Tuesday, July 16, 2013

ජනේලය (බිල් ගේට්ගේ නෙමෙයි)

හීනයක් විදියටම හැමදාමත් තියෙන එකම දේ, මම දකින පාර අයිනේ තියෙන, තට්ටු දෙකේ ගෙදර තියෙන ජනේලේ තමයි. උදේට පාරට බැස්සම අඩි දෙතුන්සීයක් යනකං ම හිත හිත යන්නේ ඒ ජනේලේ ගැනමයි. ඒ අඩි දෙතුන්සීය ඉවර වෙන කොට ඔන්න මට පේනවා සුදු පාටට බැබලෙන බිත්ති එක්ක, හොදට පොලිෂ් කරපු කොස් දොරවල්, ජනෙල් හෙම දාලා තියෙන, අළුත්ම පන්නයේ වැහි පීලි දාලා, වහලෙත් කොළ පාට ගාලා තියෙන ලස්සන ගෙදරක ජනේලය ඇරල තියෙන විත්තිය. ඒ ජනේල් පළුව අස්සෙන් යන්න බැරි වෙලා තිබ්බ හුලග, සුදු පාට ලේස් වලින් කරපු ජනෙල් රෙද්දත් ඇදගෙන විටින් විට එතැනින් යන කොට තමා මම දන්නේ ජනේලේ ඇරලය කියල.

මොන විදියෙන් හිතුවත් ඒ හැගීම වලක්වගන්න බෑ. ජනෙල් රෙද්ද එහාට මෙහාට වැනෙන විදියට මගේ හිතත් එහාට මෙහාට වැනෙනවා. බලනවද නැත්ද කියලා. අන්තිමේ බලනවද කියන එක පැත්තට හිත බර වෙන විත්තිය හිතටත් හොරා ඇස් දෙක දකිනවා. 

කවදාවත්ම මේ වගේ හුලගක් හමල නැති මගේ ජීවිතේ, ඒ ආසාවෙන් ආකූල වෙලා ගිහින් තියෙන්නේ හරිම කරදරකාරි විදියට. ඇහැ දුවන මේ ජනේලේ මගේ ජීවිතෙන් මොන වෙලාවෙවත් අයින් කරගන්න හිතෙන්නේ නෑ. බස් එකේ ගියත්, තාර පිච්චෙන පොළවේ අඩිය තියල ගියත් හිතින් ඒ ජනේල් රෙද්ද හුලගට පැද්දෙනවා මට පේනවා. ජීවිතේ එකම බලාපොරොත්තුවක් වත් නැති මං වගේ එකෙකුට හෙට වෙනකං ජීවත් වෙන්න මේ බලාපොරොත්තුව විතරක්ම ඇති කියල දැං හිතෙන්නේ, මේ පහුකරන් යන අඩි තුන හතර මගේ ජීවිතේ ඊළග පැය විසිහතර තිස්සේම මාව ජීවත් කරන හින්දයි.

රස්සාවක් කියල එහෙමකට දෙයක් නැති මට, ඉන්න හිටින්න කියල ගෙයක් දොරක් නැති මට, උඹ කෑවද කියල අහන්නවත් එකෙක් නැති මට, ආදරේ කියන්නේ විකාරයක් වගේ පෙනිච්චි මට මේ සුලග හරිම හිතවත් හැගීමක් අරන් ආවේ දැං ටික දවසට කලින්, ඒ හුළගට පැද්දෙන කෙහෙරැල්ලෙන් ඇගේ මුහුණ වැහුණු වෙලාවේ ඉදලයි. ඒ වෙලාවේ ඇය දිහාම බලාගෙන උලමෙක් වගේ උඩ බලාගෙන ගියපු මං දිහා බලපු ඈ... කොණ්ඩේ දකුණු අතින් හෙමීහිට පස්සට කරගෙන බිම බලන කොට මම ඇසුයි කටයි ඇරං ඇය දිහා බලං ඉන්න විත්තිය දැකල,, දෙයියනේ මට විරිත්තුව නෙව ඇගේ ඇස් පොඩි කරල. ඒ ඇස් දෙක මිරිකිල, දෙහි ගෙඩියක් වගේ චිරිස් ගාලා විසිරෙච්ච ඒ හැගීම මගේ හිතේ චස් ගාලා වැදුනේ ආයේ ඒක හිතෙන් අයින් කරගන්න බැරි වෙන්මයි.

ඊළග දවසෙත් හුලගට පැද්දෙන ජනෙල් රෙද්ද අතරින් ඇය පාර දිහා බලන් හිටියා. අර වගේ උඩ බලපු මං දිහා ඇස් විසල් කරන් ඇය මාව දකින්න උත්සාහ කර විදිය තවමත් මාව හිරි වට්ටවල දානවා. ඔව් ඇය වගේ සුකුමාර තරුණියක් මේ මං දිහා බැලුවම වෙන්ටැති. ඇය දන්නවනං මං මොකෙක්ද කියලා. ඇත්තටම මට ඇති හීන මානයක් නෑ.. සිකුරුයි ඇය ආයිත් නං පාර දිහාවත් බලන එකක් නෑ. අත් දෙකෙන් මොකද කියල ඇහුවම මට දෙන්න උත්තර නෑ.. එහෙම නෙමෙයි මගේ අත පය දරදඩු වෙලා ගිහින්. කකුල් දෙක විතරක් මනෝ විකාරෙන් ඇවිදිනවා මගේ ඇහයි, හිතයි ජනේලේ ගාවම තියාගෙන. ඒත් මම ගියා. මට කිසි දෙයක් කරන්න බැරි උනා. අඩු ගානේ අතක් වනන්නවත්.

අද කිසිම විදියකට අඩුපාඩු නොවෙන්න මම හොද හැටි හිත ගල් කරන් එළියට බැස්සේ, සුමති අයියා මොන තරං කුනුහරුප කිව්වත් අද නං මිනිහගේ බේකරියට වතුර අදින එක පරක්කු වෙන එක වෙනවාමයි කියන එක හිතාගෙනයි. ඒ එක්කම කවදාවත් නැතිව මම කඩේට ගිහිල්ල උදේම නෙස්ටමෝල්ට් එකක් ගහල සල්ලි දීලා ඉල්ලුවෙත් මගේ ඇගට හයියක් දෙන්න කියලයි. අද නං මම කකුල් දෙකට ඉඩ තියන්නෑ මාව රවට්ටල ඉක්මනට එතනින් අරන් යන්න. ඔව් කිසිම විදියකට අත් දෙක ගල් වෙන්නවත් මං ඉඩ දෙන්නෑ. රට්ටු ඕන දෙයක් කියපු දෙන්, මම ජනේලේ ගාවම පාරේ නතර වෙනවා. ඈ මට දාන අගර දගර වලට මම අනිවා. ඇයට අතින් උත්තර දෙනවා. ඇයි මගේ ලස්සන ලොකු ඇස් දෙක.. මැට්රික්ස් එකේ නියෝගේ වගේ මයි කියල මට හිතුනේ ඒ පිල්ම් එක බලපු දවසෙමයි. ඔව් ඒ ලොකු ඇස් දෙකටත් කතා කරන්න පුළුවන්. මෙච්චර දවසක් ඒවා රස හොයන් ගියත්, ආයේ පහු බහින්න උනේ, රස තියෙන තැන් ඇස් දෙක එන එක වලක්වපු නිසා නෙව. මේ පාර කොහොමද ඒක වෙන්නේ.. මට චෑන්ස් එකක් තියෙනවා.. ඈ එක්ක හිනාවෙන්නත්. මට මොකක්ද කරන්න බැරි.. ඔව් මම ඕන දෙයක් කරනවා.. ජනෙලෙන් මගේ දිහා බලන ඇයට මම විරිත්තනවා. මොකෑ කියන්නේ එහෙම හොදද, මගේ හිත මටම වලංගු නෑ..

ලක ලැහැස්ති වෙලා හෙමින් හෙමින් පාර දිගේ අඩිය තියල ආපු මම ළගට යනකම්ම ඒ දිහා නොබලන්න තීරණය කරේ බැරි වෙලා හරි මම එන දිහා බලන් හිටියොත් හෙම ඈ.. ඔව් ඊට හොදයි ළගට ගිහිල්ල එක පාර බලනවා චකබලාස් වෙන්නම. එහෙම හිතන් ගියපු මම සුර ලෝකෙක මල් වලට අඩිය තිය තිය ගියා වගෙයි හිතුනේ. ම්.. ම්. දැං කිට්ටුයි. ඔය එන්නේ ඇගේ සැන්ට් සුවදෙයි.. ඔව් ඒ වගේ තමයි. දැං තමා හොදම වෙලාව උඩ බලන්න.. මට හිතෙනවා ඇය රෝස පාට ගවුමක් ඇදගෙන නිකටට අත තියාගෙන කොණ්ඩේ හුලගට පැද්දි පැද්දි පාර දිහා බලාගෙන ඇති කියල. ඒ හැගීමම මට හරි සුවයක් ගේනවා. ඒක එහෙමයි. ඔව් ඔන්න මම දැං උඩ බලනවා.. 

මොනවා.... ජනේලේ වහල.. අයියෝ උදේට කන්න තිබ්බ සල්ලි ටික. බීපු නෙස්ටමෝල්ට් එක... සුමති අයියා. වතුර බක්කිය.. බාල්දිය.. බක්කරේ අයියා ගාව තියෙව වතුර ටැංකිය. කකුල් දෙක ඒත් යනවා. හිත නවතිනවා. ඔව් හෙට කියල දේකුත් තියෙනවා.. මොලේ එහෙම කියනවා. ඒත් ආයිත් අර චක්කරේමයි.. උදේට කන්න තිබ්බ සල්ලි ටික....

61 comments:

  1. දුක් වෙන්න එපා අයියා අද වහල තිබ්බට හෙට අයෙත් අරියි.......

    ReplyDelete
    Replies
    1. ඔව් මැලේ.. හෙට අරිවි.. වෙල්කම් වේවා

      Delete
  2. අදත් මූ කලින්ම බීලා

    ReplyDelete
    Replies
    1. පිස්සුද ඕයි.. උඹ ඉන්නේ භාතිය මාවතේ නේද?? 

      Delete
  3. වෙනදා හවසට එද්දී ඕක ඇරලද තියෙන්නේ බන් ...? උඹේ මේ නිදහස් නිර්මාණකරණය වටිනවා .කවද හරි මේවට වටිනාකම ලැබෙයි නෙව... කොහොම උනත් උඹට බැරි උනා චන්දනයා කරගපු මල්ලේ අයිතිකාරයා වෙන්න...

    ReplyDelete
    Replies
    1. // උඹේ මේ නිදහස් නිර්මාණකරණය වටිනවා //

      තුහ්.. නොදෝමකින්.. මේවත් නිර්මාණද බං.. මොකක්ද බොල ඔය මල්ල.. උඹේ පයි මල්ලද???

      Delete
  4. රනිඳු ගේ “සුරගන කිරිල්ලියේ“ වීඩියෝව මතක් උනා...

    එක දවසක් වැහුනට ඇරලා තියෙන දවසකුත් ඒවිනේ... ඒ දවස වෙනකං හීන බලන්නයි තියෙන්නේ..
    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. //රනිඳු ගේ “සුරගන කිරිල්ලියේ“ වීඩියෝව මතක් උනා...//

      අර බේකරියේ කතාව කිව්වම මටත් මේන් මේක තමා මතක් වුනා

      Delete
    2. සිරාව ම මටත් මතක් වුණේ ඒ සින්දුව තමයි! මේ කතාවේ තව කොටසක් තියෙනව ද?

      Delete
    3. මට මේක ලියද්දි මතක් උනේ මොකක් හරි නාට්‍යයක ජගත් බෙනරගම හිටිය රෑප රාමු ටිකක්. අමුවෙන්ම ඒක දැම්මේ.. තැන්කුයි තුන් දෙනාටම.. හිටහං මාත් ඔය සින්දුව බලන්න ඕන

      Delete
  5. එක පාරෙන් පහුබහින්න හොඳ නෑ.. දිගටම උත්සහා කරන්න. ජය !

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. එක පාරට බස්සන්ත් බෑ නෙව..

      Delete
  6. සුද්දත් ට්‍රයි කොරන්නෙයි කියලා තියෙනවනේ ජනේලෙන් වැටෙනකම්ම..

    ReplyDelete
    Replies
    1. අපි ඊට වඩා අහන්නේ කෙලිය රැවුල් මහත්තයගේ කතා.. ට්‍රයි කරල තට්ටු පහකින් විතර වැටෙන්න.. හහ්

      Delete
  7. උත්සාහය අත අරින්න එපා අනේ. හෙට ආයෙත් බලන්න....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් හෙටත් බලන්න ඕන..

      Delete
  8. දේශකයා කවද්ද ගේමක් අතැරියේ. ඔන්න බලන්න තව දවස් කිපෙකින් වෙනස

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා.. ගේම පිනිස් කරන්න ඕන...

      Delete
  9. අද පමනක් නොවෙ අපට හෙටක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නං.. හෙට කියල එකක් තියෙනවා..

      Delete
  10. තේ කඩේට තමයි වාසිය, ඇයි බේකරියට..ෆිල්ම් හෝල් එකට..

    කමක් නෑ,

    මට බලාපොරොත්තුවක් දෙන්න,
    ආදරණීය ජනේලය,
    වැනෙන්න හෙමිහිට ආදරණීය රෙද්ද,
    හමන්න සුවඳ
    නාස් පුඩු අතරින් හදවතට

    ReplyDelete
    Replies
    1. ඔළුව විකාර වෙනවා බං. මේව ඇහුවම.. දැම්ම යන්න හිතෙනවා ජනේලේ ගාවට

      Delete
  11. ඔයහැටි බොන්නේ කොහොමද බං.හැබැයි බිව්වම එන සිතුවිලි ටික නම් පංකාදුයි.

    ReplyDelete
    Replies
    1. බොන්න.. උඹල මාව බේබදු ලෙවල් එකට දාපු නිසා මගේ බීම ගැනත් ලියන්න වෙයි වගේ. හැක්..

      Delete
  12. ජනේලෙ වහල තියෙනව දැක්ක විතරයිලු හොර පොට් එහෙකට රිංගල නෙස්ටමෝල්ට් පිච්චිලා යන්නම ඇදල ඇරියයි කියල තමයි ආරංචිය.

    ReplyDelete
    Replies
    1. උඹට හරි හරි ඒවා නෙව බං ආරංචි වෙන්නේ..

      Delete
  13. // ඔව් හෙට කියල දේකුත් තියෙනවා..//ඕන් ඔහොමම හිතාන ඉන්ටයි තියෙන්නේ ..ඔ ය ජනේලේ ආයේ අරින්නේ නැතෑ කොයිවෙලේ හරි

    ReplyDelete
    Replies
    1. අනිවා රෙහානියෝ.. නැත්නං ජනේලේ ගලවනවා හැමදාම ඇරන් ඉන්නම..

      Delete
  14. ඔයා හොඳට බැලුවේ නැහැ නේද??? අර වහල තිබ්බ ජනේලේ ඇතුලින් විනිවිද පෙනුනෙත් නැහැ නේද? දැක්කේ නැහැනේද ඒ ජනේලෙට පිටිපස්සේ, අර ජනෙල් රෙද්දට මුවා වෙලා හිටපු අර කැරළි කොන්ඩේ තියෙන විසේකාර කෙල්ලව???
    ඔයාගේ මුණ මැලවෙන එක දිහා බලාගෙන 'හිකි.. හිකි..' ගාල හිනා උන හැටි???
    දකින්නේ කොහොමද.... වීදුරුවෙන් පෙන්නේ එළිය විතරයි.. ඇතුළ නෙවෙයිනේ?

    ReplyDelete
    Replies
    1. අන්න අහුඋනා.. මෙන්න කෙල්ල.. ජනේලේ රෙද්ද අස්සේ හැංගෙන.. නියම පිළිතුර බං.. නියමයි..

      Delete
  15. එහෙනං උඹ මැට්‍රික්ස් එකේ නියෝ වගේ ආ?..

    ඔය ජනේලෙ හැමදාම වහලා තිබ්බේ... උඹේ මනස්ගාත... ගිහින් අර වතුර ටික ඇදලා දීපං...

    ReplyDelete
    Replies
    1. නියෝ... මොන නියෝද බං.. හැක් හැක්..

      මේ යනවා වතුර අදින්න..

      Delete
  16. නෙස්ටමෝල්ට් බීලා තමයි චතුරිකා අක්කත් දීගේ කඩා ගත්තේ. නරකද දේශීය නිෂ්පාදනයක් ට්‍රයි කරොත් කෂියා වගේ..? ජනේලෙන් බැරිනම් ගේට් එක ඇතුළෙන්ම යන්න පුළුවන් ගට ඒවි.

    ReplyDelete
    Replies
    1. මල් සුට්ටක් ගත්තනං කොහොමෙයි. පියාඹල යන්න තිබ්බා ජනේලේ ගාවටම සිං ගාලා..

      Delete
  17. ටිකක් අගේ කරනව වෙන්නැති :)

    ReplyDelete
  18. මහත්තයයි,නෝනයි වැඩට ගියාම ගෙදර ඇබට් වුනත් ඔහොම කෝලම් පානව.
    දින 28 ට පැන්න බඩේ කොරේ හින්ද වහල ඇති ජනේලෙ.
    දවස් දෙකෙන් අරියි ජනේලෙ.
    දෙන්නම එක වගෙ හින්ද.....................මොනව හරි වෙයි.

    ReplyDelete
    Replies
    1. වෙයි වෙයි දොයි.. හැක්..

      Delete
  19. බලාපොරොත්තු ඔබ ජිවත් කරවයි.....

    ReplyDelete
  20. ජනෙල් රෙද්දකට මෙහෙමයි.. බැරිවෙලාවත් සායක් එහෙම වැනුනානම් දේශකයා කොහේ ඉඳීද ?

    ReplyDelete
    Replies
    1. සායක් නෙමෙයි අයියේ ඊට වඩා ඊට පොඩි එකක් වැනුවොත් මක්ක වෙයිද??

      Delete
  21. මේකෙ තව කොටසක් තියනව ද.. තව කොටසක් තියනව නම් මට හිතුනු දේ හරි වෙන්න පුලුවන් කියල හිතා ගන්නව. මෙතනින් කතන්දරේ ඉවර නම්, මට මේ කතාවෙන් කියන එක තේරුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. @ චන්දන
      මේකේ තව කොටහක් නං නෑ බං. හැබැයි වෙන කියවීමක් තියෙනවා මේකට.. අපේ නලියගේ උදව් ඇතිව කරන්න. බලමු.. ඉදිරියට

      Delete
  22. අය්යො සල්ලි කියන්නෙ ඕකට තමයි

    ReplyDelete
    Replies
    1. සික් විතරක්.. කව්ද බං සල්ලි ඉල්ලුවේ.. හැක් හැක්..

      Delete
  23. අප්පච්ච්යේ...මාත් ජනේලේ හිතෙන් මවන්...සුන්දර හීනයක් දැක්කා...හරියට හින්දි චිත්තර පටියක වගේ...කෝ...මේ කතාව මගදී හෙන ගැහුවා වගේ ඉවර වුනා නොවැ...

    ReplyDelete
    Replies
    1. අපිට හින්දි චිත්තරපටි කරන්න බෑ. අනේ අම්මේ පැය තුනක් විතර අදින්න එපායැ.. වෙල්කම් කිව්වා. මාතර ඈයගේ නෑයට..

      Delete
  24. දේශකගේ කතාව කියවද්දී මට මතක් වෙන්නේ සනත් ගුණතිලකගේ (For a Night of Love -Émile Zola) "එකමත් එක රටෙක" චිත්‍රපටියේ චරිතය යි.

    ReplyDelete
    Replies
    1. මං ඒක බලල නෑ නිර්මලා.. .තැන්කුයි ඔත්තුවට

      Delete
  25. අතඅරින්න එපා බන්.
    Try & try...one day u can fly හරිය....

    ReplyDelete
    Replies
    1. ඉගිල්ලෙන උන්ගේ තටු කපනවා නෙව..

      Delete
  26. ඕක තමයි කියන්නේ පාරේ යනකොට ඉස්සරහ බලාගෙන යන්ට කියලා...:D

    ReplyDelete
    Replies
    1. කලින් කිව්වේ නෑනේ.. එහෙම කරන්න තිබුනා.. වෙල්කම් බෑක්.. හවු එවවුට් ද වැම්පයර් ලයිෆ්???

      Delete
  27. රෑ සිහිනෙන් මා නුඹ දකිනා සඳ
    නිදි දෙව්දුව ඊර්ශ්‍යා හිතෙනා වග
    දන්නවාද නුඹ මගේම ආලය
    නිදි දෙව්දුව මට අහිමි කරන බව...

    හැබැවින් නුඹෙ රුව අහිමි විනා සඳ
    තරුකැට පරදන නුඹේ නුවන් යුග
    ප්‍රථම ප්‍රේමයේ පිවිතුරු නුරාව
    සනසවන්න මට ඉඟි කරනා හැටි...

    සුරඟන කිරිල්ලියේ
    සඳු නුඹ ගැනමයි කතා කලේ
    නිල්වන් ගුවන් තලේ
    පියඹා යමු රෑ නිසංසලේ...//

    ReplyDelete
    Replies
    1. //සුරඟන කිරිල්ලියේ//

      ඔන්න ඕකෙන් හිතාගත්තා මේ අර සින්දුවෙයි කියලා..

      Delete
  28. අන්තිමට දේශකයා කියෝ කියෝ යනවලු...
    කට්ට කාලා දා ගත්තු කෙල්ල යාළු
    දොරත් වහලා යන්න ගිහින් එන්නේ නෑලු ;)

    ReplyDelete
    Replies
    1. තරුවා මං උඹව ගල් ගහල මරනවා.. හැක්

      Delete
  29. ජනේලය (බිල් ගේට්ගේ නෙමෙයි). බිල් ගේට්ගේ තියෙන්නේ ජනෙල් . එකනේ වින්ඩොව්ස් ( Windows ) කියලා S අකුරක් අගට තියෙන්නේ .

    ReplyDelete
    Replies
    1. පුරවැසියා.. හොද ප්‍රශ්නයක්..ඔය කතාව බොහොම දුරුවල කතාවක්. හැබැයි කතාවේ එකම අඩිතාලම උනේ මම මැසිම වහන්න ගන්න කොට දැක්ක වින්ඩෝස් කියන අකුරු ටික තමා. ඒ කියන්නේ ජනෙල්.. අන්තිමට ජනේලය වෙලා කතාවක් ආවා.. තැන්කුයි පුරේ...

      Delete