Monday, March 17, 2014

අවුල් අවුල්!!

නිව් පෝස්ට් කියන බටන් එක ඔබලා මං ස්ක්‍රීන් එක දිහා විනඩි ගානක් බලන් හිටියා. 

මාර්තු 07 තමා අන්තිමට පෝස්ට්කටුවක් දැම්මේ. ඒත් 08 වෙනිදා ඉදලම බ්ලොග්කටු කියවන එක නවත්තන්න උනා. එදායින් මෙදායින් අද වෙනකං මං කියෙව්වේ වැඩිම උනොත් බ්ලොග් හතර පහක් විතරමයි. ඒ තරම්ම ලියන කියන එක අප්පිරිය උනා. 

මේකට වග කියන්න ඕන අර කතන්දර කාරයා. එයා තමා ඔළුවට විසබීජ දාන්නේ. ඒ එක්කම මුණුපොතත් එපා උනා. යන්තං ඊයේ ඒක තරමක් හදාගත්තා. ඒත් බ්ලොග් කියවන එකයි ලියන එකයි හරිම අමාරු තත්වෙකට ආවා නෙව.

මගේ ඇස් කැඩෙන තරමට මුළු තිරය පුරාම සුදුපාට දිදුලන කොට ඇස් දෙක නිලංකාර වෙලා වගේ යනවා. ඇස් දෙකේ නිලංකාරය හිත ඇතුලටම ගලා ගියාම මං මේක ලියන්න ඕනද නැද්ද කියලා ආයි පාරක් හිතුවා. ඒ හැගීම නිශ්ඵලයි. කිසිම අරමුණක් නැහැ හිතටත්. හරියට කවදාවත් දැකල නෑ වගේ මං ඔහේ සුදු පාට ස්ක්‍රීන් එක දිහා ගල් වෙලා බලන් හිටියා. පැය ගාණක් තිස්සේ මනස හා සිරුර කරන සටන අත් විදල දැං මට තිත්ත වෙලා. එක්කො මම එඩිතර වෙන්න ඕන නැත්නං හිත එඩිතර වෙන්න ඕන. මනස කියන්නේ හරියට මහ සයුර වගේ. මහ සයුර කවදාවත් නිදාගන්නෑ වගේ අපේ මනසත් කිසිදාක නිදාගන්නෑ ඒ වගේ පෙනුනට. මනස තුලින් ඇති වන හැගීම් ක්‍රියාවට නංවන තෙක් එයා මට එක එක විදියේ බලපෑම් කරනවා. විටෙක මං මහ මෝඩයෙක් වගේ හිත කියන දේ කරන්න ගියාම මට ඇනගන්න සිද්ධ වෙනවා.

ඒකාකාරි මහසක් අපි කාටවත් නෑ. මනස දෙන පණිවිඩය මොකක්ද කියල සමහර වෙලාවට මම දන්නෙත් නෑ. ඒත් එතැන මොකක් හරි තියෙන විත්තිය දැනුනට මට ඒක තේරෙන්නේ නෑ. හරිම ව්‍යාකූලයි මුළු ජීවිතයම. ජීවිතේ මෙච්චර දුරක් මනස කියන කියන දේ කරන්න ගිහින් මං මහා වංකගිරි වල, කටු රොදවල් වල, වාළුකා කාන්තාර වල අනන්ත අතරමං වෙලා ඇති. තුවාල කරගෙන ඇති. සමහර විට තත්පරෙයන් දාහෙන් එකක තරං කුඩා කාලයක් තුල මම ගන්න තීරණය අවුරුදු ගණනාවක්ම එක දිගට දුක් දෙන්න පුළුවන්. ඒකත් නිකං හෙනහුරා ලැබුවා වගේ. කොච්චර වෙලා හොදට හිටියත් සෙනසුරා ලබපු තත්පරේ තමා වැදගත් වෙන්නේ. ජීවිතය ගැන කතා කරන්නේ ඒ තත්පරෙයන් එපිටට. අවුරුදු ගානක් නැත්නං දශක ගානක් හෙමින් ආපු සංසාර චක්කරේ ග්‍රහයා මාරු වෙන්න තත්පර නැත්නං විනාඩි ගානක් යාවි. ඒ කාලය තුල වසර ගානකට ඒම නැත්ං දශක ගානකට ගැලපෙන තීන්දු තීරණ ගන්න අන්තිම තත්පරේ මහා විකාරයක් වගේ මට පේන්න ගත්තා.

තීරණයක් ගන්න ඕන අන්තිම තත්පරය හැකි තරං පරක්කු කරන්න මං උත්සාහ කරන කොට ඒ තත්පරේ තවත් ඉක්මනින් මාව හොයාගෙන එනවා තවත් බරසාර වේදනාකාරි විදියට. කිසිම ඉස්පාසුවක් නැතිව හිටියම යම් තීරණයක් ගන්න තියෙන තත්පරය තවත් අඩු වෙන්න ඉඩ තියෙනවා. කවදා කොතැනක හිටියත් කාගේ රැකවරණය ලැබුවත් මැරෙන්න යන අන්තිම තත්පරේ නවත්තගන්න කාටද පුළුවන්. ඒතැනදි නං තීරණයක් ගන්න දෙයක් නෑ. තීරණය අරන් ඉවරයි. 

ආපසු හරවන්න බැරි තීරණ ගත්තම ඒක ආයි හරවන්න තිබුන නං හොදයි කියල හිතුවත් කවදාවත් ඒක කරන්න පුළුවන්ද? ගත වෙච්චි කාලය ගිහින් ඉවරයි. ඒක කැඳවන්න කාටවත් බෑ. සතුට දුක කියන දේත් ඒ වගේ. හරියට තත්පරේට තීරණය වෙන දෙයක් වගේ ඒකත්. සතුට කියල වැළගත්තට අන්තිම තත්පරේ හිතෙනවා මේක නේද මේ දුක කියන්නේ කියලා. සතුට කියන්නේ දුකේම තවත් රූපකායක්. ඒක තේරුං ගන්න කියල බුදුන් කොච්චර දේශනා කළත් අපි ඒක තේරුම් ගන්නෑ.

කාලයත් හරියට ජීවිතේ දොරටුව වගේ. ඇරපු තැන ඉදල හැල්මේ දුවනවා අල්ලන්න බෑ. අපි තාමත් ජීවත් වෙනවා. අද හිටියට හෙට ඉන්නේ කොහොමද කියල මට නිච්චියක් නෑ. මං කියන්නේ ජීවත් වෙන්නේ කෝමද කියන එක මිසක් මැරෙන එකක් ගැන නෙමෙයි. අපි මැරුණට ඒක උත්තරයක් වෙන්නෑ. ඔව් කවදා හරි අපි මැරෙන්න ඕන. අපි නැවත මුල් ප්‍රභවය වෙත අංශුවක් වෙලා ගමන් කරන්නම ඕන. ඒක ස්ථිරයි. ශක්තිය මොන තරං ක්‍රම වලට හැරෙව්වත් අන්තිමට සමස්ථය තුල සංස්ථිතිකයි. වලක්වන්න ම බෑ. 

මට මංඤං.. හිත මංඤං. ගොළු හදවත පොඩ්ඩක් කතා කරා වගේ. අම්මප මේ ලෝකේ හරිම අරුමයි. ඒකම තමා සුන්දර.. ආයිත් අහලා.. කෝම හරි ආයි ලියන්න ගන්න ඕන.. කොහෙන් හරි හිතට ගටක් එන්නත් එපායැ..

ඕන මලදානයක් කියලා හෙට ඉදල සුපුරුදු රැකියාව පටන් ගන්න තමා හිතාන ඉන්නේ.. ඔව් ඉතිං වෙන රස්සාවක් තියෙන එකක්යැ.. බ්ලොග් කියවන්නයි පලෝ කරන්නයි.. කමෙන්ට් කරනන්යි කුරුටු ගාන්නයි.. ඔව් වැදගත්ම එක මුණු පොත දුෂනය කරන එකයි.. ලෑස්ති වෙලා හිටපියව්.. හෙට ඉදල ආයි බොලාගේ වස්තර ගලවනවා හරිය..

ප.ලි.. - නං කියන්න බැරි උනත් අතලොස්සක් වෙච්චි උන්දැල මට මේ ටිකේ ලියන්න හයි හත්තිය ටික ටික අරන් දුන්නා.. තැන්කුයි උන්දැලට.. පුංචි ගෑනු ලමයින්ට නං ඉතිං උම්මා තමා දෙන්න වෙන්නේ..

118 comments:

  1. අපිටත් පිස්සු වගේ කියෙව්වට පස්සේ

    ReplyDelete
    Replies
    1. හොදි ඕන ම නෑ හෙනං හැක්..

      Delete
  2. මටත් ඔය ප්‍රශ්නෙම තමා බන් තියෙන්නෙ :(

    ගෑණූ ළමයින්ට උම්ම දීල අහුඋනොතින්නම් දේශිකා අක්කට කියනව ඈ :D

    ReplyDelete
    Replies
    1. පවු බන්. වයසක උන්දැලාටත් ගෑල්ලමයිට උම්මා දීමේ ආශාවන් ඇති වෙනවා. ;)

      Delete
    2. ගෙදර උන්දෑ ඉන්නෙ ඒවටනෙ බන් :D

      Delete
    3. දේශිකා දන්නව මූට එච්චර හරියක් කරගන්න බෑ කියල. :D

      Delete
    4. @ සසියා
      බොලා තාම ලියන්න පටන් ගත්තයැ..

      @ ප්‍රසා
      උඹ නං පුතේ කනවා මගෙන් ලගදිම හැක්

      Delete
  3. එහෙමද බොක්ක....
    පුංචි උන්ට උම්මා දෙන එකත් අර බාල එකට නේද වැටෙන්නෙ .... බලාගෙන....

    ReplyDelete
    Replies
    1. ඒම උනාම මොකද බං. අවුලක් නෑ නඩු කාරයෝ ගස් යවපු බුවාලා ඉන්දැද්දී

      Delete
  4. මොන මළදානේ හරි කරගෙන ආයෙත් පරණ රස්සාව කරන්න හිත හදා ගත්ත එක ළොකු දෙයක්.. බුකියේ සැරිසරන එක නම් නවත්තන්න එපා.. ෆේස්බුක් කම්පැනිය වහලා දායි...

    ReplyDelete
    Replies
    1. //බුකියේ සැරිසරන එක නම් නවත්තන්න එපා.. ෆේස්බුක් කම්පැනිය වහලා දායි//
      +++++++++:D

      Delete
    2. ඔව් ඔව් ඌ මට කිව්වා අනේ පනේ ඉක්මනට වර කියලා. හැක්..

      Delete
  5. ඔලුව අප්සැට් උනා...කමක් නෑ මොනා කරන්නද? පුංචි ගෑල් ළමයින්ට උම්මා දිම නම් තරයේ හෙලා දකිනවා...@මෙන්න බාල අපරාධකාරයෙක් මන් දුවනවෝ....

    ReplyDelete
    Replies
    1. පුංචි ගෑල්ලමයින්ට කියලා පැහැදිලි ව කියලා තියෙන නිසා ශානු අක්කට නං බලපෑමක් නෑ මයේ හිතේ :)

      Delete
    2. මක්කැයි ධාරො ඒ කිවුවෙ? :o ශානු එච්චර වයසද? ;)

      Delete
    3. @ධාරා තාම 26 පොඩි ළමයි පරාදයි මගේ වැඩ දැක්කම

      @ ප්‍රියා,සසිදුවා රයිනයි ,සුකරයි වගේ උඹලා දෙන්නත් නැති තැනක් නෑ ...දුප් කජු කොල්ලෝ

      Delete
    4. @ ශානු
      බොලා වගේ නාකිච්චියෝ නෙමෙයි අපි උම්ම දෙන්නේ ලස්සන පුංචි ගැල්ලමයින්ට හරිය..

      @ අඩේ ධාරා. දැක්මත් සතුටක්..

      Delete
    5. පල පල ගොං දේශකයා

      Delete
    6. අප්පේ ශානුවට දුක හිතිල හොදටම...

      Delete
  6. වරකෝ වස්තර ගලවන්න. දේසකයාගේ රියල් මුන දාල හදනවා පොටෝ කමෙන්ට්ස් :3

    ReplyDelete
    Replies
    1. දේශ කවදද අපේ වස්තර ගැලෙව්වෙ, මතක ඇති කාලෙක ඉදන් අපි මේකගෙ වස්තර ගැලෙව්ව මිසක් :D

      Delete
    2. රෙපා.. උඹ හොද එකානේ. හැක්..

      Delete
  7. ලියලා එච්චර කල්ද? සැක් කිසිම මතකයක් නෑ නේ.
    මමත් අද ලිපියක් දැම්මේ මාසෙකට පස්සේ කියන්නේ. එකත් මතක නෑ නේ. ;) 

    ReplyDelete
    Replies
    1. ඔව්නේ. අනේ. හරිම අවුල් මටත්..

      Delete
  8. //ඒ එක්කම මුණුපොතත් එපා උනා. යන්තං ඊයේ ඒක තරමක් හදාගත්තා.//

    දේශකයා වගෙ, දක්ෂ බ්ලොග් රචකයො මූණු පොතේ අඩුවෙන්ම සැරිසරනවට තමා මං නම් කැමති. යස අගේට ලියාගෙන ඉන්න එක නැති වෙනවා ඒකෙන්.

    ReplyDelete
    Replies
    1. මොන දස්සද බං මුං මාව තඹේකට ගනන් ගන්නෑ නෙව මුණූපොතේදී.. හැක්..

      Delete
  9. මම නම් හිතුවෙම අර අමාරු දවස් 5 ආයෙත් ඇවිල්ලා කියලයි බොලා පේන්න නැති කොට.

    හි… හි… :D :D

    ReplyDelete
    Replies
    1. ඒ වගේ නූනත් ටිකක් ඒ වගේ තමා බං..

      Delete
  10. ජීවිතේ කියන්නෙ ඕක තමා.. නො වැටී ඉන්න එක නෙමේ වටින්නෙ. වැටෙන වැටෙන පාරට නැගිටින එක.

    ReplyDelete
    Replies
    1. පරිස්සමින් පරිස්සම්න් මෙයා උම්මා එකක් දේවි...

      Delete
    2. @ දිලිනි
      කෝම හරි ට්‍රයි කරල මේ ඒක තමා කරන්නේ .. තැන්කුයි

      @ විදානේ
      හා හා උඹ අහක බලාගන්..

      Delete
  11. බොග නැතිව බැරිවා...
    බොග නොදම බැරිවා..
    බොග දම දමා - ඔබ එයි කියා
    සත්තමයි අපි කට ඇරන් හිටියා.....

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. දමමි. දමමි.. ඉදිරිය සුභයි සුභයි

      Delete
  12. හෑ..... මගෙත් මොලේ මඤ්ඤං උනා මේක කියෝලා. කෝම හරි පුරුදු ට්‍රැක් එකට වැටුන එකම මදැයි.

    ReplyDelete
    Replies
    1. ඔව් බස්සියෝ පස්ට අමරුවෙන් පාර හදාගත්තේ

      Delete
  13. ම්හ්... ම්ොක්ඩ්ද් ම්ක්ච්ොෝ අව්ුල්

    ReplyDelete
    Replies
    1. දිව කැපුනම ඕම තමා. තේරෙන්නෑ බොල කියන දේ

      Delete
  14. හෑ....අලේ මන්දා!

    හැබැයි මේ පොස්ටුවෙන් වැඩිපුර පේක්සක ප්‍රතිචාර තියෙන්නෙ ගෑලු ලමයිනට උම්මා දෙන කෑල්ලටනෙ බලං ගියාම

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. ළමයි කැමති ඒවට.. අපි ඉතිං තාත්තල වගේ නේ..

      Delete
  15. තිරේ සුදුපාට වෙලා පේන්නෙයි, ඇස් නිලංකාර වෙන්නෙයි, දැන් ඔයා/උඹ/තෝ/ වයසට ගිහින්. හොඳට ඇස් පරීක්ෂා කරවාගෙන කණ්නාඩි දෙකක් ගන්න/ගනු/

    ReplyDelete
    Replies
    1. එහෙම කරනුහුය.. හැක්.

      Delete
  16. //වැදගත්ම එක මුණු පොත දුෂනය කරන එකයි.. ලෑස්ති වෙලා හිටපියව්.. හෙට ඉදල ආයි බොලාගේ වස්තර ගලවනවා හරිය..//
    මෙතෙක් කල් උනේ ඒකෙ අනිත් පැත්ත තමා, ඉදිරියටත් එකේ වෙනසක් නෑ :D

    ReplyDelete
    Replies
    1. ඔය වස්තර ගලවන්න එහෙම ලෑස්ති වෙනවා නම් කොයපල්ලා අපිට කලින්ම ඇස් පියා ගන්න. :D

      Delete
    2. උබල ඇස් පියාගත්තම කාටද බන් පෙන්නන්නෙ දේශගෙ කෙරුවාව :D

      Delete
    3. හැක්.. කවදත් ඉතිං අපි අසරණයි නෙව..

      Delete
  17. අලේ මන්දා....... මොකද්දෝ කියලා.......

    ReplyDelete
    Replies
    1. කාරි නෑ නේ.. මොකක් හර ලිව්වා නේ.නාඩියෝ

      Delete
  18. විෂබීජ කොච්චර ආවත් ස්වභාවික ශක්තිය හෝ ප්‍රතිශක්තීකරණය තියෙනවා නම් අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. වැඩේ තියෙන්නේ විෂබීජය හදුනගන්න කල් ගත වෙන එකනේ කකා..

      Delete
  19. මටත් ඔය ලෙඩේ.. මටත් ලියන්න කම්මැලියි.. ^_^

    ReplyDelete
    Replies
    1. ලියන්න එපා බං. වැඩක් නෑ.. හැක්

      Delete
  20. //පුංචි ගෑනු ලමයින්ට නං ඉතිං උම්මා තමා දෙන්න වෙන්නේ..// :D :D

    ReplyDelete
    Replies
    1. ඔයා දැන් ලොකු ළමයෙක් නිසා බිය නොවන්න.... :)

      Delete
    2. පොඩිඩි වගේ චුට්ටි ලමයි ගැන නෙමෙයි අනේ මං කිව්වේ

      Delete


  21. දරුව
    බීම අතහරින්න
    දන්දෙන්න
    ආදරය කරන්න
    ඇවිදින්න
    ලියන්න
    නිදාගන්න, තියෙන දෙයක් බඩ පිරෙන්න කන්න

    මොනවත් බැරි නම් ප්‍රියම්ඹිකාවගෙන් බැණුම් අහන වැඩක් කරපන්
    එතකොට ඔලුව හරි යයි!

    ReplyDelete
    Replies
    1. ඔළුව ගලවන්නේ හොදන්නේ හයි කරන්නේ ඔක්කෝම එයා තමා බං..

      Delete
  22. මූ කුඩු ගහන්න පටන් අරංවත්ද?

    ReplyDelete
    Replies
    1. කුඩු නෙමේ ගහන්නෙ බඩු..
      ..
      ..
      ..
      ..
      ..
      ..
      ..
      ..
      ..
      පොලවේ :D

      Delete
    2. කුඩු ගහන්නෑ.. උරනවා..

      Delete
  23. දැන් මේ උඹ එතකොට ලියලද මොනවා හරි ...?

    ReplyDelete
    Replies
    1. හෙක්...හෙක්....

      Delete
    2. ලියල වගේ නේද බං..

      Delete
  24. හෑ..මේ මොකද මේ වෙලා තියෙන්න දේශකට. ගනන් ගන්නෙපා, ආසවෙන් කරන දේවලුත් එපාවෙන වෙලාවල් එනවා. ඒත් තාවකාලිකයි ඒවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්.. තැන්කුයි. ටික දවසකින් යතා තත්වයට ඒවි..

      Delete
  25. අනේ බං අයියණ්ඩි නොලියා ඉන්න එපා.බොලා බොහොම හොදින් මේ රස්සාව කරනවා.ඔහොමම කරහං.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං බොලා පඩි ගෙවන එකේ මං ජොබ කරන්නම එපායැ..

      Delete
  26. මොකොද බං මේ සීරියස් බ්ලොග් කලාව . . ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනෙම නැත . .. .

    ReplyDelete
    Replies
    1. උඹ කියන්නෙ හදිසියකටවත් අපිට සිරියස් වෙන්න විදියක් නෑනේ..

      Delete
  27. දැන් අවුලක් නෑනෙ ඉතිං ලියන්න ගනිං

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉවසන්න සෑර්...

      Delete
  28. අහ්.... මොකද මේ දේශකට වෙලා තියෙන්නේ...? සසර කළකිරිලවත් ද? නැතිනම් හඳුනානොගත් රෝගයක්ද? එහෙමත් නැතිනම් අර අතුරුදන් වුණ අහස්යාත්‍රාෙව් දේශකගේ කවුරුත් උන්නද? ඒක අතුරුදන් උනෙත් ඔය 07, 08 දිනවලනේ...

    ReplyDelete
    Replies
    1. මට ඒ ප්‍රශ්නයත් ගොඩක් බලපෑවා. තාමත් ඒකට නං අවුල්.. තැන්කුයි

      Delete
  29. ඔය ෆේස්බුක් හත්තිලව්වෙන් ඈත්වෙලා බ්ලොග ලියාගෙන හිටපන්.
    දවස් ගානක් අඩියක් පුඩියක් නොගහා ඉදලා ආපහු ගහන පළවෙනි දවසේත් ඔහොම කම්බැක් ආතල් ඔළුවට එනවා.

    ReplyDelete
    Replies
    1. ඒක නැතිව ආතල් එකක් නෑ බං මේ ජීවිතේ. අපි එකතු වෙලා බුලක් ගහන තැන.. කම්බැක් ආතල් එකක් වේවායි මංම පතාගන්නවා

      Delete
  30. කලේ පැන් ඇත නැවුම් රහ නැත.... !

    ReplyDelete
    Replies
    1. කලේ පැන් ඇත. කට රවුන් නැත.. හැක්

      Delete
  31. හරිම මාඤ්ඤමිකයි.
    අනිවාර්යෙන්ම මූ මේක ලියල තියෙන්නෙ කෝක් බීල.

    ReplyDelete
    Replies
    1. නෑ අයියේ හුග දවසිකින් කෝක් උගුරක් හලාගත්තේ නෑ.. සත්තමයි

      Delete
  32. මටත් මේ ටික දොහේ බ්ලොග පැත්ත බලන්නවත් බැරිවුණා. ඒත් ඉඩ ලද විගස බුකියට නං ගොඩවුාන.

    ReplyDelete
    Replies
    1. ඔට්ටු දාල පුරුදු උන්ට. ඔව්.. බුකිය අමතක කරන්න ඇහැකියැ.. ඉදගෙන

      Delete
  33. දේශා බුකියෙ ඕන පයන්නක් කරගනින් බ්ලොග් එකත් ලියලා හරිය. බුකි ආතල් ඒ වෙලාවට විතරයි. මේවා අපි රීඩර් එකට දාගෙන සති ගානකට පස්සෙ හරි කියවනවා.

    ReplyDelete
    Replies
    1. අනිවා මචෝ.. ඒක සදාකාලිකවම මතක තියෙනවා.. තැන්කුයි

      Delete
  34. හපොයි දේශකතුමා මොකද වෙලා තියෙන්නේ..

    ඉක්මනටම හොඳ පෝස්ට් එකක් ලියන්න එතකොට ඔක්කොම හරියයි...

    ReplyDelete
    Replies
    1. //ඉක්මනටම හොඳ පෝස්ට් එකක් ලියන්න// :D

      Delete
    2. හොද පෝස්ට් බං මං කවදද ලිව්වේ තුෂානියෝ. ඔය තිසරත් කියන්නේ ඒකනේ.. හැක්..

      Delete
    3. අයියෝ... වරදවා වටහා ගන්න ඔට්‍ටු නෑ... :(

      Delete
    4. හැක්.. හැක්. ඒක නේ ඇත්ත.. (විහිලුවට අනේ ඕවා ගනං ගන්න එපා)

      Delete
  35. මාත් මේ ඔහොම ඉඳලා අමාරුවෙන් පටන් ගත්තා විතරයි. ඕක නිකං බස් එකක් තල්ලු කරන්න පටං ගන්නවා වගේ.

    ReplyDelete
    Replies
    1. උඹෙත් ඕල්ටනේටර් එක බුරුල් වෙලා ඇති... නැත්තං ලියන්න ලියන්න ඕක චාර්ජ් වෙනවා...

      Delete
    2. දැක්කා දැක්කා.. උඹ ඒක හරි ලස්සනට පටන් අරන් තිබුන නේ..

      Delete
  36. මොනා වුණත් හර්දම සාක්සියට එකග වෙලා දේශක තුමි ආපහු වැඩට බැස්ස එක නං ලොක්ම ලොකු දෙයක්...
    ඔයාගෙ හැක හැකේ නැතිව හෙන අවුලෙන් හිටියෙ අෆ්ෆා......
    මේි ඇත්තමයි

    ReplyDelete
    Replies
    1. අනේ පුතේ සත්තයි කියහං.. ඇඩනෙවා ඉදගෙන.. හැක්

      Delete
  37. මටත් සේම් ලෙඩේ!

    ReplyDelete
  38. මෙක අර ඉස්කොලවලට බොවෙච්ච කැසිල්ල වගෙ සාමුහික මනො රොගයක්ද කොහෙද.සැහෙන ගානකට තියෙනව නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් බං ජනප්‍රිය රෝගයක් මේක

      Delete
  39. මමත් කාලෙකට පස්සෙයි ලිව්වෙ. එහෙම ලියන්න නොතිබුණා නම් .. එහෙනම් මගෙ මිතුරා ජීවතුන් අතරනෙ..

    ReplyDelete
    Replies
    1. දැක්කා සරෝ.. තැන්කුයි මේ පැත්තෙ ආවට..

      Delete
  40. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මකන්න හොද නෑ යකෝ සහෝ..

      Delete
    2. නෑ ..කියලා වැඩක් නෑ කියලා හිතුනා , :))))

      Delete
    3. ඕන මගුලක් කියහං බං..

      Delete
  41. කලින් හැදුන ශිර්ෂපාඨ අසාත්මිකතාව බලාගෙන ගියාම රෝග ලක්ශනයක් විතරයිනෙ...දැන්නෙ දේශකයට හැදිල තියෙන ලෙඩේ තේරුනේ...ගණන් ගන්න එපා. ඕක ගොඩක් අයට හැදෙනවා...කාලයත් එක්ක ඉබේටම වගේ හරි යනවා :)

    ReplyDelete
    Replies
    1. ඒ අසාත්මිකතාවය නං හොද වෙන්න හොරයි වගේ.. මේක නං හරි යයි.. තැන්කුයි චාම්ස්..

      Delete
  42. අපිටත් නිකම් මොංගල් වගේනේ :P

    ReplyDelete
    Replies
    1. බොලාට ඒම වෙන්නෑ බය නැතිව ඉදින්

      Delete
  43. මේකට කමෙන්ට් කරන්න ගිහිල්ලා මටත් මන්ඥන්

    ReplyDelete
    Replies
    1. ඒකනේ සයිරියෝ. මේක මංඤඤං පෝස්කටුවක් වෙන්නේ..

      Delete
  44. අපි කාටත් මඤ්ඤං !.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වේවා මීදුමයාණෙනි... හැමෝටම මංඤඤං කියන එක ඉතිං ආයි අහන්නත් දෙයක් යැ.. තැන්කුයි..

      Delete
  45. යකෝ කකාට බනින්නේ ඇය් බ්ලොග් ලියන උන්ට ඉන්න හොදම පරමාදර්ශය කකා... ඌ අත්හදා බැලීම් කරනවා. ඒවා ඒ විදියටම ගනින් අරක එල්ලුවට තැන්කු. හේතුව ඉන්බොක්ස් කියන්නං. මේ ඒවා මොනවා වුණත් මෙදා අවුරුද්දට වරෙන් මලයා

    ReplyDelete