Thursday, October 25, 2012

මොනවද දන්නේ?



ඊයේ හැන්දාවේ දේශකයාගේ වේලාවට ම ඔපීසියෙන් එළයට බැහැල ඔන්ට ගුබ්බෑයමට යන්ට යනවා. එතකොටම කලිසමේ දකුණු පැත්තේ සාක්කුවේ යටටම හිරවෙලා හිටි මගේ සෙලා මලයා පුංචි සද්දයක් දානවා. මේ කාලේ රෙඩි මේඩ් කලිසං නිකං මහ ගෑනු දරුවන්ගේ ස්ට්‍රෙච් ඩෙනිම් වගේ ඇලෙනව නෙව කකුලටම. ඉතිං ඇගිලි ටික දැම්මය කියල මලයා (සෙලා මලයා) එළියට ගන්ට අමාරුයි. එතකොට තව ටිකක් ඇතුලට දමල සාක්කුවට මුලු අතම කම්බස් උනාට පස්සේ ඔන්න අමාරුවෙන් හෙමිහිට ඒක එළියට එනවා. 

සමහර වෙලාවට ඔහොම කරන්ට ඕන නෑ. බස් එකෙදී නං ටිකක් වාඩිවෙලා ඉන්න ඉරියව්ව අඩ ඉරියව්වට වෙනස් කරල සාක්කුවේ අන්තිම ගැට්ටේ ඉදල එළියෙන් ඇගිලි වලින් තල්ලු කරාම ඒකා හෙමීට ගැරඩියා වගේ ඇදෙනවා උඩට. හැබැයි සන්තෝ බවලතෙක් එහා අයිනේ හරි බරි ගැහිල ඉන්ට වේලාවක ඕක පරිස්සමින් කරන්න මෙතුමා නොදන්න හින්ද, අර මුලින් කිව්ව ක්රමේ තමා වැඩි පුර භාවිතා කොරන්ට වෙන්නේ. ඉතිං ඔන්න ඒ ක්‍රමේ ට මලය එළියට එන කොට ඒකට ආපු සංඥාවත් පොජ්ජ වෙලා ගිහිල්ල. 

දැං ඉතිං දාපු ලොක් එක ගලවල බැලුව මොකාටද එන්නේ කියලා. අඩේ අතිජාත චේතනආසන්න මිත්තරයෙක් නෙවැ සංඥා කොරල තියෙන්නේ. ඉතිං ඒක දැකල ආපු සන්තෝසෙටම අනික් පැත්තට යැව්වා සංඥාව.

ආ.. දේශකයා උඹ කොහේද ඉන්නේ

මම බං බස් එකේ ඉන්නේ.. උඹ කොහෙද... ඇයි කතා කරේ

අද බං මොනව හරි කරමුද මගේ නඩත්තුව නං ගත්තා.. මේ දැං බැංකුවට දාල තිබුන

පිස්සුද බං මට තාම හම්බ උනේ නෑනේ. මේ යක්කු තාම චෙක් පෝස්ටින් කරල නෑ

ඒකට කමක් නෑ.. උඹ #@%^& ස්ටෑන්ඩ් එකෙන් බැහැපං.. මං එතන ඉන්නං

අට්ටට්ටා.. මොන සැපද මේ වගේ දවසක් ආයේ කවද එයිද කියල දෙයියොවත් දනීද මන්ද? ඇයි අප්පේ මේකාට වෙනද හීන් සිරුවේ අඩිය හරියට පොළොවෙ වදින්නැති වෙන කොට, මට තමයි රෙස්ටුරන්ට් එකේ බිලත් ගෙවන්න වෙන්නේ. පස්සේ ගාන කඩාගන්න එක වෙනම දෙයක්. ඉතිං ඔය විදියට අහම්බෙන් ආපු ඉන්විටේෂන් එක සාදරයෙන් බලා කියා ගෙන, දෙන්න එක ගජරාමෙට අති විශේෂ මිලි ලීටර් 750 කුත් වග කියන්න ගත්තේ ගෙදර උන්දැට හැමදාම ඔය වගේ සීන් වලට දාන කෙප්පයක් අතැරල තමයි. වැඩේ කියන්නේ ගෙදර උන්දැත් ලැජ්ජ නැතිව හැමදාම දාන විශේෂිත වූ කෙප්ප වලට එක පාරටම අහුවෙනවා. ඕක අහුවෙන්නේ ගෙදර ගියාම නිසා පුරස්නෙකුත් නෑනේ ටිකක් කට ගලවල දාල වගේ ඉන්ට කොට නිකංම එයාගේ කටත් ගලවල දාල ඔන්න ඔහේ හොද බුදියා දැමිල්ලක් දානවා. ඒ බුදියාගැනිල්ල ඉතිං සුනාමි ආවත් එළිවෙනකං ඉවත් නොවෙන එකක්...........


මම දැං ඉන්නේ දොර ගාව. ඒක දොරක් කිව්වට ලස්සන බිල්ඩිමක තියෙන වීදුරු වලින් වටකරපු කියුබිකල්  එකක ස්ලයිඩින් දොරක්. වටේටම සෑන්ඩ් බ්ලාස්ට් පාරවල් ගහල තියෙන හින්දම දොරටත් ඒකම කරල යාන්තං අගල් දෙකක විතර දෘෂ්‍ය පටියක් ඉතුරු කරල තියෙන්නේ ඇතුල බලන්න. ඒකෙන් බලන්නත් වීදුරුවට උම්මා දෙක තුනක්ම දෙන්න වෙනවා.

සෑන්ඩ් බ්ලාස්ට් කරල තියෙන අකුරු වලින් දොරේ ගහල තියෙනවා ලංකා බ්ලොක් ගල් සංසදයකියලා. කියන්න අමතක උනානේ මම මේ ඇවිල්ල ඉන්නේ මම අළුතින් පටන් ගත්ත මගේ බ්ලොගය ගැන අදාළ නිලධාරීන්ට සැලවෙලා මාව මස්තබාල්දු කරන්ට එන්ටය කියලා දිනේ නියෝග කොරලා ඊතලයක් මගේ ජීමේලයට එව්ව හින්දයි. මමත් ඉතිං කිලෝමීටර් සිය ගණනක් පහු කරගෙන යාන්තං අටවගත්ත බ්ලොගේ පොස්ට්කටු වල දෘඩ පිටපත් ටිකත් අරගෙන ලා කොලපාට ක්ලියර් ෆයිල් එකක දාල බස් කටුවක නැගී ආවා නෙව එතැන්ට. එතැන පිළිගැනීමේ නිලධාරිනිය විදියට හිටියේ සිත්තමී , මං ඒක දැක්කේ හෙළ බ්ලොක් ගල් සංසදයේ අච්චු කරපු මාලේ එයා එල්ලගෙන හිටිය නිසා.

“සුභ උදැසනක් මිසී, මම දේශකයා (ඊයේ පිටපත පෙන්වමින්) අද තියෙන පරික්ෂනේට ආවේ“

“ආ.. ඔයාද දේශකයා. මමත් ලියන කියන ඒවා බලල හෙම තියෙනවා. දන්නවනේ අපේ ලොකු අයියලත් එක්ක සෙල්ලං බෑ. ඔයා මොනා හරි කට කැඩෙන කතාවක් එහෙම දැම්මද? නැතිනං එහෙම ගෙන්නන්නේ නෑ“

සිත්තමී මං ලියපු ඒවා කියෝල තියෙනවයි කිව්වම ආපු සතුට එයාගේ සීඝගාමී ඉතුරු වචන ටිකෙන්ම දිය වෙලා ගිහිල්ල මාරාන්තික සාපිපාසාවකුත් එක්ක බයකුත් දැනුනා.

“මම... ඒකනං හරියටම කියන්න බෑ.. ඒත් ඒක තමයි මාත් බැලුවේ මොකටද මාව තකහනියේ ගෙන්නුවේ කියලා“

“ආ ඒක අමතක කරල දැං යන්න හොදට මුහුණ දෙන්න අයියල බලන් ඉන්නේ දේශකයා එනකං... අයියෝ... ඔන්න දැනුත් මට මේල් එකක් එවලා දේශකයා ආවද අහල.. ඉක්මනට යන්න. සුභ ගමන්“ සිත්තමී තමන්ට පුරුදු නිහතමානා කමින්ම කිව්වා.


මෙච්චර දුරක් ආපු එකේ, බස් එකේ නෙමෙයි මේ ජීවිතේදී, ප්‍රශ්න පත්තර පිට ප්‍රශ්න පත්තර වලට උත්තර දීලා සමහර ඒවට උත්තර දෙන්නේ නැතිවත් මම තාම ජීවත් වෙනවනේ. ඉතිං මොකටද මම බය වෙන්නේ. මේ වෙලාවෙදි මට මතක් උනේ මැට්රික්ස් චිත්තරපටියේ මෝර්පෙස් තම ජනතාවට වදාළ දේශනයේ හොදම කොටස “Do you know which matters the most… W...e.. are... sti...ll... here....”, කට්ටයගේ චියර් සද්දේ එක්කම මගේ ඔළුව පුරා රැව්දෙන හඩ මටම ඇහෙනවා වගේ.

ඉතිං මෙතුමා ඉක්මන් කොරලා පඩිපෙලත් නැගගෙන පළවෙනි තට්ටුවට ඇවිල්ල එතන තිබුන කියුබිකල් එකේ දොර ගාවට ආවම තමා මුලින් කිව්ව ටික දැක්කේ.

එතන එළියේ දොර ගාව ඉන්නව හැන්ඩි කොල්ලෙක්. මිනිහා ඇදල ඉන්න ජේත්තුකාර නිල් ඩෙනිම දැක්කම මට හිතුනා මේකා ටිකක් කළු උනත් හොද ජේත්තුකාරයෙක් කියල. මිනිහගේ අතේ අයිපෑඩ් එකකුත් තියෙනවා. ඕව නං මං දැකලත් නෑ ඒත් අර පිටිපස්සේ තියෙන බාගෙට කාපු සුලු ඇපල් ගෙඩිය හින්ද ඒක අදුරගන්න පුළුවන්.

මම හෙමින් හෙමින් මිනිහට කිට්ටු වෙන කොට පොර මගෙන් අහනවා.

“Hello.. Very Good Morning.. Are you Deshakaya”

අප්පේ මේකගේ ඉංගිරිසි ටික මට තේරුනාට පුරුදු නැති හින්ද එක පාරටම ඔව් කියල ඒක කිව්වත් එක්කම යර්ස් යර්ස් කියල කිව්වේ. අපරාදේ කියන්න බෑ මිනිහට තේරුනා මම ඉන්න තත්වේ.

“ඔයා දේශකයානේ.. මම ඩූඩ් දන්නවනේ අර බ්ලොග්වෝර්කර් නිල්ඩෙනිමා

අප්පට සිරි දාගෙන ආපු හීන් දාඩිය ටික කොහෙන් ආපු මද පවනකටද මන්ද හෝස් ගාලා ගෙවිල ගියා. අවංකව ම පොඩි ගැම්මක් ආවා හිතට “අඩේ මේ මං දන්න එකානේ. ඊයෙත් මම ඩුඩෙගේ පෝස්ට්කටුවකට කොමනේකටුවක් දැම්මනේ“ කියලා. ඒ පාර ඩුඩෙ කියනවා. (ඩුඩ් ඩුඩ් කොච්චර හිතුවත් කියවෙන්නෙම ඩුඩෙ කියල)

“මමත් ඔයා ලියන ඒවා කියවනවා. හොදයි කරගෙන යන්න. හැබැයි දැන්නං ඇතුලේ ඉන්න අයියල අහන දේවල් වලට හොදට ෆේස් කරන්න මොනව අහයිද දන්නෑ. හාර්ඩ් කොපීස් එහෙම ගෙනාව නේ..

ඔව් ඔව්“ කියල මම කිව්වේ ටිකක් හරි නිවුන නිසා. නැත්නං මෙතනම පන යනවා එතන තියෙන ගැඹුරු නිහඩතාවය නිසා. මගේ ජීවිතේටම ඒ වගේ නිහඩතාවක් දැකල තියෙන්නේ උත්සන්නම අවස්තාවක, චිත්තරපටිශාලවේ මිනිස්සු හුස්ම ගන්න සද්දෙවත් ඇහෙන්නෙ නැති සීන් එකක් යන වෙලාවට තමයි. 

දැං ඇතුලට යන්න කියල ඩුඩෙ කිව්වම මම නොදැනෙන ගානට දොර හෙමීට තල්ලු කලා. කිසිම සද්දයක් නෑ ජෙලි කෑල්ලක් හැන්දෙන් කඩනවා වගේ ඒක බොහොම සුමටව ඇරෙනවා. දොර ටික ටික ඇරෙන්න, ඇතුලේ තියෙන ෆ්ලුරොසන්ට් ලයිට් එළිය මගේ මූනටත් වැටෙන ගානට. (මේක හදපු ඉංජිනේරුවෝ අප්පා සීඑෆ්එල් ටිකක් වත් දාලා නැති දහදුරා ඉංජිනේරුවොය කියල ඒ වෙලාවේ හිතුනා) 

තව ඇරෙන කොට මට පේනව හොදට පොලිෂ් කරපු මහ දැවැන්ත රවුම් මේසයක්. ඒක වටේටම ඒ වගේම දිලිසෙන ලී පුටු තියල මම ඒ වගේ පුටු දැකල තියෙන්නේ පාරේ යනකොට පේන ඔය සුපිරි ලී බඩු සාප්පු වලදි තමයි. (ඒවට කියන්නේ ලී බඩු සාප්පුද කියල පස්සේ හොයාගන්ට ඕන) කියුබිකල් එකේ තියෙන්නේ ඒ මේසෙම විතරයි. ඈත කොනකට වෙන්න තුන්දෙනෙක් ඉන්න බව දැක්කා. ඒ ගොල්ලො හොද කයි පැදුරක් හලා දමා ඉන්න බව පෙනුනත්, ඒ සැනෙකින්ම ඒක ගාම්භිර විදියට ඉන්න ස්වරූපෙකට ආවේ ඇහි පිහ ගහන වේගෙන් මම දැක්ක ගමන්මයි. 

ආයේ හිතන්න ඕන නෑ ඔය ඉන්නේ සිත්තමී කිව්ව අයියලය කියල මට එක පාරටම මීටර් උනා. මං හිමින් සීරුවේ අවිඥානිකව මට හිමි ස්ථානය කරා ස්වයංක්‍රියව ගමන් කරන කොට මගේ දකුණූ පැත්තට වෙන්න තවත් පොඩි කියුබිකල් එකක් තියෙනවා දැක්ක. ඒ විතරයැ ඒකේ ටිකක් කෙට්ටු පොරක් මොකක්ද මන්ද නාට්ටියක නමක් තියෙන පොතක් කියවනවත්, මම හෙමින් ඇවිදගෙන එන විදිය ඒ තත්පරේට මිනිහ දැක්ක බවත් මට දැනුනා.


මේක වෙන්නැති මට හිමි තැන කියල හිතාගෙන,

“සුභ උදෑසනක් වේවා මහත්වරුනි“ කියලා මම යාන්තමට වගේ දෙකට නැමිල කිව්ව. ජපනෙක් එහෙම හිටියනං අහනව සිකුරුයි කොන්දේ සැත්කමක් කොරපු ගමන්ද ආවේ කියලා. කමක් නෑ ඕක ලංකා ක්රමය නේ.

ටිකක් කළු වුනත් ටිකක් දැකල පුරුදු මුහුණක් තියෙන මැදින් ඉන්න අයියා, එයාගේ ඔක්කෝම ස්කෑන් කරල තත්පරෙන් රිපෝට් දෙනව වගේ තියෙන ඇස් දෙකෙන් නහර විදියට මං දිහා බලලා දකුණු අත පොඩ්ඩක් උස්සල දෙපාරක් විතර අත පහත් කරද්දි මට තේරුනේ වාඩි වෙන්න කියනව වගේ. ආයේ මොකද කියල මම ඉතිං ආසන්නම පුටුවක කරුව තිබ්බා. ඒ ඩිංගට මං කල්පනා කරේ මේකා  මට දැකල පුරුදුයි නේ. මොකාද ... මොකාද... මොකාද.. ඔය විදියට දහපාරක් විතර හිතන කොට ආකිමිඩිස් ආවා ඔළුවට. අට්ටට්ටා මේ මාරය්යා නේ. කොහොම අදුරගන්නද අර බ්ලොගේ දාල තියෙන කළු කුමාරයා වහල වගේ ඉන්ට  පින්තූරේ තියෙන මූණු පොජ්ජත් එක්ක. අනික මම හිතාගෙන හිටියෙම මේකට ඔළුවක් මිසක් අත පය හතරක් කදක් බඩක් නැතිය කියල. ඇයි අප්පේ දන්න දවසේ ඉදලම දැක්කේ මාරයගේ අග්ගලේ වගේ මූන හින්ද හිතුනෙම මේකා ඔළුවෙන් විතරක් වැඩ කරන එකෙක් කියලමයි. ඇයි මිනිහගේ පිටුවේ විස්තරේ විදියටත් හුදකලා බුවෙක් නේ. මේවා හිතෙන කොට මාරයට තියෙන ආදරේටම මගේ මූනේ ලාවට හිනාවක් ඇදිල ඒක මාරයා දිහාවට පොඩ්ඩක් යැව්වා. ම්හු. මේකා හිනාවෙන්නැති මහ ගෙම්බරයෙක් කියල හිතල මම යවපු එක විගහට මංම ඇදල ගත්තා.

ඔන්න එතකොට තමා අනිකා දැක්කේ මාරයියට දකුණු පැත්තෙන් ඉන්න. එයා ගැනනං කිසිම දෙයක් මට හිතෙන්නේ නැති උනාට නිකං සුද්දංගෙන් ඉල්ලගෙන දිනපතා පුයර ගාන එකෙක් වගේ තමයි මූන තියෙන්නේ, ඒ මදිවට කොන්ඩෙත් සුද්දන්ගේ ජෙල් ගාලද කොහේද. එයා පොඩි හිනාවක් දාල මාව පිළිගත්ත බව පෙන්නුවත් මං හිමීට මාරයගේ වම් පැත්තට මාරු උනා.

මගේ ඇස් දෙකට පළමු සංවේදනයෙන්ම සංඥා ආවා.. ඔය තමයි රාජ් කියලා. අර බ්ලොග් ලියන්නේ මටත් ඉස් ඉස්සෙල්ලම කොමෙන්කටුවකින් කොටල දැම්මෙ රාජ් නෙවැ. ඉතිං මට රාජ්ව කොහොමත් අමතක වෙන්නේ නෑ. අනික දැන්ටත් මම මගේ බ්ලොග් රෝලට වඩා රාජ්ගේ පිටුව ඇරගෙන ඒකේ බ්ලොග් රෝලෙන් නේ අනික් බ්ලොක් වලට යන්නේ එහෙම බැලුවම මගේ සින්ඩිය රාජ්ගේ බ්ලොග් රෝල තමයි. රාජ්ගේ මූනු කෑල්ල නං යස අගේට දැකල තියෙන හින්ද මම දන්නවා එයා හරි නිහතමානි හොද කෙනෙක් කියලා. ඒ වගේම කවදාවත් එයා දාන කොමෙන්කටුවක් ද්වේශසහගතව නොදාපු විත්තයත් සහසුද්දෙන්ම දන්න නිසා මට රාජ් යාළුවෙක්ගේ ගානට තමා හිතිල තිබුනේ. ඇත්තටම රාජ් හොද සුන්දර හිනාවක් දාලා චුට්ටක් පරක්කු උනා නේද කියල කාරුණිකව ඇහුවම මෙච්චර වෙලාවක් ඔළුව නිකං ඩීසල් ත්‍රීවිල් හත අටක් පස්සෙන් යනකොට තියෙන කම්මල් සද්දෙට අහුවෙලා තිබිල නිදහස් උනා වගේ දැනුනා. දැං මං ආයෙමත් සාමාකාමියි. නිසංසලයි. මට හිතෙනවා මං දැං උත්තර දෙන්න ලෑස්තියි කියල, ඒ වගේම කියන්ට දෙයක් නෑ ප්‍රශ්න ටික දෙසා බාන්ටත් ලෑස්තිය කියලා පොඩි ගැස්මකුත් එක්ක ඔළුවට වැදුනා.


“මම තමයි රාජ්. දන්නවනේ රාජ්ගේ නවාතැන ලියන්නේ“  (මම ඔව් ඔව් කියන්න වගේ ඔළුව වැනුවා)

“මේ මගේ වම් පැත්තෙන් ඉන්නේ මාරයාගේ හෝරාව ලියන මාරයියා. හොදට අහල ඇතිනේ.“ (මොනව කියනවද මන්ද, මේ අළුතින් ආපු මම බ්ලොගයා හිතං ඉන්නේ මම දන්න බ්ලොග් වැඩකරුව මාරය කියලනේ.) “එතකොට මාරයියට එහාපැත්තෙන් ඉන්නේ මාතලං අයියා.. මාතලං ලියනව වගේම මාතලං සින්ඩිය කරන්නේත් මෙයා තමයි. ඒක නං දන්නව ඇති දේශකයත් ඒ සින්ඩියට ඇඩ් කරන නේද මාතලං අයියේ?“ කියල රාජ් කියන කොට තමා මට මීටරේ අතටම අහුඋනේ.

එතකොට මේ මාතලං අයියා මට නිකං ඇඩෙන්න වගේ ආවා එයා රාජ්ගේ ප්‍රශ්නෙට “යර්ස්“ කියලා කියන කොට.

ඇයි ඉතිං මං දන්නවනේ මම පෝස්ට් කටු තුන හතරක් ලියල තියල ගේ ඇරං හිටියත් කස්ටිය නොදැක්ක ගානට යනකොට  අහම්බෙන් රාජ් ගේ රෝලෙන් මාතලං ගිහිල්ල ඒකෙන් සින්ඩිය දැකල සින්ඩියේ වැඩේ මොකක්ද කියල දැන කියාගෙන happyjay65@gmail.com කියන මාතලංගේ ඊයට මගේ විස්තර යැව්වේ සින්ඩියට දාගන්නටය කියල. ඒක දැම්මෙත් ෂුවර් නැතිව. මොකද මම සිංහල බ්ලොක් සංසදයට එල්ලෙන්ට හිතාගෙන විස්තර දුන්නම ඒකෙන් අහපු ප්‍රශ්න පත්තරේට මොලේ පැත්තක්ම අකර්මන්‍ය වුනා ඒ වගේම මොකක්ද ආර් එස් එස් එකක් තියෙන්ට ඕනැය කියල දැක්කම අකර්මන්‍ය වෙච්චි මොල කෑල්ලත් අරගෙන මං ඉක්මනට මාරු උනා. මොනා උනත් මට මොළයක් තියෙන්ට එපායැ කියලා හිතලා. ඉතිං මට මතක් වෙනව හැරෙන තැපෑලෙන්ම මාතලං අයියා මට ඊයක් එවලා තිබ්බ ඩොං කියල එච්චරයි. ටික වෙලාවක් යනකං තේරුනෙත් නෑ. අප්පට සිරි ඒ කියන්නේ ඩොං නෙමෙයි done.. හරි .. මාව මාතලං සින්ඩියට දාලා කියන එක ටියුබ්ලයිට් මනසට විදුලිය ලැබුනම තේරුනා. ඉතිං එදා ඉදල මහ ගොඩක් නෙමෙයි ටික දෙනෙක් හරි මාතලං ගේ සින්ඩිය හින්ද මාව කියවන්න ගත්තා. ඒක මට හෙන උපකාරයක් නෙවැ. එහෙම නොවුනනං මගේ බ්ලෙගෙත් සුසාන භුමියක යට කොරල ටික දවසක් වෙනවා. ඉතිං එහෙම උදව් කරපු මාතලං අයියව දැක්කම නිකත් ඇඩෙන්න වගේ එන එක අරුමයක්යැ..

“හරි අපි පටන්ගමු“ කියල මාරයියා සිංහ සෙයියාවෙන් ඒ වගේම සිරියස් විදියට වැඩේට බැස්සා.

ආ කියන්න අමතක උනානේ රාජ් කිව්වා එයාට රාජ් කියල කිව්වහම ඇතිය අනෙක් දෙන්නට අයිය කෑල්ල අන්තිමට දාන්නය කියලා. (කොහොමත් වැඩ කිඩ වයස බැලුවම අයියල නේ. ලාංකික අපේ කම ට කොහොමත් අයියා කෑල්ල නිතතින්ම එකතු වෙනවා)

දේශකයා.. කොහොමද ඔය නම තෝරගත්තේ?

මම එහෙම විසේස විදියකට හිතුවේ නෑ. එක පාරටම ඔළුවට ආපු නම දැම්මා. ඒක එවේලබල් (available) කිව්වම ආයේ බැලුවේ නෑ ඒකම ගත්තා

ආ.. හොදයි“ (මගේ පළමුවැනි උත්තරයට අයියල තෘප්තිමත් කියලා දැනිල මටත් නිකං පොඩි සතුටක් ආවා. අංක එක ඉවරයි ඊට පස්සේ දෙක කියලා)

හරි.. දැං කියන්න කොහොමද බ්ලොග් ලියන්න පෙලඹුනේ.“ (මගේ වාර්තා බලමින්) “මේකේ හැටියට 2008 නේ රෙජිස්ටර් කොරල තියෙන්නේ නමුත් ලියන්න අරන් තියෙන්නේ මේ බොහොම මෑතකදී නෙව.. එහෙම නේද?

ඔව් මාරයියේ.. මට ඒ දවස් වල ඔය බ්ලොගර් කිව්වට මෙලෝ හසරක් තේරුනේ නෑ. ඒ උනාට නොදැනම රෙජිස්ටර් වෙලා තිබුනේ. ඒ කිව්වේ මට ඒ දවස් වල ඉදලම ජීමේල් තිබුනේ. කොහොම හරි නිකං ඉන්න වෙලාවක ගූගල් කරපු දොහකදී අනිවාර්තේ මම කොටල තිබුන වර්ගපූර්ණිකාව කියල පිටුවකට. ඒක සිංහල නිසා පොඩ්ඩක් බැලුවා. ඒකේ උඩින්ම තිබ්බෙ රාවණා 2012 අන්තිමට නැගිටිනවය කියල. දැං තමයි මාත් දන්නේ මම හෙළුවෙක් කියලා, ඒක නොදැනත් ඉස් මිස් නැතිව එක උගුරට ඒක හලාගත්තා. රසේ වැටුනම වර්ගපුර්ණිකාව එහෙම් පිටිම් ම ගිලලා. ටික දවසක් යනකං පෑ විසි හතරෙම ඕක බලන්ට ගත්තා. ඊට පස්සේ තමයි බ්ලොගර් ගැන අයිඩියා ආවේ, සිංහල ලියන අය තව ඉන්නවයැ කියල. ඒකේ රෝලෙන් තමා රාජ්ව අල්ලගත්තේ. එහෙම එහෙම මාරයියා, වෙබ් ආලෝචනා, වෙද ගෙදර, පොඩි කුමාරිහාමි, මාතලං, කතන්දර කාරයා එහෙම කියවන්න ගත්තේ.

හොදයි.. තමුන් අර පිටිපස්සේ තියෙන කාමරේ ඉන්න මහත්තයව දැක්කද?

“ඔව් මං එනකොට මගේ දිහා බැළුව දැක්කා“

“එයා තමයි අපේ ලොක්කා කකා.. කියන්නේ කතන්දර කාරයා..“

අඩේ අප්පා මට ඕක කලින්ම හිතන්න තිබුන නෙව කියල දැං හිතුන. ඒක තමයි ඔච්චර රැස්පොට්. ඇයි ළගදි මිලියනයක් ඒකට කොටල තිබුන මදිවට ඒකා පෝස්ට් කටු දාහකුත් කොටා දාලා තිබුනනේ. මගේ නං ඒ තරං පැහැදීමක් නෑ. මිනිහා දැං දැක්ක වගේම බ්ලොග් එකේදීත් ටිකක් අහංකාරද මන්ද???

දැං කතා කරන්නේ මාතලං අයියා

“හරි අපි දැං බලමු ඔයාගේ පෝස්ට් ටික.. දෙන්න ඔය හාඩ් කොපීස් ටික.. ආ.. තෑන්ක්ස්.. ෆර්ස්ට් වන්.. ප්‍රථම ආමන්ත්‍රණය.. “

දැං මාරයා (සමාවෙන්ට මාරයියා)

“මේ මොකක්ද ඕන පොඩි එකෙකුට හැකිය මේ වගේ දෙයක් ලියන්න. අනික නෙට් එකේ මේවා තියෙනවා එහෙම නේද?“

(ආයෙත් දාඩිය හීනියට දානවා. අප්පේ මේකගේ සැර) “ඔව් මාරයියේ ආසාවට ලියන නිසා නෙට් එකෙන් ගත්ත එකක් තමයි සිංහලනේ ලියුවේ“

“ඉතිං කෝ සෝස් එක“

“ඒක දැම්මේ නෑ මාරයියේ මගේ වගේ පෙන්නන්ට ඕන උන නිසා. අනික මම ඒ වෙනකොට හරියට පුවරුවට කොටන්න දන්නෙත් නෑ. සොරි අයේ එහෙම කරන්නේ නෑ“

අම්මේ මෙන්න මාරයට මේ වෙලාවේ කින්ඩි හිනාවක් ගියා. ඇයි මිනිහා මගේ හොරේ අල්ලගත්තනේ. ඒ උනාට එතනිං එහාට මුකුත් ඒ ගැන කිව්වේ නෑ. ආයෙත් මාතලං අයියා

“නම්බර් ටූ... ජෝ වයිටලේ“ දැං මාරයා මාතලං දෙසට හැරී,

“ඈ බං ඒ මොකක්ද. දියං බලන්න.. ආ ඇමෙරිකන් කාරයෙක් නේ.. දේශකයා ඔන්න මට තරහ යනවා. වර්ගපූර්ණිකාව පිහිටෙන් ඇවිල්ල දැං පර සුද්දෝ ගැන ලියනව එහෙනං..??“

“නෑ මාරයියේ. වයිටාලේ කියන්නේ සුපිරි පොරක්. අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. මම දේශන දෙක තුනකුත් කියවලා තියනෙව. ඒවා මැක්ස. Laws of Attraction, Energy of Universe, How to attract money වගේ ඒවා.“

“ආ හරි මාතලං ඔයි ටික මට දෙන්න...තුන ලංකාව වටේ ට්‍රිප් එකක් යන්න.. ආ.. මට මතකයි ඔය ගැන මගේ බ්ලොග් එකේ ඔයා කමෙන්ට් එකක් දාලා තිබුනා. මමත් කිව්වේ ඔය කඩු තියෙන තැං වලට යන්ට බැරිය කියලා.. හරි . ඊළගට හතර... චූංපාං.. මං බැලුවා ඒක නං මෙලෝ රහක් නෑ. පහ.. හය.. හත...“

....... (මට මතකයි ඒ දෙකම ඉංගිරිසි හෙඩින් කිව්වත් වගේ මේකා කඩු තුඩක් වත් තියෙන තැනකින් යන්නෙත් නෑ. අම්මප එතනිං ලිස්සපු හැටි)......

“බෙහෙත් නැති රෝහල.. ඒකත් අර වයිටාලේ වගේ කතාවක්. එච්චර ගතියක් නෑ“

මොනා කරන්නද මේ ඉතිං අපේ අයියලනේ. හොද නැතිනං බලෙන් කට ඇරවල හොදයි කියන්නයැ. දැං මගේ මිත්තරයා වගේ ඉන්න රාජ් මාරයාගෙන් කොල ටික අර ගන්නව දැක්කම පොඩි රිලැක්ස් ගතියක් ආවා. දැං පරීක්ෂනේ මෙහෙයවන්නේ රාජ්.

“අට.. ෆක් වචනය වල්ද.. ආ ඒක හොද පෝස්ටුවක්. මමත් කමෙන්ට් කරා.. බලන්න මාරයියේ ඒකේ දාලා තියෙනවා සෝස් ටික.. අන්න එහෙම තමයි වැඩ කරන්න ඕන. හොදයි. නමය.. අර සල්ලි කතන්දරේ. ඒකත් එච්චර හරිනෑ. ඩිවෝස් බයික් ඒක නං හොදයි...“ 

දැං මාතලං අයියාටය කොළ ටික. අනේ මේ කොළ ටික විදන වදයක්, තුන්දෙනෙක් ම හයිරං කොරනවනේ. සමාවෙයං. මගේ ලියුං කියුං හින්ද නේ උඹල දුක් විදින්නේ. දැං ආයෙත් මාතලං අයියා පටන් ගන්ට යනවා. මිනිහා කොළ එකින් එක පෙරලනවා මිසක් මුකුත් කියන්නෙත් නෑ. දැං උඩ කොළේටත් ආවා. මට ඒක මතකයි. මම මයිකල් නයිට්, 2040 දී. වැහුව කොළ ටික පිළිවෙලකට තිබ්බ මේසය උඩ. හිමීට මාරය දිහා බැලුවා. දැං මාරයා වැඩ පෙන්නන්නද යන්නේ. අයියෝ මගේ ඔළුව. ආයෙත් ඩීසල් ත්‍රීවිල් තිහ හතලිහක් යනවා වගේ.


“අපි දැං තමුන්ගේ බුද්ධිය බලන්න යන්නේ.. මොකද අපිට පේනවා දැං ටිකක් බ්ලොගේ දුවනවා කියල. හිට්ස් ටූතවුසන්ඩ් විතර නේද? හරියට ලියන්න ඕනැනේ. කියවන අය හුගක් බුද්ධිමත්. ඒක නිසා නියම උත්තරය ඕන. හරිය“ කියල පොඩි සුන්දර තගකුත් දාපියකෝ එතකොට.

“තමා සිංහල භාෂාව පරතෙරටම දන්නවද?“

“දන්නේ නෑ“

“එතකොට සාහිත්‍යය හොදටම දන්නවද?“

“දන්නේ නෑ“

“තාක්ෂණය ගැන“

“දන්නේ නෑ“

“වෛද්‍ය විද්‍යාව“

“ලොවෙත් දන්නෑ“

“පරිගණක විද්‍යාව. මේ. නිකං කොටනවා නෙමේ බහුශ්‍රැත දැනුම“

“දන්නේ නෑ“

“යාන්ත්‍රික විද්‍යාව“

“දන්නේ නෑ“

....
.......
..........
............
..............

“එතකොට අන්තිම එක අහන්නෙ. අයියෝ මටනං තිත්ත වෙලා තියෙන්නේ. මගේ එකෙක් උනානං එහෙම මෙලහකට එළවලා.. භූගෝල විද්‍යාව“

“ඇත්තටම දන්නේ නෑ“

මාරාවේස වී මහසද්දෙන් පුටුව පිටුපසට දමා යක්ෂාවේස මුහුණ මැවේ මාරයාගේ. රාජුත් මාතලනුත් කලබල වී ඇති සෙයකි. කාමරයේ ඉන්න කකාද පොත පැත්තක තියලාය. මාරයා තම තඩි කට ඇරියා මතකය.

“Get out, Get out, bloody stupid, go away fucking deshakaya”

මෙහෙම කිව්වම මගේ අම්ම මුත්ත කිව්වත් එතන ඉදල මට පුරුදු නැත. සිතට ආ තඩි යකඩ බෝල වැනි මාගේ ආවේගය... තරහව පුපුරා ගියේ නං එතැන ක්ලේමෝ බෝම්බයකට ගොදුරු වූ ස්ථානයක් වැනි වේ යැයි මට සිතේ. එහෙත් මුවින් නොදොඩා ඉක්මනින් මා එළියට එන්නට පටන් ගත්තෙමි. සිත්තමී හිටියට එයාගේ මූන බලන්නවත් මට හිතක් තිබුනේ නෑ. ආපු ආවේගටම පැනපු ගමන් පාරේ හිටෝපු බස් එකකට නැගල ඉඩ තිබ්බ නිසා වීදුරුවක් අයිනට වී හෙමීට චිත්ත වේගය පාලන කර ගන්නට විය.

ඒක පාලනය කර ගන්නට නොහැකි බව මට දැන් තේරේ.

“අඩෝ මාරයෝ උඹ දන්නේ නෑ මම කව්ද කියලා. මමත් හූනා වගේ හිටියට මහ නහර එකා හරිය. මට ඕන්නං උඹේ පාස්වර්ඩ් හැක් කරල තෝ ලියල තියෙන ඔක්කොම මකල දාන්ට හැකියි. ඔව්... කකා ගේ මිලියනයටත් වැඩේ දෙනවා. දැක්ක නේ බ්ලොගර් ලගදී පිස්සු කලේ පැය ගාණකට. මම ඒක සදාකාලික කරනවා. නිස්ටඹුවෙදි උඹව උස්සනවා. ඒ වගේම තොගේ බයිසි මොටෝවත් උස්සනවා. කෑලි කෑලි වලට කපනව යකෝ මට සද්දේ දැම්මට. තොපි මාව කොහේ නවත්තන්ද.. මං තව ලියනව බොල.. තව ලියනවා...“

දඩාස් ගා සද්දයක් ඇසී ඇහැ ඇර බලන විට අයියෝ ඔළුව බස් එකේ ජනෙල් වීදුරුවේ වැදිලා රිදුම් දෙනවා. අනේ අම්මේ ඒ අස්සේ මගේ අත තදින් හොලවනවා නෙව. ජනෙල් වීදුරුවේ වැදුන මුහුණින් යුතුව මා පැත්තට හැරී ඇස් අරින කොට ගෙදර උන්දෑ තදින් මගේ අත් දෙක හොලවන එක මට මහ අප්‍රභංසයක් විය. එක් වරම ඉද්ද ගැසුවාක් මෙන් නැගිට්ටද එය බසය නොව මා රාත්‍රියේ රහමෙර පානය කර පැමිණ සැතපුන යහනාවම බව පසක් විය.

“ අනේ ඇත්තට දේශෝ. ඊයේ රෑ පුදුම දැගලිල්ලක් නේ. එහාට දගලනවා. මෙහාට දගලනවා. සුසුම් හෙලනවා. අත පය ගහනවා. කකුලෙන් ගහනවා. මොකක්ද මන්ද පොඩි උන් දෙන්නගේ ඇග උඩට පෙරලෙනවා. මේ ආයෙත් ඔය බීම බිල එනවනං අන්න දෙයියනේ කියලා පැදුර තියෙනවා සාලෙට වෙලා නිදාගන්නව හොදයි. දරුවෝ දෙන්නටවත් නිදාගන්න දෙන්නේ නෑ. මම එපාය ඉතිං එළි වෙන කං නැගිටල ඉන්න“

දැන් දැන් හිරු දුටු පිණි මෙන් මගේ මතකය පැහැදිලි වෙයි. පුදුම ආශ්චර්යමත් දෙයකි. මා ද්විත්ව සිහිනයකින් එක් වරම අවදිව සිටිමි. තවමත් මනස අපැහැදිලිය... ඒත් දැනෙන්නේ මා තාමත් පුවරුවකට කොට කොටා ඉන්නා බවකි.

53 comments:

  1. මම කියවල බලන කොට අවුලක් උනා. ඒ පාර ආයේ ආවා. අද තමයි බං මගේ ජීවිතේ හොදම පෝස්ට් එකක් දැක්කේ. මේකනං සුපිරියි. කොහෙද බං ඕව තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හීනෙං තමයි බං. ආ මං ඒක ආයෙ පොඩ්ඩක් හදන වෙලාවෙ වෙන්ට ඇති. සොරි ඈ

      Delete
  2. හයියෝ.... මට හිනා වෙලාම පණ නෑ..... ආපු ගමන් මරන්නද හදන්නේ බොල.....

    ///“අඩෝ මාරයෝ උඹ දන්නේ නෑ මම කව්ද කියලා. මමත් හූනා වගේ හිටියට මහ නහර එකා හරිය. මට ඕන්නං උඹේ පාස්වර්ඩ් හැක් කරල තෝ ලියල තියෙන ඔක්කොම මකල දාන්ට හැකියි. ඔව්... කකා ගේ මිලියනයටත් වැඩේ දෙනවා. දැක්ක නේ බ්ලොගර් ලගදී පිස්සු කලේ පැය ගාණකට. මම ඒක සදාකාලික කරනවා. නිස්ටඹුවෙදි උඹව උස්සනවා. ඒ වගේම තොගේ බයිසි මොටෝවත් උස්සනවා. කෑලි කෑලි වලට කපනව යකෝ මට සද්දේ දැම්මට. තොපි මාව කොහේ නවත්තන්ද.. මං තව ලියනව බොල.. තව ලියනවා...“////

    හිටු මම මේ ටික නං මාරයියගේ කනේ තියෙනවා.... බොට හම්බුවෙයි.. බලාගෙන හිටු.... හි හි

    ReplyDelete
    Replies
    1. එහෙම කොරාන්ට එපා නංගියේ මේක හීනයක් කියල උඹලට කිව්වට අහන්නේ නෑනේ.

      Delete
  3. හප්පට සිරි බොල, අරූගෙ බිලට වුනාට මිලි 750න් 600ක්වත් බීලා තියෙන්නෙ උඹ වගෙ. නැතිනම් ඔය හැටි බියකරු හීන පේනවායැ! අනේ මේ අහිංසක කමට බ්ලොගක් ලියාගෙන ඉන්න මාවත් උඹට පොරක් හැටියට පෙනිලා තියෙන්නෙ. අර බාගෙට කාපු ඇපල් ලැපකුත් දීලා... ආසාවේ බෑ බං.
    උඹට ඩීසල් ත්‍රී වීලර් එක්ක පොඩි මලක් තියෙනවා වගේ. හැබැයි මටත් ඕක නම් හිතිල තියෙනවා.
    අර උඹ කරනවා වගේම ලියන්නගෙ බ්ලොග් රෝල සින්ඩියක් හැටියට පාවිච්චි කරනවා. මං වගෙ තව උන් ඉන්නවා නේ?
    උඹ කට්ටියටම, ලස්සනට, කලාත්මකව, ඔලුව අතගාලා ටොකු ඇනලා තියෙන්නෙ.

    උඹට බොහෝම ස්තුතියි, මටත් චරිතයක් රඟපාන්න දුන්නට. හොඳම නිර්මාණයක් දේශකයා!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඩුඩෙ මමත් බැලුවේ මං දැක්ක බියකරුම හීනේ ඕක තමයි. අඩේ උඹ පොරක් නම් දොර ගාව ඉදීයැ. හීනේ බං හීනේ. ඔන්න හිරුව මාරට කියල මාව ගස් බන්දන්න හදනෝ...

      Delete
  4. උඹ බීපු වර්ගයයි, බීපු ප්‍රමාණයයි හරියටම කියපං.

    මේක අර රගහල ලියන තිසරයගෙයි හිරුගෙයි කම්බයින් මාර්කටිං ට්‍රික් එකේ කොටහක් දෝ සැකයි. පෝස්ටුව නියමයි. ඔය බ්ලොග් ගල දැන් ක්‍රියාත්මක නෑ නේද බං?

    ඔන්න බලහං මාරයිය මෙතනට පැනල උඹට නෙලන නෙලිල්ල.

    ReplyDelete
    Replies
    1. හීනෙං හින්ද ගාන මතක නෑ බං. අඩේ මේක මාර්කටින් පාරක් නෙමෙයි බං. එහෙනං මටත් ගහවියැ. ඔන්න උඹල එකතු වෙලා මේවා මාරට එහෙම කියනවා නෙමෙයි හරිය.. මං හරි නහර එකා හරිය... තැන්කූ බං දිගටම එනවට

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මිත්තරයගේ කම්පීතර් මලය ගාව ඉදල මට මහ ගිනි විජ්ජුම්බරයක් උනා නොවැ. ඒකගේ නමින් දාපු එක ඔන්න ආය් දානවා.

      “අප්පා තාම මටත් අවුල් වගේ. මං ඇත්තටම බිව්වට ඒකත් හීනයක්ද කියලයි මං මේ කල්පනා කොරේ. හරි.. හරි.. භාගෙට සුට්ටක් වැඩි වෙන්ට ඇති. නැතිනං අර යකා නාගසලං සොට් දානවනේ.“

      Delete
    4. යකෝ ඕවා ප්‍රසිද්ධියේ කිව්වහම අපිට යන කලදසාව මොකද්ද? :D

      Delete
    5. මොකද්ද බං ඔය ප්රසිද්ධියේ කිව්වැයි කියන කාරනේ?? මට මුකුත් මතක නෑනේ තිසරයෝ. (අඩේ තිසර කියන්නේ එළ වචනයක් නේ...)

      Delete
  5. දැං දැක්කෙ බං. මුලදි කියවාගෙන ඇවිල්ල හොල්මං වෙලා ආයෙත් කියෙව්ව. තැන්කූ මටත් කැරැක්ටරෙයක් දුන්නට. Fanfuckingtastic !

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ මෙන්න ඩුඩ් අයිය සිංහලෙන් කුණුහරප කියනවා.

      Delete
    2. ඕක පටං ගත්තේ රාජ් නෙවැ. එයාම තමයි ෆක් ක්ලෝස් කළ යුත්තේ. හා.. එහෙම නොවැද කෝරලේ මහත්තයෝ...

      Delete
    3. හෑ බොල. මෙච්චර ඉක්මනට????? අගෙයි අගෙයි

      Delete
  6. අපොයි මගේ දෙයියනේ....පුදුම ආසාවකින් කියෙව්වෙ ඔෆිස් එකේ හිනාවෙන්නත් බෑ...හරිම අසරණතාවයකට මම පත්වුනේ....

    ලස්සන පෝස්ට් එකක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිත්තමියෝ. ඇයි අප්පා මං හිනා වෙන දෙයක් කිව්වයැ.. අසරණ වෙන්ට.. මට හීනෙං පේන කොටත් ඔළුවේ රතුමලක් තිබුන වගේ මතකයි.. ආයේ ස්තුතියි ආවට

      Delete
  7. //වැඩේ කියන්නේ ගෙදර උන්දැත් ලැජ්ජ නැතිව හැමදාම දාන විශේෂිත වූ කෙප්ප වලට එක පාරටම අහුවෙනවා.//

    ගෑණු කියන්නෙ මෝඩ හරක් ජාතියක්. කොච්චර බොරු කියල අහුවුනත් ආයෙත් බොරුවක් කිව්වම අහුවෙනව.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. රාලහාමිගේ නෝනත් අහුඋනා නොවැ ඉතිං ඔය බේගල වලට???

      Delete
  8. පටන් ගත්තේ කොහෙන්ද ? ඉවර වුනේ කොහෙන්ද? මේකත් මරු වැඩේ. මාත් ලියන්න ඕනෙ මෙහෙම හෑල්ලක්.

    ReplyDelete
    Replies
    1. අන්න හරි වෙද මහත්තයෝ චුර්ණ හදන එක ඉතිං ඔබතුමාට කජ්ජක් නෙමෙයිනේ. ස්තුතියි ආවට..

      Delete
  9. දේශකයෝ සිරා පොස්ටුවක්. නමුත් පරිස්සමට මාරයා ඔහේව කැන්දාගෙන යාවි බයිසි මොටෝවෙන්ම අපායට. හිකිස්..... මෙම පොස්ටුව මාරයාගේ ඇස නොගැටේවා කියලා මම පතනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෝරලේ මහත්තයෝ.. මාරයා මේ පැත්තේ ඒ දවස් වල සෑහෙන්ට ආවය කියල මගේ ස්ටැට් පිටුවේ තාම තියෙනවා. දැං ඒකා එන්නේ නෑ දන්නවනේ මාත් නහර එකා කියල. හහ්හහ්හා. ස්තුතියි නිතර එනවට

      Delete
  10. මද පමණට ඇනුමත වෙලා ඉන්නකොට ඔය වගේ ඒවා පේනවා නම් තමා ඇත්තට ....

    ReplyDelete
    Replies
    1. එහෙනං රොබියෝ උඹත් දන්නව රහස. හීනේ පෙනිලා නිකං හිටියනං හොදයි නේ බං. මුං මාව මාරයාට භාරදෙන්ටම නෙවැ යන්නෙ.. ස්තුතියි ආවට..

      Delete
  11. නියමයි මචං... හිරුගේ කොමෙන්ට් එහෙකින් තමයි මම මේ ගැන දැනගත්තේ... මමත් ඔය අයියලා ටික අරං පොඩි මාකටින් පාරක් දාගන්නවා... මම නම් බයටම කලේ ලාවට.... උඹ නම් ගුටිකන ගාණටම වැඩේ දීලා වගේ....

    ReplyDelete
    Replies
    1. මම දැක්ක බං. හිරු තැන් දෙකකම මට ෆ්රී මාර්කටින් පාරක් දීලා තිබුනා. හිරුටත් ස්තුතියි. අඩේ මේවා මාර්කටින්ද බං. මමනං සිරාවටම හීනයක් දැක්කේ බං. උඹලත් බලන් ඉන්නේ නිස්ටඹුවේ හාදයන්ගෙන් අපි ගුටි කන කං ද? හ්හ.. ස්තුතියි ආවට. පැට්රියට් කියල තිබුනේ රගහල ලියන්නේ උඹ කියල...

      Delete
  12. නියමම නියම පෝස්ට් එකක්..:) හි හි :) ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... ගොඩාක්.. ජය

      Delete
  13. අති විශේශ බිව්වම ඔය වගේ හීන පේනව.

    ReplyDelete
    Replies
    1. අති විශේෂ හීන නෙවැ...

      Delete
  14. මොනවා කියන්නද...? මගේ නම තියෙන නිසා නෙමෙයි.. අගේ ඇති නිර්මාණයක්. නයා ලස්සනට ගිහින් තියෙනවා. බ්ලොග් ලියනවනම් අනිවාර්යයෙන් කරන්නම ඕන දෙයක්. දිගටම ලියපන්.. මම කැමතියි නිර්මාණවලට..

    අළුත් එකෙක් උනත් මගේ හිතට ඇල්ලුවොත් සප් එක දෙනවමයි. ඒක අපි කාගෙත් යුතුකම...

    ReplyDelete
    Replies
    1. හිතවත් මාතලං අයියේ, මුං බලං හිටියේ මට ටොපි හම්බ වෙනකං. ඔබගේ අගනා අදහස් වලට මාගේ නොවක් ස්තුතිය. මේක ගලවන්ට විදියක් නැතිව හිටියේ ඔබතුමා බලන කං. ස්තුතියි.

      Delete
  15. කියන්න දෙයක් නැ පට්ටම පට්ටයි


    "මහන මැසිම" සහ "අටම්පහුර" ලියන ලක්මාල් කන්දෙවිදානෙ

    ReplyDelete
    Replies
    1. පට්ට ස්තුතියි අටම්තුමනි, සාදරයෙන් පිළිගන්නවා දේශනාවට.

      Delete
  16. මේ හීනය එහෙං පිටින්ම හීනයක් වග සහ සුද්දෙන්ම කිව හැක... ඇයි ගොන්වහන්සේ... අර අන්තිමට දාලා තියෙන කඩු කෑලි ටික මට මේ කපේට ටපලෝ ගන්නේ නැතිව කියතහැකිද..? අනික එව්වෑ තේරුම මං දන්නෙත් නැතිකොට...

    පෝස්ට් එකනං එළ කිරි... හැබැයි තෝ මේකේ සෑහෙන්ට මට අවලාද අපහාස කොරලා තියෙනවා... තෝ නිස්ටඹුව අහලින් යන්ට එහෙම හිතං ඉන්නවනං ඒ අදහස අතෑරගං... තෝව අල්ලලා පස්ස මහලා දෙනවා අරළු පෙති...

    කෝ අර එන්සිනා නංගි... නංගිට තැන්කූ ගිනි ගෙඩිය දුන්නට ඈ...

    ReplyDelete
    Replies
    1. ඒක නෙව හීනයක් ය කිව්වේ. ඔය නගා පෝස්ට්කටුව දැක්ක වෙලාවේ ඉදල මාව කුදලගෙන නිස්ටඹුවෙ යන්ටමයි බැලුවේ.

      අඩේ එතකොට මට හැකිය හෙළ ගූ ක්ලේමෝ එකක් ගහන්ට බොට නෑවෙන්නම..

      Delete
    2. ෂික්.. මං හිතවේ මූට මීට වඩා සම්බුවක් හම්බුවෙයි කියලා... මාරයියා මේ දවස් ටිකේ සිල් අරංද කොහෙද....

      හි හි...

      Delete
    3. ඒයි හිරුවො. අටමා කිව්ව එක හරිද කොහේද? උඹම ගින්න දීලා තව කියනවා සම්බුව මදිය කියලත් නෙව. ඒකට කාරි නෑ අප්පා.. හිරුවෝ දැනට බ්ලොග් ලෝකේ මං දැකපු එළිපිට විවෘතම ගැල්ලමයා (වචනේ හරිද බං) උඹ තමයි. මගේ ආචාරය සැමදා ඔබ හට. එළ කිරි

      Delete
  17. Replies
    1. තැන්කූ වේවා නලින්. සමකය වටේ යනවනේ මං. අර සිරා මල්ලිගේ වැඩේ ගැනත් බලල කොමෙන්කටුවකුත් කොටලයි ආවේ.. අනිවා එනවා හරිය..

      Delete
  18. යස පෝස්ටුවක්නේ.. මට මේක මග අරුණු එක නේ පුදුමේ..

    ReplyDelete
    Replies
    1. හා හා ගණන් ගන්න එපා මේවා පරණ එව්වා නෙව... තැන්කුයි ආවට...

      Delete
  19. මට තාම හරියට හුස්මගන්න මතක නෑ වගේ.... මාරයිනේ .... 750 එම් එල් වලින් ටිකක් බිව්වාම ඔහොම වෙනවද?

    ReplyDelete
    Replies
    1. ඇයි හුස්ම හිර වෙලාද? ගණන් ගන්න එපා ඔය බෝතල් වල දාල තියෙන්නේ හුස්ම හිරවෙන ඒවමයි...

      Delete
  20. යකෝ මේක මට මග ඇරිලා නෙව..නියමම පෝස්ට් එකක් බන්...

    ReplyDelete
    Replies
    1. උඹල ට ඉතිං අපි ලියන ඒවා නෙව මගඇරෙන්නේ.. හාහා අඩන්න කාරි නෑ.. තැන්කුයි ආ.. උඹ නෙව ඉතිං මාව හාර හාර බලපු එකම එකා මේ වෙනකං

      Delete
  21. කොහොමද බං මේක මට මගඇරුනෙ.

    දැංනං උඹ මාරයට ටෝක් දාන්න යන්න එපා බුවා දැං ඉංග්‍රීසි කතාකරන්න වගේම ඉංග්‍රී‍සියෙන් උයන්නත් ඉගෙනගන්නව. බොට මොනවගේ දෙයක් කරයිද කියල හිතාගන්න බැරිවෙයි.

    අනික ඔය බිවුව බ්‍රෑන්ඩ් එක මොකක්ද දේශක‍යො.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. අන්න බලහං මෙලෝ මගුලක් නොදන්නවයි කියන මාරයා දැං ඉංගිරිසි වලින් නෙලන නෙලිල්ල.. දැං අපි තමා බං හැංගෙන්න ඕන. යකෝ අති විසේස කියල කියල තිබුනේ දැක්කේ නැද්ද හැක්

      Delete