Thursday, December 5, 2013

Nudity, Naturism (නිරුවත, ටොප්ලස් etc..)

මා සේවය කළ ස්ථානය කොළඹ අග නගරය තුල පිහිටි මහල් සතරකින් (බිම් මහලද සමග) යුත් ගොඩනැගිල්ලකි. එය නගරයේ සුප්‍රසිද්ධ අතුරු මාර්ගයකට මුහුණ ලා තිබුනි. එක එල්ලේ බැලු විට පාර අනෙත් පසින් දිස් වන්නේ සුපිරි නිවාස පේලියක් හා ජාත්‍යන්තර පාසැලකි. මාගේ කියුබිකලය හරි කෙලින්ම ඇත්තේ තට්ටු දෙකක නිවාසයක් වන අතර, එම නිවසේ විදේශික යුවලක් පදිංචිව සිටී. ඔවුන් උදෑසන පිටව ගිය පසු නැවත නිවසට පැමිණෙන්නේ හවස හය පසු වීමෙන් අනතුරුවය. එතෙක් නිවසේ වැඩ කටයුතු බලා කියා ගැනීම සදහා ලාංකික කාන්තාවක් සිටින අතර, ඔවුන් පැමිණීමෙන් පසුව මෙම කාන්තාව ඉහළ මහලේ සේවය නිමවා පහළ තට්ටුවට යනවා විය යුතුය.

ඉහත සදහන් කාරණා ටක්කෙටම දන්නා හේතුව නම් මෙම නිවසේ උඩ තට්ටුවේ විවෘත පෙදෙසක් පැවතීම හා යුවළගේ නිදන කාරමය හා ඊටම බද්ධව පවත්නා නාන කාමරයේ ජනෙල් දහවල් කාලයේ “හායි“ ගා ඇර තැබීම හෝ තිර රෙදි මෑත් කර තැබීමය. එවිට සකලමනාව රිසිසේ දිස් වේ. යුවළ සැන්දෑ වරුවේ නිවසට පැමිණෙද්දී බොහෝ විට අඩ අඳුර පවතින අතර, ඒ වන විටත් මාර්ග වල වීථි පහන් දැල්වී ඇත. නිවසට පැමිණි වහා විදුලි බල්බ දල්වා කාමරයද නානකාමරයද ඒකාලෝක කරන ඔවුන් තිර රෙදි වසා දැමිමට කිසිදු උත්සාහයක් ගන්නේ හෝ ඒ පිළිබද සැළකිල්ලක් හෝ දක්වන්නේ නැත.

දිනක් මා කියුබිකයේ සිට අනෙක් කොටසට පැමිණ බලද්දි, ඒ වේලාවේදි කාර්යාලයේ රැදි සිටී දෙතුන් දෙනෙක් ඉතා ප්‍රවේසමෙන් ජනෙල් වල වර්ටිකල් බ්ලයින්ඩ් තිර කොටස් මෑත් කර උනන්දුවෙන් යම් කිසිවක් දිහා ඇස් දල්වා සිටින බව දුටුවෙන්, ශබ්ද නෑසෙන සේ ඔවුන් සමීපයට ගොස් මේ කුමක්දැයි කියා විමසිල්ලෙන් බැලීමි. මා පැමිණි බවක් නොදන්නා මේ පිරිස අතිශය සතුටකින් යුතුව කිසිවක් නරඹන බව පෙනී ගියේය. මා ද හෙමින් සීරුවේ ඒ කුමක්දැයි බැලිමී.

විස්මයකි.. නිදන කාමරයේ සිටින පිරිමියා ඇදුම් සම්පුරුණයෙන් ගලවා සිටි අතර, කාමරය පුරා කිසිදු චකිතකින් තොරව ඔබ මොබ යමින් වෙනත් කරුණු කාරණා ඉටු කරනු කාමරයේ ඇති පැහැදිලි ආලෝකයෙන් දුටු මා එක් වරම අනෙක් පස දුටු දෙයින් කීරි ගැසී ගියෙමි. නාන කාමරයට වැදී උන් කාන්තාව (විදේශික) සම්පුරුණ නිරුවතින් ස්නානය කරනුත් ඒ අතරම, ඇදුම් ආදිය සේදීම සදහා රෙදි සෝදන මැසිමට  දමනු පවා මා දුටිමි. මේ කිසිම කරුණකදි ඔවුන් චකිතයකින් යුතුව කටයුතු කරනු මා දුටුවේ නැත. අනෙක් ප්‍රේක්ෂකයින්ට නොදැනෙන සේ කියුබිකලයට ගිය මා පසු දින මොවුන් තිදෙන ගෙන්වා ප්‍රශ්න කිරීමේදි හෙලි වුයේ විදේශික යුවල නිරුවතින් සිටිම සාමාන්‍ය දෙයක් බවත් ඔවුන් එදිනෙදා වැඩ කටයුතු එනම් දුරකතන ඇමතුම් ගැනීම, රෙදි අල්මාරි වල දැමිම, ඇදුම් මැදීම, ආදි සියළු සාමාන්‍ය ගේදොර කටයුතු නිරුවතින් සිදු කරන බවයි. මෙම සංහදිය, අහම්බෙන් දුටු අයෙක් දුන් ඔත්තුවක් නිසා දැන් මෙය සියළු දෙනා හට විවෘත වූ දිනපතා රාත්‍රි දර්ශන වාරයක් බව මා හට ප්‍රත්‍යක්ෂ විය.

ඔන්න ඕකයි කාරනේ. ඉතිං අපේ ඈයෝ උඩ පැනගෙන දැඩි කරගෙන මේ හෙළුවෙන් ඉන්න ජෝඩුව දිහා ආසාවෙන් බලා හිටියට, කාලයක් යද්දි උන්ටත් ඒක අති සාමාන්‍ය දෙයක් ගානටම දැනුන බවත්, වැඩි කල් නොයා මේ යක්කු ඒක උනන්දුවෙන් බලන එක නවත්තන හැටිත් මම දැක්කා. හැබැයි එකෙක් විතරක් සෙවල පෙරාගෙන ඕක හැමදාම බැලුවා. මේ සිද්ධියත් එක්ක මට මතක් උනා මම පොඩි කාලේ කියවපු සඟරාවක තිබුන නිරුවත් පාසලක් ගැන ඇමරිකාවේ. ඒක ඇත්තටම තිබුනද කියල මම දන්නේ නැති උනත්, මුල්ම පංතියට මුල්ම ගුරුතුමී විදියට ඇවිත් තිබුනේ පස් මස් ගැබිණියක් කියලයි ලියල තිබුනේ. ඔය වගේ කරුණු කාරණා ගැන කාලයක් තිස්සේ යම් කිසි දැනුම්වත් වීමක් තිබුන හින්දා මට මේක ඒ තරං අරුමයක් උනේ නැහැ.

අපේ සංස්කෘතිය තුලත් ටොප්ලස් ගැහැණු පුරාණ කාලේ ඉදලම හිටියා. ඇයි මතකද රට ඇරල පන ඇරල ආපු සුද්දෝ ආයි ඒ රටට ගිහිල්ල ලංකාවේ රොඩී කාන්තාවෝ ගැන පින්තූර හෙම දාල පොත් ලිව්වේ. ං හිතන්නේ ඔන්න ඕක දැකල තමා සුද්දොන්ටත් ටොප්ලස් වෙන්න ආසාව ඇති වෙන්න ඇත්තේ. ඇයි අපේ විතරද, අප්‍රිකාවේ බොහොමයක් රට වල කාන්තාවන්ගේ සාම්ප්‍රදායික ඇඳුම තාමත් ටොප්ලස් කිට් එකක්. ඒ විතරද ඈත අතිතයේ ඉදලම ඉන්දියාවේ ජුන්ඩ එළියේ දාපු ජෛනයන් හිටි බවත්, තාමත් අමු නිරුවතින් ජබොස් ගා ගංගා වතුරට පනින හින්දු පුජකයන් ඉන්න බවත් අපි දන්නව නෙව.

Nudity කියන්නේ මොකක්ද? ඒක සරලව කිව්වොත් ඉතිං ඇඳුං නැතිව ඉන්න එක තමා. හැබැයි ඕකෙත් පැති කිහිපයක් තියෙනවා අර්ධ නග්න, නිරුවස්ත්‍ර වගේ. අපි ටොප්ලස් කියන්නේ අර්ධ නග්න ස්වරුපයක් තමා. ඇත්තටම මේ නිරුවත කියන එක හා සමඟ ලිංගිකත්වය බැදුනට, ලිංගිකත්වයෙන් තොර නග්නත්වයක් පැවතිය යුතු බව අපිට දේශන පවත්වන යුරෝපීයයන්ට හිතුනේ එක්දාස් අටසිය බර ගනන් වල ඉදලමයි. හැබැයි ඔවුන් අළුත් ප්‍රවණතාවයක් විදියට ලෝකයට අරන් එන්න හදපු නග්නත්වය (ස්වාභාවිකත්වය) කියන දේ ලෝකයේ බොහෝ රටවල් හි කාලාන්තරයක් තිස්සේ තිබු සාමාන්‍ය දෙයක්. අපි දන්න විදියට ඒක තාමත් අප්‍රිකාවේ සාමාන්‍ය දෙයක්. ඇයි මෙහෙම නිදහසක් පතා යුරෝපියන් අතික්‍රමික විප්ලවයක් ආරම්භ කරේ. ඒක ගැන කියන කොට මුල්න්ම කියන්න වෙන්නේ naturism කියන සංකල්පය හරහා ලෝකය තුල නවමානයක් ඇති උනා. සාමාන්‍ය සමාජය තුල නිරුවතින් සිටිම වෙනුවෙන් නැගී සිටි කල්ලි යුරෝපය තුල බිහි වෙන්නටත් ඒ මගින් සමාජමය හා ස්වභාවිකත්වය නිරුවතට ආරෝපණය කොට එය සාමාන්‍ය දෙයක් බවට පත් කරන්නත් කටයුතු කිරීම එහි අරමුණු උනා.

ඇත්තටම දැං පවතින ක්‍රමය තුල බලන විට ඔවුන්ගේ ව්‍යායාමය සාර්ථකයි කියන්න පුළුවන්. නිර්වස්ත්‍රත්වය සමාජයේ කුලකයක් වන තරමටම සමාජය තුල ස්ථාන ගත වී වැඩි ඇති බවට ඕනැ තරම් සාක්ෂි දැන් අපි සතුව තියෙනවා. ලෝකය පුරාම බොහෝ රටවල් නිර්වස්ත්‍ර කලාප හදුන්වා දී තියෙනවා. ප්‍රංශය, ජර්මනිය, ෆින්ලන්තතය ආදි රටවල් ඒ අතරින් ප්‍රම්‍රඛ උනත් අඩු වැඩි වශයෙන් හැම රටකම පාහේ නිරුවත් ක්‍රියාකාරිකයන් සදහා වෙන් වු ස්ථාන ඇති. නිරුවත් වෙරළවල්, නිරුවත් නාන තටාක, නිරුවත් ක්‍රිඩා උත්සව, නිරුවත් උද්ඝෝෂණ ආදි එකි මෙකි නොයෙකුත් ක්‍රම මගින් නිරුවත ස්වභාවික සංසිද්ධියක් බවට පත් කරන්නට මොවුන් සමත් වී තියෙනවා. ටොප්ලස් වැල්ලවල් කොච්චර ලංකාවේ තියෙනවාද? ඒ වගේම නිරුවත ප්‍රසිද්ධියේ පෙන්වීම වැඩි පුරම තහනම් වූ දකුණු ආසියානු කලාපය තුලත් නිර්වස්ත්‍රභාවය නැමැති සංකල්පය දෙකකුලින් නැගී සිටින වග පේන්න තියෙනවා. වැඩිය ඕන නැහැ ඔය ගෝවේ බීච් එකෙත් එහෙම කලාප වෙන් කරල තියෙන්නේ.

යුරෝපය තුල වැඩි වශයෙනුත් අනෙත් රටවල් තුල සාපේක්ෂව අඩුවෙනුත් naturist family තියෙනවා. එහිදි පවුලේ සියළු දෙනාම එකතු වන තැන, උදාහරණයක් විදියට ගෙදර සියල්ලන්ම නිරුවතින් තම සාමාන්‍ය කටයුතු වල යෙදීම සිදු කරනු ලබනවා. දෙමව්පියන් එසේ සිටියදී කුඩා කල සිටම මෙම දේ වෙත හුරු වන කුඩා දරුවාද නිරන්තරයෙන්ම එය නැචුරිස්ට් ෆැමිලි එකක් බවට පත් කරනවා. ඒ විදියට මේ වගේ පවුල් කිහිපයක් එක් වෙලා පවත්වන ප්‍රිය සම්භාෂණ, බීච් පාටි ආදිය වේනම් එහිදි සියල්ලන්ම නිරුවත් වී සිටීම විශේෂයෙන් සිදු වන දෙයක්. ඇත්තටම එහි ඇති විශේෂත්වකුත් නැහැ. හැබැයි මම දකින ආකාරයට එවැනි සමාජයක් තුල ලිංගිකත්වය එහා ගිය දෙයක් පවතිනවා. එහිදි ලිංගිකත්වය තරමක් අප්‍රාණික පාණියෙක් පමණයි. ඒ අනුව ලිංගික හිංසනය, පීඩාව හෝ බලපෑම් නිරුවත් සමාජයක් තුල ප්‍රමාණාත්මකව අඩු බව කියන්න පුළුවන්.

ප්‍රාමාණිකව අපේ කාන්තාවොත් ගෙදරදි අඩ නිරුවතින් නෙව ඉන්නේ. ගෙදර ඉන්න උන්දැ උදේ සාරිය අදින්න කලින් බොඩිය විතරක් (??? නෑ නෑ යට කෑල්ල අවුලක් නෑ) ඇදගෙන අරව මේවා හොයන්න ගේ පුරාම දුවනවා මාත් දැකලා තියෙනවා. මේකේදි මතක් වෙන්නේ හුචක්කු දේශක සරත් විජේසුරිය මහත්මයාව. කොහොම උනත් සාමාන්‍යෙයන් මිනිසුන් තුල හුදකලා වීමේදි හෝ නිරුවතින් සිටීමේ ආසාවක් හෝ අත්‍යාවශතාවයක් නොමැති අවශ්‍යතාවයක් ලෙස හෝ පවතිනවා. මට මතකයි මාත් ඔය මාලිගාවත්තේ තිබ්බ අපේ ලොකු අම්මගේ ගෙදර තනියම ඉන්න දවසට ජොකා පිටින් විතරක් ටීවී බලපු, කෑම කාපු නිදාගත්තු දවස් තිබුනා. එතෙනදි මනසට පොඩි නිදහසක් නොදැනුනාමත් නෙමෙයි. ඒ වගේ අපි අතර, නිරුවත තුල ස්වාධීන වීමේ ආශාවක් හා උවමනාවක් තියෙනවා. සමහර විට පරිසරය තුල ලැබෙන නිදහසත් එක්ක නිරුවත් වීම එතරම් ප්‍රශ්නයක් නොවෙනවා වෙන්න ඇති. ඒ කියන්නේ හුදකලාව ඉන්න කෙනෙක් නිරුවතින් හෝ අඩ නිරුවතින් හිටියා කියල එතන මොන ලබ්බක්වත් නැහැනේ. ඒක එයාගේ පෞද්ගලිකත්වය හා නිදහස. මාත් කැමතියි ඒ විදියට නිදහස සමරන්න. මොකද එතනදි ලිංගිකත්වය කියන දේ යටපත් වූ නිදහස් මොනෝපොලියක් ඇති වෙනවා.  

ඉතිං හෙළුවෙන් වැනීම රාවණා කල පටන්ම සුරු වූ අපට හෙළුවෙන් සිටිම කජ්ජක්ද?

89 comments:

  1. // හැබැයි එකෙක් විතරක් සෙවල පෙරාගෙන ඕක හැමදාම බැලුවා.//
    හපොයි අපි දන්නවා මේ කවුද කියලා. :D:D

    ඔය කියන දවස්වල දේශකයට වෙන වැඩක් තිබිලා නෑනේද? පේනවනේ රහස් පරීක්ෂකයෙක් වගේ විස්තර හොයලා තියෙන හැටි.:)

    ReplyDelete
    Replies
    1. හැක් හැක්. මම නං නෙමෙයි අනේ..

      වෙන වැඩ තිබ්බත් ඕවා ගැන ඇහැගහ ගෙන නොයිද කොහොමද වැඩ කරන්නේ. හැමදේම දන්නවා කියල පෙන්නුවම වැඩේ ලේසියි... නැත්නං කරේ පොරවල්...

      Delete
    2. එ්ක තමයි පහුගිය ටිෙක් මිසින් ෙවලා හිටිෙය.

      Delete
    3. උඹ නෙමෙයි උඹේ යුනිකෝඩ් නං අද හෙළුවෙන් ඉන්නේ දවස පුරාම. මැසිම රිස්ටාට් කරල ගනිං බං

      Delete
  2. ඔන්න ඉඳලා ඉඳලා ඇවිත් දාපු එක.,පිරිමින්ගේ කාමය අවිස්සෙනවා කියලා කොටගවුම් තහනම් කරන්න දඟලන රටේ ,නිරුවත දැකීම ආස්තරියක් නොවේද දේශක තුමනි.

    ReplyDelete
    Replies
    1. ඕක බං මොන තරං පහත් මානසිකත්වයක්ද කොට ගවුම් නිසා පිරිමි ඇවිස්සෙනවයි කියන එක. තමන්ගේ වරද වහගන්න ඒක අනිත් පිට දැමිල්ලක් විතරයි. අපේ උන් කරන්නේම ඒකනේ.. හනිමුන් එකේදි පෙට්ටිය කඩන්න බැරි උනාම කෙල්ලට දෝස්මුර.. දරුවෙක් හදන්න බැරි නං කෙල්ල වඳයි.. ඔන්න ඕහොම නේ කතාව.. තනිකර බොරුව වැහිල්ලක් බං ඒක..

      Delete
  3. මිනිස්සු මිනිස්සුන්ට සමහර සීමාවන් දාගෙන ඉන්නවා. ඒ සීමාවන් මිනිස්සුන්ටම තේරුම් ගන්න බෑ. ඒ වගේම ඒ සීමාවන්ට මිනිස්සු කැමතිත් නෑ. ඒවා වෙනස් කරන්න ප්‍රබල බලපෑමක් කරන්නෙත් නෑ.
    ඒ වගේ මාතෘකා කිහිපයක් මාත් දකිනවා.
    *නිරුවත
    *එක් මිනිසෙකුට එක සහකාරියක්/සහකාරියක් නියම වීම
    වගේ දේවල්......
    හැබැයි ඔය සීමාවන් කඩකරන්න මිනිස්සුම නීත්‍යානුකූල ක්‍රම යොදාගෙන තියෙනවා.....
    *ෆැෂන් ශෝ/ මිස් වර්ල්ඩ් /රාත්‍රී සමාජ ශාලා
    *නීත්‍යානුකූල ගණිකා නිවාස
    මිනිසා යනු අරුම පුදුම සත්වයෙකි.....

    ReplyDelete
    Replies
    1. රන්දු..

      එඩිතර සහ ප්‍රාමාණාත්මකව විවාදාත්මක ප්‍රතිචාරයක්.. ඇත්ත කතා කරන්න හිත ඉදිරියට යවනවා ඔබේ අදහස... අපි බලමු අපේ මිත්තරයෝ මොනවද කියන්නේ කියලා.. ඔබේ අදහසට මම හුලක් කැමතියි..

      Delete
  4. අපිට බලෙන් අන්දපු වික්ටෝරියානු සදාචාර රෙද්ද තවම ගලවා ගන්න බැරුව දඟලනවා අපි...

    ReplyDelete
    Replies
    1. අපි සදාචාරය ඉගෙනගත්තේ ඔවුන්ගෙන් නෙමෙයි. නමුත් අපේ සදාචාරය උන්ගේ රෙද්ද අස්සේ හිරඋනා. ඒක හරි වෙනි. හැබැයි සදාචාරයත් හැමදේම වගේම සාපේක්ෂයි..

      Delete
    2. මම ලියන්න බලාගෙන ආපු එක ඔන්න වෙනී ලියල,

      Delete
    3. හරි කේස් එකනේ හැලපයියට.. හැක්

      Delete
    4. වෙනී........මම සියයට සියයක් එකඟයි. අපිට අන්දලා උන් ගලෝලා දැම්මා.

      Delete
    5. ඔව් අරූ. උං කරන්නෙම අපි ඉස්සර කරපුවමයි

      Delete
  5. ඕක මෙහෙමනෙ මලේ. ශ්‍රී ලංකාවෙ අපි, අප්‍රිකාවෙ කට්ටිය, ආසියාවෙ කට්ටිය හෙළුවෙන් හිටියම ඒක ගෝත්‍රිකයි. හම සුදු අය හෙළුවෙන් හිටියම ඒක ලේටස්ට් ෆැෂන්, මානව නිදහස, නූතනත්වය, අරවද මේවද.. කතා කෝටියයි..

    උඹ කාටවත් කියන්න එපා. මේක රහසක්. අපේ බල්ලත් හෙල්Uවෙන් ඉන්නෙ. දවසම යකෝ. දවසම.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි අයියේ.. එතන ගොත්‍රික වාදයක් නැහැ. නමුත් එතැනදි ස්වාභාවිකව මිනිසා තමන්ට හුරුපුරුදු දේ කෙරෙහි ඇති ආසක්තභාවය පෙන්නුම් කරනවා.. හැබැයි අර රැඩිකල් අදහස් වගේම මේවත් ලේටස්ට් ෆැෂන්ස් කියල හිතන එක ගැන උඹ කිව්ව එක හරි.

      මං මොකටෙයි බං කාටවත් කියන්නේ.. දැං බල්ලොන්ටත් ඇදුම් අන්දවන යුගේ නේ මේ..

      Delete
    2. ඇදුම් විතරක් නම් මැදා,කසාදත් බන්දන්නේ මලු/බැල්ලියන්ව.

      Delete
    3. හැක් හැක්.. ඒකත් අති උතුම්ම දවස් වල...

      Delete
  6. තමන්ට පහසු නං තමන් කැමති නං නිරුවතින් හිටියට අනිත් අයට තියෙන රුදාව මොකද්ද? ඔන්න ඕක යි ලංකාවේ තියෙන ලොකු ම අවුල! ‍ඕනෑවට වඩා අනිත් එකා ගැන හොයන්න යන එක!

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමා. ඕක නිකං කවදාවත් දැකල තැති දෙයක් ගානට හිතිවොත් වෙන්න ඒක තමා... නිරුවත් වීම සභ්‍ය හා අසභ්‍ය අතර දෝලනය වේ...

      Delete
  7. නිරුවතින් ඉන්න කෙනෙක් දිහා බලල ලිංගික හැඟීම් ඇතිකරගන්නෙ රෙදි ඇඳගෙන ඉන්න උංනෙ. ඌත් රෙදි ගලෝල ඉන්නවනං ඒ හැඟීම ඇතිවෙන්න විදියක් නෑ. අඩුම ගානෙ තමංගෙ ගේ අස්සෙවත් එහෙම ඉන්න මිනිස්සුන්ට අයිතියක් තියෙනවනෙ.

    'හැබැයි එකෙක් විතරක් සෙවල පෙරාගෙන ඕක හැමදාම බැලුවා.' ඒක තමයි පහුගිය දවස්වල අතුරුදං වෙලා වෙරළු මල් සුවඳ හමාගෙන කරල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසා කියන එක හරි... නිරුවතින් ඉන්න කොට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අන්න එතනදි ස්වාභාවිකවම පාලනයක් ඇති වෙනවා...

      වෙරළු මල් ඩිරින්ක් එකක් බීලා මාතලං ගාව පට්ට නොන්ඩිය නේ බං... හැක්

      Delete
  8. ane මන්ද.. මන් වුනා නම් call එකක් දීලා කියනවා.. දොර වල ජනෙල් වහගන්න කියලා// :( මොනා වුනත් මේක ලංකාවනේ// යුරෝපේ නෙවේ නේ..

    ReplyDelete
    Replies
    1. අනේ මොකටද මොනර සිතැත්ති අපි එයාලගේ නිදහසට බාධා කරන්නේ නේද???

      Delete
  9. හරි ෂෝයි නේද.. ඕක අද ඊයේ උනානම් වීඩියෝ කරලා යු ටුබ් එකෙත් දාලා..එකිනෙකාගේ කැමැත්තනේ අප්පා ,,

    ඔයා අරෙහෙම tv බැලුවා කීවම හිනා ගියා හි හි

    ReplyDelete
    Replies
    1. ෂෝයි නේන්නං. සමහර හාදයෝ වීඩියෝ කරන්න හැදුවා නං තමා... මම ඉඩ දුන්නෑ ඒවට...

      අනේ මොකටෙයි හිනා ගියේ...

      Delete
  10. කොහොමත් ඇඳුම් ඇඳගෙන හිටියත් අපේ උන් ගොඩක් ඉන්නේ හෙළුවෙන් තමයි..

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං හෙළුවන් කියන්නේ...

      Delete
  11. මම සමර් එකේ තනියම ඉන්න කාලේ හිටියේ හෙලුවෙන්මයි.

    ReplyDelete
  12. මගෙත් කැමතිම ඇඳුම තමයි නිරුවත! හොස්ටල් වල අපිට ඔය සීමා මොකිත් නෑනේ බං! ආතල් එකේ ඉන්නවා! කාමයෙන් රාගයෙන් තොර නිරුවතක් තියෙන්න පුළුවන්! අනිවාර්යෙන්ම!

    ReplyDelete
    Replies
    1. ඕ යේස් නාඩියා. මට ඒ සීන්කෝන් එක සම්පුරුණයෙන්ම අමතක උනා... කාන්තා පිරිමි කාටවත් හොස්ටල් එකේදි ඔය ඇදුං ඇදං ඉන්න එක මහ අමාරු දෙයක්...

      Delete
  13. කරන්න ෙදයක් නෑ. වික්ෙටා්රියානු සභ්‍යත්වය ඉවත් කිරීම එකවරම සිදු ෙවන්ෙන නෑ. කාලයක් යනව.

    ReplyDelete
    Replies
    1. එහෙනං ටික දවසක් බලමු නේ බං මේ ඉවසපු එකේ..

      Delete
  14. හොරු සමග හෙළුවෙන්. හි හි.

    ලිද මගේ නම් මා ලිදේ නම් කාටවත් ඇයි වේදනා.
    ඒ වගේ තමා
    ඇග මගේ නම් මන් හෙළුවෙන් නම් කාටවත් ඇයි වේදනා.

    අර සෙවල හලපු එකම එකා දේශකයම නේද?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕක නේ බොලාට මුකුත් කියන්න බැරි.. හැක් හැක්..

      ඒ උනාට ලංකාවේ පොදු ස්ථාන වල හෙළුවෙන් සිටීම තහනං

      Delete
  15. දේශ් මල්ල අරක ලුවී වැන්ඩස්ට්රාටන් අයියගේ වෙන්ඩ ඕන.ඉස්සර මම දන්නවා.එල බුවා.අගුලාන පල්ලිය ලග.බර්ගර් .
    හැම්බර්ගර් වගේ රස නංගිලත් හිටිය කියල මතකයි.

    ReplyDelete
    Replies
    1. හහ් හහ්.. හොයල බලමු කෙන්ජියෝ... තැනුක්යි

      Delete
  16. ලංකාවේ නිරුවත් වෙරළ තීරයක් පටන් ගනිමු අපි. සංචාරක කර්මාන්තෙටත් හොදයිනේ. ඔය රාජ්ලගේ පැත්තේ පටන්ගත්තනං පහසුයි. කෙළින්ම ආව මත්තලට ගියා වෙරලට.

    ReplyDelete
    Replies
    1. ඔව් හරි ආස ඇති තට්ටයා

      Delete
    2. ඇයි බන් අර කළුතර පැත්තේ හදන්න ගියේ සංචාරක අකර්සනේ වැඩි කරගන්න කියලා එතකොට අර කබර ඉහිච්ච නාකි අලියත් සිගිරියට ඔහොම වැඩක් කොරන්න ගියේ

      Delete
    3. http://lankacnews.com/english/news/nude-beach-at-the-kalido-park-in-kalutara/

      Delete
    4. @ නලියා

      මත්තල යන්න ප්ලේන් කෝ....

      Delete
    5. @ අපූර්වි
      මොකද බොල නලියා ආයේ කෝන්ඩේ ගාලාද

      Delete
    6. @ බොරලු
      තැන්කුයි දැං තමා ඒක මතක් උනේ...

      Delete
    7. නලින්,
      එකෙන්ම සප්එක දෙනව.
      //කෙළින්ම ආව මත්තලට ගියා වෙරලට.//
      ඔහෙත් පොඩි මාකටින් පාරවල් දානව නේ?

      Delete
    8. අන්න මාර්කටිං. අර ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් එන්න එපා කියල අඩන ඇඩ්වර්ටයිසින් කැම්පේන් එක වගේද නැද්ද.. වචන හතරයි වැඩේ ගොඩ

      Delete
  17. පරිණාමය වෙන්න පටන් ගත්ත දවසේ ඉදන්ම මිනිහා කියන එකා කොළ රෙද්දක් හරි එල්ලා ගත්තේ ඒ කාලේ නිදහස නැතුවද? එක්කෝ ඒ ප්‍රාථමික අවදියේම මුලින්ම ඇදුමක් අදින්න පටන් ගත්ත එකාට කණට එකක් ගහලා හෙළුවෙන් ඉන්න ඕනේ. ඒත් දැන් සභ්‍යත්වය කියන්නේ ඇදුම් ඇදගෙන ඉන්න එක කියලා සම්මත වෙලා ඉවරයි. ඒක අනිත් පැත්තට හරවන්නේ නැතුව ඉන්න එක හොදයි කියලා තමයි මට නම් හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒත් සභ්‍යත්වය කියන දේ මේකට අදාළ නැහැ.ස්වාභාවිකත්වය කියන දේ තමා අදාල වෙන්නේ පුමා... කොහොමත් එකම මතයේ මිනිස්සු කවදාවත් හිටියේ නැහැනේ.. ඒ නිසා විවිධ මත ඇති වෙනවා වළකවන්න අමාරුයි

      Delete
  18. දවස පුරාම කලිසං කමිස ටයි සපත්තු මේස් අරකද මේකද පොරවාගෙන ඉඳලා හවසට ලෙහා දාලා ඉන්න එකේ ආතල් එක දන්නේ කීයෙන් කීදෙනාද! අනික අපේ වගේ රටක...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.. වෙලාවට අපි සරං ගහන්නේ.. මාර කූල් බං මම ඒ දවස් වල හැන්දැවට සරම ගහගෙන බීච් එකට යනවා මල්ලිට හුලං ගහන්න

      Delete
  19. ඇඳුම් සහිත සමාජයක හෙළුවෙන් සිටීම මෙන්ම හෙළුවෙන් ඉන්න සමාජයක් ඇතුලට ඇඳුමක් සහිතව යන එක ලැජ්ජාවක්. කටුබැද්ද පොට් එකේ හොස්ටල් ඉන්න කලේ නම් නිරුවත සාමාන්‍ය දෙයක්. බැඳපු අලුත දරුවෝ එන්න කලින් මමයි හාමිනෙයි විතරක් ගෙදර හිටිය දවස් වල අපිත් ඔහොම නිදහසේ හිටියා.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් විශ්ව... ඇත්ත.. ඒ දෙපැත්තටම ඔබ කියන දේ හරි. නිරුවතින් ඉන්න එක හරිම නිදහස් දෙයක් නේද??

      Delete
  20. මේකාත් දකින ඒවා හැබෑට..

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. අපිට ඉතිං මේවා තමා පේන්නේ

      Delete
  21. The Little Girl at the Window.;හරි පුදුම ඉස්කෝලේ පොතෙත් තියනවා නේ principal නිරුවතින් ළමයි හැමෝම ඉස්කෝලේ ස්විමින් පුල් එකට බහින්න පුරුදු කරා කියල අබාධිත ළමයි වගේ ශරීරෙ වෙනස්කම් තියන අයගේ හිනමානේ නැති කරලා හැම ළමයෙක්ටම හැමෝම එක වගේ කියල හිතන්න පුරුදු කරන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විස්තරේට... මාත් ඒ පොත කියෙව්වා.. සමානාත්මතාව ඇති කරන්න සමාජය තුල හොද උත්සාහයක් ගන්න පුළුවන් බව පෙන්නුවා ඒකෙන්..

      Delete
  22. කුතුහලයක් ඇතිවෙන්නේ වහලා තියෙනකොටනේ.වහලා තියෙන දේවල් බලන්න කට්ටිය වැඩිපුර කැමති ඒකනේ...ඇරලා තියෙන එකක මොකක් කියලා බලන්නද අමුතුවෙන්.......?

    ReplyDelete
    Replies
    1. වෙල්කම් මචෝ... සහතික ඇත්ත.. චුට්ටක් ඇරිල තියෙනවා දැක්කම එන හැගීම ඔක්කෝම ඇරල තිබ්බම එන්නේ නැහැ තමා...

      Delete
  23. කියුබිකලය මේ මොකක්ද බන් හැමදාම වගේ අදත් එකක් දාලා

    හෙළුවෙන් වැනීම= හෙළ බසට හරවනවා කියන එක නේද

    එහෙනං මේක බලන්න තමයි මු අතුරුදහන් වෙලා හිටියේ

    ReplyDelete
    Replies
    1. Cubicle කියන එකේ සිංහල වචනය බං. හුගක් තැන් වල ඒක බාවිතා කරනවා..
      හෙළුවෙන් වැනීම ඒක තමා..
      හැක් හැක්

      Delete
  24. ඕක ලංකාවෙත් සිද්ධවෙයි. හැබැයි තව කල් යයි. ඔය හැම දේම යන්නේ චක්‍රයකනේ.... සීගිරි ලලනාවො වගේ කට්ටිය ඉඳියි ලංකාවෙත්. අපි ඉඳියිද දන්නෙ නෑ හැබැයි....

    ReplyDelete
    Replies
    1. යර්ස් තිසර.. ඒකත් වෙන්න පුළුවන් උපරිම සම්භාවිතාව තියෙනවා...

      Delete
  25. ඔය කියන විදේශික යුවලට ගෙදරට අදින්න ඇඳුම් ගන්න සල්ලි නැතිව ඇති ... පවු අප්පා.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං.. මම කල්පනා කරේ අයිලාස් කැමරාව මානගෙන එතැන හිටියනං හෙම කියලා...

      Delete
  26. දැන් ඇත්තටම දේශකතුමා එක දවසකට වඩා බැලුවෙම නැද්ද?අනිත් එවුන් ටික බලල ඉවර උනාට පස්සෙ හෙමීට ගිහින් බැලුව නේද?කෝ බලන්න මූණ..

    ReplyDelete
    Replies
    1. නෑ බං බැලුවෙම නැහැ එහෙම උවමනාවක් තිබ්බේ නෑ..

      Delete
  27. ඔය ඇදුම් හොයාගත්ත එකා තමයි මේ හැමදේටම වගකියන්න ඕනි

    ReplyDelete
    Replies
    1. හොක් හොක්.. සමියෝ...

      Delete
    2. සමියාගේ කතාවට මාත් එකගයි ඌ ඇදුම් හොයාගත්තෙ නැත්තන් නිරුවත කියන්නෙ සාමාන්‍ය දෙයක් බවට පත්වෙනවනෙ :D

      Delete
    3. දෙවියන්නාන්සේ අපිව මවන්නෙ නැතිව හිටියනං අහවරයි නේ

      Delete
  28. පොඩ්ඩි කියල තියන එක හරිද මන්දා :D

    ReplyDelete
    Replies
    1. ඔය පොඩ්ඩි ඉන්නව නෙද කියන්නෙම පච...

      Delete
  29. මම අද තමයි ඔබ තුමාගේ දේශනයකට ආවේ. හරිම රසවත්. නැවත එන්නම්. ඔබට ජය!!

    ReplyDelete
    Replies
    1. වෙල්කම් මචං.. ආයේ එන්න!!!

      Delete
  30. වැඩිදෙනෙකුට හිතිච්ච ඇත්ත සිද්ධිය මටත් හිතුනා. අර ‘එකා‘ දේශකායම තමයි කියලා.. :)
    මාතලන්ගෙ කමෙන්ට් අතරෙ වෙච්ච සිද්ධියත් දැක්ක නිසා වැඩේ තහවුරුයි..

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි ඒ මොකක්ද බං සිඟිතියෝ.. මම දන්නෑනේ..

      Delete
    2. ඇයි අර වෙරළු මල් ඩ්‍රින්ක් එක... :)

      Delete
    3. හාපෝ බං කෑවයින් කෑවේ නෑ ඒ වගේ පරිප්පුවක් නං.. හැබෑමයි..

      Delete
  31. රෙදි නැතිව ඉන්න එකනම් නිදහස් තමයි....හැබැයි පාත්වෙලා ආපහු නැගිටිනකොට ඇට දෙක කකුල් දෙක අස්සේ හිරවෙනකොට තමයි මල පනින්නේ......

    ReplyDelete
    Replies
    1. ඒකට විකල්පයක් නැද්ද ඇත්තට අරූ???

      Delete
  32. ඔය මොන රෙද්දක්වත් හොයාගන්නෙ නැතුව හිටියනං දේශකයත් පාඩුවෙ ඉන්න එකෙක්...

    ඒක උන්ගෙ කැමැත්ත. සංස්කෘතියට එකතු වෙච්ච දෙයක්. ඕක දන්න මිනිහ විතරයි ඒ ගැන වැඩිය හිතන්න යන්නැත්තෙ. අපි අපේ සංස්කෘතිය රැකගත්තනං ඒ ඇති...

    නියම විස්තර ටිකක් තියෙනව.

    ReplyDelete
    Replies
    1. හැබෑටම එහෙනං රෙදි නෑ. හැක් හැක්..

      හැබැයි එකක් හැමෝටම තමන්ට හිතෙන කැමති දේ කරන්න බෑ මොකද එක එක රටවල් වල නීති වෙනස්.. ටොප්ලස් බීච් තිබ්බට අනිත් තැන්වල ටොප්ලස් ඉන්න බෑ වෙග් නීතී තියෙනවා..

      Delete
  33. ලිපියෙ කරුණු එක්ක සෑහෙන එකඟයි.ජොකා පිටින් ගෙයි විතරක් නෙමේ අමුඩෙ ගහන් දවසම වැඩ කරන අයත් අපේ ගම් වල “හිටි“ බව අමතක නැහැ නේද.දැන්නම් කුඹරට බහින්නේ ෂෝට ඇදල. කසාද බැදපු උදවිය වත් එකිනෙකාගේ නිරුවත (සම්පූර්ණ) නොදැකපු අය ලංකාවේ බහුලයි.

    ReplyDelete
    Replies
    1. සොසීගේ පැමිණීම ගැන සතුටුයි.. ඒ කාලේ ඒවා අපිට කොයි තරං සාමාන්‍යද? මහ කළු ගොවියෝ අමුඩේ පිටින් උදැල්ල කරේ තියාගෙන කිසිම ගානක් නැතිව බුලත් හපේ හප කරගෙන පාරේ හෙමින් යනවා. කව්ද ඒ ගැන බැලුවේ.. දැං ලමයි අමුඩේ දන්නෙත් නැහැ. පොඩි එකාට අමුඩේ පෙන්නන්න කුඹුරකට ගියාම ඔබ කිව්ව වගේ ෂෝට් ගහගෙන වැඩ කරන උන්දැල තමා හිටියේ. ස්තුතියි අදහසට..

      Delete
  34. ඇදුම් තද කරන් ඉන්නවට වඩා ගෙදර ඇවිත් ඇදුම් බුරුල් කරන එක තමා සැපත ..... ඉතින්, මේක සාමාන්‍ය සිද්දියක්.කවුරුත් නොකීවට.

    ReplyDelete
    Replies
    1. කව්රුත් කැමතියි. ඒත් මොකක්ද බාධාවක්..

      Delete