කව්රුවත් දැන නොගත්තට මාත් එක්තරා ජාතියක අමනුස්සයෙක් තමා. මට ඕන මම අමනුස්සයෙක් නොවෙයි කියල හැමෝටම පෙන්නන්න. ඒක කරන්නත් ඉතිං එක එක නූල් සුත්තර කරන්න එපායැ. වෙලාවකට රකුසෙක් වගේ බකුසු මූණ දාගෙන ඉන්න මං, මගේ පාරිශුද්ධිය බල්ලට දාලා මගේ සුඛවිහරණය උදෙසා හැමදේම සැනෙකින් වෙනස් කරගන්නවා. මටම හිතාගන්න බෑ ඇයි මම එහෙම කරන්නේ කියලා. වෙලාවකට හිතේ ඇති වන කෝපය දෙගොඩතලා යන ගඟක් වගේ හැම ඉවුරක්ම කඩාබිද දාගෙන තණබිම් යටකරගෙන ගලා ගෙන යන්නේ අසීමාන්තික කෝපය මේක තමා කියල පෙන්නගෙනමයි. ඒත් ඒ කෝපයම හරියට මීපැටියෙක් කීං කීං ගානවා වගේ හිත ඇතුලෙම හැංගිල යනවා අන්න අර වගේ වෙලාවට. ඒ මොන වෙලාවටද කියල ඉතිං කියන්න ඕන නැහැනේ.. මට අවුලක් වෙනවා නං මම හැමදේම වෙනස් කරගන්නවා. ඔව් මට ඕන විදියට. ඇයි අවුල්ද?? හැක්..
කාලයක් තිබුනා මට තරහ පාලනය කරගන්න බොහොම අසීරු දුෂ්කර වකවානුවක්.. හොස්ස ළගින් මැස්ස යන්න බැරිය කියන්නේ එහෙම උනාම තමා. ඒ වෙලාවට කරන කියන දේවල් හරියට දේව කෝපයක් වගේ. සමහර වෙලාවට ඒ කෝප හැගීම එක විනාඩියක් තිබිලා නිවිලා යන්න පුළුවන්, එහෙම නැත්නං විනාඩි දෙකක්, පැයක්, දවසක්, මාසයක්, අවුරුද්දක් නැත්නං ජීවිත කාලයක්ම උනත් නොනීමී පවතින්නත් පුළුවන්. මගේ ජීවිතේ ගැන මට තියෙන්නේ අන්න ඒ වගේ ජීවිත කාලෙම නොනීමී යන කෝපයක්. ඒ කෝපය මාව පිස්සෙක් කරනවට වඩා මාව පාර හතර වටේ ගෙනියන්නයි බලන්නේ. හෙනහුරා ගැහුව වගේ අත තියන තියන තැන, පය ගහන ගහන තැන මස්තබාල්දුයි. මොන විදියෙන් වත් ගැලවිල්ලක් නැති උනාම නිම්හිම් නැති කෝපය කියල අමුතු එකකුත් මට හැදෙනවා. ඒ වෙලාවට හරිය හරිකේන් එකක් වගේ හිත. වටේ පිටේ තියෙන ඔක්කෝම සුන්නත්දූලි වෙලා ඇඹරිලා තොලොංචි වෙලාම යන්න කියල ඇරල දාන්නත් හිතෙනවා. ඒ වෙලාවට මගේ මුණ, සරීරය ඔක්කෝම කුනාටුවක් වගේ.. මැස්සා ළගින් ගියත් ඌට බඩු.
හිටි ගමන් වැඩ කරන වෙලාවට මොකක් හරි වැරදුනාමත් එනවා ක්ෂණික කෝපයක්. ඒ වෙලාවට ඔපීසියේ බෙල් එක ගහන විදියෙන්ම කොල්ලෝ දන්නවා මේ හම්පඩයට තද වෙලා තමා ඉන්නේ නහුතෙට කියලා. උන්ට ඕවා තේරෙන එකක් යැ අපි ලොක්කන්ගේ රැස්පොට් බලන්න ඕන මොකක් හරි වැරදුනාම. ඒ හාදයෝ වැරදිච්ච වැඩේට පළු යන්න බනින කොට මට ඉතිං අරුන් මරං කන්න තමා හිතෙන්නේ. ඇයි දෙයියනේ උන්ගේ වරදටත් මගෙයි පළු යවන්නේ.
ඉතිං උඩින් ආපු කෝප බෝලේ යවන්නත් තැනක් තියෙන්න එපාය. ඒකට තෝතැන්න තමා ඔපීසියේ කොල්ලෝ ටික. පව් ඉතිං උන් මැරීගෙන වැඩ කරත් එකක් වැරදුනාම ඔක්කෝම වැරදුනා හා සමානයි. ඔක්කෝම හොද ටික බල්ලට දාලා වගේ තමා කතාව මෙයාගේ. ඉතිං ඒක අනිත් පැත්තටත් එහෙමම තමා. මට උඩින් ඉන්න එවුනුත් මම කරපු ඔක්කෝම හොද වැඩ ටික නිකං හෝදල දැම්ම වගේ තමා අර වැරදිච්ච වැඩේ ගැන දෙස් දෙවොල් තියන්නේ.
කතාවක් අහල තියෙනවා නෙහ්. පොලිසියේ අයිජී දීපු ඕඩර් එක අන්තිමට ඇවිල්ල නවතින්නේ ග්රාමාරක්ෂකයා ගාවෙයි කියල. මොකද අන්තිමට බැනුං අහන්න හරි ඒක කරන්න ඉන්නේ ඌ විතරයි. කරපු වැඩේ නරක නං අන්තිමට අයිජී පළු යන්න බනින එක, පඩි පෙල් දිගේ පල්ලෙහාට ඇවිත් ග්රාමාරක්ෂකයගේ බෙල්ලට තොන්ඩුව දාලා තම නවතින්නේ. ඊට පස්සේ හැමෝම සන්තෝසෙන් අත් දෙක පිහිදගෙන ඊළග කැපිල්ලට සූදානං වෙනවා. ඔන්න ඕකයි කියන්නේ කෝපය නවතින්නේ අපි හිතන තැන නෙමෙයි කියලා.
එක වතාවක් මට ඇති වෙචිචි අසීමිත කෝපයක් නිසා මට සිද්ධ උනා මට හිමිවෙලා තිබ්බ සෙල්ෆෝන් දෙකම පොළවේ ගහල කුඩු කරන්න. ඒක කුඩු වෙනකං අර කෝපය කියන එක වේව්ල වෙව්ල හිටියා. හැබැයි පටාස් ගාලා ඒ දෙකේ කෑලි හතර අතේ විසිරුනා වගේම එකත් යන්න ගියා. මම තත්පර ගානක් බලන් හිටියා මොකක්ද උනේ කියලා. සමහර වෙලාවට මං මගේ හිත රවටගත්තද මන්දා “අයියො මේ මොකක්ද කරේ“ කියලා. ඒත් ඉතිං මම දන්නවා මට කෝපය යවාගන්න ඒක කරන්න උනා කියලා. ඒත් පිළිගන්න කැමති නැහැ. ඔව් මං එයාගේ ගැටේට හව් උනා..
ඔන්න ඔය වගේ කෝපය කියන්නේ තමන්ගේ රෙද්දටම කෙලවෙන වැඩක්. සමහර විට අපි නොදැනුවත්වම විනාසය කරා යන මාවතක්. ඒ යන මාවතේ අපේ ඇස් අන්ධ වෙනවා, පේන්නෙම පුපුරල විනාස වෙච්චි දේවල් විතරයි. ඉතිං කොහේද කෝපය පුපුරන්න ඉඩක්. ඉතිං ඒක පුපුරනකම්ම ඉබාගාතේ ඇවිදින්න වෙනවා. මං කෝපය හේතුවෙන් විදවපු වාර අනන්තයි. ඒත් ඒක තේරුම් යනකොට මිනිහා මාව දාලා ගිහිල්ල මා දිහා බලාගෙන විරිත්තං ඉන්නවා කියල හිතෙන කොට අම්මප ඒකා දෙකට ගැලවෙන්න ගහන්න තරං ඉවසුම් නැති කෝපයක් ඇති වෙනවා.
හා හා ඇති ඇති.. මම මේ කියන්න ගියෙ මේ දවස් වල මගේ සෙම් කෝප වෙලයි කියල නෙහ්. ඒකෙන් මේකෙන් හරියට කට ඇරල කතා කරගන්නවත් බැහැ. මගේ ලස්සන මූණ ටිකක් ඉදිමිලා වගේ. බෙල්ල වටේම එල්ඊඩී බල්බ් ඇතුලෙන් හයිකරල වගේ සෙං ගෙඩි. නලල පුරාම රිදුම් දෙනවා. ඒ මදිවට පැරසිටමෝල් වලට එළව එළව පහර දෙන හිසේ ඇම්ම. කියල වැඩක් නැහැ එක්කෝ බේතක් ගන්න ඕන නැත්නං තොලොංචි වෙලා යන්න ඕන.. ඕන එකක්. අදම කරනවා.. හැක් හැක්..
මටත් ඔය තදවෙන සීන් එක තිබුන කාලයක්.දැන්නම් ඒක අඩුවෙලා.ෆෝන් එහෙකුත් නැති උනාට පස්සෙ දැන් සනීපයි. . .හෙහ් හෙහ්
ReplyDeleteමටත් දැං ඒ ලෙඩ නං සනීපයි බං.. පාඩුව මටම නේ...
Deleteඇයි යකෝ ඕව වැඩි වෙනකම් ඉන්නේ?
ReplyDeleteඅගේ වෙනසක් ඇතිවෙද්දීම ඩොකෙක් ලගට නොයා.
ඉස්සර වගේ නෙමේ දැන්.
මොන රෙද්දේ අත් බෙහෙත් කලත්,විදවල ඩොකා ලගට ගිහිල්ලයි නවතින්නේ.
දැන් අපේ ශරිරවල් ඇන්ටිබයෝටික් ගිලින්නේ නැතිව සුව නොවෙන තැනට ඇවිල්ල.
මේ කෙන්ජයියේ උඹලා දෙන්නගේ වලිය ඉවරද දැන් ..?
Deleteඌ මට නොවැන්ද විතරයි බං ගහන්න එපා කියලා.. හැක් හැක්...
Deleteසෙම උගුරේ හිර වෙන්න දුන්නේ ඉවාන් මල්ලි.
Deleteමම මිසයිල පාරක් ගහන්න සෙම එකතු කරන අතරේ මේකා පැනල දිව්ව නේ මලේ..
Delete'හෙනහුරා ගැහුව වගේ අත තියන තියන තැන, පය ගහන ගහන තැන මස්තබාල්දුයි.' දැං කියලත් වෙනසක් නෑ බොල. :D
ReplyDeleteඋඹ ආයෙ සෙල්ෆෝන් පොලේ ගහනවනං කියහං. මොකක්හරි කරල බේරගන්න බලන්න එකක්වත්.
සෙමනං ඉතිං කොහෙන්හරි යවන්න ඕන තමයි.
හපොයි දැනුත් මස්තබාල්දුයි තමා ඒක ඇත්ත. මේ කල්යිමේට් එකේ අවුලක් බං.. සෙං කෝප උත්සන්න වෙන්නේ
Deleteඑකසැරයක් මාත් ෆෝන් එකක් නං ගැහුව පොලවෙ. වැඩිය වටිනාකමක් නැතිවුනත් පස්සෙ ගොංකම මතක් වෙද්දි නං හරිම මෙව්ව එකයි.
ReplyDeleteසෙංකෝප්පෙට නං ප්‍රතිකාරයක් මතක් වෙන්නෙ නෑ.
ඒ තත්පරේ (පොලවේ ගහන) ගෙවාගන්න හරි විදිය හොයාගන්න බැරි උනාම ඊළග තත්පරේ විදවන විදවිල්ල කියල වැඩක් නැහැ බං..
Deleteකටු පිටින් කොහිල අල ටිකක් කෑවා නම් ඕක හරියනවා
ReplyDeleteමේක තමයි හරියන බෙහෙත.
Deleteඈ යකෝ උඹ හදන්නේ මාව මරන්නද?? හැක්..
Delete@ අයිලා
Deleteඋඹ ගැන ඉතිං මට දුකායි.. හැක්...
අයියෝ ෆෝන් 2 අපාරදේ :D
ReplyDeleteඉක්මන් සුවය පාර්තනා කරනව දේශකයෝ... :)
ස්තුතියි සසිදුවෝ.. දැං හුගක් හොදායි මට...
Deleteමනස නිරවුල් නැතුව උඹ දවසට එක ගානෙ පෝස්ට් දානව නං නිරවුල්ව තිබ්බ නං කොච්චර දාවිද කියලයි මම කල්පනා කොලේ.
ReplyDeleteහැක් හැක් අයියට සුරංගනා කතාවක් දෙන්නෙයි...
Deleteදැන් කියලා මොකක්ද වෙනස? ඔය පෙනෙන්නේ නැතෑ සමහර තැන්වල දාලා තියන පෝරිසාද කමෙන්ට්.
ReplyDeleteඔන්න ඉතිං මාව අවුස්සගන්න හදන්නේ මේ විචාරක මාමා.. හැබෑට ඒක ඇත්ත.. සමහර වෙලාවට හිතෙනවා තමා මං දාන සමහර ඒවා පෝරිසාද වගේ තමා කියලා. ඒත් හිතට ආවම ඒ සැනින් කොටනවා ඇර වෙන දෙයක් නැහැ. ස්තුතියි ඒ ගැන මට සිතා බලන්න ඉගියක් ලැබුනේ...
Deleteඅනිත් අයට කේන්තිය 0% තියෙනකොටත් මෙයාගේ කේන්තිය 50% විතර තියෙන්නෙ... අපි නොදන්නවයි... හි හි...
ReplyDeleteඔය බඩු පොලේ ගහන එක ජාන වලින් එක කේස් එකක් මං හිතන්නෙ.. මටත් තියෙනවනෙ.. දෙතුන් පාරක්ම ෆොන් එක පොලේ ගැහුවා... හොඳ වෙලාවට ඒවා නොකියා ඔය ගලේ ගැහුවත් ඔරොත්තු දෙන ජාතියෙ ෆොන්.. පොලේ ගැහුවට ඊට පස්සෙ කඳුලු පෙර පෙර ඕකෙ කෑලි එකතු කරන එක තමයි මගේ තියෙන ලෙඩේ... එක පාරක් බාත්රෑම් එකේදි ෆොන් එක පොලේ ගැහුව... කෑලි ටික හේදිලා ඉවරයි මං එකතු කරගන්නකොට... ඒත් ඒ මඟුල කෑලි ටික හයි කරාම ආයිත් වැඩ කරන්න ගත්තනෙ... හි හි
අර ප්‍රතිශත ගාන බොට වැරදිලා හරිද???
Deleteමටත් එහෙම තමා බං.. “ඇයි මං ඒක කලේ“ කියල අන්තිමට විස්සෝප වෙන එක විතරයි ඉතුරු...
මම ළඟ හිටියනම් අම්මපා උඹව උස්සලා ගහනවා පොළොවේ...:D
ReplyDeleteඅයියා එහෙමවත් මා මරා දාන්න.. මරා දාන්න... හැක්...
Deleteහරියටම හරි...
ReplyDeleteමෙහෙත් ඔය සෙතේමයි.. ලොක්කගේ කේන්තිය නතර වෙන්නේ සොක්කා ගාවිං !
හැම ලොක්කම එහෙම තමා බං.. ගැලවිජ්ජාව විතරයි වැඩ...
Deleteඅපේ දේශක තුමාගේ කෝපය හා සෙම් කෝපය යන දෙකම නිවාරණය වේවායි පතමි!!!
ReplyDeleteගුණයෝ කෝපය නං නිවාරණයි.. සෙං කෝපයත් ඔන්න මෙන්න නිවාරණයට.. තැන්කුයි..
Deleteඅනේ මට නම් තරහා යන්නෙම නෑ...ඕනිම කෙනෙක්ගෙන අහලා බලන්ට. :D:D
ReplyDeleteකෝ පොඩ්ඩිගේ අහවලා ඉස්සරහට එන්න.... ඇවිත් කියන්න.. පොඩ්ඩි මේ කියන දේ ඇත්තද කියලා !!
Deleteකෝ... ඉතිං හැංගෙන්ඩ එපා... !! :)
හොඳ උල් සපත්තුවක් දාලා කකුල පෑගුවහම ඕනේම මෛත්‍රියක් පරාදයි කියලා කියන්නෙ...
Deleteතිසරගෙන් අපි කවදත් බලාපොරොත්තු වෙන්නේ සුසමාදර්ශී කමෙන්ටුවක්නෙ
Delete@ පොඩ්ඩි
Deleteකව්ද ඉතිං ඕවා අහන්න ඉන්න නොසන්ඩාලයා.. හැක්...
@ මධු
Deleteකයිය ගැහුවට අහවල දෙපැත්තේ ඩ්රැකියුලා දත් දෙක විලිස්සුවම මේකි පරාන බයයි..
@ තිසර
Deleteඋල් සපත්තු මතක් කරන්න එපා බං..මගේ කකුලේ චුටි ඇගිල්ල කෑව එකියක් දවසක්...
@ ඇනෝ මිත්තරයා
Deleteඋඹ කිව්වා හරි තමා...
දැන් මේක කියවලා අපිත් කේන්ති ගන්නද?
ReplyDeleteමටත් සනීප නෑ බොල දැන් සති තුනක වගේ ඉදං. අද උදෙත් බඩින් ගෑණි වගේ දෙපාරක්ම වමනෙ දැම්මා.
බොට ඉක්මන් සුවය පතනවා දේශො.
ඇයි බං බොටත් සෙමද??? මටත් ඔය වමනේ සීන් එක එනවා සෙම පිට නොකරොත්.. දැං හොදයි බං මට... (උඹලගේ පිහිටෙන්)
Deleteඇයි බන් මේ පොලවේ ගහන වැඩේට ෆෝන් එකම අහුවෙන්නේ...ඇහැට දාන කන්නාඩිය කොච්චර අතේ තිබුනත් පොලේ ගහපු එකෙක් මට කියහන්.
ReplyDeleteමම ඉස්සර දවසක් අතුරුගිරියේ පොලිසියට ගියා ඇන්ට්‍රියක් දාන්න...මම කිව්ව ආපු කාරනාව රාලහාමිට මූ මට බැන්නා බැනිල්ලක්. යනවා ඕයි යන්න රෙද්ද..පැමිනිලි දාන්න එනවා..යනවා..යනවා......
පස්සේ බැලින්නම් ඌට අයිපී බැනලා මොකක්ද වාත කෝල් එකක් අයිපීට දැම්මා කියලා.
හැක් හැක්.. අන්න නියම පඩිපෙල දිගේ බලය ගලන හැටි... හැබෑට මාත් එහෙම නං කරල නැහැ තමා හොයන්නෙම පෝන් එක. හැක්..
Deleteඅයියෝ සල්ලි............
ReplyDeleteසනීප වෙන්ටකො ඉක්මනට
සල්ලි එපා දැං සනීපයි රෙහානි..
Deleteමලපැනල මොකක් හරි කලොත් නම් ඉතින් මරි මොඩ වැඩක්ම තමයි.සෙමනම් ගොයියෙ දුම ඇල්ලිල්ලයි උනු වතුරයි තමයි හොදම.
ReplyDeleteදුං ඇල්ලුවා.. උණු වතුර බීවා. දැං හොදයි. ඇත්ත.. කෝපය කියන්නේ එක්තරා භයානක මෝඩ කමක්...
Deleteමාත් මාර නපුරුයි.. කුකුල් කේන්ති කාරයෙක්. මට මාවවත් ඇතැම් වෙලාවල් වලදී පාලනය කර ගන්න බෑ. හොඳම යහළුවට පවා අත උස්සපු වෙලාවල් බොහෝ තියෙනවා. දැන් දැන් ඒ දේවල් කාලයත් එක්ක පාලනය වෙනවා.
ReplyDeleteහැමදේටම තරහා ගන්න මිනිහෙක් නොවන නිසා සාදාරනීකරණය වෙන්න පුළුවන් මටම. :D
ඔබතුමා වගේමයි. :3
කාලයත් එක්ක අපි හැමදෙයින්ම සීසන් වෙනවා ඒක හරියට අහු උනොත් ඔය කෝපය පාලනය කරගන්න පුළුවන්.. දැං මම බලහං වලියක් දැක්කොත් රෙද්ද උස්සන් දුවන්නේ බේරෙන්න.
Deleteඔය කේන්ති ගියාම පොලොවෙ ගහන්න පුලුවන් ගඩොල් කැටයක් හදල තියෙනවලු. ඒකෙන් TV එකට ගැහැව්වත් මක්කවත් වෙන්නෙ නෑලු. ලංකාවෙනම් මාරෙට විකිනෙයි නේද?
ReplyDeleteඒක හෙන මාර්කට් වේවි.. නෝනලට.. නැද්ද තිලකේ..
Deleteබ්‍රැන්ඩි කෝප්පයක් මීපැණි ටිකක් දාල ගැහුවනං සෙං කෝපෙ සුටුස් ගාලා අහවරයි!
ReplyDeleteමී පැණි නැතුව උනත් වරදක් නැහැ.
Delete@ කැන්ඩියන්
Deleteමීපැණි, බ්‍රැන්ඩි දිව්‍ය බෝජන බං... අපිට ඒවා අකැපයි
@ අරූ
Deleteඅනේ අම්මප මීපැනි නැතිව හරි අරෙන් ටිකක් දෙන්න එකෙක් නැහැනේ...
මටත් මේ දවස්වල හොදටම සෙම වැඩිවෙලා බං , මැරෙන්ඩ හිතෙනවා . සෙම වැඩි උනහම ඇගට දැනෙන අපහසුවනං කියලා නිම කරන්ඩ බැ
ReplyDeleteසීයක් දාගනින් නිට්ටාවටම සුවයි
Deleteඋඹ මැරියන් බං අපිත් නිදහස් එතකොට.. යකෝ සෙම තියෙන දවස් වල අර වැල්ල දිගේ සිකැරට් උරන එක හොදද??
Delete@ හැලපයියා
Deleteඋඹ විහිළු කරනවද.. සීයක් කියන්නේ ගගට දාපු පොල්ලෙල්ලක් තරමයැ..
විහිලුවට නොවෙයි,
ReplyDeleteරතු මස් ටිකක් අනුභව කර බලන්න
ඒක මාත් අහල තියෙනවා දයල්.. මේ දවස් වල රතු තියා කුනු මස් වත් කන්න පයිස නැහැ.. හැක්..
Deleteඉස්සර ජාතික රූපවාහිනියේ වැඩසටහන් අතර ගැප් එක වහන්න දානව ඔය වගේ පාඨ.. මට මතකයි එකක් තිබ්බා.. "කෝපය මෝඩකමින් පටන්ගෙන පසුතැවීමෙන් අවසන් වේ" කියලා එකක්... ඕක ස්ක්‍රීන් එකේ තියනව සෑහෙන වෙලාවක්... මල පනිනවා කියන්නෙ...
ReplyDeleteඅපසාදේ ඒ බැනර් එක දාපු එකාගේ අම්මට නිවනක් නැතිව ඇති..
Deleteමට නං කේන්ති යනවා අඩු යි. කේන්ති ගියත් ඉක්මනින් ම යථා තත්ත්වෙට පත් වෙනවා. ඇත්ත ම කිව්වොත් මම බය යි කේන්ති යනවට. ඒ නිසා පුළුවන් තරම් කේන්ති ගන්නේ නැතු ව ඉන්න යි බලන්නේ. මටත් මේ දවස් ටිකේ සෙම වැඩි වෙලා. මම හිතන්නේ සීතල නිසා වෙන්න ඕනේ. ජීවිතෙත් එපා වෙනවා, අෆ්ෆා!
ReplyDeleteසනීප වෙන්න ඉක්මනට.. කේන්ති නොයනව කියන්නේ හිත නිරවුල් කියන එකයි..
Deleteතරහ යන එකනම් කාටත් පොදු දෙයක් මම හිතන්නෙ.ඒත් ඒ තරහ පාලනය කරගන්න එක තමයි අමාරු.මොකද මිනිස්සු තරහ පිටකරන්න එක එක විදියෙ වැඩ කරනවා..පස්සෙ තමයි තේරෙන්නෙ.එතකොට පෙරහැර ගිහින් ඉවරයි..
ReplyDeleteඅන්න හරි තරහ පාලනය කරන එක. හැමදේම වගේ ඒකත් පාලනය කරන්න පුළුවන්. නියම දක්ෂයා අවස්තාවට අනුව හැමදේම පාලනය කරයි..
Deleteඔක්කොමලා මේ ටිකේ ලෙඩින් ද මන්දා.
ReplyDeleteමටත් පේන්නේ.. සද්ද නැතිව හිටියට සනුහරේටම සෙංකෝප්පං වගේ.. දිලිනි..
Deleteඑහෙනම් වැඩිය මහන්සි නොවී ගෙදරට වෙලා තව සුරංගනා කතා ටිකක් පරිවර්ථනය කරන්නකො ලෙඩ හොඳ වෙනකන්.
ReplyDeleteGet well soon!!!!!!
තැන්කුයි චාම්ස්.. ගෙදරට වෙලා හිටියා ඇත්තටම ටික දවසක්. ඒකෙන් ලෙඩ හුගක් හොද උනා...
Deleteඔය කොපේ පාලනේ කොරගන්න බේතක් දෙංඤඤං 21 එන්නකෝ ගල්කිස්සට..
ReplyDeleteජනවාරි 21 යැ අයියන්ඩිය..
Deleteමුලින්ම දේශකතුමා ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...
ReplyDeleteතරහ ගියාම කරන කියන දේවල් වල ප්‍රතිවිපාක පස්සේ තමයි දැනෙන්නේ.. එතකොට ඉතින් පරක්කු වැඩියි..
ස්තුතියි පැතුමට තුශානි.. දැං මට සනීපයි හුගක්. ඔව් තරහ ගියාම කරන වැඩ අන්තිමට විදවිල්ල ගාවින් නතර වෙනවා...
Deleteමමත් කේන්තිය ෆෝන් එකෙන් පිට කරලා තියෙනවා.පාඩුව ඉතින් මටම තමයි.
ReplyDeleteකොයි හැටි වෙතත් ඉක්මනින් සුව වේවා.
තැන්කුයි මනෝජ්.. සෙංකොප්පං පහ වී ඇත.. අන්න ඒකනේ කේන්තිය මගේ නං පාඩුවත් මගේ..
Deleteකොහිල තමා බේත. මටත් තියනවා එලාම් එක පොලවේ ගහන්න හිතෙන ලෙඩක්
ReplyDeleteවෙල්කම් සයුරි... කොහිල මොකද අනේ මේ හැමෝම කවන්න හදන්නේ.. හැක්.. එලාම් එක පොලවේ ගහල සැනසිල්ලේ නිදාගත්තම ඔක්කෝම හරිද?? නැහැනේ. අන්න උදේ ඊට පස්සේ පටං ගන්නවා දවසම එපා කරවන වැඩ ටික.. නැද්ද
Deleteko pa ko
ReplyDeleteකෝප ගියා කෝ ප..
Deleteඩ්‍රයි ජින් ෂොට් එකක් අමුවෙන් ගහං....ලෙඩේ කම්මුතුයි...දේශකයට තරහා ගියා කිව්වා..දේශිකා කොස්ස අතට ගත්තම පූස් පැටියා වගේ ඇති...මට මැවිලා පේනවා....
ReplyDeleteඅනිවා කොස්ස ගන්නේ මක්කටෙයි මල්ලි.. ඇහැ කැරකැව්වම ඇති.. ඩ්‍රයි ජින් ගැහුවේ නැහැ කාලෙකින්. ඒ ගද මට දැනුත් නහයට දැනුනා...
Deleteඕක නම් සුව කරන්න බැරි ඉලව්වක්. පාඩව කොහෙං ගියත් තමුංට. පරිස්සමෙං. ඕං කිව්ව
ReplyDeleteවෙල්කම් මහේෂ්... තැන්කුයි උපදෙසට.. පරිස්සමින් වැඩ කරමු...
Deleteඅනේ අම්මේ මම හිතුවේ මේකා නිවිච්ච එකෙක් කියලා මේකා බීච් පාටි එකට ඇවිත් ලු මට වටින් පිටින් ආරංචි ටිකක් අවා මම නම් තරහා ගිය වෙලා වට අත මිට මොලවලා බිත්තියට හයියෙන් ගහනවා එතකොට වේදනාව නිසා තරහා අමතක වෙලා යනවා
ReplyDeleteනිවිච්ච.. අපි නිවෙන්නේ මැරුනම තමා.. හැක් හැක්.. බීච් පාටි පලාතේ මම ආවේ නැත. මට මුදු වතුර ඉතා අහිතකරයි...
Deleteකෝ බොල මේ දේශකය.
ReplyDeleteමේ ඉන්නේ බොල.. හැක් හැක්..
Deleteමට නං කේන්තිගියාට කාටවත් හානියක් නෑ :D
ReplyDeleteඅම්මට කේන්ති ගියාම තමා අවුල.. කීබෝඩ් කුඩු නේහ්.. හැක්..
Delete