Friday, July 12, 2013

මෝංගල් ගොළු දරුවා!!

බ්ලොග් සංගමේ රැස්වීමක්ද මන්ද, කට්ටිය මේස වට කරගෙන පස්සවල් ඇනතියාගෙන වාඩි වෙලා, එක එක විකාර කියව කියව ඉන්නවා. අවටින් හමන මද පවන, අව් රශ්මිය ඈතට අරන් යනවා. ටික වෙලාවකින් ආයිත් ඒකම වෙනවා. කොහොම උනත් සමස්ථයක් විදියට කූල් එන්වයරන්මන්ට් එකක් තමා තියෙන්නේ. එක මේසයක් වටේ ඉන්න කද බඩ ඇති, කෙට්ටු පහරනැට්ටෝ, තට්ටයෝ, රැවුල්කාරයෝ එකතු වෙලා එකම කතාවක්.

“ඒ බං අරු උඹට කතා කරල තියෙනවද?“ නලියා අහනවා අටමගෙන්.

“නෑ අයියේ.. ඕකා මට එස්එම්එම් දෙකක් නං“ අසෝක වීදුරුවෙන් එකක් හලාගෙන ටොක් ගාලා සද්දෙන් වීදුරුව මේසේ උඩ තියල, වම් අතේ පිටි අල්ලෙන් තමන්ගේ හැකර කට පිහිදන කං ඉතිරි වචන ටික නැවතිල, අනිත් උන් වීදුරු අතේ තියාගෙන, සමහර උන් ගෑනුන්ගේ බද අත ගාන තරං හෙමීට වීදුරුව අත ගගා අටමා දිහා බලන් ඉන්නවා අප්පිරියාවෙන් අරක ගිලල ඉවර වෙනකං.

“එවලා තිබ්බා.. එක පාරක් මම ඒ නම්මරේට කෝල් කරා කරා මිනිහා ඉස්සුවේ නැ. අන්තිමට මමත් එස්එම්එස් එකක් ගහල නිකං හිටියා.“ අටමා කතාව ඉවර කරේ සුදීක ගෙනාපු රෙඩ්බුල් එක තියේද කියල බලන ගමන්.

“ඒක තමා බං.. මටත් එස්එම්එම් එවල තියෙනවා“ නලියා කියනවා. ඔව් මිනිහත් අටමගේ ඉට්ටැයිල් එකෙන් ෂොට් එකක් දැම්මා.

“මාත් උඹ වගේම මුට අම්බානක ඒ නම්මරේට ගත්තත් මිනිහ උස්සන්නෙම නෑ නෙව.. බැරිම තැන මාත් මැසේජ් එකක්ම දාලා නිකං හිටියා“ කතාව ඉවර කරා නලියා..

“ඈ බං මටත් සෑහෙන්න මැසේජ් නං එවල තියෙනවා. සමහර ඒවා නං කුනුහරුප වගේ තේරෙන්නෙත් නෑ. හැබැයි මම නං කෝල් කරල නෑ. හැබෑට ඌ ෆෝන් එක උස්සන්නෙම නැද්ද“ වැනියා වැනි වැනි අහනවා.

“ඔව් කවදාවත් මිනිහා කෝල් එකකට ආන්සර් කරන්නේ නෑ. මං හිතන්නේ ඌ නාකියෙක් හින්දා අත වේවලනවා ඇති“ අටමා කියනවා. එක ඕසෙට ආපු හැක හැක හිනාවත් එක්කම අනිත් උන් කියනවා.

“හෙහ්. උගේ අත නෙමෙයි බං කට වේව්ලනවා ඇති බොන්නැති වෙලාවට ඒකයි“ හැලපයාගේ ප්‍රතිචාරය.

“අනේ නිකා හිටහල්ල.. ඌ ෆෝන් එක තියං ඉන්නේ වෙලාව බලන්න වෙන්ටැති.. හැක් හැක්“ වැනියා කියනවා.

“නැහැ බාංස්ලා, ඒකා කතා කරන්න ලැජ්ජා ඇති අපි වගේ පොරවල් එක්ක. ඔය අඩවි රජා පේන්නැතිද ඌ දෙකට ගනින්න බෑ වගේ නෙව ඉන්නේ ෆෙස්ටිවල් වලට ආවට. උන්ගේ කට තියෙන්නේ කීබෝඩ් එකේ විතරයි.. හැක් හැක්“

“උඹලට කියන්න මම එක දවසක් වොයිස් චැට් දාලා මූට කතා කරන්න කිහිප සැරයක්ම ට්‍රයි කරා“ අවටින් හාහුවක් ඇසෙද්දි හන්ටර් වෙච්චි සහන් දෙසාබානවා. (මිනිහනං එළොවටත් නැති ප්‍රංශ බීමද කොහේද බොන්නේ. ඔව් ඉතිං මිනිහා එළොවටත් නැති එකෙක් නෙව.) වටෙන්ම ඇත්තද කියල අහනවා.

“ඔව් ඒ උනාට එක පාරක් වත් මිනිහා ඒක් ඇක්සෙප්ට් කරේ නෑ.. පස්සේ ටයිප් කරල කියනව මිනිහට හෙඩ් ෆෝන් සෙට් එකක් නෑලු.. බලපං ඕවා පිළිගන්න පුළුවන්ද බං.. රුපියල් දෙසියක් විතර නෙව ඔය එකක් වෙන්නේ.. මාත් සෑහෙන්න ට්‍රයි කරා මිනිහත් එක්ක වචනයක් කතා කරන්න කොහේත්ම බැරි උනා.“

“හැබෑට බං උඹලට කතා කරල නැද්ද මේකා“ නලියා, අහන්නේ මාතලං, රාජ්, දේශ්, අහල පහල අර බාගෙට බ්ලොග් ලියන කියාගන්න බෑ, හිරු, පොඩ්ඩි හෙමත් ඉන්නවා.

හැමෝම නැහැ කියනවා හැබැයි චැට් කරල තියෙනවලු. ඔව් චැට් කියන්නේ ටයිපින් චැට්. මේ වෙලාවේ දෙකක් නමා ගත්ත රාජ් වැඩර් වගේ කතාවට සෙට් වෙනවා.

“අප්පට සිරි. මූ මාර සීන් එකක් කරානේ බං මට ළගදී. හැබැයි ඒ වැඩේ අනුව නං මිනිහා මොංගල් වගේ මට පේන්නේ.“

“මොකක්ද බං“ මාතලං අහනවා.

“මිනිහා මූනුපොතේ මාත් එක්ක දවස් ගානක්ම චැට් කරලා තිබ්බා.. මගේ බ්ලොග් එකටත් මූ කමෙන්ට් දානවා නේ. මම මේ අන්තිමට දාපු පෝස්ට් එකේ ස්ටේටස් එක මුණුපොතේ අප්ඩේට් කරල තියෙනවා දැකල මූ අහනවා මම රාජ්ද කියලා. හිටහල්ල චැට් බොක්ස් එක පෙන්නන්න“ කියලා රාජ් ලැපා අදිනවා. 

“ඔන්න බලාගනිල්ලා.. “

අම්මට හුඩු කිව්වලු. යකෝ මම දැන්නේ උඹ කව්ද කියල තේරුං ගත්තේ. අනේ බං මගේ මොලේ.. ගහන්න ඕන ගලේ.. ඇඩෙනවා බං මං වගේ මෝඩයෙක්.. උඹ කව්ද කියල මට හිතාගන්න බැරි උනා නෙව..
Tuesday at 3:20pm · Like · 1

මම Raj ඒ කියන්නෙ ...........?
Tuesday at 3:30pm via mobile · Unlike · 2

යකෝ මම මෙච්චර දවස් හිතං හිටියේ මේ කොහේවත් නැති රාජ්   කෙනෙක් ගැන නෙව. දැං තමා දන්නේ බං නවාතැනේ රාජ් බව.. ගහන්න ඕන බං මට.. හිහි
Tuesday at 3:32pm · Like · 1

මම Raj හෑ! එතකොට උඹ මාත් එක්ක චැට් කලේ? අයියෝ උඹල ආශ්‍රය කරන අපිටයි ගහන්න ඕන
Tuesday at 3:35pm via mobile · Unlike · 2

ඒක තමා බං කියන්නේ.. මට මාර අබිලික් වෙලා නෙව. සිරාවට බං. ආශ්‍රය කරන්න හොද නෑ තමා.. අයිම් අ ස්ටුපිඩ්..
Tuesday at 3:36pm · Like · 1

ගමන් මගේ මඟියා @ : - දැන් උඹ මම කව්රු කියලද හිතාගෙන ඉන්නේ බන්
Tuesday at 4:05pm · Unlike · 1

මේක බලපු සෙට් එකම මිනිහා මෝංගල් පොරක්ය කියල කිව්වා. ඒ අතරේ අර දැරිවියොත් කියනවා 

“ඔව් ඕකා හෙන කුකුලා වගේ අපේ පස්සෙන් එල්ලි එල්ලි චැට් කරන්න එන්නේ..මං හිතන්නේ නාකි කුකුලෙක් වෙන්ටැති හික් හික්“ කියලා කියාගන්න බැරි නංගි කිව්වම හිහි නංගිත් ඒකට එකතු උනා.

“මම නං ළගදි බැන්න හැකර කට වහගන්නෙයි කියල. ඔන්න ඩුඩ් අයියගෙන් අහන්න කෝල් එකක් දීලා එයත් බැනල තිබ්බා මූට ජෝකර් කෙනෙක් වෙන්න එපාය කියලා“

“ඇයි ඔයගොල්ලා මේ හාදයා ගැන කතා කරන්නේ ඔය තරං“ පොඩ්ඩි අහනවා අහවලාගේ කන අතගාන ගමන්. (වැලි තියේද කියල.. හැක් නයි වංගු අරන් නෙව ඇවිත් ඉන්නේ)

ඔන්න එතකොට අටමා තමා කතාව අවසන් කරන්නේ.

“නෑ බංස්ලා, අපි මෙච්චර වෙලා කතා කරේ මූ කතා කරන්නැති එක ගැන. කෝල් කරලත් කතා කරන්නැත්නං මොකක්ද හිතන්න වෙන්නේ.. ඌ ගොළුවෙක් බං. ඒකනේ ඔය සද්ද නැතිව ඉන්නේ..“

එතකොට රාජ් කියනවා.

“ඔව් බං මෝංගල් පොරවල් වලට කතා කරන්න අමාරුයි නේ. ඒක නිසා තමා මං හිතන්නේ මිනිහා කතා කරන්නැත්තේ. “

ඒ වෙලාවේ ආතල් එක කැඩිල යන්න ආසන්න නිසා, මාතලං බෙරිහන් දෙනවා. 

“යකෝ මේ ආතල් නොකා අපේ වැඩක් බලාගමු. ඌ ගොළුවෙක් උනා කියල අපිට පාංද.. වරෙල්ලා මේ හැලපයියගේ විස්කි එකට දිස්ටි කරන්න“

එතකොට ටිකක් ඈතින් එකෙක් මහ සද්දෙන් අත දික් කර කර ඔක්කෝටම බනින විත්තියක් පෙනුනා. කට්ටිය සද්දෙට ඇස් කරකවල බැලුවට ඇහුනේ එකම දෙයයි.

“බා.. බා.. බා.. බා...“

එහෙම කෑ ගැහුවේ දේශකයය කියල තමා ආරංචිය.

102 comments:

  1. Replies
    1. ඉවාන් ඔබගේ >>වයස හරිද<<ලිපිය පේන්නෙ නැහැ.

      Delete
    2. ඒක තාම ඉවර නෑ කෙන්ජි අයියා.. සේව් කරන්න ගිහිං වැරදිලා පබ්ලිෂ් වුනා, තව ටික දවසක් යනවා ඒක දාන්න. තැන්කු වේවා.

      Delete
  2. අළුත් නිසා වෙන්න ඇති මොකුත්ම තේරුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. පරණය කියල කියන උන්ටත් ඒ සෙතේම තමා බං..

      Delete
  3. දේශකයට මොංගල් කියලද මේ කියල තියෙන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. මට නං හිතෙන්නෙම දේශකයා මේ අපි අතරම ඉන්න එකෙක් කියලයි දැන් නං.

      Delete
    2. අන්න ප්‍රසාට විතරයි තේරුනේ. දේශකයා මෝංගල් ගොළු දරුවෙක් උනා නං කොහොමද

      Delete
    3. කන්නාඩිය ඉස්සරහට ගිහිං අහපිය..

      Delete
    4. මොකක්ද දැං අහන්න ඕන අයියේ..හැක්..

      Delete
  4. උඹ ආයෙමත් හීනයක් ඇතුලෙ තවත් හීනයක් දැක්කැයි, මේක නම් ගල් මිලිලීටර් 750 දෙන්නත් එක්ක ගහපු දවසට වඩා වැදුන දවසක්.

    හීනයක් තමයි, කොහෙත්ම දේශ් ඉන්ට විදිහක් නෑ ඔය බොන තැන් වල. (බබ්බුනෙ)

    අන්තිමට අර මොංගලය බා බා කිව්වෙ කුකුල්ලුන්ට අඩගැහුව වෙන්නැති. නේ?

    ReplyDelete
    Replies
    1. හැක් හීනයක්ම නෙමෙයි. අනිත් උං හිතන විදිය දිහා බලල තමන්ටම මඩක් ගහගන්න පුළුවන්ද කියලයි බැලුවේ..

      Delete
  5. දේශකයෝ උඹනං දවසකටත් මිනිහා තමා. සමහර තැන්නං කොයිල් වගේ. ඒත් ඒ ඒ අය අතර වෙච්ච කතාබහ වෙනැනැතිනේ. ඔය මෙනවා කිවුවත් දේශකයා අපිව මග අරින්නේ මොනව හෝ ලොකු හේතුවක් ඇතිනේ. ඉතිං අපිනං නෑ කරදර කරන්නේ.

    ReplyDelete
    Replies
    1. හරි හරි අයියා.. බොලා යන පලාතක මම එන්නෑ එච්චරයි.

      Delete
  6. මේ මොංගල් කියන පදය මම හිතන විදිහට සමාජයෙන් අයින් වෙන්න ඕනි වචනයක්.... කියලා හදුන්වන මෙම සෙමින් මනස වැඩෙන දරුවන් මෙම වදන තුලින් සමාජීයව කොන් වෙනවා.... ඒ දරුවන් පමනක් නොවෙයි මම දන්නා තරමින් ඔය වචනය ඇහෙද්දි ඒ දෙමව්පියන් පවා අපහසුතාවයකට ලක් වෙනවා... මේවා දියුණු සමාජයක් විසින් පිළිකුල් කලයුතු වචන....

    මෙම වචනය දකිද්දි නිකන් නිරුවතින් ඉන්නවා වගේ අපහසුතාවක් මට දැනුනෙ. සමහර විට ඔවුන්ට සම්බන්ධ ආයතනයක එක්ක මම ලගින් වැඩ කල නිසා වෙන්න ඇති... ඒත් තව සමහර අයට ඒක වචනයක් පමණක් වෙන්න ඇති.... මගේ මතය නිකන් ලියල ගියා...

    ReplyDelete
    Replies
    1. ඔබ පෙන්වා දෙන්නේ ඉතාමත් හොද දෙයක්. සත්‍ය ලෙසම එය ඉවත් විය යුතු වචනයක්. එය අපට වචනයක් විතරක් වුණාට එවන් ආබාධයක් සහිත පවුලක සාමාජිකයෙකුට යවුල් පහරක් වැනියි. ස්තුතියි මේක පෙන්වා දුන්නට

      Delete
    2. ඒක රෝගයක්... ඒකට කියන්නේ "විලියම් සිංඩ්‍රම්" (Williams Syndrome) කියලා..

      හැබයි මූ නං මොන්ගල් පොරක්ද කොහෙද....?

      Delete
    3. ඔව් ඇනෝ කිව්ව වගේ ඒ අපහසුතාව මටත් තියෙනවා. ඒත් අපහාසයට නොව උපහාසයට එය කදිම වදනක්..

      Delete
  7. //special, gifted children කියලා හදුන්වන මෙම සෙමින් මනස වැඩෙන දරුවන් මෙම වදන තුලින් සමාජීයව කොන් වෙනවා//

    ReplyDelete
    Replies
    1. ඒ අපි හිතං ඉන්න විදිය. අපේ සමාජය ඒකට හුරු වෙලා නෑ. හැමෝම දිහා එක මට්මමකින් බලන්න. දියුණු රටවල මේ ක්‍රමය වෙනස්..

      Delete
  8. දේශකයටත් වෙන වැඩ.... හි හි ...

    ReplyDelete
  9. අනේ මංද දේශකයො මට නම් හිතාගන්න බෑ මේ මොකක්ද කියල..

    ReplyDelete
    Replies
    1. හිටුකෝ එහෙනං පස්සේ කියන්නං..

      Delete
  10. මේ මොන වඳුරු ක‍නුහරුපයක්ද ාබාලං therenne ne ne mata melo deyak

    ReplyDelete
    Replies
    1. වදුරු කුනුහරුප.. එහෙම ඒවා තියේද බං

      Delete
  11. මේ මොකක්ද අනේ . කරකවල අතෑරිය වගේ .

    ReplyDelete
    Replies
    1. ඉදල හිටල ආවම එහෙම වෙනවා ගනං ගන්න එපෝ.. තුදු..

      Delete
  12. ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  13. ඈ..මේ මොකක්ද බොල මේ.....

    ReplyDelete
    Replies
    1. බා...බා...බා.... කිකිළි

      Delete
    2. ඔය නලියා කියල තියෙන්නේ

      Delete
  14. මේක ඇවිල්ල හැලප ලංකාවෙන් යන්න ඉස්සෙල්ල යමක් ඉල්ලන ගේමක්.

    ReplyDelete
    Replies
    1. හරි හරි දැනුයි තේරුනේ. ඒ කියන්නේ සෙට් වෙමු කියලා කියන්නේ..

      Delete
    2. දේශයාගේ ගෙදර කට්ටිය කොහෙ හරි ගිහිල්ල වගෙ.
      හැම තැනම තනිකඩය වගේ කොට කොට ඉන්නව.
      රෑ වෙද්දී කස්ටිය එකතු කර ගන්න හදන්නෙ සෙට් වෙන්න.
      නැත්නම් මේ ලිපියෙ මෙලෝ තේරුමක් තියෙනවද?

      Delete
    3. මම මේ දැන් දේශකයට ආරාධනා කළා සෙට් වෙන්න එන්න කියලා. මේකා කර ඇරියා.
      අර උඩින්ම කෙන්ජි අයියා දාපු එකනං හැබැව වගේ.

      Delete
    4. එකා කෝල් එකට නෝ ආන්සර් නේද?
      ඔන්න ඔහෙ ගෙනාපු ගල් බාගෙ දරුවො දෙන්නට නොපෙනෙන්න වොෂ් එකක් දාගෙන උගුරු දෙකට ඇදල,තියෙන කෑමක් කාල,ඇද උඩ කොන්දට අමාරු නොවෙන එක්සසයිස් පාරක් දාල නිදා ගං මගෙ මල්ලියෝ.

      Delete
    5. කෝල් වලට නෝ ආන්සර්... චැට් එකට එනවා..චැට් එකෙන් තමා ආරාධනය කළේ.ලයිට් හවුස් යමු කියලා.

      Delete
    6. කට්ටියටම මේ මොකක්ද කියලා හිතාගන්න බැරි නිසා මම කියන්නම්කො විස්තරේ.. ඔය නලියා , අටමා , මම , දේශා etc etc වගේ පිරිසක් දවසක් සෙට් උනා හොර රහසෙන්. එහෙම ඇවිල්ලත් මේ දේශා අපි එක්ක වැඩි බජනයක් නැතුව බෝතලේ කටට හලන් බයිට් ටික කොටා බෑවා..

      අපිට ඉතුරු උනේ ළූණු කෑලි ටික විතරයි...

      Delete
    7. යකෝ මාව ස්පෑම් වෙලා ...

      Delete

    8. කට්ටියටම මේ මොකක්ද කියලා හිතාගන්න බැරි නිසා මම කියන්නම්කො විස්තරේ.. ඔය නලියා , අටමා , මම , දේශා etc etc වගේ පිරිසක් දවසක් සෙට් උනා හොර රහසෙන්. එහෙම ඇවිල්ලත් මේ දේශා අපි එක්ක වැඩි බජනයක් නැතුව බෝතලේ කටට හලන් බයිට් ටික කොටා බෑවා..

      අපිට ඉතුරු උනේ ළූණු කෑලි ටික විතරයි...

      Delete
    9. කෙන්ජියෝ ඔහොම කිව්වත් හැලපේ නං කට අරින එකක් නෑ..
      @ මාතලං
      එහෙම එහෙකුත් මේකෙන් කියවෙනව වගේ.. හැක්
      @ නලියා
      චැට් කරන්න මේ ක්‍රෙම් තියන නිසා හොදා. නැත්නං අපි අනාථයි
      @ සහන්
      උඹ නං ස්පෑම් එකක්ම තමයි බොල. ඔන්න උස්සල දැම්මා

      Delete
  15. අනෙ බන් තෙරුනෙ නෑ.අදාල නෑතිනිසාද මන්ද.හෑබෑයි කෙන්ජි කියන්න වගෙ යොජනාවක් නම් පන්කාදුයි ඈ.අපිත් ඉන්නව මෙහෙ.

    ReplyDelete
    Replies
    1. ඒ යෝජනාව කෙන්ජි ආවමත් දාමු නේ..

      Delete
  16. මේ ඇත්තටම මොන $%#&@#$ යකෝ මේ ලියලා තියෙන්නේ.
    දේශා දැකපු අසම්පුර්ණ හීනයක්ද...?

    ReplyDelete
  17. අනුන්ගෙ සල්ලිවලින් මීටින් තියලා, හවහට හවහට කණ පැලෙන්න ගැහුවම මෙහෙම වෙනවා.. බොලාගෙ මොලේ කරවෙලා තියෙන්නෙ දැන්.. :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං කියන්නේ.. දිගටම ඔය අවුල තිබ්බා.

      Delete
  18. මොකක් ද බොලේ මේ...

    ReplyDelete
  19. හෑ.... බ්ලොග් ලියන්නේ බේබද්දොද එතකොට
    ගොඩ වදින්න මේ පැත්තටත්

    ReplyDelete
    Replies
    1. සෙට් වෙන එකට උඹල කියන්නේ බේබදුකම කියලද??

      Delete
  20. දවසක් එනවා කෝල් එකක්

    ටිකක් නාකි කටහඩක්

    ''හෙලෝ අටමා''

    ''ඔව් කියන්න ''

    ''දන්නවද කවුද කියලා ''

    ''නැනේ කවුද ''

    ''මම දේෂකයා ''

    ''ආ කොහොමද , ඉතින් ඉතින් ''

    '' මම මේ යාළුවෙකුගේ ‍ෆෝන් එකකකින් ගත්තේ . එහෙනං තියනං ඇ''

    මං ඉතින් හා කියලා නිකා හිටියා . වෙන මොනවා කරන්ඩද

    ''ඇත්තටම තොට මොංගල්''

    ReplyDelete
    Replies
    1. උඹට යුතුකමක් තිබුණ නේද ආයේ ගන්න ...?

      Delete
    2. මං කතාව ටිකක් කෙටි කරා බං , අන්තර්ගතය හිටින විදිහට , මෙහෙම දෙබසකුත් ඔතනට එකතු වෙන්න ඕන

      ''මේ නම්බර් එක මම සේව් කරගන්නං''

      ''එපා එපා මේ මගේ එකක් නෙමෙයි''

      මොකටද බං ''හැංගෙන්ඩ හදන එකාගේ රෙද්ද අස්සේ රිංගන්නේ ''කියලා මම නිකා හිටියා.

      සයිලන්ට් සහන් සහ දේෂකයා එක්කෙනෙක්ද

      Delete
    3. මගේ කට හඬ හැටියට පුළුවන් නම් වයස කියන්න බලන්න මගේ දන්න කෙනෙක්... :p

      Delete
    4. 29යි. කට හඬෙන් නෙමේ ඔය වලස් මූණ බලලා කිව්වෙ ඕන්... :D

      Delete
    5. ෂර්මි සහ සහන් එක්කෙනෙක්.
      පිස්සුද සෙන්න සහන් මලයට 35 පැනල ඇති දෙන පඬි ටෝක් වලට.

      Delete
    6. 30 ට වැඩි. ඒත් කටහඬ අනුව බැලුවොත් නම් 26 ක් 27 ක් වගෙ දැනෙන්නෙ.. කටහඬ ගැන මට තව දෙයක් හිතුන. ඒක කතා කරපු වෙලාවක ම කියන්නම්. :)

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. @ අටම්

      උඹ දේශා එක්ක කතා කරා නේද ? සහන් එක්කත් කතා කරා වගේ මතකයි...:P

      @ සෙන්නා

      ඔබ බොහෝම ආසන්නයි...මගේ පින්තූරයක් තියෙනවා මගේ පෝස්ට් එකක් ඇතුළේ හංගලා..ඒක දැක්කොත් නම් ගැටලුව විසඳෙනවා සෙන්නෝ...:)

      @ කෙන්ජි

      නැහැ නැහැ අනේ මම තාම තරුණයි ..:P

      @ චන්දන

      හෑ ඒ මොකක්ද ...? බලහන් දකින මිනිස්සු මොනවා නොහිතයිද කියලා ඔහොම කිව්වම .. :(

      Delete
    9. මම 72 දෙක දාන්නෙ නැතුව 36 දැම්මෙ හොද වෙලාවට.

      Delete
    10. @ sailentsahan

      නෑ නෑ. ඒ හැටි දෙයක් නෙවෙයි. එහෙනම් මෙතනම කියන්නම් කො. මට හිතුනෙ කටහඬෙන් වැඩ ගන්න කෙනෙක් කියල. පැහැදිලි, තරුණ, පැටලිලි නැති හඬක්.. :)

      Delete
    11. කටහඩ නං ලස්සනයි තමා බං . සැරින් සැරේ උගුර පාදනකොට ලස්සන නැතුව යනවා නේද චන්දන

      Delete
    12. මේ ඔය ගොල්ල කව්රු ගැනද ඔය කතා කරන්නේ..???

      Delete
    13. වෙන කා ගැනද

      දේශකයයි සයිලන්ට් සහන් එක්කයි

      Delete
    14. අපොයි සර්ලොක් සහනය ගෑවිච්ච තැනකවත් මම ඉන්නෑ.. හැක් හැක්.. ගිය ආත්මේ මගේ හතුරෙක්ද කොහේද ඒකා.. !!!!

      Delete
  21. ඈ බොලන් අපිටත් වැටහෙන බාසාවකින් දෙසාපංකො

    ReplyDelete
    Replies
    1. හැබෑට බන්ස්ල, මෙහෙම හිතහං තමන් තමන්ටම මඩ ගහගන්න කොට තියෙන ආතල් එක..

      Delete
  22. ඇත්තටම මොකක්ද බං මේ සීන් එක?

    ReplyDelete
    Replies
    1. ඔන්න අහපු හින්දා කියන්නං..

      මම ඔය පොරවල් කිහිපයකට (උඩින් නම් දාලා තියෙන්නේ) චැට් කරනවා, මැසේජ් හෙම යවනවා ඔය යක්කු මට කොච්චර කෝල් කරත් මම නෙමෙයි උස්සන්නේ.. රාජ්ගේ සීන් එක මේකයි. රාජ් මුණූපොතේ මගේ මිත්තරයෙක් විදියට කාලයක්ම හිටියා. චැට් කරා. ඒත් මූ මේ රාජ්මය කියල මම දන්නේ මිනිහා අන්තිමට දාපු පෝස්ට්කටුව මුණුපොතේ ස්ටේටස් වලට දැම්මට පස්සෙයි. මං ඒත් බැලුවා මේ රාජ් මොකද අර රාජ්ගේ ඒවා දාන්නේ කියලා. එහෙම හිතුවම මගේ ටිකිරි මොලේට වැටහුනා මේ අපේ නවාතැනේ රාජ්ම තමා කියලා.. හැක්.. ඔය කාරණා එක්ක මම කෝල් වලට ආන්සර නොකරන හින්දා මුං මං ගැන මෙහෙම හිතනවා ඇති කියල හිතාගෙනත්, මගේ ගොං කෙරුවාව ගැන රාජ් මෙහෙම හිතනව කියල හිතාගෙනත් මම මටම පොඩි මඩ පාරක් ඇරියා. තේරුනයි.. ඔන්න සිද්ධි අනිත් ඒවා උපකල්පන..

      Delete
  23. දේශකට මොන්ගල් නැහැ. නමුත්, ඒ වචන සෙට් එක කියවන අපිට මොන්ගල් හැදෙනවා....

    ReplyDelete
    Replies
    1. බා බා බා.. නිර්මලා කොහේද අප්පා හැංගෙන්නේ.. අර වසන්න කාලය එනකං කොළ අතු බලං ඉන්නවා වගේ තමා අපිට ඉන්න වෙන්නේ නිර්මලා එනකං.. දාන්නකෝ හොදවයින් එකක් දෙකක්..

      Delete
  24. Replies
    1. ප්‍රශ්න වැලක්.. ඩුඩෙට දීපු උත්තරේ බලපං හොද එකා වගේ..

      Delete
  25. මම සෙංකෝලයා වෙමි. අමාරුවෙන් බ්ලොගක් හදාගත්තත් කිසිවකු එය කියවන්නට එන්නේ නැ. ඊයේ රෑ ලක්මාල් කන්දේවිතාන අයියා උපදෙස් ටිකක් දුන්නා ඒ ගැන. මේවා සින්ඩිවලට දාන හැටි කවුරු හෝ කියලා දෙන්න මට.
    ඒ වගේම පොඩි වෙලාවකට හෝ ගොඩ වැදිලා මගේ අඩුපාඩුත් කියල දීල යන්න. ප්‍රියන්ත මාතලන් මහතා කියනවා සහන්ගෙන් හෝ හිරැගෙන් උපදෙස් ගන්න කියලා. තාම ඒ අය මට සෙට් උනේ නෑ. හැකි කෙනෙක් උදව් කරන්න. මේ ලක්මල් අයියගේ උපදෙස් පිටයි මේක දාන්නේ.
    සෙන්කෝලය 3වැනි ලිපිය මෙතැනින්

    ReplyDelete
    Replies
    1. මචන් අපිත් බ්ලොග් අටව ගත්ත මුල පෝස්ට් බලලා තියෙන්නේ දෙන්නයි , තුන්දෙනයි.. මගේ සමහර පෝස්ට් බලලා තියෙන්නේ හිරු විතරයි.. ඔන්න ඔහොමයි ජීවිතේ... ඒ නිසා උඹත් ලියපන් ඕනේ එකක් වෙන්න කියලා... පෝස්ට් 5 විතර ලියලා ඉවර උනාට පස්සේ පබ්ලිසිටියක් දෙන්න..

      Delete
    2. සෙන්කෝලයො, මෙහෙම අඬ අඬ යන්න ඕනා නෑ බන්...උඹ ලියහන් එතකොට ඒවා හොඳයිනම් නිකන්ම කටින් කට යනවා අන්න මරු බ්ලොග් එකක් තියනවා කියලා.. ඒ අතරෙ අනිත් අයගෙ ඒවත් කියවලා කමෙන්ට් එකක් දාපන්.. උඹ දාන කමෙන්ට් වලින් තමා අනිත් අය උඹ ගැන මුලින්ම මැන ගන්නෙ..

      දන් හොඳ එකා වගේ ඔය සුප්පුව විසි කරහන්... :D

      Delete
    3. උඹ එකපාරට රජ වෙන්න හදන්න එපා අනිත් අයගේ ඒවා බලල. සහන් කිව්ව වගේ මේක හෙමින් යන්න ඕන ගමනක්. ආසාව තියෙන්න ඕන.. එච්චරයි.. නැත්නං ඉතිං අර බලෙන් සින්දු අස්සවන්න පුළුවන්ද ඒ වගේ සීන් එකක් තමා වෙන්නේ.. හෝල් එක හිස් සෙංකෝලයා සිංදු කියන කොට..

      Delete
  26. නොතේරුනේ මොකක් හෝ මඩක් නිසා වෙන්ටැ.......හික්ස්

    ReplyDelete
    Replies
    1. එසේය එසේය.. දේශකයාට මඩකි.

      Delete
  27. තේරුනාද නෝතේරුනාද මන්දා.... ;)

    ReplyDelete
    Replies
    1. උඹට කොහේ තේරෙන්නද බං.. මේ හාදයෝ හැමෝටම නොතේරිච්ච එකේ

      Delete
  28. මොකක්ද බොලේ මේ ? අවුල්ද මංදා////////

    ReplyDelete
    Replies
    1. අවුල් අවුල් පුල් අවුල්

      Delete
  29. මට හිතෙනවා මෙහෙම ,

    විකාර පෝස්ට් එකක් දාලා මදිවට කමෙන්ට් වලට රිප්ලයි කරලත් නැ , අධික බේබදුකම හින්දා මූට පිස්සු හැදිලද කොහෙද

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. උත්තර දෙන්නේ පහුවෙලා කියල උඹ බීපු වෙලාවට මං කොච්චර කියල තියෙනවද බං..

      Delete
  30. දේශකයෝ මූන බලන කන්නාඩියක් ඉස්සරහින් බෝතලෙයි තනි වීදුරුවයි තියං ඉඳගනින්.. ඊට පස්සෙ කන්නාඩියෙං පෙනෙන උඹේ(ප්‍රසන්නයගෙ) මූනට වීදුරුව දික් කරලා එහෙනං ඕං ඉතිං ඈ.. කියල කටේ හලා ගනිං එක එකාට කයි කතන්දර නොකියා.

    ReplyDelete
    Replies
    1. හා. හා... දුනු සරතව අල්ලගන්න බැරි උනා නෙව කිසිම දේකට..

      Delete
    2. ඇ සරත් අයියේ එතකොට දේශකයා කියන්නේ ප්‍රසන්නටමද

      Delete
    3. උඹල දැං මට කයි කතන්දරත් හදනව නෙවද? ඉස්සෙල්ල කිව්ව සර්ලොක් සහනයයි මමයි එකෙක් කියලා. දැං කියනව ත්‍රිබාසායියයි මායි එකයි කියල. බොලා තව ටික දවසකින් කියාවි, මූ ගෑනියෙක්ය කියලත්.. හැක්

      Delete
    4. නැත්තං මට කියපල්ල ඇයි මූ ප්‍රසන්නගෙ අර මූනත්තහඩුව මේකෙ එල්ලාගෙන ඒකට හැමදාම අපිව තල්ලු කරන්නෙ කියලා ?

      Delete
    5. එහෙනං ඔහේල, වරායේ වැඩ කරද්දි මහරජාගේ පින්තුරේ කාමරේ එල්ලං හිටියේ.. අපි කරාම තමා වැරදි.. හැක් හැක්..

      Delete
    6. අඩේ අටමො බොට මාව හම්බවෙලා තියෙනව නේද. දේශකය වගේ මටත් මොංගල් කියල උඹ දැක්කද? :D

      Delete
    7. මට පේන්නේ අටම මෝංගල් ද කොහේද??? හැක්

      Delete
  31. අනේ මන්ද බං...උඹට මොකද බැරි අනික් අය වගේ පෝන් එකෙන්වත් කතාකරන්න...මඩ ගහන්න විතරද පුළුවන්

    ReplyDelete