Saturday, May 10, 2014

කයි කතන්දරයක්!!

මං පහුගිය අවුරුදු දෙකේම දරුවා ඉස්කෝලේ එක්කන් ගියේ විටින් විට මොටෝ සයිකලේ නෙව. ඉතිං ඒ හැමදාම එකම වෙලාවට ගෙදරින් පිටත් උනාම මහ පාර දිගේ මේ යන ගමන් කෙළවර වෙන්නෙත් එකම වෙලාවක. මං විතරක් නෙමෙයි හැමාදාම ඒ වෙලාවට එළියට බහින හුගාක් අය හිටියා.

බයිසිකලේ ගෙදරින් එළියට දාන කොටම වංගුවෙන් මතු වෙන්නේ බෑග් එක කරේ දාගෙන කෑම බෑග් එක අතින් අරගෙන ඉස්කෝලේ යන ඉස්කොලේ හාමිනේ කෙනෙක්. එයා පහු කරන් පන්සල ගාවට යනකොට ස්කූල් වෑන් එක එනකං නැවතිල ඉන්න ළමයි කිහිප දෙනෙක්. තව ටික දුරක් යනකොට එකම කිලිටි හඩු ගැහිච්ච නයිටිය පිටින් ඇවිත් චූන් පාන් වාහනෙන් පාන් ගන්න අක්කා කෙනෙක්. ඔය වගේ හැම දේම එකම විදියයි. පාරේ දුවන බස් එකම වෙලාවට නියමෙට හරියට නැකතට වගේ දුවන්නේ. ඒ වගේම වතුර කරත්තයකුත් තාමත් යනවා පාරේ එ්ක හමු වෙන්නෙත් පාරේ එකම තැනකදී. හැමදාම දුවන අපේ බාප්පගේ ලොරි පහක් විතර එකම පෝලිමට එකම තැනකදි හැමදාම හමු වෙනවා. බාප්පගේ කිව්වට ඒවා අපේ හැරී බාප්පගේ ඩීසීඑස්එල් කොම්පැනියේ ඒවා.

ඔය වගේ හැම දෙයක්ම ඒකාකාරි විදියට සිදු වෙන්නේ. ඒ අතරේ ප්‍රධාන පාරේ ප්‍රධාන බස් නැවතුමක ඉන්න ලස්සනට ඔසරිය ඇදගත්ත හුරුබුහුටි ගෑනු ළමයෙකුත් හැමදාම මං දකින්න ගත්තා. ටික දවසක් යන කං එච්චර ගානක් තොතිබුනත් හැමදාම යන විත්තිය දන්න නිසා මේ කෙල්ලත් මගේ දිහා හොදට බලනව එතනින් පාස් වෙලා යනකොට. පොඩි එකාත් ඉස්සරහ තියාගෙන යන නිසා වෙන්ටැති.

පස්සේ පස්සේ මට ඔය කෙල්ල නොදැකම බැරි උනා. ගෙදරට වලි දාලා හරි කෝම හරි රියල් ටයිම් එකට ගෙදරින් පනිනවා. ඊට පස්සේ වෙලාව බල බල රියල් ටයිම් අල්ලන්න මං බයිසිකල් පදිනවා හැමදාම වගේ. ඒ ළමයා ඊට පස්සේ පොඩිම පොඩි හිනාවක් දාන්න ගත්තා බයිසිකලේ පහු වෙන කොට. ඔන්න ඔය වෙනුවෙන් මං අර පොඩි එකත් ඇදං අවුරුදු දෙකක් විතරම බයිසිකල් පැද්ද නෙව. අනේ ඒත් මේ අවුරුද්ද පටන් ගත්තා විතරයි අර ළමයා නෑ. බැලුවා බැලුවා ඒත් නෑ. වෙලාව වෙනස් කරා. පරක්කු වෙලා ගියා. කලින් ගියා. ඒත් නැහැ. මොනා කරන්නද කොයි තරං දුකද කියනවනං ඒක කියල වැඩක් නෑ. ඒ සිරියාවන්ත මුණ දැක්කම මට දවසම මල් වගේ. මාර ලස්සනයි අප්පා ඔසරිය ගහල හැඩට හැඩේ ඉන්න කොට. 

මොනා කරන්නද දුකට ලිව්ව කවියක්...

කලට සිටන් නුඹ දුටුවෙමි යනෙන
මගේ
දසුන නුඹේ සිත සනසයි බොහො
මාගේ
ඝණට තිබෙන රතු දෙතොලේ රස
වෑහේ
දිවිය මගේ නුඹ දකිනා විටදී
සැලේ


එකම විටෙක නුඹ හිනැහෙයි මහ
පාරේ
එකම පැතුම නුඹ දැකුමයි ඒ
වාරේ
නුදුටුවහොත් සතුට නැතේ එදින
මගේ
මතක ඇතිව හෙට ඉදපන් නියම
වෙලේ


කලෙක පටන් නුඹ හිටියේ නැහැ
වාගේ
හිත නොතකයි කිව්ව විටද දුක
මාගේ
දිනපතාම මං බැලුවේ දුකින්
වගේ
කවදා කොතැන හමුවේවිද සං
සාරේ


ගෙයක් දොරක් කොහි වේදැයි
සොයන්නද
යනෙන තැනක් කාගෙන් මං
අහන්නද
සතුට ගෙනෙන නුඹ කවදා
දකින්නද
කවදා වෙන තුරා මං දින
ගනින්නද

173 comments:

  1. මේ මොකද මේ කසාද බැදලා තියෙද්දිත්...... වෙන කෙල්ලන්ට ඇස් යවන්නේ.......එහෙම ඇත්තටම හිතෙනවද ...... වෙන කෙනෙක් දිහා......බලන්න....... හරියට ඇබ්බැහි වෙලා වගේ.... තව අවුරුද්දක් බයිසිකල් පැද්ද නම් ඔයා කොහෙන් නතර වෙයිද....? දේශක තුමනි.....

    ReplyDelete
    Replies
    1. හපොයි නැහැ. ලස්සන දෙයක් බලන්න කාගේ තහනමක්ද? කොයි තරං ආස්වාදයක්ද ලස්සන දෙයක් දකින එක.. නැද්ද...

      Delete
  2. මිහිකත නලවාලා එක්කෙනෙක් නං වෙන ඉස්කෝලෙකට මාරුවෙලා ගොහිං ඇති බං.

    ReplyDelete
    Replies
    1. උඹ කිව්වේ අර වයසක ටීචර්ද කෑම මල්ල එල්ලන් යන??

      Delete
  3. තුක් මේ වගේ මිනිස්සු. :(

    කවිය ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ඉතිං බොලේ වල්කමට බලපු එකක් නෙමෙයි නේ.. ලස්සන බැලුවා විතරයි. ඔයා දන්නවනේ මං තියෙන්නේ පිච්ච මල් වගේ සුවද විහිදන ගති කියලා..

      Delete
    2. ඔව් ඔව්,,, "ගැබිනියට අතවර" කියවනකල්ම මාත් හිතන් හිටියේ එහෙම තමයි .. කෝ අපේ පත්තර බ්‍රදර් :D

      Delete
    3. ඕ යේස් බඩු ආවා.. දැං මටත් බ්ලොග් එකක් තියනවනේ .. මාර වැඩෙ බං රෑට නිදාගන්න නෑ හිට්ස් මීටරේ කැරකෙනවා හුට පට ගාල..

      Delete
    4. පත්තර මලයා උඹ ඇපේට ගන්න හදන්නේ මුන් ට්ක

      Delete
    5. අඩෝ යස්සනී අපේ වෙරලුවට අනන්මනන් කියාගෙන එන්ඩ එපා ඈ...බැන්ද කියල වයසට ගියා කියල කෙල්ලෙක් දිහා බලන්න තහනමක් නෑනෙ.දේශ ඒ කෙල්ල දිහා දුවක් වගේ හිතල බැලුවද දන්නෑනෙ :-D

      Delete
    6. නලින් අයියා ඕ යේස් .. හිට්ස් වලින් එක කකාගෙ බ්ලොග් එක.. දෙක මගෙ බ්ලොග් එක :D

      Delete
    7. @ සසිඳු - බලාපල්ලා දැන් සසිඳුවා බැලුවේ එටිසලාට නංගි දිහා රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍ය වූ ප්‍රේමයෙන් නැද්ද සසිඳුවා

      Delete
    8. ඒ උනාට එටිසලාට් නංගි එයාගෙ හෑන්ඩ්ෆෝන් නම්බර් එක කියලා කස්ටමර් කෙයා නම්බර් එක දීල ඩේට සිම් එකක් ඇඟේ ගහපු එක ජරා වැඩේ !!!

      Delete
    9. ඒ කෙල්ල කොහෙ එකියක්ද බං. අපි හොයන් ගිහින් මූට සැට් කොරමු.

      Delete
    10. අප්පා සසියා කසියා පාරක් ගහල මෙහාට බැහැල වගේ.. හැක්..

      අපි බැලුවේ සහෝදර බැලුමෙන් යකුනේ..

      Delete
    11. යකෝ සහෝදර කොමට බලනකොට කොහොමද මෙහෙම පෙනෙන්නේ
      "ඝණට තිබෙන රතු දෙතොලේ රස වෑහේ"

      Delete
    12. අඩෝ එටිසලාට් අක්කව මට පංගාත්තු කරන්න හදන්න එපා ඩෝ :D

      Delete
  4. පළමු කියවිමත් කමෙන්ටුවත් මගේන්.හෙක් හෙක්.ලස්සනයි.සුභ අනාගතයක් !

    ReplyDelete
    Replies
    1. අයියො...... අනිත්වා දැන්නේ දැක්කේ :(

      Delete
    2. හි හි හිතන්න එපෝ මංගලෝ. ඔවුවා ඔහොම තමයි

      Delete
    3. ඕව මොනාද බං , හෙට එක වෙයං.. :D

      Delete
    4. චිකේ... මොකෑ උනේ.. මංගලිකා මනාලිකා.. හැක්.. අවුලක් නෑ අනේ ඉස්සරහින් ගිහත් පස්සෙන් ගියත් බස් එක යනවා.. තැන්කුයි

      Delete
  5. දේශිකා මේක දැක්කොත් බොට බත් කාලත් හමාරයි

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්. පුළුවන් නං උඹ මේක නොකියා ඉදීවි මං දන්නව නේ පුත්තරගේ හැටි. හැක්..

      Delete
  6. ඔව් ඔව්.. එකම වෙලාවට හැමදාම යනකොට එකම කට්ටිය හම්බවෙනවා... එහෙම හම්බවෙන කෙනෙක් එකපාරටම දකින්න නැතිවුනාම මොකද වුනේ කියලා හොයලා බලන්න හිතෙනවා හි..හි...

    ReplyDelete
    Replies
    1. අන්න අන්න තුශානියට හොදට තේරුනා වැඩේ. කව්ද දන්නේ අසනීප වෙලාද කියල නේද??

      Delete
  7. මට දැනෙන විදියට කවිය පොඩ්ඩක් කපල කොටල ගත්ත. උඹෙ නිර්මාණෙට එළියක් දෙන්න ම්සක් , ගරහන්න නෙමෙයි. පට්ට අදහස.

    කලක සිටන් නුඹ දුටුවෙමි යනෙන මගේ
    දසුන නුඹේ සිත සනසයි බොහොම අගේ
    ඝණට තිබෙන රත් දෙතොලේ රසය හැඟේ
    දිවිය සැලේ නුඹ දකිනා විටදී මගේ

    එකම විටෙක නුඹ හිනැහෙයි මහ පාරේ
    එකම පැතුම නුඹ දැකුමයි හැම වාරේ
    නුදුටුවොතින් සතුට නැතේ හද පෑරේ
    මතක ඇතිව හෙට ඉදපන් එන පාරේ

    කලෙක පටන් නුඹ හිටියේ නැහැ වාගේ
    හිත නොතකයි කිව්ව විටද දුක මාගේ
    දිනපතාම මඟ බැලුවේ දුකින් වගේ
    කවදා හමුවෙද දෙදෙනා නැවත නඟේ

    ගෙයක් දොරක් කොහි වේදැයි සොයන්නද
    යනෙන තැනක් කාගෙන් මං අහන්නද
    සතුට ගෙනෙන නුඹ කවදා දකින්නද
    කවදා වෙන තුරු මං දින ගනින්නද

    ReplyDelete
    Replies
    1. දේශා ගෙ සිතිවිල්ල වගේම උඹේ ත් පට්ට සිතිව්ල්ල.....

      Delete
    2. කෙන්ජි, මූ හැන්දෑවට බාත් රූම් එකේ නානකොට දැන් කියන්නෙ "කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි..." සින්දුව විතරමලු

      Delete
    3. නියමයිනේ ඉන්දික

      Delete
    4. ඉන්දික බොස් පහර ඈ !!!

      Delete
    5. ඉන්දික උඹත් මාර කවි කාරයෙක්නේ... සුපිරි දේශා පරාදයි මේ කවට

      Delete
    6. නලිය.... ඉන්දික කවිකාරය නිසානෙ ....ඌ ට ම ...වෙන්නෙ අරම.......

      Delete
    7. හැක මාරයි මම හිතන්නේ දෙශාටත් කියන්න ඕනවෙලා තියෙන්න ඇත්තේ ඔය ටික ,ලොකාපවාදයෙන් බේරෙන්න ඔය බොරුවක් ලියලා තියෙන්නේ

      Delete
    8. උපේගේ කිවය මගේ එකට වඩා හොදයි ඒකේ දෙකක් නෑ. බොට තැන්කුයි..

      හැබැයි පුතේ මට මේ කෙල්ලත් එක්ක කනෙක්ෂන් එකක් තියාගැනීමේ ආසාවක් නැහැ.. හැක්..

      Delete
    9. //හැබැයි පුතේ මට මේ කෙල්ලත් එක්ක කනෙක්ෂන් එකක් තියාගැනීමේ ආසාවක් නැහැ.. හැක්../////

      දේශා.....ඇයි?

      Delete
    10. ඇත්තටම බං අරූ.. කොහේවත් යන අහිංසක කෙල්ලෙක් අමරුවේ දානවට වඩා මගේ ආතල් එක මං පාඩුවේ ගත්තම ඉවරයි නේ.. එයා නැත්නං ආතල් එකත් නෑ. එච්චරයි

      Delete
  8. ඒ ගෑනු ළමයා මේක දකීවා කියල පතනවා මිස වෙන මක්කා කරන්න ද?

    ReplyDelete
    Replies
    1. ඒ ගැණු ළමයා මේක දකින්න විදියක් තිබුනොත් එළම තමා...

      Delete
  9. \\ඔය වගේ හැම දෙයක්ම ඒකාකාරි විදියට සිදු වෙන්නේ//

    මේ කතාවනම් හරියටම හරි. උදේට හැමදාම එන්නෙ "ට්‍රාන්ස්පෝර්ට් බස් එකේ". ඉතින් හැමදාම මේ විදියමයි. පහුවෙන වාහන, පාරෙ යන අය, දකින දර්ශන හැමදාම එකම වගෙයි. එකම වෙලාවට එකම විදියට. පුංචිවත් වෙනසක් නැතිව. හරියට ෆොටෝ කොපි වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් බං හරියට වයින් කරපු මැෂින් වගේ..

      Delete
  10. ගනං ගන්න එපා දේශක තුමා අපි කාටත් ඔය වැනි හැගීම් එනවා. ඒ වගේම ඒවා නැතිවෙලත් යනවා. ඒ ළමයා කසාදයක් එහෙම කරගෙන වෙන පලාතකට යන්න ඇති.
    ඒක නෙමේ මම අදනේ දන්නේ දේශක තුමාගේ කවිත්වය. කවි රස විඳිනවා වගේම කවි ලියන්නත් පුලුවන්නේ. තව තව ලියපං මචං.. ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. මේවා කවිද? අර කෙන්ජිගේ වගේ වලත්ත කවි නේ.. හැක්..

      හැබෑට කසාද බැන්දට පස්සේ ජොබ් එකෙන් අයින් උනාවත්ද

      Delete
  11. ගෙදර ඉන්න මැණික ටිකක් ඔප දමලා
    ඔසරි පොටක් කරාඹුවක් පටලවලා
    තනිවුණාම එහෙන් මෙහෙන් කිතිකවලා
    ගත්තානං තනිය මැකෙයි අහක්වෙලා....................

    ReplyDelete
    Replies
    1. වැඩක් තියෙද මැණික වුනත් ඔප දමලා
      ඔසරි කරාබුත් ඈ හට වහක් වෙලා
      මොනව කරන්නද හුඟකල් කිති ඇරිලා
      නිතර දකින කරමල දැන් සුද ගැහිලා

      Delete
    2. වයිරෝඩියත් දකිනා විට හැමවිටම
      දලං වගේ පේනව නොදකිං කැතම
      හැට පැන්නත් දේශක වගේ වඳුරු තෙම
      ගස් උඩ මිස උන් යන්නේ නොමැත බිම

      Delete
    3. කොළඹ රටේ බත් කාලා පුරුදු මට
      වෙල් ඉවුරේ කරක් ගහලා පුරුදු ඇත
      මොනා උනත් හිත සතු දේ ඇති එමට
      එහෙව් එකේ මොන වයිරෝඩිද ගෙදර

      Delete
  12. කතාව තව ටිකක් තිබුණා නම් මල් හතයි ඈ ,දේශක මිනිස්සුන් ගේ හොදම හැගිම් ගැන කතා ලියන්නෙ ,මෙකත් එක්තරා පිච්ච මලක් නේ ;))))

    ReplyDelete
    Replies
    1. කතාව සෑහෙන්න දික් කරන්න නං තිබුනා තමා බං...

      Delete
  13. ඔය රස විඳීම දුර දිග ගියානම් විවාහයත් කැඩිලා තමා ඉවර වෙන්නෙ.. ඔහොම වුන එක හොඳා...

    කවි..!! හෙහ්.. අපි කියවයි ඕවා...

    ReplyDelete
    Replies
    1. දුරින් හිද ඔබ දෙස බලන්නං තියරිය තමා මං අනුගමනය කරේ.. සෙන්නෝ..

      Delete
    2. //දුරින් හිද ඔබ දෙස බලන්නං තියරිය තමා මං අනුගමනය කරේ////

      දේශා.....ඇයි ඒ?

      Delete
    3. අනේ බං අරූ.. මං බැදල ළමයි දෙන්නෙක් ඉන්න උන් දෙන්නෙගේ වැඩ කප්පරක් කරන එකෙක්. ඒ කෙල්ල කව්ද කියලවත් නොදැන මං පිස්සුවෙන් වගේ දගලන්න ගත්තොත් මොකක්ද වෙන්නේ.. සියල්ල අවුල්.. කෙල්ල මට කැමති වෙයිද? මම නං හිතන්නෑ. ඉතිං බය ලස්සන දෙයක් දිහා බලල ඒක ඇස් දෙකෙන් විදගත්තම විතරක් මදෑ..

      Delete
  14. දැන් අර හඩු නයිටිය ඇඳං පාං ගන්න එක ගෘහනිය දිහාවත් බලලා සැනසියං, දේශා.

    ReplyDelete
    Replies
    1. නොකිව්වට දේශ ඒ පැත්තටත් ඇහැ දාගෙනලු යන්නෙ :-D

      Delete
    2. ඒ අර ළමයගෙ අම්මා. කවුද අර කන්සිළුගෙ. ;)

      Delete
    3. ඕ යේස්.. ඒ කන්සිලුගෙ අම්මා.. දේශක තාත්තා . ඉතිං හරිනේ :D

      Delete
    4. @ හැන්රි
      එයා දිහා බලල වැඩක් නැහැ බං..

      @ පත්තරයා
      කන්සිළුගේ අම්මා අපේ ගෙදර පස්ස පැත්තේ එකී නේ..

      Delete
  15. හෙක් හෙක් මේ මොකෑ මේ දුකට කියන කවි ලියල, මේ මං දුකට ලියපුව හඳ දකිද්දී :P

    සුදු සද දුටු සද
    මතක් වී නුඹේ පෙම
    උඩු බුරයි මගේ සිත
    නාකි බල්ලකු ලෙස

    උඩුබුරනා විට මහ හඩන්
    අසා ඉදිපන් ඉතින්
    සී මැදුරු කවුළුවෙන්
    නිදි යහනට වී තුටින්

    මාගෙ දුක් සුසුමන්
    පාරයි සදේ සදකැන්
    සමුදී නුඹ ගිහින්
    අමාවකයි දැන් ඉතින්

    තනි තරැවක ලෙසේ
    බැසයන සද විලසේ
    තනි කලේ මා කෙසේ
    කියාදී යනු ලදේ..

    ReplyDelete
    Replies
    1. හොද හොදා. තනිකම දැනනේනේ එක එක විදියට නේ සොමියෝ.. තැන්කුයි කවිය දැම්මට

      Delete
  16. ලපටි ලඳුන් දෙස බැලුවත් කපටි සිත..
    නහින දෙහින කාලෙට පිං කෙරුම යුත..

    ReplyDelete
    Replies
    1. නහින දෙහින… දේශාට එච්ච‍රම වයසක් නෑ බං. ;)

      Delete
    2. නෑ .එච්චර නෑ. අපේ විචාරක ලොක්කගෙ වයසෙ වගේ ඇති ඕන්නං :D

      Delete
    3. @ විදානේ

      ලපටි ලදුන් නොම දුටුවත් පිං උතුමෝ
      දුටුව දිනක සිල් රෙදි දියවී යන්නෝ..

      Delete
    4. ඈ පත්තරෝ.. තෝ හදන්නේ අර නාකි විසේ කාරයයි මමයි සමාන කරන්නද? සිකේ... මිනිහා මට උඩ තට්ටුවේ කාමරයක් දෙන්නත් පොරොන්දු උනා මං කොල්ලෙක් කියල හිතලා.. හැක්..

      Delete
  17. සුදු මුහුනයි හුරතලයයි හරි අවදානම්
    ඔබගේ පොකැට්ටුව ඉඩ ඇත නැතිවෙන්න
    වෙනදා ඉඳිකඩ අද මට හරස් වෙලා
    දත් නැතිදා "උක් දඬු" ගිනි තපින්නද

    ReplyDelete
    Replies
    1. යකෝ තෝ තමා දවසකටවත් මිනිහා පත්තර මලයා

      Delete
    2. //දත් නැතිදා "උක් දඬු" ගිනි තපින්නද// +++++++++++++++ පට්ට පට්ට. අන්න ඔය ගැන වත් හිතලා සැනසියන් දේශො.

      Delete
    3. කව්රුවත් නෑ කව්රුවත් නෑ ආදරේ
      මා බලා සිටියා දිවා රෑ කල්පනා අඳුරේ
      කඳුලු දෙන්න මට හඩන්න
      වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලකු ලෙසින්.. හැක්..

      Delete
  18. අන්තිම පදේට පොඩි යෝජනාවක්!
    \\කවදා වෙන තුරා මං සයිකල් පදින්නද\\


    ඔය කෙල්ල වෙන බෝඩිමකට යන්නැති බං..

    ReplyDelete
    Replies
    1. නෑ බං කවුරු හෝ කසාද බැදන් අරන් ගිහින් ඒක තේරෙන්නේ නැද්ද මේකා ලියලා තියන විදියට

      Delete
    2. ඒ කෙල්ල හිිටියත් නැතත් මං බයිසිකල් පදිනව නේ බං කැන්ඩියො.. හැක්..

      Delete
  19. අවුරුදු දෙකක් පොල් ගෑවට දෙයියො බලලා තොට..

    මගෙ වෙඩිම වෙලාවෙ බොක්කක් හොඳට ගහලා පොඩි එකාව වඩාගෙන ළඟින් යන නංගි කෙනෙකුට කියලා " මේ වඩාගෙන හිටියට මග්ව් නෙමෙයි ඈ " කියලා .. හැක් . ඌ ඉවරයි පහුවදා !

    ReplyDelete
    Replies
    1. දේශකයද බොක්ක..

      Delete
    2. දේශකයට බොක්කක් නෑ නොවැ.. බීල බීල ඒක ගර්භාශෙයක් සයිස් ඇති දැං :D

      Delete
    3. ඕක් Katak nam neme ban paththarayo :D

      Delete
    4. මේ කටිං අහලත් උඹ මට බහ දුන් නෑනෙ.. ඉතිං වැඩක්‍යෑ බං :D

      Delete
    5. උඹත් ෆොටෝ කෑල්ල ආයෙ වෙනස් කොලාද? :D

      Delete
    6. ඔව් බං.. පත්තරයා වැදගත් වැඩී වැඩී වගේ හිතුනා :D

      Delete
    7. හයියෝ.. ඌ ඉවරදත් අහනවා පැනල දීලා..

      Delete
  20. ප්‍රවේශමෙන් දේශකයෝ..අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන් ...එක සැරයක් පත්තරය මේ බ්ලෝග අල්ල ගත්ත..මේක කියන දේවල් දැකල හෙට අනිද්දට දේශිකා මේක අල්ල ගනියිද දන්නේ නෑ..ඔන්න එදාට ඉතින් අපිට මුකුත් කොරන්න පුළුවන් වෙයිද දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. පත්තරයා ඇල්ලුවත් කමක් නෑ දේශිකා නාල්ල. ඇල්ලුවොත් කෙලින්ම හතරේ තටුටුවෙන් පනින්න තමා වෙන්නේ බං..

      Delete
  21. දේශා මේ පොස්ටුව කියවනකොටම මට මතත් වුණේ මං බලපු (ඒ කාලේ) ඒකාංගික ටෙලියක් දැනටත් නම මතක නෑ. එක මනුස්සයෙක් උදේ පාන්දර නැගිටලා යනවා වෙල් එලියට ඇලෙන් ගලක් අරන් එනවා. දුම්රිය ගේට්ටුවෙදි හැමදාම තව එකෙක් හමුවෙනවා. එක දවසක් ගලක් අරන් ආ කෙනා නෑ. එදා ඌ මැරිලා. මාර සංවේදි විදියට නාට්‍ය තිබුණා. ලේලි වගේ තමා මතක. මේ පොස්ටුවෙන් මට මතක් වුණේම එයයි
    මන්ද යත් එය ඒ තරමට මට කාවැදිලා සිද්ධිය පමණයි.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ මේ යටින් ඉවාන් කියන්නේ ඒක වෙන්නැති

      Delete
  22. අලුත් එකකට බහිමු බන් :-D

    ReplyDelete
    Replies
    1. මලේ පේන්න හිටියෙ නැත්‍තෙ අස්සයෙක් වත් වැඩ කරාද බන් :D

      Delete
    2. එටිසලාට අස්ස‍යෙක්ලු බං. ඔය ඉවාන් කියන්නෙ. :D

      Delete
    3. ඒ කිව්වේ මොන වගේ එකකටද බං බැරල් එකකට වගේ..

      Delete
    4. මුන්ගෙ ආච්චිලාට හාල් ගරන්න මන් පේන්න නැතත් දැන් ඒකටත් එටිසලාට්, රෙද්ද මට මේ රස්සාවක් නිසා බ්ලොග් කියවන්න වෙලාවක් හම්බෙන්නෙ නෑ බන් අම්බානක වැඩ :/

      Delete
    5. අනේ උඹට තියෙන වැඩ..

      Delete
  23. 'හෙට ඉඳන් දේශිකා සොයනවලු ස්කූල් වෑන් එකක්

    ReplyDelete
    Replies
    1. දේශක යවන්නද?

      Delete
    2. ලියන්නෝ ලියති කියවන්නෝ සිහිබුද්ධියෙක් කියවා වටහා ගත යුතුය. මේකා එහෙම නැතෝ....

      Delete
    3. සිහිබුද්දියක් කොහෙද නලින් අයියා හැන්දෑවෙ හය හත වෙද්දි මුන්ට.. :D

      Delete
    4. මට නම් උපන් දා ඉදන් ඕක නෑ බං පත්තරේ. සිහි බුද්ධිය කියන එක. :)

      Delete
    5. මට තියනව දෙකක් දාගත්ත වෙලාවට :D

      Delete
    6. හපොයි දැන් නං ඕන එහෙක ඒ හාදයව යවන්න කියන්න බින්දි.. වැඩක් නෑ මගේ මහන්සිය.. වතුරේ..

      Delete
  24. මගේ පුංචි රෝස මලේ මලේ මලේ ..

    ReplyDelete
    Replies
    1. මමයි නුඹේ වියපත් බමරා.. (බොට හෙන ගහනවා මේවට බමරා!!)

      Delete
  25. අපේ බ්ලොග් දර්ශකය සමග සම්බන්ධ වී ඔබේ බ්ලොග් පිටුවත් ඊට ඇතුල් කරන්න. මෙන්න ලින්ක් එක.
    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. එක පාරක් ආවා ඒත් හැරිල ගියා. ආයි එන්නං.

      Delete
  26. ඉතිං බොල දේශිකාට කියපංකො ඔසරියක් ඇදලා රතුපාට තොල් වල උලලා පොඩ්ඩක් හැඩ වෙලා බොලාගෙ ඉදිරියට එන්න කියලා...සුවර් ඇන්ඩ් සොට්...මේ කයිය දේශිකාට පෙන්නුවා නම් දේශකයා තාමත් ගුටිකනවා.....

    අඩෝව් පත්තර මල්ලි....මගේ බොග් බඩකඩිත්තුව නිසා නිදි මරලා තව ටික කාලෙකින් මම ලෙඩ වෙන්න පුලුවන්...මේ දේශකයගෙ රෙද්ද අස්සෙ රිංගන්නෙ නැතුව...මගේ එක අරගෙන ලියාගෙන පලයංකො...

    ReplyDelete
    Replies
    1. හැක් හැක් .. දේශිකා එහෙම එද්දි මූ වෙව්ලනවා බං.. මොන කවිද :D
      ඕ යේස් මට එහෙනං උඹේ එක දියං සිරෝ .. මං ලියන්නං ගවේශනාත්මක බ්ලොග් කරනය අම්මට සිරි වෙන්ඩ .හැක්

      Delete
    2. සිරා ඕනැම දෙයක් ඕනෑවට වඩා ඕනැම නෑ කියනවනෙ.. බ්ලොග් එකක් නිසා අධික ලෙස නිදි මැරීමනම් තේරුමක් නැති වැඩක්.. නිදි මැරීම ශරීරයට කොහොමත් අහිතකරයි..

      Delete
    3. මොන එහෙකට ද බං නිදි වරන්නේ. අන්න සෙන්නා කියන එක හරි. මම නං මේ මැසිම වහල ගියාට පස්සේ ඇහැක් ඇරල බලන්නේ නෑ ඕවා ගැන...

      Delete
    4. මට සිරාවට භාගෙට වැඩ කරලා පුරුද්දක් නෑ...කරනවා නම් වැඩක් හරියට....පොඩිකාලෙ ඉදන්ම මම එහෙමයි.

      Delete
    5. ඒ උනාට තෝ බාගෙට නේ මැලේ ගියේ.. හැක්.. දැං මොකෝ කියන්නේ..

      Delete
    6. ඒ භාගෙ දැන් සම්පූර්ණයි...

      Delete
    7. හැක් හැක්.. එහෙනං ගොඩ..

      Delete
  27. ඔන්න දේශකයගේ ප.ලි ය මං දැම්මා

    ඉන්නා තැනක වේ නම් සතුටක් නොමැති
    සැමියා වැඩට යන විට කවුරුත් නොමැති
    විටකදි හිතේ නම් වෙන්නට යුවති පති
    එක කෝල් එකයි ගේ දොරකඩ කොල්ල ඇති … !!!!

    ReplyDelete
    Replies
    1. කොල්ලා කිව්වෙ අවුරුදු 30 කට විතර කලින්ද බං පත්තරේ...දේශකයගෙ භාගයක්ම තියෙන්නෙ කඩෙන් ගෙනා දත් කියලනෙ උඹ මට කිව්වෙ....

      Delete
    2. ඌ හිතං ඉන්නෙ එහෙමනෙ බං.. ඔව් ඔව් බාගයක් තියෙන්නෙ කඩෙන් ගෙනා දත්.. ඉතුරු ටික වයිපරේ බඩට ඇරල බඩේ තියෙන්නෙ :D

      Delete
    3. කොටුවක් පනින්නට කරනා ඇරයුමට…
      ගන්නේ කොසු මිටය අනිවා ඒ කෙල්ල…
      වයසක කමට ගරු කර දුන් මඳහසට…
      හනේ හපොයි ඇය හට උනි මේ විපත…

      Delete
    4. ඈ බං.. නැව් ගියාට පාරවල් හිටිනවෑ !! :D
      කොහු ගන්නෙ මක්කටෙයි.. කොල්ලගෙ ම්හන්සිය බලල සාධාරණ ගානක් දුන්නම හරි.. :D

      Delete
    5. පුංචි නිසා ඉවසනවා නැත්නං හොම්බට දෙනවා
      මගේ හිතත් මොර දෙනවා ආදරයක් නොම එනවා
      හිතේ සතුටු ඉතිරෙනවා ඇයි දුටුවොත් සැනසෙනවා
      ඒවා ඉතිං නැති වෙනවා කොහොම උනත් අපි යනවා

      Delete
  28. "හඩු ගැහිච්ච නයිටිය පිටින් ඇවිත් චූන් පාන් වාහනෙන් පාන් ගන්න අක්කා කෙනෙක්" නයිටි නම් සහෝට පේනවා නෙහ් හොදට

    ReplyDelete
    Replies
    1. ආචාර්ය වීරේ මචෝ.. ඕවා පේන්නැති මේ ඇස් ගෙඩි දෙක මක්කටෙයි..

      Delete
  29. ඔයවගේ දේවල් සිදු නොවුන කෙනෙක් මේ මිහිපිට නෑ දේශක. හුඟ දෙනෙක් එලිපිට නොකියන එකයි සිද්ද වෙන්නෙ. අර අපේ ඉවාන් කීවා වගේ හැමෝටම නැරුවත්ව හිතන්න පුලුවන් නම් ඔය වගේ ඒව ඕන තරම් ඇති.

    මේ වගේ සිදුවීමක් අපේ සංගීත විශාරදයෙකුටත් සිද්ද වුනා. ඔහු කලුතර පැත්තෙ සංගීත පංතියක් පවත්වපු කෙනෙක්. ධම්මික බණ්ඩාර කියන
    ගී පද රචකයා දවසක් මොහුව හම්බ වෙන්න ගිහින් තියෙනවා. එදා ඒ විශාරදතුමා ගෙදර ඉඳලා නෑ. බැලින්නම් බාර් එකට ගිහින් හොඳට ගසනවාලු.
    ඒ මදිවට ඇස් වල කඳුලු පුරෝගෙන ඉකි ගහනවලු. හේතුව මේ කියන විශාරද තුමාගෙ සංගීත පංතියට ආපු ලස්සන කෙල්ලක්, අද ඔහුට බුලත් දීල ගිහින් හෙට කසාද බඳිනව කියල. ඉතින් අපේ විශාරදතුමා කොයිතරම් මේ ගෑනුලමයට හිතින් ආදරය කරන්න ඇත්ද. කොටින්ම කියනවනම් ජනේල් කවුලුව ලඟ මග බලන් ඉන්නවලු මේ ලමය පංතියට ආ ගිය දවස් වල. ඉතින් අපේ ධම්මික බණ්ඩාරයන් මේ කතන්දරේ මේ විදියට පද නිර්මාණය කලාලු.
    "මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බමරා.... නුඹ හීනෙන්වත් නොදකින කුමරා....."
    අමරසිරි පීරිස් ඒ පදවැල් අරගෙන මේ විදියට තණු නිර්මානය කලාලු.

    මගේ පුංචි රෝස මලේ

    අහලම බලන්නකෝ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. පුතා තාත්තගෙ ඔය සිද්ධිය විවුර්තව කියනවා..මං ඒ නිසා නම දාල ආයෙ මැකුවා තෙලිදිය මචං.

      Delete
    3. මොකද අනේ පාට මාරු කරන්නේ? හැබැයි ඒ කහපාටේ ලස්සනක් තියෙනවා නේ?:)

      Delete
    4. පරණ සූට් එක ඇන්දා .. හොඳා නේ පොඩි මිස් ?? ඈ ඒ කියන්නෙ මේකෙ ඉන්න පත්තර බෙදන බයිසිකල් කාරයා ලස්සනයි - අර ප්‍රබුද්ධ සංවර රූමත් පොශ් හැන්ඩ්සම් සුදු සිංහල බෞද්ධ උගත් වැදගත් විශාරද ගිටාර් වාදකයා කැතයි ඈ ?????

      හිටහං වයිෆ්ට කියල වයිෆ් මට බයින විදියට ඔයාටත් බන්නන්ඩ :D

      Delete
    5. ස්තුතියි තෙවා... මං දැනං හිටියේ නැහැ ඔය සින්දුව ගැන විස්තරය. ස්තුතියි..

      Delete
  30. //පොඩි එකාත් ඉස්සරහ තියාගෙන යන නිසා වෙන්ටැති.//

    සැඟවුනු අර්ථ සොයමින්...
    'මෙච්චර පොඩි කොල්ලෙකුට ලමයි ඉන්ට පුලුවන්ද?'
    'අක්කගේ ලමයෙක් වෙන්ටෑ...'
    'සමහරවිට ලමයගේ අත්තද දන්නේ නෑ.'
    'පුතෙක්ගේ හරි දුවෙක්ගේ හරි ලමයෙක් වෙන්ටෑ.' :D

    ගෙදරට වලි දාලා වෙලාවට එලියට බහිනවා? කොහොමද වැඩේ ...දේශිකාට කොහොම හරි පණිවිඩයක් දීගන්ට ඕනි.

    ReplyDelete
    Replies
    1. මේවයේ ඉන්න අයගේ ගතිගුණ සොබාව දන්න නිසා තමා පොඩ්ඩියේ අපි හැංගිලම වැඩ ටික කරන් යන්නේ.. හැක්. අර පළවෙනි සැගවුනු අර්ථය හරි වෙන්ටැති හැක්..

      Delete
  31. මේ අනිත් පත්තර මල්ලි කවුද හැබැට......

    ReplyDelete
    Replies
    1. හෙ හෙ .. මං ම තමා පත්තර අයියේ :D පොටෝ එක පොඩ්ඩක් මාරු කරා නෙවැ . ඕ යේස්

      Delete
    2. මේකා මේ පින්තුරු මාරු කරනවනේ නලියෝ. බොට හරියන්නෙ මේ සයිකල් පින්තුරේ තමා..

      Delete
  32. දරුවා දමන්ට යනවිට ඉස්කොලේ
    කෙල්ලෙක් දැකල දෙශා යයි වල් පාරෙ
    ලස්සන බලා විතරක් සැනසෙයිද බොලේ
    මුට දෙන්න දඩුවම් ඇත රජ කාලෙ

    ReplyDelete
    Replies
    1. දරුවා යන්නේ මා සමගයි ඒ පාරේ
      ඉන්න නිසයි මං බැලුවේ ඒ රූපේ
      හිනා කටක් දැක්කත් ඇති මේ කාලේ
      ඒක නිසා දඩුවම් ඕනැ නැත රාලේ

      Delete
  33. කාලෙකට කලින් නාට්‍යයක් ගියා ජයලාල් රෝහණ හිටියේ , මිනිහා කසාද බඳින වයස පරක්කු වෙලා , හැමදාම බස් එකට නගින තැනදී ඔසරියක් ඇඳපු ලස්සන් තරුණියක් හිනාවෙනවා , ටික කාලෙකින් කතා කරනවා , පස්සේ වැඩ අරුනමත් මිනිහා එයා බස් එක ගන්න හෝල්ට් එකටම යනවා ,
    බලනකොට කෙල්ලත් මිනිහගේ ගම පලතෙමයි , කාලයක් ගිහින් මිංහගේ හිතට එනවා විවාහ වෙන්න් ඕනේ කියලා , මිනිහගේ හිතේ තියෙන්නෙම අර කෙල්ල ගැන , එක දවසක් කෙල්ල කොල්ලෙක් එක්ක මිනිහගේ බෝඩිමට එනවා , එන්නේ මොකටවත් නෙවෙයි වේදීන් එක කියන්න , සාක්කියට අත්සන් කරන්න කියලා ..

    ඊට පස්සේ එකේ යනවා සින්දුවක් හැබැයි ඒ නාට්ටියෙන් ඇහුවට පස්සේ ඒ සින්දුව කොහෙවත් ඇහුනේ නෑ , ලස්සන් සින්දුව

    මට කෑල්ලක් මතකයි ..හෙව්වට කොහෙන්වත් හොයා ගන්න බැරිවුනා

    "මනමාල බඹරු මල් මුවරද විලේ රඟනවා
    මම තාම බලා ඉමි කාලට ගතවී යනවා
    හිරු රැඟුම් රඟපානවා
    කාලය ගතවීයනවා ............."

    ReplyDelete
    Replies
    1. තැන්කුයි ඉවාන්.. මං මේක දැනං හිටියේ නැහැ..

      Delete
  34. හ්ම්ම්… මම නම් හිතන්නෙ ඕක සාමාන්‍ය දෙයක්. ඒ වගේම ඔය විදිහෙ සම්බන්ධතා කොතෙක් ඇති වෙනවද? ඒක ප්‍රේම සම්බන්ධයක් වත් රාගය මුල් කරගත් සම්බන්ධයක් වත් නෙමේ. ඒත් ඒ බැල්මට වහ වැටෙන අවස්ථා කොච්චර තියෙනවද?

    ඒත් ඒ සම්බන්ධෙ එතනින් එහාට ගෙනියන්න ලං වෙන්න අයිති කර ගන්න දෙපාර්ශවයටම උනන්දුවක්වත් උවමනාවක් වත් නෑ.

    ඒක ආදරයක් කාමුකත්වයක් නොවේ. ඒකට නමක් නෑ.

    මේ ජීවිතේ අවම වශයෙන් ඔහොම එක සම්බන්ධයක් වත් නැති අය ඉන්නවද කියන්න මම දන්නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කිව්වොත් මං ගැන මොනවා හිතයිද මන්දා ,

      ආ ඔව් ඔව් .. . මටත් සෑහෙන්න එහෙම ඒව තිබුනා බං :D

      Delete
    2. තනි අන්ඩේ ලව් කියනනේ ඕවට නේ බං..

      Delete
  35. මේවා තමයි නූතන ජනකවි කියන්නේ. බලපන්කො සුනිල් එදිරිසිංහ වගේ ගායකයෙකුට දීලා මේක ගීතයක් කරගන්න බැරිද කියලා.

    ReplyDelete
    Replies
    1. තනුව දාන්නේ පත්තර මලයාලු.. සිංදුව කියන්නේ නං ඉවාන්ලු.. ප්‍රචාරය නලින්ලු.. හැක්..

      Delete
    2. සුනිල් ලා වගේ ප්‍රබුද්ධ කුලකයේ ගායකයො මේවා කියන්නෙ නෑ...පීචං ගායකයෙක් වන සුනිල් පෙරේරට දෙන්නා....අනිවා කියයි.

      Delete
    3. බොට කියන්න සුනිල් ලොක්කා මීට වඩා නරක සිංදු කියල තියෙනවා..

      Delete
    4. අනික සුනිල් පෙරේරාගේ මොකක්ද තියෙන පීචං කම...??

      Delete
    5. ඒක මම අපහාසයට කියපු එකක් නෙමෙයි දේශක කොලුවො...ඔය සුනිල් ගොල්ලම තමයි කිව්වෙ මේ රටේ ප්‍රබුද්ධ, පීචං කියලා ගායකයො වර්ග දෙකක් ඉන්නවා....ඒකෙන් පීචං ගනයට තමයි අපිව අයත් වෙන්නෙ කියලා...ඔය ජෝතිපාල උන්නැහේවත් පීචං ගනයට තමයි මුල් කාලෙ වර්ග කරලා තිබුනෙ...අපේ සම්භාව්‍ය සංගීත කාරයෝ...

      Delete
    6. එහෙම කිව්ව සුනිල් පෙරේරා මිසක්කා සුනිල් එදිරිසිංහ නෙයෙමි... හැක්..

      Delete
  36. කවි ලස්සනයි. ඔය වගේ සමහර දේවල් තියෙනව ළග හිටපු කෙනෙක් දාල ගියාටත් වඩා හිතට වදින. මොනා කරන්නද? දුක තමා.........

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ.. පොඩි හැගීමහක් විතරයි නේ.. කාලෙකින් දැක්කේ.. සන්තෝසය සිසියෝ..

      Delete
  37. හරි ආසයිනේද බං ඔහොම බල බල යන්න. උනුත් හොරෙන් බලනවා. ඒ ඇස් එකට ගැටෙන වෙලාව....පිස්සු හැදෙනවා බන් යන්න ඔන්න මෙන්න වගේ. මේකත් එක්තරා කාලයකදි වෙනවා. මටත් තිබුනා එක් කාලයකදි ඔහොම "ඔන්ලි බැලුම්" දෙක තුනක්.

    ReplyDelete
    Replies
    1. අරූ අයියේ දැකීමත් එක්තරා $% මක් තමයි කියල තුන වසරෙ සිංහල පොතේ තියනවා.. අලුත් සිලබස් එකේ :D

      Delete
    2. මම නං වයස ගියාට හොද දෙයක් දිහා බලන එක නතර කරන්නෑ. ඒක මචං අපේ අයිතියක් නේ.. ලස්සන දේ රස විදින්න.. ඔන්න ඒක ඉඹින්න ගියොත් තමා මෝල්ගහෙන් කන්න වෙන්නේ.. හැක්..

      Delete
    3. @ පත්තරාය

      අපේ කොල්ලා තුනේ ඉන්නේ. උගේ සිලබස් එකේ ඕක නෑ.. හැක්..

      Delete
  38. බැලුවට කමක් නෑ හැබැයි වැඩිය හිතට ගන්න එපා..

    ඔන්න ඔහොමයි මටත් උපදෙස් ලැබිලා තියෙන්නේ.. එහෙවු එකේ දේශා වගේ කවි ලිවුවනම් මම.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ්. හිතට ගන්නෑ. දැං කවිය ලිව්වා අමතක කරා.. මිහිරි මතකයක් පමණයි..

      Delete
  39. හිනහුනේ හිතවත්කමට ඉතින්
    සොයා බැලුවේ මනුස්සකමට නිතින්
    බලනු එපා දේශා දිහා කැත හිතකින්
    අයියේ උඹේ පැත්තේ මම එකම සිතින්..

    ඇත්ත බං අයියේ උඹ කියන එක ඔය වගේ හැමදාම දකින කෙල්ලෙක් එක දවසක් දෙකක් මග ඇරුනාම ඔය වගේ සිතුවිලි එනවා තමයි.ඔය අත්දැකීම මටත් තියෙන නිසා බොක්කෙන්ම මම උඹේ පැත්තේ.ඔය එක,එක පඩත්තර කොල්ලෝ උඹට එක එක ඒවා කීවාට.:D

    ReplyDelete
    Replies
    1. අන්න බොට තේරුනා.. හොද ළමයා..

      Delete
  40. මොනා උනත් දේශකයගෙ උනන්දුව නම් අගය නොකර බෑ. තව කයි පද බැඳල. පව් අසරණයා ! :)

    ReplyDelete
    Replies
    1. අසරණ කමට අප මොනවා කරන්නද
      පොලිසිය යොදා ඒ ඇත්තිව සොයන්නද
      පවුලේ ප්‍රශ්න කන්දක් මෙන් වඩන්නද
      මේ හැටි හොදා පැත්තට වී සිටින්නට

      Delete
  41. කැලේ ඉන්න මුවෝ දිහා බලල කෙල ගිලින දේශා ඉතින් ගෙදර තියෙන මුව හමට තමයි ......

    ReplyDelete
    Replies
    1. හැක්. හැක්.. මොන අයියත් එහෙම තමා ඔය කීප දෙනෙක් ඇර...

      Delete
  42. උඹ තාම යහතිං ඉන්නව නේද?
    හොඳ වෙලාවට දේශිකා බ්ලොග් කියවන්නෙ නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. තව එකක්,
      කයි ටික ලස්සනයි.

      Delete
    2. ඒකකේ ඒකනේ මං මේවා බලන්න දෙන්නැත්තේ.. හැක්.. තැන්කුයි..

      Delete
  43. අඩේ...කවුරුත් මාත් එක්ක තරහා වෙන්නත් එපා. මට ලේබල් එකක් ගහන්නත් එප. දේශකයාගේ මේ බ්ලොග් එක වේස මඩුවක් කරන්න එපා බං. මේ තුල තිබිච්ච සොඳුරු සංවාද චැට් මඩුවකට සීමා කරන්න එපා. ඒ වෙනුවෙන් උඹලාට ෆේස්බුක් එක තියෙනවානේ. මේ තුල සෞන්දර්යාත්මක ඉඩ කඩක් වෙන් කරගමු. මොකද දේශකයා යමක් ලියපු එකෙක්නේ. දේශා දැනගන්න ඕන මොකක්ද කරන්න ඕන කියලා. උඹ ජෝකර් කෙනෙක් නෙමේ. උඹ යමක් කරපු එකෙක්. බඩුවක් ගහන එකයි....ලව් එකේ උපරිම ඉන්න වෙලාවට කොන තෙමෙන එකයි දෙකක්නේ බන්. ඉවාන්, ප්‍රියා ,විදානේ වගේ අයත් මේවා හිතන්න ඕන.

    දැන් තොපි සෙට් එක මගේ ඇට දෙකට හැලපේ රසවත්ව ලියපු ජාතියේ ගොඩ්‍රෆිගේ ඌරු ඇට ඔපෙරේෂන් එක දීපල්ලා. මම ආදරෙන් රස විඳින්නම්. බ්ලේඩ් මගේ ගානේ.

    මම කියන්නේ...දේශාගෙ සාරථක ලිපියක්වත් රස විඳින්න බැරි සයිස් එකට දාන්න එපා. ඒක හරි අපරාදයක්.

    ReplyDelete
    Replies
    1. ලගදි ඉදන් මමත් දැක්ක දෙයක් තමයි ඔය අරූ කියන චැට් මඩු...ඔය වැඩෙන් වෙන්නෙ ලිපියක හරය කොහෙවත් තියලා...අතුරු පාරවල් දිගේ කට්ටිය දුවන එක....

      Delete
    2. අරූ ඔය කතාව කිව්ව එක හොදයි ,මං එක සැරයක් ඔක කියලා අයේ අයින් කර ගත්තා ,එත් කිප සැරයක්ම කිව්වා වැඩක් නෑ කියලා ,දේශක නියම කතා ටිකක් ලියන් අවා දැන් මේ පිස්සි කෙලිනවා ,ලියන්න ඕන නැතව ඇති ....දේශක මේ ගැන හිතුවා නම් හොද නැත්ද ???අපිත් කියවන්නෙ නැතුව ආ .....සුපිරි දේශා කියලා යන්නම්...ඊට යටින් වෙනින් කතාවක් අරන් කමෙන්ටු දාමු එතකොට ලියපු කතාව ?????
      හැමදේම විහිළු නෙවෙයි දේශක ...මං දන්නෙ නෑ මට කියන්න අයිතියකුත් නෑ ,එත් මේ බොගියට ලගදි සෙට් වෙලා දිගටම කියවන එකෙක් විදියට කිව්වෙ ...

      Delete
    3. බොලා මොනා කිව්වත් මගේ ඇති අමනාපයක් නැහැ. ඒක වෙනම කතාවක්.

      අපිමයි කියනනේ බ්ලොග් වල නීති රීති අනං මනං නැහැ කියලා. ඒක නිසා ඒ ගැන වාද වෙන්න එපා. ආතල් එකක් මොන විදියෙන් හරි ගන්න එකෙක් ඉන්නවනං ඔය අපේ පත්තරයල වගේ. ඒක උන් ගත්තාවේ. මේවා මේ සම්බාව්‍ය සමාජයට පනිවිඩයක්, දැනුමක් දෙන්න අටවපු තැන් නෙමෙයි නේ බංස්ලා..


      අදහසට තැන්කුයි. මේක ආතල් කාල පරිච්ඡේදයක්. අළුත් කතා සමගින් තවත් කාලයක් ඉදිරියට ඒවි.. හැමදාම එක විදියට බ්ලොග් එකක් දුවන එක ඒකාකාරි යි බං. මට නං හති වැටෙනවා බොරු මවාපෑම් කරමින් ඉන්න. මං කැමතියි මස් කන්න හරි එළිපිට ඉන්න විදියටම ඉන්න. ආයේ මොන උපාසක කංද බං..

      මට නං කොයි තරං කොමෙන්කටු වැටුනත් කොයි තරං හිට් ආවත් ඒ තරං ඒක ලොකු දෙයක් නෙමෙයි. මොකද අපිට වැඩිය ඒවා ලැබෙන කට්ටිය ඕන තරං ඉන්නවා. ඒවා ගැන හිතේ පොඩිවත් හැගීමක් නං තියාගන්න එපා. මගේ නං ඒවා නෑ.. හැක්..

      Delete
    4. දේශා.....මේ කිව්වේ නීතිරීති හෝ නිදහස ගැන කතාවක් නොවේ. අනිත් එක නීතිරීතිවලින් නවත්තන්න පුළුවන් දේකුත් නොවේ. ඕවර් ද ලිමිට් යෑම පිලිබඳ තියෙන අපහසුතාවයක්. අනිත් අයට එහෙම අපහසු නැතුව ඇති. මම කිව්වේ ඒ පැත්තෙන්.

      පත්තරේගේ කමෙන්ට්ස්වල තියෙන ශාප් ෆ්ලේවර් එක අඩු තක්සේරු කරාත් නෙමෙයි. කොහොමද.... කෑවද..නෑවද ජාතියේ ඒවා ගැන කිව්වේ.

      Delete
  44. මට නම් හිතෙන්නේ උඹ කියන්න හදන අදහස කවියෙන් සාර්ථකව දෙන්නේ නෑ කියලා... එලිසම, විරිත් අවුල් එහෙමත් තියනවා... කයි පද බඳින්න තව ටිකක් ඉගෙන ගන්න වෙනවා උඹට...

    ReplyDelete
    Replies
    1. මටත් ඒක හිතුනා බං. කිසිම අකුරක් වෙනස් කරේවත් බැලුවෙවත් නෑ දාන්න කලින්. කෙටුවා දැම්මා එච්චරයි.. සරල අරුත් ඇති කවියක් විනා එතනින් එහාට මේකේ ඇති දෙයක් නැහැ බං. මං කවි ලියන්න දන්නෑ.. හැක්..

      Delete
  45. " රසය ආත්මය කොටගත් වැකිය කවිය කියා " කිවුවෙ භාරතයෙ විශ්වනාථ පඩිවරයා...
    හිතෙට දැනෙන දේ කාන්සිය,පාළුව, තනිකම ඕවගේ හැගීම් ගොතමින් කිවුවෙ අපේ රටේ ජන කවිය. :-D

    ReplyDelete
    Replies
    1. මේවා පාර කවි කියලද ඔය කියන්නේ දිනිතියෝ. හැක්..

      Delete