Friday, March 7, 2014

වතුර බිංදුව!! (The Drop of Water)

ලොකු කරල බලන කණ්නාඩියකින් මොකක්ද කරන්නේ කියල දන්නව නේ. දන්නෑ.. අයියෝ අර රවුං කාචයක් හයි කරපු අන්ඩක් තියෙන එක. අර මොකක් හරි දිහා ඒකෙන් බැලුවම ඔය තියෙනව වගේ සිය ගුණයක් විතර විසාල වෙලා පේන එක. අන්න ඒක ගැනයි මං කිව්වේ.

කව්රු හරි ඔය විශාලන කාචයක් අතට අරගෙන, ඒකට ඇහැ තියල එක වතුර බිංදුවක් දිහා හොද බැලුවොත් පෙනේවි, ඒ වතුර බිංදුව ඇතුලේ මොන තරං විසිතුරු රටා තියේද කියලා. ඒ වතුර බිංදුවේ අමුතු අමුතු පුංචි සත්තු දාස් ගානක් හැංගිල ඉන්නවා. හැබැයි ඉතිං එයා දකින ඔය විසිතුරු දේවල් මොකක්වත් වතුරේ නං පැහැදිලිව දකින්න පුළුවන් වෙන්නෑ. ඒත් ඒවා තියෙනවා. කිසිම වංචාවක් නෑ. 

ඒකේ ඉන්න දාස් ගානක් වෙන පුංචි සත්තු ටික, හරියට මහා සෙනග කන්දරාවක් උඩට පනින භයානක මකුළු රෑනක් වගේ පෙනේවි. කොයි තරං බයානකද? මේ අය මිනිසුන්ගේ අත් කකුල් එකින් එක ගලවල විසි කරාවි. ඇයි ශරීර කුඩුවටත් ඒ වැඩේම කරාවි. මොනව උනත් තමන් කරන දේ ගැන ඒ අය බෝම සන්තෝසෙන් තමා ඉන්නේ.

හරි.. ඔන්න කාලෙකට ඉස්සර බොහොම වයසක මුත්තෙක් හිටියා කව්රුත් එයාට කතා කරේ පිස්සු ඉස්සා කියල. අනේ ඉතිං ඒක එයාගේ නම නේ. පිස්සු ඉස්සා සීයා හරිම අමුතු කෙනෙක්. එයාට මොන වැඩේ උනත් කිරිගහට ඇන්න වගේ හරියට නූලට තියෙන්න ඕන. බැරි වෙලා හරි ඒ වැඩේ නූලට කරගන්න බැරි නං මැජික් වලින් හරි ඒක නූලට කරනවමයි.

එක දවසක් එයා වාඩි වෙලා උන්නා තමන්ගේ විශාලන කාචයත් ඇහැට තියාගෙන මොකක් හරි දිහා හොදට බලමින්. මොකක් දිහාද දන්නවද බැලුවේ. අන්න අර අතන තියෙන මඩ වලෙන් ගත්ත මඩ වතුර බිංදුවක් දිහා. ඒත් ඒ වතුර බිංදුවේ මොන තරං නං පිස්සු සත්තු ගොඩක් හිටියද අප්පා. එකම යුද පිටියක් වගේ. දාස් ගානක් සත්තු උඩ පනිනව, ඇඹරෙනවා, හැරෙනවා, දගලනවා ඒ මදිවට ළග ඉන්න එකාව එහෙම් පිටින්ම ගිලල දානවා.

“සිහ්. මේක නං පිස්සුවක්!!“ පිස්සු ඉස්සා සීයා කිව්වා. “ ඇයි මේ කාටවත් තේරෙන්නේ නැත්තේ අනිත් අයට දෙයියනේ කියල සාමයෙන් සමාදානයෙන් ජීවත් වෙන් ඉඩ දෙන්න ඕන කියලා. එහෙම උනා නං තමන්ගේ පාඩුවේ මේ අයට ඉන්න තිබුනා නේ“

ඔහු මේ ගැන නොනවත්වාම හිතන්න ගත්තා. ඒත් මේ අය හැදෙන පාටක් නැති නිසා එයා තීරණය කළා මැජික් වල පිහිට පතන්න. 

“මේ අයට පාටක් දෙන්න ඕන. එතකොට පැහැදිලිව බලාගන්න පුළුවන්.“ එහෙම හිතලා රතු වයින් පුංචි බිංදුවක් වගේ දෙයක් අර වතුර බිංදුවට දැම්මා. ඒක හරියට මායා ආච්චිගේ කන් පෙත්තෙන් ගත්ත ලේ බිංදුවක් වගේ රතුම රතු පාටයි. ඉතිං මේ රතු පාට මුහු උනාට පස්සේ අර පුංචි සත්තු ඔක්කෝම රතු පාට උනා. ඒක හරියට නිරුවතින් ඉන්න මිනිස්සු පිරුන නගරයක් වගේයි පෙනුනේ.

“මොනවද ඔය කරන්නේ“ එතැනට ආපු නමක් නැති තවත් මැජික්කාරයෙක් පිස්සු ඉස්සා සීයගෙන් ඇහුවා.

“පුළුවන් නං කියනවා මොකක්ද කියලා.. ඔව් කියන්න පුළුවන් උනොත් මං ඔහේට ඒක තෑග්ගක් විදියට දෙනවා. හැබැයි ඉතිං මෙහෙමයි නොදන්න කෙනෙකුට නං සක්කරයා කිව්වත් ඕක හරියට කියන්න බෑ“ ඉස්සා සීයා කිව්වා.

ඊට පස්සේ නමක් නැති මැජික්කාරයා විශාලන කාචය අතට අරන් ඇහැට තියල බැලුවා. හුහ්. හරියට මහා විශාල නගරයක් වගේ, මිනිස්සු... මොනවා මොලෝ රහක් නැතිව අමු නිරුවතින් නේ දුවන්නේ. සිහ්. කැතේ බෑ.! ඊටත් වැඩිය සවුත්තුයි එක එකාව තල්ලු කරගෙන ගහ මරාගන්න විදිය දකින එක. ඒ මදිවට ළග ඉන්න කෙනාව හපනවා, කපල දානවා චප්ප කරනවා. උඩින්ම ඉන්න අය පල්ලෙහාට දාන්න, යට ඉන්න අය දගලනවා. යට ඉන්න අය උත්සාහ කරනවා පුළුවන් තරං උඩටම යන්න. අන්න, අන්න. අර යකාගේ කකුල මගේ කකුලටත් වඩා දිගයි. එයි. අහකට පල. 

එතන හිටියා පුංචි තුවාලයක් තිබ්බ කෙනෙක්. ඒක හරිම වේදනාකාරියි ඌට.  ඒත් තවත් වේදනාව වැඩි වෙන්නයි යන්නේ. අර පුංචි තුවාලේ නිසාම මෙයා අනිත් අයගේ පහර කෑමට, තෙරපීමට, තල්ලු කිරීමට, හැපීමට නතු උනා. පස්සේ අනිත් අය මෙයාව ගිලලම දැම්මා. මේ අතරේ එක් අයෙක් පැත්තකින් වාඩි වෙලා හිටියා හරියට පුංචි කුමාරියෙක් වගේ. එයාගේ අරමුණ උනේ නිදහසේ තමන්ගේ පාඩුවේ ඉන්න එක. ඒත් අැයට ත් ඉන්න විදියක් නෑ. වැඩක් නෑ. අර උන්දැල මේ දැරිවිවත් හපල, තලල, එහෙම් පිටින්ම කාලා දැම්මා.

“මේක නං මරේ මරු!“ නමක් නැති මැජික් කාරයා කිව්වා.

“ඔව්. ඒත් තමුසේ දන්නවද ඔය මොකක්ද කියලා... තමුසෙට පුළුවන්ද හොයාගන්න ඕක. ඇයි හාදයෝ ඕන කෙනෙක්ට නිකම්ම කියන්න පුළුවන් මොකක්ද කියලා“ පිස්සු ඉස්සා සීයා කිව්වා.

“මේක නං පැරිස් හරි නැත්නං ඒ වගේ මොකක් හරි මහා විශාල නගරයක් නේද? මොකද ඒවා එකම වගේ නේ. මේක මහා විශාල නගරයක් ඔව්.. ඉදගෙන“

“හැක් හැක්. අනේ මෝඩයෝ මේ මඩ වතුර බිංදුවක්“ පිස්සු ඉස්සා සීයා කිව්වා. 

The Drop of Water - Hans Christian Andersen

ප.ලි. -ධර්මය පැත්තකට දාලා බලන්නකෝ මේක.. ජීවන දිය

86 comments:

  1. හ්ම්ම්...මම දැකල තියෙනව පාසල් යද්දී....
    දැනුත් බලනව පේන්නෙම ලස්සන කෙල්ලෙක් ගෙ පියකරු සිනහ මුහුණක් මචෝ....

    ReplyDelete
  2. යකෝ පිස්සු පීකුදු වෙන නම් නේ සියා ලාටත් තිබිලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔය සීයගේ ඇත්ත නම Kribble-Crabble. ඒකත් පිස්සු නමක්නේ

      Delete
  3. මේ කතාවේ යටි අර්ථය අපේ සමාජයටත් රටේ වෙන දේවලටත් හරියටම වලංගුයි. දේශකයෝ උඹට ජය!!

    ReplyDelete
  4. අනේ මෝඩයෝ මේ මඩ වතුර බිංදුවක්...... //සිරාම සිරා

    ReplyDelete
  5. //ලොකු කරල බලන කණ්නාඩියකින් මොකක්ද කරන්නේ කියල දන්නව නේ. //

    දන්නෑ.. අයියෝ :D
    ලොකු කරලා පෙන්නන එකද?

    කතාව ලස්සණයි දේශකයෝ...මේ ඔයා වැඩට ඇවිත් වැඩ කරනව නේද? :D:D

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ ඒක තමා උත්තරේ..

      තැන්කුයි පොඩ්ඩි.. මේවත් ඉතිං වැඩ තමා..

      Delete
  6. //එතන හිටියා පුංචි තුවාලයක් තිබ්බ කෙනෙක්. ඒක හරිම වේදනාකාරියි ඌට. ඒත් තවත් වේදනාව වැඩි වෙන්නයි යන්නේ. අර පුංචි තුවාලේ නිසාම මෙයා අනිත් අයගේ පහර කෑමට, තෙරපීමට, තල්ලු කිරීමට, හැපීමට නතු උනා. පස්සේ අනිත් අය මෙයාව ගිලලම දැම්මා. මේ අතරේ එක් අයෙක් පැත්තකින් වාඩි වෙලා හිටියා හරියට පුංචි කුමාරියෙක් වගේ. එයාගේ අරමුණ උනේ නිදහසේ තමන්ගේ පාඩුවේ ඉන්න එක. ඒත් අැයට ත් ඉන්න විදියක් නෑ. වැඩක් නෑ. අර උන්දැල මේ දැරිවිවත් හපල, තලල, එහෙම් පිටින්ම කාලා දැම්මා.// මෙතන තමයි කතාවේ මට හොඳම තැන.

    ReplyDelete
  7. ශා මරු !
    මේ වගේ එකක් මාසෙකට සැරයක් කියවන්න ලැබුන එකත් මරු !

    ReplyDelete
    Replies
    1. ඔව් මධු මාසෙකට එකක් දාන්න බලපොරොත්තුවක් තියෙනවා පාඨක ඉල්ලීම් මත..

      Delete
  8. මේක කියෙව්වට පස්සේ මට උඹව පේන්නෙත් පිස්සු ඉස්සා වගේ .......! බලාපන් මම උඹට ගරු කරන තරම ඒ කෙන්ම පේනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඒ වගේ ගරු කරන එක කොයිතරං දෙයක්ද මහා පණ්ඩිතයා, බුද්ධිමතා කියල අපහාස කරනවට වඩා..

      Delete
  9. ආ මේ එහෙම එකක් නේද...??

    ඒත් නියමයි දේශ්..

    ReplyDelete
  10. වතුර විතරද බලලා තියෙන්නේ ඕකෙන්? අපි නම් වෙන වතුර බින්දුවක් දාලා එකේ නලියන 'ඉස්ගෙඩියො' දැකලා තියනවා.

    ReplyDelete
    Replies
    1. ඊගාව පාර වෙරළුමල් සුවඳ එනකොට දේශට ඕක මතක් වෙයි. :D

      Delete
    2. මොකක් කිව්වා, වෙරළු මල් සුවඳ.... හැක්.. හැක්...

      Delete
    3. @ සරා

      මේක බොට මිස් වෙචිච ආතල් එකක් බලහං ඉඩ ඇත්නං.. හැක්

      පිච්ච මල් සුවඳ>

      Delete
    4. පිච්ච මල් ...අන්න කතා දේශක් කෝ දැන් ඒ වගේ කතා ..දැන් හොර අදින්න පුරුදු වෙලා නේ ...

      එවැනි කතා නොදැමිම ගැන මගේ බලවත් විරෝධය..

      Delete
    5. @ විචා

      ඕවා පරික්ෂා කරද්දි අපිට නලියනවා..

      Delete
    6. @ සහෝ

      එවැනි කතා එක පාරට හදන්න අමාරුයි. ටික දවසක් ඔළුවේ අදහසක් තියෙන්න ඕන. බලමු මාත් දැං ටිකක් කම්මැලියි බං..

      Delete
  11. අත් කාචෙකිං කොහොමද බොල ඔච්චර දෙයක් පේන්නෙ. අන්වීක්සෙකින් බැලුවනං ඕව පෙනෙයි.
    කොහොම උනත් නියම කතාව.

    ReplyDelete
    Replies
    1. //අත් කාචෙකිං කොහොමද බොල ඔච්චර දෙයක් පේන්නෙ. අන්වීක්සෙකින් බැලුවනං ඕව පෙනෙයි.// මටත් හිතුනෙ ඒකම තමයි. :)
      කොහොම උනත් දේශාගෙ පරිවර්ථනය නම් නියමයි..

      Delete
    2. @ ප්‍රසා

      ඇත්ත.. ඇත්ත.. එතැන වැරැද්දක් තියෙනවා. පොතේ දාලා තිබ්බ පින්තුරේ අත්කාචයක් තිබුන නිසා මං ඒකම දැම්මා.. ඒකයි උනේ..

      Delete
    3. @ චාම්ස්..

      ස්තුතියි එතැන වචනය වැරදියි තමා. ඒත් මං ඒක ආයි හැදුනේ නං නෑ..

      Delete
  12. ඒ එහෙනම් එකත් එහෙමයි නේ....
    සුරංගනා දේශා.....:)

    ReplyDelete
    Replies
    1. හපොයි ඒ පාර තවත් නමක්..

      Delete
  13. යකෝ මාර මාර කතාවල් නෙව දේශා තුමාටත් මතක් වෙන්නෙ..
    අන්වීක්ෂෙකින් නං ඔහොම එකක් 9 වසරෙදිද කොහෙද බැතුව මතකයි...

    ReplyDelete
    Replies
    1. මං කරේ පරිවර්තනයක් විතර නේ බං. තැන්කුයි..

      Delete
  14. වතුර බිංදුවක ඔය තරම් දේවල් තීනවද හප්පේ.

    වෙරළු මල් බීම වල මක්කැයි පේන්නෙ.? ;)

    කතාවනම් හැමදා වගේම එළ.

    ReplyDelete
    Replies
    1. වතුර අණුවක උනත් කොයි තරං දේ තියේද බං.. හැක්.. වෙරළු මල් ගැන ප්‍රවීණයන්ගේ උපදෙස් ලබා ගන්න.. කෙන්ජි, ප්‍රසා වැනි අය..ර

      Delete
  15. අත්කාචෙයි අන්වීක්ෂෙයි මාරුඋනාද බන්? 

    ReplyDelete
    Replies
    1. උඹත් හරි.. කතාවට අදාළ පින්තුරෙට ගැලපෙන්න අත්කාචය කියල දැම්මට ඒ වචනේ ඇත්තටම වැරදියි.. තැන්කුයි

      Delete
  16. දැන් ඉතින් නිදහසේ වතුර බොන්නත් බයයි එකේ ඉන්න සත්තු මතක් වෙනවනේ

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. හුස්ම ගන්නත් බයයි වාතේ ඇතුලෙත් මේ යක්කු ඉන්නවා නේ..

      Delete
  17. මඩ වතුර නේ
    (අපෙ දොහා වරෙන් )

    ReplyDelete
    Replies
    1. (අපෙ දිහා වරෙන් )

      Delete
    2. ඇයි උඹලගේ වන්නි වල මඩ වතුර නැද්ද??

      Delete
  18. මේ කතාව කියවනකොට මට මතක් වෙන්නෙ මෙහෙම දෙයක්.. වතුර බිංදුව දිහා කාචෙන් බලනකොට පේනවා වගේ.. අපේ පුංචි පෘථිවිය දිහා අපිට වඩා දියුනු ජීවීන් බලන් ඉන්නවද දන්නෙ නෑ අපේ එවුනුත් අර වතුර බිංදුව ඇතුලෙ ක්ශුද්‍ර ජීවීන් වගේ කා කොටා ගන්න හැටි!

    http://masandumal.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මටනම් අයියේ දැනුනේ කතාවෙන් කිවේ අපේ ලෝකේ ගැනම තමයි... ක්‍ෂද්‍ර ජීවින් හෝ අනෙකුත් සත්ව වර්ග කා කොටා ගන්නේ ජිවත් වෙන්න කන්න යමක් වෙනුවෙන් ඒත් මිනිස්සු වෙච්ච අපිට ඊට වඩා කාරණා තියෙනවනේ ,,,

      //ඊටත් වැඩිය සවුත්තුයි එක එකාව තල්ලු කරගෙන ගහ මරාගන්න විදිය දකින එක. ඒ මදිවට ළග ඉන්න කෙනාව හපනවා, කපල දානවා චප්ප කරනවා. උඩින්ම ඉන්න අය පල්ලෙහාට දාන්න, යට ඉන්න අය දගලනවා. යට ඉන්න අය උත්සාහ කරනවා පුළුවන් තරං උඩටම යන්න. ////

      Delete
    2. @ මනෝෂ්

      සිරා කතාවක්. අපි දිහා බලනවද කියල අපි දන්නෑ නේ..

      Delete
  19. හරිම ශෝක් කතාව දේශකතුමා.. ඒ වගේම හිතන්න පැති ගොඩකුත් ඒ ඇතුලේ තිබුනා..

    ජිවන දිය පෝස්ට් එකත් කියෙව්වා.. අපිට නොපෙනෙන දේ කොයිතරම් නම් විශ්මයජනකද ...

    ReplyDelete
  20. ඇත්තම ඇත්ත thanks දේශක ටුමනි ,, නමුත් මගේ වචන හොරාගෙන තියෙනවා ඉදගෙන කතෘභාගේ ඕනේ හරිය .. හාන්ස් ක්‍රිස්ටියන් මගේ වීරයා..

    ReplyDelete
    Replies
    1. කරතු බාගේ දෙන්න බැරිය පස්සේ..

      Delete
  21. මේකෙ තැන් තැන් වල තියන සමහර කොටස් අස්සෙ තවත් කතන්දර ටිකක් පෙනුන මට.

    අර බ්ලොග් එක බුක් මාක් කර ගත්තා හෙමින් හෙමින් බලන්න කියල.

    ReplyDelete
    Replies
    1. මං කිව්වේ ඒ ලිපිය බලන්න කියලා.. හැක්..

      Delete
  22. අපේ සීයත් ඔය වගේ කන්නාඩියක් තියාගෙන ඒකෙන් බල බල තමයි ඒ දවස් වල රැවුල කැපුවෙ..

    ReplyDelete
    Replies
    1. ඉතිං උඹල දිහා කන්නාඩියේ බැලුවේ නැද්ද..

      Delete
  23. මම ආසම කතා කැටගරිය. රස නොනැසෙන්න ඔයා සුරංගනා කතා සිංහලයට හරවන හැටි අපූරුයි.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි බස්සියෝ.. උපරිම උත්සාහ කරනවා වැඩේ හොදට කරන්න..

      Delete
  24. අහා තවත් Hans කතාවක්. හොද දේශා :* .....

    ReplyDelete
    Replies
    1. ඔයත් එක්කෙනෙක් තමා මට මේවා ලියන්න උදව් කරන..

      Delete
  25. වතුර බින්දුවක කතාවක් ඊයෙ පෙරේද ඕනයන්ං බුකියෙ මතක් කරල තිබ්බ. මාත් ආවෙ එහෙම එකක් බලන්න. කෝ මූ සුපියල් පා කේවනෙ. පරිවර්ථනේ ගැන පස්සෙ කතා කරමු.

    ReplyDelete
    Replies
    1. සුපියල් පා දෙන්නං.. හැක්.. ඕනයගේ කතාව මං දැක්කේ නෑ නෙව..

      Delete
  26. වතුර බිංදුවකින් ඒ තරම් දෙයක් බලා ගත්තද? පරිවර්ථනයට ස්තූතියි දේශාකයෝ..

    ReplyDelete
    Replies
    1. සැහ්. වතුර බින්දුවක කොච්චර දෙයක් තියේද බං..

      Delete
  27. ලැච්චරයෝ (රවීගෙන් පුරුදු වුනේ)...වතුර බිංදුව අග්ගිස්සටම ඇවිත් කියලා හිතුවේ පහුගිය ටිකේ කවි කිය කිය හිටිය නිසා :D

    උඹේ මේ කතා කියවන්න මමත් කැමතියි.

    ReplyDelete
    Replies
    1. හැක්.. රවියා තමා දවසකටවත් මුනියා..

      තැන්කුයි අරූ.. අපි ගාල්ලෙ ගියපු වෙලාවෙත් උඹ ගැන කතා කරා..

      Delete
    2. උඹලා කොහෙද බන් ගාල්ලේ ගියේ.....ආතල් එකක් ගත්තාද?

      Delete
    3. එෆ් බී එකේ රූ සැදෑව කියල සෙට් එකක කරපු වැඩකට ගාල්ල සමනල ග්‍රවුන්ඩ් එකට ගියා.. දවසම බිව්වා..

      Delete
  28. මට මේ කතාව අස්සේ පෙනුණේ බටහිර ජාතීන් අපිට සාමය ගැන පාඩම් උගන්වන එක. මේක හරි ආදර්ශමත් කතාවක් දේශා.

    ReplyDelete
    Replies
    1. මට නොහිතුන දෙයක් සුදීක හිතල නේ.. ඇත්තටම ආදර්ශමත් කතාවක් තමා මේක.. ස්තුතියි සුදීක

      Delete
  29. ලස්සනයි දේශකයා...

    මේ ඩ්‍රොප් ඔෆ් වෝටර් කතාව ගැන ඉස්කෝලේ යන කාලේ ඉංග්‍රීසි ගුරුතුමියක් විස්තර කලා මතකයි... මට මතක විදියට එයා කිව්වේ මෙච්චර කලබල ගැටුම් වෙන අපේ සමාජය ගැන අපි බරපතල විදියට කණගාටු විය යුතු නැහැ පුංචි මඩ වතුර බින්දුවක් ඇතුලේ වුනත් මේ දේවල් මේ විදියටම වෙනවා වගේ අදහසක්... (මට මතක හැටියට...) :)

    ReplyDelete
    Replies
    1. වෙල්කම් බීටිල්.. මේ ආවම නේද බීටෝ.. ගුරුතුමිය කිව් අදහස හරි නේද..

      Delete
  30. දැන් හාන්ස් ඇන්ඩර්සන්ගෙ සුරංගනා කතා ලොකු පොඩි කාටත් අගෙයි.

    මට අර වතුර බිදුව ගැන කියනකොට මතක් වුනේ පහුගිය දවසක සති අන්ත පත්තරේ තිබුණනේ පිරිත් පැන්වල බලය ගැන කියලා. එතන සාමාන්‍ය වතුර බින්දුවක් පිරිත් පැන් බින්දුවක විද්‍යාත්මක වෙනස පැහැදිලි කරල තිබුණා. ඇත්තටම කාචයකින් බලන්න ඕනේ යම් තොරතුරක් දැකගන්න පුලුවන්ද කියලා.

    ReplyDelete
    Replies
    1. දයා ඔය කතාවේ ලින්කටුවක් තමා අර යටින් දාලා තියෙන්නේ.. ලොකු පොඩි බේදයක් නෑ හාන්ස්ගේ කතා උපරිමයි..

      Delete
  31. අපේ හෙන්රි උත්තමයට පස්සෙ පරිවර්ථන අංශයෙන් වේගෙයෙන් පෙරට එන අපේ දේශක තුමාට මගේ හදපිරි ස්තූතිය පුද කරමි. බලන්න මඩ වතුර බින්දුවකින් හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් මවලා තියෙන කථාවක්....අපූරුයි...

    ReplyDelete
    Replies
    1. තැන්කුයි සිරා... හැන්රියා අමාරු එ්වා නේ කරන්නේ. මං ලේසි ඒවා.. හැක්

      Delete
  32. මේවගේ අපූරු තේමා ඔස්සේ අපේ මහලොකු ලේඛකයන්ගේ මොළ ගෙඩිවලට අදහස් එන්නේ නැතිහැටි. අපේ අය ලාභෙට කොපියක් ගහයි. නැතිනම් මොකක් හරි කුණුහරුපයක් නැතිනම් නොතේරෙන අපභ්‍රන්සයක් ලියයි.

    ReplyDelete
    Replies
    1. හිස් හිස් ඇති මිනිසුන්ගෙන් මොනව බලාපොරෙත්තු වෙන්නද තරු..

      Delete
  33. මේක අපේ ලෝකෙම එක පැතිකඩක් තමා ඉතින් නේද ලස්සනට් පරිවර්තනය කරලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. තැන්කුයි නාටිටිකාරයා...

      Delete
    2. තැන්කුයි නාටිටි කාරයා..

      Delete
  34. මේ සුරංගනා කතාවනම් රස වින්දා . මම මිසදුටුවෙක් හින්දද කොහෙද අර ලින්ක් එකේ ,,,,( නෑ එක්කෝ ඕනි නෑ )

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ මං කිව්වෙ ධර්මය පැත්තකට දාලා කියවන්න කියලා. කෝ ඇහෙන එකක්යැ.. හැක්..

      Delete
  35. ලස්සන උපහැරණයක් මට හිතෙන සේ

    ReplyDelete
    Replies
    1. සිරාවට ලස්සන උපහැරණයක්.. ස්තුතියි වැවා

      Delete
  36. දේශා දැන් පරිවර්තන පැත්තෙන් මොකක්ද එකක් කොරන්න වගේ හදන්නේ...කොහොම වුනත් අත් කාචෙන් ඔච්චර දෙයක් පෙනුනේ නෑනේ ඉස්කෝලේ කාලෙදි නම්..

    ReplyDelete
    Replies
    1. නෑ බං මම ආසයි මේ කතා වලට.. ඒකයි දාන්නේ.. දැක්කේ නෑ කාලෙකින්

      Delete
  37. මමත් ඕකක් හොයාගෙන බලන්න ඕනේ බං, වතුර බින්දුවක් දිහා ,
    එක නෙමේ අර මොකෝ ප්‍රසන්නව උඩ එල්ලගෙන ඉන්නේ ..උන්දැ තවම යහතින් ඉන්නවා නේද ...:o

    ReplyDelete
    Replies
    1. උඹ දැං ඕවා බලන්න යන්න ඕන නෑ බං නිකා හිටිං.. හැක්..

      සුන්දර ප්‍රසන්න යනු මගේ කොන්ක්‍රීට් බාස් නෙව...

      Delete