Friday, July 26, 2013

බීම සහ තේරුම් නොගැනීම

වෙඩින් එකක් උනාම බොන්ට තියෙන්න එපායැ. නැත්නං කොහොමෙයි හවස් වෙනකං පාටිය ඇදගෙන යන්නේ. හැබැයි සමහර වෙඩින් වලදි මුලින්ම දැනුම්දීමත් එක්කම බොන්න දෙන්නේ නැතෙයි කියල දැනුම් දීමත් කරනවා. හුගක් අය වෙඩිමකට යන්නේ බොන්න දෙනවා කියන පුර්ව නිගමනයකට බැහැල නිසා, ඒකෙදි බොන්න නොදුන්නොත් හැම එකාගෙම මුණු ඇඹුල් වෙනවා. එහාට පැද්දෙනවා මෙහාට පැද්දෙනවා. මනමාලයගේ ඔක්කෝම හොද ටික ඒ වෙලාවෙම දිය කරල දානවා, නෑයෝ ඉස්සරහම.

ඔය වෙඩින් තියන හෝටල් වලට අදාළවත් කරුණු කාරණා වෙනස් වෙනවා. තරු හෝටලයකදි නං බොන්න වෙන්නේ වෙනම විදියකට නෙව. සමහර තැන් වල ඕපන් බාර් එකේ සෙල්ෆ් සර්විස්. සමහර ඒවගේ මිනි බාර් එකේ හිටගෙන බොන්න ඕන. දුම දාන්න විදියක් නෑ ඒසී තියෙන නිසා. තවත් සමහර ඒවගේ මුළු හෝල් එකටම සර්ව් කරනවා. ඒ වෙලාවට ගෑනුන්ට හොරෙන් බොන ඈයොන්ට නං අබ සරණයි.

මම එහෙම වෙඩිමකට ගියා, කඩවත පැත්තේ. වැලිවේරිය පාරට හැරෙන හන්දියේ ෂෙඩ් එකට උඩින් තියෙන රිසෙප්ෂන් හෝල් එකේ. මට ඒකේ නම මතක නෑ. මේකට ආවේ ගණේමුල්ල, ගාල්ල, කුරුණෑගල පැත්තේ නෑයෝ තමා වැඩි පුරම. මේ හාදයෝ බොන්න හොය හොය හිටියට මෙලෝ හසරක් නැති බවක් තමා තේරුනේ. ඉතිං හැමෝම ඒසි කරපු හෝල් එකට වෙලා තමන්ගේ බවලත්තු ටිකත් එක්ක සෝකෙන් ඉන්නවා. ටික වෙලාවකින් වෙල්කම් ඩ්‍රින්ක් එක සර්ව් කළා. ඊට පස්සේ තවත් ටික වෙලාවකින් ග්‍රීන් ඇපල් වෙඩ්ජස් ප්ලේට්, ජම්බෝ පීනට් ප්ලේට්, හපන බයිට් ප්ලේට් එහෙම ආවා. ඒවා දැක්ක ගමන් හැමෝම හිතුවා අඩේ මේක මරු හොටෙල් එකක් නේ. නිකං ඉන්න වෙලාවට කන්නත් දේවල් දෙනවනේ කියලා. ඊට පස්සේ ඔන්න එනවා පැන්ටා, කෝලා, සෝඩා මෙගා බෝතල්. අර කාපු උන්දැල ඇති පදමට බීම ජාති ටිකත් බිව්වා. බැරි මරගාතේ සෝඩා ටිකත් බීලා දැම්මා. මම බලාගෙන හිටියේ මේස කීපයක අය විතරයි අරවට අත වත් නොතිය බලන් හිටියේ. කසකාරයෝ එන විදියට පෙරහැර ළගම එන විත්තියක් දැනගෙන උන්නේ බොහොම ටික දෙනයි. ටික වෙලාවකින් මෙන්න එනවා, රෙඩ් ලේබල් ඩ්‍රැම් එක ගානේ දාපු අසෝක වීදුරු. කාල බීල හිටි ඈයෝන්ගේ ඇස් කන් ඇරිලා, දැං මොකද කරන්නේ කියලා. සමහර උන් අමුවෙන් ගහනවත් මම බලාගෙන. දැඩි විරෝධතා නිසා තොල් පෙරල පෙරල අසෝක වීදුරු දිහා බලන් ඉන්න මහත්තැන්ල හෙම හිටියා.

අපේ මේසේ හිටියේ මාත් එක්ක තව තුන්දෙනයි හැබැයි පිරිමි පරාණ. එකම පරහට තිබ්බේ දේශිකාගේ තාත්තා හිටි එක තමා. මොනා කරන්නද, කෝක් ටිකක් වැඩිපුර දාල හොරෙන් ගත්ත රෙඩ් ලේබල් ටික විගහට පොරට පේන්නම ඇරල දැම්මේ මිනිහටත් කෝක් වීදුරුවක් දෙන ගමන්. යන්තං සැක නොහිතෙන්න ලොක්කා ඉස්සරහම ඩ්‍රින්ක් එක දැම්මා. පොර බලන් හිටියා අපි කෝක් බොන්න කොයි තරං කෑදරද කියලා. පොරට දීපු දෙවෙනි කෝක් වීදුරුවත් එපැයි කියල, වෙන මේසෙකට ගිහිල්ල වාඩි උනාම, අනිත් උන්ට කියල ඕඩර් කරපු රෙඩ් ලේබල් ඩ්‍රැම් ටිකත් අපිම වගකිව්වා. අන්තිමට මගුල් ගේ බොහොම සාර එකක් කියලා හැමෝම කිව්වේ, අර තිබුන සෝකපරකාස ගති හිතින් අතෑරලයි.

දැන් තමා හොදම කතාව. මේක සිද්ධ උනේ මගේම හෝම් කමින් එක දවසෙයි කියල දුකෙන් උනත් කියන්න වෙනවා.

මම කලිනුත් කිව්වා නෙව දේශිකාගේ තාත්තා තනිකර අමධ්‍යප එකේ හොද කකුලක් ය කියලා. මේ හේතුවෙන් කිසිම උත්සවයකදි කවදාවත් මත්පැන්, දුම්වැටි අඩුගානේ බුලත් විටක් වත් සපයන්නේ නෑ. තමන්ගේ එකම දුව වෙච්චි දේශිකාගේ මගුලත් යස අගේට ගත්තට, අර ජාති මොනවත්ම තිබුනේ නෑ. කලින් ඉදලම බොන එකට විරුද්ධ මේ අදුරුමිස්ට මාමාන්ඩි, අපේ අම්මත් එක්කත් එකගතාවයට ඇවිත් තිබුනා දෙවැනි දවසෙත් බොන්න නොදෙන්න. මොකද එතුමා කපටි සුට් එක අදින බොහොම වැදගත් ඉස්කෝලේ මහත්තයෙක් හින්දා අපේ අම්මලත් ඒවා දොහොත් මුදුනිත් තමා පිළිගන්නේ. අම්මා දාපු රතු එළිය මම ඩබල් කරන්ම පත්තු කරන් හිටියේ, හිතේ වෙන අදහසක් තියාගෙන. මාත් බොන්න නොදෙන්න වගේ හිටිය හින්දා, කොහොමත් ඒ වෙනකං මම බාර් එකක් කිට්ටුවෙන් වත් යන එකෙක් නොවෙන විත්තිය (පුහ්) සහසුද්දෙන්ම දැන ගෙන හිටිය මාමාණ්ඩි මං ගැන හෙන ආඩම්බර උනා. කවද කාපු ටකරන්ද කියල මම මගේ වැඩ පිළීවෙල ගානට කරගෙන ගියා.

ඔන්න දෙවැනි දවසේ පාටිය තිබ්බ හෝටලේ අපිට දීපු කාමරේට උදේ පාන්දරම  බෝතල් ටික ගෙනැත් දෙන්න මගේ මිත්තරයෙක් වෙච්ච පැට්‍රල් කාරයා කටයුතු කරල තිබ්බා. බයිට් හදන්න ටොට්ටලයි ගෙදර වැඩ කටයුතු සම්පාදනය කර තිබුන අතර, අනෙක් අවශය අටකලම්පන්න ද සැපයීම පිළිබද කටයුතු මා විසින් ජංගමයා මාර්ගයෙන් නිසි පරිදි සංවිධානය කළා. කොහොම උනත් උදේ පාන්දරම ජෝඩුවත් එක්ක යන්න බලාගෙන ආපු මාමණ්ඩි වෙඩින් කේක් පෙට්ටි දෙක හෝටලේ තියන්න අර කාමරේට ගිහිල්ල හදිස්සියේම. කාමරේ තිබ්බ බෝතල් ටික දැක්කම පොරට කලන්තේ හැදෙන්න ඔන්න මෙන්න ඇවිල්ල. වහාම එතැනින් පිට වෙලා අපේ ගෙදර ගිහිල්ල මේක අම්මගේ කනේ තියල “වහාම දේශා මහත්තයට කියන්න කිව්වලු මේක නවත්තන්න“ කියලා. නැත්නං වෙන දේ ඒ වෙලාවෙදි බලාගන්න පුළුවන්ය කියලත් කිව්ව කියලයි ඔය ආරංචිය ජංගමයට දුන්න අම්මා ඉස්තිරෙටම කිව්වේ.

අනේ දෙයියනේ යන්තං පෙරුං පුරල පුරල, දවස් දෙකයි ආතල් එකක් ගත්තේ. මේ බොන සීන් එකෙත් ඒකටත් කනකොකා අඩන්න යන විත්තියත්, එන පොට හොද නැති බවත් තේරුං ගත්ත මං වහාම තීරණය අවලංගු කර, සංවිධායක කමිටුවේ ප්‍රීති ගෝෂා මැදින් (පැට්‍රල් කාරයා, ටොට්ටා එවපු මනරම් එස්එම්එම් පණිවිඩ තාමත් මං ගාව තියෙනවා සුරක්ෂිතව පරණ සිම් එකේ) කීර්ති ප්‍රසංසා ලබමින්, බෝතල් ටිකයි, අඩුම කුඩුම ටිකයි ගෙදරට ගිහිල්ල දැම්මා.

මගුලේ අයිතිකාරය බොන නිසා උගේ මගුලේ, අනිවා බොන්න තියෙනවා කියල හිතාගෙන ආපු මගේ ඇම්බැට්ටයෝ ටික, කුල් ඩ්‍රින්ක් එකෙන් පස්සේ හෝන්දුමාන්දු වෙලා ඉන්න විත්තියක් මම දැක්කා. උං තැන තැන කල්ලි ගැහිල ඇවිදිනවා. එබෙනවා. මොනවද හොයනවා. මට කරන්න දේකුත් නෑ ඔහේ බලාගෙන ඉන්නව ඇරෙන්න. පස්සේ බැරිම තැන සැට් එකක් මං ගාවට ඇවිල්ල, මාව පොඩ්ඩක් එහාට අරන් ගිහිල්ල කනට කරල ඇහුවේ “මොන @$@$$ ක්ද යකෝ අද බොන්න නැත්ද??“ කියලා. මම ඉතිං අනේ පිඩුසිගා සේ, වෙච්චි සන්තෑසිය උන්ට අකුරක් නෑර කිව්වා. මම කියපු ඒවට හූ මිටි තියන්න පැට්‍රල් කාරයයි, ටොට්ටා කාරයි වග බලාගත්තා. තවත් කුනුහරුප වැලක් සන්තෝසෙන් අහගෙන මම ගිහිල්ල දේශිකා ගාව සැටියේ වාඩි උනාම, අරුන් සැට් සැට් වෙන වෙනම කතා කරපු එක දැං ඔක්කෝම හාදයෝ එකතු වෙලා කතාව. එතන හරියට පොකට් මීටිමක් වගේ. ටික වෙලාවකින් එකා දෙන්නා වාෂ්ප උනා. ඒ තිබ්බ උණුහුමත් නැතිව ගියා. මටත් ඔය ගැන සම්පුර්ණයෙන්ම අමතක උනා.

දවල් කෑම කාලා එළියට බහින්න ඔන්න මෙන්න තියල, ගෙදර තියෙන පිළීගැනීම ලෑස්ති කරන්න විගහට ගියපු මල්ලි ජංගමයා මගින් මාව අමතා කියා හිටිය දෙයින් මම පුල් අන්දොස් වෙලා ගියා.

“අයියේ, මාර සීන් එක නේ. අන්න අයියගේ යාළුවෝ සෙට් එකම අපේ ගෙදර!!!“

“මොකා.. හොටෙල් එකට ආපු උන්ද??“

“ඔව්.. උන් වෑන් වල නැගල ගෙදර ඇවිල්ල, පුංචිට කියල අයිය කිව්වයි කියල, මෙහේ බොන්න ලෑස්ති කරාය කියලා..“

“ඒ පාර“

“යාළුවො ටික කුස්සියේ තිබ්බ මස්, මාළු ඔක්කෝම ටික හදාගෙන, බෝතල් ටිකත් අරගෙන අන්න ආතල් එකේ සාලෙට වෙලා බොනවා. ඔක්කෝම උන්ට වැඩියි.. ලෝඩ් එකෙන් බාගයක් වත් ඉවර ඇති“

“අම්මා ගායි බැට් එකෙන්.. දැං මොකද කරන්නේ..ඔන්න ටොට්ටාට ෆෝන් එක දෙන්න“

“අලෝ.. අලෝ.. අඩෝ දේශා... මරු පාටිය බං“

“යකෝ.. කව්ද කිව්වේ අපේ ගෙදර තියන් බොන්නය කියල තොපිට“

“ඇයි ඩෝ.. තෝ කිව්වේ එහෙනං ඔක්කෝම ටික ගෙදර ගිහින් දැම්මයි කියලා“

“ඉතිං බං බොන්න කියල කිව්වේ නෑ නේ මං“

“ඒක අප්පේ වැඩක් ඩෝ.. ඔක්කෝම තියාගෙන හෙළුවෙන් ඉන්න කියලද තෝ කියන්නේ. ඒයි පැට්‍රා. මෙන්න මූ බනිනවා බං. ඒයි වරෙල්ලා යමං හෝටලේට මුට දෙකක් ඇනල එන්න හක්කක්කා“

“අනේ මේ දගලන්නැතිව හිටහල්ලා. තව ටිකකින් අපි එනවා. බොලා ඔය බීම නවත්තල පලයල්ල යකුනේ.. සාලේ අස්කරගන්න.. කැ# බල්ලෝ..“

මම දඩාං ගාලා පෝන් එක තිබ්බට පස්සේ මුන් ටික ගෙදර දෙක වෙන්නම හක හක ගාලා විනාඩි ගානක්ම හිනා උනා කියල තමා මල්ලි පස්සේ මට කිව්වේ.

කොහොම හරි නෑසැට් (ඥාතීන් සමුහයා) එකත් එක්ක ගෙදරට එනකොට මුං ටික මිදුලට වෙලා බඹරු වගේ හැසිරෙනවා. මිදුලට දාලා තිබ්බා හිස් බෝතල් සමුහය දැක්ක, දේශිකාගේ තාත්තා, මං ගාවට ඇවිල්ල කිව්වා,

“දේශා මහත්තයා එහෙනං මම කියපු දේ ඇහුවේ නෑ නේද“ කියලා.

අර රාජ් අහුලගත්ත උපහැරණේ එදා සෑබැවටම උනා. මම මොන තරං දහිරිය දාලා තේරුං කරල දෙන්න උත්සාහ කරත්, සමහර දේවල් මොන විදියෙන් වත් තේරුං කරල දෙන්න බැරිය කියන එක ආදි කාලෙත් මට තේරුනා..

114 comments:

  1. මචං ඔහොම තමා බලමාළු කාපුවහම

    ReplyDelete
    Replies
    1. නොබොන මිනිහෙක්නං ඔය සීන් එක අවුලක් නැ , උඹ බොන එකා වෙච්චි කොට උඹට තිබ්බේ කලින් කට්ටිය දැනුවත් කරලා පහුවදාට පෙරේත තට්ටුව දෙන්ඩ , එක අතකට මගුල් ගෙවල් වලට මොකටද බොන්ඩ ,

      උඹත් මේ අපේ අහල පහල ඉන්න එකෙක්ද කොහෙද , හංගිච්ච බේබද්දා

      Delete
    2. හැංගිච්ච බේබද්දාග උඹ ඕව කියල මාකෝල පාරේද මැසින් එකක් ඔළුවට වැටුනයි කියල හෙම කියනව නෙමෙයි අරිය... කොහේද බොන්න දෙන්නම නේ බං හැදුවේ. උදේ පාන්දර නේ වැඩේ අවුල් උනේ..

      Delete
  2. මම නම් කරන්නේ බොන උන්ට වෙනම සෙට් වෙන්න ප්‍රයිවට් පොට් එකක් සෙට් කරන එක..හෙමීට msg එක පාස් කරනවා අහවල් තැන බඩු හෑව් කියලා. යන ඈයො යයි නෙව පාර පෙන්නුවම..

    ReplyDelete
    Replies
    1. මේකත් හොදම ක්‍රමයක්.
      මට පේන්නෙ දේශ මාමණ්ඩිය ඉස්සරහ කොර වෙනවද කොහෙද අපි එක්ක පොර ටෝක් දුන්නට.

      Delete
    2. 'මට පේන්නෙ දේශ මාමණ්ඩිය ඉස්සරහ කොර වෙනවද කොහෙද අපි එක්ක පොර ටෝක් දුන්නට.'

      අපොයි.....

      Delete
    3. ඒ කොර වුණේ දේශිකාව ගේනකං විතරයි.. දැන් දේශකයා රජාවගේ ඉන්නේ.

      Delete
    4. හොටෙල් එකේ කොහේද බං ප්‍රයිවෙට් පොට්. තහනං කරාට පස්සේ හැකියැ. අනික දවස් දෙකයි නෑයෝ තරහ කරගන්නේ කොහොමෙයි බං

      Delete
    5. @ කෙන්ජිය, ප්‍රසා

      ටික දවසක් ඉතිං කොර වෙලා ඉන්න එපායැ බං.. අළුගසා දාලා නැගිටින්න කලින්..මම බ්ලොග් වලට ආපු මුල් දවස් වල කමෙන්කටුවක් කොහේ හරි දැම්මෙත් ගැහි ගැහි. දැන් බලහංකෝ... නිදහස් සිතුවිලි කොටල එන්නේ.. හැක්.. කාලයේ වෙනස

      Delete
    6. @ නලියා
      ඔව් බං වැදල වගේ ගෙනවාට පස්සේ මක්ක කරන්නද ටික දවසක් බලන්න එපායැ. දැන්නං මාමන්ඩියා ඇහැක් ඇරල බලන්නේ නෑ..

      Delete
  3. බොන්න දෙන්නෙත් නැත්තං මොන එහෙකටද වෙඩිං.. අනිත් මිනිස්සුන්ට කරදර කරන්නේ නැතිව රෙජිස්ටාර් ගාවට ගිහින් අත්සන් කොරලා එනවා මිසක්...

    වෙඩිං ගන්නවනං එක්කෝ ඒක ඒ විදියට ගන්න ඕන.. නැත්තං මිනිස්සුන්ට අළුගුත්තේරුකං නොකර නිකං ඉන්න ඕන.. කෝ බොලාලගේ මාමණ්ඩියා... එක්ක වරෙං මෙහාට මං උන්දැට කියා දෙන්න රෙද්දේ අමද්‍යප සාටකේ ගලෝලා දාලා මෑන්ටත් දෙකක් නවා ගන්න හිතෙන්නම...

    ReplyDelete
    Replies
    1. අපේ මෑන්ට පොවන එක නං මාරෝ. ටිකක් අමාරු සීන් එකක්.. මිනිහා ජීවිතේටම බුලත් විටක්වත් කාල නැතිලු. මුල් දවස් වල මයියංගනේ ඉස්කෝලෙක වැඩ කරල තියෙන්නේ. නිකං හම්බ වෙන දඩමස් වත් කාලා නෑ.. හැබැයි උපාසකයෙක් නෙමෙයි.. අමධ්‍යප තමා.. සිරාවට බොන්න නැති මගුල් වලට මාත් යන්නෑ මගේ එකට මුං ආවට.. හැක්

      Delete
  4. දේශට තිබුනෙ වෙඩිමට පෙර මාමණ්ඩිය සමග ගිවිසුමකට පිවිසෙන්න.
    බොන්න නොදී යාළුවන්ට මොන මගුල්ද දේශා.

    ReplyDelete
    Replies
    1. බෑ කෙන්ජි අයියා සමහර හනමිටි ලෙහන්නම අමාරැයි.

      Delete
    2. සිරාවට උන් ඉතිං හොදට මගුල ගත්ත නෙව පස්සේ.. මාව කාලම.. ගිවිසිමු ගහන්න බෑ අම්මට පෙව්වට පස්සේ. අපි ඉතිං ගමේම ඉන්න, අහිංසකම කොළු පැටව් වෙච්චි කොට.. ඒ නම්බුව තියන්නත් එපායැ.

      Delete
  5. මෙන්න මට වෙච්ච හරිය...

    ඔය කෙහෙල්මල් බීම නිසා අදටත් අපේ අම්මලයි නැන්දම්මලයි කතාබහ කරන්නේ නෑ... ගෙවල් වල යන්නේ නෑ.. මට තාම එක දවසක් අපේ අම්මලගෙ ගෙදර ගිහින් ඉන්න හම්බුවෙලා නෑ... අදටත් අපේ අම්මා තාත්තගේ නෑයෝ එකෙක් එක්කවත් කතා කරන්නේ නෑ.. ඒක නිසා මටත් ඒ සන්තෑසියම තමයි....

    බේබද්දො පේන්න බැරි වෙන්න මට වෙන හේතුවක් ඕනෙ කියලා හිතෙනවා නං ඕන්න වෙච්ච දේ ගිහින් බලාගන්න එකයි ඇත්තේ....

    පොඩි ෂොට් එකක් දැම්මා.... නැත්තම් මගුලකට ගිහින් වැඩක් නෑ නේ.......



    කරුමක්කාර බේබදුකම......

    ReplyDelete
    Replies
    1. දේශා නං ඕක කියෙව්වා නේද.. මට මතක නැති උනා.. හි හි...

      Delete
    2. මොන මගුලක්ද මන්ද බො යන්න න යන්න දැක්ක තැනකට මේ කෙල්ල කඩාගෙන පනිනවනෙ.

      Delete
    3. දේශකයෝ මෙන්න මේකිව බන්දලා දීපන් දේශිකාගේ තාත්තට.

      Delete
    4. වෙලා තියෙන දේවල් වල හැටියට එහෙම නොවී බෑ කෙන්ජි සීයේ...

      එතකොට නලින් අයියා එනවද අපේ මහත්තයට තනි රකින්න... හි හි...

      Delete
    5. හික්ස් මම ලොල්....ක් නොවෙමි හිරුවෝ....

      Delete
    6. කෙන්ජියා නම් පැනලා ඒවි ඔය වැඩේට... පව් හිරු ගෙ මහත්තයා.... කාගෙ උනත් පොඩි කොල්ලෙක්නෙ තාම....

      Delete
    7. හප්පේ නලින් අයියා කොරන්න හදන වැඩ්... :D

      Delete
    8. @ හිරුවා.
      උඹට ඉතිං බො.. කියන කොටම තද වෙන එක අහන්න දෙයක් නෑ..

      Delete
    9. @ කෙන්ජි, නලින්, ඇනෝ, චන්දන

      උඹල මේ අපේ අහිංසක මාමන්ඩියා දුකට පත් කරන්නද හදන්නේ..

      Delete
    10. මේ බලපංකො තවත් වැඩක්. කෙන්ජිට සීයා කියලා, නලින්ට අයියා කියනවා. අප්පා.......
      - දේශකයා

      Delete
    11. ආහ්.. මල්ලි ආයේ කල එලි බැහැල තියෙන්නේ.. මොකෝ පට්ට අවුල්ද???

      Delete
  6. මම නම් බීම අරහං මාමණ්ඩියෙක් බව ලමයගෙන් දැනගත්ත දවසෙම කරන්නෙ,මද පමනට ගැනීමෙන් ශරීරයට ලැබෙන ප්‍රතිපල පහදා දී එයට නම්මා ගැනීම.
    එහෙම පළමුවෙන් මද පමනට ගන්න මාමණ්ඩියල තමයි වෙඩිම දවසට ඉස්සෙල්ලම කරපට් වෙන්නෙ.
    මගෙ මාමණ්ඩිය නම් මම තනියම පලමුව ගෙදර ගිය වේලාවෙ කතා කර කර ඉදල කෑමට පැයකට විතර පෙර,පුතා මම නම් ඉතිං ගල් තමා පාවිච්චිය පුතා මොනවාද?
    මගෙ එහෙම තෝරගෙන බිමක් නැහැ අන්කල්,හොද රා වලින් පෙරපු වෙන්නප්පුවෙ කෂියා උනත් ඇරල දානව අන්කල්.
    නියමයි පුතා අද අපි නමාගමු ගල්.
    එහෙමයි මාම/බෑන බොන ප්‍රේමයෙ ආරම්භය.

    ReplyDelete
    Replies
    1. අඩේ මරුනේ අනේ වාසනාවන් , මෙහෙම මාමලා ජාති ජාත. ලබන්ඩ ඕන

      Delete
    2. @ කෙන්ජි
      අනේ අම්මේ ඔහොම මාමල වාසනාවන්. මං හිතන්නේ කෙන්ඩි පුරුවේ කරපු පිං කද නිසා බඩු වැඩ කරන්න ඇති.. අපිට කොහේද ඉතිං පින කියන එක.. හැක්..

      Delete
    3. @ අටමා

      අන්න බොන මාමෙකුට හම්බ වෙන්න තිබ්බා හොදම බෑනා. අටමා..

      Delete
    4. මගේ බුදු මාමණ්ඩිට දම්මං සරනේ සරනයි කියලා දෙන්නත් එක්ක කිය කිය කෙන්ජි මාමා සෙට් වෙන්න ඇති

      Delete
    5. කේන්ජි මාමාට කේනිති යාවි කොල්ලෝ.. හැක්..

      Delete
  7. අපෙත් වෙඩිං එක දවසෙ කෂ්ටියට බොන්න දුන්නෙ නෑ. ‍කිව්වෙනං මාමල බාප්පල බොන්නෙ නැති අයය කියල. හෝම් කමිං එකේදි දුන්න ඇති වෙන්න. බොන්නෑ කියපු කෂ්ටිය මෙන්න කණ සාක්කුවෙ දාගෙන ඉන්නව.
    ඒ ව‍ගේම තමයි අපේ නෝනගෙ අක්කගෙ මගුල් ගෙදර. ඒකෙනං වෙඩිං ‍එකේ බොන්න ‍දුන්නෙ ශේප් එකේ හෝටලේ කාමරේක. හෝම් කමිං එකේදි දෙයි කියල බලාගෙන ගියාට බඩු නෑ. අන්තිමේ අපේ සෙට් එක බෝතලයක් ගෙනල්ල ගේ ඉස්සරහ ති‍යාගෙනම බොන්න සෙට් වෙනකොට බර බරේ දාපු හින්ද එලියට ගිහිල්ල බීල ආව.

    බොන්න දෙන්නැත්තං මෙන වෙඩිංද බං.

    ReplyDelete
    Replies
    1. හැම තැනම ඔහොමයි බං පෙරේත කමට තමා බොන්න නොදෙන්නේ මං හිතන්නේ. බොන්න නැත්නං එතැන මළගෙයක් නෙව. (දැං මලගෙවල් වලත් බොන්න දෙන එකේ)

      Delete
  8. මට මාමණ්ඩිගේ ඇඩ්රස් එක දීපං... මේක ප්‍රින්ට් කරලා ගිහින් දෙන්න.

    ReplyDelete
    Replies
    1. එහෙම කරත් සැලෙන පොරක් නෙමෙයි. අනික මේකත් ඔය දේශා මහත්තයා බොරුව ඔප්පු කරන්න ලියපු තව බොරුවක් කියාවි. මම නොදන්නවැයි පොර ගැන. ඔන්න උම ඒක හිතෙන් අතැරගනිං..

      Delete
  9. මගේ තත්ත්වෙත් මේකම තමයි. වෙඩිමට බඩු නෑ.(ඒත් මං අපි ගිය වාහනවල අපේ එවුන්ට ඇතිවෙන්න බඩු අරං ගියා) හොම් කමින් දවසෙනං නාන්න දුන්නා. මෙන්න බොලේ නොබොන පැත්තේ අයියලා ටික හවස් වෙනකොට කරටි කඩාගෙන.

    ReplyDelete
    Replies
    1. හැබැයි අපේ එකේදි උන්ටත් බඩු. දෙන්නෙක් විතර (දේශිකාගේ අය) ටවුමට ගිහිල්ල දෙකක් නමාගෙන ඇවිත් තිබුනා.. හිටහං කෝ දේශකයා වෙඩිම දවසේ බිව්ව එක ගැනත් ලියන්න පස්සේ..

      Delete
  10. මට නම් බොන්න නැත්නම් මගුල් ගෙවල් නෙමෙයි අවමගුල් ගෙදරක යන එකත් අප්ෂට්..

    ReplyDelete
    Replies
    1. මගුලක් මළගෙයක් දානෙගෙයක් පිරිත් ගෙයක් ඇරුනම මම නං බොන්නෙ යාළුවො කිහිප දෙනෙක් සෙට්වුනොත් විතරමයි.

      Delete
    2. රාජ්‍ය සේවයේ එවුන් ඔහොම තමයි.... ඔෆිස් වෙලාවෙ මළ ගෙවල් මගුල් ගෙවල් වල ගිහින් පිනට බොනවා.... නැත්තම් කලෙක්ෂන් එකක් දාලා දාපු ගානට වඩා බොනවා... එහෙමත් නැත්තම් වැඩක් කරගන්න ආපු එකෙක් මරාගන්නවා...

      Delete
    3. රාජ්........ඒ කියපු ඔක්කොම ඇරුනාම යාලුවෝ සෙට් වෙන්න බැරිවුනොත් පමනයි.

      Delete
    4. @ මාතලං

      ඒක දැනගත්ත එක හොදා.. හැක් හැක්..

      Delete
    5. @ රාජ්
      බොට කියන්න මාත් එහෙමයි
      1 මල ගෙයක්
      2 දානේ ගෙයක්
      3 බණ ගෙයක්
      4 මගුල් ගෙයක්
      5 බර්තඩේ පාටියක්
      ඇරුණම ඔය
      6 අපේ ඉස්කෝලේ සැට් එකේ ඉන්න 45 න් මොකෙක් හරි දෙන පාටියකට
      7 ඉහල කැලෑසියේ 50 කින් එකෙක් දෙන පාටියකට
      8 ගමේ එකෙක් දෙන පාටියකට
      9 ඔපිසියේ එකෙක් අඩගහන පාටිකයට

      ඇර එහෙමත් කලාතුරකින් තමා බොන්නේ.. හැක්...

      Delete
    6. @ ඇනෝ

      අපොයි අම්මේ උඹ දන්න දේවල්.. ඇත්තක් නැතිවත් නෙමෙයි ඕකේ..

      Delete
    7. @ අරූ
      උඹ කිව්ව එක පැහැදිලි නෑ බොට ඩෝප්ද

      Delete
    8. ඩෝප් වෙන්න පෙර නැවත ලියමි.
      මගුලට,අවමගුලට හැරෙන්න යාලුවෝ සෙට් උනොත් බොමි.බැරි වෙලාවත් යාලුවෝ සෙට් වෙන්න බැහැ කිව්වොත්, අප්සෙට් එකට ඒත් බොමි.

      Delete
    9. ඒකනං හුට්ටප්පරයක් ම තමා. මම හවස් වෙන හින්දත් බීපු කාලයක් තිබ්බා.. මම ගිහිං බලල ආවේ.. වැඩක් නෑ කියල.. කෙන්ඩි අඩ අඩ කියලත් මම ඇහුවේ නැති එක නං අපරාදයක්.. මරු කුනු ගොඩ.. ජය වේවා..

      Delete
    10. බැලින්නං දේශකයා වහින දවසටයි වහින්නෙ නැති දවසටයි විතරයි ගහන්නෙ

      Delete
    11. හා හා එහෙම එකක් කිව්වේ නෑ බොල මං..

      Delete
  11. උඹේ මාමණ්ඩි මට සෙට් කරපං. අනගාරික ධර්මපාලතුමා වගේ උදවියටත් අපි පොවල තියනව.

    දේශකයෝ උඹේ ඉස්සෙල්ල කතාවෙ තියනව මෙන්න මේවගේ පැත්තක්.
    සාමාන්‍යයෙන් අපි බලන්නෙ අපේ තත්වෙට වඩා ටිකක් වැඩිපුර පේන්න වැඩි කරන්න. මගුලට තෝරගන්න හෝටලයත් ඒ වගේ. අපි සාමාන්‍යයෙන් කෑම ටිකක් ගන්න තැනට යන්නෙ නැතිව ලොකු ලොකු තැන් වලට යනව. අපි හිතන්නෙ නෑ අපිටත් අපේ නෑදෑයන්ට හිතවතුන්ට තැන ගැලපෙනවද කියල. අන්තිමට රෙඩ් ලේබල් අමුවෙන් බොන තැනට වැටීම නං අන්තිම පජාතියි.

    මාමණ්ඩිගෙ ජාතියෙ මනුස්සයෙක් හිටිය මම දන්න. අන්තයටම ගිහිපු තරම කොච්චරද කියනව නං පුතාගෙ(ද දුවගෙද මංද) වෙඩිම ගත්තෙ මස් මාලු කරවල උම්බලකඩ මත්පැන් මොකුත් නැතිව. ආපු මිනිස්සු බැන බැන ගියාලු.

    ReplyDelete
    Replies
    1. උම කිව්ව කාරණාව හරියට හරි බං. මට ඔය මනෝමය කාරණ පැහැදිලි කරන්න පොඩි අමාරුවක් තියෙනවා. ඒක හරියට අර ඇත්ත හංගං ඉන්නව වගේ තත්වයක්. එළි කරන්න බයයි..

      අපේ හාදයා පොඩි කාලේ ඉදලම බීමට විරුද්ධ වෙලා තියෙන්නේ, මාමන්ඩිගේ තාත්තා කාරයා බීල ඇවිත් ගෙදර කරන විකාර දැකපු හින්දයි. ඒ තරම්ම තරහයි බීමත් එක්ක. විහිළුවට කිව්වත් මාමන්ඩියා උත්සාහෙන් දියුණු උනේ, ගෙදර ඉගෙන ගන්න බෑ තාත්තා බීලා ඇවිත් කරන විකාර හින්දා. වෙන ගෙදරක සාලේ ඉදං පාඩං කරල රෑට එතනම නිදාගෙන උදේ ඇවිල්ල තමා ඉස්කෝලෙ යන්නේ

      Delete
  12. මාමට යකා නගින්න ඇතිනේ... අපරාදේ කියල හිතෙන්නැති දුව දුන්නේ මේ වගේ කියන දේ නාහන එකෙක්ට......

    ReplyDelete
    Replies
    1. පොරට සිරාවට යකා නැග්ග කියපු දේ ඇහුවේ නැතෙයි කියල දැක්කම. අනික එහෙම් පිටිම්ම වංචාවක් කරපු විත්තියක් නෙව පේන්නේ ඒකයි අවුල.. මුලින් මුලින් නං හිතුවා නහරයෙකුට දුව දීපු එක අපාරාදයක් කියලා. හැබැයි පොරට ස්ට්‍රොක් එකක් ඇවිත් ඉස්පිරිතාලේ හිටිය සති තුනේම මම මිනිහා බලාකියාගෙන හැම දේම කරගෙන හිටි නිසා තිබ්බ අදහස් ඔක්කෝම වෙනස් උනා. දැං මම කතා නොකරත් අහක බලන් හිටියත් පොර නෙමෙයි තඹේකට තකන්නේ..

      Delete
  13. මම, උඹ නම් කරන්නේ ඉස්සෙල්ලාම මම දෙකක් දාගන්නවා.ඉතිරි වැඩ ඔටෝ සෙට් වෙනවා.ඊලඟ පාර ට්‍රයි කරපන්.

    ReplyDelete
    Replies
    1. දෙකක් දාගත්තනං පුතෝ එච්චර කාලයක් කරපු ඇක්ටින් ටික ඉවරයි නෙව. (සුපේක්ෂශීල භික්ෂූවගේ චරිතය???)

      Delete
  14. දේශකයෝ, මනාලියයි මනමාලයයි නැති විටකත් වෙඩින් ගන්න පුළුවන්. ඒත් බොන්න නැති වෙඩින්, වෙඩින් නොවේ

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වේවා රයිගමයෝ.. හැබෑටම මමත් එහෙම එකකට ගියා. මනමාලයා වෙඩිම දවසේ රෑ ඇපෙන්ඩික්ස් එක ඔපරේට් කරල හදිස්සියේම. හෝම් කමින් එක දවසේ කපල් එක ඉස්පිරිතාලේ. ඒත් උන් නැතිව පාටිය තිබ්බා. තැන්කුයි මේ පැත්තේ ආවට

      Delete
  15. බැඳලා ටික දවසක් ගියාට පස්සේ යාලුවන්ට වෙනම පාටියක් දුන්නානම් ඉවරනේ. :)

    //මම මොන තරං දහිරිය දාලා තේරුං කරල දෙන්න උත්සාහ කරත්, සමහර දේවල් මොන විදියෙන් වත් තේරුං කරල දෙන්න බැරිය කියන එක ආදි කාලෙත් මට තේරුනා...//

    මේකම තමා මාමණ්ඩිටත් හිතෙන්ට ඇත්තේ...:D





    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. මට ඒක දැනුයි හිතුනේ. සිරාවට පොඩ්ඩියෝ මාමන්ඩියත් එහෙම තමා හිතන්න ඇත්තේ.

      පස්සේ ඉතිං පාටි දෙක තුනක්ම දෙන්න උනා. ඇයි මනමාලයට පාටියක් දාන්නත් බැරි උනානේ.

      Delete
  16. චිහ්.......මගේ බල්ලවත් ඔය බොන කතාවලට කට දාන්න යන්නේ නෑ. (කොහාට හරි වෙලා බොනවා මිසක්)

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔන්න වැදගත් විදියට බොන මහත්වරු.

      Delete
    2. මේ මේ ..........මම කියලා තියෙන්නේ මගේ බල්ලා ගැන. ඌ බිව්වත් නොබිව්වත් මට මොකද? (මම පැත්තකට වෙලා ........මිසක්)

      Delete
    3. ඔබ තුමා නොබිව්වට අන්න අද ලිපිය ඩෝප් වෙලා.

      Delete
    4. කියලා වැඩක් නෑ. හතර විලිලැජ්ජාවේ බැරුවා. ඉක්මනට හදලා සම්පූර්ණ ලිපිය දාන්නම්. වැරදීමකින් පළවුණේ.

      Delete
    5. @ විචාරක

      ඒක නං නියම තියරිය.. (පැත්තකට වෙලා බොන එක.) මොකද මේ මිස්ෆයර් උනාය කියන්නේ..

      @ කෙන්ජි

      බොලාගෙන් බේරිල ඉන්න එක කොයි තරං ලොකු දෙයක්ද කියල මෙතන විචාරක මහත්තයට වෙචිච වැඩෙත් එක්ක සහසුද්දෙන්ම ඔප්පු උනා.. කෙන්ජි මට උඹ හම්බ උනොත් බදාගෙන චප්ප කොරල දානවා..

      Delete
  17. මගෙත් යාලුවෙක් වෙඩිම ගත්ත ඔය රත්නපුර පෑත්තෙ සිල්ව රේ එකෙ.මුත් හෙන අමද්යපය.බොන්න දුන්නෙ නෑ.අපි ඉතින් ඉස්සරහ තියන රෙස්ටුරන්ට් එකට හොදට ගෑහල උගෙන් කාල ආව.බිවුවෙ අපෙ ගානෙ.

    ReplyDelete
    Replies
    1. අන්න බලහං ඒකට අපේ යාළුවෝ.. මගේ ගානෙම්ම බීල ඉස්ම යනකං බොන්න නොදුන්නට.. හැක්

      Delete
  18. ඊට පස්සෙ මාමණ්ඩි කථා කලා පුදුමයි දේශකයත් එක්ක :D

    ReplyDelete
    Replies
    1. කතා නොකර කොහොමද? දුවව ගෙදර ගෙනැල්ලා බැස්සුවොත්?

      Delete
    2. චාම්ස්..

      මාමන්ඩියගේ වැඩේ තියෙන්නේ හිතේ තියාගෙන ඉන්නේ නෑ. පරණ ඒවයින් මිනිස්සු ඉදිරියට මනින්නෑ. ටික කාලයක් ගියාම තේරුං ගත්තා. කෝවේ දාලවත් මකන්න බැරි පොරක්ය කියල මේ දේශ යකා..

      Delete
    3. @ ගයිජින්

      හැක් හැක්.. පොර තව ටිකෙක් දුව අරගෙන යනව එදාම..

      Delete
  19. දේශා බඩු ගෙනල්ල නොතිව්වත් ගහන එකා පිටින් හරි හොයාගෙන ගහනව.. ඒකනෙ අමද්‍යප මගුල් වලෞන් හිටි ගමන් අන්තරස්දාන වෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. //වලෞන් // මාත් බීලද කොහෙද.. අමුතු අමුතු වචන ලියවෙනව.. :D

      වලෞන්= වල උන්

      Delete
    2. බුදු ෂුවර් චන්දන බීලා නෙමේ දෙකක් දාලා ලියලා තියෙන්නේ

      Delete
    3. අපිනං කලින්ම ගහල යන්නෙ. :D

      Delete
    4. @අරු..

      පොඩ්ඩක් ඉන්න බලන්න එහෙම එකක් වුනාද කියල.. ම්හු.. මතක නෑනෙ. :D

      @Praසන්ன

      හ්ම්ම්.. ඒකත් හරි.. :)

      Delete
    5. @ චන්දන
      අන්න බලහංකෝ.. ඒකට අපේ උන්. මගෙන්ම අහගෙන ගෙදරට ගිහිල්ල මගේම බඩු ටික අරගෙන ගහල නෙව..

      Delete
    6. @ ප්‍රසා, අරූ
      මට හිතෙන්නේ තොපි තුන්දෙනාම හොදටම ගහල වගේයි..

      Delete
  20. අපේ රටේ ඉන්න පෙරේත බේබද්දන්ගේ හැටි තමයි මේ. මගුලට/මරණයට දානෙට හැම එකටම බොන්න ඕනෑ. බොන එක ඇරෙන්න වෙන කිසි විදියකට සතුටු වෙන්න බෑ. එකත් ඉතින් සතුටක් නොවෙයි. කබරයා දා ගෙන වලි දා ගෙන තියෙන සතුට නැති කර ගන්නවා. ගැනි ළමයි උන්නද මලාද බලන්නේ නෑ . මේ රටේ බේබද්දෝ නැතිනම් දුප්පත්කම නැති වෙලා හුඟක් කල්.

    ReplyDelete
    Replies
    1. එහෙම වලි දාගන්න තුප්පහි නෑයෝයි යාළුවොයි ඉන්න තුට්ටු දෙකේ උන්ගේ මගුල්වලනං එහෙම වෙන්න ඇති. සාමාන්‍යයෙන් කාලා ඇදලා ඉන්න වැදගත් නෑයෝ යාළුවෝ ඉන්න අයගේ මගුල්වල එහෙම නැහැ.

      Delete
    2. අපිත් බොනවා. එහෙම දේවල් නම් කවදාවත් දැකලා නෑ. සක්කිලියා බිව්වත් නොබිව්වත් සක්කිලියමයි.. (ඒ නමින් හැඳින්වෙන ජනතාවට කරන අපහාසයක් නොවේ.)

      Delete
    3. මමත් ඔය කතාවට යමක් ලියන්න හදල ලිව්වෙ නැහැ.
      මිනිස්සුන්ට නිතරම කරදර කර කර බොන එකා ඉන්නවට වඩා හොදයි බීපු වෙලාවක හරි උගුරු දණ්ඩ කපන් මැරෙනව.
      කොල්ල කාලෙ අර උගුරු දන්ඩෙ "පටලෙ"කැඩුනට පස්සෙ විසේකාර කම ඔළුවට ගහල පිටදී නම් නස්කූනි වැඩ කලා.
      වැඩිහිටියො වෙන්න පෙර සිටම ඕනෙම තැනක අපි කවුරුත් වීදුරුව අතට ගන්නෙ ගන්නෙ විහිළුවක් කරමින් සිනා මුසුව.
      ආගිය කතා,දේශපාලනය,අතීත කතා,සින්දු,කෑම,ඩාන්ස් අන්තිමට වචන ටැපලි ටැපලි බදාගෙන සමු ගන්නව කරටි කඩන්.
      හැබැයි මට අල්ලන්නෙම නැත්තෙ කෙල බේරී බේරී සමහරු යන්නං යන්නං කිය කිය තුන් හතර සැරේ ඉඹින එක.

      Delete
    4. සමස්ථයක් විදියට මිනිස්සු (බේබද්දෝ ඇර) හුගක් වෙලාවට බොන්නේ ඔය වගේ වෙඩිමකට ගියාම තමා. හැබැයි බීල වැඩි උනොත් විකාර කරන්නත් ඉඩ තියෙනවා. කොහොම උනත් වැඩිය පිස්සු නටන්නේ දවස ගානේ බොන ඈයෝ තමා. ඒකයි අවුල. වලි තියෙනං එතැන ඉන්නවත් හොද නෑ. අනික එක එක ජාතියේ මිනිස්සු වෙඩිමකට එනවා. එතනදි එකෙක් ඔය වගේ අලුගුත්තේරු වැඩක් කරාම ඇති අවුලගන්න. මට අල්ලන්නෙම නැත්තේ, බලෙන් කතා කරන්නයි, වලි දාන්නයි එන උන් තමා. නැත්නං දෙයියනේ කියල බීල, කාලා ඩාන්ස් එකකුත් දාලා කෙන්ජිය කිව්ව වගේ දෙකට නැමිල බදාගෙන සමුඅරන් තමයි එන්නේ..

      Delete
  21. බොහොම සන්තෝශයි බොහොම සන්තෝශයි ...

    ReplyDelete
  22. එදා ඉඳලා මාමයි උඹයි අතර තියෙන්නේ යුදමය වාතාවරණයක්ද? මේ නිකං සීතල යුද්ධයක් වගේ?

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ. එහෙම කිසි දෙයක් නෑ. පොර මට වඩා හොදට හිතනවා. මම නං මුල් දවස් වල දේශපාලනේ අල්ලන් පොරත් එක්ක රන්ඩු උනා. පිසුසුවෙන් වගේ. ඒවයින් පොඩි ආරෝ ඇති උනා. හැබැයි ඒ වෙලාවට විතරයි. පොඩි ප්‍රතිපාදන කප්පාදුවක් නං කරා. (හැක්) දැන්නං බොහොම බොක්කෙන් ඉන්නේ.. කූඩැල්ල මෙට්ටේ තියන්න බෑයි කියල නිතරම කියනවා..

      Delete
  23. උබගේ යාලුවෝ එල..තොගේ මමන්ඩිට හොදම වැඩේ

    ReplyDelete
    Replies
    1. උන් තව ටිකෙන් මාව ගෙදරිනුත් එළවනවා බං..

      Delete
  24. ඔය වාගෙ වැඩක් මගෙ යාලුවෙකුගෙ මඟුල් ගෙදරදිත් වුණානෙ...කෙල්ලගෙ පැත්තෙන් බොන්න දුන්නෙම නෑ අමද්‍යපයි කිව්ව...අපි ගෙනිහින් බිව්වෙ.
    හෝම් කමින් එකේදි අපි දුන්න නාන්නම...මමයි බාර් එක බාරව හිටියෙ... මෙන්න අර අමද්‍යපයො ඔක්කොම ඇවිත් ලඟ නමාගන්නව හිටු කියල...හොඳම වැඩේ කියන්නෙ අනගාරික ධර්මපාල වාගෙ කියපු මනමාලිගෙ තාත්තත් ඇවිත් ගැහුවනෙ.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්. එහෙම සීන් අනන්තවත් දැකල තියෙනවා. ඒවා කරන්නේ එක්කෝ පුරාජේරුව නැත්නං ලෝබ කමට. අපේ හාදයා නං සිරාවට ම බීමට විරුද්ධයි..

      Delete
  25. මමත් ඔය බිමට නම් ඉස්සර එකහෙලා විරුද්ද වුනාට මගුල් දා බොන්න දෙන්න කට්ටිය තීරණය කලාට මට එච්චර ගානක් වුනේ නැහැ . හැබැයි බොන්න මිසක් නාන්න නොදුන් නිසා කාල බිලා හොඳට සතුටු වෙලයි කට්ටිය ගියේ . රැකියා ස්ථානයේ මගේ අංශයේ ලොකු පොඩි නොබලා හැමදෙනාටම කිවා ..තිබ්බෙත් ළඟ පාත නිසා හැමෝම දවල් කෑම වෙලාවේ ගොඩ වුනේ . නාන්න බිලා ආයේ වැඩට යන්න බැරි නිසා ගාණක් මිම්මක් තිබුණ .කවදාවත් වෙඩිමකට එක්කවත් ආස්සරයක් නැති කෙනෙක් ඉන්නව . මනුස්සය පස්සේ කාලෙක මට කිවේ එයා ගියපු හොඳම මගුල් ගේ කියලයි.

    හැබැයි දෙවෙනි දවසේ පවත්තපු මාමා නන්ස්ටොප් කතා කරද්දී නම් ඔන්න එදා බොන්න දීපු මෝඩකම තේරුණා.

    බිලා වැටි වැටි විකාර කරන යාලු මිත්‍රයෝ එන තැනක් නම් බොන්න නොදෙන එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගානට බොන්න නොදන්න ඇයෝ තමා අවුල බින්දි. උන් තමා මගුල් ගේ වන කරන්නේ. නැත්නං බොන්න දුන්නට ඇත්තටම අවුලක් නෑ. තැන්කුයි මේ පැත්තේ ආවට..

      Delete
  26. අපට නං තව මගුල් ගැන හිතන්නවත් බෑ..

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ තාම බොනවද බං.. හැක්..

      Delete
  27. දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ නිවසේ රෙගුලාසි හේතුවෙන් අදහස් ප්‍රකාශ කිරීම වැළකී සිටිමි...

    ReplyDelete
    Replies
    1. හැක් හැක්. රු 60 ට කොත්තුවක් දෙන්නෙයි එහෙනං..

      Delete
  28. අනේ සංසාරේ මගේ වෙඩිමේ බොන්න විතරමද කොහෙද තිබ්බේ...

    ReplyDelete
    Replies
    1. ඒක තමා ඒක තමා.. උඹ ඉපදිල ඉන්නේ බොන්නමද කොහේද.. හැක්..

      Delete
  29. වෙඩිම අමද්‍යප නම් නොහින් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. කලින් දැනගත්තොත් මාත් එහෙම තමා බං..

      Delete
  30. මගේ මාමණ්ඩියත් එසේමැයි... මගුලට එන්නෙත් නෑ කිව්වා බොන්න දෙනව නම්...

    හැබැ‍යි එක අතකින් ඒකෙන් ලොකු අවුලක් උනෙත් නෑ. අපේ නෑදෑ සෙට් එකක් ඉන්නවා යන යන තැන බීලා මරාගන්න. ඒ කස්ටිය බිව්වා නම් වෙඩිම අනාතයි. ඒ වෙනුවට අපි කලේ සංගීතය පැත්තෙන් උපරිම ආතල් එකක් ලබා දීම...

    මම බොනවා උනත්, මරණෙටයි, දාන ගෙවල් වලටයි, බොන්න නැත්නම් හොඳයි කියලා තමයි මම හිතන්නේ. ඒ වගේ තැන් වල බොන්න තිබ්බත් මම සැට් වෙනවා අඩුයි. මරණයෙන් කම්පා වෙලා ඉන්න මිනිස්සු, දානයක් දීලා බොහොම ශ්‍රද්ධා සිතින් ඉන්න වයසක උන්දලාගේ හිත් රිද්දන වැඩක් තමයි ඕක. බීලා කවුරු හරි කොක්කක් එහෙම දාගත්තොත් වැඩේ තවත් අවුල්. ඒ වගේ තැන් වලදි මම නම් බොන එවුන්ටත් බර බරේ දානවා...

    ReplyDelete
    Replies
    1. බොන කොකු තියේනං මමනං බං පලාතක ඉන්නෑ බොන එක දාලා දුවනවා. වස ලැජ්ජාව නෙව බං එහෙම උනාම..
      බලපං අපේ ග්‍රේට් මාමන්ඩිල නේද බං..

      Delete
  31. ආන්න මාමණ්ඩියා ඒකාලේ අමද්‍යප වීරයා වුනාට අන්න දැන් අම්බානකට ගහනවයි කියන්නේ.
    එකම දුවට වෙච්චි අපරාදේ නිසා...D

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. ටික දවසක් යනකං හිතුවා “අපරාදේ“ කියලා.. හැබැයි දැන්නං ඒක අයින් වෙලා. දුට වැඩිය මාව ෂුවර්.. මිනිහ මරණවයි කිව්වත් නොබොන ජාතියේ පොරක්..

      Delete
  32. ඕක හොඳයි මං දන්න තැනක ඔහොම බොන්න දුන්නේ නෑයි කියල එයාගෙ පුත්තරයගෙ මාර දූතයෝ ටික උරන වෙලා මඟුලෙ හොඳ හරිය එනකොට කොහෙන්දෝ පදමට දාගෙන ඇවිත් යකා නටලා ගුටිත් කාලා.

    ReplyDelete
    Replies
    1. අන්න ඒවා තමා නියම අඤ්ඤකොරොස් සීන්.. ඉතිරි කරපු සල්ලි ටික බල්ලන්ට දෙන්න හිතෙනවා ඔය වගේ වලි ආවොත් නං...

      Delete
  33. පොඩ්ඩක් පරක්කු උනා නෙව මේක දකිද්දි :)

    මගෙ වෙඩිමෙදි බොන්න දෙන්න නැන්දම්ම එක හෙලාම විරුද්ද උනා . . මගෙ තාත්ත වෙඩිමට විරුද්ද උනා (මමත් ඈ). අන්තිමට බොන්නත් දුන්න, වෙඩිමත් උනා
    හොම් කමිං එක ඇල්කම ටාගට් කරල දුන්නෙ මොකද ඒක අපේ පැත්තෙන්නෙ :D

    ප.ලි.
    අපේ නැන්දා උන්දැගෙ පුතාගෙ වෙඩිමට බොන්න දුන්නෙ නෑ විතරක් නෙමේ ඒගැන වෙඩිම දවසෙ උදේ ඉදලම උජාරුවෙන් කියව කියව හිටියෙ
    මම දැක්ක තාත්ත සහ අනිත් බාප්පල, ලොකුතාත්තල සෙට්වෙලා කතාවක යෙදිල ඉන්නව. ටිකකින් කට්ටිය කතා කලා මනමාල මහත්තයට, සල්ලි දුන්න අතට, දීල කිවුව "තොට තොගෙ නෑයො ටික වෙඩිමට ඕනෙ නං තෝම ගිහිං මේ සල්ලිවලට අරක්කු අරං වරෙං" කියල

    ReplyDelete
    Replies
    1. ප්‍රමාදය අවුලක් නෑ කොහෙත්ම.

      මනමාලයත් විරුද්ධ වෙච්ච මගුලක් ඈ.. අන්තිමට හෝම්කමින් එක දවසේ ඇල්කොලික් කියල දවසක් වෙන් කරාද.. අර බාප්පල සැට් එක කොල්ලට කරේ නං නියම වැඩක්. ඒ පාර ඌ ගෙනාවද ගිහිල්ල බඩු... මට පේන්නේ ඕනයගේ ඇගේ තනිකරම ඇල්ක දුවනව වගේ.. හැක්..

      Delete
  34. මාමාණ්ඩියට කිව්වනම් හොදනැද්ද ස්ට්‍රෝක් ඇතිවෙන්නෙ කොලස්ටරෝල් වැඩි උනාම කියලා.වැඩි කොලොස්ටරෝල් දිය වෙන්නෙ ඇල්කොහොල්වලින් විතරයිලු.ඒක තමයි ඩොකාලා කියන්නෙ ්අ ලිට්ල් ෂොට් පර් අ ඩේ,කීප්ස් ඩොක්ටර් අවේ කියලා

    ReplyDelete
    Replies
    1. හැක් උඹ කියන්නේ මට විහිං නැහෙන්න කියලද?? හැක්..

      Delete