
ලෝක විනාසේ අත ළගට ම ඇවිල්ල විත්තිය දැන්නං
සහසුද්දෙන්ම පේනවා මොකෝ එහෙම කියන්නේ 2012.12.21 දිනේ තමයි අර මාර (සොරි වෙන්ට ඕන)
මායා කැලැන්ඩරේට අනුව මේ ලෝක ධාතුව ගැන සදහන් වෙන අන්තිම දවස. මක්කැයි කොරන්නේ
කියල අහන්ට දෙයක් නෑ.. අවුරුදු හොන්ඩර බර ගානකට ඉස්සර වෙලා අවුරුදු හොන්ඩර බර ගාණක
ඉදිරිය ගැන කියවෙන කැලැන්ඩරයක් හදපු ඔය මායාවරුන් කියන්නේ ලේසි පාසු පුත්තරයෝ
නෙමෙයි කියල දැං හිතන්න, කියන්න සිද්ධ වෙන කාරණා කිහිපයක් තියෙනවා.
මායා සිස්ටාචාරය පටන් අරගෙන (ඔන්න ලිහිණි ගාව
ඒ විස්තර තියෙන්නේ) රජ පරම්පරාවල් ඇති වෙමින් නැති වෙමින් සමහර දේ කාලයේ වැලිතලාවෙන්
වැහෙමින් ආයේ ඇරෙමින් දිගට ගලා ගිය මේ සිස්ටාචාරය ඩෝං පටෝං ගාලා එක පාරටම නැති
වෙලා යනවා. මායාවරුන්ගේ ජනගහනයත් සීඝ ලෙස පල්ලම් බහිනවා.
ඒ කොහොම උනත් මේ දක්වාම මායාවරුන් ලෝකේ ජීවත්
වෙනවා ඒ වගේම ඔවුන්ගේ නායකයන් පවා ඉන්නවා මේ ලෝක විනාසේ වෙනවයි කියල මරහඩ දෙන.
දැං කියමුකෝ බලන්න කොහේද අප්පා මේ මායාකාරයෝ
ඉන්නේ කියල. දන්නවද? මේ ගොල්ලෝ ඉන්නේ මැක්සිකෝව, ගෝතමාලාව, කොලාම්බියාව මොනවද මේ
රටවල්?? කොයි හරියෙද තියෙන්නේ.. අපි ඒක පස්සට දාමු..
ඔන්න මායා කතාව ඉවර කරල අපි දැන් පටන් ගන්නවා
ලෝකේ මේ දවස් වල මොනවද වෙන්නේ කියල බලන්න. එතකොට ඉස්සෙල්ලම බලන්න ඕන මේ අපේ
ජන්මභූමිය දිහා නෙව.. ලංකාවේ ඉන්න වැඩි පිරිසක් අදහන්නේ බුද්දාගම. බුද්දාගමට අනුව
කොහොමෙයි ලෝක විනාසය වෙනවය කියන්නේ... දන්නැ.. සූර්යයන් හතක් එකම අහසේ පායන දාට..
තේරුනානේ.. දැං එතකොට ඔන්න බලන්න ලංකාවට මේ දවස් ටිකේ අමුතු දීප්තිමත් ආලෝක කදම්බ
කීයක් දර්ශනය වෙලා තියෙනවද කියල.. වැඩිය දුර යන්න ඕන නෑ. ගොසිප් අයියා දාපු එක
ඔන්න ගෙඩි පිටින්ම දැම්ම බලාගන්නල එක්ක.
1. නොවැම්බර් 27- හලාවත, ඉරණවිල (පාන්දර
3.00)
2. නොවැම්බර් 27- පොළොන්නරුව, කඩවතමඩුව (රාත්‍රී 8.15)
3. නොවැම්බර් 30- බද්දේගම උනන්විටිය (රාත්‍රී)
4. නොවැම්බර් 30- බණ්ඩාරවෙල, දියතලාව (පෙරවරු 7.30)
5. දෙසැම්බර් 01- උණවටුන එරබදුගහ හන්දිය (රාත්‍රි 7.30)
6. දෙසැම්බර් 05- අම්බලන්තොට බෝලාන (දින 3ක් රාත්‍රි 7.30)
7. දෙසැම්බර් 05- වැල්ලවාය යාලබෝව (රාත්‍රී 7.30)
8. දෙසැම්බර් 06- වැලිමඩ නැඳුන්ගමුව (උදේ 10.30 )
9. දෙසැම්බර් 07- අනුරාධපුර නොච්චියාගම (සාවස 6.25)
10 දෙසැම්බර් 09- මන්නාරම (රාත්‍රී)
2. නොවැම්බර් 27- පොළොන්නරුව, කඩවතමඩුව (රාත්‍රී 8.15)
3. නොවැම්බර් 30- බද්දේගම උනන්විටිය (රාත්‍රී)
4. නොවැම්බර් 30- බණ්ඩාරවෙල, දියතලාව (පෙරවරු 7.30)
5. දෙසැම්බර් 01- උණවටුන එරබදුගහ හන්දිය (රාත්‍රි 7.30)
6. දෙසැම්බර් 05- අම්බලන්තොට බෝලාන (දින 3ක් රාත්‍රි 7.30)
7. දෙසැම්බර් 05- වැල්ලවාය යාලබෝව (රාත්‍රී 7.30)
8. දෙසැම්බර් 06- වැලිමඩ නැඳුන්ගමුව (උදේ 10.30 )
9. දෙසැම්බර් 07- අනුරාධපුර නොච්චියාගම (සාවස 6.25)
10 දෙසැම්බර් 09- මන්නාරම (රාත්‍රී)
කොහොමද වැඩේ මේ වෙන කොට එළි දහයක් පෙනිලා තියෙනවා.. එතකොට සුර්යයන් හැටියට බැලුවොත් දහයක් එතනම තියෙනවනේ.. බොරු.. බොරු.. බුදුදහමට අනුව මේක තර්කානුකූලව ඔප්පු කරන්න බැරිය කියල දැං ඔහේල කට මැද මැද කියාවි. ඒක තමා මාත් කියන්නේ මේ බොරුවක්.. ඒ උනාට ලෝක විනාසය වෙනවා.. ආයි අහනවා ඒ කොහොමෙයි කියල..
මේක කුමන්ත්‍රණයක්...
ඔස්ටේරියාවේ ගිලාඩ් නංගි එහේ ටී වී එකක
කිව්ව මායාවරුන් හරිය.. ඒ නිසා ලෝක විනාසය වෙනවය කියල.. ඒත් මොකද උනේ.. අන්තිමට
කිව්වා මේක මේ ටීවී කාරයෝ ඩබ් කරල හැදුවයි කියල. අන්න තවත් කුමන්ත්‍රණයක්..
දැං අන්තිමට ගිලාඩි කියපු එකත් බොරුලු.
ඊට පස්සේ රුසියාවේ මිනිස්සු තරගෙට
ගිනිපෙට්ටි, ඉටිපන්දම්, පාං ඇයි වොඩ්කා එකතු කරනවා ලෝක විනාස උනාම
පාවිච්චිටයට ගන්න තියාගන්න. මේ ලෝකේ තේරුමක් නැති මේ රුසියානුවන්ට තේරෙනවැයි ලෝක
විනාසෙ උනාම උං ඉතුරු වේවිද කියලා.. හැක්.. ඒ උනත් එතනත් කුමන්ත්‍රණයක් තියෙනවා. ඒ
විදියට රුසියානුවන් බය කරන්න.. ලෝකේ විනාස වෙන එක ස්තිරයි කියලා දැං චීනයෙත්
බහුතරයක් විස්වාස කරනවා. අවංකව කිව්වොත් ඒකත් කුමන්ත්‍රණයක්.. නැත්නං මේ මීයෙක්
දෙන්නෙක් මරං කන චීනෝ ලෝකේ විනාස වෙන කොට සතුටු වෙන්ට එපායැ.. ඇයි එතකොට නෙව මීයෝ
සූ සූ ගාලා දුවන්න ගන්නේ..
දැං බලමු මේ කුමන්ත්‍රණය කවුද කරන්නේ කියලා.
අපි දන්නවා සිංහලයෝ විදියට ලෝකේ විනාස වෙන්න අර විදියට හතක් එක අහසේ පායන්න ඕන
කියල.. අපිට ඒක උගන්නල තියෙන බුදු දහමෙන් නිසා තමයි අපිට ඒ විදියට එක එක විදියට අමුතු එළි
පෙන්නන්නෙ. දැං අපිත් හිතනවා ලෝකේ විනාස වෙන්නය යන්නේ කියලා.. ඒ විදියට ගොනාට
අන්දපු ගිලාඩ් හින්දා ඔස්ටේරියන් කාරය, රුසියන් කාරය, චීන කාරයා හැම එකාම හිතනවා
ලෝකේ විනාසය අත ලගය කියලා.. ඒත් .......
තාමත් ලෝක විනාසේ ගැන සද්ද නැතිව ඉන්න
කස්ටියක් ඉන්නවා.. කවුද... ඇමරිකන් කාරයෝ.. ඇමරිකන් කාරයෝ.. උං තමා මේ ඔක්කොම
කුමන්ත්‍රණ කරන්නේ.. ඔය මායා කැලැන්ඩරය බොරුවක් කියල උන් සහසුද්දෙන්ම දන්නවා. ඒක
නෙව ඔය දැනට ඉන්නවයි කියන මායාකාරයොන්ට ඔබාමා ලොක්කා සුන්දර තගක් දැම්මය කියන්නේ
එහෙම ලෝක විනාස වෙනවයි කියල බොරු ප්‍රචාර කරන්න එපාය කියලා.. එහෙම කරේ නැත්නං
අනිත් ඇමරිකන් කාරයොත් ඕකට බය වෙනවනේ.
ඔන්න දැං තමා කුමන්ත්තරනේ එළියට දාන්නේ..
ඇමරිකාවේ තියෙන ඒරියා 51 තමා දැං අවුරුදු ගානක් තිස්සේ ලෝක විනාසය කරන්න සූදානං
වෙන්නේ. ඇමරිකන් කාරයට තියෙනවා ලොකු ආසාවක් අර හිට්ලර්ට තිබ්බ වගේ මුළු ලෝකයේම
ඇමරිකන් අධිරාජ්‍යයක් පිහිටුවන්න. ඒක ජෝජ් වොසින්ටොන්ගේ ඉදල හුසෙන් ඔබාමා දක්වාම
ප්‍රතිපත්තියක් විදියට කෙරුනා.. ඔය ලංකාව වගේ රටවල් හින්ද උන්ට ඕන විදියේ අධිරාජ්‍යයක්
ලොවෙත් හදන්න බැරි විත්තිය දන්න හින්ද තමා දැං ඔය මායා කැලැන්ඩරේ තියෙන බම්බු
දිනයක් අල්ලගෙන උන්ගේ සීඅයිර්, එෆ්බීඅයි හරහා මුළු ලෝකෙටම අමුකවන ගානට ලෝක
විනාසයක් වෙනවයි කියල ඒත්තු ගන්නල තියෙන්නේ. ඒ විදියට ලෝකේ අනිත් රටවල් අන්දන්න ක්‍රමයක් තමා මුං හැදුවේ මායා සිස්ටාචාරය කියලා. අර උඩින් කියපු මායා කාරායෝ හිටියයි කියන රටවල් තියෙන්නේ කොයි කිට්ටුවද කියල දැං කියන්න ඕන නෑනේ. ඒ විදියට එක එක රටවල් ඒ ඒ රටවල් වලට ආවේනික විදියට මෝඩයට අන්දන ක්‍රම ඇමරිකන් කාරයෝ හොයල බලල ඒ විදියට තමා අපිවයි ලෝකේ අනිත් රටවල් ඔක්කොමයි අන්දන්නේ මායා කැලැන්ඩරේට අනුව ලෝක විනාසය වෙනවයි කිය කිය. දැං බලමු රටවල් කීපයක් අන්දල තියෙන විදිය.
ලංකාව අන්දන්නේ බුදුදහමේ එන සුර්යයන්
හතේ කතාවෙන්. දැක්කනේ අපිව අන්දන්නේ අපි අදහන ආගමේ ලෝක විනාසය ගැන කියල තියෙන විදියටමයි. එතකොට තමා ඔය උඩින් කිව්ව එළි, ඒව තමා ඒරියා 51 න් එවන අපිව අන්දන බොරු
ආලෝක කදම්බ. පේනවා නේ අපි ඇදලා ඉවරයි.
දැං තව කියනවා උල්කාපාත කෑල්ලක් පෘතිවිය ආසන්නයෙන්ම යනවයි කියලා. කව්ද
දැක්කේ. කව්රුත් නෑ. නාසා විතරයි.. ඒකත් කුමන්ත්‍රණයක්..
ගිලාඩ් නංගි ව එහෙට පවුල පිටින් ගෙන්නගන්න පොරොන්දුව පිට තමා අර කතාව දාලා ඔස්ටේරියන් කාරයෝ බය කරේ. උන් බය වෙන්නේ උල්කාපාත වැටුනම හින්දා ඒ විදියට ඔස්ටේරියන් කාරය බය කරා.
ඉන්දියාව බය කරා හින්දු විදියටත් ලෝක විනාසය වෙනනේ විසි එකය. එතකොට මහා ගිනි බෝල අහසින් ඇවිල්ල වදිනවයි කියල. එතකොට බැරියැ මහද්වීපික මිසයිල තොගයක් බය නැතිව එවල ලෝකේ විනාස වෙන ගිනි බෝල එනවයි කියන්න.
එතකොට උන්ට පුළුවන් ඔන්න
උල්කාපාත කැල්ල වදිනවයි කියල ලෝකේ අනිත් රටවල් විනාස වෙන්න, දැනට සුදානං කොරල තියෙන
සුපිරි බෝම්බ ටික ගහල දාන්න. එතකොට මොකාටවත් සැකයක් නෑනේ ඇමරිකාව ගැහුවය කියල.
ඒ
වගේ ලංකාවට විතරක් නෙමෙයි ලෝකේ අනිත් රටවල් වලටත් උන්ව ඇන්දෙන විදියේ ක්‍රම වලින්
විසි එක් වෙනිදට පහර දීල ලෝකය විනාස කරල ඇමරිකාව විතරක් ඉතුරු කරගෙන උන්ට ඕන වෙලා
තියෙන සිහින ඇමරිකානු අධිරාජ්‍යය හදන්නට තමා ඔය දත කන්නේ.. ඕවට අහු වෙච්චි අපේ
මාරයල, ලිහිණිල ඔන්න ලියනවා මායා කැලැන්ඩරේට අනුව ලෝක විනාසය වෙනවයි කියලා. දැං
තේරෙනවද මේ ඔක්කොම බොරු.. ඇමරිකානු කුමන්ත්‍රණ.
දැන් බලන්න මුළු ලංකාව අවදි කරන්න කියල
හිතාගෙන රාවණා නැගිට්ටුවන්න වැඩ කටයුතු කරපු මීපලාන ආචාර්යතුමා කොහේද කියලා. මාස
ගාණකින් නෑ.. රාවණා ඉන්න ගල් ගුහාවට ගිහිල්ලද ඒත් නෑ.. මේ කුමන්ත්‍රණ කාරි ඇමරිකන්
කාරයෝ ඒ යකාව ආයේ ඒරියා 51 ට උස්සල. ඇයි උන්ට තියෙන එකම බය තමා මේ යන විදියට කොහොම
හරි ලෝකේ විනාස වෙන සද්දේ ඇහිල ඒ ගෝසාවට ඔය නිදාගෙන ඉන්න රාවණා නැගිට්ටොත් උන්ට
කෙලවෙන්ටම සම්බුව ලැබෙන විත්තිය දන්න නිසා. ඒක හින්දා තමා අරකව හංගන් ඉන්නේ රාවණා නැගිට්ටුවන
වෙලාවට කියන ශ්ලෝක කියන එක නතර කරන්න. දැං තේරුනානේ... ඔය කියන කුමන්ත්‍රණකාරි ලෝක
විනාසය නතර කරන්න කොච්චර මෝඩ උනත් පුළුවන් වෙන්නේ මේ හෙළුවන්ට පමණයි කියන එක
ඇමරිකන් කාරයොත් දන්නවා. දැං ඒ කරදරෙත් ඉවර වෙචිච නිසා ලෝක විනාසය අනිවාර්යයෙන්
කොරල ඉවර වෙලා ඇමරිකානු අධිරාජ්‍යය, මුළු පෘතිවියම තම අනසකට ගන්න දිනය තමා විසි එක
කියන්නේ..
එහෙනං හැමෝටම ආයුබෝවන්.. ඉඩක් ලැබුනොත්
ඇමරිකානු කුමන්ත්‍රණයට පෙර අපි හම්බ වෙමු.. හැපි හැපි අඩමු.. සමුගමු.. ඇයි
හත්දෙයියනේ මැරෙන්ට (සොරි හොදේ.. දිවි පුදන්න) සුදානං වෙන්ට එපායැ.
මට තියෙන එකම සතුට තමා මම මේ කුමන්ත්‍රණකාරි
ලෝක විනාසෙන් මැරිල ගියත් මට පිං පමුණුවල නිවනට මීටර් දෙක තුනක් හරි කිට්ටු කරන්න
පුළුවන් විදියේ දානයක් හෙම දෙන්ට කස්ටිය දෙතුන් දෙනෙක් ඇමරිකාවේ ඉන්න එකටයි. ඉතිං
මගේ බ්ලෝග් යාළු සපිරෝ නෝනේ, මගේ යාළු වර්ජිනියා වල ඉන්න කනිස්ක මිත්තරයාණෙනි, ඒ
වගේම ෆ්ලොරිඩවේ ඉන්න තිවියනාදන් මගේ මිත්තරයාණෙනි, හෙනං අපි ඔක්කෝටම දානයක් හෙම
දීල අහවර කොරන්නට හොදා, බොලාගේ අධිරාජ්‍යවාදී ආසාවල් ඉස්ට කොරන්න මේ විසි එක දිනේට
දිවි පුදන්න සුදානං කොරල තියෙන උන්දැල වෙනුවෙන්..




