Monday, May 19, 2014

චිත්‍ර ශිල්පියා!!

හීතල හිරිකඩ, විවෘත වූ ජනෙල් කවුළුව සිසාරා මාගේ දුප්පත් කාමරය තුල කැරකෙයි. එයින් නැගෙන සීතල දරා ගත නොහී මා සිත මෙන්ම ගතද භීතියට පත්ව ඇත. කවුළු තිර රෙදි මදින් මද සෙලවෙමින් හිරිකඩ කාමරය තුලට යොමු කරන අන්දම දුටු මා සිත තුල තෙරපෙන්නේ කෝපයකි. එයින් සවිමත් වූ සිත, ගත ජනෙල් කවුළුව වෙත යොමු කරන්නේ එයින් මිදීමේ අටියෙනි. දහසක් ශබ්ද, ඈතින් පෙනෙන රළු මුහුදෙන් නැග ඒ. එහි ශබ්දය කනට ඉතා හුරු පුරුදු වුවද, අද දින එහි යම් කන්දොස්කිරියාවක් ඇති බැව් මා හට දැනේ. ඝෝෂාකාරි ශබ්දය මා මනස බොහෝ සේ වියවුලට පත් කොට ඇත. 

ජනෙල් කවුළුව අසලට ගොස් එහි තිර රෙදි යම්තම් මෑත් කොට මා කවුළු පියන් පත් දෙක, අත් දෙකෙන් දෙපැත්තෙන් ම අල්ලා වසා දැමීමට තැත් කිරීමේදී නොසීතූ ලෙස බිම් මහල දෙස බැලීමට මා හට සිදු වීම වාසනාවක්ද අවාසනවාක්ද යන්න නිසි ලෙස මා හට නොවැටහේ.

යම්තම් කරුවල වී ඇති පරිසරය තුල, කනිපින්දම් දොඩමින් හිරු අවරට යමින් ඇත. එයින් මුක්ත වූ රන්වන් තැඹිලි පැහැ ආලෝකය තව දුරටත් වර්ණවත් නොවේ. එය අඳුරට මුහු වෙමින් පවතී. හිරුගේ වියෝවෙන් පන්නරය ලැබු මා ඇස් යුග අඳුරට ක්‍රමයෙන් හුරු වී ඇති අරුමය සැනෙකින් මා අවබෝධ කර ගතිමි.

ඇය සිටියේ පහල මාලයේ මිදුලෙහිය. එහි මායිම් තාප්පයට ඉතා ආසන්නව ඇති සිමෙන්තියෙන් වට කොට තිබෙන ළිදෙන් වතුර අදිමින් ස්නානය කරන ඇයගේ මල් වැටුන චීත්ත රෙදි වතුරෙන් පෙගී ශරීරයට මුළුමනින්ම ඇලී ගොස් ඇත. පනිට්ටුවෙන් හිසට වැටෙන ජල කඳ දරාගත නොහී ඇයගේ හිස පහළට නැවෙන්නේය. මට මුහුණ පා ස්නානය කරන ඇයගේ ඉරියව් තුල ඇත්තේ විස්තර කළ නොහී අපුරු වූ සුන්දරත්වයකි. හිසෙන් පහලට රෑටන ජල කද, හිසෙන් දෙබෑ වී ඇයගේ ශරිරය තෙමමින් පහලට වැටෙන්නේය. එයින් ඉක්බිති හිසෙන් වැටෙනා වතුර බිදු නිකට තෙක් වැටී, එයින් පසු කෙලින්ම ඇයගේ පපු පෙදෙස ස්පර්ශ කරමින්, මල් චීත්තය පසා කරමින් අැයගේ සිරුර තුලට කා වැදී අතුරුදන් වෙයි. එකින් එක වැටෙන පනිට්ටුවෙන් නික්මෙන ජල පහරින් ඇය තම සිරුර තෙමා ගනිද්දී, තෙත් නොවු මාගේ දෑස හැලහොල්මනක් නැතිවම ඒ දෙස තම කිරණ විිදිමින් තත්පරෙයන් දහයෙන් පංගුවක් පවා හසු කර ගැනීමට තැත් කරයි.

විඩාවට පත් නොවූ මා නෙතින් ලැබෙනා විධානය පරිදි මා හට කිසි ලෙසකින්වත් කවුළු පියන් පත් වසා දැමිය නොහැකිය. හීතල හිරිකඩ මා ගත වටා දැවටෙන වගක් මට සිහි නොවේ. ඇයගේ තෙතබරිත සිරුරින් දිස් වන මනා අගපසගෙහි ඇති මනස්කාත්තභාවය මා දැහැනකට පත් කොට ඇත. ඇයගේ නිරුවත් පා යුග හා උර පෙදෙස මද ආලෝකයෙන් දිස්නය දෙන්නේ වතුර බිඳු ඇයව සිපගන්නා හෙයිනි. කුමක් කරම් දැයි නොදත් මා නිසොල්මනේ ඇය දෙසම බලා සිටිමි. මා සිටිනා බවක් නොදක්නා ඇය, තම අගපසග හසුරුවමින් පිරිසිදු කරමින් සිටින්නීය. කලවා පෙදෙස චීත්තයෙන් මතු කරමින්, වරෙක තම පියවුරු අත ගාමින් ඇය ස්නානය කරනු අයුරු දකින මා සිත ආශාවෙන් වල්මත් වී ඇත. කිසි ලෙසකින් වටහාගත නොහැකි ලෙස, මාගේ සිත පාෂාණිභූත වී ඇත්තේය. ඉහල මහලේ සිට පැන ගොස් එක් වරම ඇයගේ තෙතබරිත සිරුර වෙලා ගැනීමට මගේ සිත බල කරයි. එසේ නැතහොත් මා මිය යනු ඇතැයි සිතන තරමට මගේ ගත වෙවුලුම් කයි. තව දුරටත් මෙම සිතුවිලි දරා ගත නොහැක. 

මීට පෙර කිසිදු දිනක මා ඇය මෙම ළිද අසලදී දැක නැත්තේ ඇයි දැයි විටින් විට මා සිත ප්‍රශ්න කරයි. අවශේෂ හේතුවකින් තොරවම එය මාගේ නොසැලකිල්ල බව මා විශ්වාස කරමි. 

ඉන් පසු දිනපතාම පාහේ ඇයගේ රෑ සපුව දැකීම මා හට තිබු එකම ආශාව විය. එයින් පිබිදෙන මා, ඇය බලාපොරොත්තුව පැය ගණන් කව්ළුව අසල ගැවසෙමි. එහෙත් ඒ කිසිදු දිනක ඇය මා දුටු බවක් නොදකින මා සැනසුම් සුසුම් හෙළමි. එය මද අස් වැසිල්ලකි. තව දුරටත් ඇයගේ පහස ලැබීමේ ආශාවක් මා තුල නොමැත. කවුළුවෙන් පැන ගොස් එක වරම ඇයව කිටිකිටියේ වෙලා ගැනීමේ මා ආශාව යටපත් වී ඇත. ඇයගේ සිරුරේ ලාලිත්‍යෙයන් ඔකඳ වූ මා මනස එයින්ම සෑහිමකට පත්ව ඇති සේය. 

ඇය දුට පළමු දවසේ මා සිතින් මතුවු සිතුවිලි සමුදාය තව දුරටත් ගලා නොඑන්නේ මන්දැයි තව දුරටත් මා හට ප්‍රශ්නයක් නොවේ. ඇයට මා පෙම් කරමි. එහෙත් ඒද ඇය ළිද අසල ගැවසෙද්දි පමණය. ඉන් තොර අනාගතයක් මා හට නොමැති බව පසක් වීමෙන් විටෙක සිත කඩා වැටුනද, ලාලිත්‍යෙයන් සපිරි ඇයගේ තෙමුනු සිරැර නැවත දුටු වනම එම සිතුවිලි කීති කීතු ඉරී බිමට පතිත වේ.

නැවත අවස්ථාවක් එළබෙන්නේ නැත. මේ අනර්භ දසුන මා අත රැදි පින්සල මත ඒ අයුරින්ම සටහන්ව තිබේදැයි සැක හැර දකින මා  හට, සිතුවම ගැන මතු වන්නේ ඉමහත් සතුටකි..

154 comments:

  1. විශිෂ්ටයි හොදේ.

    ReplyDelete
    Replies
    1. අක්කි...එක දාගන්නෙ නැතිව කියවල ...ඔද අදහසක්..දාන්නකෝ...

      Delete
    2. kenji විනාඩි 13ක් ගියේ කොමෙන්ට් එක දාන්න මේක පොඩි කෙටිකතාවක් උණත් හොදට ලියලා තියෙන නිසා. කියවන්නේ නැතුව කොමෙන්ට් දාන පිස්සුවක් නැහැ. මට දෙන්න පුළුවන් ඉහලම කොමෙන්ට් එක දුන්නේ,, එහෙන් මෙහෙ කෑලි උපුටල එතන නියමයි.. දැනුණා කියන කොටස් දාලා කොමෙන්ට් එක ලොකු කරන්න අවශ්‍ය නැහැ මට. මං හොදින් රස වින්දා. එක දාගන්න අවශ්‍ය තාවක් නැහැ

      Delete
    3. වලියක් නම් පොඩ්ඩක් දැනුවත් කරන්න මම ටාර් ගාල ගිහින් පත්තරේ එක්කන් එන්නම් කැකුණ ලෝඩ් එකකුත් එක්ක

      Delete
    4. දුම්මල කිලෝ දෙකතුනක් අරං එන්නද

      Delete
    5. :D කේන්ති යනවා බන් මෙහෙම කියද්දී කෙටිකතා ලියන්න ඉගෙන ගන්න නිසයි මන් ඩේෂක ටුමගේ කතා කියවන්නෙත්

      Delete
    6. //කෙටිකතා ලියන්න ඉගෙන ගන්න නිසයි මන් ඩේෂක ටුමගේ කතා කියවන්නෙත් //

      එතකොට කෙන්ජි සාන් ගේ කතා කියවන්නෙ මොනව ඉගනගන්නද?

      PM කෝ?

      Delete
    7. ප්‍රේ @ එයාගේ කුණුහරප මං කියවනවා අඩුයි

      Delete
    8. over to you Kenji.

      PM මේකෙ හොද පොටෙන්ශල් එකක් තියනව වගෙ. ඒත් PM වගෙ එක්ස්පර්ට් කෑකුණ හෑන්ඩ්ලර් කෙනෙක් අවශ්යයි උපරිම සන්වර්දනයට

      Delete
    9. pm කිව්වේ

      Delete
    10. අර පත්‍ර සහෝදර කියල කෑකුණ විශාරදයෙක් ඉන්නෙ එයා තමයි.

      ඒක නෙමෙයි කෙන්ජිගේ ලිවීම් කුණුහරප යයි විශ්ලේෂනය කරන්නේ කුමන පදනමක සිටද?

      Delete
    11. @ එයාගේ කුණුහරප මං කියවනවා අඩුයි// ඈ බං නගියේ මේ කුණුහරුප නොවෙයිද? කෙන්ජිය මේ කතාවම ලිව්වනම් මේක අමු සිංහලෙන් ලියාවි. මෙතන පොඩ්ඩක් හුරතල් කරලා සම්භාව්‍ය කරලා ගෑනු නාන එක හොරෙන් peep කරන කොට එන හැගීම බර වචන දාල ලිව්වත් එකයි බර වචන දන්නේ නැති එකෙක් පට්ට කෑල්ල බං මරු පු..බං කියල කිව්වත් එකයි . එකම හැගීම ප්‍රකාශ වෙන විදි දෙකක්. එකක් උසස් වත් එකක් පහත් වත් නෑ නේද?

      Delete
    12. This comment has been removed by the author.

      Delete
    13. උදිත@ ශ්‍රුන්ගාරය සහ කුණුරසය කියන්නේ එකම තමයි නමුත් ඒක දෙකක්,,,

      kenji මගේ යාලුවා. එයාගේ නිර්මාණ මට නොගැලපුනාට ඒවා රස විඳින අය ඕනේ තරම් ඉන්නවා, ඒ නිසා ඒවා පහත් කරන්නේ නැහැ. :D

      Delete
    14. ඒ හෑර තවත් වෙනසක් තියනව නේද? කෙන්ජි සාන්ගේ විශිෂ්ට නිර්මානවල මේකෙ වගේ නානව බලාඉදීමෙන් ඉවරවෙන්නෙ නෑහෑ

      Delete
    15. ඔයාට තරහා යන්න තරම් දෙයක් කෙන්ඡි අයියා කියලා නැ මම හිතන්නේ.

      Delete
    16. hmmm....:) :) හෙක්.... හෙක්... මම වචනයක් කෙටුවත්....අනේ මන්ද.... :) :)????
      කොහොමත් ..... ඕමා අක්කි.....ඔයා අලුතින් පිවිසිල තියෙන ජිවිතයට...."ගිනි පුක් ගාය" අහිතකරයි හොදේ......
      ආදර මල්ලියෙක් විදියට කියන්නෙ ......හරිය......

      Delete
    17. සංජිව ඔයා මොනා ගැනද කියන්නේ :D

      Delete
    18. ඔමා ....මං ඔබට ....එක දෙයක් කියන්නම්.....
      දුන්නට....ලයික් කස්ටිය....
      පෙන්වන්න එපා ඔයාගෙ දුස්ටිය.....

      Delete
    19. කවුද කාටද ලයික් දුන්නේ. අනවශ්‍ය කමෙන්ට් කරන්න මං කැමති නැහැ හොද පෝස්ට් එකක බොරුවට දැන් ඇති. "

      //අක්කි...එක දාගන්නෙ නැතිව කියවල ...ඔද අදහසක්..දාන්නකෝ./// මේක දැම්මේ ඔයා .

      Delete
    20. උඩ තමුන් දාපු කමෙන්ට් එක බලනව....පඩිය නොවී...ආචාර්ය වෙන්න තව ගොඩ වැඩ තියෙනව ....රෙද්දක් කතා කරන්න එන්න එපා,,,,තමුන් ලොකු ටෝක් දුන්නෙ උඩ ...

      Delete
    21. ඔබ උසස් ගනයේ ලේකිකාවක් වේවා...අපිට ලොකු ටෝක් ....ඒ...කියන්නෙ "කේන්ති යනව බන්" වගේ වර්ඩ්ස් නොදම...හරිය....

      Delete
    22. හුප්පට බොල !! මං පරක්කු උනාද .නෑ නේ ??
      වලියක් නේ . ප්‍රා ජේ ,සොහොනේ ,ඉවා ,ප්‍රියා

      ..වරෙල්ලා , යන්න යමල්ලා !!
      අපි ඉරට බයත් නෑ අපි හඳට බයත් නෑ !!

      අඩෝ ව් .කෑකුන තියනවා . අද කපපුවා. . අල පණහයි ගෝව හැටයි . ඉවර කරන්ඩ ඉවරකරන්ඩ .!!!!!

      Delete
    23. පත්තරේ මම ආවෝ කැකුණ අරන් වරෝ

      Delete
    24. අනේ බන්සලා.....මට අම්ම වගේ උපදෙස් දෙන යාලුච්චි එක්ක මොන වලිද අප්පා....
      මෙකි එක්ක ඇර ගන්නෙ චැට් කරද්දී තමා.... හෙක්...හෙක්....

      Delete
    25. ඉවා. චැහ්. කෝ මේ අයිතිකාරයො නෑනෙ බං .. :D

      Delete
    26. Mewa rattu hinassana wada mahaththayo

      -apurvi-

      Delete
    27. හෙහ්,,,හෙහ්....පික්ෂු අනී .....රට්ටුම දන්නව දන්නව අපි දෙන්න කේන්ති කාරයො .... කීල ......
      > Kenji @ Japan <

      Delete
    28. // මෙතන පොඩ්ඩක් හුරතල් කරලා සම්භාව්‍ය කරලා ගෑනු නාන එක හොරෙන් peep කරන කොට එන හැගීම බර වචන දාල ලිව්වත් එකයි බර වචන දන්නේ නැති එකෙක් පට්ට කෑල්ල බං මරු පු..බං කියල කිව්වත් එකයි//

      දැන් තියරි පැත්තෙන් භරත මුණි කාරය කියන්නෙ මෙහෙමයි.

      නව නළු රසයටම තියනවා කොරෙස්පොන්ඩිං භාව කියල නවයක්, ඒව සත්තුන්ට උනත් දැනෙන ප්‍රිමිටිව් ඉමෝෂන්. කරුණ රසයෙ භාවය ශෝකය. ශෘංගාර රසයෙ භාවය රතිය (මෝල් වීම). කලා කාරය කරන්න ඕනෙ භාවයන් අවුස්සන එක නෙවෙයි රසය අවුස්සන එක. දැන් "නිසි පුළුලුකුල රිය සක'යුරු තිසර තන" කියන කොට ඒකෙන් ඇවිස්සෙනව කියන්නෙ රතිය නෙවෙයි ශෘංගාරය. ජෝ අබේවික්‍රම ගෙ ජෝක් ඇක්ටිං එකක් දකින කොට එන්නෙ කෙහෙල් ලෙල්ලක් පෑගිල ලිස්සන එකෙක් දැක්කම යන ෆන් එක තරම් ප්‍රිමිටිව් එකක් නෙවෙයි.

      භාවයන් අවුස්සන්න ලේසියි මොකද ඒව සහජාස (instincts) නිසා. රසයන් අවුස්සන්න අමාරුයි. ඔය දෙකෙන් මොක වුනත් කරන්න පුලුවන් කලාවෙන්.

      මේකත් එක්ක කේස් තියනව නම් භරතමුණි එක්ක කෙලින්ම බේර ගන්න, don't shoot the messenger. තැපැල් කන්තෝරුව බාරේ භරතමුණි ඉන්දියාව. පොර ෆෝන් යූස් කරන්නෙ නෑ.

      Delete
    29. @U. මීගහ.,
      Id, Ego, Super Ego ගැන ලිව්වෙත් උඹ නේද බං? මම යෝජනා කරනවා ඒ උඹේම පොස්ට් එක නැවත කියවන්න කියලා. උඹටම තේරෙන්න ඕනේ කෙන්ජිගේ ලිවිල්ලෙයි, දේශකයාගේ ලිවිල්ලෙයි තියෙන්නේ එකම දේ නොවන බව...

      Delete
    30. අපුර්වි අක්කන්ඞි මම කියන්න හැදුවෙි කෙන්ඡි අයියන්ඞි ඔයාට සහෝදරියෙකුට වගේ කථා කරේ ඒත් ඔයාට තරහා ගියා.

      Delete
    31. එල මෙන්ඩිය .....+++++++++++++++++++++++++

      Delete
    32. @ උදිත

      වෙල්කම් වේවා.. එකම කුනුහරුපේ උනත් වචන වෙනස් කරල කියන විදිය වෙනස් කරන්න පුළුවන් ඒකෙන් විදීමත් වෙනස් වෙන්න පුළුවන්.. මං හිතන්නේ එහෙමයි..

      Delete
  2. පට්ට දේශක තුමා... සෑහෙන කාලෙකිං වෙනස්ම කතාවක් කියෙව්ව..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මේක එච්චර සාර නැති වගයි මට දැනුනේ.. හංගල තිබිල උඩට ගත්තේ.. හැක්..

      Delete
  3. අපේ පැත්තෙ ලිං ගොඩාක් ඒව පායන්කොට හිඳුනත් අපේ ලිඳේ හැමදාම වතුර.
    ඒ කාලෙට අහල පහල ඈයොත් අපේ ලිඳට තමයි එන්නේ.
    ඉතිං පායන කාලෙට මම හරිම බිසි.

    ReplyDelete
    Replies
    1. අන්න අතට නිවනක් නැති කොල්ලෝ.. (පායන කාලේට) හැක්.. එළ

      Delete
  4. මනෝභාවයන් විස්තර කිරීම ලේසි කටයුත්තක් නෙවෙයි , හැමදාම වගේ දේශකයා ඒ දේ කරන ආකාරය විශිෂ්ටයි...ඉරිසියයි ...

    ReplyDelete
    Replies
    1. විසිස්ට නං නැහැ බං.. තරමක් ට්‍රයි එකක් දෙනවා.. තැන්කුයි..

      Delete
  5. දැකීමත් එක්තරා විදියක -කීමක් කියන්නෙ ඕක තමයි.
    උඹේ ලියමන නං සුපිරි! කෙටිකතාවක සංකේත යොදාගන්නා ආකාරය ඉගනගන්න මේ කතා කියවීම හොඳ අභ්‍යාසයක්.

    ReplyDelete
    Replies
    1. විදීමෙන් උනත් ගන්න පුළුවන් සහනයක් තියෙනවා නේද?? අන්න ඒකයි මම මේ කියන්නේ නැතිව මේ චිත්තර අදින හාදයෙක් නෙමෙයි හැක්..

      තැන්කුයි රාජ්..

      Delete
  6. ටිකක් වෙනස් කතාවක්...
    මට පොඩි ප්‍රශ්නයක් .ියෙනවා දේශකතුමාගෙන් අහන්න...
    පදිංචිය රත්නපුරේද..?
    අපේ shop එක ඉස්සරහ කඩේක අයියා කෙනෙක් ඉන්නවා ඇරපු අතක් නෑ ඔය දාලා තියෙන 4to එකේ විදියමයි....ඒ මනුස්සයත් කොයි වෙලාවේ බැළුවත් computer එක ලඟමයි....නිවුන් සහෝදරයෙක් එහෙම නෑ නොවැ...............?????????????

    ReplyDelete
    Replies
    1. ඔබගේ ෂොප් එක කුමක්ද?

      Delete
    2. හි හි ඔය ඉන්නේ දේශා නෙමේ අහිංසක ප්‍රශා

      Delete
    3. කවුද අප්ප මේ අමිල.

      Delete
    4. ආයෙත් මොලේ මඥ්ඥං වෙන සිද්ධියක්. :)

      Delete
    5. කොන්ක්‍රීට් අයිය ගැනනෙ මේ කියන්නෙ....

      Delete
    6. මෙතැන ගැටළුවක්තියෙන්නේ ප්‍රසන්න සහ දේශකයා අතර අැති සම්බන්ධය කුමක්ද යන්න පමණයි.. උඩ ඡායාරූපයේ ඉන්නේ ප්‍රසන්න, ප්‍රසන්නගේ ගම ගොඩකවෙල එතකොට එයා රත්නපුරේ තැනක වැඩ කරනවා කියන එක හිතන්න පුළුවන්..
      සමහර විට දේශකයට බ්ලොග් එක අටවලා දුන්නේ Praසන්ன වෙන්න පුළුවන්..

      Delete
    7. මේක දේශකයාගේ කුමන්ත්‍රණයක් , දැන් මොන කුපාඩි වැඩේ කලත් දේශා බේරිලා අහිංසක ප්‍රසාට තමයි ගුටි කෑවත් කන්න වෙන්නේ

      Delete
    8. ඇයි උබලට හිතෙන්නේ නැත්තේ දේශා කියන්නේ ප්‍රසාම කියලා. මං කෝල් කරපු වෙලේ ප්‍රසා කියලා කතා කලෙත්, එයාට ගානක් වුණේ නැහැ, ඒ වගේම දෙන්න fb එන්නේ මුලින් දේශා ඇවිත් ඊට පස්සේ ප්‍රසා.. :D

      Delete
    9. ඔව් ඔව් - ගිය අවුරුද්දේ සයිබර් උළෙලට දේශක ගිහින් හිටියෙ නැතුව ප්‍රසා හිටියා එ් වගේහ ප්‍රසාගේ පාසැල් කාලේ ඡායාරූප දේශක ගාව තියනවා මෙන්න ලින්ක් එක

      Delete
    10. http://deshakaya.blogspot.com/2013/06/blog-post_8.html

      උඩ ලින්ක් එක වැඩ නැත්තනම් මෙන්න..

      Delete
    11. අන්න බුඩ්ඩිමටා .. ටේලුම් ගට්ටා නියමයි ගිහින් බලන්නම් ,, ඕවා අපිට හංගන්න බැහැ

      Delete
    12. දැන්නේ මීටර් උනේ...මේ පුසන්න කියන්නේ උදේ හවා දකින මනුස්සයෙක්නේ අෆ්ෆා...ගොඩකවෙල පරණවිතාන කඩේ ඉන්නේ මේ ප්‍රසන්න අයියා නේද...?
      ඊයේ හවස ඇවිත් ‍ෆෝන් කාඩ් එකක් අරන් ගියා මතක නැද්දෝ...???

      Delete
    13. සී.ජේ.විදානේ අයියේ ගොඩකවෙලම තමා....... :D

      Delete
    14. තැන්කිව් අමිල මං අනිද්දම ගිහිං අල්ලගන්නම්...

      Delete
    15. මේ වේෂකය මාව නැති කරන්නද කොහෙද හදන කුමන්ත්‍රණයක් මේක.
      ඒ අස්සෙ අර විදානෙත් තව මේකට ගින්දර දානව. ඔය උඩ තියෙන ෆොටෝ ඔක්කොම මගේ ෆේස්බුක් අකවුන්ට් එකේ තියෙන ඒව. :D

      @ Amila, ආයෙ ආපුවාම කතා කරන්න මම අහවලා කියල. :P

      Delete
    16. ඈ බං බොලා මොනවද මේ කියන්නේ... දැං ඉතිං වහංගු වෙන්න දෙයක් නෑනේ.. ඔව් මචං මම ඉන්නේ ගොඩකවෙල තමා ඔය උඹ කියන කඩේට එනවත් එක්ක. හැබැයි ඔය ප්‍රසා කියන්නේ බොරු. ඒකා මගේ පින්තුරයක් දාගෙන ඉන්න හොර ගෙඩියෙක්. ඌට අහුවෙන්න එපා. මං ආයි කඩේට ආවම උඹ මට දේශකයා කියල කතා කරහං. එතකොට අපි අදුරගමු.. ජය වේවා

      Delete
    17. හැක්.. හැක්.. කඩේට එනව නෙමෙයි බොල අමිල කියල තියෙන්නෙ කඩේ පදිංචි වෙලා ඉන්නව කියලයි.

      Delete
    18. ඔව් ඔව් ඉතිංං මං ඉද හිට එහාට කාඩ් ගන්න යනවා නේ.. හැක්..

      Delete
  7. අම්මප මේක දේශිකාට පෙන්නන්න විදියක් තිබුනනම්...

    ReplyDelete
    Replies
    1. මං හීනෙන්වත් හිතන්නේ නැති දේවල් මේවා...

      Delete
  8. චිත්‍රය හිතේ ඇන්දා !! මතකයක් ඇවිස්සුනා. අපි කැම්පස් ඉන්න කාලෙ බෝඩිමට එහා පැත්තෙ ගෙදර ඔය වගෙ නාන කෙනෙක් හිටියා. අපි දකින බව බලන බව එයත් දැනසිටියා. දේශකයාගෙ හිතේ ඉන්න චිත්‍ර ශිල්පියා අපි අතරේ හිටියා නම් අඳීවි.. එයා අපි තුන්දෙනක්ට සිරික්කිය දාලා ජොබක් තිබ්බ එහාගෙදර බෝඩර් එක්ක ගියා.. අන්න එහෙමයි අපේ හිත් බිඳුනේ.. තුන්දෙනෙකුට එකවර බූට් !

    ReplyDelete
    Replies
    1. සැප කනේ නේ.. අනේ ඇයි හැබෑට මේ බෝඩිං අහල පහල ගෑල්ලමයි වෙන උන් එක්ක ම යාළු වෙන්නේ. මේ බලන කියන අපිව අතෑරලා..

      Delete
  9. කාන්තාවකගේ තෙතබරිතව ගිය චීත්ත රෙද්ද ශරීරය මත ඇලී ඇති අන්දම දකින කතුවරයා සමස්ථ පිරිමි වර්ගයාගේම සිතුම් පැතුම් මවාපාන්නෙක් නොවේද ?

    අනර්ඝයි

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සමස්ථ පිරිමි වර්ගයාම ඔය චිත්තරේ අදින එක තමා බං කරන්නේ..

      Delete
  10. ලස්සන කතාව.කියවනකොට චිත්තරූප මැවෙනවා. ඒ ඔබේ විශිෂ්ඨත්වය. සුභපැතුම් !

    ReplyDelete
  11. බොලා ඔය ගෑනු ලමය නාන දිහා බලා ඉන්නකොට දේශිකා පිටිපස්සෙන් ආවනං තමයි හොඳම හරිය බලාගන්න තිබ්බෙ.
    අනික් දවස්වලට පෙනුනෙ නෑ කියන්නෙ ඒ වෙලාවට දේශිකා ගෙදර ඉන්න හින්ද ඔය ජනේලෙ ගාවට යන්න දෙන්නෙ නෑ නේද?
    හැබැයි කොහොම උනත් නිර්මාණයනං උපරිමයි.

    ReplyDelete
    Replies
    1. Praසන්ன අයියා
      ජුනි 13 වැනිදා පෝස්ට් එකක් දානව නේද ?
      (මාතෘකාව "තුනකුත් උනා එහෙනං")

      ජය වේවා!!!

      Delete
    2. ආයෙ මොනවද. එදාටත් කේක්, බෝතල් එහෙම හම්බවෙයි. :D

      Delete
    3. අපි 12 ඇවිල්ල පොසොන් දවසේ බීලා විකාර කරාම උඹ 13 හිරේ නේ. එතකොට නියම සැමරුමක් ලැබේවි බොට..

      Delete
    4. ඔවු උඹලට කන්න බොන්න දීල ආයුධ පෙන්නන්න යන්නත් කට්ටියක් සෙට් කරල තියඤ්ඤං.

      Delete
    5. අපි ඉතිං පුපුරන්නැති ව ග්‍රොනේඩ් ගහන්න දන්න කට්ටිය හොදේ..

      Delete
  12. කතාව හරිම අගේට ලියලා තියෙනවා. විශේෂයෙන් ම හැමෝම කියුවා වගේ ඇගේ රූපය විස්තර කරන අපූරුව. මේක ඇත්ත අත්දැකීමක් ද නැත්තම් නෝනා දිහා බලලාවත් මේ තරම් අපූරුවට පද ගලපා ගත්ත ද දේශකයෝ............?

    කතාව නම් හරිම අපූරුයි. ඒත් එදා හෝල්ට් එකේ ඉන්න වැඩට යන ගෑණු ළමයාට වෙච්ච දේම තමයි වෙලා තියෙන්නේ නේද? ආයේ එයා ආවේ නෑනේ. පව් දේශකයා අත ගැහුවොත් වැඩේ ඇණ නේද???????????????????///

    ReplyDelete
    Replies
    1. ඔන්න බළල්ලු මළු වලින් එලියට පනිනවා. මොකක්ද ඒ හෝල්ට් කතාව???

      Delete
    2. හපොයි බං මගේ කලින් එකට කලින් පෝස්ට්කටුව ගැන නේ කූගෑගීපයා කියන්නේ.. අර කයියක් ලිව්වේ

      Delete
  13. සිරාවටම කතාව ගලාගෙන යත්දි නියමෙට චිත්ත රූප මැවෙනවා. කියන්න වචනයක් නෑ. කෙටියි - රසයි. පට්ට.

    ReplyDelete
    Replies
    1. ෂාේට්ඊට්ස් - වගේ නෙහ්..

      Delete
    2. කොට මොඩ්ල් - ළඟ පිකප් :D

      Delete
    3. ප්‍රියා දැං පේනවා හොරයි.. මොකක්ද හොරේ.. හැක්

      Delete
    4. මේ ටිකේ ජොබ නිසා ජූන්ගිට්ටක් බිසී නොවැ. :(

      මේ බ්ලොග් කෙරුවාව කරන ගමන් නිවාඩු පාඩුවක් හම්බ උන හැටියෙ ජොබ කරනවනෙ. ;)

      Delete
    5. ජොබ පස්සේ කරන්න බැරියැ. ඉස්සෙල්ලා බ්ලොග කරහං මේ අපි වගේ.. හැක්..

      Delete
  14. මොනවද බොල මේ කොටන කුනුහබ්බ

    ReplyDelete
    Replies
    1. ආයි මොනාද ආයුබොවන්ඩ.. පිරිසිදු ශ්‍රක්‍ර කුනුහරුප නේන්නං.. හැක්..

      Delete
  15. අම්මපා මෙහෙත් කොහොම හරි නාන ලින් ටිකක් හදවන්න ඕනා

    ReplyDelete
    Replies
    1. අටව ගනිං පිල්ලෙක් නාන තැනක...

      Delete
    2. අනේ මෙහෙමත් මිනිස්සු ඈ :D

      Delete
    3. මැලේ රාලට සෝකය පහල වෙලා වගේ.. සිරාත් ඉන්නේ සෝකෙන්.. අපි කුමක් කරමුද ඔමා../??

      Delete
  16. ඇයි අපේ ගෙවල් ලග නාන ලිදක් නැත්තේ අප්පා???

    ReplyDelete
    Replies
    1. ඒ උඹල උග්‍රාවල්සතුන් නිසා.. හැක්..

      Delete
  17. අපූරැයි දේශක තුමා! බස හැසිරවීම නියමයි!

    ReplyDelete
  18. හොඳ කෙටි කතාවක්

    ReplyDelete
  19. +++++++++++S U P E R++++++++++++++++

    ReplyDelete
  20. Replies
    1. පොහ්.. මම බයත් උනා ඒ සද්දෙට

      Delete
  21. Replies
    1. අම්මපා මචං මටත් ඔහොම නොහිතුනාම නෙමේ

      Delete
    2. අනිවා.. ඔිනයා ඉල්ලපන් කෘතෘ භාගය.

      Delete
    3. @sanjeewa
      ඔවුනෙ ඕයි . . .

      @දේශකයා
      අඩෝ දීපං මගෙ බාගෙ . . . . (මම කැමතිම සංස්තා ඕල්ඩ්)

      Delete
    4. මෙව්ව මතක් කොරල දුන්නට මගේ කාලත්..?

      Delete
    5. මටත් කොහෙන් හරි මේකට සම්බන්ධයක් තියනව. කියාගන්න තේරෙන් නෑ, ඒකටත් කාලක් නං ඇති !!!

      Delete
    6. ශැහ් ඔය ඉන්නෙ තව දෙන්නෙක්ම

      @දේශකයා
      දැං තත්වෙ තේරෙනවනෙ . . . තව තවත් බරපතල වෙන්න කලිං අපි තුන්දෙනාට බෝතලයක් දීපං. ශැන්ඩි බයිට් අපි බලාගන්නං

      Delete
    7. ඈ බං දැං බොලාට සංස්තා පරණ එකක් දුන්නම මට ඉතුරුවක් නෑනේ.. එහෙම හොදද?? හැක්. ඒ උනාට උඹ අර පොටෝ ගත්ත එක නං හරිම වැරදියි.. හොදේ.. තව මොන පින්තුර අරන් ඇත්ද අපි නොදන්න ව උනාට. හැක්..

      Delete
    8. ඇත්ත වසයෙන්ම උඹ බලාපොරොත්තු වෙන පින්තූරෙත් ගත්ත. :D

      Delete
    9. ඇත්ත වසයෙන්ම.. ඇත්ත වසයෙන්ම මට ඒ පින්තුරේ දුටුවම ඒක හිතුනා.. හැක්..

      Delete
    10. අනේ පල දේශො .. මං ඊළඟපාර දානව මගෙ ගැජමැටික් එකේ පොටෝ එකක්. . ඒක ඉල්ලපියව් බලන්ඩ :D

      Delete
    11. අපේ ඔමාට කියහං බොට හොද එකක් ඇදල දෙන්න කියලා.. ඒකිට අදින්න පුළුවන් නේ..

      Delete
    12. ග්ලවුස් දාලා ,, ගොග්ල්ස් දාලා ඇඳලා එවන්නම් ඉදගෙන :)

      Delete
    13. ඒයි ඒයි. මතක ඇතුව කලසං කොටයක් අන්දහං..

      Delete
  22. කෙටිකතාව චිත්‍රයක් වගේ රස වින්දා. කොහොමද බන් අර නිකටෙන් වැටෙන වතුර බිංදුව පියයුරු හරහා ඇඟ ඇතුලට ගලා යන හැටි උඩ ඉඳන් දැක්කේ. නියමයි දේශා.

    ReplyDelete
    Replies
    1. ඒවා ඉතිං නොපෙනුනත් හිතෙනවා නේ අරූ.. හැක්..

      Delete
  23. කතාව කියවන්නෙ නැතුව කමෙන්ට් කරන හැටි කවුරුහරි මට කියල දීහල්ලකො.දැන් වෙලාවක් නෑ හෙට බලමු.

    ReplyDelete
    Replies
    1. මේ දාපු එකත් මදැයි අයියේ..

      Delete
    2. @හැලප කඩේ

      ඔයා මෙච්චරකල් බ්ලොග්වල ඉදලත් දන්නෙ නැද්ද පෝස්ට් එක කියවන්නෙ නැතුව කොමෙන්ට් කරන විදිය ???
      මෙහෙම කොමෙන්ට් එකක් දාන්න.. . .

      සුපිරි ලියවිල්ලක්.
      එන්න අපේ පැත්තෙත්. මම අරක ලියන මෙයා

      Delete
    3. ඒක ගැන කකාගේ ඇානෝ කෙනෙක් හොද විමර්ශනයක් කරල තිබුනා. පස්සේ ඒ වා ටික වල් රජා උස්සල පෝස්ට්කටුවක් දැම්මා මතකයි..

      Delete
  24. දේශාගේ කතා කලාව ඉතින් කොහොම අගය කරන්නද මන්දා.. චිත්‍ර ශිල්පියගේ දැකීමනම් අපූරුයි..

    ප.ලි, දැන් ඉතින් මට බාගෙට කෙටුව කතාව මාසෙකට විතර පස්සට ඇදලා දාන්න ඕන.. ;)

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි උඹත් ඒ වගේ එකක් කොටමින්ද හිටියේ..සැහ් අපරාදේ නෙව..

      Delete
    2. දාපන් දාපන්. උණු උණුවෙම වැටුනම තවත් රහ වෙයි.

      Delete
    3. ඔව් ඉතිං මේකා කිව්වට අහන එකෙක් යැ..

      Delete
  25. මචං මේකෙ පොඩි පොඩි දේවල් ටිකක් තියනවා මම කියන්නං... උඹේ ඇටේන්ෂන් ටු ඩීටේල් ගැන සාමාන්‍යයෙන් හිතුවහම, මට මොනවා හරි මිස් වෙලාද කියලත් හිතෙනවා. කොහොමත් පැහැදිලි කරගන්න මේ ටික අහන්න ඕනේ...

    - උඹ හිරිකඩ, සීතල සුළඟ ගැන කියනකොට හිතේ මැවෙන පරිසරයයි, හිරු බහින එක ගැන කියනකොට හිතේ මැවෙන පරිසරයයි පොඩ්ඩක් ගැලපෙන්නේ නැහැ නේද?
    - කතාවෙන් ගම්‍ය වෙන ආකාරයේ මහල් නිවාසයක, වතුර අදින ලිඳක්? මුහුද කිට්ටුවම? වෙන්න බෑ මයි කියන්නේ නෑ.. ඒත්...

    මට තියන අවුල මේකයි, උඹ කතාව කියන්න ගනිද්දී අපේ හිතේ අඳින්න හදන පින්තූරේ 'අන්විස්වාසබල්' ගතියක් මට දැනෙනවා.


    පොඩි පොඩි දේවල් ටිකක්....

    රෑ සපුව නෙමෙයි රූ සපුව

    //මා විශ්වාස කරමි. //
    //ඇයට මා පෙම් කරමි//
    //නොදකින මා සැනසුම් සුසුම් හෙළමි//

    මේ හැම තැනම 'මම' වෙන්න ඕනේ... සමහර වෙලාවට 'මා' කියන වචනේ වැරදි භාවිතයෙන් පොඩි පොඩි පැටලිලි සහගත බව ඇති වෙනවා..

    ReplyDelete
    Replies
    1. මම කතාවේ හොඳ පැත්ත ගැන ලිව්වේ නෑ.. මොකද උඹේ කතාවකින් බලාපොරොත්තුවෙන මට්ටම මේ වගේ ඉතා සුළු දේවල් කීපයක් නිසා හරි දැනෙන්නේ නැත්නම් ඒක උඹේ ලෙවල් එකෙන් ෆේලියර් එකක්...

      Delete
    2. හුගක් ස්තුතියි තිසර. වචන වලින් හරඹ පාන්න තතමන අපිට වැරදුන තැන් ගැන මේ වගේ අදහස්/වැරදි/අඩුපාඩු කියන එක තරං තවත් සම්පතක් නැහැ බං. ඇත්තටම මට මේවා අහු උනේම නැහැ. සිතුවිලි ගලා යාමේ අඩුවක් හා නොදැනුවත්කම් තමා මේකට බලපාන්න ඇත්තේ.. රෑ සපුව කියල නං වැරදිලා වැදෙන්න ඇති.. මට ඒ පිල්ලං දෙක මාරු වෙනවා වෙලාවකට බං.

      මෙන්න මේ තත්වය ඒ කියන්නේ මගේ ෆේලියරර් හොයන මට්ටමටම උඹ වගේ,ඇනොනිමස් මෑන් වගේ අය අදහස් දැක්වීම මතම මම කරන සමහර නිර්මාණ පබිලිස් වෙන්නෑ. ඒකෙන් සමහර වෙලාවට එකම දේ දෙතුන් පාරක් ලියන වෙලාවල් පවා තියෙනවා. මං ඒකට බොලාට ස්තුති කරනවා. මොකද මාත් කැමති නැහැ උඹල පහලට දාන්න මම ෆේල් වෙලා. ඒක නිසා ආයිත් කියන්නං ස්තුතියි බොක්කෙන්ම..

      අපි බ්ලොග් අවකාශයේ කියනවා හැම එකටම එහෙයි හොදයි සුපිරියි කියන අය විතරයි පිට කසන අය විතරයි ඉන්නේ කියලා. ඒක එහෙම නොවෙනවා කියන එකට හොදම උදාහරණයක් මේක.. ස්තුතියි තිසර. සැබෑ විවේචකයා..

      Delete
  26. දේශ්, අර අන්තිමට තියන අනර්භ කියන ටයිපින් වැරැද්ද හදන්න. මොකද මේ පෝස්ට් එක තව කාලයක් ගියත් පරණ වෙන්නේ නැති එකක්.

    අමාරුම යුද්ධයක් තමයි හිත පාලනය කරගෙන නිවැරදි දේ කිරීම.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු හැකි විදියට සිත පාලනය නොකලේ නම් මේ ලෝකය කෘෘරත්වයෙන් පිරි තැනක් විචා.. ස්තුතියි වැරුද්ද හදන්නං..

      Delete
  27. සියුම් මනෝභාවයන් අපූරුවට අකුරු කිරිමේ දේශා සතු ශක්තිය මොනවට පෙන්නුම් කරන තවත් කතාවකි මේ. සතුටුයි දේශා

    ReplyDelete
    Replies
    1. තැන්කුයි. නලියෝ.. මම තවම ඒ පිළිබදව ඉගෙනගන්න කූඹියෙක්..

      Delete
  28. >>තව දුරටත් ඇයගේ පහස ලැබීමේ ආශාවක් මා තුල නොමැත. කවුළුවෙන් පැන ගොස් එක වරම ඇයව කිටිකිටියේ වෙලා ගැනීමේ මා ආශාව යටපත් වී ඇත. ඇයගේ සිරුරේ ලාලිත්‍යෙයන් ඔකඳ වූ මා මනස එයින්ම සෑහිමකට පත්ව ඇති සේය. <<
    මම මේ ටික කියෙව්වාම හිතුවේ වෙන අවසානයක්. පින්සලයකට හා චිත්‍රයකට වඩා සිතියමක් සහ සිතියම් අඳින පෑනක් වගේ.


    ReplyDelete
    Replies
    1. ඔන්න හැන්රි මහතා මම කියු දේ හරියටම තේරුම් ගත්තා.. ස්තුතියි. මං ඔය වාක්‍යේ “බිත්ති“ කියන වචනේ උවමනාවෙන්ම අයින් කරා.. හැක් හැක්.. අන්තිමට මේ චිත්‍ර ශිල්පියා ඇන්දේ බිත්ති චිත්තරයක් තමා..

      Delete
    2. චිත්‍ර ඇඳල බම්බු ගහන්නද දේශෝ, රුපියල් දාහක් ෂැට් කොරං මිස් කෝල් එකක් ගහපං මට..:D

      Delete
    3. දැං ඉතිං බොට අළුතින් චිත්තරයක් පොරපයිල් එකට දාන්න වෙයි. හැක්.. ඇයි අරූ ගේම ඉල්ලනව නේද?

      Delete
    4. මාරු කරා මචෝ , මේ ඉන්නෙ නිකං පාංකඩය වගේ.. උඹ බ්ලොග් එක උදුරගත්තා. අරූ ප්‍රොපයිල් පිංතූරෙ උදුරගත්තා.. :D
      ගැජමැටික් එකත් කවුරු හරි ගලෝගෙන යනවා ඕං බලපං :D

      Delete
    5. තුන්කාලක් බොන්න ඔ්න ප්‍රශ්ණයක්.. බන්

      Delete
    6. උඹේ ගැජමැටික් එක්ක පත්තර නංගි ගත්තා කියල ආරංචියි.. හැක්.. ඕවා ගනං ගන්න එපා. උඹ හිටපු විදිටයම ඉදහං. නැත්නං අපිටයි පව්..

      Delete
    7. ආ ඔව් , එයාගෙ තමා ගැජමැටික්ස් එකනං , මට තියාගන්ඩ කිව්වා ඉල්ලද්දි දෙන්ඩ කියලා..:D

      විදානෙ.. අද මේක සමරන්ඩ සැට් වෙමුද .. හොඳ හේතුවක්

      Delete
    8. දැං මොකක් සමරන්න ද උඹ ඔය හදන්නේ.. ගැජමැටික් එක අන්සතු වීමේ සතුටද?

      Delete
    9. හැක් :D මං මේ අරක්කු ඩිංගක් බොන්න හේතුවක් හොයනවා ..

      Delete
    10. අර යකා උඹේ රූප කාය පැහැරගැනීමේ දුක හෙතුකොට ගෙන විස්කි වඩියක් තව ස්වල්ප මොහොතකින් පානය කිරීම සුභය කැපය..

      Delete
    11. This comment has been removed by the author.

      Delete
    12. එහෙනං ඔන්න බොමු අප්පා...

      Delete
    13. ඕ යේස් විදානෙ.. මේ ටිකේ පෝස්ට් යන ට්‍රෙන්ඩ් එක ගල් නෙ.. :D

      Delete
    14. @ පත්තරයා - ගැජමැටික් එකක් තිබ්බද උඹට

      Delete
    15. පොඩි එකක් තියෙන්න ඇති. ඕයේස්

      Delete
  29. බොහෝ චිත්‍ර ශිල්පීන්ගේ විශිෂ්ට නිර්මණ ඔවුන් ඇසින් දුටු සිදුවීම්... අපුරුයි කතාව ...

    ReplyDelete
  30. ලස්සනයි බං,හැබැටම කොහොමැයි බං මෙහෙම පණ පිහිටුවලා ලියන්නේ.
    චිත්‍ර අපේ හිතේ ඇන්දේ උඹ

    ReplyDelete
  31. මේ චිත්‍ර ශිල්පියා එකම සිතුවම නැවත නැවත බලමින් රස විදී ..සමහර විට ඒ සිතුවමට තව වර්ණ යන් මුසු කලොත් තව හැඩයන් එක කලොත් නැගෙන අලුත් සිතුවමට ඔහු පෙරටත් වඩා පෙම් කෙරෙනු ඇතයි සිතමි .. ;) :)

    ReplyDelete
    Replies
    1. නැහැ හංසි.. ඔහු එක දිගටම බලන් ඉදල හිතට හරියට වැදුන වෙලාවක් පින්තුරේ අදීවි..

      Delete