Friday, July 19, 2013

ජාතික ගීය ගණිකාවක්ද??

ඊයේ රාත්තිරියේ දේශකයා ගෙදර එන කොට මහ රෑ උනා නෙව. එහෙම ඇවිල්ල පැටව් දෙන්න නිදි නිසා, ටීවී එක දාගත්ත විතරයි, විනාඩි දෙක තුනක් වත් යන්න නෑ, මීයෙක් කෙදිරිගාගෙන වගේ ටීවී එකෙන් සද්දයක් ඇවිත්, “ශ්‍රී ලංකා“ කියල ඇහුන විතරයි තුක් නොදොමකින් කියල මම ටීවි එක වහල දාලා ඇදට පැන්නා. අනේ අම්මප ජාතික ගීයට ගිය කලක්.

ඒ දවස් වල සංගීත සංදර්ශන තිබුන නෙව නහුතෙට අපි ඉස්කෝලේ යන කාලේ. පාර පුරා ලයිට් දාලා, සද්දෙට සිංදු ඇහෙන පිට්ටනියට අපි යන්නේ අන්තිම සින්දුවත් අහල එනවයි කියල හිතාගෙනමයි. දවල්ට ඉස්කෝලේ ගියාට අපි රෑට ඉස්කෝලේ යන එකක්යැ. ඒක නිසා රෑට බාර් එකට ගිහිල්ල පොඩ්ඩක් සප්පායං වෙලා කුඹුර හානවා එළිවෙනකම්ම. ඔය සන්දර්ශනේ ඉවර වෙනවයි කියල පළවෙනි මැසේජ් එක එනකොටම අපි රෂ් එක මගඅරින්න බාගයක් දුරට ඇවිල්ලත් ඉවරයි. ඒත් අන්තිම සින්දුවේ “ශ්‍රී ලංකා“ කියන කොටම ගාල කඩාගත් කුළු හරක් රොත්තක් වගේ හැමෝම කඩි මුඩියේ පිට්ටනියෙන් එළියට එනවා. පාළු පිට්ටිනියේ තනකොළ ටිකටවත් සීරුවෙන් හිටගෙන ඉන්න විදියක් නෑ අඩුම ගානේ. ඇයි මේ කාඩයෝ තණකොළ ටිකත් පාගල පාගල චප්ප කරල නෙව තියෙන්නේ. ඔන්න ඕකයි ජාතික ගීයට ගිය කල. 

ඉස්කෝලෙත් උදේ පාන්දරම තියෙන රැස්වීමෙදි ජාතික ගීය ගායනා කරනවා. මාත් ඒ දවස් වල සංගීත කණ්ඩායමේ මී කතුර (වයලීන්) වාදනය කරා. ජාතික ගීය කියල කියලම දහය එකොළම වසර වෙන කොට කටවත් ඇරෙන්නේ නෑ.. ඒ තරම්ම කට හොර වෙලා. මොන සීරුවෙන් ඉදිල්ලක්ද? මේ මලදානේ මොන වෙලාවේ ඉවර වෙනවද කියල හිතින් බැන බැන ඉන්නේ. අපි ජාතික ගීයට ගරු කරන්නේ එහෙම තමා.

නිකං ඉන්න වෙලාවට “ශ්‍රී ලංකා මාතා. උගේ අම්මට මම ඇරියා“ වගේ සම්භාව්‍ය ගීත එහෙමත් කියල අපි ඒකට තියෙන ගෞරවේ වැඩි කරා. ඉස්කෝලේ සාහිත්‍ය සංගමේ රැස්වීම් වලදියි, ශිෂ්‍ය නායක රැස්වීම් වලදියි ඔය ගැන නිතරම කතා උනා. ළමයි ජාතික ගීයට ගරු කරන්නේ නැතෙයි කියලා. කොහේ ගරු කරන්නද? අපේ හිටියා ජිමා කියල සර් කෙනෙක්. මිනිහා හැම වෙලේම තඩි වේවැලක් අතේ තියන් යන්න පුරුදු උනා. මිනිහා ඕක උරුක් කරල ළමයි බය කරාට කාටවත් ගැහුවේ නෑ. ඒක නිසා අපි තේරුං ගත්තා, ඔය වේවැල තනිකං දෝසෙට අරං යන එකක්ය කියලා. ඒකෙන් මේකෙන් අහිංසක වේවැල තිබ්බ ගෞරවෙත් නැති උනා, බයත් නැති උනා. වේවැල ජිමාගේ අතේ කොච්චර වේව්ල වේව්ල හිටියත් එක කොල්ලෙක් වත් ඒකට බය උනේ නෑ. අන්තිමට ජාතික ගීයයි, වේවැලයි එක සමානයි.

ජාතික ගීය කියන්නේ යම් කිසි ජාතියක් තමන්ගේ ශ්‍රෙෂ්ඨත්වය විදහා දක්වන්නට, ජාත්‍යාලය හදවතේ පුරවගන්න තියෙන බොහොම බලගතු ගීතයක්. එහෙම ජාතික ගීය ගණිකාවක්ගේ තරමටම දැං වැටිල තියෙන්නේ. පහලම දේශපාලන කක්කුට්ටගේ ඉදල, ඉහලම තල්මහ දක්වාම පුක තියාගන්න ටකරං මඩු වල, මිනිස්සු වටවෙන රැස්වීම් කියල අපි කියන ඒවගේ, මොන විදියෙන් හරි ජාතික ගීය කියනවමනේ මහ සද්දෙන්. ඒ වෙලාවට බීපු ඈයෝ කොහේ සීරුවෙන් ඉන්නද? බොරුවට දගලනවා උනාට ජාතික ගීයේ තියෙන වටිනාකමක්වත් මේ යක්කු දන්න එකක්යැ.

අපිටය කියල ජාතික ගීයක් ඉස්සෙල්ලම කිව්වේ ඔය 1949 තිබ්බ ජාතික නිදහස් උත්සවේදි තමා. එතකං අපිත් “රැජින රැකේවා“ (‍God Save the Queen) කියන එංගලන්තේ ජාතික ගීය තෙපර බබා හිටිය ජාතියක් නෙව අපි. සමරකෝන් මහත්තයා ඉස්කෝලේ උගන්නද්දි ඒ ළමයින්ගේ ජාතිමාමකත්වය ඉහල නංවන්නෙයි කියල ලිව්ව කවියක් තමා අන්තිමට අපි ජාතික ගීය විදියට බාර ගත්තේ. 1978 සීයගේ ව්‍යවස්ථාවෙන් ජාතික ගීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් ඇතුලත් උනා. හැබැයි ඒකට තියෙන නෛතික අයිතියක් පමණක් ඉතුරු වෙද්දි ජාතික ගීය, එකම බයිලාවක් වී හමාරයි ලංකාවටම. දැං මොන එකාද ජාතික ගීය හැගීමෙන් ගායනා කරන්නේ. ජාතික ගීයේ අවශ්‍යතාවය තියෙන්නේ ඔන්න ඔලිම්පික් මෙඩැල් එක දිනපු සුසන්තිකා හින්දයි, වර්ලඩ් කප් ගත්ත අර්ජුන ගොයියගේ කට්ටියයි හින්දා තමා. ඒකත් මොලෝ රහක් නැති සින්දුවක්ම විතරක් වෙන්නේ බැරි වෙලා හරි ඔය දෙකම ලංකාවේදි ගත්ත නං. ඇත්තටම ලංකාවේ ඉන්න උන්ට ජාතික ගීය ගැන කිසිම හැගිමක් නෑ. ඒක වැදගැම්මකට නැති සිම්බෝල් එකක් ගානටයි දාලා තියෙන්නේ. හැබැයි පිටරටකට වෙලා ඉන්න කොට නං ඔන්න “ශ්‍රී ලංකා මාතා“ කියල ඇහුනත් ඇගේ මවිල් කෙලින් වෙනවා. ඒත් ලංකාවට ආවම ඒ තත්වේ වෙනස් වෙනවා.

මොකක්ද හේතුව.. වෙන මොකක්ද ඉතිං බල්ලටයි කොල්ලටයි, නරියටයි හැම එකාටමයි කිසිම බාධාවකින් තොරව ජාතික ගීය ඉබින්න දීල තියෙන එක තමා. මුන් දන්සැල දෙන්න කලිනුත් ජාතික ගීය දානවා, දහම් පාසල පටන් ගන්න කොටත් ජාතික ගීය දානවා. දැන්නං ඉස්කෝලේ ජාතික ගීය සතියට දවසයි කියන්නේ. ටීවි එක ඉවර උනාමත් ජාතික ගීය දානවා. රේඩියෝ එකත් එහෙමයි. මොකෙක් හරි ආවත් ජාතික ගීය. හැම එකාටම රමණය කරන්න දීපු මේ ජාතික ගීය දැං විකාරයක් වෙලා හමාරයි. අපි ජාතික ගීයේ දෙමළ ප්‍රකාශනය කරන්න ඉඩ දෙන්නෙත් නෑ, ව්‍යවස්ථාවෙන්ම අවශ්‍ය ප්‍රතිපාදන සලසලා තියෙන එකේ. මුං අහන්නේ මොන රටේද ජාතික ගීය බාසා දෙකකින් ගායනා කරන්නේ කියලයි. මෝඩ යක්කුනේ.. බාසා දෙකකින් නෙමෙයි දුසින් ගානකින් කියන ජාතින් පවා ඉන්නවා. ඉන්දියාව ඒකට උදාහරණයක්. බෙල්ජියමේ, කෙන්යාවේ, දකුණූ අප්‍රිකාවෙත් එහෙමයි. බාසා කිහිපයකින් ම ගායනා කරනවා.

මොන හේතුවකට හරි මට නං ජාතික ගීය මගේ ජාතිකාභිමානය නංවන්නේ නෑ. මම දන්න තරමින් ටීවි එකේ ජාතික ගීය යන කොට අපේ පොඩි එකෙක් වත් බලෙන් හිටවන්න බෑ. උන්ටත් ඒක සිංදුවක් විතරයි. පාරේ යන එකෙක් ජාතික ගීය ඇහුනයි කියල පාරේ හිටගන්නවද නෑනේ. එහෙනං මොන මගුලකට, ලංකාවේ තියෙන හැම උත්සවේටම ජාතික ගීය දාන්නේ. ඒකෙන් ජාතික ගීය ගණිකාවක් වෙන එක විතරයි වෙන්නේ. ව්‍යවස්ථා අරව මේවා මොකක් හරි මෙව්ව එකක් කරලා, ජාතික ගීය අත්‍යාවශ්‍යම ජාතික අවශයතා පමණක් වාදනය කරා නං අහවරනේ..නේද??

88 comments:

  1. ඔව්වා ඉතින් ඔහොම තමා...මොකද උදේට හවසට FM වල පිරිත් දැම්මා කියලා අපි දැන් හැදිලද? සමහර ෆිල්ම් හෝල් වලත් චිත්‍රපටිය පටන් ගන්න කලින් ජාතික ගීය වාදනය කරනවා... සමහර උන් ඒකට නැගිටින්නේ චක් චුක් ගාගෙන...(බොක්ස් වල ඉන්න උන් එවෙලෙට මොනවා කරනවද කියලා නම් තාම දැකලා නෑ)

    ReplyDelete
    Replies
    1. බොක්ස් වල ඉන්න අයියලගේ මල්ලිල නං සීරුවෙන් ඉන්නවලු බං ඒ වෙලාවට.. තැන්කුයි අපේ ගල්පාත සදුන් මලයෝ..

      Delete
  2. එකගයි...අවශම අවස්ථාවක පමණක් යොදාගටුතයි

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං මට කියන්න ඕන උනෙත් එච්චරයි. ව්‍යවස්ථාවෙන් දීල තියෙන විදියටවත් පාවිච්චි කරා නං ඉවරනේ.. දැං සිංහල කොටන එක හුගක් හොදයි උඹේ..

      Delete
  3. මෙකෙන් වෙන්නෙ ජාතියම නියොජනය විමක්.එකනිසා මමත් හිතන්නෙ ගරු කල යුතුයි.මොනව කරන්නද අර හමුරුනමක් මම දෑක්ක සන්දෙශයක් දෙනකොට ගාත කියනව.තව ඔය මගුල් ගෙවල් වල ජතික කොඩිය දන්නෙ.ගොඩාක් තෙරුමක් නෑතිව යුස් කරන්නෙ

    ReplyDelete
    Replies
    1. ගරු කරන්න ඕන බං. හැබැයි මේ යන විදියට මොකාද ඒකට ගෞරව කරන්නේ. අන්න ඒ නැති වෙච්චි ගෞරවේ ගැනයි මම කියන්නේ. අනික මේ ගීතයේ ගණ පිහිටිමේ දෝෂයකුත් තියෙනවා බං..

      Delete
    2. එක තමයි බොලෙ මමත් කිවුවෙ.ගන කතන්දරෙ මමත් අහල තියෙනව.ඩි එස් ගෙ මරනෙ ගෑනත් එක්කම

      Delete
    3. ඔව් ඔව් ඒක එහෙම තමා.. ගනේ වැරදිලාලු නෙව.. නමෝ නමෝ, ර්‍ශ්‍ර ලංකා මාතා උනේ. හැබැයි ඒකේ ගනේ ඊටත් වඩා නරකයිලු..

      Delete
  4. ඔබේ අදහස හා එකඟයි. අනවශ්‍ය තැන්වල අනවශ්‍ය විදියට නිතර ජාතික ගීය වාදනය හේතුවෙන් මේ උත්තම නිර්මායට ඇති හැගිම අපෙන් ගිලිහිලා ගිහින් දැන්. මෙය ගායනය විය යුත්තේ අත්‍යවශ්‍ය තැනක අති ගෞරවණීය විලාසයකින් පමණයි.

    ReplyDelete
    Replies
    1. අන්න හරි බං.. ගෞරවනිය බවක් තියෙන්න ඕන.. හැමවෙලාවෙම ඕක දාන්නේ නැතිව

      Delete
  5. දෙවේලේ දකින කුකුලගේ කරමලේට වෙච්ච දේ තමයි බං ජාතික ගීයට වෙලා තියෙන්නෙත්.

    ReplyDelete
    Replies
    1. ඒක තමා බං කියන්නේ. අනික අපිට ඒ ගීයෙන් හැගීමක් එන්නෑ.. ඒකත් අවුලක්..

      Delete
  6. තංගල්ලෙ ටවුමෙ බස් ස්ටෑන්ඩ් එකේ හැමදාම ජාතික ගීය දානව උදේ අටට. ඉතිං ඒක මගහැරල යන්න කාටවත් බෑ. ට්‍රැෆික් රාලහාමිලා වාහන නවත්තල සීරුවෙන් ඉන්නව. වාහන වල ඉන්න එවුනුත් ඩ්‍රයිවින් සීට් එකේ (සීරුවෙන්) ඉන්නව. බලන්න ලස්සන විකාරයක්. ඒ අස්සෙ බයික් ත්‍රීවීල් අයියල ටික ටික ඉස්සරහට ඇවිල්ල පොලීසිය දැක්කම සීරුවෙන් නවතිනව. හැබැයි කාටවත් යන්න දෙන්නෙ නෑ. මම දවසක් යන්න යද්දි නැවැත්තුව. ජාතික ගීයට ගෞරව කිරිල්ල උගන්නන්න එද්දිම මම කිව්ව රාලහාමිට මෙහෙම,
    රාලහාමි, මම යන පාරෙ තියනව ඉස්කෝල දෙකක්. ඒ දෙකේමත් ජාතික ගීය දානව. අපේ ඔපීසියෙත් තව ටිකකි ජාතික ගීය දානව. ජාතික ගීය ඇහෙන ඇහෙන වෙලාවට නවත්තන්න ගියොත් මට රතු ඉරත් වදීවි කියල. විනාඩි 5ක විතර දේශනයකුත් දුන්න උන්දැට.

    ජාතික ගීය දාන්න ඕන විශේෂම අවස්ථාවකට විතරයි. (හරි නං ඔෆිස් වලටත් වැඩක් නෑ මොකද මිනිස්සු සීරුවෙන් ඉන්න නෙවේනේ කාර්යාලයට එන්නේ).

    පහුගිය දවසක අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් අපිට ලැබුන අත් පොතක්. ඒකෙ තියනව ජාතික ගීය කොඩිය ආදී දේවල් පාවිච්චි කල නොකලයුතු ආකාරය ගැන. මේ විකාර වැඩ ඒ පොතේ හැටියට නීති විරෝධියි.

    අවසානයට, මේ විදියේ දේවල් ඇතිවෙලා තියෙන්නෙ දැන් තියන දේශප්‍රේමයේ ම කොටසක් විදියට. මොකද අපි පොඩි කාලෙ මේ වගේ විකාර තිබුනෙ නෑනෙ. ජාතික ගීය තමුන්ගෙ තැන දැම්මම ලොක්කගෙන් ලකුණු ලැබෙයි කියල හිතං ඉන්න උදවියනෙ දැං ඉන්නෙ. ලොක්කටම හරියන විදියටයි මේ පැටව් හැදෙන්නෙ.





    ReplyDelete
    Replies
    1. මං දැනගෙන හිටියේ නෑනේ මේ සීන් එක!
      එතකොරට දැන් රාජ්ලා ගේ ගම් පලාතතත් නිකං සවුදිය වගේ නේද?

      Delete
    2. ඒ මොන විකාරයක්ද ඒ ...? මුන්ට නම් හරක් කියනවා ඇර වෙන කියන්න දෙයක් නැහැ.. සියලු දෙනාටම සරම සහ ළමා සාරිය අනිවාර්ය කරත් පුදුම වෙන්න එපා මේ රටේ..

      Delete
    3. රාජ්..ඕය වගේ තමා..හැම පන්සලකම උදේට පිරිත් තර‍ඟෙට දැමීම..මොකක් බලාපොරොත්තු වෙනවද මන්දා...?

      Delete
    4. @ රාජ්..

      උඹට ස්තුතියි උඹේ පෝස්ට්කටුවක් කරන්න තිබ්බ අදහස් ටික ගෙඩි පිටින්ම මෙතැන දැම්මට.. ඔය උඩපනින උන්ට තියෙන්නේ දේශප්‍රේමය නෙමෙයි බං. ස්වයංප්‍රේමය.. ( ඒ කියන්නේ තමන්ගේ බඩ පුරවාගන්න ක්‍රමේ)ඉස්සර මටත් මතකයි ජාතික දිනේටත් අපිව පාරේ හිටවල තිබ්බ කාලයක්...

      Delete
    5. @ කකා
      සව්දිය වගේ.. ඔන්න රාජ් කකාට පෙන්නපං තංගල්ල කියන්නේ දැං සුරපුරයක් කියලා..

      Delete
    6. @ සහන්
      ලොක්කගේ බක පන්ඩිතයෙක් කිව්වොත් ලංකාවේ ගෑනු ඔක්කෝම ළමා සාරිය ඇන්දොත් මිනිහගේ කේන්දරේ හොද වෙනවයි කියල ඒකත් කරාවි අනිවා..

      Delete
    7. @ වීයා
      පිරිත් නං ඇහුවම මොකද බං කනකට ගන්න දෙයක්යැ. ඒ උනාට ජාතික ගීය කියල කියන්නේ ඊට වඩා එහා ගිය දෙයක් නෙව

      Delete
  7. ජාතික ගිය පමණක් නොවෙයි, ජාතික කොඩියට වෙලා තියෙන්නෙත් මේ දේම තමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං. ඒකත් තනිකර වේසියෙක් වගේ හැම බල්ලගේ අතේම තියෙනවා..

      Delete
  8. ජාතික ගීයට, ජාතික කොඩියට ගරු කරන්න නම් ඒ රටෙන් තමන්ට දෙයක් ලැබිලා තියෙන්න ඕන. ජාතික ගීයට නටන උන් ඉන්න රටක මොන ජාතික ගීද. අපේ රට පිස්සු මඤ්ඤං රටක් කියලා තේරෙන හොඳම දෙකක් තමයි. ජාතික ගීයයි, ජාතික කොඩියයි. පොඩ්ඩක් නිකන් මම කියනවට කල්පනා කරලා බලන්න.

    ReplyDelete
    Replies
    1. මටත් මේ ජාතික ගීයයි ජාතික කොඩියයි ගැන කිසිම හැගීමක් නෑ තමා. ඒ උනත් රටට ගරු කරන්න රටෙන් මුකුත් ලැබෙන්න ඕන නෑ බං.. අභිමානය තිබුනම ඇති. අපිට දැං එහෙම එකක් නෑ..

      Delete
  9. ජාතික ගීය, ජාතික කොඩිය, බෞද්ධ කොඩිය ඔය මොක උනත් ලංකාවෙ භාවිතා කරන්නෙ ඒකට ගෞරවයක් දෙන ආකාරයට නෙමෙයි. උත්සවේකට බෞද්ධ කොඩි, ජාතික කොඩි දැම්මට ඒව ගලවල අයින් කරන්න කට්ටිය නෑ. ඉතිං ටික දවසක් යනකොට සිංහයො ඉන්නව කාණුවල.

    රෑ දෙගොඩහරි යාමෙ දෙකක් දාගෙන ඇවිල්ල ටී.වී. බලන්න එපා කියන්නෙ ඕක තමයි. :D

    ReplyDelete
    Replies
    1. දෙකක් දාලා ටී වී බැලුවත් බලහං අන්තිමට ජාතික ගීය විතරයි බලන්න තියෙන්නේ.. ලංකාවට ගිය කලක් හැබෑටම

      Delete
  10. උඹ හරි, හරියටම හරි.. අපි ජාතික ගීය ඇහෙද්දි සීරුවෙන් ඉන්නෑ විතරක් නෙමේ ජාතික ගීය වෙනුවට වෙන ගීයක් දැම්මත් ඒකටත් සීරුවෙන් ඉන්න ජාතියක්. ඒ කියන්නෙ අපි ජාතික ගීය මොකක්ද කියලවත් තාම හරියට දන්නෑ.. අනිත් එක ඔය හුඟක් තැන් වල ඕකෙන් කෑල්ලයිනෙ කියන්නෙ. අර, ඔබ වේ අප විද්‍යා කියලා පටන් ගන්න කෑල්ල කවුරුවත් මලාට කියන්නෑ.. ඒක හුඟක් උන් දන්නෙත් නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් බං ජාතික ගීයක් කොටස් කරල කියන්න පුළුවන් එකක් නෙමෙයි නේ.. ඔය සංගීත ප්‍රසංග වල පද දෙක තුනයි කියන්නේ..

      Delete
  11. ඕක විකාරයක් උනේ මේ ළඟදි මං හිතන්නේ.... ඉස්කෝලෙ යන කාලෙ ඕක ඇහෙනකොට සීරුවෙන් ඉන්න සංයමයක් තිබ්බා අපිට... දැං නං ජාතික ගීයට සීරුවෙන් ඉන්නවා කියන එකත් ලැජ්ජ හිතෙන වැඩක් වෙලා....

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්ත බං. මටත් නිකං හෙළුවෙන් ඉන්නව වගේ තේරෙන්නේ ඒක යනකොට..

      Delete
  12. ජාතික ඇඳුමට වෙලා තියෙන වින්නැහිය දන්නවානේ?

    එදා අපේ තාත්තලා ජාතික්වයෙන් ඇඳපු ඇඳුම අද කපටි සූට් එක වෙලා!

    ReplyDelete
    Replies
    1. +++++++++++

      දැන් නම් ඕක අදින්නත් ලැජ්ජයි.

      Delete
    2. සහතික ඇත්ත.. ජාතිකෙයි කියාගන්න හැම එකටම කෙලවිලයි තියෙන්නේ දැං..

      Delete
  13. කියන්නනම් ඇත්තටම දෙයක් ඉතුරු කරල නෑ දේශකයා......

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මක්කවත් කියන්න නැද්ද සිත්තමියෝ. තැන්කුයි කාලෙකින් දැක්කේ..

      Delete
  14. කිසිම පිළිවෙලක් නැති ජාතික ගීයක් තමා අපට තියෙන්නෙ...ජාතික ගීය ගැන ඉතා හොඳ විවේචනයක් මහගම සේකරයන්ගේ නොපළ කෘති පොතේ එනවා.
    අනිත් එක මම නිතරම අපේ ජාතික ගීයත් ඉන්දියානු ජාතික ගීයත් සන්සන්දනය කරනවා...පොඩ්ඩක් බලපන් අපේ මහ පතරංග ජාතකය වගේද ඉන්දියානු ජාතික ගීය...කෙටියි..ලස්සනයි... අරුත්බරයි

    ReplyDelete
    Replies
    1. ඒ වගේද ලොක්කා ඇමරිකන් ජාතික ගීය.. නිකම්ම හිටවෙනවා බං ඒකට. මටත් හිතෙන්නේ මේක ජාතික මළ ගීතය කියල දැම්මනං හරි. ඒ තරංම කේඩෑරි වෙච්ච ගතියක් ඒකේ තියෙන්නේ.. සුනිල් ශාන්තගේ “ලංකා ලංකා“ ගීතය ඊට වඩා ඇහැට කදුලු අරන් එනවා බං..

      Delete
  15. පාරේ යද්දී ජාතික ගිය ඇහුනයි කියලා නැගිටලා ගරු කරන්න ඕනද මන්දා . අපේ මිනිස්සුමනේ අප්පා ඕන එකටයි එපා එකටයි ජාතික ගියයි ජාතික කොඩියයි අරගෙන එපා කරවන්නේ . මගුල් ගෙවල් වල ජාතික කොඩිය දාන්නේ ඇයිද කියල මාත් හිතුව . දෙන්න එක්ක ජාතිය ගොඩ නංවන නිසා වෙන්ට ඇති.

    අසරණ බෙග් උන්දැව මට එපාම වුනේ වෙන මොකටවත් නෙමේ . වෙසක් දාට කණ පැලෙන්න බෙග් මාස්ටර්ගේ සින්දු දැම්ම නිසා . ජාතික ගියටත් ඒ කල යාද .

    මොන එකක්ද මන්දා ඉස්සර ඉඳන්ම ජාතික ගිය ඇහෙද්දී පපුවට අමුතු හැඟීමක් නම් එනවා . සීරුවෙන් සිට ගත්තේ නැතුවට .

    ඉස්කෝලේ රැස්වීම් වල, නැත්නම් ජාතික උත්සවයකදී නම් ගීතය ඉවර වෙනකම් සීරුවෙන් ඉන්න එක යුතුකම .

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා බින්දිව මේ පැත්තට..

      ඇත්තටම ඒ ගැහීම නැති කරල දාලා හුගක් දවස්.. දැං පොඩි එකෙක් ජාතික ගීය තඹේකට ගන්නෑ. ඒ තරංම්ම අජපල් සින්දුවක් වෙලා හමාරයි.. ස්තුතියි බින්දි..

      Delete
  16. රේඩියෝ ටී වී චැනල් ඉවර වෙනකොට (පටන් ගන්නකොටත් දානවද මන්දා. ඒ වෙලාවට මං දොයි) ජාතික ගීය දාන්නෙ ඇයි කියන එක මටත් හිතුනු දෙයක්. තව මගුල් ගෙවල් වල සරසන්න ජාතික කොඩිය පාවිච්චි කරන එක... ඒකත් එහෙම නෙ.

    ජාතික ගීයේ පද ගැනත් පහුගිය කාලෙ කතා වුනා වගෙ මතකයි.

    ReplyDelete
    Replies
    1. ඔව් බං මේවා තහනං කරන්න ඕන. පෙට්ටි කඩන කොට ජාතික කොඩි දාන්නේ මොන මගුලටද?? (මාත් දැම්මා තමා.. පෙට්ටිය කඩන දවසේ ජාතික කොඩියක්)

      ජාතික ගීයේ දෙමල පරිවර්තනය ගැන කතා උනා. ඒ වගේම ගණ පිහිටිම ගැනත් කතා උනා. ඒත් ප්‍රමාණවත් නෑ..

      Delete
  17. අර ඔයා කියලා තියෙනවා වගේම ජාතික ගීය ඇහෙද්දි මට නම් උන්නු තැනින් නැගිට්ටෙනවා ඉබේටම. ඒ එක්කම ඇස්වලට කඳුලුත් එනවා...

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ ඔට්ටේරියාවේ ජාතික ගීය ඇහුනමද???

      Delete
  18. Aru-ge adaviy ට වරක් ගොඩ වැඩි කියවන්න.රස ගුලාවක්.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි කෙන්ජි.. මේ ටිකේ ඕවා බලන්න උනේ නෑ. අද හවසට සැට් වෙන්නං..

      Delete
  19. ඇත්ත මටත් මහ ඇණයක් සමහර වෙලාවට ඕනෙ එකටයි එපා එකටයි හැම එකටම ජාතික ගීය වාදනය කරනවා විහේෂයෙන්ම ආණ්ඩුවේ ආයතනවල මේක දිනපතා කරනවා. ඒත් ජාතික ගීය එහෙම භාවිතා කරන්න බෑ ඒක වාදනය කරන්න පිලිපැසිය යුතු රීති මාලාව්ක් තියෙනවා අජය අනුමත කරපු. ඒකේ විදියටයි ජාතික ගිය වාදනය කළ යුත්තේ. හැබැයි ඒ නිති මාලාව කවුරුවත් පිලිපදින්නේ නෑ

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි මමත් කියන්නේ. අළුතින් හදන්න දෙයක් නෑ තියෙන නීති ටිකවත් අඩු ගානේ පිලිපැද්දම ඉවර නෙව..

      Delete
  20. මම නම් කියන්නෙ රාජ්‍ය නියෝජනය කරන දේකට හැර ජතික ගීය ජාතික කොඩිය දාන්න හොද නැහැ.මොකද අපේ රටේ අනන්‍යතාවය පෙන්වන්න තියෙන දේවල් අපිට පෙන්වලා වැඩක් නැහැ.ඒක පේන්න ඕනෙ වෙනත් ජාතීන්ට (පිටරැටියන්ට).ස්තූතියි දේශක ඔබට

    ReplyDelete
    Replies
    1. නැහැ බං. අපි ජාතික ගීය බාවිතාව දන්නෙ නෑ. අපි දන්නේ බාවනාවගන්න විතරයි. ඒකයි අවුල.. උංගේ රෙද්දේ පැල්ලම් මකන්නේ ඔය ජාතික කොඩියයි ජාතික ගීයයි තමා.. අපිටයි පව්. අසරණ වෙන්නේ අපේ දරුවෝ..

      Delete
  21. අපේ ජාතික ගීය කිසි ගතියක් නැ , කම් මැලියිනේ අප්පා , එහෙම නෙමෙයි තියෙනින ඕන ඇහෙනකොට , කියන කොට ජවයක් දැනෙන්න ,

    අර ''හෙල ජාතික අභිමානේ සැදු විරුවන්සේ '' කියන ගීතය හොදයි ඔය වැඩේට

    ReplyDelete
    Replies
    1. "මේ රටේ මිනිස්සු... තනිකර කෙලින්නේ පිස්සු..." කියන එක අප්ෂට්ද....?

      Delete
    2. ඊට වැඩිය හොඳයි සුනිල්ගෙ "ලංකාවෙ අපේ ලංකාවෙ" කියන එක..

      Delete
    3. ඔය තුනටම වඩා හොද නැතිද අර "මහරජාණෙනි"සින්දුව.
      දැන් එක තමයි trend එක...:D

      Delete
    4. @ අටමා
      සිංහල හරියට නොදන්න ජේ ආර් උඩ පැනල කරපු මගුලක් නෙව මේකත්.. ඔය ගීතය ජාතික ගීය කරන්න ජේආර් ට හෙන ඇම්මක් තිබිල තියෙනවා. මිනිහා ඇමති කාලේ.. ඇත්තටම ජවයක් නෑ බං මේකේ. නිකං අර බඩු දාලා ඉවර වෙලා අපි කියන සින්දු වගේ..

      Delete
    5. @ මාතලං, සරා, මනෝජ්.

      උඹල ඔය සින්දු වලට අපහාස කරන්නෙපා.. හරිය.. මට තද වෙනවා...

      Delete
  22. පසුගිය ජනවාරී/පෙබරවාරී මාසවල ජාතික ගීතයට භාශාමය වෙනසක් කරන්න කතාවක් තිබුනා නේද?
    මා අසා ඇති පරිදි ජාතික ගීතයේ පද කිහිපයක් එකී සමය තුළ වෙනස් කිරීම හේතුවෙන් සමරකෝන් මහතා දැඩි කනස්සල්ලෙන් ද පසුවී තිබෙනවා.

    මහා වංශකතාකරු, ජැක්සන්ටත් ඔස්ට්‍රේලියාවේදී ජාතික ගීතය වැරැදී තිබුණා.

    --------------------------------------
    හෙණපිට හෙණත් කඩු පිට කඩු හෙතත් හෙම...
    පණනළ අපේ අපගෙන් ගිලිහෙන තුරුම...
    වණ නොකරමුයි ජාතික ගති ගුණ පරම...
    දණ ඇණ සිඹිමු ලක් මවගේ පා පියුම...

    ජාතික ගීයත් පරංගියාගේ බයිලා තාලෙට ගයලා
    ජාතික කොඩියෙන් පාවඩලන්නේ නැති වුන් සේ විළිසංගේ....
    ජාතකයක් නැති එවුන් වගෙයි මේ පානා බහුරූ කෝලං
    බෑ ඉවසන්නට බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර ලංකා...

    හොඳ උළු රටඋළු හොඳ හුණු රට හුණු හොඳ ගොන් නම් රට ගොන්නූ...
    හොඳ තණ රටතණ හොඳ දෙල් රටදෙල් වැඩුණත් ගම්බිම් ගානේ...
    පරදෙසටය පරබසටය බුහුමන විරුවෝ නම් මහ පරයෝ...
    බෑ ඉවසන්නට බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර ලංකා...

    උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර යුදගිනි සාගිනි ඇවිලේ...
    ගිනි මෙළවී ඇතිමුත් දිය සැලියේ කක්කුට්ටන් දිය කෙළියේ...
    ඇත්තට දඬුවම් නැත්තට මල්දම් කටවල් වල මුඛවාඩම්...
    බෑ ඉවසන්නට බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර ලංකා...

    ගායනය - නන්දා මාලනී
    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
    සංගීතය - ෂෙල්ටන් ප්‍රේමරත්න.
    http://www.sinhalajukebox.org/cgi-bin/smi.cgi?s=A0170186C01

    ReplyDelete
    Replies
    1. ජැක්සන්ටත් වැරදුනා නම් අපි ගැන කවර කතාද..?
      නන්දා මාලනී මහත්මියට දැන් ඔය ඉස්සර "පවනේ" ගායනා කරපුවා අමතකයිද මන්දා...?

      Delete
    2. ඒ මොකද? ජැකා ජාතියේ මහාභාරකරු ද?

      Delete
    3. @ නිර්මලා
      ස්තුතියි මහන්සි වෙලා දාපු ප්‍රතිචාරෙට. ඔය ජැකාගේ සීන් එක මම හරියට දන්නෑ අහල විතරයි තියෙන්නේ.. දෙන්න බලන්න විස්තරයක් ඒ ගැන.. ආයෙත් තැන්කුයි මාලිනි නෝනගේ සින්දුවේ පැදි පෙලට. මොකද මට අල්ලගන්න බැරි වෙචිච වචන දෙක තුනක් අහු උනා මේකෙන්. උම්මා

      Delete
    4. @ අයිලාෂ්
      නෑ ජැකා තමා අපේ ඉතිහාසය බාර එකා..

      Delete
  23. අපිට නම් ඉතින් උදේ රෑ වෙනසක් නෑ නිතරම ජාතික ගියෙන් තමයි වැඩ පටන් ගන්නෙත් ඉවර කරන්නෙත්. ඒ අර ජාතික ආලය වැඩෙන්ඩයි කියනවනේ. ඒ වුනාට ජාතික ආලය වැඩෙන්න නම් හා ජාතික ගීයට මෙයිට වඩා තැනක් දෙන්න නම් ආකල්පමය වෙනසක් මිනිසුන්ගේ හිත්වල ඇති කරන්න ඕන නේද.. මම හිතන හැටි.

    ReplyDelete
    Replies
    1. ජාතික අලේ වැවෙන්නේ නෑ බං.. බොලා උදේ හවස ඕක කිව්වත්. අන්තිමට හිටගෙන ඉදල උඹලගේ අලේ බහිවී. කාලෙක්න් දැක්කේ රතියෝ. උඹ රති කෙලියේ ගියාද මේ ටිකේ.. තැන්කුයි ආවට

      Delete
  24. අදහසට එකඟයි ! ජාතික කොඩිය ,ඇඳුම ,ගීතය ,ඔය ඔක්කොටම වෙලා තියෙන්නේ ඔය සංතෑසියම තමයි

    ReplyDelete
    Replies
    1. අන්න හරි.. ජාතිකෙයි කියන හැම එකටම කෙලවිලා බං.

      Delete
  25. දේශා ඔබ දන්නව ද අපේ ජාතික ගීයට තියන්නෙ මහ ශෝචනීය ඉතිහාසයක්. ආනන්ද සමරකෝන් මහතා සෑදූ ගීයේ ශ්‍රි ලංකා මාතා කියලා කෑල්ලක් නැහැ. ඒක එකතු කලේ බන්ඩලා, මැතිනිලා ඒකට ආනන්ද සමරකෝන් මහතා විරුද්ධ වුනා. මොක ද එතුමා ඒ ගීය ලිව්වෙ ජාතික ගීය කරන්න නෙමේ. ගීයක පද රචනයක් ලෙස. නමුත් සෙවල බන්ඩා එය වෙනස් කළා. එ ඇතිවූ හිතේ අමාරුවෙන් සමරකෝන් මහතාට ඇති වූ විශාදිය නිසා එතුමා ස්ලීපින් ටැබ්ලට් වැඩියෙන් අරගෙන මළා.

    දැන් තේරෙනව නේ ගරුබාම්භීර බවක් එන්නෙ නැත්තේ ඇයි කියලා?????

    ReplyDelete
    Replies
    1. ඒකත් හේතුවක් වෙන්න ඇති. සාපය වදිනවනේ. ගීතයේ මුලින්ම තිබ්බේ නමෝ නමෝ නෙව. සමරකෝන් මහත්තයා ළමයින්ට ජාතිආලේ හදන්න ගත්ත කවියක් ජාතික ගීයක් උනාම අපිට ඔය වගේ දේවල් වෙනවා.. තැන්කුයි බිසි ටයිම් එකේ මේ පැත්තේ ආවට.. අපිට හතේ හත ඉක්මනට දෙන්ටෝ..

      Delete
  26. අපේ ටෙක් එකෙත් හැමදාම මේ ජාතික ගීය කනවනේ. මලම පයින වෙලාව තමා ඒක.
    සෙනසුරාදට විතරයි මට ජාල ගතවෙන්න ඉඩ කඩ ලැබෙන්නේ. තාම මං තහංචි මැද.
    මම සෙන්කෝලයා

    ReplyDelete
    Replies
    1. තහංචි අයින් වේවි කාලයක් යන කොට. පුළුවන් වෙලාවට මොකා හරි කොටල තියන්න.. ඩ්‍රාෆ්ට් එකේ..

      Delete
  27. “//ශ්‍රී ලංකා මාතා. උගේ අම්මට මම********// මොනවයි බං මේ වචන..? පොඩ්ඩක්..හිතල ලියපන්කො..!

    ඉතාම වැදගත් මාතෘකාවක්..!

    ReplyDelete
    Replies
    1. මොනා කියනවද බං ඉස්කෝලේ යන කාලේ කියපුව නෙව.. ඒ විදියටම තමා දැම්මේ. තැන්කුයි අඩුපාඩු පෙන්නන එකට

      Delete
  28. අපේ ජාතික ගීය ඉතිං මව් මරා උපන් කුමරානේ

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං.. මල්ලියේ..

      Delete
  29. රාජ්‍ය ලාංඡනය, ජාතික ගීය සහ ජාතික කොඩිය සම්බන්ධයෙන් නීති රීති ලංකාවෙත් තියනව මං හිතන්නෙ. රත්තරන් පාට රාජ්‍ය ලාංඡනය පාවිච්චි කරන්න පුළුවන් කාටද කියල නීතිගත වෙල තියෙන්නෙ. ජාතික කොඩිය පාවිච්චි කළ යුතු ආකාරයත් ඒ වගේම නීතගත වෙලා තියනවා. සම්පූර්ණ ජාතික ගීය වාදනය කිරීමට අවසර ඇත්තේ සීමිත අවස්ථා කීපයක පමණයි.
    ඉස්සර රේඩියෝ එකේ රෑට යන්නෙ ජාතික ගීයෙ මුල් කොටස විතරයි නේද?
    මං හිතන්නෙ ඉන්දියාවෙ ආකාශවාණී සේවය පාවිච්චි කරන්නෙ "වන්දෙ මාතරම්" කියන ගීතය. ජාතික ගීය වන "ජන ගන මන" පාවිච්චි කරන්නෙ රාජ්‍ය උත්සව සඳහා පමණයි. ලංකාවෙ ආණ්ඩුවටත් ඒ වගේ දෙවැනි ජාතික ගීයක් තෝරගත්තනම් හොඳයි.

    හැබැයි ඉතිං ජාතික ගීය "අපේ" කියල අපි හිතුවට ඒක "ජාතික රාජ්‍යයේ" සංකේතයක් මිසක් අපේ එකක් නෙවෙයි.)

    ReplyDelete
    Replies
    1. දෙවැනි ජාතික ගීතය කියා කටවහරේ හඳුන්වන ගීතයක් තිබෙනවා. ගායනය නන්දා මාලනී උනත්, ගීතය මතක නැහැ.

      Delete
    2. නිර්මලාට ඒක අමතක උනේ කොහොමද ...?

      ( රට කරවන්න නම් )

      Delete
    3. @ හෙනහුරා..

      බොහොම වැදගත් අදහස් දැක්වීමක්. ඔය වගේ දේවල් වලින් තමා දෙයක් දැනගන්න පුළුවන්. නැතිව මම ගෙඩි පිටින් කොහෙන් හරි විස්තර ටිකක් කොප්පේ ගහල දැම්ම කියල වැඩක් නෑනේ.. ස්තුතියි.. හෙනහුරාම ගහපිය..

      Delete
    4. @ නිර්මලා
      දෙවන ජාතික ගීය සුනිල් ශාන්තයන්ගේ ලංකා ලංකා බවයි මගේ හැගීම.. ඒක වැරදිද..

      Delete
    5. @ සහන්
      අන්න උඩින් මාතලං කියල තිබ්බා දෙවන ජාතිත ගීය මොකක්ද කියලා.. හැක්.

      Delete
  30. දේශකයාණෙනි, ඔබේ අදහස හා එකඟයි.

    //හැබැයි පිටරටකට වෙලා ඉන්න කොට නං ඔන්න “ශ්‍රී ලංකා මාතා“ කියල ඇහුනත් ඇගේ මවිල් කෙලින් වෙනවා//

    ඒ හැඟීම ඇතිවන්නේ ජාතික ගීය වැදගත් විදියට පාවිච්චි කරන නිසා නේද?

    ReplyDelete
    Replies
    1. ඩින් මලයෝ ඒක තමා කියන්නේ.. අපි ඕක හැම වෙලේම පාවිච්චි කරල කුරවල් කරල නැත්නං ලංකාවෙදි උනත් ඒක ඇහුනොත් පොඩි හරි ගැහීමක් එනවා. හැබැයි මේ ජාතික ගීය සාර්තක එකක් නෙමෙයි කියල මට බය නැතිව කියන්න පුළුවන්.. .තැන්කුයි අදහසට

      Delete
  31. හන්දියක් හන්දියක් ගානෙ බුදු පිලිම සුරුවම් තිබිල්ල වගේ තමයි.. කට්ටියක් සුරුවම් තිය තිය යනවා අනිත් අය බුදු පිලිම තිය තිය යනවා.

    ReplyDelete
    Replies
    1. අපි පුක උඩ තිය තිය වැද වැද යනවා එච්චරයි..

      Delete
  32. අනේ මන්දා,මේවා දැකලා ඔළුවත් නිකන් කුරුවල් වෙලා වාගේ.

    ReplyDelete
    Replies
    1. උඹලට තව මොනා වෙන්නද බාං.. තව ටිකක් කුරවල් කර ගනිං හැක්.

      Delete
  33. අපේ ජාතික ගීය දුක හිතෙන ගීයක් වගේ මට නම් ඇහෙන්නෙ. අනිත් එක අපි රට වෙනුවෙන් නෙවේ රට අපි වෙනුවෙන් කියලා හිතෙන ගීතයක් ඒක. "නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා" කිව්වම හිතෙන්නෙ "අපිට කවුරු හරි අම්බානක නෙලලා වැටිලා ඉන්නකොට උස්සගෙන ගිහින් පුළුවන් නම් බේත් කරලා ගොඩ දාගන්න කියනවා" වගේ. සුනිල් ශාන්තයන්ගෙ "ලංකා ලංකා" ගීතයේ තියෙන ප්‍රාණවත් වීර ගතිය අපේ ජාතික ගීයෙ නෑ.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා ලකි.. පංකාදු අදහසක්.. ගුටි කාපු එකෙක් බෙහෙත් දීල නැගිටිනව වගේ.. හා හා.. මමත් උඩින් අදහසක් කියල ඇති ලංකා ලංකා ගීතය මේකට වඩා උචිත එකක් කියලා. ස්තුතියි අදහසට..

      Delete
  34. http://misterhyde-theotherhalf.blogspot.com/2013/07/land-down-under.html

    මේක පෝස්ට් එකට අදාළ නැහැ..ඒත් මේක බලහන් අතීතකාමය ..සුපර්බ් ...

    ReplyDelete
    Replies
    1. ඕක මුනුපොතේ තිබුනා.. චාමි ගුරුගේද.. මම බලන්නං.. තැන්ක්ස් හන්ටරයෝ..

      Delete