Wednesday, October 24, 2012

මම මයිකල් නයිට්, 2040 දී



 අපි 1980 ගණන් වල ඉදලම එක දිගටම කට ඇරගෙන අපිට තිබුණු පරණ කළු සුදු රූපවාහිනියෙන් නයිට් රයිඩර් කථා මාලාව බැලුව පුදුම ආසාවකින්. ඒ කාලේ ඉතිං කාර් එකක් තියා බයිසිකල් කට්ටක් වත් හරියට දැකල නැති අපිට මයිකල් නයිට් ගේ කිට් දාන වැඩ සුපිරි උනා වගේම අදහාගන්නට බැරි විස්මයජනක අත්දැකීමක් උනා. ටයි මහත්තයාගේ උනන්දුව නිසා ඉංගිරිසි නොදන්න අපි සිංහල සබ්ටයිටල් වලින් ඒ කතා මාලාව සෑහෙන්න රස වින්දා. ඒ විදියට අපි කිට්ව දැක්කේ මේ ලෝකේ තියෙන සුපිරිම කාරය කියල. හැබැයි කිට්ගේ වැඩ කෑලි පට්ට බොරුවක් බව අපි හැමෝම හිතින් දන්නවා. ඔන්න දැං අසූ ගණන් පහුවෙලා විසි එක් වෙනි සතවරුසෙන් කාලක් විතර ගෙවෙන්න ලං වෙලා තියෙන කොට මෙන්න බොලේ කිට්ලා වැඩ පෙන්නනවා.

තාක්ෂණයේ දියුණුවත් එක්ක මෝටර් රථ එක් එක් ආකාරයෙන් වෙනස් කම් වලට භාජනය වෙන්න පටන් ගත්තා. පරිගණක චිප් මගින් පාලනය වෙන මෝටර් රථ නිෂ්පාදනය නම් දැං කිසිම අළුත් දෙයක් නෙමෙයි. ඒ වගේම වේග පාලනයන්, හදිසි තිරිංග යෙදීම්, අනතුරකදී ඇති වෙන ස්වයංක්‍රිය පාලනයන් දැං තියෙන කාර් වල අනිවාර්ය අංගයන්. 

මේ අටුවාව ලියන්න වෙන්නේ ඊළග පරපුරේ මෝටර් රථ නිෂ්පාදනය වානිජ මට්මමින් ආරම්භ කිරීමට කටයුතු සියල්ල සුදානං වෙලා තියෙන හින්දයි.

මේ කාර් වලට කියන්නේ රොබෝ කාර් කියලා නොහොත් සවයංක්‍රීය කාර්. ලෝකයේ ප්‍රමුඛව මෝටර් රථ නිෂ්පාදකයෝ වන කැඩිලැක්, අවුඩි, බී එම් ඩබ් වැන ආයතන දැනටමත් රොබෝ කාර් නිෂ්පාදනයට අවශ්‍ය මූලික කටයුතු අවසන් කර තිබෙනවා. ඒ අනුව 2015 වන විට සම්පුර්ණයෙන් ස්වයංක්‍රිය රොබෝ කාර් වානිජ මට්මමින් නිෂ්පාදනය වේවි කියලා පර්යේෂකයන් පවසනවා.

මොකක්ද රොබෝ කාර් එකක් කියන්නේ?

ඔබ දන්නවද ගූගල් සමාගම තමා වැඩිම වේගයකින් යුතුව ස්වයංක්‍රීය කාරයක් නිෂ්පාදනය කිරීමේ කටයුත්ත සිදු කරන්නේ. අති විශේෂ මෘදුකාංග, ජීපීඑස් තාක්ෂණය, විවිධ ඉලෙක්ට්‍රොනික සංවේදක, අධෝරක්ත කිරණ කැමරා, ලේසර් කිරණ ආදී එකී මෙකි නොකී විවිධ උපකරණ හා මෘදුකාංග භාවිතා කරමින් සම්පුර්ණයෙන්ම රියදුරු පාලනයෙන් තොර කාර් රථයක් නිපදවා තිබෙනවා. ඇත්තටම ඒක ටොයෝටා ප්‍රියස් හයිබ්‍රිඩ් එකක්. 



මේ වන විට ඇමරිකාව පුරාම එම වර්ගයේ කාර් රථ කරක් ගහනවා. (අරුණි නං ඕක දැකල ඇති) 2012 මැයි මාසය වෙන කොට මේ රියදුරු රහිත කාරයට ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයෙන් ධාවනය සදහා අවශ්‍ය අනුමැතිය ලබා ගෙන තියෙනවා. ඒ වගේම මීට දින කිහිපයකට ඉස්සෙල්ලා කැලිෆෝනියාවෙත් අදාළ අනුමැතිය ලබා දුන්නා. දැං බලමුද කොහොමද මේක යන්නේ කියලා. ඔන්න වීඩියෝවක් පහලින් එල්ලල තියෙනවා. ඒ හාදයෝ කියන ෆක් කියල කිව්වට ගනන් ගන්න එපා හොදේ.


කොහොමද වැඩ.. ගූගල් එකේ ප්‍රධාන විධායක නිලධාරියා වෙච්ච බ්‍රිට් මහත්තයා කියනවා “සම්පුර්ණයෙන් ස්වයංක්‍රීය කාරයක් දැං සිහිනයක් නෙමෙයි. තව අවුරුදු පහක් ඇතුලත සාමාන්‍ය ජනතාවට එහි පාරිභෝජන අයිතියත් ලැබෙනවා“ කියලා.

මේ වන කොට ගූගල් කාරය කිලෝමීටර් ලක්ෂ තුනකට වැඩිය ආබාධයකින් තොරව ධාවන කරල තියෙනවා. නමුත් මෑතකදී එකම එක සුළු අනතුරක් වෙලා තියෙනවා ගූගල් කාරය නිසා, ඒකත් මානව දෝෂයක් හේතුවෙන්. 

එහෙම බැලුවම අනාගතයේදී අපේ ගමන් බිමන් වඩාත් ආරක්ෂිත වේවි කියල හිතන්න පුළුවන්. ඒ වෙන කොට පාරේ දුවන හැම වාහනයක් ම එකිනෙකා සමග ඉලෙක්ට්‍රොනික අන්තර් සම්බන්ධතාවක් පවත්වා ගැනීම සිදුවෙනවා නියතයි. එහෙම උනාම කොහොමත් අනතුරු සිදු වෙන්න තියෙන ඉඩ කඩ අඩු වෙනවා.


එතකොට මට මයිකල් නයිට් කෙනෙක් වෙන්න 2040 වෙනකං ඉන්ට ඕනෙත් නෑ වගේයි..

20 comments:

  1. වටින පෝස්ට් එකක් මචෝ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ. දන්න කස්ටිය ඇති ඒ වුනත් නොදන්න එකෙක් හරි දැනගන්න එක වටින නිසයි දැම්මේ

      Delete
  2. ස්තුතියි මචෝ. දන්න කස්ටිය ඇති ඒ වුනත් නොදන්න එකෙක් හරි දැනගන්න එක වටින නිසයි දැම්මේ

    ReplyDelete
  3. මොහොම වටින පෝස්ට් එකක්. රහට ලියලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මාතලං ගොයියා මේක බලපු එකත් ලොතු දෙයක්. ඇයි අප්පා අපේ කමෙන්කටු අළුයම ලූ කෙල පිඩු සේ ඉවත ලන්නේ.. දුක නැද්ද අප්පා... හ්හ.. හ්හ... (සැමා හති දාන විදිය)

      Delete
  4. ස්තුතියි. මාතලං ගොයියා මේක බලපු එකත් ලොතු දෙයක්. ඇයි අප්පා අපේ කමෙන්කටු අළුයම ලූ කෙල පිඩු සේ ඉවත ලන්නේ.. දුක නැද්ද අප්පා... හ්හ.. හ්හ... (සැමා හති දාන විදිය)

    ReplyDelete
  5. ඇත්තටම ඔහොම වාහනයක් අපිටත් තිබුනනං කියල හිතෙන්නේ මෙහෙම ඒවා කියවනකොට තමා :) :)
    ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. බය වෙන්ට එපා හිරුවො.වැඩි දවසක් යන්ට කලින් ඔයින් එහෙක යන්න ඇහැක් වේවි. ස්තුතියි බැලුවට

      Delete
  6. නයිට් රයිඩර් මාත් ඉස්සර ආසාවෙන් බලාපු සීරීස් එකක් තමයි.

    ඔය තාක්ෂණයෙ සමහර අංග, අවුරුදු ගනනාවකර ඉස්සරත් තිබ්බා දේශකයා. නමුත් මහා පරිමාණයෙන්, ඒ කියන්නෙ වාණිජ මට්ටමෙන් නිෂ්පාදනය කෙරෙන එකට මොකක් හරි බාධාවක් වෙනවා.

    ඔය රථය ආරක්ෂාකාරෙව ස්වයංක්‍රීයව හැසිරවීමේ තාක්ෂනය ගැන පොඩ්ඩක්ට අමතක කරලා, මූලිකව වාහනයක එන්ජිම කියාකරන හැටි හිතලා බැලුවොත්, අර එදා හොයා ගත්ත internal combustion එන්ජිමම නේද තාම මේ වැඩ කෑලි අමුන අමුන ඇදගෙන යන්නෙ කියල හිතෙනකොට, මටත් හිතෙනවා කොතන හරි අදිසි හස්තයක් ක්‍රියාත්මක වෙනවා ඇති කියලා ෆොසිල ඉන්ධන වලින් දුවන වාහන තව දුරටත් පවත්වාගෙන යන්න.

    විදුලියෙන් ක්‍රියා කරන වාහන අත්හදාබලන්නෙ අපේ තාත්තලා ඉපදෙන්නත් ඉස්සර ඉඳන්. නමුත් තවමත් සැලකිවයුතු දියුණුවක් නෑනෙ ගතවෙච්ච කාලයෙ හැටියට. කම්පියුටර් එක්ක සංසන්දනය කරලා බලන්නකො.

    දැන් ඔය හයිබ්‍රිඩ් එකේ උනත් අර පරණ එන්ජිමත් තියෙනවනෙ.

    ඒකට ගන්න කාලය නම්හොඳටම වැඩියි කියලා මට හිතෙනවා.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඒත ඇත්ත ඩුඩ්. ලෝකය තාම සියළු නව නිර්මාණ කරන්නේ මීට සෑහෙන්න කාලෙකට කලින් හදුනාගත් තාර්කික දේ මතම තමයි යැපෙන්නේ. ඒක වෙනස් කරන්න අපගේ සියළු තාර්කික මතිමතාන්තර විප්ලවීය වෙනසකට භාජනය විය යුතුයි. ඒ කියන්නේ ආයෙත් නිව්ටන්ලා අයින්ස්ටයින්ලා එඩිසන්ලා නිව් වර්ෂන් විදියට ලෝකෙට එන්න ඕන. වාහන ගැන නං ඩුඩ්ට තරම් මට දැනුමක් නැති බව අවංකව කියන් ඕන. (බල්ලො කාපු කාර් එක වෙනම දෙයක්.. ) ජය. ස්තුතියි ආවට

      Delete
  7. එලනෙ! මාත් උස්සනව එකක් ලංකාවට ආපු කාලෙක!

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා. කාලෙකින් ගොඩවුනේ. අප්පා එනකං බලං හිටිය මිසක් මම නෙමෙයි හ්ම් කිව්වේ. ආයෙත් තැන්කූ.
      අපිව උස්සයි බං ඔය කාරෙක තව ටික දවසක් යන කොට. රොබෝ සුදු වෑන්. හිහි

      Delete
  8. තැන්කූ වේවා. කාලෙකින් ගොඩවුනේ. අප්පා එනකං බලං හිටිය මිසක් මම නෙමෙයි හ්ම් කිව්වේ. ආයෙත් තැන්කූ.
    අපිව උස්සයි බං ඔය කාරෙක තව ටික දවසක් යන කොට. රොබෝ සුදු වෑන්. හිහි

    ReplyDelete
  9. හැබැයි දේශකයෝ 2040දී ඔගේ මයිකල් නයිට් උනත් වැඩක් නැහැ හැට පැනලානේ එතකොට. ලොල් ආව ගමන් ඔය කාර් එකක් ගිහිල්ල බලල එන්න ඕනේ. නැතිව ඉතින් කවද ඔයින් එකක් ගන්නද..........?

    ReplyDelete
    Replies
    1. හැට පැන්නත් යන්න පුළුවන් කෝරලේ මහත්තයෝ. ශ්‍රව්‍යාබාධිත, දෘෂ්‍යාබාධිත හා විවිධ ආබාධිතයන්ට මේක ලොකු සේවයක් වෙනවා. ඔබතුමා මාගේ උප්පැන්නේ දින වලමද කොහෙද?/ හික්.. හික්..

      Delete
    2. http://chithula.blogspot.com/2012/10/blog-post_6.html

      වැඩිය නැහැ බොලව් හැට පිරුණත් කොල්ල වගේ

      Delete
  10. හොඳ පෝස්ට් එකක්. මමත් ඒ තරම් නැතත් ටිකක් කාර් ගැන උනන්දුයි. මේ හයිටෙක් කාර් එක නම් මට හරිම රසවත් දෙයක් වුනා.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි.. ඒක ඔළුවටම වැදුනා.. අර වීඩියෝ එක බැලුවනං නියමයි. ඉතිං කොහොමද දැං තැන්පත් වෙන්නද යන්නේ. දාමුකෝ විස්තර ටිකක් රවුම් ගහපුවැයි.

      Delete
  11. නයිට් රයිඩර් මාත් ලංකාවේ දී ආසාවෙන් බලපු එකක්. ඒකෙ රඟපාන ඩෙව්ඩ් හැසල්හොෆ් ගායකයෙක් සහ යුරෝපයේ ඉතා ජනප්‍රිය අයෙක් යැයි දැනගත්තෙ මෙහෙට ආවට පස්සෙ.

    ගූගල් කාර් වල දෙවතාවක් රිය අනතුරු සිද්ධ වුනාට ඒ දෙකම පුද්ගලයෙක් වාහනය පදවද්දී වෙච්ච අනතුරු.

    මේ දවස්වල එංගලන්තයේ සිට අයර්ලන්තය දක්වා යන නියමුවෙක් නැති මගී ගුවන් යානා අත්හදා බැලීමක් ද වෙනවා. ඒ ගැන වාර්තාවක් පළ කරපු 'ද ඉකොනොමිස්ට්' සඟරාව කියන්නෙ නියමුවෝ නැති වාහන වලට කළින් නියමුවෝ නැති මගී ගුවන්යානා ඒවි කියලයි.

    ReplyDelete
    Replies
    1. හරියට හරි.. ඔය මනුස්සයා මත්ද්‍රව්‍ය කේස් එකකට අච්චුත් කොලා මතකයි.. ඒ උනාට මමත් ආසම කතාවක් තමා ඒක.. ගුවන් යානා කතන්දරේ නං ඇත්තටම මීට වඩා ගොඩක් දියුණුයි. මොකද දැනටත් සෑහෙන කලක ඉදල බොහෝ දේවල් ස්වයංක්‍රීයයි නේ. ස්තුතියි මේ පැත්තේ ආවට..

      Delete