Monday, July 15, 2013

ගැරඩි දේශකයා!!

කලින් දාපු පිස්සු විකාරෙට බැනුං කෝටියයි. ආයේ ඒ වගේ ගොං ඒවා හිතන්නෙවත් නැතිය කියල දැං හිතාගත්තා. ඒ උනාට සති දෙකෙන් ඒක අමතක වෙන්නත් ඉඩ තියෙනවා. දේශකයා කියන්නේ බොහොම වැදගත් කෙනෙක් හින්දා ඔය වගේ දේවල් ලියන්න එපායැ කියල මගේ බොහොම හොද සහෘදයෙක් කියල එවලත් තිබුනා. අනේ ඉතිං මක්කොරන්නද වයසට කල්පනාව අඩුයි නෙව.

කලින් එකේදි මෝංගල් ගොරු දරුවෙක් වෙන්න හැදුවා. හැබැයි දැන්නං ගැරඩියෙක් වෙන්න හදන්නේ. මොකද කලින් වතාවක (සිරිපා වන්දනාවේ යන ගමන්) අපේ අයිලාෂ් උන්දැ අහල තිබුන මොකද බොට ගැරඩියා කියන්නේ කියල.. ආ.. කතාවේ සුට්ටක් දාන්නංකෝ බලාගන්නත් එක්ක.

මුගේ වචන ටික විස්වාස නොකරත් වෙන කරන්න දෙයක් නැති හින්දා උගේ පස්සෙන් වැටිල සාම චෛතයයෙන් දකුණු පැත්තට අපි ගියාම එතැන තියෙනවා කෑම කඩයක්. අපි එකා දෙන්න කඩේ ඇතුලට ඇදෙන කොට ඇතුලෙන් මේසේ ගාව ඉන්නා එකා බෙරිහන් දෙනවා. 

අඩෝ ගැරඩි දේශා වරෙන් ඇතුලට

බැලින්නං යකෝ මේ අපේ ගමේ හොද බොක්කක් නෙව. මූ අපේ යාළුවා උනාට අපි කාටවත් මතක තිබ්බේ නෑ මේකා සිරිපාදේ කාලේ මෙහාට මංගච්චනවා කියන එක. හැබෑ නේන්නං මුගේ කඩේ මෙතන තියෙන විත්තියක් මටත් කලින් කියල තිබුනා. ඉතිං මදෑ කොම්බුවා ඕනයැ අපිට මුගෙන් කන්න. 


ඔන්න ඔය සීන් එක නිසා තමා මොකද මේ දේශකයා ගැරඩියෙක් උනේ කියල අයිලාෂ් ඇහුවේ. මඩක් උනාට කමක් නෑ ඕං ඒකට උත්තරේ දෙනවා හරිය...

මම එකොළහේ ඉන්දේදි, (හැබැයි අවුරුදු තුනක් තිස්සෙම) ඉංග්‍රිසි පන්තියකට ගියා. ඒක ඉංගිරිසි පන්තියක් කිව්වට එහෙමම එකක් නෙමෙයි හැබෑම වදකාගාරයක්. එක දවසක් හරි ඔය ක්ලාස් එකට ගියොත් දෙයියනේ කියල අයිං වෙනවා බොරු. පන්තියට ළමයෙක් ඇතුල් කරන්න නං අම්මා එන්න ඕන. ඇවිල්ල සර්ට වැදල වගේ කියන්න වෙනවා දරුවව පන්තියට ගන්නෙයි කියලා. හැබැයි ඔය විස්තර සේරම ගෙදරට යන පාර ඉදං සර්ගේ පරණ කොහුවෙච්චි ඩයරියේ ලියාගන්නවා. ලියාගෙන ඔක්කෝම ඉවර වෙලා, සර් ළමයගේ අම්මට මෙහෙමයි කියන්නේ.

“මම වෙලාවට වැඩ කරනවා. මොන දේ කරත් මට වැඩක් නෑ වෙලාවට එන්න ඕන. මම දෙන පාඩං කරන්න ඕන. ඒ විදියට කරන්න බැරිනං කනට දෙකක් ගහල එළවනවා. හැබැයි ඊට පස්සේ කුනු කුනු ගාගෙන එන්න එපා ඔහේලට මගෙන් කනේ පාරක් කන්න ආස නැත්නං. හරිනේ“

ඔය වෙලාවට ඉතිං අම්මල ගල් පිළිම වගේ කටේ කෙල හිදිල බොක්කේ ගින්දර පත්තු වෙන ගානට ඉන්නේ. සැරට කතා කරාට හරිම හොද සර් කාරයා.. එක දවසක් හරි පන්තියට නොගියොත් හැන්දෑවට ගෙදර ඇවිල්ල දෙමව්පියන්ගෙන් අහනවා මොකද ළමයා පන්තියට ආවේ නැත්තේ කියලා. බැරි වෙලා හරි ළමයා ගෙදර හිටියොත් සර් එනකොට අබ සරණයි. බැනුං කෝටියයි. දුවලත් හමාරයි..අහල පහල උන් තමා එතකොට කියන්නේ අනේ දරුවෝ ඔය පන්තියට වරද්දන්නේ නැතිව යන්න. මොකෝ අපිටත් කනක් ඇහිල ඉන්න විදියක් නෑ නෙව සර් බෙරිහන් දෙන කොට ගේ ඉස්සරහ ඉදගෙන කියලා..

අපේ පන්තිය තියෙන්නේ තුන්මං හන්දියක. සර්ගේ ගෙවල් තියෙන්නේ ඊට කිලෝ මීටර් තුනක් විතර එහායින්. බුෂ් සර්ට් එක ඇදල කළුපාට කලිසමට, පස්ස ඇරපු සපත්තු දෙකක් දාගෙන උසට හරියට මහතයි, ඒකටම හරියන බඩත් එක්ක, එයාගේ නිල් පාට ස්පෝට් පුට් සයිකලේ නැගල, අර හම්පඩ වෙච්චි ඩයරි දෙකක්ම කිළුටු වෙච්චි පටියකින් එකට ගැටගහල, ඒක ලැගේජ් එකේ දාගෙන බොහොම උජාරුවෙන් කොන්ද කෙලින් කරගෙන වට පිට බල බල තමා පාරේ එන්නේ.. කොහොම කරත් දවල් 1.30 ට පටන් ගන්න පන්තියට හරියටම 1.27 වෙන කොට ඇවිල්ල සාක්කුවට අත දාලා යතුරු කැරුල්ලක් අරගෙන සිලි සිලි ගාන ගමන්, හරි යතුර දාලා දොර දෙක දෙපැත්තට දෙබෑ කරලා, කකුලෙන්ම ගඩොල් කුට්ටි දෙක දොර දෙකට හේත්තු කරන සර්, පන්තියට ඇතුලට යනවා. එහෙම ගියාම එයාගේ මේසේ ගාව දෙපැත්තේ තියෙන ජනේල දෙක ඇරල දාලා, පුටුවේ වාඩි වෙනවා නේද, අන්න ඒ ගත කරපු විනාඩි තුන තමා අපට පන්තියට යන්න තියෙන අන්තිම චෑන්ස් එක. එයා හරි බරි ගැහිලා වාඩි වෙලා, පන්තිය සිසාරා බැලුමක් හෙලලා, ලවුඩ්ස්පීකර් කටෙන් “ඕකේ.. ලෙට්ස් ස්ටාට්“ කියල කියන්න කලින් ඕන එකෙකුට ඇතුලට එන්න දෙනවා පොඩ්ඩක් රවලා. හැබැයි ඒ තත්පර දෙකෙන් පස්සේ, සක්‍රයා කිව්වත් එකෙක් වත් පන්තිය ඇතුලට ගන්නේ නෑ. දෙකක් නෑ අඩි පොලවේ හප්පලා, “ගෙට් අවුට්“ කියල කිව්වම කොල්ලෝ බය වෙලා, උන්ගේ කකුල් තමා ඌට ඉස්සෙල්ල එතනින් දුවන්නේ. 

මටත් එහෙම වෙලා තියෙනවා. එතකොට කරන්නේ ඔය පන්තියට එහා පැත්තේ තියෙන පොඩි දෙබොක්කාවක් (බිත්ති දෙකක් අතර හිඩසක්) අස්සට වෙලා හේත්තුවක් දාගෙන පොත පෙරලං බල බල ඉන්නවා. නොමිලේ ඉගැන්වීම. ආයේ මොකෝ පන්තියට යන්න ඕන එකක්යැ.. එතැන හිටියම ඇති සර්ගේ සද්දෙට පන්තියේ ඉන්නවා වගේම ඇහෙනවා. අහලින් පහලින් පාරේ යන අය එක පාරටම වෙව්ලල බිරන්තට්ටු වෙනවා, සර් ළමයෙකුට බනින වෙලාවට. ඒක නිකං හෙනයක් කඩා පාත් උනා වගේ සද්දෙට ඇහෙනවා. ඒ වෙලාවට පාරේ යන උනුත් හොද එකෙන්ම බය වෙන හැටියට අපි කොහොම බය වෙන්න ඕනද පන්තියේ ඉන්න කොට.

හරි... ඉස්කෝලේ අරින්නේ 1.15 ට නෙව. පුට් සයිකල් කටුව අරන් පන්තිය ගාවට එන්න සාමාන්‍ය වේගෙන් නං විනාඩි 15 ක් වත් යනවා. විනාඩි 15 ට ගිහින් බැරි හින්දා හැටට හැටේ කොහොම හරි සර් කාරයා, ඈතින් එනවා පේන කොටම අපි පන්තිය ගාවට සෙට් වෙනවා. සර් බයිසිකලේ පඩි පෙලෙන් උස්සල අපි දිහා නොබල යන කොට අපි පෝලිමට දොර ගාවට වෙලා ඉදල තමා සුරුස් ගාලා ඇතුලට රිංගන්නේ. ඔය හේතු නිසා එක තත්පරයක් වත් අපතේ යවන්න ඉඩක් නෑ ඉස්කෝලේ ඇරිච්ච වෙලාවේ ඉදලම. බනිස් ගෙඩියක් හරි මොකක් හරි කලින්ම කාලා තමා අපි පන්තියට යන්න සෙට් වෙන්නේ.

මේ කියන දවසේ මොකක් හරි හේතුවක් හින්දා මට සිද්ධ උනා විද්‍යාව සර් එක්ක ලැබ් එකේ වැඩ වගයක් කරන්න පහුවෙනිදට තියෙන ප්‍රැක්ටිකල් එකකට. එකොළහට විතර පටන් ගත්ත මේක ඉවර නොවුනත්, ඉංගිරිසි පන්තියට යන්න ඕන හින්දා කොහොම හරි ඇරෙන වෙලාවටම පැනලා ආවා. එහෙම ඇවිල්ල තමා පන්තියේ වාඩි උනේ.

විනාඩි 10 ක් විතර ගියාට පස්සේ සර් ගාවට මගේ පොත පෙන්නන්න අරං යන වාරය. මම ගියා සර් ගාවට. පොත දීලා තත්පර දහයක් විතර හිටගෙන ඉන්නකොට, වාඩි වෙලා උන්න වෙලාවේ නැති අමාරුවක් ඇති උනා. 

අම්මේ.. මුත්‍රා බොක්ක පුපුරන්නටම කිට්ටු වෙලයි තිබ්බේ කියල හිටගෙන ඉන්න කොට තේරුනා. හත් ඉලව්වයි නෙව.. මම දහයේ ඉන්ටර්වල් එකෙන් පස්සෙම චූ එකක් දාලා නෑ නෙව. තියෙන අමාරුවටම මම ඇඹරෙනවා. ඒ අස්සේ වැරදිච්ච ස්පෙලින් එකකට සර් මට මේඝ ගර්ජනාව දානවා. ඒකෙන් අර අමාරුව තුන් ගුණයක් විතර වැඩි උනාම මට තේරුනා තව තත්පර තුනක් .හතරක් යන කොට කලිසම යටින් පළවෙනි චූ බිංදුව ගලන බව. ඇග පත හීතල වෙලා. ඒ එක්කම ඒක කියන්න විදියකුත් නෑ සර් බෙරිහන් දෙන විදියට මුන බලාගෙන. ඒත් කරන්න දෙයක් නෑ මම හෙමීට පස්සට පස්සට යන්න ගත්තා. මේක දැක්ක සර් මගෙන් ඇහුවේ,

තමුසේ මොකද ගැරඩියා වගේ ඇදෙන්නේ“ කියල මහ සද්දෙට. 

පන්තියේ උං ඔක්කෝම මං දිහා බලාගෙන. මට මොකෝ. තවත් වෙලාව නෑ “මට එළියට යන්න ඕන“ කියල මම හදිස්සියෙන් කිව්වම සර් මට යන්න කිව්ව. මම ගියා නෙමෙයි දිව්වා. දුවල ගිහින් අර දෙබොක්කාවට මගේ බර පවරල මම හෙමීට පන්තියට ඇවිල්ල සර්ගෙන් පොත අරගෙන ගිහින් පන්තියේ වාඩි උනා නේද, ඒ වාඩි උනේ දේශකයා නෙමෙයි ගැරඩියා. ඔන්න ඉතිං පුටුවෙන් නැගිටල ගියපු දේශකයා ගැරඩියෙක් වෙලා ඇවිත් වාඩි වෙලා, දිගටම ගැරඩියෙක්ම වෙලා හිටියා. ඔය මතකෙට තමා අර යකා මම දැකපු ගමන් අඩෝ ගැරඩි දේශා කියල කෑ ගැහුවේ.. 

63 comments:

  1. Replies
    1. තැන්කුයි තැන්කුයි.. මඩක් ගහන්න නං එනවා නේද?? කාලෙකින් දැක්කේ මේ පැත්තේ..

      Delete
  2. බොලා දෙබොක්කාවට යන්න ඉස්සෙල්ල වැඩේ සිද්ධඋනා කියල තමයි ඒ කාලෙ ආරංචි උනේ.
    ඊට පස්සෙ ගැරඬියා ගියා වගේ කලිසමේ කකුළ දිගේ පාරක් තියෙනකොට තමයිලු කොල්ලො ගැරඬිය කියන්න පටං ගත්තෙ.

    අනේ මංද ඇත්තද කියල.

    ReplyDelete
    Replies
    1. උඹ පරක්කු වෙලා ඇවිත් එළීයෙද හිටියේ එතකොට.. ඒකත් මරු තමා ගැරඩියා වගේ වතුර පාරක් ඇදුනයි කියන එක..හහ්

      Delete
  3. හප්පේ,දේශෝ ඕක හැදුනාම ඕක දරන් ඉන්නවා කියන්නේ පිස්සු හැදෙන කෙස් එකක් තමයි.

    උඹලාට සෙට් වෙන්න තිබුනේ ඩුඩ් අයියා වාගේ ගුරෙක්,එහෙමනම් කොහොමට තියේද නේ...?

    ReplyDelete
    Replies
    1. ඩුඩේ වගේ එකෙක් උන්නනං අපි මිනිහගේ කරේ නගිනවා. ඇයි ඉතිං බ්ලොගකටුවේ ලියන කියන ඒවා දන්නවා නෙව.. පුපුරන්න සයිස් උනාම ඒකේ අමාරුව කියල වැඩක් නෑ.බං

      Delete
  4. 1:15 ට ඉස්කෝල ඇරුනෙ කොහෙද බන් ? අපේ නම් 01:30ට

    ඉතින් උඹ දේශක යා කියලා දාගෙන ඉන්නැතුව ගැරඬි යා කියලා දා ගනින්කො...

    ReplyDelete
    Replies
    1. උඹල වගේ හම්පඩ පරණ උන්ගේ ස්කෝලේ ඇරියේ එකහමාරයට වෙන්න ඇති. ඒ උනාට අපි වගේ එළ කොල්ලොන්ගේ ඉස්කෝල ඇරියේ අර වෙලාවට තමා. ඇයි බං දැනට ඉස්කෝලේ අරින්නෙත් එකයි තිහට ඉස්සෙල්ල නෙව.. ගැරඩි යා.. ඒකත් හොදා.

      Delete
  5. මේක වූ කතන්දරයක් නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් චූ කතන්තරයක් හින්දා නමක් හදාගත්ත පොරක් නේ මං..

      Delete
    2. චූ කතා දැක්ක ගමන් කකාගෙ ලයිට්එක ටක් ගාල පත්තු වෙනව. කෝ මේ කැපිටල් අංකල්?

      Delete
    3. සීය දාපු වෙලාවෙ නං ඇවිත් ගියා. ඊට පස්සේ දැක්කේ නෑ කැපිටල් ඇනමලයව.

      Delete
  6. //මම එකොළහේ ඉන්දේදි, (හැබැයි අවුරුදු තුනක් තිස්සෙම)//

    අවුරුදු තුනක් එකොළහේ හිටපු එකෙක් ගැන ඇහුවාමයි.
    1.15 අරුන ඉස්කෝලයක් ගැන ඇහුවාමයි

    ඇත්තටම කොයි ඉස්කෝලෙටද බන් ගියේ?

    ReplyDelete
    Replies
    1. ආ එක නෙවේ මොනවා උනත් තන්කිව් ඈ.. මම අහපු දේට උත්තරේ දුන්නට.

      Delete
    2. ආ. ඒක පොඩි අවුලක්.. මට කියන්න ඕන උනේ 11 වසරට කලින් ඉදලම ඒ කියන්නේ නමයේ ඉදලම මේකට ගියාය කියලයි. 1.15 තමා බං ඉස්කෝලේ ඇනුනේ. උඹල ගියේ 60 ගණං වල නේ. ඒ කාලේ තමා 1.30ට ඇරියේ.. හැක්..

      ඔව් අපි මතක තියාගෙන උත්තර දෙන්නේ.. තැන්කුයි ඒක ඇහුවට නැත්නං මේක දාන්නෙත් නෑ නෙව..

      Delete
  7. ගොලු ගැරඬියා බා..බා...බා....
    කෝ හාමිනේ මේ බූමිතෙල් බොතලේ....


    හැබැයි දේශකයගේ ඉංගිරිසි හොඳ තත්ත්වෙක තියෙන්නේ ඒ සර්ට පින් සිද්ද වෙන්නැතිනේද.

    ReplyDelete
    Replies
    1. මඩ ප්‍රහාර දෙකක් එකවර එල්ල කල නලින්ට ගැරඩි ආචාරය.. බාබාබා.. හැක්. භූමිතෙල් ඕන නෑ බං.. නිකා හිටිං..

      ඔව් අපි නික් නේම් එක “බෙලෙක් කටා“ කියල දාලා තිබ්බට, අවුරුද්දට හෙම අපි සර්ගේ ගෙදර ගියාම ලේසියෙන් එවන්නෑ..කන්න දෙනවා.. එයාගේ පුතාලට අපිව අදුන්වල දෙනවා.. අපි යනකොට පාරටත් බහිනවා.. පරිස්සමින් යන්න කියලා.. අපි ඈතට යනකම්ම බලං ඉන්නවා. අපි ටික දුරක් ගිහිල්ල තමා හුස්ම ගන්නේ මොකද මේ උනේ කියලා.. ජීවිතේට හිතන්නෑ නෙව එහෙම කතා කරයි කියලා. අපි තෑගි අරන් ගියත් බැනුං අහන්න ලෑස්ති වෙලා තමා යන්නේ.

      අනික අපි ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු තුන හතරක් ගියත් සර් ඒ විදියටම හිටියා. පස්සේ ලෙඩ උනාම පුතෙක් පන්තිය කරා. සර් නැති උනා. මම සෑහෙන්න දුරක හිටියත් ඒ ආරංචිය ලැබුනා. මළ ගෙදරත් ගියා. පස්සේ අපිට වැඩිය වැඩිමල් ඒ පුතාලත් මගේ යාළුවෝ උනා. අප්පිරිය වෙච්චි ඉංගිරිසිය හොදට ජීර්ණය කෙරුවේ ඒ සර් තමා. හැබැයි ඉංගිරිසි තර්කානුකූලව ඉගෙන ගන්න හැටි මට ඉගැන්නුවේ පහ වසරේ පන්තිබාර ඉංගිරිසි මිස්. ඒක එක පීරියඩ් එකක පාඩමක්.. අනිත් උන් ගැන නම් දන්නෑ මම ඒකෙන් ඉංරිසියට අත පොත් තිබ්බා බය නැතිව..

      Delete
  8. යකෝ සල්ලිත් ගෙවලා බැණුන් අහන්නත් ඕනද..? මෑනියන්ගේ වස්තරේ ක්ලාස් එකක් නේ. අපි උන්නා නම් අරූගේ සයිකලේ හුලං හරි අරිනවා. ඔහොම එකෙක්ට අපි දුන්නා කුණු බිත්තර පාරක්. ඊට පස්සෙ ඉඳලා උගේ ගෑස් බැස්සා..

    ReplyDelete
    Replies
    1. එහෙම කියන එක වැරදියි බං. අපි ඒ දවස් වල ගුරුවරයෙක් බිම දාගෙන ගැහුවත් මුකුත් කියන්නෑ. අපි මේ සර්ගේ ආක්‍රමණය හින්ද ඉගෙන ගත්තා. අපේ පැත්තේ දෙමවපියන්ගේ සිහිනය තමා තමන්ගේ ලමයා මේ පන්තියට දාන එක..

      Delete
  9. බුදු අම්මො.. ඒකේ විස්තරේ හැටියට වදකාගාරයක්ම තමා... හි හි.. ඔය වගේ පන්ති සෙට් උනේ නැති හින්දා හොඳයි.. මං එහෙම නං ඉංග්‍රිසි යකාට ගියාවේ කියලා ගෙදර එනවා... අපේ මාමාගෙන් ඉංග්‍රීසි ඉගෙනගන්න ගිහිනුත් එක දවසකින් බෑ කිව්වා එයා එක්ක ඒ වැඩේ.. ( තාමත් එහෙම තමා එයා.. මොනා ඇහුවත් ටික වෙලාවකින් හිතෙනවා ඇහුව මෝඩකම කියලා...) තව මාමෙක්ගෙන් ගනං අහගන්න ගිහින් 5 ඉන්න එකාට ධන රින වලින් උගන්නලා ඒකත් එක දවසයි.... හි හි...

    ReplyDelete
    Replies
    1. මං කිව්වේ මේකට එක දවසක් ගියොත් ආයි නොගිහිං ඉන්න එක බොරු කියලා.. ඒක ඇත්තමයි බං.. උඹට උගන්නන්න ඉතිං මාමල දාලා හරියන්නෑ.. යමයා ගේන්න ඕන.. හැක්

      Delete
  10. සර්ට බයේ නේද මුත්තරා බර හැදුනෙ. :D:D

    ReplyDelete
    Replies
    1. ඒක වැඩි උනා බං බනින වෙලාවේ..

      Delete
  11. අඩේ මට මතක් උනේ සුට්ටි කාලේ මම ගිය ඔය වගේ ඉංගිරිසි පංතියක් ගැන. ඒක සර්කෙනෙකුයි මිස් කෙනෙකුයි දෙන්නෙක් කල එකක්. හැම සතියෙම ඩික්ටේෂන් ගන්නවා ග්‍රැමර් චෙක් කරනවා. ඩික්ටේෂන් ගන්න කලින් සර් බෝඩ් එකේ 'ය' යන්න ඇඳලා ඕක කැපෙන්න කතිරයක් අඳිනවා. ඒ කියන්නේ ඩික්ටේෂන් වරදින එකාගේ පස්සට අබ සරණයි කියන එක. වැරදිච්ච හැම එකාවම වෙනම කාමරේකට අරන් ගිහින් අඩි පහක් හයක් දිග වේවැලකින් අර ය යන්න නැති වෙන්නම තඩි බානවා. කොහොම උනත් පාඩම් කල දවසට වඩා නොකර ගුටි කාපු දවසට එදා දීපු වචන ටික හොඳට මතක හිටිනවා.

    මේ ඒක නෙවෙයි කොයිකාලෙද බං අයියේ 1.15ට ඉස්කෝලේ ඇරියේ ඈ...

    ReplyDelete
    Replies
    1. හරියට හරි බං ඒ වගේම තමා. හැබැයි මෙයා ගන්නේ කටිං විතරයි.. ආ උඹල වයසක ඈයෝ අපි කොල්ලො. කොල්ලන්ගේ ඉස්කෝල 1.15 ට තමා ඇරෙන්නේ.. හැක්..

      Delete
  12. ගැරඩියා කියන එක ලස්සනයි ඔයිට වැඩිය පට්ට කැත නම් ඔය ඕන තරම් තියෙන්නෙ .ආඩම්බර වෙන්න දේශකයා.

    ReplyDelete
    Replies
    1. ඔව් බං හෙන ආඩම්බරයි.. බස් එකේ සෙනග ඉන්න වෙලාවට මොකෙක් හරි “ඒයි ගැරඩියෝ“ කිව්වම..

      Delete
  13. Replies

    දේශක යාJuly 15, 2013 at 8:45 AM
    හැක් හීනයක්ම නෙමෙයි. අනිත් උං හිතන විදිය දිහා බලල තමන්ටම මඩක් ගහගන්න පුළුවන්ද කියලයි බැලුවේ..

    eda harigige nethi nisa ada try karala.... :p

    ReplyDelete
    Replies
    1. huta!!! akuru weradida? hadagena kiyopan

      Delete
    2. නෑ බං මේක කලින්ම කොටල තිබ්බේ. ඒ නිසා දෙකම එකට දාන එක හිතලයි දැම්මේ. උඹලට කූල් බීම එකක් තමා කලින් දුන්නේ.. හැක්.. මම උඹල මීයෝ කරන්න හරි ආසයි නෙව අර අපේ අකමයි, තිසරයයි කියන විදියට.. තැන්කුයි දේශ්..

      Delete
  14. හප්පේ... මමත් කෙමිස්ට්‍රි ඉගෙන ගත්තේ ඔය වගේ සර් කෙනෙක්ගෙන්. හැබැයි හැමතිස්සෙම බනින්නෙත් නෑ. තද වුනාම නම් ඉදල ඕනි නෑ. දවසක් කොල්ලෙක් හූ තියල පන්තියෙන් එලෙව්වා. පාරක් දුන්නත් එක්ක. මුලින්ම හු තියපු කොල්ලව හොයා ගන්න බැරුව සර් මුළු පංතියම පීරුව. එදා අන්තිමට ඉගැන්නුවෙත් නැද්ද මන්ද. පැය ගානක් බැන්න. පන්තියේ ළමයි හ්ම් සද්දයක් නෑ... අම්මේ.... එදා අපි බය වෙච්ච තරමක්. එක මතක් වෙනකොට දැනුත් දාඩිය දානවා....

    ReplyDelete
    Replies
    1. ඒකනං ඕවවට වැඩියි වගේ බං.. නැද්ද?? මං හිතන්නේ උඹ තමා හූ කියන්න ඇත්තේ ඒකනේ දාඩිය තාම දාන්නේ..

      Delete
  15. පව් අප්ප දේශකයට. ගැරඬියා නෙමේ මොකා කීවත් ඒ බර උහුලන්න පුලුවන්ද ලමයෙකුට?

    ReplyDelete
    Replies
    1. අනිවා.. අනිවා.. ඒක උහුලන්න අමාරුයි.. මුන් දැං මට මඩ ගැහුවට

      Delete
  16. උඹේ ලිවිල්ල නම් මාරයි බං.

    ඔය නම් වැටෙන්නේ හරිම අසාධාරණ විදියට බං. අපිත් එක එකාට නම් දැම්මා තමයි. ඇත්තෙන්ම දැනුත් දාන වෙලාවල් තියෙනවා. නමුත් හරිම අසාධාරණයි නේද?

    කිව්වත් වගේ සල්ලි දීලා බැණුම් අහන තැනක්නෙ බං.

    ReplyDelete
    Replies
    1. ලිවිල්ල ගැන නං මං ඒ තරං හිතන්නෑ බං දැං.. මොකද උඹල මම ඔක්කාරෙ දැම්මත් උඹල කියවනව නෙව. ඒක ගැන සන්තෝසයි. තැන්ක්ස් ඩුඩේ. හැබැයි මට නං ඒ නම සාදාරණයි නෙවද?? හැක්.. සල්ලි දීලා බැනුං ඇහුවත් අවුලක් නැති තැනක් බං. සර්ගේ විදිය මම නලියට කියල ඇති උඩ. ඒක ටිකක් බලහං..

      Delete
  17. බලාගෙන පෙට්‍රල් ෂෙඩ් ගාවින් එහෙම යද්දී

    ReplyDelete
    Replies
    1. හැක්. මේ දවස් වල නං පැට්‍රල් සෙඩ් එක ගාවදි දුවනවා තමා. මොකද හුටුහුටු කටුව නතර උනොත් තෙල් ගහන්නවත් සල්ලි නැති හින්දා. ආ.. වෙල්කම් කිව්වා සුදීකට..

      Delete
  18. Replies
    1. කට කට.. උඹත් එක්ක නං බෑ.. තාම අරක ඉවර නැද්ද බං..

      Delete
  19. බොහොම පහල පන්තිවල ඉඳිද්දී කලිසමේ චූ කරගන්න කක්කා කරගන්න මම හරි ප්‍රසිද්ධයි. මගේ මතකයේම තියනවා වාර දෙක තුනක් වත්. ඊට වඩා දක්ෂයෙක් ඉන්නවානම් දැනුම් දෙනු. :D :D

    එක ඉංග්‍රීසි ගුරුවරයෙක් පරක්කු වෙලා ආව කොල්ලෙක්ව එලියට එලෙව්වා 'ගෙට් අවුට්' කියලා. ටික වෙලාවකට පස්සේ එයාට ඕනේ වුනා කොල්ලව ආපහු පන්තියට ගන්න. නමුත් කියන්නේ කොහොමද කියලා අමතකයි. ගුරුවරයා, ළමයා පහුකරගෙන ටිකක් එහාට ගිහින්, පන්තිය පෙන්නලා ඇඟිල්ල දික් කරලා කිව්වලු 'ගෙට් අවුට්' කියලා.

    මම දන්න හමුදා සැරයන් වරයෙක් හිටියා. ඔහුගේ අන්වර්ථ නාමය 'කහ ගැරඬියා'

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. තාම හිනායි විචාරකගේ කතාවට. ගෙට් අවුට්.. සිරාවට හොද එකෙන්ම හිනා.. විචාරක ට වැඩිය පල්ලෙහායින් මම ඉන්නේ. මම දෙපාරක් චූ කරගෙන තියෙනවා ඉස්කෝලේ..

      අපේ නෑයෙක්ද මන්ද ඔය කහ ගැරඩියා..

      බලමු විචාරකට වඩා දක්ෂයෙක් ඉන්නවද කියලා..

      Delete
    2. ඔන්න ඔබ කිව්වය කියලම මම ඒක මුණුපොතේ ෂෙයා කරා. ගෙට්අවුට් කතාව..

      Delete
  20. අර fcuk කියන වචනෙ ඉගනගන්න ඇත්තෙත් ඔය පංතියෙදි වෙන්ටෑති?

    ReplyDelete
    Replies
    1. එහෙම උනානං හෙම මිනිහා අපිට fcuk කරාවි බං..

      Delete
  21. ඔන්න නමෝ විත්තියෙන් ගොඩ වුනා.

    ඔබේ පොස්ටුව කියවා වෙලාවට අකුරට වැඩකර මගේ ගුරුවරු කීප දෙනෙක්ම මතක් වුනා. ඔවුන් දැඩි නීතිකාරයෝ හැටියට පෙනුනත් අදටත් ඔවුන් සිහිකරන්නේ ගෞරවයෙන් නේද?

    ReplyDelete
    Replies
    1. ජය වේවා.. ඩින් මලයෝ.. ඇත්තටම ලොකු ගෞරවයක් තියෙනවා. මොකද මට නමක් කියල එකක් දැම්මෙත් එච්චරයි නෙව..

      Delete
  22. මොනවා උනත් අපේ දේශා අවංකයා. වෙන එකෙක් නං ඕකට හොඳ නමක් දාගනීවි.. අර පෙනෙන්නෙ නැද්ද අසංකයා යාලුවො ඔක්කොගෙම නං දාල එයාඅගෙ නම හංගලා තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඇඩෙනවා අයියේ හෝ ගාලා මම අවංකයි කිව්වම.. ඉහි ඉහි.. කව්ද ඔය අසංකයා.. දෙකක් අනින්න..

      Delete
  23. බි.පෙ.සි බි.පෙ.සි බි.පෙ.සි බි.පෙ.සි :) :) :) :D

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕක තමයි කේස් එක උඹලට මක්ක හරි කියල දුන්නම. බිපෙසි මැරෙන්නද හද්න්නේ උඹ මලයෝ..

      Delete
  24. ඒ ගුරුවරයා එහෙම සැරට ඉන්න ඇත්තෙ ළමයින්ව හරියට හදාගන්න ඕන නිසා වෙන්න ඇති... ඔයාල අවුරුද්දට යද්දි බොහොම කාරුණිකව සලකන්නෙ ඔහු ඇත්තටම කරුණාවන්ත නිසා වෙන්න ඇති.

    ගැරඬි දේශා..ඒකත් හොඳ නමක් :D

    ReplyDelete
    Replies
    1. ඇත්ත චාම්ස් ළමයින්ට උගන්නවන්න, ඒ දේ ගැන අවධානය වැඩියෙන් තියාගන්න තමා එහෙම කරන්නේ. අපි ගෙදර ගිහිල්ල රෙදි ගලවන් පාඩං කරන්නේ අනිත් ඒවා සබ්ජ කෙසේ වෙතත්.. නම හොදයි නේ.. පාවිච්චි කරන්න පුළුවන්.. රෙජිස්ටර් කොරා.. හැක්

      Delete
  25. ගැරඩී දේශා..

    ෂා ලස්සන නමක්

    ReplyDelete
    Replies
    1. තැන්කුයි අනේ.. මීට ගොරහැඩි ගැරඩි දේශා

      Delete
  26. දෑන් එතකොට උබල ඉගෙන ගත්තද පොරගෙන් විචරක මහතත් මරු කතවක් කියල තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඉගෙන ගත්තද අහනවා බං.. ඉංගිරිසි වලට එක සැරේම ඩී තිහ හතලිහක් වැටුනම (අපේ කාලේ ඒ නෑ) සර්ට මාර සන්තෝසයි. ඒක ඉතිං හැම අවුරුද්දෙම වෙන දෙයක් නෙව. ක්‍රෙඩිට් එකක් වත් නැතිව ලමයෙක් ඉංගිරිසි පාස් නොවෙන්නේ නෑ බං.. විචාරකගේ කතාව මම මුණුපොතෙත් ෂෙයා කරා. ඒක මරු කතාවක්...

      Delete
  27. මටත් කතාවක් මතක් උනා වෙලාවක ලියන්නම්

    ReplyDelete
  28. අනේ මොන එහෙකටද මන්දා... ඔහොම වස ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න මම හරි ආසයි අප්පා... හොඳට පාඩම මතක හිටිනවා... ගොඩක් වෙලාවට මට නම් ඔහොම වස ය හම්බ වෙලා තියෙන්නේ ගණන් උගන්වන ගුරුවරියෝ විතරයි

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් උපේක්ෂට වස ගුරුවරු නැතුව කොහොමෙයි. කෙල්ලත් වස එකේ.

      Delete