Thursday, August 23, 2012

Review on Scam Money making systems

සෙල්ලං සල්ලි?

පෘථිවිය මත ලෝක කිහිපයක්ම තිබුනත් ඒ හැම ලෝකයේම ජීවත් වන මිනිසුන් හට ඇති මුදල් අවශ්‍යතාවය අසීමිතය. ඒ දවස් වල පරිමිඩ් ක්‍රම හරහා මිනිසුන් සෙල්ලං සල්ලි හොයාගන්න උත්සාහ ගත්තා. ඒ මදිවට දඩුවම්ලා, සක්විතිලා අහිංසක මිනිස්සු‍න්ගේ විතරක් නෙමෙයි ලොකු කොම්පැනි කාරයන්ගේ මිලියන ගණනක් මුදල් වලිනුත් සෙල්ලං කලා. ඔය එක තැනකදී වත් වියදං කරපු ගාන තියා දීපු සල්ලි ටිකවත් ගන්න බැරි වෙලා තියෙන්නේ.


මේ දවස් වල රාජකීය හෙන්රි කොලුවෝ ලාස් වේලාස් වල හෙලුවෙන් දැගලුවත් ඇමරිකාවෙත් ජීවත් වෙන්න අමාරු කාලයක් තමා තියෙන්නේ. එහෙම උනත් මෙම අන්තර්ජංජාලය භාවිතා කරල මිනිස්සුන්ගෙන් සල්ලි ගරන ක්‍රම පටන් ගත්තේ සෑහෙන කාලයකට ඉස්සර වෙලා. මේ වනතුරුත් එක එක ක්‍රම වලින් මිනිස්සු අමාරුවේ දාන්නා හදාගත්ත ක්‍රම අනන්තවත් තියෙනවා.. හෙටත් හැදෙනවා.


අපිට ඒ දවස් මතක අපේ ඊමේල් එකට එවන මේල් එකකින් කියන්නේ "ඔයාට සුභපැතුම්! ඔන්න ඩොලර් 10000 ක ලොතරැයියක් ඇදිලා තියෙන්නේ ඉතිං ඒ සල්ලි නැවේ එවන්න ඩො‍ලර් 50 ක් එවන්න" කියලා. ඉතිං ඕකට අහුවෙලා හොරෙන් හොරෙන් බැංකු විස්තර දුන්න අයියලත් උන්නා. එක් දවසක් මගේ යාලුවෙක්  ඇවිල්ලා කියනවා මචං කාටවත් කියන්න එපා මට ලොකු ගාණක් ඇදිලය කියලා මේල් එකක් ආවය. ඒ සල්ලි නැවට දාන්න අච්චර ගානක් යවන්න ඕනය කියලා. ඉතිං ඇදිච්ච ගාන එක්ක බැලුවම නැවට දාන්න යන ගාන මුහුදට දාපු ‍පොල්ලෙල්ලක තරම නිසා මං ඌ‍ට කිව්වා ඒ ගාන අඩු කරගෙන ඉතුරු ටික එවන්නට කියාපං කියලා. මෑන්ස් එහෙම කියාල මේල් කලා නොවැ. ඒ පාර කියනවලු ඒ වගේ වැඩ කරන්න බැරිය කියලා. ඉතිං කොහොම හරි මම මේ යකාට තේරුම් කරල දුන්න ඒක ‍බොරුවක් කියලා. ඒ දවස් වල අපිත් ප්‍රාථමික මට්ටමින් තමා ඔය ගැන දන්නේ. නමුත් පොඩ්ඩක් මොලේ පාවිච්චි කරනව නම් ඒවට අහුවෙන්න සිදු වන එකක් නෑ. 


අන්තර්ජාලයේ තියෙන විදියට සතියට ඩොලර් 500 - 600 ලේසියෙන්ම හොයන්න පුලුවන්. ඒකට වැඩිය මහන්සි වෙන්න ඕනත් නෑ. ඉතිං මේවට‍ අහුවෙලා අතේ තියෙන පිචිචියත් නැති කර ගන්න යන්න එපා. ගොඩක් වෙලාවට ඒ වගේ ‍ලොකු සල්ලි හොයාගත්තය කියලා නම දාල තියෙන අය ලෝකේ පුරා දහසකුත් එකක් නගර වල ගෙදරට වෙලා ඉන්නවා. ඒත් මේ තියෙන Targeted advertising නිසා අපිට එහෙම තිබුනට සත්‍ය ලෙසම ඒකත් වංචාකාර විදියට හදපු වීඩියෝ, පුවත්පත් සාකච්ඡා, ලිපි වලින් මිනිසුන් ගොනාට අන්දනවා වගේමයි.


ඔය කියන හැම තැනම බොරුව තමා තියෙන්නේ.


මේ දවස් වල ඇමරිකාව පුරාම දුවන කෙලී රිචඩ්ස් නංගි ගෙදරට වෙලා සල්ලි හොයන තැන ගැනයි ඒකේ තියෙන් බොරුව ගැන බ්ලොග් එකක ලියපු ලිපියයි වෙත යන්න තියෙන් ලින්කටු දෙකක් පහතින් ඇත. (අර ලිපියේ කමෙන්කටු බලල මේවා ගැන ලොකු දැනුමක් ලබාගන්න පුලුවන්.


සුභ ගමන්


4 comments:


  1. සාමාන්යෙන් මචන් සරල MS word දැනුමක් තියෙන කෙනෙක්ට
    පුළුවන් දවසට පැය 4 වැය කරොත් සතියට රු 8000 වගේ හොයා
    ගන්න .මේක හරියට කරොත් ඉතින් මාසෙට කැත නැතුව 30 ට වඩා
    හොයන්න පුළුවන් ..

    ඒත් ඉතින් මාමණ්ඩි අහද්දී " මේ පුතා දැන් මොකද කරන්නේ " කියල
    ඉවරයි..සුද්දන්ට ලියුන් ලියනවා කියන්නද ?

    ReplyDelete
    Replies
    1. ඒත් අවුලක් නෑ බං සල්ලි තියෙනං. මාමණ්ඩිත් කට වහගනීවි

      Delete
  2. අප්පා මටත් ඔය වගේ ලොතරැයි දිනුම් බර ගානක් අදුනයි කියල e-ලියුම් එවනව, සල්ලි නම් මොනවද නේද ?

    මම ඉතිං සල්ලි පස්සේ නොදුවන සරල හිටන් වගේ බුවානෙ, ඒ හන්ද එපා කියල අල්ලලා දැම්ම !

    ලොතරැයි වලට අමතරව මොබයිල් Easy Cash දාන්න කියන ඒවා, කෝල් කරලා දඩ ගෙවන්න කියන ඒවා ඔය ජාතියේම වැඩ තමයි. ඒ විදිහට යන Scam ජාති මෙහෙ එමටයි.

    ReplyDelete
    Replies
    1. මගේ ස්පෑම් එක බැලුවා උඹ මේ කමෙන්ට් එක දැම්මට පස්සේ. ගූගල් එකෙනුත් ඩොලර් මිලියනයක් දිනල කියල මට මැසේජ් එකක් තිබ්බා.. හැක්.

      Delete