Friday, October 19, 2012

දේශකයාගේ කවි

ඔන්න අපේ සිහින සිත්තම් නිසා මටත් කවි දෙක තුනක් ලියන්න ආස හිතුනා. ආසාව තිබුනට වැඩක් නෑනේ, හැකියාව නැත්නං. එහෙම කිව්වට මේකා ඉස්කෝලේ යන කාලේ හෙන කවි කාරයා. 10 පන්තියේ ඉදිද්දී ඔය ලියාපු කවි සංකල්පනා කීපයක්ම සිළුමිණ, දිවයින පත්තර වල කවි පිටු වල පල උනා. ඒවා ටික පත්තරෙන් කපල හාල්ෆ් ෂිට් වල අලවල ලස්සන තියාගෙන හිටිය මතකයි. ඒත් ඒවා නැතිවෙලා. නැතිවෙලාය කියන එක අරුමයක් නෙමෙයි මොකද දේශකයාගේ ඉස්කෝලේ අස්වීමේ සහතිකේ ඉදල ඔය ක්‍රීඩා සහතික එහෙමත් ඔක්කොම නැති වෙලා. ඒකෙන් පාඩුව මටම තමයි. ඇයි ඉතිං උඹ ඉස්කෝලේ තාප්පෙවත් දැකපු නැති එකෙක් ය කියල සමහර උන්දලැ හයිරං කරන කොට ඔප්පු කොරාන්ට තිබ්බ එකම සාක්ෂියත් ඒකනේ.

මොන විදියට බැලුවත් ඉස්කෝලේ ගිය කාලේ තරම් සිත පිනා යන කාලයක් මේ ජීවිත ගමනෙදි ආයෙ හමුවෙන්නේ නෑ. ඒකටත් එක්ක මොරටුවේ වේලස් කුමාරයේ සීයල වගේ ළමයි එක දවසක් ඉස්කෝලේ යන විදිය ගැන විස්තරයක් ගොස්ප් ලංකා එකේ තිබුනම ඒක දැකල මටත් හෙන ආස හිතුන ඒ විදියට හරි ආයේ යන්න තිබුනනන් හොදය කියලා. එහෙම උනාට ඉස්කෝලෙන් අස් උනාට පස්සේ ඒක තියෙනවද කියලවත් බලපු නැති එකෙක්ට ආයේ ඉස්කෝලේ පස් පාගන්න දෙයියැ මේ දැං ඉන්න කොලු බාප්පලා. ඒක කිව්වමයි මතක් උනේ අර වේල්ස් කුමාරයේ සිද්ධියට දේශකයා බැරි මරගාතේ දේශනා කරපු කයියක් පෝස්ට් කටුවක දාල තිබුන. 

සමහරු පාරේ නිදති
රතු දැක්කම ඉගිලෙති

අද උදේ දේශකයාත් හීන් සීරුවේ වැඩට එන වෙලාවේ කොළඹ ඉදලා කතරගම යන එන් ඒ 4040 සී ටී බී බස් එකේ පිටිපස්සේ වින්ස්ක්‍රින් එකේ වම් පැත්තට වෙන්න අලවල තිබුන ස්ටිකරයේ තිබුන වැකියක්. මේක දෙතුන් පාරක් කියෙව්වත් තේරුණෙ නැති නිසා පොඩ්ඩක් හිතල බලන්න උනා. අප්පට සිරි එතකොටනේ වැඩේ තේරුනේ.

ආ. ආයේ අමතක වුනා කවි ලියන්ට නේ ගියේ. ඒ උනාට වෙන කොහේද නෙව ගියේ. බලන්ටකෝ ලැජ්ජ නැති කම මහමුදලි කමටත් වැඩිය ලොකුය කියන්නේ ඒකනේ.

ඒ පාර තව එකක්. ඔය ප්‍රස්තාව පිරුළේ ඉතිහාස කතාව පොඩ්ඩක් මොඩිෆයි වෙලා අහන්න ලැබුන මාතර පැත්තේ මිත්තරයෙක්ගෙන්. ඔන්න කතාව

මාතර, හක්මන, තිහගොඩ පැත්තේ තියෙනවා රණවීර වලව්ව කියල තඩි වලව්වක්. ඒකේ ඉන්න වලව්වේ හාමුදුරුවෝ වෙන හාමුදුරුවො වගේ නෙමෙයි. ටිකක් හොදයි. වලව්ව නං බැරිය. වලව්ව වටේම තියෙන්නේ සාරෙට වැඩුනු පොල් ඉඩම. ගමේ ඉන්න ගෑනුන්ට වෙන වැඩක් නැති හින්ද ඔය පොල් නෙලන වෙලාවට ඩිංගක් උදව් පදව් කරල පොල් ගෙඩියක්, පොල් කොළයක්, කොළපුවක් (සමහරු කියන්නේ පොල් හනස්ස කියලයි. ඒකත් අර නුවර උන්දැල බස් නවත්වනවට කියන බස් හිටෝනවා කියනව වගෙයි) එහෙමත් අරගෙන යනවා. නැති බැරි වෙලාවට උන්දැලට සිලිමක් දෙකක් එහෙමත් දෙනවා. 

එක දවසක් වත්ත බලාගන්න ඉන්න බණ්ඩ වලව්ව පැත්තට යනකොට හිමිදිරියේ වලව්වේ හාමුදුරුවෝ දන්නවනේ අර සැප පහසු හාන්සි පුටුවක දපල කම්මුලේ අතකුත් තියාගෙන කල්පනා කරනවා.


“හාන්දුනේ. සමා අවසර. අද මොකෝ මේ පාන්දරම ලොකු දුකකින් වගේ ඉන්නේ, මොකක් හරි අසනීපෙයක්ද හාන්දුනේ“

“නෑ බොල බණ්ඩෝ මං මේ කල්පනා කොලේ මේ ගමේ ගෑනුංගේ තියෙන දහදුරාකම, අම්මපා මුං මහ පාහර ගෑනු නෙව“

“උං හාන්දුරුවොන්ට මොකෑ හරි කිව්වයැ අපේ හාන්දුනේ“

“උං කිව්ව කෙං ගෙඩියක් නෑ බොලං, මම මුන්ට නැති වෙලාවට පොල් ගෙඩිය දෙක දෙනවා. ඒ මදිවට ඔය පොල් කොලේ ඉදලා දෙනවා. ඒත් මුං හැමදාම ඉර මුහුන් වෙන්න කලිං එකා දෙන්න ඇවිල්ල මගේ ඉඩමේ වැටෙන පොල් ටික අහුලං යනවනේ අර කඩුල්ල පැනල ඇවිල්ල. මුං වගේ ලැජ්ජ නැති උං“

“ ඉතිං හාන්දුනේ.. අපි උංගේ මිනිහලට දෙහි කපල ඕක නවතල දාන්ට හැකි නෙවැ“

“නෑ බොල මම උන්ට දෝසාරෝපනේ කරාට මුං ඒක නැවැත්තුවේ නැහැනේ. ඇයි බොලං මං මුංට හොද වැඩියි නේ ඒකයි“

බණ්ඩා තරමක් වේලාවක් කල්පනා කර හිස කසමින් හාමු ළගට පැමිණ දෙකට නෑමි කනට කිට්ටු වෙයි.

“ හාන්දුනේ මං ගාව ඕකට තියෙනවා හොද පරතිකරුමෙයක්. හාන්දුන්ගේ අමනාපයක් නැතිව අහවර නං මට හැකිය ඕක නවත්තල දාන්ට ආයිබොවන්ඩ“

“ ඈ යකෝ උඹට හැකිය එතකොට ඕක නතර කොරන්ට. මාත් මේ හිත හිත හිටියේ මොකද්ද කරන්නේ කියල තමයි, ආ කියපං කෝ බලන්ට උඹ මොකක්ද කරන්ට යන්නේ කියලා“

“හාන්දුනේ මං වැඩේ කිරි ගහට ඇන්න වගේ කොරල දෙන්නං, ඒ උනාට ඒ කොරමේ කියන්ට නං බෑ ආයිබෝං“

“හා .. හා.. ඒකට කමක් නෑ. උඹට ඕන දෙයක් කරල මුං මගේ වත්තේ කඩුල්ල පනින එක නවත්තපංකෝ“


ඉතිං බණ්ඩත් හාමුට පොරොන්දුවක් දීලා පහුවෙනිදා හිමිදිරියෙම ගියා වත්තට. ගිහිල්ල වලව්වේ හාමු ජටාව ගහන විදියට ජටාව ගැටගහගෙන ඇදගෙන හිටපු සරම ගලවල වැටේ එල්ලුවා. ඔන්න ටික වෙලාවක් යනකොට එක ගෑනියෙක් එනවා බණ්ඩ දැක්ක. මේකා හනි හනිකට ගෑනි එන ඉස්සරහට ගියා. නස්පැත්තිය දැක්ක ගෑනි බය වෙලා ආපස්සට හැරිල දුවන කොට මේකත් දුවනවා. ඔය වගේ කීප දෙනෙකුටම මේකා දවස් දෙක තුනක් ඔය වැඩේ කොරා. සතියක් විතර යනකොට ගමේ ගෑනු කඩුල්ල පනිනවා තියා වලව්ව දිහා බලන්නෙත් බයෙන්. ඔය අතරේ ගමේ කතාවක් පැතිරෙනවා හාමුට ඔළුවේ අමාරුවක් හැදිලය පාන්දරට ගෑනු දිහා බලාගෙන ඉදල සරම කඩා දානවය කියලා


බණ්ඩ මොකෑ කලත් හාමු ට තේරුනා දැන්නං ගෑනු කඩුල්ල පනින්ට එන්නේ නැතෙයි කියලා. ඒ උනාට ගමේ තියෙන විස්තර ලැබෙන්නේ නෑනේ. 

ඉතිං ඔහොම ගිහිල්ල ගමේ මිනිස්සු කඩ පිල් ගානේ කියන්න ගත්තා (හාමු ලෙඩ වෙලා හිටිය උනත්) “ලැජ්ජ නැති කම මහමුදලි කමටත් වැඩිය ලොකුයි“ කියලා. කතාව අවසානයි. ආ දැං දේශකයාගේ වේලාව



10 comments:

  1. ටොප් කතාවක්. ඒක නෙමෙයි බං කෝ ලියන්න ගිය කවිය. උඹ ඒක ගිල්ලද??

    ReplyDelete
    Replies
    1. මට මුකුත් මතක නෑ. මං එහෙම කිව්වද?

      Delete
  2. දේශකයාගේ කවි?!@%^# හාංදුවනේ..ඔබතුමා අපිටත් සරම උස්සල පෙන්නුව නේද?

    ReplyDelete
    Replies
    1. අඩේ මං එහෙම කොරයිද ඔබතුමාට? කවිය සරමෙම ගියාද කොහෙද බං

      Delete
    2. දේශකයා දාප කමෙන්ට්ඩ් දෙක ඔස්සේ තමයි මාත් මේ හොයාගෙන ආවෙ දේශන ශාලව කොහොමද කියලා බලන්නෙ. සාමාන්‍යයෙන් මට දේශනා නම් පේන්න බැරි වුනාට මේ දේශනා නම් අල්ලලා ගියා ඕං. පස්සෙ බැරිම තැන ඕන් ඩෙනිමෙයි HeyDudeගෙයි බ්ලොග් රෝල් වලත් එල්ලුවා ඕං. හැබෑට කෝ ඕය කියාපු කයිය? :D

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    3. ඩුඩෙ ඉතිං වැඩකරු නේ. එල්ලගත්තට ස්තුතියි. මටත් එහෙම තමයි දැක්ක වෙලාවේම ඔය දෙකත් එල්ලගත්ත නොවැ.. මේ කොල්ලන්ගේ කයි කතන්දර අහන්ට බැරි හින්දම ඔන්න කොටල දැම්ම.. දේශකයාගේ නියම කවිය, පෙර පෙමක් ස්තුතියි පැමිණියාට..

      Delete
  3. හච්චෝ කවි?? කතා :) :) :)

    ReplyDelete
    Replies
    1. හච්චෝ හිරුවෝ කවි + කතා

      Delete
  4. හප්පට සිරි. බණ්ඩා හාමුටම කෙලලා තියන්නේ බලන් ගියාම.

    ReplyDelete
    Replies
    1. හෙහ්. අන්දරේගේ කතාව හා සමයි නේ චන්දනයෝ

      Delete