Tuesday, July 30, 2013

හෙළු කකුල්..(??)


ආදර නංගි වෙත (ඩිවෝස් බයික් එකේ යන),


මට ඊයේ කියන්න අමතක උනා ඔයා වැඩ ඇරෙන්න කලින් මට යන්න වෙනවයි කියන එක ගැන. ඒ ගැන අහිතක් කොහොමත් නැතිව ඇති. මොකද මම වෙනදටත් ඔයාට කියල යන එකක්යැ. ඒ උනාට මම බස් හෝල්ට් එකට වෙලා ඉන්දැද්දී, ඔපිසීයේ ගේට්ටුවෙන් පිටවෙලා, රෑං ගාලා ඩිවෝස් බයික් එකේ නැගල එන ඔයා දැක්කම මට ඇත්තටම දුක හිතුනා ඇයි අනේ මම මේ ගැනීට කියල ආවේ නැත්තෙ කියලා. එහෙම කියල ආවනං මේ මලකෙලිය වෙන්නෑනේ සුදෝ. අනේ මන්ද මට කියන්නත් මොකක්ද වගේ. ඊයේ හැන්දෑවේ මගේ මූණ ඉස්සරහිං කිරිල්ලියක් වගේ ඔයා බයික් එකේ ඉගිල්ලිල යන කොට මගේ දිහා බලල හිනා උනාම, මට ඔයාගේ මුණ දිහා හරියට බලන්න බැරි වෙච්ච එක ගැන හරිම දුකයි. විකාරයි කියන්නේ ඔයා මගේ මූණ දිහාම බලාගෙන ගිය එක නේ. මගේ ඇස් දෙක නං ඔයා දුර ඉදම්ම එන කොට ඒක මීටර් කරගෙනයි හිටියේ.

ඒ උනාට මොන මොහොතෙවත් මගේ ඇස් දෙක ඔයාගේ සුදු කකුල් දෙකෙන් අයින් කරගන්න බැරි උනා නෙව. මේක මගේ වල් හිත කියල හිත හදාගන්න විතරයි මට ඉතුරු වෙලා තියෙන්නේ. අනේ මන්ද වෙච්චි විලි සංගේ නැති වැඩේ හින්දා මට හෙට ඔයාගේ මූණ බලන්නත් මොකක්ද වගේ. (කකුල් දෙකමයි බලන්න හිතෙන්නේ). අනේ සුදෝ ආයේ වැඩ ඇරිල යන කොට මට කලින් යන්න හොදේ.. නැත්නං මට බුදු සරණයි.

ස්කුටියේ නැගල රැලි සාය ඇදං රෑං ගාල යන ඔයාගේ සාය දෙපැත්තෙන් හුළගේ යන විත්තියක්, මේ අබල් ඩබල් වෙවි බයිසිකල් පදින ඔයාට තේරෙන එකක්යැ. සාය උඩම යනවා අනේ.. හරියට බාගෙට කපපු මාලුවෙක් රෙද්දකින් වහල තට්ටුවක් උඩ තියාගෙන වගේ. ඔයා කකුල් දෙක බයිසිකලේ තට්ටුව උඩ තියන් යන කොට අනේ මන්ද මටනං මොකවත් පේන්නෑ. කකුල් දෙක හෙළුවෙන් යන එක විතරමයි පේන්නේ. ඔයාට ලැජ්ජ නැද්ද අනේ. වටේ පිටේ මිනිස්සුත් බලනවා.. රෙද්ද හුළගේ යන කොට. මොකද ඉතිං යස අගේට කෙල්ලගේ ගල් දෙක පේනවා නෙව. කොල්ලොත් එකයි නාකිත් එකයි. තොල කට ලෙව කකා ඇස් දෙක පුළුවන් තරං කකුල් දෙක පස්සෙම දුවල තමා නවත්තන්නේ. ඒක බලං හිටියම තමා තේරෙන්නේ කකුල් දෙක දිහා බලන මිනිහා හරියට රොබෝ කෙනෙක් වගේ මූණ ස්ලෝමෝෂන් එකේ හරවගෙන බලන හැටි. 

ඒ යක්කු හිනාවෙනවත් එක්ක. ඒත් ඔයාට තේරෙන එකක්යැ. ඔයා හිතන්නේ ඔයාගේ මූණ දිහා බලල හිනාවෙනවයි කියල නේද? එහෙම නෙමෙයි අනේ.. ඔය කකුල් දෙක දිහා බලලයි හිනා වෙන්නේ.

ඔයාගේ කකුල් දෙකනං පුස්ටිමත්ව, සුදට සුදේ, ගාපු ෆෙයාර් ඇන්ඩ් ලව්ලි පිහිටෙන් ලප කැලැල් නැතිව දිලිහෙන කොට, හුළගේ යන සාය අස්සෙන් පේන හෙළු කකුල් දෙක කොයි තරං ලස්සනද? ඒත් අනේ ඔය ඩිවෝස් බයික් එකේ යන සමහර ගෑනු සාය ඇන්දම, ඒක හුළගට ගිහිල්ල පේන, මස්තබාල්දු වෙච්චි, කොටුරූල් වැට්ච්චි, එක එක ජරස්ත ලප තියෙන කකුල් දැක්කම නං ඔක්කාරෙටත් එනවා. ඒ වෙලාවට තමා ඔය ස්කූටි හදපු උන්ගේ අම්මලත් එක්කත් හිතේ කෝන්තරයක් ඇති වෙන්නේ. සමහර උන්, ටයිට් ස්කර්ට් ගහල ඕක පැදං යන කොට, මට නං අනේ පාරේ දිගා වෙලා නිම්නය බලන්න හිතෙනවා. හරියට අන්නතයට යන කං අනුකලනය කර කර ඉන්නවා වගේ. කරුවලට මක්කවත් පේන එකක්යැ. දිගටම අදුරු ගුහාවක් අස්සක ඇස් දෙක රිංගනවා විතරයි පේන්නේ. ඒකෙන් ඇති වැඩක් නෑ. එක්කෝ අනිත් දවසේ අපිව අමාරුවේ නොදා කකුල ඉස්සරහිං ස්පොට් ලයිට් එකක් හයි කරගත්තනං කොහොමද, සෝයි නේද?

අපේ හිතේ හැංගිල තියෙන වලත්තකම එළිපිටම පේනව නංගියේ බොලා ඔය විදියට බාගෙට හෙළුවෙන් ස්කූටි පදින කොට. අපිට ඉන්න තැන අමතක වෙනවා නෙව. කරුමෙට ගෑනිවත් ළගපාතක හිටියොත් ඒකත් අමතක වෙලා ඇස් දෙක කකුල් පස්සෙන් දුවන එක දුවනවාමයි. අපි ගැනවත් හිතල මොකක් හරි ආරක්ෂක පිළිවෙලක් කරගන්ටකෝ ඔය ස්කූටි පදින වෙලාවට. 

ඔන්න බලන්නකෝ පහුගිය දොහේ, නිව්යෝක් සිටි එකේ පුටාර් එකක් පැදගෙන ගියපු ඩච් කෙල්ලෙක්ගේ සාය හොදටම කොටෙයි කියල පොලෝසියෙන් අල්ලල අවවාද කරල තිබ්බා, “නංගියේ පාරේ යන මිනිස්සු අමාරුවේ නොදා කරුණාකරල පෑන්ටියකුත් ඇදං යන්න“ යි කියලා. 

හැබෑව නේන්නං.. සුර දූතියෝ මතක් වෙනවා ඕවා පාරෙ දැක්කම. අනේ මන්ද අපේ උන්ට නං පාරේ ගෑනියෙක් හෙළුවෙන් හිටියත් කෙලින් වෙන්නේ නෑ. ඒ උනත් මොකක් හරි සාය කෑල්ලක් අගල් දෙක තුනක් උඩට ඇදුනොත් ඔන්න මෝල් කෙලින් වෙන්න ගන්නවා. ඒ හිතේ තියෙන වල් කමටයි ආසාවටයි වෙන්ටැති. මම දන්නව අනේ.. සුද්දියෝ ඔය ඕන තරං බිකිණි ගහන් පාරේ යන්නේ.. එහෙම උනයි කියල පත්තරේවත් කවදාවත් තිබුනේ නෑ නේ.. කොල්ලෝ පෝලිමට ඒ දිහා ඇස් උඩ තියන් බලන් හිටියයි කියලා. (අඩු ගානේ මාතලං වත් ඔය වගේ දේවල් කියල නෑ) ඒ උනාට ලංකාවේ කෙල්ලෙක් පොෂ් සායක් ඇදගෙන බස් එකේ යන කොට ඒක ඩිංගක් එහාට මෙහාට උනත්, පිරිමි ටික ඇස් වලට සෙක්ස් හලන් බලන් ඉන්නේ කකුල දිහා. කකුලේ දණහිසට උඩින් අරක තියෙනවයි කියල හිතාගෙනද මන්ද. කෝක උනත් පරිස්සමින් නංගියේ, ලොකු හුළගකට අහුවෙලා ඔයා සාය ඉන්දියාවත් පේන සයිස් එකටම උඩ ගියොත් බොට හරි කරදර වේවි.

ඒක නිසා මම මේ සහෝදරයෙක් වගේ කියන්නේ, අනිත් දවසේ උඹ ස්කුටියේ යනවනං එක්කෝ සාරිය ඇදං පලයං. නැත්නං කලිසං මාල්ලක් ඇදං පලයං. එතකොට ඔය කකුල් කොහේ ගියත් අපිට මොකෑ.. එහෙනං හරි නේ.. මට තාමත් ලැජ්ජයි ඕයි.. හෙට.. තමුසෙගේ මූණ ද බලන්නේ නැත්නං කකුල් දෙකද කියල හිතෙන කොට.

මීට 

දේශකයියා

81 comments:

  1. ඔන්න ඕක තමයි අර රත්නපුරේ නඩුකාරයා කිවේ...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව

      Delete
    2. මොකක්ද මිනිහා කිව්වේ.. කොටට ඇදල බයික් එකේ යන්න කියලද???

      Delete
  2. අපේ ගමේ උන් ඕකට කියන්නේ. ස්කූටි නෙමෙයි... "කැට් කූල්"

    ReplyDelete
    Replies
    1. පූසට හුලං වදිනවැයි කියලනේ කියන්නේ නේද

      Delete
    2. මට කියන්න ඕන දේ අමතක උනා. කොටට අඳින එක අවුල් නම් 70 ෆිල්ම් බලන්නත් එපා. අඳින එකාගේ නෙමෙයි ලෙඩේ තියෙන්නේ බලන එකාගේ.

      Delete
    3. හරියට හරි මාතලන්....

      Delete
    4. ඒ වුණාට මාතලන් සහෝ සුද්දියෝ කෙතරම් බිකිනියෙන් හිටියත් ඒක ගානක් නොවුණට අපඅ එකෙක් ගේ දණ හිසෙන් උඩ දකින්න අපේ උන් කැමතියි නේද? මේක දුපත් මානසිකත්වයේ අංගයක්.

      Delete
    5. @ නලින්

      ගන්න අපේ දේ...

      Delete
    6. @Ayilas A- ලංකාවේ පැවැත්වෙන් ඡායාරූප ප්‍රදර්ශනයකට අඩ නිරුවත් සේයා රුවක් ඉදිරිපත් කරන්න ඔබට අවස්ථාවක් ලැබෙනවා. මේ වෙනුවෙන් ඔබට නිරූපිකාවන් දෙදෙනෙක් ලැබෙනවා එක් අයෙක් තෝරාගන්න. එක් තැනැත්තියක් බිකිණි අදින සුද්දියක්. අනෙත් තැනැත්තිය ලංකාවේ සාමාන්‍ය කෙල්ලක්. දෙදෙනාම ෆෝසින් වලට එකසේ දක්ෂයි. ඔබ කවුද තෝරාගන්නේ.

      Delete
    7. දෙදෙනාම තෝරාගන්නවා නලින් :D

      ස්ක්‍රීන් ටෙස්ට් එකක් නොකර එක කෙනෙක් තෝරාගන්න බැහැ ඒ නිසා දෙදෙනාගේම ෆොටෝ ගන්න ඕන කියලා, දෙදෙනාගේම ෆොටෝ අරගන්නවා.

      Delete
    8. අයිලාස් අයියට කෙල්ලෝ සැට් එකක් දෙන්න ඕන තෝරගන්න. දැක්ක නේ ක්‍රෙම්.. හැක්

      Delete
    9. නොබල ඉන්න බෑ මටනං මේ.. හෙළු කකුල්... තැන්කුයි කට්ටියටම පොඩි කතාවක් දාගෙන හිටියට...

      Delete
  3. හත්ඉලව්වයි...... කියවන්නත් ලැජ්ජාවේ බෑ.

    ReplyDelete
    Replies
    1. ලැජ්ජ නොවි කියවහං බං... රෙද්ද

      Delete
  4. ammapaඅම්මපා වරෙන්කො මෙහාට බොට තොත්තුවක් දෙන්න. මාතලන් ගොයියා දැකලා නැ වගේ තවම. නැත්තන් බොලා ඉඳලා ඉවරයි ගෝත්‍රික ලක්ෂණ බෝගෙනුත් පේනවා කියයි

    ReplyDelete
    Replies
    1. මොකද දැකල නැත්තේ අර මෙයිටත් උඩින්ම ඇවිත් ඉන්නේ. මේ කමෙන්ටුවත් දකින්න ඇති.

      Delete
    2. උඹ තොත්තුවක් දෙනවා. හරි මම එන්නං. මාතලං ගැන කරදර වෙන්න එපා මිනිහා මේ දවස් වල දෙනියාය පැත්තේ තොත්තු පැක්ටරියක් දාලා..

      Delete
  5. අවුලක් නෑ කකුල් දෙකම බලපන්.බලන්න නෙ පෙන්නන්නෙ.මොකද බන් ඩිවොස් බයික් කියන්න.

    ReplyDelete
    Replies
    1. උඩම තියන ලින්ක් එක ක්ලික් කර බලන්න

      Delete
    2. නලින් කිව්ව වගේ රතු පාටින් තියෙන ඩිවොස් බයික් කියන ලින්කටුව ක්ලික් කරහං..

      Delete
  6. Replies
    1. තැන්කුයි අනේ.. හරිම සන්තෝසයි එකෙක් හරි හෙළු නාමයෙන් කතා කරාම.. ජය වේවා.. (කිසි තරහක් නෑ හරිය)

      Delete
  7. දේශකයගෙ වල් හිතනං මෙතෙන්දි පේන්නෙම නෑ. :D

    ReplyDelete
    Replies
    1. හැබෑට ඒක පේන්නැත්ද බං.. ලොකු දෙයක්.. නැත්නං වල් හිත තමා ඉස්සෙල්ලම පනින්නේ.. හැක්

      Delete
  8. උඹට ඕන නම් උඹ සාරියක් ඇඳගනිං.ඒ දැරිවියන්ට අන්දන්න යන්නේ නැතුව.උඹ ඇරෙන්න අනිත් හැමෝමමමමමමමමමමම කැමතියි ඔය යන විදිහට

    ReplyDelete
    Replies
    1. ලොකු ජෝනා සාරියක් අදින හින්දා මම අදින්නේ නෑ.. මමත් කැමතියි අනේ බොරුවට කෑ ගැහුවට. අවුල තියෙන්නේ පහුවෙනිද මූනට මූන හම්බ උනාම ඇස් දෙක කෙල්ලගේ කකුල් දෙක ගාවට ගාටන එකනේ..

      Delete
  9. වල් වල් වල් වාල් වල් වල්.....

    ReplyDelete
    Replies
    1. උඹනං මම මේක දාපු දවසේ හොද එකෙන් ම බීල හිටිය විත්තියක් තමා මම දැක්කේ..

      Delete
  10. ම්ම්හ්...මොනවාද අප්පා මේ ලියලා තියෙන්නේ...දේශකයාගේ කැත හිත කැත හිත.....
    හරිනං ඔය වාගේ සුන්දර දර්ශන ගද්‍ය නොව පද්‍ය වනන්න ඕනේ...උඩ දැක්කනේ නලීන් සහෝ පොඩි ස්ටාර්ට් එකක් අරන් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. අන්න කොල්ලෝ..

      Delete
    2. උඹට කියන්න මම ඉස්ඉස්සෙල්ලම පද්‍යක් ගහන් ආවේ. ඒත් හරියට සැට් උනේ නෑ ඒකයි මේකට පැන්නේ..නලින් ලොක්කා පොඩි කික් එකක් අරන් ඇව්ල්ල තියෙන්නේ..

      Delete
  11. නංගිල සල්ලි දීල කැට් කූල් ගන්නෙම ඕකටනේද?

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බං අපේ ගැරඩියෝ නං රත් වෙනවා..

      Delete
  12. ස්කූටි එකට හස්බන්ඩ් රට ගිය වගේ මොකද්ද කතාවකුත් තියෙනව නේද.... හි හි...

    හනේ මන්දා.. කියල තියෙනවා වගේ සුද්දියෝ ඒ රටවල බිකිනි ඇදන් හිටියත් කැරකි කැරකි බලන්නේ නෑ ... අපේ උන්ට ඩෙනිමක් ගහලා ගියත් ඉන්න බෑ ... අපේ උන්ගේ උපන් කැත හිත් මිසක් වෙන මොනාද... විශේෂයෙන් නාකි සෙට් එක තමයි ඔය වගේ වල් කමට බලං ඉන්නේ.. ඒ වෙලාවට කොල්ලො නං බැලුවත් මොකද කියලා හිතෙනවා නාකි කෙල කෙල හල බලං ඉන්නකොට...

    ReplyDelete
    Replies
    1. නාකිච්චියන්ටත් හිතෙන දේවල්.. ඔය වයසට කොල්ලො නං බලන එකක් නෑ. ආ අමතක වුණා. ඇන්ට ලව් කොල්ලොත් ඉන්නවනේ..

      Delete
    2. සමහර වයසක උදවිය ගැනනං කියල වැඩක් නෑ ..නාකි විසේ ගෙටත් උසේ ද මොකද්ද කියනවනේ .. ගෑනුත් දැනගන්න ඕනි ඉතිං බයික් එකක් පදිනකොට ඒ විදිහට පදින්ඩ .මොකෝ තොත්ත බබ්බු නෙවේනේ නොතේරෙන්න .අර පහුගිය කාලේ සීගිරි ගිය ගමනේදීත් ඔහොමයි ..කෙල්ලෝ ගලේ නැගල බහිනවා සායවල් හුළඟට කැලේ ..ඔච්චර උස තැනක එහෙම නැග්ගම මොකෝ වෙන්නේ කියල ඉතින් දන්නේ නැතුවයෑ ...අනේ මංදා වෙලාවකට මුන්ගේත් මෝඩ වැඩ අක්කේ

      Delete
    3. මෙතන ප්‍රශ්නේ රෙහානි වයස නොවේ. ලාංකීය කුතුහලය. ඒ වගේම ඔබත් සීගිරි නැග්ගේ මෙතැන ගවුම් හුළගේ යනවා කියා නොදැන නොවේ නේද? මා අනුමාන කරනවා ඔබ එයට සරිලන ඇදුමක් ඇඳගන යන්න ඇති කියා.
      මේ අපේ රටේ තත්ත්වයයි. ඒත් විදෙස් රටක ගියොත් මේවා කණපිට. වැඩිය දුරක නොවේ පතායා ගියොත් ඇවිදින වීදියේ අපට දකින්නට ඇත්තේ සම්පූර්ණ නිරුවත් අතිශය රෑමත් යෞවනියන්ගේ දසුන් තමා. එතැනදී කාගේත් කුතුහලය අහෝසි වී යනවා.
      අපේ රටේ වෙලා තියෙන්නේ කුතුහලය වැඩි කමයි.

      Delete
    4. නාකියො උනත් ඉන්නව වල් නැති.
      මේ මා වැනි.

      Delete
    5. නාකි උන්ට එක්ස්පීරියන්ස් වැඩියි...

      Delete
    6. // ඒ වෙලාවට කොල්ලො නං බැලුවත් මොකද කියලා හිතෙනවා//

      ඔය බළලා මල්ලෙන් එලියට පැන්නේ, කොල්ලෝ බලන්නේ නැති එකයි ප්‍රශ්නේ....

      Delete
    7. හි හි... මේකනේ...

      ඔතනදි කොල්ලන්ට බොහෝ දුරට තියෙන්නේ ස්වාභාවික කුතුහලය සහ යාලුවන්ට තමන් පොර වීමේ ආසාව ... නාකින්ට තියෙන්නේ තනිකරම වල්කම.... කොල්ලො නාකි ආශ්‍රය කරලා, එකට බීලා, බීලා කියවන කතන්දර අහලා, වගේම තමනුත් ඒවා අනුගමනය කරන්න ගිහින් තමයි දැන් ඔය සාමාන්‍ය ඇඳුමක් ඇඳගෙනවත් කෙල්ලන්ට පාරෙ යන්න බැරි වෙලා තියෙන්නෙ.. ඕකයි ඒකේ තියෙන වෙනස...

      Delete
    8. එතකොට උඹ කියන්නේ කොල්ලොන්ට වල් කම කියල එකක් නැතෙයි කියලද.. උඹල කතා කරන්නේ අවුරුදු ටීනේජර්සල ගැන. හැබැයි අවුරුදු 25 පැනපු 30-32 වෙචිච කොල්ලෝ ඕව බලන්නේ වල්කමට තමා..

      Delete
    9. 25 පැනපු 30-32///

      උන්ට කවුද දේශකයෝ කොල්ලෝ කියන්නෙ.. 25 පැන්නට පස්සේ නාකි වේගෙන යනවා... 30 පැන්නම නාකි තමයි... උඹලා හිතාගෙන හිටියට 60 පැන්නත් අපි කොල්ලො කියලා... හි හි

      ටීනේජර්ස්ලා ගැන තමයි මං කිව්වේ බං.. ඒක මං කිව්වෙ සිරාවට.... පෙරුම් පුරාගෙන පළවෙනි වතාවට ලවු කරන එකා ඒක කරන්නේ බොක්කෙන්... ලවු කරන කෙල්ල ගැන තියෙන ප්‍රොටෙක්ෂන් එක, ඒකි දිහා වෙන කොල්ලෙක් බැලුවත් මළ පනින ගතිය නොදැනී යන්නේ 25 පැන්නම... හරි මං බොරුද කියන්නේ....

      Delete
    10. දැන් එතකොට හිරු කෙල්ලෙක්ද? නාකිච්චියක්ද?

      Delete
    11. මට තාම 30ක් නෑ අයිලාෂ්... හි හි...

      Delete
    12. // 25 පැන්නට පස්සේ නාකි වේගෙන යනවා... //

      එහෙනම් මේ වගේ, නාකි වේගෙන යනවද ?

      Delete
    13. එකට උතර දෙන්න දුකයි ද හිරු?

      Delete
    14. අපොයි උඹල මෙතන නාකි කේස් අදින්න ආවොත්... හිරු කියන්නේ නාකියෙක් තමා. උඹ නේ කිව්වේ 25 පැන්නම කොල්ලෝ නෙමෙයි නාකිය කියලා.. එතකොට උඹත් නාකිචිචියෙක් තමා..

      Delete
    15. අයිලාෂ්.. මං කිව්වෙ කොල්ලො සම්බන්ධයෙන් විතරයි... හි හි

      අනේ මන්දා.. මට නං ගානක් නෑ නාකි කිව්වට... මේ අනිත් කට්ටියට වගේ... හි හි....

      Delete
  13. මට ලැජ්ජයි ඕයි..

    ReplyDelete
    Replies
    1. මම මැරෙනවා ඕයි!!!!

      Delete
    2. එපා ඕයි කොහේ හෝ රවුමක් දාල එනවා ඕයි ආතල් එකේ.

      Delete
    3. අපොයි සෙන්නා.. සික්... උඹලට යන කල දසාව ගැන මම හිතුවේ..

      @ අරූ
      උඹ මැරෙන්න එපා යකෝ .අවුරුදු ගානකට පස්සේ කොටන්න පටන් අරගත්තට පස්සේ

      Delete
  14. මේක අනිවා බේබදු සිතුවිල්ලක් වෙන්න ඕනේ. ඔය ස්කූටියේ ඉස්සරහ කෑලි වීදුරුද බං?

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ උඹ හිතන්නේ මම ඔපිසි යන්නේ බොන්න කියලද.. හැක්.. ඉස්සරහට එනකොට පේනවා බං ඒකනේ කිව්වේ ඔපිසියේ ගේට්ටුවෙන් එන කොට කියලා. ප්‍රධාන පාරට ගේට්ටුවෙන් එන්නේ පොඩි නැග්මක් එක්ක. එතකොට වාහනේක උනත් ටැංකිය පේනවා.. තේරුනාද බොට

      Delete
  15. ආපුවහම බලහං අයියේ.

    මේව්වට මොකක් කියනවද කියලා හිතාගන්න බැ

    ReplyDelete
    Replies
    1. මොකක්ද උඹ බලන්න කියන්නේ.. මට තේරුන්නෑ..

      Delete
  16. හෙහ් හෙහ් හෙහ්... උන්ට ඕන විදියකට යන්න දීල උපාසකමහත්තය තමුන්ගෙ වැඩක් බලාගන්නවද? පෙන්නන අය පෙන්නයි බලන අය බලයි.

    ReplyDelete
    Replies
    1. හොදමයි උපාසක මහත්තයෝ... හැක් හැක්..

      Delete
  17. අනේ මේ අයියේ අයියාගේ පවුලගේ කකුල ගැන නොසොයා මොකෝ මේ අනික අයගේ කකුල් හොයන්නේ.
    අනික කකුලේ කොහොද බං ෆෙයාර් ඇන්ඩ් ලව්ලි උලන්නේ...?කකුලේ උල්න්නේ වීට්.

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න අපේ ගෑනි ඔය මගුල් පදින්නේ නෑ නෙව. අනික ඕක පැද්දත් එකයි නැතත් එකයි තනි කකුලම බලාගන්න මම ලයිසොම අරන් නෙව තියෙන්නේ.. හැක්.. එතකොට කකුලේ ගාන්නේ වීට්ද බං.. කමක් නෑ ඕන උලව්වක්

      Delete
  18. අනේ අනේ දේශකයටත් පේන දේවල්.. හැබැයි කතාව ඇත්ත,,,, සමහර අය තාමත් වයසට ගිහින් නෑ... තාම හිතන් ඉන්නේ අවුරුදු 5, 6 දරුවා කියලා.. ඒකනේ කකුල් උඩ දාගෙන එහෙම ඉන්නෙ...

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමා බං කියන්නේ. අවංකව දුකට ලිව්වේ මේක. ලැජ්ජාවේ බලන් ඉන්න බැරි කමට..

      Delete
  19. කොහොමත් පොඩ්ඩක් පේන කොට තියන වෙනස සම්පූර්නයෙන් පේනකොට නෑනේ

    ReplyDelete
    Replies
    1. අන්න ඒකට තමා බං නියුඩ් ආර්ට් කියන්නේ..

      Delete
  20. මම නම් දැක්කොත් බලනවා. බලලා අමතක කරලා ගෙදර යනවා. එච්චරයි. මොකද කිලෝමීටර 40ක විතර ඔෆීස් ගමනක් එද්දී හැමදාම ඔය වගේ උඩින් යටින් එළියේ දාගෙන යන අය ඕනේ තරම් පේනවනේ...

    ස්කුල් බස් එකේ යන කාලේ කොට ඇඳුම් ඇඳගෙන යන ලලනාවෝ පාරේ හිටියොත් ඉතින් විනාසම තමයි. අනේ අපොයි, අපි උන්ට කියපු දේවල්......

    ReplyDelete
    Replies
    1. ඕක අමතක කරන්න බෑනේ බං පාර දිගටම පේනවා. අනික අප්පිරිය ඒවත් දැක්කම වැඩක් නෑනේ..

      Delete
    2. උද්ගෝෂණයක් කරමුද සුපිරි එව්වා විතරක් එළියේ දාගෙන යන්න කියලා....

      Delete
    3. අපිත් එළියේ දාගෙන කරමුද ඒක.. හහ්.හා

      Delete
  21. මං මේ කල්පනා කලේ දේශකය මේක ලිව්වෙ ඇයි කියල.. ආවට ගියාට ලියාපු එකක් නම් වෙන්න බෑ.. :)

    ReplyDelete
    Replies
    1. ඔබ හරි චන්දන, මේක දේශකයාගේ පොඩි රිසර්ච් එකක්.

      Delete
    2. ඔව් උඹල කිව්ව හරි මම මේක ටික කාලයක් බලං හිටියා.. ඒ උනත් ඇත්තටම එක නංගි කෙනෙක් උඩ දාගෙන එන කොට හෝල්ට් එකේ හිටි සැට් එකම සියළු දේ අමතක කරල ඒක දිහා බලං හිටියා.. ඔය වැඩේ කී දෙනෙකුට වෙනව ඇද්ද බං.. පව් කෙල්ලෝ ගොං..කාටවත් කෙල බේරන්නේ මොකටද කකුල් එළියේ දාගෙන ගිහිල්ල..

      Delete
  22. Penanna adhinne..
    Looba nethuwa balamu !

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බලමු.. ඒත් උපදෙස් දෙමු.. එතකොට පච්ච කකුල් ටිකවත් වහගෙන සුපිරි ඒවා එළියේ දාගෙන යාවි නෙව

      Delete
  23. මොනව උනත් දේශකය ඇත්ත කියන එකා. මං ඌට කැමති ඒකයි..

    ReplyDelete
    Replies
    1. ඒ කව්ද බං දේශකය කියන්නේ. මං දන්නෑ නේ..

      Delete
  24. අඩෝ අපේ රජා පදින්නේත් ඕකක් නේද "රැට් කූල්" වෙන්ඩ ඇති.

    ස්කුටි ආනයනය වහා නතර කර, ගෙන්වා ඇති සියල්ල ධාවනයෙන් ඉවත් කරනු.. :P :P :P

    ReplyDelete
    Replies
    1. මොන රජාද බං.. වල් රජාද.. අපෝ ඌ ගල් එළියේ දාං යන්නේ සාය ඇදලද???

      Delete
  25. සම්පූර්ණ ඇත්ත තමයි කියලා තියෙන්නේ. ඒත් තමන්ගෙ කෙල්ල ඒ විදිහට ඇඳන් ගිහින් ඒ දිහා එහෙම වෙන කවුරුත් බැලුවොත් කොල්ලන්ට මල පනිනවා. එහෙම එකකුත් තියෙනවා. එක්තරා පැත්තකින් පිරිමින්ගේ තියෙන කුතුහලයත් බලපානවා මේකට. කුතුහලය කියන්නේ හරිම වචනයද දන් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක ලිංගික කුතුහලය තමා බං...

      Delete