Sunday, January 31, 2016

පුංචි නයිටින්ගේල්!! (The Nightingale)



ඔය කට්ටිය දන්නව නේ චීනයේ අධිරාජයා වෙන්නේ චීන ජාතිකයෙක්. ඒක නිසා එයා වටේ ඉන්න හැමෝමත් චීන ජාතිකයෝම තමා කියලා. මේ කතන්දරේ සිද්ධ වෙලා සෑහෙන්න කාලයක් උනත්, කාටත් අමතක වෙන්න කලින් මේක කියන්න ඕන නිසාමයි දැං මං කතාව කියන්න යන්නේ.

අධිරාජයාගේ මාළිගාව, ලෝකේ තිබ්බ අරුම පුදුම තැනක්. ඉතාම වටින, සියුමැලි පිඟන් ගඩොලින් සම්පුර්ණයෙන්ම නිම කර තියෙන මේ මාලිගාව විශ්මිත නිර්මාණයක් කියල කියන්න හැකියි. උද්‍යානයේ පිපෙන්නේ ඉතාම දුර්ලභ මල් වර්ගයි. මේ අතරිනුත් ලස්සනම මල් වල මුදුනේ පුංචි රිදී සිනු සවි කරල තිබුන නිසා ඒ කන්කළු සීනු නාදය ඇසෙන තාක් කිසිම කෙනෙකුට මේ මල් දිහා නොබල එතනින් පා තබන්න සිදු වන්නෙ නැහැ. ඔව්. අධිරාජයාගේ උද්‍යානයේ තියෙන හැම දෙයක්ම නියම සැළසුමකට අනුවයි සිද්ධ උනේ. කොහොම උනත් උයන්පල්ලවත් දැනං හිටියේ නෑ මේ උද්‍යානයේ දිග පළල හරියටම කොයි තරංද කියලා. ඒ තරං විශාලයි. කිසිවෙකු මේ උද්‍යානයේ ඇතුලටම ගමන් කරනවා නං එයාට දැකගන්න පුළුවන් උසට උසේ ගස් වැවුන, ගැඹුරු විල් තියෙන කැලෑවක්. මේ කැලෑව අවසන් වෙන්නේ නීල වර්ණ ගැඹුරු මුුහුදට. ඒක නිසා මේ මුහුදේ ගමන් කරන නැව් අර කලින් කිව්ව ගස් වල අතු වලට යටින් තමා ගමන් කරන්නේ. මෙන්න මේ විශාල ගස් උඩ එක නයිටින්ගේල් කුරුල්ලෙක් එය තමාගේ වාසබවන කරගෙන හිටියා. නයිටින්ගේල් කුරුල්ලගේ නාදය කොයි තරං ප්‍රීතිමත් ගීතයක්ද කිව්වොත්, මුහුදේ මාළු අල්ලන්න දැල් එළන්න යන කිසිම දෙයක් නොදන්න ධිවරයන් පවා ඒ ගීත අහන්න නිතැතින්ම මොහොතක් නතර වෙනවා.

“කොයි තරං ඉමිහිරි නාදයක්ද?“ කියල කියන ධිවරයාට ඊළග මොහොතේදී නයිටින්ගේල් කුරුල්ලගේ සිංදුව අමතක උනාට ඊට පහුවෙනිදා රෑට දැල් එළන්න යන කොටත් “කොයි තරං ඉමිහරි සංගීතයක්ද?“ කියල කියන්න නං අමතක වෙන්නෙ නැහැ.

ලෝකයේ විවිධ රටවල් වලින් දහස් ගණන් සංචාරයෝ එනවා අපේ අධිරාජයාගේ රටට, ඒ නගරයට. හැම සංචාරකයෙක්ම මේ නගරයේ ඇති විසිතුරු බව ගැන දැඩි ලෙස සතුටු වෙනවා. ඒ වගේම අරුම පුදුම මාලිගාව, විශාල උද්‍යානය දැකක්ම ඒ සතුට දෙගුණ තෙගුණ වෙනවා. ඒත් ඔවුන්ට අර නයිටින්ගේල් කුරුල්ලගේ ප්‍රීතිමත් ගීතය ඇහුනම ඔවුන් හැමෝම එක ලෙසින්ම කියන්නේ “මේ රටේ තියෙන හොදම දේ“ ඒ ගීතය කියලයි.

මේ සංචාරකායෝ ආපහු මව්රට ගියාම එකිනෙකාට නයිටින්ගේල් කුරුල්ලගේ ගිතය ගැන කියනවා. ඒ වගේම දැනුමැති සංචාරකයෝ චීන අධිරාජයා ගැන , එතුමාගේ මාලිගාව, රාජකීය උද්‍යානය ගැන මනරම් සංචාරක සටහන් ලියන කොට ඒ අයට කවදාවත් අමතක නොවෙන එක දෙයක් තමා අපේ නයිටින්ගේල් කුරුල්ලා ගැන ඉහලින්ම වර්ණනා කිරීම. එහෙම ලියපු දේවල් පොත් විදියට මුද්‍රණය වෙලා මුලු ලෝකේ පුරාම බෙදා හැරලත් තියෙනවා. ඒ අතරේ කවියන් අපේ නයිටින්ගේල් කුරුල්ලගේ ගීතය ගැන විශිෂ්ඨ කාව්‍ය නිර්මාණ පවා මුද්‍රණයෙන් නිකුත් කරල තියෙනවා.

මේ පොත් බොහොමයක් ලෝකේ පුරාම යනවා වගේම ඒවයින් කීපයක් චීනයටත් එනවා. තවත් පොත් කිහිපයක් අධිරාජයාගේ මාලිගාවටත් ලැබෙනවා. ඉතිං මෙහෙම ලැබෙන පොත්, කියවන අපේ අධිරාජයා එයාගේ රට, මාළිගාව, උද්‍යානය ගැන අනේකවිධ වර්ණනා කරල තියෙන හැටි දැක්කම සන්තේසයෙන් කුල්මත් වෙනවා. ඒත් මේ හැම දේටම වඩා වර්ණනා කරල තියෙන්නේ “නයිටින්ගේල් කුරුල්ලා“ ඇරත් මුද්‍රණය කරපු පොතක.

“මේ මොකක්ද... නයිටින්ගේල්“ අධිරාජයා පුදුම වෙනවා. “මේක වෙන්න පුලුවන්ද,. මගේම අධිරාජ්‍යයේ මගේම නගරයේ මගේම රාජකීය උද්‍යානයේ ඉන්න කුරුල්ලෙක් ගැන පිටරැටියෝ මෙච්චර වර්ණනා කරද්දී මං ඒ ගැන දන්නේ නැහැ. මට දැං ඒ ගැන හොයන්නම වෙනවා“ අධිරාජයා හිතන්න පටන් ගන්නවා.

ඉතිං මේ ගැන අහන්න අපේ අධිරාජයා තමන්ගේ වැඩ බලන සාමිවරයා කැඳෙව්වා. තමන්ට වැඩිය පහළ නිලයක ඉන්න කවුරු ප්‍රශ්නයක් ඇහුවත් මේ උඩගු සාමිතුමා ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ.

“මේ මිනිස්සු කියනව නේ අරුම පුදුම සිංදු කියන නයිටින්ගේල් කුරුල්ලෙක් මගේ උද්‍යානයේ ඉන්නවා කියලා.. ඒ මදිවට මගේ අධිරාජ්‍යෙය් තියෙන වැදගත්ම දේත් ඒ කුරුල්ලලු. ඇයි මේ ගැන මාව දැනුවත් කරල නැත්තේ..??“ අධිරාජයා කෝපයෙන් විමසනවා.

“උතුමාණනි, ඔය කියන නම මම මීට කලින් අහල නැහැ. ඒ වගේම ඔය නයිටින්ගේල් කාරයා කවදාවත් උසාවියට ඉදිරිපත් කරලත් නැහැ“ අපේ සාමිවරයා උත්තර දෙනවා.

“මම අණ කරනවා අද හවස් වෙනකොට මේ කුරුල්ලා මගේ ඉදිරිපිටට පමුණුවල සිංදු කියවන්න ඕන කියලා. තේරුනාද.. අම්මප මේ ලෝකේ ඉන්න හැම එකාම මට වැඩිය දන්නව නෙව මට තියෙන දේවල් ගැන“ අධිරාජයා අණ නිකුත් කළා.

“උතුමාණෙනි, මා මේ ගැන හාංකවිසියක් නොදන්නවා උනාට ඔය නයිටින්ගේල් ව හොයල මං ඔය හාදයම උතුමාණන් ළග දන්ගස්සවනවා“ අපේ සාමි වරයා යටහත්ව උත්තර දෙනවා.

කොහෙන් කියන හොයන්නද? සාමිතුමා උඩට දුවනවා. පල්ලේහාට දුවනවා, මාලිගේ හැම කාමරයක් ගානේ කෝරිඩෝවක් ගානේම දුවනවා. ඒත් මේ නයිටින්ගේල් ගැන දන්න කිසිවෙක් එතුමාට හමු උනේ නැහැ. ඉතිං ඒක නිසා සාමිතුමා ආයිත් අධිරාජයා ගාවට දුවනවා. “අනේ උතුමාණනි, මේ කාගේ හරි බොරු කතාවක් වෙන්ටැති. එක්කෝ මේ පොත් කාරයෝ හිතිං මවාගත්ත එකක් වෙන්ටැති. නැත්නං මහා රහසක් වෙන්ටැති. සමා අවසර මට කිසිම හෝඩුවාවක් ලැබුනේ නැහැ උතුමාණනි“ දනින් වැටී අපේ සාමිතුමා තමන්ගේ විමර්ශනය ගැන අධිරාජයාට තොරතුරු දැනුම් දුන්නා.

“මේ පොත මගේ ආරණිය මිත්‍රයෙක් වෙන ජපන් අධිරාජයා එවපු පොතක්. ඒක නිසා මේක කොහෙත්ම බොරු ගොතාපු, මඩ පත්තර පොතක් වෙන්ඩ බැහැ. ඒක නිසා අද හවස් වෙද්දි මට මේ නයිටින්ගේල් හොයල ගෙනැත් දෙන්න ඕන. නැත්නං දන්නවා නේ මම අධිරාජයෙක්. මුළු රාජ සභාවෙම ඉන්න උන්ගේ බුරිය යටින් හිල් කරනවා. තේරුනාද.. යනවා දැං“ අපේ අධිරාජයාට බොහොම කේන්ති ගිහින්.

“ගැත්තාට අනුකම්පා කරත්වා උතුමාණනි“ කියමින් බයේ ගැහි ගැහි සාමිතුමා ආයිත් උඩට දිව්වා, කාමර ගානේ කොරිඩෝ ගානේ දුවන්න ගත්තා. ඒ පාර රජ සභාවෙන් බාගයක්ම සාමිතුමාත් එක්ක දුවන්න ගත්තා, ඇයි ඉතිං කව්ද කැමති බුරියට පහලින් හිලක් විදගන්න.

මේ නයිටින්ගේල් ගැන විශාල වශයෙන් ප්‍රශ්න කරන්න, සාක්කි කැඳවන්න කටයුතු කරල තිබුනා. මුලු ලෝකේම මිනිස්සු දැනගෙන හිිටියට තමන්ගෙ රටේ කිසිම කෙනෙක් මේ ගැන දැනගෙන හිටියේ නැහැ. අන්තිමේදි මේ ගැන යමක් දන්න කෙනෙක් ඔවුන්ට හමු උනා. ඇය කුස්සියේ වැඩ කරන දුප්පත් අහිංසක ගැනු ළමයෙක්.

“ආ. අපේ කුරුල්ලා.. මං එයාව හොදට දන්නවා. ලස්සනට සිංදු කියන්නත් පුලුවන්. හැම හවසකම මම යනවා ලෙඩ වෙලා ඉන්න අපේ අම්මට මේ ඉතිරි පහද වෙච්චි කෑම ටික දීල එන්න. ඈ ඉන්නේ වෙරළ අයිනේ නේ. කැලේ මැද්දෙන් යන කොට මහන්සි නිසා මම අර උස ගස් තියෙන තැන නවතිනවා. ඔන්න එතකොට තමා මට ඒ සිංදුව ඇහෙන්නේ. ඒක ඇහුවම මගේ ඇහැට කඳුලුත් එනවා. ඒක හරියට අම්මා මාව ඉඹිනවා වගෙයි දැනේන්නේ“ අහිංසක දරුවා එහෙම කිව්වා.

“දරුවා. මං උඹව අද පටන් ජිවිතාන්තය දක්වාම ප්‍රධාන අරක්කැමියා විදියට පත් කරනවා. තව ඕන නං අධිරජ උතුමා අහර කිස කරන ආකාරයත් බලන්න දෙන්නං. හැබැයි මං එහෙම කරන්නේ ඔය ළමයා අපිව අර රාජ සභාව ඉදිරියේ පමුණුවන්න නියමිත නයිටින්ගේල් කාරයා ගාවට අරගෙන යනව නං විතරයි“ සාමිවරයා දැරියට කරුණාවෙන් මේ ටික කිව්වා.

ඉතිිං මේ කට්ටිය ඔක්කෝම නයිටින්ගේල් කුරුල්ලා හොයාගෙන කැලේට ගියා. ඒ අතරේ රාජ සභාවේ බාගක්ම බයටම කැලේට ගියා. ඒ යන අතරේ කැලේ මැදදි ගවයෙන් බෙරිහන් දෙන්න ගත්තා.

“ඕහ්.. අන්න ඇහුනද. ඒක තමයි. කොයි තරං බලසම්පන්න කටහඩක්ද පොඩි ඇගක් තිබුනට.. මං හිතන්නේ මට ඇහුනේ නයිටින්ගේල් කුරුල්ලගේ සිංදුව“ එක සභිකයෙක් සතුටෙන් බෙරිහන් දෙන්න ගත්තා.

“අයියෝ නැ. ඒ හරකෙක් කෑ ගාන්නේ. අපි තව දුර යන්න ඕන“ පත්වීම් ලබන්න නියමිත ප්‍රධාන අරක්කැමියා කිව්වා.

ඊට පස්සේ පඳුරු අස්සේ ඉදල ගෙම්බෝ කෑ ගාන සද්දේ ඇහුනා.

“පුදුමයි. විශ්මයජනකයි. පල්ලියේ සීනුවා නාද වෙනවා වගේ මට දැං ඇහෙනවා“ තවත් සභිකයෙක් කියවන්න ගත්තා.

“අයියෝ ඒ ගෙම්බෝ බක බක ගාන්නේ.. තව ටික දුරයි“

ඔන්න එතකොටම නයිටින්ගේල් කුරුල්ලා සිංදු කියන සද්දේ ඇහෙන්න ගත්තා.

“අන්න ඒක“ පුංචි ගෑනු ළමයා කිව්වා. “සද්ද කරන්න එපා.. අහගෙන ඉන්න. අර අර ඈත වාඩි වෙලා ඉන්නේ“ ගහක අත්තක වාඩි වෙලා ඉන්න පුංචි අළුපාට කුරුල්ලෙකු දිහාට අත දිගු කරමින් ඇය ඔවුන්ට කුරුල්ලාව පෙන්නුවා.


“මේක වෙන්න පුලුවන්ද?“ සාමිතුමා මොර දෙනවා. “මම කවාදාවත් හිතුවේ නැහැ මෙයා මේ වගෙයි කියල. සමහර විට මේ ඇවිත් ඉන්න වැදගත් රාජ සභිකයෝ ටික දැක්කම මිනිහත් කළු වෙලා යන්න ඇති“ බෝම උඩගුවෙන් ඔහු කියන්න පටන් ගත්තා.

“පුංචි කුරුල්ලෝ.... අපේ ගරු අධිරාජ උත්මයන් වහන්සේට ඔයා කියන සිංදු අහන්න ඕනලු“ පුංචි දැරිවි කුරුල්ලට කිව්වා.

“හරිම සතුටුයි ඉන්න“ කියපු නයිටින්ගේල් තව ලස්සනට සිංදුව කියන්න ගත්තා.

“හරියට වීදුරු වලින් හදුපු සීනු වලිනි එන මිහිරි නාදය වගෙයි.. අර බලන්න උගේ පුංචි බෙල්ල වේගෙන් ගැහෙන හැටි. මට හරි පුදුමයි අපි මෙයා ගැන මීට කලින් අහල නැති එක ගැන.. කිසිම සැකයක් නෑ මෙයා රාජ සභාවෙදි ලස්සනට සිංදු කියාවි“ සාමි තුමා කිව්වා.

“අධිරාජ උතුමන් වෙනුවෙන් මං ආයිත් ගායන කරන්නද?“ නයිටින්ගේල් සතුටින් ඇහුවා.

“මගේ පුංචි කුරුලු පැටියෝ.. මම තමා ඔයාව උතුමාණන් ගාවට රැගෙන යන්න එවපු සාමිවරයා. ඔයා අද හවස රාජ සභාවේදි මේ දස්කම් දැක්විය යුතුයි. අපේ උතුමාණන් ඔබගේ මිහිරි නාදය නිසා බොහොම සතුටට පත්වේවි“ සාමිතුමා කිව්වා.

“මගේ සිංදු හොදට කියන්න පුලුවන් මේ කැලේ ඇතුලෙදි තමා.“ ඒත් අධිරාජයාගේ කැමැත්ත ඒකනං ඒකට ඉඩ දෙන්න ඕන කියල නයිටින්ගේල් මේ අයත් එක්ක රාජ මාළිගයට යන්න පිටත් උනා.

මේ විශේෂ අවස්ථාව වෙනුවෙන්ම මාළිගාව හොදින් සුදානම් කරල තිබුනා. පිගන් ගඩොල් බිත්ති, පොළව රන් පහන් දහස් ගානකින් නිකුත් කරන දීප්තිමත් කිරණ වැදිල දිලිසෙනවා. රිදී සීනු අමුණපු ලස්සන මල් පෝච්චි රාජ මාළිගය ඇතුලටම ගෙනැත් තිබුනා. මාලිගාවේ කොයි තරං කලබලයක් තිබුනද කිව්වොත් කව්රු හරි කතා කරනකම්ම එතැන නොයෙක් විදියට අර පුංචි සීනු අතොරක් නැතිව නාද වෙමින් පැවතුනා.

රාජ සභාව මැද්දෙම සිංහාසනයක් මත අධිරාජයා ආසනාරූඬ වෙලා හිටියා. නයිටින්ගේල් කුරුල්ල වෙනුවෙන් රනින් කළ ආසනයක් සකස් කරල තිබුනා. මුළු රාජසභාවම ඇවිත් හිටියා උනත් අර පුංචි දැරිය රාජසභාවේ දොර පිටුපසින් නවත්තලයි තිබුනේ. සාමිතුමා විසින් නිල වශයෙන් ඇය “රාජකීය තඩිබාන්නා“ විදියට පත් කරල තිබුනා. හොදින් ඇද පෑලඳගෙන හිටු සියල්ලෝම රජතුමාගේ අනුමැතිය ලැබෙන හිස සෙලවීමේ විධානය ලැබෙන තෙක් නයිටින්ගේල් දිහාම බලාගෙන හිටියා.

අධිරාජයගේ ඇහෙන් කඳුලු කැට කඩා හැලිලා ඒවා කම්මුල් දිගේ ගලා යන විදියටම කුරුල්ලා ලස්සන සිංදුවක් කිව්වා. ඊට පස්සේත් බොහොම මිහිරි සිංදු එයා කිව්වා. ඒකෙන් රජතුමාගේ හදවත හොදටම මෙළෙක් උනා. අධිරාජයා කොයි තරං සංවේදි උනාද කිව්වොත් තමන්ගේ රන් සෙරෙප්පුවක් නයිටින්ගේල් කුරුල්ලගේ බෙල්ලේ එල්ලන්න තරං හිත් උනා. තමන්ට මේ වෙනකොටත් ලැබුණ පිළිගැනීම ප්‍රමාණවත් කියල කුරුල්ලා ඒ තෑග්ග කාරුණිකව ප්‍රතික්ෂේප කළා.



“උතුමාණන්ගේ ඇහෙන් කඳුලු ගලා යන හැටි මම දැක්කා. ඉතිං ඊට වඩා තැග්ගක් තවත් නැහැ. අධිරාජයෙකුගේ කඳුලු කියන්නේ බොහොම බලසම්පන්න ආයුධයක්. මට උවමනා දේ ලැබුනා තවත් දේ ඕන නැහැ“ කිව්ව නයිටින්ගේල් පුදුමාකාර ලස්සනට ආයිත් ගයන්න පටන් ගත්තා.

“මේ වගේ ප්‍රසංගයක් අපි කවදාවත් දැකල නැහැ“ ආදිපාදවරියෝ මුමුණන්ට උනා. නයිටින්ගේල් ගැන තරහක් තිබුන මේ අය තමන්ගේ කටේ වතුර පුරවන් හිටියේ බැරි වෙලා හරි කව්රු හරි කතා කළොත් ගර් ගර් ගාලා කතා කරන්න. කවාදාවත් සතුටු කරන්න බැරි හැම දෙනාමත් කුරුල්ලගේ සිංදු නිසා සතුටු උනා. මුළු රාජ සභාවම සතුටට පත් උනා. ඉතිං හැම දිනකම රාජ සභාවේ පෙනී හිටින්න නයිටින්ගේල්ට සිද්ධ උනා. එයාට වෙනම කුඩුවක්, වෙනම කකුලට ගැට ගහපු පටියක් ඒ පටිය අල්ලගත්ත මිනිස්සු දොළොස් දෙනෙක් ලැබුනා. දවසට දෙවරක් පටියේ දුරට ඇවිදින්නත් ලැබුනා. ඒ ඇවිදින කොට නං ඒ තරං සතුටක් ලබන්න අපේ කුරුල්ලට බැරි උනා.

නගරයේ ඉන්න හැමෝම මේ ගැන කතා උනා. කොටින්ම අන්ත් කෙනා “ගේල්“ කියන්න කලින් කිසිම කෙනෙකුට නයිට් කියල ඉවර කරන්න ලැබුනෙත් නැහැ. කෝම හරි ඌරු මරන්නන් එකොලොස් දෙනෙකුගේ ම දරුවන්ට “නයිටින්ගේල්“ යන නම තියල තිබුනට ඒ කාටවත් සිංදු නං කියන්න බැහැ.

එක දවසක් අපේ අධිරාජයාට පාර්සලයක් ලැබුනා. ඒකේ ලියල තිබුනේ “නයිටින්ගේල් කුරුල්ලා“ කියලයි.


“ආහ්. මේ අපේ කුරුල්ලා ගැන තවත් පොතක් වෙන්ටැති කියල හිතාගෙන පාර්සලේ කඩපු අධිරාජයාට දැක ගන්න පුලුවන් උනේ, තමන්ගේ ආදරණිය මිත්‍ර ජපන් අධිරාජයා එවපු අරුම පුදුම සෙල්ලං කුරුල්ලෙක්. හරියටම නයිටින්ගේල් කුරුල්ල වගේමයි. ඒකේ තිබුනා යතුරක් ඒක කරකවල වයින් කරල තිබ්බම හරියටම නයිටින්ගේල් වගේම නැත්නං ඊටත් ලස්සනට සිංදු කියනවා. මේ යකඩ කුරුල්ලගේ බෙල්ලේ මෙන්න මෙහෙම වැකියක් තිබුනා. “චින අධිරාජයාගේ නයිටින්ගේල් හා සම කරන්නේ නම් ජපන් අධිරාජයාගේ නයිටින්ගේල් කුරුල්ලා ඉතා කුඩා දෙයකි“

මාලිගාවේ හිටි හැමෝම යඩක කුරුල්ලා ලස්සනයි කියල කියන්න ගත්තා. අන්තිමේදි මේ පෙට්ටිය අරං ආපු කෙනාට නිල වශයෙන් “රාජකීය ප්‍රධාන නයිටින්ගේල් බලාගන්නා“ වශයෙන් පත් කළා.

“අපි දෙන්නම එකට තියල සිංදු අහමු. ඒක මොන වගේ වේවිද බලමු“ සභිකයෝ යෝජනා කළා. ඉතිං දෙන්නම එකට සිංදු කිව්වා. ඒක එච්චර හොදට තිබුනේ නං නැහැ. මොකද නියම නයිටින්ගේල් තමන්ගේ හිතට එන සිංදුවක් කිව්වට යකඩ නයිටින්ගේල් එකම සිංදුව කිව්ව නිසා.

“නෑ නෑ මේක අලුත් එක්කෙනාගේ වැරැද්දක් නමෛයි. එයා හරි විදියට තාල තියනවා. මං කියල දුන්න වගේම“ රාජකීය සංගීතඥයා විස්තර කරන්න ගත්තා. එයින් මෙයින් යකඩ කුරුල්ලා තනියම සිංදු කියන්න දැම්මා. නියම නයිටින්ගේල් සිංදු කියනව වගේම එතකොට යකඩ කුරුල්ලා සිංදු කිව්වා. කිසිම වෙහෙසක් නැතිම එක දිගට එකම සිංදුව තුන්සිය තිස් පාරක් ලස්සනට කියන්න මෙයාට පුලුවන් උනා. ඒත් රාජසභිකයන්ට තවත් ඒක අහන්න ඕන උනත්, අධිරාජයා කිව්වා දැං අපි නියම කුරුල්ලාට අවස්ථාව දෙන්න ඕන කියලා. කෝ එයා.. කිසිම කෙනෙක් දන්නෙ නැහැ. අර සිංදුවට වහ වැටුන වෙලාවේ මේ කුරුල්ලා කොහාට හරි ගිහින්. එයා ඇරල තිබුන කවුලුවෙන් පියාඹලා ආයිත් තමන්ගේ පුරුදු වනයටම ගියා.

“එයා මෙහෙම යන්න හේතුවක් තියෙන්න එපැයැ“ කියමින් අධිරාජයා උන්නා.

අන්න එතකොට රාජ සභිකයෝ නියම නයිටින්ගේල් ද්‍රෝහියෙක් බවත් කෙළහිගුණ නොදන්න සතෙක් බවටත් දෝස්මුර කිව්වා. ඒත් ඊට වඩා හොද කුරුල්ලෙක් අපිට ඉන්න නිසා සතුටු වෙන්න පුලුවන් කියල රජතුමාවත් අස් වස්සන්න මේ අය අමතක කලේ නැහැ. යඩක කුරුල්ලා හැම අතින්ම වටිනවා කියල තමා අන්තිමට තීරණය උනේ. මොකද එයාගේ මිහිරි සිංදු, ඇගේ තිබුන රන් ආලේපය, මැණික්, දියමන්ති නිසා දිලිසෙන ශරිරය, ඒවා නිසා යඩක කුරුල්ලා නියම කුරුල්ලට වඩා වැදගත් බව මේ අය තේරුම් ගත්තා.

“නෝනාවරුණි මහත්වරුණි.. ඔබට දකින්න පුලුවන් නේද සියලු රාජකීය දෙයින් හෝ නියම නයිටින්ගේල් කුරුල්ලාගෙන් බලාපොරෙත්තු විය නොහැකි ස්ථිර යමක් මේ කෘතිම කුරුල්ලා වෙතින් අපට ලැබෙන බව. මොකද ඒකේ හැම දෙයක්ම පෙර සැලසුමකට අනුවයි වෙන්නේ. ඒක නිසා අතරමග වෙනස් කම් දකින්න ලැබෙන්නේ නැහැ. පරිපුර්ණතාවය කියන්නේ මේකට තමා. හරියට අධිරාජයෙකුගේ ජිවිතය වගේ.. හෙට මම මෙය මහජන ප්‍රදර්ශනය සදහා තබන්න නියම කරනවා.‘ අධිරාජයා මෙහෙම කියල පහු වෙනිදා ඒ ප්‍රසංගය තිබුනම හැම මනුස්සයටම පුදුමෙන් “ඕහ්“ කිය කිය අත් දිගු කරමින් තම සතුට පල කරා. ඒත් අර දුප්පත ධිවරයට විතරක් පොඩි ප්‍රශ්නයක් තිබුනා. හැමදේම හොදයි.. සිංදුවත් හොදයි.. ඒත් ඒත් නියම නයිටින්ගේල් කුරුල්ලා ගායන කරන කොට තියෙන යම් දෙයක් මේ කුරුල්ලා තුල නැතිබව ඔහුට තේරුනා. ඒත් ඒ මොකක්ද කියල නිච්චියටම කියන්න ඒ අසරණයට පුලුවන් කමක් තිබුනේ නැහැ.

නියම කුරුල්ලා තම භූමියෙන් පලා ගොස් තිබු හෙයින් එතැන, ඒ රන් ආසනය යඩක කුරුල්ලට නිතැතින්ම හිමි උනා. පසුව ඌ රජතුමාගේ සයනාගාරයේ පසෙකින් තබා තිබූ අතර, නිල වශයෙන් “අධිරාජයා සැතැප්පවීමේ රාජකීය ගායකයා“ යන ගෞරව නාමය ලබා දී තිබුනා.

රාජකීය සංගීතඥයා විසින් වෙළුම් විසි පහකින් යුත් ග්‍රන්ථයක් පළ කරමින් යකඩ කුරුල්ලා වර්ණනාවට ලක් කර තිබුනා. කෝටි ගානක් සංයුක්ත චීන අකුරු තිබුනු මේ පොත කව්රුවත් හරියට කියවල නැති උනත් බුරියට පහලින් සිදුරු විඳගැනීමට ඇති නොකැමැත්ත නිසාම ඒ ග්‍රන්ථය මහතා වටිනා එකක් බවට අදහස් පල කරන්නට කිසිවෙකුත් පැකිලුනේ නැහැ.

යකඩ කුරුල්ලා ඇවිත් වසරක් ගත වන විට අධිරාජයත්, රාජ සභිකයන්, සාමිවරු ඇතුලු හැම දෙනෙක්ම මේ කුරුල්ලගේ පුංචි නාදයක් පවා කඩපාඩමින් දැන ගෙන උන්නා. අධිරාජයේ තුඩ තුඩ රැව්දුන් ජනප්‍රියම ගිතය උනේ මේ යකඩ කුරුල්ලගේ ගීතය තමා. කොටින්ම අධිරාජයා පවා එය ගායනා කලා.

ඒත් එක් අවාසනාවන්ත රාත්‍රියක, රජතුමාගේ සයනය ආසන්නේ මේ කුරුල්ලා තම ගීතය ගායනා කරමින් සිටින විට ට්‍රැං ට්‍රැං හඩක් එක්ක කුරුල්ලගේ බඩේ තිබ්බා මොකක් හරි එකක් කැඩුනා කියල අධිරාජයට තේරුනා. ඔක්කෝම දැති රෝද කැරකිල්ල නැවතිලා අර ලස්සන සංගිතයත් නැවතුනා. ඇදෙන් පැන්න අධිරාජයා මේක තමන්ගේ රාජකීය භෞත චිකිත්සක වෙත යොමු කලත් ඒ හාදයට කරන්න පුලුවන් දෙයක් තියේද? ඉතිං ඒ පාර ඔරලෝසු කාර්මිකයෙකු වෙතට මේ යකඩ කුරුල්ලා ගිහින් දෙන්න උනා. එයා මේක හොදට පරික්ෂා කරල කැඩිච්චි ඒවා හදලා ආයිත් දුන්නේ මේක හොදටම ගෙවිල ගිහින් නිසා අලුතෙන් කෑලි දාන්න වෙයි කියලයි. මේ හේතුව නිසා අවුරුද්දකට එක පාරක් පමණක් කුරුල්ලා සිංදු කිව යුතු යැයි තිරණය උනා. කොයි තරං නරක දෙයක්ද? ඒ තරං ඉවසන්න පුලුවන් කමකුත් නැහැනේ. අධිරාජයා හැමදාම නිදාගන්නේ කෝමද? මේ වෙලාවෙදි අළුත්වැඩියාව සම්බන්ධව චින අකුරු බර ගානක තමන්ගේ ඇගයීම් කතාව කරපු රාජකීය සංගීතඥයා නිසා යකඩ කුරුල්ලා පෙර තිබුන තත්වයටත් වඩා හොදට ඉන්නවා කියල අධිරාජයා තේරුම් ගත්තා.

සාමකාමී අවුරුදු පහක් චීනයට අවසන් උනා. ඊට පස්සේ රටට ඇත්තටම දුක්ඛදායි කාලයක් උදා උනා. සියලු චින ජාතිකයන් ආදරය කරපු අපේ අධිරාජයා ලෙඩ  ඇඳට වැටිලා. මරණාසන්නයි. කොයි එකටත් සුදානං වෙන්ට කියල හිතල අළුතෙන් අධිරාජයෙක් පවා නම් කරලයි තිබුනේ. මාළිගාව වට කරගෙන දුකින් පීඩිත වෙලා තමන්ගේ අධිරාජයා ගැන සොවින්ම රටේ මිනිස්සු අර සාමිතුමාගෙන් අධිරාජයාගේ තත්වය කොහොමද කියා විමසන්නට උනා. ඒත් දන්නව නේ එයා දෙන උත්තරයක් නැහැ කියලා.

රාජකීය සයනය මත සීතල, සුදුමැලි වෙච්චි අධිරාජයා සැතපිලා හිටියා. සියලු රාජසභියක් හිතුවෙ අධිරාජයා දැන්නං මැරිල ඇති කියලයි. ඒක නිසා ඒ අය අධිරාජයාට අවසන් ගෞරව දක්වන්න සැදි පැහැදි හිටියා. මේවා ගැන සෝදිසියෙන් හිටපු මාළිගාවේ සේවකයෝ  ඇති තරං ඕපාදුප පර්‍චාරය කරන්න ගත්තා. මුළු මාලිගාව පුරාම කාමර වලත් කොරිඩෝ වලත් පා තබන ශබ්දය නෑසේන විදියට මේට්ට අතුරල තිබුනා නිසා, මාළිගාවම අන්ධකාර නිශ්ශබ්දතාවයකයි තිබුනේ. ඒක හරියට මළ ගෙදරක වගේ. ඒත් අධිරාජයා තවම මිය ගිහින් නැහැ. සිනිඳු වෙල්වට් අතුරල, රන්වන් ටසල් වලින් අලංකාර  වූ රාජකීය සයනය මත අපහසුවෙන් සුදුමැලිව ඉන්න රජතුමා මතටත් ඔහුගේ  කෘතිම නයිටින්ගේල් කුරුල්ලා මතටත් විවෘතව තිබු කව්ලුවෙන් එබුනු සඳකැන් වැටී තිබුනා.

අසරණ අධිරාජයාට හුස්ම ගන්නත් අමාරුයි. හරියට කව්රු හරි මහත කෙනෙක් පපුව උඩ වාඩි වෙලා ඉන්න වෙලාවක හුස්ම ගන්න තරම්ම අමාරුයි. අපහසුවෙන් ඇස් ඇරිය අපේ අධිරාජයා දැක්කේ ඒ වාඩි වෙලා ඉන්නේ, තමන්ගේම රාජකීය ආභරණ වලින් සැරසිලා, රාජකීය මුදාව එක අතකත්, රාජකීය අසිපත අනිත් අතිනුත් දරාගෙන ඉන්නා තමන්ගේම මරණය බවයි. සයනාගාරයේ රතු පැහැති වෙල්වට් තිර වලට මුවා වෙමින් ඉතා හුරුපුරුදු මුහුණු රාශියක් තමන් දිහා බලා සිටින බවත් අධිරාජයා දැක්කා. මරණය තමා අසලින්ම වාඩි වී සිටින මේ වෙලාවේ ඒ අයුරින් තමා දිහා බලා ඉදින්නේ තමන්ගේම වත්කම්, හොඳ හා නරක යන දේවල් බවයි අධිරාජයා දැක්කේ.

“ඔබට අමතකද?“ සතර අතින්ම ඒ අය ප්‍රශ්න කරන්න ගත්තා. “මතක නැතිද?“ අධිරාජයාගේ නළල පුරාම දහඩිය ගලන්න උනා. 

“නෑ නෑ මට මතක නැහැ. අනේ සංගීතය සංගීතය. කෝ.. ඔය සංගීතය.. මගේ පුංචි රත්තරන් කුරුල්ලෝ.. මම උඹට කොයි තරං තෑගි දුන්නද, මගේ රත්තරන් සෙරරෙප්පුවත් මම උඹගේ කරේ එල්ලුවා. ඒක නිසාවත් සිංදු කියපං“ අධිරාජයා මරු විකාරෙන් බෙරිහන් දුන්නා. ඒත් කුරුල්ලා නිහඩයි. උගේ යතුර කරකවන්නවත් කෙනෙක් අහල පහල නැහැ. මරණය කුරුල්ලා දිහාත් බලාගෙන හිටියා. ඒක නිසා කුරුල්ත් නිහඩයි. ඇත්තෙන්ම කුරුල්ලා මාරාන්තික නිහඩතාවයක.


එක පාරටම ජනේලය අද්දරින් සංගීත රාවයක් ඇහෙන්න ගත්තා. මේ අර නියම නයිටින්ගේල් කුරුල්ලා. ඌට අධිරාජයාගේ වේදනාත්මක අවසන් ඉල්ලිම ඇහුන නිසා අධිරාජයා වෙනුවෙන් පැමිණ තිබුනා. කුරුල්ලා ගීතය ගයද්දී, අර භූතාත්ම සුදුමැලි වෙන්නට පටන් ගත්තා. ඒ අය සුදු මැලි වෙද්දි රජතුමාගේ සුදුමැලි සිරුර ඇතුලේ නාල වල හෙමින් හෙමින් ආයිත් රුධීරය ගලන්න පටන් ගත්තා. මේක දැකපු අධිරාජයගේ මරණයත් “අනේ අනේ තව සිංදුවක් කියන්න කුරුල්ලෝ“ කියමින් බෙරිහන් දෙන්නට ගත්තා.

“ඒත් රජතුමාගේ ඇඳුං ආයිත්තං ටිකයි, කඩුවයි, මුදාවයි ඔයා ආයි දෙනවද“ කුරුල්ලා මරණයෙන් ඇසුවා.

ඉති මේ ඔක්කෝම සිංදුවට හිලව්වට දෙන්න එයා පොරොන්දු උනා. නයිටින්ගේල් කුරුල්ලා සිංදුව කියද්දී පල්ලියේ උද්‍යනයේ තිබු සුදු රෝස මල් පිපිලා ඒවයින් සුවද විහිදෙන්න ගත්තා. ඒක නිසා මුළු පරිසරයට සුගන්දයෙන් පිරි‘තිලා තිබුනා .එ් සුවද හෙමින් සැරේ අැරපු කව්ලුවෙන් අධිරාජයාගේ සයනාගාරයත් ඇවිත්. උද්‍යානයේ තණකොළ ලස්සනට කොළපාට වෙලා. මේවා දැකපු මරණය ආයිත් තමන් හිටපු තැනටම යන්න ගියා. එයා ගියා විතරයි හරිම පහසු සිහින් සුළගක් මුළු කාමරය පුරාම පැතිරෙන්නට ගත්තා.

“අනේ බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ස්වර්ගයෙන් ආපු මගේ පුංචි කුරුල්ලෝ.. මං ඔයාව එළවගත්තා. ඒත් උඹ හරිම කරුණාවන්තයි. මාව මරණයෙන් ගලවාගන්න සිංදු කියන්න ආවා. මං උඹට සදා ණය ගැතියි මගේ පුංචි කුරුල්ලෝ“ අධිරාජයා මරණෙන් නැගිට කරුණාබරිතව කුරුල්ලට කිව්වා.

“උතුමාණනි ඔබතුමා දැනටමත් මට ඒ ණය ගෙවලා අවසානයි. ඔබට මතකද මම ඉස්සෙල්ලම දවසේ සිංදු කියද්දි ඔබගේ ඇස් වලින් කඳුලු ගලා ගියා.  කලාකාරයෙකුට ලෝකයේ තියෙන ලොකුම මැණික ටත් වඩා ඒ කඳුලු කැට වටිනවා. ඒක නිසා දැං නිදාගත්ත රජතුමණි. මම සිංදු කියන කොට ඔබතුමා තව තවත් ශක්තිමත් වේවි“ එසේ කියපු නයිටින්ගේල් කුරුල්ලා අධිරාජයාට නින්ද එන තෙක්ම ගායනය කළා.

අධිරාජයා නැවත ඇහෙරෙන කොට උදා හිරු හෙමින් හෙමින් ජනෙල් කව්ලුවෙන් එබෙමිනුයි හිටියේ. ඔහුට ඉතා පහසුවක් දැනුනා. අද උදේ නං අධීරාජයා මිය ගිහින් ඇතිය කියා සිතුට නිසාම එතුමාගේ කිසිම සේවකයෙකු මේ වෙනතුරුත් සයනාගාරයට ඇවිත් හිටියේ නැහැ. ඒත් තවමත් අපේ නයිටින්ගේල් කුරුල්ලා තමන්ගේ ගායනය කරමිනුයි හිටියේ.

“ඔබ හැමදාම මාත් එක්කම ඉන්න ඕන. ඔයාට සතුටු හිතෙන වෙලාවට මං වෙනුවෙන් සිංදු කියන්න. මේ යකඩ කුරුල්ලා මං කුඩු පට්ටං කරල දානවා“

“එපා. එයාට පුලුවන් උපරිමය නේ එයා කලේ. එහෙමම මේ වගේම ඉන්න අරින්න. මොකද මට මයේ කුඩුව මෙතනවත් මේ අහල පහළවත් හදන්න බැහැ. ඒ වගේම මට මාළිගාවකවත් මගේ කුඩුවේ තියෙන තරං සැපතක් නැහැ. ඒක නිසා මං කැමති වෙලාවට මට මෙහාට එන්න ඉඩ දෙන්න. අන්න එහෙම ආපු වෙලාවක අද වගේම ඔබතුමා සතුටු වෙන විදියට මේ ජනෙල් පඩිය උඩ ඉදගෙනම මම සිංදු කියන්නං. දුකෙන්, කළකිරීමෙන් ඉන්න අය ගැන මං කියන්නං. ඔබට නොපෙණෙන සියලු දේ ගැන මම ඔබට කියන්නං. මම පුංචිම පුංචි කුරුල්ලෙක් උනාට මට ඕනම ඈතකට පියාඹලා යන්න පුලුවන්. ගොවි ගෙදර, මාළුකාරයගෛ් ගෙදර වගේ ඔබතුමාට යන්න බැරි බොහෝ තැන් වලට මට යන්න හැකියි. මම ඔබතුමාගේ මේ ඔටුන්නට වැඩිය ඔබතුමාගේ හදවතට කැමතියි. ඔබ මට එක් දෙයක් පොරොනුදු වෙනව නං මම කැමතියි නැවත පැමිණ ඔබ වෙනුවෙන් ගායනය කරන්න“ පුංචි නයිටින්ගේල් කිව්වා.

“මේ හැම දෙයක්ම ඔබෙයි“ අධිරාජයා සැහැල්ලුවෙන් උත්තර දුන්නා.

“එකම දෙයයි උතුමාණනි. ඔබතුමා කිසිම කෙනෙකුට කවදාවත් කියන්න එපා මේ වෙන හැමදෙයක්ම ඔබට කියන පුංචි කුරුල්ලෙක් ඉන්නවා කියලා. කව්රු හරි ඒක දැනගත්තොත් ඔබතුමාව රවට්ටන්න මටත් වඩා හොදට මේවා තව වර්ණනා කරල කියන්න ගනීවි“ කියපු පුංචි කුරුල්ලා තමන් ආපු කව්ලුවෙන්ම ආපහු ඉගිල්ලිලා ගියා.

තමන්ගේ අධිරාජයාගේ මළ මිනිය දැකීමේ අටියෙන් සයනාගාරයට පැමිණි සේවකයන් එකත්පසව හිටගෙන බලාගෙන උන්නා. අන්න ඒ වෙලාවේ ඇස් අරල බලපු අධිරාජයා බොහොම සැහැල්ලුවෙන් හැමෝටම “සුභ උදැසනක් වේවා!“ කියල කිව්වා.

The Nightingale - Hans Christian Andersen

127 comments:

  1. Replies
    1. කෘතිම දේවල් වලට කරන්න බැරි බොහෝ දේ හදවතක් ඇත්තවනුන්ට කරන්න පුලුවන්. කොටින්ම මරණයෙන් ගැලවීමට උදව් කිරීම පවා.


      //කිසිම දෙයක් නොදන්න ධිවරයන් පවා// උඹට මාළු කපන පිහියකින් බුරියට යටිං හිලක් හදාගන්න ඕන වෙලාද.

      අමුඩයගෙ පෝස්ට් එකට *ක™ ගෙන් කොමෙන්ට් එකක්. හැක්..

      Delete
    2. //කෘතිම දේවල් වලට කරන්න බැරි බොහෝ දේ හදවතක් ඇත්තවනුන්ට කරන්න පුලුවන්. කොටින්ම මරණයෙන් ගැලවීමට උදව් කිරීම පවා.//

      හදවත පාරන සොඳුරු හැඟුම් - සිරකරගෙන සිටියා ඇති දැන් …… :D :D
      - ෆ්ලෑෂ්බෑක් -

      Delete
    3. කරදරකාරයා උඩින්ම එනවා.. කරුමේ ඩබල් පින සිංගල් ලව්පුසෝ.. හැක්..

      @ පත්තරායා

      ආ පෝස්ට් කන්නා කෝමද කාලෙකින් දැක්කේ..

      Delete
    4. අර අහක ඉන්න ලව්පූස මක් කොරන්නද බං ඒකට.

      Delete
    5. කර්මේ ඩබල් උනාම ඒකාව මතක් වෙනවා නිකම්ම.. හැක්

      Delete
  2. අනේ ශෝයි. කාලෙකින්. ඒ බුරියට යටින් හිල් කරන කතාව මොකක්ද අනේ

    ReplyDelete
    Replies
    1. ඒක මොකක්ද කියල නං මම දන්නෑ ඔමා.. ඒ වගේ අර්ථයක් තමා කියන දෙයින් මට හිතුනේ.. මොකද බරසාර කරන්නත් බැහැ නෙව.. ජය වේවා.. මේ ඔය ගාන ක්‍රිම් ටිකක් මටත් එවහංකෝ උලාගන්න.. බලං ඉද්දි සුදු වෙනවා නේ මයේ මැණික.. හැක්

      Delete
    2. බඩ කපල දාන සීන් එකට නැත්තං
      උල තියන එකට
      ඔය චීනා කැමතී කෝමත් උල තියන්න

      Delete
    3. උඹට උල තියන්න වත් ආවයි චීනෙක්.. හැක්

      Delete
    4. නෑ බොට තියන්න ආව එකෙක් අර ප්‍රසා ලැයි පැත්තට යැව්ව
      හැක් හැක්

      Delete
    5. අර ඩ්‍රැකිය වෙන්ටැ.

      Delete
    6. මාත්තුරුකාව පිට පනින්ට තහනං.. හැක්

      Delete
    7. ඕං මං ආව....

      මට මතක් උනේ බං, ඔය ඔපිස් වල උන්න කාලෙයක් ඔරිෆ්ලේම් ඒජන්ට් එකා ගානෙ පත් කරල. ඒ ඒජන්ට් අක්කගෙං අපේ පොරක් ගත්ත, සුදු වෙන්න ගාන සබන් කෑල්ලක්. පොර ඒක ඔලුවෙ ගාල නාල, කොණ්ඩෙ ඔක්කොම සුදු උනා...

      Delete
    8. ඒ අපේ හාමිනෙත් ඒ කාලේ ඔය ඔරිපේම් ටියුම් එකක් ගෙනැත් දුන්නා මටත් සුදු වෙන්න කියලා.. හැක්..

      Delete
  3. කුරුල්ලෝ නුඹේ තාලෙන්
    පියාඹන්න ආසයි
    පියාපත් කොහේ කොතැනින්
    කොයින්දෝ ගෙනෙන්නේ
    කියාපන් කුරුල්ලෝ…

    නෙළුම් මල් නෙළාලා
    ගෙලේ මං පළන්දා
    කිණ්නරාවි රූපෙන්
    බලන් ඉන්නවා දැන්
    හීන් බණ්ඩි ගොයමේ
    ගිරා නිල් රටාවේ……

    ඉහල ගං දිහාවේ
    ඇඹුල් පේර මාදං
    පොකුරු බර වෙලා දැන්
    බලන් ඉන්නවාලු
    සිංදු ගීත වන්නම්
    ඔහේ කිය කියා යං…

    කුෂානි සඳරේකා- අර්නස්ට් සොයිසා- අජන්තා රණසිංහ

    ReplyDelete
    Replies
    1. ඕං උඹ ඇණගත්තා.. හැක්.. සින්දුවාගේ වැඩ පාද්රේ කරන්න ගියා වගේ කියල එකක් හදාන්ට වෙන්වා දැං.. හැක් හැක්..

      ඉතිං බං ගම රට එන්න අදහසක් නැතෙයි මිල්ලේ දෙතුන් සියක්(??) වියදං කොරං..

      Delete
    2. කුෂානි ගෙ මව් තුමියගෙ සිංදුවක්ය කියල මං හිතං හිටියෙ

      Delete
    3. හැක් :D මං නෑවිත් කෝමෙයි බොලව් .. තව සති දෙකෙන් කොල්ල ලංකාවේ රෙෂ්පට් එකට ..ඕ යේස්.

      මහේෂ්/ දේශො ..සොරි වෙයං මචෝ...වැරද්දක් තියනවනං මං බාරගන්නවා..මං ඔය ලිරික්ස් ටික ගත්තෙ මෙතනිං වෙච්චි.හරියටම කියන්නෙ කවුද කියල නං දන්නෙ නෑ ..

      http://geepadura.blogspot.it/2013/08/kurullo-numbe-thalen-kushani-sandareka.html?m=1

      Delete
    4. මේක "මායා දමයන්ති" ගේ ගීතයක් තමයි .කුෂානි එයාගේ ප්‍රසංග වල දැන් ගයනවා .අම්මගේ ගීත නේ .කාගේ තහනමක්ද ..හැක්

      Delete
    5. අම්මයි දුවයි නං ඉතිං අවුලක් නැතිව ඇති නෙහ්..

      මොන සොරිද පත්තරයෝ.. නෝ වොරි

      Delete
    6. ඩෝන්ට් වොරි බ්‍රෝ.. හැක්
      බී (ගෙන) හැපි

      Delete
    7. පාද්රේ හැපි පියා..

      Delete
  4. මෙන්න දේශා කාලෙකින් අගේ ඇති වැඩක් කරලා . අපි වගේ නාකි පොඩි උන්ට කුරුළු ගීතයක් වගෙයි මේ කතාව . ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිලකේ.. උඹ වගේම නාකි බබකේ හිටියා කලින්. ඒ යකා අවුල් වෙලාම ගිය නෙහ්.. හැක්..

      Delete
  5. ඇවිත් ගොඩ වෙලා ගියා ගොඩ දවසකින් ආවේ මමත් හොදට ලියලා තියනවා

    ReplyDelete
    Replies
    1. ලොකු සනා කලෙකින් දැකීමත් සතුටුයි. ලොකු උනාට ලොකු නැහැ බං.. කියවන කොට ටිකයි.. ජය

      Delete
  6. සමහර කුරුල්ලො අධිරාජ්‍යයයෙක් ගාව සපත්තුව බෙල්ලෙ එල්ලගෙන සිංදු කියන්න ආසයි. එතකොට තමයි කොවුලත් වවුලෙක් වෙන්නෙ.

    ReplyDelete
  7. සමහර කුරුල්ලො අධිරාජ්‍යයයෙක් ගාව සපත්තුව බෙල්ලෙ එල්ලගෙන සිංදු කියන්න ආසයි. එතකොට තමයි කොවුලත් වවුලෙක් වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. කොච්චර අමාරුවෙන්ද මේක දාන්නේ.


      ඉතිං උත්තර නොදී ඇහැක.. හැක් හැක්..

      Delete
  8. හානේ... සෝයි කතාව....

    ඔයින් පස්සෙද පස්සෙද බුරියට යටිං හිලක් තියෙන කස්ටිය පහලවුනේ ? අනෙ කියන්නකො...
    ඇයිබං අරූට පෝස්ට් කන්න කියල නෝන්ඩිය දාන්නෙ. අපේ ඉන්නව එකෙක්. ඌ වයිකන්නා. ඌ කන්නෙ යකඩ.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි එක්ස්..

      පත්තරයා දැං අහිංසකයා උනාට ඒ දවස් වල පෝස්ට් කන එකමයි කරන්නේ.. මගේ බ්ලොග් එකත් මිනිහා බද්දට අරන් හිටියේ. ඕන න හැලපෙො, ලව්පුසාල,, සින්දු ඇනෝලගෙන් අහන්ටකෝ මිනිහගේ තරම..

      Delete
  9. අගේ ඇති ලස්සන කතාවක් කාලෙකින් ඇහෙව්වා. පොඩි එකාට තේරෙන දේ ලොකු එවුන්ට තේරෙන්නෑනේ. සාමිවරයගේ තැන අර ගෑනු දරුවට දුන්නනම් හරි..
    "සාමි ඕක දීපන් ළමයෙකුට" රජ කාලේ එව්වත් අද කාලේ භාවිතා වෙනවා නෙහ්.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. මතක් උනා නං ඒක දාන්න තිබුනා.. තැන්කුයි සමන්ත..

      Delete
  10. මුලින් ම කියන්න ඔ්නේ උඹට දරුවන්ගේ අවධානය ගන්න විදිහට අගේට කතා ලියන්න හැකියි. (ඒකනේ මං මේ කතාව ඒක හුස්මට කියෙව්වේ) කතාව නං සුපිරියි දේශා. මොනවා වුණත් අධිරාජ්‍යයා කරපු වැරැද්ද තමා මුලින් අාපු කනට වඩා පස්සේ අාපු අග ලොකු කර ගැනීම. මොනවා වුණත් අධිරාජ්‍යයාට වඩා උසස් මේ කුරුල්ලා... අගෙයි

    ReplyDelete
    Replies
    1. දැං කවුද ඔය දරුව. අනාගතේ ඉපදෙන්න ඉන්න එකෙක් ද?

      Delete
    2. කුරුට්ටෝ. ඒක නං ඇත්ත.. කුරුල්ලා හොදා..යි..

      Delete
  11. බොහෝ ඉස්සර මා හිතන්නේ මගේ පාසැල් කාලයේදී මේ කථාව මම කියවල තිබුනත් නැවතත් එක කියවන්න ලැබීම සතුටක්. ඔබ මුල් කතාව එලෙසින්ම ඉදිරිපත් කර තිබෙනවා. එනිසා මුල් රසය එහෙමම තියෙනවා.

    සමරසේකර

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ස්තුතයි සමරේ.. උඹල ඩිංගක් හරි සතුටු නං ඒක මගෙත් සතුටයි.. ජය

      Delete
  12. දේශා,(අමුඩෙ) මට මතකයි රතු සපත්තු කියන කෙටිකතා සංග්‍රහයෙ මේ වගේ කතාවක් තිබුන. මතක ද?

    ReplyDelete
    Replies
    1. ඒ පොත නං කියවල නැහැ බං. සුනන්ද මහේන්ද්‍රෙග්ද??

      Delete
  13. අර පොඩි කෙලිත්තිට මොනවත් නොදුන්න එක නං අවුල්. සමාර විට ඒ කෙලිත්ති එක්ක නයිටිංගේල් උන්න නං ඔය පුස්නයක් නොවෙන්න තිබ්බ හිහි..

    සෑහෙන දවසකින් ඇවිත් අවුරුදු ගාණක ඇරියස් කවර් කරන්න හදනව වගේ
    පස්ටයි දේශො..
    අර නිලූක වගේ බොලත් ට්‍රාන්ස්ලේටින් ම කරන්න ගත්ත නං ඉවරයි අඩේ .

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඇයි අර දොරටුව මුර කරන පට්ටමක් දුන්නේ.. හැක්..

      ස්තුතියි මහේෂ්..

      Delete
  14. අර පොඩි කෙලිත්තිට මොනවත් නොදුන්න එක නං අවුල්. සමාර විට ඒ කෙලිත්ති එක්ක නයිටිංගේල් උන්න නං ඔය පුස්නයක් නොවෙන්න තිබ්බ හිහි..

    සෑහෙන දවසකින් ඇවිත් අවුරුදු ගාණක ඇරියස් කවර් කරන්න හදනව වගේ
    පස්ටයි දේශො..
    අර නිලූක වගේ බොලත් ට්‍රාන්ස්ලේටින් ම කරන්න ගත්ත නං ඉවරයි අඩේ .

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔහෙත් ඇරියස් කවර කරන්නද දෙක දෙක දාන්නෙ. හැක්...

      Delete
    2. අපේ කඩෙන් පෝන්කාඩ් ගන්න එන මල්ලිට අනං මනං කියන්න එපා හරිය!!

      Delete
    3. මොකක්ද බං මේ ෆෝන්කාඩ් කතාව. උඹට වෙන කාත් එක්ක හරි ටැපලිලා ද?

      http://amila-psx.blogspot.com/2014/11/blog-post.html?showComment=1415587223573#c5516241153645240473

      Delete
    4. අඩේ ප්‍රසන්න අය්යා ෆෝන් එකෙන් දාන්නෙ සමහර වෙලාවට බුල ගහනව තමා හිටු කියල...

      අන්න ඒ වගේ කස්ටමර්ල පරිස්සං කොරන්නෙ හැක්

      ප්‍රසන්න අය්ය කොමෙන්ටුව එක්ක මේව කෝම මතක තියාගන්වද අප්පා...
      මෙන්න මෙතනත් ෆෝන් කාඩ් විකුණල තියේ ඔය අය්යා
      ඒ ගැන වෙන්නැ ඔය කියන්නෙ මම නං කමෙන්ටු වල ලිංක් ගන්න දන්නැතුවා මේකෙ දේශගෙ කොමෙන්ටුව බලන්ට
      https://awanhala.blogspot.com/2016/01/blog-post_5.html

      Delete
    5. ඒ කොමෙන්ට් එක මම දැක්ක. මම එදත් හිතුවෙ මූට පැටලිලා කියල.

      කොමෙන්ට් එකත් එක්ක තියෙන දිනේ, වෙලාව ක්ලික් කළාම කොමෙන්ට් එකේ ලිංක් එක ගන්න පුලුවං.

      Delete
    6. හපොයි මං මුල ඉදලම වරද්දගෙන නෙව බ්ලෝ එන්සයික්ලෝපිඩියා ප්‍රසන්නෝ.. හැක්.. මාගේ සාතිසය සංවේගය මුසු වු සංවේගය.. හැක්

      Delete
    7. ඉට්ස් ඕකේ බේබි. හැක්...

      Delete
    8. ඉට්ස් ඕකේ බේබි. හැක්...

      Delete
  15. Replies
    1. ඕ යේස්.. මෙන්ඩා ඉන්නවා. වල්කම් බැක් වේවා.. හැක්

      Delete
    2. ඊයේ රැ පොඩි මෙන්ඩට කියලා දුන්නා

      Delete
    3. මම කියල දුන්න විදිය බලාගන්න ඕන නං ඊළග කොටහ බලහං මෙන්ඩෝ...

      Delete
  16. නියම කතාව. එක හුස්මට කියෙව්වා. හිතට දැනුනා. ඇත්තෙන්ම අපිව වට කරගෙන ඉන්න කෘත්‍රිම දේවල් වලින් ඈත් වෙලා, ස්වභාවධර්මයට ලං වෙන්න අපිටත් පුළුවන් නම්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අගහරුවා.. උඹ සතුටු නං මාත් සතුටුයි.. ජය

      Delete
  17. බුරියට පහළින් තියෙන හිලේ කතාව මොකක්ද බාං.

    ReplyDelete
    Replies
    1. ඒක එක්කෝ චීනේ හරි ඩෙන්මාර්ක් වල හරි ක්‍රමයක් වෙන්න ඇති.. මං ඒ ගැන දන්නෙ ්නැහැ බං.. ගුගල් කරලවත් බලන්න ඕන..

      Delete
  18. ගොඩක් පොඩි කාලේ කියවපු කතාවක්! දැන් ආපහු කියෙව්වම ඒ කතාව ඇතුලේ තවත් කතා ගොඩක් කියවන්න පුළුවන්. (අර සුදු රෝස මල රතු කරන්න රොබින් කුරුල්ලෙක් එහි කටුවක් හදවතට ඇණගෙන මැරෙනකම් ඉන්න කතාවකුත් තියෙනවා නේද?)

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නං මට මතක නෑ ඉකෝ.. තව විස්තර දුන්නොත් මතක් කරගන්න ඇහැක් වෙයි..

      Delete
    2. ඔස්කා වයිල්ඩ්ගෙ බොහොම අපූරු කතාවක් ඒක...:)

      Delete
    3. රවි අය්ය මුන්දැට ලිංක් එක යවන්න අපිට කියවන්න පුලුවං වෙයි ඒකත් එතකොට

      Delete
    4. රවී අයියා,

      නැත්තං ඒකත් ඔහේම දාන්න. එතකොට අපිට තවත් ටිකක් පැටලෙතහැකි. හැක්..

      Delete
    5. මෙන්න ලින්ක් එක. ඩූඩ් කිව්ව විදිහට රොබින් කුරුල්ලෙක් නම් නෙවෙයි ඒ කතාවෙ ඉන්නෙත් නයිටිංගේල් කුරුල්ලෙක්.

      Oscar Wilde - The Nigtingale & The Rose

      Delete
    6. ස්තුතියි මාගල් තුමනි. මේ කොලුකුරුට්ටන්ගේ මනදොල පිනවීමට ඔබ වහන්සේ වෙන වෙහෙස දුටු විට මටද සතුටක් දැනේ.. හැක්

      Delete
    7. නයිටින්ගේල් නිසා තමයි මතක් වුනේ. පස්සේ හිතුණා කතා දෙකේම නයිටින්ගේල් වෙන්නේ කොහොමද මට වැරදිලා වෙන්න ඇති කියලා. තැන්කියු රවී!

      Delete
    8. ඉකෝන්ස්,

      සාතිශය සොරි වෙන්ටෝන....මම ඩූඩ් කියල ලිව්වට ඉකෝන්ස් නේද අර ඔස්කා වයිල්ඩ්ගෙ කෙටි කතාව ගැන කිව්වෙ?...:)

      Delete
  19. ඇති යන්තම් උඹට ලියන්න හිතුනා ..සුපිරි ලිපියකින්ම ආව එක ගැන බොක්කෙන්ම සතුරුයි මචෝ ...

    කුරුළු ගීත හඬ මකලා
    මල් පාවඩ බිම තලලා
    මගේ ලොවේ සුව වනසා
    සැනසුම උණුසුම පලවා
    කවුරුන්දෝ එනු දැනුනා ...

    ගහේ වැලේ මල් වැහිලා
    කුරුළු පුරේ ගී හැදිලා
    ඒ ලස්සන මල් බලන්න
    කුරුළු ගීතිකා අහන්න
    ආවෙමි සතුටින් පිරිලා

    තනිකම සතුටයි දුන්නේ
    මිනිස් හඬක් නැ සෙව්වේ
    නොමදී ළඳකට සෙනෙහස
    අහසට විසිකල හින්දා
    මේ ලස්සන මට ලැබුනේ ...

    අහසට විසිකල සෙනෙහස
    කුරුළු තුඩින් මට ලැබුනා
    මල් පෙති අගරැඳී සෙනෙහෙ
    සුවඳ බිඳෙන් මට ලැබුනා
    අරුමයකි පුදුමයකි
    ඒ සෙනෙහස මට ලැබුනා ...

    ගායනය - එඩ්වඩ් ජයකොඩි /නිරංජලා සරෝජනී

    ReplyDelete
    Replies
    1. //බොක්කෙන්ම සතුරුයි// හුටා ..බොක්කෙන්ම සතුටුයි මචෝ ... හැක් හැක්

      Delete
    2. පිස්සුද. ඉස්සෙල්ල කිවුව එක තමයි හරි.
      -ඔරිජිනල් සින්දු ඇනෝ-

      Delete
    3. බොක්කෙන්ම සතුරුයි තමා ඇයි අවුලද අමුඩෝ.. හැක්..

      ඔරිජිනල් දේශකයා..

      Delete
  20. මේ කතාවල මතුපිට අර්ථයට යටින් කොච්චර ගැඹුරු තේරුමක් තියනවද? කෙඅදාවත් පරණ නොවෙන කතා.

    අපේ අධිරාජයන්ට නම් ඉතින් එක වර්ගයේ අය නෙවෙයිනේ වටේ ඉන්නේ. ඒ නිසා තමයි ඒ අධිරාජයන්ට පස්සේ කොමිෂන් සභා ගානේ හිරගෙවල් ගානේ රස්තියාදුවෙන්න වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. පොඩි කාලේ අහපුවා ටික කාලයක් යද්දි වෙන විදියකට පේන්න ගන්නවා. අපේ හිටං තුමා ගොසිප් සයිට් වලට බැනපු දවසේ තමා මට මේ කතාව අනුවර්තනය කරන්න ඕන කියල හිතුනේ..

      Delete
  21. කලිනුත් මේ කතාව අහලා තිබ්බත් දේශකය ආපහු මතකය අලුත් කලා. හරි ලස්සන ලියලා .. 😊

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හන්චි.. බොරු මොකටද මට නං හිතෙන්නේ මං මහ බොළද විදියට හදිසිස්සියට මේක අනුවර්තනය කලා කියලයි.. ජය

      Delete
  22. කාලෙකින් හාන්ස් මහත්තයගේ කතාවක් දාන්න මතක් වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ටියුන් කරගන්න හාන්ස් හරි අල්ලගන්න එපායැ බං.. ටියුන් බැහැල ඉන්න එකේ..

      Delete
  23. විදේශීය කතාවක් උනත් ඉතා විශිෂ්ඨ ලෙස සිංහලෙන් තේරුම් යන පරිදි ලියා තිබෙනවා. ප්‍රාථමික ශ්‍රේනියේ ගුරුවරු ඉන්නවනම් මේ කතාවේ ප්‍රින්ත් ඔඋත් එකක් අරගෙන ලමයින්ට කියවන්න දෙන්න

    ReplyDelete
    Replies
    1. //ප්‍රින්ත් ඔඋත්// ඒ මොකක්ද අප්පෙ ඒ...

      Delete
    2. ප්‍රින්ට් අවුට්.. ඉන්පුට් ටූල්ස් අවුල් මේ දවස් වල..

      Delete
    3. ඉන්පුට් ටූල් අවුල්නං ඒවට බෙහෙත් අර වෙනී අයිය ගාව තියෙනව. හැක්..

      Delete
    4. කාඩ්බෝඩ් ටූල්ස් නෙහ්.. අන්න ප්‍රසා.. වෙනිවැල් අයියා පිට්නස් සෙන්ටර් එකක් විවෘත කරලා..

      Delete
    5. දැක්ක දැක්ක. තියෙන ඇට ටිකත් හලාගන්න පොටක් තමයි ඔය. හැක්..

      Delete
    6. අනේ මන්ද අපි කියන ඒවට උත්තර දෙන්නෙත් නෑ ඒ හැලපයා.. හැක්

      Delete
  24. ලස්සන කතාවක් ... සුරංගනා කතා කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නැති එක හරි පුදුමයි නේද?

    ReplyDelete
    Replies
    1. මටත් එපා වෙන්නේ නැහැ බං. වෙලාවකට වදයක්.. ඒත් ඒක සොඳුරු වදයක්. ඊළග පෝස්ට් එකට ප්‍රෙව්ශයක් තමා බං මේක.. ජය

      Delete
  25. ඉතා සාර්ථක සිංහල පරිවර්තනයක්! පුංචි කාලේ මතක් උනා. ස්තුතියි දේශකයෝ!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උදය.. අඩුපාඩු ගොඩක් ඇති. ඒත් සතුටුයි ඔබට යම් හෝ සතුටක් දැනුන නං.. ජය

      Delete
  26. අනේ මාමේ තව කතාවක්.

    කෘතීම දේට වඩා ස්භාවික දේ තරම් අගේද හිටං ?ඔය නයිටින්ගේල් කුරුල්ලාගේ නමින් පාරක් එහෙම අධිරාජයා නම් කරලා නැතෙයි.

    ReplyDelete
    Replies
    1. පුතේ.. හිටිං හිටං හිටං.. හැක්

      සමාර විට නින්දගමක්ම දුන්නද කව්ද දන්නෙ බං..

      Delete
  27. උඹ පුදුම කට්ටක් කාල තියෙනවා මේක පරිවර්තනය කරන්න.

    ඒත් ඇයි උඹ අර චීන අධිරාජයා වීන කියලා පටං ගත්තේ? ඒක මට ටිකක් අමුතුයි.

    අර කුරුල්ලව කැඩුනාම බං කරන්න තිබ්බේ ජපන් අධිරාජයට කියන්න තව එකක් එවන්න කියලා. ජපානේ නයිටිංගේල් ෆැක්ටරි ඇති.

    බුරියට යටින් හිල් කරනවා කිව්වම මට මතක් වුනේ We are the Millers කියන මූවී එකේ එක නලඟනක් යටි බඩේ ගහං හිටපු පච්චේ.
    Boner Garage!

    ReplyDelete
    Replies
    1. Harold Robbinsගෙ The Adventurers පොතේ කතානායකයට කෙල්ලෙක් දියමන්ති මුද්දක් තෑගි දෙනව. ඒකෙ Inscription එක ලියල තියෙන්නෙ " To the world's most skilled swordsman from his most grateful scabbard" කියල...හෙහ්,හෙහ්,

      Delete
    2. Dude,

      ලොකු කට්ටක් නං නැහැ බං.. මං හිතන විදියට පැය තුනක සෙෂන් එකයි තව පැය එකහමාරක විතර සෙෂන් එකක් ගියා. ඒක නං නතිං.. මට හිතෙන්නේ හාන්ස් මේකෙදි චීන ජාතිකයෝ යම් අපහසුතාවයකට ලක් කරන්න උත්සාහ කරාවත්දෝ කියලයි. මොකද අර කතා මැද්දෙදි ගොනෙකු කෑගහන විදිය, ගෙම්බෝ කෑගහන විදිය නොදන්න රාජ සභිකයෝ ඉන්නවා කියල කිව්වම ඒක හිතෙනවා. අනික අර පෙට්ටිය ගෙනාපු එකාටත් ගරු නම්බු දුන්නම ඒවා තවත් වැඩි වෙනවා. ඒක නිසා එවැනි හැගිමක් වෙන්ට ඇති.

      @රවි

      මටත් ආසයි රොබින්ස්ගේ කඩුව බලන්න.. හැක්... තැන්ක්ස් රවි.. නොදන්නා දේවල් නේ මේවා..

      Delete
  28. ආපහු පුංචි කාලෙට අරන් ගියා වගේ දැනුනා....

    ReplyDelete
    Replies
    1. ඇයි දැන් උබ ලොකුයීද?



      Delete
    2. මූ හිතාන ඉන්නෙ එහෙම තමයි.

      Delete
    3. බලෙන් අරන් ගියා නං කියහං පුතේ.. එප්සිඅයිඩි එකට කියන්න.. හැක්..

      Delete
  29. කතාව නං මාර ලස්සනයි...අර බුරියට යටින් හිල් කරගන්න කැමතින කියන්නේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. වෙල්කම් ගිම්මි.. ඒක ඒ තරං ගණං ගන්න දෙයක් නැහැ.. හැක්..

      Delete
    2. ඔයා එහෙම කියනවනං ඉතින් ගණන් නොගෙන ඉන්නන්කෝ හිකිස්..

      Delete
    3. ඒත් කමක් නෑ කියමුකෝ.. තැන්කුයි ඈ.. පත්තරේ දැම්මද නං වෙනස් කරපුවා.. හැක්

      Delete
    4. අප්පේ...නම් වෙනස් කරපුව කියන්ට ගිහින් මන් දැන් සැහෙන්න අසරණ වෙලා ඉන්නේ... :D :D

      Delete
    5. හැක් හැක්.. අර කමියා නේද කචල් කාරයා.. හරි හරි අපි අමතක කරමු.. ඒවා

      Delete
  30. පරිවර්තනයක්නේ, ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලලිත්.. ජය

      Delete
  31. Replies
    1. රස වින්දා නම් සතුටුයි ඉන්දරේ.. ජය

      Delete
  32. හාන්ස් ක්‍රිස්ටියන්ගේ පොතක තිබිලා කියැවුවා මතකයි.. සුන්දර කතාවක්..))

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි රේනි ගර්ල්.

      Delete
  33. අම්මෝ බං මේ මාගලේ දිග. හැබැයි ඒක මාර විදිහට තේරෙන කතාවක්...

    ස්තූතියි බං මේක බෙදාගන්නවට අපි එක්ක.

    ReplyDelete
    Replies
    1. අනේ ඕන මොකක්ද ව්ලාඩ් කුමාරයෝ.. හැක්..

      Delete
  34. කලිනුත් ඇවිත් ගිහින් තිබුනට අද තමයි කමෙන්ට් කරන්නෙ,
    අපි තාමත් සුරංගනා කතා විදින කොට දැන් ඉන්න පොඩි වුන් බුකියෙ 'අහසෙ දෙවියො නෑ ජාතී' කියලා කියන එක නම් දුකක්, නරකද ඒ වගෙ දරුවන්ට වැරදිලා හරි දකින්න මේවා බුකියෙත් පෝස්ට් කලා නම්,

    ReplyDelete
    Replies
    1. දිනෙත්මිව සාදරයෙන් පිළිගන්නවා එහෙනං මේ පැත්තට.. බුකියට ලින්ක් එක විතරක් දානවා. එතනින් ටික දෙනෙකුත් මෙහෙට එනවා.. ස්තුතියි දිනෙත්මි..

      Delete
  35. කතාව රසවත්. ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි භාග්‍යා. ඔබ රස වින්දා නම් සතුටුයි.. ජය

      Delete
  36. Mage loku kellata blog kiyawanna purudu karanna widiyak hitha hitha hitiye.. meken patan ganna puluwan.. super machan. Ubata mara sanyamayakin liyanna puluwan.

    ReplyDelete
    Replies
    1. හැබෑට... අනේ බං පොඩි උන්ට කියවන්න මෙන්න මේක රිෆර් කරහං.
      http://www.malkakulu.com/

      Delete
  37. හිතට වදින කතාවක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝ.. ජය

      Delete
  38. හරිම සනීපදායක රිද්මයක් කතාව පුරාම අරගෙන ගිහින්.. බලනකොට අපි දන්න අකුරුයි වචනයිම තමයි.. අන්න ඒකට පට්ට ලැයික්... කොපි කොරගන්න වත් ආයෙ ටිකක් ලියමුකො.. මෙව්ව රහයි.හාන්ස් මාමටත් , බොලාටත්..
    ජයවේවා..!!

    ReplyDelete