Friday, January 1, 2016

අ ට ලෝ ද හ ම!!!

මේ විශේෂ අවස්තාවේදී මට නං කියන්න කියල ඒ තරං දෙයක් නැහැ. හැබෑටම ජනවාරි මුල් සතිය වැඩට එනවට වැඩිය හොදා ගෙදර ඉන්න එක.. මොන වැඩක් පලක් කරගන්න බැහැ නෙව.. තව ඩිංගකින් කිරිබත් මීටිමක් තියෙන නිසා යන්න ඕන.. මං ගානේ මේ අවුරුද්දේ හැමෝටම සුභ පතන්න අලුත්ම අලුත් කිරි ටොයි විෂ් එකක් දෙන්නං.. මේක ඕන තැනක ඕන කෙනෙකුට කියල සුභ පැතුවට මගේ ඇති අමනාපයක් නැහැ.. 

ඔබ සැමට සුභ නව වසරක් වේවා.. !!! (හැක් හැක්..)

ඒකෙන් කාරි නෑ.. මට පහු ගිය අවුරුද්දේ එච්චර ලියන්න බැරි උනා. ඉතිං ඒකට බෝම සතුටුයි කියල සෑහෙන්න පිරිසක් කිව්ව නිසා මාත් හිතාගත්තා තිසරලගේ ක්ලබ් එකට, අපේ බාස්ගේ ක්ලබ් එකට සෙට් උනා නං හොදා කියලා.. ලියන්නේ නැත්නං කියවන්න වෙලාව ලැබෙනවා කියන එක මහ බොරුවක්. ඇයි වදේ ලියන්න දවස් ගානක් යනවයැ.. එක දිගට ලිව්වත් පැය දෙක තුනක් යාවි ඕන නං. 

ජීවිතේ කියන්නේ අරුම පුදුම දෙයක් නෙමෙයි නෙව. ඉතිං මටත් දැං හිතිල තියෙන්නේ ඔය එක එක දේවල් වලට වහල් වෙන එක විකාරයක් කියලා.. මොන එහෙකට ප්‍රේට්‍රිියට් මිසයිල හදාගන්නවද ජීවිතේට.. අපි හැමෝම සරුව පිත්තල කඩතුරා වල හිරවෙලා. ඒවා තේරුම් ගැනීම දුෂ්කරයි. හැකි තරම් අතාහරින්න පුරුදු වෙන එක, උපේක්ෂාව කවද කාලෙත් හොදය කියල මට නං හිතිල තියෙන්නේ.. පුද්ගලයෙක් විදියට සාවදානව මිනිස්සුන්ගේ හැසීරිම් දිහා බැලුවම “මම“ කියන දේ පිම්බීම සදහා කොයි තරං දේ කරනවද?? වෙලාවකට හිනාත් යනවා. 

අපේ ගමේ අද උදේ කිරිපිඬු පුජාවක් පන්සලේ තියෙනවය කියල මං දැනං හිටියා. ඒත් හද්දෙයියනේ පන්සලට කිලෝමීටර් පහළොවක් විතර දුරක ලව්ස්පිකර බැදපු වාහනෙක යකඩ සද්දෙන් සත්ගුණවත් උපාසිකා මාතාවක් ඒ පුජාව කරනවය කියල බෑගිරි ගහ ගහ පාර දිගේ යන කොට අයියෝ සංසාරේ කියල හිතුනා. මේ උපාසිකා මාතාව නගරයේ විශාල හාඩ්වෙයාර් එකක අයිතිකාරයෙක්. එයැයිටයි එයැයිගේ පුතාලටත් අහල ගං දෙක තුනකටම පැතිරිච්චි ප්‍රසිද්ධියක් තිබුනත් අහල ගං හතකටම ඒක අයිති කරගන්න වෙන්ටැති උත්සාහ කරන්නේ. හරියට අර බණ කියල ඉවර වෙලා හාමුදුරුවෝ කොළෛ් බලාගෙන පිං නාම ලැයිස්තුව සක්කර දෙයියන්ටයි, එයාගේ ගෝලයෝ තිස් දෙකොටි අනුනම ලස්ස අනුනම දාස් අනුනමයට ඇහෙන්න හයියෙන් කියවනව වගේ වැඩක් තමා.. හැක්.. මොකෝ උන්නැහේලා හාමුදුරුවෝ කියන නං ටික රෙජිස්ටර් එකේ මාක් කරගන්නවයැ.. පින නං මොන විදියෙන් කරත් පින තමා. පින තියෙන්නේ හිතේ මිසක්කා හාමුරුවන්ගෙවත් කාගෙවත් කටේයැ.

හා හා.. මං මේ තාම ටියුං කරනවා.. ජය වේවා එහෙනං.. බලමු මේ අවුරුද්දේ ලියනවද මලවනවද කියල තීරණයක් ගන්න වෙනවා මට.. ඔහේලනං සතුටු වේවි මං නොලියන එකට.. ඉරිසියාකාරයෝ.. හැක්..



ජය වේවා එහෙනං..

අවුරුදු සුභ පැතුමත් මහ විකාරයක්.. ඉදගෙන..


දුන්නොත් එකක්
දෙනවා මම ගානේ එකක්
නොදුන්නය කියා
කහටක් නැතිය තවත්


116 comments:

  1. සුභ අලුත් අවුරුද්දක් වේවා දේශෝ..........

    ReplyDelete
    Replies
    1. කුරුටු පව්ලේ හැමටත් එසේම වේවා!!

      Delete
  2. ඔබටත් ඔබේ පවුලේ සියලුම දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා....

    ReplyDelete
    Replies
    1. මහේෂ් ඔබටත් සුභඵල ගෙනෙන වසරක්ම වේවා!

      Delete
  3. සුභ අළුත් අවුරුද්දක් වේවා...!!!!

    ReplyDelete
    Replies
    1. වෙල්කම් සම්පත්.. ඔබටත් එසේම වේවා!!

      Delete
  4. ආතල් වසරක් වේවා....!!!

    We no not need sex.. Coz government fucks us everyday.....!!!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ආතල් වැඩි වෙලා මාතයියා පිස්සු කෙලිනවා.. හැක්.. උඹටත් අඹෙණියටත් කොල්ලටත් පව්ලේ අනිත් සැමටත් සුභම සුභ නව වසරක් වේවා.. දිගින් දිගටම තදින්ම ලියවේවා!

      Delete
  5. මේ අවුරුද්දෙවත් යමක් ලියන්න හිතාගනින්.
    සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. එක එක දේවල් හිතෙනවා හැලපේ..

      හැලපවුලටම සුභ නව වසරක්!

      Delete
  6. සුභ නව වසරක් වේවා !
    ලියන්න ලියන්න . අපි බලන් ඉන්නේ මඩ ගසන්න :p

    ReplyDelete
    Replies
    1. මන්තර කාරයා උඹටත් සුභ නව වසරක් වේවා!

      Delete
  7. සුභ අලුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
    Replies
    1. තාරුකාවටත් එසේම වේවා

      Delete
  8. සුබ නව වසරක් වේවා...!

    ReplyDelete
    Replies
    1. හැපි නිව් ඉයර් ලොක්කා

      Delete
  9. අරන් තියපු ස්කඩ් මිසයිලයක් ඇති හිටපන් පත්තුකරල එවන්න.

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි අවුරුදු කුමාරයා.. වී පවුලට සුභ නව වසරක් වේවා!

      Delete
    2. හා වීයා උඹ තවම ඉන්නවද ? සුබ නව වසරක් වේවා !!!

      Delete
  10. සුභ නව වසරක් වේවා

    ReplyDelete
  11. We will be the same honest assholes at 12.01 that we were at 11.59 yeah...!
    happy 2016 to you ....cheers mate...!

    ReplyDelete
    Replies
    1. සේම් ටු යූ ඇසෝල් මාමේ.. හැක්

      Delete
  12. සුබ ම සුබ නව වසරක් වේවා, ලියන්ටත් හැකි වෙන..!

    ReplyDelete
    Replies
    1. වැසි දැරියටත් සියලු කඩඉම් ඉහලින් ගොඩ වෙන සුභ නව වසරක් වේවා!

      Delete
  13. ඔබටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා !!! දේශෝ

    ජිවිතේ ප්‍රීති සංචාරෙකි ලොවේ
    ගමන මිහිරියි රසයි විනෝදයි
    සිත දිවා රෑ රැදෙයි සුවේ

    අහසේ පාවෙන සුනිල් වලා
    කන්ද සිඹ සිඹ තුරුල් වෙලා
    රහස කොඳුරයි හැබැයි නොතේරෙයි
    යන්න හිතෙනවා ඉගිල්ලිලා

    නාරි ලතා ලීලා පාලා
    තාලෙට මිහිලිය නලවාලා
    නාමලේ සුවඳේ එතීලා
    ආව බව පෙනුනා ...

    ගී පද - ඇලෝයි ගුණවර්ධන
    සංගීතය - ආර් ඒ චන්ද්‍රසේන
    ගායනය - ධර්මදාස වල්පොල

    ReplyDelete
    Replies
    1. නියමයි සිංදුවා.. සිංදු ඇනෝ ඇනී ඇතුලු දරුමල්ලන් දුසිං ගානටම සුභ නව වසරක් වේවා.. තව සිංදු ලැබේවා..

      Delete
  14. ආ.. මූට බ්ලොග් එක මතක් වෙලා තියෙන්නෙ.
    බොටත් දේශිකා ඇතුලු පවුලේ සැමටත් සියලු පැතුම් ඉටුවෙන සුබ නව වසරකට ආසිරි පැතුව කියහං කොන්ක්‍රීට් බාසා.

    උඹ මේක ලියන්නැත්තං නිකං හිටහං. අපිට පාංයැ. ඒ උනාට ලියහ මැරුං කන්නැතුව. හැක්...

    ReplyDelete
    Replies
    1. මට වඩා බාස් හොදා කිව්වලු.. හැක්.. කමක් නෑ අපේ නිව්න් සහෝදර කම බ්ලොග් ලිවිල්ලට අදාළ නෑනේ.. එහෙනං කවදාවත් නොදුටු කතා නොකරපු මගේ සුන්දරම මිත්‍රයා ඇතුලු පව්ලෙ සැමට සුභ නව වසරක් වේවා.. ලෝන් ඉක්මනින් ගෙවේවා!

      Delete
  15. //තිස් දෙකොටි අනුනම ලස්ස අනුනම දාස් අනුනමයට//
    උඹට මෙතන 900 ක් ම මිස් වෙලා.

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මල්ලි... මේ සීසන් එකේ ඒ කස්ටිය වැකේෂන් ලීව්.. ඒකයි හැක්...

      Delete
  16. ලියන්න බැරි දේවල් මලවලා හරි බ්ලොගේ දාපන්. බත් කන වෙලාවට ඒකත් කන්න බැරියැයි.

    ඕං එහෙනං හොඳ මෙව්වා අවුරුද්දක් වේවා කිව්වා ඈ.

    ReplyDelete
    Replies
    1. මාමටත් නැන්දටත් දීග ගියා නෑනලටත් සුභ නව වසරක්ම වේවා!

      Delete
  17. අඩෝ ලියහන්. එතකොට අවුරුද්ද ජය වෙයි. මම හිතුවෙ කියවිල්ල අඩු කරල ලියනව කියල. නැත්තන් කොහෙද බන් වෙලාව..හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. සිකේයියා. උදේ පාන්දරම සිංහලේ ඇවිත්.. හැක්..

      ස්තුතියි උපයා.. හැම දෙනාටම සුභ නව වසරක්ම වේවා!

      Delete
  18. සුබ නව වසරක් වේවා උඹටත් පවුලෙ හැමෝටමත් දේශෝ !!

    ReplyDelete
    Replies
    1. හප්පට බල අප පාද්රේ.. ඉතිං කෝමෙයි.. පුංචි පවුලටම ඕයේස් හොද අවුරුද්දක් ම වේවා!!

      Delete
  19. හා හා... සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. හා හා.. උඹටත් උඹටත්.. ජය

      Delete
  20. /පින තියෙන්නේ හිතේ මිසක්කා හාමුරුවන්ගෙවත් කාගෙවත් කටේයැ./

    එකෙම්ම...

    මං ලිව්ව කන්ද උඩ දේසනාව ගැන. එතන ජේසු කියනව,

    "මිනිසුන්ට පෙනෙන පිණිස ලෝකයා ඉදිරියෙහි ඔබේ පුණ්‍ය ක්‍රියා නොකරන්න බලාගන්න. එසේ කළහොත්, ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේගෙන් කිසි විපාකයක් ඔබට නොලැබෙන්නේ ය. ”එබැවින් ඔබ දන් දෙන කල, මිනිසුන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස ධර්මශාලාවල දීත්, වීථිවල දීත් කෛරාටිකයන් කරන්නාක් මෙන් ඔබට පෙරටුවෙන් හොරණෑ නොපිඹින්න. සැබැවින් ම, මම ඔබට කියමි, ඔවුන්ගේ විපාකය ඔවුන්ට දැනට ම ලැබී ඇත. එහෙත්, ඔබ දන් දෙන කල, දකුණත කරන දෙය වමතට නොදැනේ වා. ඒ දන් දීම රහසක් ව තිබිය යුතු ය. එවිට රහසින් එය දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.”

    ReplyDelete
    Replies
    1. ඉතිං කුමාරයෝ. උඹගේ රාජ පරම්පරාවටම සුභ නව වසරක් විසේසයෙන් උඹගේ අර බාප්පාට...

      Delete
  21. බොලේ අපි දැනන් හිටියේ නෑනේ අර ෆොටෝ එකේ තියෙනවා වගේ ඔනස්ට් ඈස්හෝල් කෙනෙක් කියලා මෙයා. හෙහ් හෙහ්.

    සුබ නව වසරක් දේශා.

    ReplyDelete
    Replies
    1. ඇසෝල්ව ඇසෝල්ට් කරන්න එපා බං.. හැක්..

      බොටත් හැපි නිවි ඉයරයක් වේවා!

      Delete
  22. දේශාටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. මදුරු නාසකයන්ටත් එසේම වේවා.. යලට මහට.. හරි එනවා නේ කොච්චර දෙයක්ද?

      Delete
  23. එක එක විදිහේ දේශනා ලියවෙන පට්ට වසරක් වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් ලබ්බාටත් හොදින් ලියන්න හැකි වේවා.. සුභ නව වසරක් වේවා

      Delete
  24. දේශාටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

    ආයේ නොලියම හිටියනං වැඩිය හොදා..ඩී ඩී ඩී
    .

    ජ ය වේ වා

    ReplyDelete
    Replies
    1. මගේ එකම පැතුම මේ වසරේ වත් නිට්ටඹුවට සිගිනල් ලැබේවා!!

      Delete
  25. ඔය කිව්ව හාඩ්ඩෙයාර් එක අයිති දේශට. හැක්. රෙ හීං නූලෙං ඒක පෝක පරසිද්ද කරන්න දන්නෙ හිහි

    සුභ නව වසරක් වේවා දේශො

    ReplyDelete
    Replies
    1. මහේෂ්.. සුභ නව වසරක් වේවා බොටත්..

      මම පොන් කාඩ් කඩේ දේශකයා

      Delete
  26. ඔය කිව්ව හාඩ්ඩෙයාර් එක අයිති දේශට. හැක්. රෙ හීං නූලෙං ඒක පෝක පරසිද්ද කරන්න දන්නෙ හිහි

    සුභ නව වසරක් වේවා දේශො

    ReplyDelete
    Replies
    1. කම්මලේ මෙන්න උඹලගේ නෑයෝ.. හැක්

      Delete
  27. දේශක,
    සුභ නව වසරක් වේවා.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. උඹටත් ජය ලැබෙන සතුට උතුරන වසරක් වේවා සමරේ..

      Delete
  28. 48,94,64,16, ?? හැකියාව තියන එකේ ලියපිය...

    ReplyDelete
    Replies
    1. ඒ ඔවදන 5, 22, 19, 8, 1 ??? වෙතින්. හෙහ් හෙහ් ...

      එතකොට සෙන්නා උඹ ...?

      Delete
    2. මොනවද බං මේ කුණුහරුප.

      Delete
    3. කුණුහරුප??? පිස්සුද අයියා. ඔය මේ පහුගිය අවුරුදු ටිකේ කට්ටියගෙ කෙරුවාව නෙව.

      Delete
    4. DDT,

      උඹ සිංහල අකුරු ටික කියවලා නෑ වගේ... දේශකයා නොලියන එකෙයි, මම නොලියන එකෙයි ලොකුම ලොකු වෙනසක් තියනවා කියලා අමුතුවෙන් කියන්න ඕනා නෑනේ... පොඩ්ඩක හිටහන් ආයෙත් මොනා හරි කුරු‍ටු ගලා දාන්න....

      Delete
    5. ස්කෝර් එක අන්තෙටම බැහැල නේද බං.. ඕම තමා ඇවරේජ් පර්සන්ලා ලියන්න ආවම මුල් ටිකේ ඩම් එක දාලා ලියනවා. හිදුනම අඩු වෙනවා. ඊට පස්සේ අධික වැඩ නිසා කියල ලියන එක නවත්නතනවා..හැක්..

      සෙන්නා ඇතුලු හැමට සුභ නව වසරක් වේවා.. ගෑස් මැටි හට්ටි ලැබේවා..

      Delete
    6. කොහොමද මගේ කෙරුවාව 124,143,75,28,2 යෙලා යෙලා

      Delete
    7. සුදීක මේ අවුරුද්දේ වෙනස් වෙයං. හැක්

      Delete
  29. දේශක තුමාට වැඩි වැඩියෙන් ලියන්න සිතෙන, සතුටින් ගෙවී යන නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. ලිංතොට මලයගේ තැටියක් ගන්න ලැබෙන වසරක්ම වේවා!!

      Delete
  30. මං මේ උඹව මුරුංගා අත්තේ තියෙනවා නෙවෙයි .දේශකයා කියන්නේ ලස්සනට ලියන්න පුළුවන් රසය හඳුනන එකෙක් . උඹේ පරිවර්තන උනත් ඉහළයි . ඉතින් ඒවා ලියපන් මේ වගේ ඇඟ බේරා ගන්න ඒවා නොලියා . උඹට ජය! . සුබ අලුත් අවුරුද්දකුත් වෙන්ට ඕනි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිලකේ.. මං උඹ කියන තරං දස්සයෙක් නෙමෙයි බං.. මං ඒක දන්නවා..

      තිලකේ ඇතුලු පවුලේ සැමටම වාසනාවන්ත නව වසරක් වේවා!!

      Delete
  31. Replies
    1. මැට්ටා.. ආර්ථිකය ඩවුන්.. මොන අවුරුදුද?? හැක්.. නිකල් කෑල්ලක් වත් හොයාගන්න ඕන..

      බොටත් ජය ගෙනෙන වසරක් වේවා!

      Delete
  32. ශුභ අලුත් අවුරුද්දක් වේවා!
    නොලිය නම් ඉන්න බැරිවෙයි බොට.

    ReplyDelete
    Replies
    1. දයල් ඔබටත් එසේම වේවා..

      නොලිය ඉන්න බැරි වෙයි බොට.. හැක්

      Delete
  33. සුබ නව වසරක් වා...ලියමු...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඔබටත් එසේම වේවා ඉන්ද්‍රේ...

      Delete
  34. සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!!!!!

    ReplyDelete
  35. බණක් අහන්න අවා මදැයි.දේශාට පවුලේ සැමට සුබ නව වසරක්ම වේවා හිටං....!!!

    ReplyDelete
    Replies
    1. උඹට නං ඉතිං රජ මගුල් අවුරුද්දක් නෙව.. ආව් ආව්.. ජය වේවා..

      Delete
  36. මොනවද කිරිපිඬු පූජාවක් කියන්නේ? අහලා තියෙනවා ඒත් මොකක්ද කියල දන්නේ නෑ. කිරි වලින් හදන කෑම දානෙට දෙන එකද?
    ගැත්තාට සමාව අවසර නොදන්නාකමටයි ඇහුවේ ;(

    ReplyDelete
    Replies
    1. මේ මොනවා කියනවද බුරු..

      ඔය කිරිපිඬු පුජාව කියන්නේ අර මතකද බුදු හාමුදුරුවෝන්ට මුලින්ම ලැබුන දානය.. සුජාතා සිටු දුවගෙන්.. අන්න ඒක සිහි වෙන්න මේ පන්සල් වල බුදුන්ට පුජා කරන්න අලුතෙන් හදාගත්ත පුජා වර්ගයක් ඒක.. ඊට වඩා දෙයක් නං නැහැ.. ඉතිං හැපි නිව් ඉයරයක් වෙන්ටෝනේ.. ජය

      Delete
  37. http://tinypic.com/view.php?pic=s5z4hg&s=9#.VogJMPlEmUl

    ReplyDelete
    Replies
    1. ඒ පාර කකුල් පල්ලෙහාට දාලා යෝග කරනවයැ.. සුභ අලුත් අවුරුද්දක් වේවා මිත්‍රයා..

      Delete
  38. මොනවටත් ඇලෙන්නේ නැතුව හිටියට කමක් නැහැ. ඉනඩලා හිටල බ්ලොගක් ලියල. සින්දුවක් කියල කාරිය ජොලියේ හිටිය නම්. සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා.. එක දෙයක් දිගට නෑ.. සාමාන්‍ය නැවතුම් ජීවිතයක් මට තියෙන්නේ. හැක්..

      එහෙනං ගමයා, ගම හාමිනේ ඇතුලු සියල්ලටම හැපි නිව් ඉයරයක් වේවා!

      Delete
  39. බොටත් සුබම් සුබ අලුත් අවුරුද්දක් වේවා....

    ReplyDelete
    Replies
    1. එසේම වේවා විභීෂණ 2

      හැක්.
      .

      Delete
  40. ලියපං බං ඉඩක් ලැබුණම. අපි කියවනව කැමැත්තෙන්.

    ReplyDelete
    Replies
    1. අනිවා.. හිත හැදුනම, ගත හැදුනම, කල ආවම ඔක්කෝම එකතු කරන් මම ලියනවා. ජය වේවා.. ඉතිං සුභ නව වසරක්ම් වේවා නොකීටත්..

      Delete
  41. මාත් නොලියා ඉන්න හේතුව අත් හැරීම තම්‍යි අනා.
    අද වැඩට ආවේ මාත් එපාවෙලා ඉන්නේ අප්පා..කම්මැලියි දවස් දෙක තුනක් නිදාඉදලා නැගිට්ටේ අද

    ReplyDelete
    Replies
    1. උඹට නං බං ලෙඩක් තියෙන්නේ මගෙන් බුට් එක කාපු දවසේ ඉදල. හැක්.. හැක්..

      ලියහං ලියහං.. අරහේ මාතා මැරෙන්න හදනවා උඹ ලියන්නෑ කියලා.. හැපි නිව් ඉයර් මයි ඩාලිං ඉදගෙන..

      Delete
  42. අම්මටසිරි මේකත් එක්ක මෙතැන මේකට කොමෙන්ට් පනහක්.... පුහ් ..... සුබ අලුත් අව්රුද්දක් යකෝ......

    ReplyDelete
    Replies
    1. රාළේ රාළේ.. ජය වේවා.. උඹත් අමාරුවේ වැටියං හිටං.. හැපි නිව් ඉයර් හෙනං

      Delete
  43. මටත් මගෙ බ්ලොග් එක අමතක වෙලා අලුත් අවුරුද්දට යන්තම් කවි කෑල්ලක් දැම්මා. බලනකොට දේශත් ඒම වෙලා.
    කොහොම වුනත් දේශකයටත් පවුලෙ හැමෝටමත් සුබ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. ආ ඒක බලන්න බැරි උනා.. මුණුපොතේ නං කස්ටිය කියල තිබුනා දැක්කා හරිම සංවේදියි කියලා. හිටාං යන්න ඕන බලන්න..

      දිනිතියටත් වාසනාව ගේන හැකියාව උතුරා යන නව වසරක් වේවා!

      Delete
  44. හැක හැක... වැල්කම් ටු ද කුලබ්...

    යකෝ මාව නම් ආදර්ශයට ගන්න එප අර ප්‍රසන්නයාව ආදර්ශයට ගත්තත්...

    හැපි නිව් ඉයරයක් වේවා...

    ReplyDelete
    Replies
    1. Deshayaka hadanne mage rassawa nethi karanna

      Delete
    2. අහා.. උඹල හදන්නේ මාව ක්ලබ් එකට ගන්න නේද.. ඉරිසියාකාරයෝ.. හැක්..

      තිසර මිතුර.. සුභ නව වසරක් උඹටත් සැමටත්...

      Delete
  45. ලියම්දෝ නොලියම්දෝ කියල ඉන්න අපි වගේ අයට ඉතාම වැදගත් පෝස්ට් එකක්...සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!

    ReplyDelete
    Replies
    1. කොහෙන් හරි ගැට ගහගෙන ලියන්න පටන් ගනිං බං. එතකොට මොනා හරි ලියවේවි. දිගට නොලියන අයගේ අඩු පාඩුව තමා මතකය ආවර්ජනය කිරීම දුෂ්කර වීම. හැබැයි යම් තැතකට සිතුවිල්ල යොමු උනාම එතනින් එහාට ගලා යාමක් වෙනවා. හරියට තල්ලු ස්ටාට් වාහන වගේ.. උඹට බැරි නෑ. පුලුවන්.. ලියහං..

      නොරට පැතුම්.. මෙරට පැතුම්.. දෙක යාවේ.. නව වසරේ.. හැක්.. ජය

      Delete
    2. නෑ බං නොලියා ඉඳලා ලියන්න ගියාම, දවස් පහක් විතර බඩගින්නේ හිටි එකෙක්ව බුෆේ එකට ගිහිං දැම්මා වගේ. කොහෙන් පටන් ගෙන කොහොම නෙලන්නද කියලා හිතා ගන්න බෑ.

      Delete
    3. ඒකත් එක අවුලක්.. ප්‍රධානම දේ යමක් කෙටීමයි.. එතකොට අනවරතයෙන් එනවා එන්න තියෙන දේ.. මං කිව්වේ මට වෙන දේ..

      Delete
    4. පහු ගිය මාස දෙකක් තිස්සේ 60ක් විතර දේවල් ඔළුවට ආවා ලියන්න ඕනේ කියල හැබැයි එකක් වත් ලිව්වේ නෑ.. අපතය වගේ හිටිය.. තියෙන්නේ පටන් ගන්න තියෙන කම්මැලි කම .. වෙලාවක් හරි විදියට සෙට් නොවීමත් එක හේතුවක්..


      ඔෆිස් එකේ ෆ්‍රී උනාම තමයි මම ගොඩක් වෙලාවට ලියන්න ගන්නේ.. කරුමේ කියන්නේ පැය 8ම ෆුල් ටයිම් වැඩ මේ දවස් වල... උඹ කිව්වා වගේ පටන් ගත්තොත් ලියවෙනවා..

      Delete
    5. අපේ සහන් පද්මසංඛ දවසක් කිව්වා “වැසිකිලියේදි ඇති වන අපුරු සිතුවිලි“ එළියට එනකොටත් තියෙනව නං නිර්මාණ බර ගානක් කරන්න ඇහැකිය කියලා. මාත් ඒක විශ්වාස කරනවා බං.. හිතට ආපු අරුම සිතුවිලි සටහන් කරගන්න ඒ වෙලාවට කොල කෑල්ලක්වත් කවදාවත් ළග තියෙන්නෙ නැහැනේ..

      Delete
  46. සුභම සුභ නව වසරක් වේවා! වැඩි වැඩියෙන් ලියවේවා! (හොරෙක් අහුවුණෝ!)

    ReplyDelete
    Replies
    1. බැංකුව කැඩුවද?

      Delete
    2. මේ තියෙන්නෙ ඇහිං දුටු සාක්කි.

      Delete
    3. හොරෙක් අහුඋනෝ...

      ඇයි විදානේ උඹට සපත්තුව ගෙනැත් දුන්නද? හැක්

      Delete
  47. උඹ කියවගෙන ආපු එක ආසාවෙන් කියවන ආවේ. අන්තිමට හීනෙන් ඇහැරුණා වගේ එක තැන අත ඇරලා දැම්මේ. මෙහෙම අපිව අනාත කරන්න එපා බං.

    සුබ අලුත් කෙහෙම්මලක් වේවා !!! මටත් දැන් මේවා කියලා ඇති වෙලා. මහා විහිළුවක් බං.

    ReplyDelete
    Replies
    1. මටත් කෙමේමල ඇති වෙලා තියෙන්නේ. සැහෙන්න කාලෙක ඉදල..

      මොනා කරන්නද සුදීකෝ.. ලියන්න පිරියක් නැත්නං.. ජය වේවා.. උඹගේ මේ අවුරුද්දේ ස්කෝර් එක ටිකක් හරි වැඩිවේවායි පතමි..

      Delete
  48. සුබ නව වසරක් දේශක :)

    ReplyDelete
  49. උඹේ පෝස්ට් එක මට මිස් වෙලා ..
    සුභ අලුත් අවුරුද්දක් වේවා පවුලේ සියළු දෙනාටම.

    ReplyDelete
    Replies
    1. උඹටත් ඩබල් හැපි අවුරුද්දක්ම වේවා කම්මලෝ.. හැක් ජය

      Delete