Saturday, February 13, 2016

නිකොලා ටෙස්ලා (The best underdog) - හැදින්වීම

දැනට ගණන් බලා ඇති හැටියට මේ විශ්වයේ වයස අඩුම වශයෙන් අවුරුදු බිලියන දා හතරක් වත් වෙන්ට ඕන. (බිලියන කියන දේ ගැන ගාණක් නැති අය මේක බලන්න.) ඉතිං ඔච්චර වෑසක විශ්වයේ සෞරග්‍රහ මණ්ඩලය කියන අපේ ඒරියා එකේ වයසත් අවුරුදු බිලියන හතරාහමාරක් වත් වෙනවා. ඒ කාලයත් එක්ක බැලුවම පෘථිවියේ ජීවය හට ගෙන දැනට අවුරුදු මිලියන කිහිපයක් වෙන්ටැති. එතකොට සත්තු, මිනිස්සු ජීවය හට ගැනීමට ඒ මිලියන ගාණෙනුත් කොටසක් වැය වෙන්ටැති. දැනට හොයාගෙන තියෙන ආදී මානවයාගේ ජීවත් වෙච්චි කාලය අවුරුදු මිලියන හයක් විතර වෙද්දී, නුතන මානවයා පාථිවිය මත ජීවත් වූ කාලය පිළිබඳ කාබන් නිර්ණ සාක්ෂිය අවුරුදු ලස්ස දෙකක් විතර වෙන කොට අපි දන්නා සියලු ශිෂ්ඨාචාරයන් හි වයස අවුරුදු හයදාහක් විතර වෙනවා. 

ඒ අතරිනුත් නුතන ලෝකය පරිවර්තනය වීමට පටන් අරගෙන, ඒ කියන්නේ කාර්මීකරණය වන්නට පටන් ගෙන දැනට අවුරුදු දෙසිය පනහක් විතර වෙනවා. පේනවද එතකොට අපේ ජීවිත කාලයක් කියන්නේ මේ විශ්වයේ අල්පෙනෙත්ති තුඩකටවත් සමාන කරන්න බැහැයි කියන එක. 


ඔය උඩ තියෙන පින්තුරේ බැලුවම හිතාගන්න පුලුවනි පාථිවිය ඇති වීම, ජීවය ආරම්භ වීම හා මානවයා පරිණාමය වීම පිළිබඳ කාළවකවානූ වල අසීමිත කම. එතකොට අපි දන්නා නුතන ඉතිහාසය, පෘථිවියේ වයසෙන් සොච්චමක් වෙද්දී, නුතන මිනිසාගේ අධිවර්ධනය ඒ කිව්වේ කාර්මීකරණය විම ආරම්භ වීම කොයි තරං සුළු කාලයක්ද කියලත් හඳුනාගන්න පුලුවන්. 

ඔය විදියට මම මේ කතා කරන්න යන දේ ගැන පොඩි කළ එළි බැසීමක් කරන්න්ටයි හැදුවේ. අපි දන්නවා ඉතිහාසය ඉගෙන ගෙන තියෙන නිසා කාර්මික විප්ලවය එක්දාස් හත්සිය බර ගණන් වල, හරියටම කිව්වොත් 1750 වගේ කාලෙකදී බ්‍රිතානයෙන් ආරම්භ වූ බව. පර සුද්දාගෙන් පටන් ගත් මේ කාර්මික විප්ලවය යුරෝපය පුරාම පැතිරිලා යන අතරේ ඇමරිකාව තුලටත් ඇතුලු උනා. කාර්මිකරණය දැනට පවතින තත්වයට ඉක්මනින් එසවීමේ වැඩි ගෞරවය ඇමරිකානුවන්ට හිමි වෙන්න ඕන. ඒක නිසාම සියලු යුරෝපිය රටවල් වලින් ඇමරිකාවට සංක්‍රමණය වන්නන් ප්‍රමාණය ලක්ෂ ගණන් වෙන්නට ගත්තා. හරි අපි ඔය කාර්මික විප්ලවය වගේ දේවල් කිව්වට ඕවා මේ 2016 අවුරුද්දේ ගත කරන හුගාක් අයට තේරුම් ගන්න අමාරුයි. මොකද තාක්ෂණය හා බද්ධ වී සිටින දැන් කාලේ අයට 1600 - 1700 කාලේ ජිීවිත මොන වගේද කියල හිතට නගා ගන්න අමාරුයි.

අපි මෙහෙම හිතමු. කාර්මික විප්ලවය කියන දේ ආරම්භ වීමට කලින් යුරෝපයේ, ඇමරිකාවේ ජීවිත කොයි වගේ ගෙවෙන්න ඇද්ද? කාර්මික විප්ලවයට පෙර ඇමරිකානුවන් බහුතරය ජීවත් උනේ එක්කෝ ගොවිපොළවල්, ගම් හෝ කුඩා නගර වලයි. ඒ කාලේ ඇමරිකානුවන්ගෙත් ප්‍රධානම ජිවනෝපාය උනේ වගාවන්. වෙළදාම කියන දේත් බහුලව සිදු නොවුන ඒ කාලේ හුවමාරු ක්‍රමයන් තමා වැඩිපුරම තිබුනේ. සාමාන්‍යෙයන් ගොවියා තම වගාවන්ට අමතරව සපත්තු මැසීම, ලාඩං ගැසීම වගේ හස්ත කර්මාන්ත වල ප්‍රවීණත්වයක් ලබා සිටි අයයි. ගෙවිලියන් සබන් හදන්න, ඉටිපන්දම් හදන්න තමන්ගේ කාලය වැය කලා. මේ හැම දෙයක්ම තමන්ගේ අතින් තමන්ගෙම ගෙදරදි සිද්ධ කරන්න උනේ ඒ කාලේ දැං වගේ කර්මාන්ත ශාලා හෙම නොතිබුන නිසානේ. ඔය විදියට ගෙවල් වල හදාපු නොයෙකුත් භාණ්ඩ ආහාර සදහා හුවමාරු උන සරල ජීවන ක්‍රමයක් තමා ඔවුනටත් තිබුනේ. දන්නවා නේ ඒ කාලේ අපිත් එහෙම තමා. එහෙම ජිවත් වෙන අතරේ තමන්ගේ වගා පාලු, මාරාන්තික ලෙඩ රෝග, මන්දපෝෂණය වගේ දේවල් ඉතා පොදු දේවල් උනා. ඔන්න ඔය අතරෙදි 1700 වගේ කාලේ, වාෂ්ප එන්ජිම හොයාගැනීමත් එක්ක නොසිතු විරු විදියට බොහෝ දේ වෙනස් වන්ට උනා. වාෂ්ප එන්ජිම තව දුරටත් වර්ධනය කිරීමේදි, යන්ත්‍ර භාවිතා කොට භාණ්ඩ නිපදවීම සදහා කර්මාන්ත ඇතීවීමේ මුලික අඩිතාලම වැටුනා. ඔහොම වර්ධනය වෙමින් පැවති කාර්මිකරණය වසර 1850 වෙන කොට ඇමරිකාවට සංක්‍රමණය වීම නිසා අසාමාන්‍ය වර්ධනයක් වෙන්ට පටන් ගත්තා. බුද්ධිමතුන්, නව නිපැයුම්කරුවන් පදුරක් පදුරක් ගානේ මතු වෙන්නට ගත්තා. නොයෙකුත් තර්ක, මත, සංකල්ප, සිද්ධාන්ත, කල්පිත, යන්ත්‍ර ඕසෙට මතු වෙන්න උනා. මේ හේතුවෙන් අති විශාල කාර්මික සංවර්ධනයක් සදහා ඇමරිකාව තුලදි අඩිතාලම වැටුනා.

දැං අපි දන්නවා නේ විදුලි බුබුල හොයාගත්තේ කව්ද? තෝමස් එඩිසන් නෙව. කොච්චර විතර නව නිපැයුම් කරාද? අම්මෝ දාස් ගාණක්. ඔය ප්‍රශ්න වලට ඔය විදියටම උත්තර දෙන්න බහුතරයකට පුළුවන්. ඇත්ත.. තෝමස් එඩිසන් විසින් විදුලි බුබුල හොයාගැනීමත් එක්කයි බොහෝ විප්ලවයන් සිදු වෙන්නට උනේ. ඒ කිව්වේ විදුලිය කියන සිද්ධාන්තය ප්‍රාෙයා්ගිකව ප්‍රෙයෝජනයට ගැනීමේ අති වැදගත් අවස්ථාව විදුලි බුබුල තමා. ඒ අනුව බැලුවම ලෝකේ හැම රටකම පොත් වල කාර්මික විප්ලවය සදහන් කිරීමේදි අමතක නොකරන නමක් තියෙනවා නම් ඒ තෝමස් එඩිසන්. අපි දන්නේ තෝමස් අල්වා එඩිසන්. 

හැබැයි අපිට, මුලු ලෝකෙටම අමතක වෙච්චි නැත්නං බලෙන් අමතක කරල දාපු, එහෙමත් නැත්නං උවමනාවෙන්ම පැත්තකට දාපු විද්‍යාඥයන් ඉන්නවද? හපොයි මොකද නැත්තේ. ඕන තරං ඉන්නවා. ඒ අතරිනුත් තවමත් ලෝකයේ බහුතරයක් දෙනා නොදන්න, ඒත් බහුතරයක් දෙනා ඔහු විසින් සොයාගත් දේ භාවිතා කරන වටපිටාවක ඔහු ගැන කතා කරන්න ඕනැයැයි මට හිතුනා. මේ අදහස ඇවිත් දැනට අවුරුද්දක් හෝ ඊට වැඩියි. ඒත් මමත් වැඩියෙන් දැනන් හිටියේ නැති නිසා ඔහු ගැන කියවන්න පටන් ගත්තා. මේ කාලය ඇතුලත අන්තර්ජාලයෙන් පෙරාගෙන කියවපු වැඩිම ලිපි ගානක කතා නායකයා වන්නේ ඔහුයි. ඉතිහාසයෙන් බලෙන් අතු ගා දැමු, අමතක කළ නොහැකි නිසාම ඉතිහාසය තුල ඉතා සුළු හැදින්වීමක් පමණක් අයිති වූ මේ මිනිසා සම්භාව්‍ය ඇමරිකානු පුරවැසියෙක්. තමන්ගේ රටේම පෙළ පොත් වලදි ඔහු ගැන සදහන් කොට තිබුනේ මෙපමණයි.

“The man who invented the 20th Century"

ඉතිං මම මේ තෙපර බබා කියන්න යන්නේ විසි වෙනි ශත වර්ෂය අතින් ඇදල අපට අරගෙන දුන්න ප්‍රධානම පුද්ගලයා වෙච්චි නිකොලා ටෙස්ලා (Nikola Tesla) පිළිබඳවයි. අපි, මුළු ලෝකයම අද දක්වා භාවිතා කරනු ලබන විදුලි පද්ධතියේ ආරම්භකයා ඔහුයි. ඔය උඩ තියෙන ෆැන් එක බලන්න. ගෙදරට වතුර අදින මෝටරේ බලන්න. මේ සියල්ලේ ආරම්භකයා ඔහුයි. තවත් බොහෝ දේ කියන්න තියෙනවා නමුත් අපි ඒවා පසුවට තබමු. යම් අදෘෂ්‍යමාන හේතුවක් හෝ හේතුන් කිහිපයක් නිසා ටෙස්ලා යන නාමය ලෝකයට විවෘත උනේ සාමාන්‍ය  ජිවිතයේදි කව්රුවත් භාවිතා නොකරන චුම්බක ක්ෂේත පරිමාවන් මැනීම සදහා නම් කර ඇති සම්මත ඒකකය වන ටෙස්ලා විදියටයි. නමුත් කාර්මික විප්ලවයේ උපරිමය වන මේ අවසාන වසර එකසිය පනහ වගේ කාලය අතරින් අවුරුදු හැටක් පමණ ටෙස්ලාට අයිතියි. ඒ කිව්වේ ටෙස්ලා ඉපදුනේ 1856 දී. මිය ගියේ 1943 දී. මිය යන කොට ඔහුත් සමග වැලලී ගිය ටෙස්ලා ජීවය ලබන්නේ ඉතා මැත ඉතිහාසය තුලයි. ඒ ඉතිහාසය සොයා බලා තම නැණ නුවනින් විශිෂ්ටයා කව්රුන්දැයි සොයා බැලු මිනිසුන් නිසයි. ටෙස්ලා.. මං කිව්වට Tesla කියල ගූගල් කරන්න. ඔබට මම මේ කියන නිකොලා ටෙස්ලා පළමු තිරයෙන්ම හමු වේවිද??

139 comments:

  1. // දැනට ගණන් බලා ඇති හැටියට මේ විශ්වයේ වයස අඩුම වශයෙන් අවුරුදු බිලියන දා හතරක් වත් වෙන්ට ඕන. //

    හෑ... අර රාජිත තුමා කිවුවෙ අපේ මහින්ද මහත්තයා හොරා කෑවෙත් ඩොලර් බිලියන් දා හතරයි කියල නේ....

    ඒ කියන්නේ විස්වයේ එක අවුරුද්දකට එක ඩොලරය බැගින්....

    නරකම නැහැ නේ???

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයා නම් ටෙස්ලාගේ වැඩ වලට වැඩිය කමැති වෙන එකක් නෑ...ටෙස්ලාට හරි ගියා නම් ජන්දේදී එල්ලෙන්න ලයිට් කණුවක්වත් නැතිව යනවා

      Delete
    2. සාරස ගේ පුක ලොකු කිරීමට මහින්දට ගතවුණ කාලය කොපමණද?

      Delete
    3. //සාරස ගේ පුක ලොකු කිරීමට මහින්දට ගතවුණ කාලය කොපමණද?//

      කිවුවට විස්වාස කරන්න මෙයා... විනාඩි පහයි!

      Delete
    4. අවුරුද්දකට ඩොලර් එකයි කියන්නේ හරි චූටි හොරකමක්නෙ....

      Delete
    5. රාජිත තුමා දැං සද්ද නෑ නේද සාරස තුමා.??

      අර ඇනොනිමස් ප්‍රතිචාරය ගැන ඔබගේ විරුද්ධත්වයක් නැහැ නේද සාරසා??

      Delete
    6. යේස් යේස්... අපහාසයක් සේ හැගේ නම් සැනෙකින් ඉවත් කරමි..

      Delete
    7. //අර ඇනොනිමස් ප්‍රතිචාරය ගැන ඔබගේ විරුද්ධත්වයක් නැහැ නේද සාරසා?? //

      // ඇයි අයින් කරන්නද???????? //

      මොන පිස්සුද දේසක තුමා.... ඇනෝ කියන දේවල් කොච්චර වටිනවද මන් අහන්නේ??

      Delete
    8. මාත් එහෙමයි සා රස තුමා.. හැක්.. එළ

      Delete
  2. ටෙස්ලා කියලා ගුගුල් කරාම මටනම් ආවේ උඩින්ම කාර් එක....
    මාත් ආස කරන චරිතයක්....තව පොඩ්ඩක් එහාට මෙහාට වුණා නම් ලයිට් කණු වලට යන වියදම ඉතිරි කර ගන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒක තමා මුලින්ම එන්නේ.. ඒ ගැනත් ඊළග ලිපියෙන් කතා වේවි.. සමහර විට එහෙම වෙන්නත් තිබුනා නොවෙන්නත් තිබුනා ගජියින්.. ජය

      Delete
  3. හෙට එඤ්ඤං. හැක්..

    ReplyDelete
    Replies
    1. එනකොට විදුලි බුබලක් අරගෙන වරෙන්

      Delete
    2. ඇයි උඹේ බුබුල කැඩිල ද?

      Delete
    3. ඉතිං හෙට කවද්ද එන්නේ???

      Delete
    4. හෙට ඇවිල්ල තියෙන්නෙ බං.

      Delete
    5. ඒ කිව්වේ බුබුල කඩාගෙන ආව කියලද?? හැක්.. හැක්

      ජෝක් නොදන්න අපේ අයියා ගැන දුක හිතෙනවා චාමර.. හැක්

      Delete
  4. නියමයි දේශා.... මාතලන් පට්ට කැමතියි මේ වගේ ළිපිවලට... ඉස්සර නවයුගය, සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහය වගේ දේ එනකන් පිස්සෝ වගේ බලාගෙන උන්නා මතකද... මම ඉකොනොමැට්ටට කැමතිත් ඒකයි...

    මේවා ගොඩක් උන් කියවන්නේ නෑ.. කියවන්නේ මාතලන්ගේ වගේ මෙළෝ වැඩක් නැති දේ.. ඒත් මේ ළිපි වල වටිනාකම කියා නිම කරන්න අමාරුයි...

    ReplyDelete
    Replies
    1. ඉකෝ නොදන්නව උනාට ඉකෝගෙ ලිපි මම සියල්ලම බලනවා. ඒ වගේ බලන අය ඉන්නවා. නමුත් උවමනාවෙන්ම පරික්ෂණයට භාජනය කරන ඒ වගේ දෙතුන් දෙනෙක් දිහා හොදට ඇහැ ගහගෙන ඉන්නවා. ඉතිං මට සතුටට කාරණය එ් විදියට ඇහැ ගහන් ඉන්න තුන් දෙදෙනක්ම හොදම බ්ලොග් කරු සම්මානය සදහා නිර්දේශ වීමයි.

      ඇත්ත. මේවා කියවනවා අඩුයි.. ඒත් කරන්න දෙයක් නෑ අපිට කතා කරනන් සිද්ධ වෙනවා. මාතලං. මේකේ තව ලිපි කිහිපයක් පල වේවි..

      Delete
    2. අපිත් පිස්සෝ වගේ බලා ඉන්නවා.
      වගේ කිව්වට ඉතින් ...

      Delete
    3. අලුත් බිස්නොස් එක පටන් ගන්නවයි ඉතිං ආපු ගමන්ම.. හැක්

      Delete
  5. ටෙස්ලා කැලේ
    ඒත් නිකොලා ටෙස්ල නං හොයාගන්න හැකි.
    ප්‍රංශ විප්ලවය ආගමික පුනරුද ව්‍යාපාරය කාර්මික විප්ලවය
    අදටත් පෝකයෙ ගමන් මග වෙනස් කරපු ඓතිහාසක සංධිස්ථාන තුන.

    පාං බැයි නං කේක් කාපල්ල කියල ප්‍රංශ විප්ලවයට පාර හදල දුන්නෙ මාරි ඇන්ටනෙට් උන්දැ
    වාශ්ප එන්ජිම හදල කාර්මික විප්ලවය පටං ගන්න අඩිතාලම දාන්නෙ වොට් උන්නැහෙ
    (නිව්කොමන් කැලේ )
    ප්‍රොතෙස්තන්තය හදපු පූජක මහත්තුරු දෙන්න නං මතකම නෑ කියන්නකො..

    ටෙස්ලා නොහිටිය නං හැබෑට සොරි ද නෑ නෑ.. කවුරු හරි හොයාගනී..
    දෙයියනේ කියල ඒකා චීනෙක් නොවුණ නං ඒ ඇති. හැක්

    මෙතුමා ගැන මෙපමණද දේශක තුමා

    ReplyDelete
    Replies
    1. නැත නැත. පොතකත් හැදින්විම ඒ තරං දිග නැහැනේ මහේෂ්.. හැක්

      Delete
  6. මට මතක විදිහට සහනුත් ලියුවා ටෙස්ලා ගැන ලිපියක්. මම මුලිින්ම ටෙස්ලා ගැන ඇහුවෙත් ඒකෙන්.

    මේ ලිපිය නියමයි. උඹ ලියලා තියන විධිහට කියවන්න ආසයි.

    මොටරේ හොයා ගත්තේ මයිකල් ෆැරඩේ නෙමේද ??

    ReplyDelete
    Replies
    1. ෆැරඩේ හොයා ගත්තෙ විද්‍යුත් චුම්භක ප්‍රේරණය මට මතක විදියට. මෝටරේ වැඩ කරන්නෙත් ඒකෙන් තමයි.

      Delete
    2. සහන් ටෙස්ලා කාර් ගැන ලියපු එකේදි වෙන්න ඇති ටෙස්ලා ගැන කතා කරේ. නැත්නං තනිකර ටෙස්ලා ගැන ලියුමක් දැම්ම මට මතක නැහැ.

      පරසා කිව්වත් වගේ ෆැරෙඩේ හොයාගත්තේ චුම්බක දෙකක් අතරින් සන්නායකයක් චලනය කිරීමේදි විද්‍යුතයක් නිපදවෙනවා කියන එකයි. ඒකම තමා පසුව කතා කරන ඉන්ඩක්ෂන් මෝටර් එකේදි ටෙස්ලා ප්‍රෙටයා්ගිකව අත්හදා බැලුවේ..

      Delete
    3. සහන නෙවෙයි සෙන්නෝ ටෙස්ලා ගැන ලිව්වේ...සයුරි :(

      ආ කිව්වත් මගේ මම දැක්කා සහන් එයාගේ බ්ලොග් එක පැත්තේ ඇවිත් ගිහින් තිබුනා

      Delete
    4. සයිරි හරි සයිරි.. මේ සෙන්නා අපිව අමාරුවේ දානවා .හැක්

      Delete
    5. හයියෝ ඔව් නේන්නම්.. සමාවෙන සේක්වා............. :(

      Delete
    6. ග්‍රාන්ටඩ්.. හැක්

      Delete
  7. ඉස්සෙල්ලම පෙන්නන්නේ ටෙස්ලා මෝටර්ස්.. ඒ ටික ඉවර උනාම තමයි නිකොලා ටෙස්ලා කියල එකෙක් ගැන කියන්නේ.. බොරු කියන්නේ මොකටද මාත් මුලින් හිතන් උන්නේ උඹ මේ ටෙස්ලා කාර් එක හොයා ගත්ත එකා ගැන කියනවා කියලයි..

    එළකිරි. කියවන්න ආසයි.. මේ වගේම ලියපං.. ජය!

    ReplyDelete
    Replies
    1. උඹ ගුගල් කරල බලපු එකත් මදෑ බං.. හිටාං විච්චුරණ සිංහල විද්‍යාත්මක වචන හලල හැකි තරම් ඉංගිරිසි වචනත් හලල ලියන්න තමා හිතන්නේ.. පුලුවන් වෙයිද කියල තමා බං මම මේ දහ අතේ කල්පනා කරන්නේ.. හැක් හැක්.

      Delete
    2. ඈහ් එතකොට ටෙස්ලා කාර් එක පොරගෙ නෙමේද ? දේශකයෝ උඹ වැඩේ ඉක්මන් කොරන එක හොඳයි.. බලපන් අපි කරවටක් අවිද්‍යාවෙ ගිලිලා ඉන්නෙ...

      Delete
    3. ටෙස්ලා කාර් හදන්නේ Elon Musk. ටෙස්ලා ගැන වගේම Elon Musk ගැනත් ලියන්න බොහෝ දේ තියෙන කෙනෙක්.. නුතන ලෝකයේ ඉන්න නව නිර්මාපකයෙක්.. Tesla Motors, PayPal, SpaceX ඔක්කොගෙම අයිති කරු ඔහු.. Elon Musk ගේ මුළු වත්කම ඩොලර් බිලියන 13ක් ලු.. අපේ ලොක්ක ඊට වඩා පොරක් හෙහ් හෙහ්

      Delete
    4. ඔය තියෙන්නේ පැතුමා එලට

      Delete
  8. හොඳ ලිපියක්, දේශා. ඇමරිකාව අද ඉන්න තැන සිටීමේ රහස ලොව පුරාම ඉන්න මේ වගේ හැකියාවන් ඇති අයට එහි සංක්‍රමණය වී තමන්ගේ රටේ සිට කරනවාට වඩා වැඩි දෙයක් කිරීමට ඉඩ සලසන පරිසරයක් වසර දෙසියයක පමණ සිට පවත්වාගෙන යාමයි.

    ReplyDelete
    Replies
    1. ඇමරිකාව සියලු බුද්ධිමතුන් රටට පිළිගැනිම මතමයි ඔවුන්ගේ ක්ෂණික දියුණුව ඇති උනේ. නැත්නං තවමත් ඇමරිකානුවන් බහුතරයක් නොදියුණු ගෝත්‍රිකයන්.. ජය වේවා ඉකෝ.

      Delete
  9. නිකොලා ටෙස්ලා.. ඔය මනුස්සයයි එඩිසනුයි අතර සීතල යුද්ධයක් තිබ්බා ප්‍රත්යාවර්තක ධාරාව (Alternating Current) හස සරල ධාරාව (Direct Current) කියන මාතෘකා දෙක උඩ. එඩිසන් Lead Acid Accumulator එක හදලා එකෙන් DC දෙන්න හැදුවා. අර මනුස්සයව පරද්දන්න කියල හිතාගෙන අලි හිටං ප්‍රත්යාවර්තක ධාරාවට අහු කරලා මරල දැම්මලු.
    2012 අපිට ෆිසික්ස් වලට ලෙක්චර් එකක් තිබ්බා ඒ පේපර් එක හදන ප්‍රොෆෙසර්- රෝසා ඇවිත් කරපු. එකේදී කිව්වා රේඩියෝ ඒකෙ කර්තෘ කමත් මේ ටෙස්ලාට යන්න ඕනේ කතාවක්.

    ReplyDelete
    Replies
    1. එඩිසන් කියන්නේ අනුන්ගේ නව නිර්මාන තමන්ගේ නමින් ලියව ගත්තු පල් හොරෙක් කියනවා නේද ?

      Delete
    2. එහෙමලු නේද , ඔය අයිසෙක් මෙරිට් සිංගරුත් එහෙමයි කියනවනේ

      Delete
    3. සිංගර් මහන මැෂිම හදපු එකා වෙන්ටැ.

      Delete
    4. අම්මප ඔව් කියහංකො.

      https://en.wikipedia.org/wiki/Isaac_Singer

      Delete
    5. 18 කණුවේ සිංගර් එකේ අයිතිකාරයා

      Delete
    6. ඔන්න ඔන්න හැංගිච්ච අයත් එළියට එනවා. අගහරුවා උඹ ටෙස්ලා ගැන හුගක් කියවා ඇති හැඩයි.. එඩිසන් ටෙස්ලා වලියත් යථාරයෙන් ඉවත්ව අතිශයෝක්තියට නැගු එකක් කියලයි මට නං හිතෙන්නේ. ඉදිරියේදි ඒ ගැනත් කතා කරමු.. උඹ එන්න ඕන එදාට මට සපෝට එකට. හොදද? ජය

      Delete
    7. ඕකගෙන් උදවු ගත්තොත් උඹට අන්තිමේ කෝච්චියකට යටවෙලා තමයි මැරෙන්න වෙන්නෙ. හැක්..

      Delete
    8. කමක් නෑ වාස්ප එන්ජිමකුත් මේ දවස් වල නුවර දුවන එකේ ඕක මොකක්ද මෙයා..

      එන්ඩ එපා හරිද මට අවවාද දෙන්න.. අයියා කියල බලන්නෑ නෙලනවා ගඩොල් බාගෙකින්.. හැක්

      Delete
  10. ආශාවෙන් කියෙව්වා. කෙටියෙන් පැහැදිලිව ලියලා තියනවා. මේ ලිපිය කියෙව්වට පස්සේ ආයෙත් යුරෝපයේ ඉතිහාසය ටිකක් කියවන්න හිතුනා

    ReplyDelete
    Replies
    1. කියවීමට රුචිය වැඩීමත් කොයි තරං දෙයක්ද මනෝ.. මට ඕන උනේ මෙවැනි නිර්මාණ බිහිවීමේ ප්‍රයත්න දරණ කාලෙක් යුරෝපය හා ඇමරිකාවේ තත්වය අපෙන් වෙනස් උනෙ නැහැ කියල පෙන්නන එකයි.. ජය

      Delete
  11. ඉතුරු ටිකත් ලියහං ඉතින්

    ReplyDelete
    Replies
    1. අනිවා ලියනවා බං. මොකද බයස් නොවූ ටෙස්ලා පාක්ෂිකයෙක් වන්ටත් මට උවමනා..

      Delete
    2. //බයස් නොවූ ටෙස්ලා පාක්ෂිකයෙක් වන්ටත් මට උවමනා// එකෙන්ම

      Delete
    3. තැන්කුයි ගස්...

      Delete
  12. තැන්කිව් ඈ...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. හා..පුලුවන්නම් කියහන් තාප්ප හොයාගත්තේ කවුද

      Delete
    2. උඹලා දන්නේ නෑ.ඕකා යනතැනට වතුරවත් නෑ බං.

      Delete
    3. මොකටද ඈ තැන්කුව්.. ඈ චාමර.. හැක්

      Delete
  13. ටෙස්ලා කොයිල් එක ගැන මුලින්ම ඇහුවේ 8 පන්තියේ විද්‍යාව උගන්වපු ඇල්ලේපොල සර්ගෙන්. ඒ සර් ගේ ඉගැන්වීමේ ක්‍රමය නිසා ඒ සම්බන්ධ පොත් කියවන්න පෙළඹුනා. ඉතුරු ටිකත් ලියන්න. නැවත දැනුම අලුත් කරගැනීම සඳහා.

    ReplyDelete
    Replies
    1. විචා වගේ කෙනෙක් ඉන්න එක වටිනවා ඉතිරි ලිපි වලදී.. ජය

      Delete
  14. අළුත් දෙයක් ඉගෙනගත්තා

    ReplyDelete
    Replies
    1. අද දවසේ වඩාත් සතුටු වූ දෙයයි.. ජය

      Delete
  15. මේ ඔබේ විෂයය ක්ෂේත්‍රය විය යුතුය.

    ReplyDelete
    Replies
    1. අනේ අපි නොදන්න චුම්බක ක්ෂේත්‍රෙ.

      Delete
    2. “අමාරුවෙන් හරි කියවලා වචන දෙක තුනක් ගැට ගහත්තොත් පළපුරුදු අයියලා පවා රැවැට්ටිය හැකිය“ - අාප්තෝපදේශයා

      හැක්

      අඩේ ප්‍රසා.. අපි නොදන්න චැස්.. හැක්

      Delete
    3. බබා කියල නම ගත්තම බබාල උනත් රැවටිය හැකියි.
      -බබා-

      Delete
    4. හැක් හැක්.. උඹ ඔය ඉරිසියාවට කියන්නේ.. අපු දැරිවි මට හායි බබි හැපි වැලෙංටයිං ඩේ කිව්න නිසා නෙහ්.. හැක්

      Delete
  16. එහෙනං මේ මනුස්සය තමයි කුප්පි ලාම්පුවක්, පන්දමක් පත්තු කරගෙන හිටපු අපේ අනාගතේ අඳුරු කළේ. හැක්..

    හොඳ ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ඊටත් වඩා අපේ ජීවිතේ අඳුරු කළ හාදයෙක් තමා ඉදින්කෝ ඉතිරිවත් ලියනකං.. හැක්

      කැන්කුයි නිව්නේ..

      Delete
  17. අපි දන්නවා ඉතිහාසය ඉගෙන ගෙන තියෙන නිසා කාර්මික විප්ලවය එක්දාස් හත්සිය බර ගණන් වල//
    ඔය කියන්නේ දුටුගැමුණු රජ්ජුරුවෝ පරාක්‍රම සමුද්‍රය හැදුව කලේ
    සාලිය කුමාරයා අම්බපලිව බැන්ඳ කලේ

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි ඔය තියෙන්නෙ ඉතිහාසය වැගිරිනේනම.. උඹ සිංහල හදාගත්ත එක කොයි තරං හොදද ආ.

      Delete
  18. දැං අපි දන්නවා නේ විදුලි බුබුල හොයාගත්තේ කව්ද? තෝමස් එඩිසන් නෙව//
    එතකොට ඔය විදුලි බුබුල හංගපු එකා කවුද ?

    ReplyDelete
    Replies
    1. උඹ තමයි ඉතිං ඔය අලුකුත්තේරු වැඩේ කරන්න ඇත්තෙ. පවු අර වයසක තෝමස් අංකල්.

      Delete
    2. කව්රු උනත් උ්ව අහු උනොත් නං ගඩොල් බාගෙකින් අරින්නේ ඕ යැස්

      Delete
  19. වටිනා තොරතුරු ටික දුන්නට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත්.. ලිපි කිහිපයක ආරම්භයයි මේ.. ජය

      Delete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. දේශා උඹගේ ලිපියට අගෞරවයකට නෙවෙයි මෙහෙම කියන්නේ. මුනුපොතේ ශෙයා වුනු ලිපියකින් ටෙස්ලා ගැන හොඳින් දැනුවත් වුනා. උඹ මේක ලියපු නරකයි කියනවා නෙවෙයි .උඹට එක අහු නොවෙන්න ඇති. එඩිසන් කරලා තියෙන්නේ ටෙස්ලට වල කපපු එක. ජේ.පී. මෝර්ගන් සමාගම ටෙස්ට්ලට දකුවපු අනුග්‍රහය නැති කරන්න පවා එඩිසන් සමත් වෙලා. ටෙස්ලට එහෙම නොවුණා නම් අද වයර්ලස් කරන්ට් තියෙන්නේ. ලයිට් බිලත් මීට වඩා අඩුයි.

    මුලින් දාපු කමෙන්ට් එකේ වචන හැලිලා. මගේ පී.සී. එක හබක් වෙලා. වෙන තැනකින් කමෙන්ට් කරන්නේ.

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං සුදීකෝ.. උඹ මට මේක හොද නෑ කිව්වත් මං අවුල් වෙනවද නෑ නෑ.. එහෙනං මට තව හිතන්න සිද්ධ වෙනවා.. ඒ වගේ මුනුපොතේ ගියපු ලිපි කිහිපයක් තියෙනවා. හැබැයි හුගක් ලිපි ඒකපාර්ශ්විකයි අතිශයෝක්තියට බරයි.. මොකද මම දැක්කා ඒ ඔක්කෝම ලිපි යම් එක ලිපියක් පදනම් කරගෙනයි ලියල තියෙන්නේ.. ඒ කිව්වේ පරිවර්තනය කරල තියෙන්නේ.. ටෙස්ලා කියන්නේ ලොකු රිසර්ච් එකක් බං..

      Delete
  22. දේශක ගෙන් මේවගේ ලිපියක් කියෙව්වමයිද කොහෙද :)

    ReplyDelete
    Replies
    1. ඉතිං බලාංකෝ මට ඇති වන සන්තෝසය.. හැක්.. කෝමද හංසි කාලෙකින් මේකෙදි දැක්කේ.

      Delete
  23. අන්න දේශාගෙන් සුපිරි ලිපියක්.

    මමත් අහලා තියෙනවා පහුගිය දශක කිහිපය තුල ජංගම දුරකථන තාක්ෂණය දියූණු වුන වේගයෙන් මෝටර් කාර්මික විද්‍යාව දියුණු වුනානම් මොහොමට තියෙයිද කියලා. එහෙනම් නිසාන් ලීෆ් වගේ කාර් එන්න තිබ්බෙ මීට දශක ගණනාවකට කලින්. ඕක්ලට වල කැපුවේ තෙල් සමාගම් කාරයොලු.

    ReplyDelete
    Replies
    1. ඩුඩ් කිව්වා හරි ලෝකයේ ගමන් මග වෙනස් කරන්නේ කරේ බිසිනස් කාරයෝ තමා.. ස්තුතියි ස්තුතුියි. මොන සුපිරියක්ද බං.. උපරිම සාදාරණ වෙන්න බලනවා ටෙස්ලට. ජය

      Delete
  24. පට්ට ලිපිය.දිගටම සුරංගනා කතායි, මේවායි ලියපන්.වෙලාවක් හම්බවුනොත් මේකා ගැනත් හොයපන්.මේ මනුස්සයා නිසා දෙවනි ලෝක යුද්දය අවුරුදු 2ටත් වඩා කාලයකින් කෙටිකරගන්න පුළුවන්වුනාළු.ජීවිත මිලියන 14ත් වඩා ඒකනිසා බේරුනාලු.ඒත් මේ චරිතෙනම් ඉතිහාසෙන් හැංගුනේ මොහු සමරිසියෙක් විම නිසාලු.

    Alan turing

    ReplyDelete
    Replies
    1. හොදා කටුස්සෝ.. මං හොයල බලන්නං.. ජය

      Delete
    2. ඇලන් ටියුරින් ද?

      Delete
    3. bletchley park

      pra jay

      Delete
  25. අවුරුදු 50ක් විතර බ්‍රිතාන්‍ය රජයේ රහසක්වුන ඔහුගේ සොයාගැනීම් අධ්‍යනය කරලා තමයිලු කම්පියුටරෙත් හොයාගත්තේ.මෑතකදී ෆිල්ම් එකකුත් හදලා තිබුනා මොහුගැන.
    the imitation game

    ReplyDelete
    Replies
    1. කියවල බලමු.. මොකද අතීතයේ මුල්ලක රදවපු හුගක් අය ඉන්නවා.

      Delete
  26. නොදන්න දෙයක් දැන ගත්තා ඒත් මං කැමති මෝඩ චුං දේශට අම්මපා... දේශා පල්ලා හැක් එල කිරි ;)

    ReplyDelete
    Replies
    1. තැන්කුයි.. මටත් පිස්සු වගේ බං මේවා ලියන කොට ශානු පල්ලා. හැක් හැක්..

      Delete
  27. මාත් අන්තර්ජාලයේ මෑත කාලයේ ඔහු ගැන කතා වුන ලිපි කීපයක් කියෙවුවා. ඇත්තටම හිතා ගන්න බැහැ ස්ටීව් ජොබ්ස්ලා වගේ අය ගැන මහා ඉහලින් කතා කරල ලොකේ නිකොලා වගේ අය මඟහැරවීම ගැන.

    ReplyDelete
    Replies
    1. හැමදෙයක්ම මාර්කටින් කරන විදියෙයි වෙනස තියෙන්නෙ දිනේෂ්..

      Delete
  28. නමටවත් අර්ථයක් දෙන්න ඉඳලා හිටලා මෙහෙම ඒවා ලියන එක හොඳයි.... :)

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. මදෑ හින්දැරි මල්ලි කෙනෙක් ගෙන් කතාවක් අහගත්තා.. හැක්. උඹ මොකද පෙනීම හොර.. ලංකාවේද මේ දින වල

      Delete
  29. ටෙස්ලා වැනි චරිතයක් ගැන ලිපි පෙළක් ඇරඹීම ඉතා හොඳයි. තාක්ෂණික ලෝකයේ ටෙස්ලා කියන්නේ වීරයෙක්. ඔබ කියන පරිදිම පීඩිතයෙක්. කාලෙකට කලින් මෙන්න මේ ලිපිය කියවා තිබුණා.

    ලිපි පෙළට ජය පතමි !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උදය.. ඔබගේ අදහස් ලිපි පෙලට ශක්තියක්. මොකද මම තාම හිතනවා මොන විදියට යන්න ඕනද කියලා හැකි තරම් සරල විදියට.. නැවතත් ස්තුතියි..

      Delete
  30. උඹ මේවත් ලියනවා නේද???????????

    ReplyDelete
    Replies
    1. ඇහැක් විදියට කනක් අදින්න යන්නේ බං.. හැක්..

      Delete
  31. වැදගත් ලිපියක්..
    මනුස්සයෙකුට මතුවෙන්න යම්කිසි නියමිත දවසක් තියෙනව කියල මම හිතනවා දේශකයා..

    ReplyDelete
    Replies
    1. එතකොට වටිනාකම වැඩියි.. බං.. ස්තුතියි

      Delete
  32. නියමයි ටෙස්ලා හෙව්වාම මටත් කාර් එක තමයි මුලින්ම ආවේ.
    විද්‍යුතයේ පියා මයිකල් ෆැරඩේ කියලා අහලා තිබ්බත් ටෙස්ලා ගැන ඒ තරම් මතකයක් නැහැ නේ.

    ReplyDelete
    Replies
    1. යෑස් විද්‍යුතයේ පියා ෆැරඩේ කියල නෙව අපිත් කියන්නේ. මොකද චුම්බක දෙකක් අතරින් දඟරයක් දාන කොට විද්‍යුතයක් උපදිනවා කියල එයානේ කිව්වේ. අන්න ඒකයි බං අවුල. ටෙස්ලා හැංගිලා..

      Delete
  33. විද්‍යාත්මක ලෝකේ මහත්මයෙක් ලෙස තමයි ටෙස්ලා හැදින්වෙන්නේ. ඔහු සොයාගත් සමහර දේවල් මිනිස් ශිෂ්ටාචාරයේ පැවැත්මට නොසුදුසු නිසා ප්‍රක්ෂයට පත් නොකර විනාශ කල බවට දුෂමානයි. ටෙස්ලගේ මරණයෙන් පසු ඔහුගේ විද්‍යාගාරයේ සිටි පර්යේෂණ සහකාර වරයෙකු වූ හඩ්සන් විසින් නැවත ඒ ප්‍රසිද්ධ නොකළ පර්යේෂණ සිදුකර ලබාගත් ප්‍රතිපල තමයි හඩ්සන් ඵලය ලෙස ප්‍රසිද්ධ වුනේ. යම් වස්තුන් අතුරුදහන් කිරීමට ඔහු සමත් වූ බව කියවෙනවා. මින් කලබල වූ නාසා ආයතනය පවා පැමිණ මේ පරීක්ෂණ නැවත නැවත සිදුකලත් ප්‍රතිනිෂ්පාද්‍ය වූ ප්‍රතිපල ලබා ගහ නොහැකිවීම නිසා අතහැර දැමුණ. කෙසේ වෙතත් හඩ්සන් විසින් අක්‍රමවත්ව ආදර්ශනය කල ටෙස්ලගේ පර්යේෂණ තමයි ලොව සුප්‍රසිද්ධ හඩ්සන් ඵලය.

    චුම්භක ශ්රාව ඝනත්වය දක්වන එකකය වන ටෙස්ලාව (1 T = 1 Wb/m^2) නම් කර ඇත්තේ නිකොල ටෙස්ලාට ගරු කිරීමක් ලෙසයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මිත්‍රයා.. ඔබ හුගක් කරුණු දැන සිටින බවක් පේනවා. මගේ වැරදි වලදි නිවරැදි කිරීම් කරන්න පසුබට වෙන්න එපා.. ජය

      Delete
    2. මගේ විෂය පථය සම්බන්දව ගතහොත් ටෙස්ලා එකිනෙකට වෙනස් ද්‍රව්‍ය, උදාහරණයක් ලෙස ලී සහ ලෝහ එකිනෙක සමජාතීයව සංයෝජනය කල බව කියවෙනවා. ලී සහ ලෝහ එකිනෙක සමජාතීයව මිශ්‍ර කිරීම හඩ්සන් ඵලයෙහි එක කොටසක්.

      මම ටෙස්ලා අනුගමනය කිරීම කැමති කෙනෙක්. මම ඔහුට කැමතියි.

      මට ටෙස්ලා කෙනෙක් වීමට බැරි බව ප්‍රත්‍යක්ෂක්. මා සදහන් කරන්නේ විද්‍යාත්මක සොයා ගැනීම ගැන ඔහුගේ දැක්ම ගැනයි. මම බොහෝ විට විශ්වාස කරන්නේ ටෙස්ලා දැක්ම අදටත් ලොව දුර්ලභ ඝනයේ එකක් බවයි.
      ටෙස්ලා ගැන බොහෝ දෙනා කතා කිරීම දැකීම සතුටක් මෙන්ම ආශ්වාදයක්. සත්‍ය කවද හෝ ජය ගනී යන්න නැවත පැහැදිලි වීමක් ලෙසයි මෙය මා සිතන්නේ.

      Delete
    3. කනගාටු වෙන්න එපා. ටෙස්ල ලෝලීන් ලොකු මෙහෙයක් කරනවා මේ දින වල.. ඒත් ටෙස්ලාට වේචිචි දේම තමා හුගක් අය දැන ගන්නවා අඩුයි ඒවා ගැන. ජය වේවා

      Delete
  34. අගේ ඇති විස්තරයක්...

    ReplyDelete
    Replies
    1. නියමයි සිංහ මචන් චාලි..හැක්

      Delete
  35. මේ දවස්වල බ්ලොග් පැත්ත පළාතේ ආවේ නැති උනත් ටෙස්ලගේ නම දැක්කම නෑවිත්ම බැරි උනා. ඒ කියන්නේ මේක ලිපි සීරිස් එකක් නේද? ලියමු ලියමු. ටෙස්ලා ගැනනම් ලියලා ඉවර කරන්න අමාරුයි.

    ප්‍රත්‍යාවර්ථ ධාරා, induction motor, ජල විදුලිය, remote control, විකිරණ ශක්තිය, ටෙස්ලා කොයිල් සහ සිහිනයක් පමණක් වූ ටෙස්ලා කුළුණ ඇතුළු දාහක් විතර දේවල් තියනවනේ ලියන්න.

    මේ තියෙන්නේ යට ගිය දවස මම ලියපු එක. මොනවහරි ප්‍රයෝජනයක් උනොත් කියලා දැම්මා ඔන්න.
    http://pahanyaaya.blogspot.com/2012/06/blog-post_19.html

    ReplyDelete
    Replies
    1. සයුරි ගොඩක් ස්තුතියි.. මම කියෙව්වා ඒක. සමහර මං නොදන්න දේ පවා තිබුනා. ටෙස්ලා ලෝලියෙක් වගෙයි සයුරි. හැබැව හැබෑව. කියවා ඉවර කරන්න බැහැ අප්පා.. ජය වේවා. මාත් එක්ක ඉන්න ඕන හරිය

      Delete
    2. ටෙස්ලා ගැන බොහෝ දෙනා කතා කිරීම දැකීම සතුටක් මෙන්ම ආශ්වාදයක්. සත්‍ය කවද හෝ ජය ගනී යන්න නැවත පැහැදිලි වීමක් ලෙසයි මෙය මා සිතන්නේ.

      Delete
    3. ඇත්තෙන්ම මිත්‍රයා නම් හෝ අසා ඇති බව දැකීම සතුටක්..

      Delete
  36. ඊලඟට මේ ගැන ලියන්න -
    https://en.wikipedia.org/wiki/Bletchley_Park

    ReplyDelete
    Replies
    1. ගියාද බලන්න ප්‍රා..

      Delete
  37. උඩින් සෙන්නා කියලා තියෙනවා වගේ තෝමස් අල්වා එඩිසන් ටෙස්ලාගෙ සමහර නව සොයාගැනීම් හොරකං කලා කියලා කථාවක් මමත් අහලා තියෙනවා..ටෙස්ලා විදුලි මෝටර් රථයටත් ඔහුගේ නම විය යුතුයි යොදා තිබෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඒවා අතිශයෝක්තිය මුසු වූ කතා.. බිස්නස් එකකට සෙට් උනාම ඒවා වෙනවා. දැං බලහං උඹ ලෝක පුජුත ලොගෝ එකක් හැදුවොත් ඒක අයිති, ගාන දීල වැඩේ කරගත්ත කම්පැනියට මිස බොට නෙමෙයි නේ.. අපි දන්නවා උඹ හැදුවා කියලා. ඒත් කව්රුත් දන්නවද වෙන. ඒ වගේ එකක්. ටෙස්ලා සමාගමට නම ආපු හැටි ඊළග ලිපියේදි කියනවා.

      Delete
    2. දේශකයෝ, ‍තෝව අල්ලලා එල්ලනවා... බොරු කියන්න ආවොත් හරිද...? මූ එඩිසන් ටිකක් සපොර්ට් වගේ.... :D

      Delete
    3. ඇයි යකඩෝ...ලෝගෝ එකක් හදල දුන්නම කොම්පැනිය ඒක හදපු එකාට කීයක් හරි ගෙවනවා. මේ එඩිසන් එහෙමවත් කරාද අඩු ගානේ?

      Delete
    4. @ සෙන්නා
      එඩිසන් තමා ගාමක බලය.. නමුත් එඩිසන්ගේ බිසිනස් කේස් එකක් තියෙනවා.

      @ සයුරි
      සයුරි සමාරයක් දේවල් අතිශයෝක්තින්.. එඩිසන්ගෙන් ටෙස්ලා වෙන්වීමට මුලික හේතුව ප්‍රතිපත්ති සහගත කරුණක්. ඒසී ද ඩීසිද කියන එකයි අවුලට ආවේ.. මං හිතන විදියට

      Delete
  38. බුකියෙන් එහෙන් මෙහෙන් කියවලා හිතින් ටෙස්ලා අනුගාමිකයෙක් වෙලයි හිටියෙ.. ඒක කොච්චර පිස්සුවක් උනාද කියනවා නම් දුම් දාන තරමට පිස්සු තද උනා.ටෙස්ලත් එක්ක බැඳිලා පවතින දේශපාලනය බොහොම බරපතල නිසා අත නොගහ හිටියෙ ලොකු ළමයෙක් වෙනකන්.
    හැබැයි නියම මනුස්සයා වැඩේ පටන් අරන්..
    අනාගතය උදෙසා මේ ලිපිය ලියන ලෙසත්,ලිපි එකිනෙක යා කරන ලිංක් දමන ලෙසත් ඉල්ලනවා...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සමහර කාරණා බැහැර කිරීමත් කරන්න වෙනවා. මොකද මේ දේවල් මේ විදියට වීම පිටුපස යම් හස්තයක් තියෙනවා ඒක ඇත්ත. ටෙස්ලාගේ පිළිවෙතෙහි අවුලකුත් තියේ මට හිතෙන විදියට.. ස්ත්තුයි ගස්... ලියන ලියන ඒවා සේව් වෙනවා. පබ්ලිස් වෙන්න වැඩි කාලයක් ගත වෙයි වගේ..

      Delete
  39. ටෙස්ලා හරියටම ප්‍රසන්නය (නාල කරල, කොණ්ඩෙ පීරල, පිළිවෙලකට ඇඳල, ඉන්නවනං) වගේමයි.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. හිටං ප්‍රසන්න ටෙස්ලාගේ පින්තුර තියේ මං ගාව. හැක්.. නියම දර්ශනය අයියා.

      Delete
  40. තෝමස් අල්වා එඩිසන් නවනිර්මාණකරුවෙක් වීමටත් වඩා, මුදල් පසුපස ගිය බිස්නස් කාරයෙක්.

    හොඳම උදාහරණය තමා කයිනෙටස්කෝප් එක. ඒකෙන් ෆිල්ම් බලන්න පුළුවං එක පාරකට එක්කෙනාටයි. ඒකෙන් මුදල් උපයන්න පුළුවං ස්ක්‍රීන් එකක ෆිල්ම් පෙන්නනවට වඩා. ඒකට තරඟකාරීව ලුමියේ සහෝදරයො සිනමාස්කෝප් පටං ගත්තෙ. ඒකෙං එඩිසන්ගෙ පුක බිම ඇනුන.

    ReplyDelete
    Replies
    1. එඩිසන් විදුලි බලෙනුත් ඇනගත්ත නෙව ඩ්‍රැකියෝ

      Delete
    2. ටෙස්ලා වලින් චුම්භක ශ්රාව ඝනත්වය මැන්නට, එඩිසන් වලින් එහෙම මොනවත් මනින්නේ නැත්තේ එකනේ.

      Delete
  41. Replies
    1. තැන්කුයි දිනිතියෝ

      Delete
  42. අමාරුවෙන් කියෙව්වා ...

    ReplyDelete
    Replies
    1. ඇහ්. කොයි තරං සරලව ලියලද කියල හිතල මං උඩ පැන්තත් එක්ක. දැං ඒක හබක්.. හැක්..

      Delete
  43. හොඳ ලිපි පෙලක් ලියපන්.. ටෙස්ලා වගේ මිනිස්සු ගැන සිංහලෙන් කියවන්න තියෙන්නේ හරිම අඩුවෙන්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... පැතුමා. කියවන ප්‍රමාණයත් එක්ක ලියවෙන ප්‍රමාණය අඩුයි. ඒකයි අවුල.. හැක්.. ලිපි දහයක් වත් දාන්න හිතා ඉන්නවා බලමුකෝ..

      Delete
  44. අද තමයි මුලින්ම දේශකයගෙ දේශනා අහන්න ආවෙ. ඔයාගෙ ලියවිල්ල නම් අපූරුයි. ගොඩාආ..ක් ආසාවෙන් කියෙව්වා. මේ වගේ ලිපිවලට මම ගොඩක් කැමතියි. තව තව විද්‍යාඤයින් ගැනත් ලියන්න.

    මම කරන/කරපු පරීක්ෂණ වලට අදාල මුල් සොයාගැනීම් කල විද්‍යාඤයින් ගැනත් ඒ සොයාගැනීම ගැනත් ලියන්න ආසයි.

    ඒකාලෙ හිටපු විද්‍යාඤයින් තමයි නියම විද්‍යාඤයින් කියලයි මටනම් හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් මෙත්මා.. ඔබට සතුටුයි නම් මටත් සතුටුයි. ජය වේවා.. ටෙස්ලා ගැන නං දිගටම ලියවේවි

      Delete
  45. ඔන්න පලවෙනි කෑල්ල කියෙව්වා.

    -----------------

    දේශෝ,මේ මම උඹේ ටෙස්ලා පොස්ට් ටික මුල ඉඳන් කියෝන ගමන්...
    සොරි වෙන්නොනා මචෝ..එන්න පරක්කු වුනාට...

    ReplyDelete
    Replies
    1. මොකටද බං සොරි කියන්නේ. කියවන නොකියවන එක වෙනම දෙයක්.. ඒකට බලපෑම් නැහැනේ.. ජය වේවා

      Delete