Wednesday, December 11, 2013

දෙබිඩියෝ!!!!

සිරිනාථගේ සිත තුල කැකෑරෙන කෝපයෙහි නිමක් නැත. ගස් ගල් අඹරවා එන්නාක් මෙන් මේ කඩා පාත් වෙන හෙනය කුමක්දැයි ඔහු දන්නේද නැත. එහෙත් මෙවැනි හෙනයක් තමන්ගේම එකෙකුගෙන් තමාගේ හිස මතකට කඩා පාත් වන්නේ ඇයිදැයි ඔහු කල්පනා කලේ එක් නිමේෂයක් පමණි. ඒ සමගින්ම තමන්ගේ ඇටමිදුළු හරහා තමාගේය කියනා ලේ රත් වී ගමන් කරන රස්නය ඔහුට දැනුනි.

“මල්ලි උඹ හිතන්නේ මම උඩින් පාත් වෙච්චි එකා කියලද? ඇයි යකෝ මේ බෙදල නැති ඉඩමේ ගස් ගෙඩි කඩාගන්න මටත් අයිතිය තියෙනවා. උඹ ඒක දැනගනිං“

“මේ ඔහේට වෙනම ඉඩමක් තාත්තා දුන්නේ ගේ හදාගන්න.. අන්න ඒකේ තියෙන ඕන මලදානයක් තමුසේ කඩාගන්නවා. මගේ කොරහට අත නොදා තේරුනාද?? ඇයි යකෝ අපිට කාලා ඇදල අපේ තැන ඉන්න නෑ නේ මුංගේ සක්කිලි වැඩ නිසා“

“මේ ඕයි මම තමුසෙගේ කෙංගෙඩියක් ගන්න ආව එකක් නෑ. මම ඉන්නේ අපේ තාත්තගේ ඉඩමේ.. මේක උඹට වගේම මටත් අයිතියි. ඒක හොදට මතක තියාගනිං“

“ඇයි තමුසෙට ලියල දීපු අක්කර 2යි ඉඩමට දීපු පර්චැස් 20 යි මදිද? තමුසේ තාත්තගේ සබ්බ සේසතම හූරගෙන නෙ තමුසෙගේ ගේ හදාගත්තෙ. ලැජ්ජ නැතිව එනවා තව කියවන්න. මේවා අපිට හොද පාඩං. අපිත් තාත්තල මකබෑවෙන්න කලින් මේවා ලියාගත්තේ නැතිවට“

“යකෝ දෙමව්පියන්ට අපහාස කරන්න එපා. තොට තාත්තා මේක ලියල දෙන්න හිතල හිටියේ නෑ. ඒක තාත්තා මට කිව්වා. මේ නඩුවෙන් බෙදුනම තමුසෙට බාගේ හම්බු වෙන්නයි තාත්තට ඕන උනේ. මතකනේ තමුසෙට ලියපු තේ අක්කර 5 ට මොකද උනේ කියලා. තමුසේ ඒක තාත්තටත් හොරෙන් වික්කා. හෙන ගහනවා ඕයි ඒ වගේ අපරාධ වලට“

“මේ අයියේ.. අපි ඒවා විකුණුවේ අපේ ඒවා. ඔහේට ඒවා වැඩක් නෑ“

“ආ.. බොල.. පරට්ටියේ දැං උඹත් එනවද මට රැස්පොට් දාන්න.. නල්ල මලේ නෑනා..“

“ඇයි මගේ මිනිහගේ දේ මට අයිති නැද්ද.. නැත්නං ඔහේටද අයිති“

“තොට අයිති වෙන්න කලින් මේවා අපි හිටිය තැන්. මේවා අපේ මහ ගේ.. උඹ ආවේ මේ ඊයේ පෙරේදා. ඒවා මතක තියාගනිං. මාව නිකං අවුස්සගන්නේ නැතිව උඹේ ගෑනිගේ කටවහපං. නැත්නං මම දනී කරන්න ඕන දේ“

“ආ ඇයි.. උඹ මොනව කරන්නද? මම ඉවසුවේ අයියා නිසා.. නැත්නං උඹ මට මහ ලොකු කජ්ජක් නෙමෙයි. දැං පලයං යන්න මෙතනින්.. මේක මගේ ඉඩම. හොදට මතක තියාගනිං මේක මගේ ඉඩම. උඹේ වස්තරයක් නෙමෙයි හරිද?“

“ඈ බොල එහෙමද? හිටපිය තොට පර වේසිගේ පුතා“

“පල යන්න වේස සක්කිලියා.. වරෙන් ඇයි ගහන්නද? උඹව මරනවා මං වරෙන් වරෙන්“

සිරිනාථ පසු බසින්නට විය.

කිහිප දිනක් තිස්සේ සිරිනාථ තමන්ගේ ඉඩමේ කඩා ගැනීමට තරම් පොල් නැති වූ විටක තමාගේ මල්ලි සිරිසෝම පදිංචිව සිටි ඔවුනගේ මහ ගෙදර ඉඩමට පිවිස එක් ගසකින් පොල් කඩා ගැනීම වරින් වර සිදු කරන ලදි. එහෙත් මේ කිසිදු අවස්ථාවක මලයා ගෙදර නොමැති අවස්ථාවක් බලා පොල් කඩා ගැනීමට ඔහු වගබලාගත්තද, අද සිතු දේ එලෙස නොවී මලයා පමණක් නොව ඔහුගේ කටු ගැහුන බිරින්දෑට ගෙදර සිටීම මහා ලොකු ආරෝවකට මුල පිරිමක් විය. සිරිසෝමද අයියා කිහිප දිනක්ම ඉඩමේ පොල් කඩාගෙන ගොස් ඇති බව අසල්වැසියන්ගේ ඕපාදුප සංග්‍රහ වලින් දැන ගෙන සිටිය අතර, බිරින්දෑගේ බලපෑම් මත සිරිනාථ කෙරෙහි වූ වෛරයක් හිත තුල පැසවමින් සිටියේය. මේ සියළු කාරණා අද දින එළියට පැන්නේ බුර බුරා නැගෙන ගින්නක් පරිද්දෙනි. ගින්නට හසුවූ අමු තණකොල පත්ද කිරි කිරි ගා පිළිස්සෙන අයුරින් සිරිනාථ ඉඩමට පැමිණෙන විට සියළු ගිනි ඇවිලී අහවර වී තිබුනි. අඩුවකට තිබුනේ ගින්දරට දැමීම සදහා පිදුරු ස්වල්පයක් පමණකි. 

තමන්ගේ මහ ඉඩම හිතුමතයේ භුක්ති වීදීම පිළිබදව සිරිනාථ තුලද ඉරිසියාපරවස බාවයක් පැවතුනි. එය කිසියම් ක්‍රමයකින් හෝ එළිපිට පෙන්වා තමන්ගේද අයිතිය තහවුරු කර ගැනීමට සිරිනාථට අවශ්‍ය විය. ඊට අඩව් අල්ලමින් සිටි සිරිනාථට තම ඉඩමේ පොල් ගස් වල පොල් හිගවීම ප්‍රමාණවත් ධෛර්යයක් විය. එහෙත් මලයා නැති අවස්ථා බලා මහ ඉඩමට පැමිණියද කව්රුන් හෝ කුමන ඉසිඹුවක හෝ මේ පිළිබදව ඔහුගේ කනෙහි තවරන බව සිරිනාථට රහසක් නොවීය. කෙසේ කීවද සීතල යුද්ධයක් දෙපැත්තේම පැවති අතර, එය එළි පිට යුද්ධයක් බවට නුදුරේදිම පත් වන බව මේවාට උඩගෙඩි දුන් සිරිනාථගේ හා සිරිසෝමගේ කැහැටු බිරින්දෑවන් දැන සිටියහ.

මහා යුද්ධයකින් පසුව කඩුව අහිමි වූ සෙබලෙකු මෙන් තම නිවසට පැමිණි, සිරිනාථගේ මුළු ශරීරයටම රත් වී කෝපයෙන් වෙව්ලමින් පැවතිනි. මුහුණ ජම්බු ගෙඩියක් මෙන් රත් පැහැ වී, මිට මොලවාගත් අත සොලවමින් ඔබමොබ ඇවිදි සිරිනාථට කුමන අයුරකින්වත් කෝපය පාලනය කර ගත නොහැක.

ඌ මාව මරන්න කතා කරා එහෙනං.ඌට අමතකයි මම උගේ අයිය විත්තිය. ඌට මං කරපු ඒවත් මතක නෑ. ගුණ මකුවා. මූ මොන එහෙකට මයේ අම්මගේ බඩින් වැදුවද මන්දා. කාලකණ්නියා. මූට හොද පාඩමක් උගන්නන්න ඕන. නැත්නං ඕකා තනියම මහ ඉඩම කාවි. මට ඉතිං හුප්පේ තමයි. ඔව් මම ඕකගේ අඩු කඩනවා පාරේදි.

එහෙත් සැනෙකින් සිරිනාථට මතක් වූයේ තමන්ගේ මලයා වුවද, සිරිසෝම තමන්ට වඩා ඇගපතින් දැඩි හා කායශක්තියෙන් යුක්ත පුද්ගලයෙකු බවයි. සිරිසෝමගේ අත කැඩීම කෙසේ වෙතත් තමාගේ අත පය නම් සිරිසෝම කඩා දමනු ඇතැයි යන සිතුවිල්ල ඇතී විමෙන් බියට පත් සිරිසෝම ඒ අදහස සැනෙකින් වෙනස් කොට වෙනත් උපක්‍රමයක් කල්පනා කරන්නට විය.

ඔව්. මම මූට රෑට පාරේ යන කොට පොල්ලකින් කෙලල අරිනවා. ඒ වෙලාවට කාටද අදුරන්න පුළුවන්. ඔව් ජයරත්නයගේ පොල් කෑල්ලේ කැලේ හැංගුනා නං වැඩේ ලේසියි. එතන පාරේ ලයිට් ඇත්තෙත් නෑ. ඔව් ඒක තමා හොදම වැඩේ. ඕකා පයින් නේ යන්නෙ. හරියටම බලල ඔළුවට එකක් කෙලිනව හබක් වෙන්නම. දෙන්නං තොට.

ඒ සිතුවිල්ලද භයානක බව තේරුම් යන්නට වේව්ලමින් සිටි සිරිනාථට ටික වේලාවක් ගත විය. ඒ අනුව කළ යුතුදේ පසුවට කල් තබා සිරිනාථ තම බිරිද දෙසවත් නොබලා ගෙයින් පිටවිය. කළුවර වැටෙන තෙක් අක්කර දෙකේ පොල් කෑල්ලේ සැරි සරමින් පෝර වලවල් කපමින් තම කේන්තිය නිවාගන්නට මහන්සි ගත්තද, වලවල් කපා කඳු ගැහෙන පස් තට්ටුව මෙන් සිරිනාථ ගේ කෝපය වැඩෙන්නට වූවාක් විනා අඩු වීමක් නොවීය. ඉහවහා ගිය කෝපය සිරිනාථගේ වැඩ සියල්ලම ඉක්මනින් එකලාසයක් කළද, කසිප්පු වාඩියට යාමට තවත් වේලාව ඇති නිසා අඩු උසකින් යුත් ගමේම අය රතු ගහ ලෙස හදුන්වන පොල් ගස පාමුල ඇලවී නිදන්නට විය. බොහෝ වේලාවක් යන තුරු වෛරයෙන් පිරි සිරිනාථ ගේ රකුසු අස් ඊට අවනත නොවුවද අවසන පැයක පමණ විවේකයක් ලබා දීමට රකුසු ඇස් තීරණය කර තිබුනි.

නින්දෙන් අවදි වූ සිරිනාථ පොල් ගහ පාමුල ඇනතියාගෙන අසල ඇති කුරුදු ගහෙන් කොලයක් කඩා එහි නටුවෙන් තම දත් පිරිමදින්නට පටන් ගත් විට වැසී තිබු කහට දියවන්නාක් මෙන් තාවකාලික මතකය දියවී පැය ගණනකට කලින් සිදු වූ දෙය නැවත ස්මරණය වන්නට විය. එහි සිදුවීම් මතක් වන වාරයක් පාසා සිරිනාථට තම මලයා ගැන මෙන්ම, වහසි බස් දෙඩූ බැළලිය ගැනද දැඩි කෝපයක් ඇති විය. තමන්ගේ ඉඩ කඩම් තනියම බුක්ති විදිනවා මදිවට තමාටද අපහාස කොට බැන අඩගසා තමා ජීවිත කාලයෙන් තුන්කාලයක්ම ජීවත් වූ ඉඩමෙන්ද එළවා ගත්තේය යන හැගීම මතුවීමෙන් සිරිනාථ තුල අසීමිත ලැජ්ජාවක් ඇති විය. එම ලැජ්ජාව සිත තුල වැඩී අග්නි දාහයක් මෙන් කෝපය නැගෙන්නට විය. දත් මිටි කමින් පිටි අතිත් පොල් ගහට පහර දුන් සිරිනාථ වහාම නැගිට කසිප්පු වාඩිය වෙත පිටත් විය.

“සිරිනාථයියා. අද සෝමෙත් එක්ක වලියක් දාගත්තලු නේද?“ දෙවැනි කස්ප්පු වඩිය ගනිද්දි අසළ සිටි බන්දුවා පැවසීමත් සමග “හ්ම්“ ගා උත්තර සපයා සිරිනාථ නිහඩ විය. 

“දවල් සෝමෙ කඩමණ්ඩියට ඇවිත් කියව කියව හිටියේ මහ සද්දේට ඔය ගැන“

“ඌ මොකක්ද කිව්වේ???“

“ඔහේ උගේ ඉඩමට පැනල පොල් කඩාගෙන ගිහින්, ඒකට එපැයි කිව්වම හාමිනාටත් පත බාලා ගියයි කියලා.“

“මොන.. මූ මහ අසමජ්ජාතියෙක් නේ මං එහෙම කරේ නෑ. අනික පොල් කැඩුවෙත් නෑ. අපි අතරෙ ආරෝවක් උනා තමයි. ඒත් බැට දුන්නෑ. මු තියන්න වටින්නේ පාපතරයා බොරු කියනවට“

“හරි එහෙනං කඩේ කළුවගෙන් අහපං. මම කියන්නේ ඇත්ත අම්මපල්ල“

“හැබෑට ඌ තව මොනවද කිව්වේ“

“උඹ ආයේ ඒ පැත්තේ පස් පෑගුවොත් එදාට බලාගන්න පුළුවන් කිව්වා මොකද වෙන්නේ කියලා“

“ඇයි බොල මොනව වෙන්නද. ඒක මගෙත් ඉඩම“

“ඒක මං දන්නෑ. මොනව උනත් සිරිනාථයියා පරිස්සමින්. ඕකා මහ නහරයා. උඹව මරන්න උනත් ඇහැකි ඌට“

“අනේ පල යන්න බන්දුවා. ඌට ඇහැකි අම්මගේ කිම්බ...“

තව දුරටත් සිටීමෙන් පලක් නැති බව තේරුම් ගත් සිරිනාථ වැනෙමින් නිවසට සේන්දු විය. පැය ගාණක් යනතුරු තම කැහැටු බිරිද සමග හාහෝ හඩින් පැවති ඝෝෂාව කුනුහරුප වැලක් අමුණන ලද රතිඤ්ඤ වැලක් මෙන් පැය ගාණක් ම පැවති අතර, අහල පහල නිවාස වල අයද දවල් සිදු වූ අලකලංචිය හේතුවෙන් මේ දේ සිදු වන බව ඉවෙන් මෙන් දැන සිටියහ.

දින දෙකක් පමණ කල්පනා කළද සිරිනාථ තුල සිරිසෝම කෙරෙහි පැවති වෛරයේ අඩුවක් නොවීය. කුමන මොහොතක හෝ මූනට මුන නොගැසීමට සිරිනාථ වගබලාගෙන තිබුනද, පාං ගෙඩියක් ගේන්නට කළුවාගේ කඩයට ගිය ඊළග දවසේ එකට ආප්ප කමින් සිටි සිරිසෝම හා බන්දුවා දැකීමෙන් සිරිනාථ වේව්ලුම් කා ගියේය. නිහඩව පාං ගෙඩිය රැගෙන කඩයෙන් ඉවත් වීමට උත්සාහ ගත්තද, කඩේ කළුවා එය ප්‍රමාද කරමින් සිරිසෝම හා බන්දුවා ගේ කටවල් ඇරීමට ගත් උත්සාහය අවසානයේ සඵල විය. කඩු කිනිසි අමෝරාගත් සෙබලුන් දෙදෙනෙකු මෙන් ගොං පොරයට වැටි සහෝදර ගොනුන් දෙන්නා දෙස විමතියෙන් හා සතුටෙන් ඇස් දල්වා බලා සිටි දුසිං දෙකක් පමණ වූ පිරිස ටික වේලාවක් එහි රසය විද දෙන්නා දෙපැත්තට ඇදීමට සමත් විය. දෙදෙනා ඉවත් වන මොහොතේ නියම වීරයන් දෙදෙනෙකු මෙන් එකිනෙකා මරණ බවට දෙදෙනාම වහසි බස් පවසන ලදි. එමෙන්ම පසුව දැනගත් අයුරින් සිරිනාථ සහෝදරකං අතෑරිය බවත් සිරිසෝමගේ මරණෙට වත් ඉඩමේ පස් නොපාගන බවත් පවසන ලදැයි ගම පුරා ආරංචි විය.

සිරිනාථ දින කිහිපයකට පෙර රැගෙන ආ බීජ කිහිපයක්, පෝර, වතුර හා නියම පස ලැබීමෙන් දැන් කුඩා පැළ තරමටම වැඩී මුල් හොදින් පොළවට අල්ලා ඇති බව දැකීමෙන් සතුටට පත් විය. එහි වර්ධනය පිළිබද ඉමහත් සොම්නසට පත් සිරිනාථ තමන්ගේ සිතෙහි හොදින් වැඩී ඇති රෑස්ස වෛරී ගස ගැන නොදත්තේය. නැතහොත් නොදන්නා සේ සිටියා විය යුතුය.

කාටවත් නොකියාම සිරිනාථ තමන්ගේ කපටි මොලය වෙහෙසා තෙමේම උසුලා ඉන්නා වැඩකට නැති රෑස්ස ගහ කපා දැමීමට පිඹුරු පත් සැකසීය. සරුවට වැවී ඇති කුඩා පැල අතර වූ වල් පැල කිහිපය සීරුවෙන් ගලවා ඉවත් කර, පොඩි පොඩි ගල්බොරළු කැබලිතිද ඉවත් කොට පැළ පාත්තිය මනරම් ලෙස සැකසීමට සිරිනාථට හැකි විය. එය එතරම් පහසු දෙයක් නොවුවද සිරිනාථ තුල සැළැස්මක් විය. ඒ සැළැස්මට අනුව වල්පැළ සියල්ල උදුරා දමා, තම භූමිය පිරිසිදු කර ගැනීමට සිරිනාථට අවශ්‍ය විය.

******************************************************

සිරිනාථගේ මහ ගෙදර සිට හැතැප්ම පහක් එපිටින් පිහිටි යද්දෙහිවත්ත මාර්කට්ටුවට හැන්දෑවේ යෑම සිරිසෝමගේ පුරුද්දක් විය. ඒද තමන්ගේ මලකඩ කෑ තැපල් නයින්ටියේ නැගී පැට්‍රල් හා භූමිතෙල් සමසමව මිශ්‍ර කිරීමෙන් අනතුරුවය. එන්ජිම පනගැන්වීමෙන් පසුව මලකඩ වාහනයෙන් නැගෙන හඩ පරයා භූමිතෙල් දැවෙන ගද සුළි කුනාටුවක් මෙන් පරිසරය තුල සැරි සරයි. එහෙත් සිරිසෝමට ඒ පිළිබඳ වගේ වගක් නොමැත. ඔහු තම තැපැල් නයින්ටිය පැදගෙන මාර්කැට්ටුවට ගොස් එළවලු මිලදී ගෙන ඉර අවරට ගිය තැන සීල් අරක්කු කාලක්ද කටට හලාගෙන නැවත නිවස බලා පැමිණෙයි.

එදා හවස් වරුවේ පොලිස් ජිප් රථයක් සිරිසෝමගේ ගෙයි ඉදරිපිට නතර විය. මාර්කැට්ටුවට ගොස් සිටි සිරිසෝම රෑ බෝවන තෙක්ම නොපැමිණිම ගැන තෝන්තුවෙන් සිටි හාමිනාට පොලිස් ජිප් රථය පැමිණිම අප්‍රභංසයක් විය.

“තමුන්ගේ මහත්තයා දවල් කොහේද ගියේ??“

“ඇයි ඉස්පැට්ටර් සර්. මිනිහා යද්දෙහිවත්ත මාර්කැට් එකට ගියා. ඇයි සර්??“

“හ්ම්.. ඇදුමක් ඇදගෙන දොර වහල එනවල පොලිසීයට යන්න.. සිරිසෝමට පොඩි කරදරයක් වෙලා“

“අනේ දෙයියනේ මොකක්ද ඒ පාර උනේ. අයියෝ සෝමේ“

පොලිසීයට යන බව කිව්වද ජිප් රථය වේගයෙන් ඇදෙන්නේ ඉඹුල ඉස්පිරිතාලේ දෙසට බව හැඩු කදුලින් සිටි හාමිනාට පසක් විය. රෝහලේ පිටුපස කුඩා ගේට්ටුවෙන් ඇතුල් කළ ජිප් රථය මෝචරිය ලෙස සදහන් බෝඩ් ලෑල්ල ඉදිරිපිටම නවත්වන අයුරු හාමිනා දෙනෙත් විසල්ව බලා සිටියා විනා වෙන කිසිවක් පැවසීමට තරම් හැකියාවක් නොමැතව සිටියාය. සාජන් නෝනා කෙනෙකු පැමිණ හාමිනාව වත්තන් කරගනිමින් මෝචරිය තුලට පිවිස, තහඩු ඇදක තබා තිබු මිනිය වසා තිබූ සුදු රෙදි කඩ ඔසවා පෙන්වීමෙන් පසුව යටි ගිරියෙන් යුතුව බෙරි හන් දුන් හාමිනා සිහිමුර්ජා වී වැටෙන්නට යද්දී පොලිසියේ දෙදෙනෙකු හනිකට පැන හාමිනා වත්තන් කර ගත්තේය.

ගමේම ආරංචි වුයේ මෙපරිද්දෙනි.

සිරිසෝම බදාදා යද්දෙහි පොළට ගොස් එන අතරමගදී, කනාකටුව පල්ලමේදී තැපැල් නයින්ටිය පෙරලී වැටි ඇති අතර, මලකඩ කෑ තහඩුවකට බෙල්ල හසුවීමෙන් සිරිසෝමගේ බෙල්ල කැපී හමෙන් පමණක් එල්ලා වැටෙමින් තිබුන බවය. සිරිසෝම වැටුනු තැන එකම ලේ විලක් වන අතර, අහලක පහලක කිසිවෙකු නොමැති පටු ප්‍රෙද්ශයක් වීම හේතුවෙන් අනතුර සිදු වී පැයක් හමාරක් යන තෙක්ම එය කිසිවෙකු දැක නොතිබීම නිසා සිරිසෝමගේ මරණය එතැනම සිදූ ඇති බවය. සැක කළ හැකි කිසිවකුත් නොමැති නිසා මෙය සීල් අරක්කු වල පිහිටෙන් සිදූ මරණයක් බවට පොලීසිය සැක කරන බවටත්, විසීරී ඇති ලේ ප්‍රමාණය අනුව තැපැල් නයින්ටියේ ඇදවී ඇති තහඩුවකට බෙල්ල හසු වන්නට ඇතැයි පොලීසිය අනුමාන කරන බවත්ය.

හදිසි මරණ පරික්ෂක වාර්තාව අනුව විවෘත තීන්දුවක් දී ඇති හෙයින් සිරිසෝමගේ සිරුර ආදාහනය නොකොට එම ඉඩමේම මිහිදන් කරන ලදි. හදිසියේ සිදු වූ සිරිසෝමගේ මරණයෙන් කම්පා වූ ගම්වැසියන් නොවලහා තම යුතුකම් ඉටු කරන ලදින් දෙතුන් දිනකට පසුව සිරිසෝම අවසන් ගමන් ගියේය. 

කෙසේ වෙතත් වහසි බස් දෙඩු සිරිනාථ මළ ගෙදරට නොපැමිණියා සේම කිසිවෙකු හා කතා බස් කිරීමටවත් උනන්දුවක් නොදක්වා වහංගු වී සිටියේය. ඔහුගේ නිවස අසලින් යන ඕනෑ අයෙකු විමසිල්ලෙන් බැලුවේ සිරිනාථ ගෙදර ඉන්නවාදැයි කියාය. එහි සැකයක් නොමැත. සිරිනාථ ගෙයි වැඩ කටයුතු කරමින් නිසොල්මනේ සිටිනු සැවොම දුටු අතර, ගම්වැසියන් අතර සිරිනාථ සහෝදරකං නොදන්න හිවලෙකු ලෙස හංවඩු ගැසිණි.

සිරිසෝමගේ අභාවයෙන් පසු නිදහස් සාමකාමි සති දෙකක් පමණ ගත විය. එහෙත් සිරිනාථ පාරේ ඇවිදිනු කිසිවෙකු නොදුටු අතර, රාත්‍රියෙහි ඇති පදමට කසිප්පු බී මහ රෑ ජාමය වෙනතුරු විකාර කියවන සිරිනාථ අසල්වැසියන්ට සුපුරුදු දසුනක් විය. මොනවා කිව්වත් මිනිහට තමන්ගේ මලයා මිය ගිය සෝකය ඇති බවත් ඒ හේතුවෙන් කනමදයා සේ මුළු දවසම බීමතින් සිටින බවත් ආරංචි විය. සිරිනාථ ඉද හිට හෝ පාරේ ගමන් කරන්නේ කසිප්පු වාඩියට පමණක් වුවද ඒ ගමන් ගන්නා හැම විටම රෑකඩයක් මෙන් තම අතක් මුහුණට ඉස්සරහින් අල්ලාගෙන යන්නේ හරියට ඉරව්වෙන් බේරිමට සේය. විටෙක භීතියෙන් බෙල්ල අතගාන සිරිනාථගේ හැසීරීම ගම්වැසියන්ට අනුකම්පාව ගෙන එන්නක් විය. සිරිසෝම තමන්ගේ එක්කුස උපන් සහෝදරයාගේ අකල් වියෝව පිළිබදව පශ්චත්තාප වන බවත් ඒ ගැන සිතීමෙන්ම මිනිහාගේ මොලේ අවුල් වී ඇති බවත් වැඩි දිනක් යන්නට පෙර ගම පුරා පැතිර ගියේය.

පසු දින මහ රෑ ජාමයේ උණ විකාරයෙන් වේවලමින් විකාර කියවමින් සිටි සිරිනාථ ත්‍රිරෝද රථයක් රැගෙන ඉඹුල ඉස්පිරිතාලෙට ගෙන යාමට සිදු විය. සිරිනාථගේ තත්වය බරපතල විය. උණ විකාරෙන් කියවන ඔහු විටෙක ගැස්සී තම බෙල්ල අතගායි. තවත් විටෙක අත ඉදිරියට යොමු කොට අවකාශයේ යම් කිසිවක් සොයයි. විටෙක තම මල්ලී වන සිරිසෝම තමා මරන්නට හදන බවත් ඒ නිසා තමාව බේරාගන්නා ලෙසත් වැද වැටෙමින් කෑ ගසමින් පවසයි. පැයක් පමණ ගියද කියවිල්ලේ හෝ උණ සන්නිපාතයේ අඩුවක් නොවු තැන, සිරිනාථගේ ක්‍රියාකලාපය දරදඩු වීමට ගත් හෙයින් රෝහල් කාර්ය මණ්ඩලය ඔහුව ඇදට තබා ගැටගැසීමට කටයුතු කරන ලදි. උණ බැස්වීම සදහා වතුර පොගවන ලද රෙදි වලින් සිරුර වෙලන ලද අතර, නින්ද යාම සදහාද එන්නතක් ලබා දෙන ලදි. 

උදෑසන නින්දෙන් නැගිටගත් සිරිනාථ පෙර දින රාත්‍රියේ පරිදිම කෑ ගසන්නට වූ හෙයින් ගැට ගසා තිබූ ලණු පටවල් ඒ අයුරින්ම තිබෙන්නට ඇර තිබුනි. මුළු වාට්ටුවටම විලාපයක් ලෙසින් ඇසෙන සිරිනාථගේ බිහිසුනු ශබ්දය අතිශයින්ම මරණයේ දෝංකාරය සිහිගන්වන්නක් විය. එහි අතුරු පලය වූයේ සිරිනාථ දැඩිව තිබූ රැහැන් කෙසේ හෝ කඩාගෙන රෝහලෙන් පැන යාමයි.

*****************************************************

පොලිසියේ පැමිණිලි අංශය අසල මේසයේ වාඩි වී සිටි පීසී තැන වේගයෙන් හති හලමින් තමා ළග නැවතී සිටින පුද්ගලයා දෙස බැලීය. ඉමහත් සේ භීතියට පත්ව සිටි අයුරක් දුටු ඔහු කෙරේ පීසී ගේ දෙනෙත් යොමු වුවද එවන් භීතියට පත් ඇස් දැක නැති අළුතින් පැමිණී පීසී තැන වික්ෂිප්ත විය.

“ඇයි ඇයි තමුසේ මොකද මේ..“

“සෑර්... මාව මරන්න හදනවා මාව බේරගන්න“

“කෝ කෝ.. කව්ද කව්ද“

“අනේ සර් මාව බේරගන්න.. මාව මරන්නයි හදන්නේ අරූ“

“තමුසේ වාඩි වෙනවා බය නැතිව.. කියනවා කව්ද එන්නේ තමුන්ගේ පස්සෙන්“

“ඉන්ට සර් මං කියන්නං.. අරූ.. සර්.. මගේ මලයා මිනිහා තමා මාව මරන්න හදන්නේ.. අනේ සර් මාව මේකෙම තියාගන්න.. මේකෙම තියාගන්න.. මට නං බෑ සර් පාරේ යන්න... සර් මාව එළවන්න නං එපා“

“කටවහගෙන හිටපං මිනිහෝ.. පිස්සු නැතිව හෙමින් කියනවා මොකක්ද කියලා.. සාජන් මහත්තයා... චන්දරේ සාජන් මහත්තයා ඉක්මනට එන්න“

“හ්ම් කියනව බලන්න මොකක්ද කියල මේ සාජන් මහත්තයට දැං“

“අනේ සෑර් මගේ මල්ලි මාව මරන්න පැලෑන් කරනවා.. මං මේ බේරිලා දුවල ආවේ“

“මොකක්ද තමුසෙගේ නම“

“සෑර් මම සිරිනාථ.. සිරිනාථ නානායක්කාර“

“දැං කව්ද තමුසෙව මරන්න හදන්නේ“

“ඒ මගේ එක්කුස උපන් මල්ලි සෑර්.. “

“මොකක්ද මිනිහගේ නම“

“සිරිසෝම නානායක්කර සෑර්“

“හරි .. කියනව බලන්න තමුසෙව මරන්න කඩුවක් අරන් ආවද ඒකා“

“නෑ සර්.. මිනිහා මේ බදාදට මාව මරන්න හදන්නේ යද්දෙහි මාර්කැට් ගිහින් එන කොට“

“තමුසේ කොහොමද දන්නේ.. එක්කෝ තමුසෙට පිස්සු“

“අනේ නෑ සෑර්. මිනිහා හදන්නේ කනාකටුව පල්ලමේදි මගේ බෙල්ලට ගහල දාන්න.. ඔව් සර් මං දන්නවා මාව මිනිහා මරණවා එදාට“

“ඉන්නවා පොඩ්ඩක්.. පීසී අර දෙන්නත් එක්ක මේකව ගාඩ් කරනවා මං එනකං“

ඉන්දරේ සාජන් යමක් අවබෝධ කරගත්තාක් මෙන් සැනෙකින් පොලිස් පරික්ෂකගේ කාමරයට පිවිස ටෙලිපෝනය අතට ගෙන පොලිස් පරික්ෂකගේ අංකය කරකවා ඇමතුමක් ගනී.

“සර් මම සාජන් චන්දරේ.. අර මේ ළගදි කනාකටුවෙදි වෙච්චි ඇක්සිඩන්ට් එක ගැන සබ්ජෙක්ට් එකක් ලැබුනා සර්.. ඉක්මනට එන්න පුළුවන්ද“

“හරි තමුසේ ඉන්නවා. කෝ සබ්ජෙක්ට් එක.. “

“සර් පොලිසීයේ ඉන්නෙ මම ගාඩ් කරනවා මිනිහව“

“හරි මම විනාඩි දහයෙන් එනවා“

“ඕකේ සර්“

අළුත්ම සුමෝ ජිප් රථයෙන් පැමිණි පොලිස් පරික්ෂක මහතා චන්දරේ සාජන් මහතාට අතින් සන් කරගෙනම තම නිල කාමරයට පිවිසි පසුව දෙපැත්තෙන් සිරිනාථව අල්ලාගෙන සාජන් චන්දරේ සමග සියල්ලෝම එක වර කාමරයට පිවිසෙති.

“ආ.. දැං තමුසෙ බය නැතිව ඉන්නවා. ඔන්න ඉස්පැට්ටර මහත්තයා තමුසේ බේරගන්නං කිව්වා. දැං කියනවා මොකක්ද කියලා ඔය හරුපේ“

“අනේ ඉස්පැට්ර මහත්යෝ මාව බේරගන්න“

“කියනව බලන්න මොකක්ද උනේ කියලා“

................
.....................

“දැං තමුන් කියන්නේ තමුන් යතුරු පැදියෙන් යන කොට තමුන්ව මරණවා කියලද? මොකක්ද තමුසෙගේ බයිසිකලේ අංකේ“

“ඒක සර්... 157 ඉරක් විසි පහයි තිස් අට වගේ මට මතක“

“සාජන් අර කුඩු වෙච්චි නයින්ටිය බලනවා ඉක්මනට“

“එතකොට තමුසෙගේ බෙල්ලට ගහන්නේ කඩුවෙන්ද?“

“නෑ සර්.. මිනිහා හදන්නේ කනාකටුව පල්ලමේදි පාර හරහා බයින්ඩින් කම්බියක් ඇලස්ටෝනියා ගස් දෙකේ බැදල මගේ බෙල්ල කපන්න සර්“

“මොනවා.. එහෙම කරන්න.. ඇයි ඕයි පාරේ තව මිනිස්සු යනවා නේ“

“නෑ සර් මං එන වොලාවට බල්ලෙක්වත් පාරේ නෑ.. ඕකට ඔය කම්බි ගැට ගහන්න පුළුවන් විදුලි බල මණ්ඩලේ එකෙක් වගේ.. මං දන්නවා ඒක සර්“

“දැං තමුසේ දන්නවද මොන කම්බියක්ද ඕකට ගන්නේ කියලා“

“ඔව් සර්... මම දන්නවා මිනිහා ඒක හංගල තියෙන්නේ රුප්පවත්තේ.. මම දැක්කා ඒක“

“ඉතිං මිනිහෝ කම්බිය පේන්නැද්ද පාර හරහ තියෙන කොට“

“කොහේ පේන්නද සර්.. මිනිහා මාව බෙල්ල කැපිල වැටුනම කැඩිච්ච කම්බිය කැලේට ඇදල අරගෙන ගිහින් ආයේ රුප්පෙ වත්තෙම හංගාවි. ඒකයි කරන්නේ“

“දැං තමුසෙට ඕක ෂුවර්ද? ඔව් මොකද සාජන්“

“සර් ඒක තමා.. අංකේ හරි“

“දැං කෝ තමුසෙගේ මල්ලි“

“ඌ මාව මරන්න ප්ලෑන් කරනවා ඇති සර් කසිප්පු වාඩියේ ඉදගෙන.. මම මේ ඒක දැනගෙන විගහට ආවේ.“

“තමුසේ අපිට කම්බිය පෙන්නනවා ඉතුරු ටික අපි බලාගන්නං. හරිද“

“හරි සර්.. මම ඒක තියෙන තැන දන්නවා.“

“සාජන් මූට මාංචු දානවා. දෙන්නෙක් ෆුල් ගාඩ් එක දෙනවා. පීසී තිලංග ගන්නවා මේ වැඩේට. මූට හැරෙන්නවත් දෙන්න එපා. හරි යමං එහෙනං මිනීමරුවා“


160 comments:

  1. බොට මෙච්චර දිග ලිපි ලියනන වෙලා තියනව බුකියේ ආතල් එහෙකට එන්න කිවම බහ ., . . නෙද්දකින් . . කියෙව්වේ නැහැ . . . ඉඳගෙන

    ReplyDelete
    Replies
    1. යකෝ කියවහං අමරුවෙන් කෙටුවේ...

      Delete
    2. ඒකනේ මගියෝ

      Delete
    3. බොලාත් එක්ක ඊයේ ආතල් දාන්න ගිහින් තමා මේකේ හොදම හරිය මට අවුල් උනේ.. හැක් හැක්..

      Delete
    4. මොකෝ බං හිනාවෙන්නේ ඔමාටද???

      Delete
  2. කෙටි නාටිට්යකට හොඳයි පැයේ විතර.. ( හැබැයි මෙහෙම කතා ඔය පිටරට ටීවී සීරීස් වල නං එමට තියෙනව... හි හි)

    එතකොට මේක කියවන අපි වැටෙන්නෙත් අර කලුවගේ, බන්දුවගේ, සිරිසෝමගෙ ගොඩටමද... නැත්තං බලං ඉඳලා පැත්තකට ඇදලා දාපු දුසිම් දෙකටද... නැත්තං නිකටේ අත තියාගෙන අනේ අනිච්චෙ කියන ගොඩටද...

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ කෙනෙක්ගේ මානසිත්වය විස්තර කිරීම අමාරු දෙයක් කියලයි. මම ඒක තාම ඉගෙන ගන්නවා.. මානසික විප්ලවය තේරුම් ගන්න හැකි නං කතාව වෙනස් විදියකට විදින්න පුළුවන්.. කොහොම උනත් ජාතකේ කියෙව්වට රොම්බ තෑන්ක්ස් ආ.. මම හිතුවේ නෑ එකෙක් මේ මලදානේ කියවයි කියලා.. උඹව දාන්න ඕන දුසිං දෙකට.. හැක් හැක්..

      Delete
  3. මොන රණ්ඩු සරුවල් වුනත් ,හොඳ නින්දක් අරගෙන නැඟිටිලා අමතක කරලා දාන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. එහෙම අමතක කරනවනං ඉතිං බං ලෝකේ බාගයක්ම අඩපන වෙනවා.. රැකියා ලස්ස ගානක් නැතිවෙනවා.. නැද්ද මං අහන්නේ. ඒක ලොකු ව්‍යවසනයක් වේවි.. හැක්.. ස්තුතියි ගයිජින් මේක කියෙව්වට...

      Delete
    2. දේශකයාගේ හැම එකම වාගේ කියවනවා...ෆොන් එකෙන් කියව හින්ද කොමෙට් කොටන්න දුක්ෂර ක්‍රියා කරන්න ඕනේ නිසා සමහර වේලාවට කියන්න දේවල් තිබුනත් මඟ හැරිලා තියෙනවා.දේශකයාගේ රස්සාවෙ ෆෙස්බුක් එකෙයි බ්ලොග් එකෙයි ඉන්න එක හැරුනාම කරන්න දෙයක් නෑ නේද?( වැඩ කරන දවසේ පිළිවෙළ ලියපු ලිපිය කියවලා තියෙනවා කලින්)

      Delete
    3. මගේ ආචාරය ගයිජින්.. බොක්කෙන්ම ස්තුතිය මම ලියන කබ්බ ඒවා ඔක්කෝම වගේ කියවල තියෙන්නෙ කිහිප දෙනයි ඒ අතර උඹත් ඉන්නවා කියල දැනගත්තම අද මාර හැපි මට... වාඩ කරන පිළිවෙල නං ඒක තමා කියල උඹට ඉතිං අහු වෙනව නේද?? හැක් හැක්.. අනේ බං ප්‍රතිචාර නැහැ කියල මගේ අවුලක් නැහැ. අනික මම එන යන අය අනුව මම යන බ්ලොග් තීරණය කරන්නෙත් නැහැ.. හැබැයි උඹ වගේ එකෙක් ගැන මම වැඩිපුර හිතනවා.. ස්තුතියි ගයිජින්..මට මේක ලොකු හයියක්...

      Delete
  4. Replies
    1. යේ යේ. උඹට වැඩ නැද්ද බං දැං කෝච්චියේ යන්න ලැහැස්ති වෙයං අන්න් අහේතුක හේතු හදනවා උඹව කෝචිචියෙන් එළියට දාන්න.. හැක්...

      Delete
    2. උන්ව කෝච්චියේ යවලා මම බස් එකේ යනවා බොල :3

      Delete
    3. උඹට කඹේ දාලයි කිව්වා කටටම.. ගැලවෙන්නම බැරි වෙන්න.. හැක්..

      Delete
  5. සුපිරියි මචෝ. කියන්න දෙයක් නෑ. මං කල්පනා කලේ මේ ජාතියේ "හෙලිකිරීමක්" මොනයම් හෝ කතාවක කියවල තියනවද කියල. නෑ! මේක ඇහුවමයි!

    ReplyDelete
    Replies
    1. මේක හරියට කියෙව්වට උඹට හුගක් ස්තුතියි රාජ්.. මම ඇත්තටම හිතුවා උඹට මේක කියවන්න පුළුවන් කියලා.. තැන්ක්ස් අගේන්.. මේ කතාව මගේම රස ඇවිස්සුවා කිව්වොත් නිවරැදියි

      Delete
    2. මම කියවලා තියනවා මීට ලඟින් යන කෙටි කතාවක්. පරිවතනයක්. එකෙ මිනිහා මිනීමැරුමක් කරලා ගෙයි බිම හන්ගනවා. පොලිසියෙන් ආපුවම මිනිහට ඇහෙනවා පොලව යටින් කවුරු හරි කතා කරනවා වගේ. ඒක වහන්න මිනිහ තව හයියෙන් කෑ ගහනවා. ඒක දරාගන්න බැරිවෙලා අන්තිමට මිනිහම පෙන්නනවා මෙන්න මෙතන හාරලා බලපියවු කියලා. මිනී මැරුමක් කරල හන්ගන්න යන එක හිතට බොහොම බර පතල විදිහට වද දෙන දෙයක් වගේ තමා පේන්ඩ තියෙන්නෙ.

      මේක සුපිරියි දේශා. උඹ ලස්සනට ලියලා තියනවා. කරුමෙ කියන්නෙ මට ලියන ගත්තම උපමා උපමේයවල් ඔක්කොම හොරු අරන් යනවනෙ බන්... උඹද මන්දා ඒවා අරන් යන්නෙ. ඔක්කොම මෙතනනෙ.. හෙහ් හෙහ්...

      Delete
    3. මට ඡායාමාත්‍රයක් මතකයි උඹ කියන කතාව. අමතක නිසා කියවල නැහැයි කියල කිය්න්නං.. හැක්..

      උඹට ඕන දවසට කියමං මං ඒ ටික පැක් කරල එවන්නං..

      ස්තුතියි සෙන්නා කියෙව්වට... මේක

      Delete
    4. සෙන්නා,
      උඹ කියන්නෙ එඩ්ගා ඇලන් පෝ ගෙ ගතු කියූ හදවත වෙන්න ඕන. එතනදි සිදුවෙන්නෙ ඝාතනයක් කරන ස්නායු රෝගියාට මියගිය මිනිසාගේ හදවතේ ශබ්ධය ඇසීම. ඔහුට ඒක දරාගන්න බැරිවෙනව.

      Delete
    5. මෙන්න කතාව. The Tell-Tale Heart
      මෙන්න මේ පීඩීඑෆ් ලින්ක් එකේ තියන 513 පිටුව. කැමැත්තෝ බලත්වා.

      http://maggiemcneill.files.wordpress.com/2012/04/complete-tales-and-poems-of-edgar-allen-poe.pdf

      Delete
    6. හරියට හරි.. ඒක තමා රාජ්. ස්තූතියි මතක් කළාට.

      Delete
    7. Excellent Raj, Great

      මට කනගාටුවෙන් උනත් කියන්න වෙනවා මම ඇලන්පෝගේ කතා කියවල නැහැ කියලා.. මචං මේකේ තව පොත් තියේද ඒ වගේ... බලන්න ඕන.. තැන්ක්ස් රාජ්

      Delete
    8. පෝගෙ කෙටිකතා සියල්ලම මම දුන්න ලින්ක් එකේ තියනව. උඹේ කතා ලියන ස්ටයිල් එක බලපං. (අර බස් එකේ ගැබිනිය කතාව වගේ කතා). ඒ ස්ටයිල් එක උපරිමයෙන් තියෙන්නෙ පෝ ගෙ කතා වල. මනුස්ස හිත අන්තිම කොටස දක්වා ක්ෂුද්‍රව කඩල තියන කතන්දර තමයි මෑන්ගෙ තියෙන්නෙ. ඒ කතන්දර ටික බලපං උඹට වැදගත් වෙයි.

      Delete
    9. කියවපන් "රන් මකුණා". සුපිරි ඩීකෝඩිං කෙටි කතාවක් ඒක..

      Delete
    10. ස්තුතියි උමලගේ ලොමු ඩැහැගැන්වෙන් පාරාදිසයට කළ ඇරයුම.

      Yeah. I am ready see my adventures..Cu there..

      Delete
    11. "නිහඩව පාං ගෙඩිය රැගෙන කඩයෙන් ඉවත් වීමට උත්සාහ ගත්තද, කඩේ කළුවා එය ප්‍රමාද කරමින් සිරිසෝම හා බන්දුවා ගේ කටවල් ඇරීමට ගත් උත්සාහය අවසානයේ සඵල විය."

      දේශා ගෙ කතා වල තියෙන්නෙ මෝපසාං ගෙ වගේ ගතියක්. පොඩි කොන් කෑලි වලත් තියෙනවා වචන ගානකින් ටච් කරන්න බැරි තරම් මිනිස් ගති. දේශා රස්සාවට මොනව කරන කෙනෙක් ද?

      රාජ්: එඩ්ගා ඇලන් පෝ කියවන රාජ්‍ය සේවකයන් තවමත් සිටින බව දැන ගැනීමට ලැබීමත් සතුටකි. බහුතරයක් "උපාධිදාරී පත්වීම්" ගොබිලන්ට හරියට ලියුමක් වත් ලියා ගන්න බෑ කියලයි පත්තර වල එහෙම ගියේ.

      Delete
    12. මේකේ යක්කු නං කියන්නේ බං රස්සාව බ්ලොග් ලියන එකයි කියවන එකයි කියලයි.. හැක් හැක්

      මචෝ.. වර්ගීකරණයක් හැටියට බැලුවොත් වැඩිම පොත් ප්‍රමාණයක් කියවන්නේ රාජ්‍ය සේවකයෝ තමා. මං එහෙම නැති නිසා ඇලන් පෝ කියවල නෑ තාම...

      අම්මේ මුරුංග අත්තේ තිබ්බට ස්තුතියි.. (බොරුවට අනේ) මෝපසාන්ගේ අර කර මාලය ද මොකක්ද එකට මං හුගක් කැමතියි තව තියෙන්නේ අර මුදු ගියපු මිනිහා ආයිත් එන කතාව ඒකත් හොදා. වැඩිය නං කියවල නෑ දැං කියවපු ඒවත් මතක නැහැ.. මෝපසාන් හොද කතාකාරයෙක් බව මම දන්නවා.. ස්තුතියි උඹට...

      Delete
    13. Aguna Mardhana
      මං ඇවිල්ල උපාධිධාරී පත්වූවෙක් නෙවේ. ඒ නිසා ඕක මට අදාල නෑ ;-)

      Delete
    14. රාජ්,

      මම කියන්න ගිය එකෙන් වැරදි වැටහීමක් එන බව දැනුයි තේරුනේ. මම කියන්න ගියේ "උපාදිදාරී පත්වීම්" කැටගරි එක ගැන නම් ඔහොම හිතන්න අමාරු බවයි. උඹ ඒ කැටගරි එකේ නෙවෙයි කියල මට හිතිලයි තිබුනෙ.

      " මෝපසාන්ගේ ... අර මුදු ගියපු මිනිහා ආයිත් එන කතාව ඒකත් හොදා."

      යකෝ මම දැන් දන්නවා උඹේ රස්සාව! නිවාස සහ ඉදිකිරීම් කටයුතු ඇමති!!

      මෝපසාං ගෙත් පෝ ගෙත් එක සමාන ලක්ෂනයක් තමයි වැඩියෙන් ප්‍රසිද්ද වෙන පැති වලට උනාට, විහිළු ලියන කොට මාර subtle නමුත් හිනා වෙලා පන යන විදියට ලියන්න පුලුවන් වීම. අපේ ජෝ අබේවික්‍රම ගෙ ඇක්ටිං වගේ.

      Delete
    15. @ ගරු විද්‍යා උපාධිධාරි රාජ් කුමරුනි
      මක්කටෙයි අනේ කෑගහන්නේ ඕකට.. හැක් හැක්.. අපි දන්නවා උඹ බොහොම හොදට සමත් කම් විස්කම් දාපු රුහුණේ බයියෙක් විත්තිය.. හැක්

      Delete
    16. @ අගුණයා
      උඹ ඒවා ගනං ගන්න එපා ඌ ඒ අදහස වැරදියි කියල පෙන්නුව විතරයි නෙහ්.ඇඩේ මං ඇමති උනා නං උඹල යවනව කැලේ..

      මෙම ලේඛණකයන් ගැන ප්‍රමාණවත් විස්තරයක් ඔබට කළ හැකි නම් ඉතා අගනේය.. මා එය කියවා ධාරණය කර ගැනීමට කැමතියි..

      Delete
  6. මේක හරියට කියෙව්වට උඹට හුගක් ස්තුතියි රාජ්.. මම ඇත්තටම හිතුවා උඹට මේක කියවන්න පුළුවන් කියලා.. තැන්ක්ස් අගේන්.. මේ කතාව මගේම රස ඇවිස්සුවා කිව්වොත් නිවරැදියි

    ReplyDelete
  7. යකෝ අර බෙල්ල කැපෙන එක 'ෆයිනල් ඩෙස්ටිනේෂන්' එකේ කෑල්ලක් වගේනෙ.
    ගහක ගෙඩියක් හින්ද සහෝදරකං අමතක කරල දාන එවුන්ට ඔහොම වෙනව බං.
    වැරුද්දක් කරල මනුස්සයෙකුට හිත එකඟකරගෙන ඉන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසා.. අපේ පැත්තේ මගේ යාළුවෙක්ගේ තාත්ත කෙනෙක් මැරුනා තැපැල් නයින්ටියෙන් ගිහිල්ල එනකොට පාටියකට.. අපි හරියට නොද්දනවා උනාට ආරංචිය ආවේ අර විදියට මරලයි කියල තමා. ඒකේ මිනිමරුවොත් අහු උනේ නැහැ මං හිත්න්නේ.. තැන්ක්ස් අගෙන්..

      Delete
  8. // මේ සියළු කාරණා අද දින එළියට පැන්නේ බුර බුරා නැගෙන ගින්නක් පරිද්දෙනි.// ලොකු කතාවක් හීනියට කියල දාල නේද? සමස්තය ගැන අද රෑට කොටන්නං

    ReplyDelete
    Replies
    1. හීනියට ඔතල කියලද හිතන්නෙ නලියා... නැහැ බං මේක ස්වායක්ත කතාවක් කිසිවකට සම්බන්ධ නැහැ.. ඒක ඇත්තයි.. ස්තුතියි මං බලාන ඉන්නවා හරිනේ..

      Delete
  9. හ්ම්...............දුෂ්ට මනස තමන්ටම දඬුවම් දෙනවා. හිත පිරිසිදු නැති එකා දිනකට දහස් වාරයක් මැරි මැරී උපදිනවා.

    ReplyDelete
    Replies
    1. ඒ මැරී මැරී ඉපදීමම ඌව අපරාධකාරයෙක් කරනවා.. ස්තුතියි විචාරක මේක කියෙව්වට..

      බ්ලොග් එකට “ට“ අකුරෙන් නමක් දෙන්න බැරිද...???

      Delete
    2. ටදේශකයාගේ ටබ්ලොග් එක

      Delete
    3. හැක් හැක්.. ටැන්කුව්.. ටවිචාර ටමහත්තයා...

      ටටා

      Delete
  10. ඔය වගේ අපරාධ කරලා නීතියෙන් වගේම තමන්ගෙ හෘද සාක්ෂියෙනුත් බේරිලා ඉන්න බෑ. කවදා හරි ඒ දේවල් එළි වෙනවා..

    දේශකයා කතාව ලස්සනට ගලපලා තියෙනවා. දේශකයෙකුට වඩා දැන් ලේඛකයෙක් වගේනෙ :)

    ReplyDelete
    Replies
    1. වෙල්කම් කාලෙකින් මේ පැත්තේ සන්තෝසයි දැක්කම...
      ඉස්සෙල්ලම ස්තුතියි කියන්න ඕන මේ ජාතකේ කියෙව්වට.. ඇත්ත හෘද සාක්ෂිය අඩනකොට මොනවත්ම කරගන්න බෑ. මිනිහා පිස්සු වැටෙනවාඒ මත්තෙම...

      මම තාම “එල්“ බෝඩ් බං...

      Delete
  11. අම්බෝ මේකේ දිග... මාගලක් වාගේ..

    ReplyDelete
    Replies
    1. කියවහං වෙලාව අරගෙන.. උඹට පුළුවන් ගොඩ දාගන්න..

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් මචෝ.. උඹ හරි අවුලක් මචං එතන සිරිනාථ වෙන්න ඕන.. තැන්ක්ස් ගොඩාක්ම දැං හදනවා ඒක.. තැන්ක්ස් එගේන් මචෝ...

      Delete
    2. ස්තුතියි උඹට මේක කියෙව්වට. ඉස්සෙල්ලම ඇවිත් ජාතකයක් නේ කියවන්න උනේ..

      මටත් එහෙමයි රෝඩියා රෝමනෝවිවි රැස්කොල්නිකොව් අවුරුදු විසි පහක් විතර තිස්සේ මගේ හිතෙත් තාම හොල්මන් කරනවා.. ඒකේ බලපෑමක් මේ කතාවට තියෙනවා අනිවා.. හැබැයි ඉස්සෙල්ල කිව්ව වගේ අවුරුදු 25 කින් මෙපිට මම අපරාධය හා දඩුවම කියවල නැහැ ඒත් එහි විස්මිත නිර්මිතිය තාම හිතේ තෙරපෙනවා.. උඹට ස්තුතියි එක්පෝටර් උන්නැහැ. එන්නතෝ ආයේ...

      Delete
    3. ඇයි මචං ඒක මැකුවේ.. හුදී ජන පහන් සංවේගය උදෙසා මම ඒකේ ටෙක්ස්ට් එක දානවා. තරහ වෙන්න එපා බං...


      X-Porter said earlier (the deleted comment)
      //සිරිසෝම දෙතුන් දිනකට පස්සෙ අවසන් ගමන් ගියා කිවුවට පස්සෙ ආයිත් පහලින් සිරිසෝම ගෙයි වැඩකටයතු කරමින් නිසොල්මනේ ඉන්නව සැවොම දැක්ක කියල කියන කොට මට ටිකක් මඤ්ඤං වගේනේ. මගේ මීටරේ මොකක් හරි අස්පට් එකක්ද මන්දා අප්ප....

      මානසිකත්වය විස්තර කරන හොඳම පොතක් තමයි දෝස්තොව්ස්කිගෙ අපරාධය සහ දඬුවම (Crime and Punishment - Fyodor Dostoyevsky). ඒකලේ පිස්සු වැටිල වගේ කියෝල දවස් ගානක් හිතිං අපරාධකාරයෙක් වෙලා හිය අප්ප....මතක් වෙනකොටත් නිකං පිස්සු වගේ අප්ප..... //

      Delete
  13. අපරදයක් කරල නීතියෙන් බේරුනත් හර්ද සාක්ශියෙන් බේරෙන්ඩ බෑ කියන්නෙ ඕක තමා... කතාවනම් නියමෙට ලියල තියනව (y)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සසින්දුවා.. උඹව උල හින්දුවා හින්දනවා හරියට කියවල නොතිබුනානං. හැක් හැක්

      Delete
    2. ඔක්කොම කියෙව්වා බන් :P

      Delete
    3. ඒත් වැඩක් නැද්ද බං...??? හැක්.. අව්ලක් නෑ..

      Delete
    4. පිස්සුද,, හොදට ලියල තියනව ඈ ආසාවෙන් කියෙව්ව.. :)

      Delete
    5. තැන්කුයි ඈ හිටගෙන.. හැක් හැක්..

      Delete
  14. සිරිසෝම දෙතුන් දිනකට පස්සෙ අවසන් ගමන් ගියා කිවුවට පස්සෙ ආයිත් පහලින් සිරිසෝම ගෙයි වැඩකටයතු කරමින් නිසොල්මනේ ඉන්නව සැවොම දැක්ක කියල කියන කොට මට ටිකක් මඤ්ඤං වගේනේ. මගේ මීටරේ මොකක් හරි අස්පට් එකක්ද මන්දා අප්ප....

    මානසිකත්වය විස්තර කරන හොඳම පොතක් තමයි දෝස්තොව්ස්කිගෙ අපරාධය සහ දඬුවම (Crime and Punishment - Fyodor Dostoyevsky). ඒකලේ පිස්සු වැටිල වගේ කියෝල දවස් ගානක් හිතිං රස්කොල්නිකොව් වෙලා හිය අප්ප....මතක් වෙනකොටත් නිකං පිස්සු වගේ අප්ප.....

    ReplyDelete
    Replies
    1. බොට රැස්කොල්ගේ නම දාන්න ඕන නිසාද ඒක මැකුවේ.. හරි හරි අවුලක් නැහැ. මතකද මෙහේ තිබ්බ නාටිටිය රැස්කොල්. ඒක විකාරයක් විතරක් වගේ මටනං පෙනුනේ බං.. ෆිල්ම් එකකට ඇරෙනන වේදිකා නාට්ටියකට අපරාධය හා දඩුවමේ ඇති රාමුව අතික්‍රමණය කරන්න බෑ.. ජය වේවා...

      Delete
    2. ඔය අපරාධය හා දඩුවම කියවලා අපේ යාලුවෙක්ගෙ අම්මා කෙනෙක් රජ කතාවක් කිව්වා.

      අපරාධය තමා ලියපු එක
      දඩුවම තමා කියවන එක.

      හෙහ් හෙහ් පොතේ සයිස් එක සහ අන්තර්ගතය දැක්කම එහෙමත් හිතෙනවා තමා..

      Delete
    3. ඊට වඩා දඩුවමක් දොස්තයෙව්ස්කිගේ රසයෙන් අඩු බරෙන් වැඩි කරමසෝ සහෝදරයෝ නිවටයා පොත් කියවන එක.. අර අම්ම කිව්ව එක ඩබල් වෙලා වදින්නේ එතකොට.. හැක් හැක්...

      Delete
    4. අම්මපා ඔවු බං.. ඒත් කියවං යනකොට පොතේ සයිස් එක අමතක වෙනව බං ඒතරං රහයි...

      Delete
    5. හෑ... උඹ කිවුවෙ රසයෙන් අඩු කියලද.... මම ටිකක් ටියුබ් ලයිට් බං.... ඒත් මටනං ඒක පට්ට රහයි බං.....

      Delete
    6. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා බං. දොස්තයෙව්ස්කි කරමසෝ වගේම නිවටයා තවත් එකක් තිබ්බා මට ඒක මතක නැහැ. ඔය පොත් ලිව්වේ හරියට ලිපෙන් රොටි බානවා වගේ. මොකද මිනිහා ඒ දවස් වල අන්තෙටම ආර්ථිකය පිරිහිරා හිටියේ. ඒක නිසා හැකි ඉක්මනින් ජාතකයක් ලියනවා ඇර වෙන මොකකවත් තිබ්බේ නෑ. ඔහු සැබෑ දක්ෂයෙක් නිසා මේ පොත් ලිව්වට අර මුල් කෘති වල තිබ්බ තරං රසයක් ඔය පොත් වල නැහැ. ඒක දොස්තයෙව්ස්කි පිළිගත්තා දුප්පත්කම තමාගේ නිර්මාණශීලිත්වය අරගෙන ගියා කියලා. මිනිහා ඒ එක්කම කිව්වා දුප්පත්කම අපරාධයක් නොවේ කියලා. ඒ කියන්නේ සල්ලි නැති එකා නිර්මාණශිලිත්වය විකුණලා කන එක හරියි කියන එක. සමස්ථයක් විදියට මටත් දැනුනා ඒ කතා වල ගොරහැඩි බව. ඒ කාලේ අපි කියෙව්වේ සිංහල පරිවර්තන. ඒවා සමහර විට හොද නරක අතර උච්ඡාවචනය වෙනවා. ඒත් රසයෙන් අඩු කියන එක මේ පොත් වලට සාදාරණ විදියට අදාලයි කියල මට හිතෙනවා... ඒක මගේ අදහස. උඹ මොකද හිතන්නේ????

      Delete
    7. සෙන්නා,
      ඔය කතාව ගහල තිබුන රුහුණෙ පුස්තකාලෙ තිබුන අපරාධය හා දඬුවම පොතේ. පොතේ රසය තේරුම් ගන්න බැරි එකෙකුගෙ වැඩක්.

      දොස්තයෙව්ස්කිට පෝගෙ ආභාෂය ලැබුනු බව කියවෙනව. (දේශකයට දොස්තයෙව්ස්තිගෙ ආභාෂය ලැබුන කියන්නෙ ප්‍රත්‍යක්ෂ ඇසුරින් පැහැදිලි කරන්න පුළුවන් පෝගෙ ආභාෂය ලැබුන කියලත් :-)

      මම අපරාධය හා දඬුවම කියවල අවුරුදු 10කට වැඩියි මගෙ හිතේ. (උසස් පෙළ කරල ගෙදර ඉන්න කාලෙ වෙන්න ඕන). අපේ ගමේ පුස්තකාලෙන් ඔය පොත අරගෙන ෂොපින් බෑග් එකක දාගෙන ගෙදර යද්දි අම්ම අහනව "පිටි පැකට් එකක් ගේන්න සල්ලි කොහෙන්ද?" කියල.

      Delete
    8. උඹලයි අම්ම කිව්ව කතාවත් මරු බලහංකෝ මේ පොතට වෙච්චි දේවල්. පුස්තකාලේ පොතේ කුනුහරුප ලියන එකනං අවිචාරවත් දෙයක්..

      ප්‍රත්‍යක්ෂ ඇසුරින් කිව්ව කතාව හරි.. අපේ දුප්පත් පුස්තකාල වල ඇලන්පෝගේ පොත් තිබ්බේ නැහැ එක්කෝ මොන හේතුවකට හරි මම ඒවා කියවන්න කැමති නෑ. හරියට දැං කිසිම හේතුවක් නැතිව අර අන්සතු දිනපොත කියවන්නේ නැහැ වගේ...

      උඹේ නත්තල් පප්පලව තනි කරන්න එපා සත්තලනේ... හැක් හැක්..

      Delete
    9. අපරාධය සහ දඬුවම බෝරිං පොතක් නෙවෙයි මට නම්. යුද්ධය සහ සාමය එක්ක පැටලිලා ද?

      පෝ ගෙ විහිළු කතාත් තියෙනවා, ඉල ඇදෙන ඒවා. "The Man That Was Used Up" කොහොමද?

      Delete
    10. නැහැ බං මම කිව්වේ අනිත් පොත් ඒ කිව්වේ කරමසෝ බ්‍රදර්ස් හා නිවටයා ටිකක් බෝරින් කියලයි. ක්‍රය්ම් ඇන්ඩ් පනිෂ්මන්ට් කියන්නේ විශ්වයේ ලියවුන හොදම පොත් දහයෙන් එකක් අනිවා..

      පෝගේ මේ කතාවත් බලන්නං. දැනට මට නිර්දේශිත කතා 6 ක් තියෙනවා ස්තුතියි අගුණමර්ධනය කරනවට...

      Delete
    11. "මෙම ලේඛණකයන් ගැන ප්‍රමාණවත් විස්තරයක් ඔබට කළ හැකි නම් ඉතා අගනේය.. මා එය කියවා ධාරණය කර ගැනීමට කැමතියි.."

      අනේ මචන් ඔය ආතල් එකට කියෙව්වට මම ඔය සාහිත්‍යය ගැන ප්‍රාමාණික වියතෙක් නෙවෙයි. මම දන්න තරමින් පෝ වගේ එකෙක් විස්තර කරන්න යන එක අර "මම මගෙ නැණ පමණ - කීමි වරදක් වේද කිකරුණ" කියලත් ගොඩ දාන්න බැරි ලෙවල් එකේ අපහාසයක් වෙයි ඒ මිනිස්සුන්ට. විකිපීඩියා වගේ එකකින් බලල මතක් කරගෙන කියන එක උඹට කරන අපහාසයක් නේද.

      පෝ ගෙ කෘති වැඩියම ප්‍රසිද්ද Gothic horror සහ macabre කියන ෂාන්ර වලට වුනාට පොර හෙන ඉන්ටරෙස්ටිං mystery සහ රහස් පරීක්ෂක කතාත් (එකම මනුස්සයෙක් ගැන ලියවුනු) ලිව්වා. උඩින් කියපු genre දෙකට නම් පොර ගෙ සිග්නේචර් කතා දෙක තමයි Masque of Red Death සහ (කවුරු හරි පල්ලෙහත් කියපු) Pit and the Pendulum කියන ඒව. ඒ දෙක අනිවාර්යයෙන් කියවපන්. Poe සැලකෙන්නෙ Gothic horror genre එකේ රජු හැටියටයි.

      මට හිතෙන්නෙ උඹේ ටේස්ට් එකට හරි යාවි ලියල Ligeia කියන එකත්. ඒක කියවල ඒක ගැන තියෙන විචාරෙකුත් කියවපන් :-)

      Delete
    12. තැන්ක්ස් අගුනේ.. මම ඒවා කියවන්නං.. උඹේ විස්තරේ කොහොම උනත් සාරවත්..

      Delete
  15. එක්සලන්ට් කියලාතමයි කියන්න තියෙන්නේ දේශා. මිනිහෙක්ගේ මානසික වියවුල වගේම සිතිවිලි අකුරු කරන එක ලෙසිවදක් නෙවෙයි. අති සාර්ථකයි. දැන් අපාරාධ කාරයා සැඟවූ අවි පෙන්නන යද්දී ගඟට පනියිද?

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මචෝ ඉවාන්... මානසිතත්වය අකුරු කිරීම ඇත්තටම අමාරුයි.. උඹ ලියන හින්ද උඹත් දන්නවා ඒක.. උඹලගේ ප්‍රතිචාර මට ලොකු ශක්තියක් ඒවා සතුටෙන් බාරගන්නවා බං..

      අර ආයුධ හොයන කතන්දරේ මට අදාළ නැති නිසා ඔතනින් නැවැත්තුවා.. හැක්...

      Delete
  16. අෆ්ෆා මට මඤ්ඤං ම තමයි බොලේ... "සිරිසෝමගෙ නිවස අසලින් යන ඕනෑම අයෙකු විමසිල්ලෙන් බැලුවේ සිරිනාථ ගෙදර ඉන්නවාදැයි කියාය." ඒ කියන්නෙ සිරිනාථ ඒ පවුලත් කෑව කියලද ?

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. ඒකනං බං ලොකු අපරාධයක් තරම්ම දරුණු වැරුද්දක්. දැන්ම හදනවා වැඩේ තියෙන්න් මට තව එක පාරක් මේක කියවන්න වෙනව ඒක නිසා.. තැන්ක්ස් එක්ස්පෝටර්..

      Delete
  17. අපි බොහෝ දෙනෙකු අත් විඳ ඇති අත් දැකීමක්.
    අහල පහල උන් පත්තු කරල ආතල් ගත්ත
    මේ සංතෑසිය එදත් අදත් හෙටත් සිදුවනු ඇත.
    බෝම ලස්සන ලියවිල්ලක් මලේ

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි අයියන්ඩි.. මේවා කවදත් සිද්ධ වෙනවා ඒක සහතිකයි..

      Delete
  18. මගේ ප්‍රියතම ලේඛක ලයිස්තුවේ ඔබත් ඉහළින් ඉන්නවා.. ගොඩක් රසවින්ඳ කතාව

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔමා කියෙව්වට හා ප්‍රතිචාරයට.. මගේ ඒවා කියවල බොට පිස්සු හැදෙන එකක් නැහැනේ.. හැක් හැක්...

      Delete
    2. පිස්සු හැදෙන්නේ සාමාන්‍ය නිරෝගී මිනිස්සුන්ට මං එහෙම එකෙක් නෙමේ ,, :( ඒ නිසා කොහොමත් එකයි මෙයා :(

      Delete
    3. එහෙනං එච්චරායි මෙයා.... හැක්..

      Delete
  19. පතරංග ජාතකේ උනාට, කියවන කොට අවුලක් නැහැ බන්.ඉඩම් ආරවුල් නම් මමත් අපේ ගෙදරම අත්දැකලා තියනවා ඕනේ හැටිය.[අපේ ආච්චි අප්පච්චිවයි බාප්පවයි කාමර දෙකකට දාල දොර වැහුව රන්දු වෙන නිසා මට මතකයි පොඩි කාලේ.ඔව්වගේ වැරදි ඇත්තටම දෙමව්පියන්ගේ.එක ළමයෙකුටවත් විශේෂයක් නොකර, එහෙම කරනවානම් හරි හේතුවක් ඇතිව නොකලාම මේ වගේ තව පරම්පරාවක් දුක් විදිනවා.

    එල කතාව මචෝ.මැක්සා . . .

    ReplyDelete
    Replies
    1. උඹට හොදම හරිය අහුවෙලා නැහැ වගේ මට හිතෙනනේ බං.. පුළුවන් නං සංයමයෙන් ආයි කියවහං.. මොකද බොලා හදාගන්න ඕන අපි.. අපි තමයි වැඩිහිටියෝ...

      Delete
    2. සංයමය යනු ? කුමක්ද

      Delete
    3. අඩේ මේ දවස් ටිකේම තෙල් කෑම බන් කෑවෙ.කිරට උයලනම් කෑහෑකි. . . මම කලින් මලවල කාලතියෙන්නෙ සන්යමය. . . හැබැයි එහෙමත් රහයි බොල

      Delete
    4. @ ඔමා
      සංයමය යනු ඉවසීමයි, හික්මීමයි. යම් දෙයක් කිරීමේදි එය ඉතා අවධානයෙන් හා උවමනාවෙන් යුතුව කිරීම සංයමයයි..

      Delete
    5. @ මගියා
      උඹට සංයමය මලවල කෑවොත් සහලෝලා උන ගනීවි ඔව් ඉදගෙන...

      Delete
  20. //මගේ ආචාරය ගයිජින්.. බොක්කෙන්ම ස්තුතිය මම ලියන කබ්බ ඒවා ඔක්කෝම වගේ කියවල තියෙන්නෙ කිහිප දෙනයි ඒ අතර උඹත් ඉන්නවා කියල දැනගත්තම අද මාර හැපි මට... වාඩ කරන පිළිවෙල නං ඒක තමා කියල උඹට ඉතිං අහු වෙනව නේද?? හැක් හැක්.. අනේ බං ප්‍රතිචාර නැහැ කියල මගේ අවුලක් නැහැ. අනික මම එන යන අය අනුව මම යන බ්ලොග් තීරණය කරන්නෙත් නැහැ.. හැබැයි උඹ වගේ එකෙක් ගැන මම වැඩිපුර හිතනවා.. ස්තුතියි ගයිජින්..මට මේක ලොකු හයියක්//
    ඇයි අපි ඹටුවොද?

    ReplyDelete
    Replies
    1. අපොයි එහෙම හිතන්න එපා.. මම දන්නවා ඒකනේ කිහිප දෙනෙක් කිව්වේ.. ඔහේ මගේ මුල්ම එකටත් රෙද්ද ගැලවිල යන්න එකක් කියපු එකා නෙව. ඒවා අමතක වී හෝ අමතක කරන්නේ නැහැ. නමුත් ගයිජින් මගේ හුගක් ඒවා කියවල තියෙනවා කිව්වම නිරායාසයෙන් ඔය ටික කිව්වේ. හැමෝටම මගේ ආචාරය. මම දන්නවා එදිරි සහෝදරයා අපි එකක් දැම්ම ගමන් පැනගෙන ඇවිත් බලන බව. ඒක නොදැන නෙමෙයි මේක කිව්වේ... අව්ලක් නං හිතන්න එපා ඒ ගැන.. ඒකනේ මං ඔයාට මුණුපොතේ ඉන්න නොදෙන්නේ මොකෝ ඔහේ බ්ලොග් එකක් කරන එකකයැ.. කොහොමත් කරන්න දෙන්නෙත් නෑ.. හැක් හැක්.. ස්තුතියි එදිරි..

      Delete
  21. කතාව ඉහළින්ම රස වින්දා දේශා ..... කේබල් උපක්‍රමය සෑහෙන භයානකයි .. තංගුස් නූල් පොටවල් දෙකක් දැම්මත් හොඳටම ඇති වැඩේට ....
    කතාව හොඳටම හොඳයි ........

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ කියෙව්වාට.. තංගුස් නූල් පොට හරි යාවි. ඒත් ඒකෙන් අර වගේ කැපේවිද කියන සැකය මට ආපු නිසා ඒක නොදා කම්බියක් ගන්න තීරණය කරා. මම තංගුස් පට ගැන හිතුවනං තමා...

      Delete
    2. පාර සහ කේබල් එක අංශක 90 ට තියලා බැහැ ... හෙමීට ආවොත් වැඩේ තක්කෙටම වෙන එකක් නැහැ.. කොහොම නමුත් උගුරු දණ්ඩ පොඩි වෙනවම තමයි කේබල් එකට .මරණය නියතයි විනාඩි 20 කට පස්සේ හරි ......

      අංශක 140 ට වගේ තිබ්බොත් නම් අනිවා කැපෙනවා හෙමීට ආවත් ... තමන්ටම හිතාගන්න බැහැ වෙන්නේ මොකක්ද කියලා... හීනියට බෙල්ලේ කේබල් එකක් ඇතිල්ලෙද්දී පරක්කු වැඩි..

      Delete
    3. උඹ මහ මුරුගයෙක්.. හැක් හැක්...

      Delete
    4. ඔය සීන් එක ඇත්තටම මට උනා බොලව්. කිව්වම මතක් උනේ. අපි එකසැරයක් පතෝල මැස්සක් ගැහුව. මැස්සේ අයිනෙ එක කම්බි පොටක් ඇදල තිබුන. වැස්සක් කඩාපාත් වෙලා මම වාඩියට දිව්ව. නමුත් එවලේ ඇද්ද කම්බි පොට අමතක වුනා. ඒක තිබුනෙ මගේ නිකට ලඟින්. කම්බියෙ වැදිල එතනම දොයිගැහුන. තුවාලෙකුත් උනා මතකයි

      Delete
    5. ට්‍රිං ට්‍රිං ගාලා වදින කොට හරි සනීපයි.. ආයි වලක්වන්න බෑ බං ඒ ගැම්ම ඉස්සරහට යන. ඔය රෙදි වැලටත් ඔය සීන් එක වෙනවනෙ. ඇයි බං අර මේ ළගදි පොඩි ළමයි මැරුනේ ඔන්චිල්ලාවේ රැහැන බෙල්ලේ එතිලා.. ඒ වගේ තමා.. අති භයානකයි.

      මම මේ ගැන අහල තියේනේ අපි 11 ඉදිද්දී අපේ ළගම යාළුවෙක් (ටික් බෝලයා) තාත්තා රෑ බීච් පාටියකට ගිහිල්ල එහෙ වලියක් දාගෙන. මහ රෑ එනකොට තැපැල් නයින්ටියේ පොල් ගස් දෙකක ඔය වගේ කම්බියක් බැදල තිබිල තියෙනවා ඒකෙන් පොර මැරුනලු.. මම දන්නෑ හරියටම නමුත් පොර මැරුණා හරි සිද්ධිය ඒකද නොදන්නවා උනාට ආරංචි උනේ එහෙමයි. තාම ඒක අභිරහසක්.. මිනිහා හොද කරාතේ කළු පටි කාරයෙක්. ඒත් කමිබිපොටට ඉවර උනා...

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. ( ඉස්පොල්ලේ යන එක දැකලා නැති කෙනෙක්ට මේක තේරෙන්නේ නැහැ )

      බකට් කම්බිය ඇති හොඳටම රාජ් . උගුරු දණ්ඩ තරම් සියුම් තැනක් වෙන නැහැ මනුස්ස සරීරෙ.. දබර ඇඟිල්ලෙන් ඇන්නත් එතන කාර්ටිලේජ් එක බිඳෙනවා.. පෙනහල්ලට හුස්ම යන්නේ නැහැ ඊට පස්සේ... ඇතුලෙන් තුවාල උනොත් ලේ බහිනවා පෙනහල්ලට.. ලේ බහින්න බහින්න "ලේ ඉස්පොල්ලේ" යනවා.. ඉස්පොල්ලේ යන්න යන්න තව තවත් කාර්ටිලේජ් එක කැඩෙනවා.. විනාඩි 20 කට වැඩි වේදනාත්මක මරණයක් හිමි වෙනවා..

      මිනිහෙක්ට ගහද්දි කවදාවත් උගුරු දණ්ඩට මිට බදලා ගහන්න එපා.. අනිවා 18 අවුරුද්දකට යන්න වෙනවා.

      Delete
    8. කම්බි කෑල්ලක් අරන් එංඤඤං උඹ ඉන්නවද ගෙදර??? 

      Delete
    9. ඇරියස් කාරයෙක් නං ඉන්නව.......... ඌ යන්නෙත් බයික්කෙ.......

      Delete
    10. රාජ් මල්ලි පොලොසියෙන් ඇහුවොත් නම මතකයි නේ.. “සයිලන්ට් සහන්“ හොදේ.. මගේ නම කියන්නෑ. හරිය

      Delete
    11. අර මක්කටයි කම්බි ඇන්න එන්නේ අයියා ? අපි දෙන්නටම දබර ඇඟිලි දෙක ගානේ ලැබිච්චි කොට ...

      Delete
    12. මේකනේ මල්ලි සමහර දඩබ්බර හාදයොන්ගේ බොටු හයියයි.. හැක් හැක්

      Delete
    13. @ රාජ්

      මට නම් දැන් කිසිම ඇරියස් කාරයෙක් නැහැ.. උනුත් ගියේ බය්ක්කේ....

      Delete
    14. ඩයල් 119 . .හෙලෝ දේසකයගෙ බොල්ග් එකේ මිනීමැරුමක් ප්ලෑන් කරනව . . . පොඩ්ඩක් බලන්න

      Delete
    15. @ සහන්

      බයික්කේ ගියපු එකා කම්බි කෑවද...

      Delete
    16. @ මගියා

      මං හිතුවා එකෙක් හරි ඔය වදන කියයි කියලා.. එළස් මචාං

      Delete
  22. ගරිල්ලා මාකටිං

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං ඒ හරුපේ...ආයි කියහං බලන්න හැක්

      Delete
  23. මනසින් උසස් කියන අපේ උන් කරන දෙකයි පනහේ වැඩ!

    ReplyDelete
    Replies
    1. අඩෝ නාඩියා තෝ මට බැන්නද?? එහෙනං... හැක් හැක්..

      Delete
  24. ඔෆිස් එකේ වැඩත් එක්ක ටිකක් වැඩි කාලයක් ගතවුනත් කොහොමහරි කතාව කියවලා ඉවර කරගත්තා ... හරිම රසවත් .... අපූරුවට ලියලා තියෙනවා .

    ReplyDelete
    Replies
    1. තුෂානි මම උඩින්ම මේකේ දාලා තිබ්බා අමාරුනං අතෑරලා දාන්න කියලා. බ්ලොග්කාරිනියකගේ ඉල්ලීමට ඒක ඉවත් කරා. කනගාටුයි වෙචිචි අපහසුතාවයට. ඒත් අමාරුවෙන් හරි කියවපු එක ලොකු දෙයක්..මට සන්තෝසයි.. ස්තුතියි අදහස් වලට..

      Delete
    2. වැරදියට වටහගන්න එපා ... ලිපිය ටිකක් දිග නිසයි එහෙම කිව්වේ...

      තුශානිගේ ප්‍රියතම බ්ලොග් අතරේ දේශකතුමාත් ඉන්නවා.. ඒ නිසා ලියන ලිපි කොහොමහරි වෙලාව හොයාගෙන කියවනවා හොඳේ....

      Delete
    3. ආපොයි තුෂානියේ මම එහෙම වැටහීමක් නැහැ. මට හිතුනේ මම ඔයාලාට කියවන්න තියෙන වෙලාව අනවශ්‍ය විදියට ගත්තා කියලායි.. බොහොම ස්තුතියි තුෂෘනි.. ලොකු සන්තෝසයක් මට ඒ වගේම ධෛර්යයක්.. ඔයාගේ අදහස්..

      Delete
  25. දැන් ඉන්න සහෝදරයන්ගේ සහෝදරත්වය මොනවට කියාපාන්න කතාන්දරයක්...... හැබැයි අද කාලේ වෙන්නේ නෑ ...... තමන්ගේම සහෝදරයව මැරුවත් ගානක් නැතිව ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඒකනං හැබැයි මැලේ.. උන් නිකං මරල බබා වගේ ඉන්න ජාතියේ උන්.. තැන්කුයි රාලේ..

      Delete
  26. කතා දෙකක් නෑ දේශෝ කතාව නම් මරු. එළ කියන්නෙ එළ්‍රේ එළ.

    මට තියෙන ප්‍රස්ණෙ මෙ කතාවෙ තියෙන විදියටම තමන්ගෙ එක බඩවැල කඩන් ආපු උන් කොහොමද අනෙක් එකාට "වේ*ගෙ පුතා, තොගෙ අම්මට හු** ගනින්, අම්මගෙ කි**" ඒ වගේ දේවල් කියලා බනින්නෙ?
    මේ කතාවෙ පමණක් නෙමේ සැබෑ ජීවිතයෙදිත් මන් එකෙක් තව සහොදරයෙක්ට ඔහොම බනින හැටි අහලා තියෙනවා.
    සමස්තයක් ලෙස සහෝදරයෙක්ට තබා නන්නාදුනන පාරෙ යන මිනිහෙක්ට වත් ඔහොම බනිනවට අකමැතියි. මොකද බනින්න ඕන්නම් ඇතිතරම් ඌට බැනපන් උගෙ අහිංසක අම්මට තාත්තට බනින්නෙපා කියන තැනයි මං ඉන්නෙ. ඒත් මට තේරුම් ගන්න බැරි ඔහොම බනින උන්ට ඇයි තේරුම් ගන්න බැරි "මේ පලු යන්න බනින්නෙ තමන්ගෙ අම්මට කියලා.

    අන්තිමට කියන්න තියෙන්නෙ ඉඩ කඩම් පෙට්ටියෙ දාන් යන්න බලන් ඉන්න උන්ට මේ වගේ සිදුවීම් වෙන්න පුලුවන්.

    ආ තව නූලෙන් අමතක වෙනවා දේශෝ උපමා උපමේය යොදාන් තියෙන විදිය නියමට හිතට වදිනවා.

    ජය.

    ReplyDelete
    Replies
    1. මා කලේ දේශාගෙ කතාව විවේචන‍යක් නොවේ. මං සෑහෙන්න කලක් සත්‍ය සමාජයෙ දැක්ක ගැටලුවක් මේ කමෙන්ට් එකෙන් මතු කර පෙන්වීම පමණයි.

      Delete
    2. ඔබේ ඕනම අදහසකට මෙතන සැබැවින්ම විවෘතයි ප්‍රියා. මාත් අකමැතියි අම්ම තාත්තට බනිනිනවට. හැබැයි දැං තියෙන කුනුහරුප වල හැටියට නමට අම්මට තාත්තට බැන්නට ඒක නිකම්ම කුනුහරුපයක් විතරයි. ඒ වගේ දෙයක් තමා තියෙන්නේ. උඹ කිව්ව වගේ අරහම බනින ඈයෝ ඉන්නවා බං මම ඒවා නං අත් විද ඇති දේවල් සංචාර වලදි (පර්යේසන) ස්තුතියි උඹටත් ගොඩාක්ම...

      Delete
  27. මිනී මරුවෙක් උනත් සංවෙදී මනුස්සයෙක් නැත්නම් ඔහොම පිස්සු වැටෙන්නෑනෙ..!(ඒ සංවෙදී බව තව ටිකක් උඩ හරියෙදි මතු කරානම් නියමයි) දැන් ගේම් ගහල මිනීමරන එක සිම්පල් කේෂ්...!

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි හැබැයි සත්‍යය ජය ගන්නවා කියල අපි හැමදාම කියනව නේ. ඒ වගේ මිනිහා කරපු වැරදි වැඩ කවදා හරි මතු වෙනවා මොන විදියකින් හරි.. ඒක වළක්වන්න බෑ බං.. මම හිතුවේ නැහැ මිනිහා සංවේදි බුවෙක් කියලා.. අනික ඌ මට කියල නෙමෙයි බං මේ ඔක්කෝම කරල කියල තියෙන්නේ.. මාත් දන්නේ මගදී.. හැක් හැක්..

      Delete
  28. අකුරක් නෑර කියවූවෙමි. ඇත්තටම මේ වගේ දේවල් අපි අතර වෙනව තමයි දේශො. කියවල ඉවර වුනාම මටත් සිද්ධියක් මතක් වුනා ලියන්න. හැබැයි මම නං මාරම වාසනාවන්තයි පණ වුනත් මට දෙන සහෝදරියක් තමයි මට ඉන්නෙ.
    මේක කොච්චර දිග වුනත් කියවන එක නතර කරන්න නං හිතුනෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ඒක ලොකු වාසනාවක් සිගිති.. එහෙම සහෝදර බැදීම් තමා තියෙන්න ඕන මේ කතාවෙන් යන්න ඕන පනිවිඩයත් එයයි.. දිග නිසා කියවන එකක් නෑ කියල අතෑරල දාන්න හදලත් කමක් නෑ දෙතුන් දෙනෙක් හරි කියවයි කියලයි දැම්මේ. මේ අදහස් අනුව ඔබ මම ලියපු දේ කියවල මට කලේ ලොකු ගෞරවයක්. ඒකට ස්තුතියි සිගිති..

      Delete
  29. මමනම් හිතන්නෙ මෙවගෙ හිතට බය මිනිස්සු දැන් හිගයි

    ReplyDelete
    Replies
    1. හිතට බයක් නෙමෙයි බං. යටි හිත නැගී සිට මනස වියවුල් කිරීමයි වෙන්නේ. උඹ දැකල තියේද වරදක් කරපු එකෙක්ගේ හැසීරීම්. ඒක සාමාන්‍ය විදියට වඩා වෙනස්.. ස්තුතියි මචං...

      Delete
  30. මම මේ කතාව උදේ බැලුව කමෙන්ට් කලේ නෑ කල්පනා කළා මේ ප්ලොට් එක කොයි කාලෙක හරි කොහේදී හරි මට අහුවෙලා තියෙනවද කියල ම්ම්හ් ඒ ගමන ආයෙ ඇවිත් දැන් කියෙව්වා සිරිසොමගෙයි සිරිනාථගෙයි නං දෙක තැන් කීපෙක පැටලිලා තියෙනව ඇරෙන්න වෙන හොයාගන්න දෙයක් තිබුනෙම නෑනෙ බං.
    ඉඩම් ආරවුල් වලට සහෝදරයො කෙළ ගන්න කතා අනන්ත ලියවිලා ඇති ඒත් මේ ප්ලොට් එක ඊට වෙනස්,අර ප්‍රංශ කෙටිකතාවක් තිබුනනේද බිරිඳ මරද්දී මිනිහගෙ අතේ මැණික්කටුවට ලේ බින්දුවක් විසිවෙලා ටික දවසකට පස්සෙ එතන වේදනාවක් එනව,දොස්තරලා මොන තරම් බේත් කලත් වේදනාව නැවතුනේ නෑ පස්සෙ එතන හාරල වෙදකම් කරනව හරියන්නෙ නෑ,අන්තිමේ මිනිහගෙ අත මැණික්කටුවෙන් කපල දාපුවම තමා මිනිහට සනීපයක් දැනෙන්නෙ.
    කතාවෙ නමවත් ලේඛකයගෙ නමවත් මතක නෑ ගොඩක් කාලෙකට ඉස්සරල කියවපු කතාවක්.
    අන්න ඒ කතාවෙ ඡායා මාත්‍රයක් වැදිල තියෙනවද කියල නිකමට වගේ හිතුණා.

    ReplyDelete
    Replies
    1. ඒ ප්‍රංශ කෙටි කතාව මමත් කියවලා තියෙනවා. හරිම ලස්සණ යි! ඕක තිබුණේ චන්දන මෙන්ඩිස් පරිවර්තනය කරපු ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ට කෙටි කතා පොත්වලින් එකක. හරියට ම මතක නෑ. කතාවේ නම "නොපෙනන තුවාලය" වගේ එකක්. ෂුවර් නෑ හැබැයි.

      Delete
    2. @ හැලපයියා
      ගොඩාක් ස්තුතියි විචාරයට. මම සාමාන්‍ය සිද්ධියක් මවා ගත්තා මිසක ඒ ගැන හිතුවේ නැහැ වැඩිය. මගේ අදහසට ගැලපෙන ඉඩං සිද්ධියක් හෙව්වා ඒකයි උනේ. තව හිතුවනං මීට වඩා වෙනස් සිද්ධියක් හොයාගන්න තිබ්බා. ඒත් මං හිතනවා පොදු සිද්ධියක් වෙනත් විදියකට දකින එක වඩා හොදයි කියලා.. අර නං මාරු වීම උනේ මම එක බාගයක් ඉවර කරල උදේ අනිත් කොටසට අත තිබ්බට පස්සේ තමා බං. ඇයි බං වැඩක් කරගන්න දෙනවයැ මේ ඔමා, මගියා, ප්‍රසා එහෙම.. මොන වෙලෙත් චැට චැට ගගා පස්සෙන් එනවා.. හැක් හැක්..

      අර කෙටි කතාවත් මම කියවල තියෙනවා උඹ කිව්ව වගේ මටත් ඒක ප්‍රංශද මොකක්ද කියලවත් මතක නැහැ දැං.. හුගක් වෙලාවට අපි කියවපු දේ වල් වල ආභාෂය අපි ලියන දේට කවදා හෝ ඈදෙනවා ඒ වෙලාවට තමා පුදුම හිතෙන්නේ මොකද කවදාවත් සාමාන්‍ය වෙලාවක මතක් නොවෙන් දේවල් තමා ඒ..

      ස්තුතියි හැලපස්....

      Delete
    3. @ ධාරා

      මටත් මතක නෑ හිටහං පොඩිඩක් බලල කියන්නං ඔය ගැන..

      Delete
    4. මං කියන්නම් :)

      දිස් නොවූ තුවාලය- The invisble wound - කැරොලි කිස්ෆලුඩි

      චන්දන මෙන්ඩිස් මහත්තයගෙ පරිවර්තන කෙටිකතා පොත් වල අංක් එක.. රාජ්ය සාහිත්ය සම්මාන දිනාගත්තා ඒ පොතට.. මම ආසම කතාව ඒක :)

      Delete

    5. http://maggiemcneill.files.wordpress.com/2012/04/complete-tales-and-poems-of-edgar-allen-poe.pdf

      මෙන්න ලින්ක් :)

      Delete
    6. ඒ කතාව ඉවර වෙන්නෙ මැණික් කටුව කපල නෙමේ.. ඒයා සියදිවි නසාගන්නවා..

      Delete
    7. සමියා ගොඩාක් ස්තුතියි තොරතුරු ලබා දුන්නට....

      Delete
  31. අපරාධකාරයෙක්ගේ හෘද සාක්ෂිය! කතාව ලස්සණ යි, දේශකයෝ. හැමදාමත් පවුල් අවුල් වෙලා සහෝදර බැදීම් කැඩිලා යන්න හේතු වුණ ප්‍රධාන කාරණාවක් තමයි ඔය දේපළ :(

    ReplyDelete
    Replies
    1. ඔව් බිහිසිණු අපරාධ වලට මුල ක්‍රෝධය ඉදරිසියාව හා පෙරෙතකම... ඒක ඇත්ත..

      ස්තුතියි ධාරා කතාව කියෙව්වට හා ප්‍රතිචාරයට..

      Delete
  32. නියමයි.. ටික දවසකින් කියවපු හොදම කතාව මේක කියලා අනිවා කියන්න පුළුවන්.. ඒතරම් ගති..

    හැබැයි කෝම වුනත් හෘද සාක්ෂියට ඇහුම් කන දෙන අය අද කාලේ හිඟයි කියලයි මටනම් හිතෙන්නේ..

    ReplyDelete
    Replies
    1. හෘද සාක්ෂීයට ඇහුංකං දෙන්න බැහැ බං. හෘදසාක්ෂිය අපිව මොන විදියෙන් හරි අතික්‍රමණය කල දාට අපිට සිද්ධ වෙනවා එයාට ඇහුංකං දෙන්න.. ස්තුතියි ඔබටත් හුගක්ම මේ ජාතකේ කියෙව්වට..

      Delete
  33. උඹ පරිස්සමින් ප්ලොට් එක හදාගෙන තියෙනව. කතාව බොහොම රසයි. හිමීට ආයි පාරක් කියල වෙන අදහස් ඇත්තං කියන්නන්..!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි උපේ.. මං ඒක අනිවා බලාපොරොත්තු වෙනවා...

      Delete
  34. එකකට එකක් වෙනස් පොස්ට් දාන්න ඔබ බොහොම රුසියෙක්. ටිකක් වෙලා ගියත් සේරම කියෙව්වා. රන්ඩුව නම් හරි තාත්විකයි.

    ඉඩම්වලට ලෝබ හිතුනම සහෝදරකම් අමතක වෙනවා. කොච්චර නම් උදාහරන දෙන්න පුලුවන්ද? ඔය වගේ සූක්ශ්ම විදියට ප්ලෑන් කරල මරන හැටි ගොඩක් ඉන්ග්‍රීසි ‍ෆිල්ම්ස් වල තියෙනවා. නමුත් ඔබ මිනිමරුව මගින්ම අපරාදය එලි කරනවා. කතාව ලියන්න සෑහෙන මහන්සි වෙලා තියෙන බව පේනවා.

    Edgar Allen Poe ගෙ කතා හරි රසවත්. ගොඩක් භීතිය දනවන ඒවා. පුලුවන් නම් The pit and the pendalum කියවන්න. ඒක පරිවර්තනය කරන්න මට ආසාවක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. නිල් මානෙල් අක්කා.. මම හුගක් වෙලාවට කැමති නෑ කෙටි කතාවක් උනත් එකම විදියේ දෙකක් ලියන්න.. මම කැමතියි විවිධ අදහස් එක්ක කතා කරන්න. ඒකයි ඒ. ස්තුතියි අගය කිරීමට..

      මේක කියවන්න මහ පට්ට වෙලාවක් යනවා. මම බයෙන් දැම්මේ. ඒත් මට හරි සන්තෝසයි හුගක් අය මේක කියෙව්වා කියල කියන කොට..

      කතාව ගොඩ නගන්න (හිතේ) සතියක් විතර ගියා. පැය දෙකක වගේ සෙෂන් දෙකක් ගියා කොටන්න..

      ඔය කිව්ව කතාව මං අනිවා කියවනවා. මට රාජ් සැට් එකේම පීඩීඑඨ් එක දුන්නා.. ගොඩක් ස්තුතියි..

      Delete
  35. අහා එල කතාවක් නොවෑ... හැබයි ප්‍රින්ටින් මිස්ටේක් අහු වුනා මට කවදාවත් නැතුව මුගේ බෝගෙනුත්

    අස්= ඇස් වෙන්ටෑ ඕනේ
    ප්‍රෙද්ශයක්= මේකත් වැරදියි වගේ මට හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. දෙවැනි එක නං බං ඔටෝ එන මිස්ටේක් එකක් සමහර වෙලාවට. අකුරු වල නං මිස්ටේක් ඇති. මං ඒ දෙක හදන්නං බොට තැන්කුයි.. උඹට බැරිද මගේ පෘෆ් රීඩින් වැඩේ බාරගන්න. ලොකු උදව්වක්.. හැක් හැක්..

      ස්තුතියි බොරළු..

      Delete
  36. එකපාරක් ඇවිත් කියෙව්වාට කමෙන්ට් කරන්ට බැරි උණා. දැන් ආයෙම ආවා කමෙන්ට් කරන්ට. (මූණු පොත පැත්තේ ආදර කතාවකුත් ගලා ගියානේ ) :D

    කතාව හරිම සංවේදියි. අපි කොච්චර නම් තේරුමක් නැති දේවල් අල්ලගෙන ඉන්නවද කියන එක මතක් කරලා දෙනවා මේ කතාවෙන්. මිනිස් ජීවිතයක වටිනාකම පොල් ගෙඩියක්ද? අනික තමා පාලනය කල නොහැකි තරහාව. මේක ඉතින් හැම තැනකම, අපේ ඇස් ඉස්සරහම දකින්ට තියෙනවනේ ...

    ගොඩක් ප්‍රශ්නවලට හේතුව තරහා යන එක.:(

    ReplyDelete
    Replies
    1. ආ.. ඒකට මක්ක වෙනවයි පොඩ්ඩ්.. අප්පොචිචියේ කිව්වමයි මතක් උනේ ඒ ආදර කතාව මට සම්පුරුණයෙන්ම අමතක උනා. මොකෑ උනේ ඒකට.. හැක් හැක්.

      හ්ම්.. තරහා යෑමට වඩා තරහ කාලාන්තරයක් හිතේ තද කරගෙන ඒක බද්ධවෛරයක් බවට පත් කරගත්ත අවස්ථාවක් ගැන තමා කතාවේ තියෙන්නේ. අන්න ඒක තමා අන්තිම නරක.. ඒ දේ තමා අපරාධයකට පෙළඹීම..පොඩ්ඩි අනේ තැන්කුයි මේක කියවල මක්ක හරි කිව්වට හොදෙ..

      Delete
  37. මේ කතාව සුපුරුදු තේමාවක් අමුතු මානෙකින් බලලා තියෙන්නේ . හොඳයි !!
    කතාවට අදාළ නැති උනත් ළඟකදී කනට වැටිච්ච කතා බහක දෙබසක් මේ .
    පළමුවැන්නා ; දැන් බලපන් ඔය දියුනුයි කියන රටවල එකාට එකා නෑ . සහෝදරයෝ අතරවත් බැඳීමක් නෑ .
    දෙවැන්නා ; ඒත් ඒ රටවල ඉඩකඩම් වලට එකම පවුලේ උන් උන් මරා ගන්නෙත් නෑනේ .

    ReplyDelete
    Replies
    1. අර කතා බහ නං ඇත්ත. ඇයි බං අපේ රටේ වගේ කිහිපයක් විතරක් ඔය අවුල තියෙන්න්.. මටත් ඒක හිතාග්න බෑ සමාජිය මක්කහරි එකක් එතන තියේ වගේ පරම්පරාවෙන් එන.. නැද්ද මං අහන්නේ..

      තිලකේ බොට ස්තුතියි මේ වැඩ දාහක් අස්සේ මේ ජාතකේ කියවල අදහසක් දුන්නට.. නැවත හමුවෙමු

      Delete
  38. මැරෙන මොහොත ලං වෙනකොට මිනිස්සුන්ට තමන් කරපු වැරදි පේන්න ගන්නව කියනවනෙ.

    ReplyDelete
    Replies
    1. හ්ම් එහෙම තමා.. තැන්ක්ස් කියෙව්වට මචාං....

      Delete
  39. මට මේ කථාව කියවද්දි ලගදි දවසක අපේ අම්මා කියපු කථාවක් සිහිවුනේ...අපේ නිවසෙ මේ වෙද්දි කුඩා කාලයේ ඉදලම එකට හැදෙන එක් කුස උපන් බළල් සහෝදරයො දෙන්නෙක් ඉන්නවා...ඒ දෙන්නා හරිම සමගියෙන්...එකිනෙකාට හරිම ආදරෙන් ජීවත් වෙනවලු...පිරිසිදු කරගන්න ඇග ලෙව කන කොට අනිත් කෙනත් එයාට උදව් වෙනවලු...බත් කන්නෙත් එක පිගානෙ රණ්ඩු වෙන්නෙත් නෑලු.... සත්තු අතර තියෙන එවන් උතුම් ගුණ සම හරක් මනුසත්තු ලග නෑ...

    කථාව රහයි...මට හිතාගන්න බැරි මෙච්චර දිගට ලියන්න වෙලාව හොයාගත්තෙ පොලිසියෙන්ද කියලා...අපිට ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ලියන්න එච්චර වෙලාවක් යන්නෑ බං. ඕන නං පැය තුනක් විතර යන්නැති දවස් දෙකටම.

      මිනිහාගේ විස්මිත සිත තමා බං ලෝකයේ ඉදිරිය හා විනාසය... තනියම කේක් කාලා මෙතැන එනවා සත්ගුනවත් වෙන්න නේද??

      Delete
    2. අනේ කොහෙද සුදෝ මම කේක් කෑවෙ...අපේ ඔපීසියෙ අවලං හැත්ත මට කැව්වෙම අයිසිං....

      Delete
    3. මොනවා මම දැක්ක නේ ඒ හැතිකරේ කවන ඒවා උඹ කොන්ද නමාගෙන අනුභව කරනවා බොහොම ආසාවෙන්. . හැක් හැක්..

      Delete
  40. මෙවැනි සිද්දි එදත් වුනා,අදත් වෙනවා,හෙටත් වෙයි,
    මේ විදියට කියවන අපේ රස නහර පිනා යන විදියට ලියන උඹ නම් සැබෑ දක්ෂයෙක් දේශා.
    ඒ තරමට පට්ට රසයි ලියවිල්ල.

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි කෙන්ජි මලේ...

      Delete
  41. මුල ඉදන් අගට යනකන් අකුරක් නෑර කියෙව්වා.,
    බිම් අඟලට මරාගන්න සගෝදර සහෝදරියෝ විතරක් නොවෙයි අම්මල තාත්තලා, පුතාල දූලා ඹ්න තරම් මේ රටේ ඉන්නවා,
    ඔබේ කථාවේ හැටියට සිරිනාථ මැරවරයෙකු හෝ නොසන්ඩාලයෙකු නොවෙයි. ඔහුගේ හිතේ ඇතිවන වෛරයේ බීජයට නැගී සිටීමට ජලය පොහොර සපයන්නේ අවට සමාජයම තමයි.
    අපරාධය කලාට පසු ඔහුටම එය අදහාගන්න බැරිවෙනවා...
    හැබැයි සිරිසෝම එහෙම කළා නම් කවදාවත් අහුනොවෙන්න තිබුනා..

    ReplyDelete
    Replies
    1. වෙල්කම් විදානේ.. බොහොම අගේ ඇති විචාරයක්.. හැබැයි සිරිනාථට තමන්ගේ බිරිද, එ වගේම එයාගෙම ලෝභකමත් මේකට පොහොර දැම්මා. මේ ඔක්කෝම එකතු උනාම මිනිහා වෛරයේ ප්‍රතිමුරුතියක් උනා වෙන කිසිම දෙයක් නොදකින් ගානටම. ඒක නිසා මිනිහාට මලයා ගැන තිබුනෙ අසීමිත වෛරය. හිතෙන් වෛරය අයින් කරගන්න කරපු උත්සාහය තමා ඒ. ඔබ කිව්වා වගේ සිරිසෝම මේ වැඩේ කරනාං අහු නොවෙන්න තිබුවා. මටත් ඒක දැං හිතුනා.. බොහොම ස්තුතියි කියවා අදහස් ඉදිරිපත් කිරීම ගැන..

      Delete
    2. මාත් ඒ කතාවට එකඟ යි. වටින ලියවිල්ලක් දේශකතුමා. දිග වැඩි නෑ මට නම්.

      Delete
    3. බොහොම ස්තුතියි දිලිනි.. ඔබේ අදහසටත්... හා කියවීම ගැනත් විසේස ස්තුතිය

      Delete
  42. මං එන්නම් පස්සෙ.. තව උබේ පෝස්ට් දෙකක්ම කියවන්නත් තියෙනවා එහෙමිටින්ම මේක ඇරුනම .. ටිකක් හිමින් දාපන්කො වදේ :3

    ReplyDelete
    Replies
    1. හරි හරි උඹලට මගුල් කන්න දවස් තුනක් දෙන්නං. සැමාගේ ජපන් කොඩිය අකුලගන්නකං.. හැක් හැක්..

      Delete
    2. දවස් තුනක් ඕන්නෑ ඩෝ.. ඔන්න ආවා පරන ඒවත් කියෝගෙනම

      උන් අපි එදා සත් කුළු පව් විලාසින
      පැල ඉනි වැටට ඇයි අද ඇන කොටා ගෙන

      හෘද සාක්ශියෙන් ගැලවෙන්න බෑ මොන දෙයින් ගැලවුනත් :)

      Delete
    3. හෙනං සමියා... බෝම ස්තුතියි.. බොට...

      Delete