Monday, December 9, 2013

තම්බි කඩේ (2)


මම ඉස් ඉස්සෙල්ලාම හරක් මස් කෑල්ලක් රහ බැලුව වස්තරේ ගැන තමා උඩින් ලියල තියෙන්නේ.. ඒකත් කියවලාම බලන්ටකෝ එහෙනං.

හැමදාම ගෙදරට උස්සන් ඇවිල්ල හොරෙන් කන්න බැරි හින්දා මස් රොටිය තම්බිගේ කඩේ තියාගෙනම තළු  මරන්න තීරණය කරල, රොටියත් අරන් කඩේ තියෙන මේස හතරෙන් එකක තිබුන පුටුවක මම වාඩි උනා. මේස වල එක එක ජාතියේ උන්දැල වාඩි වෙලා අරව මේවා කන විදිය මාත් අර මස් රොටිය හප කරන ගමන්ම බලං හිටියා. මගේ මේසෙම ඉස්සරහ ඉන්න එකා, මේසේ පුරාම පාං රොඩු ගෑලි හලාගෙන මස් හොදිත් එක්ක රොස් පාං කනවා. ඊට එහා පැත්තේ ඉන්න එකා, බීඩියකුත් උරන ගමන් පොඩි වීදුරුවට දාපු ප්ලේන්ටිය බොනවා. 

මට දකුණු පැත්තේ තියෙන මේසේ ඉදගෙන හිටියේ තුන් දෙනයි. තුන්දෙනාම මොනවා හෝ ඉල්ලල ඒක ලැබෙන කං ආතක් පාතක් නැතිව කතාව. කතාවේ හැටියට නං එකෙක් මාළු විකුණන පොරක්. අනිකා ත්‍රීවිල් කාරයෙක්. අනිකා ගැන නිච්චියක් නැති උනත් ඌ නං කිසිම විලිසංගයක් නැති එකෙක් කියල මම දැක්කා. මොකද උගේ ජුන්ඩා ගාවටම සරල අකුලං හෙළු කකුල් පද්දමින් ආතල් එකේ උන්න නිසා. 

ඊට පිටිපස්සේ මේසෙ ඉන්න දෙන්නත් මොනවා හරි ජාතියක්, පිගානක දාගෙන හැන්දෙන් බොනවා. අර යක්කු තුන්දෙනාගේ දැගලිල්ලට ඒ මොකක්ද කියල බලා ගන්න අමාරු උනත් දුං දාන මක්ක හරි බොන විත්තිය නං මම දැක්කා. ඔහොම ඩිංග වෙලාවෙක් ඉන්න කොට, වඳුරු වේටර් තැන, දුං දාන පිගානක් අරන් අර තුන්දෙනා ගාවට ඇවිල්ල ඒක මේසේ උඩින් තිබ්බා. ඒ පිගාන හරියට මූද මැද තියෙන ගොඩබිමක් වගේ තමා මට පෙනුනේ. පිගානට වඩා සෑහෙන්න උසට මොනවා හරි දාලා තිබුනා. අප්පට සිරි දුං යන අස්සේ මම ඒක දැක්කා. ඒ මොනවත් නෙමෙයි හොද තඩි හරක් මස් කටු දෙකක්. බුදු අම්මේ මේවත් කනවද මේ යක්කු කියල මම හිතද්දීම අනෙක් පිගන් දෙකත් මේසෙට සැපත් උනා. ඒවයෙත් අර වගේම කදු වගේ මස් කටු පුරවලා. 

මේ හාංකවිසියක්වත් නොදැන මගේ කට බාගෙට ඇරිලා ඒ අතරෙත් මම මගේ මස් රොටි රාජයා හෙමින් හපනවා.. අර පළවෙනි මස් කෑල්ල. ඒක ඉතිං එක පාරට කාලා ඉවර කරල හරියන්නැති නිසා මම බොහොම පොඩි කෑලි කටින් කඩාගෙන පෙරේත කමින් තමා ඒක කන්නේ.

අර හාදයෝ අරගෙන තියෙන්නේ සුප්.. මම ඒක දැනගත්තෙත් එදාමයි. ඉතිං මේ ප්‍රසංගය මොකක්ද කියල මම හොදට බලාගෙන හිටියා. ඒ යක්කු රෝස්පානුත් අරගෙන, කෑලි කඩාගෙන සුප් එකේ පොගවගෙන කනවා. ඊට පස්සේ හැන්දෙන් සුප් බොනවා. අන්තිම හරියෙදි මස් කටු ටික අරගෙන හරියට වනමුරුගයෝ වගේ හතර වටේම ලෙව කකා මස් කෑලි උළුප්පන් කනවා. ඒ අතරේ එකෙක් දඩං දඩං ගාලා මස් කටුවකට ඉස්තරම් තට්ටුවකුත් දැම්මා. ඒක බලන් හිටපු මම විකාරෙන් වගේ බැලුවා. මොකද ඌ මස් කට්ට කඩාගෙන කන්න තරං ආසාවෙන් තමා ඔය තට්ටුව දැම්මේ..

මාත් කොහොම හරි මස් රොටියට වාඩුව ගෙවලා හීන දකිමින් ආවේ ඊළග දවසේ නං රොටි නෙමෙයි සුප් එකක් තමා බොන්නේ කියල හිතලා.

ඒ පාර දවස් දෙක තුනකට පස්සේ මම හොදට සුදානං වෙලා සල්ලි එහෙමත් හදාගෙන තම්බිගේ කඩේට ගියා. ඇයි ඉතිං ඕකේ ගානක් දන්න එකක්යැ. ගිහිල්ල හොද හැටි හරි බරි ගැහිලා වාඩිවෙලා සුප් එකක් ඉල්ලුවා පුරුදු කාරයා වගේ. ඔන්න එනවා මගේ රජා දුං දාගෙන. ජීවිතේ පළවෙනි වතාවට කෙල්ලෙක් දැක්ක වගේ සන්තෝසයෙන් මම පිගාන දිහා එබිල බැලුවා. සික් විතරක් එපා වෙනවා ඒක දැක්කම හරියට නැවක් මුදේ තෙල් හලල වගේ කහ පාටට තෙල් පාවෙනවා. හරියට සුප් වතුරේ පාසි බැදිල වගේ. සුප් එකේ ඇතුලේ රවුං හැඩේට කපපු පොඩි කැරට් කෑලී, දිග අතට කපපු ලීක්ස් කෑලි, ගෝවා කෑලි එහෙමත් තිබුනා. ඒ මදිවට බාර්ලි ඇටත් දාලා. මගේ පිගාන හරියට එවරස්ට් කන්ද වට කරපු මුහුදක් වගේ. 

හෙන උසට හරක් මස් කටු දෙකක් තිබුනා. ඒ මස් කටු වල අතරින් පතර හොදට තැම්බිලා දුඹුරු පාට ගැහිච්චි මස් කෑලි ඇලිල තියෙනවා. ආසාවේ බෑ මෙච්චර මස් කට්ටක් මම ජීවිතේටම දැක්කමයි. අර කලින් දවසේ හාදයෝ තුන්දෙනා කරා වගේ මාත් ගෙන්න ගත්තා රෝස් පාං දෙකක්. හැන්ද අරන් සුප් හැන්දක් කටට ගත්තා. තොල ගාවට කිට්ටු කරන කොට තොල පිච්චිලා ගියා. ඒ තරං රස්නෙයි ඒක. ඒ පාර පුස් ගාලා පොඩ්ඩක් නිවල කටට එබුවා ඩිංගක්. එක පාරටම දිව්‍ය ලෝකේ භෝජනාගාරේ ඉදගෙන අමෘතය රස විදිනව වගේ රසයක් මට දැනුවා. ඒක නං පුදුම රසයක්. අවේණික මුසල්මානු බිරියානි සුවදත් එක්ක සුප් එකේ රසය එන බව මම පස්සෙයි දන්නේ. හැදි දෙක තුනක් තොල ගාලා, රෝස්පාං දෙකම කෑලි වලට කඩාගෙන මම සුප් පිගානේ පොගවං කෑවා. 

ඊට පස්සේ ඉතිං සුප් එක ටිකක් නිවිලා නිසා සාගතෙන් ඉන්න එකා වගේ හැන්දෙන් ඉවර වෙනකං බීගෙන ගියේ වෙන මොකටවත් නෙමෙයි අර මස් කටු දෙක ලොවන්න තිබ්බා ආසාවට. අත් දෙක හොදල එක මස් කට්ටක් අතට අරගෙන හතර වටේ පෙරල පෙරල මස් ටික සූප්පු කරල මම ඒක සුද්ද කරල, අත ළගම තිබ්බ පොඩි ප්ලාස්ටික් අත හෝදන බේසමට දැම්මා. ඊට වඩා අලි මස් කටුවත් අතට අරගෙන ඒකත් සුද්ද කරා. ඒ උනත් ඒ අන්ඩේ කුහරේ ඇතුලේ මස් වගයක් හිර වෙලා තියෙනවා. අන්න එතකොට තමා මීටර් උනේ අර යක්කු දඩං බඩං ගාලා කට්ට්ට සාත්තු කරේ මොකද කියලා. ඇතුලේ හිරවෙලා තියෙන ටික එළියට අදින්න තමා. මාත් කට්ට් අරගෙන දඩං ගාලා ගැහුවා විතරයි ඩෝං ගාලා ගිහිල්ල ඒක පිගානේ වැදුනා. හැමෝම මං දිහා නිකං අමුතු සතෙක් විදියට බැලුවම මම ඒ වැඩේ අතඅරින්නයි ලෑස්ති උනේ. ඒ උනත් මගේ මේසේ ඉස්සරහ හිටි එකා ඒ මස් ටික ගන්න හැටි මට කියල දුන්නා.

“මල්ලි ඔය කටුව යටි පැත්ත හරවල තියාගෙන, අනිත් අත හරහට උඩින් තියල උඩ අතින් යට අතට වදින විදියට හයියෙන් ගහන්න. එතකොට ඔය ඇතුලේ තියෙන වැදැල්ල පිගානට වැටේවි.“

මාත් ඒ කියන විදියට කරල බැලුවා. අඩේ මාර ක්‍රෙම් නේ. මෙන්න බඩු එනව හරියට බොග දානව වගේ හෙමින්. ඒකත් පිගානට වැටුනම කාලා අහවර වෙලා දුං දාන ප්ලේන්ටියකුත් එක්කම දුමකුත් ඇදලම මම කඩෙන් මාරු උනේ රුපියල් පනහක් ගෙවලා.

එදා මේ මගේ සොයාගැනිල්ල නමය වසරේ හිටි අපේ ගැන්ග් එකටම හදුන්වා දීලා, සතියකට සැරයක් විතර දහ දෙනෙක් විතර එකතු වෙලා තම්බිගේ කඩේට ගිහිල්ල අපි සුප් බිව්වා. ඊට පස්සේ ඒක පුරුද්දක් විදියට තිබුනා ඉහළ කෑලැසියේ ඉගෙන ගන්න යනකම්ම. කොහොම හරි නිවාඩු හම්බ වෙලා ගෙදරට ආවාම අනිවා කරන විෂ් ලිස්ට් එකේ තියෙන එකක් තමා තම්බිගේ සුප් බොන්න යන එක. තාමත් මම අඩු ගානේ මාසෙකට දවසක්වත් ඔය සුප් එක බොන්න වරුවක නිවාඩුවක් දාලා හරි යනවා. ඉස්සර නං සුප් කඩ හතරක් විතර තිබුන හින්දා අපි හොදම මස් කටු දෙන සුප් කඩේ මොකක්ද කියල දන්නවා. අපි පුරුද්දට එන නිසා උං වැඩිපුර මස් කටුවක් දෙන්න උනත් පසු බාන්නේ නැහැ. හැබැයි දැං ඒ හරියේ තියෙන එකම සුප් කඩේ තාමත් තම්බිගේ කඩේ විතරයි. අවුරුදු 20 ක් විතර කල් ගිහිල්ලත් ඒ රසය නොනැසි ඒ විදියටම සුප් එක දෙන එක ගැන ඉතිං කියන්න දෙයක් නෑ..

102 comments:

  1. අව්රුදු 20ක් විතර අතීතෙට ගියා මුගේ මේක බලල

    ReplyDelete
    Replies
    1. අදෝමැයි එදිරිය.. ඒකටත් මං පලිය... හැක් හැක්.. සන්තෝසේ බැරිවා

      Delete
    2. ඔය කඩේ
      ඔක්කොම ජාති සාදනවා
      තේ පැන් ඇර,
      මේක --- ?කඩයක් වෙන්න බෑ.

      Delete
    3. තම්බි කඩයක් බං.. හැක් හැක්..

      Delete
  2. වෙන කව්රුත් කමෙන් කරල නැතිනිසා ඹන්න මම එකක් දැම්ම

    ReplyDelete
    Replies
    1. ඉතිං බොල දැන්නේ මේක දැම්මේ.. කමක් නැහැ තැන්කුයි කෙටුවට. නැත්නං හොරා වගේ යන එකනේ කරන්නේ...

      Delete
  3. දේශ් මේ දවස්වල අතීතය මතක් කරනව වගේ . සුප් වලටනම් මාත් හරි පෙරේතයි :)

    ReplyDelete
    Replies
    1. ඔව් නේ පොඩ්ඩක් ඒක මතක් උනා.. රහ මතක් වෙලා. ගිම් කාලෙකින්... හැබැයි මම නං හිතන්නෙ ගිම් මේ වගේ සුප් එකක් රහ බලල නැතිව ඇති. ඒවා අයිති පාරේ යන ගොරහැඩි මිනිස්සුන්ට විතරක් වගේයි මම කඩේදි දැක්කේ. කවදාවත් ගෑනු කෙනෙක් එතැන සුප් බොන්න තියා කිට්ටුවටවත් එන්නෑ.. හැක්.. තැන්කුයි ගිම්

      Delete
  4. man harak mas kanavaa. Eth ithin apitath nathi uvamanaavak apiva 'nivan dhakvanna' ara aachaarya Gamunu uthumata thibbane e nisa Kelaniye api dhan 'harak mas'kan nae. Habai anik dha jara vada okkoma karanava.

    ReplyDelete
    Replies
    1. බලපං ඉතිං බොලාගේ ප්‍රජාචන්ත්‍රවාදී අයිතිය නේ ඒකා නැති කරල තියෙන්නේ.. ඌට කන්න හොදයි බොලා කෑවම තමා නරක...

      Delete
  5. තෝ වගේ ඌරෙක්. බලන් ගියාම ඉන්දියන් කරයො හොඳයිනෙ...බඩම පල ජරාව කනවට..

    ReplyDelete
    Replies
    1. යකඩෝ. ඌරා කියල රහසින් කියහං. නැත්නං මෙතන ඉන්න උන්ට විසේසෙන් මාතලං, මනෝජ්, හැලපයියා නම ඇහුනත් ඇති උස්සන් ගිහින් කාරෙකේ ඩිකියේ දාගෙන නුවර එළියේ බාර් එකෙන් ගල් එහෙකුත් ගන්නවා..

      කොහේද බං ඒවයේ ජරාව නොතබ්බේ. හැමදාම ජරාව තමා ඒවා.. කවදාවත් හැදෙන්නේ නෑ.. හැක් හැක්

      Delete
  6. //ජීවිතේ පළවෙනි වතාවට කෙල්ලෙක් දැක්ක වගේ සන්තෝසයෙන් මම පිගාන දිහා එබිල බැලුවා. //

    මෙයාට කෙල්ලෝ පේන්නෙත් මස් කටු වගේද දන්නේ නෑ. :D:D

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වල නං කෙල්ලෝ මස් කටු වගේ තමා.. ඇමිනෙන්නමයි එන්නේ අනික ඇති රහකුත් නැහැ.. කෝටු කෑලි වගේ.. හැක් හැක්..

      Delete
  7. ඔය හරක් මස් සුප් එක ඉස්සර අපෙ ඔෆිස් එකේ කොල්ලො සෙට් එක අරන් එනව... ඒ වෙලාවට අපි නං පැත්ත පලාතක ඉන්නෙ නෑ.. මුළු ඔෆිස් එකම ගඳයි.... ඊළඟ දවසට ක්ලීනින් කරන අක්කා අරුන් ඔක්කොටම හතර අතේ බැන බැන එයාර් ෆ්‍රෙෂ්නර් ගහනව මුලු ඔෆිස් එකටම...

    ReplyDelete
    Replies
    1. හැබෑව හැබෑව.. අපි සුප් එක බීලා අත හෝදන්නේ විම් වලින්.. අත හෝදන්නෙත් උනු වත්රෙන්.. බොන්නේ ඩබල් කරපු වතුර

      Delete
  8. 9වසරෙදිත් දුම් බිව්වද, යස්ස කොල්ලෙක් නොවැ :D

    මගේ නිගමනය අනුව දේශකතුමාගේ වයස දැන් අවුරුදු 34ක් විතර වේ :3

    ReplyDelete
    Replies
    1. අපොයි බොට වැරදිලා සසිදුවෝ.. මට එච්චර වයස නෑ... ඒ කාලේ ආසාවට බිව්වේ මොන මලදානයක් වත් නොදැන බොරු ෂෝ වලට

      Delete
    2. සුප් එක බොන්න පටන් අරන් අවුරුදු 20කුත් වෙනවනම්, මුල් පාර සුප් බොද්දි වයස 14නම් දැන් වයස 34ක් විතර වෙන්න එපායෑ :D

      Delete
    3. මම ගණං පේල් නේ බං. හැක් හැක්..

      Delete
  9. //සික් විතරක් එපා වෙනවා ඒක දැක්කම හරියට නැවක් මුදේ තෙල් හලල වගේ කහ පාටට තෙල් පාවෙනවා. හරියට සුප් වතුරේ පාසි බැදිල වගේ. සුප් එකේ ඇතුලේ රවුං හැඩේට කපපු පොඩි කැරට් කෑලී, දිග අතට කපපු ලීක්ස් කෑලි, ගෝවා කෑලි එහෙමත් තිබුනා. ඒ මදිවට බාර්ලි ඇටත් දාලා. මගේ පිගාන හරියට එවරස්ට් කන්ද වට කරපු මුහුදක් වගේ//

    හරියට හරි යකෝ,අපිත් ටවුමෙ තම්බි කඩෙන් බීපු කටු සුප් එකත් ඔන්න ඔය ආකාරයමයි.හැබැයි ඉතිං රහ ගැන නං කියල වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. අමතක උනානේ කියන්න,අදත් පැණි වළලු වගේ.

      Delete
    2. හැලපයෝ ,කෝ අළුත් පෝසට් එක , තාම කමතේ ගොම්පස් අල්ලනවාද?

      Delete
    3. තාම ලියල ඉවරකරගන්න බැරිවුණා ඇනෝ,හෙට අනිද්දම ගොම්පස් අල්ලල ඉවර කරන්න පුළුවන් වෙයි.

      Delete
    4. @ හැලපයියා

      අනේ ද කියන්නේ කොහෙත් එකම ඉට්ටැයිල් එක තමා බං... ඒ උනාට රහ පට්ටයි නේහ්.. පැණි වලලු කියල තෝ මට නමක් දාන්නද මේ ගේම දෙන්නේ.. හැක්...

      Delete
  10. අවංකවම කියනවා නං මේ කතන්දරේ සමහර තැන් ලියලා තියෙන විදියට හරක් මස් තියා මෙන මසක් කන එකත් එපා වෙනවා.

    ReplyDelete
    Replies
    1. එහෙනං මේ ගැන දෙපාරක් හිතන්න වෙනවා මොකද කකා කිව්වොත් මම ඒ ගැන හොදට හිතනවා.. තැන්කුයි...

      Delete
  11. අනේ බන් දේශා ඔය කෑම ජාති ගැන කිව්වා මදැ...... :(

    ReplyDelete
    Replies
    1. ඔව් බං දැං ඇති.. ඊළගට කතා වාරය, පරිවර්තන වාරය.. හැක්...

      Delete
  12. උඹනම් කථා රජෙක් දේශක! සිනහවත් තදකරං කටට කෙළ උන උනා උඹගේ රසවත් සිද්ධිය කියෙව්වේ. ආයිත් එන්නම් හොදේ. එහෙවම් ඔන්න ආයිබෝං කිව්වා!

    ReplyDelete
    Replies
    1. උඹ මෙතන රජ රජ ගාන්න ගිහිල්ල රජාලා ඇවිත් මගේ ‍බොටුව ගහවි මම මේ තාම කතන්දර කියන්න පුරුදු වෙනවා බං... ජය වේවා

      Delete
  13. අනේ අපොයි මෙහෙමත් කෑදර කමක්..ඔය කිව්වට අපිත් එහෙම තමයි.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. තාමත් ඒ පොරේත කම නං තියෙනව බං.. මටත්..

      Delete
  14. ඇත්තටම කොහෙද ඔය කඩේ තියෙන්නේ?

    ReplyDelete
  15. >> ඌ නං කිසිම විලිසංගයක් නැති එකෙක් කියල මම දැක්කා. මොකද උගේ ජුන්ඩා ගාවටම සරල අකුලං හෙළු කකුල් පද්දමින් ආතල් එකේ උන්න නිසා. <<

    මම කොහෙදි හරි මේ ළඟදි කියෙව්වා පෝස්ට් එකක්, හෙළුවෙන් ඉන්න එක අවුලක් නැතිය, ඒක හරි නෝමල්ය, ස්වාභාවිකය, හුළන් වදිනවාය, අරවාය, මේවාය කියලා... කොහෙදිද දැක්කෙ කියලා මට හරියට මතක නෑ. :D

    ReplyDelete
    Replies
    1. අඩේ මටත් මතකයි. ඒකා නිකං හෙළුවෙන් ඉන්න එක මාර සැපයි කියල තර්කයක් ගෙනාවා නේද? ඌ කිව්වේ හෙළුවෙන් වනනවා නං හෙළුවෙන් ඉන්න එක මොකක්ද කියලයි මට මතක හැටියට... හක් හක්...

      Delete
  16. සිංහල බ්ලොග් අවකාශයේ ජනඅප්‍රිය පොරක් වන දේශකතුමාට එරෙහිව බොදු බල සේනා සංවිධනය විසින් සාමකාමී විරෝධතා ව්‍යපරයක් අරබා ඇති අතර එයට හේතුව ලෙස සදහන් කරන්නේ තම්බි කඩේ කළු මුදල් වලට යටවී හරක් මැරීමේ ව්‍යපර වලට සහාය දැක්වීම බවයි පැවසෙන්නේ.කෙසේ වෙතත් මේ තත්වය තව දුරටත් වර්ධනය වුවහොත් එම අඩවිය වටලා මාරාන්තික විරෝධයක් පාන බව එහි සංවිධායකයින් පවසා සිටි.

    ReplyDelete
    Replies
    1. මාධ්‍ය නිවේදනයේ අකුරු අපැහැදිලි නිසා මොකක්ද කියල තේරෙන්නෑ...

      Delete
  17. හොඳ වෙලාවට ඒ දවස් වල බොදුබල සේනා තිබ්බේ නැත්තේ ,නැත්තන් උඹේ වැරදි දෙකයි.
    1. හරක් මස් සුප් බීම
    2. තම්බි කඩේකින් කෑම
    හරකාගේ පුක ඉඹලා සමාව ගන්නත් වෙයි .

    ReplyDelete
    Replies
    1. තාමත් ඉද හිට පාවිචිචි කොරනවා නේ බං.. ඒ උනාට එතනට එන 90% ක් විතර ම ඉන්නේ සිංහල හාල්පාරුවෝ.. මම දැක්ක එක පොරක් අවුරුදු 8 ක විතර පොඩි එකාත් එක්ක ඇවිල්ල ඌටත් සුප් එකක් දීලා බොනවා.. හරකගේ පස්ස ඉඹින එක කජ්ජක්ද බං ඒ දවස් වල අපි ගෝනිය කරේ තියන් හරකා බෙට්ට හලනකං පස්සෙන් යන්නේ. උණු උනුවෙන්ම අතින් අල්ලල ගෝනියට දාගෙන එනවා පෝර වලට දාන්න.. හැක්..

      Delete
    2. අම්මප දෙසකයෝ මමත් ගිහින් තියනවා ගොම්පස් අල්ලන්න.අයි බන් ගොයන් පගනකොට බැතට නොවැටෙන්න පිදුරු වලිනුත් අල්ලන්න එකෙක් ඉන්න ඕන කමතේ හෙහෙ හෙහෙ හේ

      Delete
    3. උඹ ඒ වැඩේට හරියටම ගැලපෙනවා. අපරාදේ නිකරුනේ රට ගියේ උඹ...

      Delete
  18. අම්මප අපේ පැත්තෙත් කල්එළිය කියන ගමේ තියනවා ඔය මුසල්මානුවන්ගේ සුප් කඩයක්. එතෙන්ට වැඩිපුරම යන්නේ අපි වගේ බෞද්ධයෝ තමා. ඒ රසට ගහන්න හැකි සුප් එකක් ඒ කාලේ තිබුණනං ඒ පාක්විව් එකේ සුප් එක විතරයි. ආ තව තිබුණා ඉස්කෝලෙ යන කාලේ පුංචි බොරැල්ලේ ඩිමෙල් කියලා තැනකත් මේ වගේ සුප් එකක්.

    ReplyDelete
    Replies
    1. ඔච්චර ඔය පාරෙ යන මම දන්නෙ නෑනෙ නලින් ඔය කඩේ,ඊළඟ වතාවෙ මීරිගම යද්දී හොයාගන්න ඕනෑ.

      Delete
    2. ඩිමෙල් සුප් එක වගේම තමයි නුගේගොඩ නවරසේ සුප් එක...නවරස මතක නැත්නම් පුබුදු එක මතක් කරපන්.

      Delete
    3. @ නලියා
      හැබෑටම හරි.. එක එක ජාතියේ බෞද්ධයෝ තමා ඕවට වැඩියෙන්ම යන්නේ. අනිත් පැත්තට හරක් මස් කන එක හොදනෑ කියල බෙරිහන් දුන්නට.. අනිවා බං අපි ගෙදර හැදුවත් ඔය රසේ ගන්න බෑ.. මම දේශිකාට බඩු ගෙනැත් දීලා හදන්න කිව්වත් මේකි හුලිජිජ වගේ සුප් එකක් තමා හදන්නේ.. හැක්

      Delete
    4. @ හැලපේ
      ඔය වගේ කළු කන්නාඩි දාං ගියාම මොන එකක් වත් පේන එකක් නෑ.. හැක්

      Delete
    5. @ අරූ
      නවරස මම ගිහින් තියෙනවා හැබැයි සුප් බීලා නැත බං...

      Delete
    6. දේශිකා උඹගෙ බොග කියවන්නෙ නෑ නේද,කියවනවනන් අනේ උඹට අබසරණයි.

      Delete
    7. තාම කියවන්න හිතල නෑ.. හැක් හැක්..

      Delete
  19. අයි උබ ඔය මස් එක්ක දෙන බත් එක කාලා නැද්ද .... ගොඩක් මුස්ලිම් කඩවල අමුතුම ජාතියේ රසම් එකක් කියලා එකකුත් එක්ක දෙනවා සිකුරාදාට විශේෂ බත් එකක්......... පුහ් ......

    ReplyDelete
    Replies
    1. අම්මෝ බං මැලේ ඒ ගැනත් වෙනම පෝස්ට්කටුවක් ලියන්න වෙනවා උඹ මේක මතක් කරාම.. අපි ඒ දවස් වල මචං යනවා හය දෙනෙක් සෙට් වෙලා ඔය මොස්ක් වල තියෙන අවුරුද්දේ උත්සව වලට. මහා තඩි පලගානකට දාලා බිරියානි එක දෙනවා . ඒක පුරාම බීෆ් තඩි කෑලි මට්න් කෑලි වගේම තනි කුකුලෙකුත් දානවා. කොහොම හරි හයදෙනා පල්ලියේ ශාලාවේ බිම වාඩි වෙලා ඒක දෙසා බානවා. ජීවිතේට ඒ වගේ රහක් නං නෑ. මම අහල තියෙනවා ඒ බත උයන්නේ හරක් ලේ එහෙමත් දාලාලු. කියල වැඩක් නැහැ බං.. උඹ රහීමා බත් එකයි බුහාරි බත් එකයි කාලා තියේද අම්මපා ඒ රසම් එකයි බත් එකේ සුවදයි මට මතක් උනාමත් දුවල ගිහින් කන්න හිතෙනවා. මරදාන ස්ටේසම හරියේ දවල්ට යන්න බෑ බුහාරි එක පැත්තෙන් පාරම සුවදයි..

      Delete
  20. මොකක් කියන්න ද කියලා හිතා ගන්න බැරියෝ. මම නං එළවළු සුප් හැර වෙන කිසිම සුප් ජාතියක් බී නැත :(

    ReplyDelete
    Replies
    1. මුකුත් නොකිය හිටියත් අවුලක් නැතෝ.. ශාකබස්සක ධාරා.. හැක් හැක්..

      Delete
  21. මාත් එළෝළු සුප්, චිකන් සුප් ඇරුණුකොට වෙනත් සුප් බීල නැත.
    බොගේ අර මස් කට්ට වනනකොට කාගෙ හරි ඔලුවකවත් වැදුනනං බීෆ් සුප් එකේ නියම රහ බලාගන්න තිබ්බ. ඔවු ඉඳගෙන.

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න එක දවසක් ඔහොම ගහන කොට කටුව සුප් පිගානට වැටිලා සැට් එකම නෑවා. ඇයි බං ජබෝග් ගාලා ඒක වැටුනම අර තෙල් සුප් එක වටේටම චිරිස් ගාලා පනිනවා. ඇදුං ඉතිං මොනව කරලවත් පරණ තත්වෙට ගන්න බෑ..

      Delete
  22. අඩෝ ...මම හිතුවෙ පරණ එක උඩට ගෙනත් කියල.
    මම දුව එක්ක ගෙදර ආපු වෙලේ ඉදල හිරු ඒකිගේ පෝස්ට් එකට මෝල් වෙලා ඉන්නේ..
    දෙකක් නමන් උනුවතුරේ බැහැල එන්නං ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං 2 කියල දැම්මේ.. හැක්..

      උඹ හොදට ගහල පලයං හිරුට උත්තර දෙන්න. මටත් හිතුනොත් ඕකිව කන්න අද යනවා...

      Delete
  23. මරක් හස් කන්නේ නැති නිසා ඕව නම් බීල නෑ.. ඒ උනාට මුස්ලිම් කඩේකින් දවසක් කාල වරුවක් බඩේ අමාරුවක් හැදුනට පස්සේ ආය නම් කෑවේ නෙවේ පළාතේ ගියේ නෑ.. මේ ගෙලිඔයේ මම කිව්වේ.. නුවර නම් මම ගියොත් ඩෙවොන් එක තියනවා නේ..

    ReplyDelete
    Replies
    1. ඩෙවොන් එක හරි අපිරිසිදුයි අපි යන්නෑ ඒවට. හැක් හැක්.. උඹ කොහේද බං හැංගිලා හිටියේ දැක්කේ නෑ කාලෙකින්

      Delete
  24. සුප් එකේ විස්තරේ කියෙව්වම සුප් එපා වුනා අප්පා... :( ලිවීමේ අවුලක් නෙමේ හොදේ...

    ReplyDelete
    Replies
    1. ඒකත් හොදා බලං ගියාම..හැක් හැක්

      Delete
  25. යැක්...හරක්මස් නං නොදොකින්...

    ReplyDelete
    Replies
    1. නෙද්දකින් මේ වගේ මාතර වැද්දෝ...

      Delete
  26. අනේ මම නම් මස් කොත්තුවක් කෑවොත් ඇරෙන්න ඕව ගැන වැඩිය උනන්දුවක් නැහැ ....

    ReplyDelete
    Replies
    1. මාත් එච්චර උනන්දුවක් නෑ බං. මස් කොත්තු කනවා, මස් රොටි කනවා, පාං බීෆ් කරි එක්ක කනවා. බාබත් එක කනවා සුප් බොනවා එච්චරයි... ඔන්න හිටි ගමන් ගෙදරට කිලෝ එකක් විතර ගෙනැල්ල එක එක විදියට හදාගෙනත් කනවා...

      Delete
    2. හපෝ ඔයා නම් මහ මොකෙක්ද මන්ද ..

      Delete
    3. ඒකනේ මෙයා මං හරි සුකිරි බටිල්ලෙක්...

      Delete
  27. අවුරුදු ගනනකට එහා ඔලෙවල් වලට පාඩම් කරපු කාලෙ මතක් උනා.ලගදිම ආපහු බොන්න ඔන.කටට කෙල එනව හො ගාල.රොස් පාන් එක්ක .ෂා

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා.. මම නං තාම ඒවා අතෑරල නෑ.. බං..

      Delete
  28. මස් කෑමට මගේ ඒ හැටි කැමැත්තක් නෑ... කොහොමවුනත් සුප් එක නම් පන්කාදුයි වගේ ...

    ReplyDelete
    Replies
    1. සුප් එකනං එළ බං. මස් නොකෑවට කමක් නෑ මාළු කාපල්ලා නැත්නං අවශ්‍ය තරං ප්‍රොටීන් විටමින් ලැබෙන්නෙ නෑ ඇයි කැල්සියම්....

      Delete
  29. මට මැවිලා පේනවා උඹ පොඩි එකා කාලේ ඔය සුප් එක වාඩිවෙලා බීපු හැටි. නිවෙනකම් ඉවසිල්ලක් නැහැ නේද?

    දේශා.......කටුවලින් සුප් හදනකොට සුප් හදන බාජනේට ඉස්සෙල්ලා තෙල් ටිකක් දාලා ලූණුයි,සුදුලූණුයි, ලුණුයි මස් කටුයි, මසුයි පොඩ්ඩක් බ්‍රවුන් කරලා, ඊටපස්සේ වතුර සහ එළවළු දාලා බොයිල් වෙන්න දීපන්. සුප් එකේ පාටත් රසත් වැඩිවෙනවා.

    ReplyDelete
    Replies
    1. අපි නිවෙන්න කරන්නේ බං බලං ඉන්න බෑනේ.. හැන්ද පුරවල අරන් දෙතුන් පාරක් හැන්දට පිඹිනවා. එහෙම තමා බොන්නේ..

      උඹ කිව්ව ක්‍රෙම් අත්හදා බලන්න ඕන.. තැන්කුයි අරූ

      Delete
  30. අම්මපා මෙහෙමත් බඩජහරි කමක්..

    ReplyDelete
    Replies
    1. හැක් හැක්... තාමත් ඒ බඩජහරි කම් තියෙනවා.

      Delete
  31. මම නං ඔය ජාතිය බීලම නෑනේ බං.. කොහොමත් සුප් කියන්නේ මගේ ප්‍රියතම බීමක් නෙමෙයි. මස් කටු වලට නම් ඉස්සර මාර ගේමක් දුන්නා... දැන් නං දත් හයිය නෑ බං කටු කන්න...

    ReplyDelete
    Replies
    1. දන්ත මුක්ත බාවිතා කරහං තිසරයෝ... හැක් හැක්.. උඹල ඔක්කෝම කරා කිව්වට රහම දේවල් කරන නෑනේ බොල...

      Delete
  32. අපේ සිංහල එවුන්ට නැති මොළේ තම්බියට තියෙනවා කියන්නේ ඕකනේ. මිනිහා හරක් මස් ටික වෙනම විකුණලා අහක දාන කටු ටිකෙනුත් ගාන හම්බකරගන්නවා දේශකල වගේ අයට සුප් පොවලා. ආචාර වේවා තම්බියට.

    ReplyDelete
    Replies
    1. අපි හරි ආසයි ඒවට.. මම නං කවදාවත් ඒ කඩේට ගියාම ඒ යක්කු මුස්ලිම්ද නැද්ද කියල හෙව්වෙත් නෑ බැලුවෙත් නෑ දැනුනෙත් නෑ...ඇයි අනේ හැම එකාම සිංහල ඈයෝ ඉන්නේ.. කුස්සියේ හිටං තියාගෙන කෑම කනවා තේ බොනවා. ප්ලේන්ටි බාස් එක්ක බොයිලේරුව ගාවට වෙලා කතාව.. ඉතිං ඒකේ වෙනසක් නැහැ...

      Delete
    2. දේශක අකුරැස්ස පැත්තේ නේද​????? මොකද ඇයෝ කියලා පාවිච්චි කරන්නේ ඒ පලාතේ

      Delete
    3. වෙල්කම් චමීර... අනේ බලහං මට කරන අපහාස.. අර ගස් ගෙම්බා දමියා කිව්වා මාතර කියල, අර නාඩියා ඌ කියනව මං අනුරාධපුරේලු.. තව කව්ද එකෙක් කිව්වා බදුල්ලෙයි කියල. තව එකෙක් කිව්වා පුත්තලම පැත්තෙයි කියලත්.. දැං උඹ කියනව අකුරැස්සෙලු.. මං උගුරැස්ස නං කාලා තියෙනවා.. තැන්කුයි ආ.. හැක් හැක්..

      Delete
    4. පුත්තලමෙ කියන කතාවෙ නං ගතයුත්තක් ඇත.

      Delete
    5. පුත්තලමේ බුරුවන් දැං තංගල්ලට වැඩමවා ඇත.. හැක් හැක්..

      Delete
  33. අඩේ ඔය තම්බි කඩවල සුප් හදන්නේ මස් උයපු වලන් හෝදලා බන් .. සික් ඒයිය බන් . . . අවුරුදු කියක් බීවද බන් ඔය ජරාව. . . උබේ බොක්ක ස්කෑන් කොරහන් බලන්න. . . .

    උබ බලහන් නිකමට උබල සෙට් එක හරක් කියක් මරන්න උදව් කලාද කියල,?එක අවුරුදු ගානෙන් වැඩි කරලා දෙකක් එකතු කරලා පහෙන් වැඩි කරලා දසම තුනක් අඩු කරහන් හරක් ගැන එනවා . . .

    කෝ මේ හරක් මස් කනවට බනින එකක් වරෙල්ලකෝ මුට තලන්න . . හෙහ් හෙහ් එහෙ


    ReplyDelete
    Replies
    1. ආ උඹ නෙල්සන් මැන්ඩලා වැරදුනා.. නිහාල් නෙල්සන්ද?? හැක්...

      Delete
  34. හරක් මස්? බුවෑක්... මට ඕව ඇලජික් බං කරුමෙට. දවසක් කාල පිඟානටම වමනෙ කරන්න වුණා ප්‍රසිද්ධියේම... එදා ඉඳං හරක් මස් දිහා ඇහැක් ඇරලවත් බලන්නෑ...

    ජය..!

    ReplyDelete
    Replies
    1. වෙල්කම්.. බොට පිස්සූ පීකුදු ඒකයි.. මාර ආතල් එකක් එන්න ඇති.. මං හිතන්නේ උඹ අර හං කෑලි මහ ගොඩක් ගිලින්න ඇති අමරුවෙන් ඇයි හැපෙන එකක්යැ...

      Delete
    2. හං නෑ බොල. මස් මස්.

      Delete
    3. එහෙනං මක්කටෙයි ඔහේ වමනේ දැම්මේ...

      Delete
  35. අම්මට සිරි! තම්බි හරක මරන්නත් මෙච්චර ගේමක් දෙන්න නැතුවැති.
    හරක් මස මගෙත් ෆේවරිට් එකක්. හැබැයි ඌරට යටින්.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. ඒකේ දුක දන්නේ අපිනේ.. මගේ නං උඩින් ඉන්නේ වල් ඈයෝ තමා බං...

      Delete
  36. මට අප්පිරියා හිතුණා.. හැබැයි ස්ටොරිය හොඳයි.. :)

    ReplyDelete
    Replies
    1. අනේ බෙනා උඹ බොර දියේ ඉදුවර හොයන එක හලල නෙහ්.. තැන්කුයි

      Delete
  37. මට මතක විදියට මම මේකට කමෙන්ට් එකක් දැම්මා...අද එය දක්නට නැත...මන්ද සුදෝ කාරණේ...

    ReplyDelete
    Replies
    1. මගේ පුංචි සුදෝ බොට මතක හැටියට ඒක දමා ඇත්තේ පළවෙනි කොටසටයි. මේක දැං දාලා තියෙන්නේ සුදෝ..

      Delete
  38. රස මතක් වී කටට කෙලත් ඉනුවා..කාලෙකින් බොන්න බැරි උනා මචෝ හොද සුප් එකක්..දැන් කඩවල් වහල නෙත්නම් දැන්ම යන්ටයි හිත

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. ආචාර්යතුමා වෙල්කම් කිව්වා. උඹත් අර කැළනියේ ඉන්න ආචාර්ය වගේද.. එඩිතර ගති තියෙන.. හැක්.. ජය වේවා

      Delete
  39. ඔය පුංචි බොරැල්ලෙ තියන කානීස් එක ඉස්සර ඉදන්ම එලු සුප් වලට හෙනම ප්‍රසිද්ද තැනක් කියල අපේ අම්මල කිව්වා.. ඉස්සර ඒක හැදින්වෙලා තියෙන්නෙ වෙන නමකින්.. මට ඒක මතක නෑ.. ඒ කාලෙ ඉදන් අද වෙනකම් ඒකට සෙනඟ තකහනියෙ එනෝලු එලුසුප් බොන්න..

    මමත් මාංසබක්සක සුප් එකකට බිල තියෙන්නෙ මැගී සුප් ඉතරයි!

    ReplyDelete
    Replies
    1. මං එතනට ගිහිල්ල නැති උනත් ඒ ගැන අහලනං තියෙනවා බං... මැගී සුප් ඒකෙත් චිකන් ලොකු කෑලි වගයක් තියෙනවා නේ බං.. හැක් හැක්..

      Delete
  40. අපිම ඉන්න ඕන ඉතිං මෙව්වා උඩට දාන්න මතක් කොරලා දෙන්න.. මේකට එදා කමෙන්ටුව දාපු කල්එළියේ දැන් එ සුප් එක නැ. ඒ හන්දා තමා දුර ගෙවලා අද වරකපොළට කිට්ටුවෙන තැනකට ගිහින් ගැසුවේ

    ReplyDelete