Monday, July 8, 2013

සීශාගේ දේය....!!

මාරයි අප්පා මේ ජීවිතේ... හැබෑටම අවුරුද්දකටත් කිට්ටු වෙන්නම ආවා. ඒ අතරේ ඔය හෙමීහිට හෙමිහිට එක එක විකාර කොට කොට ඇවිල්ල, මෙතන ටිකක් පැලපදියං වෙන්න කියල හැදුව විතරයි, ඕං ආයේ ආපස්සට හිතන්න මගුලක් ඇවිත්. දන්නවනේ මම කොහෙමයි මේ ලෝකේට කඩා පාත් උනේ කියලා.. නොදන්න එකෙක් ඉන්නවනං මං මොනවද දන්නේ කියල බලා කියාගෙනම ආවනං හොදා. හැබැයි ඒක බලල ඇවිල්ල මෙතන විකාර කියවන්න එපා. මොකද ඒකේ තියෙන විකාර වලට ඔය රාජ් එහෙම ඔල්මොරොන්දං වෙලා.. දෙපාරක් ම කියවල තියෙනවා.. හැක්.

මගේ මව, පියා දෙන්නම එකෙක්. ඒ වගේම මම ඉපදෙන්න ඉන්න කොට බලෙන්ම අඩු වයසෙන් ඇදල මේ ලෝකේට විසි කරල දැම්මෙත් මිනිහම තමා. ඒක හින්දා ඒ යකාටත් ලොකු ස්තුතියක් තියෙන්න ඕන නෙව.. මොකාද ඉදිං අර රාවණාවතාරයේ පිහිටෙන්, රාවණා ගොයියෝ ටික සක්වල ගහල පරලොව යැව්ව උතුමා තමා.. එතුමා මීජයා.. ඒ යකාට ස්තුතියි මට මේ වගේ ලෝකයක් තියෙන විත්තිය පෙන්නල දුන්න එකට. කතාවක් තියෙනවා නෙව,.. “වැටුන එකාට අත දීල නැගිට්ටපු එකාට වැඩිය, දනගාද්දි ඇවිදිදින්න අත දීපු එකාය වඩා වටින්නේ කියලා“

ඒකට කාරි නෑ. මේ වැල්වටාරං කිව්වේ ඔන්න දේශකයා සීයක් ගැහුවලු පෝස්ට්කටු.. ඒකට ඉතිං මට ලොකු ශක්තියක් උනේ ඔබ සියළු දෙනා තමා. මම එච්චර දුර යන්න හිතපු එකෙක් නෙමෙයි. අනික මෙලෝ දෙයක් නොදැන (???) මක්කහරි සීයක් ලියනවයි කියන එකත් සුළු පටු රාජකාරියක්ද? අපේ මාතලං ගොයියට නං දවසකට ලියන්න කරුණු කාරණා සීයක් හමාරක් හෙම තියෙනවනේ. අපිට කොහේන්ද ඔය පොලිටිකල් උනක්.. හැක්.

හැබෑටම මටත් පුදුමයි මම මෙහෙම ලියන්න ගත්තු එකට. කිසිම දෙයක් ලියන්නෑ කියල හිතාගෙන හිටිය මම, කලින් ලියල තිබ්බ හැම දේම, කවි, ගේය පද රචනා, කෙටි කතා, නවකතා, පරිවර්තන, වරිතෝපදාන මහ ලොට් එකක් (සිරාවට මම සයි ෆයි දෙක තුනකුත් ලිව්ව නෙව) හිතට ආපු එකම ආවේගෙකින් විනාශ කරල දැම්මා. අර ඩුඩේ කාරයා කිව්ව වගේ ඒක කොයි තරං අපරාධයක්ද කියල දැං තමයි තේරුනේ.. පව කියන දේ වළක්වන්න අමරුයි නෙව. ඒක කිව්වම තමා මතක් උනේ අපේ අයිලාෂ් සීයට අනං මනං කියල මාත් හෙන පව්ගොඩක් පුරවගෙන ඉන්නේ.. හැක්.. මිනිහා මාත් එක්ක තරහද මන්ද, තව කව්ද අපේ සුදීකයා. මිනිහත් තරහද මන්ද.. කොහොම උනත් එකක් කියන්න ඕන. දේශකයා හුගක් වෙලාවට හිතට එන දේ කියල දාන එකෙක් මිසක් අමාරුවෙක් වචන ගලපල ලියන එකෙක් නෙමෙයි. ඒක නිසා මම දාපු ප්‍රතිචාර වලින් කාගේ හරි හිත රිදෙන්න රිදෙන්න වගේ ගත්තනං මට කමක් නෑ.. හපොයි නැ.. කනගාටුයි කියන්නයි ඕන.. මේක මේ මගේ මලගම නෙමෙයි තමා. ඒත් අර සහනයා කරල තිබ්බ වැඩේ කව්රු අනුමත කරත්, ඒක, හරියට ජීවත් වෙන මිනිහෙක් මැරිලද කියල මුට්ටිය දාලා බලපු ගොං වැඩක් කියලයි මට හිතෙන්නේ. ඒක ඊට වඩා ක්‍රමවත්ව හොයන්න තිබ්බා. නිකං මිනිස්සු නොමර හිටහං සහන්.. හැක්. උඹ ඉතිං මගේ මිත්තරයෙක්ද කොහේද හින්දා මම කියන දේට උඹ තරහ නොවෙන විත්තිය දන්නවා.

සීයක් ලිව්වට ශක්තිය උනේ ඔබ හැම දෙනාම තමා. නම් වශයෙන් කියන්න ගත්තොත් තොපි කීපදෙනෙක් මාත් එක්ක තරහ වෙන නිසා එකෙක්ගෙ වත් නමක් කියන්නේ නෑ. එච්චරයි. මට සන්තෝසයි.. හිතපු නැති ගමනක් ඇවිල්ල.. කවදාවත් බලාපොරොත්තු නොවුන මිත්‍ර සංගමයක් ලැබුණු එක ගැන. හැම දේටම වඩා සන්තෝස මේ යක්කු ගහගන්න එකට.. මට හිනාවෙන්න බැරිය ඇති පදමට. හිහි..

එහෙනං මට ජය වේවා.. බොලා එකතු වෙලා මට ජයම ගෙනේවා.. මරණ මංචකේ වෙනකම්ම කොටා බාන්න තමා අදහස. (කට ඉස්සර උනාද මන්ද??) . සන්තෝසෙට තමා මේක දැම්මේ.. කියන්න දෙයක් තියෙනං තෙපර නොබා කියන එකයි ඇත්තේ. මං ඔය මට කුනුහරුප වැලක් කිව්වත් කන් දෙක ඕෆ් කරං ඉන්න එකා නෙව...

84 comments:

  1. මුළින්ම සීයට සුබ පැතුම් මගෙන්... උඹේ පළවෙනි පෝස්ට් එකටත් පළවෙනි කමෙන්ට් එක දැම්මේ මමනේ... :D

    හිටපන් මේක පබ්ලිෂ් කරලා ඉන්න වෙන එකෙක් කප් එක උස්සන්න කලියෙන්..

    ReplyDelete
    Replies
    1. රායිටෝ දැන් එමු නිදහසේ කතා බහ කරන්න..

      සරත් කරදරයක් නැතුව ඉන්නවා නම් කොහොමවත් මාස දෙකක් නිශ්ශබ්දව ඉන්නේ නැහැ..එයාගේ මාස 12 විතර ලොගින් බැලුවම ඒක තේරෙනවා..ආගමික අන්තවාදය තදින් ක්‍රියාත්මක තැනක , සුපුරුදු ක්‍රමය වෙනස් වෙලා කෙනෙක් හිටි හැටියේ අතුරුදහන් වීමකදී හොයන්න වෙනවා දේශා..

      මාස දෙකක් තිස්සේ නැති වෙද්දී මම සරත් අයියා ගැන දිගටම silently හෙව්වා . . ඔහොම ඉන්න අතරේ මට තේරුණා එයා ලොග් වෙන pc වලින් දිගටම ට්‍රැෆික් එන බව සරත් පේන්න නොහිටියත්..හරියට කෙනෙක් සරත්ගේ හිස්ට්‍රි චෙක් එකක් ගන්නවා වගේ දෙයක්. ආන්න එතැනදී මට පෙනුණා මොකක් හෝ අමුත්තක් වෙන බව හොර රහසේ.. එයා ලොකු විපතක වැටිලා නම් ඒ ගැන හෙවීමෙනුත් පලක් නැහැ කියලා දැනුණා වැඩ කරපු ආයතනේට කතා කරලා.( ඕවා උඹට තේරෙන්නේ නැහැ ) බැරිම තැන තමයි මම පෝස්ට් එකක් දැම්මේ මෙයාගේ ලංකාවේ කෙනෙක්ව හරි මුණගැසීමේ බලාපොරොත්තුවෙන්..

      Delete
    2. සහන් මහත්තයා නොදන්න කමට අහන්නේ ඔබ රහස් පරික්ෂකයෙක් ද හැකර් කෙනෙක් ද? නැතිවුණු යාලුවා හොයන්න ඔබෙ කලේ හැක් කිරීම නේද? බයේ බෑ.

      Delete
    3. අපෝ නැහැ මම ඔය දේවල් ගැන දන්නේ නැහැ "සෙන්කොලයා "..සරත් අයියා පේන්න නැති නිසා ටිකක් හොයලා බැලුවා..එච්චරයි...

      Delete
    4. තැන්කුයි සහන්.. ඔව් ඔව් මට ඒක හොදට මතකයි..

      Delete
    5. @ සෙංකෝලයා.. මෙහෙමයි හැක් කරන්න නං ඕන නෑ මේ විස්තර හොයාගන්න. ටෙක්නිකල් ඩිටේල්ස් ඕන තරං ගන්න පුළුවන් විදි තියෙනවා..

      Delete
    6. @ සහන් මේ උඹේ දෙවැනි එකටයි උත්තරේ.. ටෙක්නිකල් මැටර්ස් ඕල්වේයි නොට් කරෙක්ට්.. උඹට කරන්න තිබ්බ හොදම දේ මගෙන් අහන්න තිබ්බා.. නිකං මැරුච්ච ගානට කතා හදන්නේ නැතිව.. හැක්

      Delete
  2. සීයට දෙසීයක් ආවඩා, ආයුබෝ වේවා!

    ReplyDelete
    Replies
    1. CONGRATULATIONS, = KIYANNA DEWAL NAM THIYANAWA, KUNUHARUPAMA NEVE, KUNUHARUPA WALATA CLOSE DEVAL. KIWWOTH UDA INNA MAGE YAHALUWATA THARAHA YANAWA.

      Delete
    2. තැන්කුයි වේවා කකා මහතාණෙනි..

      Delete
    3. @ කැපිටල් ඇනමලයා
      අනේ කොයි තරං දෙයක්ද ආපු එක. තැන්කුයි වෙරි මච්.. ඔව් ඔව් කකා තරහ ගැස්සන්න හොද නෑ මිනිහට ගැස්ටික්..හික්

      Delete
  3. අඩේ උඹ සෙන්චරිය ගැහුවද බොල. එල එල රස්නේ හොඳ ඉච්චාවක් !!!! උඹට තව ලියහන් තව ලියහන් ...

    ReplyDelete
    Replies
    1. ගැහුවද අහනවා. තැන්කුයි මචෝ..

      Delete
  4. සීයට සුභපැතුම්! නෑ නෑ සීය කිව්වෙ උඹට නෙවේ, 100ට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි එම් රාජ්.. ගොඩක් උඹ තමා ඉතිං ඉස්සෙල්ම මගේ බ්ලොග් රෝල ඒක අමතක නෑ..

      Delete
  5. සීයට සුබ පැතුම් !!

    (ගහපු කමෙන්ට් එක මකලා දැම්මා. බීරි අලින්ට වීණා ගහලා වැඩක් නැති නිසා)

    ReplyDelete
    Replies
    1. සුභ පැතුම් සෙන්නා.. උඹ ඉතිං මගේ තරහකාරය වගේ පස්සෙන්ම එනවා නෙව.. (ඔය ඕන දෙයක් කියල ඇරපං බං)

      Delete
  6. ඔබගේ 100 වෙනි පොස්ටුවට මගෙන් සුබ පැතුම් මිත්‍රයා.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි මිත්‍රයා

      Delete
  7. මුලින්ම උබට මගෙ සුබ පෑතුම්.කලින් පොස්ට් කියන්වන්න ඔනකියල හිතුන බ්ලොග් එකක්.එ උනට කියවන්න උනෙ නෑ උබ නිතරම අලුත් කරල තිබුන නිසා.එකයි උබට මම පස්සෙන්ම කියල දෑනුනෙ.අනික උබ සහන්ගෙ වෑඩෙ දෑක්කෙ වෑරදි තෑනකින්.සහන් කිවුවනම් සරත් ටික දවසකින් නෑ කියල විතරක් කවුරුත් හොයන්න නෑ.තව ටිකක් බලමු කියයි.සහන් හොයන්න ගත්තෙත් අනිත් අය උනන්දු උනෙත් එ තන තිබුන අනිත් කාරන නිසා.සහන් එක කියන්නම ඔන මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දමියෝ. මේ ටිකේම පස්සෙන් පැන්නව එකට සන්තෝසෙටයි ඒක කිව්වේ. ඔක්කොම කියවන්න හිතුනද බොට වමනේ ගියොත් මම නෑ.. හැක්.. සහන් කරපු වැඩේ හරි.. ඒත් ඊට වඩා ප්‍රැක්ටිකල් උනා නං ඕක ඔයිට වැඩිය ලේසියෙන් කරගන්න තිබුනා.. මම කියන්නේ ඒකයි ඕක ගොං පාර්ට් එකක් කියලා..

      Delete
  8. සීය ටයි සීයටයි සුබ පැතුම්. බ්ලොග් ලියන්න පුරුදු උනාම අබිං කෑව වගේ තමා අතඅරින්න බෑ. ඉතිං මොනවහරි ලියන්න වෙනව. (මේක මට අදාල නෑ හොඳ් :D)

    එහෙනං ඉතිං අද කරටි කැඩෙන්න ගහයි සන්තෝසෙටත් එක්ක.

    ReplyDelete
    Replies
    1. ඕක මටත් අදාලා නෑ.. හෙහ් හෙහ්...

      Delete
    2. මේ ඉන්නේ අපිත් පෝලිමේ..

      Delete
    3. @ ප්‍රසා
      සීයගේ සුභපැතුම පිළිගත්ත ඕං.. හැබෑට හැබෑට අවුරුද්දකට සැරයක් හරි ලියන්නම වෙනව.. අබිං කෑව වගේ නෙව..

      Delete
    4. @ සෙන්නා
      උඹ හිතන්න එපා බොට චැන්ස් එක වැදිල තියෙන්නේ මේ ලංකාවේ සුපිරි පාරවල් වල කරක් ගහන හින්දයි. උඹ මෙහෙං ගිය දවසේ ඉදල ඒක උඹට අදාල නැ.. හරිද සබ්මැරිනේ ගිලෙනවා යකෝ. ඉක්මනට පලයං

      Delete
    5. @ සැන්ඩරයා
      කනගාටුවෙන් උනත් ඉතිං ඒක උඹට අදාළයි තමා.. නැද්ද ප්‍රසා..

      Delete
  9. අඩෝ නම උඩින්ම දාල කමෙන්ටුව ස්පෑම් කිරිල්ල හොඳ නෑ බොල!

    ReplyDelete
    Replies
    1. හරි හරි වැරදිල ගිහිල්ල. උඹ කියන්නේ බං මම රිප්ලයි කරන ඒවත් ස්පෑම් අස්සේ රිංගනවා නෙව.. මේ මගේම එකේ..

      Delete
  10. මගේත් සුභ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගුඩ්මෝර්නිං

      Delete
  11. සුබ පැතුම්! සුබ පැතුම්!

    ReplyDelete
  12. සීයට

    ආයිබෝ වේවා... දේශකයානනි.....!!!

    ReplyDelete
    Replies
    1. සීයට ආයුබෝ උනොත් ඉතිං ලියල හමාරයි බොල..

      Delete
  13. දේශකයට ජයවෙන්නට
    හොඳ හොඳ දේ ලියවෙන්නට
    සීයේ ආතල් ගන්නට
    සෙට් වෙනවද අද හවසට

    ReplyDelete
    Replies
    1. සෙට් වෙන්නට අද හවසට
      අනේ හැබෑට බොට පිස්සුද
      ආතල් දැං කනේ ගිහින්
      පයිත්තියං වෙලා ඉන්නේ.

      තැන්කුයි පව්ලූෂා

      Delete
  14. චැක් අපේම කරුමෙ, නෑ මුකුත් කිව්වෙ නෑ. මාත් එහෙනම් මූනිච්චවට හිනා වෙලා සුභ පතනව.

    අර බොට කලටිපොල් උනක් නෑ කිව්ව එක නම් අමු බොරුවක්, මාතලන්ට කලටිපොල් උනක් තියෙන්නෙ. බොට තියෙන්නෙ කලටිපොල් සෙමක්, තෝ ඒක ඉංගිරීසි බෙහෙත් බීල කර කොරගෙන ඉන්නෙ. පින්නට අහු උනහම කිවිසුම් යනව මං අනන්තවත් දැකල තියනව, මට නම් එව්ව රසයි.

    චැක්, දැන් මගෙ භාෂාව අන්තිම කැතයිනොවැ.

    ReplyDelete
    Replies
    1. උඹට රහනං එච්චරයි.. චැක් චැක්.. උඹත් ඉතිං ඔය මම හැක් හැක් ගාලා කාපු පරිප්පුවම කන්න හදන්නේ. තැන්ක්ස් දේශ්..

      Delete
  15. දේශක සීයට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! :) :)

    ReplyDelete
    Replies
    1. එම්බල රජ කොල්ල, කැත කතා නොකියව.. හැක් හැක්.. තැන්කුයි රජෝ..

      Delete
  16. තව තවත් නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්්‍යය ලැබේවා. මගෙන් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මත්තෝ.. හුගක්ම

      Delete
  17. සීයාට ...නෑ නෑ වැරදුනා ...සීයට සුභ පැතුම් !

    ReplyDelete
    Replies
    1. වැරදුනා කිව්ව හින්ද සමාව දෙනවා නැත්නං ඉතිං මම තෝව කනවා.. තැන්කුයි රෙහානියෝ. බොලා ඉතිං අපිට හයියක් නෙව

      Delete
  18. බ්ලොග් ලියන ලොකු තොරෙක් ගාවටනේ හා හපුරා කියලා ඇවිත් ඉන්නේ. මෙතැන 100 ගහන කොට මං අද පළවැනි එක දානවා. මං වගේ කූනිස්සෙක් ඉතිං කොහොම සුබ පතන්නද? දිගටම ඉදිමින් 1000ක් ඉක්මනටම ගහන්න ලැබේවා. ඒ එක්කම ඇවිත් යන්න එන්න මං පටන් ගත්තු එක පැත්තටත්.
    සෙන්කෝලය අලුත් බ්ලොග් සඟරාවේ අමලුත් ලිපිය
    රෙද්දේ ගූ මහත්තයාගේ කතාවස්තුව හෙවත් ඉන්ද්‍රපාල

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්කෝලයෝ.. උම ඔය තෝර කතාවට මාතලං ගොයියගෙන් දෙකක් නාහා හිටි එක පුරුවේ වාසනාවක්.. එහෙම මගුලක් නෑ බොල.. ලියනවනං හැම එකාම එකයි. අපොයි අමතක උනා කියවන උනුත් එහෙමයි.. මම ආවා නේද ඒ පැත්තේ.. මොකක් හරි ගිනිවිජ්ජුම්බරයක් උනා එතැන..

      Delete
  19. දේශකයාගේ සීයට ජය වේවා!

    ReplyDelete
  20. 100ta jaya :D
    oya 100n ekak mage :P
    jaya wewaa!

    ReplyDelete
    Replies
    1. අපොයි උඹත් පැන්නද වැට කාලෙකට පස්සේ.. හැක්.. එකක් උඹේ තමා. සුවර් එකටම තැන්කුයි මුදියෝ..

      Delete
  21. ඒ උඹේ සීයෙන් හති හලාන මට කියවන්න තව ටිකක් තියේ,.. මට බය උඹ ඒ ටික කියවන එද්දී තව පන්සීයක්‌ විතර ගහල තියාවි කියල. ඒත් එහෙම වේවා කියල මං යටි හිතින් ප්‍රර්ථනා කරනවා... :)

    ReplyDelete
    Replies
    1. හරි හරි බය නොවී හිටහං සැන්ඩරයෝ. දැං ටිකක් හෙමීට තමා දාන්නේ.. ජයම වේවා.. අනේ මුණුපොතේ හරි බලාගන්න තිබ්බ චෑන්ස් එක නැති උනානෙව උඹව.

      Delete
  22. අද බොන්න වටින දවසක්නේ. කොචිචි නැතුව අද ගෙදර උදේ ඉදන් ජාලේ අවුල් දැන් තමා ගොඩ වැදුණේ.
    හදවතින්ම සුබ පැතුම් දේශකයා. බොහොම ඉක්මනින් කාලේ යනවා. දැනෙන්නෙවත් නැ. කීයට ද සමරන්නේ 100ය.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි නලියෝ.. උඹ වගේ උන් හින්දා තමා මේක මෙච්චර අදින්නේ. නැත්නං අතෑරල දානවා.. හැක්.. බොන්න. මතක් කරන්න එපා.. ධනපාලය පැත්ත පලාතක ආවේ නෑ කාලෙකින්ම

      Delete
  23. 100 ට ජය.!
    සමරන්නෙ ගෙදර ඉදන්.
    නලිය අඩ ගැහැව්වට ගෙදරින් එලියට යනව නෙමේ.
    බොට එලියට ගිහිල්ල බිව්වොත් පහුවදාට ගෙදර එන ලෙඩක් නෙ තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනිවා.. නලියට අහුවෙයි මම.. තැන්කුයි කෙන්ජ්යෝ. උඹේ ටී පනස් හයෙන් වගේ කට කට ගාලා එන වචන අහන්න තරං මමත් වාසනාවන්ත වෙච්චි එකට සන්තෝසයි

      Delete
  24. කෝ ගනින්..ගනින් බෝතලේ......!!
    ඔන්න මගෙත් සුබ පැතුම්..!

    ReplyDelete
    Replies
    1. කෝ ඉතින් අපිට ‍බොන්ඩ දෙන් නැද්ද

      Delete
    2. @ වීයා
      තැන්කුයි වීයෝ..

      Delete
    3. @ අටමා
      කොහේද කව්රු හරි “බෝ“ ගාන කොට මේකා “තලේ තලේ“ ගාගෙන දුවං එනවනේ. චුප් චුප් අටමා.

      Delete
  25. සීශාගේ දේයට සුණුසුම් උබපැතුම්!

    ReplyDelete
    Replies
    1. පූන ඔකක් වීති ප්‍රෙසක් ඉයල කිමු!!! ඩුන්කියු තැඩේ...

      Delete
  26. අඩේ බොල, උඹයි මායි එකම කාලෙ වගේ ලියන්න පටන් අරං තියෙන්නේ... උඹ දැන් සීයකුත් ලියලා.... අද මම අධිෂ්ඨාන කර ගත්තා මැරෙන්න කලින් මම කොහොම හරි පෝස්ට් 20 ලියනවාමයි කියලා.

    උඹේ ලියවිලි කියවනකොට මට හිතෙන්නේ උඹ නිකං ගුටිකන මූණක් තියන එකෙක් කියලා, මොකද කීප සැරයක් මටත් හිතුණා "මූට දෙකක් නෙලන්න ඇත්තං" කියලා. ඉතිං ගුටි නොකා සීයක් ලියපු එකට මගෙන් සුභ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. ///මම කොහොම හරි පෝස්ට් 20 ලියනවාමයි///

      හි හි... එහෙනං මැච් එකක් වත් පරදින්න වෙනවා.... නේද තිසර....

      Delete
    2. @ තිසරයා
      කියන්න ලැජ්ජයි උඹ මට කලින් පටන් ගත්තේ.. උඹ ලියන විස්ස.. අනේ කට වහං ඉදහං. හරියට පොටෝ ටිකක්වත් දාගන්න බැරිව.. එනවා මෙතන.

      අර ගුටි කන සීන් එක ටිකක් පැහැදිලි කරානං ටිකක් පරිස්සමට ඉන්න කියලා.. තැන්කුයි තිසරයෝ

      Delete
    3. @ හිරු
      උමල තමා අර පැට්රියට් ඒ දවස් වල කිව්ව විදියට කුමන්ත්‍රණ කරල අන්තිමට තිසරයව අමාරුවේ දැම්මේ.. හිහි

      Delete
  27. සියකුත් ගැහුවා එහෙනම්.
    සීයට චියර්ස් කිවා...!!!
    උඹ අයියේ රජ්‍ය සේවකයෙක්නේ ඉතින් ඔය ගන්න පඩියට හරි යන්න හොදට තවත් ඒවා ලියහන්කෝ..:D

    ReplyDelete
    Replies
    1. උඹල මේ මම කියන ඒවට අහුවෙන්න එපා බං.. රාජ්‍ය සේවයට තියා කසල සෝදක කමටවත් අපි සුදුසු නෑ.. තැන්කුයි මනෝ... චියර්ස්

      Delete
  28. දේශකයාගෙ සියවෙනි පෝස්ටුවට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. සන්තෝසයෙන් භාරගන්නවා චාම්ස්.. තැන්කුයි වෙරි මච්

      Delete
  29. හහ් මං පරක්කු වෙලානේ... අනේ ඔව් බං.. උඹේ ඔය කට නං මහ බෝක්කු කටක්... හැක හැක ගගා හැම තැනම...

    කොහොම හරි කමක් නෑ... සීයක් ලිව්ව එකනේ වැඩේ... හි හි

    ReplyDelete
    Replies
    1. ඒකනේ කිව්වේ ලියාගෙන ලියාගෙන යනකොට වැඩේ වෙලා නෙව.. හිහි..

      පරක්කු උනාට කමක් නෑ උඹ කියපු කාරණය ගැන නං මම සෑහෙන්න කල්පනා කරා..බෝක්කු කටා.. දේශකයා..

      Delete
  30. උණුසුම් සුහ පැතුම්....100 ක් ලියන්න තියෙන අමාරුව හොදටම දන්න කෙනෙක් විදිහට මගේ සුභ පැතුම් පිලිගන්න......

    ReplyDelete
    Replies
    1. අම්මේ මයියත් ඉන්නේ.. සන්තෝසයි අප්‍රමාණව.. උඹට ඒක තේරෙනවා නෙව.. .තැන්කුයි මයියෝ

      Delete
  31. හැමෝටම හුගක් ස්තුතියි. වෙන වෙනම උත්තර පසුව දෙන්නං. තරහ වෙන්ටෙපා අනේ..

    ReplyDelete
  32. සරත්මි
    පමාවී ආමි
    ලියු හැමෙකම කියවීමි
    සීයටද සුබපතමී..

    ReplyDelete
    Replies
    1. එසේ වීද
      ඒද
      අගනේය.
      සරතය
      තොපට
      පින්ය

      Delete
  33. අඩේ... මං පරක්කු වෙලානේ සීයාට සුභ පතන්න. අහ්හ්... වැරදුනා... සියට සුභ පතන්න..... එක්කෝ කමක් නෑ.... පමා වෙලා හරි මගේ සුභ පැතුමත් පිළි ගනියෝ..... තව තවත් රසවත් දේවල් ලියන්න ශක්තිය ධෛර්ය ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සීයට මුනුබුරු බිරියෝ (??) පරක්කු වෙලා සුභපතන එක වටිනව නෙව.. තැන්කුයි වේවා ඔන්න සමනලියගේ මෙව්ව එක භාරගත්තා සන්තෝසෙන්

      Delete
  34. සුබ පැතුම් දේශකයො. තව තව දේශන පවත්වමු. ලයිව් අහන්න බැරි වුනත් රැකෝඩ් කරපු දේශනේ අහන්න හරි එනව.. :)

    ReplyDelete
    Replies
    1. හරි බං උඹ තැටියේ කෑලි ටික හරි එකතු කරගෙන අහන විත්තිය මම දන්නවා. උඹනං දැං ටිකක් කම්මැලි වෙලා වගෙයි.. තැන්ක්ස් චන්දන

      Delete
  35. උඹට සුබ පතන්න චුට්ටක් ප්‍රමාද වුණා...තරහ වෙන්න එපා.
    තවත් 1000 කට මගෙන් සුබ පැතුම්!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලපයියෝ.. පරමාද උනාට අවුලක් නෑ.. මං මේ අහන්නමයි හිටියේ මොකද අර බ්ලොග් කටුවේ තාම පයිය උඩින්ම තියෙන්නේ.. ඒකට ඒ තරං ඉල්ලුමද??

      Delete