Tuesday, May 24, 2016

නිකොලා ටෙස්ලා (Tesla in America)

මුලින් ලියපු ඒවා


**************************************************


නිකොලා ටෙස්ලා මහතා විදුලි පහන ස්පර්ශ කිරීමෙන් අනතුරුව එහි දීප්තිය යළි ප්‍රකෘති තත්වයට පත් විය. මා හට ඉස්පාසුවක් නැතත්, ඔහු එතරම් කලබල නොවන හැඩය.

මම
ඉතිං ටෙස්ලා මහත්මයා,, ඔබ කොහොමද ඇමරිකාවට ආවේ..??

නිකොලා ටෙස්ලා

ඒක තරමක දීර්ඝ කතාවක්. ඔබට එය අසා සිටින්නට සිදු වේවි.. කලින් ඔබගේ සටහනේ තිබුනා වගේ මම හංගේරියාවේ බුඩාපේස්ට් නුවර තිබුන දුරකතන හුවමාරු සමාගමක සේවය කළා. නමුත් මා එහි යන විටත් එම සමාගම ඉඳිකිරීම් මට්ටමෙයි තිබුනේ.. මම එතැනට පත් උනේ ඩ්‍රාෆ්ට්මන් කෙනෙක් විදියට. නමුත් මාස කිහිපයක් යන කොට සමාගම වැඩ පටන් ගත්තා. හැබැයි ඒ වෙන කොට මම ප්‍රධාන විදුලි කාර්මික විදියටයි එහි වැඩ කලේ. අන්න එතැනදි මේ පද්ධතීන් වැඩි දියුණු කරන්නත්, අත්‍යාවශය වෙනත් උපාංග නිපදවන්නත් මම උත්සුක උනා. ඔබ දැන් දන්නා මුල්ම ශබ්ද වාහිනිය නැත්නං කව්රුත් දන්නා ඇමිලිෆයර් එක හදන්න මට පුළුවන් උනා. ඒ වගේම ඒ පද්ධතීන් වල තිබු ඉතා විශාල අඩුපාඩු නිවරැදි කරන්නත් මට හැකියාව ලැබුනා. ඔය 1881 දී. එතකොට මා සමග මිතුරෙකු වශයෙන් සිටි ඇන්තනි සිගෙට් මහත්මයාටත් මටත්, පැරිස් නගරයේ අලුතෙන් පිහිටවපු කන්ටිනෙන්ටල් එඩිසන් සමාගමේ සේවය සදහා යෑමට අවස්ථාවක් ලැබුනා. මේ සමාගම ඔබ හොදින් දන්නා තෝමස් එඩිසන්ට අයිති සමාගමක්. මේ අවස්ථාව ලැබුනේ මම අර දුරකතන සමාගමේ පද්ධතීන් වැඩි දියුණු කිරීමට ගත්ත උත්සාහය නිසයි. ඉතිං අප එය පිළිඅරගෙන පැරිසියට ගියා. එහිදි අපට වැඩ කිරිමට සිදු උනේ චාර්ල්ස් බැචිලර් කියන මහත්මයා යටතේ තිබූ විදුලි පහන් කර්මාන්තශාලාවකයි. මම යනවිට පැරිසියේ තිබු තත්වය ඔබට මේ පින්තුරයෙන් බලාගත හැකියි.

එතනදි මට කරන්න ලැබුන හොදම වැඩ දෙකක් තමා පැරිස් ඔපෙරා හවුස් හා බැවේරියා පිහිටි නර්තන ශාලාවක ආලෝක පද්ධතිය ස්ථාපනය කිරිම. නමුත් මෙම කටයුතු වලදි මම දැක්කා එඩිසන්ගේ විදුලි ඩයිනමෝ වල ඇති පැහැදිලි දුර්වලතා. ඒ අනුව මගේ ප්‍රධානියා වෙත මෙම ඩයිනමෝ වැඩි දියුණු කිරීම සදහා වන සියළු විස්තර ඇතුලත් යෝජනාවලියක් ඉදිරිපත් කරා. එය අනුමත උනා. ඉතින් මම එඩිසන්ගේ ඩයිනමෝ වල තිබු මුලික අඩුපාඩු නිවරැදි කර ඒවා කාර්යක්ෂම අයුරින් ක්‍රියා කළ හැකි ආකාරයට වැඩි දියුණු කලා.

අපට ලැබිල තිබුනා ප්‍රධාන කොන්ත්‍රාත්තුවක් ජර්මන් ලයිටින් සමාගම ආලෝකකරණය කිරීමට. ඒ කිව්වේ විදුලිය සැපයීම. එඩිසන් ඔක්කෝම හදල තිබුනත් පරික්ෂණ වාරයකදි සියල්ල අවුල් උනා. සියළු යන්ත්‍ර ගිනි ගත්තා. ඒ නිසා මට සිද්ධ උනා ඒ වගකීමත් ගන්න. ස්ට්‍රැස්බර්ග් වලට මට හනික යන්න සිද්ධ උනා. එහි අළුත්වැඩියාවන් මා සිදු කලා පමණක් නෙමෙයි. ජර්මානුවන් එක්ක වැඩ කළ යුතු ආකාරයත් ඉගෙන ගත්තා. හා හා. ජර්මානුවන් කියන්නේ හරියට දෙයක් තීරණය නොකරන අයයි. කෙනෙක් ගෙන් දෙයක් ඇහුවම ඒකට උත්තර සොයන්න ඉහලම නිළධාරියා දක්වා යනවා. අන්තිමට පහළම නිලධාරියා දීපු උපදෙස තමා ක්‍රියාත්මක වෙන්නේ. ඒත් මේකට ගත වන කාලය.. ඒක අති විශාලයි. මට හොද අත්දැකීමක් තියෙනවා ඒ ගැන.

මම
ඔය කාලයේදි නේද ඔබ පළමු ඉන්ඩක්ෂන් මෝටරය හදලා ප්‍රදර්ශනය කලේ.

නිකොලා ටෙස්ලා
ඔව් ඔබ හරි.. 1883 දී මම මෝටර් එක හදලා ව්‍යාපාරික පිරිසකට එය ප්‍රදර්ශනය කලා. නමුත් ඒ කෙරෙහි කිසිවෙකු උනන්දුවක් දැක්වූයේ නැහැ. ඉතිං ඒක නිසා මගේ කටයුත්ත ලත් තැනම ලොප් උනා.

මම
ඉතිං ඔබ ඇමරිකාවට ආවේ කවද්ද?

නිකොලා ටෙස්ලා
ඇමරිකාවට යන්න මට තිබුන උනන්දුව නිසාම මගේ ප්‍රධානියා වෙච්චි බැචිලර් මහත්මයා මට රෙකමදාරු ලිපියක් දුන්නා තෝමස් එඩිසන් හමු වෙලා දෙන්න කියලා. ඉතිං මම ඒකත් අරගෙන මගේ අඩුම කුඩුම ටිකත් පටවගෙන ඇමරිකාවට එන්න පිටත් උනා නැවෙන්. මම ඇමරිකාවට ආවේ 1884 ජුනි හත් වෙනිදා. ඊට පහු වෙනිදාම මම එඩිසන් හමුවෙන්න ඔහුගේ කාර්යාලයට ගියා. අර ලිපියත් ඔහුට දුන්නා. ඒ ලිපිය දිහා බලපු ඔහු කට කොනකින් අවඥාසහගත සිනාවක් පාමින් ඊට පසුදා සිට ඔහුගේ සමාගමේ රැකියාවට එන්න යැයි දැනුම් දුන්නා.

මම
ඒ ලිපියේ තිබුනේ කුමක්ද කියා ඔබ දන්නවද?

නිකොලා ටෙස්ලා
ඔව් මම දන්නවා. එහි මෙහෙමයි තිබුනේ.

Dear Mr Edison

I know two great men.One is you, and the Other one is this young man


Charles Batchelor


මම
ඇයි ඔබට ඇමරිකාවට පැමිණිමට මේ තරම් උනන්දුවක් තිබුනේ.

නිකොලා ටෙස්ලා
ඒක මෙහෙමයි. මම කුඩා කාලයේදි පාසැලේදි දැක්කා මනස්කාන්ත නයගරා දිය ඇල්ලේ පින්තුරයක් .එහි යෝධ ජල කඳ දුටුවම මට සිත් උනා කවදා හෝ දිනෙක ඒ මහා ජල කඳ මගින් ගලා හැලෙන අසීමිත ශක්තියෙන් වැඩක් ගත යුතු බව. එය මගේ සිතේ තදින්ම කාවැදි තිබු දෙයක්. ඉතිං ඇමරිකාවේ එඩිසන් යටතේ වැඩ කරන්න ලැබුන මුල්ම අවස්ථාව ප්‍ර යෝජනයට ගෙන මම ඇමරිකාවට පැමිණියා. අමතක කරන්න එපා තෝමස් එඩිසන් කියන්නේ ඒ දින වල ලෝකයේ සිටි ප්‍රභලම අයෙක්. ඒ වගේම ඔහුව හඳුන්වා දුන්නෙත් මෙන්ලෝ උද්‍යානයේ මායාකරු හැටියටයි.

මම
මට කියන්න ඔබ එඩිසන් යටතේ මොනවාද කලේ කියන එක?

නිකොලා ටෙස්ලා
නිව් ජර්සි වල පිහිටි එඩිසන්ගේ පර්යේෂණාගාරයේ වැඩ කරන්න මට ලැබුනා. එතැන තනිකරම සරල ධාරා විදුලි බලය උත්පානය කිරීම සදහා අවශ්‍ය ඩයිනමෝ සහ වෙනත් උපකරණ නිෂ්පාදනය කරන තැනක්. ප්‍රංශයෙදි වගේම මට මෙතැනදිත් සිද්ධ උනා එඩිසන්ගේ ඩයිනමෝ වල තිබුන විශාල දුර්වලතා නිවරැදි කරන්න. අවසානයේ එඩිසන්ට සිද්ධ උනා ඔහුගේ ක්‍රමය පසෙක ලා මා විසින් වැඩි දියුණු කරන ලද ක්‍රමයන් එම ඩයිනමෝ සදහා ආදේශ කරන්න. මෙතැනදි මට පැහැදිලි උන දෙයක් තමා විදුලි බලය නිපදවීම හා සම්ප්‍රෙෂණය කිරීමේදී සරල ධාරාව අතිශය ආකාර්යක්ෂමයි කියන එක. ඒක මම පැහැදිලිවම එඩිසන්ට කිව්වා. එතැනදි ඔහු මගෙන් විමසුවෙ ඊට සුදුසු විකල්පය කුමක්ද කියලයි. ඔබ දන්නවා නේ මට තිබු එකම විකල්පය ප්‍රත්‍යාවර්ත විදුලිය භාවිතය කියන එක කියලා. නමුත් ඒ වෙනකොටත් එඩිසන් සරල ධාරා විදුලිය ජනනයට අවශ්‍ය ඩයිනමෝ සහ අනෙකුත් සියලුම උපාංග වාණිජ මට්ටමින් නිපදවීම සදහා ඉතා විශාල ප්‍රාග්ධනයක් වැය කරලයි තිබුනේ. ඒ සදහා ආයෝජකයන් වෙතින් ඔහු අති විශාල ආයෝජනයන් ලබා ගෙන තිබුනා. ඉතිං මේ හේතුව මත ඔහුට නැවත හැරිමට නොහැකි තත්වයක් තිබුනා. ඒ අනුව කිසි ලෙසකින් වත් ප්‍රත්‍යාවර්ත විදුලිය නිපදවීම ලාභදායි හා පහසු දෙයක් ලෙස සැලකීමට ඔහුට හැකියාවක් සහ අවස්ථාවක් ලැබුනේ නැහැ. නමුත් ඒ කාලේ තිබු සරල ධාරා ජනනය කිරීම ඔබ දුටුවා නම් පුදුමයට පත් වේවි. ඉතා විශාල යන්ත්‍ර මගින් පොසිල ඉන්ධන දහනයෙන් ජනනය කරපු මේ විදුලිය නගරය තුල සම්ප්‍රේෂණය කිරිමට විශාල වියදමක් දැරීමට සිදු උනා. ඒ කෙසේ උනත් සරල ධාරාව සමේපේෂණය කිරීම අතිශය අපහසු කාර්යයක් . ඇයි එය ඉතා අකාර්යක්ෂම නිසා. වැඩි විෂ්කම්භයකින් යුත් තඹ රැහැන් දිගේ ගෙන යන මේ විදුලිය, සැතපුමක් යද්දි අර්ධයකටත් වඩා හානි වෙනවා. ඉතිං එඩිසන්ට සිද්ධ උනා සැතපුමක් ගානේ සරල ධාරා විදුලි උත්පාදන යන්ත්‍ර ස්ථාපනය කරන්න.


මේ බලන්න ඒ කාලේ සරල ධාරා විදුලිය රැහැන් දිගේ ගෙන ගිය ආකාරය



හා හා. හිසට ඉහලින් මකුළු දැල් බැඳලා වගේ නේද?? ඔන්න ඔබට මම අවස්ථාවක් සලසා දෙනවා සරල ධාරාව භාවිතා කරන විට පැවති තත්වයත්, ප්‍රත්‍යාවර්ත ධාරාව භාවිතා කළ විට ඒ ස්ථානීය ස්වරූපයත් හඳුනාගන්න අවස්ථාවක් ලබා දෙන්න.



ඔය සරල ධාරා විදුලි ජනක යන්ත්‍ර කියන්නෙත් මහා දුම් ගොඩක් පරිසරයට මුදා හරින, සේවකයන් කිහිප දෙනෙකු දුම් කෝච්චියට මෙන් ගල් අඟුරු දමන යන්ත්‍රයක්.



A massive Edison dynamo from the Pearl St. New York Station

ඉතිං ඔවැනි යන්ත්‍ර නගරයක හැතපුමක් ගානේ තිබුනම, කොච්චර වියදං කරල කොච්චර මුදල සොයාගත්තත් ඇති පලය කුමක්ද?? ඉතාම අකාර්යක්ෂම ක්‍රමයක් මේක. ප්‍රධානම දේ එඩිසන්ගේ මුලිකත්වය, බලය නිසා ඇමරිකාව තුල විදුලිය සැපයීමේ සම්මතය සරල ධාරාව බවට නම් කරගෙන තිබුනා .එ් තත්වය මත එඩිසන් යොදවපු මුදල් ආපසු ගන්න හැකියාවක් නැහැ. ඒක නිසා ඉතා විශාල බලපෑමක් ආවා ප්‍රත්‍යාවර්ත ධාරාව ඇමරිකාව තුල ප්‍රචලිත කිරීමේදි. නමුත් මා නම් කිසි විටෙකත් ප්‍රත්‍යාවර්ත ධාරාව යොදා ගැනීම සම්බන්ධව පැකිලීමක් තිබුනේ නැහැ. ඊට සරිලන උපකරණ, උපාංග නිර්මාණය කරමින් මා වැඩ කටයුතු කළා.

මම
War of Currents කියන විදුලිය සම්බන්ධ යුද්ධය ඇති උනේ ඒ නිසාද?

නිකොලා ටෙස්ලා
මේ ගැන විශාල ලෙස කතා කළ යුතුයි. ඔබට ඊට අදාළ නිසි පැහැදිලි කිරීම් මා කළ යුතුම දෙයක්. නමුත් ඔබ ඇහුවේ නැහැනේ මම එඩිසන්ගෙන් අයින් උනේ ඇයි කියලා.. ?? ඇයි ඒ..?? හා හා

මම
ඇත්තෙන්ම.. විදුලි යුද්ධය ගැන දැනගැනීමට ප්‍රථම තවත් කරුණු ඔබගෙන් දැනගත යුතුයි. මේ කාල සීමාව ඔබගේ හැරවුම් ලක්ෂයක් වෙන්න ඇති නේද?

නිකොලා ටෙස්ලා
හරියට හරි.. ඇමරිකාවට මා පැමිණීමේ මූලික අරමුණ ඉෂ්ඨ කරගැනීමේ මුල්ම අඩිතාලම වැටුනේ ඔය කාලයේදි තමා. ඒ ගැන තොරතුරු කියන්න කලින් අපි කෝපි කෝප්පයක් බොමුද??

102 comments:

  1. හා , කෝ දීපන් කෝපි එක.

    ReplyDelete
  2. හා දීපං.සීනි එක හැන්දයි හරිද.

    ReplyDelete
  3. Dear Mr Tesla

    I know two great men.One is me, and the Other one is this young man

    Praසන්ன

    ReplyDelete
    Replies
    1. Dear Mr Praසන්ன,

      I know two greatly confused men here and neither is young

      Delete
    2. ඒයි දේශකයො, මෙන්න බොටයි තව එකෙකුටයි අන්දබූත මැන්ටල් කියල මේ ප්‍රා කියනව. ඇත්තෙයි.

      Delete
    3. Dear Mr. Pra

      I know two great men. Ons is Aru and the other one is this young man (for reflective over weighed comments..)

      D

      Delete
    4. Praසන්ன is young?? And he is overweight?????

      Delete
  4. අර ඇදල තියෙන විදියට කාලයක් (කේබල් එන්න ඉස්සර) ලංකාවෙ ටෙලිෆෝන් ලයින් ඇදල තිබුණ මතකයි.
    ආයෙ ල‍ාංපුව නිමෙන්න ඉස්සරිං අහන්න තියෙන ඔක්කොම අහගනින්. හැක්.. ටෙක්සලා.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න මාමට සෑහෙන්න වයසයිනේ!!! හැක්!

      Delete
    2. ඔය කේබල් හෙන ගණකමයි.. ඔක්කෝම තඹ වයර්

      හා

      Delete
  5. කෝපි එකත් හදාගෙන ඉක්මන්ටම ආවනන්
    ....ඉතුරු ටිකත් කියවන්ඩ...

    ReplyDelete
    Replies
    1. ඉක්මනට එනවා.. ජය

      Delete
  6. කථාව ලස්සණට ගලාගෙන යනවා, මේ එඩිසන් මහත්තයා නේද වියළි කෝෂය හා විදුලි බල්බය ඇතුළු නව උපකරණ සොයා ගත්තේ?

    ReplyDelete
    Replies
    1. වියළි කෝෂය හොයාගත්තෙ වෙන කෙනෙක් නේද?

      Delete
    2. විදුලි බල්බය නම් එඩිසන්ගේ නමටයි තියෙන්නේ. නමුත් වියළි කෝෂය දිගු බැටරි පරිනාමයේ සන්ධිස්තානයක්. බැටරි කියන වචනය මුලින්ම ලෝකේට දුන්නේ එක් දාස් හත්සිය ගණන් වලදි ඇමරිකාවේ හිටපු ප්‍රසිද්ධ විදඥයෙක් වෙන බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්.. ඔහුත් මේ ආරෝපණයන් රඳවා ගැනීම ගැන පරික්ෂණ කළා. දන්නවනේ ෆ්‍රැන්ක්ලින් කියන්නේ කව්ද කියලා. නමුත් මුල්ම වියළි කෝෂය එන්න කලින් මුලින්ම තිබුනේ වෙට් සෙල් (තෙත් කෝෂ වෙන්ඩ ඕන) බැටරි. මේවයේ පිට කවරයක් නැති නිසාත් ද්‍රව හෝ තරළ භාවිතා කළ නිසාත් භාවිතයේ අපහසුතා ඇති උනා. ඒ අනුව විවිධ රටවල පරික්ෂණ පැවැත්වුනා. නමුත් අප දන්නා පරිදි මුල්ම වියළි කෝෂය නිපදවීමේ ගෞරවය යන්නේ Carl Gassner කියන නවනිපැයුම්කරුයි. ඔහුටයි එහි පේටන්ට් අයිතිය ලුබුනේ. ඇලේසැන්ඩ්‍රෝ වෝල්ටාත් මේ ගැන විශාල පර්යේෂණ කළ අයෙක්.. ජය

      Delete
    3. ස්තුතියි අරූ..

      Delete
    4. විද්‍යුත් කෝෂ ගැන ගැන කිහිප තැනකම අදහස් දැක්කම මට මෙය මතක් වුණා.

      ආරෝපණ ගබඩා කිරීමට සහ පසුව නිදහස් කිරීමට යොදාගන්නා නවතම උපාංගයක් වන දිවිත්ව විදුලි ස්ථර සුපිරි-ධාරිත්‍රක සහ අධි-ධාරිත්‍රක වලට යොදාගන්නා නැනෝ සක්‍රීය කාබන් සඳහා හොඳම නිෂ්පාදකයෙක් වන්නේ ශ්‍රී ලංකාවයි. පැසුණු පොල් අහාරයට ගන්නා අපේ රටේ, පොල්කටු වලින් නිපදවන කාබන් තත්වය පොල් නොපැසුණු අවධියේ කඩාගන්නා තායිලන්තය ඉන්දුනීසියාව වැනි රටවල පොල්කටු කාබන් වලින් ලබාගැනීමට අපහසු බවයි කියවෙන්නේ.

      අපේරට තුල විද්‍යුත් උපාංගයක් නිමවා අපනයනය කිරීමට තිබෙන අපිට තිබෙන හොඳම අවස්ථාවක් අපි තවම හරි හැටි අල්ලාගෙන නැති බවයි පෙන්නේ. මේ සඳහා පර්යේශන ටික ටික කෙරුණත් මීට වඩා වැඩි බරක් තැබීම ඉතාම සුදුසු බවයි මම හිතන්නේ. එය සාර්ථක කරගැනීමේ ඉහල හැකියාවක් තිබෙන අතරම මෙය ලෝකයේ ඉහල ඉල්ලුමක් පවතින දෙයක්.

      Delete
    5. අපේ රටේ තිබෙන ස්වාභාවික ඛණිජ බොහෝ විද්‍යුත් උපාංග සදහා යොදාගන්වා. නමුත් එහි වටිනාකම නොදන්න නිසා ඉතා අඩු මුදලත් රටට ලැබෙන අයිරිනුයි ඒවා පිටට යන්නේ.. සූරාකෑමට ලක්වි අවසන් අපි.. ස්තුතියි මේ එකතු කළ කොටසට..

      Delete
    6. ලෝකෙ පිරිසිදුම තත්වයේ ග්‍රැෆයිට් තියෙන්නෙත් අපේ රටේ.... ඒත් තාමත් අමුද්‍රව්‍ය විදියට ග්‍රැෆයිට් පටවනව ඇරෙන්න වෙන කරන දෙයක් නෑ..... ලිතියම් බැටරි වල ඇනෝඩ් මැටීරියල් හදන්නෙ ග්‍රැෆයිට් වලින්

      Delete
    7. ඔබ හරි මිත්‍රයා. 98% පිරිසු ග්රෆයිට් අපට තිබෙන්නේ. දැනට ග්රෆයිට් වලින් ග්රෆීන් වෙන්කරගැනීම යම් පර්යේෂණ SLINTEC සිදුකලා සහ සිදුකරමින් පවතිනවා හි. නමුත් ඒවා කෙරෙන වේගය අනුව නම් ග්රෆීන් වලටත් අනුප්‍රාප්තිකයෙක් එනකන්ම කෙරෙන පාටක් පේන්නේ නෑ. Bandgap එකක් ඇති MoS2 දැනටමත් මතුවෙමින් තිබෙන්නේ. අපි විශාල ග්රෆීන් ස්තර වෙන්කරගන්නකොට ලෝකෙට ඒවා ඕනේ වෙන්නේ නැති වේවි.

      Delete
    8. ස්තුතියි නැනෝ.. මේ අදහස් හුගක් වටිනවා. ඇනෝ මිත්‍රයාටත් ස්තුතියි..

      Delete
  7. අන්තිමේ දී ටෙස්ලයි එඩිසනුයි දෙන්නම යුද්දෙන් දිනුවද කියල ඉක්මනට කියව දේශක

    ReplyDelete
    Replies
    1. එඩිසන් කෝමත් දිනල හිටියේ.. ඒත් විදුලියෙන් ටෙස්ලට (වෙස්ටින්හවුස්ට) පැරදිල කම්පැනිය වහන්ත් උනා

      Delete
  8. කොහොමද අර කම්බි ටික උඩට ගහක් එහෙම පතබෑ උනානම් එහෙම... ලං.වි.ම නම් මාස 2ක් වත් යයි හදන්න..

    ReplyDelete
    Replies
    1. ඔහෙලට තාම ලයිට් නැතෙයි මල්ලි.

      Delete
    2. ඇමරිකාවේ ලංවිමක් නැහැ දරුව.. හැක්.

      Delete
  9. නියමයි දේශා!!!!!උඹ ටෙස්ලා මහත්තයත් එක්ක කයියක් ගහගෙන හිටපන්. මම කෝපි එකක් හදාගෙන එන්නම්. හරිස්චන්ද්‍ර හොඳයිද නැත්නම් නෙස්කැෆේ එකක් හදන්නද? coffee with brandy or coffee with milk?

    ReplyDelete
    Replies
    1. What about coffee with Extra Special

      Delete
    2. මට කෝපි නැතිව බ්‍රැන්ඩි විතරයි.. හැක්

      Delete
  10. මේ කාලයේදී සරල ධාරාව කෝෂ හෙවත් බැටරි තුළ ආරෝපණය කරතබාගනීම ගැන මොනවද තියන තොරතුරු?

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒ කෝෂ අති වි්ශාලයි. අපි භාවිතා කරන කාර් බැටරි වලට තරමක් විශාල කෝෂ ටෙස්ලත්, එඩිසනුත් අනෙකුත් අයත් භාවිතා කළා. බැටරි වල පරිනාමය සිදු උන කාලයත් මේ ටෙස්ලගේ කාලයයි. ඒක නිසා නිතරම විද්‍යාව අළුත් වෙන්න ගත්තා.. අරූ දීපු ලින්ක් එකත් වටින එකක් විචා..

      Delete
  11. මේ මනුස්සයාගෙ උගුර කට වේලුනා නෙ හොඳම හරියට එනකොට..කොච්චර දිග උනත් දැනෙන්නෑ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගස්.. උගුර තෙමාගෙන ඒවි..

      Delete
  12. අඩේ, මග ඇරුන සෙට් එකත් එක්ක හෙමීට ඔක්කොම බලන්න ඕන.

    ReplyDelete
  13. ඊයෙ වික්ටර් ෆ්‍රැන්කස්ටයින් බැලුවෙ. මේක කියවද්දි ඒකත් මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. මං ඒක බලල නෑ. මට මතකයි අපේ වර්ණ මලයා ඔය ගැන ලිව්වා.. ජය වේවා

      Delete
  14. Replies
    1. හරි එනවනං එමු.. හැක් ජය..

      Delete
  15. මොකක්ද බං නවත්තන්නේ...
    කෝපි බොන ගමන් කතා කරන්න බැරි කමක් නැහැනේ...
    පට්ට වැදගත් ලිපි පෙළක් දේශා, ස්තුති වේවා...!

    ReplyDelete
    Replies
    1. පිස්සුනං කියවන්න එපා. කෝපි උගුරක් හිරවෙලා මේ ටෙස්ල කාරය කුරිඤ්ඤං ගැහුවොත් එහෙම දේශකයට වෙන්නෙ 33000 ලයින් එකක එල්ලෙන්න තමයි. හැක්...

      Delete
    2. //ටෙස්ල කාරය//

      වෑසක අයට එහෙම කියන්ඩ එපා අයියේ.. ඉත ඉදෙනවා.. හැක්

      Delete
    3. @ ලොකු

      අනේ බං මේවා කොච්චර ලිව්වත් කියවන්නේ අල්පයයි. ඉතිං ඒ ටික දෙනාටත් දරාගන්න ඇහැක් වෙන ගානට දෙන්ඩ එපායැ.. මේක විතරයැ දවසට කොච්චර දේවල් ඒ අයටත් තියේද කියවන්න. ඒකයි අපි නිතරම කෝපි බොන්නේ.. හැක්.. ස්තුතියි

      Delete
    4. ඇයි ඔහේටත් කවුරුහරි දේශකාරය කියල කිව්වය.

      Delete
    5. ප්‍රසාකාරයා.. හැක්

      Delete
  16. කියවන අපිට කෝපි තියා වතුර එකක්වත් දෙනවද???
    දැන් ඒ මනුස්සයාට කෝපි හැදුවෙ දේශකතුමාද??

    අගෙයි අගෙයි...

    ReplyDelete
    Replies
    1. හැක් හැක්. ඕනද කෝපි එකක් විෂ්කි එක්ක..

      Delete
  17. ටෙස්ලා කොටස් ඔක්කෝම කියවලා ඉවර කලා. මේ කොටසේ ඉදිරිපත් කිරීම විශිෂිඨයි ඒ ඉන්ටරැක්ටිව් විලාසය නිසා.

    ෆොටෝ වලින් ගොඩාක් හිත ගත්තේ මකුළුදැල් වගේ වයර් පිරුණ එක හා අනෙක් එක. වයර්ලස් සිග්නල් නැතිනම් අද ලෝකයේ පාවිච්චි කරන තරමට ටෙලිෆෝන් ජාලයන්හි වයර්වල තත්වය ඊට වඩා අන්ත වෙන්න තිබුණා. බොහෝ විට ටෙලිකොම්/ඩේටා බාවිතය අද තත්වයට වඩා බොහෝ වෙනස් වෙන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඩීන් අයියා.. මේ තත්වයන් වෙනස් වේවි.. විදුලිය සම්ප්‍රේෂණය කිරීම සදහා ෆයිබර් ඔප්ටික් කේබල් වර්ගයක් භාවිතා වෙන්නත් පුළුවන්.. ස්තුතියි මුල සිටි කියෙව්වාට.. ජය

      Delete
    2. අද පවතින ඩේටා ට්‍රාන්ස්මිෂන් ක්‍රම සුලබ නැති කාලේ (1992ට පෙර ) legacy computer systems වැඩ කලේ multiplexer යොදාගෙන. ඒ මුලධර්මයම ඊටත් වඩා බොහෝම කාර්‍යක්ෂම විදියට ෆයිබර් ඔප්ටික් ඩේටා ට්‍රාන්ස්මිෂන් වලදී යොදාගනී.

      අද ෆයිබර් ඔප්ටික් කේබලයක් හරහා යන ඩේටා චැනල් බර ගානක් (160) දක්වා ස්ප්ලිට් කරන්න පුලුවන් මල්ටිපෙලෙක්සර් මගින්. ඒ තාක්ෂණය යොදාගෙන Power Transmission කරන්න සමත් වුණොත් ලොකු පෙරළියක් ඇති වේවි.

      Delete
    3. ඔව්.. ඩීන් අයියා.. ෆයිබර් කේබල් එකක් භාවිතා කිරිම ගැන මේ වන විටත් පරියේෂණ පැවැත්වෙනවා. නමුත් එහි වෙනස් කම් සිදු කරන්න වෙනවා. මං කිව්වේ කේබල් එකේ..විශාල ධාරාවක් ගමන් කරවීමේ ගැටළුව තමා මං හිතන්නේ මුලින්ම විසදගන්න ඕන.. ජය

      Delete
  18. අපුරු කතා රටාව.

    නිකොලාත් ව්‍යාපාරිකයෙක් වුනානම්,නැතිනම් අඩු වශයෙන් හොඳ ආයෝජකයෝ සෙට් එකක් හොයන් ප්‍රත්‍යාවර්ත ධාරාව දියුණු කර ගන්න ඒ යුගයේම මේ විදුලිය අඩු මිලට නිපදවන්න තිබ්බා.සමහරවිට එහෙත් මේ වගේම විදුලි මාෆියාවක් තිබ්බාද දන්නේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝජ්. ටෙස්ලාගේ වැඩ ගැන අති භීතියක් තිබුනා වෙළද මාෆියාවට සහ තෙල් මාෆියාවට. ඔවුන් ටෙස්ලා පුනර්ජනනීය බලශක්තින් භාවිතා කොට විදුලිය නිපදවීමේ ක්‍රමයන් අත්හදා බලද්දි ඒවා කඩාකප්පල් කරා. ඒ ගැන ඉදිරියට කියැවේවි. ජය

      Delete
    2. ටෙස්ල මේ කාලෙ ජීවත් වෙලා හිටිය නං ජෙනරේටර් වලින් එහා දෙයක් නිපදවෙන්න තිබ්බා.....

      අයන් මෑන් ෆිල්ම් එකේ තියෙන ආක් රිඇක්ටරය.... මායා බන්ධන ටීවී සීරිස් එකේ තියෙන බල ගල්...මේවා බොරුයි කියන්න බැරි තරමට තාත්විකයි.....එවැනි දෙයක් නිපදෙන්න තිබ්බා ටෙස්ලා මේ කාලයේ හිටිය නං..

      දේශකයා මට ලින්ක් ටිකක් දෙන්න පුලුවන්ද ටෙස්ලා ගැන විස්තර තියෙන පොත් වල.... ටෙස්ලා ලියපු පත්තර ලිපි නං ඔක්කොම වගේ හොයාගත්තා...පොත් මොනවද කියල හොයාගන්න අමාරුයි.... ටෙස්ල ගැන ටෙස්ලම ලියපු පොත් වල ලින්ක්ස් දෙන්න පුලුවං නං හොඳයි...

      ලිපි පෙලට ජය වේවා....

      Delete
    3. ස්තුතියි මිත්‍රයා ප්‍රතිචාරයට. මුලින්ම සමාව ඉල්ලනවා ප්‍රමාද උනාට. මේ දවස් වල පොඩි බිසියක් නිසා බ්ලොග් බැලෙන්නෑ..

      ටෙස්ලා ගැන ටෙස්ලාම ලියපු පොත් කිහිපයක් තියෙනවා. මම ඒවා බුක්මාර්ක් කරල තිබුනට දැං ඒ ටික නැති වෙලා.. ආයි වෙලාවක ඒ ටික හොයල දෙන්නං.මෙන්න මේක ඉතාම රසවත් පොතක්..

      http://www.teslinavizijainterneta.rs/wp-content/uploads/Nkola_Tesla_My_Inventions.pdf

      Books by nikola tesla කියල සර්ච් කරාම ඔබට උවමනා තරං පෙන්නාවි.. මට ඉඩක් ලැබුන සැනින් අනිත් පොත් ටිකේ ලින්ක් දෙන්නං.. ජය

      Delete
  19. මේක නම් වෙන්න බහ.
    /ජර්මානුවන් කියන්නේ හරියට දෙයක් තීරණය නොකරන අයයි// හේ හේ ගන්න තීරණ වෙනස් කරන්නත් අමාරුයි.
    එල ලිපිය. මගේ විශ්ව විද්‍යාල කාලය මතක් වුණා . electrical machine කියල වෙනම විෂයක් තිබ්බ. මුකුත් මතක නැහැ දැන්.

    ReplyDelete
    Replies
    1. ටෙස්ලා ව්‍යංගයෙන් කියන්නේ අජිත් කියන එකද කියල නං මට තේරෙන්නේ නෑ.. මේ කොටස පොඩ්ඩක් කියවල මටත් කියන්න මේ අදහස් කරන්නේ ඔවුන්ගේ කුඩා දේකට උනත් කාර්යයකිදි තියෙන සැලකිල්ලද නැත්නං බෝලේ පාස් කිරිල්ලද කියලා.

      //ඒක මං දන්නෑ වෙන්න බැහැ කියල කිව්වට. හැක්.. ඔන්න ටෙස්ලම කියන විදිය.

      Just to give an idea of German thoroughness and "efficiency," I may mention here a rather funny experience. An incandescent lamp of 16 c.p. was to be placed in a hallway and upon selecting the proper location I ordered the workman to run the wires. After working for a while he concluded that the engineer had to be consulted and this was done. The latter made several objections but ultimately agreed that the lamp should be placed 2 inches from the spot I had assigned, whereupon the work proceeded. Then the engineer became worried and told me that Inspector Averdeck should be notified. That important person called, investigated, debated, and decided that the lamp should be shifted back 2 inches, which was the place I had marked. It was not long, however, before Averdeck got cold feet himself and advised me that he had informed Ober-Inspector Hieronimus of the matter and that I should await his decision. It was several days before the Ober-Inspector was able to free himself of other pressing duties but at last he arrived and a 2 hour debate followed, when he decided to move the lamp 2 inches farther. My hopes that this was the final act were shattered when the Ober-Inspector returned and said to me: "Regierungsrath Funke is so particular that I would not dare to give an order for placing this lamp without his explicit approval." Accordingly arrangements for a visit from that great man were made. We started cleaning up and polishing early in the morning. Everybody brushed up, I put on my gloves and when Funke came with his retinue he was ceremoniously received. After 2 hours of deliberation he suddenly exclaimed: "I must be going," and pointing to a place on the ceiling, he ordered me to put the lamp there. It was the exact spot which I had originally chosen.//

      Delete
    2. මේක කලේ කවදද දන්නේ නැහැ. නමුත් වයරින්ග් වලට ලංකාවේ වගේ හිතන කෙනෙකුට ඔහේ කරන්න බැහැ. BS7671 වගේ IET වයරින්ග් රේගියුලේෂන් නොතිබ්බත් ජර්මනියේ ඔය නීති හුඟක් පරණ කාලේ ඉඳන් පිලිපදිනව්. ලාම්පුව ගිනි ගත්තොත් රක්ෂණ නැතත් වගකීම ගන්න කෙනෙක් සිටිය යුතුයි. Ober-Inspector හෝ අනිත් වැදගත් මනුස්සයා මොනවා නොකලත් ප්‍රශ්නයක් වුනොත් බෙල්ල ගහල යන්නේ එයාගේ. ටෙස්ලගේ නෙමේ. ජර්මානුවන් නීතියක් තියනවා නම් ඒක පිලිපදිනව ආයි මොකා කිව්වත්.

      Delete
    3. ඒක වෙන්නැති. අපි ඕවා දන්න එකක්යැ අජියෝ.. දැනුවත් කිරීමට ස්තුතියි.. මේ සිද්ධිය මං හිතන්නේ 1885 විතර වෙච්චි සිද්ධියක්

      Delete
  20. Replies
    1. ස්තුතියි රුවන්..

      Delete
  21. හුග දොහකින් මේ පැත්තට ආවෙ දොරේ...කොනක ඉදන් කියවන්නයි වෙලා තියෙන්නෙ...ඒ කාරිය අහවර උන ගමන් බොලාගෙ කථාවෙ අන්තර්ගතය ගැන කොමෙන්ටුවක් අත අරින්නං...එතකං...අපිට ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ජය වේවා සිරෝ..

      Delete
    2. අද දවල් වරුවෙ ඔපීසියෙ ඉන්න ගමන් මුල්ම ලිපියේ සිට මේ ලිපිය දක්වාම කියෙව්වා...යමක් කියවන්නෙ නැතුව බොරුවට කමෙන්ට් කරන පුරුද්දක් මට නැති නිසයි මම ඊයෙ දිනයෙ කුඩා සටහනක් මෙහි තබා ගියේ.

      මුලින්ම දේශකයාට ස්තූති වන්ත වෙන්න ඕනෙ මේ වගේ අතිශය වෙහෙසකර කටයුත්තකට මුල පිරීම ගැන. පරිවර්ථනයක් පාඨකයාට දැනෙන විදියට සරළ භාෂාවෙන් ඉදිරිපත් කිරීම වෙලාවකට හරිම වෙහෙසකරයි කියලා මම අත්දැකීමෙන්ම දන්නවා. ඒ වෙහෙසරකර බව ඇතුලෙ විද්‍යාත්මක කාරණාත් ඒ ගැන කිසිම දැනුමක් නැති අයටත් වටහා ගන්නට හැකි විදියට සරළ ලෙස ඉදිරිපත් කර ඇති අන්දම ප්‍ර‍ශංසනීයයි. මෑත කාලයේ මා කියවූ ඉතාම වටිනා ලිපි පෙලක් ලෙස මේ ලිපි මාලාව හඳුන්වාදෙන්නට කැමතියි.

      ජර්මානුවන් ගැන ටෙස්ලා දක්වා ඇති ආකල්පය ටිකක් පරස්පරයි. මා ආශ්‍ර‍ය කර ඇති ජර්මානුවන් ඇසුරෙන් ගත්තත් ඔවුන් ඉතාම විචක්ෂණශීලී සහ අවංක, සමානාත්මතාවය අගය කරන පිරිසක් බවයි මගේ අදහස. උදාහරණයකට එක් වරක් මම ජර්මානුවෙක් එක්ක ගියා ගම්පහ මල්වත්ත බලන්න. ඒ කාලෙ පුරවැසියෙකුට අය කිරීම රු 30 යි. පිටරැටියෙකුට අය කිරීම රු 900/- මා සමග ගිය ජර්මානුව එහි යායුතු නොවන බව කිව්වා මිළ ගනන් දැකලා. මම ඒ ගැන විමසුවාම ඔහු කිව්වෙ බලන්න උඹලා සහ අපි ගෙවිය යුතු මුදල අතර වෙනස 30 ගුණයක්...උඹ වරෙන් දවසක ජර්මනියට එහෙ උඹලට සහ අපිට කියලා මිළ දෙකක් නෑ...තියෙන්නෙ එක මිළයි කියලා.

      මේ ලිපියට අදාළ නැති උනත් බුඩාපේස්ට් වල තියෙන පැරණි දුම්රිය ස්ථානයත් පුරාවිද්‍යාත්මකව වටිනා ගොඩනැගිල්ලක්. අයිෆල් කුළුණ සැලසුම් කල කෙනාම තමයි එයත් සැලසුම් කොට තිබෙන්නෙ.

      දේශක මාමෙ මේ වෑයම දිගටම කරගෙන යාමට ඔබට වරම් ලැබේවා...සියලු දෙවි පිහිටයි....ආරක්ෂාවයි...

      Delete
    3. ස්තුතියි සිරා පුතේ..

      මුලින්ම කියන්න ඕන මේක පරිවර්තයක් නොවෙයි කියන එක. විශාල තොරතුරු රාශියක් පරිශිලනය කිරීමෙන් තමා මේක කරගෙන යන්නේ. (මට මග හැරෙන තොරතුරු ප්‍රමාණයත් විශාලයි) ඉතිං කෝම හරි කරගෙන යන්න බලනවා.. මගේ ක්‍රියාකාරි සැලැස්ම (ඇක්සොන් පැලෑන) මාසයක් විතර තිස්සේ අවුල් වීමෙන් බරපතල කාලකළමණාකරන ගැටළුවකට මැදි වෙලයි ඉන්නේ.. උඹල කීප දෙනෙක් හරි කියවන නිසා කෝම හරි ලියනවා.. ජය

      Delete
  22. ළිපි පෙළ කියවාගෙන ආවත් අදයි අදහසක් කෙටුවේ. ඔබගේ ඉදිරිපත් කිරීමේ විලාසය හරිම අගෙයි. එදා සිට අද දක්වාම විද්‍යාත්මක පර්යේෂණ කටයුතු වලදී තව කෙනෙක්ගේ බුද්ධිය මතින් ප්‍රධාන විද්‍යාඥයාගේ නම ප්‍රචලිත වීම සුලභව සිදු වන්නක්. මා අසා ඇති පරිදි එඩිසන්, ටෙස්ලාගේ මොළයත් ඒ ලෙසටම පාවිච්චි කළා. අනිත් අතට එක් යෝජනාවලියකට මුදල් අනුමත කරගෙන, ඒ කෙනාම ඊට හාත්පසින්ම වෙනස් දේකට නැවත යොමු වෙනවා නම් ප්‍රසිද්ධ විද්‍යාඥයන් යොමු වෙන්නේ එය නොකර බැරිම තැනකදී. ඒ වගේම විද්‍යාඥයෙක් ඇති කර ගත් නම ඉතා විශාල වශයෙන් බලපානවා මුදල් ලබා ගැනීමේදී, ඔවුන් කොයි ආකාරයක යෝජනාවලියක් ඉදිරිපත් කලත් ඔවුන්ට මුදල් සැපයීමට බහුතරයක් සූදානම්. අද වෙද්දී තරඟකාරීත්වය වැඩි නිසා මේ තත්වය යම් තරමකට පාලනය වෙලා.

    ReplyDelete
    Replies
    1. ඔව් එඩිසන් පසු කාලිනව නිපදවූ ඔහුගේ සරල ධාර ජනන යන්ත්‍ර වැනි බොහෝ යන්ත්‍ර වල ටෙස්ලාගේ වැඩිදියුණුකිරීම් ඇතුලත් උනා.

      ස්තුතියි පොකුරු..ජය

      Delete
  23. මුල ඉඳල කියවන්න ඕනෙ..ටෙස්ලා කියන්නෙ මම කැමති චරිතයක්. හැබැයි බොහේ දෙනා ටෙස්ල නම ඇහුවෙත් "ඉලොන් මස්ක්" ටෙස්ල් කම්පනි එක පටන්ගත්තට පස්සෙ. මම අහල තියනව ටෙස්ල ගාව 0 point energy යන්ත්‍රයක් තිබුණු බව.

    ReplyDelete
    Replies
    1. ඔහුට ඒ ගැන නිවරැදි අයිඩියා එකක් තිබුනා.. කූර ලෝකය ඔහුට එය මුදුන්පමුණුවා ගන්න ඉඩ දුන්නේ නැහැ.. මම දන්නා තරමින්, ටෙස්ලා ගාව පොකට් ඔසිලේටර් එකක් තිබුනා. ඒකේ වයිබ්‍රෙෂන් වලින් සමහර කුළුණු පවා හොල්ලන්න පුලුවන්ලු.. ජය වේවා කස්සා

      Delete
    2. උවමනාම දේ අමතක උනා.. කස්ස කියන දේ වැරදියි.. ඉලොන් මුස්ක් කම්පැනිය පටන් ගත්තේ නැහැ. ඔහු එය මිලදී ගත්තා. එවිටත් ඒක ටෙස්ලා මෝටර්ස්මයි. නමුත් ඉලොන් නිසා තමා ටෙස්ලා නාමය වැඩියෙන්ම ප්‍රචලිත උනේ.. ඒකත් හරිම දෛවෝපගතයි. මොකද ටෙස්ලා හැංගිල ඉදල ටෙස්ලව එළියට එන්නෙත් ටෙස්ලාගේ නමින් තියෙන වෙන දේකින්.. ජය

      Delete
  24. හරිම අපූරුයි දේශක යො. අපි මේකට සලකනව මදි කියල ආයෙ ආයෙ හිතුණ.
    සුබ ගමන් මිත්‍රයා.

    ReplyDelete
    Replies
    1. ඔව් හොදටම මදි බොලා මට සලකන ප්‍රමාණය.. හැක්

      Delete
  25. උඹ මේක ලියනවද නැත්තං මම ලියන්නද? ටෙක්සලා. හැක්..

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හිටිං. මේ දවස් වල බිසී.. අපි දන්සලක් දෙන්ඩයි හදන්නේ.. හැක්..

      Delete
    2. අනේ වාසනාවං. කන එවුන්ට දෙයියංගෙම පිහිටයි. හැකක්..

      Delete
    3. පරණ එව්වට උත්තර.. හැක්

      Delete
  26. මාරම පට්ට විදිහට ගලාගෙන ගිය දෙබසක්. ගොඩක් දේවල් දැනගත්තා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විදුර.. ජය

      Delete
  27. අසාවෙන් කියවගෙන යනවා දේශකයා.. Tesla කියන මිණුම් ඒකකය ඉගෙන ගෙන තිබ්බට , ටෙස්ලා කියන මනුස්සයා සහ එයාගේ ජීවන තොරතුරු ගැන හොයන්න ගත්තේ මමත් පහන් යායේ සයුරි කිව්වට පස්සෙයි.. මේ ලෝකේ එක එක දේවල් හොයාගත්ත අය කොච්චරවත් ඉන්න නිසා විශේෂෙන් එක් කෙනෙක් ගැන හොයලා නැහැ මමත් ඊට කළින්.. එක අතකට මොකටද නේද අති විශේෂ හේතුවක් නැත්නම්..?

    පස්සේ හොයල බැලින්නම් ටෙස්ලා කියන්නේ විශේෂ කෙනෙක් නෙව .. එනි වේ දිගටම එනවා කියවන්න.. දිගටම මේ ලිපි පෙළ ලියන්න...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා.. ස්තුතියි අදහස් දැක්වීමට..

      මේ දවස් වල පෞද්ගලික කරදර නිසා බ්ලොගයට අත තිබ්බේ නැහැ.. ඉක්මනටම මේක පටන් ගන්නවා ආයිත්.. නැවතත් ස්තුතියි මිත්‍රයා

      Delete
  28. Replies
    1. සාදරයෙන් පිළිගන්නවා කසුන්... ඇත්තෙනම දිගට ලියන්න කියල හිතාන හිටියට දැං බ්ලොග් එක ලියවෙනවා අඩුයි. ඒකෙන් ටෙස්ලා ගැන ලියන එකත් නැවතුනා.. ඔබට සිදු වූ අපහසුතාව ගැන කනගාටුයි..ස්තුතියි

      Delete
  29. අපරාදේ මම ආසාවෙන් කියවගෙන ආපු ලිපි ටිකක්...

    පුලුවන්නම් ආපහු පටන් ගන්න

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කසුන්.. අනිවාර්යයෙන් උත්සාහ කරන්නං

      Delete
    2. ස්තුතියි කසුන්.. අනිවාර්යයෙන් උත්සාහ කරන්නං

      Delete