Wednesday, July 24, 2013

ගජ කෙලිය...

එක දිගටම කඩාගෙන වැටෙන කරදර වල ඉවරයක් නැතෙයි කියාගෙන ගේ පඩි පෙල ගාව බෙරිහන් දෙන සෝමදාසගේ කට හඩ ඇහුනම, වෙනදා වගේම දැළිකඩේ ඇදගෙන කුස්සියේ දර ලිපේ ගින්නට, දුම්බටෙන් පූස් පූස් ගගා දුම් පිබ පිබ හිටිය නන්දා, නොසැලකිල්ලෙන් ඇස් අහකට ගත්ත හින්දා, පූස් පූස් සද්දෙට ලිපෙන් එළියට පැන්න, ගින්දර අළු ටික නහයෙයි කටෙයි හැම තැනම ගියා. අත් දෙක, දැළිකඩේ වගේ තියෙන වස්තරෙන් පිහිදගත්තට පස්සෙ, නාහේ ගෑවිච්චි අළු ටික අතින් අයින් කරල, කටේ තියෙන අළු ටික අයින් කරන්න තුප් තුප් ගගා, ලිපේ ගින්දර අඩුකරගෙනම එළිපත්තේ දොර ගාවටම ආවා.

“නන්දෝ.. මේ පාර නං හේනේ බව බෝග ටික අහවරයි බං“

“ඒ මොකෝ.. මොන සන්තෑසියක්ද ඒ පාර උනේ“

“මං දන්නෑ බං. දැං මම හේනට ගාටන කොට එතන හේනක් තිබ්බේ නෑ බං. ගස් කොළං ඔක්කෝම ටික බිමට චප්ප කරල දාලා. අපරාදේ බං මෙච්චර දවසක් වෙච්ච මහන්සිය.. ඔන්න ඔය වතුරෙකක් ගනිං මෙහාට..“

නන්දා හෝන්දුමාන්දු වී ගියාක් වැනි වූ, ඇත්තෙන්ම නන්දා හැම වෙලේම ඉන්නෙත් ඒ වගේම තමා, ඒත් මේ නරක ආරංචියෙන් ඒ තත්වේ හොදටම වැඩි වෙලා, සෝමදාස කිව්ව දේ ගැනවත් ඒ තරං නිච්චියක් නැතිව ඔළුව වෙන කොහේදෝ ගාටන බවක් තමා පෙනුනේ.. තත්පර ගානක් ගියත් හේතුතු වෙච්චි බරාදෙට තිබ්බ බර අයින් නොරකපු හින්දා සෝමදාසට කේන්ති ගියා.

“ඈ බං බොන්ඩියේ.. බොට මං වතුරෙකක් අරන් වරෙන් කියලයි කිව්වේ“ තමන්ගේ ගෑනිගේ තත්වේ තේරුං ගත්ත, සෝමදාස බොහොම ආදරෙන් කිව්වා. ඒ ආදර බසට අවනත වෙච්ච නන්දා, කට පිරෙන්නම වතුර බෙලෙක්කේ අරන් ඇවිල්ල, සෝමදාසට දුන්නම ඒ තරං වතුර කන්දරාවක් ගෙනේවි කියල සහසුද්දෙන් දැන නොහිටි සෝමදාස එක පාරටම ඒකෙන් ටිකක් කට පුරාම ඉහිරවගත්තම, බුලත් කෙල පාර කටෙන් හේදිලා රතු පාටට නිකට දිගේ ගලාගෙන ගිහින් ඒක මවිල් වලින් පිරිච්චි පපුවට වැටෙන හැටි නන්දා බලන් හිටියේ කිසිම හැගීමක් නැතිවයි. 

“යකෝ තව ඩිංගෙක් වතුරෙක ඉස්මොල්ලෙ යනවා. ඉහින් කනිං බේරෙන්නම වතුර කෝප්පෙට දාලා ගේනවා. මෝඩ ගෑනි“

“ඉතිං ඔහේ කෝප්පේ ගත්තම බලන්ට එපායැ.. ඔහේ ඕනකමින් කරගත්තට මං මක්කරන්නෙයි“

“කටවහ ගනිං මෙතන.. මගේ රැවුල පත්තු වෙලා ඉන්න වෙලාවේ උඹ එනවා තව වද දෙන්න“

එහෙම කියාගෙන කැහිපට ගහපු සරමේ උන්ඩි කරල තියාගෙන හිටිය බුලත් ඩිංග අරගත්ත, සෝමදාස, බුලත් කොළ දෙකක් මැද්දට, හපලා කෑලි තුනට කඩාගත්ත පුවක් ටික දාලා, පැත්තකින් තිබ්බ හුණු ඩිංගක් ඇගිලි දෙකෙන් අරන් බුලත් කොළේ උඩින් තියල, ඇගිලි දෙක පිහිදල දැම්ම සරමෙන්. ඊට පස්සේ දුං කොළ කෑල්කුත් අරන් ඔක්කෝම මිටියට ගුලි කරල අරන් එක පාරටම කට පුරවගෙන ලොබු කටෙන් ඒක හප කරන්න ගත්තේ, කොනේ තියෙන බදාම ගියපු සිමෙන්ති පඩිය උඩින්. කකුල් දෙකත් පද්ද පද්ද අත් දෙක සිමෙන්ති පඩියේ දෙපැත්තෙන් තියාගෙන සෝමදාස බුලත් හපේ පිහිටෙන් වෙන ලෝකෙකට පියාඹල යනව දැක්කම, නන්දා කොහොමත් එතැනින් එහාට සෝමදාසත් එක්ක සිහින ලෝකෙට යන්නේ නෑ. කෙලින්ම යනවා කුස්සියට. ආයේ ගිනි පිඹින්න.

යසපාලයා, සෝමේගේ හොදම යාළුවා. දෙන්න එක්ක කඩ මැද්දට ගිහිල්ල, හැන්දා කරේ කසිප්පු අඩියක් හෙම ගහල තමන්ගේ වගා කටයුතු ගැන හෙම කතා බහ කොරල, කියල රෑ ජාමේ වෙන කොට ගෙවල් වලට යනවා. හැමදාම කරන මේ කසිප්පු වඩියට පින් සිද්ද වෙන්න, යසපාලයා සෝමේගේ බෙල්ලටම තොණ්ඩුව දැම්මා. ගමේ තියෙන හේන් වලින් වැඩිම ගානක් ආණ්ඩුවේ කැලෑ කපල වගා කරපු ඒවා. ආණ්ඩුවට ඉඩං වැඩි හින්දා වෙන්ටැති කවදාවත් ඒ මහත්තැන්ල තමන්ගේ ඉඩකඩං බලාගන්න කියල මේ ගම්මානෙට එක දවසක්වත් ඇවිල්ල නැත්තේ. ඒකෙන් මේකෙන් වේලිලා ගිය කැලෑ කපල, ගිනි තියල, කොහෙන් හරි කපාගෙන ආව ගිනීසීරියා දඩු ටිකෙන් තමන්ගේ මායිම් ලකුණු කරන්නේ හරියට අර පෘතුගීසිකාරයා ලංකාවට ඇවිල්ල කරා වගේමයි. මොන එකක්ද කාටවත් දැනෙන එකක්යැ. .තමන්ගේ හිතුමනාපෙට ඉඩකඩ වෙන් කරගන්න එක නෙව තියෙන්නේ. යසපාලයා, සෝමේගේ හේන් කෑල්ලට හූවක් විතර එපිටින් කොටාගෙන ඉන්න හේනට, සෝමදාසගේ අයිතිය පෙන්නන දඩු වැටේ ඉදලම අයිතිය තියෙන්නෙත් යසපාලයටම තමා. ඒත් සෝමෙගේ හේන් කෑල්ලේ ඉදල යසපාලගේ හේන් කෑල්ලට යනකං තියෙන එක බූසියට වැවිච්ච කැලෑ ඩිංග කපල දාන්නේ නැත්තේ වෙලාවක් නැති හින්දයි කියල තමා, මිනිහ නං කියන්නේ. 

ඔය හේතුව හින්දා ගමේ උන් පොඩි ආරෝවක් තියාගත්තේ තමන්ගේ හේන් කෑල්ලට ගිනි තියන්න බැරි වොලාවට තමා. එතකොට යසපාලය ඇවිත් මායිමෙන් අඩි හය හතක් විතර කැලේ සුද්ද කරල දැම්මත්, එතැනින් එහාට නං කැලේ සුද්ද කරන්න අම්ම මුත්තේ කිව්වත් කටයුතු කරන්නෙම නෑ. 

සෝමේ වවාගත්ත බවබෝග ටික විකුණල කරල හොයාගන්න පනං හතරෙන් දරුවෙක් මාල්ලෙක් නැති ජෝඩුව කාලා බීල හිටියට, යසපාලය ගමේ කරන වැඩ වල හැටියට සෝමෙ ගේ හිතෙත් යාළුවා වෙච්චි යසපාලය ගැන ඉරිසියාවක් තිබුනා. කොහොම උනත් නැති බැරි වෙලාවට කස්ප්පු වඩිය හිටං අරන් දෙන යසපාලයගේ පැවැත්ම ගැන, ඉරිසියා හිතන එක සෝමේ හැන්දෑව වෙන කොටම හිතින් අතෑරල දානවා.

තව ටිකකින් ගිහිල්ල ගස් කොලං ටික සුද්ද බුද්ද කරල දාන්න හේන පැත්තට ගාටන්න ඕනය කියල හිතාගෙන තමන්ගෙම මනෝ ලෝකේ ඇවිදගෙන හිටිය සෝමදාසට ගේ කඩුල්ල හරියෙන් ඇහුන සද්දෙත් එක්ක විගහට පොළවට අඩිය තියන්න උනා.

“සෝමේ අයියේ, සෝමේ අයියේ“

“මොකෝ බං සේතෝ.. බෙරිහන් දෙන්නේ..“

“උඹ දන්නවැයි අයියේ ඊයේ රාත්තිරියේ වෙලා තියෙන සන්තෑසිය“

“මොකක්ද අර මගේ හේන චප්ප කරපු එකද උඹ කියන්නේ“

“අනේ උඹේ මගුල... ඊයේ රාත්තිරියේ පොලෝසියෙන් ඇවිත් යසපාලය, කුදලං ගිහිල්ල“

“මොකෑ කිව්වා.. යකෝ ඌ මාත් එක්ක නේ රාත්තිරි ආවේ කඩ මැද්දට ගිහිල්ල“

“ඔව් බං.. ඒ ආවට පස්සේ තමා“

“ඉතිං මක්කටෙයි කුදලගෙන තියෙන්නේ මේකව“


සෝමදාසගේ ළගටම ආපු සේතං, කටට අත තියල, අත සෝමදාසගේ කනේ වදින ගානට ආවම මෙහෙම කිව්වා.

“මොකටවත් නෙමෙයි බං.. ඌ හේනේ කංසා වවලලු ගජරාමෙට. ඔත්තුවකටලු ඇවිත් තියෙන්නේ“

“ඇත්තෙයි බොල.. අපි ඒවා දන්න එකක්යැ බං.. “

“පොලෝසියේ උන්දැල උඹේ හේන උඩින් තමා ගිහිල්ල තියෙන්නේ.. පනහක් විතර ආවයි කියන්නේ.. ලොකු ලොරියක. ඒක කඩ මැද්දට ත් ඩිංගක් එහායින් තමා ගාල් කරල තියෙන්නේ..“

“ඔව් බං මගේ හේන චප්ප කරල තියෙන්නේ උන්දැල තමා. මොකෑ කරන්නේ බං.. දැං ඉතිං ආයේ හේන කොටල කරල ගන්න එපායැ.“

“ඈ බං සෝමයියේ. උඹේ ගජයා වෙචිචි කොට යසපාලයා.. බොට ඔය ගැන කෙලබිංදුවක් වත් හැලුවේ නැත්ද“

“ආ... නෑ... නෑ.. ඕකා මට මොලෝ දෙයක් කියල නෑ.. අනික බං මම යසපාලගේ හේනට ගොහිල්ලවත් නැති කොට මං කොහොමෙයි ඕව දන්නේ... උඹ පලයං.. මාත් හේනට ගොහින් එන්න කියල හැදුවේ“


සේතං ගියාම, ආයේ පඩි පෙල උඩින් වාඩි වෙච්චි සෝමදාසට තමන්ගේ හීන ලෝකේ පුරාම පෙනුනේ. යසපාලයගේ එක හුස්මට උඩට වැවිල තිබ්බ කංස හේන..

ප.ලි/ මේ ටිකේ තිබ්බ වැඩ රාජකාරි හින්දා බොලා ලියපු බයිල වැඩිය ටියුන් කරන්න ලැබුනේ නෑ.. ඒ ගැන අහිතක් තියාගන්න එපා යකුනේ..

54 comments:

  1. යකෝ පුදුම යාලුවෝ..
    එහම කිවට හරියන්නේ නැහැ ඉලා හිටලා මොනවා හරි කොටන්න වේවි..බ්ලොග් එකෙ

    ReplyDelete
    Replies
    1. තැන්කුයි සංජීව. අනිවා කොටනවා... ටිකක් බිසි උනා මේ ටිකේ

      Delete
  2. මං හිතුවෙ හේන චප්ප කොරල තියෙන්නෙ අලි කියලයි.

    'ආයේ පඩි පෙල උඩින් වාඩි වෙච්චි සෝමදාසට තමන්ගේ හීන ලෝකේ පුරාම පෙනුනේ. යසපාලයගේ එක හුස්මට උඩට වැවිල තිබ්බ කංස හේන..'
    ඒ කියන්නෙ සොමෙත් මලක් ගහල.

    ReplyDelete
    Replies
    1. පිස්සුද අනේ.. සෝමෙ ගහන මල්.. බොට හරියට තේරිල නෑ.. සෝමේ ගිහිල්ල නැත්නං කංස හේන කොහොමෙයි පේන්නේ...

      Delete
  3. මමත් හිතුවේ හෙන චප්ප කලේ අලි කියලයි, තව කොටහක් තියෙනවයි දේශා මලේ.

    ReplyDelete
    Replies
    1. නෑ අයියේ ඉවරයි.. හැංගිච්ච කොටස් ටික අල්ලගනිල්ලා

      Delete
  4. දේශා උඹේ කතාව නම් එලම කිරි.කොන්ටිනිව් ගතියක් තියනවා අන්තිම.,,

    ReplyDelete
    Replies
    1. තැන්කුයි මචෝ.. ටිකක් හිතල බලහං.. කතාව ඉවරයි.. පොඩි ගැලපීමක් කරන්න වෙනවා එච්චරයි

      Delete
  5. අඩේ..මේකාට හොරෙන්ම මල් පැට්ටේක් වත් දීලා නෑනේ....

    ReplyDelete
    Replies
    1. ඒකනෙව කියන්නේ තරියෝ.. තැන්කුයි වෙරි මච් නහය උස්සන් ආපු එකට..

      Delete
  6. කතාව නම් ඉතාම හොදයි.
    හැබැයි කංසා කියන්නෙ වටිනා ඔසුවක්. දේශා මම පොඩි දෙයක් කියන්නම්. කංසා වැවීම තහනම් එක හොදයි. ඒ වැරදි භාවිතය ඉහළ නිසා. නමුත් ඉන් ලබාගත හැකි පළ ප්‍රයෝජන අපරාදේ. ඔන්න දැන් යුරෝපයේ ඒ ගැන බොහොම ජයට පර්යේෂන කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඔව් ඒක හෙළ ඔසුවක් තමා.. හුගක් ඔසු වලට දානවා. ඔබතුමාට උනත් ළගතියාගන්න පුළුවන් අවුරුද්දටම කිලෝ 10 ක් විතර නේද??? මං කිව්වේ කංසා

      Delete
  7. අන්තිමේදි ඒකෙන් පැත්තක හිටපු මනුස්සයෙක්ට සෑහෙන්න පාඩු විඳින්න සිද්ධ වෙලා.

    ReplyDelete
    Replies
    1. අන්න චාම්ස්..කල්පනා කරපු ප්‍රමාණය මදි.. පැත්තක හිටියා කියල ඇගෙව්වාට මිනිහා පැත්තකට වෙලා ඉදල නෑ..

      Delete
  8. මාත් බලාගෙන හිටියේ අලි එලවනකල්...:D

    ReplyDelete
    Replies
    1. අපි මොකටෙයි අනේ අලි එළවන්නේ.. රනිල් ඒක යස අගේට කරන්නේ..

      Delete
  9. ගජ කෙලිය කිවම මමත් හිතුවා මේ "අලි කේස්"එකක් කියලා..
    දැන් බලනකොට මේක මේ මල් සින් එකක්නේ..:D

    ReplyDelete
    Replies
    1. හ්ම්.. මල් සීන් එකක් තමා.. බොට ඇලජික්ද?? තැන්කුයි බඩි..

      Delete
  10. කෙටි කතාවනං නියමයි... එත් දේශකයෝ පළවැන් ඡෙදෙම එකම වාක්‍යයක් නේද. කොමා දාල කැඩුවට එතැන නං කියැවෙන්නේ නෑ. ඒක කෙටි වාක්‍යවලින් ලිවුවනං තමා හොද

    ReplyDelete
    Replies
    1. තැන්කුයි නලියෝ පෙන්නපු වරදට.. ඒක තමා මගේ බලාපොරොත්තුව..

      හැබැයි මෙතන මම ඒක දිගටම දැම්මේ වෙන අරමුණකින්. මොකද සෝමෙ ගේ ගාවට ඇවිල්ල බෙරිහන් දෙන වෙලාවේ ඉදල නන්දා ඉස්තෝප්පුවට යන වෙලාව පොඩි වෙලාවක්. ඒ ටිකේ වෙන දේ ඉක්මනට වෙනවා කියන අයිඩියා එක ඔළුවට වදින්නයි එහෙම කරේ.. කෙටි වාක්‍ය දැම්මනං ඒක දිග වෙලාවක් යන දෙයක් වගේ පේනේවි.. මට හිතෙන්නේ එහෙමයි.

      Delete
  11. කතාව තවත් හොඳ වෙයි, සෝමදාස හේන චප්ප වෙලා කියන ආරංචිය “නන්දෝ.. මේ පාර නං හේනේ බව බෝග ටික අහවරයි බං“ කියන දියාරු වාක්‍යට වඩා ටිකක් හැඟීමෙන් කිව්වා නම් කියලා මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. අන්න අදහස්.. මම ඒකට කැමතියි මොකද මම මේ කතාවෙදි විවරණ දෙන්න කියල හිතාන ඉන්නේ..

      සෝමදාස දියාරු වාක්‍යක් කියන එකේ තෙරුම් ගණනාවක් තියෙනවා. එකක් කතාවේ හැටියට තමන්ගේ හේන ගාවට ගිහිල්ල ඒක ඉවරයි කියල ආපු එක. හරි මිනිහෙක් නං හේනට ගිහිල්ල බලන්න ඕන. අනික යාළුවත් එක්ක කසිප්පු වාඩියට යන එක. යාළුවා ගැන තියෙන ඉරිසියාව.. තව එකක් කවදාවත් මිනිහගේ හේනට ගිහින් නැතෙයි කිව්වට කතාව අන්තිමේදි මිනිහට යාළුවගේ කංස හේන සරුවට වැවිච්ච එක පේනවා. ඒ කියන්නේ මිනිහා ඒක දැකල තියෙනවා. කරුණු කාරණා එක්කරාම, ඉරිසියාවත් එක්ක මේ ඔත්තුව දුන්නේ සෝමදාසය කියල අයිඩියා එක එන්න ඕන. මිනිහා ඔත්තුව දුන්නනං අර විදියට දියාරු වාක්‍ය කියන එක අරුමයක් නෙමෙයි.

      උඹේ නිරික්ෂනේ හරිම බලවත්...

      Delete
    2. මචං... සෝමදාසයගේ මේකට සම්බන්ධයක් ඇතිය කියලා අන්තිම හරියෙදි තේරුණා... මොකද යසපාලයව අල්ලගෙන ගිය එක ඌට එච්චර ලොකු නිව්ස් එකක් වෙන්නෙ නෑ, අනික මේ ගැන දන්නවද කියලා අහපුවහම දෙන්න උත්තරයත් සැක මතු කරනවා.

      හැබැ‍යි මචං.. මට හිතෙනවා උඹේ ක්ලූස් ටිකක් මදි කියලා... මේ වගේ කෙටි ලියවිල්ලකට. අනික අර රැවුල ගිනි ගත්ත, හැන්දෑව වෙනකොට අතෑරලා දානවා වගේ කතා කිව්වහම, කියවන එකාගෙ ඇතිවෙන සැකයත් ටිකක් නැති වෙනවා. සමහර විට, ඌ මේකට ඔත්තුවක් දුන්නා නම්, ඌට පොඩි පශ්චාත්තාපයක් එහෙම ඇතිවෙන්නත් බැරි නෑ නේද? එකටම හිටපු එකානේ.

      උඹ කියවලා තියනවද පිටගම්කාරයෝ?

      Delete
    3. @ තිසර,
      උඹ කියන ටික මට තේරෙනවා. ඒ අදහස් ඉදිරි නිර්මාණ වලදි මට හුගක් වටිනවා. පිටගම්කාරයෝ.. මොන... හැක් හැක්.. සිහල උරුමේ..

      Delete
  12. මලක් වගේම ආතල්...

    ReplyDelete
  13. වැඩ කියල හරි යන්නෙ නෑ. තට්ටෙ පලනව අතේ තියන කෝටුවෙන්ම ගහල නිතරම ලිව්වෙ නැත්නම්.. :D :D

    හේන චප්ප කරල කිව්වම මාත් හිතුවෙ අලි කියල. බලපුවාම හේන අස්සෙ ලාබදායි ව්‍යාපරයක් ගිහිල්ල නෙ. අර සිදුවීම් ටික විස්තර කරන විදිහ එහෙම ලස්සනටම තියනව. නියමයි දේශා..

    ReplyDelete
    Replies
    1. තව අයට කිය කියා ඉන්නෙ,චන්දන මල්ලිය ලියන්නෙ නැතිය.
      අපේ ඩ්‍රැකි මල්ලියව මාසෙකින් විතර දැක්කෙ නැහැ නොවැ.ආරංචියක් නැද්ද?

      Delete
    2. @ චන්දන
      තැන්කුයි.. බොටත් දැං මෝල් ගහෙන් ගහන්න වෙන තරං කාලේ ගෙවිලා.. ඒක ගැන හිතපං..

      Delete
    3. @ කෙන්ජි
      අන්න හරි බං.. චන්දනය නිකං වැඩේ අතැරල දාල වගේ. ඩ්‍රැකිය නං දැක්කෙම නැ. මිනිස්සු මේකට ආසාවෙන් ආවොත් විතරයි රැදෙන්නේ. හිටිස්, කමෙන්ට් කවුන්ටර් ගැන වැඩිය තකන්න නරකයි.. නැද්ද මං අහන්නේ

      Delete
    4. දැන් මොකද මේ මට ලියන්න කියන්නෙ ? මට බ්ලොග් එකක් තිබුන ද..? :D:D

      ඔව් කෙන්ජි අයියා. ඩ්‍රැකී දැක්කෙ නෑ තමයි..

      //හිටිස්, කමෙන්ට් කවුන්ටර් ගැන වැඩිය තකන්න නරකයි.. නැද්ද මං අහන්නේ// අනිවා.. ඒක හරි. ලියන්නෙ නැත්තෙ එහෙම දේකට නම් නෙවෙයි.. වස කම්මැලිකමක් ගහල. :)

      Delete
    5. අපොයි නැහැ මේ කතාව උඹට කිව්ව නෙමෙයි. දැං බලහං මෙතනට කඩා පාත් වෙන අය ගැනයි මම කිව්වේ. හුගක් අය ටික දවසකින් කළකිරෙණවා බලාපොරොත්තු වැඩි කමට. හැමදේම එකපාර හරියන්නෑ නෙව. දැං මට පුළුවන්ද මාතලං, මාරයා, කකා වගේ උන් කරන වැඩ කරන්න. ඒ අහලටවත් යන්න බෑ නෙව. ඒ වගේ වෙන්න පුළුවන් උවමණාව තියේනං. බ්ලොග් අටවගෙන ටික දවසකින් පෑලදොරින් පැන යන උන්ට තමා මම මේක කිව්වේ. උඹට නෙමෙයි..

      උඹට ලියන්න කම්මැලි නම්, උඹ ලියාගෙන හිටපු විදිය වෙනස් කරපං. මොකද උඹට එතැනින් එහාට අඩිය තියන්න බැරි මානසික බාධාවක් තියෙන විත්තියක් තමා පේන්නේ. මම වගේ රස කතා දෙක තුනකුත් ලියල කියල, ඔය විසිස්ඨ චරිත දෙක තුනක් ගැනත් මොකක් හරි කියල පාර ක්ලියර් කරගෙන වරෙන්. උඹට පුළුවන් අනිවා..

      Delete
    6. දේශා කිව්ව හරි.. මේ කමෙන්ටුව කලින් දැක්කට, තැන්කුයි කියන්නවත් බැරි වුනා කලබලෙන් දිව්ව නිසා... ඔන්න පොඩි උත්සාහයක් ගත්ත..

      මේ මහ රාත්තිරියෙ මේ පැත්තට කඩන් පාත් වුනේ මේ වචන ටිකෙන් දීපු සහයට තැන්කුයි කියල යන්න මයි.

      (තැන්කුයි යනු දේශක යා ගෙන් ඉස්සූ වචනයකි) :D

      Delete
  14. බවබෝග වැවිල්ල අතහැරල සෝමෙත් මල් වවයිද දන්නෙ නැහැ ටිකක් දුරකට වෙන්න.

    ReplyDelete
    Replies
    1. සොමෙ මල් වවන්නෑ. මොකද මිනිහට ඒක බෑ. හැබැයි තව එකෙක් ඒවා වවාගෙන ඉන්න එක ගැන ඉරිසියයි. ඒකනේ ඔය සේතං ඇහුවම තෙපරබාලා කියන්නේ ආ නෑ නෑ මට මිනිහා කවදාවත් ඔය ගැන කියල නෑ කියලා. හැබැයි ගොත ගහද්දි මොකක් හරි බොරුවක් තියෙන විත්තිය අපි දන්නවා නෙව.. අනික මිත්තරයෝ දෙන්නෙක් දිනපතා අඩිය ගහන කොට රහස් තියාගන්න ප්‍රමාණය අඩු වෙනවා.. බොට තේරුනයි..

      Delete
    2. දිනපතා සප්පායම් වන අපට ඕක තේරුනැයි කියල අහන්නත් දෙයක්යැ බොල...

      Delete
    3. හැක් හැක්. එහෙම තමයි බොල... මිලි 30 දීපන් අයියේ මට..

      Delete
  15. කෙටි කතාවක් කියවන්න ආස උනත් කාල වේලාව මේ දිනවල හරස් වෙලා. ඒ නිසා නොකියවා බලාගෙන යන්න වෙලා. ඒකට සමාවෙන්න දේශකයෝ....

    ReplyDelete
    Replies
    1. අයියෝ සමාව දුන්නය කියල හිතාගන්ටකෝ.. කියවන්නැතිව ප්‍රතිචාර දාන්නට අවශ්‍ය නැ.. මං ඔහේව කනවැයි නෑනේ.. තැන්කුයි තරු..

      Delete
  16. ගජ කෙලිය කිව්වට මං හිතුවෙ වෙන දෙයක් බැලින්නම් ගංජ කෙලියක්නෙ වෙලා තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. මට බිංදුව හැලුනද????? කොහොම උනත් උඹෙත් විමර්ශන ඇහැ නියමයි..

      Delete
    2. වැවා ට අහු වුනු එක.. දේශකය ත් හිතලම බින්දුව හලල ද කොහෙද.. :)

      Delete
    3. හැක් හැක්.. මට ඇත්තටම ඒක හැලුනද බං..

      Delete
    4. අපෝ නෑ කතාවට මාතෘකාව නියමෙට ගැළපෙනවා.

      Delete
    5. එහෙනං එච්චරයි..

      Delete
  17. අපි නොමඟ යැව්ව එහෙනං?

    ReplyDelete
    Replies
    1. අනේ පනේ මම එහෙම කරනවද..

      Delete
  18. දේශකයත් මේ ටිකේ හේනක් කොටනවා ඇති..

    ReplyDelete
    Replies
    1. අපි කොහොමත් හේන් කොටන මිනිස්සු අයියා.

      Delete
  19. මාත් හිතුවේ අලි කේස් එකක් කියල බැලින්නම් මේ වෙන එකක්නේ.....

    ReplyDelete
    Replies
    1. ඔව් නේ.. සමනලියෝ මේ වෙන කේස් එකක්.. මං බැලුවා ඔයාගේ පෝස්ට්කටු මට මිස් වෙන්නේ කොහොමද කියලා. අම්මප මං සමනලීව ෆලෝ කරල තිබ්බේ නෑ නෙව..

      Delete
  20. කෙසේ නමුත් කතාවනම් ආසවෙන් කියෙව්වා....එදා ඉදලම දේශකයගෙ කථාවට සිත්තමී ඇලුම් කල නිසා....

    එහෙත් හැම කමෙන්ටුවක් දිහාම බැලුවම නම් පෙනෙන්නේ කථාව හරියටම නොතේරැන බවයි. විටෙක එය ලිවීමේදී පාඨකයා තුල ඇතිවන පෙර දැක්ම ඇතිවීම ඔබේ කථාව තුල නොතිබුන නිසායි. කමෙන්ට් වලදී මේ මෝඩ රැලට (මමත් ඇතුළුව) නොතේරැණ නිසාම ඔබේ කථාවේ සැගවුණ රහස් ඔබ හෙලිකරල තිබෙනවා...... කථාව දෙවනි අවස්ථවේ කියවද්දි හෙමින් ඇත්ත නේන්නම් එහෙමනෙ වෙලා තියෙන්නෙ කියල මටත් හිතුණා......

    නමුත් අගය කිරීමක් කිසිම විටෙක කරන්නෙ හැහැ.......තව ලියද්දි කියවන කෙනා කථාව තුල ජීවත් කිරීමට පෙළඹෙන ලෙස ඉල්ලා සිටිනවා......

    දිගටම ලියන්න ආසයි එහෙමත් වෙනසක් බලන්න ඔබගෙන්.............

    (පණ්ඩිත කථා ගොඩක් කියලද මන්ද)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිත්තමියෝ.. මම මේ ප්‍රතිචාරෙ කීප වතාවක්ම කියවල හොදදට ෆිල්ටර් කරගත්තා. බලමු ඔය වගේ ළමයෙක් කියන දෙයක් නාහා ඇහැකිය ඉතිං.. තැන්කුයි මොන පණ්ඩිත කතාද මේවා රියල් කමෙන්ට්ස්... තැන්ක්ස් එගේන්..

      Delete