Wednesday, December 12, 2012

අනේ හැන්රි ඔය හිල වහන්නකෝ..

හා හා දැං ඉතිං ඔය උන්දැල කලබල වෙලා ඇරල තියෙන හිල්, අරව මේවා වහන්න හිල් හොයන්න පටන් ගන්න එපා. මොකද පොඩි කාලේ ඉදලම කොල්ලන්ට හිල් හොයන්නයි, කෙල්ලන්ට හිල් හදන්නයි නෙව අපේ මේ සංස්කෘත්‍යෙයන් පුරුදු පුහුණු කරල තියෙන්නේ.. හැක්.. 

හැම තැනම හිල් කියල අපි හැමෝම දන්නවනේ.. පෘතිවියේ ඕසොන් වියනේ හිල්, පොළවේ පට්ට ආවාට සයිස් හිල්, හරි හරි ඔන්න අධිකරණ ක්‍රියාවලියේ ඉන්න ලොකු නෝනගේ හිල් වහන්ට තවත් ඊට වැඩිය ලොකු හිල් තියෙන දියවන්නා බොරු හිලෙන් තේරිම් කාරක සභාවක් පත් කරා නෙව.. හිල් හොයන්න... එතකොට තමා ඔය හිල් හිල් ඩබල් හිල් වෙලා දැං අපිටත් හිල් පේන්නේ.. ආ.. මාතලං ගොයියා ඒ හිල පේන්න සිංදුවකුත් හැදුව නෙව..

ඒකෙන් කාරි නෑ.. මේක හරි සුන්දර හිලක්.. පනිට්ටුවේ හිලක්.. පොඩි කාලේ අපි අහපු සිංදුවක්.. මේ ඒ සින්දුව තමා.

 "A hole in the bucket". මතකද?? ඔන්න දැම්මා lyrics ටික..


There's a hole in my bucket, dear Liza, dear Liza

There's a hole in my bucket, dear Liza, a hole

Then mend it, dear Henry, dear Henry, dear Henry

Then mend it, dear Henry, dear Henry, then mend it

With what shall I mend it, dear Liza, dear Liza?

With what shall I mend it, dear Liza, with what?

With some straw, dear Henry, dear Henry, dear Henry

With some straw, dear Henry, dear Henry, some straw

The straw is too long, dear Liza, dear Liza

The straw is too long, dear Liza, too long

Then cut it, dear Henry, dear Henry, dear Henry

Then cut it, dear Henry, dear Henry, then cut it

With what shall I cut it, dear Liza, dear Liza?

With what shall I cut it, dear Liza, with what?

With a knife, dear Henry, dear Henry, dear Henry

With a knife, dear Henry, dear Henry, with a knife

The knife is too dull, dear Liza, dear Liza

The knife is too dull, dear Liza, too dull

Then sharpen it, dear Henry, dear Henry, dear Henry

Then sharpen it, dear Henry, dear Henry, sharpen it

With what shall I sharpen it, dear Liza, dear Liza?

With what shall I sharpen it, dear Liza, with what?

With a stone, dear Henry, dear Henry, dear Henry

With a stone, dear Henry, dear Henry, with a stone

The stone is too dry, dear Liza, dear Liza

The stone is too dry, dear Liza, too dry

Then wet it, dear Henry, dear Henry, dear Henry

Then wet it, dear Henry, dear Henry, then wet it

With what shall I wet it, dear Liza, dear Liza?

With what shall I wet it, dear Liza, with what?

With water, dear Henry, dear Henry, dear Henry

With water, dear Henry, dear Henry, with water

In what shall I get it, dear Liza, dear Liza?

In what shall I get it, dear Liza, in what?

In a bucket dear Henry, dear Henry, dear Henry

In a bucket dear Henry, dear Henry, in a bucket

There's a hole in my bucket, dear Liza, dear Liza

There's a hole in my bucket, dear Liza, a hole



මම නං ඒ දවස් වල ඔය සින්දුව යනකං ඉංග්‍රිසි වෙළද සේවයෙන් කන අහකට ගන්නෙම නෑ.. මොකද අනිවාර්යෙයන් දවසට තුන් පාරක් වත් ඕක වාදනය කරනවා.. පොඩි ළමයෙක් උන දේශකයාට ඒ සිංදුවේ තියෙන වචන ටික හොදට තේරෙන හින්ද බඩට ගගහා හිනහ වෙවි අහන්න පුළුවන් උනා.. ඒ තරම්ම සරලයි පැහැදිලියි. ඒ සිංදුව කියන ගායකයා හා ගායිකාව මොන විදියකින් වත් ඒක තවත් එක් ඉංග්‍රිසි ගීතයක් කරන්න උත්සාහ දරල තිබුනේ නෑ.. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ළමා ගීයක් කියල කියන ගතිය ඒකේ තිබුනා.. 

තව එකක් කියන්න ඕන මේ සිංදුවේ, පොඩි දේශකයා දන්න වචන තියෙන හින්දා නොදන්න වචන කිහිපයකුත් තියෙන බව කනට ඇහුනම දිගින් දිගටම අහල අහල ඒවා මොනවද කියල හොයාගෙන මුළු සිංදුවම කට පාඩං කර ගන්න උත්සාහ කරා. ඒ අතිං බැලුවම මට ඉංගිරිසි වලට ආසාව වැඩෙන්න පොඩි ප්‍රමුද්දීපන (inspire හිරුවෝ වචනේ හරිනේ බං) පාරකුත් ලැබුන විත්තිය සහසුද්දෙන්ම කියන්න ඕන වගේම ඔය ජර්මන් මාමාලයි පෙන්සිල්වේනියා මාමලටයි ස්තුති පාරකුත් දාන්න ඕන.

සරි... දැං කොහොමද ජර්මන් කතාවක් ආවේ. මෙහෙමයි මේ ගීතය ක්‍රි. ව. 1700 කාලයේදි මුලින්ම ජර්මානු ජන ගීයක් විදියට මූලාරම්භ වෙලා පසුව 1858 දී නැවත ගී නිර්මාණ එකතුවකට ජර්මානු බසින් ගායනා කරන ලද ගීතයක්. මුලින්ම බකට් කියන වචනෙට තිබිල තියෙන්නේ ජග් කියන වචනය.. ඊටත් පස්සේ නැවත ගායනා කරල මේක ජර්මනිය තුල ජනප්‍රිය උනාම 1949 දී මෙම ගීතය ඉංගීසි බසින් ගායනා වෙනවා පෙන්සිල්වේනියාවේදි Pennsylvania Songs and Legends කියන ගී නිර්මාණ එකතුවට, පසුව හෙබෘ වැනි භාෂා වලිනුත් ගීතය ගායනා වෙලා තියෙනවා. ඒ වගේම මේ ගීතය පදනම් වූ ළමා කතාවක් 2010 දී ඇමරිකාවේ නැවත පළ වී තියෙනවා. හරියටම කියනවනං මේ ගීතයේ කඩඉම වන්නේ Harry Belafonte සහ Odetta විසින් නැවත ගායනා කර පටිගත කරන ලද ගීතයයි. එය 1961 වර්ෂයේදී බ්‍රිතාන්‍ය ගීත දර්ශකයින් හි 32 වන ස්ථානය කරා ලගා වී තිබෙනවා.. දැනට අපි අහන ගීතය තමා මේ.

ඉතිං මේක මගේ පුංචි කාලේ අහන්න ලැබුන වටිනාම ගීතයක්. තාමත් ඒ රසය සක්මන් කරනවා.. ගීතය අවසන් වෙන අවසන් වැකියෙදි එන හිනාව නවත්තගන්න සෑහෙන්න වෙලාවක් ගියා ඒ දවස් වල...

හෙහ්.. අන්තිමට බැලුවම මේ බකට් එකේ හිල නෙව.. 

ඔන්න තියෙනවා සිංදුව



මේ විස්තර හොයාගත්තේ විකිපිටුවෙන් බව කියන්න ඕනද???

41 comments:

  1. Replies
    1. මම ඕක අහලා නෑනෙ බං... අහලම එන්නං

      Delete
    2. යේක මේවගේ පුරුදු නැති ඉසව්වක් හරිය.. තැන්කූ තිසරයෝ
      අඩේ අහලම නැත්ද බං... මම නං පොඩි ඩ්රාමා කෑල්ලකුත් බලල තියෙනවා. ඒත් ඒක හොයාගන්න බැරිඋනා..

      Delete
  2. මම අහලත් නෑ දේශකයෝ මේක.... හිනා වෙලා මැරෙනවා... ඇත්තටම සරල වචන.. හිතේ මැවෙන ගානට තියෙනවා...

    fix it / with an axe / try water /shall I fetch it කියලා නේද සින්දුවේ තියෙන්නේ.. රටින් රටට යන‌ෙකාට වෙච්ච වෙනස්කම් වෙන්න ඇති...

    අලගිය තැන් මුලගිය තැන් හොයලා කියපු එකෙන් සින්දුවට වැඩි වටිනාකමක් ලැබිලා ...

    ReplyDelete
    Replies
    1. ඇත්තට උඹත් අහල නැත්ද?/ එහෙනං මේක හෙන සේවයක් නෙව.. තැන්කූ මුරුංග අත්තේ තිබ්බට.. ඒ සිංදුව මං නිකං ඇහුවේ බං හරි එකමද කියල සුවර් කර ගන්න. අම්මප ඔක්කොම ටික අහල නෙමෙයි දැම්මේ. ඇත්ත කාලෙන් කාලෙට වචන වල වෙනස් කම් තියෙනවා...

      Delete
  3. හි හි හී... මරුනෙ හිලේ සින්දුව. ඒක ඇහුවේ අදමයි..

    ReplyDelete
    Replies
    1. මෙන්න තව එකෙක්. බලං ගියාම හෙන ප්‍රජා සේවයක් නෙව මං කොරල තියෙන්නේ..

      Delete
  4. kawadawath iwara karanna beri song 1k neda, pasta ah.

    ReplyDelete
    Replies
    1. හෙහ්.. හිනා කාල මැරෙනවා.. තැන්කූ කිව්වා

      Delete
  5. කලින් නම් අහලා නැහැ. හැබැයි මරු අප්පා නියම සිංදුව. වටම ගිහින් ගෙටම ආවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔන්න අංක 4, කමක් නෑ ඉතිං අද හරි ඇහැව්ව නෙව..

      Delete
  6. ඔව් ඕක ඉස්සර ගොඩක් එස්ස්ල්බීසී එකේ යනවා මටත් ඇහිලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඔන්න මං වගේ එකෙක්.. මයියා එහෙනං දන්නවා.. එළ ඈ..

      Delete
  7. හත් ඉලව්වේ මම හිතුව අපේ අසරණ ඩුඩ් අයියට ගහපු තව මඩක් තමයි කියල මොකද දේශකය දැන් හොමොටම මඩ ගහන මඩ ඔස්තාද් විදියටනේ ප්‍රසිද්ධ
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. අජෝව්... අපේ හැන්රියට නෙමෙයි මේක... අජෝව් නම් දාන්න එපා හරිය.. ඒක නෙමේ බං මොකක්ද බ්රැන්ඩ් එක අළුත් රෝද හතරේ.. ආ. එනකොට සිංදුව අහල වර...

      Delete
    2. මාත් හිතුවේ බං එහෙම කේස් එකක් කියල...

      Delete
    3. මේ සිකුරාදාට බුකියට දාන්නම් පොටෝ කෑලි ටික බලලම කියන්නකෝ අදහස... :) මේක බක්කි කරත්තයක් නෙවෙයි බොල තිරික්කලයක් වගේ.

      Delete
    4. හරි කෝමා කෝම හරි බලමු...

      Delete
  8. ඔන්න කලින් අහපු නැති සෙට් එකේ මං 5 වෙනියා. පස් වෙනියා වෙනකල් තෑගි දෙන්නේ නැද්ද..

    ReplyDelete
    Replies
    1. උඹලට තෑගි නෙමෙයි පොල් පිත්තකින් සලකන්න ඕන මේවගේ ඒවා අහල නැතිවට.. හා.. හා.. කාරි නෑ.. දැං ඇහුවනෙව.. උඹ අරකේ හෙඩිම විතරද වෙනස් කළේ.. ඇයි බං ආයේ අළුත් එකක් වගේ පබ්ලිෂ් වෙලා තියෙන්නේ..?

      Delete
    2. හෙඩිම විතරයි වෙනස් කලේ. එහෙම කලාම අප්ඩේට් දෙන්න වෙනවනේ.ඩෑෂ් බෝඩ් එකට අලුත් පෝස්ට් එකක් විදිහට ඇවිල්ල ද..? මං ඔය වගේ පරණ පෝස්ට් එහෙමත් අප්ඩේට් කරනවා වෙනස් වුනු අකුරු එහෙම හදල. එහෙම වෙනවා නම් ආයේ නොකර ඉන්න ඕනේ.

      බ්ලොග් එකේ එල්ලන ගැජට් එකේදි "Snippet of most recent item" කියන තැනට එකක් ඇනලා සේව් කළා නම් පෝස්ට් එකෙත් ටිකක් එනවා නේද එතනට.

      හා හා තලන්න ඔට්ටු නෑ.. යනවා ජිනීවා..! :):)

      Delete
    3. නිකං අප්ඩේට් කරානං ඒක වෙන්නේ නෑ.. මං හිතන්නේ උඹ ආයිත් ඩ්‍රාෆ්ට් එකේ තියල පස්සේ දාන්න ඇති. අර කේස් එක එහෙම තමහා. තලන්නෑ නෑ බං අපි ඉතිං ජීනිවා යන්ට කැමති නෑනේ...

      Delete
  9. මගේ ප්‍රියතම ගීයක්.. මෙන්න මම කාළෙකට කලින් ලියපු සංගීත බ්ලොග් එකේ ඒ ගැන ලිපිය...

    http://priyathama-sangeethaya.blogspot.com/2010/05/blog-post_18.html

    ReplyDelete
    Replies
    1. ඒකත් බලල ප්‍රතිචාරෙත් කොටල ආවේ.. මේ මාතලං ගොයියා ලේසි පාසු පොරක් නෙමේ බැලුවම. දැං ඒ බලගේ කරන්නැත්තේ ඇයි...

      Delete
  10. හිල් සින්දුව නම් මරු ඒත් හෙඩිම දැක්ක ගමන් මතක් වුණේ ඩූඩ්ව. මොකද ඌත් හෙන්රිනේ.

    ReplyDelete
    Replies
    1. එහෙම කරාම තමා අපේ හාදයෝ ටික කඩු පොලු අරගෙන එන්නේ.. හි හි..

      Delete
  11. මන් මේක කලින් දැකලා තියෙනවා. රොනී ලීච් එක්ක කොරීන් කියනවා. එක තිබුනේ වෙන බ්ලොග් එකක. (වෙනියගේද මන්දා) එක හින්දා මන් මේ සින්දුව අහපු දෙවෙනි වතාව.

    මන් මේ කොස්සත් උසගෙන ආවේ ආයෙත් අපේ හෙන්රි අයියට මුකුත් කියනවාද කියලා බලන්නයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අකමා... උඹලට ඩෝං යන විත්තිය සහසුද්දෙන්ම දන්න හින්ද තමා හෙඩිම එහෙම දැම්මේ.. හිහි..

      Delete
  12. හිලේ සින්දුව කලින් අහලා තිබුනෙ නෑ...ඕන්න අද අහගත්තා...

    ReplyDelete
    Replies
    1. නියමයි සිරා.. මම උඹට දවස් දෙකකට කලින් එවපු මේල මිසින් වෙලා ගිහිං නෑ බැලුවම මමයි වැරද්ද කරල තියෙන්නේ අකුරක් අඩුවෙන් ගහලා.. සිරෝ තාත්තට සනීපද දැං??

      Delete
  13. dear Deshakaya where is the hole where is the hole Dear deshakaya

    Get a mirror naughty dayal get a mirror naughty dayal

    ReplyDelete
    Replies
    1. yep.. you got the Q & A. Why don't you visit me continuously?

      Delete
  14. මම නම් අහල තියේ අපේ ක්ලාස් එකක මේක ප්ලේ කලා. අපිත් පස්සෙ කිව්ව කට්ටියම. හිනා සාගරයක්. එම්පීත්‍රී එකක් තියෙ නම් ලින්ක් එක දියන්කෝ

    ReplyDelete
    Replies
    1. අන්න බලාපං කී දෙනාද අහල තියෙන්නේ මේ වගේ වටින දේවල්... එම්පී 3 ක් තිබුනා බං පස්සේ දෙන්නං.. මම අද පොඩ්ඩක් බිසී... හදිස්සියක් නෑනේ...

      Delete
  15. අද තමයි ඒකත් අහගත්තේ ඕං

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. හා හා ඔය ඉන්නේ රතියත්.. අඩේ මොකෝ බං හම්බ දිග සයිස් ඒවා කොටන්නේ

      Delete
  16. අඩේ ආතල් කෝටියයි. ඔන්න මං බා ගත්තාඅ. තැංකූ වේවා !

    ReplyDelete
    Replies
    1. තැන්කුයි යසියා..එමපී 3 ත් දාන්නං

      Delete
  17. මාත් ඕක අහලා තියෙනවා එත් මීටරයක් වෙලා නැහැ

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං අහපු ඈයෝ තමා අන්තිමට එන්නේ..

      Delete
  18. මම මේක 2012 දි දැක්කේ නැත්තේ මොකද කියලා කල්පනා කලේ. මේ සින්දුව අපි කී පාරක් ස්ටේජ් වල කියලා ඇද්ද? හෙන්රි මමයි කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. අනික සමහර යාලුවො මාව දැක්කම ඩියර් හෙන්රී කියලම මට ඒකෙ පිළුණු ගතියකුත් තේරෙන්න ගත්තා. ඇයි බං විහිළුවක් වුනත් funny වෙන සීමාවක් තියෙනවනේ. :D

    ReplyDelete