Saturday, March 22, 2014

ගිනිකූරු විකිණූ පුංචි දැරිය!! (The Little Match-Girl)

ඒක පිච්චෙන තරම් සීතල දවසක්.. මුළු පරිසරයටම බරට හිම වැටෙන වෙලාවක්. ඒ මදිවට හවස් කාලය ආපු නිසා අවට පරිසරය කළුවර වෙන්නටත් පටන් අරගෙන. මේ කළුවර හැන්දෑව, අවුරුද්දේ අවසන් හැන්දෑව. කුඩා දැරිවියක් සීතල, අදුරු සැන්දෑවේ මාවත් දිගේ ඇවිද යනවා, හිසටවත් පයටවත් කිසිම ආවරණයක් නැතිව. ඒත් ඇය ගෙදරින් පිටත් වෙන කොට නම් ඇයට සෙරෙප්පු කූට්ටමක් තිබුනා. ඒකෙන් ඇති පලේ මොකක්ද? ඒවා මහ ලොකු සෙරෙප්පු, දැරිය ඒක දාගෙන එන්න කලින් ඒ සෙරෙප්පු පාවිච්චි කරේ ඇගේ අම්මායි. ඉතිං ඒවා බරසාර නොවී පුළුවනෑ. ඒත් අතරමගදී, පාරේ මහ වේගෙන් තරගෙට දුවපු කරත්ත දෙකක් නිසා ඇයට සෙරෙප්පු දෙක අහිමි උනා. එක් සෙරෙප්පුවක් හොයාගන්න බැරි උනා, අනිත් සෙරෙප්පුව රටක් රාජ්‍යයක් වගේ කියල හිතල කොලු ගැටයෙක් උස්සන් දිව්වා. ඒ හාදයා හිතන්න ඇති මේ අලි සෙරෙප්පුව තොටිල්ලක් වෙන්න ඇති කියල, ඉතිං කවදා හරි දවසක එ් කොල්ලා කසාද බැදල එයාගෙම දරුවෝ ඉන්න කොට මේ තොටිල්ලේ තියල ළමයි නලවන්න පුළුවන් වෙයි කියල හිතල වෙන්තැති ඕක උස්සන් දිව්ව‍ෙ.

ඉතිං දැරිවියට සිදු උනා තද සීතලේ තම ගල් ගැහුණු රත් පැහැ නිරුවත් දෙපා ඔබමින් මාවත දිගේ ඇවිදගෙන යන්න. ඇය පැළද සිටි පරණ උඩ ගවුමේ ගිනීකූරු ගොඩක් අරගෙන මේ ඒවා විකුණන්න යන ගමන්. ඒ වගේම තව ගිනීකුරු ගොඩක් ඇයගේ අතෙත් තිබුනා. ඒත් කිසි කෙනෙක් ඇයගෙන් ගිනිකූරු මිලදී අරන් තිබුනේ නෑ වගේම මේ වගේ දවසකවත් අඩු ගානේ පයිසයක් වත් ඇයට දේන්න කව්රුවත් උන්නේ නෑ.

කට කට ගා ගැහෙන සීතලේ බඩගින්නෙම ඇය තනිව සෙමෙන් ගමන් කරමින් සිටියා. පව් පුංචි අසරණ කෙල්ල, හරියට බැලුවම දුක හිතෙන පින්තූරයක් වගේයි. ඇයගේ ගෙල තරමට වැවුනු රැලි ගැසුනු රූබර කෙහෙරැල්ල පුරාම කුඩා හිම පියලි ඇලිල තිබුනා. ඒත් මේ ඒ ගැන සිතන්න හැකි වෙලාවක් නෙමෙයි. පාර පුරා ඇති නිවාස වල ජනෙල් තුලින් ලාම්පු ආලෝකය දීප්තිමත් ව පෙනුනා, මුළු වීදි පුරාම පාත්ත මස් වල ඉමිහිරි සුවඳ හැමුවා. මොකද ඉතිං මේ අළුත් අවුරුදු උදාව නේ. ඇයට සිතුනේ එහෙමයි.

මාවතේ ගෙවල් දෙකක පිට බිත්ති දෙකකින් සැදුන කුඩා මුල්ලක ඇය වාඩි උනා. සීතලේ ගැහෙමින් මිරිකෙමින් වකුටු වෙමින් ඇය තම කුඩා පාදය සෙමින් ඇදගත්තා. ඒත් හීතල අඩු උනේ නැහැ. මේ සීතලේ කොහොමද ගෙදර යන්නේ. ඊටත් එක ගිනිකූරක් වත් විකුණ ගන්නේ නැතිව තාත්තගෙන් ගුටි බැට කන්නද? ඇය තවත් බය උනා. ඇයි ගෙදර? ගෙදරත් සීතලයි නේ. මුළු ගේ පුරාම කිසිම කරදරයක් නැතිව සීතල සුළග කැරලි ගහනවා. කිසිම දෙයක් නැති ගෙයි වහල බෝම අමරුවෙන් තමා අටවන් තිබුනේ පිදුරුයි රෙදිකඩයි ගැටගහල.

ඇයගේ පුංචි අත් සීතලෙන් ගල් වෙලා. අහ්.. ගිනිකූරක් පත්තු කරානං මේ සීතල අඩුවෙයි කියා ඇය සිතුවා. ඊට පස්සේ බිත්තියට මුවා කරගෙන ඇය එක් ගිනිකූරක් දැල්වූවා. චිස්..!! ගිනීකූර දීප්තිමත් දැල්වුනා. ඒකෙන් ආපු එළියත් හරිම උණුසුම්. හරියට පුංචි ඉටිපන්දමක් දැල්වුනා වගේයි. ඇය තම අත් ඒකට තියල උණුහුම් කරගත්තා. දැල්වුන ගීනිකුරේ එළියෙන් බිත්තිය දිහා බලද්දි, හරි ලස්සන දෙයක් ඇය දැක්කා. දිස්නේ දෙන පිත්තලෙන් හදපු ගිනි උඳුනක්. ඇය ඒ උඳුන අසල වාඩි වී උණුහුම් වෙමින් සිටියා. ගිනි උඳුන දැල්වෙද්දි එයින් එන උණුහුම කොයි තරං සුවදායකද? ඒත් පුංචි ගිනී කූර නිවිල ගියා. ඒ එක්කම ලස්සන ගිනි උඳුනත් අතුරුදන් උනා. දැල් වී අවසන් වූ ගිනි කූරෙහි කුඩා කොටසක් පමණක් ඇය අතෙහි රැදී තිබුනා.

දෙවැනි ගිනිකූරත් බිත්තියට මුවාවී ඇය දැල්වූවා. එය දැල්වී ආලෝකය නැවත බිත්තියට වැටෙද්දි ඇය දුටුවේ ඒ බිත්තිය හරියට විනිවිද පෙනෙන තිරයක් වගේමයි. ඒකෙන් ඇයට ඇතුලු කාමරය දකින්න හැකි උනා. කාමරයේ මේසය මත කිරිසුදු පාට මේස රෙද්දක් එලා තිබුනා. ඒ වගේම මේසය උඩ ලස්සනට දිලිසෙන කෑම භාජන පිඟන් ආදිය හරියට උත්සවයකට රාත්‍රි කෑම මේසයක් වගේ සුදානම් ව තිබුනා. මේසේ උඩ උණු උණුවේ දුම් දාන පාත්ත මස් තිබුනේ ඇපල් හා මිදි වලින් ලස්සන සරසපු ගමන්මයි. ඇය වඩාත්ම පුදුම උනේ අර දුම් දාන පාත්තයා එක පාරටම මේසෙන් බිමට පැනල ගාට ගාට බිම දිගේ ඇය දිහාට එන අයුරු දැකලයි. ගෑරුප්පුවයි පිහියයි පාත්තයගේ පපුවේ අමුණගෙනම දුමා දාන පාත්තයා දැරිය ගාවට ආවා. එතකොටම ගිනිකූර නිවිල ගියා. ඉතුරු උනේ මහ ඝණ කළු සීතල බිත්තියයි, කෑලි කැපිය හැකි කළුවරයි විතරයි. 

ඇය තවත් ගිනි කූරක් දැල්වුවා. එවිට ඇය අලංකාර නත්තල් ගහක් පාමුල වාඩි වී සිටියා. ඒ නත්තල් ගහ ඇය දැකපු පෝසත්ම වෙළෙන්දා ගාව තිබුන නත්නල් ගහටත් වඩා ලොකුයි ඒ වගේම ඊටත් වඩා ලස්සනට සරසලත් තිබුනා.  කොළ පැහැති අතු වල දාස් ගානක් ඉටිපන්දම් දැල්වුනා. ඒ වටේ තිබුන හැම දෙයක්ම ලස්සන පින්තූර විදියට දීප්තිමත්ව පෙනුනා. පුංචි දැරිය තම අත් ඒ දිහාට දිගු කරද්දිම ගිනි කූර නිවී ගියා. නත්තල් ගහේ තිබුන සියළු ආලෝකයන් එක පාරම අහසට ගියා. ඊට පස්සේ ඒවා තරු විදියට දැරියට පෙනුනා. ඒත් එක්කම අහසේ තිබුන එක තරුවක් දිග වල්ගයක් හදාගෙන ඔන්න කඩා වැටුනා.

“අයියෝ දැන්නං කව්රු හරි මැරෙන්නයි යන්නේ“ පුංචි දැරිය සිතුවා. ඇත්තටම මේ දේ ඇයට කියල දුන්නේ ඇයට ආදරය කරපු එකම කෙනා, එයාගේ මැරුණු ආච්චි අම්මා. ආච්චි අම්මා දැරියට කියල දුන්න අහසෙන් තරුවක් කඩා වැටෙද්දි හරියටම ඒ වෙලාවට කාගේ හරි ආත්මයක් දෙවියන් වහන්සේ වෙත එසවෙනවා කියලා.

අසරණ දැරිය තවත් ගිනි කූරක් දැල්වුවා. ඉතිං නැවතත් එතන ආලෝකමත් උනා. ඒ ආලෝකය අතරින් ආච්චි අම්මා කරුණාබරව ආදරෙයන් ඇය දිහා බලා ඉන්න මිහිරි ආකාරය පුංචි දැරිය දැක්කා. 

“ආච්චම්මේ!!“ ඇයි සතුටින් බෙරිහන් දුන්නා.

“අනේ.. අච්චම්මේ ඔයා මාවත් එක්ක යන්නකෝ. මං දන්නවා මේ ගිනි කූර නිවුන ගමන් ඔයත් මාව දාලා යන්න යාවි. අනේ.. හරියට අර ගිනි උඳුන ගියා වගේ, දුම් දාන කෑම ටික ගියා වගේ, නැත්නං ලස්සන නත්තල් ගහ ගියා වගේ ඔයත් යන්න යාවි. ආච්චම්මේ“

ආච්චි අම්මා වැඩි වෙලාවක් තමා අසල රදවා ගැනීමේ බලාපොරොත්තුවෙන් අහිංසක දැරිය එයාගේ අතේ තිබුන ගිනී කුරු ගොඩම එක පාර පත්තු කරා. ඉරු බැබලෙන දීප්තිමත් දහවල් කාලයේ පේන ආලෝකයටත් වඩා දීප්තිමත්ව ඒවා දැල්වුනා. ආච්චි අම්මා කවදාවත් මේ තරං ලස්සනට දීප්තිමත්ව ලොකුවට හිටියේ නැහැ. ආචිචි අම්මා පුංචි දැරිය ආදරයෙන් තම අත් දෙකට අරගෙන දෙන්නත් එක්ක අහස් තලයට පියාඹල ගියා. ඔවුන් සන්තේසෙන් උඩටම පාවෙලා ගියා. උඩටම උඩටම.. ඔව් උඩටම අහසේ මුදුනටම.. ගියාට පස්සේ මොනවක් වත් නෑ.. සීතලක්,.. බඩගින්නක්, දුකක්, ඔව් කිසිම දෙයක් නෑ. ඔවුන් දෙවියන් වහන්සේ අඹිමුව සිටියා.

ඒත් බිත්ති අතර මුල්ලේ ඇලවී රතු කම්මුලෙන්, සිනහ පිරුනු මුවෙන් යුතුව පුංචි අසරණ දැරිය සීතලෙන් ගල් වී අළුත් අවුරුද්ද ලබද්දි මියගොස් සිටියා. පුංචි දැරියගේ කුඩා සිරුරට ඉහලින් අළුත් අවුරුද්දේ මුල්ම ඉර පායා තිබුනා!! ගිනිකූරු බන්ඩලයක් ම දල්වපු ඇය ඒ අයුරින්ම සීතලේ එතැනම වාඩි වී උන්නා.



“අනේ අසරණී. එයා සීතලෙන් බේරෙන්න කොච්චර මහන්සි වෙලාද? පව්!!“ වට පිටාවට රොක් වූ මිනිසුන් කිව්වා.

ඒත් ඒ කිසිම කෙනෙක් දන්නවද.. අඩුගානේ හිතාගන්නවත් පුළුවන්ද.. ඒ අයට මොන තරං අපුරු දේවල් ඇය දැක්කද කියලා.. මොන තරං සන්සෝසෙන් උද්දාමයෙන් ඇය තමන්ගේ ආච්චම්මත් එක්ක යන්න ගියාද කියල.. හරියටම අළුත් අවුරුද්ද උදා වෙද්දිම.

හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්

The Little Match-Girl - Hans Christian Andersen

Disney Cartoon

108 comments:

  1. ඇත්තටම ගොඩක් පිං දේශක මේ කතාව දැම්මට. මේ වගේ තව කතා ඔයා ලඟ තියෙනව නම් දාන්න. ඇයි මේ අහිංසකාවියන්ට මේ කියන නත්තල උදානොවෙන්නෙ. මෙයාලට නෙවෙයිද නත්තලේ උණුසුම ඇත්තටම ලැබෙන්නෝනි..?

    \\ආච්චි අම්මා වැඩි වෙලාවක් තමා අසල රදවා ගැනීමේ බලාපොරොත්තුවෙන් අහිංසක දැරිය එයාගේ අතේ තිබුන ගිනී කුරු ගොඩම එක පාර පත්තු කරා.// මේ සිදුවීමෙන් වැටහෙන දේ තමා අර කලින් දැකපු කෑම බීම්, තෑගි පිරුණු නත්තල් ගස් වලටත් වඩා ආදරේ කලේ තමන්ගෙ අත්තම්මගෙ දයාබර උනුහුමට. ඒකනෙ අනිත් වෙලාවලදි එක බැගින් පත්තුකරපු ගිනිකූරු සේරම එකවර පත්තු කලේ.

    ස්තූත්යි දේශක ආයෙමත්..

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි මනෝෂ්...

      Delete
  2. අනේ පව් දේශ්...ඒත් එයා මියගියේ කොච්චර සතුටින්ද කියන එක දැනගත්තාම දුක තුනී වෙලා ගියා...

    ReplyDelete
    Replies
    1. ඒකත් හැබෑව.. කව්ද දන්නේ එයා එච්චර ලස්සන ලෝකෙකට ගියපු විත්තිය

      Delete
  3. මාර්තු මාසෙත් නත්තල් එනවද ?

    ReplyDelete
    Replies
    1. මාර්තුවක් කොහෙද මචං .....
      >> අවුරුද්දේ අවසන් හැන්දෑව.<< කියල නේද ලියල තියෙන්නෙ ...?

      Delete
    2. ඇයි යකෝ මහ සිකුරාදා අඟහරුවාදාට එනවනම් මාර්තු මාසේ නත්තල් තියෙන්න බැරිද . බොරුනම් මේ බලපං http://mata-hitena-hati.blogspot.com/2013/06/blog-post.html

      Delete
    3. මැලේ ට නං පොට වැරදිලා.. හැක්..

      Delete
  4. මේ කතාව අපි පුංචි කාලේ ටයි මාමා අපිට සිංහලෙන් හඬ කවලම කියලා දුන්නා. එයත් අනිවා සතෝෂෙන් මැරෙන්න ඇති පොඩි උන් ලක්ෂගානක් සන්තෝෂ කරපු එකට. මේක ලස්සනට ලියලා දේශකයත් අපිව සන් තෝෂ කළානෙ. උඹත් අනිවා සන්තෝෂයෙන් මැරෙයි !

    ReplyDelete
    Replies
    1. //උඹත් අනිවා සන්තෝෂයෙන් මැරෙයි !// අපොයි..!

      Delete
    2. සෙන්නගේ බලාපොරොත්තුව එලෙසින්ම ඉ‍ටුවේවා... හිකිස්

      Delete
    3. අනිවා අනිවා උඹලගේ සන්තෝසේ ඒකනං මං සන්තෝසෙන් මැරෙන්නං

      Delete
  5. පොඩි කාලේ මේ කතාව රුපවාහිනියේ යද්දී බැලුවා. මාරම අවුල් ගැහුවා. ආයේ කාලයක් යනකල් සුරඟන කතා කරලිය බැලුවෙත් නෑ. දැන් නම් ඒ තරම් දුක නෑ. ඒත් නියමටෙම වදින්න ලියලා

    ReplyDelete
    Replies
    1. මාත් කියන්න ආවෙ ඔය ටිකමයි..ඉස්සර ටී වී එකේ ඔය කාටූන් එක බලලා මම සෑහෙන්න අඬලා තියෙනවා. මටත් කාටූන් බලන එක එපාම උනා ඔය කතාව බැලුවට පස්සෙ....

      Delete
    2. @ යකා..

      කරුමෙට මං ඒක බලල නෑ. බලල තිබ්බනං මේක නොදාන්නත් ඉඩ තිබුනා.. තැන්කුයි යක්ෂයා

      Delete
    3. @ චාම්ස්
      ඒ කියන්නේ ටයි මාමා ඉස්ම යන්නම ඒක දීල තියෙනවා කියන එකනේ

      Delete
  6. සිංහලට පෙරලීම එලස්.
    ඔවැනි සිද්දි නම් ලංකාවෙ දවසකට කීයක් නම් වෙනවද අමිහිරි ලෙසට...
    ඒ පොඩි එකී අඩු ගානෙ ඔහොම නිවන් ගිය දුක වුනත් සතුටුයි.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි කෙන්ජිස්..

      Delete
  7. මිත්‍රයා මේ කතාව අපි සුරංගනා කථා කරළිය තුල දැක්කා නේද? ටයි මාමා ගේ සුන්දර අරුත් බර හඬ කැවීම වලින් පණ ලබා, කරුණාව ආදරය එකිනෙක පරයා අප හිත තුලට කඩා වදින්නට පොරකන ඒ පැරනි මතකය ආපහු දැනෙන්නට ගත්තා..!
    ස්තූතියි!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලීෂ්.. මං මේක ටීවි එකේ බලල තිබුනේ නැහැ ඇත්තටම..

      Delete
  8. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් මම මෙයාගේ සුරන්ගනා කතා වලට ගොඩක් කැමති.....මතකය අවදි කරාට තැන්ක්ස් දේශා

    ReplyDelete
  9. කථාව හරිම සිත් ගන්නා සුළු විදිහට හා සංවේදිව පෙළගස්වපු ආකාරය කදිමයි මචං!

    ReplyDelete
    Replies
    1. බොලා රස වින්ද නං මට ඒ ඇති..

      Delete
  10. ඇත්තටමත් ඔහොම දරුවො කොයි තරම් නම් ඉන්නවද?

    මාත් ආසයි ඔහොම සංතෝසෙන් මැරෙන්න.

    අදත් වෙනදා වගේම හිතටම වැදුනා දේශො.

    ReplyDelete
    Replies
    1. //මාත් ආසයි ඔහොම සංතෝසෙන් මැරෙන්න.//
      දලදා මාලිගේ ගාවට ගිහිං ගිණිතියා ගත්තනං හරි

      Delete
    2. මැලේසියන් ප්ලේන් එකක යමන් :D

      Delete
    3. :(( උඹලා දෙන්නා මට මැරෙන්නද බොලවු කියන්නෙ. මම කිවුවෙ දැන්ම නෙමේ තව අවුරුදු 150කට විතර පස්සෙ. ;))

      Delete
    4. උඹල සේරම සන්තෝසෙන් මැරියල්ලා. ඉවරයිනේ එතකොට..

      Delete
  11. ඉස්සර මන් ගොඩක් ආස කරපු සංවේදී සුරංගනා කතාවක් :)

    ReplyDelete
    Replies
    1. මං ඒක දන්නෑ නේ මොනරි.. තැන්කුයි කියෙව්වට

      Delete
  12. Replies
    1. පැමිණ කියෙව්වාට ස්තුතියි.

      Delete
  13. ලස්සණ යි. අපි කොච්චර වයසින් වැඩුණත් සුරංගනා කතා කියවන එකත් සුන්දර වැඩක් :-))

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දිළීනි සුංරගනා කතා කියවන්න අකමැති වෙන්නේ තමන් හිතින් තමන් මහා පොරවල් කියල හිතන් ඉන්න අයට තමා. ඒ අය හිතන්නේ බරපතල කතා, දේශපාලනය අරව මේවා තමා ලොකු කතා කියලා..

      Delete
  14. නොබලපු කෙනෙක්ට උනත් හිතට වදිනවා ....

    ජය වේවා!!!

    ReplyDelete
  15. ආයෙම පරණ මතකය ඇවිස්සුනා.. හොඳටම දුක හිතුනා.
    මේ කතාවේ කාටූන් එක මම රූපවාහිනියෙන් නැරඹුවා කුඩා කාලේ. බලල හොඳටම දුක් වෙලා ඇඞුවත් එක්ක. ආයේ කාලයක් යනකම් සුරංගනා කතා මග ඇරලා හිටියා, (ඉහල යකාටත් මෙහෙමම උනා කියල දැක්කම මට හරිම පුදුමයි)
    ඒ කතාවේ දිවිය ලෝකේ ඉඳන් එන්නේ දැරියගේ අම්මා. දැරියගේ පියා ඉතා නපුරුයි. ඒ කතාවේ අන්තිමට ගොඩක් සංවේදී සිංදුවකුත් තිබුන වගේ මතකයි. අනේ ඒ පුංචි කාලේ දුක් වුනු මතකය අලුත් වෙලා මේ දැනුත් මගේ ඇස් වල කඳුළු.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් එමා..ඔබ සංවේදි විදියට ඒක කලිනුත් රස විදල ඇති බව පැහැදිලියි. ස්තුතියි මේ පැත්තේ ආවට..

      Delete
  16. ඉංග්‍රීසියෙන් කියවපු මේ කතා මෙහෙම නැවත මතක් කිරීම ගැන බොහොම පින්.

    ReplyDelete
  17. ඉඳල...හිටල..උඹත් දෙනව ඇඬෙන්න නේ..?

    ReplyDelete
    Replies
    1. එච්චර සංවේදි විදියට ලියවුනේ නැහැ බං.. ස්තුතියි බොටත්

      Delete
  18. පුංචි කාලේ වගේම අදටත් අපි හැම කෙනෙක්ම හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතා වලට ආදරය කරනවා.. මතකය අවදිකලාට ස්තූතියි දේශකතුමා ..

    ReplyDelete
    Replies
    1. තුෂානිටත් ස්තුතියි හැමදාම කෝම හරි ඇවිත් මට දෙන ශක්තියට..

      Delete
  19. පරිවර්තනය නියමයි දේශෝ :)

    ReplyDelete
  20. ඔන්න මාස ගානකට පස්සේ ආවා රෙද්ද කෙහෙල්මල් බුකියට ඇබ්බැහි වෙලා සික් එක වගේ දැන්

    මේ කතාව නම් සවර්ණවාහිනියේ කාටුන් එකත් එක්කම ලස්සනට හඩ කවලා ගියා මොනා උනත් මහන්සි වෙලා වැඩේ කරලා දේශකයා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ.. උඹ ඇනෝ එන බුවෙක්ද?හැක්..

      Delete
  21. හුටා රියල් එක නේ

    ReplyDelete
    Replies
    1. ඇයි බොට පේක් එකකුත් තියේද??

      Delete
  22. මිනිස්සු.. තේරුම් ගන්න අමාරුම සත්තු ජාතිය

    ReplyDelete
    Replies
    1. මොකක් හරි කතාවක මං ඇහුවා කියනවා “මිනිහා තමා මහත්තයෝ භයානකම සතා.. නැතිව ඔය කැලේ ඉන්න සත්තු නෙමෙයි“ කියලා

      Delete
  23. මම මේ කතාව බලල තියෙනවා. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩසන් ගේ සුරඟන කතා කරලියෙන් . ටයි මාමගේ හඬ කැවීමක්.
    එත් ඒ කතාවම බලාගෙන ඉන්නවා වගේ දැනෙන විදියට මේකත් ලියල තියෙනවා. ආපාහු ඒ කාලේ මතක් උනා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ෂෙහාන්.. ඔබව සතුටට පත් කරා නං ඒක මට ලොකු සතුටක්..

      Delete
  24. උඹ දැන් වෘතීය පරිවර්තකයෙක් වෙලා බං. ඇත්තෙන්ම උඹ හොඳ සිහියෙන් ඉන්න වෙලාවට කරන දේවල් හරියටම කරන බව මට පේනවා.

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතිං හොඳ සිහි..... එක්කෝ ඕනි නෑ.

      Delete
    2. එහෙම් වෙලාවල් හොයාගන්න එක තමයි අමාරු
      දෙශා කතාව මරු.

      Delete
    3. ඔවු මුට ඔය කෝක් පොඩ්ඩක් තොලේ කටේ ගෑවුනාම තමයි අවුල් යන්නෙ.

      Delete
    4. හැබැයි ඉතිං අපිට ඩොලර් පෙට්ටි පිටින් ලැබෙන්නෑ..

      Delete
  25. මාතෘකාව දැක්ක ගමන් මට හිතුණා මේක කියල. මොකද මේ කතාව මගේ ජීවිතේටම අමතක නොවෙන කතාවක් විදියට ටයි මාමා එහෙම කාවද්දලයි තිබුණේ. උඹට මතකද "පුංචි ඇත් පැටවා" කියල ජපන් සූ එකක කතාවක් ගියා ජාතිකේ. ඒකත් මේ වගේම කිසිදා අමතක නොවෙන එකක්. මේ කතාව කියවද්දී එදා වගේම අදත් ඇඟ හිරිවැටුනා.

    ReplyDelete
  26. කතාව ලස්සනයි. පින්තූරෙට උඩින් තියන ඡේදයේ දර්ශනය හෙම මැවිල පෙනුනා.

    ReplyDelete
  27. කෝ මං දාපු කමෙන්ට් එක.. බලමු !

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඔය තියෙන්නේ අගේට උඩ..

      Delete
  28. මමත් ඔය කතාව කියවල තියෙනවා හරිම සංවේදී කතාවක් අයියා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෝරලේ..

      Delete
  29. මැරෙන මොහොතේ හරි ඒ තමයගෙ හිත සැනසුනානෙ. ඒක ලොකු දෙයක්.
    අපේ කොච්චර ලොකු මිනිස්සු ඉන්නවද කොච්චර තිබුණත් ඔහොම හිත සතුටෙන් මැරෙන්න බැරි.

    නියමයි දේශකයා කතාව.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි ප්‍රසා..

      Delete
  30. චූටි කෙල්ල ගැන හරිම දුකයි
    එයාගේ හිතේ තිබුනු අහිංසක හීන ගැනත් දුකයි
    පිච්චෙන හීතලත් එක්ක තරහයි

    ReplyDelete
    Replies
    1. අයිස් වලටත් පිච්චෙන විත්තිය දන්නව නේ දයල්...

      Delete
  31. හ්ම්.. හිතට ලොකු බරක් එකතු උනා කියවලා ඉවර උනාම

    ReplyDelete
    Replies
    1. අයියෝ වීරේ රස විදින අය එහෙම තමා.. ස්තුතියි

      Delete
  32. අපූරු කතාව දේශෝ. පොඩි එකීටත් කියලා දෙඤ්ඤං.

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි සරා..

      Delete
  33. ඇති යන්තම් කතාවක් දලා... හ්ම්ම්...
    මේ කතාවනම් කලින් කියවලා තිබුනද දන්නේ නෑ නැත්තන් මිට සමාන කතාවක් හරි කියවලා තියෙනවා....

    ලියපිය දිගටම ^_^ සුරංගනා කතා !!!! 

    ReplyDelete
    Replies
    1. මාසෙට එකක් මදෑ බං.. අනිත් අය බනිනවා මේවම දානකොට..

      Delete
  34. කිසිවක් නොකියමි ... කතාව කලින කියවා හා බලා ඇත

    ReplyDelete
  35. මේ කතාව කලින් අහලා තියෙනවා බං.එත් කොච්චර ඇහුවත්,බැලුවත් එපා වෙන්නේ නැති කතාන්දර තමයි මේවා.ස්තුතියි බෝලාට

    ReplyDelete
  36. ඇන්ඩා සහ දේශා නැවත කරලියේ

    ReplyDelete
    Replies
    1. මාසෙට දවසක් කරලියේ..

      Delete
  37. පට්ටෙටම පරිවර්ථනය කරල තියෙනව දේශක තුමා
    ජයවේවා..
    තව නැද්ද ඈ....?

    ReplyDelete
    Replies
    1. මාසෙකට එකක් වෙන්න දෙන්නංකෝ..

      Delete
  38. ටයිට පස්සේ දේශා ගෙන් ආයේ මතක් වුනේ කාටූන් එකේ මීට වඩා වැඩිද මන්ද ඒකෙ කොල්ලෙකුත් හිටියා මගේ මීටරේ හරිනම් . සුපිරි සුපිරි

    ReplyDelete
    Replies
    1. ඒ මං හිතන්නේ අර සෙරෙප්පුව උස්සන් ගිය කොල්ලා වෙන්ට ඇති. සමහර විට කතාවේ තියෙන දේ ටිකක් වෙනස් වෙන්න ඉඩ තියෙනවා මාධ්‍යය වෙනස් උනාමත් සිංදුවෝ..

      Delete
  39. මම අදමයි බන් මේ පැත්තේ ආවේ.. මගේ බ්ලොග් බැලිල්ල ඔහොම තමා.. හෙහ් හෙහ් දැන් අද ආවට ආයේ තව 6 මාසෙකින් විතර එන්නත් ඉඩ තියෙනවා.. ගණන් ගන්න එපා.. :)

    මේ කතාව ඉස්සර ටී.වී එකේ ගියා මතකයි... ලස්සනට ලියල තියෙනවා... පොඩි උන්ගේ හිත්වල තියෙන දුක ඔරිජිනල් දුකක් බන්... ලොකු වෙනකොට තියෙන්නේ අපි විහින් හදා ගත්ත දුකක්.. පොඩි උන් ගැන මේ කතා මෙච්චර සංවේදී වෙන්නේ ඒකයි..

    ReplyDelete
    Replies
    1. අපොයි උඹ ආවත් එකයි නාවත් එකයි.. මට ඒක වැඩක් නෑ.. උඹ ලියන ඒවා කියවන්න මං කෝමත් කැමති නිසා උඹ එන්න එපැයි කිව්වත් එනවා.. වෙල්කම් වේවා පැතුමා...

      Delete
  40. මේ කථාව නම් කලින් කියවලා තියෙනවා රත්තරනේ...ඒත් ඉතිං දේශක සුදා ලියන නිසාම ආයෙමත් මුල සිට කියෙව්වා...අපිට ජය වේවා ! පරිවර්ථන කටයුතු දිනෙන් දින දියුණු වේවා !

    ReplyDelete
  41. Replies
    1. හ්ම් ඒ දවස් වල අපිට එහෙම අවස්තාවක් ලැබුනේ නැහැ බං..

      Delete
  42. මෙහෙම දේවල් නොවෙන්න ඕනෙ..හරිම කටුකයි..

    ReplyDelete
    Replies
    1. හ්ම්.. මේවා කවදත් වෙනව බං මේ ලෝකේ..

      Delete
  43. මේ කතා සෙට් එක එකතුකරලා තියාගන්න ඕන මුනුබුරෙක් මිනිබිරියක් ඉන්න කාලෙක පෙන්නන්න. උඹ හරි ශෝක් දේශා.. මේක ටයි කරපු විත්තියක් දන්නේ නැහැ. කොහෙද බන් ඒ කාලේ කාසි සොයා රටවල් වලයි..සොමිය සොයා චාටර් වෙන එකයිනේ කරේ.

    ReplyDelete
    Replies
    1. මාත් ටයි මාමා කරපු විත්තියක් දන්නේ නෑ. මට මතක විදියට අපට ඒ කාලේ ටීවි එකක් තිබුනේ නැහැ.

      Delete
  44. Replies
    1. ආවා ආවා.. මම ඔන්න මොකක්ද කියලත් එක්ක ආවේ. වෙල්කම් නිහිංසා

      Delete
  45. අනේ හරිම දුකයි. පරිවර්තනයනම් ඉතා ඉහළයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සයිරි.(??).හැක්..

      Delete
  46. පුංචි කාලේ රස වින්ඳ අපූරූ කතාවක් නැවත කියවන්න ලැබුණු එකට සතුටුයි.
    ස්තූතියි දේශකයා............!
    මං මේ කතාව අපේ ළමාකතා හමුවට එක් කළාට අමනාපයක් නැහැ නේද?
    https://www.facebook.com/groups/Lamakatha/
    ඉඩ ලද විටෙක දේශකතුමාත් ඇවිත් යන්න රවුමක්............

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. අනේ අහන්න දෙයක් නැහැ. හොද දෙයක් ඇත්නං ගන්න.. කිසිම ආබාධයක් නැහැ

      Delete
  47. දේශකයා....
    /ඒක පිච්චෙන තරම් සීතල දවසක්.../

    ඒක පිච්චෙන තරම් කියල අදහස් කළේ මොකක්ද? එදා සීතල දවසක් කියල කියන්න ද උත්සාහ කළේ......

    ReplyDelete
    Replies
    1. රුක්ෂිලා.. අයිස් ඇගේ වැදුනම හම පිච්චෙනවා. ඒක සීතලට එහා යන විදවීමක්.. ඒකයි මම පිච්චෙන සීතලක් ගැන කිව්වේ..

      Delete
  48. බොහෝම ස්තූතියි ......
    පුංචි කාලේ මතයන් කියන්නේ කාලෙකින් හමුනොවුණු හොඳ යාලුවෝ වගේ
    අහම්බෙන් හමුවුණාම පුදුම සතුටක් දැනෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තුතියි මිත්‍රයා. ඒක මටත් සතුටක්..

      Delete