Saturday, May 7, 2016

නිකොලා ටෙස්ලා හමුවීම!! (Finally I met the legend NIKOLA TESLA - Induction Motor)

නිකොලා ටෙස්ලා හැඳින්වීම

ළමාවිය

අධ්‍යාපනය

නිදි දෙව්දුව තුරුලේ සිටි මාගේ උරපත්තට යම් කිසිවෙකු විසින් ඉතා මෘදුව හා සමාන කාල පරාසයන් සහිතව සිදු කරන ලද තට්ටුකිරීම හේතුවෙන් මාගේ නිදිමත ගතිය පහව යන්නට විය. පැය ගණනක් තිස්සේ වසා සිටි දෙඇස්, ආලෝකයට හුරු වීමට කල් ගත කරන බැව් මා දන්නා මුත්, තවමත් කාමරය තිබෙන්නෙ දිගු අඳුරක බව මට පැහැදිලි විය. එහෙත් මා ඇස් හැරි මොහොතේම, කළින් දැනුනු තට්ටු කිරිම නතර වී තිබිණි. සෙමින් අත උරපත්ත මතට ගෙන එතැන අතගා බැලුවේ මේ සැබෑවක්ද හීනයක්ද යන්න නිසි ලෙස පහදා ගැනීමටයි. ඒ නිමේෂයේ මගේ ඇස්, මාගේ ඉහට ඉහළින් ඇති යම් ඡායාවක් වෙතට යොමු වූ අතර, මනසට සංවේදනය වූයේ යම් උස් සිරුරක් සහිත කළු පැහැ ඇඳුම් ඇඳි අයෙකු මා ඉහ ඉද්දරින් සිටිනා‘යුරකුයි. වික්ෂිප්ත වූ මා වහාම ඇද මත වාඩීවීමට උත්සාහ ගනිද්දි, මගේ හුස්ම ගැනීමේ වේගය සීඝ්‍ර ලෙස වර්ධනය වී ඇති බවත් ඒ හේතුවෙන් මගේ හෘද කම්පනය කම්මලක ශබ්දයක් මෙන් මට ඇසෙන බවත් පසක් විය. නොසෙල්වී මා දිහා බලා සිටින ඒ රෑපකාය වෙතින් කිසිදු චලිතයකුදු නොමැති වුවද, දීප්තිමත් වෙමින් පවතින යමක දෘෂ්ඨි ග්‍රහණයට මා නතුව ඇත බවත් තත්පර දෙක තුනක කාලයකදි එය කිසියම් අයෙකුගේ දෙඇස් බවත් ප්‍රත්‍යක්ෂ විය. මෙම දර්ශනය හේතුවෙන් භීතියෙන් හිරි වැටී සිටි මාගේ මුවින් එකඳු වචනයක් හෝ පිටකරගත නොහැකිව සිිටියෙමි. ඉතා අපහසුවෙන් හා භයෙන් ත්‍රස්තව මුව හා දෑස් අයා සිටින විට, ඉතා දුර්වල වූ නීල වර්ණ එළියක් එම රෑපකාය පුරාම පැතිරෙන බව දැකීම මාගේ බිය දෙගුණ තෙගුණ කිරිමට සමත් විය. මේ දකින්නේ සිහිනයක් නොවන බැව් නම් සහතිකය. එහෙත් කිසිදු කරදරයක් නොකර නිසොල්මනේ ඉන්නා මේ පුද්ගලයා පිළිබඳව මා තුල ඇති වූ භීතිය මරණීය සිතුවිලි නැංවීමට සමත් විය. මා භීතියට පත් කරමින් ඒ නීල වර්ණය ඔහුගේ ශරීරය පුරා විහිදෙන්නට පටන් ගෙන ඇත. සිහිනයක්ද එසේ නොමැති නම් සැබෑවක් දැයි සිතා ගත නොහී බලා සිටින මා එම නීල වර්ණ එළියෙන් ඒ කව්දැයි නිශ්චිතව හඳුනාගත්තෙමි. මේක වෙන්න පුළුවන් දෙයක්ද?? නිකොලා ටෙස්ලා.. මගේ ඇඳ ඉහපත්තේ ඉන්නවා. මේ 2016. එයා මැරුණේ 1943.. මේක කොහොමද වෙන්නේ.. මගේ සිහිය විකල් වෙලාද?


“පුතා.. කලබල වෙන්න එපා.. දැං ඔයා මාව අඳුරගත්තා නේද?“

“ඔව්.. ටෙ ටෙ.. නිකොලා ටෙස්ලා මහත්තයා“

“ඔබ බයට පත් වෙච්චි විත්තියක් තමා මම දැක්කේ. ඒක එහෙමද?“

“ආයිත් අහනවා. බය උනා නෙමෙයි තව ටිකෙන් හදවත ගැහිලම මං මැරෙනවා.. මේක හීනයක් නෙමෙයිද එතාකොට“

“හහ් හහ් හා.. සමා වෙන්න.. හිතල හිනා උනා නෙමෙයි. ඔබ හීනයක් කියල කියන්නේ මොකක්ද?“

“නිදාගන්න කොට පේන හීන“

“ඔබ හිතන්නේ අපිට හීන පේන්නේ නිදාගන්න කොට විතරයි කියලද?“

“මම දන්නෙ නැහැ“

“ඔබ දැං මා දිහා බලා හිටියට ඔබ හිතනවා ඔබ අනාගතයේ ඉදිද්දි මම අතීතයෙන් ඇවිත් කියලා“

“මට ඒක හිතාගන්න බෑ. අනන්තයෙන් ආ තරු කුමාරා වගේද කව්ද දන්නේ“

“හහ් හහ්.. අර කොරියානු දීර්ඝ ටෙලිය වෙන්නැති ඔබ අදහස් කරේ. ඒ වගේ කතා නං එමටයි නේ“

“එහෙනං ඔබ කව්ද ඇත්තටම“

“මම නිකොලා ටෙස්ලා.. මට හිතුනා ඔබ හමුවීම වැදගත් වෙයි කියලා. ඒත් මම දන්නවා ඔබ දැන් මා පැමිණි ආකාරය ගැන සැකයක සිටින බව. හොදයි මෙහෙම හිතන්න. ඔබ පෘතීවිය මත ඉන්න කොට ඔබ හිතනවා ඔබ තමා වර්තමානය... ඒ කිව්වේ ඔබ මේ දැන් සිද්ධ වන දේ දකින කෙනෙක් විදියටයි ඔබ සිතන්නේ. නමුත් ඒක එහෙම නැහැ. ඔබ උදේට සුර්යාලෝකය දැං පෘථිවියට පතිත වු සේ දකිනවා.. ඔබේ වෙලාව උදේ 6 විතර වෙද්දි. ඒත් ඔබ දන්නව ඇති නේද ඒ ආලෝකය ඊට විනාඩි අටකටත් එහාදි සුර්යයාගෙන් නික්මුණ ආලෝකය බව. ඉතිං ඔබ සිටින මොහොත ගැන දැන් ඔබට අදහසක් තියෙනවද?“

“පොඩ්ඩක් ඉන්න මහත්තයා. මට පැහැදිලි නැහැ.“

“ඔබ අහල තියෙනවා නේද ඇල්බට් අයින්ස්ටයින් විද්‍යාඥයාගේ සාපේක්ෂතාවාදය ගැන.. ඔව්.. ඒ වගේ මේ විශ්වය මත කාලය කියන දේ සාපේක්ෂයි. සමහර විට ඔබ නොදන්නව උනාට ඔබ දිහා, කාලය හරහා බලන කෙනෙකු ඔබගෙන් මතු අනාගතය දකිනවා වෙන්න පුළුවන්. සමහර අය ඔබගේ අතීතය දකිනවා වෙන්න පුළුවන්. ඒ කාල පරාසය ජය ගත හැකි අයෙකු වේනම් ඔහුට එක මොහොතකදි අනාගතයත්, අතීතයත් වර්තමානයත් දකින්න පුළුවන්“

“ඒ කියන්නේ ඔබ අනාගතයෙන්ද පැමිණියේ..“

“නැහැ. මට ඒ ගැන මේ වෙලාවේ ඔබට නිශ්චිතව ඒ ගැන සදහන් කරන්න බැහැ. නමුත් මා ආවේ ඔබට වෙනත් යෝජනාවක් කරන්න. ඔබ කැමති නැද්ද ඔබ දන්නා නිකොලා ටෙස්ලා සමග සම්මුඛ සාකච්ඡාවක් කරන්න. මොකද මම දන්නවා ඔබ මාගේ ජිවිතය ගැන බ්ලොග් පෝස්ට් තුනක් පළ කරපු විත්තිය. ඒවායේ සමහර දේවල් ගැන ඔබගේ මතය නිවරැදි යැයි කියන්න බැහැ. ඒක නිසා ඔබගේ භාෂාව පරිශිලනය කරන පාඨකයන් හට නිකොලා ටෙස්ලා යනු කවරෙක්ද යන්න පහදා දීම යුතුකමක් සේ මා සලකනවා. ඔබ ඊට එකඟද?“

“ටෙස්ලා මහත්තයා. මට ඒක ගෞරවයක්.. මටත් ඔබගෙන් අහන්න බොහෝ ප්‍රශ්න තියෙනවා. මොකද මේ හැම දේම අපි අන්තර්ජාලයෙන් ලබා ගන්න තොරතුරු නිසා“

“හොදයි. මා කැමතියි ඔබට උදව් කරන්න. හැබැයි එක දෙයක් පිළිබඳව මගෙන් ප්‍රශ්න කිරිම ඔබ සිදු නොකරනු ඇතියි මා සිතනවා. එනම් ඔබට බැහැ මේ පෘථිවිය මතින් මා නික්ම ගිය දිනට පසු දිනයන් හි මගේ ජිවිතයත් ඒ හා සම්බන්ධ තොරතුරුත් විමසන්න. ඔබ බුදුදහම අනුගමනය කරන කෙනෙක් නිසා බුදුන් පැවසු දේ අසා ඇතැයි සිතනවා. “කිසි විටෙක මේ විශ්වය ගැන තොරතුරු සොයන්න වෙහෙසෙන්න එපා“ යන්න“

“ගැටලුවක් නැහැ ටෙස්ලා මහත්තයා. ඇත්තටම මේක හීනයක්ද මන්දා.. අපි කවද්ද ඒ වැඩේ පටන් ගන්නේ.“

“මේ දැන්ම.. මොකද මට ඔබට දිය හැකි වෙලාව හා ගැටළුවක් තිබෙනවා. පුතා ඔය විදුලි පහන් අවශය නැහැ.. මා ගාව ස්වයංව දැල්වී අවකාශයේ රැඳි තිබෙන ආලෝක ධාරා තිබෙනවා. අපිට පුළුවන් එයින් මේ කාර්යයට සහායක් ලබා ගන්න. ඔබ මෙතැනින් ඉදගන්න. අර වැල් පුටුව මට ලැබුනනම් ඇති. ඒ අනුව මට ඒ මත හිඳගත්තා වැනි හැගීමක් ලබා ගත හැකියි.“

“ස්තුතියි ටෙස්ලා මහත්තයා.. “

“හොදයි.. ඔබ ආරම්භ කරන්න. මම සුදානම් ඔබට සත්‍ය ලෙසම පිළිතුරු දෙන්න“

මම
ටෙස්ලා මහත්තයා... මම මුලින්ම කැමතියි දැනගන්න ඔබ විද්‍යාඥයෙක්ද
, නව නිර්මාපකයෙක්ද කවුරුන්ද කියල?


නිකොලා ටෙස්ලා
ඔබ දැනටමත් දන්නවා ඇති බොහෝ ලිපි ලේඛණ වලදි මාව හඳුන්වල දෙන්නේ විදුලි ඉංජිනේරුවරයෙකු විදියටයි. ඒ මම හිතන්නේ මම විදුලිය සම්බන්ධ ඉගෙන ගත්ත නිසාම නොවෙයි, විදුලිය සම්බන්ධ පරික්ෂණ හා නිර්මාණයන් ඉදිරිපත් කරපු නිසා බවයි මගේ හැගීම. හැබැයි මට හිතෙන්නෙ මම නව නිර්මාණකරුවෙක් කියලයි.

මම
ටෙස්ලා මහත්තයා.. ඔබතුමා ගැන මම මේ වන කොටත් බ්ලොග් පෝස්ට් තුනක්  ඉදිරිපත් කරල තියෙනවා. ඔබට ඒවා කියවීමට සැලැස්වීමට පුළුවනි.. ඒ මම කියපු දේවල් වලින් වැරදි යැයි හැගෙන යමක් තිබෙනවද යන්න දැන ගැනීමට මම කැමතියි.

නිකොලා ටෙස්ලා
ස්තුතියි. අවශ්‍ය නැහැ. මං මේ වෙන කොට ඒ සියල්ල කියවා අවසන්. එහි පළමු, දෙවනු සටහන් වල ඇති අඩුපාඩු ඔබ දන්නා පරිදි නිවරැදියි. නමුත් තෙවැති සටහනේදි ඉන්ඩක්ෂන් මෝටර් එක හඳුන්වාදීමේදි ඔබ යම් අපහසුතාවයකට පත් උනා නේද පාඨකයන් ප්‍රශ්න කිරීම නිසා??

මම
ඔව් ඔව් රූපසටහන් අනුව ග්‍රැම් ඩයිනමෝව සම්බන්ධ ගැටළුකට මුහුණ දුන්න නම් තමා. ඔබ මොකක්ද කියන්නේ ඒ ගැන?

නිකොලා ටෙස්ලා
මේ තියෙන්නේ ඔබ දැන් පවසන පරිදි ඒ කාලේ තිබු හොදම ඩයිනමෝවක්.



ඔබට පේනවා ඇති නේද ඒකේ භ්‍රමනය වීම සදහා තිබෙන කොටස. එතැනදි මහාචාර්ය පෝෂ්ට මම කිව්වේ (Prof. Poeschl) ඔය උපකරණයේ තිබෙන දුර්වල සන්නායක වලින් නිර්මිත commutator කොටස් නැතිවත් උපකරණය වැඩ කරන්න පුළුවන් කියලයි. නමුත් ඔහු ඒ බව පිළිගන්නට මැළි කමක් දැක්වූ නිසා අවසානයේ මගේ උපාධියේ වැඩත් ඩයිනමෝව නිසාම නතර උනා. හා හා හා

මම
ඒ කියන්නේ ඔබ තුල යම් අදහසක් තිබුනද කමියුටේටර් එකක් ඇතිලෙන්නේ නැතිව ඒක භ්‍රමනය කරවන්න??

නිකොලා ටෙස්ලා
ඇත්තෙන්ම මට ඒ ගැන නිශ්චිතව කීමට නොහැකියි. නමුත් මගේ චිත්ත අභ්‍යන්තරය මගින් සංවේදනය වී මට ප්‍රත්‍යක්ෂ වූ දෙයක් තමා එහි නිදහස් භ්‍රමනය උදෙසා යම් කිසි ක්‍රමයක් තිබිය යුතුයි කියන එක. ඒත් ඒ කුමක්ද යන්න ගැන මට කුඩා හෝ ඉඟියක් තිබුනේ නැහැ මගේ මහාචාර්යතුමාට ඉදිරිපත් කරන්නට.

මම
මම කියනවා ඔබ ඉන්ඩක්ෂන් මෝටරයේ ක්‍රියාකාරිත්වය හොයාගත්තේ ඒ වෙනුවෙන් කියලා?

නිකොලා ටෙස්ලා
ඔබ කියන එක හරි. වසර ගණනක් තිස්සේ අර ඩයිනමෝවේ චලිතය පිළිබඳව සිතින් විසදුම් සෙව් මට අවසානයේ, අර ඔබගේ තෙවැනි පෝස්ටුවේ සඳහන් ආකාරයට ගොතේ ගේ කවියෙන් අදහස් වන අප වටා සුර්යයා භ්‍රමනය වෙමින් බැස යන ආකාරය සිතට දැඩි බලපැමක් කළ නිසා එයින් මගේ සිත තුල එක් වරම විදුලියක් කෙටු අයුරින් ඒ අදහස පිළිසිද ගත්තා. ඒ කිව්වේ කොටසක් ස්ථාවරව තියෙද්දි ඒකට සපයන විදුලි සැපයුමෙන්, කිසිදු ඝට්ඨනයකින් තොරව යමක් කරකැවිය හැකියි කියන එක. මේක තනිකරම චුම්බකත්වය හා බැඳුනු දෙයක්.

මම
ඉන්ඩක්ෂන් මෝටරයේ ක්‍රියාකාරිත්වය ගැන දැන ගැනීමට කැමතියි.

නිකොලා ටෙස්ලා
ඔව් මම කැමතියි ඒ ගැන ඔබව දැනුවත් කරන්න. ඉන්ඩක්ෂන් මෝටරය කියන්නේ ඔබ මේ ජීවත් වෙන, ඔබ කියන අයුරින් 2016 වර්ෂය වෙද්දිත් පෘථිවිය පුරා බොහෝ සෙයින් එක් එක් ආකාර වලින් භාවිතා වන මෙවලමක්. සමහර විට ඔබගේ නිවසේ ඉන්ඩක්ෂන් මෝටර් යෙදූ උපකරණ කිහිපයක් තිබිය හැකියි. එකක් ඔබගේ විදුලි පංකාව, අනෙක වතුර මෝටරය, තව ඔබගේ කුස්සියේ තියෙන බ්ලෙන්ඩරය. මීට අමතරව කම්ප්‍රෙෂර්, විදුලි සෝපාන, එලවේටර්, රෝලර් ඩෝර්ස්, කොටින්ම චලිතය මගින් කාර්යයන් කරගන්නා බොහෝ යන්ත්‍ර සුත්‍ර වල ඇත්තේ අප මේ කියන ඉන්ඩක්ෂන් මෝටර් තමා. එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ සරල පැහැදිලි කිරීමක් දීමට පුළුවන්.



ඔබට දැන් පෙන්වු දර්ශන වල පරිදි, ස්ථාවර කොයිල් කොටසට, අපි කියන්නේ ඒකට ස්ටේටර් කියලා, ප්‍රත්‍යාවර්ථ ධාරාව සැපයුවාම ඒ කොටස මත චුම්බක ක්ෂේත්‍රයක් උපදිනවා. චුම්බකයක් කිව්වම අපි දන්නවා ඒකේ "N" සහ "S" කියන චුම්බක ධ්‍රැව දෙක. ස්ටේටරය තුල දැං මේ ධ්‍රැව දෙකම (Pole) ක්‍රියාත්මක වන නිසා නිදහසේ භ්‍රමනය වීම සදහා සකසා ඇති රොටර් එක, ඒ චුම්බක බලය, මත විකර්ශනයට ලක් වෙනවා. එ් කිව්වේ එක පසකට ආකර්ශනය වෙනවා. මේ හේතුව නිසා රොටර් එක භ්‍රමනයට ලක් වෙනවා ස්ටේටර් එක තුල. හැබැයි රොටර් එක දිගින් දිගටම විදුලිය සැපයුවාට පසුව භ්‍රමනය වීමට හැකි වන්නේ අප විසින් සපයනු ලබන ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාවේ ඇති සුවිශේෂි ගුණයක් නිසයි.

මම
මට හිතෙනවා ප්‍රත්‍යාවර්ත ධාරාව ගැනත් දැනගැනීමට අවශ්‍ය වෙයි කියලා.

නිකොලා ටෙස්ලා
හා හා... මම හිතුවා ඒක එහෙම වෙයි කියලා. ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබට මම එක දෙයක් කියන්නං. ඔබ දැන් මම ගැන තොරුතුරු හැකි ප්‍රමාණයක් ගන්නේ අන්තර්ජාලයෙන් නොවැ. නමුත් ඒ තොරුතුරු ඉදිරිපත් කරන අයගෙන් 90% ක් විතරම කියන්නේ මම ප්‍රත්‍යාවර්ත ධාරාව සොයාගත් බවයි. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. මා සොයාගත් ධාරාවක් නැහැ. නමුත් මා ප්‍රත්‍යාවර්ත ධාරාව ඇසුරේ විවිධ පර්යේෂණ සිදු කළා. ඔය ඔබ දැනටත් මා දිහා බලා සිටින්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවෙන් නිපදවුනු ආලෝයක් නැත්නම් විදුලි බුබුලක් නිසා වෙන්න ඇති. මම තමා ප්‍රත්‍යාවර්ත ධාරාව සම්ප්‍රේෂණය කරන ආකාරය මුල් වරට සොයාගත්තේ. ඒක ඇත්ත. නමුත් ප්‍රත්‍යාවර්ත ධාරාව මා සොයාගත්තා කියා තිබෙන ප්‍රකාශන සාවද්‍යයි.

හොදයි. කොපමණ හොදින් සකස් කළත්, ඉන්ඩන්ෂන් මෝටර් එකේ රොටර් එක භ්‍රමනය වීම සදහා අවශ්‍ය වන හැකියාව අපට ලැබෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවේ තිබෙන ඉතා සුවිශේෂි ගුණයක් නිසයි. මම මෙහෙම කියන්නං. ඔබගේ ජීවිතය අරන් බලන්න. නැත්නං වෙනත් අයෙකුගේ ජීවිතයක් අරන් බලමුකෝ. එයා ඉපදෙනවා.. එතකොට එයා බිංදුවේ. ඔහොම කාලය ගත වෙලා එයා සාර්ථක වෙනවා උපරිම අයුරින්. අන්න එයා උඩින්ම ඉන්නවා. තව ටික දවසක් යද්ද හෙමින් සීරුවේ එයා අසාර්ථක වෙනවා. බිංදුවටම වැටෙනවා. නැහැ. මහා විශාල ණය ප්‍රමාණයක් අරගෙන එයා පතුලටම යනවා. අන්න අපි කියනවා එතකොට එයා ලිං පතුලේ කියලා. තව ටික දවසක් යද්දි හෙමින් සීරුවේ එයා ණය ගෙවාගෙන මුලටම එනවා. ඔන්න ඔය ක්‍රියාව බලන්න. නගිනවා බහිනවා. මේක තමා ප්‍රත්‍යාවර්ත ධාරාවේ සිද්ධාන්තය. ඇති නැති වෙන ආකාරය. බලන්න මේ පින්තුරය. ඒකේම තියෙනවා සරල ධාරාව කියල අපි හදුන්වන, එහෙම නැතිනම් කෝෂ මගින් නිපදවන ධාරාව ගමන් කරන ආකාරය ගැනත්.



කොළ පාටින් දැක්වෙන්නේ අපි නිවෙස් වල භාවිතා කරන ඒසී විදුලිය හැසිරෙන ආකාරය. රතු පාටින් දැක්වෙන්නෙ කෝෂ විදුලිය නැතිනම් සරල ධාරාව ගමන් කරන ආකාරය. එහි දැක්වෙන ඇති නැති වෙන ස්වභාවය නිසා තමා ස්ටේටර් එක තුල ක්ෂණිකව චුම්බක ක්ෂේත්‍රය වෙනස් වන්නේ. "N" ධ්‍රැවය තිබු තැන, ඇසිල්ලකින්, "S" ධ්‍රැවය වෙනවා. මේක ඉතා ඉක්මනින් සිද්ධ වෙනවා. ඔබ නිවසේ භාවිතා කරන විදුලියේ මෙම ඇති නැති වෙන චක්‍රය තත්පරයට 50 - 60 වාරයක වේගයකින් තමා සිද්ධ වෙන්නෙ. ඒකට අපි කියන්නේ සංඛ්ත‍යාය කියලයි. සංඛයාතය මනින්නේ Hertz (Hz) කියන ඒකකය මගින්. මෙම ඒකකය නම් කර තිබෙන්නේ, පෘථිවිය මත වාසය මා සිටී කාලයේ මගේ සමකාලිනයෙකු වෙච්චි, ජර්මානු ජාතික විද්‍යාඥයෙකු වූ හෙන්රික් රැඩොල්ෆ් හර්ට්ස් මහත්මයා සිහි වීම සදහායි. මැක්ස්වෙල් විසින්, තාර්කිකව ගොඩ නැගූ ආලෝකයේ විද්‍යුත් චුම්බකත්වය කියන අදහස මුලින්ම නිවරැදි බවට ඔප්පු කර පෙන්වුයේ හර්ට්ස් මහතායි. 

හොදයි. අන්න ඒ ධාරාවේ ස්වභාවය නිසා අපි කතා කරමින් ඉන්න ඉන්ඩක්ෂන් මෝටර් එකේ නිපදවෙන චුම්බක ක්ෂත්‍රෙය ක්ෂණිකව වෙනස් වෙනවා. මේ නිසා තමා රොටර් එක එක දිගටම වේගයෙන් කැරකෙන්නේ. ඔබට එය අර මම කලින් කිව් විඩියෝව බලල තේරුම් ගත හැකියි. සරල ධාරාවට බැහැ මේ කාර්යය කරන්න. එයා යන පාරේ ඔහේ යනවා මිසක්කා වෙන වැඩක් කරන්න බැහැ.

මම
මම අහල තියෙනවා එක එක විදියේ ඉන්ඩක්ෂන් මෝටර් තියෙනවා කියලා.

නිකොලා ටෙස්ලා
කොහොම නමුත් මුලධර්මය එකයි. ඔබට ඒ ගැන තව සොයා බැලිය හැකියි. මෙන්න මෙතැන තියෙනවා ඒ ගැන හොද විස්තරයක්. නමුත් ලෝකයේ බොහෝ කාර්යයන් ඉතා පහසුවෙන් කරගැනීම සදහා නිර්මාණය වූ විශිෂ්ඨ නිර්මාණයක් බව නම් පැහැදිලිවම කියන්න පුළුවන්. ඔබ දාඩිය දාලා ඉන්න වෙලාවටත් ඒක ඕන. වාහනේ හුලං ගියත් ඒක ඕන. ගෙදර වතුර නැති උනත් ඒක ඕන. කම්මලිකින් වැඩක් කරගන්න ගියත් ඒක ඕන. ඉන්ඩක්ෂන් මෝටර් එක නැතිව නම් ඔබට ජිවත් වෙන්න බැරි වේවි. හා හා. අමතක උනා. ලන්ඩන් වල සිටින ඔබගේ මිතුරන්ට ඕනැ නම් පුළුවන් මා විසින් මුලින්ම නිර්මාණය කළ ඉන්ඩක්ෂන් මෝටර් එකක් දැකගන්න. ඒක තියෙන්නේ, බ්‍රිතාන්‍ය විද්‍යා කෞතුකාගාරයේයි. (British Science Museum) 



මම
ඒක පැහැදිලියි. නමුත් ඔබ ඉන්ඩක්ෂන් මෝටර් එකේ පේටන්ට් බලපත්‍රය කිසිවෙකුට විකිණුවාද?

නිකොලා ටෙස්ලා
ඔව් මම ඒක මගේ ව්‍යාපාර සහකරු ජෝර්ජ් වෙස්ටිංහවුස් මහත්මයාට විකිණුවා.

මම
ඇයි ඔබ ඒක විකිණුවේ.. ඔබට තිබුනා නේ මේ මෝටරය නිෂ්පාදනය කරන්න.

නිකොලා ටෙස්ලා
ව්‍යාපාර කරන එක ව්‍යාපාර කරන අයගේ වැඩක්. මම ව්‍යාපාරිකයෙක් නොවෙයි නේ. මම කරන්නේ මගේ සිතේ ඇති වන අදහස් ක්‍රියාවට නංවල ඒකෙන් මානව සංහතියේ දියුණුව සදහා, පහසුව සදහා යම් යම් උපකරණ නිර්මාණය කිරීම. ඒකයි මගේ ජිවිතයේ මට ලැබී තියෙන ඉල්ක්කය. ඉතිං මම ඒක කරනවා. මම නිර්මාණය කරපු දේට ලබා ගත් පේටන්ට් පත්‍රය මම ඔවුන්ට විකුණනවා. ඒකේ ගැටළුවක් නැහැනේ.

මම
නැහැ මම කිව්වේ ඔබ සොයාගත් දෙය නිෂ්පාදනය කරල ඔබට පුළුවන් නේ හොද මුදලක් සොයාගන්න?

නිකොලා ටෙස්ලා
Why should I do that? ඔබට පැහැදිලි නැතිව ඇති. මගේ අභිප්‍රාය උනේ යම් නිර්මාණයක් ඉදිරිපත් කිරිම මිසක් ඒක විකුණා මුදල් සොයා ගැනීම නෙමෙයි. මම පේටන්ට් මුදලට විකුණන්නේ, එදිනෙදා මගේ ජිවන වියදම් පියවා ගැනීමටත්, මගේ පර්යේෂණාගාර පවත්වෙන යාමටත්, ඉදිරි පර්යේෂණ සදහා අමුද්‍රවය/සේවා සපයාගැනිමට අවශ්‍ය මුදලත් සොයා ගැනීමට පමණයි. මා එතැනින් මතු දෙයක් සිතා නැහැ. මම හිතන්නේ අද ගැන පමණයි. මට කවදාවත් බැහැ ව්‍යාපාරිකයෙක් වන්න. මට ඕන උනේ නව නිර්මාපකයෙක් වන්න පමණයි. ඒකයි මගේ අරමුණ. මගේ අරමුණ සදහා අවශ්‍ය මුදල තමා පේටන්ට් විකිණිමෙන් මම ලබා ගන්නේ. ව්‍යාපාරිකයන් ඉතිරි දේ කරාවි.. හා හා.

මම
ඔබ මේ ඉන්ඩක්ෂන් මෝටරය සොයාගත්තේ 1888 දීද?

නිකොලා ටෙස්ලා
මට එහි පේටන්ට් අයිතිය ලැබුනේ1888 මැයි පළවෙනිදායි. ජුලි මාසේ වෙනකොටම මම ඒක වෙස්ටිංහවුස් මහත්මයාට විකිණුවා. මං ඒ වෙනකොට හිටියේ මගේ නිව්යෝක් පිහිටි පර්යේෂණාගාරයේයි..



මම
ඔබ නිව්යෝක් ගැන කිව්වමයි මට මතක් උනේ. මට අමතක උනා නේ ඔබ ඇමරිකාවට පැමිණි ආකාරය ගැන අහන්න.

නිකොලා ටෙස්ලා
හා හා. ඒකේ ඇති ප්‍රශ්නයක් නැහැ. ඔබ මේ සාකච්ඡාව අවසන් වීමෙන් පසුව, මගෙන් කොයි තරම් දේ අහන්න බැරි උනාද කියල හිතල ලතැවෙන ප්‍රමාණය ගැන ඇත්තටම මට දුකයි.

මම
ඔබ කියන්නේ මේ සියළු කාරණා ගොනු කරගන්න මට බැහැ කියලද?

නිකොලා ටෙස්ලා
අපොයි නැහැ. නමුත් මා කියන්න කැමතියි. මේ නිකොලා ටෙස්ලා කියන නාමය ඇත්තටම එකපාරටම ලෝකෙට විවෘත උනේ 2003 වර්ෂයෙන් පසුවයි. මේ ගත වූ කාලය තුල, ඔබට ඇති තරම් නිකොලා ටෙස්ලා තැන තොරතුරු සොයාගත හැකියි. ඒකට ලොකුම බලපැම ඇති උනේ ටෙස්ලා මෝටර්ස් හරහා කියලයි මගේ විශ්වාසය. එතෙක් විදුලි ක්ෂේත්‍රෙය් සුළුතරයක් හැර අනෙක් අය නිකොලා ටෙස්ලා ගැන දැන සිටියේ නැහැ. ටෙස්ලා මෝටර්ස් හරහා මොකක්ද මේ ටෙස්ලා ටෙස්ලා කියන දේ ගැන මිනිස්සු හොයන්න පෙළඹුනා. තවත් හේතුවක් තියෙනවා. එනම් පෘථිවිය මත මත මා ඉපදුනු ජුලි 10 දිනය, 2002 දී එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ජාත්‍යන්තර නිකොලා ටෙස්ලා දිනය විදියට නම් කිරීමයි. මා සිටි කාලයේදී පිස්සෙකු, විකාරකාරයෙකු විදියට ප්‍රචලිත වූ මගේ නමත්, මගේ නිර්මාණත් ලෝකය වෙනස් කිරිම සදහා එහෙම නැත්නම් මනුෂ්‍ය වර්ගයා ගේ යහපත වෙනුවෙන් කටයුතු කලාය කියන හැගීම ජාත්‍යන්තර වශයෙන් යහපත්ප්‍ ලෙස ප්‍රචාරනය වීමට මෙම හේතු බලපාන්න ඇති කියල කිව හැකියි.

මම
ඔබගේ ඇමරිකානු ජීවිතය ගැන දැනගැනීමට කැමතියි. ඔබ ඒකට කැමති නැද්ද?

නිකොලා ටෙස්ලා
හා හා. මොකද නැත්තේ මම කැමැත්තෙන් උත්තර දෙන්නං. මට තත්පරයක් දෙන්න. මොකද මේ මගෙ අවකාශිත විදුලි පහණ දැන් දිප්තිය අඩු වෙලා. මට පේන්නේ පෘථිවිය මා සිටි කාලයට වඩා බොහෝ සෙයින් දුර්වල වෙලා වගෙයි.. හා හා.. ටිකක් ඉන්න... අපි ඒක හදා ගනිමු.

109 comments:

  1. හරි වැදගත් ලිපි පෙළක් සැනසිල්ලේ කියවන විට ඔබ කිසියම් හාස්කමක් කළා වගේ දැනුනා. ඉන්ඩක්ෂන් මෝටරය ගැන තේරුම් ගන්න මේ ලිපිය බෙහෙවින් ප්‍රයෝජනවත් වුනා ස්තුතියි

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි ගුණේ.. අවුලක් වෙයිද?? අල වෙයිද කියල බයෙන් පෝස්ට් එක දාලා පළවෙනි කමෙන්ට් එක එනකං බලාන හිටියේ.. සිරාවටම.. උඹට ස්තුතියි.. හුහ්..

      ජයවේවා... හැක්

      Delete
    2. අල වගේද ගෝව අයියෙ.

      Delete
    3. ෙගා්වා වෙග්ද ෙගාඩකෙවල ෙකාල්ෙලා.. හැක්

      Delete
  2. yela''' පොඩ්ඩක් ඉඳිං කියවල එනකං. ටෙක්ස්ල.

    ReplyDelete
  3. දේශා, අර වතුරෙන් දුවන ඇන්ජිම හොයා ගත්තෙත් මේ පොර නේද

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ ඉලෙක්ට්‍රික් කාර් එක ගැනද බං..?

      Delete
  4. මෙන්න පෝස්ට් නම් පෝස්ට්.. දේශකතුමන්ට මතකද ගස්ලබ්බ 'දුම' කියල විකාරයක් ලියන්න පටන් ගත්තා..ඒ කාලෙම දේශකයා ටෙස්ලා පෝස්ට් එකයි,මහ වෙදනා සමනළ කන්දෙ කතාවකුයි ලියන්න පටන් ගත්තා.ඒ දෙකම හොඳ බරකින් වගේම රසකින් ලියවෙන බව පෙනුන නිසා ගස්ලබ්බා සුපුරුදු වට්ටක්කා සුප් ජාතියෙන් 'දුම' ඉවර කලා.දැන් ඒ තීරණේ ගැන ආයෙත් සංතෝස වෙනවා..
    උපරිමේටම තෘප්තිමත් වෙන්න පුලුවන් වෙයි ඉවර වෙනකොට.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. උඹල තමයි බං ලියන්න ඕන කොමෙන්ට් කරන් අපෙන් දුං යන්න. නැත්තං මොනවද සිංහල බ්ලොග් කියන්නෙ.

      Delete
    2. ඉතිං කව්රු ලිව්වත් තමන් ලියන එක නවත්තන මෝඩයා කව්ද හැබෑට.. හැක්.. උඹ ළගදි බැදපු නිසා සුරතාන්තය ගැනද මේ කියන්නේ.. හැක්..

      ස්තුතියි ගස්.. ජය

      @ ප්‍රසා

      දුවපිය යන්න o|o

      Delete
  5. පට්ටම වටින ලිපියක් දේශක අයියා, ඉන්ටවිව් එක සාර්ථකයි. ටෙස්ලා කාර් එකක යනවා වගේම සුව පහසුවට කියවන්න පුළුවන් ලිපියක්. මේක පත්තරයකට වගේ යවා ගන්න පුළුවන් උනොත් ඉගෙන ගන්න ළමයි ගොඩකට සෑහෙන්න ප්‍රයෝජනවත් වේවි. 3idiots ෆිල්ම් එකේ ඉන්ඩක්ෂන් මෝටර් එකක් ස්ටාර්ට් කරන හැටි අහනවා මතකද? හැක්, මේ තියෙන්නේ එකේ නිදන කතාවත් එක්ක,

    http://www.teslasociety.com/tesla_tower.htm

    දේශක අයියා ටෙස්ලාගේ රහණ රහිත විදුලි සම්ප්‍රේෂණ පරීක්ෂණ ගැනත් ඉස්සරහට ලියන්න.

    ජය වේවා දේශක අයියා.

    ReplyDelete
    Replies
    1. 3 idiots එකේ ඒ සිද්ධිය මට මතක නෑ බං. තැන්ක්ස් සොමියා.. උඹ දීපු ලින්ක් එක නියම තැනක් ටෙස්ලා ගැන හොයනවනං.. ජය

      Delete
    2. 3 idiots එකේ උන් කටින් සවුන්ඩ් එක දාල පෙන්නනෝ ස්ටාර්ට් වෙන තියරිය ඇහුවම. :D

      Delete
    3. රයිට් මතකයි. අර නුල් කාරයා නේද සද්දේ දෙන්නේ. හැක්.. දැං මතකයි..

      Delete
  6. පට්ට දේශා පට්ට... සුපිරියට ලියල තියෙනවා... ඉතුරු ටිකත් දාමු. මට නම් ගොඩක් වටින කතාවක්... මාත් කැමතයි හීනෙං හරි ස්ටීව් ජොබ් මුණ ගැහෙන්න...
    ජය!

    ReplyDelete
    Replies
    1. මල්ලි මේ... බොලා පොළේ යන්නැතුව විභාගෙ කරගනිං. එතකොට හීනෙං නෙමෙයි ඇත්තටම ඒ වැඩේ කරගත්තැකි. ජය....

      Delete
    2. උඹට තේරුනා නං ඒ මදෑ බං.. ඉතිරි ඒවත් හෙමීට වැටෙයි.. ජය

      @ ප්‍රසා
      උඹ පොලේ යනව මදිවට මේ කොල්ලවත් එක්ක යනවද?

      Delete
  7. ඉතිහාසෙන් අමතක කරපු මනුස්සයෙක් නේ
    ලිපි ටිකම කියෙවුවා ,....නියමයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිත්‍රයා. සාරදයෙන් පිළිගන්නවා.. ජය වේවා

      Delete
  8. දේශ, උඹ බොහොම අපූරුවට ලියල තියෙනව. මම ආයි පාරක් කියවල එන්නම් ගේමට...හැක්

    ReplyDelete
    Replies
    1. මම කැමතියි ගේ මට, ගේ ම කැමති නෑ මට. හැක්..

      Delete
    2. අයියා ගේම් නං එපා එපා අයියා .. අපි යාලුයි ඈ :D ඕ යේස්

      Delete
    3. ගේම නං ගේම.. කෝ ඩෝ මේ හැංගිච්චි සිංහයෝ.. හැක්

      Delete
  9. අපූරුයි...
    මේ වගේ ලිපි පෙළක් කාලෙකට පස්සේ බ්ලොග් වලින් කියවන්න ලැබුනේ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ෂෙහාන්.. ඔබට සතුටු නං මටත් සතුටුයි.. ජය

      Delete
  10. උඹේ පොස්ට් හතරම එක හුස්මට කියෝගෙන ගියා..
    බොහොම වටිනවා...

    ටෙස්ලා සහ ටෙස්ලා ව ලෝකයෙන් අමතක කරවීම ගැන කතා කීපයක්ම මම අහලා තියෙනවා...
    තෝමස් අල්වා එඩිසන් , ටෙස්ලා එක්ක ගේමේන් හිටියා කියලා තමයි අහල තියෙන්නේ..

    මොනා වුනත් අර මුල්ම පොස්ට් එකේ තිබා වගේ ටෙස්ලා කියන්නේ 20 වෙනි ශතවර්ෂය හොයා ගත්තා කියන වාක්‍යයට නම් මම බොහොම කැමතියි.,,...

    මේ වගේ පොස්ටුවක් ලියන එකත් බොහොම වටිනවා...
    ඒ වැඩේටත් උඹට ගොඩක් තැනක් යූ...

    ReplyDelete
    Replies
    1. තෝමස් අල්වා එඩිසන් , ටෙස්ලා එක්ක ගේමේන් හිටියා//
      ඒ අහවල් හත්තිලව්වකටද අප්ප ඒ...
      දේශා... ඉන්ටෝව් එකේ ඉතුරු හරියෙදි ඒ කෑල්ලත් අහල බලන්ට

      Delete
    2. @ විබ්බා

      හතරම කියෙව්වයි.. එළ කොල්ලෙක් නේ.. තොමස් එඩිසන් හා ටෙස්ලා අතර ලොකු මතබේදයක් තිබුනා.. අපි අර ලැයිට් එක අප්සැට් වෙනකොට ඇමරිකාව ගැන කතා කරන්න නේ හිටියේ.. බලමු.. අනිවා කතා කරාවි.. හැක් ජය

      Delete
    3. @ මහේෂ්

      ඒක ටිකක් ලොකු කතාවක් පොඩිඩක් හිටිං කෝ..

      Delete
  11. සෑහෙන්න මහන්සි වෙලා කරපු උස්සහයක්..

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න මාන්සි වෙනවා සයිමෝ කියවන්න. එළියට එන්නේ බෝම චුට්ටයි.. හැක්.. ජය

      Delete
  12. ඒ දවස්වල ටෙස්ලාට හීනෙන් අනාගතයේ දේශකව පේන්න ඇති

    ReplyDelete
    Replies
    1. සමාර විට ටෙස්ලා අනාගතය කියල හිතාන ඉන්නේ අතීතයද කව්ද දන්නේ.. හැක්

      Delete
  13. 'රෑපකාය' කවුද යකෝ මේ වචනෙ කිව්වෙ, ටෙක්ස් ල ද??
    උඹ හොඳ මහන්සියක් දරල තියෙනව මේ ලිපි පෙල ඉදිරිපත් කරන්න. මම ඒක අගය කරනව. හැබැයි උඹ මේක හදිස්සියෙන් ලිවුව වගේ පේන්න තියෙන්නෙ.

    කමක් නෑ. අමුඩය වෙනුවෙන් මෙන්න මගේ ආචාරය. හැක්.. ටෙක්ස් ල....

    ReplyDelete
    Replies
    1. අකුරු අවුල් නං තියේ බං.. මට මාර කම්මැලියි ගැහුවට පස්සේ ආයි කියවන්න. ඒක ලොකු පාඩුවක්.. ඊළග එකේ ඉදලවත් ඔය අකුරු කේස් එක හදාගන්න ඕන. හැබැයි නණලළ නං භාවිතය මගේ අන්තිමයි හොදේ..

      උඹ නිකම්ම පු.ක. උනා එතකොට නේද?? හැක්

      Delete
  14. හැක්, මුල හරිය කියවද්දී මට හිතුනේ උඹට කලින් දවසේ රෑ පදම වැඩිවෙලා දැකපු ඔල්මොරොන්දම් හීනයක් කියලා.

    මේ වගේ කරුණු ඉදිරිපත් කරන්න ඉතාම ගැලපෙන ශෛලියක් තමයි මේක. සම්පූර්ණයෙන් සාර්ථකයි.

    ටෙස්ලා නැතුව ඔන්න ටෙක්ලා කියලවත් දැම්මනම් කට්ටිය කියවයි ඕසෙට.

    ReplyDelete
    Replies
    1. //මේ වගේ කරුණු ඉදිරිපත් කරන්න ඉතාම ගැලපෙන ශෛලියක් තමයි මේක. සම්පූර්ණයෙන් සාර්ථකයි.///

      එකෙන්ම … +++++++++++++++++++++++++

      Delete
    2. @ විචා.

      විචාට ඇල්ලුව නං වැඩේ සාර්ථකයි කියල පොඩි ගැම්මක් එනවා.. ස්තුතියි විචා..

      Delete
  15. ගොඩක් වැදගත් ලිපියක්... මට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.. ඒ නිසා කලින් ඒවත් කියවන්න ඕනේ..

    තවත් ලියන්න..

    ReplyDelete
    Replies
    1. දෙන්නංකෝ ඇති වෙන්නම.. තැන්ක්ස් නිර්මාණි

      Delete
  16. අඩේ මාත් ඔය කවුරු හරි පට්ට නිලියක් ගැන පෝස්ට් ටිකක් ලියන්න පටන් ගන්න ඕනේ.. සෙල්ලං ද ඉතින් නේද ආවොත් එහෙම.. හෙහ් හෙහ් හෙහ්..

    ටෙස්ලා වගේ වයසක ඩයල් ගැන ලියන්න උඹල ඉන්නවනේ...

    කොහොම වුනත් නියමෙට ලියල තියෙනවා.. මට අර අවකාශිත විදුලි පහණ ගැන පොඩ්ඩක් දැන ගන්න ඕනේ.. ඊලඟ කොටසේදී උඹ ඒක ගැන අහපන්..

    ReplyDelete
    Replies
    1. ඒක ගැන අහන්න ඕන නෑ. බොලා හැමදාම වගේ ටියුබ් ලයිට් එකක් දාගෙන එලිය ගනිං. හැක්..

      Delete
    2. එහෙනං පුජා උමාශංකර් ගැන ලියහං.. පට්ට කකුලලු.. හැක්.. ආ ඒ අවකාශිත විදුලි පහන් ඒ තරං දේවල් නෙමෙයි... අමතක කරහං.. හැක්..

      Delete
  17. අවසාන් කොටස නම් මල් හතයි.. නොදන්න මනුස්සයෙක් ගැන අපට කියා දුන්නට උඹට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. අනේ ඕක මොකක්ද මාතේ.. හැක්

      Delete
  18. ටෙස්ලා සමග කළ ඉන්ටවිව් එක අපූරුයි . විද්‍යා තාක්‍ෂන පත්තර කතුවරයෙකුගෙන් වරක් මෙන්න මේ වගේ ඔවදනක් මට ලැබුනා . අපි ලියන්න ඕනි විද්‍යාව ඉගෙන ගෙන නැති අකුරු විතරක් කියවන්න පුළුවන් කෙනෙකුට වුනත් තේරෙන්න. ඒ වගේම ඒ විශයයෙන් පරතෙරට ගිය විද්වතෙකුට උනත් කියවන්න ආස හිතෙන විදිහට . මේ අනුව බලනකොට දේශා හොඳ විද්‍යා සන්නිවේදකයෙක්.
    හැබැයි අර ඉන්ටවිව් එක පටන් ගන්න කලින් තිබ්බ දීර්ඝ විස්තරේ කෙටි කරානම් හොඳයි වගේ :
    "මා ටෙස්ලා ගැන බ්ලොග් පොස්ට් තුනක්ම ලිව්ව නිසා ඔහු මා සමග පුවත්පත් සාකච්චාවකට පවා කැමති වුනා . මේ තියෙන්නේ ඒ කතා බහ" :

    ReplyDelete
    Replies
    1. තිලකේ කිව්ව එක මට හිතුනා උනත් පොඩි උවමනාවක් ඇති උනා ටෙස්ලා කියන්නේ ගුප්ත, නිහඩ හා වැදගත් චරිතයක් කියන එක පෙන්නන්න.. සම්මුඛ සාකච්ඡාව පුරාම මම ඒකට මහන්සි උනා. ඒත් ඒක ඒ තරං තදට ඇවිත් නෑ කියල දැං තේරෙනවා.. හැක්.. මම අකමැතිම දෙයක් තමා බං විද්‍යාෙව්දි හැකි තරං විච්චුරණ ඉංගිරිසි වචන වරහන් ඇතුලේ දාලා කරල තියෙන ආර්ටිකල්.. ග්‍රික් වෙනවා.. ස්තුතියි තිලකේ..

      Delete
  19. මටත් හිතුන දිර්ඝ විස්තරේ කෙටි උනා නම් හොඳයි කියලා.. මේ වගේ සරලව බැරැරුම් දේවල් පැහැදිලිව නිර්මණාත්මකව ලියන්න දේශකතුමා ඇසු පිරු තැන් ඇති ගුරුවරයෙක් වගෙයි..

    ReplyDelete
    Replies
    1. තිලකෙට දීපු උත්තරේ කොටසක් මෙතැන දමන්නං..

      //පොඩි උවමනාවක් ඇති උනා ටෙස්ලා කියන්නේ ගුප්ත, නිහඩ හා වැදගත් චරිතයක් කියන එක පෙන්නන්න.. සම්මුඛ සාකච්ඡාව පුරාම මම ඒකට මහන්සි උනා. ඒත් ඒක ඒ තරං තදට ඇවිත් නෑ කියල දැං තේරෙනවා.. හැක්.. //

      මගෙන් ඉගෙනගන්න එකාට බුදු සරණයි හැක්..

      Delete
    2. දැන් කාලේ කියන්න වෙන්නේ අබ සරණයි කියලා හි හී :) :)

      Delete
    3. [මගෙන් ඉගෙනගන්න එකාට බුදු සරණයි හැක්..]

      උඹ මොනවද බන් උගන්නන්නේ..? ඇත්තට අහන්නේ

      Delete
    4. ඇත්තටම කිව්වොත් ඉතිං... උගන්නන දෙයක් නෑ.. හැක්..

      Delete
  20. ඇත්ත. හොද විස්තරයක්, අන්තිම කොටස නියමයි.

    ReplyDelete
    Replies
    1. මාර්කස්.. කාලෙකින් දැක්කේ..

      ස්තුතියි කියවීම පිළිබඳව..

      Delete
  21. ටෙක්ලා ගැන ලිව්ව නං දිග වුණාට අවුලක් නෑ. ඒත් ටෙස්ලා ගැන නිසා තව ටිකක් කෙටි කරන්න තිබුණා. මොකද මුල ඉඳං අගටම කියවනවට දේශකයා කැමැති ඇතිනෙ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සේරම කියවනවට තමා කැමති.. නමුත් පහුගිය කොටස් තුනේදි ඔය පහල,, මේ ඔය අත පොවන මානේ ඉන්න කෙනා හෙන දෝස්මුරේ කොටයි යකෝ කිය කිය.. අද බලන්නකෝ ඉතිං.. හැක්..

      Delete
  22. ඔක්කොම හොඳයි කියනවනෙ මං මොනාද කියන්නෙ.හැබැයි පුතෝ දිග වැඩියි.

    ReplyDelete
    Replies
    1. ඉතිං උඹ මේක කියවල නරකක් කියහංකෝ.. මට හැදෙන්නවත්.. දිග වැඩි??? කපනවා උඹගේ අත්තටු සේරමලා.. හැක්

      Delete
  23. හරි අගෙයි දේශක තුමෝ. ඒක ලියපු විදිය තමයි තවත් වටින්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්තට.. සන්තෝසයි එහෙනං.. ජය වේවා

      Delete
  24. අපූරුම රටාවකින් ලියවුන වැදගත් ලිපියක්...

    ReplyDelete
    Replies
    1. පොකුරු වැහි නං මෙතැනදි දැක්කමයි මයෙි හිතේ.. වෙල්කම් වේවා..

      ස්තුතියි පැමිණියාට.. හා කියෙව්වාට අයියෝ කමෙන්ට් කරාටත් එක්කම.. හැක්. ජය

      Delete
  25. උඹත් බලං ගියහම වැදගත් මිනිස්සුන්ගෙන් සැලකුම් ලබන පොරක්නේ... හොඳයි මචං... මට එච්චර ඉන්ටරස්ටින්ග් ෆීල්ඩ් එකක් නොවුණත් ලියලා තියන ස්ටයිල් එකයඉ සරල බවයි නිසා ඔක්කොම කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. චැක්.. උඹ ආස නැද්ද.. මං හිතන්නේ උම ටෙස්ලා ගැන බයෝග්‍රැෆි එකක් වත් කියවනවනං හරිම අගෙයි.. මම කිව්වට එක පාරක් කියවහං....

      Delete
  26. දිග වැඩි වුණත් බොහොම ආසාවෙන් කියෙව්ව. ඇත්තටම එහෙම කීවෙ ලියල තියෙන විදිය හංද. පොඩි එකෙට්ට වුණත් තේරෙනව ඉතිං මං වගේ එකෙට්ට නොතේරෙන්නෙ කෝමද..
    ඉතුරු ටිකත් බොහොම ඉක්මණට ගේන්න. මේ වගේ ඉක්මණට නෙවී ඇත්තටම ඉක්මණට
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටිකක් කොහෙද බොල. බල්බ් එක නිවුනම ඔක්කොම කෙලි ඉවරයි. හැක්..

      Delete
    2. එහෙනං ඒක තමා ඔක්කෝම ළමයි මං පාරේ යන කොට.. හු හු කියන්නේ.. හැක්.. ජය වේවා.. ඔව් ඔව් ඉක්මනින්ම දාන්නං..

      @ ප්‍රසා

      අන්තිම පයිනල් ලාස්ට් වොර්නිනං එක.. මාව වෙනිවැල් කරගන්න එපා හරිය. හැක්

      Delete
    3. ඒක්ක.. ඒ අංකල් වගේ ස්වයං වැඩ කරන්නෑ අපි බොල. හැක්..

      Delete
    4. උඹල ඕවා මූනට කියන්නෑ නේ ඒ මහත්මයාගේ.. හැක්..

      Delete
  27. ටෙස්ලා ගැන කියවගෙන ආවා.ලියලා තියෙන ශෛලිය නිසාම කියවන්න හිතුනා. දිගටම ඉන්ටවිව් එකක් විදිහට නේද යන්නේ? එතකොට කියවන්න ලේසියි. වටහගන්න ලේසියි. සමහරු ලියන ලිපි කියවනකොට කරන්ට් වදිනවා වගේ.

    දේශා මගේ යාලුවෙක්ගේ තාත්තා කෙනෙක් හිටියා රේඩියෝ හදන්නේ රස්සාවට. මේ බලු කොල්ලෝ ඒ මනුස්සයට මාකෝනි කියලනේ කිව්වේ මිනිහා නැති වෙලාවට. දවසක් ඕක ඇහිලා, ඒ කොල්ලට සරම උස්සල කිව්වා "මාකෝනි උඹලගේ අම්මගෙ බඩ උඩ නැග්ගම, පුකෙන් තමයි සින්දු පිටවෙන්නේ...බොරුනම් තාත්තගෙන් අහපන්" කියලා. පව් බං මෑන් වයසට ගිහිල්ලා මැරුනා ඒ කාලෙම.

    ReplyDelete
    Replies
    1. මුල්ම කොටස් තුන වෙන විදියකට දැම්මේ. නමුත් ඒකෙන් මට ඕන දේ කියාගන්න අමාරු බවක් දැක්කා. ඒක නිසා පොඩි යු ටර්න් පාරක් දැම්මා බං..

      අපරාදේ උඹට තිබ්බේ මාර්කෝනිගේ නම උසාවියෙන් ගැලෙව්වා කියල කියනන නේ. හැක්

      Delete
  28. බොහොම වැදගත් ලිපි පෙලක්...

    ReplyDelete
  29. මම නම් කලින් ලිපි 3 ලියපු ආකෘතියට තමයි වඩා කැමති. නමුත් බොහෝ දෙනා මේ ලිපියේ ආකෘතියට කැමති බව කොමෙන්ට් වලින් පෙනෙනවා. එයින් පෙනෙන්නේ ඔබේ මෙවර ලියවිල්ල වඩා සාර්ථක බවයි.

    ඉංග්‍රීසි වචන වචන වරහන් තුල දමා ලිවීම මමත් කර තිබෙනවා. ඊට ඔබ අකමැති බවත් ඉහත ලියා ඇති බව දුටුවා. නමුත්, සමහර ඉංග්‍රීසි යෙදුම් වලට සිංහල සම්මත තේරුම් සොයගැනීමට ඉතාම අපහසුයි හෝ ඇත්තේ නැහැ. මෙවැනි අවස්ථාවක එක්කෝ අපි එම ඉංග්‍රීසි වචන සිංහලෙන් (උදා. චෙක් පත වැනි ලෙස) ලිවිය යුතුයි, නැතහොත් සුදුසු ලෙස ඇති සිංහල වචන සොයා නිල නොවන ලෙස යෙදුම් සැකසිය යුතුයි. එසේ සකසනවිට ඇති ගැටලුව එය අනෙක් අයට වැටහෙනවාද යන්න බැවින් එය වලක්වාගැනීමට මම ඉංග්‍රීසි වචනය වරහන් තුල ලියමි. අනෙක් අතට, වඩා උනන්දු කෙනෙකුට එය ගැන තොරතුරු ගූගල් වැනි සෙවුමක් තුලින් පහසුවන් සොයා ගැනීමට ඉංග්‍රීසි වචනය ලියා තැබීමයි.

    මම supercritical fluids ගැන ලිපියක් ලිවීම අද ඇරඹුවෙමි. නමුත් supercritical fluids යන වචනයට සිංහල පැහැදිලි තේරුමක් නැත. හුදෙක් වචන එක්කර "සුපර්ක්රිටිකල් තරල" යයි යෙදීම මට ප්‍රිය නොවේ. එකී ක්ෂේස්ත්රයේ critical point යන වචනයට "අවධි ලක්ෂය" යන සම්මත පාරිභාෂික වචනයක් ඇති නිසා "සුපිරි-අවධි තරල යයි යෙදුවෙමි." එය සම්මත වචනයක් නොවෙන බැවින් ඉංග්‍රීසි වචනය මට නොලියා සිටිය නොහැක. මීට ඔබ දකිනා වෙනත් විකල්පයක් ඇතිනම් අපටද කියන මෙන් සුහදව ඉල්ලමි.

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසි වචනය වරහන් තුලට ගේන එක හොඳ දෙයක්. කාටත් පහසුයි. අයිස්ක්‍රීම් වලට හිම කිරම කියලා ලිව්වට කමක් නැහැ. හැබැයි වරහන් ඇතුලේ අයිස්ක්‍රීම් කියලත් ලියලා.

      Delete
    2. නෑ නැනෝ.. මම කිව්වේ එහෙම දානන්ම එපා කියල නෙමෙයි.. මම ටිකක් අකමැතියි පෝස්ට් එකක් පුරාවට හැම තැනම ඉංගිරිසි දාන එකට. අර කමියා අන්තිමට දාපු එක ඒ වගේ සිංහල බාගයයි ඉංගිරිසි බාගයයි. තිලකේ කිව්ව වගේ අකුරු විතරක් දන්න මිනිස්සුන්ට ඕවා ඇහුවා කියල මතක හිටිටනවයැ.. ඒකයි කිව්වේ.. අවශ්‍ය වෙලාවට සිංහල නෙමෙයි ඉංගිරිසි නෙමෙයි දෙමල හරි ඕන දෙයක් දානන් මම පැකිලෙන්නේ නැහැ.

      ඔබ කියු ලිපිය සදහා වචනයක් මට එන්නේම නැත.. මම මොනවා කිව්වත් ඒ මයි විව් එක නේ.. ඒක නිසා ඒකට ඔයා අනුවර්තනය වෙන්න අවශ්‍ය නෑ. ඔයාට හිතෙන විදියට වැඩේ කරන් යන්න.. කිසි ප්‍රශ්නයක් නැහැ..

      තැන්ක්ස් නැනෝ..

      Delete
    3. ඇත්තටම කෙන්කියුශා කියලා අමතනවට වඩා නැනෝ කියලා කිව්වම දැන් දන්නවා මේ කොයි බ්ලොග් එකද කියලා. ලැච්චරයෝ ඒ නම හොඳයි.

      Delete
    4. උඹ නං අවුල් වෙලාම ගියත් මට මොකෝ.. අපේ නැනෝට අර වචනයට වචනයක් කියහංකෝ බං..

      Delete
    5. අවධි ලක්ෂය කියන්නේ ටර්නින්ග් පොයින්ට් නම්....ටර්නින්ග් පොයින්ට් යනු ක්‍රිටිකල් නම් ක්‍රිටිකල් යනු සංකටක වේ. එමනිසා සුපර්ක්‍රිටිකල් යනු අධි සංකටක වේ. සුපර්ක්‍රිටිකල් ෆ්ලුඉඩ්ස් යනු අධිසංකටක තරල කියා හිතමු. මාව අල්ලලා පොලේ ගහපන්.

      Delete
    6. උඹ කිව්ව නිසා මටත් හිතුනා වචනයක් හදන්න..

      සුපිරිද්‍රව තරල...මාව අල්ලල පොලේ ගහපං. හැක්

      Delete
    7. අනික් අයගේ වීව් නොසලකා මට ඕනේ දේවල්ම ලිව්වුවොත් ලිවීමෙන් මට මොකුත් ඉගෙන ගන්න වෙන්නේ නැහැනේ. මම සංවාද කරන්නේ මම හරිය කියල හිතන එක අනික් අයට කෙසේ හෝ අවබෝධ කරන සිතුවිල්ලෙන් නෙවෙයි (බොහෝ අයත් එහෙමයි මම හිතන්නේ). සංවාද වලින් මම වැරදියි කියල පැහැදිලිව පේනවා නම් මම මගේ අදහස වෙනස් කරගන්න බලාගෙනයි මම ඉන්නේ.
      .........................................................

      http://www.suvahas.vidumanpetha.com/chemistry%20dictionary/index.php

      ~ සුවහස් විදු ජාලය ~
      රසායන විද්‍යා ශබ්දකෝෂය / Chemistry Dictionary
      නිර්මාණය: විද්‍යා ව්‍යාප්ති අංශය - මූලික අධ්‍යන ආයතනය මහනුවර

      මේ හන්තානේ මුලික අධ්‍යන ආයතනය (Institute of Fundamental Studies) මගින් කල ව්‍යපෘතියක්. හොද වැඩක් ඔවුන් මේ කරතිබෙන්නේ. නමුත්, ඔවුනුත් කියන Supercritical Fluid එකට වචනයක් දීල නැහැ. ඒ වගේම Supercritical Reaction කියන එකට දීල තිබෙන්න Supercritical Nuclear Reaction කියන අර්ථ දැක්වීම. ඉතින් අපිවත් සිංහල වචනයක් හදමු නේද ? විද්‍යාව සිංහලෙන් ලිවීමට ඇති එක ලොකුම බාධාවක් වචන නැතිකමයි.
      .........................................................
      දේශකයා මිත්‍රයා සහ අරුණ මිත්‍රයා, නැනෝ ගැන මුලින් ලිව්වේ මම දැනට වැඩිපුරම කරන දේ ඕනේ තරම් ලියන්න පුළුවන් නිසා. Particle physics, Opto-electronics, Chemistry, Biology, International relations, Peace making වගේ දේවලුත් සුළුවශයෙන් හෝ ලියන්න බලාපොරොත්තුවෙනුයි ජපන් භාෂාවෙන් පර්යේෂකයා කියන අර්ථය ඇති කෙන්කියුෂා නම දැම්මේ.

      Delete
    8. ඔබ ඒ ක්ෂේත්‍රය පිළිබදව අවබෝධයක් තිබේ නම් අදාළ පරිදි සුදුසු යැයි හැගෙන ලෙස ගැලපෙන වචනයක් හදාගන්න බැරි වෙන එකක් නැහැ මම නං හිතන්නේ..

      ඇයි නැනෝ කියනවට අකමැතිය??? හැක්.. ජය

      Delete
    9. අරුණ කියපු එකත් අල්ලලා - හැරවුම් ලක්ෂයෙන් එපිට ද්‍රව (හෝ තරල) කියල කිව්වොත් වැරදිද?

      Delete
    10. සුපර්ක්‍රිටිකල් තරල.. ඒක හොදයි නේ බං..

      Delete
    11. බොහොම ස්තුතියි යෝජනාවලට අජිත්, අරුණ සහ දේශකයා මිත්‍රවරුනි.

      //ඇයි නැනෝ කියනවට අකමැතිය???//
      අපොයි නෑ. අකමැති වෙන්නේ මක්කටෙයි ? දේශකයා, එහෙම නමක් ලැබෙන එකයි එහෙම නමක් දාගන්න එකයි හරිම වෙනස් නේද ? නැනෝ ලියන්න එන මීළඟ බ්ලොග් කරුවාට පෞර්ෂත්වයක් ගොඩනගාගැනීමට ඉඩක් නොතියා ඒ සම්පූර්ණ ඉඩ මම ම තනියම අල්ල ගන්න එක වැරදියි නේද ? මට හිතුනේ එහෙමයි මිත්‍රයා.

      Delete
    12. ඒකට කමන් නෑ.. ඔයා නැනෝ වෙන්න. එතකොට ඉවරයිනේ.

      Delete
  30. මම නම් විද්‍යුතය ගැන දන්න මඟුලක් නැහැ. නමුත් මේ ලිපිය වැදගත්. මම අහලා තියනවා. මෙතුමාගේ සොයා ගැනීම් නියම විදියට පිළිගැනීමට ලක් වුනා නම් අද විදුලිය නිපදවීම එතරම් වියදම්කාරී නොවන මෙන් ම පරිසර දූෂණය ඇති නොකරන විදියට කර ගන්න තිබ්බා කියලා. නමුත් මුදල් ඉදිරියේ ලෝභ වූ ඇමරිකාව සහ බටහිර දියුණු රටවල් පොසිල ඉන්ධන පස්සෙ යාම නිසා ඒ සොයා ගැනීම් යට ගියා කියලත් අහලා තියනවා. මේ ගැන යමක් දන්නව නම් ලියන්න. ඉතා පමා වී කියෙව්වට සමාවෙන්න. (ඔබේ කලින් ලිපිත් ඉක්මනින් කියවන්නම්.)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහ වෙදනා.. ඒ ගැනත් සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වෙමි.. ජය

      Delete
  31. දේශා.. ඉතිහාසයෙන් කුණු කූඩේට දාපු මේ මනුෂ්‍යයා මගේ ලෝකයේ වීරයා... අයින්ස්ටයින් පරයා මගේ ලෝකයේ විද්වතාගේ කිරුල හිමි වෙන්නෙ ඔහුට. වාර්තා වැඩසටහන් සහ බොහෝ දේ ඔහු සම්බන්ධව හොයන සහ හොයපු එකෙක් මම. උඹේ ලිපි පෙළ මුල ඉඳන්ම කියවන්න ගන්න ඕන... ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. එළ කිරි.. නියම ටෙස්ලා ලෝලියෙක් හමු උනා. පහු ගිය ඒවයේ කියවන්න ඒ තරං දෙයක් නැහැ.. එන්නකෝ හෙනං අපි කතා කරමු..

      Delete
    2. අපට උගන්නපු පෙළ පොත් වල එඩිසන් කියන්නෙ වීරයෙක්. ආදර්ශමත් පුද්ගලයෙක්. තෙස්ලා හැලිලා... ඕනෑම දෙයක් මාකට කරන්න ඕන කියන තියරියට විරුද්ධව යන මිනිස්සුන්ට වෙන වැඩේ ඕකයි...

      Delete
    3. එඩිසන් බිස්නස් කාරයෙක් සහ නිමවුම්කරුවෙක්. උඩට එන්නේ බිස්නස් කාරයෝ. එදත් එහෙමයි. අදත් එහෙමයි. ප්‍රොඩක්ට් එක මදි.ඒකට බ්‍රෑන්ඩ් එකකුත් ඕන කියන තියරිය තමයි වෙන්න ඇත්තේ.

      Delete
    4. දේශා.. tesla කියල ඉංගිරිසියෙන් ලිව්වට සර්බියානුවා වරනැගෙන්නෙ "තෙස්ලා" කියලයි. එය නිවැරදි වියයුතුයි නේද? "ටෙ" උච්චාරණයට වඩා එය "තෙ" උච්චාරණය වඩාත් සමීපයි නේද?

      Delete
    5. @ sajja

      තෝමස් එඩිසන් කියන්නේ වීරයෙක් හොද සිවිල් බලයක් ඇති ව්‍යාපාරිකයෙක්. කොටින්ම කිව්වොත් ග්‍රේට් ඇමරිකයන් idol එකක්. ඒකේ කිසිම සැකයක් නැහැ. නමුත් ටෙස්ලා සම්බන්ධව එඩිසන්ගේ ක්‍රියාපටිපාටිය හෝ වෙනත් අයෙකු කෙරෙහි වන පටිපාටිය එකම ඇමරිකන් විදියයි. ඒක එඩිසන්ට හෝ වෙනත් ඇමරිකානුවෙකුට කියල වෙනසක් නැහැ. අපට ඒක පැහැදිලිව පේන්නේ ටෙස්ලාට සලකපු විදිය වැරදියි කියලා තොරතුරු වලින් පේන නිසයි. කොහොම උනත් ටෙස්ලා උනත් කිව්වේ එඩිසන් විශිෂ්ඨයෙකු කියලයි. ඇමරිකාවේ විද්‍යුතය සදහා පිරිනැමෙන් ඉහලම සම්මානය එඩිසන් මෙඩල් එක. ඒක ටෙස්ලා 1917 දී ලබා ගත්තා. එහෙම නං ඔහු ඒක නොගෙන ඉන්න තිබුනා. එඩිසන් ටෙස්ලට සලකපු විදිය වැරදියි. නමුත් ඔහුගේ ක්‍රියාවන් සාමාන්‍ය ඇමරිකානුවෙකුගෙන් වෙනස් වන්නේ නැහැ. ඒකයි මං දන්න විදියට ඇත්ත. එක් දහස් අටසිය ගණන් වල ඇමරිකානුවන්ගේ මානසිකත්වය මොන වගේද කියල ආයි කියන්න ඕන නෑ නේ බං..

      තෙස්ලා සම්බන්ධයෙන් නං මම පිළිගන්නෙ ඔහු අමරිකානුවකු බවයි. ඉතිං අප ඇමරිකානු උච්චාරණය තමා පිළිගන්න සිදු වන්නේ. ඕනවට වඩා පාර්ශික වන්න නරකයි.. ටෙස්ලා කියන්නේත් තමා ඇමරිකානු පුරවැසියකු බවයි..

      @ අරූ
      එඩිසන් කියන්නේ තනිකර ව්‍යාපාරිකයෙක්. ඉතිං සියලු අවස්ථා සම්බන්ධයන් සහිතව ඔහු God කෙනෙකුගේ තත්වයෙන් තමා ඒ කාලේ ජීවත් උනේ..

      ස්තුතියි අදහස් දැක්වීමට..

      Delete
  32. මචන් දේශා //මේ නිකොලා ටෙස්ලා කියන නාමය ඇත්තටම එකපාරටම ලෝකෙට විවෘත උනේ 2003 වර්ෂයෙන් පසුවයි. // මේක පිලි ගන්න අමාරුයි නේ. අපි ටෙස්ලා unit එක ගැන අසූ ගණන් වලත් දනනවා. නිකොල ටෙස්ලා ගැන පොඩ්ඩක් කියල තමා ටෙස්ලා ඒකකය ගැන කියන්නේ. ඒකකය දැම්මේ 1960 නිකොල ටෙස්ලට ගෞරව කරන්න.

    ReplyDelete
    Replies
    1. අජිත්.. කතාව ඇත්ත. උසස් අධයාපනය හෝ විද්‍යුතය සම්බන්ධව ඉගෙන ගන්නා අය ටෙස්ලා ගැන ඉගෙන ගන්නවා. නමුත් කිසිම කෙනෙක් ටෙස්ලාගේ ඇති වටිනාකම තේරුම් ගන්න තරම් ඒ තොරුතුරු ප්‍රමාණවත් නැහැ. අවසානයේ ඒ වගේ සීමිත කොටසක් පමණක් ටෙස්ලා කියන නාමය දැන හිටියට කව්ද කියන එක දන්නේ නැහැ. කොහොම නමුත් ලෝක ටෙස්ලා දිනය දැමීමත් සමගම ටෙස්ලා ලෝලින් ප්‍රමාණය වැඩි උනා. ඒ වෙන කොටත් ටෙස්ලා ගැන සමාජ/සංගම් තිබුනා. ඒවායේ තොරතුරු තිබුනාට මිනිසුන්ට ඒවා බලන්නට හැකි මගක් විවර උනේ ටෙස්ලා මෝටර්ස් හරහා බවයි මගේ හැගීම. ඒක පැහැදිලිවම පේනවා. නමුත් දැනටත් ටෙස්ලා මෝටර් ගැන දැනගත්තට ටෙස්ලා ගැන නොදන්න බොහෝ පිරිසක් ඉන්නවා.

      Delete
  33. අර කාලය ගැන ටික කොහෙන්ද අරගත්තේ? බලන්න මමත් ඒක ගැන පෝස්ට් දෙකක් දාල තියනවා අවතාර එහෙම ගැන කතා කරද්දී. ඉන්ඩක්ෂන් මෝටර් ඔය කියපු තැන් වල නෙවේ අද දුම්රිය පවා දුවවනවා.

    ReplyDelete
    Replies
    1. කාලය ගැන කිව්වේ අර හීනේ හරියේ කිව්ව ටිකද?? කොහෙන් ගන්නද බං ඔව්වා ඉතිං අපි කියවල හිතල බලල ලියන එව්ව නේ..

      උඹත් එක්ක නං බෑ හැම මගුලටම කෝචිචයක් ගාවනවා. හැක්. ඔව් බං.. ඇයි ඉලෙක්ට්‍රික් කාර්.. ඒකයි කිව්වේ ජීවත් වෙන්නත් අමාරුය කියල ඉන්ඩක්සන් මෝටරේ නැතිව.. ජය වේවා.

      Delete
  34. ගොඩක් තොරතුරු දැනගත්තා.

    ReplyDelete
    Replies
    1. එය සතුටකි.. ජය වේවා...

      Delete
  35. අප්පටසිරි අපි දේශට සලකනව මදිනෙ.. :-p මරු විස්තර ටික මචෝ... ගොඩක් දේවල් දැනගත්තා.. ටැන්කිවු හොදේ..

    ReplyDelete
    Replies
    1. පුට්බෝඩ් දරුව.. බෝම ස්තුතියි.. හැක්..

      Delete
  36. දැන්නේ බං මේක කියෙව්වෙ. උඹේ ඉදිරිපත් කිරීම වඩා හොඳ බව මටත් හිතෙනවා. දැනටමත් දන්නා දේවල් මතකයට එන අතරම නොදන්නා දේවල් ඉගෙනගන්න ලැබීමත් උඹේ මේ ලිපි වලින් සිද්ද වෙනවා.

    මම යනවා ඉන්වර්ටර් වැඩ කරන්නෙ කොහොමද කියලා ජාලෙන් ඉගෙන ගන්න මේ ගමන්ම.

    ReplyDelete
    Replies
    1. හොදා.. මටත් කියන්නකෝ ඒ ගැන.. ජය වේවා

      Delete
  37. මොනවා කියන්නද ? සුපිරි තරුව දේශකතුමා තවත් සුපිරි වැඩක් සමඟ !

    ReplyDelete
    Replies
    1. ඈහ්.. මෙතු මං සුපර් ස්ටාර් කෙනෙක් වගේද පේන්නේ.. හැක්. ලස්සන පින්තුරේ හොදේ. ජය

      Delete
  38. මමත් ටෙස්ලා ගැන දැන ගත්තේ විදුලි මෝටර් රථය නිසා. ඒ වගේම මටත් මේ ගැන උනන්දුව තිබුනට විෂය ඇඟේ නෑ. නමුත් හරිම කැමතියි මේ වගේ පුද්ගලයෝ ගැන දැනගන්න.

    ඒත් මගේ පුතානම් ඔය ගැන හෙන උනන්දුයි. කාලයක් යනකල් කූලින් ෆෑන් එකක් තියාගෙන කෝටියක් ප්‍රශ්ණ ඇහැව්වා. නුවරඑළියේ වින් ටර්බයින් දැකලා පොරට පිස්සු හැදුනා. ඒක වැඩ කරන හැටි කියලා දෙන්න ගිහින් මමත් ඉගෙන ගත්තා. ඒ පෙති සහ ටර්බයින් එක අතරමැදට ගියර් වීල් පද්ධතියක් සවිකරලා ක්‍රියාකාරීත්වය ක්‍රමවත් සහ වර්ධනය කරලා තියෙනවා කියලා. හොඳ වෙලාවට යුටියුබ් තියෙනවා කොල්ලට රූප රාමු එක්ක ම පෙන්වන්න. හෙට මම පෙන්වනවා ටෙස්ලා මහත්තයගේ ඉන්ඩක්ෂන් මෝටරේ. අනිද්දට බ්ලෙන්ඩරේ ගලවලා පෙන්වන්න වෙයිද දන්නේ නෑ....

    ලිපියට කෙලින්ම අදාල නැති කරුණු වුනත් මම කිව්වේ කාරණාවක් ඇතිව. මොකද මම දේශකයාගේ බ්ලොග් එක කියවන්න අදයි මුල් වරට. දේශකයා කෙහෙල්කොටුවට කී වාරයක් ඇවිල්ලා තිබුනත් මම ඒ අඩිපාර දිගේ මෙහෙට ආවේ නෑ. තව එහෙම බ්ලොග් අඩවි ගණනාවක් තියෙනවා මම ගොඩ නොවුනු. අද නම් මම හිතාගත්තා මේක රීඩරේට දා ගන්න.

    ටෙස්ලා මහත්තයා ගැන තව තොරතුරු කියවන බලාපොරොත්තුවෙන් ඔබට සුභ පතන මා කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.:D

    ReplyDelete
    Replies
    1. හිතවත් චූටි මහත්තැන් වෙතයි

      මහත්තැන් මෙහාට ගෑටුවද නැති වුවද ඔහේගේ කෙහෙල් කොරටුව මට බෝම හුරුය. වටින්නේ ඒකය..

      ඉන්ඩක්ෂන් මෝටරය ගැන කියා දීම එතරම් අමාරු නොවේ.. යුටියුබ් හි ඇති තරං ඩෙමෝ ඇත. ජය වේවා. ඇන්ඩ් වෙල්කම් චූටි..

      Delete