Wednesday, October 17, 2012

සියැට්ල් ප්‍රකාශනය

වර්ෂ 1850 පමණ කාලයේදී කෘර ම්ලේච්ඡ පිරිසක් වශයෙන් ඇමරිකානු සුදු ජාතිකයන් විසින් සලකනූ ලැබූ රතු ඉන්දියානුවන් ගේ එවක නායකයා වූ නූතන අධ්‍යාපන ක්‍රම හෝ අක්ෂර පිළිබද නොදැන සිටි සියැට්ල් (විටින් විට වෙනස් වී පාරිභාෂිතයට පැමිණ ඇත්තේ මෙම නාමයයි) විසින් තමන්ගේ ඉඩම් අත්පත් කරගැනීම උ‍දෙසා කරන ලද මහත් වූ අරගලය අවසා‍නයේ එකගතාවයකට පැමිණීමෙන් පසුව කරන ලද ප්‍රකාශයක් සියැට්ල් ප්‍රකාශනය වශයෙන් ප්‍රචලිත වී ඇත. තමා ජීවත් වන භූමිය, වටපිටාව පිළිබදව, මෙම ම්ලේච්ඡයෙකු ලෙස සැලකු සියැට්ල්ගේ දැනුම කොතරම් අගනේදැයි ඔහුගේ ප්‍රකාශය පරිවර්තනය කරන ලද ආචාර්ය හෙන්රි ස්මිත් විසින් 1887 දී එය පලකරන තුරුම කිසිවෙකුත් දැන ‍සිටියේ නැත.

දේශකයා මීට වසර 15 කට පෙර ලෙනාඩ් කුමාර ගමගේ මහතා විසින් පරිවර්තනය කරන ලද ඉහත ප්‍රකාශනය සහිත කුඩා පොත් පිංචක් කියවීමට ලැබීමෙන් ඉමහත් අභිරුචිය‍ට පත්ව එයම නැවත ආසාවෙන් පිටපත් කර තවමත් සන්තකයේ තබා ගෙන ඇත. වැදගත්ම දේ නම් මෙම ප්‍රකාශය චාල්ස් ඩාවින් සිය පරිනාමවාදය ඉදිරිපත් කිරීමට වසර හතරකට පමණ එපිටදී සිදු කර තිබීමයි. එවැනි විශිෂ්ට අදහසක් පල කිරීමට හැකි සන්නද්ධ වූ මනසක් සියැට්ල් සතුව තිබූ බව සිතීම පවා උගහටය. තමාගේ භුමිය බලයෙන් අත්පත් කරගන්නා විට, එම සටනේදි තමාට ජය ගනු නොහැකි බව ප්‍රත්‍යක්ෂ වී ඇති විට තමා ජීවත් වූ භුමිය කොතරම් වටිනවාද යන්න මොනවට පැහැදිලි කරන යෙදුම් මෙම ප්‍රකාශයේ ගැබ් වී ඇත.


අප ඒ සන්දියේදි මෙවැනි ස්වභාවධර්මය අගේ කරන දේ පිළිබද උනන්දු වුනද වර්තමාන පරම්පරාව ඒ පිළිබද උනන්දුවක් නොදැක්වීම අතිශය කනගාටුදායකය. සියැට්ල් විසින් ප්‍රකාශ කල සමහර සත්‍යයන් පසක් වීමට ශත වර්ෂයකට අධික කාලයක් ගත වී ඇත. කාර්මික කරනය නිසා සුදු ජාතිකයා තම භූමිය පමණක් නොව, අනෙකුත්ගේ භූමින්ද කෙටියෙන් පවසන්නේ නම් මුළු මහත් පෘථිවියමද විනාශ කරන ආකාරය එදා සියැට්ල් දැක ඇති ආකාරය විස්මිතය. අසීමිත වන විනාශය ලොව නිසරු මුඩු බිමක් කරන ආකාරය සියැට්ල් එදා දැක්කේ කෙසේදැයි ඇත්තට‍ම සිතා ගත නොහැක.

කාල ය ගත වුනද එම ප්‍රකාශයේ ඇති සත්‍යතාවය අදටද වලංගු බව එය කියවීමෙන් වටහාගත හැක. සමහර විට ඔබ එය කියවා ඇති. නමුත් කියවා නොමැති කෙනෙකු වේ නම් එය අනිවාර්යයයෙන්ම කියවා බැලිය යුතු ධාරණය කර ගත යුතු ප්‍රකාශයකි.


මා මෙම පුකාශය සම්පූර්ණයෙන්ම පරිගණක ගත කිරීමට උත්සාහ ගන්නා විට අහම්බෙන් බ්‍‍ලොගයක ඇති සිංහල පරිවර්තනයක් දුටු නිසා එහි බ්ලොග් කරුටද ‍ගෞරවයක් ලෙස එහි ලින්කටුව මේ සමග යොදමි. එහෙත් මෙහි ඉංග්‍රීසි අනුවාදය වඩාත් සිත්ගන්නා සුළු අතර ඉතා සංවේදී වෙයි. මුලින්ම මා මෙය කියවීමට ගත් පොත් පින්ච සැකසූ ලෙනාඩ් කුමාර ගමගේ මහතාටද ගෞරවය ලැබිය යුතුය.



12 comments:

  1. අගනා ලිපියක්. මම කැමතිම දේශනා දෙකක් තව තිබෙනවා.
    1. මාටින් ලූතර කිංගේ මට සිහිනයක් තිබේ.(I Have a Dream.)
    2. අනෙක එබ්‍රහම් ලින්කන්ගේ ගෙටිස්බර්ග් එඩ්‍රස් මම ආසම කරන කතා දෙකක්. ඒ ග්ණත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට. මමත් ආසම කතාවක් තමයි ගෙට්ස්බර්ග් කතාව. ලින්කන් එම ප්‍රකාශය කරන්නේ මාස ගණනක් මහන්සි වීමෙන් පසුවයි. විශේෂය නම් මෙම උත්සවය සදහා ප්‍රධාන ආරාධිතයා ලෙස ලින්කන් සහභාගී වුවද ඉතා අවම කාලයකදී ඒ සදහා ඇරයුම් කිරීම නිසා ඔහුට කතාවක් ලබාදෙනවාද යන්න පිළිබද ව සංවිධායකයන් දෙගිඩියාවකින් සිට ඇත. නමුත් ඇරයුම ලැබුන මොහොතේ සිටම ලින්කන් මේ සදහා සුදානම් වී තිබේ. ඒක නම් නියම කතාවක් තමයි. ඒ ගැනත් ලිවීමට උත්සාහ කරමි. ස්තුතියි නැවතත්

      Delete
  2. Replies
    1. ස්තුතියි. හිරුහිමාවි. අපි ඇසුරු කරන දෙයින් දැනුමක් ලබාගත්තානම් ඒ මුලාශ්‍රය සදහන් කිරීමට ලෝභ ‍විය යුතු නැහැ. මට ඉතාම සතුටුයි ඔබ ඔහුගේ ගෝලයෙක් වීම ගැන. ඇත්තටම මා එතුමා ගැන කිසිම විස්තරයක් දන්නේ නෑ. ඔහු ගැනත් විස්තර ටිකක් දැනගන්න ආසයි කියන්න පුළුවන්ද?

      Delete
  3. නොදන්නා යමක් දන්න සිංහලෙන් ඔබ අපුරුවට පෙළ ගසවලා.බලන්න කම්මැලි නැ.ජය

    ReplyDelete
  4. ස්තුතියි. මගේ වචන වලට වඩා සියැට්ල්ගේ වචන ගොඩක් ප්‍රභලයි. ඔයාගේ බ්ලොග් එකක් නැත්ද?

    ReplyDelete
  5. නොදන්න යමක් කියාදුන්නාට ස්තූතියි....නිකන්යැ දේශකයා කියන්නේ....

    ReplyDelete
  6. අන්න ඒකයි වටින්නේ නැගණියනි, ඔබට ජය. මොකද ටික දවසකින් අත පය හිරි ඇරගත්තේ නැත්තේ. අපි බලං ඉන්නේ තව කැකුලක් පූදිනකං නේ (ඒ කිව්වේ පෝස්ට්කටුවක් හොදේ)

    ReplyDelete
  7. හොඳ ලිපියක්..!!
    සියැටල්..!! ඇත්තටම ඔහු ශ්‍රේෂ්ඨයෙක්!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන. ඔහු ශ්‍රේෂ්ඨයෙක් වන්නේ යුද්ධයෙන් දිනන්ට බැරි බවත් ඇමරිකන් සුදු ජාතිකයන් තමා පාගා දමන බව තේරුම් ගැනීමත් සමගයි.

      Delete
  8. ඇත්තටම වටින ලිපියක්. මමත් ඕක මීට කලින් නොදැකපු එකක්. ඒක නෙමෙයි සහෝ මොකද රසකතා අප්ඩේට් කරන්නැත්තේ?

    ReplyDelete
  9. ස්තුතියි. ඒක ඔබට වටින වුනානං ලොකු සතුටක්. කෝ ඉතිං කවුරුවත් කියන්නෑනේ තව ලියන්න කියලා

    ReplyDelete