Friday, November 22, 2013

එක පෙන්නා තුනම දැමීම!!

මේක නං මාර සීන් එකක්.. අන්තිමට හරිම මාන්දමික කේස් එකක්.

එක දවසක් දරුවා ඉස්කෝලේට ගියා, නමුත් එදා දවල්ට ස්කූල් වෑන් එක නෑ කියලා වෑන් අංකල් කාරයා කෝල් කරපු නිසා, මට සිද්ධ උනා කොල්ලව ගෙදර අරන් යන වැඩේ කරන්න. අවුල කියන්නේ මගේ ඔපීසිය ලගම මේ හාදයගේ ස්කෝලේ තිබ්බට, ඔපිසියට ගෙනැල්ල තියාගන්න අමාරුයි. මොකද එක තැනක ඉන්න එකෙක් නෙමෙයි නේ.. මට හැම වෙලේම ඒකා පස්සේ ඇහැගහගෙන ඉන්න වෙලාවක් නැහැ. එහෙම උනාම අනිත් සැට් එකත් එක්ක මේකා සෙට් වෙලා රට වටේම දුවනවා. පැය බාගයක කේක් මීටිමකට ගිහිල්ල එනකොට මූව අල්ලන්න දැලක් දාන්න ඕන..

“අනුපම්.. කෝ පුතා“ මම ගෝලයගෙන් ඇහුවම “ආ එයා සරීනා මිස් එක්ක අල්ලපු බ්‍රාන්ච් එකට ගියානේ“ කියල කියනවා. ඊට පස්සේ මම අනිත් බ්‍රාන්ච් එකට කෝල් එකක් අරන් සරීනට කතා කරනවා.

“සරීනා.. මම දේශා.. කෝ පුතා“

“ආහ්.. අන්න දැං ටිකකට කලින් කැන්ටිමට ගියා පබෝදත් එක්ක“

“හරි මම තව ටිකකින් කෝල් එකක් දෙන්නං එහෙනං“ කියල ෆෝන් එක තියල ආයේ විනාඩි 10 කින් විතර කෝල් එක දුන්නා.

“මාර වැඩේ නේ... පුතා අන්න කැන්ටිමට ආපු ඩීඩී සර්ගේ අතේ එල්ලිල එයාගේ කැබින් එකට ගියා.. සර් කිව්වා පියල් අත එහාට එවන්නං කියලා“

මේක පුදුම කරදරයක් නේ කියල හිතාගෙන මම ඩීඩීගේ කැබින් එකට කෝල් එකක් දුන්නා ටික වෙලාවක් බලල. මමත් වැඩ අස්සේ රත් වෙලා ඉන්න කොට මේ හාදයා මාව පුච්චන්න හදනව නෙවද කියල මට තරහකුත් ආවා.

“මිස්ට අරූන්.. මම දේශා.. පුතා ඔතනට ආවා කියල පබෝදා කිව්වා“

“ආ ඔව්. ඔව් මිස්ට දේශා. ෂෝක් කොලු පැටියා.. ඔන්න මගේ බෑග් එක අවුස්සලා චොකලට් එකකුත් හොයාගෙන කකා හිටියා. හක් හක්.. කියුට් බෝයි“

“දැන් කෝ ඔතන ඉන්නවද?“

“මොන මේකා එක තැන තියාගන්න පුළුවන් එකෙක් නෙමෙයි වගේ. අර සුමනසිරි.. ඉලෙක්ට්‍රිෂියන් ආවා බල්බ් එකක් දාන්න. අන්න ඒ පාර මිනිහගේ අතේ එල්ලිල දැං මේන්ටෙනන්ස් එක පැත්තට ගියා“

“හරි හරි තැන්ක්ස් මිස්ටර් අරූන්“

මට දැං හොද එකෙන්ම මල. මේකා ගියේ කොහේද අන්තිමට ඉන්නේ කොහේද? තවත් බලං ඉදල හරියන්නෑ. අනික කව්රුවත් යවල හරියන්නෙත් නෑ. මොකද ඒ එන අතරමග තව කව්රු හරි අතින් අල්ලන් මේකා කොහේ එක්කන් යාවිද කියල මට සැකයි. ඒ පාර මම ගියා එතනට. යනකොට මිනිහා මේන්ටෙනන්ස් ඉලෙක්ට්‍රිකල් ස්ටාෆ් එකම වට කරගෙන පැණි බෙදනවා. මිනිහගේ අත පිරෙන්න ටෙස්ටර්, වයර් කෑලි අරව මේවා. ඒ අස්සේ වටේම ගිහින් කාපු ටොපි, චොකලට් නාවර කට පුරාම, අත පුරාම. සුදු ෂර්ට් එක පිරෙන්න චොකලට් පැල්ලං. මේකාගෙන් ගන්න දෙයක් නැහැ. අන්තිමට බලෙන් වගේ එක්කන් ආවේ. “තාත්තේ ඉන්නකෝ පොඩ්ඩක් මේ ලයිට් එක චෙක් කරන කං කියලා“ නාහෙන අඩද්දි. ඊට පස්සේ ඇවිල්ල ඇග පත හෝදවල අර නාවර ඇදුම්ම ආයිත් අන්දවල ගෙදරට දක්කන් යන්න උනා. ඒකෙන් මගේ පැයක විතර වැඩ කටයුතු හබක්. ඉතිං මෙහෙම පුත්තරයෝ ඔපීසි වල තියාගන්න පුළුවන්ද? බෑනේ අන්න ඒකයි මම කැමති නැත්තේ මේකා මං ඉන්න තැනක තියාගන්න. (මං ඉන්න තැනක ඉන්න එකක්යැ මේකා)

රායිට් ආයි මාතෘකාවට.....

කොල්ලව එක්කන් ගෙදර ගිහිල්ල ආයේ එනකොට එස්ටිමේට් එක අනුව නං පැය දෙකහමාරක් වත් යනවා. එතකොට මම එනකොට අඩුම තරමේ 3.00 ට කිට්ටු වේවි. හප්පොච්චියේ දෙකහමාරට තියෙන කේක් මීටිම. මට කේක් කන්න බැරි වෙනවා නේ එතකොට. දැං මම කල්පනා කරනවා මේකට මොකක්ද කරන්නේ කියලා. දේශිකා කොට්ටාවේ ඉදල මෙතනට ආවොත් වැඩේ හරි කියල හිතාගෙන මම එයාට කෝල් එකක් දුන්නා.

“මාර කේස් එක. අද වෑන් එක නෑ.. මොකද කරන්නේ“

“ඉතිං ඔයා එයත් එක්ක එන්න ගෙදර“

“පිස්සුද හලෝ අද බැහැ.. මට හවස මිටින් එකක් අද“

“දැං ඉතිං මොකද කරන්නේ“

“මම කියන්නද ඔයා එන්න දැං.. ඇවිත් කොල්ලව ගන්න“

“පිස්සුද අනේ අද නං කොහොමත් බෑ. මම මේ ෂෙඩුල්ස් හදනවා.. අද පේමන්ට්ස් වලට. හෙල්ලෙන්නවත් බෑ. ඔයා මොකක් හරි හිතල මට කෝල් එකක් දෙන්න. බායි“

ෆෝන් එක දෙකට කැඩෙන්න දෙන්න හිතෙනවා මුන්ගේ අහංකාර කමට. දැං ඉතිං දානේ මටම වළදන්න වෙනවා නෙව. තව පැයක් වත් නෑ ස්කෝලේ ඇරෙන්න.. එතකොටම මට කල්පනාවට ආවා අද උදේ නුගේගොඩ එනවයි කිව්ව මගේ අතිජාත මිත්‍ර පැට්‍රල් කාරයව. හැබැයි මූ යන්නේ මහරගමට විතරයි නේ.. ඒත් කමක් නෑ සමහර විට මූ කොල්ලව ගෙදරට එක්කන් යයි කියල මම කෝල් එකක් දුන්නා.

“අඩේ පැට්.. උඹ කොහේද??“

“මම බං ජුබිලි කනුව ගාව. ඇයි?“

“උඹ කීයටද ෂොප් එකට යන්නේ“

“මචං තව පැයකින් විතර යනවා.. “

“වාහනේද??“

“නෑ ඕයි ඒක කැඩිලා.. බස් එකේ ආවේ“

“මළ මගුලයි... මේ වැඩක් කරගන්න බං කතා කරේ“

“මොකක්ද?“

“අඩේ අද කොල්ලගේ වෑන් එක නෑ බොට බැරිද ඌව ගෙදරට දාන්න මම නුගේට ගේන්නං ඒකව“

“අද නං බැහැ බං මම ෂොප් එකට එනවා කියල කස්ටමර් කෙනෙකුට දැං ප්‍රොමිස් උනා විතරයි. අපොයි අපොයි ඕකව එහේ තියාගන්න නං මට බෑ. උඹට හපන් ඌ. වෙන ඕන දෙයක් කියපං.“

“එහෙමද? එහෙනං තොට බැරිද කොල්ලව මහරගමට ගෙනිහිල්ල දේශිකාට දෙන්න.. දේශිකා එතනට ඒවි“

“රායිටෝ සිම්පල් මචං.. මට කියහං එහෙනං වෙලාවට... මම ටක් ගාලා එන්නං“

ටිකක් කූල් ඩවුන්. ඒකෙන් යන්තං වැඩෙන් බාගයක් ගොඩ. ඉතුරු බාගේ ගොඩ දාන්න තමා දැං තියෙන්නේ. ගත්තා කෝල් එකක් දේශිකාට ආයෙත්.

“මේ හලෝ ලක්මාල් කොල්ලව මහරගමට ගෙනේවි. ඔයා මහරගමින් කොල්ලව අරන් යන්නකෝ ප්ලීස්“

“මට බෑ අනේ.. මම ෆුල් බිසී නේ“

“මොකක්ද කිව්වේ. බෑ.. ඒවා හරියන්නෑ. මට එන්න විදියක් නෑ. ඌව තියාගන්නත් බෑ. ඕන මලදානයක් තමුසේ කරගන්නවා එහෙනං. මම තියනවා“ මලපැනපු රගපෑමෙන් මම ෆෝන් එක තිබ්බම අනේ මෙන්න අනිත් පැත්තට කෝල් එක එනවා.

“හරි මම ගන්නං මහරගමින් එහෙනං“ හරිම සාන්ත දාන්ත තීන්ත කුප්පිය විලාසෙන් දේශිකා කතා කරා. හැක් හැක්..

“හරි. මෙහෙම කරන්න. මහරගමට ඇවිල්ල පැට් ට... නෑ නෑ ලක්මාල් ට රින්ග් කට් එකක් ගහන්න. ඔයා ස්ටැන්ඩ් එක ගාවම ඉන්න. මිනිහා එතනට කිට්ටු වෙන කොට ඔයාට රින්ග් කට් එකක් දාවි. ඔළුවත් එළියට දාවි. බලල ඒකටම නගින්න. හරිනේ එහෙනං.“

“හරි හරි..“ අම්මේ දැං වැඩේ ගොඩ වගේ කියල හිතාගෙන මම පැට් ට කෝල් කරා.

“පැට්.. මචං මම නුගේ කිට්ටු කරල උඹට රින්ග් කට් එකක් දෙන්නං උඹ හෝල්ට් එකට වරෙන්. උඹ ආවාම මට රින්ග් කට් එකක් දාපං. මම මූන දාන්නං එලියට. උඹ ඒකට නැගහං හරිනේ..  දේශිකා මහරගමට ඇවිත් බොට රින්ග් කට් එක දේවි. මහරගම කිට්ටු වෙලා උඹ දේශිට රින්ග් කට් එක දියං. වෙලාවට වැඩේ කරපං මතක ඇතිව. උඹට බස් එකට නැග්ගම මංඤ්ඤං වෙන හින්දයි කියන්නේ. දේශි ඒ බස් එකටම නගීවි උඹ ඔළුව දාලා සිග්නල් එක දීපං හරිනේ. එහෙනං ෆිට් තමා“

යන්තං හුස්ම ටිකක් ගත්න ඇහැකි දැං. මනමාලයා වගේ මම නැකතට එළියට බැහැල කොල්ලව ඉස්කෝලෙන් ගත්තා. අරගෙන නන්ද මෝටර්ස් එක ගාවින් 138 කොට්ටාවක නැග්ගා. ටිකට් ගන්න ආවම

“කොට්ටාව එකයි බාගයක්“ කියල ටිකට් ගත්තා. මතක තියගනිල්ලා කොට්ටාව.. 

නුගේ කිට්ටු වෙලා පැට්ට රින්ග් කට් එක දුන්නා. තව ටිකකින් පැට් සිග්නල් එක දුන්නා.. මම හන්දියෙදි ඔළුව එළියට දාලා පැට්ව ගත්තා බස් එකට. කොල්ලා ගාවින් වාඩි කරවල මම බැස්සා. හැබැයි බහින්න කලින් මෙහෙම කරා.

“මචං මෙන්න ටිකට් එක. උඹ ආයි ටිකට් ගන්න ඕන නෑ. දේශි නැග්ගම ඒකිට දීපන් මේ ටිකට් එකම.. මම ගියා“

දේශිකා කොල්ලව ගෙදරට දාලා කෝල් එකක් දුන්නා. මිෂන් ඇකොම්ප්ලිෂ්ඩ් කියලා. ඒත් තව වැල්වටාරං වගයක් කිව්වා.

“මොනවද දේශා මේ කරන වැඩ. කොට්ටාවට එනකං කොන්දෝස්තර මට ඔරවනවා. ළගින් යනකොට අනං මනං කියනවා. එක ටිකට් එකෙන් තුන් දෙනෙක්ම බස් ඒකේ ආවයි කියලා. මහ විකාරයක්. ඇත්තටම ඔයාට ලැජ්ජාවක් නැද්ද? මට මහරගමින් ටිකට් එක ගන්න තිබුනනේ. ඕක මොකක්ද? ඒක නං මාර පිස්සුවක්. ලක්මාල් ටිකට් එක මට දුන්න නිසා කොන්දා ළගට ආවම මම කිව්වා ටිකට් ගත්තා කියලා. ඇත්තනේ මිනිහට මතකයි නේ මම මහරගමින් නැග්ගා. ෂික් මාර ලැජ්ජාව අදනං“

“අයියෝ ගනං ගන්න එපා.. ඔයාට ලේසියක් නේ මං කරේ.. හැක් හැක්“ කියලා ෆෝන් එක තිබ්බා. ඒ සැනින්ම පැට් ගේ කෝල් එක එනවා.

“මොකද්ද යකෝ අර කරපු කුප්ප වැඩේ. කොන්දා ටිකට් ගන්නලු ගන්නලු.. මම ටිකට් එක පෙන්නුවම ඌ හොදට බලල ඔරවල ගියේ. මං අහගෙන ඉස්සරහ ටිකට් දෙන කොට මිනිහා කියනවා ස්පෙෂල් ටිකට් නෑ. නෝර්මල් ටිකට් කිය කිය. වස ලැජ්ජාව බං.. උඹට ඇත්තට පිස්සුද?? මොකෝ මට ඔය ටිකට් එක ගන්න බැරුවද?? උඹට මෝංගල්ද? .. හැබෑට බීපු තරමට උඹේ මොලේ කුරවල් වෙලාද?“

“හැක් හැක්.. බලහං බොට ලේසියක් නේ මං කරේ. ඔය කතන්දරේ දැං දේශිත් කිව්වා. ඉතිං යකෝ කොට්ටාවට තියෙන ටිකට් එකේ කව්රු ගියාම මොකද? කොහොම කරත් ඒ ටිකට් එකෙන් එක වෙලාවට එකයි නේ යන්නේ. මොකෝ අර කෝච්චි ටිකට් එකේ වගේ අන්සතු කළ නොහැක කියල තියෙන එකක්යැ. හැක් හැක්“

“රෙද්ද.. තෝ සෙට් වෙයන්කෝ හවසට... පෙරේත පැටියා.. හාක හාක හා“

ප.ලි. - පහුගිය පෝස්ට්කටුවට උත්තර නැවත පැමිණි විට දෙන්නෙමි.. පාළුව යන්න ස්වයංක්‍රිය අප්ඩේට් වීමකි මෙය....

99 comments:

  1. අම්මප යකෝ එක ටිකට් එකෙන් ගියාම කොන්ටද මොකද. ඌට ඕන යන ගමනට ටිකට් එක ගන්න විතරනෙ.

    උඹේ ඔය ප.ලි. යත් ස්වයංක්‍රීයවද අප්ඩේට් උනේ.

    ReplyDelete
    Replies
    1. //උඹේ ඔය ප.ලි. යත් ස්වයංක්‍රීයවද අප්ඩේට් උනේ.//
      :D.:D :D:D

      Delete
    2. මං නං ප/ලි ය තමයි ඉස්සෙල්ලාම ලියන්නේ!

      Delete
    3. @ ප්‍රසා

      ඒකනේ බං මම කියන්න්.. මේ හාදයොන්ට ඒක තෙරෙන්නේ නැහැ.. ස්වයංක්‍රිය.. හහ් හහ්හා

      Delete
    4. @ මනෝජ්

      මොකද උඹ හිනාවෙන්නේ

      Delete
    5. @ කකා

      මාත් ඒක කොරන්න ඕන...

      Delete
  2. උඹේ එකතැනක ඉන්න බැරි කැසිල්ල තමයි පුත්‍රයාට තියෙන්නෙ.
    රත්නත්තරේ පිහිටෙන් මගේ කැසිල්ල පුතාට ගිහිල්ල නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ටිකක් සැක සහිත කාරනයක්..... කෙන්ජිගෙ මූණුවර තියෙනවද පුතාට?

      Delete
    2. ඒ ගැන මචං උඹ අප්ෂට් යන්න එපා. ළමයි දෙන්නගේ පාසල් දෙකෙන් ගිය ටර්ම් එකේ බ්ලඩ් ගෘප් රිපෝට් ඉල්ලලා තිබුන.
      මගේ B + තමයි දෙන්නගෙත්,අම්මගේ O + ගෑවිලාවත් නැහැ.
      දෙකම බුදු ෂුවර් මගේ.
      මුහුණ,ගමන් විලාශය එහෙමම.
      වාචාල කට නම් නැත.

      Delete
    3. අනේ මෝඩ කෙන්ජි... බ්ලඩ් ගෘප් එකෙන් තාත්ත හොයන උඹ ඉන්නෙ ජපානෙ උනාට මොලේ ඇෆ්ගනිස්ථානෙ....

      ගනින් DNA රිපෝට් එකක්....

      Delete
    4. DNA රිපෝට් අරන් උසාවි ගිහිල්ල දුෂණ වන්දි ගෙවන ඒවාට ඔය මගුල ඕන වෙනවා ඇති බං.
      පොඩ්ඩක් හන්දියේ දිස්පන්සිරියේ ඩොකාගෙන් අහගනින් මාව වෙහෙසට පත් නොකර.

      Delete
    5. කමක් නෑ මචන් උඹේ සතුට උඹට.....

      Delete
    6. ඔව් බං අපේ හැම එකාම කියන්නේ ඒක තමා... ඇනෝ මිත්තරයත් කට ගහන්න රුසියා නේද// එල

      Delete
  3. හොඳ ක්‍රමයක්. කවුරු මොනව කිව්වත් උඹේ වැඩේ තර්කානුකූලයි, සාර්ථකයි, නීතියට එකඟයි, වත මොනවද ඕන?
    මම වගේ නං කරන්නෙ කොල්ලව මගේ ලඟම තියාගන්නව.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ බං කියන්නේ.. මේකව එක තැනක තියන්න බෑ ගැට නොගහ... හැක්

      Delete
  4. ඈ බන් ලංකාවෙ ටිකට් දෙන බසුත් තියනවද ?

    >> ඒකෙන් මගේ පැයක විතර වැඩ කටයුතු හබක්. <<

    හප්පේ කමෙන්ට්ම කියක්ද නේද ? හැක හැක...

    ඔය ළමයව එක එකා ගාවට යවන්න එපා බන්.. මේ අබුද්දස්ස කාලෙ.. පත්තර එහෙම බලන්නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ඒක හරි.... විශේෂයෙන් පන්නිපිටිය පහුකරන් යද්දී.... ගෑනු ලමයින්ට හොදම නෑ....

      Delete
    2. @ සෙන්නා
      ටිකට් දෙන බස් තියෙනවා දැං අර මැසිමෙන් නේ දෙන්නේ..

      ඒක නේන්නං පැයක් කියන්නේ ලොකු ඇරියස් එකක්... ඔව් බං මම ඒකයි ටිකක් සෙවිල්ලෙන් ඉන්නේ ෂුවර් නෑනේ.. තැන්ක්ස් සෙන්නා උපදෙසට

      Delete
  5. හැක හැක හැක........... :D
    අනේ මේ දේශාගෙත් වැඩ..

    ReplyDelete
    Replies
    1. කාට කියන්නද බං.. කව්ද තේරුං ගන්නේ..

      Delete
  6. හිකිස් :) තාත්තගෙ ම පුතා නොවෑ. අර තුන් දෙනෙක් එක ටි‍කට් එකෙන් යන එක නං මරු. යාළුවෝ එක්ක ට්‍රයි එකක් දාල බලන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ට්‍රයි එකක් දාලා බලන්න හැබැයි කලින්ම ප්ලෑන් කරන්න. ධාරා කාලෙකින් දැක්කේ..

      Delete
  7. ඉස්සර ඒ කිව්වේ දැනට අවරුදු තුනකට විතර කලින් මැලේසියාවේ බස් ටිකට් එකක් රිංගිට් 2යි. දවසට ඕන සැරයක් ඕන කෙනෙක්ට ඕනෑම දිහාවක යන්න පුළුවන්.... හැබැයි රජයේ බස් වල විතරයි

    ReplyDelete
    Replies
    1. ඒක මාර සේවයක් නේ බං... නැද්ද..

      Delete
  8. හුහ්...කීයකට කියල කමෙන්ට් කරන්නද බං,උඹහැ කොහෙද තොලොන්ජි වෙලා හිටියෙ.

    ReplyDelete
    Replies
    1. යේකනේ අයියා.. වේලාව වටිනාවා අපිට

      Delete
  9. වෙනරටවලත් ඔහොම යතාකිලු. ලක්මාල් කිව්වේ අපේ අටමද?

    ReplyDelete
    Replies
    1. එහෙම්මද ඉවාන්... ලක්මාල් අටමා... ඌ නිකමෙක් නේ.. හැක්

      Delete
  10. හි හි අනේ හරි ශෝක් මං එක හුස්මට සූසු ගාලා කියෝගෙන ආවා .. ඇහුවමයි ඔහොම සීන් එකක් .. බස් සල්ලිත් ඉතුරුයි මේ රටවල් වල නම් එවුවා බැහැ නැගලා බැස්සත් .. ඉස්සරහ හෝල්ට් එකෙන් බැස්සත් ටිකට් එක ගන්න ඕනේ ,,ඩ්‍රයිවර්මයි ටිකට් දෙන්නේ ටයි එක දාලා ලෝඩ් වගේ ඉන්නේ ..

    ReplyDelete
    Replies
    1. හ්ම්... දියුණු රටවල් වල එහෙම තමා.. එක ටිකට් එකෙන් එකායි යන්න ඕන.. බහින කොට ටිකට් එක වේස්ට් බින් එකටම දාලා තමා බහින්නේ

      Delete
  11. පොඩි උන් ඔෆිස් වල තියාගන්න හැමෝම කැමති නැත්තෙ ඕක හින්ද වෙන්නැති.. හි හි...

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ ඒක තමා...

      Delete
  12. ඒකත් නරක නැහැ .....

    ReplyDelete
  13. පුතාට නං තියෙන්නෙ මං හිතන්නෙ තාත්තගෙම ගති. ඒකනෙ එක තැනක තියා ගන්න බැරි :)

    ReplyDelete
    Replies
    1. වෙල්කම් සිගිති...හැබෑටම තාත්තගේ නහර ගති තමා ඒකට තියෙන්නේ...

      Delete
  14. තෝ වගේම ඇති පුතත් ඉතින්...

    ReplyDelete
    Replies
    1. මමත් මේ කියන්න ආවේ ඒකම් තමයි.

      Delete
    2. @ මාතලං & අයිලාස්

      උඹල කියන්නේ මහ පුදුම කතා නෙව.. පුතා තාත්තා වගේ නැතිව වෙන මොකා වෙන්නද?? ඔය බොලා හදන්නෙ වෙන මගුලක් කියන්න මට.. හැක්..

      Delete
  15. නරකද දේශකයො පොඩි දේශාට GPS තාක්ශණේ හදුන්වලා දුන්නොත්??
    තාත්තා වගේම නැතැ පුතන්ඩියත්.

    මේ ඇත්තටම ටිකට් දෙන ජාතියෙ කොන්දෙක් නම් උගේ හිත රිද්දන එක අපා ගත වෙන තරම් දරුණු පවක් බොල.

    ReplyDelete
    Replies
    1. ඕවා ඒකගේ ගලවන්න බැරි තැනක සර්කිට් එකක් ගහන්න ඕන. නැත්නං බඩේ තිබ්බත් ගන්නවා.. හැක්.. කව්ද බං හිත රිද්දුවේ අපි ටිකට් ගත්තා.. හැක්..

      Delete
  16. දේශක පුත්තරයාද තාත්තාගේ මාවතේම ඉදිරියට යනු ඇතැයි විවේක බුද්ධියෙන් සිතන කල මට සිතේ...මෙවැනි පුත්තරයෙකු ලැබූ අපේ මාතෘභූමිය වාසනාවන්තය...මක්කද කියනවානම් අපේ මහරජතුමාගේ පුටුවට මෙවැනි පුත්තරයෙකු ආවා නම්...මේ රටට පැමිණෙන ඕනෑම රාජ්‍ය නායකයකුගේ හිත දිනාගෙන කුමක් හෝ ඇටලබ්බක් දිනා ගැනීමේ කදිම ශූර කමක් ඇති වන්නට ඉඩ තිබේ. ඔබේ ජීවිතයට බස් රථය මෙතරම් සමීප ඇයි මාමෙ....

    ReplyDelete
    Replies
    1. ඒක නං සිරෝ. මට නැති ගුණයක්.. මම ටිකක් මිත්‍ර වෙන්න කාලයක් ගන්නවා. අපේ එකා ටක් ගාලා කස්ටිය අල්ලනවා..

      අනේ පුතේ මම ලවක් දෙවක් නැතිව බස් එකේම යන මිනිහ නෙව. ඉතිං මට වැඩිපුර දකින්න හම්බවෙන්නේ බස් ම තමා.. සන්තෝසයි බොගේ නිරික්ෂන ඇහැ ගැන

      Delete
  17. දේශකතුමත් කරන වැඩ... කොන්දොස්තරව මැවිල පේනවා...

    දේශකතුමා වගේම පොඩ්ඩත් හොඳ දේශකයෙක් කරන්න ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. මම ඕන කොල්ලව කාටවත් බරක් නැති ගුණගරුක පොල් කඩන්නෙක් හරි කරන්න විතරයි... තැන්කුයි තුෂානි

      Delete
  18. පුතා පොඩ්ඩා කාලේ මෙහෙමනම් ලොකු වුණාම තාත්තා කැළේ. හිකිස්...

    ReplyDelete
    Replies
    1. අම්මප මට ඒක නං හිතෙනවා මදාරා.. මූ මහ ඇම්ඩෙක් වේවි කියලා..

      Delete
  19. උබ ඔෆිසියෙ වැඩත් කරනවද මචො.මටනම් ෂුවර් නැ

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි බං වාඩි වෙලා හිටියත් වැඩ තමා මීටර් එක දුවනවා නේහ්..හැක්..

      Delete
  20. ඈ බොලේ දේශකයත් දවසකට හරි නල්ල මලේ බඩ්ඩෙක්නේ.....

    ReplyDelete
    Replies
    1. අප්පොච්චියේ හරිම සන්තෝසයි මෙහෙම කතා කරන කොට.. මටත් පොඩි ගැම්මක් ආවා.. අනේ නැහැ බං මම හරි සිදේවි අහිංසක එකෙක්..

      Delete
  21. අම්මපා දැන් මේක කියවලා අපේ කට්ටිය මේක අත්හදා බලන්න ගියාම බස් කාරයන්ට ගෙදර ඉන්න තමයි වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. බස් කාරයෝ පාඩු විද්න්න කැමති නැහැ ඒක නිසා ගැමුණු මොකක් හරි කරාවි.. හැක්..

      Delete
  22. මචු සිරාවටම් අහන්නේ බස් එක ප්‍රයිවට් ද නැත්නම් සී ටී බී ද ඈ ... ?

    මොනා උනත් සිරා සීන් එක.. කොහොම උනත් මමත් ඔය වැඩේ කොරනවා. මට කියලා පැටියෙක් හදා ගන්න ඕනේ ඉක්මනට :v

    මම - බොර දියක ඉඳුවර

    ReplyDelete
    Replies
    1. මේක ප්‍රයිවේට් බං...පැටියෙක් ඒ මොකටද?? හදිස්සියෙම..

      Delete
  23. පොඩි එවුන් ඔෆිස් එකට ගේනවා කියන්නේ ඉල්ලන් කෑමක් බව මට තේරුනේ අපේ මලයව මෙහෙට ගෙනත් පැය 3 ක් පමණ කාලයක් තියාගනීමෙන් අනතුරුවයි. අන්තිමට මු මටත් වැඩිය ඔෆිස් එකේ එවුන් එක්ක ෆිට් වෙලා

    ReplyDelete
    Replies
    1. ඒකනං අවුලක් නැහැ කියමු.. රට වටේ ඇවිදින්නයි තියෙන පෑන් කොළ හැම එකමයි දෙන්න ගියාම තමා කරදරේ...

      Delete
  24. මචං........පොඩි එකා සහ ඔෆිස් එක වාත්තු කරලා වගේ ලියලා තියෙන්නේ. මම ආසයි ඔය වගේ පොඩි එවුන්ට. මමත් ඉස්සර තාත්තාත් එක්ක ඔෆිස් යනවා....

    එක පෙන්නා තුනම දාන්න ගියාම ...අනිත් දෙකට කොහොමත් අමාරුයි තමයි...උන්ගේ කතාව ඇත්ත.

    ප.ලි....දැන් කාලේ හැටියට නම් දන්න අඳුරන අය අතරෙම තියාගන්න බලපන්.. ජාතියක් ජම්මයක් නැති නසරානියෝ ඉන්නවානේ.

    ReplyDelete
    Replies
    1. අන්න හරි බං.. එකට අමරු නැ අනිත් දෙකට තමා අමාරු.. පැහැදිලි ලක්ෂන උපහැරනේ.. පලිය ගැන හුගක් ස්තුතියි අරූ. ඒක ඇත්ත.. මම පරිස්සමින් තමා මේකව තියාගන්නේ..

      Delete
  25. තාත්තගෙ පුතා කියල කියනවනෙ කතාවට..හැබැයි දේශකතුමා මොලේ කල්පනා කරලා වැඩ කරන එක මම අගය කරනව.මොකද ඔහොම දෙයක් මතක් වෙන්නෙ නැහැනෙ හැමෝටම..ඉස්සර අපිත් ඔය වැඩේ කලා උසස් පෙලට පන්ති යනකොට..එකම කෝච්චි ටිකට් එකෙන් සති ගනන් යනව..

    ReplyDelete
    Replies
    1. ඒක නං පුතේ අහු උනොත් අනාථයි..

      අගය කිරීමට ස්තුතියි.. ඒක පෙරේත කමට කරපු වැඩක්.. හැක්...

      Delete
  26. Replies
    1. මට හිතුනා.. උඹත් බස් වලට ගේම් දීපු එකෙක් නේ.. 471 හන්දියේ...

      Delete
  27. අඩෝ :D තෝ තමයි දවසකට හරි මිනිහා :D

    දැං ඉතින් ලාංකීය බොග් අවකාශෙම උං ඔක අත්හදා බලයි.. බස් දුවන උංට වෙන්නෙ වහකන්න.. :D

    ReplyDelete
    Replies
    1. බස් දුවන උං වහ කෑවත් කමක් නෑ බං ඩ්‍රැයිවර් ඉතුරු වෙලා.. නැද්ද මං අහන්නේ

      Delete
  28. තො පල පි බි ජයසුන්දරට පස්සෙ එ පොස්ට් එකට

    ReplyDelete
    Replies
    1. මිනිහගෙන් පස්සේ එහෙම පෝස්ට් එකක් ඉතිරි වෙයිද බං..

      Delete
  29. දිග වැඩියි ඉන්ස්ටන්ට් කියවල කොමෙන්ට් කොරන්න අමාරුයි දේශක මහත්තයෝ

    ReplyDelete
    Replies
    1. සමහර ඒවා දික් වෙන එක වලක්වන්න අමාරුයි දයල්.. උත්සාහ ගන්නම්.. ස්තුතියි දැනුවත් කිරීමට

      Delete
  30. දුර දිග බලා කටයුතු කිරීමේ හැකියාව.. ඒ වගේ අයට ඉහලට එන්න ඉඩ දෙන්න ඕනේ. අම්මපා මට හිතුනේ ඒකයි..

    හැක හැක..

    ReplyDelete
    Replies
    1. එහෙනං උඹ බැහැල මට ඉඩ දියං බං...

      Delete
  31. ඕකත් අන්සතු කරන්න බැහැ බං....

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් අර මොකක්ද පොතේ නං තියෙනවා තමා බං.. ඒක ඇත්ත

      Delete
  32. එකෙන්ම. තිප්පොලේ ඉන්න මගේ බොක්කේ ගජයෙකුත් කෝච්චි ටිකට් එකයි , 138,122,120,155,154 ........ ඔයි හැම බස් එකේම ටිකට් තියන් ඉන්නේ. පොර මාසෙකට සැහෙන්න ඉතිරියක් කරනවා ඒකෙන්. හැබැයි ඒකටත් එක්ක වැරදිලාවත් සල්ලි දීල බස් එකේ ගිය දවසට කොන්දා අඩුවෙන් දෙන සුපියල් ගණන් ඉල්ලන්නේ නෑ. පව් සමා වෙන්න කියල.

    ReplyDelete
    Replies
    1. චෙකර්ලා ආව දාට නම් ඉවරයි.. එයාලා serial නො/ දිනය / මාර්ග අංකය / රථයේ අංකය පවා චෙක් කරනවා...

      ( ටිකට් පොතට අනුව හොයන්න පුළුවන් රථයේ අංකය )

      Delete
    2. එව්වට අහුවෙන පුතයෙක් නෙවෙයි ඌ. චෙක්කෝ ආවම මු අතේ තියන ටිකට් එක දීල එතනම හෝල්ට් එකෙන් මාරු මාරු. හැක හැක

      Delete
    3. මචන් උඹ ජීවිතේ කවද හරි චෙකර්ලා එන වෙලාවට බස් එහෙක ඉඳලා නැහැ නේද ... ඇත්ත කියපන්...? කිසි කෙනෙක්ට බහින්න දෙන්නේ නැහැ ටිකට් එකක් නැති. උන්ට ගහන්න ගියොත් කෙළින්ම කූඩු.. බල්ලා වගේ නැට්ට අකුළන් දඩත් ගෙවලා කූඩුත් තැපලා යන්න වෙනවා බයි බෝස් කතා කරන්න යන උන්ට...

      Delete
    4. ඇත්ත සහන්.....මාව බොහොම ඉස්සර අහුවුනා...ඇත්තටම සල්ලි තිබුනේ නැහැ...තිඹිරිගස්යායේන් නැග්ගා...විජේරාමෙන් තමයි බහීන්න ඕනේ....කිරුළපනෙන් ටික්කෝ පැන්නා....දොරවල් දෙක උන් දෙන්නෙක් කොහොමත් බ්ලොක් කරනවනේ. දඩ ගහන්න හැදුවා....මම නහයෙන් අඬලා කිව්වා සල්ලි නැහැ..ගෙවන්න විදිහක් නැහැ කියලා....උන් පොඩි ආතල් එකක් ගන්නවා දැන් මගෙන් බයිලා අහ අහා. අන්තිමට බස් එක ඉවරවෙන හෝමාගමට ආවට පස්සේ දැන් බැහැලා පයින් පලයන් කිව්වා....මම උන් එහාට මෙහාට වෙනකම් ඉඳලා....පාර පැනලා...අනිත් සීටීබි බස් එකේ ටිකට් නැතුව ඇවිත් විජේරාමෙන් බැස්ස...පයින් එන්නද බං.

      Delete
    5. මම නෙවෙයි බන්. සිරවටම ඌ කරන වැඩේ මම කිව්වේ. තවමනම් උව අහුවෙලා නෑ.

      Delete
    6. @ ඇනෝ මිත්තරයා.
      ඒක හරිම භයානක දෙයක්.. මොකද සහන් කිව්ව වගේ ටික්කෝ නගින්නේ කොන්දව ප්‍රාණඇපේට තියාගෙනත අනික දොරවල් දෙකටත් දෙන්නෙක් දානවත පරිස්සං වෙන්න කියපං යාළුවට

      Delete
    7. @ සහන්
      උමේ කතාව හරි බං. ජනේලෙන් පනිනි එක විතරයි කරන්න පුළුවන්...

      Delete
    8. @ අරූ

      ඒකට කියන්නේ ටිකිරි මොලේ කියලා.. හැක්


      @ ඇනෝ

      හොද සාකච්චාවකට ඔබ අත්වැල දුන්නා. ඒකට ස්තුතියි

      Delete
  33. කෝ බං මේකා,වෙනදා දවස තිස්සෙම බ්ලොග් එකේ හරි facebook එකේ හරි ඉන්න එකා කොටියාවත් කෑවාද ..?

    ReplyDelete
    Replies
    1. කව්ද බං.. කව්රු ගැනද ඔය කියන්නේ

      Delete
  34. ටිකට් දුන්නොත් නම් හොඳයි. නැත්නම් කොහොමද මෙහෙම කරන්නේ. අරූ නගින-නගින එකාගෙන් සල්ලි ඉල්ලනවනේ. දේශා උඹ කොහේද මකබෑවුනේ හැබෑටම ? කිරිපුතත් මේ වගේ ගිහින් ආයේ ආවේම නෑ.

    ReplyDelete
    Replies
    1. ඔන්න කිරිපුතා වගේ නෙමෙයි දේශපුතා නං ආවා සුදීක.. ටිකට් ඉල්ලගෙන මේ වැඩේ කරමු බං...

      Delete
  35. යකෝ මගේ පුතත් ඔය වගේමනේ බන් ,. අම්ම අප්පා ඉන්නවද මලාද වැඩක් නැහැ,, ඌට ඕනේ ඕනේ තැන වල යන්නයි ඔන. .. ඉධහන් මම පොස්ට් කටුවක් ලියන්න ඒ තරමට වැඩ වෙලා තියනව . . .

    ReplyDelete
  36. හෑ?? කෝච්චි රිකට් එකේ එහෙම ගහල තියනවද?? යකෝ අපි නම් එක ටිකට් එකෙන් කීදෙනෙක් යවනවද??

    ReplyDelete
    Replies
    1. තියෙනවා තියෙනවා අගහරුවෝ.. පොඩ්ඩක් බලපං ඒක...

      Delete
  37. උඹ වැලිගම්පිටි ගියා කියලා මං බයේ හිටියේ!!!

    ReplyDelete
    Replies
    1. උඹ බය වෙන්න එපා නාඩියෝ..

      Delete
  38. හැබෑටම අර කිව්වත් වගේ පොඩි එකා එක එකා එක්ක යවන්න එපා බං.

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමා බං මේකෙන් ලැබිච්චි හොදම උපදේසේ... උඹහෑ ලංකාවේද දැං...

      Delete
  39. අනේ මෙහෙමත් එක, එක්කෙනා අතේ ලමයි අරිනවද මෙයා? මට නම් බයේ බෑ. පව් අහිංසක කොලු පැටිය...

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩිඩි අහිංසක කොළු පැටියා...

      Delete
  40. දේශකයගෙ මොලේ තමා මොලේ :D
    මමනම් තාම කරල තියෙන්නෙ දවස වැදුනෙ නැති කෝච්චි ටිකට් වලින් හොරාට යන එක විතරයි...මේ ක්‍රමෙත් අත්හදාබලන්න ඕන :D

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. ට්‍රයි කරල බලන්න පුතා...

      Delete
  41. කෝමත් අවුලක් නෑ ඔය කොන්දල ඉන්නව නේදගපයිවෙට් කොන්දලග අම්මපා උන්නෙ කොන්ද නැතිකරන්න ඕන. ඕ යේස්... අපි බස් එකට නගිනකංඅපිව උගෙ කරේ හරි ගෙනියයි.ඊටපස්සෙ උංගෙ බලු ටෝක් අහනවට වඩා හොදා වස භක්ෂනය කරනෙක. ඕ යේස්...

    ReplyDelete