Tuesday, July 9, 2013

ඊටිං මීටිං

අපි කන හැටි ලිපා දනි කියල කිව්වට අපි බොන හැටි දන්නේ මොකාද කියල ඉතිං ගෙදර උන්දැලවත්, බදින්න කලින් නං අම්මලවත් දන්න එකක්යැ. ඒ විදියට බීල චොර කරගත්ත සීන් ගැන, දෙන්නෙක් එකම දවසේ තමන්ගේ බ්ලොග්කටු වල එල්ලන්ට කියල තමා කතා කරගෙන ඉන්නේ.  ඒක ගැන පොඩ්ඩක් බලාපොරොත්තු තියාගන්න පුළුවන් මොකද, මටත් වැඩිය අනිකා ඒකට සුවර් පොර නිසා. කව්රුවත් නෙමෙයි, නිවාඩුවට සාජා ගිහිල්ල වාහනේ වැනි වැනි ඊළග දවසේ ගෙදරට එන අපේ ගමන් මගේ මගියා තමා අනිකා.

ඔය ආන්ඩුවේ කන්තෝරු වල තියෙනව නෙම හැම වෙලේම මීටිං. සමහර දවසට උදේ නමයට විතර පටන් ගන්න මීටිං පෝලිම සමහර වෙලාවට හැන්දැවේ හය විතර වෙනකම්ම ඇදෙන වෙලාවලුත් තියෙනවා. සමහර මීටිං තියෙනවා උදේට පටන් ගත්තම හවස් වෙනකම්ම ඇදෙන.

ඔය මීටිං වලට එන්නේ මේ අපි වගේ බයියෝ නෙමෙයි නෙව. සමහර එන උන් හිතන් ඉන්නේ උං සක්‍රයගේ අයියල මල්ලිල කියල තමා. උං එක්ක එන මාතලං ලත් (??මේ අපේ යකා නෙමෙයි) ඒ වගේම දෙවියන්ගේ පලු වගේ තමා හැසිරෙන්නේ.

හැම මීටිමක්ම පටන් ගන්න කලින් කරන වැඩ කිහිපයක් තියෙනවා.

1 කොනෆරන්ස් රූම් එක වෙන් කරවා ගැනීම
2 එන්නෙයි කියල ලියුං කරදහි යැවීම
3 ඔන්න ඕක තමා වැදගත්ම දේ... මොනවද දෙන්නේ කියන කාරණය

සාමාන්‍යයෙන් පැය භාගයක් විතර තියෙන පොඩි ටීඊසී (තාක්ෂන ඇගයීම් කමිටුවක්) නං මොනවද චීස් කෑල්ලයි, බිස්කට් දෙක තුකකුයි, ටී එකයි. ඒ චීස් මීටිම

හැබැයි මීටිම පටන් ගන්නේ දහයට කිට්ටු වෙලා නං ඔන්න කෑම ජාති වෙනස් වෙනවා. කේක් කෑල්ලයි, කට්ලට් එකයි, පුවාළු කෙහෙල් ගෙඩියයි, ටී එකයි. ඒ කේක් මීටිම.

සමහර ඒවා තියෙනවා එකොළහට විතර පටන් ගන්නවා. ඒවා ඔය වෙලාව දාගන්නෙම හොර හිතින්. මොකටද දොළහ වෙනකං අදින්න කියල හිතාගෙන. අන්න ඒ වෙලාවට මීටිමේ ඉන්න දිව්‍ය රාජපුත්තරයෝ ඔරලෝසු කරකව කව මීටිමේ ලේකම් දිහා බලන කොට ලේකම් දිවැස් තිබ්බ වගේ තේරුං ගන්නවා. දිව්‍ය රාජපුත්තරයන්ට කෑම තමා ඕන කියලා. ඒ වෙලාවට ලේකම් ට තියෙන්නේ තමන්ගේ ගෝලයට අත වනන එක විතරයි. හැක්.. කෑම ඕඩර් කරල ඕයි තියෙන්නේ. ඒක අරන් එන්න කියල විතරයි කියන්නේ. බලන්නකෝ මුංගේ තියෙන හොර හිත. තව ටික වෙලාවක් යනකොට නිලධාරි මට්ටමින්ම එතැන ඉන්න දිව්‍ය රාජපුත්තරයා ලේකම්ගෙන් අහනවා. “ආ. මිස්ටර් ලේකම්.. මේ මහත්තුරුන්ට ලන්ච් එක දෙමු නේද? එහෙම හොදයි නේද?“ කියල. අනේ මන්ද කවදාවත් නැති තරං කරුණාවෙන් අහන්නේ.

එතකොට ලේකම් නැගිටල හරිම ගැහෙන කටහඩින් කියනවා. “හරි සර්.. චුට්ටක් ඉන්න. දැනටත් කෑම අරන් එනවා ඇති“ කියලා. ඔන්න ඔය වෙලාවට තමා දිව්‍ය රාජපුත්තරයෝ ටික ඔක්කෝම කට ඇරල හිනා වෙලා, මාර විදියට ෆෝම් වෙලා මීටිම රත් කරන්නේ.. ඊට පස්සේ ඉතිං මොනවද, තියෙන හොදම තැනින් සෙට් මෙනු මික්ස්ඩ් ෆරයිඩ් රයිස් එකයි යෝගට් එකයි ලැබෙනවා. හරිම සන්තෝසෙන් කට්ටිය හිනා වෙවි කෑම කනවා. හැබැයි අනේ කෑම වෙලාව හින්දා මීටිම වෙන දවසකට කල් දානවා. මොකද කියන්නේ මේ මීටිමෙන් විතරක් කාලා හරියන එකක්යැ. තව මීටිං තියෙනව හවසට යන්නත්. මේ කෙහෙම්මල් කෑම කකා ඉදල හරියනවද? ඒවට දුවන්න ඕන. අන්න ඔය කෑම මීටිම

තවත් පොඩි මීටින් තියෙනවා ඔය බිඩ් ඕපනින් වගේ. මොලෝ රහක් නැති. මොකක්ද ඉතිං විනාඩි දහයක් යන එකක්යැ. ඔය ටික කඩල අත්සන ගහල, නෝට් ටික දාගන්න. විනාඩි 10 ක් විතර උනාට මොකද, මොනවත් කෑමට නැත්තං අර නිලධාරින් අඩනවා “යකෝ එහෙනං අඩුගානේ යෝගට් එකක්වත් ගෙනැත් දියං“ මුං ඔක්කෝම එකම ලෙවල් එකේ පොරවල් නේ. ඔන්න ඉතිං ඒ මීටිමේ අයිතිකාරයා අරුංගේ කතා මාසයක් විතර අහගන්නේ මොකටද කියල පර්ස් එකෙන් සල්ලි ඇදල ගෝලයට දෙනවා ඔන්න යෝගට් අරන් එන්න කියල. හැක්.. බය වෙන්න එපා.. ඒ සල්ලි ආයෙත් පොකට් එකට එනවා.. රිඉම්බර්ස් කරාම.. ඒවා ලයිට් පාර්ටීස් (හුටා වැරදුනා), ලයිට් මීටිං.

අතිජාත මීටිනුත් තියෙනවා. හැන්දැවේ තුනට පටන් ගන්න. එතකොට ඉස්සෙල්ලම අර කේක්, කට්ටට් සත්කාරෙ දෙන්න ඕන. ඒත් ඔන්න හතරයි තිහ පහුවෙන කොට ඈනුං යනවා. ඇයි දෙයියනේ ගෙදර යන වෙලාවත් පහු වෙලා නෙව. ඒකට මොකද කරන්නේ. ඔව් චීස් කෑල්ලක් බිස්කට් දෙක තුනක් විතර එක්ක ගිලල දැම්මම හරි. හැබැයි හය විතර උනත් මේක නං ඉවර වෙන්නේ නෑ. මේ වගේ මීටිං වල ඉන්නවා හැට හුටාමාරක් දිව්‍ය පුත්තරයෝ. උන් ගේන කෙස් පැලෙන තර්ක වලට ඔළුව බේරගන්නත් අමාරුයි. හැබැයි හයාමාර වෙනකොට ඩිනර් පැකට්ස් ගේන්න කියල නියමයක් තියෙනවා. මොන.. කන්නෑ ගෙදර ගෙනියන්න. ඉතිං සන්තෝසෙන් ඒකත් කිහිල්ලේ ගහගෙන ගෙදර යනවා. ඒවා වැල මීටිං.

තව එක්ස්ටා ස්පෙසල් මීටිං තියෙනවා. හරිම උපාසක දිව්‍ය පුත්තරයෝ මීටිමට එන්න කලින්ම කෝල් කරල කියනවා “පුතා.. අද අපි හත් අට දෙන නෙව මීටිමට එන්නේ. අපි තුන්දෙනෙක්ම වෙජිටේරියන්. ඒක හින්දා හොද පුතා වගේ ඔය ග්‍රේප්ස්, ඇපල්, ඔරෙන්ජ් වගේ ෆෘට්ස් ටිකක් ගේන්න. ඒ ඇති“ කියලා. ඔව් එතකොට කෙසෙල් ගෙඩිත් ගේන්න තරං පුතා කරුණාවන්තයි. වෙජිටේරියන්ල ටී බොනවද??? නැතිව කට කපල ටී එකක් ගහන්න ඕන. නැත්නං කොහොමද මීටිම රන් කරන්නේ.. ඔය පළතුරු මීටිම..

ඔය මොන විකාර කරත් අන්තිමට එකම පොකට් එකෙන් තමා උන්ගේ සංග්‍රහ වියදම් ගෙවන්නේ. මගේ පොකට් එකෙන්. ඇයි උඹේ. ඔව් පල්ලෙහා ගෙදර කුලි වැඩ කරන සිරි අයියත් සපෝට් එක දෙනවා. ඇයි අපේ පොල් කඩන සිමං මිනිහත් ගානක් දෙනවා ඕවට. ඔව් ඔව්.. රට හිටියට හැන්රියලත් සල්ලි එවනවා. ඇයි හැලපෙල ඒ යකත් ඕවට සල්ලි දෙන්න ලෝස් නෑ.

මොනවද ඉතිං අවුරුද්ද අන්තිමට සංග්‍රහ වියදම මිලියනේකට විතර කිට්ටුයි. එතකොට ලබන අවුරුද්දේ බජට් ඇලෝකේෂන් එක. එකවුන්ටන්ට් කාරය නං කියන්නේ “මිස්ටර් දේශකයා ටූ මිලියන්වත් දෙමු නේද?? නෙක්ස්ට් ඉයර් ඉස් අ වෙරි ඉස්පෙෂල් වන්.. ෂුවර්ලි දෙයා විල් බී ලොට් මෝ මීටින්ග් දෑන් දිස් ඉයර්“

“යර්ස් මිස්ටර් එකවුන්ටන්ට්. ලෙට්ස් ඩු දැට්“

හැක් හැක්.. මේවට ඇලෝකේට් කරද්දි ඩෙස්ක්‍රිප්ෂන් එකට “ඊටිං මීටිං“ කියල දානවද කියලයි මම කල්පනා කරේ..

ප ලි/ දේශගේ සීයට කන පැලෙන්න අදහස් දක්වපු අයට හුගක්ම ස්තුතියි. උම්මා... හැබැයි අනේ වෙන වෙනම උත්තර දෙන්න මට හෙට වෙනකං කල් දෙනවනේ.. ප්ලීස්..

67 comments:

  1. හික්ස්! මෙහෙම මිටින් තියනවනම් දිගටම ඔෆිස් එකක ඉන්නම්කො බං!

    ReplyDelete
    Replies
    1. උඹ කියාවි එක දිගට කට එකත් අමරු සීන් එකක් බං

      Delete
  2. යකෝ උඹල උල තියන්නනේ වටින්නේ, මේ අපි දුක් විඳලා හම්බ කරලා ගෙවන බදු වලට වෙන්නේ ඔව්ව තමයි.

    හැබැයි ඉතින් උඹ කෑවේ නැහැ කියල ඔය බිල අඩුවෙන්නෙත් නැහැනේ.කොහෙවත් ඉන්න එව්වෝ කනවට වඩා උඹ කන එක අපිට හිත්වදිනවා...කාපිය කාපිය බඩ දිග අරල කාපිය රජයේ කෑම ...

    ReplyDelete
    Replies
    1. උඹල දෙන්න බෑ කිව්වත් අපි උඹලගේ සල්ලි අරන් කනවා යකෝ..

      Delete
  3. අඩේ අර පොස්ට් එක.. මේ මේ නිකන් ලජ්ජා වගේ එකක් එහෙම නැත්ද දාන්න,,, මොකද රැදී ගැලවෙච්ච සීන් එකක් නිසා...

    ReplyDelete
  4. මීටින් ගැන මම හිතාලෙන හිටිය කෑලිටික ලියල කියල මම හිතුවෙ.

    ReplyDelete
    Replies
    1. මට උඹව මතක් උනා මේකෙදි. ඒ ටික ලිව්වනං හෙම හොදයි නේද

      Delete
  5. අනේ අපේ දුප්පත් සල්ලි ‍බොල දේශකයෝ......................... කමක්නෑ බොලව් කාල බීලවත් හැදෙනවනම් අපිට හිත් වදිනවා......

    ReplyDelete
    Replies
    1. දුප්පත් කව්ද.. අපිද නෑ නෑ අපි නං නෑ

      Delete
  6. ඇයි කජු රටකජු මීටින් නැත්ද? අපේ නම් ඒවත් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඒකනං නෑ ඇනමලයෝ. විස්තරයක් කියන්න එපායැ අපට අහන්න

      Delete
  7. වෙන නාස්තී වල හැටියට මීටීන් වල කෑම දෙන එකෙන් වෙන නාස්තියක් නෑ...ඒක නිකං මෝය කටින් පොල් ලෙල්ලක් ගියා වගේ තමයි..ඊට වඩා නාස්තිය වෙන්නේ ගොන් බුරූ තින්දු තීරන හින්දා

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්ත. බං නාස්තියයි වංචාවයි එකතු උනාම මේ රට වගේ තුන්ගුනයක්වත් සල්ලියක් ඉතුරු කරන්න තිබ්බා..

      Delete
  8. මීටිමක් නම් ඉතින් කන්න මොකවත් නැත්තං මොකට තියනවද?

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ මුං බනිනවා සල්ලි කනවයි කියලා..

      Delete
  9. කෝ එතකොට බෝතල් මීටිං.

    බොලාගෙ ඔය ඔෆිස් එකේ මීටිං තියෙන වෙලාවට අත්පුඩි ගහන්න එහෙම කට්ටිය පිටිං ගන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඕනම එක අමතක වෙලා...ෂෙහ්..!

      Delete
    2. @ ප්‍රසා
      ඒවා වානා මල්ලි.. මේවගේ.. අප්පුඩි ගහන්න ඉන්නවා වැරදිච්ච දවසට

      Delete
    3. @ වීයා
      ඒක අමතක වෙනවා බං දවල්ට.. හැක්

      Delete
  10. දැක්කනේ රාජ්‍යසේවකයින්ගේ වැඩකිඩ.
    අනේ හැබැට යකෝ උඹලා මේතරම්ම කාල එත් මදි නිසාද රටත් කන්නේ..?

    ReplyDelete
    Replies
    1. අපි කන්නෑ බං කන්න දෙනවා මිසක් අහිංසකයන්ට

      Delete
  11. ඔය හූරා කන්නෙ දුප්පත් අහිංසක මහජනතාවගේ දාඩිය මහන්සිය නෙවෙයිනම් වෙන මොනවද

    ReplyDelete
    Replies
    1. අපි මල්ලි ඔය කුනු රෝල් කරගෙන කාගෙවත් දාඩිය කන්නේ නෑ නෙව. සික් ඒවා කන්න පුළුවන් රෑට නං.

      Delete
  12. ඇත්තම කියනවානම් හමුදාවේත් ඔයවගේ මහා පරිමාන සාකච්ඡා තියනවා. ඒවාට එන්නෙත් ලොකුම ලොකු අය. අපිත් ඉතින් සහභාගී වෙනවා. ඒ ජාතියේ සාකච්ඡා වර්ග දෙකක් තියනවා.

    1. NATO = No Action Talk Only

    2. SEATO = Short Eats And Talk Only

    හොඳයි නේද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. Dear Sir, I must first of all clear your mind that everywhere in this world the defense forces are conducting under one command, every Tom, Dick, & Harry, can't make decision weather they can do this and can't do that. Weather the conference or whatsoever, even it is irrelevant to you, you are bound to obey the orders. Please learn the procedures of ARMY.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    2. @ විචාරක
      එ නං දෙකනං පට්ටයි. ආමි එකේ නං කන්න බැරි කට්ටියම තමා ඉන්නේ..

      Delete
    3. @ වැවා ඇන්ඩ් විචාරක
      I think you got what you meant. Thanks for the commanding clarification විචාරක

      Delete
  13. කන බොන එක නම් කමක් නැහැ කියමුකො.බිල ගෙවන්නෙ එක දහයටනේ.
    රට සවාරි වියදම තමා කන්නම බැරි.
    ඉවසන්න බැරි තව වියදම් තියෙනව,
    අපේ රටේ මහ පාරවල් මැද තියෙන වතුර වලවල් වලින් හරක් නාවනව.
    පිටරටවල පාරවල් හදල නම ගහනව ශාන්ත අයියගෙ බත් කඩේට යන පාර කියල.
    වෙන රටවලට මිලියන් ගනං ආධාර කොරනව රටේ අම්මල කන්න නැතිව ළමයි එක්ක ගගේ පැනල මැරෙනව.
    අඩු ගානේ ඉන්න උපදේශකයෝ සේරම අයින් කරල,අර සක්විතියව හිරෙන් නිදොස් කොට නිදහස් කොරගෙන තමන්ගෙ එකම උපදේශකය කරලා මුලු ලෝකෙටම පොලු තියන ගේමක් දුන්න නම් ලංකාව කොහොමට හිටීවිද?
    ඔය නය පොලු වලට ජිනීවා කේස් නැහැනෙ.

    ReplyDelete
    Replies
    1. අපොයි අපොයි අපි කවදාවත් ඔය තරං දුර හිතල නෑ.. අඩුගානේ හිතවත් ඇමතිතුමාවත්.. උඹල මේ රට ඉදගෙන බොරුවට කෑගානවා. අපිනේ දන්නේ අපි රට ගොඩ නගන්න නගන දහිරිය.. හැක්

      Delete
  14. මේ කියල තියෙන ටික නං ඇත්තම ඇත්ත මලේ. මීටිං තියෙන තරමට ආණ්ඩුවෙ දෙපාර්තමේන්තු කාර්‍යක්ෂම වෙනවා නං ලංකාව මේ වෙනකොට බැබලි බැබලි තියෙන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. ඒවා ඉතිං ඊටින් මීටින්ං තමා අයියේ..

      Delete
  15. ආන්ඩුවේ නෙමෙයි බන් ප්‍රයිවට් තැන්වලත් ඕකම තමයි. සමහර උන් එන්නේ කන්නම බලාගෙන. හොඳම සංග්‍රහ තිබුනේ සෙලින්කෝ ගෲප් එකේ ඉන්න කාළේ. අපරාදේ කියන්නේ කොතලාවල මහත්තයා, කන බොන ඒවට කිසි ලෝස් බෝස් නෑ. කොහෙද අන්තිම කාළේ කාළකන්නි ටිකක් දාගෙන අන්තීමෙදි මිනිහත් හිරේ ගියා..

    ReplyDelete
    Replies
    1. කොතලාවල කෑවේ තමන්ගේ කුලේ උන් ගන්න ගිහිං නැද්ද මං අහන්නේ.. මොන ආයතනනෙත් එහෙම තමා බං

      Delete
  16. එතකොට දේශකයා ඉන්නේ මේ මුදල් පාලනේ කොරන ආයතනේ වගේ තේරෙන්නේ. හොදා හොදා.. 100 පාටිය අමතක වුණාවත් ද? අපට මොන මීටින් ද දාමු පාටියක්.

    ReplyDelete
    Replies
    1. අපොයි බං මම ලියන ඒවට බොලා අහුවෙන්න එපා.. 100 පාටියට මීටිමක් දාන්න හිතුවේ. හැක්.

      Delete
  17. ඇත්තෙන්ම!

    මම තව නෝට් කරලා තියෙන දෙයක් තමයි දේශකයා ඔය වගේ කෑම දෙන වෙලාවට පොරවල් චිකන් බෙදාගන්න හැටි. මාර කෑදරයි බං.

    ReplyDelete
    Replies
    1. මාත් බුෆේ වලට ගියාම අන්න ඒ ජාතියේ පොරක්. බත් ඩිංගයි මාළු මස් තමා වැඩියෙන් ගන්නේ.. උඹත් බලන ඒවා..

      Delete
  18. යකෝ ඔය මීටින්වල්ට එන උන් ඉස්ඉස්සෙල්ලම කෑමක් කන්නෙ එදාමද ?

    ඒත් ඇයි උඹ අර අහිංසක හෙන්රියගෙන්, හැලපෙයගෙන් සල්ලි අර ගන්නෙ ඒවට ?

    මාතලං නෙමේ යකෝ මාතලී..

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුවට සල්ලි කොහෙන්ද එන්නේ?

      Delete
    2. ඒකනේ සෙන්නා. පව් ඕයි අපි.

      Delete
    3. @ සෙන්නා
      කරන්න දෙයක් නෑ බං උන් සල්ලි දෙනවා නෙව.. හැක්. මාතලී තමා සුට්ටක් වැරදුනා. තැන්කුයි

      Delete
    4. @ තිසර
      උඹලගෙන් තමා බං..හිහි

      Delete
    5. @ ඩුඩේ
      පව්.. වැඩිය කෑගැගුවොත් මාස 6 කට සැරයක් සල්ලි ගන්න නියම කරනවා..

      Delete
  19. කාල හරි හැදෙනා නම් කමක් නැ.එකත් නැනේ.

    ReplyDelete
    Replies
    1. කාලා කෝහේද බං හැදෙන්නේ.. තියාගන්න බෑ නෙව කාපු ඒවා

      Delete
  20. මාර දේශණයක්නේ බොල මේක , තොපිට හෙන ගහන්ඩ එපැයි

    ReplyDelete
    Replies
    1. හා දැං උඹ කිව්වම හෙන ගහයි. එහෙනං යකෝ මේ ලංකාව කෑලි ප්‍රෙකාටියකට විතර කැඩෙන්න ඕන.. මං කිව්වේ බොටත් එක්ක..

      Delete
  21. ඔය මීටිං වල හොඳ නරකත් මනින්නේ කෑමෙන්. කොහොමද බං මීටිං එක? අහුවහම එක්කෝ, "වැඩක් නෑ බං, රෝල් එක කටේ තියන්න බෑ", නැත්නම් "පට්ටයි බං එල ෆ්‍රයිඩ් රයිස් එකක් තිබ්බා" වගේ.

    ඔය මීටිං වැඩිය, වියදම වැඩිය කියන ප්‍රශ්නේ ගැන කතා කරන්න, මීටිමක් තිබ්බේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. හික් හික්. අන්න කතාව. කොස්ට් කටින් ගැන තමා වැඩිපුර කතා කරන්නේ චීස් කෑල්ලක් රස කර කර කන ගමං

      Delete
  22. ඔහොම කාල කාල කාලෙ කෑවම වැඩකරන ටික දෙනෙකුට මුලු රටක්ම අදින්න වෙනවා. මක් වෙනවද දේශො.. අපේ රටේ මගුල් කනවා මරණ කනවා කොටහලු මඟුල් කනවා.උපන් දින කනවා ඉතින් මොකෝ මීටිං කෑවාම.. රටම කන එකනෙ..

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් රටම කන එක තරං සුන්දර දෙයක් තවත් නෑ ඒකනේ අපි උඩ පැනල ඡන්දේ දෙන්නේ

      Delete
  23. අඩේ ඒවගේ මීටීම් දහ පහලවකට ගිහින් කාලා මැරුණත් පාඩු නෑ වගේ..

    ReplyDelete
    Replies
    1. කෑම වල අගුණයක්ද මන්ද. එක මීටිමකින් කෑවොත් ඒක අවුරුද්දක් විතර එක දිගටම කන්න වෙනවා..

      Delete
  24. මේ කතාවනම් සම්පූර්ණ ඇත්ත, රාජ්‍ය අංශයේ පමණක් නෙවෙයි පුද්ගලික අංශයෙත් එහෙමයි. තෑම විතරයි. මේ සම්මජ්ජාතියේ තීරනයක් නම් ගන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. සම්පුරුණ ඇත්ත ඕවගෙන් සත පහක වැඩක් නෑ තමා..

      Delete
  25. ඔවුව ඉතින් ඈතුවත් බෑරි නෑතුවත් බෑරි ජතියක් තමා.මමත් ගන්නව මිටිමක් මගෙ සෙට් එකෙ කෙලින්ම පටන් ගන්නෙ 3.30 ට.කොහොම හරි 6.00 වෙනකන් ඈදගෙන යනව.ඉට පස්සෙ තෑන මාරු කරල රෑ 11.00 විතර වෙනකන් නිකන්ම යනව

    ReplyDelete
    Replies
    1. ඒ මීටිං නං කමක් නෑ. එහෙම මීටිං තියෙන දවසට කලින් කියන්නකෝ අනේ.. අපිත් ආසයි සාකච්ඡා කරන ප්‍රශ්න විසදගන්න එළිවෙනකං හරි

      Delete
  26. ඊටිං මීටිං.... හෙහ්... මරු මීටින් තමා.....

    ReplyDelete
    Replies
    1. අද කෑම මිටිං දෙකක් තුනක් තියෙවා කියල කියන කොට බොසා රව රව යන්නේ.. හැක්

      Delete
  27. ඔන්න ඔහොමලු වෙන්නෙ..

    ReplyDelete
  28. මීටින් , මං නං රස්සාවක කැමතිම කොටස,
    වැඩ වලින් ඈත්ව
    කතාවලට සවන් දෙමින්
    කෑම කමින්..
    හැම දාම මේ වගේනම් කොච්චර හොඳද කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. හෙට ඊට වඩා කෑම ලැබේවා කියල පතනවා..

      Delete
  29. ඔන්න බලපං මේ දුෂ්ටයො අහිංසකයන්ගෙ මීටිං වලට කියන කැත කතා...මීටිං නැත්නං කොහොමද යකෝ රට ගොඩනගන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඒක නෙව කියන්නේ. රට මේ තරං දියුණු උනේ ඔය ඊටින් මීටිං නිසා නෙව.. බොට ඒක තේරුනා නේද හැලපයියේ..

      Delete