වැඩ කරන අය වෙත බීර ජෝගු පවා රැගෙන යා හැකිය.

“කිසිවෙකු තමන් උදෙසා ජීවත් වන්නේද නැත“ බයිබලයේ සඳහන් ගීතිකාවක් ගයමින් එළියට බට ඇය නැටුමින් හා ගැයුමින් මෙන්ම ගේදොර වැඩ වලින්ද පොහොසත් වූ සැබෑ ගෘහනියකි.

ඇයට පසුව මහත්මයෙක් කරත්තයෙන් එළියට බට අතර, ඔහු වෛවාරණ සැප්තැම්බර් මහතා විය. ඔහුගේ එක් සිතුවිල්ලකින් මුළු වනාන්තරයෙහිම ගස් කොළ, නොයෙක් පාට ගැන්විය හැකි කෙනෙකු වන අතර කාර්යශුර අයෙකුද වේ. බීර මල් අත්තක් ඔහුගේ බීර ජොග්ගුව වටා විය. එය සැරසිල්ලක් ලෙස තබා ගැනීමට ඔහු කැමතිය. ඔහු සතුව ගමන් මල්ලක් ලෙස කිසිවක් නොතිබූ අතර, විවිධ වර්ණ සහිත කළයක් පමණක් ඔහු අත විය.

පාරම්පරික වැවිලිකරුවෙකු ඉන් පසුව පිටතට පැමිණියේය. ඔහු වගාබිම් කටයුතු සදහා මෙන්ම පිටියේ ක්‍රීඩා කටයුතු සදහාද සමත්කම් දක්වන්නෙකි. ඉඩම්හිමි ඔක්තෝබර් මහතා තම බල්ලාද කැටුව තුවක්කුවත් රැගෙන පැමිණ සිටි අතර, ඔහුගේ ගමන් මල්ලේ ඔළුව කැරකෙන අන්දමේ සෙල්ලම් කිහිපයක්ම තිබුණි. ඔහුගේ ගමන් මල්ල බරම ගමන් මල්ල විය. ඒ තුල සීසානයක්ද ඇත. ඔහු වගාකටයුතු ගැන කතා කළද, කහිමින්, තදින් හුස්ම ගනිමින් ඔහු අසල වූ අනෙකාගේ ශබ්දය ඔක්තෝබර් මහතාගේ කටහඩ යටපත් කළේය.

කරත්තයෙන් බසිද්දී, තදින් කැස්ස ඒ පුද්ගලයා නොවැම්බර් විය. දැඩි සීතල ඔහුට හිරිහැරයක්ම විය. නිරන්තරයෙන් ම තම සාක්කුව තුල ඇති ලේන්සුව ඇදීමට උත්සුක වූ හෙතෙම කරත්තයේ සිටි සැවොම සමගින් පැමිණිම සතුටක් බවත්, තමන්ගේ සේවිකාවන් ශිශිර සෘතුවේ වැඩ සදහා යෙදවීමට කටයුතු කරන බවත් දන්වන ලදි. කෙසේ වෙතත් කැළයට ගොස්, තමන්ගේ වෘත්තිය වන ගස් කපා බිම හෙළා එම ලී කුට්ටි ඉරා දැමීමට කටයුතු කරන විට මේ ශිශිරය පහව යනු ඇති බවත්, ඒ අනුව තමන් වෙලා ඇති සීතල ගතිය පවා පහ වෙනු ඇති බවත් ඔහු ස්ථිර කොට පැවසුවේය. ඇත්තෙන්ම ඔහු දක්ෂ ගස් කපන්නෙකු හා ඉරන්නෙකු විය. මුළු හවස් වරුවේම ඔහු ලීයෙන් සපත්තු අඩි කපමින් සිටියේ හිම සපත්තු සැකසීමටයි. තවත් සති කිහිපයකින් මෙම හිම සපත්තු දැඩි ලෙස උවමනා කරන බව ඔහු දැන සිටියේය.

අන්තිමේදි අවසන් සංචාරකයාද කරත්තයෙන් බැස්සාය. ඇය මහළු මවක් වන දෙසැම්බර් ය. කුඩා ලී බංකුවක් රැගෙන පැමිණි ඇය සීතලට හසුව සිටියාය. එහෙත් සීතල අභිබවා ඇයගේ ඇස් දීප්තිමත් තරු දෙකක් මෙන් බබලන්නට විය. ඉතා කුඩ ෆර් පැළෑටියක් වවා ඇති මල් පෝචිචියක්ද ඇය රැගෙන විත් ඇත.

“මේක තමා මම ආසාවෙන් හදන පැළේ. මම ඒකට පෝර, වතුර දාලා හදන්නේ නත්තල් දවසේ හැන්දෑවේ වෙනකොට මේක රෑස්ස ෆර් ගහක් වගේ වැවෙන්න ඕන නිසා. මොකද එතකොට අපිට නත්තල් ගහ විදියට මේ ගහ අරගෙන ඒකේ ඉටිපන්දන් පත්තු කරල, රත්තරං ඇපල් එල්ලලා, පුංචි දිළිසෙන ලස්සන පිළිම හෙම එල්ලල සරසගන්න ඇහැකි නෙව. මගේ ලී බංකුව හරියට පෝරණුවක් වගේ උනුහුම්. ඊට පස්සේ මම මගේ කතා පොත අරගෙන බංකුවේ වාඩි වෙලා හයියෙන් ඒක කියවන්න ගන්න කොට කාමරේ ඉන්න ළමයි මීක් සද්දයක් නැතිව ඒ කතා අහන්න ගනිවී. එතකොට අර නත්තල් ගහේ පුංචි සැරසිලි ලස්සනට පෙනේවි. නත්නල් ගහේ උඩම ඉන්න දේවදුතයා එයාගේ රත්තරන් පාට තටු දෙක දිග ඇරල පහළට පියාඹගෙන ඒවි. ඇවිල්ල කාමරේ ඉන්න ලොකු පොඩි හැමෝමට හාදුවක් ගානේ දේවි. ඔව්, පාර අයිනේ ඉදගෙන බෙත්ලෙහෙමට පායපු තරුව ගැන කැරොල් කියමින් ඉන්න දුප්පත් අහිංසක ළමයින්ටත් ඒ වගේම හාදු දේවි එයා.“

“හ්ම්.. දැං හරිනේ.. කරත්තය අරන් යන්න එහාට“ මුර බටයා පැවසුවේය. “දැං ඔක්කෝම අය බැස්ස නේ.. දොළොස් දෙනෙක්ම..“

“ඔය දොළොස් දෙනාම එන්න පෝලිමේ එකා පස්සේ එක්කෙනා වෙන්න මං ළගට. ඔයාලගේ ගමන් බලපත්‍ර මම ළග තියාගන්නවා. එක්කෙනෙකුට ඉන්න පුළුවන් මාසයක් විතරයි. මාසේ පහුඋනාට පස්සේ මම තම තමන්ගේ හැසිරීම ගැන බලපත්‍රෙය් සටහනක් දානවා. ජනවාරි මහත්තයා දෙයියනේ කියල ආවනං මෙහාට“ රාජකාරියේ නියුතු නිලධාරියා එසේ පවසද්දි ජනවාරි ඉදිරියට පැමිණියේය.

“මම හිතනවා මේ අවුරුද්ද ඉවර උනාම මේ දොළොස් දෙනා මට, ඔයාට, අපිට, මේ නගරෙට මොනවද ගෙනාවේ කියල මට කියන්න ඇහැක් වේවි කියලා. දැනටනං මම ඒක දන්නේ නැහැ. සමහර විට මේ අළුත් දොළොස් දෙනාවත් ඒක හරියට දන්නේ නැතිව ඇති. මොකද අපි ජීවත් වෙන්නේ මහ අමුතු කාලෙක නෙහ්.“


හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්

Hans Christian Andersen - Twelve by the Mail

Goodbye for now Mr. Andersen

66 comments:

  1. Replies
    1. ඔබටත් එසේම වේවා.. රෙහානි...

      Delete
  2. ඇන්ඩ ආපහු. අවුරුද්ද අන්තිම්දී .....සුබ අලුත් අවුරුද්දක් දේශකයානෙනි

    ReplyDelete
    Replies
    1. ඉවාන් බොටත් සුනවවේ.. ඇන්ඩ ටික කලකට යනවා..

      Delete
  3. පැතුම් ඉටුවෙන සුබ නව වසරක් වේවා දේශකයෝ !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මෂු.. ඔබටත් කුටුකුටු පැත්ම ඉටු වේවා

      Delete
  4. නොයෙක් විදියේ අලුත් අවුරුදු සුබ පැතුම් එක්ක ලිපි කියවාගේ එද්දී දැකපු ආසාවෙන් කියවන්න පුළුවන් ලිපියක්.. මේ වගේම ලිපියක් මීට අවුරුදු කීපයකට පෙර කියවලා තිබ්බා .. රුසියන් පරිවර්තනයක් වගේ වෙන්න ඕනේ... අමුත්තෝ 12 දෙනාගෙන අප්‍රියල් මට නවත්තගන්න පුළුවන් වුණානම් කියලා හිතුණා.

    ඔයාට සුබම සුබ නව වසරත් ,, යහපත් සිතුම් පැතුම් ඉටුකරගන්න පුළුවන්කම සහ නිරෝගිමත්ව ඉන්න ලැබේවා ...

    ReplyDelete
    Replies
    1. ඔව්මයි දැනුයි ඒ කොටස දැක්කේ

      Delete
    2. ස්තුතියි ඔමා.. ඔබටත් සැපත සපිරි සුනවවේ..!!

      Delete
  5. දේශකතුමා මාර විදිහට පරිවර්තන ඉදිරිපත් කරනවා නේද... :)
    සියලු සිතුම් පැතුම් ඉෂ්ඨවෙන නව වසරක් වේවා දේශකතුමෝ...

    ReplyDelete
    Replies
    1. පරිවතර්තන ටික කලකට නැවැත්තුවා සසිදු..

      ඔබටත් සුනවවේ!!

      Delete
  6. 2014 මුලදීම තෝ මගෙන් වෙඩි කනවද නැත්නම් අර නාකි විසේ කියලා මට දාලා තියන ලින්ක් එක හදනවද?

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. විචාරක එහෙනං මට පෑනෙන් වෙඩි තියනවා.. හරි හරි.. වෙඩි නොකන එක හොදයි කියල දැං හිතෙනවා..

      ඔබ පව්ලේ සියළු දෙනාටමත් සුනවවේ!!!

      Delete
  7. දේශකයාණෙනි, ගවේශකයාණනි, ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා..

    ReplyDelete
    Replies
    1. හිතවත් නලිය ඔබටද එසේම වේවා...

      Delete
  8. ඇත්තටම දේශකයො ඇන්ඩර්සන් මේ තරම් නිර්මාණශීලී බුවෙක්ද බොල??

    කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. ඇන්ඩ එහෙම තමා බං හෙන නිර්මාණකරුවෙක්..

      ප්‍රියා බොටත් සුනවවේ!!

      Delete
  9. ආයෙ එනවා .. අලුත් අවුරුද්දෙම කියෝන්නං ඈ

    ReplyDelete
    Replies
    1. එන්න එන්න අළුත් අවුරුද්දේ වැඩ අල්ලමි.. සමියටත් සුනවවේ!!

      Delete
    2. කියෙව්වා කියෙව්වා :) සුනවවේ!!!

      Delete
  10. අහලම නැති කතාවක්. සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. ඔබටත් සුනවවේ!!

      Delete
  11. ලස්සන කතාවක්..සුබ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බින්දි. ඔබටත් සුනවවේ!!!

      Delete
  12. මටනම් මේ කතාව මෙලෝ රහක් නෑ...

    තොටත්, පවුලේ සැමටත් සුනවවේ !!

    ReplyDelete
    Replies
    1. වෙන්ටැති බං සෙන්නෝ.. මට ගැලපීම අමාරු උනා අපේ සංස්කාථීයට අනුව.. ඒක ඇත්ත.. ස්තුතියි.. බං මම මේක කලින්ම කරපු එකක් නිසා දැම්මේ. නැත්නං අතාරින්න තරං හිතුවා

      තොසුනවවේ!!!

      Delete
  13. මසුරන්වේ
    ඇයි දෙවියනේ අපි කියල මොකද

    ReplyDelete
  14. මේ විදියට දවස් 7 හදුන්වලා දුන්න කතාවක් පොඩි කාලේ කියවලා තියනවා. මේක නම් කියවලා නෑ

    ReplyDelete
    Replies
    1. හ්ම් එහෙම එකක් තිබ්බා රුසියන් කතාවක් මම හිතන්නේ... පුසුනවවේ!!

      Delete
  15. මම මේ කියවන් එද්දී හිතන් ආවේ දේශකයට එන්නේ මරු අදහස් නේ කියලා.. හාන්ස් මහත්තයගේ කතාවක්නේ මේකත්..

    කෝම වුනත් සුහ නව වසරක් වේවා අයියටත්..

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. මට එයි ඔහොම අදහස්.. අයියෝ බං..

      බොසුනනවේ!!

      Delete
  16. මේ පාර අවුරුද්දට, හැමෝම වගේ ලස්සන කතා ලියලා. මට නම් මේ ලෝකේ දෙයක් ඔලුවට ආවේ නෑ. :D

    තව තව රසවත්, හරවත්, (හර-බර ) කතා ලියැවෙන, සුබම සුබ අලුත් අවුරුද්දක් දේශක පවුලටම!!!

    ReplyDelete
    Replies
    1. ආයි අහල කතා වැඩි වෙලා ඉන්නේ දැං..

      පොසුනවවේ...!!

      Delete
  17. හැඩ ගෑනියි
    සල්ලි ගොඩයි
    කරදර නැති
    ජීවිතයයි

    ලෝකෙ ඉන්න ඔක්කොම පිරිමින්ට ඕන දේ ඔබටත් ලැබෙන වසරක් වේවා.

    2014, දේශක පවුලට වාසනාවන්ත වසරක් වේවායි පතමි!

    ReplyDelete
    Replies
    1. එහෙම උනානං කොහොමෙයි ඈ..

      දසුනවවේ!!!

      Delete
  18. ඔබ ඇතුළු සිය පවුලට මෙව්වම වසරක් වේවා....!

    ReplyDelete
  19. දේශකයාගේ බ්ලොග් එකට එන්න පටන් ගත්තෙත් මේ සුරංගනා කතා කියවන්න. ඊට පස්සේ අර “බුලුබ්“ කතාව කියෙවුවම දේශකයාගේ කතා නිසා. හැක්. දැන් මම මේක ආසම බ්ලොග් එකක් දේශෝ.... !!! 

    ReplyDelete
    Replies
    1. අහන්න සන්තෝසයි මදාරා... ඔබට ස්තුතියි. ඒ වගේම අළුත් අවුරුද්දේ මට ලැබුන හොදම ගැම්ම මේක තමා.. ජය වේවා.. ඔබ දෙපළටත් සුනවවේ..

      Delete
  20. මේ කතාව නම් නියමයි.. ලස්සනට පරිවර්තනය වෙලා තියනවා.. දේශක තුමාටත් සුභ අලුත් අව්රුද්දක් වේවා කියන්නම් එහෙනම් අඟහරු වාසීන් හැමෝම වෙනුවෙන්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අගහරුවා.. ඔබටත් සුනවවේ...

      Delete
  21. මේ වගේ කතා කොහෙන් අහන්නද බොලා නැත්තං.

    එනිවේ, දේශකයටත් පවුලේ සැමටත් වාසනාවන්ත ප්‍රීතිමත් සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. ප්‍රසාට බිසි වගේ අද පේන්නම නැත්තේ..

      ප්‍රසුනවවේ!!!

      Delete
  22. දේසදේඇපසිදෙසුසුනවවේ

    ReplyDelete
  23. මේ අවුරුද්ද සාමය,ප්‍රේමය පිරි සුබ නව වසරක්ම වේවා අයියණ්ඩියේ බෝට.....!!!

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මනෝ.. මම බොට කියන්න ඕන එක කලින්ම කිව්ව නෙව.. හැක්..

      Delete
  24. දේශකයාට වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තුතියි චාම්ස්.. ඔබටත් එසේම වේවා...

      Delete
  25. මේ අවුරුද්දදෙත් නොවරදවාම මේ පැත්තෙ එනවා ..
    සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විදානේ.. ඔබටත් සුනවවේ!!

      Delete
  26. ලබන වසරේවත් දේශකයා මොකාද කියා දකින්න ලැබේවා !

    ReplyDelete
    Replies
    1. දුක හිතෙන කතා කියන්න එපා අයියා.. ආයිත් එලෙව්ව නේද ලංකාවෙන්.. සන්තෝසයි දුටුවාම...

      Delete