Friday, July 5, 2013

සද්ධාසේන (හා..මු.. )සර්!!

හෙමීට ගලා ගෙන යන දොළ පාර අයිනෙන් වැටිච්චි දුඹුරු පාට බොරළු පාරේ වාහන වල බරැති රෝද වලට අහුවෙලා ලොකු ගල් කැට, පොඩි ගල් කැට හැම එකම රෝද සීමාවෙන් එළියට වෙලා බලන් ඉන්නවා. මොන දේ උනත් තැලිච්ච මැට්ට විතරක් හැමදාම විරහ වේදනාව විදිනවා. පාර දෙපැත්ත අයිනේ තියෙන ගල් ටික කවදාවත් අයින් වෙන්නේ නෑ වගේම පාර මැදට එන්නෙත් නෑ. ජීවිතෙත් ඒ වගේද කියල දොළ පාර අයිනේ බෝක්කුව ළගට වෙලා දොළ පාරේ හෙමීට ඇදිල යන ඉදුනු අඹ කොලේ දිහා බලාගෙන තිමිර කල්පනා කරනවා. තිමිර ගේ ලොකුම විනෝදාංශයක් තමා ඔය කොහේ හරි ගමනක් යද්දි, ගස් වලින් වට වෙච්චි තැනකට වෙලා හුදකලාව ඔහේ ටික වෙලාවක් බලන් ඉන්න එක. ඒ වෙලාව තව ටිකක් වැඩි වෙනවා මේ වගේ දොළපාරක්, ගස් කොලන් තියෙන වට පිටාවත් එක්කම හෙමිහිට ගලාගෙන යන කොට. 

තිමිරට මේ පළාත් ටිකක් නුහුරු වෙන්නේ වැඩිය මේ පාරවල් වල එන්නේ නැති හින්දයි. හැබැයි ඉස්කෝලේ ජීවත් වෙච්ච ඒ අකුරු කරපු කාලේ, බයිසිකලේ නැගල කොළු රංචු එක්ක මේ පාරවල් වල ඉහේ කෙස් ගානටම රෑං ගාලා ගියපු ගමන් එහෙම තිමිරට මතක් වෙනවා. ඒ මදිවට මේ දොළ පාරේ, ගෙදරින් හොරෙන් ඇදගෙන ආපු, වැඩි පුර කොට කලිසමේ පිහිටෙන් හැබෑටම නාගත්ත ඒ සුන්දර දවස් පවා මතකෙට එනකොට තරුණ වියට පා තබපු තිමිරගේ කට දෙකොනින් හීන් හිනාවක් ඇදෙනවා. 

බොරළු පාර දිගේ ඉද හිට යන කෙනෙක් ඇස් දෙක තිමිරගේ ශරීරෙ දිහාම තියාගෙන ළගින් යනකොට ඔන්න තිමිරගේ හීන ලෝකය ටික වෙලාවකට බිදෙනවා. ඒ කෙනා ටික දුරක් යනකම්ම හැරි හැරි බලන්නේ, මේ වගේ දේවල් ඇත්තටම මිනිස්සුන්ට පුරුදු නැති හින්දා. අනික යස ඉලන්දාරියෙක් මොකට හොර ගල් අහුලනවද කියල මිනිස්සු බලනවා. බලන කෙනා, දකින කෙනා කොහොම හිතුවත් අන්තිමට ඒ මොන දෙයක්වත් එතැන නෑ කියල කව්රුත් තමන්ගේ ගමන යනවා. 

ඔය අතරේ නිල්පාට ඉරි වැටිච්චි පිජාම සරමක් ඇදගෙන, කහට ගැහිච්චි සුදු පාට කමිසෙකුත් ඇදගෙන දකුණු අතෙන් පන් මල්ලක් අරගෙන පොළවට බරදීලම එන කෙනා ඇහැ ගැටුන ගමන්ම තිමිර කලබල උනා. වෙන වෙලාවට පාරේ යන අය තිමිර දිහා බැලුවට, මේ වෙලාවේ තිමිර පාරේ එන රෑපකාය දිහා හැමදේම අමතක කරල බලන් හිටියා. ඔව්.. තිමිර ටික ටික ඒ රෑපය අනුමාන කරා. තවත් ළගටම එනකොට හැමදේම ප්‍රත්‍යක්ෂ උනා. ඒත් ඒක පිළිගන්න තරම් මානසිකත්වයක් තිමිරට තිබුනේ නෑ. තිමිර කට ඇරගෙනම එක සැරේම නැගිට්ටේ ඒ රෑප කාය එයාගේ ළගටම ආවමයි. තමන් දැකල එක පාරටම නැගිටල, ඇස් දෙක උඩතියාගෙන බලන් ඉන්න මේ තරුණයා දිහා මහළු මනුස්සයා පුදුමෙන් වගේ බැලුවා. ඇස් අතර හුවමාරු වෙච්චි ආලෝක විභවයන්, ඇස තුල මෙන්ම මොළය තුලත් පැලපදියම් වෙලා තිබ්බ නොයෙකුත් රෑප එක්ක ගලපගන්න උත්සාහ කරා. අන්තිමට මහළු මිනිහගේ උත්සාහය හරි ගියා. හෙමින් සැරේ හීන් හිනාවක් එක්කම තිමිර ගාවට කිට්ටු වෙලා,

“ආ.. මේ තිමිර පුතා නේද? මට අදුරගන්නම බැරි උනා. දැං යස ඉලන්දාරියෙක් නේ“

තිමිර තමන් කරන්න ඕන දේ හිත හිත හිටිය මිසක් කිසිම දෙයක් කරෙත් නෑ.. කතා කරෙත් නෑ.. එයාගේ කටින් පිටඋනේ බාගෙට කියවිච්චි අකුරු දෙකක් විතරයි.. “හා..මු“.. ඒකත් එක තැනම ලොප් කරගෙන තිමිර බලන් හිටියා.

“ඔව් පුතා.. ඔයා හිතන එක හරි.. මම සද්ධාසේනම තමා. පුතා කොහේද මේ යන්නේ“

“ආ.. මේ මම. නිකං ඇවිදින්න ආවේ..“

“එහෙමද.. අපේ ගෙවල් පුතා මේ කිට්ටුවමයි තියෙන්නේ.. එන්න පුතා යන්න“

සද්ධාසේන එහෙම කිව්වට තිමිරගේ කකුල පොඩ්ඩක් වත් හෙලවුනේ නෑ. තිමිර තාමත් හිතින් කලබලයි. ඒත් ඒ ඉල්ලීම ඉවත දාන්න බැරි තරම් හේතු කාරණා තිමිරට තිබුනා. සද්ධාසේන කියන ඕන දෙයක් එකපයින්ම කරන්න තිමිර ලෑස්ති වෙලා හිටිය කාලයකුත් තිබුනා. සද්ධාසේනව කාර් එකේ දාගත්ත තිමිර, පාර දිගේ කෙලින්ම බලාගෙන සද්ධාසේනගේ අත් චලනය වෙන දිහාට වාහනය පදවගෙන ගියා. බොරළු පාරෙන් දොළ පන්නන කොන්ක්‍රිට් ලෑල්ලෙන් අමාරුවෙන් වාහනය අරගෙන තවත් ඉස්සරහට යද්දී. පාරක් තිබුනේ නෑ තණකොල උඩින් තමා යන්න උනේ. දෙපැත්තෙන් කෙසෙල් වගාව. පොල් ගස් වල ගම්මිරිස් වැල්. අතරින් පතර ගස්ලබු දෙක තුන තියෙන ගස් පහු කරගෙන වත්ත ඇතුලට වෙන්න තිබුන බාගෙට ගරා වැටුනු සුදු හුණු ගාපු පරණ පන්නයේ පොඩි ගෙයක් ගාව කාරෙක නැවැත්තුවා. ගෙයි ඉස්සරහ සාලය රතුපාටට තිබිල තියෙන්නේ හුග කාලෙකට කලින් කියල තිමිරට හිතුනේ දැං පොළව කහ පාට වෙන්නම කිට්ටු හින්දයි. උස පඩි පෙල් දෙක නැග්ගම කෙලින්ම ආලින්දය. ඒකෙන් දකුණු පැත්තට පරණ පාටට තියෙන දොර.. ඒක කාමරේකට. ආලින්දෙන් වම් පැත්ත බිත්තිය, ඒක ගෙයි සීමවා පෙන්නුවා. පරණ ලැටිස් ගහපු ආලින්දයේ ලී බෝක්කු කණු තුනත් බාගෙට දිරලා. හරියට සද්ධාසේනගේ ජීවිතේ වගේ. ඉස්සරහින්ම තිබ්බ පුටු දෙකෙන් එකකවැල් කැඩිච්ච නිසා සද්ධාසේනගේ ආරාධනයෙන් තිමිර අනිත් පුටුවෙන් වාඩි උනා. තිමිර තව උපකල්පන කරන එක නවත්තල බලන් හිටියේ, සද්ධාසේන කටහට අවදි කරනකං.

“ඉතිං පුතා. ඔයාට පුදුම ඇති නේද මං ගැන.. මං පුතාට උගන්නපු හින්දා මට සර් කියල කියන්න කැමතිනං“

“ආ.. හා.. හා. සර්“

“පුතා මම ඉස්කෝලෙන් පෙන්ෂන් ගියා දැනට අවුරුදු හතකට කලින්. ඊට පස්සේ අවුරුදු දෙකක් විතර යනකං මම පිරිවෙනේ හිටියේ. එහේ ඉගැන්නුවා. ඒක මගේ පන්සල නේ“

“ඊට පස්සේ.. ඇයි සර් සිව්රු ඇරියේ“

“ඒක උනේ මේකයි. මගේ අම්මට අවුරුදු අනු තුනක් වෙනවා. පුතා දන්නවනේ.. මම කියල ඇති අපේ තාත්තා හුගක් කලින් නැති උනේ. “

“ඔව් මට මතකයි“

“මම පෙන්ෂන් ගියාට පස්සේ අම්මා එකතැන් උනා. ඒක හින්දා මට සිද්ධ උනා අම්මා ගැන වැඩි පුර හිතන්න.. ඒ උනත් මට පිරිවෙනේ වැඩත් එක්ක අමාරුයි. උදේට ඇවිල්ල අම්මට කවල පොවල, ඇගපත සෝදල ගියාට, හවස එනකොට ආයේ ඇගපුරාම කැත කුණු ගාගෙන ඉන්නේ. ඉතිං ආයේ හවසට හට්ටියට වතුර තියල අම්මව නාවල කෑම දිලා මම පන්සලට යන කොට මහ රෑ වෙනවා. ඒත් මගේ හිත මට දොස් කියන්න ගත්තා.. අම්මා දුක් විදිද්දි මම මෙහෙට වෙලා ඉන්නවා නේද කියලා. “

“ඒ පාර ද සිව්රු ඇරියේ“

“නෑ. මට මේක තවත් ඉවසන්න බැරි උනා. මම දානෙකට වැඩියත් බඩගින්නේ එක තැන ඉන්න අම්මව මතක් වෙන්න ගත්තා. පිරිවෙනේ සාමනේරයන්ට උගන්නත්දි එකාපාරටම මතක් වෙන්න ගත්තා අම්මා දැං කැතකුණු ගාගෙන ඇති කියලා. ඔය හින්දා ඒ වැඩත් මට හරියට කරගන්න බෑ. මේ හින්දා මම දායක සභාව රැස් කරල මට තියෙන අමාරුව කිව්වා.. සීලයෙන් පිට යන්න උවමනාවක් නෑ අම්මව බලාගන්න ඕන හින්දා මම ආයේ ගිහි ජීවිතේට යනවා කියලා. ඒ උන්දැල මාව විස්වාස කරල මට ලොකු අනුග්‍රහයක් දුන්නා පිට හිටිය මගේ ගෝල නමක් පන්සලේ නවත්තගන්ට. ඒකෙන් මම මුළු ගමටම කියල සරම ඇදගෙන ගෙදර ආවා. මට තාමත් දුකයි මම සරම ඇදගෙන පන්සලෙන් එළියට එනකොට ඒ හැමෝම මට වදිනව දැක්කම. මොනව කරන්නද පුතා.. මට මේ සාසනේ ඕන වෙන්නේ මට එළිය දකින්න.. ඒ උනත් මට ඊට කලින් මගේ අම්මව සතුටෙන් මේ සසරෙන් එතෙර කරන්න ඕන. ඒක නිසා මම දැං නිකම්ම සද්ධාසේන“

තිමිර ඇස් දෙකේ කදුළු පුරෝගෙන සද්ධාසේනට කවදාවත් නැති තරං භක්තියකින් වැදල යන්නං කියල එළියට එනකොටම,.

“පුතේ... මයේ පුතේ... මෙහෙට ඩිංගක් ආවනං“ කියල ඇහුණ කඩහඩට ප්‍රතිචාර දක්වපු සද්ධාසේන,

“අනේ පුතා එහෙනං ආයේ එන්න.. අම්ම කතා කරනවා මම යන්නං. බුදු සරණයි පුතාට“

කාරෙකට නැගල යතුර කරකවපු තිමිරට, අඩන්නේ තමන්ගේ හිතද වාහනේ එන්ජිමද කියන එක නිනව්වක් නැති උනා.

52 comments:

  1. හිතන්ඩ සෑහෙන දේවල් තියෙනවා. වර්තමානයට ගැලපුවොත් නම් වර්තමානයේ බහුතරයක් චීවරධාරියෝ ගැන කලකිරීමක් ඇතිකරවනවා.

    ReplyDelete
    Replies
    1. එහෙනං ඉතිං හිත හිතා හිටහං.. අයියෝ.. තැන්කුයි ඈ.. කලකිරිමක් තියාගන්න එපා.. ඒ හාදයෝ ගැනනං.. අපටම තමා පව..

      Delete
  2. බොරුවට සිවුරෙ ඉඳල පවු කරනවට වැඩිය තමන් වදාපු අම්මට සලකන්න සිවුරු අරින එක ලොකු පිණක්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. බණ දහම් කිව්වට ඒවා පිළිපදින එකක්යැ.. අඩුගානේ මනුස්සකමක් වත් තියෙනං එ ඇති

      Delete
  3. සිල් රකින්න සිවුරම ඕනෙ නැහැ. ගිහියෙක් රහත් වෙලාත් තියනවනේ. ඒ කොහොම වුනත් හිතට එකඟව ජීවත් වෙන්න තියනව නම් ඒ මදෑ.

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්ත එහෙනං නකුලමාතාව එහෙම වේවියැ.. මාත් හිතන්නේ එහෙමයි හිතට එකගව ජීවත් වෙනවා..

      Delete
  4. මේකනම් බොහොම රහයි... ගොඩක් කලකින්.. "මේ විදියේ" කතාවක් කියෙව්වේ.. උබ අර මේ ළඟදී ආපු ෆිල්ම් එක බැලුවද? මට නම මතක නෑ. ඒකෙත් තිබුනේ ටිකක් මේ වගේ කතාවක්...

    ReplyDelete
    Replies
    1. තැන්කුයි මාතලං. පල්ලෙහාත් කියල තිබුනා මාත් ඒක බලල නෑ. හැබැයි මේකත් සත්‍ය අත්දැකීමක කොටහක්

      Delete
  5. මට කියන්න තියෙන්නෙත් උඹ අයියේ මේක ලෙසටම ලියලා තියෙනවා.
    ලෝකෙට පෙන්න සිවුර කරේ දාගෙන රගනවට වඩා තමන්ගේ හදවතට එකගව කටයුතු කිරීමයි වටින්නේ.

    ReplyDelete
    Replies
    1. හරි බං.. ලියන එකා හරියට ලියන්න එපායැ.. නැද්ද... හැක්.

      Delete
  6. ඇත්තටම ඔය වාගේ සිවුරැ ඇරපු අය ඉන්නවා දේෂකයෝ

    ReplyDelete
    Replies
    1. උඹේ කොන්ඩේ වැවෙන්නේ නැත්තේ ඒකද?? හැක්.. විහිළුවට බොල කිව්වේ. ඇත්තටම ඉන්නවා බං

      Delete
  7. අපූරුයි... උඹ ඔය කෙහෙම්මල් දේශනා තිය තිය ඉන්නැතුව මෙන්න මේ වගේ ඒවා ලියපන්.. බලපන් කොච්චර ලස්සනද කියලා...

    එයාට හාමු කිව්වෙ ඇයි ?

    මට මතක් වුනේ පිච්ච මල කතාවෙ රාහුල හාමුදුරුවන්ගෙ දෙවෙනියා. එයත් සිවුරු හරියෙ මේ හේතුවටම වගෙයි මතක..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ "හාමුදුරුවනේ" කියලා කියන්න ඕනේ වුණ එක අතරමග දී නතර වුණා.

      Delete
    2. අන්තිමට බොලා කියාවි මේ මොනාද බොල ලියන්නේ.. අර කලින් වගේ විකාර ටිකක් ලියාගෙන හියු කියලා.. හැක්.. තැන්කුයි හොදේ..

      Delete
    3. @ ධාරා
      ඔයා හරි. ඒක තමා ඔය මගදි ලොප් වෙලා තියෙන්නේ.. සෙන්නා උත්තරේ හම්බ උනා නේද??

      Delete
  8. දේශා බලපන් උඹට කොච්චර හොඳට ලියන්න පුලුවන්ද කියල..!
    විකාර මගුල් ලියන්නෙ නැතිව මෙන්න මේ වගේ රස දෙයක් ලියපන්.

    ඇත්තමයි මේන් මේ වගේ හාමුදුරු කෙනෙකුට දානයක් දෙන්න ඇත්නම්..!

    ReplyDelete
    Replies
    1. ඇත්තට බං මේ වගේ ඉන්නේ හාමුදුරුවොද.. අනේ උඹල කියන විකාර.. තැන්කුයි වීයා.. දැං මටත් හිතෙනව සමහර විට මට ලියන්න පුළුවන්ය කියල. උඹල මුරුංග අතු වලටම මාව නංගල තියෙන හින්දා..

      Delete
  9. කතාව අගේට ලියවිලා තියෙනවා මලේ. මේ වගේ කතා ලියවෙනවානම් මමත් කැමතියි..

    ReplyDelete
    Replies
    1. හම්බෝ ගෙබි අයියා දැක්ක කල්.. කාලෙකින් මේ පැත්තේ.. තැන්කුයි ගාමිණි අයියේ ප්‍රතිචාරෙට..

      Delete
  10. ඇත්තටම මේ කතාව නම් හෙනට හිතට වැදුනා දේශකයෝ..... ලෙසටම ලියල තියෙනවා.....

    ReplyDelete
    Replies
    1. ඔයාට සතුටු නං ඉතිං මටත් සතුටුයි. තැන්කුයි සමනලියෝ..

      Delete
  11. අභිනික්මන ෆිල්ම් ඒෙකත් ෙම් හා සමාන කතාවක් කියවෙන්ෙන්. කෙසේ වෙතත් කතාව නම් රස විනදා.

    ReplyDelete
    Replies
    1. මම ඒකේ සයිනොප්සි එක අද කියෙව්වේ. හැබැටම මේකට සමාන කතාවක් තමා.. හැබැයි මගේ අත්දැකීම අවුරුදු දහයකට විතර එහා ගිය එකක්. ස්තුතියි තරු..

      Delete
  12. කතාව හොදා,,, තව එකක් දාහන් බලන්න ...

    ReplyDelete
    Replies
    1. බලාගෙන හිටහං එහෙනං.. හැක්..අපි අහුවෙයි ඕවට

      Delete
  13. මෙන්න සැබෑ දේශකයා මොනවගේ රචකයෙක්ද කියලා හෙලිවන පෝස්ට් එකක්. මේවගේ ඒවා තව ලියපං බං හැම එකටම හැක් හැක් ගගා හිනාවෙවී ඉන්නෙ නැතුව.

    ReplyDelete
    Replies
    1. හැබෑට බං උඹට කලින් තව එකෙක් කිව්වා තමා වාචාල කමට හැක් හැක් නොගා හිටහං කියල.. අඩුපාඩු පෙන්නා දීම තරං අගනා දෙයක් තවත් තියේද.. තැන්කුයි මචෝ.. ඩුඩේ...

      Delete
  14. පට්ට කතාවක් හිත හිරි වැටෙන විදියට ලියල.
    දේශකය මේ කතාව ඇත්ත කතාවක්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් මේ වගේ දේවල් වෙනවා අයියේ...මෙහෙම මිනිස්සු කොච්චර නම්බුද බලන්න..ගිහි වෙලා හිටියත් ගුණගරුක කමට වඳින්න හිතෙනවා..

      Delete
    2. කෙන්ජි.
      උඹව හිරි වැට්ටුවං ආයේ දෙකක් නෑ කතාවේ රහක් ඇති. නැත්නං ඉතිං උඹව හිරි වට්ටින්න අමාරුයි නෙව.. තැන්කුයි කෙන්ජ්.. අර මුණුපොතේ උපකාර ඉල්ල තිබ්බේ උඹ නේද.. ඕං උපකාර කරා දැක්ක ගමන්ම

      Delete
    3. @ සහන්..
      මට වැදපං එහෙනං.. අපිත් “ගුණඅගුණ“ මිනිස්සු..

      Delete
  15. Replies
    1. ස්තුතියි දමිත්. දමිත් මේ ටිකේ මගේ පස්සෙන්ම පන්නන එක ගැන ලොකු සතුටක් තියෙනවා..

      Delete
  16. හ්ම්ම්ම්ම්ම්ම්..........හිතට දැනුනු කතාවක්..

    ReplyDelete
    Replies
    1. තැන්කුයි තරුවා.. උඹට හිතක් තියේද බං සුවර් එකටම. (හැක් හැක් ගාන්න එපා කියල උපදෙස් ලැබිලයි තියෙන්නේ)

      Delete
  17. //මට මේ සාසනේ ඕන වෙන්නේ මට එළිය දකින්න.. ඒ උනත් මට ඊට කලින් මගේ අම්මව සතුටෙන් මේ සසරෙන් එතෙර කරන්න ඕන. ඒක නිසා මම දැං නිකම්ම සද්ධාසේන“//
    මෙතන අවුලක් තිබුනත් මේ කතාව ටිකක් හදවත හොල්ලන ජාතියෙ එකක්.

    'මට එළිය දැක්මත්' අම්මව සතුටෙන් සසරෙන් එතෙර කිරීමත් දෙකක්ද?
    මං කිව්වෙ නිවන් දැකීම වගේ දෙයක් නොවෙයිද?

    ReplyDelete
    Replies
    1. එතැන මට අවුලක් වෙලා තියෙනවා තමා. දයල් මම එතැන අදහස් කරේ අම්මව සතුටෙන් සසරෙන් එතෙර කරන්න කියන්නේ,, අම්මට මැරෙනක්මම හොදින් සලකනවා කියන එකයි. අනිත් එක නං පැහැදිලිය නෙව..

      Delete
  18. බුදු හාමුදුරුවන්ගේ කාලෙත් හිටියා නේද දෙමව්පියෝ බලා ගන්න සිවුරු ඇරපු හාමුදුරු කෙනෙක්. හ්ම්ම්, හුඟක් සංවේදී කතාවක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ධාරා. කිහිප පොලක්ම හිටියා.. මට මතක විදියට. ස්තුතියි මේ පැත්තේ ආවට..

      Delete
  19. හුගක් දේවල් හිතන්න තියන වටිනා නිර්මාණයක් ...

    ReplyDelete
    Replies
    1. තැන්කුයි රෙහානියෝ..

      Delete
  20. සමහර වෙලාවට මහණ කමට ඇතුළු වෙන අය ඊට ඇතුල් වෙන්නේ කැමැත්තේම තවත් සමහර අකමැත්තෙන් අකමැත්තෙන් සිවු හැරදායන අය එමටයි. ඒත් ථේරපුත්තාභය හාමුදුරුවොත් සිවුර හැර යුද්දෙට ගියා. එවැකි අනස්ථා ඉතිහාසය පුරම හමුවෙනවා.

    ReplyDelete
    Replies
    1. මොන දේ උනත් දරුවෙක්ට දෙමාපියෙක් වයස කාලේ වටිනව කියල හිතෙන එක පෘතග්ජනයෙක් විදියට සරු අදහසක්.. ස්තුතියි දයා..

      Delete
  21. Replies
    1. හා ලියන්ටකෝ අපි එන්නං.. බය වෙන්න එපා. ලියාගෙන යන්න.. රිලේ එකේ වගේ කස්ටිය ටිකක් පහුවෙලා හරි ඒවි

      Delete
  22. පිටින් පේන ගොඩක් දේවල වල ඇතුලාන්තය හරිම සංවේදියි

    ReplyDelete
    Replies
    1. හැබෑටම හුගක් දේවල් වල එහෙමයි. මට පේන්නේ පවුලූෂාත් මොනා හරි දන්නව වගේ.. චිත්ත සන්තානයන් ගැන..

      Delete
  23. ඔන්න හැම ආකාරයකම කතා ලියන්න හැකියාව ඇති බව ඔප්පු කලා. ගවුතම බුදුන් පලවෙනි විවරණය ගත්තෙත් අම්මගෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. තැන්කුයි ලංකා.. ඒකනං ඇත්ත.. අම්මගෙන් ලැබෙන විවරණ වෙන කව්ද දෙන්නේ

      Delete
  24. මේ කතාව මුලින් පටන්ගන්න විදියට නෙවෙයි අන්තිමේ ඉවර වෙන්නේ. වෙනස්ම විදියකට. මට හිතාගන්න බැරි වුනා කතාව ඉවර වෙද්දී.

    ReplyDelete
    Replies
    1. අපි එහෙමයි බොල කතා ලියන්නේ. මුල මැද අග පටලා.. කොහොම උණත් උඹව දැකීම මාරම සතුටක් බං..

      Delete