Tuesday, February 23, 2016

කව්ද මේ ටෙස්ලා!! (Nikola Tesla - The childhood)

නිකොලා ටෙස්ලා - හැඳින්වීම

අපි පහුගිය හැඳින්වීම වෙලාවේ නැවැත්තුවේ ඔහේලට Tesla කියල ගූගල් කරල බලන්න කියල නේ.. කිව්වත් වගේ කීප දෙනෙක්ම ඒක කරල උත්තරය දීල තිබුනා. ටෙස්ලා කියල හෙව්වම මුලින්ම එන්නේ වර්තමාන ලෝකයේ මෑඩ් සයන්ටිස්ට් ලෙස හදුන්වන එලොන් මුස්ක් හට අයිත් කැලිෆෝනියා තම මුලස්ථානය කරගත්ත Tesla Motors ආයතනය තමා. හැබැයි ඒකේ විශේෂත්වයක් තියෙනවා ඒ ටෙස්ලා හා මේ ටෙස්ලා යන නම් දෙකම එකම අරමුණ වෙනුවෙන් තිබුනට, ඒ කිව්වේ ටෙස්ලා කියන නාමය වෙනුවෙන් පෙනී සිටියට, හැබෑටම වෙලා තියෙන්නේ ඔරිජිනල් ටෙස්ලා යට ගිහිල්ලා මුස්ක්ගේ  ටෙස්ලා සර්ච් එන්ජින් වල උඩට ඒමයි. ඒකේ මම දකින වැරැද්දක් නැහැ. මොකද එලොන් මුස්ක් තමන්ගේ කම්පැනියේ නමට කවදාවත් අහල නැති ටෙස්ලද කව්ද නමක් දාලා තියෙන්නේ කියල මිනිස්සු හිතන්න පෙළඹෙනවා. විසි එක් වෙනි ශත වර්ෂයේදි ටෙස්ලා නාමය ප්‍රචලිත කිරීමට අති දැවැන්ත ව්‍යාපාරයක් වන ටෙස්ලා කොම්පැනියෙන් ලැබෙන සහාය උපරිමයි. ඔනන් ටෙස්ලා බැටරියකුත් අපේ රසිකල ඉන්න පලාතට හදුන්වා දෙනවා මේ අවුරුද්දේ. මුස්ක්ගේ කම්පැනියේ නම ටෙස්ලා වීමත් වැදගත් කතාවක්.

2003 වර්ෂයේදි පටන් ගත්ත ටෙස්ලා මෝටර්ස් සමාගම ආරම්භකයා එලෝන් මුස්ක් නෙමෙයි. නමුත් එහි ආරම්භකයන් විසින් සමාගමේ නමට මයිකල් ෆැරඩේ හෝ නිකොලා ටෙස්ලා යන නාමය යෝජනා කර තිබුනේ ඒ නම් දෙකෙන් හැදින්වුන විශිෂ්ටයන් දෙදෙනාට ගෞරවයක් ලෙසයි. අවසානයේ විශිෂ්ටතමයා නොහොත් වඩාත් ගෞරවය පිදිය යුත්තේ නිකොලා ටෙස්ලාට බව ඔවුන් තීරණය කිරීමෙන් පසුව ටෙස්ලා මෝටර්ස් ලෙස එම සමාගම නම් කලා. ඊට පසුවයි එලෝන් මුස්ක් මෙම සමාගම මිලදී ගත්තේ. (එලෝන් මුස්ක් = ඉලෝන් මුස්ක්, ඔහු 21 වෙනි ශත වරුසෙට ගැලපෙන අදහස් තියෙන කෙනෙක් නෙමෙයි.. මොකද ටෙස්ලා විසි වෙනි ශත වර්ෂෙට ගැලපෙන අදහස් තියෙන කෙනෙකුත් නෙමෙයි නේ)

ඒ සම්බන්ධය අපි දැං ඉවර කරල දාමුකෝ.. බැහැ එහෙමත් බැහැ. මුස්ක් කියන්නේ ටෙස්ලා කෙරෙහි දැඩි ගෞරවයක් ඇති කෙනෙක්. පසුව සාකච්ඡා කරනු ලබන  ටෙස්ලාගේ විශිෂ්ටතම නිර්මාණය වීමට ඉඩ තිබූ පර්යේෂණ භූමිය සංවර්ධනය සදහා මේ මෑතකදි මුස්ක් මහත්තයා ඩොලර් මිලියනයක් පරිත්‍යාග කර තිබෙන බවත් සදහන් කරන්නේ මේවා මතක තියාගන්න කියල කියන්නයි. (එලොන් මුස්ක් ගැන නොදන්නා අය ටෙස්ලා මෝටර්ස් හරහා ගොස් හෝ දැන කියා ගන්නවා නං බෝම හොදයි)

හැඳින්වීම වෙලාවෙදි මං කිව්වා නේ ටෙස්ලා ඉපදුනේ 1856 කියලා. හැබැයි ඒ වෙලාවේදි මං කිව්වේ නැහැ කොහේද ඉපදුනේ කියලා. ඒක කියන එකත් අමුතුයි. එවකට ඔස්ට්‍රියන් හංගේරියන් දේශ සීමාවට ආසන්න ලිකා(Lika) ග්‍රාමයේ, ස්මිල්ජාන් කියන පළාතේ තමා ටෙස්ලා ඉපදුනේ. හැබැයි ඒක ටික කාලයක් යන කොට යුගොස්ලෝවියාව උනා. දැන් නං හඳුන්වන්නේ ක්‍රොඒෂියාව විදියටයි. කොහොම උනත් ටෙස්ලාගේ දෙමාපියන් සර්බියන් වැසියන් වූ නිසාම ටෙස්ලාත් උපතින් සර්බියානුවෙක්.

කොහේද යන්නේ මල්ලේ පොල් වගේ නේද?? ඔව්.. ටෙස්ලා ගැන පර්යේෂණයක් කරනව නං මේ හැම දෙයක් ගැනම ලොකු දැනුමක් ගන්න වෙනවා. පුද්ගලිකව මම හිතන දෙයක් තමා නිකොලා ටෙස්ලා කියන්නේ කුඩා කාලේ ඉදලම අමුතු කෙනෙක් කියලා. එහෙම කියන්නේ තමන්ගේ චරිතාපදානය ලියපු වෙලාවේ ටෙස්ලාම කියනවා තමන්ගේ මේ හැසිරීම් වර්ධනය වීමට තමන්ගේ ලමා කාලයේ ලැබු අත්දැකීම් වැදගත් උනාය කියලා. අපි බලමු ටෙස්ලා තමන් ගැන කියන විදිය. මම කියවපු ඒ පොතේ ටෙස්ලා ගැන දැනගැනීමට ඇති හොදම හා වැදගත්ම කොටස මේක කියලයි මට හිතුනේ. මොකද සිහින දකින්නෙකුගේ හා සාමාන්‍ය නවනිර්මාණ කරුවෙකු අතර වෙනස ඉතා පැහැදිලිවම මෙතනදි දැක ගන්න පුලුවන්.

“මගේ ක්‍රමය වෙනස්.. හිතුන ගමන් වැඩේ කරන්න යන්නෙ නැහැ. මට යම් අදහසක් හිතන ආපු සැනින්, මම එය හිතින් ගොඩ නගනවා. එහි වෙනස්කම් කරනවා. වැඩිදියුණු කිරීම් කරලා, මගේ මනසින්ම මම ඒ යන්ත්‍රය ක්‍රියාත්මක කරනවා. මට එතැනදි මගේ යන්ත්‍රය හිතින් දුවනවාද නැත්නං මගේ පර්යේණාගාරය තුල දුවවනවද යන්න ගැටලුවක් නෙමෙයි. ඒ යන්ත්‍රය ක්‍රියා කිරීමේදි යම් අඩුවක් ඇතිනම් ඒකත් මට හදුනා ගත හැකියි. ඒ වගේ මම හිතින් හදපු යන්ත්‍රයයි, මගේ අවසාන භෞතික ප්‍රථිපලයයි අතර කිසිම වෙනසක් සිදු වන්නේ නැහැ. මේ ක්‍රමයට මට ඉතාම ඉක්මනින් කිසිදු යාන්ත්‍රික මෙවලමක් භාවිතයෙන් තොරවම පරිපුර්ණ යන්ත්‍රයක් තැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේ ඕනැම නව යන්ත්‍රයක් මම අවසානය කරාම සිතින් ගොඩ නගද්දි එහි තව උවමනා වැඩිදියුණු කිරීම් කරන්න තියේනම් කිසිම දෝෂයක් ඇති නොවන පරිදි ඒවා වෙනස් කරන්නත් පුලුවන්. මෙන්න මේ සිතින් වැඩි දියුණු කරපු අවසානම ක්‍රියාකාරි යන්ත්‍රය මගේ මොළය තුල ක්‍රියා කළ ආකාරයටම, කිසිම වෙනසක් නැතිව භෞතිකව නිර්මාණය කිරීමේදි මට මොනම ගැටලුවක් වත් මතු වන්නේ නැහැ. ක්‍රියාකාරිත්වය ඒ ආකාරමයි. මම කරපු අත්හදාබැලීම් පවා ඒ යන්ත්‍රය සම්බන්ධයෙන් සිදු කරන්න වෙන්නෙ මා සිතු ආකාරයටම තමා. අවුරුදු විස්සක් තිස්සේම මේ ක්‍රමයෙන් බාහිරව මම කටයුතු කරල නැහැ. ඉතිං වෙන ක්‍රමයක් මොටද? ඉතිං මේ වගේ වැඩ වලදි මුදල්, ශක්තිය, වෙලාව එක එක අත්හදාබැලීම් වලට අසීමිතව යොදවන්න මට සිද්ධ වෙන්නේ නැහැ.“

ටෙස්ලා තමන් ගැන කියපු දේ වලින් මට ඔහුගේ මනසේ විචිත්‍රත්වය කොපමණදැයි තේරුම් ගැනීමට මෙන්න මේ ජේදය පමණක් ප්‍රමාණවත්.

කුඩා කාලයේ පටන්ම ටෙස්ලාට, සාමාන්‍ය මනුෂයෙකුට නොමැති තරමේ දෘෂ්ඨි රසයක්(ඈ. ලව්පුසා) නෑ නෑ හොද ඇස් පෙනීමක් හා කන් ඇසීමේ අපුරු හැකියාවක් තිබු බව කියන්න පුලුවනි. ඉතා ප්‍රසිද්ධ කරුණක් තමා ගොඩනැගිල්ලක කාමර තුනක් එහායින් තියෙන බිත්ති ඔරලෝසුවට ටික් ටික් හඩ උනත් පැහැදිලිව ඇසීමේ හැකියාවක් ටෙස්ලාට තිබූ බව. තව වාෂ්ප එන්ජිමක් හැතපුම් තිහ හතලිහක් ඈතින් එනකොට ටෙස්ලට ඇහෙනවා. තමන් දකින ඕනම දෙයක්, මෙන්න මේකයි කියල සංවේදනය වෙච්චි ගමන් ඒ දේ ටෙස්ලගේ මනසේ තමන් ඒක දැකපු ආකාරයටම විද්‍යාමාන වෙනවා. මේ තත්වය ඉතාමත් නරක විදියට ටෙස්ලට කරදරයක් උනා කියල එයා කියන්නේ මේ වගේ හිතන හැම දෙයක්ම එහි නාමය සිහියට නැගුණු සැනින්, එහි රෑපයක් නිතැනික්ම ඔහුගේ මනසේ පිළීබිඹු වෙන්න ගන්න එකයි. බෝම අමාරුවෙන් වසර ගානක් මහන්සි වෙලා මේ හිත ඇතුලේ දෘෂ්‍යමාන වන පින්තුර හිතෙන් පලවා හරින්න ටෙස්ලා සමත් වෙලා තියෙනවා. අන්න ඒ වගේ හේතුන් නිසා ටෙස්ලාගේ සිතිමේ ශක්තිය රිසිසේ වැඩුනු බවයි ඔහු නම් කියන්නේ.

ඔය කොච්චර සමත් කම් තිබුනත් පුජකයෙක් වෙචිචි ටෙස්ලගේ පියාට ඕන උනේ ටෙස්ලත් ඒ පාරටම ගන්න. ඒත් ටෙස්ලට පැහැදිලිවම ඕන උනේ ඉංජිනේරුවෙක් වෙන්න. මේ ඝට්ඨනය දිගින් දිගටම තිබුනා. ඒත් ටෙස්ලට කොළරාව හැදිල දැඩි අසනීපයෙන් ඉද්දී, ඔහුගේ පියා ඇවිත් ඇහුවේ මේ අසනීපේ ඔයාට කොහොම හරි හොද කර ගන්න බැරිද කියලයි. අන්න එතකොට ටෙස්ලා කිව්වේ “මම මේ ලෙඩේ සනීප කරගන්නවා නං තාත්තා මට එක දෙයක් පොරොන්දු වෙන්න ඕන“ කියලයි. අවසානයේදි ටෙස්ලා සිතු පරිදිම ඉංජිනේරුවෙකු වීමට තාත්තා ටෙස්ලාට කැමැත්ත දෙනවා පමණක් නොවෙයි. සුදුසු ඕනැම විශ්වවිද්‍යාලයකට යන්නත් උදව් කරනවා.

ඉතිං ටෙස්ලා පුතා මොකද කරන්නෙ කියල අපි ලබන සතියෙදි බලමු..

123 comments:

  1. Great writing about Tesla!!

    ReplyDelete
    Replies
    1. Glad if it is satisfactory.. Thanks friend

      Delete
    2. ටෙස්ලගේ කුළුණ ගැන විස්තර ඹීනා
      Tesla towe (free energy)

      Delete
    3. ඒ ගැන ලියන්න හිටියේ. ඒත් අතරමඟදි ලියන එක නැවතුනායින් මට ඒක කරන්න බැරි උනා. ආයි ඒ මූඩ් එක ගන්න අමාරුයි. මොකද මට මතක හිටින ප්‍රමාණය මත කරුණු ඉදරිපත් කිරීම සාධාණ නැති නිසා. ස්තුතියි

      Delete
  2. ටෙස්ලාට දැණෙන හැඟීම් දැණීම් අපටත් සමහර වෙලාවට දැණෙනවා නේද...?

    ReplyDelete
    Replies
    1. හැබෑව හැබෑව. අවුල කියන්නේ අපට හිතේ පිස්සුව ගැන කෙලින් කියන්න බැරි කමනේ බං අයියේ.. හැක්..

      Delete
  3. ටෙස්ලා පුතත් මාර එකෙක්නේ.. අපිට හිතෙන්නේ නෑනේ මේ වගේ එව්වා.

    ReplyDelete
    Replies
    1. මොකෝ බං නැත්තේ.. හිත අවුස්සල බලහං හැක්

      Delete
  4. අනේ බං තව ටිකක් ලියන්ඩනේ තිබුනෙ

    ReplyDelete
    Replies
    1. උමලට දරාගන්ඩ අමාරුවෙයි කියලයි හිතුවේ...

      Delete
  5. දේශා කම්මැලිකමෙන් ලිපිය ලියල වගේ. තව විස්තර ටිකක් දැම්මනම් අපූරුයි. tesla model s කාර් එකක් දැක්කා කොළඹදී ගිය සතියේ. එතකොට මට මතක් උනේ මේ ලිපි පෙළ :-)

    ReplyDelete
    Replies
    1. නෑ උදය.. මේකටම ඉතිරි ටික අමුණන්නත් හදලා ඒක කට් කරා.. දැනට තව ලිපි තුනක් තියේ ලියපු ඒවා.. කම්මැලි කමක් නං නැහැ ඒත් කියවන්න ගියාම නතර කරගන්න බැරි නිසා වැඩේ අවුල් වෙනවා. හරියට කිව්වවොත් කොහේද යන්නේ මල්ලේ පොල් වෙනවා ටෙස්ලා ගැන කියවන්න ගියාම. හැක්

      ටෙස්ලා කාර් ගැනත් මිනිස්සු මීට වඩා දැනගන්න ඕන අප්පා...

      Delete
  6. මොකක්ද බං පටන්ගත්ත ගමන් ඉවරනෙ හරියට දොරකඩ වමනෙ ගියා වගේ.

    ReplyDelete
    Replies
    1. ඕක මොකක්ද උඹට කුමාරි හොයල අතුරුදන් කරන්න වචන දහයක් වත් ගියායැ නෙහ්. හැක්.. හොදා හොදා ඊළග කොටහ දිගට දාන්නංකෝ..

      හැබෑට හැලපේ... අවංකව අහන්නේ.. මං මේ ලියුං දෙක ලියපු ශෛලිය ගැලපෛන්නේ නැද්ද.. සෙන්නා කිව්වම මට ඒක හිතන්න උනා.. ඔයා ඉතිං අපේ සීයා වගේ කෙනා නෙහ්. උපදෙසක් දෙන්ඩකෝ බොක්කටම වදින්ඩ..

      Delete
    2. බොක්කටම වදින්න දෙන්නනං හැලපෙට ගල් බෝතල් දෙකක්වත් දෙන්න වෙයි.

      මටනං මේ සයිලියේ අවුලක් පේන්නෙ නෑ.

      Delete
    3. මටත් මේ සයිලියේ කිසි අවුලක් පේන්නේ නෑ..

      @

      Delete
    4. ලිපියෙ දිග මදිකම ඇරෙන්න ශෛලියෙ අවුලක් නං මම දකින්නෙ නෑ බං.

      Delete
    5. ටිකක් දිගට ලියමු නෙහ්. හැක් ස්තුතියි හැමෝටම

      Delete
  7. ටෙස්ලා වගේ චරිතයක් ගැන කියද්දී වැරදිලා හරි මගේ නමත් කියවෙච්ච් එක ගැන මාර ආඩම්බරයි නේ අප්පා . ටෙස්ලා ගැන මේ විස්ත්රනම් මේ පෝස්ට් දෙක කියවනකන් දැනගනේ හිටියේ නෑ ,ස්තුතියි දේශා .

    හොරණ රත්නපුර පාරේ අයිනක පොඩියට ඔටෝ ඉලෙක්ට්‍රිකල් සාප්ප්පුවක් කරන පොඩි කොලු ගැටයෙක් උගේ සාප්පුවට දාලා තියෙන නම ටෙස්ලා . බොරුනම් කැටලියම්පල්ලමේ ලොකු අතුලගෙන් අහල බලන්න

    ReplyDelete
    Replies
    1. ටෙස්ලා ගැන මං කොයිතරං ඩිංගද බං ලියල තියෙන්නේ.. මම දැකපු කාරණයක් තමා සිංහලෙන් ලියපු අය, හුග දෙනෙක් ටෙස්ලා ගැන ලියැවුනු එක ලිපියක් කියවල ඒකෙන් ඉන්ස්පයර් වෙලා ඒ ලිපියම පරිවර්තනය කරපු විත්තියක්..

      හැබෑටම...ලොකු අතුලට කියහංකෝ පොටෝ කෑල්ලක් ගේන්ට කියලා.. කොයි තරං වැදගත්ද? මට හිතෙනවා පොරව හමු වෙනා අහන්න ඇය ඒ නම දැම්මේ කියලා.

      Delete
  8. උඹ නිකමට හිතපන් ටෙස්ලා මේ කාලේ හිටියනම් දැන් මේ තියෙන ගජමැටික්ස් එක්ක පොරට මොන මොනවා හිතෙයි ද.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ඉට්ස් ඉලෙක්ට්‍රිකල් ඒජ් පැතුම්.. නොට් ඉලෙක්ටෝ‍රනික්.. හැක් හැක්

      Delete
  9. ටෙස්ලා ගැන විස්තර දැන ගන්න නොඉවසිල්ලෙන්...
    ඉක්මණට දාපිය ඉතුරු ටිකත්...

    ReplyDelete
    Replies
    1. හොදා හොදා.. දාන්නං.. ටෙස්ලා ගැන ලියැවුනු සිංහල ලිපි වල ලින්ක් ටිකකුත් දෙන්නං පසුව

      Delete
  10. පෝස්ට් එක සුන්නත් කරලා වගේ.. වැඩිපුරත් ටිකක් අහු වෙලාද මංදා... දිගට ලිව්වයි කියල අහිතක් නෑ ඔන්න.. කිසිම ආබාධයක් නැතිව කියවගෙන යන්න ඇහැකි..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ආ මනමාල මහත්තය. අදද රිලීස් උනේ. හැක්..

      Delete
    2. ලබ්බා කියනවනං තව මක්කද? දෙන්නංකෝ ඊළග සැරේ බඩ වැල වගේ එකක්. හක්

      Delete
  11. ටෙස්ල පොඩි කාලෙ ඉඳලම මොනව හරි තහනම් උත්තේජකයක් පාවිච්චි කරල වගෙයි. හැක්..
    ඔය එක එක දේවල් හිතිං මවන එකනං හැමෝම වගේ කරනව. ඒත් ඉතිං ඒවයෙ ෆයිනල් ප්‍රඩක්ට් එකනං ඒ විදියට ගන්න අමාරුයි.

    දිගටම ලියමු.

    ReplyDelete
  12. ඒක නෙමෙයි මෙහෙමද ඩෝ සිංහල ලියන්නේ.. හරියට ලියහං.. හැක්

    //අයිත්//, //ඔනන්//

    - හැලපයා -

    ReplyDelete
  13. හොඳ පෝස්ටුවක් . තැන්කිව් දේශා

    ReplyDelete
  14. හොඳ පොස්ට් එකක් දේශා. මේ දිනවල ජනප්‍රිය වාහන මාතෘකාවක් නේ.

    ReplyDelete
    Replies
    1. හැක්.. හැක්... ඕං කොලා.

      Delete
    2. හැබැට ලංකාවේ ටෛස්ලා කාර් ගැන කතා වෙනවද චාන්දි.. මම දැකල නැහැනේ.. ජය..පෝයට විතරයි එළි බහින්නේ නේද දැං..

      Delete
  15. ඉතින් බන් ටෙස්ලගෙයි මගෙයි වෙනසක් නෑනේ... මමත් එක බ්ලොග් පෝස්ට් එකක් මාසයක් විතර හිතෙන් ලියනවා.. ඊට පස්සෙ තමා කී බොර්ඩ් එකෙන් ලියන්නේ.. හැබැයි වෙනස තමා මම හිතෙන් ලියපු එකට වඩා ගොඩාක් වෙනස් එකක් තමයි අන්තිමට එළි දකින්නේ....හුඟාක් වෙලාවට ඊට වඩා හොඳ එකක්.. හෙහ්..

    මමනම් මේ පොඩි උන්ට කතන්දර කියන ශෛලියට කැමති නෑ බන්... අනිත් එක කලබලෙන් ලියලද කොහෙද වැරදි ගොඩක් තිබුනා... මේක ටෙස්ලට කරණ මහාම මහ මදි පුංචි කමක් හරිය....

    අර සමාගම ටෙස්ලා වුන හැටි දැන ගන්න ලැබුන එක හොඳයි.. මම ඇත්තටම හිතන් හිටියේ ඕක ටෙස්ලා පටන් ගත්තු කම්පැනි එකක් කියලා...

    ඉක්මන් කරපන් දැන් ඉතින්.....

    ReplyDelete
    Replies
    1. :D
      තව වෙනසක් තියනවා. සෙන්නගේ පර්යේෂණ එලි බහින්නේ නැහැ ටෙස්ලගේ එව්වා වගේ

      Delete
    2. @ සෙන්නා

      උඹ වගේ පාඨකයෙක් කියන දේ අහන්නත් ඕන.. ඒත් බං මට ඕන මගේ ලිවිමේ හැකියාවද මොකක්ද එක පෙන්නන්න නං නමෛයි. උමල දෙතුන් දෙනෙක් හරි ටෙස්ලා ගැන හොයා බලන්න පොළඹවන එකයි මට ඕන.. නැත්නං මටත් තිබුන නේ බං ටෙස්ලගේ පොටෝ පුරවල මැසින් පුරවල මේක ලස්සනට හදන්න.. බලහං තාම ටෙස්ලගේ පින්තුරයක් වත් මම දැම්මේ නැහැ. හැක්..

      මට නොතේරෙන අවුලක් තියේ නං කනට ගැහුව වගේ කියහං බං.. දෙනවා නිට්ටැවො එළියට පනින්ඩ නැත්නං.. හැක්

      Delete
    3. එක පිතුරයක් = වචන 1000ක් කියල උඹ අහල නැද්ද?

      Delete
    4. හැක් හැක්.. කව්ද බං ඒවා දන්නේ..

      Delete
  16. ඇත්තට ම අවබෝධයක් ගැනීමට වැදගත් ලිපියක්...... සුපිරියි බං..

    ReplyDelete
    Replies
    1. සුපිරි.. කැලේ.. හැක්.. ජය වේවා..

      Delete
  17. ටෙස්ලට වගේ සද්දේ ඇහුනනං.. යතුරු හිලට කණ තිබ්බා කියලා ගුටි කන්න වෙන් නෑනේ චැහ්...

    අනර්ගයි දේසා..
    ලබන සුමානේ අම්බලංගොඩ පැත්තට එනවා.. ලෑස්ති වෙලා හිටු..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. wuan,xf.dv me;af; ;dmam j,g fohshkaf.u msysghs' yela''

      Delete
    2. ඉතිං බලාංකෝ උඹ අම්බලන්ගොඩ එන කොට මං දීප දේසන්තරේ ඉදල වර කෝ එහේ..

      ප්‍රසා.. උඹත් වරෙන් තාප්ප හටනක් බලාගන්න. හැක් යෙලා යෙලා

      Delete
  18. සමහර අයට photographic memory එකක් තියෙනවා. දකින දේ එක පාරට scan image එකක් ලෙස මතක තියාගන්න පුළුවන්. එහෙම අයට නිර්මාණශීලී කටයුතු වලින් ඉස්සරහට එන්න ලේසියි. ඔබේ ලිපිය අනුව පෙනෙන්නේ ටෙස්ලටත් එවැනි හැකියාවක් තිබී ඇති බවයි. ඔටෝ-ඔටෝකැඩ්.

    ReplyDelete
    Replies
    1. ඉකෝ.. ටෙස්ල කම්ප්ලිට්ලි පොටෝ ගැපික් මෙමොරි එකක් තිබ්බ කෙනෙක්. ඒක සහතික ඇත්ත. උඹ ටෙස්ලා ගැන කියවල නැත්නං, මේ කියු දේ අතිශය පුදුමයි.. මං කිව්වේ පොටේග්‍රැපික් මෙමරි එක ගැන..ජය වේවා..

      Delete
  19. පුදුමයි ටෙස්ල ගැන කතාවට වත් කවුරුවත් ටොයි බයියො ඇදගෙන නෑ.. ඇත්තටම මේ ඉන්න කුනු ගොඩට එපිටින් මොක්කු මොක්කු හරි වැදගත් පොරවල් ඉන්නවාය.. උන් වැඩ කලේ මේමය කියලා අපිට මතක් කරලා දෙන්න මේ වගේ බ්ලොග් පෝස්ට් ගොඩක් වටිනවා.. නැත්තං ඉතිං ඇතැම් බාලයො හිතන්නෙ මේ්ලෝකෙ ඉන්නෙ ටෙයි නායක සහ හොරු හතලිහයි.. බයි නායක සහ හොරු හතලිහයි.. නපුංසක 35ක් වගේ පිරිසක් විතරයි කියලා නෙව..

    ReplyDelete
    Replies
    1. සහතිකෙන්ඹ අමිල. අපිටත් ඔය මඩ ගොහොරුවේ එරෙන්න බැරුව නෙවෙයි. මම හිතා ගත්තා දේශපාලන පොස්ට් බලන්නෙත් නෑ, කමෙන්ට් කරන්නෙත් නෑ කියලා. ඊට වඩා මේ වගේ දේවල් කොයි තරම් වටිනවද ?

      Delete
    2. ටෙස්ලා එවැනි එක් අයෙක් විතරයි. සැගවුන අය ඕන තරං. හැබැයි ටෙස්ලා සුපිරිම චරිතයක් කියල කියන්න නං පසු බට වෙන්නෙ නැහැ.

      Delete
    3. @සුදික //මම හිතා ගත්තා දේශපාලන පොස්ට් බලන්නෙත් නෑ, කමෙන්ට් කරන්නෙත් නෑ කියලා. ඊට වඩා මේ වගේ දේවල් කොයි තරම් වටිනවද ?//
      ++++++++++++++++++++++++++++++++++++

      Delete
    4. සිංදුවෝ. මාතේට මොකෝ කරන්නේ.. හැක්

      Delete
  20. පරිවර්තනය කරන එක අමාරුයි කියලා දන්නවා අත්දැකීමෙන්. ඒ වුණාට කමක් නෑ කල් අරගෙන සැලකියයුතු ප්‍රමාණයක් දාපං දේශා. මම ඊයේ දාපු පොස්ට් එක සති තුනක් තිස්සේ කාල් ගාලා තමයි ඉවර කර ගත්තේ. ඒත් එකත් තව පාරක් සංශෝධනය කලොත් හොඳයි කියලා හිතෙනවා.

    ටෙස්ලා මගේ හිතේ වීරයෙක් වුණා. මොකද අඩු වැඩි වශයෙන් අපිටත් මේ වගේ අත්දැකීම් තියෙනවා ජීවිතයේ. මම දාපු සැසන්ගේ කතාවත් වෙනසක් නෑ.

    ReplyDelete
    Replies
    1. සුදීක.. මේක පරිවර්තනය කිරීමක් නෙමෙයි. අර නිල් පාට කොටස විතරයි අනුවර්තනය. අනිත් ඒවා කියවපු දේ වලින් හිතට එන දේ.. උඹ සති තුනක් කතා කරනවා මං අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ කියවනවා කියවනවා ඉවරයක් නෑ බං.. හැක්

      මං ඒක දැක්කා. ඒත් මගදි කියවන්න කම්මැලි උනා ඉති සද්ද නැතිව ආවා

      Delete
  21. ටෙස්ලගේ අර ඡේදේ තමයි ඡේදේ...ඔය හින්දා වෙන්න ඇති අර නයගරා ජල විදුලි බලාගාරේ විවෘත කරන වෙලාවේ ස්‌විච් එක දාන්නවත් ටෙස්ලා හිටියේ නැත්තේ. ඒක වැඩ කරන බව ඒ තරමටම ෂුවර්

    ReplyDelete
    Replies
    1. ඔය ස්විච් එක දාන්න නොහිටපු කතාවත් ටිකක් වෙනස් එකක් සයුරි මං හිතන විදියට. හරියටම හොයල මං ඒක ගැන කියන්නං ඉදිරියේදි. ස්තුතියි සයුරි..

      Delete
  22. ටෙස්ලා.... මගේ ජීවිතේ වීරයා....

    අපරාදෙ මනුස්සය ඉපදිලා තියෙන්නෙ වැරදි කාලෛක....

    ටෙස්ල කරපු සමහර පරීක්ෂන අදටත් තියෙනවා සැඟවිච්චා...කවුද දන්නෙ ටෙස්ලගෙ හිතේ තව මොන තරම් නව නිපැයුම් අදහස් තිබ්බද කියල...එක තැනක සඳහන් වෙනව ටෙස්ල ප්‍රථි ගුරුත්ව යානයක් ඩිසයින් කරල තිබ්බ කියල..ටෙස්ල කියපු විදියට අති විශාල විදුලි බලයක් යම් වස්තුවක් වටා ඇති කලාම ඒක පොලවේ ගුරුත්වයෙන් මිදෙනවලු....

    කස්ටිය දැකල තියෙනවද ටෙස්ලා ටර්බයින් එක....ඒකත් ටෙස්ලගෙ සුපිරි ඩිසයින් එකක්..

    මොනා වෙතත් ඉලොන් මක්ස් ට ස්තුති කරන්න ඕනි ටෙස්ලගෙ නම මිනිස්සු අතරට ගෙනියපු එක ගැන..නිකොල ටෙස්ල ඉන්ඩක්ෂන් මෝටර් එක හැදුවෙ නැත්තං අද ටෙස්ල මොඩල් S එකට brush motor එකක් තමයි තියෙන්න තිබුනෙ..

    අපි හැමොම ටෙස්ලට සදා ණයගැතියි

    ReplyDelete
    Replies
    1. එක දෙයක් කියන්න ඕන. අමනාප වෙන්න එපා. ටෙස්ලා ඒක හොයානොගත්තත් කව්රු හරි කෙනෙක් අවුරුදු දෙක තුනක් ඇතුලත ඉන්ඩක්ෂන් මෝටර් එක හොයාගන්න තිබුනා. ටෙස්ලගේ මෝටරේ උනත් තව කිහිප දෙනෙකුගේම අදහස් වල සංකලනයක්.. ඒත් ඒක හරියටම හරි..

      ඔබ නිර්නාමිකව ආවත් කොහොම ආවත් මේ ලිපි පෙළ තුලදි දිගටම ඉදීව් කියල බලාපොරොත්තු වෙනවා. මගේ වැරදි තියේ නං අනිවා දැනුවත් කරන්න. ඊමේල් එකත් දෙන්නං උවමනාවක් උනොත් හෙම නේද?

      Delete
    2. ටෙස්ලා අනුගමනය කරන තව කෙනෙක්!!!!!!!!

      කලින් හඩ්සන් ඵලය ගැන ලීවෙ මම. මේ Anonymous February 24, 2016 at 2:30 AM වෙනත් ටෙස්ලා අනුගමනය කරන්නෙක්.

      මම ගැන material physics පර්යේෂණ කරන රසායනික-භෞතික විද්‍යාඥයෙක්. මට හිතෙන්නේ මේ Anonymous February 24, 2016 at 2:30 AM විදුලි ඉංජිනේරු විද්‍යාව පිලිබඳ විශේෂඥයෙක් වගේ.

      ඇත්තටම බ්ලොග් ලෝකයේ පාඨකයෝ 70% පමණ වගේ ම බ්ලොග් නොලියන සැගවුන අය. ලබන අවුරුද්දේ විතර නම් භෞතික-රසායන-ජීව-වෛද්‍ය විද්‍යාවන් එකිනෙක වල මුල සිට අග දක්වා සම්බන්ධය ගැන බ්ලොග් එකක් ලියන්න අදහසක් තිබෙනවා.

      Delete
    3. පිලිගන්න අමාරුයයි දේශකයෝ...... මගේ මතකය නිවැරදි නං ටෙස්ල ඉන්ඩක්ෂන් මෝටරය හදනකොට ඒ පිලිඹදව කවුරුවත් හිතලවත් තිබුනෙ නෑ...මම කියන්නෙ කොමියුටේටර් වලින් එහා දෙයක් ගැන කාටවත් හිතාගන්න බැරි වෙලා හිටපු යුගයක් ඒක... සරලව කිවුවොත් චුම්භක ස්ථාවර කරලා කොයිල් කරකවනව නෙවෙයි කොයිල් එක ස්ථාවර කරලා චුම්භක කරකවන කන්සෙප්ට් එක කාටවත් නොහිතුන යුගයක්.... ටෙස්ල තමන් ඉගෙන ගත්තු ඇකඩමියෙ ලෙක්චට කිවුවම කොමියුටේටර් එකක ඝර්ෂනය වැඩියි කොමියුටේටර් එක අයින් කලොත් මීට වඩා ලොකු බලයක් නිපදවන්න පුලුවං කියල...ලෙක්ච ඇහුවෙ එකම දෙයයි..කොමියුටේටර් එක අයින් කරල කෝමද බලය නිපදවන්නෙ කියල

      ටෙස්ල ඇමරිකාවට එනකොටත් ඉන්ඩක්ෂන් මෝටරය හදලා ඉවරයි..නමුත් මෝටරයේ විශාල වැඩිදියුණු කිරීම් කිහිපයක් කලා එඩිසන් මහත්තයගෙ කම්පනි එකට හදපු ඩයිනමෝ වලට ටෙස්ල කරපු වැඩිදියුණු කිරීම් වලින්..

      එකක් තමයි ස්ටේටර් ස්ටැක් එකේ දිග අඩු වීමෙන් ජනනය කරන්න පුලුවං බලය වැඩි කරන්න පුලුවං කියන එක


      අනික් ඇනෝට...අනේ මම ඓහෙම කෙනෙක් නෙවෙයි...මම විනෝදාංශය වශයෙන් කරන්නෙ එක එක විශයන් හදාරන එක...ඒක නිසා ගොඩක් විශයන් ගැන සාමාන්‍ය වශයෙන් දැනුමක් තියෙනවා....

      Delete
    4. @ හඩ්සන් ඵලය මිත්‍රයා

      ඔබගේ දැනුම, වෘතිකයෙක් විදියට සමාජයට මුදා හැරීම නං වැදගත් කරුණක් වේවි. පිටරට වල දැනුම ඒ වගේ බ්ලොග් වලින් එළියට දැම්මට අපේ රටේ ඒක ඉතා අඩුයි.. ජය

      @ ඉන්ඩක්ෂන් මෝටර් මිත්‍රයා

      පිළිගන්න අමාරු උනත් ඒකෙ ඇත්තක් තියෙනවා. මොකද ටෙස්ලට කලින් ඉදලම ඒ ගැන ඒ කිව්වේ කාන්දං කරකවල වැඩේ කරන විදිය ගැන 1824 වගේ කාලෙදිත් කන්සෙප්ට් එකක් තිබිලා තියෙනවා. ඒ වගේම ටෙස්ලා පේටන්ට් එක ගන්න මාස දෙකකට කලින් ගැලිලියෝ පෙරාරිස් කියන ඉතාලං ඉංජිනේරුවා තමන්ගේ පර්යේෂණ වාර්තාවක් ටියුරින් විද්‍යා ඇකඩමියට බාර දීලත් තිබුනා. ඒ විස්තරේ නං විකියේ තියෙනවා. මොකද මේක මිනිහාගේ චින්තනය අලුත් කරපු කාලයක්.. මිනිස්සු හිතපු පටු පරාසය පුළුල් කරපු කාලයක්. ඒක නිසා හැමදෙයක්ම විය හැකිව තිබුනා. මගේ අදහස නම් ටෙස්ලා පමණක් මේ ගැන හිතුවා කියන එක තාර්කික නැහැ.ස්තුතියි අදහස් දැක්වීමට. වටිනා කරුණු දැන ගැනීමට හැමෝම කැමතියි. විශේෂයෙන් ඔබ වැනි උනන්දුවක් ඇති අය දුටුවම අපේ දැනුමත් වැඩි වෙනවා.. ජය

      https://en.wikipedia.org/wiki/Galileo_Ferraris

      Delete
    5. බොහොම ස්තුතියි මුලින්ම....මම දැනගෙන හිටියෙ නැහැ ගැලිලියෝ පෙරාරිස් ගැන...

      වෙනත් අය ඕක ගැන පරීක්ෂන කලත් ඉන්ඩක්ෂන් මෝටරයේ ප්‍රධාන කොටස් දෙක වෙන Rotating Magnetic Field එකයි ඉන්ඩක්ෂන් රොටර් එකයි ටෙස්ල හදපු ඉක්මනටම හදන්න වෙන දක්ෂයෙක් නොහිටින්න ඇතැයි කියල තමයි මම හිතන්නෙ නං...

      උදාහරණයක් විදියට 2 Phase coil winding එක...

      ටෙස්ල ගැන හොඳටම හොයල මෙහෙම බ්ලොග් පෝස්ට් ලියන එක නං හොඳයි...දිගටම කරගෙන යමු... ටෙස්ලගෙ නිර්මාන ගැන ඉදිරියට ලියන පෝස්ට් වල සඳහන් කරනවනං තව වටිනවා..

      අපි නොදන්න ගොඩක් නිර්මාන තියෙනවා එතුමාගේ..

      Delete
    6. නැහැ රොටේටින් කොයිල් එක කන්සෙප්ට් එකක් විදියට මුලින්ම කරලියට ආවේ 1824 වගේ කාලේක.. නමුත් ඒක හදන්න එඩිතර උනේ ටෙස්ලා විතරයි. ස්තුතියි යාළුවා..

      Delete
    7. මෙහෙම කිවුවට ඉතිං අමනාප වෙන්න එපා...

      කන්සෙප්ට් නං කාට කියන්න බැරිද බන්..අයින්ස්ටයින් මහත්තයත් ඔය දත පූට්ටු වෙන තියරි කන්සෙප්ට් නං කියල තියෙන්නෙ....සැබෑ ලෝකෙ ඕක හදන එක නෙ අමාරු...ඔය ටෙස්ලා ඔලුව ගෙවෙනකං කල්පනා කරන්න ඇති පේස් දෙක මාරුවෙන් මාරුවට ඔන් ඔෆ් කරන සිස්ටම් එක හදන්න......ඒ වගේමයි ඉන්ඩක්ෂන් රොටර් එක ගැන අදහස...අතිශයින්ම සුපිරි

      පුලුවන්නං හොයල ලියන්න ටෙස්ල MODEL S කාර් එකේ Regen bracking වැඩ කරන්නෙ කොහොමද කියල..කාර් එකේ තියෙන්නෙ ඉන්ඩක්ෂන් මෝටර් එකක්..හිතාගන්න අමාරුයි මොන ක්‍රමයෙන්ද ඉන්ඩක්ෂන් මෝටර් එක ජෙනරේටර් එකක් විදියට වැඩ කරන්නෙ කියන එක.. කාර් එකේ මෝටර් එක ගැන තියෙන වීඩියෝ වල තියෙන්නෙ එකම මෝටර් එක මෝටරය විදියටත් ජෙනරේටරය විදියටත් වැඩ කරනව කියල...

      ටෙස්ලගෙ හැමෝම දන්න නිර්මාන වගේම වැඩි ප්‍රසිද්ධියක් නැති වටිනා නිර්මාන තියෙනවා..ඒවා ගැනත් ඉදිරි ලිපි වල සඳහන් කරන්න

      ජය වේවා...ටෙස්ලා ලිපි පෙලට සුභ පැතුම්

      Delete
  23. ටෙස්ලා මමත් හුඟක් කැමති චරිතයක්. භෞතික විද්‍යාවේදී කීප තැනකම සන්ධාන වෙන චරිතයක්.

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒත් අඩුවෙන්ම කතා කරන කෙනෙක්.. ජය වේවා අජිත්. අර දේශපාලන බ්ලොග් නිර්දේශ වලට ඇයි මගේ එකයි කොන්ක්‍රිටි බාසගේ එකයි නැත්තෙ.. එව් ඉතිං ඕවා සාදාරණයි. හැමතැනම කුමන්ත්‍රණ නෙහ්. හැක් හැක්..

      ජය වේවා අජියා. ලොගෝ ටිකක් හදල දියංකෝ පොඩි පබ් එකක් දාන්න

      Delete
    2. deshapalana katha ko? mama hevva hevva dakke naha.

      Delete
    3. මොනවා.. එහෙනං කොන්ක්‍රට් බාස්ගේ එකේ අනිවා ඇති. හැක්

      Delete
  24. // හැබැයි ඒක ටික කාලයක් යන කොට යුගොස්ලෝවියාව උනා. දැන් නං හඳුන්වන්නේ ක්‍රොඒෂියාව විදියටයි. // 1856 ඉපදිලා ටෙස්ලා 1943 මැරෙන කොටත් යුගෝස්ලාවියාව කියල එකක් තිබ්බේ නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. නෑ යුගොස්ලොවියාව උනේ පසුවයි.. අජිත්...

      Delete
  25. මං මේකෙ කමෙන්ට් එකක් දාල ගියා. ඇවිත් බලනකොට ඒක නෑනෙ...

    ReplyDelete
    Replies
    1. සමාවෙන්ඩ රත්තරන් ඩ්‍රැකියෝ.. මං ඉතිං කවදාවත් බොරු කියල ඒවා කියන එකක්යැ. උඹත් එහෙම නෙහ්.. හැක්. හිටිං බලන්න..

      Delete
    2. නෑ බං ඩ්‍රැකි. උඹ කියන්නේ ඉන්ට්‍රෛා එක වෙලාවේ දාපු එක වෙන්ඩැති.

      Delete
    3. දැති හුලහ හීනයක් දැකල. හැක්..

      Delete
    4. //දැති හුලහ//

      මොකක්ද බං මං නොදන්න හුලං කතාව. ඈ..

      Delete
    5. http://yanhella.blogspot.com/2016/02/blog-post_21.html?showComment=1456288333040#c2654823060414831619

      Delete
    6. ඩ්‍රැකී කියලා ලියන්න අමාරු අයට දැති හුලහ හුගාක් වටී...

      Delete
    7. මේ දවස් වල බ්ලොග් කියෙව්වෙම නැති ගානයි බං. යාං හැල්ලේ නං දෙකක්ම මිස් උනා.. හැක්

      Delete
  26. //ඒක කියන එකත් අමුතුයි. එවකට ඔස්ට්රියන් හංගේරියන් දේශ සීමාවට ආසන්න ලිකා(Lika) ග්රාමයේ, ස්මිල්ජාන් කියන පළාතේ තමා ටෙස්ලා ඉපදුනේ. හැබැයි ඒක ටික කාලයක් යන කොට යුගොස්ලෝවියාව උනා. දැන් නං හඳුන්වන්නේ ක්රොඒෂියාව විදියටයි. කොහොම උනත් ටෙස්ලාගේ දෙමාපියන් සර්බියන් වැසියන් වූ නිසාම ටෙස්ලාත් උපතින් සර්බියානුවෙක්.//

    කැතී කියලා මගේ යාලුවෙක් මතක් වුනා...:D

    ReplyDelete
    Replies
    1. කැතී පොරවා කියල මගේත් යාලුවෙක් හිටියා.. හැක්..

      කොහේද ආච්චියේ ගියේ මෙච්චර දවසක්.. හැබෑට..

      Delete
  27. මගෙත් කැමතිම චරිතයක් ටෙස්ලා කියන්නේ ...
    නියමයි දේශෝ .අසාවෙන් කියවන්න පුළුවන් .බ්ලොග් කියවන එකත් එපා වෙලා හිටියේ ...
    ජයවේවා !!!


    හිතට නොගෙන යන ගමනට
    තුන් ලෝකෙන් එන තහංචි
    පුංචි පුතා ලොකු වෙනකොට
    ලොකු කම් කළ යුතුයි පුංචි...

    හඳට ගිහින් හඳ පාගා
    ආපහු එන යුගයකි මේ
    තවමත් අපි මහ පොළවේ
    ඉන්නා එක නොවැ පුදුමේ...

    කළොත් පුහුණු තමන්ගෙ හිත
    හඳ ගෙන එන්නත් බැරි නැත
    සැලසෙන කාගෙත් යහපත 
    වැඩක නිතර යොදවමු අත...

    අයන්න මෙන් මුල් තැන ගෙන
    හැම තැන පෙරමුණ ම ලබා
    බාධක කටු පඳුරු මුලින් 
    ගලවා වෙන අතක තබා...

    ගඟ බැසගන යන්නා සේ
    තද ආත්ම විශ්වාසේ
    දිනුවොත් ලොව දිනුවා සේ
    ඔබමයි දෙවියා දේසේ...


    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
    ගායනය : ෆ්‍රෙඩී සිල්වා

    ReplyDelete
    Replies
    1. //වැඩක නිතර යොදවමු අත... // yela'''

      Delete
    2. ජය වේවා සිංදුවා..

      Delete
  28. ටෙස්ලා කොයිල් එක ලඟට ලං කලාම බැලුප් නිකම්ම පත්තු වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්න මාමේ.

    ටෙස්ලා කාර් සමාගමෙන් හුඟක් දුර යන ඉලෙක්ට්‍රික් කාර් එකක් හදලා තියනවලු නේද?

    ReplyDelete
    Replies
    1. අන්න අරහෙ ගුණසිංහ විචාරක මහත්තය හොයනව කකාගෙ බ්ලොග් එකේ.

      Delete
    2. මේකයි විචා පුතේ.. ටෙස්ලා කොයිල් එක ගැන එනවා.. ඉදිරියේදී... අධික වෝල්ටීයතාවක් (හර්ට්ස් ප්‍රමාණය අඩු සංඛයාතයක් සහිත) නිසයි මේක වෙන්නේ මං හිතන විදියට..

      ටෙස්ලා සමාගමේ නිර්මාණ මේ ශත වර්සෙට ගැලපෙන්නෑ නේද?? ඒක මේ මාර්කට් සිස්ටම් එකත් එක්ක හරියට උඩුගං බලා පීනනවා වගේ වැඩක්..

      Delete
  29. ටෙස්ලාට වඩා මට හිත ගියා ටෙස්ලා කාර් කම්පැණියේ අයිතිකාරයාට.
    ටෙස්ලා මෝටර්ස් ෆැරඩේ මෝටර්ස් නොවී ගිහින් තියෙන්නේ යම්තම් එහෙනම්.

    ReplyDelete
    Replies
    1. ටෙස්ලා විසි වෙනි ශත වරුසෙ නං මුස්ක් විසි එක් වෙනි සත වරුසේ ටෙස්ලා කියල කියන්න උනත් මම නං පසු බට නොවෙමි...

      Delete
    2. ෆැරඩේ ඇවිල්ලා මගේ වීරයෙක්... මම හිතන් හිටියේ පොර තමා ලෝකය වෙනස් කළේ කියලා...

      Delete
    3. දේශකයා February 25, 2016 at 1:12 PM

      ටෙස්ලා විසි වෙනි ශත වරුසෙ නං මුස්ක් විසි එක් වෙනි සත වරුසේ ටෙස්ලා කියල කියන්න උනත් මම නං පසු බට නොවෙමි...

      එහෙම කියන්න අමාරුයි නේද..ඉලොන් මස්ක් නිර්මානකරුවෙක්ට වඩා හොඳ ව්‍යාපාරිකයෙක් විදියට හඳුන්වන්න නං පුලුවං..

      පේපැල් විකුනලා ඩොලර් මිලියන 180 ක් අරගෙන මිලියන 100 දාලා SpaceX පටන් ගත්තා..මිලියන 80 ක් දාලා TESLA Motors එක පටන් ගත්තා...මිලියන 10 ක් දාලා Solar City පටන් ගත්තා.... කාටද එහෙම හිතල බිස්නස් පටන් ගත්ත පුලුවං හොඳම බිස්නස්කරුවෙක්ට මිසක්....

      Delete
    4. Elon Musk ගැන අදහසක් ගන්න හොඳ අඩවියක්

      http://fundersandfounders.com/how-elon-musk-started/

      Delete
    5. සයිට් එක නං සුපිරි....දැනං හිටියෙ නැති ගොඩක් දේවල් දැනගත්තා ඉලොන් මස්ක් ගැන..... බොහොම ස්තුතියි මිත්‍රයා...ඉලොන් ට සැබෑ ලෝකේ අයන් මෑන් කියන එක වරදක් නෑ බලං ගියාම

      Delete
    6. වාව්,එක නම් සුපිරි සයිට් එකක් පැතුම්.

      Delete
    7. ලයිෆ් සර්කල් එකම තියේ නෙහ්.. ස්තුතුියි පැත්ම

      Delete
    8. @ ඇනෝ

      මම අදහස් කලේ චින්තනය ගැන විතරයි. ව්‍යාපාර ගැන කතා කරනවා නං සිල්ලර කඩේක මුදලාලි කෙනෙක්ටවත් ටෙස්ලා සමාන කරන්න බැහැ. ඉලොන්ට විෂන් එකක් තියෙනවා මිනිහා ඒකට යනවා. කවද හරි දවසක අගහරු මත මැරෙන්නයි පොරට ඕන..

      Delete
  30. මේක තව ලියන්න තිබ්බ‍ේ හ්ම්ම්... ඊලඟ එකත් කරමු

    ReplyDelete
  31. මේක තව ලියන්න තිබ්බ‍ේ හ්ම්ම්... ඊලඟ එකත් කරමු

    ReplyDelete
    Replies
    1. ටිතත් දිගට ලියමු ඊළග එකේවත්..

      Delete
  32. ගොඩක් දේවල් දැනකියා ගත්තා . බෙහෙවින්ම ස්තුතියි දේශකතුමා !

    ReplyDelete
  33. තව පොඩ්ඩෙන් මට මේක කියවන්න අමතක වෙනවා. එහෙනම් ඊලග එකත් දාමුකෝ.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. තැන්කුයි දිනේෂ්

      Delete
  34. ටෙස්ලට කොළරාව හැදිලා ඉන්නකොට තාත්තා ඇවිත් අහන ප්‍රශ්ණෙ මහ අමුතුම එකක් කියල හිතෙන්නේ මට විතරද?

    ReplyDelete
    Replies
    1. 1873: Tesla Contracts Cholera
      Tesla returns to Gospić in spite of his father's instructions otherwise. Shortly after arriving he contracts Cholera. He is bedridden for 9 months and was near death many times. Tesla's father, in a moment of desperation, agreed to send him to an engineering school if he recovered from the illness.

      මේ එකක් ඩුඩ්.. අර කිව්ව සංසිද්ධිය ඒ විදියටම කිව්ව කියල තව තැනක තිබුනා මට ඒක හොයාගන්න බැහැ..

      Delete
    2. මේක නං දේශකයා මට තේරෙන්නේ තාත්ත කරපු සත්‍යක්‍රියාවක් වගේ එකක්. කොල්ලව සනීප වුනොත් ඌට ඉංජිනේරු ඉස්කෝලෙට යනන් දෙනවා මම වගේ බාරයක්, පොරොන්දුවක් වගේ එකක්.

      Delete
    3. ඒ ආගම් වල හැටියට සත්‍යක්‍රියාවක් වෙන්ඩැති.

      Delete
  35. ටෙස්ලා කියන්නේ මිනිස්සු වෙනුවෙන් තමන්ගේ දැනුම කැප කරපු කෙනෙක්.
    ඒත් ඒ වගේ අයට උරුම ඛේදජනක අවසානයක් තමා ඔහුටත් උරුම වුණේ..
    එඩිසන් නැවතුනේ මිනිස්සු මරණ විදුලි පුටුව වගේ තිරිසන් නිර්මාණ පවා අනුග්‍රහය දක්වලා.
    ඒ වගේම ටෙස්ලා ගැන මිත්‍යාවන් පවා බිහිවෙලා තියනවා.නෝලන් 'the prestige' කියන චිත්‍රපටයට ඒ දේවල් යොදාගෙන තියනවා.
    https://www.youtube.com/watch?v=gJ1Mz7kGVf0

    ReplyDelete
    Replies
    1. ඔව් සයිමන්. ප්‍රේස්ටිජ් එකේ තියෙන්නේ මිත්‍යා විස්වාස.. ටෙස්ලා ඒ කියන ඩුප්ලිකේටර් ගැන පරික්ෂණ කලේ නැහැ..

      Delete
  36. අපේ ලේඛකයෙක් වෙන සුසිත් රුවන් ඔහුගේ දෙවෙනි ප්‍රබන්ධය වන 'ඒ ඔහු නොවෙයි' (සරසවි ප්‍රකාශන) සඳහා තේමා කරගෙන තියෙන්නෙත් අභිරහස් ටෙස්ලා පත්‍රිකා සම්බන්ධ සිදුවීම් ජාලයක්...
    ටෙස්ලා සම්බන්ධ ඉදිරි ලිපි කියවන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ඉක්මනින්ම ලියවේවි.. අර පොත අරගෙන බලන්න ඕන. ස්තුතියි ඔත්තුවට..

      Delete
    2. ස්තුතියි සයිමා

      Delete
  37. ඔන්න දෙවෙනි ලිපියත් කියෙව්වා...
    -----
    පරක්කු වෙලා කියෝන හින්දා අදහස් දැක්වීමක් කරන්නේ නැහැ ඔකේ?

    ලේටස්ට් ම පොස්ට් එකට මගේ අදහස දාන්නම්....

    ReplyDelete
    Replies
    1. සන්තෝසයි.. ෂෙහාන්.. ජය

      Delete