Saturday, October 20, 2012

පෙර පෙමක්

දුටුවෙමි අහඹු ලෙස
නුඹ එනු ඉදිරියට
පෙර මෙන්ම
සිත බමන්නට විය
වියරු විය රුහිරු හිරු
සැඩ විය පවන
විසිරුවා දූවිලි දසත
නුඹ ඒමට පෙර ගැයූ ගීයම
ගැයුවෙමි
නුඹ ඉවතට යනතෙක්ම
හීන් මදහසින්
පුදුමාකාර නිසංසල බවකින් (බොරුවට)
හද තුලින් තැති ගෙන
කෑලි කැඩෙන්නට මෙන්
නොපෙන්වූයෙමි එය
වීය මා සාමාන්‍යයයෙකු
නුඹ අභියස ඒ මොහොතේ
නැත කිසි අමුත්තක් නුඹෙත්
සිනහවේ අඩුවක් හැරෙන්නට
පෙර මෙන්ම
සිනාව හා දෑසෙහි හමුවීම
වචන දහසක් පවසයි
නොකියවූ දේ
දැනෙන්නට
නුඹටත් මටත් පමණකි
රාහුලයෙකු නිසයි
ශක්තිය දියවී ගියේ
නුඹ හා දොඩන්නට ඇති........... සමාව

16 comments:

  1. ඉස්සර බැඳී පෙම සිත්වල සුවඳයි යලි පුබුදන්ට බැරි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත කෝරලේ මහත්තයෝ. ඒනං ඔබතුමාත් ඕව දන්නව ඈ

      Delete
    2. හාමිනේව සහේට ගන්න කලින් ඔය පොඩි හුට පට දෙකතුනක් තිබුනා

      Delete
    3. සිත තාම තරුණයි නේ කෝරලේ මහත්තයෝ...

      Delete
    4. අනිවා....... කෝරලේ කියන්නේ නිකන්ද බොල.. .වලව්ව ඇතුලේ වෙනදේවල් නොදන්නෙහිද? :P

      Delete
    5. අවසර.. අවසර.. මම මේ කොලොප්පමට කිව්ව කතාවක් ඔබතුමා තරහ ගන්ට කාරි නෑ.

      Delete
  2. පට්ට... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පට පටග.. රජාට ස්තුතියි

      Delete
  3. මරු ඈ..!
    //රාහුලයෙකු නිසයි
    ශක්තිය දියවී ගියේ
    නුඹ හා දොඩන්නට ඇති//.........!!!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන සහෝ. එහෙනං එළ ඇ..

      Delete
  4. පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නලවනවා.
    මගේම ගීයක් නැලවිලි ස්වරයෙන් ඈතින් මතු වෙනවා.

    දේශකයාගේ කවි පෙළත් විද ඇති අත්දැකීමකි. එනිසා අර 'නිසංසළ' බව නම් හොදටම තේරුණි.

    ReplyDelete
    Replies
    1. සුනිල් සරත් මහත්තයටත් එහෙනං අපිට වගේ කේස් තියෙනවා නේ. ඇත්ත බං ඒක විදින්නම ඕන හැගිම් ගැන දැනගන්න. නොසෑහෙන්නට ස්තුතියි දිගටම බලනවට.

      Delete
  5. හ්ම්ම්..කොහොම උනත් ගැලපීම අපූරුයි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරුහිමාවියෝ.. මොකෝ තාම මානසිකව වැටුනු ගමන්ද??

      Delete
    2. නැහැ නැහැ අලුත් එකක් ලිව්වො :)

      Delete
    3. අපි ඒක බැලුවෝ... කමෙන්කටුවකුත් කෙටුවෝ....

      Delete