මුලින් ලියපු ඒවා
**************************************************
මම
ඉතිං ටෙස්ලා මහත්මයා,, ඔබ කොහොමද ඇමරිකාවට ආවේ..??
නිකොලා ටෙස්ලා
ඒක තරමක දීර්ඝ කතාවක්. ඔබට එය අසා සිටින්නට සිදු වේවි.. කලින් ඔබගේ සටහනේ තිබුනා වගේ මම හංගේරියාවේ බුඩාපේස්ට් නුවර තිබුන දුරකතන හුවමාරු සමාගමක සේවය කළා. නමුත් මා එහි යන විටත් එම සමාගම ඉඳිකිරීම් මට්ටමෙයි තිබුනේ.. මම එතැනට පත් උනේ ඩ්‍රාෆ්ට්මන් කෙනෙක් විදියට. නමුත් මාස කිහිපයක් යන කොට සමාගම වැඩ පටන් ගත්තා. හැබැයි ඒ වෙන කොට මම ප්‍රධාන විදුලි කාර්මික විදියටයි එහි වැඩ කලේ. අන්න එතැනදි මේ පද්ධතීන් වැඩි දියුණු කරන්නත්, අත්‍යාවශය වෙනත් උපාංග නිපදවන්නත් මම උත්සුක උනා. ඔබ දැන් දන්නා මුල්ම ශබ්ද වාහිනිය නැත්නං කව්රුත් දන්නා ඇමිලිෆයර් එක හදන්න මට පුළුවන් උනා. ඒ වගේම ඒ පද්ධතීන් වල තිබු ඉතා විශාල අඩුපාඩු නිවරැදි කරන්නත් මට හැකියාව ලැබුනා. ඔය 1881 දී. එතකොට මා සමග මිතුරෙකු වශයෙන් සිටි ඇන්තනි සිගෙට් මහත්මයාටත් මටත්, පැරිස් නගරයේ අලුතෙන් පිහිටවපු කන්ටිනෙන්ටල් එඩිසන් සමාගමේ සේවය සදහා යෑමට අවස්ථාවක් ලැබුනා. මේ සමාගම ඔබ හොදින් දන්නා තෝමස් එඩිසන්ට අයිති සමාගමක්. මේ අවස්ථාව ලැබුනේ මම අර දුරකතන සමාගමේ පද්ධතීන් වැඩි දියුණු කිරීමට ගත්ත උත්සාහය නිසයි. ඉතිං අප එය පිළිඅරගෙන පැරිසියට ගියා. එහිදි අපට වැඩ කිරිමට සිදු උනේ චාර්ල්ස් බැචිලර් කියන මහත්මයා යටතේ තිබූ විදුලි පහන් කර්මාන්තශාලාවකයි. මම යනවිට පැරිසියේ තිබු තත්වය ඔබට මේ පින්තුරයෙන් බලාගත හැකියි.
එතනදි මට කරන්න ලැබුන හොදම වැඩ දෙකක් තමා පැරිස් ඔපෙරා හවුස් හා බැවේරියා පිහිටි නර්තන ශාලාවක ආලෝක පද්ධතිය ස්ථාපනය කිරිම. නමුත් මෙම කටයුතු වලදි මම දැක්කා එඩිසන්ගේ විදුලි ඩයිනමෝ වල ඇති පැහැදිලි දුර්වලතා. ඒ අනුව මගේ ප්‍රධානියා වෙත මෙම ඩයිනමෝ වැඩි දියුණු කිරීම සදහා වන සියළු විස්තර ඇතුලත් යෝජනාවලියක් ඉදිරිපත් කරා. එය අනුමත උනා. ඉතින් මම එඩිසන්ගේ ඩයිනමෝ වල තිබු මුලික අඩුපාඩු නිවරැදි කර ඒවා කාර්යක්ෂම අයුරින් ක්‍රියා කළ හැකි ආකාරයට වැඩි දියුණු කලා.
අපට ලැබිල තිබුනා ප්‍රධාන කොන්ත්‍රාත්තුවක් ජර්මන් ලයිටින් සමාගම ආලෝකකරණය කිරීමට. ඒ කිව්වේ විදුලිය සැපයීම. එඩිසන් ඔක්කෝම හදල තිබුනත් පරික්ෂණ වාරයකදි සියල්ල අවුල් උනා. සියළු යන්ත්‍ර ගිනි ගත්තා. ඒ නිසා මට සිද්ධ උනා ඒ වගකීමත් ගන්න. ස්ට්‍රැස්බර්ග් වලට මට හනික යන්න සිද්ධ උනා. එහි අළුත්වැඩියාවන් මා සිදු කලා පමණක් නෙමෙයි. ජර්මානුවන් එක්ක වැඩ කළ යුතු ආකාරයත් ඉගෙන ගත්තා. හා හා. ජර්මානුවන් කියන්නේ හරියට දෙයක් තීරණය නොකරන අයයි. කෙනෙක් ගෙන් දෙයක් ඇහුවම ඒකට උත්තර සොයන්න ඉහලම නිළධාරියා දක්වා යනවා. අන්තිමට පහළම නිලධාරියා දීපු උපදෙස තමා ක්‍රියාත්මක වෙන්නේ. ඒත් මේකට ගත වන කාලය.. ඒක අති විශාලයි. මට හොද අත්දැකීමක් තියෙනවා ඒ ගැන.
මම
ඔය කාලයේදි නේද ඔබ පළමු ඉන්ඩක්ෂන් මෝටරය හදලා ප්‍රදර්ශනය කලේ.
නිකොලා ටෙස්ලා
ඔව් ඔබ හරි.. 1883 දී මම මෝටර් එක හදලා ව්‍යාපාරික පිරිසකට එය ප්‍රදර්ශනය කලා. නමුත් ඒ කෙරෙහි කිසිවෙකු උනන්දුවක් දැක්වූයේ නැහැ. ඉතිං ඒක නිසා මගේ කටයුත්ත ලත් තැනම ලොප් උනා.
මම
ඉතිං ඔබ ඇමරිකාවට ආවේ කවද්ද?
නිකොලා ටෙස්ලා
ඇමරිකාවට යන්න මට තිබුන උනන්දුව නිසාම මගේ ප්‍රධානියා වෙච්චි බැචිලර් මහත්මයා මට රෙකමදාරු ලිපියක් දුන්නා තෝමස් එඩිසන් හමු වෙලා දෙන්න කියලා. ඉතිං මම ඒකත් අරගෙන මගේ අඩුම කුඩුම ටිකත් පටවගෙන ඇමරිකාවට එන්න පිටත් උනා නැවෙන්. මම ඇමරිකාවට ආවේ 1884 ජුනි හත් වෙනිදා. ඊට පහු වෙනිදාම මම එඩිසන් හමුවෙන්න ඔහුගේ කාර්යාලයට ගියා. අර ලිපියත් ඔහුට දුන්නා. ඒ ලිපිය දිහා බලපු ඔහු කට කොනකින් අවඥාසහගත සිනාවක් පාමින් ඊට පසුදා සිට ඔහුගේ සමාගමේ රැකියාවට එන්න යැයි දැනුම් දුන්නා.
මම
ඒ ලිපියේ තිබුනේ කුමක්ද කියා ඔබ දන්නවද?
නිකොලා ටෙස්ලා
ඔව් මම දන්නවා. එහි මෙහෙමයි තිබුනේ.
Dear Mr Edison
I know two great men.One is you, and the Other one is this young man
Charles Batchelor
මම
ඇයි ඔබට ඇමරිකාවට පැමිණිමට මේ තරම් උනන්දුවක් තිබුනේ.
නිකොලා ටෙස්ලා
ඒක මෙහෙමයි. මම කුඩා කාලයේදි පාසැලේදි දැක්කා මනස්කාන්ත නයගරා දිය ඇල්ලේ පින්තුරයක් .එහි යෝධ ජල කඳ දුටුවම මට සිත් උනා කවදා හෝ දිනෙක ඒ මහා ජල කඳ මගින් ගලා හැලෙන අසීමිත ශක්තියෙන් වැඩක් ගත යුතු බව. එය මගේ සිතේ තදින්ම කාවැදි තිබු දෙයක්. ඉතිං ඇමරිකාවේ එඩිසන් යටතේ වැඩ කරන්න ලැබුන මුල්ම අවස්ථාව ප්‍ර යෝජනයට ගෙන මම ඇමරිකාවට පැමිණියා. අමතක කරන්න එපා තෝමස් එඩිසන් කියන්නේ ඒ දින වල ලෝකයේ සිටි ප්‍රභලම අයෙක්. ඒ වගේම ඔහුව හඳුන්වා දුන්නෙත් මෙන්ලෝ උද්‍යානයේ මායාකරු හැටියටයි.
මම
මට කියන්න ඔබ එඩිසන් යටතේ මොනවාද කලේ කියන එක?
නිකොලා ටෙස්ලා
නිව් ජර්සි වල පිහිටි එඩිසන්ගේ පර්යේෂණාගාරයේ වැඩ කරන්න මට ලැබුනා. එතැන තනිකරම සරල ධාරා විදුලි බලය උත්පානය කිරීම සදහා අවශ්‍ය ඩයිනමෝ සහ වෙනත් උපකරණ නිෂ්පාදනය කරන තැනක්. ප්‍රංශයෙදි වගේම මට මෙතැනදිත් සිද්ධ උනා එඩිසන්ගේ ඩයිනමෝ වල තිබුන විශාල දුර්වලතා නිවරැදි කරන්න. අවසානයේ එඩිසන්ට සිද්ධ උනා ඔහුගේ ක්‍රමය පසෙක ලා මා විසින් වැඩි දියුණු කරන ලද ක්‍රමයන් එම ඩයිනමෝ සදහා ආදේශ කරන්න. මෙතැනදි මට පැහැදිලි උන දෙයක් තමා විදුලි බලය නිපදවීම හා සම්ප්‍රෙෂණය කිරීමේදී සරල ධාරාව අතිශය ආකාර්යක්ෂමයි කියන එක. ඒක මම පැහැදිලිවම එඩිසන්ට කිව්වා. එතැනදි ඔහු මගෙන් විමසුවෙ ඊට සුදුසු විකල්පය කුමක්ද කියලයි. ඔබ දන්නවා නේ මට තිබු එකම විකල්පය ප්‍රත්‍යාවර්ත විදුලිය භාවිතය කියන එක කියලා. නමුත් ඒ වෙනකොටත් එඩිසන් සරල ධාරා විදුලිය ජනනයට අවශ්‍ය ඩයිනමෝ සහ අනෙකුත් සියලුම උපාංග වාණිජ මට්ටමින් නිපදවීම සදහා ඉතා විශාල ප්‍රාග්ධනයක් වැය කරලයි තිබුනේ. ඒ සදහා ආයෝජකයන් වෙතින් ඔහු අති විශාල ආයෝජනයන් ලබා ගෙන තිබුනා. ඉතිං මේ හේතුව මත ඔහුට නැවත හැරිමට නොහැකි තත්වයක් තිබුනා. ඒ අනුව කිසි ලෙසකින් වත් ප්‍රත්‍යාවර්ත විදුලිය නිපදවීම ලාභදායි හා පහසු දෙයක් ලෙස සැලකීමට ඔහුට හැකියාවක් සහ අවස්ථාවක් ලැබුනේ නැහැ. නමුත් ඒ කාලේ තිබු සරල ධාරා ජනනය කිරීම ඔබ දුටුවා නම් පුදුමයට පත් වේවි. ඉතා විශාල යන්ත්‍ර මගින් පොසිල ඉන්ධන දහනයෙන් ජනනය කරපු මේ විදුලිය නගරය තුල සම්ප්‍රේෂණය කිරිමට විශාල වියදමක් දැරීමට සිදු උනා. ඒ කෙසේ උනත් සරල ධාරාව සමේපේෂණය කිරීම අතිශය අපහසු කාර්යයක් . ඇයි එය ඉතා අකාර්යක්ෂම නිසා. වැඩි විෂ්කම්භයකින් යුත් තඹ රැහැන් දිගේ ගෙන යන මේ විදුලිය, සැතපුමක් යද්දි අර්ධයකටත් වඩා හානි වෙනවා. ඉතිං එඩිසන්ට සිද්ධ උනා සැතපුමක් ගානේ සරල ධාරා විදුලි උත්පාදන යන්ත්‍ර ස්ථාපනය කරන්න.
මේ බලන්න ඒ කාලේ සරල ධාරා විදුලිය රැහැන් දිගේ ගෙන ගිය ආකාරය
හා හා. හිසට ඉහලින් මකුළු දැල් බැඳලා වගේ නේද?? ඔන්න ඔබට මම අවස්ථාවක් සලසා දෙනවා සරල ධාරාව භාවිතා කරන විට පැවති තත්වයත්, ප්‍රත්‍යාවර්ත ධාරාව භාවිතා කළ විට ඒ ස්ථානීය ස්වරූපයත් හඳුනාගන්න අවස්ථාවක් ලබා දෙන්න.
ඔය සරල ධාරා විදුලි ජනක යන්ත්‍ර කියන්නෙත් මහා දුම් ගොඩක් පරිසරයට මුදා හරින, සේවකයන් කිහිප දෙනෙකු දුම් කෝච්චියට මෙන් ගල් අඟුරු දමන යන්ත්‍රයක්.
ඉතිං ඔවැනි යන්ත්‍ර නගරයක හැතපුමක් ගානේ තිබුනම, කොච්චර වියදං කරල කොච්චර මුදල සොයාගත්තත් ඇති පලය කුමක්ද?? ඉතාම අකාර්යක්ෂම ක්‍රමයක් මේක. ප්‍රධානම දේ එඩිසන්ගේ මුලිකත්වය, බලය නිසා ඇමරිකාව තුල විදුලිය සැපයීමේ සම්මතය සරල ධාරාව බවට නම් කරගෙන තිබුනා .එ් තත්වය මත එඩිසන් යොදවපු මුදල් ආපසු ගන්න හැකියාවක් නැහැ. ඒක නිසා ඉතා විශාල බලපෑමක් ආවා ප්‍රත්‍යාවර්ත ධාරාව ඇමරිකාව තුල ප්‍රචලිත කිරීමේදි. නමුත් මා නම් කිසි විටෙකත් ප්‍රත්‍යාවර්ත ධාරාව යොදා ගැනීම සම්බන්ධව පැකිලීමක් තිබුනේ නැහැ. ඊට සරිලන උපකරණ, උපාංග නිර්මාණය කරමින් මා වැඩ කටයුතු කළා.
මම
War of Currents කියන විදුලිය සම්බන්ධ යුද්ධය ඇති උනේ ඒ නිසාද?
නිකොලා ටෙස්ලා
මේ ගැන විශාල ලෙස කතා කළ යුතුයි. ඔබට ඊට අදාළ නිසි පැහැදිලි කිරීම් මා කළ යුතුම දෙයක්. නමුත් ඔබ ඇහුවේ නැහැනේ මම එඩිසන්ගෙන් අයින් උනේ ඇයි කියලා.. ?? ඇයි ඒ..?? හා හා
මම
ඇත්තෙන්ම.. විදුලි යුද්ධය ගැන දැනගැනීමට ප්‍රථම තවත් කරුණු ඔබගෙන් දැනගත යුතුයි. මේ කාල සීමාව ඔබගේ හැරවුම් ලක්ෂයක් වෙන්න ඇති නේද?
නිකොලා ටෙස්ලා
හරියට හරි.. ඇමරිකාවට මා පැමිණීමේ මූලික අරමුණ ඉෂ්ඨ කරගැනීමේ මුල්ම අඩිතාලම වැටුනේ ඔය කාලයේදි තමා. ඒ ගැන තොරතුරු කියන්න කලින් අපි කෝපි කෝප්පයක් බොමුද??
A massive Edison dynamo from the Pearl St. New York Station |
ඉතිං ඔවැනි යන්ත්‍ර නගරයක හැතපුමක් ගානේ තිබුනම, කොච්චර වියදං කරල කොච්චර මුදල සොයාගත්තත් ඇති පලය කුමක්ද?? ඉතාම අකාර්යක්ෂම ක්‍රමයක් මේක. ප්‍රධානම දේ එඩිසන්ගේ මුලිකත්වය, බලය නිසා ඇමරිකාව තුල විදුලිය සැපයීමේ සම්මතය සරල ධාරාව බවට නම් කරගෙන තිබුනා .එ් තත්වය මත එඩිසන් යොදවපු මුදල් ආපසු ගන්න හැකියාවක් නැහැ. ඒක නිසා ඉතා විශාල බලපෑමක් ආවා ප්‍රත්‍යාවර්ත ධාරාව ඇමරිකාව තුල ප්‍රචලිත කිරීමේදි. නමුත් මා නම් කිසි විටෙකත් ප්‍රත්‍යාවර්ත ධාරාව යොදා ගැනීම සම්බන්ධව පැකිලීමක් තිබුනේ නැහැ. ඊට සරිලන උපකරණ, උපාංග නිර්මාණය කරමින් මා වැඩ කටයුතු කළා.
මම
War of Currents කියන විදුලිය සම්බන්ධ යුද්ධය ඇති උනේ ඒ නිසාද?
නිකොලා ටෙස්ලා
මේ ගැන විශාල ලෙස කතා කළ යුතුයි. ඔබට ඊට අදාළ නිසි පැහැදිලි කිරීම් මා කළ යුතුම දෙයක්. නමුත් ඔබ ඇහුවේ නැහැනේ මම එඩිසන්ගෙන් අයින් උනේ ඇයි කියලා.. ?? ඇයි ඒ..?? හා හා
මම
ඇත්තෙන්ම.. විදුලි යුද්ධය ගැන දැනගැනීමට ප්‍රථම තවත් කරුණු ඔබගෙන් දැනගත යුතුයි. මේ කාල සීමාව ඔබගේ හැරවුම් ලක්ෂයක් වෙන්න ඇති නේද?
නිකොලා ටෙස්ලා
හරියට හරි.. ඇමරිකාවට මා පැමිණීමේ මූලික අරමුණ ඉෂ්ඨ කරගැනීමේ මුල්ම අඩිතාලම වැටුනේ ඔය කාලයේදි තමා. ඒ ගැන තොරතුරු කියන්න කලින් අපි කෝපි කෝප්පයක් බොමුද??